අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

9. පමාදවග්ගෝ

9. ප්‍රමාදය ගැන වදාළ දෙසුම් ඇතුළත් කොටස

1. 9. 1.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, පමාදෝ. පමාදෝ භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, කුසල් දහම්වල යෙදීමට ප්‍රමාදවීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කුසල් දහම්වල යෙදීමට ප්‍රමාදවීම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 2.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අප්පමාදෝ. අප්පමාදෝ භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, කුසල් දහම්වල යෙදීමට අප්‍රමාදවීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කුසල් දහම්වල යෙදීමට අප්‍රමාදවීම මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 3.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, කෝසජ්ජං. කෝසජ්ජං භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, කුසීතකම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කුසීතකම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 4.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, වීරියාරම්භෝ. වීරියාරම්භෝ භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, කුසල් දහම්වල යෙදීමට පටන් ගත් වීරිය ඇති බව තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කුසල් දහම්වල යෙදීමට පටන්ගත් වීරිය ඇති බව මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 5.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, මහිච්ඡතා. මහිච්ඡතා භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, තමා ගැන හුවාදක්වමින් ලාභ සත්කාර උපදවන්න කැමති බව තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ තමා ගැන හුවා දක්වමින් ලාභ සත්කාර උපදවන්න කැමති බව මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 6.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අප්පිච්ඡතා. අප්පිච්ඡතා භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා යහපතක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ තමාගේ ගුණදහම් ප්‍රකට නොකොට නිහතමානීව සිටීම (අල්පේච්ඡතාව) තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ තමාගේ ගුණදහම් ප්‍රකට නොකොට නිහතමානීව සිටීම මහා යහපතක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 7.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අසන්තුට්ඨිතා. අසන්තුට්ඨිතා භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ ලද දෙයින් නොසතුටු වීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ලද දෙයින් නොසතුටු වීම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 8.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, සන්තුට්ඨිතා. සන්තුට්ඨිතා භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා යහපතක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ ලද දෙයින් සතුටු වීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ලද දෙයින් සතුටු වීම මහා යහපතක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 9.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං මහතෝ අනත්ථාය සංවත්තති. යථයිදං භික්ඛවේ, අයෝනිසෝ මනසිකාරෝ. අයෝනිසෝමනසිකාරෝ භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ නුවණින් තොරව මෙනෙහි කිරීම (අයෝනිසෝ මනසිකාරය) තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, නුවණින් තොරව මෙනෙහි කිරීම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 10.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, යෝනිසෝ මනසිකාරෝ. යෝනිසෝමනසිකාරෝ භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා යහපතක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම (යෝනිසෝ මනසිකාරය) තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම මහා යහපතක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 11.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අසම්පජඤ්ඤං. අසම්පජඤ්ඤං භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ සිහි නුවණින් තොර බව තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සිහි නුවණින් තොර බව මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 12.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, සම්පජඤ්ඤං. සම්පජඤ්ඤං භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා යහපතක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, අවබෝධයට හේතු වන පරිදි සිහි නුවණ පැවැත්වීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අවබෝධයට හේතු වන පරිදි සිහි නුවණ පැවැත්වීම මහා යහපතක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 13.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, පාපමිත්තතා. පාපමිත්තතා භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, පව්කාර මිතුරන් ඇති බව තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, පව්කාර මිතුරන් ඇති බව මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 14.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, කල්‍යාණමිත්තතා. කල්‍යාණමිත්තතා භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා යහපතක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, කලණ මිතුරන් ඇති බව තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කලණ මිතුරන් ඇති බව මහා යහපතක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 15.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අනුයෝගෝ අකුසලානං ධම්මානං, අනනුයෝගෝ කුසලානං ධම්මානං. අනුයෝගෝ භික්ඛවේ, අකුසලානං ධම්මානං, අනනුයෝගෝ කුසලානං ධම්මානං මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, අකුසල්වල යෙදීමත්, කුසල් දහම්වල නොයෙදීමත් තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අකුසලයේ යෙදීමත්, කුසල් දහම්වල නොයෙදීමත් මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 9. 16.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අනුයෝගෝ කුසලානං ධම්මානං, අනනුයෝගෝ අකුසලානං ධම්මානං. අනුයෝගෝ භික්ඛවේ, කුසලානං ධම්මානං, අනනුයෝගෝ අකුසලානං ධම්මානං මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙතරම් මහා යහපතක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, කුසල්වල යෙදීමත්, අකුසල් දහම්වල නොයෙදීමත් තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් දහම්වල යෙදීමත්, අකුසල්වල නොයෙදීමත් මහා යහපතක් පිණිස ම හේතු වෙනවා.”

වග්ගෝ නවමෝ.

නවවෙනි වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M