අංගුත්තර නිකාය

තික නිපාතෝ

18. (8) රාගපෙය්‍යාලං

18. (8) රාග පෙය්‍යාලය

3.8.1.-170.

රාගස්ස භික්ඛවේ, අභිඤ්ඤාය ඉමේ තයෝ ධම්මා භාවේතබ්බා. කතමේ තයෝ?

පින්වත් මහණෙනි, විශිෂ්ට වූ නුවණින් රාගය අවබෝධ කිරීම පිණිස කාරණා තුනක් වැඩිය යුතුයි. ඒ තුන මොනවාද?

සුඤ්ඤතෝ සමාධි, අනිමිත්තෝ සමාධි, අප්පණිහිතෝ සමාධි. රාගස්ස භික්ඛවේ, අභිඤ්ඤාය ඉමේ තයෝ ධම්මා භාවේතබ්බා.

අනාත්මය අවබෝධ වීමෙන් දියුණු කරන සුඤ්ඤත සමාධිය, අනිත්‍ය අවබෝධ වීමෙන් දියුණු කරන අනිමිත්ත සමාධිය, දුක අවබෝධ වීමෙන් දියුණු කිරන අප්පණිහිත සමාධිය. පින්වත් මහණෙනි, විශිෂ්ට වූ නුවණින් රාගය අවබෝධ කිරීම පිණිස මේ කාරණා තුන වැඩිය යුතුයි.

රාගස්ස භික්ඛවේ, පරිඤ්ඤාය – පරික්ඛයාය – පහාණාය – ඛයාය – වයාය – විරාගාය -නිරෝධාය – චාගාය – පටිනිස්සග්ගාය – ඉමේ තයෝ ධම්මා භාවේතබ්බාති.

පින්වත් මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කිරීම පිණිස ….(පෙ)…. ගෙවා දැමීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. නැති කිරීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරුද්ධ වීම පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. නිදහස් වීම පිණිස ….(පෙ)…. මේ කාරණා තුන වැඩිය යුතුයි.

දෝසස්ස ….(පෙ)…. මෝහස්ස-කෝධස්ස-උපනාහස්ස-මක්ඛස්ස-පලාසස්ස-ඉස්සාය- මච්ඡරියස්ස-මායාය-සාඨෙය්‍යස්ස-ථම්භස්ස-සාරම්භස්ස-මානස්ස-අතිමානස්ස-මදස්ස-පමාදස්ස අභිඤ්ඤාය-පරිඤ්ඤාය-පරික්ඛයාය-පහාණාය-ඛයාය-වයාය-විරාගාය-නිරෝධාය-චාගාය – පටිනිස්සග්ගාය ඉමේ තයෝ ධම්මා භාවේතබ්බාති.

ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකුකම ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. ඊර්ෂ්‍යාව ….(පෙ)…. මසුරුකම ….(පෙ)…. මායාව ….(පෙ)…. කපටිකම ….(පෙ)…. දැඩිබව ….(පෙ)…. උඩඟුබව ….(පෙ)…. මාන්නය ….(පෙ)…. අතිමාන්නය ….(පෙ)…. මත්වීම ….(පෙ)…. ප්‍රමාදය ….(පෙ)…. විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කිරීම පිණිස ….(පෙ)…. පිරිසිඳ අවබෝධ කිරීම පිණිස ….(පෙ)…. ගෙවා දැමීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. නැති කිරීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරුද්ධ වීම පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. නිදහස් වීම පිණිස ….(පෙ)…. මේ කාරණා තුන වැඩිය යුතුයි.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෙසුම සතුටින් පිළිගත්තා.

රාගපෙය්‍යාලං නිට්ඨිතං.

රාග පෙය්‍යාලය නිමා විය.

තිකනිපාතෝ.

තික නිපාතය සමාප්තයි.

ඒකකනිපාතෝ ච දුකනිපාතෝ ච තික නිපාතෝ ච සමත්තා.

ඒකක නිපාතය ද, දුක නිපාතය ද, තික නිපාතය ද සමාප්තයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M