සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව විසින් උපසම්පදාව දිය යුත්තේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව අසේඛ වූ සීල ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සමාධි ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ ප්‍රඥා ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ විමුක්ති ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විසින් උපසම්පදාව දිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
උපසම්පාදේතබ්බ සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව විසින් නිස්සය දිය යුත්තේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව අසේඛ වූ සීල ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සමාධි ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ ප්‍රඥා ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ විමුක්ති ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විසින් නිස්සය දිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
නිස්සය සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව විසින් සාමණේරයෙකු ගෙන් උපස්ථාන ලැබිය යුත්තේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව අසේඛ වූ සීල ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සමාධි ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ ප්‍රඥා ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ විමුක්ති ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විසින් සාමණේරයෙකුගෙන් උපස්ථාන ලැබිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සාමණේර සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ මසුරුකම් පසෙකි. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, ධර්මය කෙරෙහි මසුරු බව ය. මහණෙනි, මේ වනාහී මසුරුකම් පස යි.
මේ පස් වැදෑරුම් මසුරුකම් වලින් යම් මේ ධර්මය කෙරෙහි ඇති මසුරුකමක් ඇද්ද, එය ඉතාමත් පහත් දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
මච්ඡරිය සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස්වැදෑරුම් මසුරු බවෙහි ප්‍රහාණය පිණිස, මුළුමනින් ම ප්‍රහාණය පිණිස බඹසර වසනු ලැබේ. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව ප්‍රහාණය පිණිස, මුළුමනින් ම ප්‍රහාණය පිණිස බඹසර වසනු ලැබේ. දායක පවුල් කෙරෙහි මසුරු බව ….(පෙ)…. ලාභය කෙරෙහි මසුරු බව ….(පෙ)…. වර්ණනාව කෙරෙහි මසුරු බව ….(පෙ)…. ධර්මය කෙරෙහි මසුරු බව ප්‍රහාණය පිණිස, මුළුමනින් ම ප්‍රහාණය පිණිස බඹසර වසනු ලැබේ.
මහණෙනි, මේ පස්වැදෑරුම් මසුරු බවෙහි ප්‍රහාණය පිණිස, මුළුමනින් ම ප්‍රහාණය පිණිස බඹසර වසනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
මච්ඡරියපහාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, ධර්මය කෙරෙහි මසුරු බව ය.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට සමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පඨමජ්ඣාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, ධර්මය කෙරෙහි මසුරු බව ය.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට සමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
දුතියජ්ඣානාදි සූත්‍රයෝ නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, කෙළෙහි ගුණ නොදන්නා බව කෙළෙහි ගුණ සිහි නොකරන බව
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට සමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, කෙළෙහි ගුණ නොදන්නා බව කෙළෙහි ගුණ සිහි නොකරන බව
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
අපර පඨමජ්ඣාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, කෙළෙහි ගුණ නොදන්නා බව කෙළෙහි ගුණ සිහි නොකරන බව
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට සමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, කෙළෙහි ගුණ නොදන්නා බව කෙළෙහි ගුණ සිහි නොකරන බව
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට සමර්ථ වෙයි.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට සෝවාන් ඵලය පසක් කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. සකදාගාමී ඵලය ….(පෙ)…. අනාගාමී ඵලය ….(පෙ)…. අරහත් ඵලය පසක් කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, ධර්මය කෙරෙහි මසුරු බව ය.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට සෝවාන් ඵලය පසක් කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. සකදාගාමී ඵලය ….(පෙ)…. අනාගාමී ඵලය ….(පෙ)…. අරහත් ඵලය පසක් කරන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට සෝවාන් ඵලය පසක් කරන්නට සමර්ථ වෙයි. ….(පෙ)…. සකදාගාමී ඵලය ….(පෙ)…. අනාගාමී ඵලය ….(පෙ)…. අරහත් ඵලය පසක් කරන්නට සමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට සෝවාන් ඵලය පසක් කරන්නට සමර්ථ වෙයි. ….(පෙ)…. සකදාගාමී ඵලය ….(පෙ)…. අනාගාමී ඵලය ….(පෙ)…. අරහත් ඵලය පසක් කරන්නට සමර්ථ වෙයි.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට සෝවාන් ඵලය පසක් කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. සකදාගාමී ඵලය ….(පෙ)…. අනාගාමී ඵලය ….(පෙ)…. අරහත් ඵලය පසක් කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, කෙළෙහි ගුණ නොදන්නා බව කෙළෙහි ගුණ සිහි නොකරන බව.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය නොකොට සෝවාන් ඵලය පසක් කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. සකදාගාමී ඵලය ….(පෙ)…. අනාගාමී ඵලය ….(පෙ)…. අරහත් ඵලය පසක් කරන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට සෝවාන් ඵලය පසක් කරන්නට සමර්ථ වෙයි. ….(පෙ)…. සකදාගාමී ඵලය ….(පෙ)…. අනාගාමී ඵලය ….(පෙ)…. අරහත් ඵලය පසක් කරන්නට සමර්ථ වෙයි. ඒ කවර පසක් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු බව, දායක පවුල් කෙරෙහි මසුරු බව, ලාභය කෙරෙහි මසුරු බව, වර්ණනාව කෙරෙහි මසුරු බව, කෙළෙහි ගුණ නොදන්නා බව කෙළෙහි ගුණ සිහි නොකරන බව.
මහණෙනි, මේ කරුණු පස ප්‍රහාණය කොට සෝවාන් ඵලය පසක් කරන්නට සමර්ථ වෙයි. ….(පෙ)…. සකදාගාමී ඵලය ….(පෙ)…. අනාගාමී ඵලය ….(පෙ)…. අරහත් ඵලය පසක් කරන්නට සමර්ථ වෙයි.
පළමු වෙනි උපසම්පදා වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M