2.16. 1-5.
සැවැත් නුවරදී …………
පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? ක්‍රෝධයත්, බද්ධ වෛරයත් ය. ….(පෙ)…. ගුණමකුකමත්, එකට එක කිරීමත් ය. ….(පෙ)…. ඉරිසියාවත්, මසුරුකමත් ය. ….(පෙ)…. මායාකාරී බවත්, ශටකපට බවත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා නැතිකමත්, භය නැතිකමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.16. 6-10.
පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? ක්‍රෝධය නැති බවත්, බද්ධ වෛර නැති බවත් ය. ….(පෙ)…. ගුණමකු නැති බවත්, එකට එක නොකිරීමත් ය. ….(පෙ)…. ඉරිසියා නැති බවත්, මසුරු නැති බවත් ය. ….(පෙ)…. මායාකාරී නැති බවත්, ශටකපට නැති බවත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා ඇති බවත්, භය ඇති බවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි කාරණා දෙක.
2.16. 11-15.
පින්වත් මහණෙනි, මේ කරුණු දෙකකින් යුතු කෙනා දුකසේ වාසය කරයි. කවර කරුණු දෙකකින්ද? ක්‍රෝධයෙනුත්, බද්ධ වෛරයෙනුත් ය. ….(පෙ)…. ගුණමකුකමෙනුත්, එකට එක කිරීමෙනුත් ය. ….(පෙ)…. ඉරිසියාවෙනුත්, මසුරුකමෙනුත් ය. ….(පෙ)…. මායාකාරී බවෙනුත්, ශටකපට බවෙනුත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා නැතිකමෙනුත්, භය නැති කමෙනුත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකෙන් යුතු කෙනා දුකසේ ජීවත් වෙනවා.
2.16. 16-20.
පින්වත් මහණෙනි, මේ කරුණු දෙකකින් යුතු කෙනා සැපසේ වාසය කරනවා. කවර කරුණු දෙකකින්ද? ක්‍රෝධ නැති බවෙනුත්, බද්ධ වෛර නැති බවෙනුත් ය. ….(පෙ)…. ගුණමකු නැති බවෙනුත්, එකට එක නො කරන බවෙනුත් ය. ….(පෙ)…. ඉරිසියා නැති බවෙනුත්, මසුරු නැති බවෙනුත් ය. ….(පෙ)…. මායාකාරී නැති බවෙනුත්, ශටකපට නැති බවෙනුත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා ඇති බවෙනුත්, භය ඇති බවෙනුත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකෙන් යුතු කෙනා සැපසේ වාසය කරනවා.
2.16. 21-25.
පින්වත් මහණෙනි, මේ කරුණු දෙක සේඛ (අරහත්වය පිණිස හික්මෙන) භික්ෂුවගේ පිරිහීමට හේතු වෙනවා. ඒ දෙක මොනවාද? ක්‍රෝධයත්, බද්ධ වෛරයත් ය. ….(පෙ)…. ගුණමකුකමත්, එකට එක කිරීමත් ය. ….(පෙ)…. ඉරිසියාවත්, මසුරුකමත් ය. ….(පෙ)…. මායාකාරී බවත්, ශටකපට බවත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා නැතිකමත්, භය නැති කමත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක සේඛ භික්ෂුව ගේ පිරිහීමට හේතු වෙනවා.
2.16. 26-30.
පින්වත් මහණෙනි, මේ කරුණු දෙක සේඛ භික්ෂුවගේ නොපිරිහීමට හේතු වෙනවා. ඒ දෙක මොනවාද? ක්‍රෝධය නැති බවත්, බද්ධ වෛර නැති බවත් ය. ….(පෙ)…. ගුණමකු නැති බවත්, එකට එක නොකිරීමත් ය. ….(පෙ)…. ඉරිසියා නැති බවත්, මසුරුනැති බවත් ය. ….(පෙ)…. මායාකාරී නැති බවත්, ශටකපට නැති බවත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා ඇති බවත්, භය ඇති බවත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක සේඛ භික්ෂුවගේ නොපිරිහීමට හේතු වෙනවා.
2.16. 31-35.
පින්වත් මහණෙනි, මේ කරුණු දෙකකින් යුතු කෙනා ඔසවාගෙන ආ බරක් බිමින් තබන්නා සේ නිරයේ උපදිනවා. කවර කරුණු දෙකකින්ද? ක්‍රෝධයෙනුත්, බද්ධ වෛරයෙනුත් ය. ….(පෙ)…. ගුණමකුකමෙනුත්, එකට එක කිරීමෙනුත් ය. ….(පෙ)…. ඉරිසියාවෙනුත්, මසුරුකමෙනුත් ය. ….(පෙ)…. මායාකාරී බවෙනුත්, ශටකපට බවෙනුත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා නැතිකමෙනුත්, භය නැති කමෙනුත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකකින් යුතු කෙනා ඔසවාගෙන ආ බරක් බිමින් තබන්නා සේ නිරයේ උපදිනවා.
2.16. 36-40.
පින්වත් මහණෙනි, මේ කරුණු දෙකකින් යුතු කෙනා ඔසවාගෙන ආ බරක් බිමින් තබන්නා සේ දෙව්ලොව උපදිනවා. කවර කරුණු දෙකකින්ද? ක්‍රෝධ නැති බවෙනුත්, බද්ධ වෛර නැති බවෙනුත් ය. ….(පෙ)…. ගුණමකු නැති බවෙනුත්, එකට එක කිරීම නැති බවෙනුත් ය. ….(පෙ)…. ඉරිසියා නැති බවෙනුත්, මසුරු නැති බවෙනුත් ය. ….(පෙ)…. මායාකාරී නැති බවෙනුත්, ශටකපට නැති බවෙනුත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා ඇති බවෙනුත්, භය ඇති බවෙනුත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකකින් යුතු කෙනා ඔසවාගෙන ආ බරක් බිමින් තබන්නා සේ දෙව්ලොව උපදිනවා.
2.16. 41-45.
පින්වත් මහණෙනි, මේ කරුණු දෙකින් යුතු මෙහි ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. කවර කරුණු දෙකකින්ද? ක්‍රෝධයෙනුත්, බද්ධ වෛරයෙනුත් ය. ….(පෙ)…. ගුණමකුකමෙනුත්, එකට එක කිරීමෙනුත් ය. ….(පෙ)…. ඉරිසියාවෙනුත්, මසුරුකමෙනුත් ය. ….(පෙ)…. මායාකාරී බවෙනුත්, ශටකපට බවෙනුත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා නැතිකමෙනුත්, භය නැතිකමෙනුත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකින් යුතු මෙහි ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා.
2.16. 46.50.
පින්වත් මහණෙනි, මේ කරුණු දෙකින් යුතු මෙහි ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා. කවර කරුණු දෙකකින්ද? ක්‍රෝධ නැති බවෙනුත්, බද්ධ වෛර නැති බවෙනුත් ය. ….(පෙ)…. ගුණමකු නැති බවෙනුත්, එකට එක කිරීම නැති බවෙනුත් ය. ….(පෙ)…. ඉරිසියා නැති බවෙනුත්, මසුරු නැති බවෙනුත් ය. ….(පෙ)…. මායාකාරී නැති බවෙනුත්, ශටකපට නැති බවෙනුත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා ඇති බවෙනුත්, භය ඇති බවෙනුත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකින් යුතු මෙහි ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා.
දහසයවෙනි වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-16-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M