1. 7. 1.
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ වීරිය ඇරඹුම තරම් එයට හේතු වන, වෙන එක ම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, පටන් ගත් වීරිය ඇති පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.”
1. 7. 2.
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ තමා ගැන හුවා දක්වමින් ලාභ සත්කාර උපදවන්න කැමති බව තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, තමා ගැන හුවා දක්වමින් ලාභ සත්කාර උපදවන්න කැමති පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”
1. 7. 3.
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ තමාගේ ගුණදහම් ප්රකට නොකොට නිහතමානීව සිටීම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, තමාගේ ගුණදහම් ප්රකට නොකොට නිහතමානීව සිටින පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.”
1. 7. 4.
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ ලද දෙයින් සතුටු නොවන බව තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ලද දෙයින් සතුටු නොවන පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”
1. 7. 5.
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ ලද දෙයින් සතුටු වන බව තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ලද දෙයින් සතුටු වන පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.”
1. 7. 6.
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ නුවණින් තොරව මෙනෙහි කිරීම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, නුවණින් තොරව මෙනෙහි කරන පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”
1. 7. 7.
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ නුවණින් යුතුව මෙනෙහි කිරීම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, නුවණින් යුතුව මෙනෙහි කරන පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.”
1. 7. 8.
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, නුවණින් තොරව මෙනෙහි කිරීම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, නුවණින් තොරව මෙනෙහි කරමින් සිටින පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”
1. 7. 9.
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ මනා සිහි නුවණින් යුතුව සිටීම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මනා සිහි නුවණින් යුතුව සිටින පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.”
1. 7. 10.
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ පවිටු මිතුරන් ඇසුර තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, පවිටු මිතුරන් ඇසුරු කරන පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”
හත්වෙනි වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M