අංගුත්තර නිකාය

දසක නිපාතෝ

19. (4) අරියමග්ගවග්ගෝ

19. (4) අරියමග්ග වර්ගය

10.4.4.1. අරියමග්ග සූත්‍රය

ආර්ය මාර්ගය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට ආර්ය මාර්ගය ත්, අනාර්ය මාර්ගය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අනාර්ය මාර්ගය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මෙය මහණෙනි, අනාර්ය මාර්ගය යැයි කියනු ලැබේ.

මහණෙනි, ආර්ය මාර්ගය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය ආර්ය මාර්ගය යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

අරියමග්ග සූත්‍රය නිමා විය.

10.4.4.2. කණ්හමග්ග සූත්‍රය

අකුසල මාර්ගය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට අකුසල මාර්ගය ත්, කුසල මාර්ගය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අකුසල මාර්ගය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය අකුසල මාර්ගය යැයි කියනු ලැබේ.

මහණෙනි, කුසල මාර්ගය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය කුසල මාර්ගය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

කණ්හමග්ග සූත්‍රය නිමා විය.

10.4.4.3. සද්ධම්ම සූත්‍රය

සද්ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට සද්ධර්මය ත්, අසද්ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අසද්ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය අසද්ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, සදධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය සද්ධර්මය යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

සද්ධම්ම සූත්‍රය නිමා විය.

10.4.4.4. සප්පුරිසධම්ම සූත්‍රය

සත්පුරුෂ ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට සත්පුරුෂ ධර්මය ත්, අසත්පුරුෂ ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අසත්පුරුෂ ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය අසත්පුරුෂ ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය සත්පුරුෂ ධර්මය යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

සප්පුරිස ධම්ම සූත්‍රය නිමා විය.

10.4.4.5. උප්පාදේතබ්බ ධම්ම සූත්‍රය

ඉපිදවිය යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට ඉපිද විය යුතු ධර්මය ත්, නොඉපදවිය යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, නොඉපදවිය යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය නොඉපදවිය යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, ඉපිදවිය යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය ඉපිදවිය යුතු ධර්මය යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

උප්පාදේතබ්බ ධම්ම සූත්‍රය නිමා විය.

10.4.4.6. ආසේවිතබ්බ ධම්ම සූත්‍රය

සේවනය කළ යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට සේවනය කළ යුතු ධර්මය ත්, සේවනය නොකළ යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, සේවනය නොකළ යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය සේවනය නොකළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, සේවනය කළ යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය සේවනය කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

ආසේවිතබ්බ ධම්ම සූත්‍රය නිමා විය.

10.4.4.7. භාවිතබ්බ ධම්ම සූත්‍රය

දියුණු කළ යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට දියුණු කළ යුතු ධර්මය ත්, දියුණු නොකළ යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, දියුණු නොකළ යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය දියුණු නොකළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, දියුණු කළ යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය දියුණු කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

භාවිතබ්බ ධම්ම සූත්‍රය නිමා විය.

10.4.4.8. බහුලීකත්තබ්බ ධම්ම සූත්‍රය

බහුලව ප්‍රගුණ කළ යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට බහුල ව ප්‍රගුණ කළ යුතු ධර්මය ත්, ප්‍රගුණ නොකළ යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, ප්‍රගුණ නොකළ යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය ප්‍රගුණ නොකළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, බහුල ව ප්‍රගුණ කළ යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය බහුල ව ප්‍රගුණ කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

බහුලීකත්තබ්බ ධම්ම සූත්‍රය නිමා විය.

10.4.4.9. අනුස්සරිතබ්බ ධම්ම සූත්‍රය

සිහි කළ යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට සිහි කළ යුතු ධර්මය ත්, සිහි නොකළ යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, සිහි නොකළ යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය සිහි නොකළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, සිහි කළ යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය සිහි කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

අනුස්සරිතබ්බ ධම්ම සූත්‍රය නිමා විය.

10.4.4.10. සච්ඡිකාතබ්බ ධම්ම සූත්‍රය

අත්දැකිය යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට අත්දැකිය යුතු ධර්මය ත්, නොඅත්දැකිය යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, නොඅත්දැකිය යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය නොඅත්දැකිය යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, අත්දැකිය යුතු ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය අත්දැකිය යුතු ධර්මය යැයි කියනු ලැබේ”

සාදු! සාදු!! සාදු!!!

සච්ඡිකාතබ්බ ධම්ම සූත්‍රය නිමා විය.

සිව්වෙනි අරියමග්ග වර්ගය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M