එක කියන්නේ මොකක්ද? එනම්, සියලු සත්වයන් පිහිටලා ඉන්නේ (කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර යන) ආහාර මතයි.
දෙක කියන්නේ මොකක්ද? (වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර යන) නාමයටත්, (මහා භූත සතරටත්, එයින් හටගත් දේ වන) රූපයටත්ය.
තුන කියන්නේ මොකක්ද? (සැප, දුක, උපේක්ෂා යන) වේදනා තුනයි.
හතර කියන්නේ මොකක්ද? (දුක, දුකේ හටගැනීම, දුක නැතිවීම, දුක නැතිවීමේ මාර්ගය යන) චතුරාර්ය සත්‍යයයි.
පහ කියන්නේ මොකක්ද? (රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන) පංච උපාදානස්කන්ධයයි.
හය කියන්නේ මොකක්ද? තමා තුළ ඇති (ඇස, කන, නාසය, දිව, කය, මනස යන) ආයතන හයයි.
හත කියන්නේ මොකක්ද? (සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන) බොජ්ඣංග ධර්ම හතයි.
අට කියන්නේ මොකක්ද? (සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන) ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
නවය කියන්නේ මොකක්ද? (කයෙනුත් වෙනස් වූ අදහස්වලිනුත් වෙනස් වූ සත්ව ලෝක, කයින් වෙනස් වූ එකම අදහසින් යුක්ත වූ සත්ව ලෝක, කයින් එකම ස්වභාවයෙන් යුක්ත වූ අදහස්වලින් විවිධ වූ සත්ව ලෝක, කයිනුත් සමාන වූ අදහස්වලිනුත් සමාන වූ සත්ව ලෝක, අසඤ්ඤ සත්ව ලෝක, ආකාසානඤ්චායතන සත්ව ලෝක, විඤ්ඤාණඤ්චායතන සත්ව ලෝක, ආකිඤ්චඤ්ඤායතන සත්ව ලෝක, නේවසඤ්ඤානාසඤ්ඤායතන සත්ව ලෝක යන) සත්වයන් වාසය කරන ආකාර නවයයි.
දහය කියන්නේ මොකක්ද? (සම්පූර්ණත්වයට පත් වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඤාණ, සම්මා විමුක්ති යන) අංග දහයෙන් යුක්ත වූ කෙනාටයි රහතන් වහන්සේ කියල කියන්නෙ.
මේ වනාහී ළදරු සාමණේරයන් වහන්සේගෙන් අසා වදාළ ප්‍රශ්න දහයයි.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M