දීඝ නිකාය

මහා වග්ගෝ

3. මහා පරිනිබ්බාන සුත්‌තං

3. භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ. තේන ඛෝ පන සමයේන රාජා මාගධෝ අජාතසත්තු වේදේහිපුත්තෝ වජ්ජී අභියාතුකාමෝ හෝති. සෝ ඒවමාහ: ‘අහං හි ඉමේ වජ්ජී ඒවංමහිද්ධිකේ ඒවංමහානුභාවේ උච්ඡෙච්ඡාමි, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එසමයෙහි වේදේහීපුත්‍ර අජාසත් මගධ රජතුමා වජ්ජි රජවරු යටත් කරනු කැමති වෙයි. ඔහු මෙසේ කියයි.

‘මම් වනාහී මේ සා මහත් ඉර්ධි ඇති, මේ සා මහා ආනුභාව ඇති වජ්ජීන් මුලින් ම සිඳලන්නෙමි. වජ්ජීන් නසා ලන්නෙමි. වජ්ජීන් විපතකට පමුණුවන්නෙමි’ යි.

2. අථ ඛෝ රාජා මාගධෝ අජාතසත්තු වේදේහිපුත්තෝ වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තේසි:

ඉක්බිති වේදේහීපුත්‍ර අජාසත් මගධ රජ තෙමේ මගධයෙහි මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා ඇමතුවේ ය.

“ඒහි ත්වං බ්‍රාහ්මණ, යේන භගවා තේනුපසංකම. උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි. අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: ‘රාජා භන්තේ, මාගධෝ අජාතසත්තු වේදේහිපුත්තෝ භගවතෝ පාදේ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති.

“බ්‍රාහ්මණය, මෙහි එව. ඔබ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටින සේක් ද, එතැනට එළැඹෙව. එළැඹ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වන්දනා කරව. ‘ස්වාමීනී, වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වන්දනා කරයි. ආබාධ අඩු බව ත්, රෝග අඩු බව ත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසු විහරණය ත් අසයි’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ අල්ප ආබාධ බව, අල්ප රෝගී බව, සැහැල්ලු බව, කාය බලය, පහසු විහරණය විමසව.

ඒවං ච වදේහි: “රාජා භන්තේ, මාගධෝ අජාතසත්තු වේදේහිපුත්තෝ වජ්ජී අභියාතුකාමෝ හෝති. සෝ ඒවමාහ: ‘අහං හි ඉමේ වජ්ජී ඒවංමහිද්ධිකේ ඒවංමහානුභාවේ උච්ඡෙච්ඡාමි, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’ති. යථා ච තේ භගවා බ්‍යාකරෝති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරෝචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී”ති.

යළි මෙසේ ත් පවසව. ‘ස්වාමීනී, වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු වජ්ජීන් යටත් කරනු කැමති වෙයි. ඔහු මෙසේ කිය යි. ‘මම් වනාහී මේ සා මහත් ඉර්ධි ඇති, මේ සා මහා ආනුභාව ඇති වජ්ජීන් මුලින් ම සිඳලන්නෙමි. වජ්ජීන් නසා ලන්නෙමි. වජ්ජීන් විපතකට පමුණුවන්නෙමි’ යි.

එවිට බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ ඔබට යමක් පවසන සේක් ද, එය ඉතා මනාකොට ඉගෙන, මා හට සැළකරව. තථාගතවරු අසත්‍යය නොපවසන සේක” යි.

3. ‘ඒවං භෝ’ති ඛෝ වස්සකාරෝ බ්‍රාහ්මණෝ මගධමහාමත්තෝ රඤ්ඤෝ මාගධස්ස අජාතසත්තුස්ස වේදේහිපුත්තස්ස පටිස්සුත්වා, භද්දානි භද්දානි යානානි යෝජාපෙත්වා, භද්දං යානං අභිරූහිත්වා, භද්දේහි භද්දේහි යානේහි රාජගහම්හා නිය්‍යාසි. යේන ගිජ්ඣකූටෝ පබ්බතෝ තේන පායාසි. යාවතිකා යානස්ස භූමි යානේන ගන්ත්වා යානා පච්චෝරෝහිත්වා පත්තිකෝ’ව යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ වස්සකාරෝ බ්‍රාහ්මණෝ මගධමහාමත්තෝ භගවන්තං ඒතදවෝච:

“එසේ ය, භවත” යි මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා වේදේහීපුත්‍ර අජාසත් මගධ රජුට පිළිවදන් දී සොඳුරු සොඳුරු යානයන් පිළියෙල කොට, සොඳුරු යානයක නැගී, සොඳුරු සොඳුරු යානයන් පිරිවරාගෙන රජගහ නුවරින් පිටත් ව ගියේ ය. ගිජ්ඣකූට පර්වතය වෙත පැමිණියේ ය. යානයෙන් යා හැකි භූමිය යම්තාක් ද, ඒ තාක් ගොස් යානයෙන් බැස පා ගමනින් ම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“රාජා භෝ ගෝතම, මාගධෝ අජාතසත්තු වේදේහිපුත්තෝ භෝතෝ ගෝතමස්ස පාදේ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. රාජා භෝ ගෝතම, මාගධෝ අජාතසත්තු වේදේහිපුත්තෝ වජ්ජී අභියාතුකාමෝ. සෝ ඒවමාහ: අහං හි ඉමේ වජ්ජී ඒවංමහිද්ධිකේ ඒවංමහානුභාවේ උච්ඡෙච්ඡාමි, විනාසෙස්සාමි වජ්ජී අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී”ති.

“භවත් ගෞතමයන් වහන්ස, වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු භවත් ගෞතමයන්ගේ පාදයන් සිරසින් වන්දනා කරයි. ආබාධ අඩු බව ත්, රෝග අඩු බව ත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසු විහරණය ත් අසයි. භවත් ගෞතමයන් වහන්ස, වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු වජ්ජීන් යටත් කරනු කැමති වෙයි. ඔහු මෙසේ කිය යි. ‘මම් වනාහී මේ සා මහත් ඉර්ධි ඇති, මේ සා මහා ආනුභාව ඇති වජ්ජීන් මුලින් ම සිඳලන්නෙමි. වජ්ජීන් නසා ලන්නෙමි. වජ්ජීන් විපතකට පමුණුවන්නෙමි’ යි.”

[ වජ්ජීනං සත්ත අපරිහානියා ධම්මා: ]

4. තේන ඛෝ පන සමයේන ආයස්මා ආනන්දෝ භගවතෝ පිට්ඨිතෝ ඨිතෝ හෝති භගවන්තං වීජයමානෝ. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි:

එසමයෙහි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිටුපසින් පවන් සළමින් සිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

(1). “කින්ති තේ ආනන්ද, සුතං: වජ්ජී අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලා”ති?

“කිම? ආනන්දයෙනි, ‘වජ්ජිවරු නිරතුරු ව රැස්වෙමින්, රැස්වීම බහුල කොට සිටිති’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“සුතම්මේතං භන්තේ, වජ්ජී අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලා”ති.

“ස්වාමීනී, ‘වජ්ජිවරු නිරතුරු ව රැස්වෙමින්, රැස්වීම බහුල කොට සිටිති’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලා භවිස්සන්ති වුද්ධියේව ආනන්ද, වජ්ජීනං පාටිකංඛා නෝ පරිහානි.”

“ආනන්දයෙනි, වජ්ජීවරු යම්තාක් කල් නිරතුරු ව රැස්වෙමින්, රැස්වීම් බහුල කොට සිටිත් ද, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(2). “කින්ති තේ ආනන්ද, සුතං: වජ්ජී සමග්ගා සන්නිපතන්ති, සමග්ගා වුට්ඨහන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරොන්තීති?”

කිම? ආනන්දයෙනි, ‘වජ්ජීවරු සමගි ව රැස්වෙති. සමගි ව විසිර යති. වජ්ජීන් කළ යුතු කටයුතු සමගි ව කරති’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“සුතම්මේතං භන්තේ, වජ්ජී සමග්ගා සන්නිපතන්ති සමග්ගා වුට්ඨහන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරොන්තී’ති.

“ස්වාමීනී, ‘වජ්ජීවරු සමගි ව රැස්වෙති. සමගි ව විසිර යති. වජ්ජීන් කළ යුතු කටයුතු සමගි ව කරති’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී සමග්ගා සන්නිපතිස්සන්ති, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරිස්සන්ති, වුද්ධියේව ආනන්ද වජ්ජීනං පාටිකංඛා, නෝ පරිහානි.”

“ආනන්දයෙනි, යම්තාක් කල් වජ්ජීවරු සමගි ව රැස්වෙත් ද, සමගි ව විසිර යත් ද, වජ්ජීන් කළ යුතු කටයුතු සමගි ව කරත් ද, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(3). “කින්ති තේ ආනන්ද, සුතං: වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති, යථාපඤ්ඤත්තේ පෝරාණේ වජ්ජිධම්මේ සමාදාය වත්තන්තීති?”

කිම? ආනන්දයෙනි, ‘වජ්ජීවරු නොපණවන ලද දෙය නොපණවති. පණවන ලද දෙය නොසිඳිති. යම් අයුරකින් පැරණි වජ්ජී ධර්මයන් පණවන ලද්දේ ද, ඒවා සමාදන් ව පවතිත්’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“සුතම්මේතං භන්තේ, වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති, යථාපඤ්ඤත්තේ පෝරාණේ වජ්ජිධම්මේ සමාදාය වත්තන්තී”ති.

“ස්වාමීනී, ‘වජ්ජීවරු නොපණවන ලද දෙය නොපණවති. පණවන ලද දෙය නොසිඳිති. යම් අයුරකින් පැරණි වජ්ජී ධර්මයන් පණවන ලද්දේ ද, ඒවා සමාදන් ව පවතිත්’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“යාවකීවඤ්ච ආනන්ද වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤත්තේ පෝරාණේ වජ්ජිධම්මේ සමාදාය වත්තිස්සන්ති, වුද්ධියේව ආනන්ද වජ්ජීනං පාටිකංඛා. නෝ පරිහානි.”

“ආනන්දයෙනි, යම්තාක් කල් වජ්ජීවරු නොපණවන ලද දෙය නොපණවත් ද, පණවන ලද දෙය නොසිඳිත් ද, යම් අයුරකින් පැරණි වජ්ජී ධර්මයන් පණවන ලද්දේ ද, ඒවා සමාදන් ව පවතිත් ද, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(4). “කින්ති තේ ආනන්ද සුතං: වජ්ජී යේ තේ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තේ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තේසඤ්ච සෝතබ්බං මඤ්ඤන්තීති?”

කිම? ආනන්දයෙනි, ‘වජ්ජීවරු යම් ඒ වජ්ජීන්ගේ වයෝවෘද්ධ වජ්ජීන් සිටිත් ද, ඔවුන්ට සත්කාර කරති, ගෞරව කරති, බුහුමන් දක්වති, පුදති, ඔවුන්ට සවන් දිය යුතු යැයි සිතති’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“සුතම්මේතං භන්තේ, වජ්ජී යේ තේ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තේ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තේසඤ්ච සෝතබ්බං මඤ්ඤන්තී”ති.

“ස්වාමීනී, ‘වජ්ජීවරු යම් ඒ වජ්ජීන්ගේ වයෝවෘද්ධ වජ්ජීන් සිටිත් ද, ඔවුන්ට සත්කාර කරති, ගෞරව කරති, බුහුමන් දක්වති, පුදති, ඔවුන්ට සවන් දිය යුතු යැයි සිතති’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“යාවකීවඤ්ච ආනන්ද වජ්ජී යේ තේ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තේ සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තේසඤ්ච සෝතබ්බං මඤ්ඤිස්සන්ති, වුද්ධියේව ආනන්ද වජ්ජීනං පාටිකංඛා නෝ පරිහානි.”

“ආනන්දයෙනි, යම්තාක් කල් වජ්ජීවරු යම් ඒ වජ්ජීන්ගේ වයෝවෘද්ධ වජ්ජීන් සිටිත් ද, ඔවුන්ට සත්කාර කරත් නම්, ගෞරව කරත් නම්, බුහුමන් දක්වත් නම්, පුදත් නම්, ඔවුන්ට සවන් දිය යුතු යැයි සිතත් නම්, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(5). “කින්ති තේ ආනන්ද සුතං: වජ්ජී යා තා කුලිත්ථියෝ කුලකුමාරියෝ තා න ඔක්කස්ස පසය්හ වාසෙන්තී?”ති.

කිම? ආනන්දයෙනි, ‘යම් ඒ කුල කුමාරිකාවෝ, කුල ස්ත්‍රීහු සිටිත් ද, වජ්ජීවරු ඔවුන් ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් තමන්ගේ වාසයෙහි තබා ගෙන නොවසති’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“සුතම්මේතං භන්තේ, වජ්ජී යා තා කුලිත්ථියෝ කුලකුමාරියෝ, තා න ඔක්කස්ස පසය්හ වාසෙන්තී”ති.

“ස්වාමීනී, ‘යම් ඒ කුල කුමාරිකාවෝ, කුල ස්ත්‍රීහු සිටිත් ද, වජ්ජීවරු ඔවුන් ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් තමන්ගේ වාසයෙහි තබා ගෙන නොවසති’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“යාවකීවඤ්ච ආනන්ද වජ්ජී යා තා කුලිත්ථියෝ කුලකුමාරියෝ, තා න ඔක්කස්ස පසය්හ වාසෙස්සන්ති, වුද්ධියේව ආනන්ද වජ්ජීනං පාටිකංඛා, නෝ පරිහානි.”

“ආනන්දයෙනි, යම්තාක් කල් යම් ඒ කුල කුමාරිකාවෝ, කුල ස්ත්‍රීහු සිටිත් ද, වජ්ජීවරු ඔවුන් ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් තමන්ගේ වාසයෙහි තබා ගෙන නොවසත් නම්, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(6). “කින්ති තේ ආනන්ද සුතං: වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචේතියානි අබ්භන්තරානි චේව බාහිරානි ච, තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තේසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නෝ පරිහාපෙන්තීති?”

කිම? ආනන්දයෙනි, ‘වජ්ජීන්ගේ ඇතුළු නගරයේ ත්, පිට නගරයේ ත්, යම් ඒ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, වජ්ජීවරු ඒවාට සත්කාර කරති. ගෞරව කරති. බුහුමන් දක්වති. පුද පූජා පවත්වති. ඒවාට පෙර පටන් දෙන ලද, පෙර පටන් කරන ලද, දැහැමි පුද පිදවිලි නොපිරිහෙලති’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“සුතම්මේතං භන්තේ, වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචේතියානි අබ්භන්තරානි චේව බාහිරානි ච, තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තේසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නෝ පරිහාපෙන්තී”ති.

“ස්වාමීනී, වජ්ජීන්ගේ ඇතුළු නගරයේ ත්, පිට නගරයේ ත්, යම් ඒ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, වජ්ජීවරු ඒවාට සත්කාර කරති. ගෞරව කරති. බුහුමන් දක්වති. පුද පූජා පවත්වති. ඒවාට පෙර පටන් දෙන ලද, පෙර පටන් කරන ලද, දැහැමි පුද පිදවිලි නොපිරිහෙලති’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“යාවකීවඤ්ච ආනන්ද වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචේතියානි අබ්භන්තරානි චේව බාහිරානි ච, තානි සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තේසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නෝ පරිහාපෙස්සන්ති, වුද්ධියේව ආනන්ද වජ්ජීනං පාටිකංඛා, නෝ පරිහානි.”

“ආනන්දයෙනි, යම්තාක් කල් වජ්ජීන්ගේ ඇතුළු නගරයේ ත්, පිට නගරයේ ත්, යම් ඒ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, වජ්ජීවරු ඒවාට සත්කාර කරත් නම්, ගෞරව කරත් නම්, බුහුමන් දක්වත් නම්, පුද පූජා පවත්වත් නම්, ඒවාට පෙර පටන් දෙන ලද, පෙර පටන් කරන ලද, දැහැමි පුද පිදවිලි නොපිරිහෙලත් නම්, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(7). “කින්ති තේ ආනන්ද සුතං: වජ්ජීනං අරහන්තේසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා: කින්ති අනාගතා ච අරහන්තෝ විජිතං ආගච්ඡෙය්‍යුං, ආගතා ච අරහන්තෝ විජිතේ ඵාසුං විහරෙය්‍යුන්ති?”

කිම? ආනන්දයෙනි, ‘කිම, අපගේ විජිතයට නොවැඩි රහත්හු වඩිත් ද, වැඩි රහත්හු අපගේ විජිතයෙහි පහසුවෙන් වාසය කරත් ද යනුවෙන් වජ්ජීන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණය රහතුන් කෙරෙහි මැනැවින් පිහිටුවන ලද්දේ ය’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“සුතම්මේතං භන්තේ වජ්ජීනං අරහන්තේසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා: කින්ති අනාගතා ච අරහන්තෝ විජිතං ආගච්ඡෙය්‍යුං, ආගතා ච අරහන්තෝ විජිතේ ඵාසුං විහරෙය්‍යුන්ති.”

“ස්වාමීනී, ‘කිම, අපගේ විජිතයට නොවැඩි රහත්හු වඩිත් ද, වැඩි රහත්හු අපගේ විජිතයෙහි පහසුවෙන් වාසය කරත් ද යනුවෙන් වජ්ජීන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණය රහතුන් කෙරෙහි මැනැවින් පිහිටුවන ලද්දේ ය’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“යාවකීවඤ්ච ආනන්ද වජ්ජීනං අරහන්තේසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා භවිස්සන්ති: කින්ති අනාගතා ච අරහන්තෝ විජිතං ආගච්ඡෙය්‍යුං, ආගතා ච අරහන්තෝ විජිතේ ඵාසුං විහරෙය්‍යුන්ති, වුද්ධියේව ආනන්ද වජ්ජීනං පාටිකංඛා, නෝ පරිහානී’ති.”

“ආනන්දයෙනි, යම්තාක් කල් ‘කිම, අපගේ විජිතයට නොවැඩි රහත්හු වඩිත් ද, වැඩි රහත්හු අපගේ විජිතයෙහි පහසුවෙන් වාසය කරත් ද’ යනුවෙන් වජ්ජීන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණය රහතුන් කෙරෙහි මැනැවින් පිහිටුවන ලද්දේ නම්, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.”

5. අථ ඛෝ භගවා වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තේසි: “ඒකමිදාහං බ්‍රාහ්මණ සමයං වේසාලියං විහරාමි සාරන්දදේ චේතියේ. තත්‍රාහං වජ්ජීනං ඉමේ සත්ත අපරිහානියේ ධම්මේ දේසේසිං. යාවකීවඤ්ච බ්‍රාහ්මණ ඉමේ සත්ත අපරිහානියා ධම්මා වජ්ජීසු ඨස්සන්ති, ඉමේසු ච සත්තසු අපරිහානියේසු ධම්මේසු වජ්ජී සන්දිස්සිස්සන්ති, වුද්ධියේව බ්‍රාහ්මණ වජ්ජීනං පාටිකංඛා, නෝ පරිහානී”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා ඇමතූ සේක.

“බ්‍රාහ්මණය, එක් අවදියක මම විශාලා මහනුවර සාරන්දද සෑයෙහි වාසය කළෙමි. එහිදී මම වජ්ජීවරුන්ට නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් දේශනා කළෙමි. බ්‍රාහ්මණය, යම්තාක් කල් වජ්ජීවරුන් තුළ නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ තිබෙත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ වජ්ජීවරු දිස්වෙත් ද, ඒ තාක් කල් බ්‍රාහ්මණය, වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.”

[ ඉති වජ්ජීනං සත්ත අපරිහානියා ධම්මා. ]

6. ඒවං වුත්තේ වස්සකාරෝ බ්‍රාහ්මණෝ මගධමහාමත්තෝ භගවන්තං ඒතදවෝච: ඒකමේකේනාපි භෝ ගෝතම අපරිහානියේන ධම්මේන සමන්නාගතානං වජ්ජීනං වුද්ධියේව පාටිකංඛා නෝ පරිහානි, කෝ පන වාදෝ සත්තහි අපරිහානියේහි ධම්මේහි, අකරණීයා’ව, භෝ ගෝතම වජ්ජී රඤ්ඤා මාගධේන අජාතසත්තුනා වේදේහිපුත්තේන යදිදං යුද්ධස්ස, අඤ්ඤත්‍ර උපලාපනාය අඤ්ඤත්‍ර මිථුභේදා.

මෙසේ වදාළ කල්හී මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, නොපිරිහීම පිණිස පවතින මේ එක ම එක් ධර්මයකින් පවා යුක්ත වන වජ්ජීවරුන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි. නොපිරිහීම පිණිස පවතින සප්ත ධර්මයන්ගෙන් යුක්ත වී සිටින විට කවර කථාවක් ද?

භවත් ගෞතමයන් වහන්ස, වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු විසින් කරනු ලබන යම් මේ යුද්ධයක් ඇද්ද, එය චාටු බසින් පොළොඹවාලීමකින් තොර ව, ඔවුන් බිඳවා අසමගි කිරීමකින් තොර ව කළ නොහැක්කේ ය.

“හන්ද ච’දානි මයං භෝ ගෝතම ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයා”ති.

එසේ නම් භවත් ගෞතමයන් වහන්ස, අපි දැන් යම්හ. අපි බොහෝ කටයුතු ඇති කළයුතු බොහෝ දේ ඇති උදවිය වෙමු.”

“යස්ස’දානි ත්වං බ්‍රාහ්මණ කාලං මඤ්ඤසී”ති.

“බ්‍රාහ්මණය, දැන් යමකට කාලය නම්, ඔබ එය දනුව.”

අථ ඛෝ වස්සකාරෝ බ්‍රාහ්මණෝ මගධමහාමත්තෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා පක්කාමි.

ඉක්බිති මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට නික්ම ගියේ ය.

7. අථ ඛෝ භගවා අචිරපක්කන්තේ වස්සකාරේ බ්‍රාහ්මණේ මගධමහාමත්තේ ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ගච්ඡ ත්වං ආනන්ද, යාවතිකා භික්ඛූ රාජගහං උපනිස්සාය විහරන්ති, තේ සබ්බේ උපට්ඨානසාලායං සන්නිපාතේහී”ති.

එකල්හී මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා නික්ම ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“යන්න ඔබ ආනන්දයෙනි, රජගහනුවර ඇසුරු කොට යම්තාක් භික්ෂූහු වෙසෙත් ද, ඒ හැම උපස්ථාන ශාලාවට රැස් කරවන්න.”

‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වා යාවතිකා භික්ඛූ රාජගහං උපනිස්සාය විහරන්ති, තේ සබ්බේ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “සන්නිපාතිතෝ භන්තේ භික්ඛුසංඝෝ. යස්ස’දානි භන්තේ භගවා කාලං මඤ්ඤතී”ති.

“එසේ ය, ස්වාමීනී” යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ යම්තාක් භික්ෂූහු රජගහනුවර ඇසුරු කොට වාසය කරත් ද, ඒ හැම උපස්ථාන ශාලාවෙහි රැස් කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, භික්ෂු සංඝයා රැස් කරන ලද්දේ ය. ස්වාමීනී, දැන් යමකට කාලය වෙයි නම්, එය භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.”

[ 1. භික්ඛූනං සත්ත අපරිහානියා ධම්මා: ]

8. අථ ඛෝ භගවා උට්ඨායාසනා යේන උපට්ඨානසාලා තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි “සත්ත වෝ භික්ඛවේ අපරිහානියේ ධම්මේ දේසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරෝථ, භාසිස්සාමී”ති. ‘ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, ඔබට නොපිරිහීම පිණිස පවතින සප්ත ධර්මයන් දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

(1). “යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලා භවිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

“යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු නිතර රැස් වෙත් ද, රැස්වීම් බහුල කොට සිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(2). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ සමග්ගා සන්නිපතිස්සන්ති සමග්ගා වුට්ඨහිස්සන්ති සමග්ගා සංඝකරණීයානි කරිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සමගි ව රැස් වෙන්නාහු ද, සමගි ව විසිර යන්නාහු ද, සංඝයා විසින් කළ යුතු දෑ සමගි ව කරන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(3). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ අපඤ්ඤත්තං න පඤ්ඤපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤත්තේසු සික්ඛාපදේසු සමාදාය වත්තිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු නොපණවන ලද දෙය ත්, නොපණවන්නාහු ද, පණවන ලද දෙය නොසිඳින්නාහු ද, යම් අයුරකින් පණවන ලද ශික්ෂාපදයන්හි සමාදන් ව පවතින්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(4). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ යේ තේ භික්ඛූ ථේරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සංඝපිතරෝ සංඝපරිනායකා, තේ සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තේසඤ්ච සෝතබ්බං මඤ්ඤිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු යම් ඒ පැවිදි ව බොහෝ කල් ගත කළ, සංඝපීතෘ වූ, සංඝ නායක වූ, වැඩිහිටි ස්ථවිර භික්ෂූහු වෙත් ද, ඔවුන්ට සත්කාර කරන්නාහු ද, ගෞරව කරන්නාහු ද, බුහුමන් දක්වන්නාහු ද, පුදන්නාහු ද, ඔවුන්ගේ වචනයට සවන් දිය යුතු යැයි සිතන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(5). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ උප්පන්නාය තණ්හාය පෝනෝභවිකාය න වසං ගච්ඡන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු නැවත භවෝත්පත්තියක් පිණිස හේතුවන තෘෂ්ණාව තමන් තුළ හටගන්නා කල්හී එහි වසඟයට නොයත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(6). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ ආරඤ්ඤකේසු සේනාසනේසු සාපෙක්ඛා භවිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු අරණ්‍ය සේනාසනයන්හි වාසය පිණිස අපේක්ෂාවෙන් සිටින්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(7). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ පච්චත්තඤ්ඤේව සතිං උපට්ඨපෙස්සන්ති, ‘කින්ති අනාගතා ච පේසලා සබ්‍රහ්මචාරී ආගච්ඡෙය්‍යුං, ආගතා ච පේසලා සබ්‍රහ්මචාරී ඵාසුං විහරෙය්‍යු’න්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු තම තමන් තුළ ම සිහිය පිහිටුවාගෙන වාසය කරත් ද, එනම්; ‘කිම? මෙහි නොවැඩි සුපේශල සබ්‍රහ්මචාරීන් වහන්සේලා වැඩම කරත් නම්, වැඩම කළ සුපේශල සබ්‍රහ්මචාරීන් වහන්සේලා සුව සේ වැඩසිටිත් නම් මැනැවැ’ යි හඟිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යාවකීවඤ්ච භික්ඛවේ ඉමේ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමේසු ච සත්තසු අපරිහානියේසු ධම්මේසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

[ 2. අපරේ පි භික්ඛූනං සත්ත අපරිහානියා ධම්මා: ]

9. අපරේ පි වෝ භික්ඛවේ සත්ත අපරිහානියේ ධම්මේ දේසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරෝථ, භාසිස්සාමී’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මහණෙනි, නොපිරිහීම පිණිස පවතින අන්‍ය වූ ධර්මයන් සතකුත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

(1). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ න කම්මාරාමා භවිස්සන්ති න කම්මරතා න කම්මාරාමතං අනුයුත්තා, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු වැඩ කටයුතුවල පමණක් යෙදී නොසිටිත් ද, වැඩ කටයුතුවල ම ඇලී නොසිටිත් ද, වැඩ කටයුත්තෙහි ම යෙදුණු බවින් නොසිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(2). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ න භස්සාරාමා භවිස්සන්ති න භස්සරතා න භස්සාරාමතං අනුයුත්තා, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු නිසරු කතා බහේ යෙදී නොසිටිත් ද, නිසරු කතාවෙහි ඇලී නොසිටිත් ද, නිසරු කතාවෙහි ම යෙදුණු බවින් නොසිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(3). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ න නිද්දාරාමා භවිස්සන්ති න නිද්දාරතා න නිද්දාරාමතං අනුයුත්තා, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු නින්දෙහි යෙදී නොසිටිත් ද, නින්දෙහි ඇලී නොසිටිත් ද, නින්දෙහි ම යෙදුණු බවින් නොසිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(4). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ න සංගණිකාරාමා භවිස්සන්ති න සංගණිකාරතා න සංගණිකාරාමතං අනුයුත්තා, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු ගිහි පැවිදි පිරිස් සමඟ එක් ව නොසිටිත් ද, ගිහි පැවිදි පිරිස හා එක් වීමට ඇලී නොසිටිත් ද, ගිහි පැවිදි පිරිස හා එක් වීමෙන් යුක්තව නොසිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(5). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ න පාපිච්ඡා භවිස්සන්ති න පාපිකානං ඉච්ඡානං වසං ගතා, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු පවිටු ආශාවෙන් යුක්ත ව නොසිටිත් ද, පවිටු ආශාවන්ගේ වසඟයට නොගියාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(6). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ න පාපමිත්තා භවිස්සන්ති න පාපසහායා න පාපසම්පවංකා, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු පාප මිත්‍රයන් ඇතුව, පාපී යහළුවන් ඇතුව, පාපී යහළුවන්ගේ ඇසුරට නැඹුරු වී නොසිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(7). යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ න ඕරමත්තකේන විසේසාධිගමේන අන්තරා වෝසානං ආපජ්ජිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු ස්වල්පමාත්‍ර වූ විශේෂ අධිගමයක් ලබා ධර්ම මාර්ගයෙහි දියුණු කිරීමට බොහෝ දේ තිබිය දී එයින් සෑහීමකට පත් නොවන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යාවකීවඤ්ච භික්ඛවේ ඉමේ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමේසු ච සත්තසු අපරිහානියේසු ධම්මේසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

[ 3. අපරේ පි සත්ත අපරිහානියා ධම්මා ]

10. අපරේ පි වෝ භික්ඛවේ සත්ත අපරිහානියේ ධම්මේ දේසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරෝථ, භාසිස්සාමී’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මහණෙනි, නොපිරිහීම පිණිස පවතින අන්‍ය වූ ධර්මයන් සතකුත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ සද්ධා භවිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි. යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛු හිරිමනා භවිස්සන්ති, ….(පෙ)…. ඔත්තප්පී භවිස්සන්ති, ….(පෙ)…. බහුස්සුතා භවිස්සන්ති, ….(පෙ)…. ආරද්ධවිරියා භවිස්සන්ති, ….(පෙ)…. උපට්ඨිතසතී භවිස්සන්ති, ….(පෙ)…. පඤ්ඤවන්තෝ භවිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සැදැහැවත් වන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු පවට ලැජ්ජා ඇති සිතින් යුක්ත වන්නාහු ද ….(පෙ)…. පවට භයෙන් යුක්ත වන්නාහු ද ….(පෙ)…. බහුශ්‍රැත වන්නාහු ද ….(පෙ)…. පටන් ගත් වීරියෙන් යුක්ත වන්නාහු ද ….(පෙ)…. පිහිටුවාගත් සිහියෙන් යුක්ත වන්නාහු ද, ….(පෙ)…. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු ප්‍රඥාවන්තයෝ වන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යාවකීවඤ්ච භික්ඛවේ ඉමේ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමේසු ච සත්තසු අපරිහානියේසු ධම්මේසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

[ 4. අපරේ පි සත්ත අපරිහානියා ධම්මා ]

11. අපරේ පි වෝ භික්ඛවේ සත්ත අපරිහානියේ ධම්මේ දේසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරෝථ, භාසිස්සාමී’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මහණෙනි, නොපිරිහීම පිණිස පවතින අන්‍ය වූ ධර්මයන් සතකුත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ සතිසම්බොජ්ඣංගං භාවෙස්සන්ති ….(පෙ)…. ධම්මවිචයසම්බොජ්ඣංගං භාවෙස්සන්ති, ….(පෙ)…. විරියසම්බොජ්ඣංගං භාවෙස්සන්ති, ….(පෙ)…. පීතිසම්බොජ්ඣංගං භාවෙස්සන්ති, ….(පෙ)…. පස්සද්ධිසම්බොජ්ඣංගං භාවෙස්සන්ති, ….(පෙ)…. සමාධිසම්බොජ්ඣංගං භාවෙස්සන්ති, ….(පෙ)…. උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවෙස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සති සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. විරිය සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. ප්‍රීති සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. උපේක්ෂා සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යාවකීවඤ්ච භික්ඛවේ ඉමේ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමේසු ච සත්තසු අපරිහානියේසු ධම්මේසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

[ 5. අපරේ පි සත්ත අපරිහානියා ධම්මා: ]

12. අපරේ පි වෝ භික්ඛවේ සත්ත අපරිහානියේ ධම්මේ දේසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරෝථ, භාසිස්සාමී’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මහණෙනි, නොපිරිහීම පිණිස පවතින අන්‍ය වූ ධර්මයන් සතකුත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ අනිච්චසඤ්ඤං භාවෙස්සන්ති ….(පෙ)…. අනත්තසඤ්ඤං භාවෙස්සන්ති ….(පෙ)…. අසුභසඤ්ඤං භාවෙස්සන්ති ….(පෙ)…. ආදීනවසඤ්ඤං භාවෙස්සන්ති ….(පෙ)…. පහානසඤ්ඤං භාවෙස්සන්ති ….(පෙ)…. විරාගසඤ්ඤං භාවෙස්සන්ති ….(පෙ)…. නිරෝධසඤ්ඤං භාවෙස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු අනිත්‍ය සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. අනාත්ම සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. අසුභ සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. ආදීනව සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. ප්‍රහාණ සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. විරාග සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. නිරෝධ සංඥාව වඩන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යාවකීවඤ්ච භික්ඛවේ ඉමේ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමේසු ච සත්තසු අපරිහානියේසු ධම්මේසු භික්ඛූ සන්දිස්සන්ති වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා නෝ පරිහානි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

[ 6. අපරේ ඡ අපරිහානියා ධම්මා: ]

13. අපරේ භික්ඛවේ ඡ අපරිහානියේ ධම්මේ දේසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරෝථ, භාසිස්සාමී’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මහණෙනි, නොපිරිහීම පිණිස පවතින අන්‍ය වූ ධර්මයන් සයකුත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙස්සන්ති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝ ච, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි. (1)

(1). යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහි දී ත්, නැති විට ත්, මෛත්‍රියෙන් යුක්ත ව කායික ක්‍රියාවන් පවත්වන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ මෙත්තං වචීකම්මං පච්චුපට්ඨාපෙස්සන්ති සබ්‍රහ්මචාරීසු ….(පෙ)…. මෙත්තං මනෝකම්මං පච්චුපට්ඨාපෙස්සන්ති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝ ච, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි. (2-3)

(2). යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහි දී ත්, නැති විට ත්, මෛත්‍රියෙන් යුක්ත ව වාචසික ක්‍රියාවන් පවත්වන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

(3). යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහි දී ත්, නැති විට ත්, මෛත්‍රියෙන් යුක්ත ව සිතෙන් කරන ක්‍රියාවන් පවත්වන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ යේ තේ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසෝ පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපේහි ලාභේහි අප්පටිවිභත්තභෝගී භවිස්සන්ති සීලවන්තේහි සබ්‍රහ්මචාරීහි සාධාරණභෝගී, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි. (4)

(4). යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු ධාර්මික වූ, දැහැමි ව ලැබෙන, යම් ඒ ලාභ ඇද්ද, යටත් පිරිසෙයින් පාත්‍රයට ලැබෙන ආහාර මාත්‍රයක් පවා ඇද්ද, එබඳු වූ ලාභයන් නොබෙදා නොවළඳන්නාහු ද, සිල්වත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා හා සාධාරණ ව බෙදා වළඳන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූ යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤූප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපේසු සීලේසු සීලසාමඤ්ඤගතා විහරිස්සන්ති සබ්‍රහ්මචාරීහි ආවී චේව රහෝ ච, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි. (5)

(5). යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු යම් ඒ නොකැඩුණු, සිදුරු නොවුණු, කැලැල් නොවුණු, තෘෂ්ණා දාස බවින් මිදුණු, පැල්ලම් නැති, නැණවතුන්ගේ පැසසීමට ලක්වුණු, තෘෂ්ණා දෘෂ්ටියක් හා නොබැඳුණු, සමාධිය පිණිස පවතින සිල්පද වෙත් ද, එබඳු වූ සීලයන්හි සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත්, සීලයෙන් සමාන ව වාසය කරන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යාවකීවඤ්ච භික්ඛවේ භික්ඛූනං යායං දිට්ඨි අරියා නිය්‍යානිකා නිය්‍යාති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතා විහරිස්සන්ති සබ්‍රහ්මචාරීහි ආවී චේව රහෝ ච වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානි. (6)

(6). යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු ආර්ය වූ, නිවනට පමුණුවන, මැනැවින් යෙදෙන්නහුගේ දුක් මැනැවින් කෙළවර කරන, යම් මේ දෘෂ්ටියක් ඇද්ද, එබඳු වූ දෘෂ්ටියකින් යුක්ත ව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත්, දෘෂ්ටියෙන් සමාන ව වාසය කරන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යාවකීවඤ්ච භික්ඛවේ ඉමේ ඡ අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමේසු ච ඡසු අපරිහානියේසු ධම්මේසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ භික්ඛූනං පාටිකංඛා, නෝ පරිහානී’ති.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සය ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සය ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

[ භික්ඛූනං ධම්මීකථා: ]

14. තත්‍ර සුදං භගවා රාජගහේ විහරන්තෝ ගිජ්ඣකූටේ පබ්බතේ ඒතදේව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරෝති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතෝ සමාධි මහප්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හෝති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්චති, සෙය්‍යථීදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.

එහිදී භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

15. අථ ඛෝ භගවා රාජගහේ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ආයාමානන්ද යේන අම්බලට්ඨිකා තේනුපසංකමිස්සාමාති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන අම්බලට්ඨිකා තදවසරි. තත්‍ර සුදං භගවා අම්බලට්ඨිකායං විහරති රාජාගාරකේ. තත්‍රපි සුදං භගවා අම්බලට්ඨිකායං විහරන්තෝ රාජාගාරකේ ඒතදේව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරෝති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතෝ සමාධි මහප්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හෝති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්චති, සෙය්‍යථීදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් රජගහනුවර වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, අම්බලට්ඨිකාව යම් තැනක ඇද්ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ අම්බලට්ඨිකාව යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි රාජාගාරයෙහි වැඩවසන සේක. එහිදී ද භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි රාජාගාරයෙහි වැඩවාසය කරන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

16. අථ ඛෝ භගවා අම්බලට්ඨිකායං යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ආයාමානන්ද, යේන නාලන්දා තේනුපසංකමිස්සාමා’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන නාලන්දා තදවසරි. තත්‍ර සුදං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනේ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් අම්බලට්ඨිකාවෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, නාලන්දාව යම් තැනක ද, එහි යන්නෙමු” යි.

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ත් සමඟ නාලන්දාව යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අඹ වනයෙහි වැඩවසන සේක.

[ සාරිපුත්ත සීහනාදෝ. ]

17. අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච: ‘ඒවං පසන්නෝ අහං භන්තේ භගවති: න චාහු න ච භවිස්සති න චේතරහි විජ්ජති අඤ්ඤෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා භගවතා භිය්‍යෝ’භිඤ්ඤතරෝ යදිදං සම්බෝධිය’න්ති. උළාරා ඛෝ තේ අයං සාරිපුත්ත ආසභී වාචා භාසිතා, ඒකංසෝ ගහිතෝ, සීහනාදෝ නදිතෝ: “ඒවං පසන්නෝ අහම්භන්තේ භගවති: න චාහු න ච භවිස්සති න චේතරහි විජ්ජති අඤ්ඤෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා භගවතා භිය්‍යෝ’භිඤ්ඤතරෝ යදිදං සම්බෝධියන්ති.”

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම මෙබඳු වූ පැහැදීමකින් යුතු වෙමි. එනම්, භාග්‍යවතුන් වහන්සේගේ යම් මේ සම්බෝධියක් ඇද්ද, එයට වඩා වැඩිතර වූ අවබෝධයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහි ද නොසිටියේ ය. අනාගතයෙහි ද නොවන්නේ ය. මෙකල්හි ද දකින්නට නැත්තේ ය” යනුවෙනි.

“සාරිපුත්තයෙනි, ඔබ විසින් පවසන ලද මෙම ශ්‍රේෂ්ඨ වචනය අතිමහත් වූවකි. ඒකාන්ත කොට ගන්නා ලද්දකි. නද දුන් සිංහනාදයකි. එනම්, ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම මෙබඳු වූ පැහැදීමකින් යුතු වෙමි. එනම්, භාග්‍යවතුන් වහන්සේගේ යම් මේ සම්බෝධියක් ඇද්ද, එයට වඩා වැඩිතර වූ අවබෝධයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහි ද නොසිටියේ ය. අනාගතයෙහි ද නොවන්නේ ය. මෙකල්හි ද දකින්නට නැත්තේ ය’ යන කරුණ යි.

කින්තේ සාරිපුත්ත යේ තේ අහේසුං. අතීතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, සබ්බේ තේ භගවන්තෝ චේතසා චේතෝ පරිච්ච විදිතා: ඒවංසීලා තේ භගවන්තෝ අහේසුං ඉතිපි, ඒවංධම්මා- ඒවංපඤ්ඤා- ඒවංවිහාරී- ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉති පී ති?

කිම? සාරිපුත්තයෙනි, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අතීතයෙහි වැඩසිටියාහු ද, ඒ සියළු භාග්‍යවත්වරුන්ගේ සිත් ඔබ විසින් ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු සිල් ඇත්තාහු ය. මෙබඳු ධර්මයන් ….(පෙ)…. මෙබඳු ප්‍රඥාවෙන් ….(පෙ)…. මෙබඳු විහරණයෙන් ….(පෙ)…. ඒ භාග්‍යවත්වරු මෙසේ ත් මෙබඳු විමුක්තියෙන් යුක්ත වූවාහු ය’ යි සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දාහු ද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එය නැත්තේ ය.”

කිම්පන තේ සාරිපුත්ත යේ තේ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, සබ්බේ තේ භගවන්තෝ චේතසා චේතෝ පරිච්ච විදිතා: ඒවංසීලා තේ භගවන්තෝ භවිස්සන්ති ඉතිපි, ඒවංධම්මා- ඒවංපඤ්ඤා- ඒවංවිහාරී- ඒවංවිමුත්තා තේ භගවන්තෝ භවිස්සන්ති ඉති පී ති?

“කිම? සාරිපුත්තයෙනි, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අනාගතයෙහි වැඩසිටින්නාහු ද, ඒ සියළු භාග්‍යවත්වරුන්ගේ සිත් ඔබ විසින් ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු සිල් ඇතිවන්නාහු ය. මෙබඳු ධර්මයන් ….(පෙ)…. මෙබඳු ප්‍රඥාවෙන් ….(පෙ)…. මෙබඳු විහරණයෙන් ….(පෙ)…. ඒ භාග්‍යවත්වරු මෙසේ ත් මෙබඳු විමුක්තියෙන් යුක්ත වන්නාහු ය’ යි සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දාහු ද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එය නැත්තේ ය.”

කිම්පන තේ සාරිපුත්ත අහං ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ: ඒවංසීලෝ භගවා ඉතිපි, ඒවංධම්මෝ- ඒවංපඤ්ඤෝ- ඒවංවිහාරී- ඒවංවිමුත්තෝ භගවා ඉති පී ති?

“කිම? සාරිපුත්තයෙනි, මෙකල්හී අරහත් සම්මා සම්බුදු වූ මම ඔබ විසින් ‘භාග්‍යවත් තෙමේ මෙසේ ත් මෙබඳු සිල් ඇත්තේ ය. මෙබඳු ධර්මය ….(පෙ)…. මෙබඳු ප්‍රඥාව ….(පෙ)…. මෙබඳු විහරණය ….(පෙ)…. මෙසේ ත් භාග්‍යවත් තෙමේ මෙබඳු විමුක්තියෙන් යුක්ත වූයේ ය’ යි මාගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දාහු ද?”

“නෝ හේතං භන්තේ”

“ස්වාමීනී, එය නැත්තේ ය.”

එත්ථ හි තේ සාරිපුත්ත අතීතානාගතපච්චුප්පන්නේසු අරහන්තේසු සම්මාසම්බුද්ධේසු චේතෝපරියඤාණං නත්ථි. අථ කිඤ්චරහි තේ අයං සාරිපුත්ත උළාරා ආසභී වාචා භාසිතා, ඒකංසෝ ගහිතෝ, සීහනාදෝ නදිතෝ: “ඒවං පසන්නෝ අහං භන්තේ භගවති න චාහු න ච භවිස්සති න චේතරහි විජ්ජති අඤ්ඤෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා භගවතා භිය්‍යෝ’භිඤ්ඤතරෝ යදිදං සම්බෝධියන්ති?”

“සාරිපුත්තයෙනි, මෙකරුණ පිළිබඳ ව අතීත, අනාගත, වර්තමාන අරහත් සම්මා සම්බුදුවරයන් විෂයෙහි චේතෝපරිය ඥානයක් ඔබට නැත්තේ ය. එසේ තිබිය දී ත් කෙසේ නම් සාරිපුත්තයෙනි, ඔබ විසින් මෙම අතිමහත් ශ්‍රේෂ්ඨ වචනය පවසන ලද්දේ ද? ඒකාන්ත කොට ගන්නා ලද්දේ ද? සිහනදක් නද දෙන ලද්දේ ද? එනම්, ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම මෙබඳු වූ පැහැදීමකින් යුතු වෙමි. එනම්, භාග්‍යවතුන් වහන්සේගේ යම් මේ සම්බෝධියක් ඇද්ද, එයට වඩා වැඩිතර වූ අවබෝධයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහි ද නොසිටියේ ය. අනාගතයෙහි ද නොවන්නේ ය. මෙකල්හි ද දකින්නට නැත්තේ ය’ යන කරුණ යි.”

18. න ඛෝ පනේතං භන්තේ අතීතානාගතපච්චුප්පන්නේසු අරහන්තේසු සම්මාසම්බුද්ධේසු චේතෝපරියඤාණං අත්ථි. අපි ච ඛෝ මේ භන්තේ ධම්මන්වයෝ විදිතෝ:

“ස්වාමීනී, අතීත, අනාගත, වර්තමාන අරහත් සම්මා සම්බුදුවරයන් විෂයෙහි චේතෝපරිය ඥානයක් මට නැත්තේ ය. එසේ නමුත් ස්වාමීනී, මා විසින් ධර්ම න්‍යායට අනුව නිගමනයකට පැමිණිය හැකි බව දන්නා ලද්දේ ය.

සෙය්‍යථාපි භන්තේ රඤ්ඤෝ පච්චන්තිමං නගරං දළ්හුදධාපං දළ්හපාකාරතොරණං ඒකද්වාරං, තත්‍රස්ස දෝවාරිකෝ පණ්ඩිතෝ බ්‍යත්තෝ මේධාවී අඤ්ඤාතානං නිවාරේතා ඤාතානං පවේසේතා, සෝ තස්ස සමන්තා අනුපරියායපථං අනුක්කමමානෝ න පස්සෙය්‍ය පාකාරසන්ධිං වා පාකාරවිවරං වා අන්තමසෝ බිළාරනිස්සක්කනමත්තම්පි, තස්ස ඒවමස්ස: යේ කේචි ඕළාරිකා පාණා ඉමං නගරං පවිසන්ති වා නික්ඛමන්ති වා සබ්බේ තේ ඉමිනා’ව ද්වාරේන පවිසන්ති වා නික්ඛමන්ති වා’ති, ඒවමේව ඛෝ මේ භන්තේ ධම්මන්වයෝ විදිතෝ: යේ තේ භන්තේ අහේසුං අතීතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, සබ්බේ තේ භගවන්තෝ පඤ්ච නීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ, චතූසු සතිපට්ඨානේසු සුප්පතිට්ඨිතචිත්තා, සත්තසම්බොජ්ඣංගේ යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ක්‍ධිංසු, යේපි තේ භන්තේ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධෝ, සබ්බේ තේ භගවන්තෝ පඤ්ච නීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ, චතූසු සතිපට්ඨානේසු සුප්පතිට්ඨිතචිත්තා, සත්තසම්බොජ්ඣංගේ යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ක්‍ධිස්සන්ති, භගවාපි භන්තේ ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ පඤ්ච නීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ, චතූසු සතිපට්ඨානේසු සුප්පතිට්ඨිතචිත්තෝ, සත්තසම්බොජ්ඣංගේ යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ’ති.

ස්වාමීනී, එය මෙබඳු දෙයකි. රජෙකු හට පිටතින් බඳින ලද ශක්තිමත් බැමි ඇති දැඩි ප්‍රාකාර තොරණක් සහිත වූ ඈත පිහිටි නගරයක් තිබෙයි. එය එක් දොරටුවකින් යුක්ත ය. ඒ දොරටුව ළඟ නුවණැති, ව්‍යක්ත, යහපත් නුවණ ඇති, නොදන්නවුන් ඇතුළුවීම වළක්වන, දන්නවුන් ඇතුල් කරන දොරටුපාලයෙක් සිටියි. ඔහු ඒ නගර ප්‍රාකාර මාර්ගය වටා ඇවිදගෙන යන්නේ යටත් පිරිසෙයින් බළලෙකුට වත් නික්ම යා හැකි ප්‍රාකාර සන්ධියක් හෝ ප්‍රාකාර සිදුරක් හෝ නොදකින්නේ ය. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘යම්කිසි ගොරෝසු ප්‍රාණීහු මේ නගරයට පිවිසෙත් ද, නික්ම යත් ද, ඒ සියල්ලෝ මේ දොරටුවෙන් පමණක් ම පිවිසෙති. නික්මෙති’ යනුවෙනි.

එසෙයින් ම ස්වාමීනී, මා විසින් ධර්ම න්‍යායට අනුව නිගමනයකට පැමිණිය හැකි බව දන්නා ලද්දේ ය. ස්වාමීනී, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අතීතයෙහි වැඩසිටියාහු ද, ඒ සියළු භාග්‍යවතුන් වහන්සේලා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ මැනැවින් පිහිටුවා ගත් සිතින් යුතුව, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක.

ස්වාමීනී, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අනාගතයෙහි පහළ වන සේක් ද, ඒ සියළු භාග්‍යවතුන් වහන්සේලා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ මැනැවින් පිහිටුවා ගත් සිතින් යුතුව, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන සේක.

ස්වාමීනී, මෙකල්හී අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ පවා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ මැනැවින් පිහිටුවා ගත් සිතින් යුතුව, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක.”

19. තත්‍ර පි සුදං භගවා නාළන්දායං විහරන්තෝ පාවාරිකම්බවනේ ඒතදේව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරෝති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතෝ සමාධි මහප්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හෝති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්චති, සෙය්‍යථීදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අඹවනයෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

20. අථ ඛෝ භගවා නාළන්දායං යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ආයාමානන්ද යේන පාටලිගාමෝ තේනුපසංකමිස්සාමාති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන පාටලිගාමෝ තදවසරි. අස්සෝසුං ඛෝ පාටලිගාමියා උපාසකා ‘භගවා කිර පාටලිගාමං අනුප්පත්තෝ’ති, අථ ඛෝ පාටලිගාමියා උපාසකා යේන භගවා තේනුපසංකමිංසු, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ පාටලිගාමියා උපාසකා භගවන්තං ඒතදවෝචුං: අධිවාසේතු නෝ භන්තේ භගවා ආවසථාගාරන්ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් නාලන්දාවෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, පාටලීගම යම් තැනක ඇද්ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ පාටලීගම යම් තැනක ද, එහි වැඩි සේක.

පාටලීගමෙහි උපාසකවරු ‘භාග්‍යවතුන් වහන්සේ පාටලීගමට වැඩිසේක් ලු’ යි ඇසුවාහු ය. එවිට පාටලීගමෙහි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතනට පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නාහු ය. එකත්පස් ව හුන් පාටලීගමෙහි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අපගේ තානායම් නිවස පිළිගන්නා සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩසිටීමෙන් ඒ ඇරයුම පිළිගත් සේක.

21. අථ ඛෝ පාටලිගාමියා උපාසකා භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන ආවසථාගාරං තේනුපසංකමිංසු. උපසංකමිත්වා සබ්බසන්ථරිං ආවසථාගාරං සන්ථරිත්වා ආසනානි පඤ්ඤාපෙත්වා උදකමණිකං පතිට්ඨපෙත්වා තේලප්පදීපං ආරෝපෙත්වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ පාටලිගාමියා උපාසකා භගවන්තං ඒතදවෝචුං: සබ්බසන්ථරිසන්ථතං භන්තේ ආවසථාගාරං, ආසනානි පඤ්ඤත්තානි, උදකමණිකෝ පතිට්ඨාපිතෝ, තේලප්පදීපෝ ආරෝපිතෝ. යස්ස’දානි භන්තේ භගවා කාලං මඤ්ඤතී’ති.

ඉක්බිති පාටලීගමෙහි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේ ඒ ඇරයුම පිළිගත් බව දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට, තානායම් ගෘහය යම් තැනක ද, එතැනට ගියාහු ය. ගොස් තානායම් ගෘහයෙහි සියළු ඇතිරිලි අතුරා, අසුන් පණවා, පා සේදීම පිණිස මහත් දිය සැළියක් තබා, තෙල් පහනක් දල්වා ඔසොවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට එළැඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තාහු ය. එකත්පස් ව සිටගත් පාටලී ගමෙහි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, තානායම් නිවස සියළු ඇතිරිල්ලෙන් අතුරන ලද්දේ ය. අසුන් පණවන ලද්දේ ය. පා සේදීම පිණිස මහත් දිය සැළියක් තබන ලද්දේ ය. තෙල් පහණක් දල්වා ඔසොවන ලද්දේ ය. ස්වාමීනී, දැන් යමකට කාලය වෙයි නම් භාග්‍යවතුන් වහන්සේ එය දන්නා සේක”

22. අථ ඛෝ භගවා සායන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසංඝේන යේන ආවසථාගාරං තේනුපසංකමි. උපසංකමිත්වා පාදේ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා මජ්ක්‍ධිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛෝ නිසීදි. භික්ඛුසංඝෝ පි ඛෝ පාදේ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛෝ නිසීදි භගවන්තං යේව පුරක්ඛත්වා. පාටලිගාමියා පි ඛෝ උපාසකා පාදේ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා නිසීදිංසු භගවන්තං යේව පුරක්ඛත්වා.

ඉක්බිති සවස්වරුවෙහි භාග්‍යවතුන් වහන්සේ සිවුරු හැඳ පොරොවා ගෙන, පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ තානායම් නිවස යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට, පා සෝදා, තානායම් නිවසට පිවිස, එහි මැද මහ කණුවට පිටුපා, පෙරදිගට මුහුණලා වැඩහුන් සේක. භික්ෂු සංඝයා වහන්සේ ත් පා සෝදා, තානායම් නිවසට පිවිස, බටහිර පෙදෙසෙහි වූ බිත්තියට පිටුපා භාග්‍යවතුන් වහන්සේ ව ම පෙරටු කොට පෙරදිගට මුහුණලා වැඩහුන්නාහු ය. පාටලීගමෙහි උපාසකවරුත් පා සෝදා, තානායම් නිවසට පිවිස, පෙරදිග පෙදෙසෙහි වූ බිත්තියට පිටුපා භාග්‍යවතුන් වහන්සේ ව ම පෙරටු කොට බටහිර දෙසට මුහුණ ලා හිඳගත්තාහු ය.

[ පාටලිගාමියානං උපාසකානං ඕවාදෝ: ]

23. අථ ඛෝ භගවා පාටලිගාමියේ උපාසකේ ආමන්තේසි, පඤ්චිමේ ගහපතයෝ ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා. කතමේ පඤ්ච:

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පාටලීගමෙහි උපාසකවරුන් ඇමතූ සේක.

“ගෘහපතිවරුනි, දුස්සීල තැනැත්තා හට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් මේ නපුරු ප්‍රතිවිපාක පහ ලැබෙයි. ඒ කවර ආදීනව පසක් ද යත්;

(1). ඉධ ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ පමාදාධිකරණං මහතිං භෝගජානිං නිගච්ඡති. අයං පඨමෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

ගෘහපතිවරුනි, මෙහි සීලයට අනතුරු කරගත්, දුස්සීල තැනැත්තා ප්‍රමාදවීම හේතුවෙන් මහත් වූ භෝග සම්පත් හානියකට පත්වෙයි. දුස්සීල තැනැත්තාට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් ලැබෙන පළමු නපුරු ප්‍රතිවිපාකය මෙය යි.

(2). පුනචපරං ගහපතයෝ දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති. අයං දුතියෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ගෘහපතිවරුනි, සීලයට අනතුරු කරගත්, දුස්සීල තැනැත්තාගේ පවිටු අපකීර්ති ශබ්දය පැතිර යයි. දුස්සීල තැනැත්තාට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් ලැබෙන දෙවෙනි නපුරු ප්‍රතිවිපාකය මෙය යි.

(3). පුනචපරං ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ යඤ්ඤදේව පරිසං උපසංකමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, අවිසාරදෝ උපසංකමති මංකුභූතෝ. අයං තතියෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ගෘහපතිවරුනි, සීලයට අනතුරු කරගත්, දුස්සීල තැනැත්තා ක්ෂත්‍රිය පිරිසක් වේවා, බ්‍රාහ්මණ පිරිසක් වේවා, ගෘහපති පිරිසක් වේවා, ශ්‍රමණ පිරිසක් වේවා, යම් ම පිරිසක් වෙත එළැඹෙයි නම්, විශාරද බවින් තොර ව, සඟවා ගත් මුහුණින් යුතුව එළඹෙයි. දුස්සීල තැනැත්තාට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් ලැබෙන තුන්වෙනි නපුරු ප්‍රතිවිපාකය මෙය යි.

(4). පුනචපරං ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ සම්මූළ්හෝ කාලංකරෝති. අයං චතුත්ථෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ගෘහපතිවරුනි, සීලයට අනතුරු කරගත්, දුස්සීල තැනැත්තා මුලා වූ සිහි ඇති ව මරණයට පත්වෙයි. දුස්සීල තැනැත්තාට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් ලැබෙන සිව්වෙනි නපුරු ප්‍රතිවිපාකය මෙය යි.

(5). පුනචපරං ගහපතයෝ දුස්සීලෝ සීලවිපන්නෝ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. අයං පඤ්චමෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ගෘහපතිවරුනි, සීලයට අනතුරු කරගත්, දුස්සීල තැනැත්තා කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාතය නම් වූ නිරයෙහි උපදියි. දුස්සීල තැනැත්තාට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් ලැබෙන පස්වෙනි නපුරු ප්‍රතිවිපාකය මෙය යි.

ඉමේ ඛෝ ගහපතයෝ පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා.

ගෘහපතිවරුනි, මේ වනාහී සීලයට අනතුරු කරගත්, දුස්සීල බවෙහි ඇති නපුරු ප්‍රතිවිපාක පස යි.

24. පඤ්චිමේ ගහපතයෝ ආනිසංසා සීලවතෝ සීලසම්පදාය. කතමේ පඤ්ච?

ගෘහපතිවරුනි, සීල සම්පත් ඇති සිල්වතාගේ මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

(1). ඉධ ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ අප්පමාදාධිකරණං මහන්තං භෝගක්ඛන්ධං අධිගච්ඡති. අයං පඨමෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

ගෘහපතිවරුනි, මෙහි සීලයෙන් යුක්ත වූ සිල්වතා අප්‍රමාදී ව කටයුතු කිරීම නිසා මහත් වූ භෝග සම්පත් අත්පත් කරගනියි. සීලයෙන් යුතු සිල්වතාට ලැබෙන පළමු ආනිශංසය මෙය යි.

(2). පුනචපරං ගහපතයෝ සීලවතෝ සීලසම්පන්නස්ස කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති. අයං දුතියෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

තව ද ගෘහපතිවරුනි, සීලයෙන් යුක්ත වූ සිල්වතාගේ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යයි. සීලයෙන් යුතු සිල්වතාට ලැබෙන දෙවෙනි ආනිශංසය මෙය යි.

(3). පුනචපරං ගහපතයෝ සීලවා සීලසම්පන්නා යඤ්ඤදේව පරිසං උපසංකමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදෝ උපසංකමති අමංකුභූතෝ. අයං තතියෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

තව ද ගෘහපතිවරුනි, සීලයෙන් යුක්ත වූ සිල්වතා ක්ෂත්‍රිය පිරිසක් වේවා, බ්‍රාහ්මණ පිරිසක් වේවා, ගෘහපති පිරිසක් වේවා, ශ්‍රමණ පිරිසක් වේවා, යම් ම පිරිසක් වෙත එළැඹෙයි නම්, විශාරද ව, සඟවා නොගත් මුහුණින් යුතුව එළඹෙයි. සීලයෙන් යුතු සිල්වතාට ලැබෙන තුන්වෙනි ආනිශංසය මෙය යි.

(4). පුනචපරං ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ අසම්මූළ්හෝ කාලංකරෝති. අයං චතුත්ථෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

තව ද ගෘහපතිවරුනි, සීලයෙන් යුක්ත වූ සිල්වතා සිහි මුළා නොවී මරණයට පත්වෙයි. සීලයෙන් යුතු සිල්වතාට ලැබෙන සිව්වෙනි ආනිශංසය මෙය යි.

(5). පුනචපරං ගහපතයෝ සීලවා සීලසම්පන්නෝ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. අයං පඤ්චමෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

තව ද ගෘහපතිවරුනි, සීලයෙන් යුක්ත වූ සිල්වතා කය බිඳී මරණින් මතු සුගත සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. සීලයෙන් යුතු සිල්වතාට ලැබෙන පස්වෙනි ආනිශංසය මෙය යි.

“ඉමේ ඛෝ ගහපතයෝ පඤ්ච ආනිසංසා සීලවතෝ සීලසම්පදායා”ති.

ගෘහපතිවරුනි, මේ වනාහී සීලයෙන් යුතු සිල්වතාගේ අනුසස් පස ය.

25. අථ ඛෝ භගවා පාටලිගාමියේ උපාසකේ බහුදේව රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උය්‍යෝජේසි “අභික්කන්තා ඛෝ ගහපතයෝ රත්ති, යස්ස’දානි තුම්හේ කාලං මඤ්ඤථා”ති. ‘ඒවං භන්තේ’ති ඛෝ පාටලිගාමියා උපාසකා භගවතෝ පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛෝ භගවා අචිරපක්කන්තේසු පාටලිගාමියේසු උපාසකේසු සුඤ්ඤාගාරං පාවිසි.

එකල්හී පාටලීගමෙහි උපාසකවරුන්ට රාත්‍රී බොහෝ වේලා ගතවන තුරු ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කොට, උනන්දු කොට, සතුටු කරවා වදාළ භාග්‍යවතුන් වහන්සේ “ගෘහපතිවරුනි, බොහෝ රෑ බෝ වූයේ ය. දැන් යමකට කාලය නම් ඔබ එය දනිව්” යි ඔවුන් පිටත් වීමට යොමු කරවූ සේක.

“එසේ ය, ස්වාමීනී” යි පාටලීගමෙහි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලීගමෙහි උපාසකවරු නික්ම ගොස් නොබෝ වේලාවකින් හිස් කුටියකට පිවිසි සේක.

[ පාටලීනගරමාපනං ]

26. තේන ඛෝ පන සමයේන සුනීධවස්සකාරා මගධමහාමත්තා පාටලිගාමේ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. තේන සමයේන සම්බහුලා දේවතායෝ සහස්සසහස්සේව පාටලිගාමේ වත්ථූනි පරිගණ්හන්ති. යස්මිං පදේසේ මහේසක්ඛා දේවතා වත්ථූනි පරිගණ්හන්ති, මහේසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවේසනානි මාපේතුං. යස්මිං පදේසේ මජ්ක්‍ධිමා දේවතා වත්ථූනි පරිගණ්හන්ති, මජ්ක්‍ධිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවේසනානි මාපේතුං. යස්මිං පදේසේ නීචා දේවතා වත්ථූනි පරිගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවේසනානි මාපේතුං.

එසමයෙහි සුනීධ, වස්සකාර මගධ මහඇමතිවරු වජ්ජීන් ව යටත් කිරීම පිණිස පාටලීගමෙහි නගරයක් ඉදි කරත්. එසමයෙහි දහස් දහස් ගණන් බොහෝ දේවතාවෝ පාටලී ගමෙහි ගෙවතුවලට අරක්ගනිති. මහේශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ මහේශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි. මධ්‍යමශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ මධ්‍යමශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි. අල්පේශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ අල්පේශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි.

27. අද්දසා ඛෝ භගවා දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන තා දේවතායේ සහස්සසහස්සේව පාටලිගාමේ වත්ථූනි පරිගණ්හන්තියෝ. අථ ඛෝ භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: කෝ නු ඛෝ ආනන්ද පාටලිගාමේ නගරං මාපෙන්තී?ති. “සුනීධවස්සකාරා භන්තේ මගධමහාමත්තා පාටලිගාමේ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහායා”ති.

භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය මිනිස් ඇස ඉක්මගිය සුවිශුද්ධ වූ දිවැසින් පාටලී ගමෙහි ගෙවතුවල අරක්ගන්නා දහස් දහස් ගණනින් ම යුතු දේවතාවන් ව දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි අවදි ව ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“ආනන්දයෙනි, පාටලීගමෙහි කවුරු හෝ නගරයක් ඉදිකරත් ද?”

“ස්වාමීනී, සුනීධ, වස්සකාර මගධ මහාමාත්‍යවරු වජ්ජීන් යටත් කරනු පිණිස පාටලීගමෙහි නගරයක් ඉදිකරති.”

28. සෙය්‍යථාපි ආනන්ද දේවේහි තාවතිංසේහි සද්ධිං මන්තෙත්වා ඒවමේව ඛෝ ආනන්ද සුනීධවස්සකාරා මගධමහාමත්තා පාටලිගාමේ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. ඉධාහං ආනන්ද අද්දසං දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සම්බහුලා දේවතායෝ සහස්සසහස්සේව පාටලිගාමේ වත්ථූනි පරිගණ්හන්තියෝ. යස්මිං ආනන්ද පදේසේ මහේසක්ඛා දේවතා වත්ථූනි පරිගණ්හන්ති, මහේසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවේසනානි මාපේතුං. යස්මිං පදේසේ මජ්ක්‍ධිමා දේවතා වත්ථූනි පරිගණ්හන්ති, මජ්ක්‍ධිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවේසනානි මාපේතුං. යස්මිං පදේසේ නීචා දේවතා වත්ථූනි පරිගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවේසනානි මාපේතුං. යාවතා ආනන්ද අරියං ආයතනං යාවතා වණිප්පථෝ ඉදං අග්ගනගරං භවිස්සති පාටලිපුත්තං පුටභේදනං. පාටලිපුත්තස්ස ඛෝ ආනන්ද තයෝ අන්තරායා භවිස්සන්ති: අග්ගිතෝ වා උදකතෝ වා මිථුභේදා වා’ති.

“ආනන්දයෙනි, තව්තිසාවැසි දෙවියන් හා සාකච්ඡා කොට කරන්නේ යම් සේ ද, ආනන්දයෙනි, සුනීධ වස්සකාර මගධ මහාමාත්‍යවරු වජ්ජීන් යටත් කරනු පිණිස පාටලී ගමෙහි නුවරක් එසෙයින් ම ඉදි කරත් නොවැ. ආනන්දයෙනි, මෙහිලා මම සාමාන්‍ය මිනිස් ඇස ඉක්මගිය සුවිශුද්ධ වූ දිවැසින් පාටලී ගමෙහි ගෙවතුවල අරක්ගන්නා දහස් දහස් ගණනින් ම යුතු බොහෝ දේවතාවන් දුටුවෙමි.

ආනන්දයෙනි, මහේශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ මහේශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි. මධ්‍යමශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ මධ්‍යමශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි. අල්පේශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ අල්පේශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි.

ආනන්දයෙනි, ආර්යයන්ගේ වාසස්ථානය යම්තාක් ඇද්ද, වෙළඳ වීථි යම්තාක් ඇද්ද, මේ පාටලීපුත්‍ර නගරය වෙළඳ බඩුභාණ්ඩ ලිහා බෙදා හරින අගනගරය වන්නේ ය. ආනන්දයෙනි, පාටලීපුත්‍ර නගරයට අනතුරු තුනක් සිදුවන්නේ ය. ගින්නෙන් හෝ ජලගැල්මෙන් හෝ එකිනෙකා අසමගි ව බිඳී යාමෙන් හෝ ය.”

29. අථ ඛෝ සුනීධවස්සකාරා මගධමහාමත්තා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං ඒතදවෝචුං: “අධිවාසේතු නෝ භවං ගෝතමෝ අජ්ජතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා”ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු එතැනට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතාබහේ යෙදුණාහ. සතුටු විය යුතු පිළිසඳර කතාබහ නිමකොට එකත්පස් ව සිටගත්හ. එකත්පස් ව සිටගත් සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“භවත් ගෞතමයන් වහන්ස, අද දවසේ අපගේ දානය භික්ෂු සංඝයා සමඟ පිළිගන්නා සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩසිටීමෙන් ඒ ඇරයුම පිළිගත් සේක.

30. අථ ඛෝ සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවතෝ අධිවාසනං විදිත්වා යේන සකෝ ආවසථෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා සකේ ආවසථේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා භගවතෝ කාලං ආරෝචාපේසුං. ‘කාලෝ භෝ ගෝතම නිට්ඨිතං භත්තන්ති’.

ඉක්බිති සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඇරයුම පිළිගත් බව දැන තමන්ගේ නිවස යම් තැනක ද, එතැනට ගියාහු ය. ගොස් තම නිවසෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යය පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්හ.

“භවත් ගෞතමයන් වහන්ස, කාලය යි. දානය සකසා නිමවන ලද්දේ ය.”

31. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසංඝේන යේන සුනීධවස්සකාරානං මගධමහාමත්තානං ආවසථෝ තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. අථ ඛෝ සුනීධවස්සකාරා මගධමහාමත්තා බුද්ධපමුඛං භික්ඛුසංඝං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසුං සම්පවාරේසුං.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ සුනීධ වස්සකාර මහඇමතිවරුන්ගේ නිවස යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුන්හි වැඩහුන් සේක. එවිට සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු බුදු රජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට සිය අතින් ම ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයන් මනාකොට පිළිගැන්වූහ. මනාකොට පැවරූහ.

32. අථ ඛෝ සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං භුත්තාවිං ඕනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නේ ඛෝ සුනීධවස්සකාරේ මගධමහාමත්තේ භගවා ඉමාහි ගාථාහි අනුමෝදි:

ඉක්බිති සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු දන් වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් ශ්‍රී හස්තය ඇති භාග්‍යවතුන් වහන්සේ එකත්පස් කොට එක්තරා මිටි අසුනක් ගෙන හිඳගත්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් ව හුන් සුනීධ වස්සකාර මගධ මහඇමතිවරුන්ට මේ ගාථාවලින් අනුමෝදනා කළ සේක.

යස්මිං පදේසේ කප්පේති වාසං පණ්ඩිතජාතියෝ,
සීලවන්තෙත්ථ භෝජෙත්වා සඤ්ඤතේ බ්‍රහ්මචාරයෝ,

නුවණැති අදහස් ඇති යමෙක් යම් පෙදෙසක වසයි ද, සංසුන් ඉඳුරන් ඇති, බඹසරෙහි පිහිටි සිල්වතුන් වහන්සේලා මෙහි වැඩමවා වළඳවා,

යා තත්ථ දේවතා ආසුං තාසං දක්ඛිණමාදිසේ.
තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති නං,

එම පෙදෙසෙහි යම් දේවතාවෝ සිටිත් ද, ඔවුන්ට ඒ දානමය පින දෙන්නේ ය. මෙසේ පිනෙන් පිදුම් ලද ඒ දේවතාවෝ ඒ පින් දුන් අයට පෙරළා පුදති. බුහුමන් ලද ඒ දේවතාවෝ තමන්ට බුහුමන් කළ අයට පෙරළා බුහුමන් කරති.

තතෝ නං අනුකම්පන්ති මාතා පුත්තං’ව ඕරසං
දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සතී’ති.

ඒ හේතුවෙන් දේවතාවෝ ඔවුන්ට අනුකම්පා කරති. මවක් තමන් බිහිකළ පුත්‍රයාට අනුකම්පාව දක්වන ලෙසිනි. දෙවියන්ගේ අනුකම්පාව ලබන පුරුෂ තෙමේ හැමකල්හී යහපත දකියි.”

අථ ඛෝ භගවා සුනීධවස්සකාරේ මගධමහාමත්තේ ඉමාහි ගාථාහි අනුමෝදිත්වා උට්ඨායාසනා පක්කාමි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුනීධ වස්සකාර මගධ මහඇමතිවරුන්ට මේ ගාථාවලින් අනුමෝදනා වදාරා හුනස්නෙන් නැගිට නික්ම වැඩි සේක.

33. තේන ඛෝ පන සමයේන සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්ධා හොන්ති. ‘යේනජ්ජ සමණෝ ගෝතමෝ ද්වාරේන නික්ඛමිස්සති, තං ගෝතමද්වාරං නාම භවිස්සති. යේන තිත්ථේන ගංගං නදිං තරිස්සති, තං ගෝතමතිත්ථං නාම භවිස්සතී’ති.

එකල්හී සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ඒ අනුව ගියාහු ය. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අද යම් දොරටුවකින් නික්ම වඩින්නාහු ද, එය ‘ගෞතම ද්වාරය’ නම් වන්නේ ය. යම් තොටුපලකින් ගංගා නදියෙන් එතෙරට වඩින්නාහු ද, එය ‘ගෞතම තොටුපල’ වන්නේ ය’ කියා ඒ සඳහා ය.

අථ ඛෝ භගවා යේන ද්වාරේන නික්ඛමි, තං ගෝතමද්වාරං නාම අහෝසි. අථ ඛෝ භගවා යේන ගංගා නදී තේනුපසංකමි. තේන ඛෝ පන සමයේන ගංගා නදී පූරා හෝති සමාතිත්තිකා කාකපෙය්‍යා. අප්පේකච්චේ මනුස්සා නාවං පරියේසන්ති, අප්පේකච්චේ උළුම්පං පරියේසන්ති, අප්පේකච්චේ කුල්ලං බන්ධන්ති ඕරා පාරං ගන්තුකාමා. අථ ඛෝ භගවා සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, ඒවමේව ගංගාය නදියා ඕරිමතීරේ අන්තරහිතෝ පාරිමතීරේ පච්චුට්ඨාසි සද්ධිං භික්ඛුසංඝේන.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරටුවකින් නික්ම වැඩි සේක් ද, එය ‘ගෞතම ද්වාරය’ නම් වූයේ ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ගංගා නදිය යම් තැනක ද, එතැනට වැඩි සේක. එසමයෙහි ගංගා නදී තොමෝ කපුටන්ට ද සුව සේ පානය කළ හැකි සේ ජලයෙන් ඉවුරු දක්වා පිරී ගියා වෙයි. ඇතැම් මිනිස්සු එතෙර යනු කැමති ව නැව් සොයත්. ඇතැම්හු පහුරු සොයත්. ඇතැම්හු පහුරු බඳිත්.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින්නේ, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම භික්ෂු සංඝයා සමඟ මෙතෙරින් නොපෙනී ගොස් එතෙරෙහි පහළ වූ සේක.

අද්දසා ඛෝ භගවා තේ මනුස්සේ අප්පේකච්චේ නාවං පරියේසන්තේ අප්පේකච්චේ උළුම්පං පරියේසන්තේ, අප්පේකච්චේ කුල්ලං බන්ධන්තේ ඕරා පාරං ගන්තුකාමේ. අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

භාග්‍යවතුන් වහන්සේ මෙතෙරින් එතෙරට යනු කැමති ව නැව් සොයන ඇතැම් මිනිසුන්, පහුරු සොයන ඇතැමුන්, පහුරු බඳින ඇතැමුන් දුටු සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ දැන එවේලෙහි මෙම උදානය පහළ කළ සේක.

“යේ තරන්ති අණ්ණවං සරං
සේතුං කත්වාන විසජ්ජ පල්ලලානි,
කුල්ලං හි ජනෝ පබන්ධති
තිණ්ණා මේධාවිනෝ ජනා’ති.”

යම් කෙනෙක් අති මහත් තෘෂ්ණා ජලකඳින් එතෙර යත් ද, ඔවුහු ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පාලම සකසා ගෙන මඩ වගුරු නොපාගා එතෙර යති. එහෙත් මේ කුඩා නදියකින් එතෙර වන්නට ජන තෙමේ පහුරු බඳියි. සොඳුරු නුවණැති ජනයෝ මේ නදියෙන් ද සුව සේ එතෙරට ගියාහු ය.”

පඨමභාණවාරං

[ අරියසච්ච පටිවේධකථා ]

34. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ‘ආයාමානන්ද යේන කෝටිගාමෝ තේනුපසංකමිස්සාමා’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන කෝටිගාමෝ තදවසරි. තත්‍ර සුදං භගවා කෝටිගාමේ විහරති. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, කෝටිගම යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ කෝටිගමට වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ කෝටිගමෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

චතුන්නං භික්ඛවේ අරියසච්චානං අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච. කතමේසං චතුන්නං:

“මහණෙනි, සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය. ඒ කවර ආර්ය සත්‍යය සතරක් ද?

දුක්ඛස්ස භික්ඛවේ අරියසච්චස්ස අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච. දුක්ඛසමුදයස්ස භික්ඛවේ අරියසච්චස්ස අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච. දුක්ඛනිරෝධස්ස භික්ඛවේ අරියසච්චස්ස අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච. දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය භික්ඛවේ අරියසච්චස්ස අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච.

මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.

මහණෙනි, දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.

මහණෙනි, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.

මහණෙනි, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.

තයිදං භික්ඛවේ දුක්ඛං අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං දුක්ඛසමුදයෝ අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. දුක්ඛනිරෝධෝ අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. දුක්ඛනිරෝධගාමිනී පටිපදා අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති. නත්ථිදානි පුනබ්භවෝ’ති.

මහණෙනි, මේ දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ ය. දුකෙහි හටගැනීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ ය. දුකෙහි නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ ය. දුක නිරුද්ධ වන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ ය. භව තෘෂ්ණාව මුලින් ම සිඳින ලද්දේ ය. භව රැහැන් ක්ෂය කරන ලද්දේ ය. දැන් නැවත භවයක් නැත්තේ ය.”

ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළ සේක.

චතුන්නං අරියසච්චානං යථාභූතං අදස්සනා
සංසිතං දීඝමද්ධානං තාසු තාස්වේව ජාතිසු
තානි ඒතානි දිට්ඨානි භවනෙත්ති සමූහතා,
උච්ඡින්නං මූලං දුක්ඛස්ස නත්ථි දානි පුනබ්භවෝ’ති.

සතරක් වූ ආර්ය සත්‍ය ධර්මය ඒ වූ සැටියෙන් ම නොදැකීම හේතුවෙන් ඒ ඒ සත්වෝත්පත්තීන්හි අති දීර්ඝ කාලයක් සැරිසරන්නට සිදුවූයේ ය. ඒ ආර්ය සත්‍යයෝ දැන් දක්නා ලදහ. භව රැහැන් මුලින් ම සිඳින ලද්දේ ය. දුකෙහි මූලය සිඳින ලද්දේ ය. දැන් නැවත භවයක් නැත්තේ ය”

35. තත්‍ර පි සුදං භගවා කෝටිගාමේ විහරන්තෝ ඒතදේව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරෝති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතෝ සමාධි මහප්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හෝති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්චති, සෙය්‍යථීදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ කෝටිගමෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

[ ධම්මාදාස ධම්මපරියායෝ ]

36. අථ ඛෝ භගවා කෝටිගාමේ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ආයාමානන්ද යේන නාදිකා තේනුපංකමිස්සාමා”ති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන නාදිකා තදවසරි. තත්‍රපි සුදං භගවා නාදිකේ විහරති ගිඤ්ජකාවසථේ. අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් කෝටිගමෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, නාදිකාව යම් තැනක ද, එහි යන්නෙමු” යි.

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා ත් සමඟ නාදිකාව යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ නාදිකාවෙහි තනි ගඩොලින් කළ ගෘහයෙහි වැඩවසන සේක.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සාදරයෙන් වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

සාළ්හෝ නාම භන්තේ භික්ඛු නාදිකේ කාලකතෝ. තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ? නන්දා නාම භන්තේ භික්ඛුනී නාදිකේ කාලකතා. තස්සා කා ගති, කෝ අභිසම්පරායෝ? සුදත්තෝ නාම භන්තේ උපාසකෝ නාදිකේ කාලකතෝ. තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ? සුජාතා නාම භන්තේ උපාසිකා නාදිකේ කාලකතා. තස්සා කා ගති, කෝ අභිසම්පරායෝ? කකුධෝ නාම භන්තේ උපාසකෝ නාදිකේ කාලකතෝ. තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ? කාලිංගෝ නාම භන්තේ උපාසකෝ ….(පෙ)…. නිකටෝ නාම භන්තේ උපාසකෝ ….(පෙ)…. කටිස්සභෝ නාම භන්තේ උපාසකෝ ….(පෙ)…. තුට්ඨෝ නාම භන්තේ උපාසකෝ ….(පෙ)…. සන්තුට්ඨෝ නාම භන්තේ උපාසකෝ ….(පෙ)…. භද්දෝ නාම භන්තේ උපාසකෝ ….(පෙ)…. සුභද්දෝ නාම භන්තේ උපාසකෝ නාදිකේ කාලකතෝ. තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ?ති.

“ස්වාමීනී, නාදිකාවෙහි සිටි සාළ්හ නම් භික්ෂුව කළුරිය කළේ ය. ඔහු කොතැනක ඉපදුණේ ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි නන්දා නම් භික්ෂුණිය කළුරිය කළා ය. ඇයගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි සුදත්ත නම් උපාසක කළුරිය කළේ ය. ඔහුගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි සුජාතා නම් උපාසිකාව කළුරිය කළා ය. ඇයගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි කකුධ නම් උපාසක කළුරිය කළේ ය. ඔහුගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, කාලිංග නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, නිකට නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, කටිස්සභ නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, තුට්ඨ නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, සන්තුට්ඨ නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, භද්‍ර නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, නාදිකාවෙහි සිටි සුභද්‍ර නම් උපාසක කළුරිය කළේ ය. ඔහුගේ උපත කුමක් ද? පරලොව කුමක් ද?”

37. සාළ්හෝ ආනන්ද භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. නන්දා ආනන්ද භික්ඛුනී පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මා ලෝකා. සුදත්තෝ ආනන්ද උපාසකෝ තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමී සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සති. සුජාතා ආනන්ද උපාසිකා තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බෝධිපරායණා. කකුධෝ නාම ආනන්ද උපාසකෝ පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. කාලින්ගෝ ආනන්ද උපාසකෝ ….(පෙ)…. නිකටෝ ආනන්ද උපාසකෝ ….(පෙ)…. කටිස්සභෝ ආනන්ද උපාසකෝ ….(පෙ)…. තුට්ඨෝ ආනන්ද උපාසකෝ ….(පෙ)…. සන්තුට්ඨෝ ආනන්ද උපාසකෝ ….(පෙ)…. භද්දෝ ආනන්ද උපාසකෝ ….(පෙ)…. සුභද්දෝ ආනන්ද උපාසකෝ පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා.

“ආනන්දයෙනි, සාළ්හ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළේ ය. ආනන්දයෙනි, නන්දා භික්ෂුණිය ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑන සුළු ව එහි පිරිනිවෙන්නී ය. ආනන්දයෙනි, සුදත්ත උපාසක සංයෝජන තුනක් ගෙවා දැමීමෙන්, රාග – ද්වේෂ – මෝහ තුනී කිරීමෙන් සකදාගාමී වූයේ එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. ආනන්දයෙනි, සුජාතා උපාසිකාව සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් සෝවාන් ව, අපායට නොවැටෙන සුළු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට සිටියා ය. ආනන්දයෙනි, කකුධ නම් උපාසක ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑන සුළු ව එහි පිරිනිවෙන්නේ ය. ආනන්දයෙනි, කාලිංග උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, නිකට උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, කටිස්සභ උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, තුට්ඨ උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, සන්තුට්ඨ උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, භද්‍ර උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, සුභද්‍ර උපාසක ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑන සුළු ව එහි පිරිනිවෙන්නේ ය.

පරෝපඤ්ඤාසං ආනන්ද නාදිකේ උපාසකා කාලකතා පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකා තත්ථ පරිනිබ්බායිනෝ අනාවත්තිධම්මා තස්මා ලෝකා.

ආනන්දයෙනි, ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑන සුළු ව එහි පිරිනිවන්පාන්නා වූ පනසකට වැඩි උපාසකවරු නාදිකාවෙහි කළුරිය කළාහුය.

සාධිකා නවුති ආනන්ද නාදිකේ උපාසකා කාලකතා තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමිනෝ සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති.

ආනන්දයෙනි, සංයෝජන තුනක් ගෙවා දැමීමෙන්, රාග – ද්වේෂ – මෝහ තුනී කිරීමෙන් සකදාගාමී වූවාහු එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන අනූවකට වැඩි උපාසකවරු නාදිකාවෙහි කළුරිය කළාහු ය.

සාතිරේකානි ආනන්ද පඤ්චසතානි නාදිකේ උපාසකා කාලකතා තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බෝධිපරායණා.

ආනන්දයෙනි, සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් සෝවාන් ව, අපායට නොවැටෙන සුළු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට ගත් පන්සියයකට වැඩි උපාසකවරු නාදිකාවෙහි කළුරිය කළාහු ය.

38. අනච්ඡරියං ඛෝ පනේතං ආනන්ද යං මනුස්සභූතෝ කාලංකරෙය්‍ය, තස්මිඤ්චේ කාලකතේ තථාගතං උපසංකමිත්වා ඒතමත්ථං පුච්ඡිස්සථ, විහේසා චේසා ආනන්ද තථාගතස්ස. තස්මාතිහානන්ද ධම්මාදාසං නාම ධම්මපරියායං දේසෙස්සාමි යේන සමන්නාගතෝ අරියසාවකෝ ආකංඛමානෝ අත්තනා’ව අත්තානං බ්‍යාකරෙය්‍ය: ‘ඛීණනිරයෝම්හි ඛීණතිරච්ඡානයෝනි ඛීණපෙත්තිවිසයෝ ඛීණාපායදුග්ගතිවිනිපාතෝ, සෝතාපන්නෝහමස්මි අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ’ති.

ආනන්දයෙනි, මනුෂ්‍ය ව උපන්නෙක් කළුරිය කරන්නේ ය යන යමක් ඇද්ද, මෙය ආශ්චර්යයක් නොවෙයි. ඉදින් ඒ ඒ මිනිසා කළුරිය කළ කල්හී තථාගතයන් වෙත එළැඹ එහි අරුත් විමසන්නහු නම්, ආනන්දයෙනි, එය තථාගතයන් හට වෙහෙසක් ම ය. එහෙයින් ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමති නම් ‘නිරයෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. තිරිසන් ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. ප්‍රේත ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. අපාය දුගතියෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. සෝවාන් වූවෙක්මි. අපායට නොවැටෙනසුළු වෙමි. නියතයෙන් ම නිවන පිහිට කොට ඇත්තෙමි’ යි තමා ම තමා ගැන කියයි ද, එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ධර්ම ක්‍රමයක් දේශනා කරන්නෙමි.

කතමෝ ච සෝ ආනන්ද ධම්මාදාසෝ ධම්මපරියායෝ යේන සමන්නාගතෝ අරියසාවකෝ ආකංඛමානෝ අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය: ‘ඛීණනිරයෝම්හි ඛීණතිරච්ඡානයෝනි ඛීණපෙත්තිවිසයෝ ඛීණාපායදුග්ගතිවිනිපාතෝ, සෝතාපන්නෝ’හමස්මි අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ’ති:

ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමති නම් ‘නිරයෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. තිරිසන් ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. ප්‍රේත ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. අපාය දුගතියෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. සෝවාන් වූවෙක්මි. අපායට නොවැටෙනසුළු වෙමි. නියතයෙන් ම නිවන පිහිට කොට ඇත්තෙමි’ යි තමා ම තමා ගැන කියයි ද, එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ධර්ම ක්‍රමය කුමක් ද?

ඉධානන්ද අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: “ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා”ති.

ආනන්දයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.

ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනෙය්‍යිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී”ති.

ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද බැවින් ධර්මය ස්වාක්ඛාත වෙයි. සන්දිට්ඨික වෙයි. අකාලික වෙයි. ඒහිපස්සික වෙයි. ඕපනයික වෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙයි’ යනුවෙනි.

සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: “සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ. යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා. ඒස භගවතෝ සාවකසංඝෝ ආහුනෙය්‍යෝ, පාහුනෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ, අඤ්ජලිකරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා”ති.

සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඤායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න වෙයි. යම් මේ පුරුෂ යුගල සතරක් ද, පුරුෂ පුද්ගල අටක් ද වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වෙයි’ යනුවෙනි.

අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති අඛණ්ඩේහි අච්ඡිද්දේහි අසබලේහි අකම්මාසේහි භුජිස්සේහි විඤ්ඤුප්පසත්ථේහි අපරාමට්ඨේහි සමාධිසංවත්තනිකේහි.

නොකැඩුණු සිල්පද ඇති, සිදුරු නොවුණු, පැල්ලම් නොගැසුණු, කබර නොගැසුණු, තෘෂ්ණා දෘෂ්ටියකට දාස නොවූ, නුවණැත්තන් පසසන ලද, දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නොවූ, සමාධිය පිණිස පවතින, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි.

අයං ඛෝ සෝ ආනන්ද ධම්මාදාසෝ ධම්මපරියායෝ යේන සමන්නාගතෝ අරියසාවකෝ ආකංඛමානෝ අත්තනා’ව අත්තානං බ්‍යාකරෙය්‍ය ‘ඛීණනිරයෝ’ම්හි ඛීණතිරච්ඡානයෝනි ඛීණපෙත්තිවිසයෝ ඛීණාපායදුග්ගතිවිනිපාතෝ. සෝතාපන්නෝහමස්මි අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ’ති.

ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමති නම් ‘නිරයෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. තිරිසන් ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. ප්‍රේත ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. අපාය දුගතියෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. සෝවාන් වූවෙක්මි. අපායට නොවැටෙනසුළු වෙමි. නියතයෙන් ම නිවන පිහිට කොට ඇත්තෙමි’ යි තමා ම තමා ගැන කියයි ද, එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ඒ ධර්ම ක්‍රමය මෙය යි.”

39. තත්‍ර පි සුදං භගවා නාදිකේ විහරන්තෝ ගිඤ්ජකාවසථේ ඒතදේව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරෝති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතෝ සමාධි මහප්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හෝති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්චති, සෙය්‍යථීදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ නාදිකාවෙහි ගඩොලින් කළ ගෘහයෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

[ අම්බපාලිවනේ සතිපට්ඨාන දේසනා ]

40. අථ ඛෝ භගවා නාදිකේ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ‘ආයාමානන්ද, යේන වේසාලී තේනුපසංකමිස්සාමා’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන වේසාලී තදවසරි. තත්‍ර සුදං භගවා වේසාලියං විහරති අම්බපාලිවනේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් නාදිකාවෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, විශාලා මහනුවර යම් තැනක ද, එහි යන්නෙමු” යි.

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා ත් සමඟ විශාලා මහනුවර යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“සතෝ භික්ඛවේ භික්ඛු විහරෙය්‍ය සම්පජානෝ. අයං වෝ අම්හාකං අනුසාසනී.

“මහණෙනි, භික්ෂුවක් සිහියෙන් හා නුවණින් යුක්ත ව වසන්නේ ය. මෙය ඔබට ලැබෙන අපගේ අනුශාසනය යි!

කථඤ්ච භික්ඛවේ, භික්ඛු සතෝ හෝති: ඉධ භික්ඛවේ, භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං, වේදනාසු වේදනානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං, චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං, ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. ඒවං ඛෝ භික්ඛවේ, භික්ඛු සතෝ හෝති.

මහණෙනි, භික්ෂුව සිහි ඇතිව ඉන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව සිහියෙන් ඉන්නේ වෙයි.

කථඤ්ච භික්ඛවේ, භික්ඛු සම්පජානෝ හෝති: ඉධ භික්ඛවේ, භික්ඛු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සමිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්තචීවරධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාරපස්සාවකම්මේ සම්පජානකාරී හෝති. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හීභාවේ සම්පජානකාරී හෝති. ඒවං ඛෝ භික්ඛවේ, භික්ඛු සම්පජානෝ හෝති.

මහණෙනි, භික්ෂුව මනා නුවණින් යුතුව ඉන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව පෙරට යන විට ත්, ආපසු හැරී එන විට ත් නුවණ යොදවා එය කරන්නේ වෙයි. ඉදිරිය බලන විට ත්, වටපිට බලන විට ත් නුවණ යොදවා එය කරන්නේ වෙයි. අත් පා හකුලන විට, දිගහරින විට නුවණ යොදවා එය කරන්නේ වෙයි. සඟල සිවුරු – පාත්‍ර – සිවුරු දරන විට නුවණ යොදවා එය කරන්නේ වෙයි. වළඳන විට, පානය කරන විට, අනුභව කරන විට, රස විඳින විට නුවණ යොදවා එය කරන්නේ වෙයි. වැසිකිළි – කැසිකිළි කරන විට නුවණ යොදවා එය කරන්නේ වෙයි. යන විට, සිටින විට, හිඳින විට, සැතපෙන විට, නිදිවරණ විට, කතා කරන විට, නිහඬ ව සිටින විට නුවණ යොදවා එය කරන්නේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව මනා නුවණින් යුතුව ඉන්නේ වෙයි.

සතෝ භික්ඛවේ, භික්ඛු විහරෙය්‍ය සම්පජානෝ. අයං වෝ අම්හාකං අනුසාසනී”ති.

මහණෙනි, භික්ෂුවක් සිහියෙන් හා නුවණින් යුතුව වාසය කරන්නේ ය. මෙය ඔබට ලැබෙන අපගේ අනුශාසනය යි!”

[ අම්බපාලී ආරාමපටිග්ගහනං ]

41. අස්සෝසි ඛෝ අම්බපාලී ගණිකා ‘භගවා කිර වේසාලිං අනුප්පත්තෝ වේසාලියං විහරති මය්හං අම්බවනේ’ති. අථ ඛෝ අම්බපාලී ගණිකා භද්දානි භද්දානි යානානි යෝජාපෙත්වා, භද්දං යානං අභිරූහිත්වා, භද්දේහි භද්දේහි යානේහි වේසාලියා නිය්‍යාසි. යේන සකෝ ආරාමෝ තේන පායාසි. යාවතිකා යානස්ස භූමි යානේන ගන්ත්වා යානා පච්චෝරෝහිත්වා පත්තිකා’ව යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ අම්බපාලිං ගණිකං භගවා ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි. අථ ඛෝ අම්බපාලී ගණිකා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහංසිතා භගවන්තං ඒතදවෝච: ‘අධිවාසේතු මේ භන්තේ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන. අථ ඛෝ අම්බපාලී ගණිකා භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

එකල්හී අම්බපාලී ගණිකා තොමෝ ‘භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළ සේක්, විශාලාවෙහි මාගේ අඹවනයෙහි වැඩවසන සේක්ලු’ යි ඇසුවා ය. ඉක්බිති අම්බපාලි ගණිකාව සොඳුරු සොඳුරු යානාවන් යොදොවා, සොඳුරු යානයක නැගී, සොඳුරු සොඳුරු යානාවන් පිරිවරා විශාලා මහනුවරින් පිටත් ව ගියා ය. තමන්ගේ ආරාමය යම් තැනක ද, එතැනට එළැඹියා ය. යානයෙන් යා හැකි යම්තාක් බිම ඇද්ද, ඒ තාක් යානයෙන් ගොස් යානයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පා ගමනින් ම එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් අම්බපාලී ගණිකාවට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. උනන්දු කරවූ සේක. සතුටු කරවූ සේක.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සතුටු කරවන ලද අම්බපාලී ගණිකාව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, භික්ෂු සංඝයා සමඟ භාග්‍යවතුන් වහන්සේ මාගේ දානය හෙට දිනය උදෙසා පිළිගන්නා සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩ සිටීමෙන් එම ඇරයුම පිළිගත් සේක. ඉක්බිති අම්බපාලි ගණිකාව භාග්‍යවතුන් වහන්සේ තම ඇරයුම පිළිගත් බව දැන, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියා ය.

42. අස්සෝසුං ඛෝ වේසාලිකා ලිච්ඡවී ‘භගවා කිර වේසාලිං අනුප්පත්තෝ වේසාලියං විහරති අම්බපාලිවනේ’ති. අථ ඛෝ තේ ලිච්ඡවී භද්දානි භද්දානි යානානි යෝජාපෙත්වා, භද්දං භද්දං යානං අභිරූහිත්වා, භද්දේහි භද්දේහි යානේහි වේසාලියා නීයංසු. තත්‍ර ඒකච්චේ ලිච්ඡවී නීලා හොන්ති නීලවණ්ණා නීලවත්ථා නීලාලංකාරා, ඒකච්චේ ලිච්ඡවී පීතා හොන්ති පීතවණ්ණා පීතවත්ථා පීතාලංකාරා, ඒකච්චේ ලිච්ඡවී ලෝහිතා හොන්ති ලෝහිතවණ්ණා ලෝහිතවත්ථා ලෝහිතාලංකාරා, ඒකච්චේ ලිච්ඡවී ඕදාතා හොන්ති ඕදාතවණ්ණා ඕදාතවත්ථා ඕදාතාලංකාරා.

විශාලා මහනුවර ලිච්ඡවි කුමාරවරු ‘භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කොට විශාලාවෙහි අම්බපාලි වනයෙහි වැඩසිටින සේක් ලු’ යි ඇසූහ. එවිට ඒ ලිච්ඡවි කුමාරවරු සොඳුරු සොඳුරු යානාවන් පිළියෙල කොට, සොඳුරු සොඳුරු යානාවන්ට නැගී, සොඳුරු සොඳුරු යානාවලින් යුතුව විසල්පුරයෙන් පිටත් ව ගියාහු ය.

එහිදී ඇතැම් ලිච්ඡවීහු නීල වර්ණ ව, නිල්වන් වස්ත්‍ර ඇති ව, නිල් වන් අලංකාර ඇති ව, නිල් පැහැයෙන් සිටියාහු ය. ඇතැම් ලිච්ඡවීහු කහ වර්ණ ව, කහවන් වස්ත්‍ර ඇති ව, කහවන් අලංකාර ඇති ව, කහ පැහැයෙන් සිටියාහු ය. ඇතැම් ලිච්ඡවීහු රතු වර්ණ ව, රතුවන් වස්ත්‍ර ඇති ව, රතුවන් අලංකාර ඇති ව, රතු පැහැයෙන් සිටියාහු ය. ඇතැම් ලිච්ඡවීහු සුදු වර්ණ ව, සුදුවන් වස්ත්‍ර ඇති ව, සුදුවන් අලංකාර ඇති ව, සුදු පැහැයෙන් සිටියාහු ය.

43. අථ ඛෝ අම්බපාලී ගණිකා දහරානං දහරානං ලිච්ඡවීනං අක්ඛේන අක්ඛං චක්කේන චක්කං යුගේන යුගං පතිවට්ටේසි. අථ ඛෝ තේ ලිච්ඡවී අම්බපාලිං ගණිකං ඒතදවෝචුං: ‘කිඤ්ජේ, අම්බපාලි, දහරානං දහරානං ලිච්ඡවීනං අක්ඛේන අක්ඛං චක්කේන චක්කං යුගේන යුගං පතිවට්ටේසී?’ති. ‘තථා හි පන මේ අය්‍යපුත්තා, භගවා නිමන්තිතෝ ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. ‘දේහි ජේ, අම්බපාලි, ඒතං භත්තං සතසහස්සේනා’ති. ‘සචේ’පි මේ අය්‍යපුත්තා වේසාලිං සාහාරං දස්සථ, ඒවමහං තං භත්තං න දස්සාමී’ති. අථ ඛෝ තේ ලිච්ඡවී අංගුලිං පෝඨේසුං ‘ජිතම්හා වත භෝ අම්බකාය, ජිතම්හා වත භෝ අම්බකායා’ති.

එකල්හී අම්බපාලි ගණිකාව යොවුන් යොවුන් ලිච්ඡවි කුමාරවරුන්ගේ රථ රෝදයන්හි කඩඇණයට තම රථයෙහි කඩඇණයෙනුත්, ඔවුන්ගේ රථ රෝදයන්ට තම රථ රෝදයෙනුත්, ඔවුන්ගේ රථයෙහි වියගසට තම රථයෙහි වියගසෙනුත් ඝටා මාවතෙන් පසෙකට දමා ගියා ය.

එවිට ඒ ලිච්ඡවි කුමාරවරු අම්බපාලි ගණිකාවට මෙය පැවසූහ.

“හේයි! එම්බා අම්බපාලි, තී කුමක් නිසා නම් යොවුන් යොවුන් ලිච්ඡවි කුමාරවරුන්ගේ රථ රෝදයන්හි කඩඇණයට කඩඇණයෙනුත්, රථ රෝදයන්ට රථ රෝදයෙනුත්, වියගසට වියගසෙනුත් ඝටා පසෙකට දමා යන්නී ද?”

“එය එසේ ම ය, ආර්ය පුත්‍රවරුනි, හෙට දිනයෙහි දානය සඳහා මා විසින් භික්ෂු සංඝයා සහිත වූ භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කරන ලද සේක.”

“එම්බල අම්බපාලිය, කහවණු ලක්ෂයක් ගෙන ඒ දානය අපට දිය.”

“ආර්ය පුත්‍රවරුනි, ඉදින් ජනපද සහිත ව මුළු විශාලා මහනුවර ම මට දුන්නත් මෙබඳු වූ ඒ දානය මම ඔබට නොදෙන්නෙමි.”

එවිට ඒ ලිච්ඡවී කුමාරවරු “භවත්නි, ඒකාන්තයෙන් අපි ලාමක ස්ත්‍රියක විසින් දිනන ලද්දෙමු. භවත්නි, ඒකාන්තයෙන් අපි ලාමක ස්ත්‍රියක විසින් දිනන ලද්දෙමු” යි ඇඟිලි තුඩු වලින් අසුරු ගැසූහ.

44. අථ ඛෝ තේ ලිච්ඡවී යේන අම්බපාලිවනං තේන පායිංසු. අද්දසා ඛෝ භගවා තේ ලිච්ඡවී දූරතෝ’ව ආගච්ඡන්තේ. දිස්වා භික්ඛූ ආමන්තේසි: ‘යේසං භික්ඛවේ භික්ඛූනං දේවා තාවතිංසා අදිට්ඨා, ඕලෝකේථ භික්ඛවේ, ලිච්ඡවිපරිසං, අවලෝකේථ භික්ඛවේ, ලිච්ඡවිපරිසං, උපසංහරථ භික්ඛවේ ලිච්ඡවිපරිසං තාවතිංසසදිසන්ති.

ඉක්බිති ඒ ලිච්ඡවී කුමාරවරු අම්බපාලි වනය යම් තැනක ද, එහි ගියාහු ය. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම පැමිණෙන ඒ ලිච්ඡවී කුමාරවරුන් දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, යම් භික්ෂූන් විසින් තව්තිසා දෙවිවරු නොදකින ලද්දාහු ද, ලිච්ඡවී පිරිස දෙස බලව් මහණෙනි. ලිච්ඡවී පිරිස දෙස මැනැවින් බලව් මහණෙනි. ලිච්ඡවි පිරිස තව්තිසා පිරිස සමකොට සලකව් මහණෙනි.”

45. අථ ඛෝ තේ ලිච්ඡවී යාවතිකා යානස්ස භූමි යානේන ගන්ත්වා යානා පච්චෝරෝහිත්වා, පත්තිකා’ව යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නේ ඛෝ තේ ලිච්ඡවී භගවා ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි. අථ ඛෝ තේ ලිච්ඡවී භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහංසිතා භගවන්තං ඒතදවෝචුං: ‘අධිවාසේතු නෝ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. අථ ඛෝ භගවා තේ ලිච්ඡවී ඒතදවෝච: ‘අධිවුත්ථං ඛෝ මේ ලිච්ඡවී ස්වාතනාය අම්බපාලියා ගණිකාය භත්තන්ති.’ අථ ඛෝ තේ ලිච්ඡවී අංගුලිං පෝඨේසුං: ‘ජිතම්හා වත භෝ අම්බකාය. ජිතම්හා වත භෝ අම්බකායා’ති. අථ ඛෝ තේ ලිච්ඡවී භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.

ඉක්බිති ඒ ලිච්ඡවි කුමාරවරු යානයෙන් යා හැකි භූමිය යම්තාක් ද, ඒ තාක් යානයෙන් ගොස්, යානයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පා ගමනින් ම පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නාහු ය. එකත්පස් ව හුන් ඒ ලිච්ඡවීන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. උනන්දු කරවූ සේක. සතුටු කරවූ සේක.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සතුටු කරවන ලද ලිච්ඡවි කුමාරවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භික්ෂු සංඝයා සමඟ භාග්‍යවතුන් වහන්සේ අපගේ දානය හෙට දිනය උදෙසා පිළිගන්නා සේක්වා!”

එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන් හට මෙය වදාළ සේක.

“ලිච්ඡවිවරුනි, හෙට දවසේ අම්බපාලි ගණිකාවගේ දානය මවිසින් පිළිගන්නා ලද්දේ ය.”

එවිට ඒ ලිච්ඡවී කුමාරවරු “භවත්නි, ඒකාන්තයෙන් අපි ලාමක ස්ත්‍රියක විසින් දිනන ලද්දෙමු. භවත්නි, ඒකාන්තයෙන් අපි ලාමක ස්ත්‍රියක විසින් දිනන ලද්දෙමු” යි ඇඟිලි තුඩු වලින් අසුරු ගැසූහ. ඉක්බිති ඒ ලිච්ඡවි කුමාරවරු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියහ.

46. අථ ඛෝ අම්බපාලී ගණිකා තස්සා රත්තියා අච්චයේන සකේ ආරාමේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා භගවතෝ කාලං ආරෝචාපේසි: ‘කාලෝ භන්තේ, නිට්ඨිතං භත්තන්ති’.

ඉක්බිති ඒ රාත්‍රිය ඇවෑමෙන් අම්බපාලි ගණිකාව ස්වකීය ආරාමයෙහි ප්‍රණීත ලෙස ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්නා ය.

“ස්වාමීනී, කාලය යි. දානය සකසා නිමවන ලද්දේ ය.”

අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසංඝේන යේන අම්බපාලියා ගණිකාය නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. අථ ඛෝ අම්බපාලී ගණිකා බුද්ධපමුඛං භික්ඛුසංඝං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි. අථ ඛෝ අම්බපාලී ගණිකා භගවන්තං භුත්තාවිං ඕනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නා ඛෝ අම්බපාලී ගණිකා භගවන්තං ඒතදවෝච: “ඉමාහං භන්තේ, ආරාමං බුද්ධපමුඛස්ස භික්ඛුසංඝස්ස දම්මී”ති. පටිග්ගහේසි භගවා ආරාමං. අථ ඛෝ භගවා අම්බපාලිං ගණිකං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ අම්බපාලි ගණිකාවගේ නිවස යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ඉක්බිති අම්බපාලි ගණිකාව බුදුරජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා හට ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සිය අතින් මැනැවින් පිළිගැන්නුවා ය. මැනැවින් පැවරුවා ය. ඉක්බිති අම්බපාලි ගණිකාව භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් ශ්‍රී හස්තය ඇති බව දැන එක්තරා මිටි අසුනක් ගෙන එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් අම්බපාලි ගණිකාව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, මේ ආරාමය බුදුරජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේ උදෙසා පූජා කරමි” යි.

භාග්‍යවතුන් වහන්සේ ආරාමය පිළිගත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි ගණිකාවට ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා, හුනස්නෙන් නැගී වැඩි සේක.

47. තත්‍ර පි සුදං භගවා වේසාලියං විහරන්තෝ අම්බපාලිවනේ ඒතදේව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරෝති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතෝ සමාධි මහප්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හෝති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්චති, සෙය්‍යථීදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ විසල්පුරයෙහි අම්බපාලි වනයෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

[ බේලුවගාමේ ජීවිතසංඛාර-අධිට්ඨානං ]

48. අථ ඛෝ භගවා අම්බපාලිවනේ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ‘ආයාමානන්ද, යේන බේලුවගාමකෝ තේනුපසංකමිස්සාමා’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන බේලුවගාමකෝ තදවසරි. තත්‍ර සුදං භගවා බේලුවගාමකේ විහරති. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: ‘ඒථ තුම්හේ භික්ඛවේ සමන්තා වේසාලිං යථාමිත්තං යථාසන්දිට්ඨං යථාසම්භත්තං වස්සං උපේථ. අහං පන ඉධේව බේලුවගාමකේ වස්සං උපගච්ඡාමී’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පටිස්සුත්වා සමන්තා වේසාලිං යථාමිත්තං යථාසන්දිට්ඨං යථාසම්භත්තං වස්සං උපගච්ඡිංසු. භගවා පන තත්ථේව බේලුවගාමකේ වස්සං උපගච්ඡි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් අම්බපාලි වනයෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, බේලුව ගම යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ බේලුව ගම යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ බේලුව ගමෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“එව්, මහණෙනි. ඔබ විශාලා මහනුවර අවට යම් මිත්‍ර භික්ෂූහු සිටිත් ද, දැක හඳුනන භික්ෂූහු සිටිත් ද, බොහෝ හිතවත් භික්ෂූහු සිටිත් ද, එහි වස් වසව්. මම් වනාහී මේ බේලුව ගමෙහි ම වස් එළඹෙන්නෙමි.” “එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී විශාලා මහනුවර අවට යම් මිත්‍ර භික්ෂූහු සිටිත් ද, දැක හඳුනන භික්ෂූහු සිටිත් ද, බොහෝ හිතවත් භික්ෂූහු සිටිත් ද, එහි වස් එළැඹියාහු ය.

භාග්‍යවතුන් වහන්සේ ඒ බේලුව ගමෙහි ම වස් එළඹුණු සේක.

49. අථ ඛෝ භගවතෝ වස්සූපගතස්ස ඛරෝ ආබාධෝ උප්පජ්ජි. බාළ්හා වේදනා වත්තන්ති මාරණන්තිකා. තා සුදං භගවා සතෝ සම්පජානෝ අධිවාසේති අවිහඤ්ඤමානෝ. අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: ‘න ඛෝ මේතං පතිරූපං යෝ’හං අනාමන්තෙත්වා උපට්ඨාකේ අනපලෝකෙත්වා භික්ඛුසංඝං පරිනිබ්බායෙය්‍යං. යන්නූනාහං ඉමං ආබාධං විරියේන පටිප්පනාමෙත්වා ජීවිතසංඛාරං අධිට්ඨාය විහරෙය්‍ය’න්ති. අථ ඛෝ භගවා තං ආබාධං විරියේන පටිප්පනාමෙත්වා ජීවිතසංඛාරං අධිට්ඨාය විහාසි. අථ ඛෝ භගවතෝ සෝ ආබාධෝ පටිප්පස්සම්භි. අථ ඛෝ භගවා ගිලානා වුට්ඨිතෝ අචිරවුට්ඨිතෝ ගේලඤ්ඤා විහාරා නික්ඛම්ම විහාරපච්ඡායායං පඤ්ඤත්තේ ආසනේ නිසීදි.

එකල්හී වස් එළඹ සිටි භාග්‍යවතුන් වහන්සේ හට දරුණු රෝගාබාධයක් උපන්නේ ය. මාරාන්තික වූ, බලවත් වේදනාවෝ පැවතුණාහු ය. භාග්‍යවතුන් වහන්සේ සිහියෙන් හා නුවණින් යුක්ත ව, සිතෙන් පීඩාවකට පත් නොවෙමින් එය ඉවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.

‘යම් බඳු මම උපස්ථායකයන් නොඅමතා, භික්ෂු සංඝයාට නොදන්වා පිරිනිවන්පාන්නෙම් නම්, එය මට සුදුසු නොවෙයි. එහෙයින් මම මේ ආබාධය වීර්යයෙන් මැඩ පවත්වා ජීවිත සංස්කාරය අධිෂ්ඨාන කොට වාසය කරන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වීර්යයෙන් යුක්ත ව, ඒ රෝගාබාධය මැඩපවත්වා ජීවිත සංස්කාරය අධිෂ්ඨාන කොට වැඩ විසූ සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේගේ ඒ රෝගාබාධය සංසිඳී ගියේ ය.

ඉක්බිති ගිලන් බවින් නැගී සිටි, ගිලන් බවින් නැගිට නොබෝ කල් ඇති භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම, විහාර සෙවණැල්ලෙහි පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.

50. අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “දිට්ඨෝ මේ භන්තේ භගවතෝ ඵාසු. දිට්ඨං මේ භන්තේ භගවතෝ ඛමනීයං. අපි ච මේ භන්තේ මධුරකජාතෝ විය කායෝ. දිසා’පි මේ න පක්ඛායන්ති, ධම්මා’පි මං නප්පටිභන්ති භගවතෝ ගේලඤ්ඤේන. අපි ච මේ භන්තේ අහෝසි කාචිදේව අස්සාසමත්තා න තාව භගවා පරිනිබ්බායිස්සති න යාව භගවා භික්ඛුසංඝං ආරබ්භ කිඤ්චිදේව උදාහරතී”ති.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ පහසු බවක් දකින ලද්දේ ය. ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි බවක් දකින ලද්දේ ය. එහෙත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව හේතුවෙන් මාගේ ශරීරය දැඩි ව තද වූවාක් මෙන් තිබෙයි. මා හට ධර්මය මෙනෙහි කරමින් දැක්ක යුතු දිශාව පවා නොපෙනෙයි. මා හට ධර්මයන් පවා නොවැටහෙයි. එනමුදු ස්වාමීනී, මා හට කිසියම් අස්වැසිලි මාත්‍රයක් ඇත්තේ ය. ‘යම්තාක් කල් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අරභයා කිසියම් අවවාදයක් නොවදාරණ සේක් ද, ඒ තාක් කල් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් නොපානා සේක’ යන කරුණ යි.”

51. කිම්පනානන්ද භික්ඛුසංඝෝ මයි පච්චාසිංසති: දේසිතෝ ආනන්ද, මයා ධම්මෝ අනන්තරං අබාහිරං කරිත්වා. නත්ථානන්ද, තථාගතස්ස ධම්මේසු ආචරියමුට්ඨි. යස්ස නූන ආනන්ද ඒවමස්ස: ‘අහං භික්ඛුසංඝං පරිහරිස්සාමී’ති වා, මමුද්දේසිකෝ භික්ඛුසංඝෝ’ති වා, සෝ නූන ආනන්ද, භික්ඛුසංඝං ආරබ්භ කිඤ්චිදේව උදාහරෙය්‍ය. තථාගතස්ස ඛෝ ආනන්ද න ඒවං හෝති: ‘අහං භික්ඛුසංඝං පරිහරිස්සාමී’ති වා, මමුද්දේසිකෝ භික්ඛුසංඝෝ’ති වා. සකිං ආනන්ද තථාගතෝ භික්ඛුසංඝං ආරබ්භ කිඤ්චිදේව උදාහරිස්සති?

“ආනන්දයෙනි, භික්ෂු සංඝයා මාගෙන් කුමක් නම් අපේක්ෂා කරන්නේ ද? ආනන්දයෙනි, මා විසින් අභ්‍යන්තර බාහිර වශයෙන් නොකොට ධර්මය දෙසන ලද්දේ ය. ආනන්දයෙනි, තථාගතයන්ගේ ධර්මය තුළ සඟවා ගත් ගුරු මුෂ්ටියක් නැත්තේ ය. ආනන්දයෙනි, ‘මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි’ යි කියා හෝ ‘භික්ෂු සංඝයා මා උදෙසා සිටියි’ කියා හෝ අදහසක් යමෙකු තුළ තිබෙන්නේ නම්, ආනන්දයෙනි, ඔහු නම් භික්ෂු සංඝයා අරභයා කිසිවක් ම ගෙනහැර පාන්නේ ය. ආනන්දයෙනි, ‘මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි’ යි කියා හෝ ‘භික්ෂු සංඝයා මා උදෙසා සිටියි’ කියා හෝ මෙබඳු අදහසක් තථාගතයන් තුළ නැත්තේ ය. එහෙයින් ආනන්දයෙනි, කුමක් නිසා නම් තථාගත තෙමේ භික්ෂු සංඝයා අරභයා අවසාන වශයෙන් කිසිවක් ගෙනහැර පාන්නේ ද?

52. අහං ඛෝ පනානන්ද, ඒතරහි ජිණ්ණෝ වුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝඅනුප්පත්තෝ. ආසීතිකෝ මේ වයෝ වත්තති. සෙය්‍යථාපි ආනන්ද, ජජ්ජරසකටං වෙක්ඛමිස්සකේන යාපේති, ඒවමේව ඛෝ ආනන්ද වෙක්ඛමිස්සකේන මඤ්ඤේ තථාගතස්ස කායෝ යාපේති. යස්මිං ආනන්ද, සමයේ තථාගතෝ සබ්බනිමිත්තානං අමනසිකාරා ඒකච්චානං වේදනානං නිරෝධා අනිමිත්තං චේතෝසමාධිං උපසම්පජ්ජ විහරති, ඵාසුතරෝ ආනන්ද තස්මිං සමයේ තථාගතස්ස කායෝ හෝති. තස්මාතිහානන්ද, අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා.

ආනන්දයෙනි, මෙකල්හී මම ජරා ජීර්ණ වූයෙමි. වයෝවෘද්ධ ව, මහළු ව, අවසන් වියට පැමිණ වයස්ගත ව සිටිමි. මාගේ වයස අසූවක් වෙයි. ආනන්දයෙනි, දිරා ගිය ගැලක් පිළිසකරයන්ගෙන් පවත්වන්නේ යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, තථාගතයන්ගේ කය ධර්මයෙන් ලත් පිළිසකර කිරීමෙන් පවතියි. ආනන්දයෙනි, යම් කලෙක තථාගත තෙමේ සියළු නිමිති නොමෙනෙහි කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් අනිමිත්ත චිත්ත සමාධියට පැමිණ වාසය කරයි ද, එසමයෙහි ආනන්දයෙනි, තථාගතයන්ගේ කයට වඩා ත් පහසුව දැනෙයි. එහෙයින් ආනන්දයෙනි, තමා ව දූපතක් කොට, තමා ව සරණ කොට, බාහිර කෙනෙකු සරණ නොකොට, ධර්මය දූපතක් කොට, ධර්මය සරණ කොට, බාහිර දෙයක් සරණ නොකොට වසව්.

53. කථඤ්ච ආනන්ද, භික්ඛු අත්තදීපෝ විහරති අත්තසරණෝ අනඤ්ඤසරණෝ, ධම්මදීපෝ ධම්මසරණෝ අනඤ්ඤසරණෝ: ඉධානන්ද භික්ඛු කායේ කායානුපස්සී විහරති අතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං, වේදනාසු ….(පෙ)…. චිත්තේ ….(පෙ)…. ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං.

ආනන්දයෙනි, භික්ෂුවක් තමා ව දූපතක් කොට, තමා ව සරණ කොට, බාහිර කෙනෙකු සරණ නොකොට, ධර්මය දූපතක් කොට, ධර්මය සරණ කොට, බාහිර දෙයක් සරණ නොකොට වසන්නේ කෙසේ ද?

මෙහිලා ආනන්දයෙනි, භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. වේදනාවන් පිළිබඳ ව ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

54. ඒවං ඛෝ ආනන්ද, භික්ඛු අත්තදීපෝ විහරති අත්තසරණෝ අනඤ්ඤසරණෝ, ධම්මදීපෝ ධම්මසරණෝ අනඤ්ඤසරණෝ. යේ හි කේචි ආනන්ද, ඒතරහි වා මමං වා අච්චයේන අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා. ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා, තමතග්ගේ මේ තේ ආනන්ද, භික්ඛූ භවිස්සන්ති යේ කේචි සික්ඛාකාමා’ති.

මෙසේ ආනන්දයෙනි, භික්ෂුව තමා ව දූපතක් කොට, තමා ව සරණ කොට, බාහිර කෙනෙකු සරණ නොකොට, ධර්මය දූපතක් කොට, ධර්මය සරණ කොට, බාහිර දෙයක් සරණ නොකොට වාසය කරයි.

ආනන්දයෙනි, යම්කිසි භික්ෂූහු මෙකල්හී හෝ මාගේ ඇවෑමෙන් හෝ තමා ව දූපතක් කොට, තමා ව සරණ කොට, බාහිර කෙනෙකු සරණ නොකොට, ධර්මය දූපතක් කොට, ධර්මය සරණ කොට, බාහිර දෙයක් සරණ නොකොට වාසය කරන්නාහු ද, ආනන්දයෙනි, මාගේ ශ්‍රාවක වූ යම්කිසි ශික්ෂාකාමී භික්ෂූහු වෙත් ද, ඔවුහු ඒ අමෘතාග්‍රයෙහි සිටින්නාහු ය.”

දුතියභාණවාරං.

[ චාපාලචේතියේ ආයුසංඛාරොස්සජනං ]

55. අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වේසාලිං පිණ්ඩාය පාවිසි. වේසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ගණ්හාහි ආනන්ද නිසීදනං, යේන චාපාලං චේතියං තේනුපසංකමිස්සාම දිවා විහාරායා”ති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වා නිසීදනං ආදාය භගවන්තං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්ධි. අථ ඛෝ භගවා යේන චාපාලං චේතියං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. ආයස්මා පි ඛෝ ආනන්දෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං ආනන්දං භගවා ඒතදවෝච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන විසල්පුරයට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිර, පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“ගන්න ආනන්දයෙනි, හිඳගන්නා ඇතිරිල්ල. චාපාල චෛත්‍යය යම් තැනක ද, දිවා කාලය ගත කරනු පිණිස එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ඒ අනුව ගියහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යය යම් තැනක ද, එතැනට වැඩි සේක. වැඩමකොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත් භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

56. “රමණීයා ආනන්ද වේසාලී, රමණීයං උදේනං චේතියං, රමණීයං ගෝතමකං චේතියං, රමණීයං සත්තම්බ චේතියං, රමණීයං බහුපුත්තං චේතියං, රමණීයං සාරන්දදං චේතියං, රමණීයං චාපාලං චේතියං. යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සෝ ආකංඛමානෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා. තථාගතස්ස ඛෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සෝ ආකංඛමානෝ ආනන්ද තථාගතෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා”ති.

“රමණීය ය ආනන්දයෙනි, විසල්පුර. රමණීය ය උදේන චේතිය. රමණීය ය ගෝතමක චේතිය. රමණීය ය සත්තම්බ චේතිය. රමණීය ය බහුපුත්තක චේතිය. රමණීය ය සාරන්දද චේතිය. රමණීය ය චාපාල චේතිය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය.”

57. ඒවං ඛෝ ආයස්මා ආනන්දෝ භගවතා ඕළාරිකේ නිමිත්තේ කයිරමානේ ඕළාරිකේ ඕභාසේ කයිරමානේ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි “තිට්ඨතු භන්තේ භගවා කප්පං, තිට්ඨතු සුගතෝ කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානන්ති” යථා තං මාරේන පරියුට්ඨිතචිත්තෝ.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හි, ගොරෝසු එළි මතු කරන කල්හි, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ එය වටහා ගන්නට අසමර්ථ වූහ. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා නොසිටියහ. මාරයා විසින් වසා ගත් සිත් ඇත්තෙක් යම් බඳු ද, එබඳු ය.

58. දුතියම්පි ඛෝ භගවා ….(පෙ)…. තතියම්පි ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “රමණීයා ආනන්ද වේසාලී, රමණීයං උදේනං චේතියං, රමණීයං ගෝතමකං චේතියං, රමණීයං සත්තම්බං චේතියං, රමණීයං බහුපුත්තං චේතියං, රමණීයං සාරන්දදං චේතියං, රමණීයං චාපාලං චේතියං. යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සෝ ආකංඛමානෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා. තථාගතස්ස ඛෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සෝ ආකංඛමානෝ ආනන්ද තථාගතෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා”ති.

දෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. තෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“රමණීය ය ආනන්දයෙනි, විසල්පුර. රමණීය ය උදේන චේතිය. රමණීය ය ගෝතමක චේතිය. රමණීය ය සත්තම්බ චේතිය. රමණීය ය බහුපුත්ත චේතිය. රමණීය ය සාරන්දද චේතිය. රමණීය ය චාපාල චේතිය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය.”

59. ඒවම්පි ඛෝ ආයස්මා ආනන්දෝ භගවතා ඕළාරිකේ නිමිත්තේ කයිරමානේ ඕළාරිකේ ඕභාසේ කයිරමානේ නාසක්ඛි පටිවිජ්ක්‍ධිතුං. න භගවන්තං යාචි “තිට්ඨතු භන්තේ භගවා කප්පං, තිට්ඨතු සුගතෝ කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානන්ති” යථා තං මාරේන පරියුට්ඨිතචිත්තෝ.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හි, ගොරෝසු එළි මතු කරන කල්හි, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ එය වටහා ගන්නට අසමර්ථ වූහ. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා නොසිටියහ. මාරයා විසින් වසා ගත් සිත් ඇත්තෙක් යම් බඳු ද, එබඳු ය.

60. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ගච්ඡ ත්වං ආනන්ද, යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා අවිදූරේ අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ නිසීදි. අථ ඛෝ මාරෝ පාපිමා අචිරපක්කන්තේ ආයස්මන්තේ ආනන්දේ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ මාරෝ පාපිමා භගවන්තං ඒතදවෝච:

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“යන්න, ඔබ ආනන්දයෙනි, දැන් යමකට කාලය නම්, එය දැනගන්න.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට, නොදුරෙහි වූ එක්තරා රුක් සෙවණක හිඳ ගත්හ.

ඉක්බිති පවිටු මාර තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නික්ම ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ එකත්පස් ව සිටගත්තේ ය. එකත්පස් ව සිටගත් පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

61. “පරිනිබ්බාතු’දානි භන්තේ භගවා. පරිනිබ්බාතු සුගතෝ. පරිනිබ්බානකාලෝ’දානි භන්තේ භගවතෝ. “භාසිතා ඛෝ පනේසා භන්තේ භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ භික්ඛූ න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දේසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙස්සන්තී’ති. ඒතරහි ඛෝ පන භන්තේ භික්ඛූ භගවතෝ සාවකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනෝ සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දේසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තේ භගවා. පරිනිබ්බාතු සුගතෝ. පරිනිබ්බානකාලෝ’දානි භන්තේ භගවතෝ.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

62. “භාසිතා ඛෝ පනේසා භන්තේ භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ භික්ඛුනියෝ න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දේසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙස්සන්තී’ති. ඒතරහි ඛෝ පන භන්තේ භික්ඛුනියෝ භගවතෝ සාවිකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දේසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තේ භගවා. පරිනිබ්බාතු සුගතෝ. පරිනිබ්බානකාලෝ’දානි භන්තේ භගවතෝ.”

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා භික්ෂුණීහු ව්‍යක්ත ව, විශාරද ව, විනීත ව බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා භික්ෂුණීහු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

63. “භාසිතා ඛෝ පනේසා භන්තේ භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ උපාසකා න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දේසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙස්සන්තී’ති. ඒතරහි ඛෝ පන භන්තේ උපාසකා භගවතෝ සාවකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දේසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තේ භගවා. පරිනිබ්බාතු සුගතෝ. පරිනිබ්බානකාලෝ’දානි භන්තේ භගවතෝ.”

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක උපාසකවරු ව්‍යක්ත ව, විනීත ව විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකවරු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

64. “භාසිතා ඛෝ පනේසා භන්තේ භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දේසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙස්සන්තී’ති. ඒතරහි ඛෝ පන භන්තේ උපාසිකා භගවතෝ සාවිකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දේසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තේ භගවා. පරිනිබ්බාතු සුගතෝ. පරිනිබ්බානකාලෝ’දානි භන්තේ භගවතෝ.”

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

65. “භාසිතා ඛෝ පනේසා භන්තේ භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ ඉදං බ්‍රහ්මචරියං න ඉද්ධං චේව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං, යාව දේවමනුස්සේහි සුප්පකාසිතන්ති’, ඒතරහි ඛෝ පන භන්තේ භගවතෝ බ්‍රහ්මචරියං ඉද්ධඤ්චේව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දේවමනුස්සේහි සුප්පකාසිතං. පරිනිබ්බාතු’දානි භන්තේ භගවා. පරිනිබ්බාතු සුගතෝ. පරිනිබ්බානකාලෝ’දානි භන්තේ භගවතෝ”ති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ මේ සසුන් බඹසර ඉතා දියුණුවට පත් නොවෙයි ද, සමෘද්ධිමත් නොවෙයි ද, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ නොවෙයි ද, පුළුල් ව පැතිරුණේ නොවෙයි ද, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ නොවෙයි ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හි භාග්‍යවතුන් වහන්සේගේ සසුන් බඹසර ඉතා දියුණු වූයේ ත්, සමෘද්ධිමත් වූයේ ත්, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ ත්, පුළුල් ව පැතිරුණේ ත්, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ ත් වෙයි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.”

66. ඒවං වුත්තේ භගවා මාරං පාපිමන්තං ඒතදවෝච: “අප්පොස්සුක්කෝ ත්වං පාපිම හෝහි. න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතෝ තිණ්ණං මාසානං අච්චයේන තථාගතෝ පරිනිබ්බායිස්සතී”ති.

මෙසේ පැවසූ කල්හී භාග්‍යවතුන් වහන්සේ පවිටු මාරයා හට මෙය වදාළ සේක.

“පවිටු මාරය, ඔබ අල්ප උත්සාහයෙන් වසව. වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවන් පෑම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය.”

67. අථ ඛෝ භගවා චාපාලේ චේතියේ සතෝ සම්පජානෝ ආයුසංඛාරං ඔස්සජි. ඔස්සට්ඨේ ච භගවතා ආයුසංඛාරේ මහාභූමිචාලෝ අහෝසි භිංසනකෝ සලෝමහංසෝ. දේවදුන්දුභියෝ ච ඵලිංසු. අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයෙහි දී සිහියෙන් හා නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයු සංස්කාරය අත්හළ සැණින් බිහිසුණු වූ ලොමුදහගැනීම් ඇති වන මහා පොළොව සැළීමක් වූයේ ය. දිව්‍ය දුන්දුභීහු හෙවත් දෙව්බෙර පැලී ගියාහු ය. (අකල් වැස්සක් ඇද හැලුණේ ය.)

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අරුත දැන එවේලෙහි මේ උදානය පහළ කළ සේක.

තුලමතුලඤ්ච සම්භවං
භවසංඛාරමවස්සජී මුනි,
අජ්ඣත්තරතෝ සමාහිතෝ
අභින්දි කවචමිවත්තසම්භවන්ති.

අප මහා මුනිරජාණන් වහන්සේ හටගත්තා වූ තුලනය කළ හැකි – තුලනය කළ නොහැකි සියල්ල ද, භව සංස්කාර ද අත්හළ සේක. ආධ්‍යාත්මය තුළ නිවනෙහි ඇලුණු සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, මේ හටගත් ජීවිත සංස්කාර යුද ඇඳුමක් සිඳින සෙයින් සිඳ දැමූ සේක.”

[ භූමිචාලස්ස අට්ඨ හේතු ]

68. අථ ඛෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතදහෝසි: ‘අච්ඡරියං වත භෝ, අබ්භුතං වත භෝ. මහා වතායං භූමිචාලෝ, සුමහා වතායං භූමිචාලෝ, භිංසනකෝ සලෝමහංසෝ. දේවදුන්දුභියෝ ච ඵලිංසු. කෝ නු ඛෝ හේතු කෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතුභාවායා’ති. අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ. මහා වතායං භන්තේ භූමිචාලෝ, සුමහා වතායං භන්තේ භූමිචාලෝ භිංසනකෝ සලෝමහංසෝ. දේවදුන්දුභියෝ ච ඵලිංසු. කෝ නු ඛෝ භන්තේ හේතු කෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතුභාවායා?”ති.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් ම ආශ්චර්ය ය. භවත්නි, ඒකාන්තයෙන් ම අද්භූත ය. ඒකාන්තයෙන් ම මේ පොළොව සැලීම මහත් ය. ඒකාන්තයෙන් ම මේ පොළොව සැලීම අතිමහත් ය. බිහිසුණු ය. ලොමුදහගන්වයි. දෙව්බෙරහු පැලුණහ. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට හේතු වූයේ කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?’

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

“ස්වාමීනී, ආශ්චර්ය ය. ස්වාමීනී, අද්භූත ය. ස්වාමීනී, ඒකාන්තයෙන් ම මේ පොළොව සැලීම මහත් ය. ස්වාමීනී, ඒකාන්තයෙන් ම මේ පොළොව සැලීම අතිමහත් ය. බිහිසුණු ය. ලොමුදහගන්වයි. දෙව්බෙරහු ද පැලුණහ. ස්වාමීනී, මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට හේතු වූයේ කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

69. අට්ඨ ඛෝ ඉමේ ආනන්ද හේතු අට්ඨ පච්චයා මහතෝ භූමිචාලස්ස පාතුභාවාය. කතමේ අට්ඨ?

“ආනන්දයෙනි, මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මේ හේතු අටකි. ප්‍රත්‍යය අටකි. ඒ කවර අටක් ද යත්;

(1). අයං ආනන්ද මහාපඨවී උදකේ පතිට්ඨිතා. උදකං වාතේ පතිට්ඨිතං. වාතෝ ආකාසට්ඨෝ හෝති. හෝති ඛෝ සෝ ආනන්ද සමයෝ යං මහාවාතා වායන්ති, මහාවාතා වායන්තා උදකං කම්පෙන්ති, උදකං කම්පිතං පඨවිං කම්පේති. අයං පඨමෝ හේතු පඨමෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතුභාවාය.

ආනන්දයෙනි, මේ මහා පෘථිවි තොමෝ ජලයෙහි පිහිටියා ය. ජලය වාතයෙහි පිහිටියේ ය. වාතය අහසෙහි පිහිටියේ වෙයි. ආනන්දයෙනි, යම් හෙයකින් මහා සුළං හමයි ද, මහා සුළං හැමීමෙන් ජලය කම්පා වෙයි ද, ජලය කම්පා වීමෙන් පෘථිවිය කම්පා වෙයි ද, එබඳු වූ කාලයක් ඇත්තේ ය. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය පළමු හේතුව වෙයි. පළමු ප්‍රත්‍යය වෙයි.

(2). පුනචපරං ආනන්ද සමණෝ වා හෝති බ්‍රාහ්මණෝ වා ඉද්ධිමා චේතෝවසිප්පත්තෝ, දේවෝ වා මහිද්ධිකෝ මහානුභාවෝ, තස්ස පරිත්තා පඨවීසඤ්ඤා භාවිතා හෝති, අප්පමාණා ආපෝසඤ්ඤා. සෝ ඉමං පඨවිං කම්පේති සංකම්පේති සම්පකම්පේති සම්පවේධේති. අයං දුතියෝ හේතු දුතියෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතුභාවාය.

තව ද ආනන්දයෙනි, ඉර්ධිමත් චේතෝවශීප්‍රාප්ත ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෙයි ද, මහා ඉර්ධිමත් මහානුභාව ඇති දෙවියෙක් හෝ වෙයි ද, ඔහු විසින් පොළොව සංඥාව ස්වල්පයක් කොට වඩන ලද්දේ, ජල සංඥාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වෙයි ද, ඔහු මේ පෘථිවිය කම්පා කරවයි. හාත්පසින් කම්පා කරවයි. බලවත් ව කම්පා කරවයි. බලවත් ව වෙව්ලුවා දමයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය දෙවෙනි හේතුව වෙයි. දෙවෙනි ප්‍රත්‍යය වෙයි.

(3). පුනචපරං ආනන්ද යදා බෝධිසත්තෝ තුසිතකායා චවිත්වා සතෝ සම්පජානෝ මාතුකුච්ඡිං ඔක්කමති, තදා’යං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවේධති. අයං තතියෝ හේතු තතියෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතුභාවාය.

තව ද ආනන්දයෙනි, යම් කලෙක බෝසත් තෙමේ තුසිත දෙව්ලොවින් චුත ව, සිහියෙන් හා නුවණින් යුක්ත ව මව්කුසෙහි පිළිසිඳ ගනියි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය තුන්වෙනි හේතුව වෙයි. තුන්වෙනි ප්‍රත්‍යය වෙයි.

(4). පුනචපරං ආනන්ද යදා බෝධිසත්තෝ සතෝ සම්පජානෝ මාතුකුච්ඡිස්මිං නික්ඛමති, තදායං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවේධති. අයං චතුත්ථෝ හේතු චතුත්ථෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතුභාවාය.

තව ද ආනන්දයෙනි, යම් කලෙක බෝසත් තෙමේ සිහියෙන් හා නුවණින් යුක්ත ව මව්කුසින් නික්මෙයි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය සිව්වෙනි හේතුව වෙයි. සිව්වෙනි ප්‍රත්‍යය වෙයි.

(5). පුනචපරං ආනන්ද යදා තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ඣති, තදායං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවේධති. අයං පඤ්චමෝ හේතු පඤ්චමෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතුභාවාය.

තව ද ආනන්දයෙනි, යම් කලෙක තථාගත තෙමේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට නුවණින් අවබෝධ කරයි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය පස්වෙනි හේතුව වෙයි. පස්වෙනි ප්‍රත්‍යය වෙයි.

(6). පුනචපරං ආනන්ද යදා තථාගතෝ අනුත්තරං ධම්මචක්කං පවත්තේති, තදායං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවේධති. අයං ඡට්ඨෝ හේතු ඡට්ඨෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතුභාවාය.

තව ද ආනන්දයෙනි, යම් කලෙක තථාගත තෙමේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරයි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය සයවෙනි හේතුව වෙයි. සයවෙනි ප්‍රත්‍යය වෙයි.

(7). පුනචපරං ආනන්ද යදා තථාගතෝ සතෝ සම්පජානෝ ආයුසංඛාරං ඔස්සජ්ජති, තදායං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවේධති. අයං සත්තමෝ හේතු සත්තමෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතුභාවාය.

තව ද ආනන්දයෙනි, යම් කලෙක තථාගත තෙමේ සිහියෙන් හා නුවණින් යුක්ත ව ආයු සංස්කාරය අත්හරියි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය සත්වෙනි හේතුව වෙයි. සත්වෙනි ප්‍රත්‍යය වෙයි.

(8). පුනචපරං ආනන්ද යදා තථාගතෝ අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, තදා’යං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවේධති. අයං අට්ඨමෝ හේතු අට්ඨමෝ පච්චයෝ මහතෝ භූමිචාලස්ස පාතුභාවාය.

තව ද ආනන්දයෙනි, යම් කලෙක තථාගත තෙමේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පායි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය අටවෙනි හේතුව වෙයි. අටවෙනි ප්‍රත්‍යය වෙයි.

ඉමේ ඛෝ ආනන්ද අට්ඨ හේතු අට්ඨ පච්චයා මහතෝ භූමිචාලස්ස පාතුභාවායා’ති.

ආනන්දයෙනි, මේ වනාහී මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට හේතු වන කරුණු අට ය. ප්‍රත්‍යය අට ය.

[ අට්ඨපරිසා ]

70. අට්ඨ ඛෝ ඉමා ආනන්ද පරිසා. කතමා අට්ඨ? ඛත්තියපරිසා බ්‍රාහ්මණපරිසා ගහපතිපරිසා සමණපරිසා චාතුම්මහාරාජිකපරිසා තාවතිංසපරිසා මාරපරිසා බ්‍රහ්මපරිසා.

ආනන්දයෙනි, මේ අට පිරිසක් ඇත්තේ ය. ඒ කවර අට පිරිසක් ද යත්, ක්ෂත්‍රිය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, චාතුම්මහාරාජික පිරිස, තව්තිසා පිරිස, මාර පිරිස හා බ්‍රහ්ම පිරිස ය.

අභිජානාමි ඛෝ පනාහං ආනන්ද අනේකසතං ඛත්තියපරිසං උපසංකමිතා. තත්‍රපි මයා සන්නිසින්නපුබ්බඤ්චේව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්ථ යාදිසකෝ තේසං වණ්ණෝ හෝති, තාදිසකෝ මය්හං වණ්ණෝ හෝති. යාදිසකෝ තේසං සරෝ හෝති, තාදිසකෝ මය්හං සරෝ හෝති. ධම්මියා ච කථාය සන්දස්සේමි සමාදපේමි සමුත්තේජේමි සම්පහංසේමි. භාසමානඤ්ච මං න ජානන්ති ‘කෝ නු ඛෝ අයං භාසති දේවෝ වා මනුස්සෝ වා’ති. ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා අන්තරධායාමි. අන්තරහිතඤ්ච මං න ජානන්ති ‘කෝ නු ඛෝ අයං අන්තරහිතෝ දේවෝ වා මනුස්සෝ වා’ති.

ආනන්දයෙනි, මම් වනාහී නොයෙක් සිය ගණන් ක්ෂත්‍රිය පිරිස වෙත එළඹුණු වග විශේෂයෙන් දනිමි. එහිදී ත් මා විසින් වාඩි වී හුන් බවකුත්, කතා බස් කළ බවකුත්, ඔවුන් වෙත පිවිස සාකච්ඡා කළ බවකුත් තිබුණි. එහිදී ඔවුන්ගේ වර්ණය යම් බඳු ද, මාගේ වර්ණය ද, එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම් බඳු ද, මාගේ කටහඬ ද එබඳු වෙයි. ධර්ම කථාවෙන් ද කරුණු දක්වමි. සමාදන් කරවමි. උනන්දු කරවමි. සතුටට පත් කරවමි. ඔවුන් සමඟ කතා කරමින් සිටින මා පිළිබඳ ව ‘මේ කතා කරන්නේ කවරෙක් ද? දෙවියෙක් ද? මනුෂ්‍යයෙක් ද?’ යි ඔවුහු නොදනිති. ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා නොපෙනී යමි. නොපෙනී ගිය මා පිළිබඳ ව ‘මේ නොපෙනී ගියේ කවරෙක් ද? දෙවියෙක් ද? මනුෂ්‍යයෙක් ද?’ යි ඔවුහු නොදනිති.

අභිජානාමි ඛෝ පනාහං ආනන්ද අනේකසතං බ්‍රාහ්මණපරිසං ….(පෙ)…. ගහපතිපරිසං ….(පෙ)…. සමණපරිසං ….(පෙ)…. චාතුම්මහාරාජිකපරිසං ….(පෙ)…. තාවතිංසපරිසං ….(පෙ)…. මාරපරිසං ….(පෙ)…. බ්‍රහ්මපරිසං උපසංකමිතා. තත්‍රපි මයා සන්නිසින්නපුබ්බඤ්චේව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්ථ යාදිසකෝ තේසං වණ්ණෝ හෝති, තාදිසකෝ මය්හං වණ්ණෝ හෝති. යාදිසකෝ තේසං සරෝ හෝති, තාදිසකෝ මය්හං සරෝ හෝති. ධම්මියා ච කථාය සන්දස්සේමි සමාදපේමි සමුත්තේජේමි සම්පහංසේමි. භාසමානඤ්ච මං න ජානන්ති ‘කෝ නු ඛෝ අයං භාසති දේවෝ වා මනුස්සෝ වා’ති. ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා අන්තරධායාමි. අන්තරහිතඤ්ච මං න ජානන්ති ‘කෝ නු ඛෝ අයං අන්තරහිතෝ දේවෝ වා මනුස්සෝ වා’ති.

ආනන්දයෙනි, මම් වනාහී නොයෙක් සිය ගණන් බ්‍රාහ්මණ පිරිස වෙත එළඹුණු වග විශේෂයෙන් දනිමි. ….(පෙ)…. ගෘහපති පිරිස ….(පෙ)…. ශ්‍රමණ පිරිස ….(පෙ)…. චාතුම්මහාරාජික පිරිස ….(පෙ)…. තාවතිංස පිරිස ….(පෙ)…. මාර පිරිස ….(පෙ)…. බ්‍රහ්ම පිරිස වෙත එළඹුණු වග විශේෂයෙන් දනිමි. එහිදී ත් මා විසින් වාඩි වී හුන් බවකුත්, කතා බස් කළ බවකුත්, ඔවුන් වෙත පිවිස සාකච්ඡා කළ බවකුත් තිබුණි. එහිදී ඔවුන්ගේ වර්ණය යම් බඳු ද, මාගේ වර්ණය ද, එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම් බඳු ද, මාගේ කටහඬ ද එබඳු වෙයි. ධර්ම කථාවෙන් ද කරුණු දක්වමි. සමාදන් කරවමි. උනන්දු කරවමි. සතුටට පත් කරවමි. ඔවුන් සමඟ කතා කරමින් සිටින මා පිළිබඳ ව ‘මේ කතා කරන්නේ කවරෙක් ද? දෙවියෙක් ද? මනුෂ්‍යයෙක් ද?’ යි ඔවුහු නොදනිති. ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා නොපෙනී යමි. නොපෙනී ගිය මා පිළිබඳ ව ‘මේ නොපෙනී ගියේ කවරෙක් ද? දෙවියෙක් ද? මනුෂ්‍යයෙක් ද?’ යි ඔවුහු නොදනිති.

ඉමා ඛෝ ආනන්ද අට්ඨ පරිසා.

ආනන්දයෙනි, මේ වනාහී අට පිරිස යි.

[ අට්ඨඅභිභායතනානි ]

71. අට්ඨ ඛෝ ඉමානි ආනන්ද අභිභායතනානි. කතමානි අට්ඨ?

ආනන්දයෙනි, මේ වනාහී අටක් වූ අභිභූ ආයතනයෝ ය. ඒ කවර අටක් ද යත්;

(1). අජ්ඣත්තං රූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ‘ජානාමි පස්සාමී’ති ඒවංසඤ්ඤී හෝති. ඉදං පඨමං අභිභායතනං.

ආධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර ස්වල්ප වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය පළමු අභිභූ ආයතනය යි.

(2). අජ්ඣත්තං රූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ‘ජානාමි පස්සාමී’ති ඒවංසඤ්ඤී හෝති. ඉදං දුතියං අභිභායතනං.

ආධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර අප්‍රමාණ වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය දෙවෙනි අභිභූ ආයතනය යි.

(3). අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ‘ජානාමි පස්සාමී’ති ඒවංසඤ්ඤී හෝති. ඉදං තතියං අභිභායතනං.

ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර ස්වල්ප වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය තුන්වෙනි අභිභූ ආයතනය යි.

(4). අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ‘ජානාමි පස්සාමී’ති ඒවංසඤ්ඤී හෝති. ඉදං චතුත්ථං අභිභායතනං.

ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර අප්‍රමාණ වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සිව්වෙනි අභිභූ ආයතනය යි.

(5). අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්‍යථාපි නාම උම්මාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, ඒවමේව අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. තානි අභිභුය්‍ය ‘ජානාමි පස්සාමී’ති ඒවංසඤ්ඤී හෝති. ඉදං පඤ්චමං අභිභායතනං.

ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර නිල් වූ, නිල් පැහැ ඇති, නීල නිදර්ශන ඇති, නිල් ආලෝක ඇති රූප දකියි. නිල්වන්, නිල්වන් දැකුම් ඇති, නිල්වන් ආලෝක ඇති, නිල් දියබෙරලිය මල යම් සේ ද, නිල්වන්, නිල්වන් දැකුම් ඇති, නිල්වන් ආලෝක ඇති, දෙපැත්තට ම මටසිලිටි වූ බරණැස නීල කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර නිල් වූ, නිල් පැහැ ඇති, නීල නිදර්ශන ඇති, නිල් ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය පස්වෙනි අභිභූ ආයතනය යි.

(6). අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්‍යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, ඒවමේව අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. තානි අභිභුය්‍ය ‘ජානාමි පස්සාමී’ති ඒවංසඤ්ඤී හෝති. ඉදං ඡට්ඨං අභිභායතනං.

ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර කහ වූ, කහ පැහැ ඇති, කහ නිදර්ශන ඇති, කහ ආලෝක ඇති රූප දකියි. කහවන්, කහවන් දැකුම් ඇති, කහවන් ආලෝක ඇති, කහ කිණිහිරි මල යම් සේ ද, කහවන්, කහවන් දැකුම් ඇති, කහවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර කහ වූ, කහ පැහැ ඇති, කහ නිදර්ශන ඇති, කහ ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සයවෙනි අභිභූ ආයතනය යි.

(7). අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතකවණ්ණානි ලෝහිතකනිදස්සනානි ලෝහිතකනිභාසානි. සෙය්‍යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලෝහිතකං ලෝහිතකවණ්ණං ලෝහිතකනිදස්සනං ලෝහිතකනිභාසං, සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං ලෝහිතකං ලෝහිතකවණ්ණං ලෝහිතකනිදස්සනං ලෝහිතකනිභාසං, ඒවමේව අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතකවණ්ණානි ලෝහිතකනිදස්සනානි ලෝහිතකනිභාසානි. තානි අභිභුය්‍ය ‘ජානාමි පස්සාමී’ති ඒවංසඤ්ඤී හෝති. ඉදං සත්තමං අභිභායතනං.

ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රතු වූ, රතු පැහැ ඇති, රතු නිදර්ශන ඇති, රතු ආලෝක ඇති රූප දකියි. රතුවන්, රතුවන් දැකුම් ඇති, රතුවන් ආලෝක ඇති, රතු බඳුවද මල යම් සේ ද, රතුවන්, රතුවන් දැකුම් ඇති, රතුවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස රතුවන් කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රතු වූ, රතු පැහැ ඇති, රතු නිදර්ශන ඇති, රතු ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සත්වෙනි අභිභූ ආයතනය යි.

(8). අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාතවණ්ණානි ඕදාතනිදස්සනානි ඕදාතනිභාසානි. සෙය්‍යථාපි නාම ඕසධිතාරකා ඕදාතා ඕදාතවණ්ණා ඕදාතනිදස්සනා ඕදාතනිභාසා, සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං ඕදාතං ඕදාතවණ්ණං ඕදාතනිදස්සනං ඕදාතනිභාසං, ඒවමේව අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාතවණ්ණානි ඕදාතනිදස්සනානි ඕදාතනිභාසානි. තානි අභිභුය්‍ය ‘ජානාමි පස්සාමී’ති ඒවංසඤ්ඤී හෝති. ඉදං අට්ඨමං අභිභායතනං.

ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර සුදු වූ, සුදු පැහැ ඇති, සුදු නිදර්ශන ඇති, සුදු ආලෝක ඇති රූප දකියි. සුදුවන්, සුදුවන් දැකුම් ඇති, සුදුවන් ආලෝක ඇති, ඕෂධී තාරුකාව යම් සේ ද, සුදුවන්, සුදුවන් දැකුම් ඇති, සුදුවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස සුදුවන් කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර සුදු වූ, සුදු පැහැ ඇති, සුදු නිදර්ශන ඇති, සුදු ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය අටවෙනි අභිභූ ආයතනය යි.

ඉමානි ඛෝ ආනන්ද අට්ඨ අභිභායතනානි.

ආනන්දයෙනි, මේ වනාහී අටක් වූ අභිභූ ආයතනයෝ ය.

[ අට්ඨ විමොක්ඛා ]

72. අට්ඨ ඛෝ ඉමේ ආනන්ද විමොක්ඛා. කතමේ අට්ඨ?

ආනන්දයෙනි, මේ අටක් වූ විමෝක්ෂයෝ ය. ඒ කවර අටක් ද යත්;

(1). රූපී රූපානි පස්සති. අයං පඨමෝ විමොක්ඛෝ.

රූප ධ්‍යානයෙන් යුක්ත වූයේ බාහිර රූපයන් දකියි. මෙය පළමු විමෝක්ෂය යි.

(2). අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියෝ විමොක්ඛෝ.

ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ බාහිර රූප දකියි. මෙය දෙවෙනි විමෝක්ෂය යි.

(3). සුභන්තේව අධිමුත්තෝ හෝති. අයං තතියෝ විමොක්ඛෝ.

සුභ දෙයක් ම යැයි සළකා ධ්‍යානයට ඇළුණේ වෙයි. මෙය තුන්වෙනි විමෝක්ෂය යි.

(4). සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තෝ ආකාසෝ’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථෝ විමොක්ඛෝ.

සියළු ආකාරයෙන් ම රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් නා නා සංඥා මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත වූ ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙය සිව්වෙනි විමෝක්ෂය යි.

(5). සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති’ විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමෝ විමොක්ඛෝ.

සියළු ආකාරයෙන් ම ආකාසානඤ්චාතනය ඉක්මවීමෙන්, ‘අනන්ත වූ විඤ්ඤාණය’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙය පස්වෙනි විමෝක්ෂය යි.

(6). සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨෝ විමොක්ඛෝ.

සියළු ආකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවීමෙන් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මෙය සයවෙනි විමෝක්ෂය යි.

(7). සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමෝ විමොක්ඛෝ.

සියළු ආකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසංඥානාසංඥායතනයට පැමිණ වාසය කරයි. මෙය සත්වෙනි විමෝක්ෂය යි.

(8). සබ්බසෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවේදයිතනිරෝධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමෝ විමොක්ඛෝ.

සියළු ආකාරයෙන් ම නේවසංඥානාසංඥායතනය ඉක්මවීමෙන් සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. මෙය අටවෙනි විමෝක්ෂය යි.

ඉමේ ඛෝ ආනන්ද අට්ඨ විමොක්ඛා.

ආනන්දයෙනි, මේ වනාහී අටක් වූ විමෝක්ෂයෝ ය.

[ මාරායාචනා ]

73. ඒකමිදාහං ආනන්ද සමයං උරුවේලායං විහරාමි නජ්ජා නේරඤ්ජරාය තීරේ අජපාලනිග්‍රෝධමූලේ පඨමාභිසම්බුද්ධෝ. අථ ඛෝ ආනන්ද මාරෝ පාපිමා යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ ආනන්ද මාරෝ පාපිමා මං ඒතදවෝච: පරිනිබ්බාතු’දානි භන්තේ භගවා, පරිනිබ්බාතු සුගතෝ. පරිනිබ්බානකාලෝ’දානි භන්තේ භගවතෝ’ති.

ආනන්දයෙනි, එක් සමයෙක්හි මම අභිසම්බෝධිය ලත් මුල් අවදියෙහි උරුවෙල් දනව්වෙහි නේරංජරා නදිය අසබඩ අජපාල නුගරුක් සෙවණෙහි වාසය කළෙමි. එකල්හී ආනන්දයෙනි, මම යම්තැනක සිටියෙම් ද, පවිටු මාර තෙමේ එතැනට පැමිණියේ ය. පැමිණ එකත්පස් ව සිටියේ ය. ආනන්දයෙනි, එකත්පස් ව සිටි පවිටු මාරයා මා හට මෙය සැළ කළේ ය.

‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.’

ඒවං වුත්තෝ’හං ආනන්ද මාරං පාපිමන්තං ඒතදවෝචං: “න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ භික්ඛූ න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දේසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙස්සන්ති.

මෙසේ කී කල්හී ආනන්දයෙනි. පවිටු මාරයා හට මම මෙය පැවසූයෙමි.

‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත ව, විශාරද ව, විනීත ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි.

න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ භික්ඛුනියෝ න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දේසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙස්සන්ති.

පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා භික්ෂුණීහු ව්‍යක්ත ව, විශාරද ව, විනීත ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි

න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ උපාසකා න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දේසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙස්සන්ති.

පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක උපාසකවරු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි

න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියෝ, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දේසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙස්සන්ති.

පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි.

න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ ඉදං බ්‍රහ්මචරියං න ඉද්ධඤ්චේව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දේවමනුස්සේහි සුප්පකාසිතන්ති.”

පවිටු මාරය, යම්තාක් කල් මාගේ මේ සසුන් බඹසර ඉතා දියුණුවට පත් නොවෙයි ද, සමෘද්ධිමත් නොවෙයි ද, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ නොවෙයි ද, පුළුල් ව පැතිරුණේ නොවෙයි ද, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ නොවෙයි ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි පැවසූවෙමි.

74. ඉදානේව ඛෝ ආනන්ද අජ්ජ චාපාලේ චේතියේ මාරෝ පාපිමා යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ ආනන්ද මාරෝ පාපිමා මං ඒතදවෝච: “පරිනිබ්බාතු’දානි භන්තේ භගවා, පරිනිබ්බාතු සුගතෝ. පරිනිබ්බානකාලෝ’දානි භන්තේ භගවතෝ. භාසිතා ඛෝ පනේසා භන්තේ භගවතා වාචා: න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මේ භික්ඛූ න සාවකා භවිස්සන්ති ….(පෙ)…. යාව මේ භික්ඛුනියෝ න සාවිකා භවිස්සන්ති ….(පෙ)…. යාව මේ උපාසකා න සාවකා භවිස්සන්ති ….(පෙ)…. යාව මේ උපාසිකා න සාවිකා භවිස්සන්ති ….(පෙ)…. යාව මේ ඉදං බ්‍රහ්මචරියං න ඉද්ධඤ්චේව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දේවමනුස්සේහි සුප්පකාසිතන්ති.

ආනන්දයෙනි, අද දැනුත් චාපාල චෛත්‍යස්ථානයෙහි දී මම යම් තැනක සිටියෙම් ද, පවිටු මාර තෙමේ එතැනට පැමිණියේ ය. පැමිණ එකත්පස් ව සිටියේ ය. ආනන්දයෙනි, එකත්පස් ව සිටගත් පවිටු මාරයා මා හට මෙය පැවසුවේ ය.

‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක භික්ෂූහු ….(පෙ)…. යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා භික්ෂුණීහු ….(පෙ)…. යම්තාක් කල් මාගේ ශ්‍රාවක උපාසකවරු ….(පෙ)…. යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ….(පෙ)….

පවිටු මාරය, යම්තාක් කල් මාගේ මේ සසුන් බඹසර ඉතා දියුණුවට පත් නොවෙයි ද, සමෘද්ධිමත් නොවෙයි ද, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ නොවෙයි ද, පුළුල් ව පැතිරුණේ නොවෙයි ද, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ නොවෙයි ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යන වචනය යි.

ඒතරහි ඛෝ පන භන්තේ භගවතෝ බ්‍රහ්මචරියං ඉද්ධඤ්චේව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දේවමනුස්සේහි සුප්පකාසිතං. පරිනිබ්බාතු’දානි භන්තේ භගවා, පරිනිබ්බාතු සුගතෝ. පරිනිබ්බානකාලෝ’දානි භන්තේ භගවතෝ”ති.

ස්වාමීනී, මෙකල්හි භාග්‍යවතුන් වහන්සේගේ සසුන් බඹසර ඉතා දියුණු වූයේ ත්, සමෘද්ධිමත් වූයේ ත්, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ ත්, පුළුල් ව පැතිරුණේ ත්, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ ත් වෙයි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.”

ඒවං වුත්තේ අහං ආනන්ද මාරං පාපිමන්තං ඒතදවෝචං: “අප්පොස්සුක්කෝ ත්වං පාපිම හෝහි. න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතෝ තිණ්ණං මාසානං අච්චයේන තථාගතෝ පරිනිබ්බායිස්සතී”ති. “ඉදානේව ඛෝ ආනන්ද අජ්ජ චාපාලේ චේතියේ තථාගතේන සතේන සම්පජානේන ආයුසංඛාරෝ ඔස්සට්ඨෝ”ති.

මෙසේ පැවසූ කල්හී මම ආනන්දයෙනි, පවිටු මාරයා හට මෙය පැවසූවෙමි.

‘පවිටු මාරය, ඔබ අල්ප උත්සාහයෙන් වසව. වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවන් පෑම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය’ යි.

ආනන්දයෙනි, අද මේ දැන් චාපාල චෛත්‍යස්ථානයෙහි දී තථාගතයන් විසින් සිහියෙන් හා නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හරින ලද්දේ ය.”

[ ආනන්දායාචනා ]

75. ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “තිට්ඨතු භන්තේ භගවා කප්පං, තිට්ඨතු සුගතෝ කප්පං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සාන”න්ති.

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!” යි.

අලං ආනන්ද, මා තථාගතං යාචි. අකාලෝ’දානි ආනන්ද තථාගතං යාචනායා’ති.

“පලක් නැත ආනන්දයෙනි. තථාගතයන් හට ආයාචනා නොකරව. දැන් ආනන්දයෙනි, තථාගතයන් හට ආයාචනා කිරීමට කාලය නොවෙයි.”

දුතියම්පි ඛෝ ආයස්මා ආනන්දෝ ….(පෙ)…. තතියම්පි ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “තිට්ඨතු භන්තේ භගවා කප්පං, තිට්ඨතු සුගතෝ කප්පං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සාන”න්ති.

දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ….(පෙ)…. තෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!” යි.

සද්දහසි ත්වං ආනන්ද තථාගතස්ස බෝධින්ති? “ඒවම්භන්තේ”. අථ කිඤ්චරහි ත්වං ආනන්ද තථාගතං යාවතතියකං අභිනිප්පීළේසී?ති.

“ආනන්දයෙනි, ඔබ තථාගතයන්ගේ බෝධිය අදහන්නෙහි ද?”

“එසේ ය, ස්වාමීනී.”

“එසේ නම් ආනන්දයෙනි, ඔබ තෙවෙනි වතාව දක්වා ආයාචනා කරමින් කවර හෙයින් තථාගතයන් හට බලවත් ව පීඩා කරන්නෙහි ද?”

සම්මුඛා මේතං භන්තේ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං: “යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සෝ ආකංඛමානෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා. තථාගතස්ස ඛෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සෝ ආකංඛමානෝ ආනන්ද තථාගතෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා”ති.

“ස්වාමීනී, මෙකරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය.

‘ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය’ යනුවෙනි.”

සද්දහසි ත්වං ආනන්දා?ති. “ඒවම්භන්තේ”.

“ආනන්දයෙනි, ඔබ අදහන්නෙහි ද?”

“එසේ ය, ස්වාමීනී.”

තස්මාතිහානන්ද තුය්හේවේතං දුක්කටං, තුය්හේවේතං අපරද්ධං, යං ත්වං තථාගතේන ඒවං ඕළාරිකේ නිමිත්තේ කයිරමානේ, ඕළාරිකේ ඕභාසේ කයිරමානේ නාසක්ඛි පටිවිජ්ක්‍ධිතුං. න තථාගතං යාචි ‘තිට්ඨතු භන්තේ භගවා කප්පං, තිට්ඨතු සුගතෝ කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සාන’න්ති. සචේ ත්වං ආනන්ද තථාගතං යාචෙය්‍යාසි, ද්වේව තේ වාචා තථාගතෝ පටික්ඛිපෙය්‍ය, අථ තතියකං අධිවාසෙය්‍ය. තස්මාතිහානන්ද තුය්හේවේතං දුක්කටං, තුය්හේවේතං අපරද්ධං.

“එහෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි. යම් හෙයකින් ඔබ තථාගතයන් විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හී, ගොරෝසු එළි දක්වන කල්හී, තේරුම් ගන්නට අසමර්ථ වූයේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි තථාගතයන්ට ආයාචනා නොකළේ ය. ඉදින් ආනන්දයෙනි, ඔබ තථාගතයන්ට ආයාචනා කළෙහි නම්, දෙවරක් ම ඒ ආයාචනා වචනය තථාගත තෙමේ නොපිළිගන්නේ ය. නමුත් තුන්වන ඇරයුම් වචනය පිළිගන්නේ ය. එසේ හෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි.

76. ඒකමිදාහං ආනන්ද සමයං රාජගහේ විහරාමි ගිජ්ඣකූටේ පබ්බතේ. තත්‍රා පි ඛෝ තාහං ආනන්ද ආමන්තේසිං: රමණීයං ආනන්ද රාජගහං රමණීයෝ ගිජ්ඣකූටෝ පබ්බතෝ. යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සෝ ආකංඛමානෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා. තථාගතස්ස ඛෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සෝ ආකංඛමානෝ ආනන්ද තථාගතෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා’ති. ඒවම්පි ඛෝ ත්වං ආනන්ද තථාගතේන ඕළාරිකේ නිමිත්තේ කයිරමානේ ඕළාරිකේ ඕභාසේ කයිරමානේ නාසක්ඛි පටිවිජ්ක්‍ධිතුං. න තථාගතං යාචි: ‘තිට්ඨතු භන්තේ භගවා කප්පං තිට්ඨතු සුගතෝ කප්පං බහුජනහිතාය, බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සාන’න්ති. සචේ ත්වං ආනන්ද තථාගතං යාචෙය්‍යාසි, ද්වේව තේ වාචා තථාගතෝ පටික්ඛිපෙය්‍ය, අථ තතියකං අධිවාසෙය්‍ය. තස්මාතිහානන්ද තුය්හේවේතං දුක්කටං, තුය්හේවේතං අපරද්ධං.

ආනන්දයෙනි, මම එක් අවදියක රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කළෙමි. එහිදී ද ආනන්දයෙනි, මම ඔබ ඇමතුවෙමි. ‘රමණීය ය, ආනන්දයෙනි, රාජගෘහ ය. රමණීය ය, ගිජුකුළුපව්ව. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය’ යනුවෙනි.

මෙසේ ත් ඔබ ආනන්දයෙනි, තථාගතයන් විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හී, ගොරෝසු එළි දක්වන කල්හී, තේරුම් ගන්නට අසමර්ථ වූයේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි තථාගතයන්ට ආයාචනා නොකළේ ය. ඉදින් ආනන්දයෙනි, ඔබ තථාගතයන්ට ආයාචනා කළෙහි නම්, දෙවරක් ම ඒ ආයාචනා වචනය තථාගත තෙමේ නොපිළිගන්නේ ය. නමුත් තුන්වන ඇරයුම් වචනය පිළිගන්නේ ය. එසේ හෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි.

ඒකමිදාහං ආනන්ද සමයං තත්ථේව රාජගහේ විහරාමි ගෝතමනිග්‍රෝධේ ….(පෙ)…. තත්ථේව රාජගහේ විහරාමි චෝරපපාතේ ….(පෙ)…. තත්ථේව රාජගහේ විහරාමි වේභාරපස්සේ සත්තපණ්ණිගුහායං ….(පෙ)…. තත්ථේව රාජගහේ විහරාමි ඉසිගිලිපස්සේ කාළසිලායං ….(පෙ)…. තත්ථේව රාජගහේ විහරාමි සීතවනේ සප්පසොණ්ඩිකපබ්භාරේ ….(පෙ)…. තත්ථේව රාජගහේ විහරාමි තපෝදාරාමේ ….(පෙ)…. තත්ථේව රාජගහේ විහරාමි වේළුවනේ කලන්දකනිවාපේ ….(පෙ)…. තත්ථේව රාජගහේ විහරාමි ජීවකම්බවනේ ….(පෙ)…. තත්ථේව රාජගහේ විහරාමි මද්දකුච්ඡිස්මිං මිගදායේ. තත්‍රාපි ඛෝ තාහං ආනන්ද ආමන්තේසිං: රමණීයං ආනන්ද රාජගහං, රමණීයෝ ගෝතමනිග්‍රෝධෝ ….(පෙ)…. රමණීයෝ චෝරපපාතෝ ….(පෙ)…. රමණීයා වේභාරපස්සේ සත්තපණ්ණිගුහා ….(පෙ)…. රමණීයා ඉසිගිලිපස්සේ කාළසිලා ….(පෙ)…. රමණීයෝ සීතවනේ සප්පසොණ්ඩිකපබ්භාරෝ ….(පෙ)…. රමණීයෝ තපෝදාරාමෝ ….(පෙ)…. රමණීයෝ වේළුවනේ කලන්දකනිවාපෝ ….(පෙ)…. රමණීයං ජීවකම්බවනං ….(පෙ)…. රමණීයෝ මද්දකුච්ඡිස්මිං මිගදායෝ. යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සෝ ආකංඛමානෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා. තථාගතස්ස ඛෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සෝ ආකංඛමානෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසංවා’ති.

ආනන්දයෙනි, මම එක් අවදියක ඒ රජගහ නුවර ම ගෞතම නුගරුක් සෙවණෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම චෝර ප්‍රපාතයෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම වේභාර පර්වත බෑවුමෙහි සප්තපර්ණී ගුහාවෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම ඉසිගිලි පර්වත බෑවුමෙහි කාලසිලා ගල් තලාවෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම සීත වනයෙහි සප්ප සොණ්ඩික කඳු ගුහාවෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම තපෝදාරාමයෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම ලේනුන්ගේ අභයභූමිය වූ වේළුවනයෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම ජීවක අඹ වනයෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම මද්දකුච්ඡි මිගදායෙහි වාසය කළෙමි.

එහිදී ද ආනන්දයෙනි, මම ඔබ ඇමතුවෙමි. ‘රමණීය ය, ආනන්දයෙනි, රාජගෘහ ය. රමණීය ය, ගෞතම නුගරුක. ….(පෙ)…. රමණීය ය, චෝර ප්‍රපාතය. ….(පෙ)…. රමණීය ය, වේභාර පර්වත බෑවුමෙහි සප්තපර්ණී ගුහාව. ….(පෙ)…. රමණීය ය, ඉසිගිලි පර්වත බෑවුමෙහි කාලසිලා ගල්තලාව. ….(පෙ)…. රමණීය ය, සීත වනයෙහි සප්පසොණ්ඩික කඳු ගුහාව ….(පෙ)…. රමණීය ය, තපෝදාරාමය ….(පෙ)…. රමණීය ය, ලෙහෙනුන්ගේ අභයභූමිය වූ වේළුවනය ….(පෙ)…. රමණීය ය, ජීවක අඹවනය. ….(පෙ)…. රමණීය ය, මද්දකුච්ඡි මිගදාය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය’ යනුවෙනි.

ඒවම්පි ඛෝ ආනන්ද තථාගතේන, ඕළාරිකේ නිමිත්තේ කයිරමානේ ….(පෙ)…. නාසක්ඛි පටිවිජ්ක්‍ධිතුං. න තථාගතං යාචි: ‘තිට්ඨතු භන්තේ භගවා කප්පං, තිට්ඨතු සුගතෝ කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සාන’න්ති. සචේ ත්වං ආනන්ද තථාගතං යාචෙය්‍යාසි, ද්වේව තේ වාචා තථාගතෝ පටික්ඛිපෙය්‍ය, අථ තතියකං අධිවාසෙය්‍ය. තස්මාතිහානන්ද තුය්හේවේතං දුක්කටං, තුය්හේවේතං අපරද්ධං.

මෙසේ ත් ඔබ ආනන්දයෙනි, තථාගතයන් විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හී, ගොරෝසු එළි දක්වන කල්හී, තේරුම් ගන්නට අසමර්ථ වූයේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි තථාගතයන්ට ආයාචනා නොකළේ ය. ඉදින් ආනන්දයෙනි, ඔබ තථාගතයන්ට ආයාචනා කළෙහි නම්, දෙවරක් ම ඒ ආයාචනා වචනය තථාගත තෙමේ නොපිළිගන්නේ ය. නමුත් තුන්වන ඇරයුම් වචනය පිළිගන්නේ ය. එසේ හෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි.

77. ඒකමිදාහං ආනන්ද සමයං ඉධේව වේසාලියං විහරාමි උදේනේ චේතියේ. තත්‍රාපි ඛෝ තාහං ආනන්ද ආමන්තේසිං: රමණීයා ආනන්ද වේසාලී, රමණීයං උදේනං චේතියං. යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා ….(පෙ)…. සුසමාරද්ධා, සෝ ආකංඛමානෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා. තථාගතස්ස ඛෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා ….(පෙ)…. සුසමාරද්ධා. සෝ ආකංඛමානෝ ආනන්ද තථාගතෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා’ති. ඒවම්පි ඛෝ ත්වං ආනන්ද තථාගතේන ඕළාරිකේ නිමිත්තේ කයිරමානේ ….(පෙ)…. නාසක්ඛි පටිවිජ්ක්‍ධිතුං. ….(පෙ)…. තස්මාතිහානන්ද තුය්හේවේතං දුක්කටං, තුය්හේවේතං අපරද්ධං.

ආනන්දයෙනි, මම එක් අවදියක මෙහි ම විශාලා මහනුවර උදේන චෛත්‍යයෙහි වාසය කළෙමි. එහිදී ද ආනන්දයෙනි, මම ඔබ ඇමතුවෙමි. ‘රමණීය ය, ආනන්දයෙනි, විසල්පුර. රමණීය ය, උදේන සෑය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, ….(පෙ)…. හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, ….(පෙ)…. හොඳින් පිහිටුවා ගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය’ යනුවෙනි.

මෙසේ ත් ඔබ ආනන්දයෙනි, තථාගතයන් විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හී, ….(පෙ)…. තේරුම් ගන්නට අසමර්ථ වූයේ ය. ….(පෙ)…. එසේ හෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි.

ඒකමිදාහං ආනන්ද සමයං ඉධේව වේසාලියං විහරාමි ගෝතමකේ චේතියේ. ….(පෙ)…. ඉධේව වේසාලියං විහරාමි සත්තම්බේ චේතියේ. ….(පෙ)…. ඉධේව වේසාලියං විහරාමි බහුපුත්තේ චේතියේ. ….(පෙ)…. ඉධේව වේසාලියං විහරාමි සාරන්දදේ චේතියේ ….(පෙ)…. ඉදානේව ඛෝ තාහං ආනන්ද අජ්ජ චාපාලේ චේතියේ ආමන්තේසිං: රමණීයා ආනන්ද වේසාලී, රමණීයං චාපාලං චේතියං. යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සෝ ආකංඛමානෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා. තථාගතස්ස ඛෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සෝ ආකංඛමානෝ ආනන්ද තථාගතෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා’ති. ඒවම්පි ඛෝ ත්වං ආනන්ද තථාගතේන ඕළාරිකේ නිමිත්තේ කයිරමානේ, ඕළාරිකේ ඕභාසේ කයිරමානේ නාසක්ඛි පටිවිජ්ක්‍ධිතුං. න තථාගතං යාචි: ‘තිට්ඨතු භගවා කප්පං, තිට්ඨතු සුගතෝ කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සාන’න්ති. සචේ ත්වං ආනන්ද තථාගතං යාචෙය්‍යාසි, ද්වේව තේ වාචා තථාගතෝ පටික්ඛිපෙය්‍ය, අථ තතියකං අධිවාසෙය්‍ය. තස්මාතිහානන්ද තුය්හේවේතං දුක්කටං, තුය්හේවේතං අපරද්ධං.

ආනන්දයෙනි, මම එක් අවදියක මෙහි ම විසල්පුර ගෝතමක චෛත්‍යයෙහි වාසය කළෙමි. ….(පෙ)…. මේ විසල් පුරයෙහි ම සත්තම්බක සෑයෙහි වාසය කළෙමි. ….(පෙ)…. මේ විසල් පුරයෙහි ම බහුපුත්තක සෑයෙහි වාසය කළෙමි. ….(පෙ)…. මේ විසල් පුරයෙහි ම සාරන්දද සෑයෙහි වාසය කළෙමි. ….(පෙ)…. මේ විසල් පුරයෙහි ම ආනන්දයෙනි, අද චාපාල සෑයෙහි දී දැනුත් මම ඔබ ඇමතුවෙමි. ‘රමණීය ය, ආනන්දයෙනි, විසල්පුර. රමණීය ය, චාපාල සෑය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය’ යනුවෙනි.

මෙසේ ත් ඔබ ආනන්දයෙනි, තථාගතයන් විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හී, ගොරෝසු එළි දක්වන කල්හී, තේරුම් ගන්නට අසමර්ථ වූයේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි තථාගතයන්ට ආයාචනා නොකළේ ය. ඉදින් ආනන්දයෙනි, ඔබ තථාගතයන්ට ආයාචනා කළෙහි නම්, දෙවරක් ම ඒ ආයාචනා වචනය තථාගත තෙමේ නොපිළිගන්නේ ය. නමුත් තුන්වන ඇරයුම් වචනය පිළිගන්නේ ය. එසේ හෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි.

78. නන්වේතං ආනන්ද මයා පටිගච්චේව අක්ඛාතං: සබ්බේහේව පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ අඤ්ඤථාභාවෝ. තං කුතෙත්ථ ආනන්ද ලබ්භා යං තං ජාතං භූතං සංඛතං පලෝකධම්මං. තං වත මා පලු‍ජ්ජීති. නේතං ඨානං විජ්ජති. යං ඛෝ පනේතං ආනන්ද තථාගතේන චත්තං වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං, ඔස්සට්ඨෝ ආයුසංඛාරෝ, ඒකංසේන වාචා තථාගතේන භාසිතා ‘න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති, ඉතෝ තිණ්ණං මාසානං අච්චයේන තථාගතෝ පරිනිබ්බායිස්සතී’ති. තඤ්චෙනං තථාගතෝ ජීවිතහේතු පුන පච්චාවමිස්සතී’ති නේතං ඨානං විජ්ජති.

ආනන්දයෙනි, කලින් ම මා විසින් මෙය නොකියන ලද්දේ ද? ‘ප්‍රිය වූ, මනාප වූ, සියල්ලෙන් ම ඈත් වන්නට සිදුවෙයි. වෙනස් වීම ඇත්තේ ය. අන්‍ය ස්වභාවයකට පත්වන බව ඇත්තේ ය’ යි ආනන්දයෙනි, හටගත්, උපන්, හේතුඵලයෙන් සකස් වූ, බිඳෙන ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද, ඒකාන්තයෙන් ඒ තථාගතයන්ගේ ශරීරය පවා නොනැසේවා යි යන කරුණ කොහෙන් නම් ලබන්නට ද? එය දකින්නට නොලැබෙන දෙයකි.

ආනන්දයෙනි, ‘වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය’ යන ඒකාන්ත වචනය පවසා තථාගතයන් විසින් යම් ආයු සංස්කාරයක් අත්හරින ලද්දේ ය. තථාගතයන් විසින් යමක් අත්හරින ලද්දේ ද, වමාරන ලද්දේ ද, මුදන ලද්දේ ද, ප්‍රහීන කරන ලද්දේ ද, දුරලන ලද්දේ ද, තථාගත තෙමේ ජීවිතය නිසා වත් එම වචනය ආපසු මුව තුළට ගන්නේ ය යන මෙය කිසිදා සිදු නොවන්නකි.

79. ආයාමානන්ද යේන මහාවනං කූටාගාරසාලා තේනුපසංකමිස්සාමා’ති. “ඒවං භන්තේ”ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා ආයස්මතා ආනන්දේන සද්ධිං යේන මහාවනං කූටාගාරසාලා තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ගච්ඡ ත්වං ආනන්ද, යාවතිකා භික්ඛූ වේසාලිං උපනිස්සාය විහරන්ති, තේ සබ්බේ උපට්ඨානසාලායං සන්නිපාතේහී”ති. “ඒවං භන්තේ”ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වා, යාවතිකා භික්ඛූ වේසාලිං උපනිස්සාය විහරන්ති, තේ සබ්බේ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “සන්නිපතිතෝ භන්තේ භික්ඛුසංඝෝ, යස්ස’දානි භන්තේ භගවා කාලං මඤ්ඤතී”ති.

එන්න, ආනන්දයෙනි, මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් සමඟ මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනක ද, එහි වැඩම කළ සේක. වැඩම කොට ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“යන්න ඔබ ආනන්දයෙනි, යම් තාක් භික්ෂූහු විශාලා මහනුවර ඇසුරු කොට වාසය කරත් ද, ඒ සියළු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස් කරවන්න.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී විසල්පුර ඇසුරු කොට යම්තාක් භික්ෂූහු සිටියාහු ද, ඒ හැම උපස්ථාන ශාලාවට රැස් කරවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණි සේක. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්හ. එකත්පස් ව සිටගත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භික්ෂු සංඝයා රැස් කරන ලද්දේ ය. ස්වාමීනී, දැන් යමකට කාලය නම් එය භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.”

[ බ්‍රහ්මචරියචිරට්ඨිතික-ධම්මදේසනා ]

80. අථ ඛෝ භගවා යේන උපට්ඨානසාලා තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “තස්මාතිහ භික්ඛවේ යේ තේ මයා ධම්මා අභිඤ්ඤා දේසිතා, තේ වෝ සාධුකං උග්ගහෙත්වා ආසේවිතබ්බා භාවේතබ්බා බහුලීකාතබ්බා යථයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. කතමේ ච තේ භික්ඛවේ ධම්මා මයා අභිඤ්ඤා දේසිතා, යේ වෝ සාධුකං උග්ගහෙත්වා ආසේවිතබ්බා භාවේතබ්බා බහුලීකාතබ්බා යථයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. සෙය්‍යථීදං: චත්තාරෝ සතිපට්ඨානා, චත්තාරෝ සම්මප්පධානා, චත්තාරෝ ඉද්ධිපාදා, පඤ්චින්ද්‍රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣංගා, අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ඉමේ ඛෝ භික්ඛවේ ධම්මා මයා අභිඤ්ඤා දේසිතා. තේ වෝ සාධුකං උග්ගහෙත්වා ආසේවිතබ්බා භාවේතබ්බා බහුලීකාතබ්බා යථයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානන්ති”.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“එහෙයින් මහණෙනි, මා විසින් විශිෂ්ට ඥානයෙන් යුතුව දෙසන ලද යම් ඒ ධර්මයෝ වෙත් ද, ඔබ විසින් ඒ ධර්මයන් මනාකොට ඉගෙන ගෙන සේවනය කළ යුත්තේ ය. භාවිත කළ යුත්තේ ය. බහුල ව ප්‍රගුණ කළ යුත්තේ ය. යම් හෙයකින් මේ සසුන් මග බඹසර චිරාත් කාලයක් නොසිඳ පවත්වනු පිණිස ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිත සැප පිණිස පවතින්නේ ය.

මහණෙනි, යම් ධර්මයක් ඔබ විසින් මනාකොට ඉගෙන සේවනය කළ යුතු නම්, භාවිත කළ යුතු නම්, බහුල ව ප්‍රගුණ කළ යුතු නම්, යම් හෙයකින් මේ සසුන් මග බඹසර චිරාත් කාලයක් නොසිඳ පවත්වනු පිණිස පවතියි නම්, එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිත සැප පිණිස පවතියි නම්, මා විසින් විශිෂ්ට ඥානයෙන් යුතුව දේශනා කරන ලද ඒ ධර්මයෝ මොනවා ද?

එනම්, සතර සතිපට්ඨානයෝ ය. සතර සම්‍යක්ප්‍රධානයෝ ය. සතර ඉර්ධිපාදයෝ ය. පංච ඉන්ද්‍රියයෝ ය. පංච බලයෝ ය. සප්ත බොජ්ඣංගයෝ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ය.

මහණෙනි, මේ ධර්මයෝ වනාහී මා විසින් විශිෂ්ට ඥානයෙන් යුතුව දෙසන ලද්දාහු ය. ඔබ විසින් ඒ ධර්මයන් මනාකොට ඉගෙන ගෙන සේවනය කළ යුත්තේ ය. භාවිත කළ යුත්තේ ය. බහුල ව ප්‍රගුණ කළ යුත්තේ ය. යම් හෙයකින් මේ සසුන් මග බඹසර චිරාත් කාලයක් නොසිඳ පවත්වනු පිණිස ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිත සැප පිණිස පවතින්නේ ය.”

81. අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “හන්ද’දානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ. නචිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතෝ තිණ්ණං මාසානං අච්චයේන තථාගතෝ පරිනිබ්බායිස්සතී”ති. ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“එසේ නම් මහණෙනි, දැන් ඔබ අමතමි. හේතු ඵල දහමින් සකස් වූ සංස්කාරයෝ නැසෙන සුළු වෙති. අප්‍රමාදී ව දහමෙහි හැසිරෙව්. වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි අන්‍ය වූ මෙය ද වදාළ සේක.

පරිපක්කෝ වයෝ මය්හං පරිත්තං මම ජීවිතං
පහාය වෝ ගමිස්සාමි කතම්මේ සරණමත්තනෝ.

මාගේ වයස මුහුකුරා ගියේ ය. මාගේ ජීවිතය තව ස්වල්පයක් ඇත්තේ ය. ඔබ අතහැර දමා යන්නෙමි. මා විසින් තමා හට සරණ ඇති කරගන්නා ලද්දේ ය.

අප්පමත්තා සතීමන්තෝ සුසීලා හෝථ භික්ඛවෝ,
සුසමාහිතසංකප්පා සචිත්තමනුරක්ඛථ.

මහණෙනි, නොපමාව මනා සිහි ඇති ව, සුසිල්වත් වව්. මැනැවින් එකඟ කරගත් කල්පනා ඇතිව, තම සිත හොඳින් සුරකිව්.

යෝ ඉමස්මිං ධම්මවිනයේ අප්පමත්තෝ විහස්සති,
පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතී’ති.

යමෙක් මේ බුද්ධ ශාසනයෙහි අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙන්නට වෙර වඩන්නේ නම් ඉපදෙන – මැරෙන සසර අත්හැර දුක් නිමාවකට පත් කරන්නේ ය.”

තතියභාණවාරෝ.

[ චත්තාරෝ අරියධම්මා ]

82. අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වේසාලිං පිණ්ඩාය පාවිසි. වේසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ නාගාපලෝකිතං වේසාලිං අපලෝකෙත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ඉදං පච්ඡිමකං ආනන්ද තථාගතස්ස වේසාලියා දස්සනං භවිස්සති. ආයාමානන්ද යේන භණ්ඩගාමෝ තේනුපසංකමිස්සාමා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන භණ්ඩගාමෝ තදවසරි. තත්‍ර සුදං භගවා භණ්ඩගාමේ විහරති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන විශාලා මහනුවරට පිඬු පිණිස වැඩි සේක. විශාලා මහනුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු සේක්, හස්තිරාජයෙක් මුළු සිරුරම හරවා ඍජු කොට ආපසු බලන සේ නාගාපලෝකනයෙන් විශාලා මහනුවර දෙස ආපසු හැරී බලා ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“ආනන්දයෙනි, තථාගතයන්ගේ විශාලා මහනුවර දෙස බලන අවසන් දැකීම මෙය වන්නේ ය. එන්න ආනන්දයෙනි, භණ්ඩගම යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමඟ භණ්ඩගම යම් තැනක ද එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගමෙහි වැඩවසන සේක.

තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “චතුන්නං භික්ඛවේ ධම්මානං අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච. කතමේසං චතුන්නං? අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච. අරියස්ස භික්ඛවේ සමාධිස්ස අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමංඤ්චේව තුම්හාකඤ්ච. අරියාය භික්ඛවේ පඤ්ඤාය ….(පෙ)…. අරියාය භික්ඛවේ විමුත්තියා ….(පෙ)….

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, සතර ධර්මයක් අවබෝධ නොකිරීමෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීමෙන් මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි මා හට ත්, ඔබ හට ත් සසරෙහි ඇවිදයන්නට සිදුවූයේ ය. සැරිසරන්නට සිදුවූයේ ය. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, ආර්ය වූ සීලය අවබෝධ නොකිරීමෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීමෙන් මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි මා හට ත්, ඔබ හට ත් සසරෙහි ඇවිදයන්නට සිදුවූයේ ය. සැරිසරන්නට සිදුවූයේ ය.

මහණෙනි, ආර්ය වූ සමාධිය අවබෝධ නොකිරීමෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීමෙන් මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි මා හට ත්, ඔබ හට ත් සසරෙහි ඇවිදයන්නට සිදුවූයේ ය. සැරිසරන්නට සිදුවූයේ ය.

මහණෙනි, ආර්ය වූ ප්‍රඥාව ….(පෙ)…. මහණෙනි, ආර්ය වූ විමුක්තිය ….(පෙ)….

තයිදං භික්ඛවේ අරියං සීලං අනුබුද්ධං පටිවිද්ධං. අරියෝ සමාධි අනුබුද්ධෝ පටිවිද්ධෝ. අරියා පඤ්ඤා අනුබුද්ධා පටිවිද්ධා. අරියා විමුත්ති අනුබුද්ධා පටිවිද්ධා. උච්ඡින්නා භවතණ්හා ඛීණා භවනෙත්ති. නත්ථිදානි පුනබ්භවෝ’ති. ඉදමවෝච භගවා ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා:

මහණෙනි, ඒ මේ ආර්ය සීලය අවබෝධ කරන ලදී. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. ආර්ය වූ සමාධිය අවබෝධ කරන ලදී. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. ආර්ය වූ ප්‍රඥාව අවබෝධ කරන ලදී. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. ආර්ය වූ විමුක්තිය අවබෝධ කරන ලදී. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. භව තෘෂ්ණාව මුලින්ම සිඳින ලදී. භව රැහැන් ක්ෂය කරන ලදී. දැන් නැවත භවයක් නැත්තේය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි අන්‍ය වූ මෙය ද වදාළ සේක.

“සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා
අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා,

සීලය, සමාධිය හා ප්‍රඥාව ත් අනුත්තර වූ විමුක්තියත් යන මේ ධර්මයෝ විසිර ගිය යස ඝෝෂා ඇති ගෞතමයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දාහු ය.

ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛුනං
දුක්ඛස්සන්තකරෝ සත්ථා චක්ඛුමා පරිනිබ්බුතෝ”ති.

මෙසේ බුදුරජාණන් වහන්සේ විශිෂ්ට නුවණින් අවබෝධ කොට භික්ෂූන් හට ධර්මය වදාළ සේක. සසර දුක් කෙළවර කළ, සදහම් ඇස් ඇති ශාස්තෘන් වහන්සේ පිරිනිවී ගියාහු ය.”

තත්‍රාපි සුදං භගවා භණ්ඩගාමේ විහරන්තෝ ඒතදේව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරෝති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතෝ සමාධි මහප්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හෝති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්චති. සෙය්‍යථීදං කාමාසවා භවාසවා අවිජ්ජාසවා’ති.

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගමෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

[ චත්තාරෝ මහාපදේසා ]

83. අථ ඛෝ භගවා භණ්ඩගාමේ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ආයාමානන්ද යේන හත්ථිගාමෝ, යේන අම්බගාමෝ, යේන ජම්බුගාමෝ, යේන භෝගනගරං තේනුපසංකමිස්සාමා”ති. “ඒවම්භන්තේ”ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන භෝගනගරං තදවසරි. තත්‍රසුදං භගවා භෝගනගරේ විහරති ආනන්දේ චේතියේ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් භණ්ඩගමෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, හත්ථිගම යම් තැනක ද, අම්බගම යම් තැනක ද, ජම්බුගම යම් තැනක ද, භෝග නගරය යම් තැනක ද එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ භෝග නගරය යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි ආනන්ද චෛත්‍යයෙහි වැඩවසන සේක.

තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “චත්තාරෝ මේ භික්ඛවේ මහාපදේසේ දේසිස්සාමි. තං සුණාථ සාධුකං මනසිකරෝථ, භාසිස්සාමී”ති. “ඒවම්භන්තේ”ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේ ඇමතූ සේක.

“මහණෙනි, මේ සතරක් වූ මහාපදේශයන් දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

(1). ඉධ භික්ඛවේ භික්ඛු ඒවං වදෙය්‍ය: “සම්මුඛා මේතං ආවුසෝ භගවතෝ සුතං, සම්මුඛා පටිග්ගහිතං, අයං ධම්මෝ අයං විනයෝ ඉදං සත්ථුසාසනන්ති”. තස්ස භික්ඛවේ භික්ඛුනෝ භාසිතං නේව අභිනන්දිතබ්බං නප්පටික්කෝසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කෝසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තේ ඕතාරේතබ්බානි විනයේ සන්දස්සේතබ්බානි. තානි චේ සුත්තේ ඕතාරියමානානි විනයේ සන්දස්සියමානානි න චේව සුත්තේ ඕතරන්ති න ච විනයේ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං න චේව තස්ස භගවතෝ වචනං. ඉමස්ස ච භික්ඛුනෝ දුග්ගහිත’න්ති. ඉති හේතං භික්ඛවේ ඡඩ්ඩෙය්‍යාථ. තානි චේ සුත්තේ ඕතාරියමානානි විනයේ සන්දස්සියමානානි සුත්තේ චේව ඕතරන්ති විනයේ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතෝ වචනං. ඉමස්ස ච භික්ඛුනෝ සුග්ගහිත’න්ති. ඉමං භික්ඛවේ පඨමං මහාපදේසං ධාරෙය්‍යාථ.

මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘ආයුෂ්මත්නි, මෙකරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කියමන සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් ඒ භික්ෂුව ධර්ම විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවෙයි. මේ භික්ෂුව විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් ඒ භික්ෂුව ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහිලා බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී, සූත්‍රයෙහි බැස ගනියි නම්, විනයෙහි සැසඳෙයි නම් එහිලා නිෂ්ඨාවකට පැමිණිය යුත්තේය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. මේ භික්ෂුව විසින් මැනැවින් ගන්නා ලද්දකි’ යි. මහණෙනි, මෙම පළමු මහාපදේශය මතකයෙහි රඳවා ගනිව්.

(2). ඉධ පන භික්ඛවේ භික්ඛු ඒවං වදෙය්‍ය: අමුකස්මිං නාම ආවාසේ සංඝෝ විහරති සථේරෝ සපාමොක්ඛෝ. තස්ස මේ සංඝස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං ‘අයං ධම්මෝ අයං විනයෝ ඉදං සත්ථුසාසන’න්ති තස්ස භික්ඛවේ භික්ඛුනෝ භාසිතං නේව අභිනන්දිතබ්බං නප්පටික්කෝසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කෝසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තේ ඕතාරේතබ්බානි විනයේ සන්දස්සේතබ්බානි. තානි චේ සුත්තේ ඕතාරියමානානි විනයේ සන්දස්සියමානානි න චේව සුත්තේ ඕතරන්ති න ච විනයේ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං න චේව තස්ස භගවතෝ වචනං, තස්ස ච සංඝස්ස දුග්ගහිත’න්ති. ඉති හේතං භික්ඛවේ ඡඩ්ඩෙය්‍යාථ. තානි චේ සුත්තේ ඕතාරියමානානි විනයේ සන්දස්සියමානානි සුත්තේ චේව ඕතරන්ති විනයේ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතෝ වචනං, තස්ස ච සංඝස්ස සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවේ දුතියං මහාපදේසං ධාරෙය්‍යාථ.

මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘අසවල් ආවාසයෙහි ස්ථවිරයන් වහන්සේලා සහිත ප්‍රමුඛයන් වහන්සේලා සහිත සංඝයා වහන්සේ වැඩවෙසෙති. මෙකරුණ මා විසින් ඒ සංඝයා හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් ඒ සංඝයා ධර්ම විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවෙයි. ඒ සංඝයා විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි බැස ගනියි නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. ඒ සංඝයා විසින් මැනැවින් ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙම දෙවෙනි මහාපදේශය දරාගනිව්.

(3). ඉධ පන භික්ඛවේ භික්ඛු ඒවං වදෙය්‍ය: අමුකස්මිං නාම ආවාසේ සම්බහුලා ථේරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තේසං මේ ථේරානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං: ‘අයං ධම්මෝ අයං විනයෝ ඉදං සත්ථුසාසන’න්ති. තස්ස භික්ඛවේ භික්ඛුනෝ භාසිතං නේව අභිනන්දිතබ්බං නප්පටික්කෝසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කෝසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තේ ඕතාරේතබ්බානි විනයේ සන්දස්සේතබ්බානි. තානි චේ සුත්තේ ඕතාරියමානානි විනයේ සන්දස්සියමානානි න චේව සුත්තේ ඕතරන්ති න ච විනයේ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං න චේව තස්ස භගවතෝ වචනං, තේසඤ්ච ථේරානං දුග්ගහිත’න්ති. ඉති හේතං භික්ඛවේ ඡඩ්ඩෙය්‍යාථ. තානි චේ සුත්තේ ඕතාරියමානානි විනයේ සන්දස්සියමානානි සුත්තේ චෙව ඕතරන්ති විනයේ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතෝ වචනං, තේසඤ්ච ථේරානං සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවේ තතියං මහාපදේසං ධාරෙය්‍යාථ.

මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ උගත් සූත්‍රාන්තයන් ඇති ධර්මධර විනයධර මාතෘකාධර බොහෝ ස්ථවිර භික්ෂූහු වැඩවෙසෙති. මෙකරුණ මා විසින් ඒ තෙරුන් වහන්සේලා හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් ධර්ම විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවෙයි. ඒ ස්ථවිර භික්ෂූන් විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි බැසගනියි නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. ඒ ස්ථවිර භික්ෂූන් විසින් මැනැවින් ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙම තෙවෙනි මහාපදේශය දරාගනිව්.

(4). ඉධ පන භික්ඛවේ භික්ඛු ඒවං වදෙය්‍ය: අමුකස්මිං නාම ආවාසේ ඒකෝ ථේරෝ භික්ඛු විහරති බහුස්සුතෝ ආගතාගමෝ ධම්මධරෝ විනයධරෝ මාතිකාධරෝ. තස්ස මේ ථේරස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං: ‘අයං ධම්මෝ අයං විනයෝ ඉදං සත්ථුසාසන’න්ති. තස්ස භික්ඛවේ භික්ඛුනෝ භාසිතං නේව අභිනන්දිතබ්බං නප්පටික්කෝසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කෝසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තේ ඕතාරේතබ්බානි විනයේ සන්දස්සේතබ්බානි. තානි චේ සුත්තේ ඕතාරියමානානි විනයේ සන්දස්සියමානානි න චේව සුත්තේ ඕතරන්ති න ච විනයේ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං න චේව තස්ස භගවතෝ වචනං, තස්ස ච ථේරස්ස දුග්ගහිත’න්ති. ඉති හේතං භික්ඛවේ ඡඩ්ඩෙය්‍යාථ. තානි ච සුත්තේ ඕතාරියමානානි විනයේ සන්දස්සියමානානි සුත්තේ චේව ඕතරන්ති විනයේ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතෝ වචනං, තස්ස ච ථේරස්ස සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවේ චතුත්ථං මහාපදේසං ධාරෙය්‍යාථ.

මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ උගත් සූත්‍රාන්තයන් ඇති ධර්මධර විනයධර මාතෘකාධර එක් ස්ථවිරයන් වහන්සේ නමක් වැඩවෙසෙති. මෙකරුණ මා විසින් ඒ තෙරුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කියමන සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් ඒ ස්ථවිර භික්ෂුව ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවෙයි. ඒ ස්ථවිර භික්ෂුව විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි බැස ගනියි නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. ඒ ස්ථවිර භික්ෂුව විසින් මැනැවින් ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙම සිව්වෙනි මහාපදේශය දරාගනිව්.

ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ මහාපදේසේ ධාරෙය්‍යාථා’ති.

මහණෙනි, මේ සතරක් වූ මහාපදේශයන් මතකයෙහි රඳවා ගනිව්.

තත්‍රපි සුදං භගවා භෝගනගරේ විහරන්තෝ ආනන්දේ චේතියේ ඒතදේව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරෝති: ‘ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතෝ සමාධි මහප්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හෝති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්චති. සෙය්‍යථීදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා’ති.

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි ආනන්ද චෛත්‍යස්ථානයෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

[ චුන්ද-කම්මාරපුත්තකථා ]

84. අථ ඛෝ භගවා භෝගනගරේ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ආයාමානන්ද යේන පාවා, තේනුපසංකමිස්සාමා”ති. “ඒවම්භන්තේ”ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන පාවා තදවසරි. තත්‍ර සුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනේ. අස්සෝසි ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ ‘භගවා කිර පාවං අනුප්පත්තෝ පාවායං විහරති මය්හං අම්බවනේ’ති. අථ ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි. අථ ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ භගවතා ධම්මියා කථාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහංසිතෝ භගවන්තං ඒතදවෝච: ‘අධිවාසේතු මේ භන්තේ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන. අථ ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් භෝග නගරයෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, පාවා නුවර යම් තැනක ද එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ පාවා නුවර යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ පාවා නගරයෙහි රන්කරුපුත්‍ර චුන්දයන්ගේ අඹවනයෙහි වැඩවසන සේක.

රන්කරුපුත්‍ර චුන්ද තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ පාවා නුවරට වැඩම කොට පාවා නුවර මාගේ අඹවනයෙහි වැඩවසන සේක්ලු’ යි ඇසුවේ ය. ඉක්බිති රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එහි පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් රන්කරුපුත්‍ර චුන්දයන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. උනන්දු කරවූ සේක. සතුටු කරවූ සේක.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සතුටු කරවන ලද රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, භික්ෂු සංඝයා සමඟ භාග්‍යවතුන් වහන්සේ මාගේ දානය හෙට දිනය උදෙසා පිළිගන්නා සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩ සිටීමෙන් එම ඇරයුම පිළිගත් සේක. ඉක්බිති රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේ තම ඇරයුම පිළිගත් බව දැන, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියේ ය.

අථ ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ තස්සා රත්තියා අච්චයේන සකේ නිවේසනේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා පහූතඤ්ච සූකරමද්දවං, භගවතෝ කාලං ආරෝචාපේසි: කාලෝ භන්තේ, නිට්ඨිතං භත්තන්ති. අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසංඝේන යේන චුන්දස්ස කම්මාරපුත්තස්ස නිවේසනං තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තේසි: ‘යන්තේ චුන්ද සූකරමද්දවං පටියත්තං, තේන මං පරිවිස. යං පනඤ්ඤං ඛාදනීයං භෝජනීයං පටියත්තං, තේන භික්ඛුසංඝං පරිවිසා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ භගවතෝ පටිස්සුත්වා යං අහෝසි සූකරමද්දවං පටියත්තං, තේන භගවන්තං පරිවිසි. යං පනඤ්ඤං ඛාදනීයං භෝජනීයං පටියත්තං, තේන භික්ඛුසංඝං පරිවිසි.

ඉක්බිති රන්කරුපුත්‍ර චුන්ද තෙමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ස්වකීය නිවසෙහි ප්‍රණීත අයුරින් ඛාද්‍ය භෝජ්‍යය පිළියෙල කොට බොහෝ වූ ත් සූකරමද්දව පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්නේ ය.

“ස්වාමීනී, කාලය යි. දානය පිළියෙල කොට නිමවන ලද්දේ ය.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ රන්කරුපුත්‍ර චුන්දයන්ගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ රන්කරුපුත්‍ර චුන්දයන් ඇමතූ සේක.

“චුන්දයෙනි, ඔබ විසින් පිළියෙල කරන ලද යම් සූකර මද්දවයක් ඇද්ද, එයින් මා හට දානෝපස්ථාන කරව. යම් අන්‍ය වූ ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කොට ඇද්ද, එයින් භික්ෂු සංඝයා හට දානෝපස්ථාන කරව.”

“එසේ ය, ස්වාමීනී” යි රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිළියෙල කරන ලද යම් සූකර මද්දවයක් ඇද්ද, එයින් භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. අන්‍ය වූ යම් ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කොට ඇද්ද, එයින් භික්ෂු සංඝයා වැළඳවීය.

අථ ඛෝ භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තේසි: යන්තේ චුන්ද සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භේ නිඛණාහි. නාහං තං චුන්ද පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ, සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය යස්ස තං පරිභුත්තං සම්මා පරිණාමං ගච්ඡෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතස්සා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ චුන්දෝ කම්මාරපුත්තෝ භගවතෝ පටිස්සුත්වා, යං අහෝසි සූකරමද්දවං අවසිට්ඨං තං සොබ්භේ නිඛණිත්වා, යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රන්කරුපුත් චුන්දයන් ඇමතූ සේක.

“චුන්දයෙනි, ඉතිරි වූ යම් සූකරමද්දවයක් ඇද්ද, එය වළකට දමව. චුන්දයෙනි, තථාගතයන් හැර එය වැළඳූ යමෙකුන්ට මනාකොට දිරවා යයි නම්, එබඳු වූ කෙනෙකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මම නොදකිමි.”

“එසේ ය, ස්වාමීනී” යි රන්කරුපුත් චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඉතිරි වූ යම් සූකර මද්දවයක් ඇද්ද, එය වළකට දමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස් ව හිඳගත් රන්කරුපුත් චුන්දයන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා, හුනස්නෙන් නැගිට නික්ම වැඩි සේක.

[ ලොහිතපක්ඛන්දිකා ආබාධෝ ]

85. අථ ඛෝ භගවතෝ චුන්දස්ස කම්මාරපුත්තස්ස භත්තං භුත්තාවිස්ස ඛරෝ ආබාධෝ උප්පජ්ජි ලෝහිතපක්ඛන්දිකා. පබාළ්හා වේදනා වත්තන්ති මාරණන්තිකා. තා සුදං භගවා සතෝ සම්පජානෝ අධිවාසේසි අවිහඤ්ඤමානෝ.

ඉක්බිති රන්කරුපුත් චුන්දයන්ගේ දානය වැළඳූ භාග්‍යවතුන් වහන්සේ හට දරුණු ලෙස ලෝහිත පක්ඛන්දිකා නම් වූ ලේ අතීසාර රෝගය උපන්නේ ය. මාරාන්තික වූ දැඩි වේදනාවෝ පැවැත්තාහ. භාග්‍යවතුන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව සිතින් පීඩාවකට පත් නොවෙමින් එය ඉවසන සේක.

අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ආයාමානන්ද යේන කුසිනාරා තේනුපසංකමිස්සාමා”ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න, ආනන්දයෙනි, කුසිනාරාව යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

“චුන්දස්ස භත්තං භුඤ්ජිත්වා කම්මාරස්සාති මේ සුතං,
ආබාධං සම්ඵුසී ධීරෝ පබාළ්හං මාරණන්තිකං.

රන්කරුපුත් චුන්දයන්ගේ දානය වැළඳූ, නුවණින් ධෛර්යමත් වූ අප භාග්‍යවතුන් වහන්සේ මාරාන්තික වූ දරුණු රෝගාබාධයක් ස්පර්ශ කළ සේක යි මා විසින් අසන ලද්දේ ය.

භුත්තස්ස ච සූකරමද්දවේන
බ්‍යාධිප්පබාළ්හේ උදපාදි සත්ථුනෝ.
විරිඤ්චමානෝ භගවා අවෝච
ගච්ඡාමහං කුසිනාරං නගරන්ති.”

සූකර මද්දවයෙන් යුතු දානය වැළඳූ අප ශාස්තෘන් වහන්සේ හට ඉතා දරුණු රෝගාබාධයක් උපන්නේ ය. ලේ අතීසාරයෙන් විරේක වෙමින් සිටි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ‘මම කුසිනාරා නුවරට යමි’ යි.”

[ ආනන්දේන පානීයාහරණං ]

86. අථ ඛෝ භගවා මග්ගා ඔක්කම්ම යේනඤ්ඤතරං රුක්ඛමූලං තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ඉංඝ මේ ත්වං ආනන්ද චතුග්ගුණං සංඝාටිං පඤ්ඤපේහි. කිලන්තෝ’ස්මි ආනන්ද, නිසීදිස්සාමී”ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වා චතුග්ගුණං සංඝාටිං පඤ්ඤපේසි. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. නිසජ්ජ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ඉංඝ මේ ත්වං ආනන්ද පානීයං ආහර, පිපාසිතෝ’ම්හි ආනන්ද පිවිස්සාමී”ති. ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “ඉදානි භන්තේ පඤ්චමත්තානි සකටසතානි අතික්කන්තානි. තං චක්කච්ඡින්නං උදකං පරිත්තං ලු‍ළිතං ආවිලං සන්දති. අයං භන්තේ කකුත්ථා නදී අවිදූරේ අච්ඡෝදකා සාතෝදකා සීතෝදකා සේතකා සුපතිත්ථා රමණීයා. එත්ථ භගවා පානීයඤ්ච පිවිස්සති, ගත්තානි ච සීතීකරිස්සතීති.” දුතියම්පි ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ‘ඉංඝ මේ ත්වං ආනන්ද පානීයං ආහර, පිපාසිතෝ’ස්මි ආනන්ද පිවිස්සාමී’ති. දුතියම්පි ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “ඉදානි භන්තේ පඤ්චමත්තානි සකටසතානි අතික්කන්තානි. තං චක්කච්ඡින්නං උදකං පරිත්තං ලු‍ළිතං ආවිලං සන්දති. අයං භන්තේ කකුත්ථා නදී අවිදූරේ අච්ඡෝදකා සාතෝදකා සීතෝදකා සේතකා සුපතිත්ථා රමණීයා. එත්ථ භගවා පානීයඤ්ච පිවිස්සති, ගත්තානි ච සීතීකරිස්සතී”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වඩිමින් සිටි මාර්ගයෙන් ඉවත් වී එක්තරා රුක් සෙවණක් යම් තැනක තිබුණේ ද, එතැනට වැඩි සේක. වැඩම කොට ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එසේ නම් ආනන්දයෙනි, ඔබ මාගේ සඟල සිවුර සතරට නවා ඇතිරිල්ලක් සේ පණවව්. ආනන්දයෙනි, ක්ලාන්ත ඇත්තෙමි. හිඳගන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේගේ දෙපට සිවුර සතරට නවා අසුනක් පැණවූහ. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එසේ නම් ඔබ ආනන්දයෙනි, මා හට පැන් ගෙන එන්න. පිපාස ඇත්තෙමි ආනන්දයෙනි. පැන් වළඳන්නෙමි.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, දැන් එතැනින් ගැල් පන්සියයක් පමණ නික්ම ගියාහු ය. ගැල් රෝදයෙන් ඒ ස්වල්ප ජලයෙහි පහන් බව සිඳුණේ ය. කැළඹී, බොර වී ගලයි. ස්වාමීනී, මේ කකුත්ථා නදිය වැඩි දුරක නැත්තේ ය. එහි පහන් දිය ඇත්තේ ය. මිහිරි දිය ඇත්තේ ය. සිහිල් දිය ඇත්තේ ය. මඩ නැත්තේ ය. මනා තොට ඇත්තේ ය. රමණීය ය. එහිදී භාග්‍යවතුන් වහන්සේට පැන් ද වළඳනු හැකි වන සේක. ඇඟපත ද සිහිල් කරගත හැකි වන සේක.

භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වතාවට ත් ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එසේ නම් ඔබ ආනන්දයෙනි, මා හට පැන් ගෙන එන්න. පිපාස ඇත්තෙමි ආනන්දයෙනි. පැන් වළඳන්නෙමි.”

දෙවෙනි වතාවට ත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, දැන් එතැනින් ගැල් පන්සියයක් පමණ නික්ම ගියාහු ය. ගැල් රෝදයෙන් ඒ ස්වල්ප ජලයෙහි පහන් බව සිඳුණේ ය. කැළඹී, බොර වී ගලයි. ස්වාමීනී, මේ කකුත්ථා නදිය වැඩි දුරක නැත්තේ ය. එහි පහන් දිය ඇත්තේ ය. මිහිරි දිය ඇත්තේ ය. සිහිල් දිය ඇත්තේ ය. මඩ නැත්තේ ය. මනා තොට ඇත්තේ ය. රමණීය ය. එහිදී භාග්‍යවතුන් වහන්සේට පැන් ද වළඳනු හැකි වන සේක. ඇඟපත ද සිහිල් කරගත හැකි වන සේක.

තතියම්පි ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ‘ඉංඝ මේ ත්වං ආනන්ද පානීයං ආහර, පිපාසිතෝ’ස්මි ආනන්ද පිවිස්සාමී’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වා පත්තං ගහෙත්වා යේන සා නදිකා තේනුපසංකමි.

භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි වතාවට ත් ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එසේ නම් ඔබ ආනන්දයෙනි, මා හට පැන් ගෙන එන්න. පිපාස ඇත්තෙමි ආනන්දයෙනි. පැන් වළඳන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පාත්‍රය ගෙන කුඩා දිය පහරින් යුතු ඒ නදිය යම් තැනක ද, එතැනට එළඹුනහ.

අථ ඛෝ සා නදිකා චක්කච්ඡින්නා පරිත්තා ලු‍ළිතා ආවිලා සන්දමානා ආයස්මන්තේ ආනන්දේ උපසංකමන්තේ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දිත්ථ. අථ ඛෝ ආයස්මතේ, ආනන්දස්ස ඒතදහෝසි: ‘අච්ඡරියං වත භෝ, අබ්භුතං වත භෝ, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයං හි සා නදිකා චක්කච්ඡින්නා පරිත්තා ලු‍ළිතා ආවිලා සන්දමානා මයි උපසංකමන්තේ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දතී’ති. පත්තේන පානීයං ආදාය යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං ඒතදවෝච: “අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. ඉදානි සා භන්තේ නදිකා චක්කච්ඡින්නා පරිත්තා ලු‍ළිතා ආවිලා සන්දමානා මයි උපසංකමන්තේ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දිත්ථ. පිවතු භගවා පානීයං, පිවතු සුගතෝ පානීයන්ති.” අථ ඛෝ භගවා පානීයං අපාසි.

ඉක්බිති ගැල් රෝදයෙන් පහන් බව සිඳී ගිය, කැළඹී ගිය, බොර වී ගිය, ස්වල්ප ජලය ගලමින් තිබූ ඒ නදිය වෙත ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ළං වෙන කල්හී පහන් වූ ජලය ඇති ව, ඉතා පහන් ව, නොකැළඹී ගලා ගියා ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.

‘භවත්නි, තථාගතයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහානුභාව සම්පන්න බව ඒකාන්තයෙන්ම ආශ්චර්යයකි! භවත්නි, ඒකාන්තයෙන් ම අද්භූතයකි! මේ ඒ කුඩා නදී තොමෝ ගැල් රෝදයෙන් පහන් බව සිඳී ගොස් කැළඹී, බොර වී ස්වල්ප ජලයෙන් යුතුව ගලා යන්නී, මා නදිය වෙත පැමිණෙන කල්හී පහන් ව, ඉතා පහන් ව, නොකැළඹී ගලන්නී ය.’

පාත්‍රයෙන් පැන් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහානුභාව සම්පන්න බව ආශ්චර්යයි! ස්වාමීනී. ඒකාන්තයෙන් ම අද්භූතයි! ස්වාමීනී, දැන් ඒ කුඩා නදී තොමෝ ගැල් රෝදයෙන් පහන් බව සිඳී ගොස් කැළඹී, බොර වී ස්වල්ප ජලයෙන් යුතුව ගලා යන්නී, මා නදිය වෙත පැමිණෙන කල්හී පහන් ව, ඉතා පහන් ව, නොකැළඹී ගලා ගියා ය. භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක්වා! සුගතයන් වහන්සේ පැන් වළඳන සේක්වා!”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳූ සේක.

[ පුක්කුසමල්ලපුත්තකථා ]

87. තේන ඛෝ පන සමයේන පුක්කුසෝ මල්ලපුත්තෝ ආළාරස්ස කාලාමස්ස සාවකෝ කුසිනාරාය පාවං අද්ධානමග්ගපටිපන්නෝ හෝති. අද්දසා ඛෝ පුක්කුසෝ මල්ලපුත්තෝ භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ නිසින්නං. දිස්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ පුක්කුසෝ මල්ලපුත්තෝ භගවන්තං ඒතදවෝච: “අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ, සන්තේන වත භන්තේ පබ්බජිතා විහාරේන විහරන්ති. භූතපුබ්බං භන්තේ, ආළාරෝ කාලාමෝ අද්ධානමග්ගපටිපන්නෝ මග්ගා ඔක්කම්ම අවිදූරේ අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ දිවාවිහාරං නිසීදි. අථ ඛෝ භන්තේ පඤ්චමත්තානි සකටසතානි ආළාරං කාලාමං නිස්සාය නිස්සාය අතික්කමිංසු. අථ ඛෝ භන්තේ අඤ්ඤතරෝ පුරිසෝ තස්ස සකටසත්ථස්ස පිට්ඨිතෝ පිට්ඨිතෝ ආගච්ඡන්තෝ යේන ආළාරෝ කාලාමෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආළාරං කාලාමං ඒතදවෝච: “අපි භන්තේ පඤ්චමත්තානි සකටසතානි අතික්කමන්තානි අද්දසා?’ති. ‘න ඛෝ අහං ආවුසෝ අද්දසන්ති.’ ‘කිම්පන භන්තේ සද්දං අස්සෝසී?’ති. ‘න ඛෝ අහං ආවුසෝ සද්දං අස්සෝසි’න්ති. ‘කිම්පන භන්තේ සුත්තෝ අහෝසී?’ති. ‘න ඛෝ අහං ආවුසෝ සුත්තෝ අහෝසි’න්ති. ‘කිම්පන භන්තේ සඤ්ඤී අහෝසී?’ති. ‘ඒවමාවුසෝ’ති. ‘සෝ ත්වං භන්තේ සඤ්ඤී සමානෝ ජාගරෝ පඤ්චමත්තානි සකටසතානි නිස්සාය නිස්සාය අතික්කමන්තානි නේව අද්දස න පන සද්දං අස්සෝසි. අපිස්සු තේ භන්තේ සංඝාටි රජේන ඕකිණ්ණා?’ති. ‘ඒවමාවුසෝ’ති. අථ ඛෝ භන්තේ තස්ස පුරිසස්ස ඒතදහෝසි: ‘අච්ඡරියං වත භෝ, අබ්භුතං වත භෝ, සන්තේන වත භෝ පබ්බජිතා විහාරේන විහරන්ති. යත්‍ර හි නාම සඤ්ඤී සමානෝ ජාගරෝ පඤ්චමත්තානි සකටසතානි නිස්සාය නිස්සාය අතික්කමන්තානි නේව දක්ඛිති, න පන සද්දං සොස්සතී’ති ආළාරේ කාලාමේ උළාරං පසාදං පවේදිත්වා පක්කාමී”ති.

එසමයෙහි ආළාරකාලාමයන්ගේ ශ්‍රාවක වූ පුක්කුස නම් මල්ලපුත්‍ර තෙමේ කුසිනාරා නම් නුවර සිට පාවා නුවරට යන දිගු මගට පිළිපන්නේ වෙයි. ඒ පුක්කුස මල්ලපුත්‍ර තෙමේ එක්තරා රුක් සෙවණක වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ව දුටුවේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් පුක්කුස මල්ලපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයකි! ස්වාමීනී, පැවිදි උතුමෝ ඒකාන්තයෙන් ම සංසිඳී ගිය විහරණයෙන් වසන සේක.

ස්වාමීනී, මෙය පෙර සිදුවූවකි. ආළාරකාලාම තෙමේ දීර්ඝ මාර්ගයකට පිළිපන්නේ මාර්ගයෙන් ඉවත් ව දිවා විහරණය පිණිස නුදුරෙහි වූ එක්තරා රුක් සෙවණක හුන්නේ ය. ඉතින් ස්වාමීනී, ගැල් පන්සියයක් පමණ ආළාරකාලාමයන් අසලින් අසලින් ඉක්ම ගියාහු ය. ඉතින් ස්වාමීනී, එක්තරා පුරුෂයෙක් ඒ ගැල් පසුපසින් එන්නේ ආළාරකාලාමයන් යම් තැනක හුන්නේ ද, එතැනට පැමිණියේ ය. පැමිණ ආළාරකාලාමයන්ට මෙය පැවසුවේ ය.

‘හිමියනි, ගැල් කරත්ත පන්සියයක් පමණ ඉක්ම යනු දුටුවෙහි ද?’

‘ආයුෂ්මත, මම නුදුටුවෙමි.’

‘කිම? හිමියනි, එහි ශබ්දයවත් ඇසුවෙහි ද?’

‘ආයුෂ්මත, මම ශබ්දය නොඇසුවෙමි.’

‘කිම? හිමියනි, සැතපී සිටියෙහි ද?’

‘ආයුෂ්මත, මම සැතැපී නොසිටියෙමි.’

‘කිම? හිමියනි, දැනුවත් ව සිටියෙහි ද?’

‘එසේ ය, ආයුෂ්මත.’

‘හිමියනි, ඒ ඔබ දැනුවත් ව, අවදි ව, වාඩි වී සිටියදී ඔබ අසලින් අසලින් ඉක්ම යන්නා වූ පන්සියයක් පමණ වූ ගැල් නොදැක්කේ ය. එහි හඬ නොඇසුවේ ය. එසේ නමුත් හිමියනි, ඔබගේ සඟල සිවුර දුහුවිල්ලෙන් වැසී ගියේ ය.’

‘එසේ ය, ආයුෂ්මත’ යි ආළාරකාලාම තෙමේ පිළිතුරු දුන්නේ ය.

ඉතින් ස්වාමීනී, ඒ පුරුෂයාට මෙසේ සිතුණේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් ම ආශ්චර්යයි! භවත්නි, ඒකාන්තයෙන් අද්භූතයි! භවත්නි, ඒකාන්තයෙන් පැවිදි උතුමෝ සංසිඳී ගිය විහරණයෙන් වාසය කරති. යම් තැනක නම්, දැනුවත් ව අවදි ව හිඳිමින් පන්සියයක් පමණ වූ ගැල් ළඟ ළඟින් ම නික්ම යද්දී නොදැක්කේ ය. හඬ නොඇසුවේ ය’ යි ආළාරකාලාමයන් කෙරෙහි මහත් වූ ප්‍රසාදයක් පහළ කොට නික්ම ගියේ ය.”

තං කිම්මඤ්ඤසි පුක්කුස, කතමන්නු ඛෝ දුක්කරතරං වා දුරභිසම්භවතරං වා යෝ සඤ්ඤී සමානෝ ජාගරෝ පඤ්චමත්තානි සකටසතානි නිස්සාය නිස්සාය අතික්කමන්තානි නේව පස්සෙය්‍ය, න පන සද්දං සුණෙය්‍ය, යෝ වා සඤ්ඤී සමානෝ ජාගරෝ දේවේ වස්සන්තේ දේවේ ගලගලායන්තේ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා නේව පස්සෙය්‍ය න පන සද්දං සුණෙය්‍යා?ති.

“පුක්කුසයෙනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? අසීරුතර වූ ත්, දුර්ලභ තර වූ ත් දෙය කවරක් ද? යමෙක් දැනුවත් ව අවදියෙන් සිටියදී පන්සියයක් පමණ වූ ගැල් ළඟ ළඟින් ඉක්ම යද්දී නොදකියි නම්, හඬ නොඅසයි නම්, එය ද? එසේ ත් නැත්නම් යමෙක් දැනුවත් ව, අවදියෙන් සිටියදී අහස ගොරවමින් ධාරාණිපාත වැසි වසින කල්හී, විදුලිය කොටන කල්හී, මහ හෙණ හඬ පුපුරන කල්හී නොදකියි නම්, හඬ නොඅසයි නම් එය ද?”

“කිඤ්හි භන්තේ කරිස්සන්ති පඤ්ච වා සකටසතානි ඡ වා සකටසතානි සත්ත වා සකටසතානි අට්ඨ වා සකටසතානි නව වා සකටසතානි සකටසහස්සං වා සකටසතසහස්සං වා. අථ ඛෝ ඒතදේව දුක්කරතරං චේව දුරභිසම්භවතරඤ්ච යෝ සඤ්ඤී සමානෝ ජාගරෝ දේවේ වස්සන්තේ දේවේ ගලගලායන්තේ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා නේව පස්සෙය්‍ය න පන සද්දං සුණෙය්‍යා”ති.

“ස්වාමීනී, ගැල් පන්සියයක් වේවා, ගැල් හයසියයක් වේවා, ගැල් සත්සියයක් වේවා, ගැල් අටසියයක් වේවා, ගැල් නවසියයක් වේවා, ගැල් දහසක් වේවා, ගැල් සියදහසක් වේවා, කුමක් නම් කරන්නේ ද? එනමුත් යමෙක් දැනුවත් ව, අවදියෙන් සිටියදී අහස ගොරවමින් ධාරාණිපාත වැසි වසින කල්හී, විදුලිය කොටන කල්හී, මහ හෙණ හඬ පුපුරන කල්හී නොදකියි නම්, හඬ නොඅසයි නම්, එය ම දුෂ්කරතර ය. එය ම දුර්ලභතර ය.”

ඒකමිදාහං පුක්කුස සමයං ආතුමායං විහරාමි භුසාගාරේ. තේන ඛෝ පන සමයේන දේවේ වස්සන්තේ දේවේ ගලගලායන්තේ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා අවිදූරේ භුසාගාරස්ස ද්වේ කස්සකා භාතරෝ හතා චත්තාරෝ ච බලිවද්දා. අථ ඛෝ පුක්කුස ආතුමාය මහාජනකායෝ නික්ඛමිත්වා යේන තේ ද්වේ කස්සකා භාතරෝ හතා චත්තාරෝ ච බලිවද්දා, තේනුපසංකමි. තේන ඛෝ පනාහං පුක්කුස සමයේන භුසාගාරා නික්ඛමිත්වා භුසාගාරද්වාරේ අබ්භෝකාසේ චංකමාමි. අථ ඛෝ පුක්කුස අඤ්ඤතරෝ පුරිසෝ තම්හා මහාජනකායා යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතං ඛෝ අහං පුක්කුස තං පුරිසං ඒතදවෝචං: ‘කින්නු ඛෝ ඒසෝ ආවුසෝ මහාජනකායෝ සන්නිපතිතෝ?ති. ඉදානි භන්තේ දේවේ වස්සන්තේ දේවේ ගලගලායන්තේ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා ද්වේ කස්සකා භාතරෝ හතා චත්තාරෝ ච බලිබද්දා. එත්ථේසෝ මහාජනකායෝ සන්නිපතිතෝ. ත්වම්පන භන්තේ කුහිං අහෝසී?’ති. ‘ඉධේව ඛෝ අහං ආවුසෝ අහෝසි’න්ති. ‘කිම්පන භන්තේ න අද්දසා?’ති. ‘න ඛෝ අහං ආවුසෝ අද්දසන්ති’. ‘කිම්පන භන්තේ සද්දං අස්සෝසී?’ති. ‘න ඛෝ අහං ආවුසෝ සද්දං අස්සෝසින්ති’. ‘කිම්පන භන්තේ සුත්තෝ අහෝසී?’ති. ‘න ඛෝ අහං ආවුසෝ සුත්තෝ අහෝසින්ති’. ‘කිම්පන භන්තේ සඤ්ඤී අහෝසී?’ති. ‘ඒවමාවුසෝ’ති. ‘සෝ ත්වං භන්තේ සඤ්ඤී සමානෝ ජාගරෝ දේවේ වස්සන්තේ දේවේ ගලගලායන්තේ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා නේව අද්දස, න පන සද්දං අස්සෝසී?’ති. ‘ඒවමාවුසෝ’ති.

“පුක්කුසයෙනි, එක් සමයක මම ආතුමාවෙහි පිදුරු කුටියක වාසය කළෙමි. එසමයෙහි වැස්ස වසිද්දී අහස ගුගුරුවමින් ධාරාණිපාත වැස්ස ඇදහැලෙද්දී, විදුලිය කොටද්දී, මහ හෙණ හඬ පුපුරා යද්දී, ඒ පිදුරු කුටිය අසල සොයුරු වූ ගොවියන් දෙදෙනෙක් ද, ගවයන් සතර දෙනෙක් ද නැසුණාහු ය.

එකල්හී පුක්කුසයෙනි, ආතුමාවෙන් මහා ජන සමූහයා නික්ම අවුත් සහෝදර ගොවියන් දෙදෙනා ත්, ගවයන් සතර දෙනා ත්, යම් තැනක මැරී සිටියාහු ද, එතැනට පැමිණියහ. පුක්කුසයෙනි, එවේලෙහි මම පිදුරු කුටියෙන් නික්ම, පිදුරු කුටියෙහි දොරටු එළිමහනෙහි සක්මන් කරමි. එකල්හී පුක්කුසයෙනි, ඒ මහා ජනයා අතර සිටි එක්තරා පුරුෂයෙක්, මම යම් තැනක සක්මන් කළෙම් ද, එතැනට පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තේ ය. පුක්කුසයෙනි, එකත්පස් ව සිටගත් ඒ පුරුෂයාගෙන් මම මෙය ඇසුවෙමි.

‘ආයුෂ්මත, මේ මහා ජනකායක් රැස් ව ඉන්නේ මක් නිසා ද?’

‘දැන් ස්වාමීනී, වැසි වසින කල්හී, අහස ගුගුරුවා මහා වැසි ඇද හැලෙන කල්හී, විදුලිය කොටන කල්හී, මහා හෙණ හඬ පුපුරා යන කල්හී, සහෝදර ගොවීන් දෙදෙනෙකුත් ගොනුන් සතර දෙනෙකුත් නැසී ගියාහු ය. ඒ මහා ජනයා රැස් ව සිටින්නේ එතැන ය. ස්වාමීනී, නුඹවහන්සේ කොහි සිටි සේක් ද?’

‘ආයුෂ්මත, මම මෙහි ම සිටියෙමි.’

‘කිම? ස්වාමීනී, එය නොදැක්ක සේක් ද?’

‘ආයුෂ්මත, මම නොදැක්කෙමි.’

‘කිම? ස්වාමීනී, මහා හෙණ හඬ පුපුරනු නොඇසූ සේක් ද?’

‘ආයුෂ්මත, මම හඬක් නොඇසුවෙමි.’

‘කිම? ස්වාමීනී, සැතැපී සිටි සේක් ද?’

‘ආයුෂ්මත, මම සැතැපී නොසිටියෙමි.’

‘කිම? ස්වාමීනී, දැනුවත් ව සිටි සේක් ද?’

‘එසේ ය, ආයුෂ්මත.’

‘ස්වාමීනී, ඒ ඔබවහන්සේ දැනුවත් ව, අවදි ව සිටියදී, වැසි වසින කල්හී, අහස ගුගුරුවා මහ වැසි ඇදහැලෙන කල්හී, විදුලිය කොටන කල්හී, මහ හෙණ හඬ පුපුරන කල්හී, නොදැක්ක සේක් ද? එහි හඬ නොඇසූ සේක් ද?’

‘එසේ ය, ආයුෂ්මත’ යි මම කිව්වෙමි.

අථ ඛෝ පුක්කුස, තස්ස පුරිසස්ස ඒතදහෝසි. ‘අච්ඡරියං වත භෝ අබ්භූතං වත භෝ, සන්තේන වත භෝ පබ්බජිතා විහාරේන විහරන්ති, යත්‍ර හි නාම සඤ්ඤී සමානෝ ජාගරෝ දේවේ වස්සන්තේ දේවේ ගලගලායන්තේ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා නේව දක්ඛිති න පන සද්දං සොස්සතී’ති. මයි උළාරං පසාදං පවේදෙත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමී’ති.

එවිට පුක්කුසයෙනි, ඒ පුරුෂයා හට මේ අදහස ඇතිවූයේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් ම ආශ්චර්යයකි! භවත්නි, ඒකාන්තයෙන් ම අද්භූතයකි. භවත්නි ඒකාන්තයෙන් ම පැවිදි උතුමෝ සංසිඳී ගිය විහරණයෙන් වාසය කරති. යම් තැනක නම් දැනුවත් ව, අවදියෙන් සිටින විට, වැසි වසින කල්හී, අහස ගුගුරුවා මහ වැසි ඇදහැලෙන කල්හී, විදුලිය කොටන කල්හී, මහ හෙණ හඬ පුපුරන කල්හී, නොදකිති. හඬ නොඅසති’ යි මා කෙරෙහි උදාර වූ පැහැදීමක් පහළ කොට, මා හට වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියේ ය.”

ඒවං වුත්තේ පුක්කුසෝ මල්ලපුත්තෝ භගවන්තං ඒතදවෝච: ‘ඒසාහං භන්තේ යෝ මේ ආළාරේ කාලාමේ පසාදෝ, තං මහාවාතේ වා ඕපුනාමි, සීඝසෝතාය වා නදියා පවාහේමි. අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ. සෙය්‍යථාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්තීති, ඒවමේව භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති. අථ ඛෝ පුක්කුසෝ මල්ලපුත්තෝ අඤ්ඤතරං පුරිසං ආමන්තේසි. ‘ඉංඝ මේ ත්වං භණේ සිංගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං ආහරා’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ සෝ පුරිසෝ පුක්කුසස්ස මල්ලපුත්තස්ස පටිස්සුත්වා තං සිංගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං ආහරි. අථ ඛෝ පුක්කුසෝ මල්ලපුත්තෝ තං සිංගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං භගවතෝ උපනාමේසි ‘ඉදම්භන්තේ සිංගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං. තම්මේ භන්තේ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා’ති. ‘තේන හි පුක්කුස ඒකේන මං අච්ඡාදේහි ඒකේන ආනන්දන්ති’. ‘ඒවම්භන්තේ’ති ඛෝ පුක්කුසෝ මල්ලපුත්තෝ භගවතෝ පටිස්සුත්වා ඒකේන භගවන්තං අච්ඡාදේසි ඒකේන ආයස්මන්තං ආනන්දං. අථ ඛෝ භගවා පුක්කුසං මල්ලපුත්තං ධම්මියා කථාය සන්දස්සේසි, සමාදපේසි, සමුත්තේජේසි, සම්පහංසේසි. අථ ඛෝ පුක්කුසෝ මල්ලපුත්තෝ භගවතා ධම්මියා කථාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහංසිතෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

මෙසේ වදාළ කල්හී පුක්කුස මල්ලපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ආළාර කාලාමයන් කෙරෙහි යම් පැහැදීමක් මා තුළ තිබුණේ ද, මම එය මහසුළඟෙහි පිඹ හෝ හරිමි. නදියෙහි වේගවත් ජල පහරෙහි පා කොට හෝ හරිමි. ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, එය මෙබඳු දෙයකි. යටට හරවා තිබූ දෙයක් උඩට හරවන්නේ යම් සේ ද, වැසුණු දෙයක් විවර කරන්නේ යම් සේ ද, මංමුලාවූවෙකුට හරිමග පවසන්නේ යම් සේ ද, ‘ඇස් ඇත්තවුන් රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය වදාරණ ලද්දේ ය. ස්වාමීනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ව සරණ යමි. ධර්මය ත්, භික්ෂු සංඝයා ත් සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස මාව පිළිගන්නා සේක්වා!”

ඉක්බිති පුක්කුස මල්ලපුත්‍ර තෙමේ එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය.

“එසේ නම් එම්බා සගය, ඔබ රන් නූලෙන් වියන ලද, සියුමැලි වූ, උත්සව අවස්ථාවන්හි පොරොවන මාගේ වස්ත්‍ර යුගල ගෙනෙව.”

“එසේ ය, හිමියනි” යි ඒ පුරුෂයා පුක්කුස මල්ලපුත්‍රයාට පිළිවදන් දී රන් නූලෙන් වියන ලද, සියුමැලි, උත්සවයන්හි දැරිය යුතු ඒ වස්ත්‍ර යුගල ගෙන ආවේ ය. එවිට පුක්කුස මල්ලපුත්‍ර තෙමේ රන් නූලෙන් වියන ලද, සියුමැලි, උත්සවයන්හි දැරිය යුතු ඒ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ වෙත දෝතින් යොමු කළේ ය.

“ස්වාමීනී, මේ රන් නූලෙන් වියන ලද, සියුමැලි, උත්සවයන්හි දැරිය යුතු වස්ත්‍ර යුගලකි. ස්වාමීනී, මා කෙරෙහි අනුකම්පාව උපදවා භාග්‍යවතුන් වහන්සේ මෙය පිළිගන්නා සේක්වා!”

“එසේ වී නම් පුක්කුසය, එකකින් මා පුදව. එකකින් ආනන්දයන් පුදව.”

“එසේ ය, ස්වාමීනී” යි පුක්කුස මල්ලපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී එකකින් භාග්‍යවතුන් වහන්සේ පිදුවේ ය. එකකින් ආයුෂ්මත් ආනන්දයන් පිදුවේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුක්කුස මල්ලපුත්‍රයාට ධර්ම කථාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. උනන්දු කරවූ සේක. සතුටු කරවූ සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සතුටු කරවන ලද පුක්කුස මල්ලපුත්‍ර තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියේ ය.

88. අථ ඛෝ ආයස්මා ආනන්දෝ අචිරපක්කන්තේ පුක්කුසේ මල්ලපුත්තේ තං සිංගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං භගවතෝ කායං උපනාමේසි තං භගවතෝ කායං උපනාමිතං වීතච්චිකං විය ඛායති. අථ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: ‘අච්ඡරියම්භන්තේ, අබ්භුතං භන්තේ යාවපරිසුද්ධෝ භන්තේ තථාගතස්ස ඡවිවණ්ණෝ පරියෝදාතෝ. ඉදම්භන්තේ සිංගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං භගවතෝ කායං උපනාමිතං වීතච්චිකං විය ඛායතී’ති.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පුක්කුස මල්ලපුත්‍රයා නික්ම ගිය නොබෝ වේලාවකින් රන් නූලෙන් වියන ලද, සියුමැලි, උත්සවයන්හි දැරිය යුතු ඒ වස්ත්‍ර යුගල ගෙන භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි පෙරවූහ. ඒ වස්ත්‍ර යුගල පෙරවූ කල්හී භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ගිනි දැල් රහිත ව, රත් පැහැයෙන් බබලන ගිනි අඟුරු මෙන් දිස්වූයේ ය.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයකි! ස්වාමීනී, තථාගතයන් වහන්සේගේ සිවි පැහැය මොනතරම් නම් පිරිසිදුයි ද? මොනතරම් නම් බබලයි ද? ස්වාමීනී, රන් නූලෙන් වියන ලද, සියුමැලි, උත්සව අවස්ථාවන්හි දරන ඒ වස්ත්‍ර යුගල පෙරවූ කල්හී භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ගිනි දැල් රහිත ව රත් පැහැයෙන් දිලෙන ගිනි අඟුරක් සේ දිස්වෙයි.”

“ඒවමේතං ආනන්ද. ද්වීසු ඛෝ ආනන්ද කාලේසු අතිවිය තථාගතස්ස කායෝ පරිසුද්ධෝ හෝති ඡවිවණ්ණෝ පරියෝදාතෝ. කතමේසු ද්වීසු? යඤ්ච ආනන්ද රත්තිං තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං තථාගතෝ අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති. ඉමේසු ඛෝ ආනන්ද ද්වීසු කාලේසු අතිවිය තථාගතස්ස කායෝ පරිසුද්ධෝ හෝති ඡවිවණ්ණෝ පරියෝදාතෝ. අජ්ජ ඛෝ පනානන්ද රත්තියා පච්ඡිමේ යාමේ කුසිනාරායං උපවත්තනේ මල්ලානං සාලවනේ අන්තරේන යමකසාලානං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ආයාමානන්ද යේන කකුත්ථා නදී තේනුපසංකමිස්සාමා”ති. “ඒවම්භන්තේ”ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි.

“ආනන්දයෙනි, එය එසේ ම ය. ආනන්දයෙනි, අවස්ථා දෙකක දී තථාගතයන්ගේ ශරීරය අතිශයින් ම පිරිසිදු ව දිස්වෙයි. සිවි පැහැය අතිශයින් ම බබලයි. ඒ කවර අවස්ථා දෙකක දී ද?

ආනන්දයෙනි, යම් රාත්‍රියක තථාගත තෙමේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට වූ නුවණින් අවබෝධ කරයි ද, යම් රාත්‍රියක තථාගත තෙමේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පායි ද, ආනන්දයෙනි, මේ අවස්ථා දෙකෙහි දී තථාගතයන්ගේ ශරීරය අතිශයින් ම පිරිසිදු ව දිස්වෙයි. සිවි පැහැය අතිශයින් ම බබලයි. ආනන්දයෙනි, අද රාත්‍රියෙහි අවසන් යාමයෙහි කුසිනාරාවෙහි මල්ල රජුන්ගේ උපවර්තන සල්වනයෙහි සල් ගස් දෙකක් අතරෙහි තථාගතයන්ගේ පරිනිර්වාණය වන්නේ ය.

එන්න ආනන්දයෙනි, කකුත්ථා නදිය යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය.

“සිංගීවණ්ණං යුගං මට්ඨං පුක්කුසෝ අභිහාරයි,
තේන අච්ඡාදිතෝ සත්ථා හේමවණ්ණෝ අසෝභථා”ති.

පුක්කුස තෙමේ මටසිලිටි වූ රන්වන් වස්ත්‍ර යුගලක් පිළිගැන්නුවේ ය. එය පෙරවූ කල්හී ශාස්තෘන් වහන්සේ රන් පැහැයෙන් ශෝභමාන ව ගිය සේක.”

[ අම්බවනූපගමනං ]

89. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන කකුත්ථා නදී තේනුපසංකමි. උපසංකමිත්වා කකුත්ථං නදිං අජ්ඣෝගාහෙත්වා නහාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යේන අම්බවනං තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං චුන්දකං ආමන්තේසි. ‘ඉංඝ මේ ත්වං චුන්දක චතුග්ගුණං සංඝාටිං පඤ්ඤාපේහි. කිලන්තෝ’ස්මි චුන්දක නිපජ්ජිස්සාමී’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ ආයස්මා චුන්දකෝ භගවතෝ පටිස්සුත්වා චතුග්ගුණං සංඝාටිං පඤ්ඤාපේසි. අථ ඛෝ භගවා දක්ඛිණේන පස්සේන සීහසෙය්‍යං කප්පේසි පාදේ පාදං අච්චාධාය සතෝ සම්පජානෝ උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා. ආයස්මා පන චුන්දකෝ තත්ථේව භගවතෝ පුරතෝ නිසීදි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමඟ කකුත්ථා නදිය යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට කකුත්ථා නදී දියට බැස ස්නානය කොට පැන්පහසු වී, පැන් වළඳා නදියෙන් ගොඩට වැඩම කොට, අඹ වනය යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට ආයුෂ්මත් චුන්දක තෙරුන් ඇමතූ සේක.

“එසේ නම් චුන්දකයෙනි, මා හට දෙපොට සිවුර සතරට නවා ඇතිරිල්ලක් සේ පණවන්න. ක්ලාන්ත ඇත්තෙමි චුන්දකයෙනි. සැතැපෙන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් චුන්දකයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී දෙපොට සිවුර සතරට නවා ඇතිරිල්ලක් පැණවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රී පාදයෙන් වම් ශ්‍රී පාදය මදක් මෑත් කොට තබා, සිහියෙන් හා නුවණින් යුක්ත ව, නැගී සිටින සංඥාව මෙනෙහි කොට දකුණු ඇලයෙන් සිංහ සෙය්‍යාවෙන් සැතැපුණු සේක. ආයුෂ්මත් චුන්දකයන් වහන්සේ එහි ම භාග්‍යවතුන් වහන්සේට ඉදිරියෙන් හිඳගත්හ.

“ගන්ත්වාන බුද්ධෝ නදියං කකුත්ථං
අච්ඡෝදකං සාතෝදකං විප්පසන්නං,
ඕගාහි සත්ථා සුකිලන්තරූපෝ
තථාගතෝ අප්පටිමෝ’ධ ලෝකේ.

මේ ලෝකයෙහි කිසිවෙකු හා සමාන නොවූ, තථාගත වූ, ශාස්තෘ වූ, බුදුරජාණන් වහන්සේ කකුත්ථා නදිය වෙත වැඩම කළ සේක. ක්ලාන්ත වන ස්වභාවයෙන් සිටි සේක්, පහන් දිය ඇති, මිහිරි දිය ඇති, ඉතා පහන් ව ගිය දිය ඇති නදියෙහි බැස්ස සේක.

නහාත්වා ච පීත්වා චුදතාරි සත්ථා
පුරක්ඛතෝ භික්ඛුගණස්ස මජ්ඣේ
සත්ථා පවත්තා භගවා’ධ ධම්මේ
උපාගමී අම්බවනං මහේසි.

අප ශාස්තෘන් වහන්සේ කකුත්ථා නදියෙහි ස්නානය කළ සේක්, පැන් වැළඳූ සේක්, එයින් ගොඩට වැඩම කොට භික්ෂු සංඝයා මැද මුලින් වැඩසිටි සේක්, මේ දස දහස් සක්වල ධර්ම චක්‍රය කරකවා වදාළ මහා ඍෂි වූ ශාස්තෘන් වහන්සේ අඹවනය වෙත වැඩම කළ සේක.

ආමන්තයී චුන්දකං නාම භික්ඛුං
චතුග්ගුණං පත්ථර මේ නිපච්ඡං.
සෝ වෝදිතෝ භාවිතත්තේන චුන්දෝ
චතුග්ගුණං පත්ථරි ඛිප්පමේව
නිපජ්ජි සත්ථා සුකිලන්තරූපෝ
චුන්දෝ’පි තත්ථ පමුඛේ නිසීදී”ති.

චුන්දක නම් භික්ෂුව ඇමතූ සේක. ‘මා හට දෙපට සිවුර සතරට නවා අතුරාලන්න. සැතැපෙන්නෙමි’ යි. වඩන ලද සිත් ඇති, අප භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙයවන ලද ඒ චුන්දක භික්ෂුව වහා ම සඟල සිවුර සතරට නවා ඇතිරුවේ ය. දැඩි ක්ලාන්ත ස්වභාවයෙන් වැඩසිටි අප ශාස්තෘන් වහන්සේ එහි සැතැපුණු සේක. චුන්දක තෙරණුවෝ ත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි හිඳගත්හ.

[ ද්වේ පිණ්ඩපාතා සමඵලා ]

90. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි. “සියා ඛෝ පනානන්ද චුන්දස්ස කම්මාරපුත්තස්ස කෝචි විප්පටිසාරං උපදහෙය්‍ය” ‘තස්ස තේ ආවුසෝ චුන්ද, අලාභා, තස්ස තේ දුල්ලද්ධං, යස්ස තේ තථාගතෝ පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා පරිනිබ්බුතෝ’ති. චුන්දස්සානන්ද කම්මාරපුත්තස්ස ඒවං විප්පටිසාරෝ විනේතබ්බෝ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“ආනන්දයෙනි, රන්කරුපුත් චුන්දයන් හට කිසිවෙකු පසුතැවිල්ලක් උපදවන්නට පුළුවනි. ‘ආයුෂ්මත් චුන්ද, ඔබට අලාභයකි! ඔබට නපුරු ලැබීමකි! ඔබගේ අන්තිම පිණ්ඩපාත දානය වැළඳූ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේකැ’යි යනුවෙනි.

ආනන්දයෙනි, රන්කරුපුත් චුන්දයන්ගේ පසුතැවිල්ල මෙසේ දුරු කළ යුත්තේ ය.

තස්ස තේ ආවුසෝ ලාභා, තස්ස තේ සුලද්ධං, යස්ස තේ තථාගතෝ පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා පරිනිබ්බුතෝ. සම්මුඛා මේතං ආවුසෝ චුන්ද භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං ‘ද්වේ’ මේ පිණ්ඩපාතා සමඵලා සමවිපාකා අතිවිය අඤ්ඤේහි පිණ්ඩපාතේහි මහප්ඵලතරා ච මහානිසංසතරා ච. කතමේ ද්වේ? යඤ්ච පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ඣති, යඤ්ච පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතෝ අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, ඉමේ ද්වේ පිණ්ඩපාතා සමඵලා සමවිපාකා අතිවිය අඤ්ඤේහි පිණ්ඩපාතේහි මහප්ඵලතරා ච මහානිසංසතරා ච.

‘ආයුෂ්මත, එය ඔබට ලාභයකි! එය ඔබට මනා ලැබීමකි! ඔබගේ අන්තිම පිණ්ඩපාත දානය වැළඳා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ආයුෂ්මත් චුන්ද, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි මෙය අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය.

මේ පිණ්ඩපාත දාන දෙකක් සමඵල – සමවිපාක ඇත්තේ ය. අනෙක් පිණ්ඩපාත දානයන්ට වඩා අතිශයින් ම මහත්ඵලතර මහානිශංසතර වන්නේ ය. ඒ කවර පිණ්ඩපාත දාන දෙකක් ද යත්;

යම් පිණ්ඩපාත දානයක් වළඳා තථාගත තෙමේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරයි ද, යම් පිණ්ඩපාත දානයක් වළඳා තථාගත තෙමේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවීමට පත්වෙයි ද, එය යි.

මේ පිණ්ඩපාත දාන දෙක සමඵල – සමවිපාක ඇත්තේ ය. අනෙක් පිණ්ඩපාත දානයන්ට වඩා අතිශයින් මහත්ඵලතර, මහානිශංසතර වන්නේ ය.

ආයුසංවත්තනිකං පනායස්මතා චුන්දේන කම්මාරපුත්තේන කම්මං උපචිතං වණ්ණසංවත්තනිකං ආයස්මතා චුන්දේන කම්මාරපුත්තේන කම්මං උපචිතං සුඛසංවත්තනිකං ආයස්මතා චුන්දේන කම්මාරපුත්තේන කම්මං උපචිතං යසසංවත්තනිකං ආයස්මතා චුන්දේන කම්මාරපුත්තේන කම්මං උපචිතං සග්ගසංවත්තනිකං ආයස්මතා චුන්දේන කම්මාරපුත්තේන කම්මං උපචිතං ආධිපතෙය්‍යසංවත්තනිකං ආයස්මතා චුන්දේන කම්මාරපුත්තේන කම්මං උපචිත’න්ති. චුන්දස්ස ආනන්ද කම්මාරපුත්තස්ස ඒවං විප්පටිසාරෝ පටිවිනේතබ්බෝ”ති.

රන්කරුපුත් ආයුෂ්මත් චුන්දයන් විසින් දීර්ඝායුෂ පිණිස පවතින පුණ්‍ය කර්මයක් රැස් කරන ලද්දේ ය. රන්කරුපුත් ආයුෂ්මත් චුන්දයන් විසින් සැපය පිණිස පවතින පුණ්‍ය කර්මයක් රැස් කරන ලද්දේ ය. රන්කරුපුත් ආයුෂ්මත් චුන්දයන් විසින් වර්ණය පිණිස පවතින පුණ්‍ය කර්මයක් රැස් කරන ලද්දේ ය. රන්කරුපුත් ආයුෂ්මත් චුන්දයන් විසින් යසස පිණිස පවතින පුණ්‍ය කර්මයක් රැස් කරන ලද්දේ ය. රන්කරුපුත් ආයුෂ්මත් චුන්දයන් විසින් අධිපති බව පිණිස පවතින පුණ්‍ය කර්මයක් රැස් කරන ලද්දේ ය’ වශයෙන් ආනන්දයෙනි, රන්කරු පුත් චුන්දයන්ගේ පසුතැවිල්ල මේ අයුරින් දුරු කළ යුත්තේ ය.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ දැන එවේලෙහි මේ උදානය පහළ කළ සේක.

“දදතෝ පුඤ්ඤං පවඩ්ඪති සඤ්ඤමතෝ වේරං න වීයති,
කුසලෝ ච ජහාති පාපකං රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතෝ”ති.

දන් දෙන්නා හට පින් වැඩෙයි. සංවර ඉඳුරන් ඇති කෙනා තුළ වෛරය නොපිහිටයි. දක්ෂ කෙනා පව් බැහැර කරයි. රාග, ද්වේෂ, මෝහ ක්ෂය කළ තැනැත්තා පිරිනිවුනේ වෙයි.”

ආළාරවේදල්ලභාණවාරෝ චතුත්ථෝ.

[ කුසිනාරා ගමනං ]

91. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි ‘ආයාමානන්ද යේන හිරඤ්ඤවතියා නදියා පාරිමං තීරං, යේන කුසිනාරා, යේන උපවත්තනං මල්ලානං සාලවනං, තේනුපසංකමිස්සාමා’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ භගවා මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන හිරඤ්ඤවතියා නදියා පාරිමං තීරං, යේන කුසිනාරා, යේන උපවත්තනං මල්ලානං සාලවනං, තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි. “ඉංඝ මේ ත්වං ආනන්ද අන්තරේන යමකසාලානං උත්තරසීසකං මඤ්චකං පඤ්ඤාපේහි. කිලන්තෝ’ස්මි ආනන්ද නිපජ්ජිස්සාමී’ති. ‘ඒවම්භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වා අන්තරේන යමකසාලානං උත්තරසීසකං මඤ්චකං පඤ්ඤාපේසි. අථ ඛෝ භගවා දක්ඛිණේන පස්සේන සීහසෙය්‍යං කප්පේසි පාදේ පාදං අච්චාධාය සතෝ සම්පජානෝ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, හිරණ්‍යවතී නදියෙහි එතෙර යම් තැනක ද, කුසිනාරාව යම් තැනක ද, මල්ල රජුන්ගේ උපවර්තන සල්වනය යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමඟ හිරණ්‍යවතී නදියෙහි එතෙර යම් තැනක ද, කුසිනාරාව යම් තැනක ද, මල්ලරජුන්ගේ උපවර්තන සල්වනය යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එසේ නම් ඔබ ආනන්දයෙනි, සාල වෘක්ෂ දෙක අතරෙහි උතුරට හිසලා මට ඇඳක් පණවන්න. ක්ලාන්ත ඇත්තෙමි ආනන්දයෙනි. සැතැපෙන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සල් රුක් දෙක අතරෙහි උතුරට හිසලා ඇඳක් පැණවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රී පාදයෙන් වම් ශ්‍රී පාදය මදක් මෑත් කොට තබා සිහියෙන් හා නුවණින් යුතුව දකුණු ඇලයෙන් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතැපුණු සේක.

92. තේන ඛෝ පන සමයේන යමකසාලා සබ්බඵාලිඵුල්ලා හොන්ති අකාලපුප්ඵේහි. තේ තථාගතස්ස සරීරං ඕකිරන්ති අජ්ඣෝකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි මන්දාරවපුප්ඵානි අන්තළික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඕකිරන්ති අජ්ඣෝකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය දිබ්බානි පි චන්දනචුණ්ණානි අන්තළික්ඛා පපතන්ති. තානි තථාගතස්ස සරීරං ඕකිරන්ති අජ්ඣෝකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි තුරියානි අන්තළික්ඛේ වජ්ජන්ති තථාගතස්ස පූජාය, දිබ්බානි පි සංගීතානි අන්තළික්ඛේ වත්තන්ති තථාගතස්ස පූජාය. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: සබ්බඵාලිඵුල්ලා ඛෝ ආනන්ද යමකසාලා අකාලපුප්ඵේහි තේ තථාගතස්ස සරීරං ඕකිරන්ති අජ්ඣෝකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි මන්දාරවපුප්ඵානි අන්තළික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඕකිරන්ති අජ්ඣෝකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි චන්දනචුණ්ණානි අන්තළික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඕකිරන්ති අජ්ඣෝකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි තුරියානි අන්තළික්ඛේ වජ්ජන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි සංගීතානි අන්තළික්ඛේ වත්තන්ති තථාගතස්ස පූජාය. න ඛෝ ආනන්ද එත්තාවතා තථාගතෝ සක්කතෝ වා හෝති ගරුකතෝ වා මානිතෝ වා පූජිතෝ වා අපචිතෝ වා, යෝ ඛෝ ආනන්ද භික්ඛු වා භික්ඛුනී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්මප්පටිපන්නෝ විහරති සාමීචිපටිපන්නෝ අනුධම්මචාරී, සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති අපචියති පරමාය පූජාය. තස්මාතිහානන්ද ධම්මානුධම්මපටිපන්නා විහරිස්සාම සාමීචිපටිපන්නා අනුධම්මචාරිනෝති, ඒවං හි වෝ ආනන්ද සික්ඛිතබ්බන්ති.

එසමයෙහි ඒ සල් රුක් දෙක නොකල්හී හටගත් මලින් යුතුව, මුළුමනින් ම මල් පිපී පිරී ගියේ ය. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ මල් ගිලිහී තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය මදාරා මල් ද අහසින් වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ දිව්‍ය මදාරා මල් තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය සඳුන් කුඩු ද අහසින් වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ දිව්‍ය සඳුන් කුඩු තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය තූර්යනාදයෝ ද අහසෙහි වැයෙති. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය වූ සංගීතයෝ ද අහසෙහි පවතිත්.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“ආනන්දයෙනි, මේ සල් රුක් දෙක නොකල්හී හටගත් මලින් යුතුව, මුළුමනින් ම මල් පිපී පිරී ගියේ ය. තථාගතයන්ට පූජා පිණිස ඒ මල් ගිලිහී තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය මදාරා මල් ද අහසින් වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස ඒ දිව්‍ය මදාරා මල් තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය සඳුන් කුඩු ද අහසින් වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස ඒ දිව්‍ය සඳුන් කුඩු තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස දිව්‍ය තූර්යනාදයෝ ද අහසෙහි වැයෙති. තථාගතයන්ට පූජා පිණිස දිව්‍ය වූ සංගීතයෝ ද අහසෙහි පවතිත්.

ආනන්දයෙනි, මෙපමණකින් තථාගත තෙමේ සත්කාර හෝ නොකරන ලද්දේ ය. ගෞරව හෝ නොකරන ලද්දේ ය. බුහුමන් හෝ නොකරන ලද්දේ ය. පිදුම් හෝ නොකරන ලද්දේ ය. සැලකීම් හෝ නොකරන ලද්දේ ය. ආනන්දයෙනි, යම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයෙක් වේවා, උපාසිකාවක් වේවා, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුතුව, සාමීචිප්‍රතිපදාවෙන් යුතුව, අනුධම්මචාරී ව වාසය කරයි ද, ඔහු තථාගතයන් හට පරම වූ ප්‍රතිපත්ති පූජාවෙන් සත්කාර කරයි. ගෞරව කරයි. බුහුමන් දක්වයි. පුදයි. සලකයි. එහෙයින් ආනන්දයෙනි, ‘ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන්, සාමීචිප්‍රතිපදාවෙන් ධර්මයට අනුව හැසිරෙමින් වාසය කරන්නෙමු’ යි මෙසේ ම ආනන්දයෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ ය.”

[ උපවාණ ථේරෝ ]

93. තේන ඛෝ පන සමයේන ආයස්මා උපවාණෝ භගවතෝ පුරතෝ ඨිතෝ හෝති භගවන්තං වීජමානෝ. අථ ඛෝ භගවා ආයස්මන්තං උපවාණං අපසාදේසි: ‘අපේහි භික්ඛු. මා මේ පුරතෝ අට්ඨාසී’ති. අථ ඛෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතදහෝසි: ‘අයං ඛෝ ආයස්මා උපවාණෝ දීඝරත්තං භගවතෝ උපට්ඨාකෝ සන්තිකාවචරෝ සමීපචාරී. අථ ච පන භගවා පච්ඡිමේ කාලේ ආයස්මන්තං උපවාණං අපසාදේසි: ‘අපේහි භික්ඛු, මා මේ පුරතෝ අට්ඨාසී’ති. කෝ නු ඛෝ හේතු කෝ පච්චයෝ යං භගවා ආයස්මන්තං උපවාණං අපසාදේසි: ‘අපේහි භික්ඛු මා මේ පුරතෝ අට්ඨාසී’ති. අථ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: අයං භන්තේ ආයස්මා උපවාණෝ දීඝරත්තං භගවතෝ උපට්ඨාකෝ සන්තිකාවචරෝ සමීපචාරී, අථ ච පන භගවා පච්ඡිමේ කාලේ ආයස්මන්තං උපවාණං අපසාදේති: අපේහි භික්ඛු, මා මේ පුරතෝ අට්ඨාසීති. කෝ නු ඛෝ භන්තේ හේතු කෝ පච්චයෝ යං භගවා ආයස්මන්තං උපවාණං අපසාදේති: අපේහි භික්ඛු මා මේ පුරතෝ අට්ඨාසීති? යේභුය්‍යේන ආනන්ද දසසු සහස්සීසු ලෝකධාතූසු දේවතා සන්නිපතිතා තථාගතං දස්සනාය, යාවතා ආනන්ද කුසිනාරා උපවත්තනං මල්ලානං සාලවනං සමන්තතෝ ද්වාදසයෝජනානි නත්ථි සෝ පදේසෝ වාළග්ගකෝටිනිත්තුදන මත්තෝපි මහේසක්ඛාහි දේවතාහි අප්ඵුටෝ. දේවතා ආනන්ද උජ්ඣායන්ති දූරා ච වතම්හා ආගතා තථාගතං දස්සනාය. කදාචි කරහචි තථාගතා ලෝකේ උප්පජ්ජන්ති අරහන්තෝ සම්මාසම්බුද්ධා. අජ්ජේව රත්තියා පච්ඡිමේ යාමේ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති, අයඤ්ච මහේසක්ඛෝ භික්ඛු භගවතෝ පුරතෝ ඨිතෝ ඕවාරෙන්තෝ, න මයං ලභාම පච්ඡිමේ කාලේ තථාගතං දස්සනායා’ති.

එසමයෙහි ආයුෂ්මත් උපවාණයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පෙරටුව පවන් සළමින් සිටියාහු ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාණයන් ‘භික්ෂුව, ඉවත් වෙන්න. මා ඉදිරියෙහි නොසිටින්නැ’යි බැහැර කළ සේක.

එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය. ‘මේ ආයුෂ්මත් උපවාණයන් වහන්සේ බොහෝ කලක් භාග්‍යවතුන් වහන්සේ ළඟ හැසිරෙමින්, සමීපයෙහි සිටිමින් උපස්ථායක භික්ෂුවක් ව සිටියහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ අවසාන අවස්ථාවෙහි ‘භික්ෂුව, ඉවත් වෙන්න. මා ඉදිරියෙහි නොසිටින්නැ’යි ආයුෂ්මත් උපවාණයන් බැහැර කළ සේක. යම් කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ ‘භික්ෂුව, ඉවත් වෙන්න. මා ඉදිරියෙහි නොසිටින්නැ’යි ආයුෂ්මත් උපවාණයන් බැහැර කළ සේක් නම්, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?’ යි.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මේ ආයුෂ්මත් උපවාණයන් වහන්සේ බොහෝ කලක් භාග්‍යවතුන් වහන්සේ ළඟ හැසිරෙමින්, සමීපයෙහි සිටිමින් උපස්ථායක භික්ෂුවක් ව සිටියහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ අවසාන අවස්ථාවෙහි ‘භික්ෂුව, ඉවත් වෙන්න. මා ඉදිරියෙහි නොසිටින්නැ’යි ආයුෂ්මත් උපවාණයන් බැහැර කළ සේක. යම් කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ ‘භික්ෂුව, ඉවත් වෙන්න. මා ඉදිරියෙහි නොසිටින්නැ’යි ආයුෂ්මත් උපවාණයන් බැහැර කළ සේක් නම්, ස්වාමීනී, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

“ආනන්දයෙනි, දස දහස් ලෝකධාතුවෙහි දේවතාවෝ තථාගතයන්ගේ අවසන් දර්ශනය දකිනු පිණිස බොහෝ සෙයින් රැස් වූවාහු ය. ආනන්දයෙනි, කුසිනාරාවෙහි මල්ල රජුන්ගේ උපවර්තන සල්වනය යම්තාක් පැතිරුණේ වෙයි ද, හාත්පස දොළොස් යොදුනක භූමියෙහි මහේශාක්‍ය දෙවිවරුන් නොසිටින හිඳිකටු තුඩක් පමණවත් තැබිය හැකි තැනක් නැත්තේ ය. ආනන්දයෙනි, දෙවිවරු මහා හඬින් දොස් නගති. ‘අහෝ! ඒකාන්තයෙන් ම තථාගතයන් වහන්සේගේ දර්ශනය දකිනු පිණිස අපි දුර ඈත සිට ආවෙමු. ඉතාමත් ම ඉතාමත් කලාතුරකින් අරහත් සම්මා සම්බුදු තථාගතවරු ලොව පහළ වෙති. අද රාත්‍රී අවසන් යාමයේ ම තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය. මේ මහේශාක්‍ය භික්ෂුව ද තථාගතයන් වහන්සේට පෙරටුවෙන් ආවරණය කරමින් සිටින්නේ නොවැ. තථාගතයන් වහන්සේගේ අන්තිම අවස්ථාවෙහි දර්ශනය අපි නොලබමු’ යි.”

94. කථං භූතා පන භන්තේ භගවා දේවතා මනසි කරෝතී’ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කවර අයුරු වූ දේවතාවන් මෙනෙහි කරන සේක් ද?”

“සන්තානන්ද දේවතා ආකාසේ පඨවීසඤ්ඤිනියෝ, කේසේ පකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පපතන්ති ආවට්ටන්ති විවට්ටන්ති අතිඛිප්පං භගවා පරිනිබ්බායිස්සති, අතිඛිප්පං සුගතෝ පරිනිබ්බායිස්සති, අතිඛිප්පං චක්ඛු ලෝකේ අන්තරධායිස්සතී’ති. සන්තානන්ද දේවතා පඨවියං පඨවීසඤ්ඤිනියෝ, කේසේ පකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පපතන්ති ආවට්ටන්ති විවට්ටන්ති: අතිඛිප්පං භගවා පරිනිබ්බායිස්සති, අතිඛිප්පං සුගතෝ පරිනිබ්බායිස්සති, අතිඛිප්පං චක්ඛු ලෝකේ අන්තරධායිස්සතී”ති.

“ආනන්දයෙනි, අහසෙහි පෘථිවි සංඥා ඇති දේවතාවෝ සිටිති. ඔවුහු කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී එහා මෙහා පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී යන්නේ ය’ කියා ය.

ආනන්දයෙනි, පෘථිවියෙහි පෘථිවි සංඥා ඇති දේවතාවෝ සිටිති. ඔවුහු කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී එහා මෙහා පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී යන්නේ ය’ කියා ය.

යා පන තා දේවතා වීතරාගා, තා සතා සම්පජානා අධිවාසෙන්ති: අනිච්චා සංඛාරා තං කුතෙත්ථ ලබ්භා?ති.

යම් ඒ දේවතාවෝ වීතරාගී වෙත් ද, ඔවුහු සිහියෙන්, නුවණින් යුක්ත ව, ‘හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරයෝ අනිත්‍යයහ. මෙහි නිත්‍ය දෙයක් කොයින් ලබන්නටදැ’යි ඉවසා සිටිති.”

95. “පුබ්බේ භන්තේ දිසාසු වස්සං වුත්ථා භික්ඛූ ආගච්ඡන්ති තථාගතං දස්සනාය. තේ මයං ලභාම මනෝභාවනීයේ භික්ඛූ දස්සනාය ලභාම පයිරුපාසනාය. භගවතෝ පන මයං භන්තේ අච්චයේන න ලභිස්සාම මනෝභාවනීයේ භික්ඛූ දස්සනාය න ලභිස්සාම පයිරුපාසනායා”ති.

“ස්වාමීනී, මීට කලින් වස් එළඹ සිටි භික්ෂූහු පවාරණයෙන් පසු තථාගතයන් වහන්සේ බැහැදැකීම පිණිස ඒ ඒ දිශාවලින් පැමිණෙති. එකල්හී අපි ඒ මනෝභාවනීය භික්ෂු සංඝයාගේ දැක්මට, ඇසුරු කිරීමට ඉඩප්‍රස්ථා ලබමු. එහෙත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් මනෝභාවනීය භික්ෂූන්ගේ දර්ශනය ත් අපි නොලබන්නෙමු. ඇසුරත් නොලබන්නෙමු.”

“චත්තාරිමානි ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි. කතමානි චත්තාරි:

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු මේ සතර ස්ථානයක් ඇත්තේ ය. ඒ කවර සතර ස්ථානයක් ද යත්;

(1). ‘ඉධ තථාගතෝ ජාතෝ’ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.

‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

(2). ‘ඉධ තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ’ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.

‘මෙහි තථාගතයන් වහන්සේ අනුන්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

(3). ‘ඉධ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.

‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

(4). ‘ඉධ තථාගතෝ අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතෝ’ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.

‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

ඉමානි ඛෝ ආනන්ද චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි.

ආනන්දයෙනි, මේ වනාහී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු සතර ස්ථානයෝ ය.

ආගමිස්සන්ති ඛෝ ආනන්ද සද්ධා භික්ඛූ භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ ඉධ තථාගතෝ ජාතෝ’ති පි, ඉධ තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ’ති පි, ඉධ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්ති පි, ඉධ තථාගතෝ අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතෝ’ති පි. යේ හි කේචි ආනන්ද චේතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලං කරිස්සන්ති, සබ්බේ තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සන්තී’ති.

ආනන්දයෙනි, සැදැහැවත් භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ කියා ත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’ කියා ත්, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ කියා ත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ කියා ත් පැමිණෙන්නාහු ය. ආනන්දයෙනි, යම්කිසි කෙනෙක් චෛත්‍ය වන්දනා චාරිකාවෙහි සැදැහැ සිතින් යෙදී සිටියදී පහන් සිතින් කළුරිය කරන්නාහු ද, ඒ සියල්ලෝ ම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි උපදින්නාහු ය.”

[ ආනන්දපුච්ඡා කථා ]

96. “කථං මයං භන්තේ මාතුගාමේ පටිපජ්ජාමා?”ති.

“ස්වාමීනී, අපි ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු වෙමු ද?”

“අදස්සනං ආනන්දා”ති.

“ආනන්දය, නොදැකීම යි.”

“දස්සනේ භගවා සති කථං පටිපජ්ජිතබ්බන්ති?”

“භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රීන් දෙස බලන්නට සිදුවන කල්හී කෙසේ පිළිපැදිය යුත්තේ ද?”

“අනාලාපෝ ආනන්දා”ති.

“ආනන්දයෙනි, කතා බස් නොකිරීම යි.”

“ආලපන්තේන පන භන්තේ කථං පටිපජ්ජිතබ්බන්ති?”

“ස්වාමීනී, ස්ත්‍රීන් හා කතා බස් කරන භික්ෂුව විසින් කෙසේ පිළිපැදිය යුත්තේ ද?”

“සති ආනන්ද උපට්ඨපේතබ්බා”ති.

“ආනන්දයෙනි, තමා මේ කතා කරන්නේ කවුරුන් සමඟ දැ යි සිහි උපදවා ගත යුත්තේ ය.”

“කථං මයං භන්තේ තථාගතස්ස සරීරේ පටිපජ්ජාමා?”ති.

“ස්වාමීනී, අපි තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබඳ ව කෙසේ පිළිපදිමු ද?”

“අබ්‍යාවටා තුම්හේ ආනන්ද හෝථ තථාගතස්ස සරීරපූජාය. ඉංඝ තුම්හේ ආනන්ද සදත්ථේ, ඝටථ සදත්ථමනුයුජ්ජථ, සදත්ථේ අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරථ, සන්තානන්ද ඛත්තියපණ්ඩිතා පි බ්‍රාහ්මණපණ්ඩිතා පි ගහපතිපණ්ඩිතා පි තථාගතේ අභිප්පසන්නා තේ තථාගතස්ස සරීරපූජං කරිස්සන්තී”ති.

“ආනන්දයෙනි, ඔබ තථාගතයන්ගේ ශරීරයට පූජා පැවැත්වීම පිණිස යෙදී නොසිටිව්. ආනන්දයෙනි, ඔබ තම යහපත වන නිවන් අවබෝධ කරනු පිණිස දැඩි ව වෑයම් කරව්. තම යහපත වන නිවන් අවබෝධයෙහි යෙදී වාසය කරව්. තම යහපත වන නිවන් අවබෝධ කරනු වස් අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, කාය ජීවිත දෙකෙහි ආශා රහිත ව වසව්. ආනන්දයෙනි, තථාගතයන් කෙරෙහි බලවත් පැහැදීමෙන් යුතු ක්ෂත්‍රිය පණ්ඩිතවරුත්, බ්‍රාහ්මණ පණ්ඩිතවරුත්, ගෘහපති පණ්ඩිතවරුත් සිටිති. ඔවුහු තථාගතයන්ගේ ශරීරයට පූජාවන් කරන්නාහු ය.”

“කථං පන භන්තේ තථාගතස්ස සරීරේ පටිපජ්ජිතබ්බන්ති?”

“ස්වාමීනී, ඔවුන් විසින් තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබඳ ව කෙසේ පිළිපැදිය යුත්තේ ද?”

“යථා ඛෝ ආනන්ද රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරේ පටිපජ්ජන්ති, ඒවං තථාගතස්ස සරීරේ පටිපජ්ජිතබ්බන්ති.” “කථං පන භන්තේ රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරේ පටිපජ්ජන්තී?”ති. “රඤ්ඤෝ ආනන්ද චක්කවත්තිස්ස සරීරං අහතේන වත්ථේන වේඨෙන්ති. අහතේන වත්ථේන වේඨෙත්වා විහතේන කප්පාසේන වේඨෙන්ති. විහතේන කප්පාසේන වේඨෙත්වා අහතේන වත්ථේන වේඨෙන්ති.

“ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර පිළිබඳ ව පිළිපැදිය යුත්තේ යම් සේ ද, තථාගතයන්ගේ සිරුර පිළිබඳ ව පිළිපැදිය යුත්තේ එසේ ය.”

“ස්වාමීනී, සක්විති රජුගේ සිරුර පිළිබඳ ව කෙසේ පිළිපැදිය යුත්තේ ද?”

“ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර අලුත් වස්ත්‍රයෙන් වෙළති. අලුත් වස්ත්‍රයෙන් වෙළා, මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළති. මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළා, අලුත් වස්ත්‍රයෙන් වෙළත්.

ඒතේනූපායේන පඤ්චහි යුගසතේහි රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරං වේඨෙත්වා ආයසාය තේලදෝණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දෝණියා පටිකුජ්ජිත්වා සබ්බගන්ධානං චිතකං කරිත්වා රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරං ඣාපෙන්ති. චාතුම්මහාපථේ රඤ්ඤෝ චක්කවත්තිස්ස ථූපං කරොන්ති. ඒවං ඛෝ ආනන්ද රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරේ පටිපජ්ජන්ති. යථා ඛෝ ආනන්ද රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරේ පටිපජ්ජන්ති ඒවං තථාගතස්ස සරීරේ පටිපජ්ජිතබ්බං චාතුම්මහාපථේ තථාගතස්ස ථූපෝ කාතබ්බෝ. තත්ථ යේ මාලං වා ගන්ධං වා චුණ්ණකං වා ආරෝපෙස්සන්ති වා අභිවාදෙස්සන්ති වා, චිත්තං වා පසාදෙස්සන්ති, තේසන්තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති.

මේ උපායෙන් සක්විති රජුගේ සිරුර වස්ත්‍ර යුගල පන්සියයකින් වෙළා, සුවඳ තෙල් දැමූ රන් දෙණක බහා අන්‍ය වූ රන් පියනකින් වසා සියළු සුවඳ දරින් චිතකයක් කොට සක්විති රජුගේ සිරුර ආදාහනය කරති. සිව්මංසලෙහි සක්විති රජුගේ ස්ථූපයක් කරති. මෙසේ ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි පිළිපදිති. ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන්ගේ සිරුර කෙරෙහි ද, එසේ ම පිළිපැද්ද යුත්තේ ය. සිව්මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේ ය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද, සකසා වන්දනා කරන්නාහු ද, සිත හෝ පහදවා ගන්නාහු ද, එය ඔවුන් හට බොහෝ කල් හිතසුව පිණිස වන්නේ ය.

[ ථූපාරහා පුග්ගලා. ]

97. “චත්තාරෝ’මේ ආනන්ද ථූපාරහා. කතමේ චත්තාරෝ? තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ ථූපාරහෝ. පච්චේකසම්බුද්ධෝ ථූපාරහෝ, තථාගතස්ස සාවකෝ ථූපාරහෝ, රාජා චක්කවත්තී ථූපාරහෝ’ති.

ආනන්දයෙනි, ස්ථූප තනවා පිදීමට සුදුසු මේ සිව් දෙනෙකි. ඒ කවර සිව් දෙනෙක් ද යත්;

(1). තථාගත අරහත් සම්මා සම්බුදුහු ස්ථූප තනවා පිදීමට සුදුසුයහ.

(2). පසේ බුදු රජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති.

(3). තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු ය.

(4). සක්විති රජු ස්ථූප තනවා පිදීමට සුදුසු ය.

කිඤ්චානන්ද අත්ථවසං පටිච්ච තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ ථූපාරහෝ? අයං තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ථූපෝ’ති ආනන්ද බහුජනා චිත්තං පසාදෙන්ති, තේ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්ති. ඉදං ඛෝ ආනන්ද අත්ථවසං පටිච්ච තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ ථූපාරහෝ.

ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙත් ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මෙකරුණ නිසාවෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති.

කිඤ්චානන්ද අත්ථවසං පටිච්ච පච්චේකසම්බුද්ධෝ ථූපාරහෝ? අයං තස්ස භගවතෝ පච්චේකසම්බුද්ධස්ස ථූපෝ’ති ආනන්ද බහුජනා චිත්තං පසාදෙන්ති. තේ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්ති. ඉදං ඛෝ ආනන්ද අත්ථවසං පටිච්ච පච්චේකසම්බුද්ධෝ ථූපාරහෝ.

ආනන්දයෙනි, කවර කරුණක් නිසා පසේබුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙත් ද? මේ ඒ භාග්‍යවත් පසේබුදුරජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මෙකරුණ නිසාවෙන් පසේබුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති.

කිඤ්චානන්ද අත්ථවසං පටිච්ච තථාගතස්ස සාවකෝ ථූපාරහෝ? අයං තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සාවකස්ස ථූපෝ’ති ආනන්ද බහුජනා චිත්තං පසාදෙන්ති. තේ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්ති. ඉදං ඛෝ ආනන්ද අත්ථවසං පටිච්ච තථාගතස්ස සාවකෝ ථූපාරහෝ,

ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු වෙයි ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ශ්‍රාවකයාගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මෙකරුණ නිසාවෙන් තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු වෙයි.

කිඤ්චානන්ද අත්ථවසං පටිච්ච රාජා චක්කවත්තී ථූපාරහෝ? අයං ධම්මිකස්ස ධම්මරඤ්ඤෝ ථූපෝ’ති ආනන්ද බහුජනා චිත්තං පසාදෙන්ති, තේ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භේදා පරම් මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්ති. ඉදං ඛෝ ආනන්ද අත්ථවසං පටිච්ච රාජා චක්කවත්තී ථූපාරහෝ.

ආනන්දයෙනි, කවර කරුණක් නිසා සක්විති රජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙයි ද? මේ ඒ ධාර්මික දැහැමි රජුගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මෙකරුණ නිසාවෙන් සක්විති රජු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙයි.

ඉමේ ඛෝ ආනන්ද චත්තාරෝ ථූපාරහා”ති.

ආනන්දයෙනි, මේ වනාහී ස්ථූප තනවා පිදීමට සුදුසු වූ සිව් දෙනා ය.”

[ ආනන්දත්ථේරස්ස අච්ඡරියධම්මා. ]

98. අථ ඛෝ ආයස්මා ආනන්දෝ විහාරං පවිසිත්වා කපිසීසං ආලම්බිත්වා රෝදමානෝ අට්ඨාසි: “අහඤ්ච වතම්හි සේඛෝ සකරණීයෝ, සත්ථු ච මේ පරිනිබ්බානං භවිස්සති යෝ මමං ආනුකම්පකෝ”ති, අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “කහන්නු ඛෝ භික්ඛවේ ආනන්දෝ”ති. “ඒසෝ භන්තේ ආයස්මා ආනන්දෝ විහාරං පවිසිත්වා කපිසීසං ආලම්බිත්වා රෝදමානෝ ඨිතෝ: “අහඤ්ච වතම්හි සේඛෝ සකරණීයෝ සත්ථු ච මේ පරිනිබ්බානං භවිස්සති යෝ මමං ආනුකම්පකෝ”ති. අථ ඛෝ භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තේසි: “ඒහි ත්වං භික්ඛු, මම වචනේන ආනන්දං ආමන්තේහි: සත්ථා තං ආවුසෝ ආනන්ද ආමන්තේතී”ති. “ඒවම්භන්තේ’ති ඛෝ සෝ භික්ඛු භගවතෝ පටිස්සුත්වා යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: සත්ථා තං ආවුසෝ ආනන්ද ආමන්තේතී”ති. ‘ඒවමාවුසෝ’ති ඛෝ ආයස්මා ආනන්දෝ තස්ස භික්ඛුනෝ පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි, ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං ආනන්දං භගවා ඒතදවෝච:

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ විහාරයට පිවිස, දොර අගුල් කණුව වැළඳගෙන ‘අහෝ! මම තවම නිවන් පිණිස කළ යුතු දේ ඇති හික්මෙන ශ්‍රාවකයෙක්මි. යම් ශාස්තෘන් වහන්සේ නමක් මා හට අනුකම්පා කළ සේක් ද, මාගේ ශාස්තෘන් වහන්සේ ද පිරිනිවන් පාන්නට සූදානම් වන සේකැ’ යි හඬමින් සිටියාහු ය.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, ආනන්දයෝ කොහි ද?”

“ස්වාමීනී, මේ ආයුෂ්මත් ආනන්දයෝ විහාරයට පිවිස, දොර අගුල් කණුව වැළඳගෙන ‘අහෝ! මම තවම නිවන් පිණිස කළ යුතු දේ ඇති හික්මෙන ශ්‍රාවකයෙක්මි. යම් ශාස්තෘන් වහන්සේ නමක් මා හට අනුකම්පා කළ සේක් ද, මාගේ ශාස්තෘන් වහන්සේ ද පිරිනිවන් පාන්නට සූදානම් වන සේකැ’ යි හඬමින් සිටිති.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් ඇමතූ සේක.

“ඔබ එන්න, භික්ෂුව. මාගේ වචනයෙන් ආනන්දයන් අමතන්න. ‘ආයුෂ්මත් ආනන්දයෙනි, ශාස්තෘන් වහන්සේ ඔබ අමතන සේකැ’යි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් ආනන්දයන් යම් තැනක සිටියාහු ද, එතැනට පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් හට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත් ආනන්දයෙනි, ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවන සේක.”

“එසේ ය, ආයුෂ්මත” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඒ භික්ෂුවට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක සැතැපී සිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නාහු ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“අලං ආනන්ද මා සෝචි, මා පරිදේවි නනු ඒතං ආනන්ද මයා පටිකච්චේව අක්ඛාතං සබ්බේහේව පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ අඤ්ඤථාභාවෝ. තං කුතෙත්ථ ආනන්ද ලබ්භා ‘යන්තං ජාතං භූතං සංඛතං පලෝකධම්මං, තං වත තථාගතස්සාපි සරීරං මා පලු‍ජ්ජී’ති. නේතං ඨානං විජ්ජති. දීඝරත්තං ඛෝ තේ ආනන්ද තථාගතෝ පච්චුපට්ඨිතෝ මෙත්තේන කායකම්මේන හිතේන සුඛේන අද්වයේන අප්පමාණේන, මෙත්තේන වචීකම්මේන ….(පෙ)…. මෙත්තේන මනෝකම්මේන හිතේන සුඛේන අද්වයේන අප්පමාණේන. කතපුඤ්ඤෝ’සි ත්වං ආනන්ද පධානමනුයුඤ්ජ, ඛිප්පං හේහිසි අනාසවෝ”ති.

“පලක් නැත ආනන්දයෙනි. ශෝක නොකරව. නොවැළපෙව. ආනන්දයෙනි, කලින් ම මා විසින් මෙය නොකියන ලද්දේ ද? ‘ප්‍රිය වූ, මනාප වූ, සියල්ලෙන් ම ඈත් වන්නට සිදුවෙයි. වෙනස් වීම ඇත්තේ ය. අන්‍ය ස්වභාවයකට පත්වන බව ඇත්තේ ය’ යි ආනන්දයෙනි, හටගත්, උපන්, හේතුඵලයෙන් සකස් වූ, බිඳෙන ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද, ඒකාන්තයෙන් ඒ තථාගතයන්ගේ ශරීරය පවා නොනැසේවා යි යන කරුණ කොහෙන් නම් ලබන්නට ද? එය දකින්නට නොලැබෙන දෙයකි.

ආනන්දයෙනි, ඔබ විසින් බොහෝ කලක් ම හිතයෙන්, සැපයෙන්, දෙහිතක් නැති ව, අප්‍රමාණ මෛත්‍රී සහගත කායික ක්‍රියාවෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දාහු ය. ….(පෙ)…. මෛත්‍රී සහගත වාචසික ක්‍රියාවෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දාහු ය. ….(පෙ)…. මෛත්‍රී සහගත ව සිතෙන් කරන ක්‍රියාවෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දාහු ය. ආනන්දයෙනි, ඔබ කරන ලද පින් ඇත්තෙකි. ප්‍රධන් වීර්යයෙහි යෙදෙව. වහා ආශ්‍රව රහිතයෙක් වන්නෙහි ය.”

99. අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “යේ පි තේ භික්ඛවේ අහේසුං අතීතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, තේසම්පි භගවන්තානං ඒතපරමායේව උපට්ඨාකා අහේසුං සෙය්‍යථාපි මය්හං ආනන්දෝ. යේ පි තේ භික්ඛවේ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, තේසම්පි භගවන්තානං ඒතපරමායේව උපට්ඨාකා භවිස්සන්ති සෙය්‍යථාපි මය්හං ආනන්දෝ. පණ්ඩිතෝ භික්ඛවේ ආනන්දෝ, මේධාවී භික්ඛවේ ආනන්දෝ, ජානාති ‘අයං කාලෝ තථාගතං දස්සනාය උපසංකමිතුං භික්ඛූනං, අයං කාලෝ භික්ඛුනීනං අයං කාලෝ උපාසකානං, අයං කාලෝ උපාසිකානං, අයං කාලෝ රඤ්ඤෝ රාජමහාමත්තානං තිත්ථියානං තිත්ථියසාවකානන්ති.’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අතීතයෙහි වැඩසිටියාහු ද, මා හට ආනන්දයන් යම් සේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේලා හට ද මෙවැනි උතුම් උපස්ථායකයෝ සිටියාහු ය.

මහණෙනි, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අනාගතයෙහි පහළ වන්නාහු ද, මා හට ආනන්දයන් යම් සේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේලා හට ද මෙවැනි උතුම් උපස්ථායකයෝ වන්නාහු ය.

මහණෙනි, ආනන්දයෝ නුවණැතියහ. මහණෙනි, ආනන්දයෝ සොඳුරු ප්‍රඥාවෙන් යුක්තයහ. ‘මේ භික්ෂූන් හට තථාගතයන් දකිනු පිණිස එළඹෙන්නට කාලය යි. මේ භික්ෂුණීන්ට සුදුසු කාලය යි. මේ උපාසකයන්ට සුදුසු කාලය යි. මේ උපාසිකාවන්ට සුදුසු කාලය යි. මේ රජුන්ට, රාජ මහා ඇමතිවරුන්ට, තීර්ථකයන්ට, තීර්ථක ශ්‍රාවකයන්ට සුදුසු කාලය යි’ කියා ආනන්දයෝ දනිති.

100. චත්තාරෝ’මේ භික්ඛවේ අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දේ. කතමේ චත්තාරෝ? සචේ භික්ඛවේ භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසංකමති, දස්සනේන සා අත්තමනා හෝති. තත්‍ර චේ ආනන්දෝ ධම්මං භාසති, භාසිතේන පි සා අත්තමනා හෝති, අතිත්තා’ව භික්ඛවේ භික්ඛුපරිසා හෝති. අථ ඛෝ ආනන්දෝ තුණ්හී හෝති. සචේ භික්ඛවේ භික්ඛුනීපරිසා, උපාසකපරිසා, උපාසිකාපරිසා, ආනන්දං දස්සනාය උපසංකමති, දස්සනේන සා අත්තමනා හෝති, තත්‍ර චේ ආනන්දෝ ධම්මං භාසති භාසිතේනපි සා අත්තමනා හෝති. අතිත්තා’ව භික්ඛවේ උපාසිකාපරිසා හෝති. අථ ඛෝ ආනන්දෝ තුණ්හී හෝති. ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දේ.

මහණෙනි, ආනන්දයන් කෙරෙහි මේ ආශ්චර්ය අද්භූත සතර ධර්මයක් ඇත්තේ ය. ඒ කවර සතරක් ද යත්;

ඉදින් මහණෙනි, භික්ෂු පිරිසක් ආනන්දයන් දකින්නට පැමිණෙත් ද, ආනන්දයන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් ආනන්ද තෙමේ දහම් දෙසයි ද, ආනන්දයන්ගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, භික්ෂු පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති ආනන්දයෝ නිහඬ වෙති. ඉදින් මහණෙනි, භික්ෂුණී පිරිසක්, උපාසක පිරිසක්, උපාසිකා පිරිසක් ආනන්දයන් දකින්නට පැමිණෙත් ද, ආනන්දයන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් ආනන්ද තෙමේ දහම් දෙසයි ද, ආනන්දයන්ගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති ආනන්දයෝ නිහඬ වෙති.

මහණෙනි, මේ වනාහී ආනන්දයන් කෙරෙහි ඇති සතරක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයන් ය.

චත්තාරෝ’මේ භික්ඛවේ අච්ඡරියා අබ්භුතා ධම්මා රඤ්ඤේ චක්කවත්තිම්හි. කතමේ චත්තාරෝ? සචේ භික්ඛවේ ඛත්තියපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසංකමති, දස්සනේන සා අත්තමනා හෝති. තත්‍ර චේ රාජා චක්කවත්තී භාසති භාසිතේනපි සා අත්තමනා හෝති. අතිත්තා’ව භික්ඛවේ ඛත්තියපරිසා හෝති. අථ ඛෝ රාජා චක්කවත්තී තුණ්හී හෝති. සචේ භික්ඛවේ බ්‍රාහ්මණපරිසා, ගහපතිපරිසා, සමණපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසංකමති, දස්සනේන සා අත්තමනා හෝති. තත්‍ර චේ රාජා චක්කවත්තී භාසති භාසිතේනපි සා අත්තමනා හෝති, අතිත්තා’ව භික්ඛවේ සමණපරිසා හෝති. අථ ඛෝ රාජා චක්කවත්තී තුණ්හී හෝති.

මහණෙනි, සක්විති රජුන් කෙරෙහි මේ සතරක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයෝ ඇත්තාහ. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, ඉදින් ක්ෂත්‍රිය පිරිසක් සක්විති රජුන් දකින්නට පැමිණෙත් ද, සක්විති රජුන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් සක්විති රජු කතාබස් කරයි ද, සක්විති රජුගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, ක්ෂත්‍රිය පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති සක්විති රජු නිහඬ වෙයි.

මහණෙනි, ඉදින් බ්‍රාහ්මණ පිරිසක්, ගෘහපති පිරිසක්, ශ්‍රමණ පිරිසක් සක්විති රජුන් දකින්නට පැමිණෙත් ද, සක්විති රජුන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් සක්විති රජු කතාබස් කරයි ද, සක්විති රජුගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, ශ්‍රමණ පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති සක්විති රජු නිහඬ වෙයි.

ඒවමේව ඛෝ භික්ඛවේ චත්තාරෝ’මේ අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දේ. සචේ භික්ඛවේ භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසංකමති, දස්සනේන සා අත්තමනා හෝති, තත්‍ර චේ ආනන්දෝ ධම්මං භාසති, භාසිතේනපි සා අත්තමනා හෝති, අතිත්තා’ව භික්ඛවේ භික්ඛුපරිසා හෝති. අථ ඛෝ ආනන්දෝ තුණ්හී හෝති. සචේ භික්ඛවේ භික්ඛුනීපරිසා, උපාසකපරිසා, උපාසිකාපරිසා ආනන්දං දස්සනාය උපසංකමති, දස්සනේන සා අත්තමනා හෝති, තත්‍ර චේ ආනන්දෝ ධම්මං භාසති භාසිතේනපි සා අත්තමනා හෝති අතිත්තා’ව භික්ඛවේ උපාසිකාපරිසා හෝති. අථ ඛෝ ආනන්දෝ තුණ්හී හෝති. ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දේ’ති.

එසෙයින් ම මහණෙනි, ආනන්දයන් කෙරෙහි මේ ආශ්චර්ය අද්භූත සතර ධර්මයක් ඇත්තේ ය.

ඉදින් මහණෙනි, භික්ෂු පිරිසක් ආනන්දයන් දකින්නට පැමිණෙත් ද, ආනන්දයන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් ආනන්ද තෙමේ දහම් දෙසයි ද, ආනන්දයන්ගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, භික්ෂු පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති ආනන්දයෝ නිහඬ වෙති. ඉදින් මහණෙනි, භික්ෂුණී පිරිසක්, උපාසක පිරිසක්, උපාසිකා පිරිසක් ආනන්දයන් දකින්නට පැමිණෙත් ද, ආනන්දයන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් ආනන්ද තෙමේ දහම් දෙසයි ද, ආනන්දයන්ගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති ආනන්දයෝ නිහඬ වෙති.

මහණෙනි, මේ වනාහී ආනන්දයන් කෙරෙහි ඇති සතරක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයන් ය.”

[ මහාසුදස්සන සුත්ත දේසනා. ]

101. ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “මා භන්තේ භගවා ඉමස්මිං කුඩ්ඩනගරකේ උජ්ජංගලනගරකේ සාඛානගරකේ පරිනිබ්බායී. සන්ති භන්තේ අඤ්ඤානි මහානගරානි, සෙය්‍යථීදං: චම්පා රාජගහං සාවත්ථි සාකේතං කෝසම්බී බාරාණසී. එත්ථ භගවා පරිනිබ්බාතු. එත්ථ බහූ ඛත්තියමහාසාලා බ්‍රාහ්මණමහාසාලා ගහපතිමහාසාලා තථාගතේ අභිප්පසන්නා. තේ තථාගතස්ස සරීරපූජං කරිස්සන්තී”ති. “මාහේවං ආනන්ද අවච, මාහේවං ආනන්ද අවච කුඩ්ඩනගරකං උජ්ජංගලනගරකං සාඛානගරකන්ති.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මේ කුඩා නගරයෙහි, පිටිසර නගරයෙහි, ශාඛා නගරයෙහි පිරිනිවන් නොපානා සේක්වා! ස්වාමීනී, අන්‍ය වූ මහා නගරයෝ ඇත්තාහු ය. එනම්; චම්පා, රාජගහ, ශ්‍රාවස්ථි, සාකේත, කෝසම්බි, බාරාණසී යනාදිය යි. එවැනි මහා නගරයක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! එහි තථාගතයන් වහන්සේ කෙරෙහි බලවත් පැහැදීමෙන් යුතු බොහෝ මහාසාර ක්ෂත්‍රියවරු, මහාසාර බ්‍රාහ්මණවරු, මහාසාර ගෘහපතිවරු සිටිත් ද, ඔවුහු තථාගත සිරුරට නිසි පූජා පවත්වන්නාහු ය.”

“ආනන්දයෙනි, මෙසේ පවසන්නට එපා. ආනන්දයෙනි, කුඩා නගරයක් ය, පිටිසර නගරයක් ය, ශාඛා නගරයක් ය යි මෙසේ පවසන්නට එපා.

‘භූතපුබ්බං ආනන්ද රාජා මහාසුදස්සනෝ නාම අහෝසි චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ.

ආනන්දයෙනි, මෙය පෙර සිදුවූවකි. ධාර්මික වූ, ධර්මරාජ වූ, සයුර හිම් කොට සිව්මහා දිවයින් දිනාගත්, ජනපදයන්හි තහවුරු බවට පත්, සප්ත රත්නයෙන් සමන්විත වූ, මහා සුදස්සන නම් සක්විති රජෙක් මෙහි සිටියේ ය.

රඤ්ඤෝ ආනන්ද මහාසුදස්සනස්ස අයං කුසිනාරා කුසාවතී නාම රාජධානී අහෝසි. පුරත්ථිමේන ච පච්ඡිමේන ච ද්වාදසයෝජනානි ආයාමේන, උත්තරේන ච දක්ඛිණේන ච සත්තයෝජනානි විත්ථාරේන, කුසාවතී ආනන්ද රාජධානී ඉද්ධා චේව අහෝසි ඵීතා ච බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච. සෙය්‍යථාපි ආනන්ද දේවානං ආළකමන්දා නාම රාජධානී ඉද්ධා චේව ඵීතා ච බහුජනා ච ආකිණ්ණයක්ඛා ච සුභික්ඛා ච, ඒවමේව ඛෝ ආනන්ද කුසාවතී රාජධානී ඉද්ධා චේව අහෝසි ඵීතා ච බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච. කුසාවතී ආනන්ද රාජධානී දසහි සද්දේහි අවිවිත්තා අහෝසි දිවා චේව රත්තිඤ්ච සෙය්‍යථීදං: හත්ථිසද්දේන අස්සසද්දේන රථසද්දේන භේරිසද්දේන මුදිංගසද්දේන වීණාසද්දේන ගීතසද්දේන සංඛසද්දේන සම්මසද්දේන තාලසද්දේන අස්නාථ පිවථ ඛාදථාති දසමේන සද්දේන. ගච්ඡ ත්වං ආනන්ද, කුසිනාරං පවිසිත්වා කෝසිනාරකානං මල්ලානං ආරෝචේහි: අජ්ජ ඛෝ වාසෙට්ඨා රත්තියා පච්ඡිමේ යාමේ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. අභික්කමථ වාසෙට්ඨා අභික්කමථ වාසෙට්ඨා, මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ථ: අම්හාකඤ්ච නෝ ගාමක්ඛෙත්තේ තථාගතස්ස පරිනිබ්බානං අහෝසි, න මයං ලභිම්හා පච්ඡිමේ කාලේ තථාගතං දස්සනායා”ති.

ආනන්දයෙනි, මහා සුදස්සන රජුගේ කුසාවතී නම් රාජධානිය වූයේ මේ කුසිනාරාවෙහි ය. ඒ කුසාවතී රාජධානිය පෙරදිගින් ද, බටහිරින් ද දිග දොළොස් යොදුනකි. උතුරින් ද, දකුණින් ද පළල සත් යොදුනකි. ආනන්දයෙනි, කුසාවතී රාජධානිය ඉතා සමෘද්ධිමත් ව, සැපතින් පිරී, බොහෝ මිනිසුන්ගෙන් ජනාකීර්ණ ව, ආහාරපානාදිය සුලභ ව තිබුණේ ය. ආනන්දයෙනි, දෙවියන්ගේ ආලකමන්දා නම් රාජධානිය ඉතා සමෘද්ධිමත් ව, සැපතින් පිරී, බොහෝ යකුන්ගෙන් ජනාකීර්ණ ව, ආහාරපානාදිය සුලභ ව තිබෙන්නේ යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, කුසාවතී රාජධානිය ඉතා සමෘද්ධිමත් ව, සැපතින් පිරී, බොහෝ මිනිසුන්ගෙන් ජනාකීර්ණ ව, ආහාරපානාදිය සුලභ ව තිබුණේ ය.

ආනන්දයෙනි, කුසාවතී රාජධානිය දහවලට මෙන් ම රාත්‍රියට ත්, දස ශබ්දයකින් නිරතුරු හඬ නැගුණේ ය. එනම්; හස්ති ශබ්දයෙන්, අශ්ව ශබ්දයෙන්, රථ ශබ්දයෙන්, බෙර ශබ්දයෙන්, මිහිඟුබෙර ශබ්දයෙන්, වීණා ශබ්දයෙන්, ගීත ශබ්දයෙන්, සංඛ නාදයෙන්, මිත්‍ර නාදයෙන්, අත්තළ හඬින්, ‘අනුභව කරව්, පානය කරව්, කව්’ යන දසවෙනි ශබ්දයෙනි.

ඔබ යන්න ආනන්දයෙනි, කුසිනාරාවට පිවිස කුසිනාරාවැසි මල්ලයන් හට දැනුම් දෙව. ‘වාසෙට්ඨයෙනි, අද රාත්‍රියෙහි අවසන් යාමයෙහි තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේ ය. පිටත් ව එව් වාසෙට්ඨයෙනි. පිටත් ව එව් වාසෙට්ඨයෙනි. ‘අපගේ ගම් කෙතෙහි තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වූයේ ය. පශ්චිම කාලයෙහි තථාගතයන් වහන්සේගේ දැක්ම අපි නොලැබූවෙමු’ යි පසුව විපිළිසර නොවව්’ යනුවෙනි.

“ඒවම්භන්තේ”ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වා නිවාසෙත්වා පත්තචීවරමාදාය අත්තදුතියෝ කුසිනාරං පාවිසි.

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී සිවුරු හැඳ පොරොවා ගෙන, පා සිවුරු ගෙන තමා දෙවැන්නෙකු කොට කුසිනාරාවට පිවිසියේ ය.

[ මල්ලානං වන්දනා ]

102. තේන ඛෝ පන සමයේන කෝසිනාරකා මල්ලා සන්ථාගාරේ සන්නිපතිතා හොන්ති කේනචිදේව කරණීයේන. අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන කෝසිනාරකානං මල්ලානං සන්ථාගාරං තේනුපසංකමි. උපසංකමිත්වා කෝසිනාරකානං මල්ලානං ආරෝචේසි: “අජ්ජ ඛෝ වාසෙට්ඨා රත්තියා පච්ඡිමේ යාමේ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. අභික්කමථ වාසෙට්ඨා, අභික්කමථ වාසෙට්ඨා. මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ථ: ‘අම්හාකඤ්ච නෝ ගාමක්ඛෙත්තේ තථාගතස්ස පරිනිබ්බානං අහෝසි, න මයං ලභිම්හා පච්ඡිමේ කාලේ තථාගතං දස්සනායා”ති.

එසමයෙහි කුසිනාරාවැසි මල්ලවරු කිසියම් කරුණක් අරභයා රැස්වීම් ශාලාවෙහි රැස්වූවාහු වෙති.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කුසිනාරාවැසි මල්ලවරුන්ගේ රැස්වීම් ශාලාව යම් තැනක ද, එහි පැමිණියහ. පැමිණ කුසිනාරාවැසි මල්ලවරුන්ට මෙය දැනුම් දුන්නාහු ය.

“වාසෙට්ඨයෙනි, අද රාත්‍රියෙහි අවසන් යාමයෙහි තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේ ය. පිටත් ව එව් වාසෙට්ඨයෙනි. පිටත් ව එව් වාසෙට්ඨයෙනි. ‘අපගේ ගම් කෙතෙහි තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වූයේ ය. පශ්චිම කාලයෙහි තථාගතයන් වහන්සේගේ දැක්ම අපි නොලැබූවෙමු’ යි පසුව විපිළිසර නොවව්.

ඉදමායස්මතෝ ආනන්දස්ස වචනං සුත්වා මල්ලා ච මල්ලපුත්තා ච මල්ලසුණිසා ච මල්ලපජාපතියෝ ච අඝාවිනෝ දුම්මනා චේතෝදුක්ඛසමප්පිතා අප්පේකච්චේ කේසේ පකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පපතන්ති ආවට්ටන්ති විවට්ටන්ති “අතිඛිප්පං භගවා පරිනිබ්බායිස්සති, අතිඛිප්පං සුගතෝ පරිනිබ්බායිස්සති, අතිඛිප්පං චක්ඛු ලෝකේ අන්තරධායිස්සතී”ති.

ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ මේ වචනය ඇසූ මල්ලවරු ත්, මල්ල පුත්‍රයෝ ත්, මල්ල ලේලිවරුත්, මල්ල බිරින්දෑවරුත් දුකට පත් ව, දුකට පත් සිත් ඇති ව, චිත්ත ශෝකයෙන් යුතුව ඇතැම් කෙනෙක් කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී එහාට මෙහාට පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී යන්නේ ය’ කියා ය.

අථ ඛෝ මල්ලා ච මල්ලපුත්තා ච මල්ලසුණිසා ච මල්ලපජාපතියෝ ච අඝාවිනෝ දුම්මනා චේතෝදුක්ඛසමප්පිතා යේන උපවත්තනං මල්ලානං සාලවනං යේනායස්මා ආනන්දෝ තේනුපසංකමිංසු. අථ ඛෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතදහෝසි: සචේ ඛෝ අහං කෝසිනාරකේ මල්ලේ ඒකමේකං භගවන්තං වන්දාපෙස්සාමිං, අවන්දිතෝ’ව භගවා කෝසිනාරකේහි මල්ලේහි භවිස්සති. අථායං රත්ති විභායිස්සති. යන්නූනාහං කෝසිනාරකේ මල්ලේ කුලපරිවත්තසෝ කුලපරිවත්තසෝ ඨපෙත්වා භගවන්තං වන්දාපෙය්‍යං ‘ඉත්ථන්නාමෝ භන්තේ මල්ලෝ සපුත්තෝ සභරියෝ සපරිසෝ සාමච්චෝ භගවතෝ පාදේ සිරසා වන්දතී’ති.

ඉක්බිති දුකින් යුතු, දුකට පත් සිත් ඇති, චිත්ත ශෝකයෙන් යුතු මල්ලයෝ ත්, මල්ල පුත්‍රයෝ ත්, මල්ල ලේලිවරුත්, මල්ල බිරින්දෑවරුත් මල්ලවරුන්ගේ උපවර්තන සල්වනය යම් තැනක ද, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩසිටියේ යම් තැනක ද, එතැනට පැමිණියාහු ය. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.

‘ඉදින් මම කුසිනාරාවැසි මල්ලවරුන් එක් එක් කෙනා ලවා භාග්‍යවතුන් වහන්සේ ව වන්දවන්නෙම් නම්, කුසිනාරාවැසි මල්ලවරුන් විසින් භාග්‍යවතුන් වහන්සේ නොවන්දවන ලද සේක් ම වන්නාහු ය. එවිට මේ රැය ද පහන් වන්නේ ය. එහෙයින් මම කුසිනාරාවැසි මල්ලවරුන් කුල පරපුර වශයෙන් වෙන වෙන ම සිටුවා ‘ස්වාමීනී, දරුවන් සහිත, බිරින්දෑවරුන් සහිත, පිරිස් සහිත, අමාත්‍යයන් සහිත, මේ මේ නම් ඇති මල්ල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා බිම හිස තබා වඳියි’ යි භාග්‍යවතුන් වහන්සේ වන්දවන්නෙම් නම් මැනැව’ යි.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ කෝසිනාරකේ මල්ලේ කුලපරිවත්තසෝ කුලපරිවත්තසෝ ඨපෙත්වා භගවන්තං වන්දාපේසි: ‘ඉත්ථන්නාමෝ භන්තේ මල්ලෝ සපුත්තෝ සභරියෝ සපරිසෝ සාමච්චෝ භගවතෝ පාදේ සිරසා වන්දතී’ති. අථ ඛෝ ආයස්මා ආනන්දෝ ඒතේන උපායේන පඨමේනේව යාමේන කෝසිනාරකේ මල්ලේ භගවන්තං වන්දාපේසි.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කුසිනාරාවැසි මල්ලවරුන් කුල පරපුර වශයෙන් වෙන වෙන ම සිටුවා “ස්වාමීනී, දරුවන් සහිත, බිරින්දෑවරුන් සහිත, පිරිස් සහිත, අමාත්‍යයන් සහිත, මේ මේ නම් ඇති මල්ල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා බිම හිස තබා වඳියි” යි භාග්‍යවතුන් වහන්සේ ව වැන්දවූහ. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මේ ක්‍රමයෙන් රාත්‍රියේ ප්‍රථම යාමයෙහි ම කුසිනාරාවැසි මල්ලවරුන් ලවා භාග්‍යවතුන් වහන්සේව වැන්දවූහ.

[ සුභද්ද පරිබ්බාජක වත්ථු ]

103. තේන ඛෝ පන සමයේන සුභද්දෝ නාම පරිබ්බාජකෝ කුසිනාරායං පටිවසති. අස්සෝසි ඛෝ සුභද්දෝ පරිබ්බාජකෝ: ‘අජ්ජ කිර රත්තියා පච්ඡිමේ යාමේ සමණස්ස ගෝතමස්ස පරිනිබ්බානං භවිස්සතී’ති. අථ ඛෝ සුභද්දස්ස පරිබ්බාජකස්ස ඒතදහෝසි: ‘සුතං ඛෝ පන මේ’තං පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං කදාචි කරහචි තථාගතා ලෝකේ උප්පජ්ජන්ති අරහන්තෝ සම්මාසම්බුද්ධා’ති. අජ්ජේව රත්තියා පච්ඡිමේ යාමේ සමණස්ස ගෝතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්ථි ච මේ අයං කංඛාධම්මෝ උප්පන්නෝ. ඒවං පසන්නෝ අහං සමණේ ගෝතමේ ‘පහෝති මේ සමණෝ ගෝතමෝ තථා ධම්මං දේසේතුං යථාහං ඉමං කංඛාධම්මං පජහෙය්‍යන්ති’. අථ ඛෝ සුභද්දෝ පරිබ්බාජකෝ යේන උපවත්තනං මල්ලානං සාලවනං යේන ආයස්මා ආනන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: සුතං මේතං භෝ ආනන්ද පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: “කදාචි කරහචි තථාගතා ලෝකේ උප්පජ්ජන්ති අරහන්තෝ සම්මාසම්බුද්ධා”ති. අජ්ජේව රත්තියා පච්ඡිමේ යාමේ සමණස්ස ගෝතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්ථි ච මේ අයං කංඛාධම්මෝ උප්පන්නෝ, “ඒවං පසන්නෝ අහං සමණේ ගෝතමේ, පහෝති මේ සමණෝ ගෝතමෝ තථා ධම්මං දේසේතුං යථාහං ඉමං කංඛාධම්මං පජහෙය්‍යං. සාධාහං භෝ ආනන්ද ලභෙය්‍යං සමණං ගෝතමං දස්සනායා”ති.

එසමයෙහි සුභද්‍ර නම් පරිබ්‍රාජකයෙක් කුසිනාරාවෙහි වාසය කරයි. ‘අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේලු’ යි සුභද්‍ර පරිබ්‍රාජකයා ඇසුවේ ය. ඉක්බිති සුභද්‍ර පරිබ්‍රාජකයා හට මේ අදහස ඇතිවූයේ ය. ‘වයෝවෘද්ධ, මහළු, ආචාර්ය ප්‍රාචාර්ය පරිබ්‍රාජකයන්ගේ මේ වචනය මා විසින් අසන ලද්දේ ය. එනම් ‘තථාගත අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලා ඉතාමත් ම ඉතාමත් කලාතුරකින් ලොවෙහි පහළ වෙත්’ යන කරුණ යි. අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේ ය. මා තුළ මේ සැක කරුණක් ද හටගෙන ඇත්තේ ය. මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ පැහැදී සිටිමි. යම් අයුරකින් මේ සැකසංකා මම අත්හරින්නෙම් ද, ඒ අයුරින් මා හට ධර්මය දේශනා කරන්නට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමර්ථ වන සේක’ කියා ය.

ඉක්බිති සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ මල්ලවරුන්ගේ උපවර්තන සල් වනය යම් තැනක ද, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩසිටියේ යම් තැනක ද, එහි පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ආනන්දයෙනි, වයෝවෘද්ධ, මහළු, ආචාර්ය ප්‍රාචාර්ය පරිබ්‍රාජකයන්ගේ මේ වචනය මා විසින් අසන ලද්දේ ය. එනම් ‘තථාගත අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලා ඉතාමත් ම ඉතාමත් කලාතුරකින් ලොවෙහි පහළ වෙත්’ යන කරුණ යි. අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේ ය. මා තුළ මේ සැක කරුණක් ද හටගෙන ඇත්තේ ය. මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ පැහැදී සිටිමි. ‘යම් අයුරකින් මේ සැකසංකා මම අත්හරින්නෙම් ද, ඒ අයුරින් මා හට ධර්මය දේශනා කරන්නට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමර්ථ වන සේක’ යනුවෙනි. භවත් ආනන්දයෙනි, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ දැක්ම ලබන්නෙම් නම්, ඉතා යෙහෙකි.”

ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ සුභද්දං පරිබ්බාජකං ඒතදවෝච: ‘අලං ආවුසෝ සුභද්ද, මා තථාගතං විහේඨේසි. කිලන්තෝ භගවා’ති. දුතියම්පි ඛෝ සුභද්දෝ පරිබ්බාජකෝ ….(පෙ)…. තතියම්පි ඛෝ සුභද්දෝ පරිබ්බාජකෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: “සුතං මේතං භෝ ආනන්ද පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: කදාචි කරහචි තථාගතා ලෝකේ උප්පජ්ජන්ති අරහන්තෝ සම්මාසම්බුද්ධාති. අජ්ජේව රත්තියා පච්ඡිමේ යාමේ සමණස්ස ගෝතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්ථි ච මේ අයං කංඛාධම්මෝ උප්පන්නෝ, ඒවං පසන්නෝ අහං සමණේ ගෝතමේ, ‘පහෝති මේ සමණෝ ගෝතමෝ තථා ධම්මං දේසේතුං යථාහං ඉමං කංඛාධම්මං පජහෙය්‍යං’. සාධාහං භෝ ආනන්ද ලභෙය්‍යං සමණං ගෝතමං දස්සනායා”ති. තතියම්පි ඛෝ ආයස්මා ආනන්දෝ සුභද්දං පරිබ්බාජකං ඒතදවෝච: “අලං ආවුසෝ සුභද්ද, මා තථාගතං විහේඨේසි කිලන්තෝ භගවා”ති.

මෙසේ කී කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයා හට මෙය පැවසූහ.

“ඔය ඇති ආයුෂ්මත් සුභද්‍ර. තථාගතයන් වහන්සේ වෙහෙසන්නට එපා! භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත ව සිටින සේක.”

දෙවෙනි වතාවට ත් සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ ….(පෙ)…. තුන්වෙනි වතාවට ත් සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ආනන්දයෙනි, වයෝවෘද්ධ, මහළු, ආචාර්ය ප්‍රාචාර්ය පරිබ්‍රාජකයන්ගේ මේ වචනය මා විසින් අසන ලද්දේ ය. එනම් ‘තථාගත අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලා ඉතාමත් ම ඉතාමත් කලාතුරකින් ලොවෙහි පහළ වෙත්’ යන කරුණ යි. අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේ ය. මා තුළ මේ සැක කරුණක් ද හටගෙන ඇත්තේ ය. මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ පැහැදී සිටිමි. ‘යම් අයුරකින් මේ සැකසංකා මම අත්හරින්නෙම් ද, ඒ අයුරින් මා හට ධර්මය දේශනා කරන්නට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමර්ථ වන සේක යනුවෙනි. භවත් ආනන්දයෙනි, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ දැක්ම ලබන්නෙම් නම්, ඉතා යෙහෙකි.”

තෙවෙනි වතාවට ත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයා හට මෙය පැවසූහ.

“ඔය ඇති ආයුෂ්මත් සුභද්‍ර. තථාගතයන් වහන්සේ වෙහෙසන්නට එපා! භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත ව සිටින සේක.”

104. අස්සෝසි ඛෝ භගවා ආයස්මතෝ ආනන්දස්ස සුභද්දේන පරිබ්බාජකේන සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “අලං ආනන්ද මා සුභද්දං වාරේසි, ලභතං ආනන්ද සුභද්දෝ තථාගතං දස්සනාය. යං කිඤ්චි මං සුභද්දෝ පුච්ඡිස්සති, සබ්බන් තං අඤ්ඤාපෙක්ඛෝ’ව පුච්ඡිස්සති නෝ විහේසාපෙක්ඛෝ. යඤ්චස්සාහං පුට්ඨෝ බ්‍යාකරිස්සාමි, තං ඛිප්පමේව ආජානිස්සතී”ති.

භාග්‍යවතුන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයා සමඟ කරනු ලබන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ මේ කතා සල්ලාපය ඇසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“කම් නැත ආනන්දයෙනි, සුභද්‍රයන් වළක්වන්නට එපා. ආනන්දයෙනි, සුභද්‍ර තෙමේ තථාගතයන්ගේ දැක්ම ලබාවා! සුභද්‍ර තෙමේ යම් කිසිවක් මගෙන් අසයි නම්, ඒ සියල්ල දැනගනු කැමැති ව ම අසන්නේ ය. වෙහෙසට පත් කරන අදහසක් නැත්තේ ය. අසනු ලැබූ මම යමක් ඔහුට පවසන්නෙම් ද, එය වහා ම තේරුම් ගන්නේ ය.”

අථ ඛෝ ආයස්මා ආනන්දෝ සුභද්දං පරිබ්බාජකං ඒතදවෝච: ගච්ඡාවුසෝ සුභද්ද, කරෝති තේ භගවා ඕකාසන්ති. අථ ඛෝ සුභද්දෝ පරිබ්බාජකෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සුභද්දෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: ‘යේ’මේ භෝ ගෝතම සමණබ්‍රාහ්මණා සංඝිනෝ ගණිනෝ ගණාචරියා ඤාතා යසස්සිනෝ තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, සෙය්‍යථීදං: පූරණෝ කස්සපෝ, මක්ඛලි ගෝසාලෝ, අජිතෝ කේසකම්බලෝ, පකුධෝ කච්චායනෝ, සඤ්ජයෝ බේලට්ඨපුත්තෝ, නිගණ්ඨෝ නාතපුත්තෝ, සබ්බේ තේ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤිංසු, සබ්බේව න අබ්භඤ්ඤිංසු, උදාහු ඒකච්චේ අබ්භඤ්ඤිංසු ඒකච්චේ නාබ්භඤ්ඤිංසූ?”ති.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයා හට මෙය පැවසූහ.

“යන්න ආයුෂ්මත් සුභද්‍ර, භාග්‍යවතුන් වහන්සේ ඔබට අවසර දෙන සේක.”

ඉක්බිති සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා බහේ යෙදුණේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රාවක පිරිස් ඇති, සමූහ ඇති, ගණාචාර්ය වූ, ප්‍රසිද්ධ, යස කීර්ති ඇති, බොහෝ ජනයා මැනැවැයි පිළිගත් යම් මේ ආගමික මත කියන ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිත් ද, එනම් පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨපුත්ත, නිගණ්ඨනාතපුත්‍ර ය. ඔවුන් සියලු දෙනා තමන් ප්‍රතිඥා දෙන පරිදි අවබෝධ කළාහු ද? සියල්ලෝ ම අවබෝධ නොකළාහු ද? නැතහොත් ඇතැමෙක් අවබෝධ කළාහු ද? ඇතැමෙක් අවබෝධ නොකළාහු ද?”

“අලං සුභද්දං තිට්ඨතේතං සබ්බේ තේ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤිංසු, සබ්බේව න අබ්භඤ්ඤිංසු, උදාහු ඒකච්චේ අබ්භඤ්ඤිංසු ඒකච්චේ නාබ්භඤ්ඤිංසූ”ති. “ධම්මං තේ සුභද්ද දේසිස්සාමි. තං සුණාහි, සාධුකං මනසි කරෝහි, භාසිස්සාමී”ති. ‘ඒවං භන්තේ’ති ඛෝ සුභද්දෝ පරිබ්බාජකෝ භගවතෝ පච්චස්සෝසි, භගවා ඒතදවෝච:

“පලක් නැත, සුභද්‍රයෙනි. ඔවුන් සියලු දෙනා තමන් ප්‍රතිඥා දෙන පරිදි අවබෝධ කළාහු ද? සියල්ලෝ ම අවබෝධ නොකළාහු ද? නැතහොත් ඇතැමෙක් අවබෝධ කළාහු ද? ඇතැමෙක් අවබෝධ නොකළාහු ද? යන මෙය පසෙක තිබේවා! සුභද්‍රය, ඔබට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

105. “යස්මිං ඛෝ සුභද්ද ධම්මවිනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ න උපලබ්භති, සමණෝ පි තත්ථ න උපලබ්භති, දුතියෝ පි තත්ථ සමණෝ න උපලබ්භති, තතියෝ පි තත්ථ සමණෝ න උපලබ්භති, චතුත්ථෝ පි තත්ථ සමණෝ න උපලබ්භති. යස්මිඤ්ච ඛෝ සුභද්ද ධම්මවිනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්භති, සමණෝ පි තත්ථ උපලබ්භති, දුතියෝ පි තත්ථ සමණෝ උපලබ්භති, තතියෝ පි තත්ථ සමණෝ උපලබ්භති, චතුත්ථෝ පි තත්ථ සමණෝ උපලබ්භති. ඉමස්මිං ඛෝ සුභද්ද ධම්මවිනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්භති. ඉධේ ව සුභද්ද සමණෝ, ඉධ දුතියෝ සමණෝ, ඉධ තතියෝ සමණෝ, ඉධ චතුත්ථෝ සමණෝ. සුඤ්ඤා පරප්පවාදා සමණේහි අඤ්ඤේ. ඉමේ ච සුභද්ද භික්ඛූ සම්මා විහරෙය්‍යුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සා”ති.

“සුභද්‍රයෙනි, යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට නොලැබෙයි ද, එහි පළමු වැනි ශ්‍රමණයා ත් දක්නට නොලැබෙයි. එහි දෙවෙනි ශ්‍රමණයා ත් දක්නට නොලැබෙයි. එහි තුන්වැනි ශ්‍රමණයා ත් දක්නට නොලැබෙයි. එහි සිව්වැනි ශ්‍රමණයා ත් දක්නට නොලැබෙයි.

සුභද්‍රයෙනි, යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට ලැබෙයි ද, එහි පළමු වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. එහි දෙවෙනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. එහි තුන්වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. එහි සිව්වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි.

සුභද්‍රයෙනි, මේ ධර්ම විනයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට ලැබෙයි. සුභද්‍රයෙනි, මෙහි ම පළමු වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. මෙහි දෙවෙනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. මෙහි තුන්වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. මෙහි සිව්වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි.

අන්‍ය ඇදහීම් මේ සිව් වැදෑරුම් ශ්‍රමණයන්ගෙන් හිස් ය. සුභද්‍රයෙනි, මේ භික්ෂූහු යහපත් ව පිළිවෙතෙහි යෙදෙත් නම් ලොව රහතුන්ගෙන් හිස් නොවන්නේ ය.”

“ඒකූනතිංසෝ වයසා සුභද්ද
යං පබ්බජිං කිං කුසලානුඒසී

සුභද්‍රයෙනි, වයසින් විසි නව වැන්නෙහි දී කුසල් යනු කුමක්දැයි සොයමින් පැවිදි වූයෙමි යි යන යමක් ඇද්ද,

වස්සානි පඤ්ඤාස සමාධිකානි
යතෝ අහං පබ්බජිතෝ සුභද්ද

සුභද්‍රයෙනි, මම යම් කලක පැවිදි වුයෙම් ද, එදා සිට මේ දක්වා පණස් වසරකට වැඩි කලක් ගෙවුණේ ය.

ඤායස්ස ධම්මස්ස පදේසවත්ති
ඉතෝ බහිද්ධා සමණෝ පි නත්ථි.
දුතියෝ පි සමණෝ නත්ථි,
තතියෝ පි සමණෝ නත්ථි,
චතුත්ථෝ පි සමණෝ නත්ථි.

චතුරාර්ය සත්‍යය ධර්මයෙහි කොටසක් වත් අවබෝධ කළ ශ්‍රමණයෙක් මේ බුදු සසුනෙන් බැහැර ව නැත්තේ ය. එහෙයින් මෙයින් බැහැර පළමු ශ්‍රමණයා ත් නැත්තේ ය. දෙවෙනි ශ්‍රමණයා ත් නැත්තේ ය. තෙවැනි ශ්‍රමණයා ත් නැත්තේ ය. සිව්වෙනි ශ්‍රමණයා ත් නැත්තේ ය.

සුඤ්ඤා පරප්පවාදා සමණේහි අඤ්ඤේ

අන්‍ය වූ ඇදහීම් සියල්ල මේ සිව් වැදෑරුම් ශ්‍රමණයන්ගෙන් හිස් ය.

ඉමේ ච සුභද්ද භික්ඛූ සම්මා විහරෙය්‍යුං
අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහී”ති.

සුභද්‍රයෙනි, මේ භික්ෂූහුත්, මනා කොට පිළිවෙතෙහි යෙදී වසත් නම්, ලොව රහතුන් ගෙන් හිස් නොවන්නේ ය.”

106. ඒවං වුත්තේ සුභද්දෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ සෙය්‍යථාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති, ඒවමේව භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. ලභෙය්‍යාහං භන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පදන්ති.

මෙසේ වදාළ කල්හී සුභද්‍ර පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, එය මෙබඳු දෙයකි. යටට හරවා තිබූ දෙයක් උඩට හරවන්නේ යම් සේ ද, වැසුණු දෙයක් විවර කරන්නේ යම් සේ ද, මංමුලාවූවෙකුට හරිමග පවසන්නේ යම් සේ ද, ‘ඇස් ඇත්තවුන් රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය වදාරණ ලද්දේ ය. ස්වාමීනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ව සරණ යමි. ධර්මය ත්, භික්ෂු සංඝයා ත් සරණ යමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මම පැවිදි බව ලබම්වා! උපසම්පදාව ලබම්වා!”

“යෝ ඛෝ සුභද්ද අඤ්ඤතිත්ථියපුබ්බෝ ඉමස්මිං ධම්මවිනයේ ආකංඛති පබ්බජ්ජං, ආකංඛති උපසම්පදං, සෝ චත්තාරෝ මාසේ පරිවසති. චතුන්නං මාසානං අච්චයේන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවේමත්තතා විදිතා”ති. “සචේ භන්තේ අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයේ, ආකංඛන්තා පබ්බජ්ජං, ආකංඛන්තා උපසම්පදං, චත්තාරෝ මාසේ පරිවසන්ති, චතුන්නං මාසානං අච්චයේන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය, අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි, චතුන්නං වස්සානං අච්චයේන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු භික්ඛුභාවායා”ති.

“සුභද්‍රයෙනි, යමෙක් කලින් අන්‍ය තීර්ථකයෙකු ව සිටියෙක් මේ ධර්ම විනයෙහි පැවිද්ද කැමති වෙයි නම්, උපසම්පදාව කැමති වෙයි නම්, ඔහු සිව් මාසයක පරිවාස කාලයක් සිටියි. සිව්මස ඇවෑමෙන් සතුටට පත් සිත් ඇති භික්ෂූහු භික්ෂු භාවය පිණිස ඔහු පැවිදි කරති. උපසම්පදා කරති. එනමුත් මෙහිලා මා විසින් පුද්ගලයන්ගේ වෙනස්කම දන්නා ලද්දේ ය.”

“ඉදින් ස්වාමීනී, කලින් අන්‍ය තීර්ථකයෙකු ව සිට මේ ධර්ම විනයෙහි පැවිද්ද කැමති වෙයි නම්, උපසම්පදාව කැමති වෙයි නම්, ඔහු සිව් මාසයක පරිවාස කාලයක් සිටියි නම්, සිව්මස ඇවෑමෙන් සතුටට පත් සිත් ඇති භික්ෂූහු භික්ෂු භාවය පිණිස ඔහු පැවිදි කරත් නම්, උපසම්පදා කරත් නම්, මම සිව් වසරක් පිරිවෙස් වසන්නෙමි. ඒ සිව් වසර ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු භික්ෂුභාවය පිණිස මා පැවිදි කරත්වා! උපසම්පදා කරත්වා!”

අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ‘තේනහානන්ද සුභද්දං පබ්බාජේථා’ති. ‘ඒවම් භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. අථ ඛෝ සුභද්දෝ පරිබ්බාජකෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: “ලාභා වෝ ආවුසෝ ආනන්ද, සුලද්ධං වෝ ආවුසෝ ආනන්ද, යේ එත්ථ සත්ථු සම්මුඛා අන්තේවාසාභිසේකේන අභිසිත්තා”ති.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එසේ වී නම් ආනන්දයෙනි, සුභද්‍රයන් පැවිදි කරව.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත් ආනන්දයෙනි, ඔබලාට මහත් ලාභයකි. ආයුෂ්මත් ආනන්දයෙනි, ඔබලාට මනා වූ ලැබීමකි. මෙබඳු ශාස්තෘන් වහන්සේ නමකගේ අතවැසියන් ලෙස ඔටුනු පැළදීමකින් අභිෂේක ලැබීමක් ඇද්ද, එය යි.”

අලත්ථ ඛෝ සුභද්දෝ පරිබ්බාජකෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නෝ ඛෝ පනායස්මා සුභද්දෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ, නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ඛෝ පනායස්මා සුභද්දෝ අරහතං අහෝසි. සෝ ච භගවතෝ පච්ඡිමෝ සක්ඛිසාවකෝ අහෝසීති.

සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබුවේ ය. උපසම්පදාව ලැබුවේ ය. උපසම්පදාව ලැබ නොබෝ වේලාවකින් ආයුෂ්මත් සුභද්‍රයන් වහන්සේ තනි ව, හුදෙකලා ව, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීර්යය ඇති ව, කාය ජීවිත දෙකෙහි ආශා නැතිව වසන්නාහු, යම් අරුතක් පිණිස කුලදරුවෝ මනාකොට ගිහිගෙය අත්හැර අනගාරික ව පැවිදි බව ලබත් ද, ඒ බඹසරෙහි නිමාව වන අනුත්තර අරහත්වය මෙලොව දී ම, නොබෝ කලකින් ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළහ. ‘ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන් පිණිස කළ යුතු අනෙකක් නැතැ’ යි දැනගත්හ. ආයුෂ්මත් සුභද්‍රයන් වහන්සේ වනාහී එක්තරා රහතන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවසාන ප්‍රත්‍යක්ෂ ශ්‍රාවකයන් වහන්සේ වූහ.

පඤ්චමෝ භාණවාරෝ.

[ තථාගතස්ස පච්ඡිමා වාචා ]

107. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“සියා ඛෝ පනානන්ද තුම්හාකං ඒවමස්ස, අතීතසත්ථුකං පාවචනං, නත්ථි නෝ සත්ථාති. න ඛෝ පනේතං ආනන්ද ඒවං දට්ඨබ්බං. යෝ ඛෝ ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්ථා’ති. යථා ඛෝ පනානන්ද ඒතරහි භික්ඛූ අඤ්ඤමඤ්ඤං ආවුසෝවාදේන සමුදාචරන්ති, න ඛෝ මමච්චයේන ඒවං සමුදාචරිතබ්බං. ථේරතරේන ආනන්ද භික්ඛුනා නවකතරෝ භික්ඛු නාමේන වා ගොත්තේන වා ආවුසෝවාදේන වා සමුදාචරිතබ්බෝ, නවකතරේන භික්ඛුනා ථේරතරෝ භික්ඛු භන්තේති වා ආයස්මාති වා සමුදාචරිතබ්බෝ.

“ආනන්දයෙනි, ඔබට මෙබඳු වූ අදහසක් ඇතිවන්නට පුළුවනි. ‘බුද්ධ වචනය අතීතයට ගිය ශාස්තෘන් වහන්සේගේ ය. අපගේ ශාස්තෘන් වහන්සේ නැති සේක’ යනුවෙනි. ආනන්දයෙනි, ඔබ මේ අයුරින් නොදැක්ක යුත්තේ ය. ආනන්දයෙනි, මා විසින් යම් ධර්මයකුත් විනයකුත් දෙසන ලද්දේ ද, පණවන ලද්දේ ද, මාගේ ඇවෑමෙන් එය ඔබට ශාස්තෘ වන්නේ ය.

ආනන්දයෙනි, මෙකල්හී වනාහී භික්ෂූහු එකිනෙකාට ‘ආවුසෝ’ යන වචනය යම් සේ අමතා පවසත් ද, මාගේ ඇවෑමෙන් පසු එසේ කතා නොකළ යුත්තේ ය. ආනන්දයෙනි, වඩා වැඩිමහල් භික්ෂුව විසින් වඩා නවක භික්ෂුවකට නමින් හෝ ගෝත්‍ර නමින් හෝ ‘ආවුසෝ’ යන වචනයෙන් හෝ ඇමතිය යුත්තේ ය. වඩා නවක භික්ෂුව විසින් වඩා වැඩිමහල් භික්ෂුවට ‘ස්වාමීනී’ කියා හෝ ‘ආයුෂ්මත්නි’ කියා හෝ ඇමතිය යුත්තේ ය.

ආකංඛමානෝ ආනන්ද සංඝෝ මමච්චයේන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනතු. ඡන්නස්ස ආනන්ද භික්ඛුනෝ මමච්චයේන බ්‍රහ්මදණ්ඩෝ දාතබ්බෝ”ති. “කතමෝ පන භන්තේ බ්‍රහ්මදණ්ඩෝ?”ති. “ඡන්නෝ ආනන්ද භික්ඛු යං ඉච්ඡෙය්‍ය තං වදෙය්‍ය, සෝ භික්ඛූහි නේව වත්තබ්බෝ න ඕවදිතබ්බෝ න අනුසාසිතබ්බෝ”ති.

ආනන්දයෙනි, සංඝයා කැමති වන්නේ නම්, මාගේ ඇවෑමෙන් කුඩා අනුකුඩා ශික්ෂාපද ඉවත් කෙරේවා!

ආනන්දයෙනි, මාගේ ඇවෑමෙන් පසු ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය දිය යුත්තේ ය.”

“ස්වාමීනී, බ්‍රහ්ම දණ්ඩනය යනු කුමක් ද?”

“ආනන්දයෙනි, ඡන්න භික්ෂුව යමක් කැමති නම් එය කියන්නේ ය. භික්ෂූන් විසින් ඔහු හා කතා නොකළ යුත්තේ ය. අවවාද නොදිය යුත්තේ ය. අනුශාසනා නොකළ යුත්තේ ය.”

108. අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: සියා ඛෝ පන භික්ඛවේ ඒකභික්ඛුස්සාපි කංඛා වා විමති වා බුද්ධේ වා ධම්මේ වා සංඝේ වා මග්ගේ වා පටිපදාය වා, පුච්ඡථ භික්ඛවේ, මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ථ: සම්මුඛීභූතෝ නෝ සත්ථා අහෝසි, න මයං සක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති. ඒවං වුත්තේ තේ භික්ඛූ තුණ්හී අහේසුං. දුතියම්පි ඛෝ භගවා ….(පෙ)…. තතියම්පි ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: සියා ඛෝ පන භික්ඛවේ ඒකභික්ඛුස්සාපි කංඛා වා විමති වා බුද්ධේ වා ධම්මේ වා සංඝේ වා මග්ගේ වා පටිපදාය වා පුච්ඡථ භික්ඛවේ මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ථ, සම්මුඛීභූතෝ නෝ සත්ථා අහෝසි, න මයං සක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති. තතියම්පි ඛෝ තේ භික්ඛූ තුණ්හී අහේසුං. අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: ‘සියා ඛෝ පන භික්ඛවේ සත්ථුගාරවේනාපි න පුච්ඡෙය්‍යාථ. සහායකෝ පි භික්ඛවේ සහායකස්ස ආරෝචේතූ’ති. ඒවං වුත්තේ තේ භික්ඛූ තුණ්හී අහේසුං.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, එක් භික්ෂුවකට වුවත් බුදුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා, සැකයක් හෝ විමතියක් හෝ ඇතිවන්නට පුළුවනි. එහිලා මහණෙනි, විමසව්. ‘අපට ශාස්තෘන් වහන්සේ හමු වූ සේක. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙය අසන්නට අපට නොහැකි වූයේ ය’ යි පසුව විපිළිසර වන්නට එපා. මෙසේ වදාළ කල්හී ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ.

දෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)… තෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

මහණෙනි, එක් භික්ෂුවකට වුවත් බුදුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා, සැකයක් හෝ විමතියක් හෝ ඇතිවන්නට පුළුවනි. එහිලා මහණෙනි, විමසව්. ‘අපට ශාස්තෘන් වහන්සේ හමු වූ සේක. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙය අසන්නට අපට නොහැකි වූයේ ය’ යි පසුව විපිළිසර වන්නට එපා. ඒ භික්ෂූහු තෙවෙනි වතාවට ත් නිශ්ශබ්ද වූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, ශාස්තෘ ගෞරවය නිසා ත් අසා නොසිටින්නට පුළුවනි. මහණෙනි, යහළුවෙකුත් යහළුවෙකුට එය පවසාවා!”

මෙසේ වදාළ කල්හී ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ, ඒවං පසන්නෝ අහං භන්තේ ඉමස්මිං භික්ඛුසංඝේ ‘නත්ථි ඒකභික්ඛුස්සාපි කංඛා වා විමති වා බුද්ධේ වා ධම්මේ වා සංඝේ වා මග්ගේ වා පටිපදාය වා’ති. “පසාදා ඛෝ ත්වං ආනන්ද වදේසි. ඤාණමේව හෙත්ථ ආනන්ද තථාගතස්ස නත්ථි ඉමස්මිං භික්ඛු සංඝේ ඒකභික්ඛුස්සාපි කංඛා වා විමති වා බුද්ධේ වා ධම්මේ වා සංඝේ වා මග්ගේ වා පටිපදාය වා. ඉමේසං හි ආනන්ද පඤ්චන්නං භික්ඛුසතානං යෝ පච්ඡිමකෝ භික්ඛු සෝ සෝතාපන්නෝ අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ’ති.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයකි! ස්වාමීනී, මම මේ භික්ෂු සංඝයා කෙරෙහි මෙසේ පහන් ව සිටිමි. බුදුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා, සැකයක් හෝ විමතියක් එක් භික්ෂුවක තුළ ත් නැත්තේ ය.”

“ආනන්දයෙනි, ඔබ හුදෙක් ප්‍රසාදයෙන් පවසන්නෙහි ය. ආනන්දයෙනි, තථාගතයන් හට මෙහිලා ඤාණයක් ම ඇත්තේ ය. මේ භික්ෂු සංඝයා අතර බුදුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා, සැකයක් හෝ විමතියක් එක් භික්ෂුවක තුළ ත් නැත්තේ ය. ආනන්දයෙනි, මේ පන්සියයක් භික්ෂූන් අතර අවසානයට සිටින යම් භික්ෂුවක් ඇද්ද, ඔහු ත් සතර අපායෙහි නොවැටෙන ස්වභාව ඇති නියතයෙන් නිවන් අවබෝධ කරන සෝවාන් වූවෙකි.”

අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “හන්ද’දානි භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථා”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“එසේ නම් මහණෙනි, දැන් ඔබ අමතමි. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ නැසෙන ස්වභාවයෙන් යුක්ත වෙති. අප්‍රමාදී ව නිවන් අවබෝධ කරනු පිණිස වෑයම් කරව්.”

අයං තථාගතස්ස පච්ඡිමා වාචා.

මෙය තථාගතයන් වහන්සේගේ අවසාන වචනය යි.

[ භගවතෝ පරිනිබ්බානං. ]

109. අථ ඛෝ භගවා පඨමං ඣානං සමාපජ්ජි. පඨමජ්ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා ආකාසානඤ්චායතනං සමාපජ්ජි. ආකාසානඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා සඤ්ඤාවේදයිතනිරෝධං සමාපජ්ජි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට සමවැදුණු සේක. ප්‍රථම ධ්‍යානයෙන් නැගිට දෙවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. දෙවෙනි ධ්‍යානයෙන් නැගිට තුන්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. තුන්වෙනි ධ්‍යානයෙන් නැගිට සිව්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. සිව්වෙනි ධ්‍යානයෙන් නැගිට ආකාසානඤ්චායතනයට සමවැදුණු සේක. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගිට විඤ්ඤාණඤ්චායතනයට සමවැදුණු සේක. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගිට ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණු සේක. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුණු සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදුණු සේක.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ ආයස්මන්තං අනුරුද්ධං ඒතදවෝච, “පරිනිබ්බුතෝ භන්තේ අනුරුද්ධ භගවා”ති. “න ආවුසෝ ආනන්ද භගවා පරිනිබ්බුතෝ සඤ්ඤාවේදයිතනිරෝධං සමාපන්නෝ”ති.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගෙන් මෙය ඇසූහ.

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක් ද?”

“නැත, ආයුෂ්මත් ආනන්දයෙනි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් නොපෑ සේක. සඤ්ඤා වේදයිත නිරෝධයට සමවැදුණු සේක.”

අථ ඛෝ භගවා සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියා වුට්ඨහිත්වා නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා ආකාසානඤ්චායතනං සමාපජ්ජි. ආකාසානඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා පඨමං ඣානං සමාපජ්ජි. පඨමජ්ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා තං සමනන්තරා භගවා පරිනිබ්බායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුණු සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණු සේක. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට විඤ්ඤාණඤ්චායතනයට සමවැදුණු සේක. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගිට ආකාසානඤ්චායතනයට සමවැදුණු සේක. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගිට සිව්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. සිව්වෙනි ධ්‍යානයෙන් නැගිට තුන්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. තුන්වන ධ්‍යානයෙන් නැගිට දෙවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. දෙවෙනි ධ්‍යානයෙන් නැගිට පළමුවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. ප්‍රථම ධ්‍යානයෙන් නැගිට දෙවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. දෙවෙනි ධ්‍යානයෙන් නැගිට තුන්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. තුන්වෙනි ධ්‍යානයෙන් නැගිට සිව්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. සිව්වෙනි ධ්‍යානයෙන් නැගිට එසැණින් ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.

110. පරිනිබ්බුතේ භගවති සහ පරිනිබ්බානා මහාභූමිචාලෝ අහෝසි, භිංසනකෝ සලෝමහංසෝ දේවදුන්දුභියෝ ච ඵලිංසු. පරිනිබ්බුතේ භගවති සහ පරිනිබ්බානා බ්‍රහ්මා සහම්පති ඉමං ගාථං අභාසි:

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ ම බිහිසුණු, ලොමුදහගැනීම් ඇති මහත් පොළොව සැලීමක් වූයේ ය. දෙව්බෙරහු ද පැලී ගියාහු ය. (අකල් වැස්සක් ඇදහැලුණි) භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ සහම්පති බ්‍රහ්මරාජයා මේ ගාථාව පැවසුවේ ය.

“සබ්බේව නික්ඛිපිස්සන්ති භූතා ලෝකේ සමුස්සයං
යථා ඒතාදිසෝ සත්ථා ලෝකේ අප්පටිපුග්ගලෝ
තථාගතෝ බලප්පත්තෝ සම්බුද්ධෝ පරිනිබ්බුතෝ”ති.

ලොවෙහි උපන් සියළු සත්වයෝ ම සිරුරු අත්හැර දමන්නාහු ය. එසෙයින් ම ලෝකයෙහි කිසිවෙකු හා සමාන නොවූ ශාස්තෘ වූ තථාගත දසබලයෙන් යුතු සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක.”

පරිනිබ්බුතේ භගවති සහ පරිනිබ්බානා සක්කෝ දේවානමින්දෝ ඉමං ගාථං අභාසි:

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මේ ගාථාව පැවසුවේ ය.

“අනිච්චා වත සංඛාරා උප්පාදවයධම්මිනෝ,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තේසං වූපසමෝ සුඛෝ”ති.

හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන් සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. හටගෙන නැසෙන ස්වභාවයෙන් යුක්ත වෙයි. ඉපදී නිරුද්ධ වෙති. නැවත නූපදින පරිද්දෙන් එම සංස්කාරයන්ගේ සංසිඳී යාම සැපයකි.”

පරිනිබ්බුතේ භගවති සහ පරිනිබ්බානා ආයස්මා අනුරුද්ධෝ ඉමා ගාථායෝ අභාසි:

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ මේ ගාථා පැවසූහ.

“නාහු අස්සාසපස්සාසෝ ඨිතචිත්තස්ස තාදිනෝ,
අනේජෝ සන්තිමාරබ්භ යං කාලමකරී මුනි.

නිවනෙහි පිහිටි සිත් ඇති, අටලෝ දහමින් කම්පා නැති භාග්‍යවතුන් වහන්සේ ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නැති වී ගියාහු ය. තෘෂ්ණා රහිත අප මුනීන්ද්‍රයන් වහන්සේ ශාන්ත නිවන අරභයා කළුරිය කොට වදාළ සේක.

අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ඣවාසයී,
පජ්ජෝතස්සේව නිබ්බානං විමොක්ඛෝ චේතසෝ අහූ”ති.

නොහැකිලුණු සිතින් යුතු ව වේදනාව ඉවසූ සේක. නිවී යන පහනක් සෙයින් නිදහස් වූ සිත් ඇති සේක.”

පරිනිබ්බුතේ භගවති සහ පරිනිබ්බානා ආයස්මා ආනන්දෝ ඉමං ගාථං අභාසි:

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මේ ගාථාව පැවසූහ.

“තදාසි යං භිංසනකං තදාසි ලෝමහංසනං
සබ්බාකාරවරූපේතේ සම්බුද්ධේ පරිනිබ්බුතේ”ති.

සියළු ආකාරයෙන් වූ උත්තම ගුණාංගයන්ගෙන් හෙබි සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ මොහොතෙහි එකෙණෙහි ම බිහිසුණු ලෙස පොළොව සෙළවී ගියේ ය. එකෙණෙහි ම මහත් ලොමුදහගැනීම් ඇතිවූයේ ය.”

111. “පරිනිබ්බුතේ භගවති යේ තේ තත්ථ භික්ඛූ අවීතරාගා අප්පේකච්චේ බාහා පග්ගය්හ කන්දන්ති ඡින්නපාතං පතන්ති ආවට්ටන්ති විවට්ටන්ති: ‘අතිඛිප්පං භගවා පරිනිබ්බුතෝ, අතිඛිප්පං සුගතෝ පරිනිබ්බුතෝ අතිඛිප්පං චක්ඛු ලෝකේ අන්තරහිතන්ති. යේ පන තේ භික්ඛූ වීතරාගා තේ සතා සම්පජානා අධිවාසෙන්ති ‘අනිච්චා සංඛාරා, තං කුතෙත්ථ ලබ්භා’ති.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී එහි යම් රාගය දුරු නොකළ භික්ෂූහු සිටියාහු ද, ඔවුහු ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ යි ඇතැම් කෙනෙක් දෑත් හිස බැඳ හඬා වැටෙත්. මැදින් සිඳුණවුන් සේ කඩා වැටෙත්. හඬා බිම පෙරලී වැටෙත්. යළි යළි බිම පෙරළෙමින් හඬා වැටෙත්. යම් ඒ භික්ෂූහු වීතරාගී ව සිටියාහු ද, ඔවුහු සිහියෙන් හා නුවණින් යුක්ත ව හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයෝ අනිත්‍යයහ. ඒවායේ නිත්‍ය බවක් කොයින් නම් ලබන්නට දැයි ඉවසා සිටිත්.

112. අථ ඛෝ ආයස්මා අනුරුද්ධෝ භික්ඛූ ආමන්තේසි: අලං ආවුසෝ මා සෝචිත්ථ මා පරිදේවිත්ථ. නනු ඒතං ආවුසෝ භගවතා පටිගච්චේව අක්ඛාතං, සබ්බේහේව පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ අඤ්ඤථාභාවෝ, තං කුතෙත්ථ ආවුසෝ ලබ්භා යන්තං ජාතං භූතං සංඛතං පලෝකධම්මං තං වත මා පලු‍ජ්ජිති නේතං ඨානං විජ්ජති. දේවතා ආවුසෝ උජ්ඣායන්තී”ති.

ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“පලක් නැත ඇවැත්නි, ශෝක නොකරව්. හඬා නොවැටෙව්. ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ කලින් ම නොවදාළ සේක් ද? ප්‍රිය වූ, මනාප වූ සියල්ලෙන් ම ඉවත් වීම, වෙන් වීම, වෙනස් ස්වභාවයකට පත් වීම ඇත්තේ ය. ඇවැත්නි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, සකස් වූයේ ද, එය බිඳී යන ස්වභාවයෙන් යුක්ත වෙයි. ඒකාන්තයෙන් එය නොබිඳේවා යන්න කොයින් ලබන්නට ද? මෙය දකින්නට නොලැබෙන්නකි. ඇවැත්නි, දෙවියෝ නොසතුටු බස් කියති.”

“කථම්භූතා පන භන්තේ අනුරුද්ධ දේවතා මනසි කරෝති? සන්තාවුසෝ ආනන්ද දේවතා ආකාසේ පඨවිසඤ්ඤිනියෝ කේසේ පකිරිය කන්දන්ති බාහා පග්ගය්හ කන්දන්ති ඡින්නපාතං පතන්ති, ආවට්ටන්ති විවට්ටන්ති අතිඛිප්පං භගවා පරිනිබ්බුතෝ, අතිඛිප්පං සුගතෝ පරිනිබ්බුතෝ, අතිඛිප්පං චක්ඛු ලෝකේ අන්තරහිතන්ති. සන්තාවුසෝ ආනන්ද දේවතා පඨවියා පඨවිසඤ්ඤිනියෝ කේසේ පකිරිය ….(පෙ)…. අන්තරහිතෝ’ති. යා පන තා දේවතා වීතරාගා තා සතා සම්පජානා අධිවාසෙන්ති ‘අනිච්චා සංඛාරා තං කුතෙත්ථ ලබ්භා’ති.

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, කෙබඳු වූ දේවතාවෝ මෙනෙහි කරත් ද?”

“ඇවැත් ආනන්දයෙනි, අහසෙහි පෘථිවි සංඥා ඇති දේවතාවෝ සිටිති. ඔවුහු කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී හඬමින් එහා මෙහා පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ කියා ය.

ඇවැත් ආනන්දයෙනි, පෘථිවියෙහි පෘථිවි සංඥා ඇති දේවතාවෝ සිටිති. ඔවුහු කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී හඬමින් එහා මෙහා පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ කියා ය.

යම් ඒ දේවතාවෝ වීතරාගී වෙත් ද, ඔවුහු සිහියෙන්, නුවණින් යුක්ත ව, ‘හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරයෝ අනිත්‍යයහ. මෙහි නිත්‍ය දෙයක් කොයින් ලබන්නටදැ’යි ඉවසා සිටිති.”

113. අථ ඛෝ ආයස්මා ච අනුරුද්ධෝ ආයස්මා ච ආනන්දෝ තං රත්තාවසේසං ධම්මියා කථාය වීතිනාමේසුං. අථ ඛෝ ආයස්මා අනුරුද්ධෝ ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ගච්ඡාවුසෝ ආනන්ද කුසිනාරං. කුසිනාරං පවිසිත්වා කෝසිනාරකානං මල්ලානං ආරෝචේහි: ‘පරිනිබ්බුතෝ වාසිට්ඨා භගවා, යස්ස’දානි කාලං මඤ්ඤථා’ති. ඒවම්භන්තේති ඛෝ ආයස්මා ආනන්දෝ ආයස්මතෝ අනුරුද්ධස්ස පටිස්සුත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය අත්තදුතියෝ කුසිනාරං පාවිසි. තේන ඛෝ පන සමයේන කෝසිනාරකා මල්ලා සන්ධාගාරේ සන්නිපතිතා හොන්ති තේනේව කරණීයේන. අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන කෝසිනාරකානං මල්ලානං සන්ධාගාරං තේනුපසංකමි, උපසංකමිත්වා කෝසිනාරකානං මල්ලානං ආරෝචේසි: “පරිනිබ්බුතෝ වාසිට්ඨා භගවා, යස්ස’දානි කාලං මඤ්ඤථා”ති. ඉදමායස්මතෝ ආනන්දස්ස වචනං සුත්වා මල්ලා ච මල්ලපුත්තා ච මල්ලසුණිසා ච මල්ලපජාපතියෝ ච අඝාවිනෝ දුම්මනා චේතෝ දුක්ඛසමප්පිතා අප්පේකච්චේ කේසේ පකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පතන්ති ආවට්ටන්ති විවට්ටන්ති අතිඛිප්පං භගවා පරිනිබ්බුතෝ, අතිඛිප්පං සුගතෝ පරිනිබ්බුතෝ, අතිඛිප්පං චක්ඛු ලෝකේ අන්තරහිතන්ති.

ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ත්, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත්, ඒ රාත්‍රියෙහි ඉතිරි කොටසෙහි ධර්ම කථාවෙන් කල් ගෙවූහ. එවිට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූහ.

“යන්න ඇවැත් ආනන්දයෙනි, කුසිනාරාවට. කුසිනාරාවට පිවිස කුසිනාරාවැසි මල්ල රජදරුවන්ට දැනුම් දෙන්න. ‘වාසෙට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. දැන් යමකට කාලය නම් දත මැනැව.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට පිළිවදන් දී, පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන තමා දෙවැන්නෙකු කොට කුසිනාරාවට පිවිසියහ.

එසමයෙහි කුසිනාරාවැසි මල්ලවරු ඔවුන්ගේ කිසියම් කටයුත්තක් අරභයා රැස්වීම් ශාලාවෙහි රැස්වූවාහු වෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කුසිනාරාවැසි මල්ලවරුන්ගේ රැස්වීම් ශාලාව යම් තැනක ද, එහි පැමිණියහ. පැමිණ කුසිනාරාවැසි මල්ලයන් හට මෙය දැනුම් දුන්හ.

“වාසෙට්ඨයනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. යමකට දැන් කාලය නම්, එය දැනගත මැනැව” යි.

ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ මේ වචනය ඇසූ මල්ලවරු ත්, මල්ල පුත්‍රයෝ ත්, මල්ල ලේලිවරුත්, මල්ල බිරින්දෑවරුත් දුකට පත් ව, දුකට පත් සිත් ඇති ව, චිත්ත ශෝකයෙන් යුතුව ඇතැම් කෙනෙක් කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී හඬමින් එහා මෙහා බිම පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ කියා ය.

114. අථ ඛෝ කෝසිනාරකා මල්ලා පුරිසේ ආණාපේසුං “තේන හි භණේ කුසිනාරායං ගන්ධමාලඤ්ච සබ්බඤ්ච තාළාවචරං සන්නිපාතේථා”ති. අථ ඛෝ කෝසිනාරකා මල්ලා ගන්ධමාලඤ්ච සබ්බඤ්ච තාළාවචරං පඤ්ච ච දුස්සයුගසතානි ආදාය යේන උපවත්තනං මල්ලානං සාලවනං යේන භගවතෝ සරීරං තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවතෝ සරීරං නච්චේහි ගීතේහි වාදිතේහි මාලේහි ගන්ධේහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා චේලවිතානානි කරොන්තා මණ්ඩලමාළේ පටියාදෙන්තා ඒකදිවසං වීතිනාමේසුං. අථ ඛෝ කෝසිනාරකානං මල්ලානං ඒතදහෝසි. අතිවිකාලෝ ඛෝ අජ්ජ භගවතෝ සරීරං ඣාපේතුං, ස්වේදානි මයං භගවතෝ සරීරං ඣාපෙස්සාමා”ති. අථ ඛෝ කෝසිනාරකා මල්ලා භගවතෝ සරීරං නච්චේහි ගීතේහි වාදිතේහි මාලේහි ගන්ධේහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා චේලවිතානානි කරොන්තා මණ්ඩලමාළේ පටියාදෙන්තා දුතියම්පි දිවසං වීතිනාමේසුං, තතියම්පි දිවසං වීතිනාමේසුං, චතුත්ථම්පි දිවසං වීතිනාමේසුං, පඤ්චමම්පි දිවසං වීතිනාමේසුං, ඡට්ඨම්පි දිවසං වීතිනාමේසුං. අථ ඛෝ සත්තමං දිවසං කෝසිනාරකානං මල්ලානං ඒතදහෝසි: මයං භගවතෝ සරීරං නච්චේහි ගීතේහි වාදිතේහි මාලේහි ගන්ධේහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා, දක්ඛිණේන දක්ඛිණං නගරස්ස හරිත්වා බාහිරේන බාහිරං දක්ඛිණතෝ නගරස්ස භගවතෝ සරීරං ඣාපෙස්සාමා’ති.

ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු පුරුෂයන්ට අණ කළහ.

“එසේ වී නම් මිත්‍රවරුනි, කුසිනාරාවෙහි සුවඳ හා මල් ද, සියළු සංගීත භාණ්ඩයන් ද රැස් කරව්.” ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු සුවඳ හා මල් ද, සියළු සංගීත භාණ්ඩයන් ද, සිනිඳු වස්ත්‍ර යුගල පන්සියයක් ද ගෙන මල්ලවරුන්ගේ උපවර්තන සල්වනය යම් තැනක ද, භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය යම් තැනක ද, එතැනට පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට නැටුම්, ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්. බුහුමන් දක්වමින්, පුදමින්, වියන් බඳිමින්, රවුමට ශාලාව සරසමින් එක් දවසක් ගෙවූහ.

ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරුන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘අද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරන්නට කාලය මදි ය. අපි හෙට දවසේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරන්නෙමු’ යි.

එකල්හී කුසිනාරාවැසි මල්ලවරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට නැටුම්, ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින්, වියන් බඳිමින්, රවුමට ශාලාව සරසමින් දෙවෙනි දවස ත් ගෙවා දැමූහ. තුන්වෙනි දවස ත් ගෙවා දැමූහ. සිව්වෙනි දවස ත් ගෙවා දැමූහ. පස්වෙනි දවස ත් ගෙවා දැමූහ. සයවෙනි දවස ත් ගෙවා දැමූහ.

ඉක්බිති සත්වෙනි දවසෙහි කුසිනාරාවැසි මල්ලවරුන් හට මේ අදහස ඇතිවූයේ ය. ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට නැටුම්,ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්. බුහුමන් දක්වමින්, පුදමින් නුවරට දකුණින් දකුණු දෙසට වැඩමවා, නුවරට බැහැරින් බැහැරට වැඩමවා, නුවරට දකුණු පසින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරන්නෙමු’ යි.

115. තේන ඛෝ පන සමයේන අට්ඨ මල්ලපාමොක්ඛා සීසං නහාතා අහතානි වත්ථානි නිවත්ථා ‘මයං භගවතෝ සරීරං උච්චාරෙස්සාමා’ති න සක්කොන්ති උච්චාරේතුං. අථ ඛෝ කෝසිනාරකා මල්ලා ආයස්මන්තං අනුරුද්ධං ඒතදවෝචුං: කෝ නු ඛෝ භන්තේ අනුරුද්ධ හේතු කෝ පච්චයෝ යේනිමේ අට්ඨ මල්ලපාමොක්ඛා සීසං නහාතා අහතානි වත්ථානි නිවත්ථා ‘මයං භගවතෝ සරීරං උච්චාරෙස්සාමා’ති න සක්කොන්ති උච්චාරේතුන්ති?” “අඤ්ඤථා ඛෝ වාසිට්ඨා තුම්හාකං අධිප්පායෝ, අඤ්ඤථා දේවතානං අධිප්පායෝ”ති. “කථං පන භන්තේ දේවතානං අධිප්පායෝ”ති. “තුම්හාකං ඛෝ වාසිට්ඨා අධිප්පායෝ: “මයං භගවතෝ සරීරං නච්චේහි ගීතේහි වාදිතේහි මාලේහි ගන්ධේහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා දක්ඛිණේන දක්ඛිණං නගරස්ස හරිත්වා, බාහිරේන බාහිරං දක්ඛිණතෝ නගරස්ස භගවතෝ සරීරං ඣාපෙස්සාමා”ති. දේවතානං ඛෝ වාසිට්ඨා අධිප්පායෝ “මයං භගවතෝ සරීරං දිබ්බේහි නච්චේහි ගීතේහි වාදිතේහි මාලේහි ගන්ධේහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා, උත්තරේන උත්තරං නගරස්සධ්හරිත්වා, උත්තරේන ද්වාරේන නගරං පවේසෙත්වා, මජ්ඣේන මජ්ඣං නගරස්ස හරිත්වා, පුරත්ථිමේන ද්වාරේන නික්ඛාමෙත්වා, පුරත්ථිමතෝ නගරස්ස මකුටබන්ධනං නාම මල්ලානං චේතියං, එත්ථ භගවතෝ සරීරං ඣාපෙස්සාමා”ති. “යථා භන්තේ දේවතානං අධිප්පායෝ, තථා හෝතූ”ති.

එසමයෙහි මල්ල රජවරු අට දෙනෙක් වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්‍ර හැඳ ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඔසොවන්නෙමු’ යි වෙහෙසෙන නමුත් ඔසොවන්නට නොහැකි වූහ. එකල්හී කුසිනාරාවැසි මල්ලවරු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, මේ මල්ල රජවරු අට දෙනා වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්‍ර හැඳ ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඔසොවන්නෙමු’ යි වෙහෙසෙන නමුත් යම් කරුණකින් ඔසොවන්නට නොහැකි වෙත් ද, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

“වාසෙට්ඨයෙනි, ඔබගේ අදහස අනිකකි. දේවතාවුන්ගේ අදහස අනිකකි.”

“ස්වාමීනී, දෙවියන්ගේ අදහස කවර දෙයක් ද?”

“වාසෙට්ඨයෙනි, ඔබගේ අභිප්‍රාය මෙය නොවැ. ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට නැටුම්, ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින් නුවරට දකුණින් දකුණු දෙසට වැඩමවා, නුවරට බැහැරින් බැහැරට වැඩමවා, නුවරට දකුණු පසින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරන්නෙමු’ යි.

වාසෙට්ඨයෙනි, දෙවියන්ගේ අභිප්‍රාය මෙය යි. ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දිව්‍ය වූ නැටුම්, ගැයුම්, වාදනයෙන්, මලින්, සුවඳින්, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින් නගරයට උතුරින් උතුරු දෙසට වැඩම කරවා, උතුරු ද්වාරයෙන් නුවරට පිවිසවා, නගරයට මැදින් මධ්‍යයට වැඩම කරවා, පෙරදිග දොරටුවෙන් පිටතට වැඩම කරවා, නගරයට පෙරදිගින් මකුට බන්ධන නම් මල්ලවරුන්ගේ චෛත්‍යස්ථානයක් ඇද්ද, එහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරන්නෙමු” යි.

“ස්වාමීනී, දෙවියන්ගේ අභිප්‍රාය යම් සේ ද, එය එසේ ම වේවා!”

116. තේන ඛෝ පන සමයේන කුසිනාරා යාව සන්ධිසමලසංකටීරා ජණ්ණුමත්තේන ඕධිනා මන්දාරවපුප්ඵේහි සන්ථතා හෝති. අථ ඛෝ දේවතා ච කෝසිනාරකා ච මල්ලා භගවතෝ සරීරං දිබ්බේහි ච මානුසකේහි ච නච්චේහි ගීතේහි වාදිතේහි මාලේහි ගන්ධේහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා, උත්තරේන උත්තරං නගරස්ස හරිත්වා උත්තරේන ද්වාරේන නගරං පවේසෙත්වා, මජ්ඣේන මජ්ඣං නගරස්ස හරිත්වා, පුරත්ථිමේන ද්වාරේන නික්ඛමිත්වා, පුරත්ථිමතෝ නගරස්ස මකුටබන්ධනං නාම මල්ලානං චේතියං, තත්ථ භගවතෝ සරීරං නික්ඛිපිංසු.

එසමයෙහි කුසිනාරානුවර මංසන්ධි, කැලිකසල තිබෙන තැන්, අපද්‍රව්‍ය ආදිය තිබෙන තැන් ද ඇතුළුව දණක් පමණ උසට මදාරා මලින් අතුරන ලද්දේ ය. ඉක්බිති දෙවියෝ ද, කුසිනාරාවැසි මල්ලවරු ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දිව්‍ය වූ ත්, මානුෂීය වූ ත්, නැටුම්, ගැයුම්, වාදනයන්, මලින්, සුවඳින්, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින් නගරයට උතුරින් උතුරු දෙසට වැඩම කරවා, උතුරු ද්වාරයෙන් නුවරට පිවිසවා, නගරයට මැදින් මධ්‍යයට වැඩම කරවා, පෙරදිග දොරටුවෙන් පිටතට වැඩම කරවා, නගරයට පෙරදිගින් මකුට බන්ධන නම් මල්ලවරුන්ගේ චෛත්‍යස්ථානයක් ඇද්ද, එහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය තැන්පත් කළහ.

117. අථ ඛෝ කෝසිනාරකා මල්ලා ආයස්මන්තං ආනන්දං ඒතදවෝචුං: “කථං මයං භන්තේ ආනන්ද තථාගතස්ස සරීරේ පටිපජ්ජාමා?”ති. “යථා ඛෝ වාසිට්ඨා රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරේ පටිපජ්ජන්ති, ඒවං තථාගතස්ස සරීරේ පටිපජ්ජිතබ්බන්ති.” “කථං පන භන්තේ ආනන්ද රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරේ පටිපජ්ජන්තී”ති. “රඤ්ඤෝ වාසිට්ඨා චක්කවත්තිස්ස සරීරං අහතේන වත්ථේන වේඨෙන්ති, අහතේන වත්ථේන වේඨෙත්වා විහතේන කප්පාසේන වේඨෙන්ති. විහතේන කප්පාසේන වේඨෙත්වා අහතේන වත්ථේන වේඨෙන්ති. ඒතේන උපායේන පඤ්චහි යුගසතේහි රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරං වේඨෙත්වා ආයසාය තේලදෝණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දෝණියා පටිකුජ්ජෙත්වා, සබ්බගන්ධානං චිතකං කරිත්වා රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරං ඣාපෙන්ති. චාතුම්මහාපථේ රඤ්ඤෝ චක්කවත්තිස්ස ථූපං කරොන්ති. ඒවං ඛෝ වාසිට්ඨා රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරේ පටිපජ්ජන්ති. යථා ඛෝ වාසිට්ඨා රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරේ පටිපජ්ජන්ති, ඒවං තථාගතස්ස සරීරේ පටිපජ්ජිතබ්බං. චාතුම්මහාපථේ තථාගතස්ස ථූපෝ කාතබ්බෝ. තත්ථ යේ මාලං වා ගන්ධං වා චුණ්ණකං වා ආරෝපෙස්සන්ති වා අභිවාදෙස්සන්ති වා චිත්තං වා පසාදෙස්සන්ති, තේසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති.

ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය පිළිබඳ ව කෙසේ පිළිපදිමු ද?”

“වාසෙට්ඨයනි, සක්විති රජුගේ සිරුර පිළිබඳ පිළිපදින්නේ යම් අයුරින් ද, ඒ අයුරින් ම තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය පිළිබඳ ව පිළිපැදිය යුත්තේය.”

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, සක්විති රජුගේ සිරුර පිළිබඳ ව කෙසේ පිළිපදිත් ද?”

“වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර අලුත් වස්ත්‍රයෙන් වෙළති. අලුත් වස්ත්‍රයෙන් වෙළා, මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළති. මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළා, අලුත් වස්ත්‍රයෙන් වෙළත්. මේ උපායෙන් සක්විති රජුගේ සිරුර වස්ත්‍ර යුගල පන්සියයකින් වෙළා, සුවඳ තෙල් දැමූ රන් දෙණක බහා අන්‍ය වූ රන් පියනකින් වසා සියළු සුවඳ දරින් චිතකයක් කොට සක්විති රජුගේ සිරුර ආදාහනය කරති. සිව්මංසලෙහි සක්විති රජුගේ ස්ථූපයක් කරති. මෙසේ වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි පිළිපදිති. වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන් වහන්සේගේ සිරුර කෙරෙහි ද, එසේ ම පිළිපැද්ද යුත්තේ ය. සිව්මංසලෙහි තථාගතයන් වහන්සේගේ ස්ථූපයක් කළ යුත්තේ ය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද, සකසා වන්දනා කරන්නාහු ද, සිත හෝ පහදවා ගන්නාහු ද, එය ඔවුන් හට බොහෝ කල් හිතසුව පිණිස වන්නේ ය.”

අථ ඛෝ කෝසිනාරකා මල්ලා පුරිසේ ආණාපේසුං “තේන හි භණේ මල්ලානං විහතං කප්පාසං සන්නිපාතේථා”ති. අථ ඛෝ කෝසිනාරකා මල්ලා භගවතෝ සරීරං අහතේන වත්ථේන වේඨේසුං. අහතේන වත්ථේන වේඨෙත්වා විහතේන කප්පාසේන වේඨේසුං. විහතේන කප්පාසේන වේඨෙත්වා අහතේන වත්ථේන වේඨේසුං. ඒතේන උපායේන පඤ්චහි යුගසතේහි භගවතෝ සරීරං වේඨෙත්වා ආයසාය තේලදෝණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දෝණියා පටිකුජ්ජෙත්වා සබ්බගන්ධානං චිතකං කරිත්වා භගවතෝ සරීරං චිතකං ආරෝපේසුං.

එකල්හී කුසිනාරාවැසි මල්ලවරු පුරුෂයන්ට අණ කළහ.

“එසේ වී නම් සගයෙනි, මල්ලයන්ගේ දේශයේ ඇති පොළා ගත් පුළුන් රැස් කරව්.”

ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය අලුත් වස්ත්‍රයෙන් වෙලූහ. අලුත් වස්ත්‍රයෙන් වෙළා, මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙලූහ. මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළා, අලුත් වස්ත්‍රයෙන් වෙලූහ. මේ උපායෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය වස්ත්‍ර යුගල පන්සියයකින් වෙළා, සුවඳ තෙල් දැමූ රන් දෙණක බහා අන්‍ය වූ රන් පියනකින් වසා සියළු සුවඳ දරින් චිතකයක් කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය චිතකයෙහි නැංවූහ.

[ මහාකස්සපාගමනං. ]

118. තේන ඛෝ පන සමයේන ආයස්මා මහාකස්සපෝ පාවාය කුසිනාරං අද්ධානමග්ගප්පටිපන්නෝ හෝති මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි. අථ ඛෝ ආයස්මා මහාකස්සපෝ මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ නිසීදි. තේන ඛෝ පන සමයේන අඤ්ඤතරෝ ආජීවකෝ කුසිනාරාය මන්දාරවපුප්ඵං ගහෙත්වා පාවං අද්ධානමග්ගප්පටිපන්නෝ හෝති. අද්දසා ඛෝ ආයස්මා මහාකස්සපෝ තං ආජීවකං දූරතෝ’ව ආගච්ඡන්තං. දිස්වා තං ආජීවකං ඒතදවෝච: ‘අපාවුසෝ අම්හාකං සත්ථාරං ජානාසී?’ති. ආම ආවුසෝ ජානාමි. අජ්ජ සත්තාහපරිනිබ්බුතෝ සමණෝ ගෝතමෝ. තතෝ මේ ඉදං මන්දාරවපුප්ඵං ගහිතන්ති”. තත්ථ යේ තේ භික්ඛූ අවීතරාගා අප්පේකච්චේ බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පතන්ති, ආවට්ටන්ති විවට්ටන්ති: අතිඛිප්පං භගවා පරිනිබ්බුතෝ, අතිඛිප්පං සුගතෝ පරිනිබ්බුතෝ, අතිඛිප්පං චක්ඛු ලෝකේ අන්තරහිතන්ති, යේ පන තේ භික්ඛූ වීතරාගා, තේ සතා සම්පජානා අධිවාසෙන්ති: ‘අනිච්චා සංඛාරා, තං කුතෙත්ථ ලබ්භා’ති.

එසමයෙහි ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ පන්සියයක් පමණ මහත් වූ භික්ෂු සංඝයා සමඟ පාවා නුවර සිට කුසිනාරාවට යන දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ මාර්ගයෙන් ඉවත් ව එක්තරා රුක් සෙවණක වැඩහුන්හ.

එසමයෙහි එක්තරා ආජීවකයෙක් කුසිනාරාවෙන් මදාරා මලක් ගෙන පාවා නුවරට යන දීර්ඝ මාර්ගයට පැමිණියේ ය. ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ දුරින් ම එන ඒ ආජීවකයා ව දුටුවාහු ය. දැක ඒ ආජීවකයා ඇමතූහ.

“ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ ව දන්නෙහි ද?”

“එසේ ය, ඇවැත්නි දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසකි. මා විසින් මේ මදාරා මල ගන්නා ලද්දේ එතැනින් ය.”

එහි යම් රාගය දුරු නොකළ භික්ෂූහු සිටියාහු ද, ඔවුහු ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ යි දෑත් හිස බැඳ හඬා වැටෙත්. මැදින් සිඳුණවුන් සේ කඩා වැටෙත්. හඬා බිම පෙරලී වැටෙත්. යළි යළි බිම පෙරළී වැටෙත්. යළි යළි බිම පෙරළෙමින් හඬා වැටෙත්. යම් ඒ භික්ෂූහු වීතරාගී ව සිටියාහු ද, ඔවුහු සිහියෙන් හා නුවණින් යුක්ත ව ‘හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයෝ අනිත්‍යයහ. ඒවායේ නිත්‍ය බවක් කොයින් නම් ලබන්නට දැ’යි ඉවසා සිටිත්.

119. තේන ඛෝ පන සමයේන සුභද්දෝ නාම බුඩ්ඪපබ්බජිතෝ තස්සං පරිසායං නිසින්නෝ හෝති. අථ ඛෝ සුභද්දෝ බුඩ්ඪපබ්බජිතෝ තේ භික්ඛූ ඒතදවෝච: “අලං ආවුසෝ මා සෝචිත්ථ, මා පරිදේවිත්ථ. සුමුත්තා මයං තේන මහාසමණේන. උපද්දුතා ච හෝම ඉදං වෝ කප්පති, ඉදං වෝ න කප්පතීති. ඉදානි පන මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම යං න ඉච්ඡිස්සාම න තං කරිස්සාමාති”. අථ ඛෝ ආයස්මා මහාකස්සපෝ භික්ඛූ ආමන්තේසි: “අලං ආවුසෝ මා සෝචිත්ථ, මා පරිදේවිත්ථ. නනු ඒතං ආවුසෝ භගවතා පටිකච්චේව අක්ඛාතං: සබ්බේහේව පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ අඤ්ඤථාභාවෝ. තං කුතෙත්ථ ආවුසෝ ලබ්භා යන්තං ජාතං භූතං සංඛතං පලෝකධම්මං, තං තථාගතස්සාපි සරීරං මා පලු‍ජ්ජිති නේතං ඨානං විජ්ජතී”ති.

එසමයෙහි සුභද්‍ර නම් මහළු කල පැවිදිවූවෙක් ඒ පිරිස අතර වාඩි වී සිටියේ ය. එවිට ඒ සුභද්‍ර මහළු පැවිද්දා ඒ භික්ෂූන්ට මෙය පැවසුවේ ය.

“කම් නැත ඇවැත්නි, ශෝක නොකරව්. නොවැළපෙව්. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මනාකොට නිදහස් වුණෙමු. ‘මෙය තොපට කැප ය. මෙය තොපට අකැප ය යන කරුණෙන් පීඩිත ව සිටියෙමු. දැන් වනාහී අපි යමක් කැමති වන්නෙමු ද, එය කරන්නෙමු. යමක් අකමැති වන්නෙමු ද, එය නොකරන්නෙමු’ යි.

ඉක්බිති ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“පලක් නැත ඇවැත්නි, ශෝක නොකරව්. හඬා නොවැටෙව්. ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ කලින් ම නොවදාළ සේක් ද? ප්‍රිය වූ, මනාප වූ සියල්ලෙන් ම ඉවත් වීම, වෙන් වීම, වෙනස් ස්වභාවයකට පත් වීම ඇත්තේ ය. ඇවැත්නි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, සකස් වූයේ ද, එය බිඳී යන ස්වභාවයෙන් යුක්ත වෙයි. එබඳු වූ තථාගතයන් වහන්සේගේ ශරීරය පවා නොබිඳේවා යන්න මෙහිලා කොයින් ලබන්නට ද? මෙය දකින්නට නොලැබෙන්නකි.”

120. තේන ඛෝ පන සමයේන චත්තාරෝ මල්ලපාමොක්ඛා සීසං නහාතා අහතානි වත්ථානි නිවත්ථා මයං භගවතෝ චිතකං ආලිම්පෙස්සාමාති න සක්කොන්ති ආලිම්පේතුං. අථ ඛෝ කෝසිනාරකා මල්ලා ආයස්මන්තං අනුරුද්ධං ඒතදවෝචුං: කෝ නු ඛෝ භන්තේ අනුරුද්ධ හේතු, කෝ පච්චයෝ, යේනිමේ චත්තාරෝ මල්ලපාමොක්ඛා සීසං නහාතා අහතානි වත්ථානි නිවත්ථා මයං භගවතෝ චිතකං ආලිම්පෙස්සාමාති න සක්කොන්ති ආලිම්පේතුන්ති?” “අඤ්ඤථා ඛෝ වාසිට්ඨා දේවතානං අධිප්පායෝ”ති. “කථං පන භන්තේ දේවතානං අධිප්පායෝ?”ති. “දේවතානං ඛෝ වාසිට්ඨා අධිප්පායෝ: අයං ආයස්මා මහාකස්සපෝ පාවාය කුසිනාරං අද්ධානමග්ගපටිපන්නෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි. න තාව භගවතෝ චිතකෝ පජ්ජලිස්සති යාවායස්මා මහාකස්සපෝ භගවතෝ පාදේ සිරසා න වන්දිස්සතී”ති. “යථා භන්තේ දේවතානං අධිප්පායෝ තථා හෝතු”ති.

එසමයෙහි මල්ල රජවරු සතර දෙනෙක් වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්‍ර හැඳ, ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි දල්වන්නෙමු’ යි වෙහෙසෙන නමුත් ගිනි දල්වන්නට නොහැකි වූහ.

එකල්හී කුසිනාරාවැසි මල්ලවරු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, මේ මල්ල රජවරු සතර දෙනා වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්‍ර හැඳ අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි දල්වන්නෙමු’ යි වෙහෙසෙන නමුත් යම් කරුණකින් ගිනි දල්වන්නට නොහැකි වෙත් ද, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

“වාසෙට්ඨයෙනි, දේවතාවුන්ගේ අදහස අනිකකි.”

“ස්වාමීනී, දෙවියන්ගේ අදහස කවර දෙයක් ද?”

“වාසෙට්ඨයෙනි, දෙවියන්ගේ අදහස මෙය යි. ‘මේ ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමඟ පාවා නුවරින් කුසිනාරාවට එන දීර්ඝ මාර්ගයට පිළිපන්නාහු ය. යම්තාක් ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා නොකරත් ද, ඒ තාක් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය ගිනි නොදැල්වෙන්නේ ය’ යි.”

“ස්වාමීනි, දෙවියන්ගේ අදහස යම් පරිදි ද, එය එසේ ම වේවා!”

121. අථ ඛෝ ආයස්මා මහාකස්සපෝ යේන කුසිනාරා මකුටබන්ධනං නාම මල්ලානං චේතියං යේන භගවතෝ චිතකෝ තේනුපසංකමි. උපසංකමිත්වා ඒකංසං චීවරං කත්වා අඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං චිතකං පදක්ඛිණං කත්වා, පාදතෝ විවරිත්වා භගවතෝ පාදේ සිරසා වන්දි. තානි පි ඛෝ පඤ්චභික්ඛුසතානි ඒකංසං චීවරං කත්වා අඤ්ජලිම්පණාමෙත්වා තික්ඛත්තුං චිතකං පදක්ඛිණං කත්වා භගවතෝ පාදේ සිරසා වන්දිංසු. වන්දිතේසු ච පනායස්මතා මහාකස්සපේන තේහි පි පඤ්චහි භික්ඛුසතේහි, සයමේව භගවතෝ චිතකෝ පජ්ජලි.

ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ කුසිනාරාවේ මල්ලවරුන්ගේ මකුටබන්ධන නම් චෛත්‍යස්ථානය යම් තැනක ද, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනක ද, එතැනට වැඩම කළහ. වැඩම කොට සිවුරු ඒකාංශ කොට පොරොවා, දොහොත් නගා වන්දනා කොට චිතකය වටා තුන් විටක් පැදකුණු කොට සිරිපා පිහිටි දෙසින් දෙණ විවෘත කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා කළහ. ඒ පන්සියයක් භික්ෂූහු ද සිවුරු ඒකාංශ කොට පොරොවා, දොහොත් නගා වන්දනා කොට චිතකය වටා තුන් විටක් පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා කළහ.

ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ත්, ඒ පන්සියයක් භික්ෂූහු ත්, වන්දනා කළ කල්හී, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය තෙමේ ම ගිනි ඇවිලගත්තේ ය.

ඣායමානස්ස ඛෝ පන භගවතෝ සරීරස්ස, යං අහෝසි ඡවීති වා චම්මන්ති වා මංසන්ති වා නහාරූති වා ලසිකාති වා තස්ස නේව ඡාරිකා පඤ්ඤායිත්ථ, න මසි. සාරීරානේව අවසිස්සිංසු. සෙය්‍යථාපි නාම සප්පිස්ස වා තේලස්ස වා ඣායමානස්ස නේව ඡාරිකා පඤ්ඤායති න මසි, ඒවමේව භගවතෝ සරීරස්ස ඣායමානස්ස යං අහෝසි ඡවීති වා චම්මන්ති වා මංසන්ති වා නහාරූති වා ලසිකාති වා තස්ස නේව ඡාරිකා පඤ්ඤායිත්ථ න මසි, සාරීරානේව අවසිස්සිංසු. තේසඤ්ච පඤ්චන්නං දුස්සයුගසතානං ද්වේව දුස්සානි න ඩය්හිංසු යඤ්ච සබ්බබ්භන්තරිමං යඤ්ච බාහිරං. දඩ්ඪෙ ච ඛෝ පන භගවතෝ සරීරේ අන්තළික්ඛා උදකධාරා පාතුභවිත්වා භගවතෝ චිතකං නිබ්බාපේසි. උදකං සාලතෝ පි අබ්භුන්නමිත්වා භගවතෝ චිතකං නිබ්බාපේසි. කෝසිනාරකා පි මල්ලා සබ්බගන්ධෝදකේන භගවතෝ චිතකං නිබ්බාපේසුං.

දැවෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි යම් සිවියක් හෝ සමක් හෝ මසක් හෝ නහර හෝ සඳ මිදුළු හෝ තිබුණේ ද, එහි අළු ද නොපැණුනේ ය. දැලි ද නොපැණුනේ ය. ශාරීරික අස්ථි ධාතූන් වහන්සේලා පමණක් ඉතිරි වූහ. දැවෙන්නා වූ ගිතෙලෙහි හෝ තෙලෙහි හෝ අළු නොපැණෙන්නේ, දැලි නොපැණෙන්නේ යම් සේ ද, එසෙයින් ම දැවෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි යම් සිවියක් හෝ සමක් හෝ මසක් හෝ නහර හෝ සඳ මිදුළු හෝ තිබුණේ ද, එහි අළු ද නොපැණුනේ ය. දැලි ද නොපැණුනේ ය. ශාරීරික අස්ථි ධාතූන් වහන්සේලා පමණක් ඉතිරි වූහ.

ඒ පන්සියයක් වස්ත්‍ර යුගල අතුරින් සියල්ලට යටින් යම් වස්ත්‍රයක් තිබුණේ ද, සියල්ලට පිටින් යම් වස්ත්‍රයක් තිබුණේ ද, ඒ වස්ත්‍ර දෙක නොදැවුණේ ය.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දැවී අවසන් වූ කල්හී අහසින් දිය දහරා පහළ වී භාග්‍යවතුන් වහන්සේගේ චිතකය නිවා දැම්මේ ය. සාල වෘක්ෂයන්ගෙන් ද දිය පහළ වී භාග්‍යවතුන් වහන්සේගේ චිතකය නිවා දැම්මේ ය. කුසිනාරා නුවරවැසි මල්ල රජදරුවනුත් සියළු සුවඳ දියෙන් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය නිවා දැම්මාහු ය.

අථ ඛෝ කෝසිනාරකා මල්ලා භගවතෝ සාරීරානි සත්තාහං සන්ථාගාරේ සත්තිපඤ්ජරං කරිත්වා ධනුපාකාරං පරික්ඛිපාපෙත්වා නච්චේහි ගීතේහි වාදිතේහි මාලේහි ගන්ධේහි සක්කරිංසු ගරුකරිංසු මානේසුං පූජේසුං.

ඉක්බිති කුසිනාරාවැසි මල්ල රජදරුවෝ රැස්වීම් ශාලාවෙහි රැකවරණ සහිත මැදිරියක් කරවා, දුන්නෙන් කළ පවුරකින් වට කරවා, භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා එහි වැඩමවා පුරා සත් දිනක් නැටුම්, ගැයුමෙන්, වැයුමෙන්, මලින්, සුවඳෙන් සත්කාර කළාහු ය. ගරු කළාහු ය. බුහුමන් කළාහු ය. පිදුවාහු ය.

[ සාරීරිකධාතුවිභජනා ]

122. අස්සෝසි ඛෝ රාජා මාගධෝ අජාතසත්තු වේදේහිපුත්තෝ: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතෝ”ති. අථ ඛෝ රාජා මාගධෝ අජාතසත්තු වේදේහිපුත්තෝ කෝසිනාරකානං මල්ලානං දූතං පාහේසි: “භගවා පි ඛත්තියෝ අහම්පි ඛත්තියෝ. අහම්පි අරහාමි භගවතෝ සාරීරානං භාගං, අහම්පි භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමී”ති.

වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසුවේ ය. ඉක්බිති වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවීය. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. මම ද ක්ෂත්‍රියයෙක්මි. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට මම් ද සුදුසු වෙමි. මම ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමි’ යි.

අස්සෝසුං ඛෝ වේසාලිකා ලිච්ඡවී: ‘භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතෝ’ති. අථ ඛෝ වේසාලිකා ලිච්ඡවී කෝසිනාරකානං මල්ලානං දූතං පාහේසුං: “භගවා පි ඛත්තියෝ මයම්පි ඛත්තියා. මයම්පි අරහාම භගවතෝ සාරීරානං භාගං. මයම්පි භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.

විසල්පුර ලිච්ඡවි රජදරුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති විසල්පුර ලිච්ඡවි රජදරුවෝ කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. අපි ද ක්ෂත්‍රිය වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

අස්සෝසුං ඛෝ කාපිලවත්ථවා සක්‍යා: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතෝ”ති. අථ ඛෝ කාපිලවත්ථවා සක්‍යා කෝසිනාරකානං මල්ලානං දූතං පාහේසුං: “භගවා අම්හාකං ඤාතිසෙට්ඨෝ. මයම්පි අරහාම භගවතෝ සාරීරානං භාගං. මයම්පි භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.

කිඹුල්වත්පුර වැසි ශාක්‍යරජ දරුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති කිඹුල්වත්පුර වැසි ශාක්‍යරජ දරුවෝ කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණෝ වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

අස්සෝසුං ඛෝ අල්ලකප්පකා බුලයෝ: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතෝ”ති. අථ ඛෝ අල්ලකප්පකා බුලයෝ කෝසිනාරකානං මල්ලානං දූතං පාහේසුං: “භගවා පි ඛත්තියෝ මයම්පි ඛත්තියා. මයම්පි අරහාම භගවතෝ සාරීරානං භාගං. මයම්පි භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.

අල්ලකප්ප රටවැසි බුල රජවරු ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති අල්ලකප්ප රටවැසි බුල රජවරු කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. අපි ද ක්ෂත්‍රිය වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

අස්සෝසුං ඛෝ රාමගාමකා කෝළියා: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතෝ”ති. අථ ඛෝ රාමගාමකා කෝළියා කෝසිනාරකානං මල්ලානං දූතං පාහේසුං: “භගවා පි ඛත්තියෝ මයම්පි ඛත්තියා. මයම්පි අරහාම භගවතෝ සාරීරානං භාගං. මයම්පි භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.

රාමගම්වැසි කෝලිය රජවරු ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති රාමගම්වැසි කෝලිය රජවරු කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. අපි ද ක්ෂත්‍රිය වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

අස්සෝසි ඛෝ වේඨදීපකෝ බ්‍රාහ්මණෝ: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතෝ”ති. අථ ඛෝ වේඨදීපකෝ බ්‍රාහ්මණෝ කෝසිනාරකානං මල්ලානං දූතං පාහේසි: “භගවා තු ඛත්තියෝ. අහමස්මි බ්‍රාහ්මණෝ, අහම්පි අරහාමි භගවතෝ සාරීරානං භාගං. අහම්පි භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමී”ති.

වේඨදීපක බ්‍රාහ්මණ තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසුවේ ය. ඉක්බිති වේඨදීපක බ්‍රාහ්මණ තෙමේ කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවීය. ‘භාග්‍යවතුන් වහන්සේ ක්ෂත්‍රීය වන සේක. මම බ්‍රාහ්මණයෙක්මි. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට මම් ද සුදුසු වෙමි. මම ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමි’ යි.

අස්සෝසුං ඛෝ පාවෙය්‍යකා මල්ලා: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතෝ”ති. අථ ඛෝ පාවෙය්‍යකා මල්ලා කෝසිනාරකානං මල්ලානං දූතං පාහේසුං: “භගවා පි ඛත්තියෝ මයම්පි ඛත්තියා. මයම්පි අරහාම භගවතෝ සාරීරානං භාගං. මයම්පි භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.

පාවා නුවරවැසි මල්ලරජවරු ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති පාවා නුවරවැසි මල්ලරජවරු කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. අපි ද ක්ෂත්‍රිය වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

ඒවං වුත්තේ කෝසිනාරකා මල්ලා තේ සංඝේ ගණේ ඒතදවෝචුං, භගවා අම්හාකං ගාමක්ඛෙත්තේ පරිනිබ්බුතෝ, න මයං දස්සාම භගවතෝ සාරීරානං භාගන්ති.

මෙසේ පැවසූ කල්හී කුසිනාරාවැසි මල්ලරජවරු ඒ රාජ පිරිසට, ඒ රාජ සමූහයාට මෙය පැවසූහ.

“භාග්‍යවතුන් වහන්සේ අපගේ ගම් කෙතෙහි පිරිනිවන් පෑ සේක. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටස් නොදෙන්නෙමු.”

123. ඒවං වුත්තේ දෝණෝ බ්‍රාහ්මණෝ තේ සංඝේ ගණේ ඒතදවෝච:

මෙසේ පැවසූ කල්හී ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ ඒ රාජ පිරිසට, රාජ සමූහයාට මෙය පැවසුවේ ය.

සුණන්තු භොන්තෝ මම ඒකවාක්‍යං
අම්හාක බුද්ධෝ අහු ඛන්තිවාදෝ.
න හි සාධු’යං උත්තමපුග්ගලස්ස
සරීරභාගේ සියා සම්පහාරෝ.

භවත්නි, මාගේ මේ එක් වාක්‍යය අසත්වා! අපගේ බුදුරජාණන් වහන්සේ ක්ෂාන්තිවාදී වූ සේක. එවන් උත්තම පුද්ගලයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වෙනුවෙන් අවියෙන් පහර දී ගැනීම නම් යහපත් දෙයක් නොවෙයි.

සබ්බේව භොන්තෝ සහිතා සමග්ගා
සම්මෝදමානා කරෝමට්ඨභාගේ.
විත්ථාරිකා හොන්තු දිසාසු ථූපා
බහූ ජනා චක්ඛුමතෝ පසන්නා”ති.

භවත්නි, අපි හැමෝ ම එක්සිත් ව, සමගි ව සතුටු වෙමින් ධාතූන් වහන්සේලා කොටස් අටකට බෙදමු. ඒ ඒ දිශාවන්හි ස්ථූපයෝ පැතිර පිහිටත්වා! දහම් ඇස් ඇති බුදුරජුන් කෙරෙහි බොහෝ ජනයෝ පහන් සිත් ඇත්තාහු ය.”

“තේන හි බ්‍රාහ්මණ ත්වඤ්ඤේව භගවතෝ සාරීරානි අට්ඨධා සමං සුවිභත්තං විභජාහී”ති. ‘ඒවං භෝ’ති ඛෝ දෝණෝ බ්‍රාහ්මණෝ තේසං සංඝානං ගණානං පටිස්සුත්වා භගවතෝ සාරීරානි අට්ඨධා සමං සුවිභත්තං විභජිත්වා තේ සංඝේ ගණේ ඒතදවෝච: “ඉමං මේ භොන්තෝ තුම්බං දදන්තු, අහම්පි තුම්බස්ස ථූපඤ්ච මහඤ්ච කරිස්සාමී”ති. අදංසු ඛෝ තේ දෝණස්ස බ්‍රාහ්මණස්ස තුම්බං.

“එසේ වී නම් බ්‍රාහ්මණය, ඔබ ම භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා කොටස් අටකට සමවන පරිදි මනාකොට බෙදනු මැනැව.”

“එසේ ය, භවත” යි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ ඒ රජ පිරිසට, ඒ රාජ සමූහයාට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා කොටස් අටකට සමවන පරිදි මනාකොට බෙදා ඒ සාමූහික රාජ පිරිසට මෙය පැවසුවේ ය.

“භවත්හු මේ ධාතු බෙදූ නැලිය මා හට දෙත්වා! මම ත් මේ ධාතු බෙදූ බඳුන තැන්පත් කොට ස්ථූපයක් කරන්නෙමි. මහා පූජාවක් ද කරන්නෙමි” යි.

එවිට ඔවුහු ද්‍රෝණ බ්‍රාහ්මණයාට ධාතු මැනීමට ගත් බඳුන දුන්නාහු ය.

අස්සෝසුං ඛෝ පිප්පලිවනියා මෝරියා: ‘භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතෝ’ති. අථ ඛෝ පිප්පලිවනියා මෝරියා කෝසිනාරකානං මල්ලානං දූතං පාහේසුං: භගවා පි ඛත්තියෝ මයම්පි ඛත්තියා. මයම්පි අරහාම භගවතෝ සාරීරානං භාගං, මයම්පි භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා’ති. “නත්ථි භගවතෝ සාරීරානං භාගෝ, විභත්තානි භගවතෝ සාරීරානි, ඉතෝ අංගාරං හරථා”ති. තේ තතෝ අංගාරං හරිංසු.

පිප්පලීවනවාසී මෝරීය රජදරුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති පිප්පලීවනවාසී මෝරීය රජදරුවෝ කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. අපි ද ක්ෂත්‍රිය වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

“භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා නැත්තාහ. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා බෙදන ලද්දාහු ය. මේ ආදාහනය කළ තැනින් අඟුරු රැගෙන යව්.”

ඔවුහු එතැනින් අඟුරු රැගෙන ගියාහු ය.

[ ධාතුචේතිය පූජා ]

124. අථ ඛෝ රාජා මාගධෝ අජාතසත්තු වේදේහිපුත්තෝ රාජගහේ භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකාසි. වේසාලිකාපි ලිච්ඡවී වේසාලියං භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. කාපිලවත්ථවා පි සක්‍යා කපිලවත්ථුස්මිං භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. අල්ලකප්පකා පි බුලයෝ අල්ලකප්පේ භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. රාමගාමකා පි කෝළියා රාමගාමේ භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. වේඨදීපකෝ පි බ්‍රාහ්මණෝ වේඨදීපේ භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකාසි. පාවෙය්‍යකා පි මල්ලා පාවායං භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. කෝසිනාරකා පි මල්ලා කුසිනාරායං භගවතෝ සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. දෝණෝ පි බ්‍රාහ්මණෝ තුම්බස්ස ථූපඤ්ච මහඤ්ච අකාසි. පිප්පලිවනියා පි මෝරියා පිප්පලිවනේ අංගාරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. ඉති අට්ඨ සරීරථූපා නවමෝ තුම්බථූපෝ දසමෝ අංගාරථූපෝ. ඒවමේතං භූතපුබ්බන්ති.

ඉක්බිති වේදේහීපුත්‍ර අජාසත් මගධරජු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා රජගහ නුවර ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළේ ය. විසල්පුරවැසි ලිච්ඡවි රජදරුවෝ ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා විශාලාවෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. කිඹුල්වතෙහි ශාක්‍ය රජදරුවෝ ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා කිඹුල්වතෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. අල්ලකප්පයෙහි බුලිය රජවරු ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා අල්ලකප්පයෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. රාමගමෙහි කෝලිය රජවරු ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා රාමගමෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. වේඨදීපක බ්‍රාහ්මණයා ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා වේඨදීපයෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළේ ය. පාවා නුවර මල්ල රජදරුවෝ ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා පාවා නුවර ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. කුසිනාරාවැසි මල්ල රජදරුවෝ ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා කුසිනාරාවෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. ද්‍රෝණ බ්‍රාහ්මණයා ත් ධාතු බෙදූ නැලිය උදෙසා ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළේ ය. පිප්පලී වනවැසි මෝරීය රජවරු ආදාහනය කළ තැනින් ගත් අඟුරු උදෙසා පිප්පලී වනයෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා තැන්පත් ස්ථූපයෝ අටකි. ධාතු බෙදූ නැලිය තැන්පත් කොට තැනූ ස්ථූපය නව වැන්නයි. අඟුරු තැන්පත් කළ ස්ථූපය දස වැන්න යි. මෙසේ මේ දස ස්ථූපයෝ මුලින් ම ඉදිකළාහු ය.

125.

“අට්ඨදෝණං චක්ඛුමතෝ සරීරා
සත්තදෝණං ජම්බුදීපේ මහෙන්ති,
ඒකඤ්ච දෝණං පුරිසවරුත්තමස්ස
රාමගාමේ නාගරාජා මහෙන්ති.

සදහම් ඇස් ඇති බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ද්‍රෝණ අටක් ඇත්තාහු ය. එයින් සත් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා දඹදිව පිදුම් ලබති. උතුම් පුරුෂෝත්තමයන් වහන්ස්ගේ එක් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා රාමගමෙහි නා රජවරු පුදති.

ඒකා හි දාඨා තිදිවේහි පූජිතා
ඒකා පන ගන්ධාරපුරේ මහීයති,
කාලිංගරඤ්ඤෝ විජිතේ පුනේකං
ඒකං පුන නාගරාජා මහෙන්ති.

එක් දළදා වහන්සේ නමක් දෙව්ලොව දෙවියන් විසින් පුදනු ලබති. එක් දළදා වහන්සේ නමක් ගන්ධාර පුරයෙහි පිදුම් ලබත්. එමෙන් ම එක් දළදා වහන්සේ නමක් කලිඟු රජුගේ විජිතයෙහි පිදුම් ලබත්. යළි තවත් දළදා වහන්සේ නමක් නා ලොව නා රජවරු පුදත්.

තස්සේව තේජේන අයං වසුන්ධරා
ආයාගසෙට්ඨේහි මහී අලංකතා
ඒවං ඉමං චක්ඛුමතෝ සරීරං
සුසක්කතං සක්කතසක්කතේහි.

ඒ ධාතූන් වහන්සේලාගේ තේජසින් මේ පොළෝ තලය ශ්‍රේෂ්ඨ වූ අලංකාරයෙන් යුක්ත වූයේ ය. මෙසේ සදහම් ඇස් ඇති අප මුනිඳුන්ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ජනයා විසින් හොඳින් සත්කාර කරන ලද්දාහු ය. දෙවියන් විසිනුත්, රජුන් විසිනුත් හොඳින් සත්කාර කරන ලද්දාහු ය.

දේවින්දනාගින්දනරින්ද පූජිතෝ
මනුස්සසෙට්ඨේහි තථේව පූජිතෝ,
තං වන්දථ පඤ්ජලිකා භවිත්වා
බුද්ධෝ හවේ කප්පසතේහි දුල්ලභෝ’ති.

දේවේන්ද්‍රයන් විසින් ද, නාගේන්ද්‍රයන් විසින් ද, නරේන්ද්‍රයන් විසින් ද, එසේ ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් විසින් ද පුදන ලද බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම කල්ප සිය ගණනකිනුත් පහළ වීම දුර්ලභ වන සේක. දොහොත් මුදුන් තබා උන්වහන්සේට වන්දනා කරව්.”

චත්තාළීස සමා දන්තා කේසා ලෝමා ච සබ්බසෝ,
දේවා හරිංසු ඒකේකං චක්කවාලපරම්පරා”ති.

සම සතළිස් දන්ත ධාතූන් ද, කේශ ධාතූන් ද, ලෝම ධාතූන් ද, සියලු අයුරින් එකක් එකක් බැගින් සක්වල පිළිවෙලින් දෙවියෝ ගෙන ගියහ.

සාදු! සාදු!! සාදු!!!

මහාපරිනිබ්බානසුත්තං තතියං.

මහා පරිනිබ්බාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn2_3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M