අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

8. කල්‍යාණමිත්තවග්ගෝ

8. කලණ මිතුරන් පිළිබඳ ව වදාළ දෙසුම් ඇතුළත් කොටස

1. 8. 1.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යේන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවේ, කල්‍යාණමිත්තතා. කල්‍යාණමිත්තස්ස භික්ඛවේ, අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ (ශ්‍රී සද්ධර්මය පවසන) කලණ මිතුරන් ඇසුර තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, (ශ්‍රී සද්ධර්මය පවසන) කලණ මිතුරන් ඇසුරු කරන පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.”

1. 8. 2.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යේන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවේ, අනුයෝගෝ අකුසලානං ධම්මානං, අනනුයෝගෝ කුසලානං ධම්මානං. අනුයෝගා භික්ඛවේ, අකුසලානං ධම්මානං, අනනුයෝගා කුසලානං ධම්මානං අනුප්පන්නා චේව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති.

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, අකුසල සහගත දේවල්වල යෙදීමත්, කුසල් දහම්වල නොයෙදීමත් තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අකුසල සහගත දේවල්වල යෙදීමත්, කුසල් දහම්වල නොයෙදීමත් නිසාමයි නූපන් අකුසල් උපදින්නේ. උපන් කුසල් දහම් පවා පිරිහී යන්නේ.”

1. 8. 3.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යේන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවේ, අනුයෝගෝ කුසලානං ධම්මානං, අනනුයෝගෝ අකුසලානං ධම්මානං. අනුයෝගා භික්ඛවේ, කුසලානං ධම්මානං, අනනුයෝගා අකුසලානං ධම්මානං අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, කුසල සහගත දේවල්වල යෙදීමත්, අකුසල් දහම්වල නොයෙදීමත් තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල සහගත දේවල්වල යෙදීමත්, අකුසල් දහම්වල නොයෙදීමත් නිසාමයි නූපන් කුසල් උපදින්නේ. උපන් අකුසල් දහම් පවා පිරිහී යන්නේ.”

1. 8. 4.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යේන අනුප්පන්නා වා බොජ්ඣංගා නුප්පජ්ජන්ති, උප්පන්නා වා බොජ්ඣංගා න භාවනාපාරිපූරිං ගච්ඡන්ති, යථයිදං භික්ඛවේ, අයෝනිසෝමනසිකාරෝ. අයෝනිසෝ භික්ඛවේ, මනසිකරෝතෝ අනුප්පන්නා චේව බොජ්ඣංගා නුප්පජ්ජන්ති, උප්පන්නා ච බොජ්ඣංගා න භාවනාපාරිපූරිං ගච්ඡන්තීති.

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් බොජ්ඣංග (චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන) ධර්මයන් උපදින්නේ නැත්නම්, උපන් බොජ්ඣංග ධර්මයන් භාවනාවෙන් සම්පූර්ණ වෙලා යන්නෙ නැත්නම්, පින්වත් මහණෙනි, නුවණින් තොරව මෙනෙහි කිරීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, නුවණින් තොරව මෙනෙහි කරන කෙනාට නූපන් බොජ්ඣංග ධර්ම උපදින්නෙ නෑ. උපන් බොජ්ඣංග ධර්ම වුනත් භාවනාවෙන් සම්පූර්ණ වෙන්නෙ නෑ.”

1. 8. 5.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යේන අනුප්පන්නා වා බොජ්ඣංගා උප්පජ්ජන්ති, උප්පන්නා වා බොජ්ඣංගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති, යථයිදං භික්ඛවේ, යෝනිසෝමනසිකාරෝ. යෝනිසෝ භික්ඛවේ, මනසිකරෝතෝ අනුප්පන්නා චේව බොජ්ඣංගා උප්පජ්ජන්ති, උප්පන්නා ච බොජ්ඣංගා භාවනාපාරිපූරිං ගච්ඡන්තීති.

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් බොජ්ඣංග (චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන) ධර්මයන් උපදිනවා නම්, උපන් බොජ්ඣංග ධර්මයන් භාවනාවෙන් සම්පූර්ණ වෙනවා නම්, පින්වත් මහණෙනි, ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ධර්මයට අනුව නුවණින් මෙනෙහි කරන කෙනාට නූපන් බොජ්ඣංග ධර්ම උපදිනවා. උපන් බොජ්ඣංග ධර්ම වුනත් භාවනාවෙන් සම්පූර්ණ වෙනවා.”

1. 8. 6.

අප්පමත්තිකා ඒසා භික්ඛවේ, පරිහානි, යදිදං ඤාතිපරිහානි. ඒතං පතිකිට්ඨං භික්ඛවේ, පරිහානීනං යදිදං පඤ්ඤා පරිහානීති.

“පින්වත් මහණෙනි, යම් ඤාති පරිහානියක් තිබේද එය වනාහී ඉතා අල්ප වූ පරිහානියකි. නමුත් පින්වත් මහණෙනි, පිරිහීම් අතරින් මහත්ම පරිහානිය වන්නේ මේ ප්‍රඥාවෙන් පිරිහීමමයි.”

1. 8. 7.

අප්පමත්තිකා ඒසා භික්ඛවේ, වුද්ධි, යදිදං ඤාතිවුද්ධි. ඒතදග්ගං භික්ඛවේ, වුද්ධීනං යදිදං පඤ්ඤාවුද්ධි. තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං: පඤ්ඤාවුද්ධියා වඩ්ඪිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බන්ති.

“පින්වත් මහණෙනි, යම් ඤාතීන්ගේ වැඩි වීමක් තියෙනවා නම්, එය වනාහී අල්ප වූ වැඩිවීමකි. නමුත් පින්වත් මහණෙනි, වැඩි වීම් අතරින් මේ ප්‍රඥාව වර්ධනය වීමමයි අග්‍ර වෙන්නෙ. ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහටයි ඔබ හික්මෙන්න ඕන. ‘ප්‍රඥා වර්ධනයෙන්ම වැඩෙනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ විසින් මෙන්න මේ විදිහටමයි හික්මෙන්න ඕන.”

1. 8. 8.

අප්පමත්තිකා ඒසා භික්ඛවේ, පරිහානි, යදිදං භෝගපරිහානි. ඒතං පතිකිට්ඨං භික්ඛවේ, පරිහානීනං යදිදං පඤ්ඤාපරිහානීති.

“පින්වත් මහණෙනි, යම් භෝග පරිහානියක් තිබේද එය වනාහී ඉතා අල්ප වූ පරිහානියකි. නමුත් පින්වත් මහණෙනි, පිරිහීම් අතරින් මහත්ම පරිහානිය වන්නේ මේ ප්‍රඥාවෙන් පිරිහීමමයි.”

1. 8. 9.

අප්පමත්තිකා ඒසා භික්ඛවේ, වුද්ධි, යදිදං භෝගවුද්ධි. ඒතදග්ගං භික්ඛවේ, වුද්ධීනං යදිදං පඤ්ඤාවුද්ධි. තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං: පඤ්ඤාවුද්ධියා වඩ්ඪිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බන්ති.

“පින්වත් මහණෙනි, යම් භෝගයන්ගේ වැඩි වීමක් තියෙනවා නම්, ඒ වනාහී අල්ප වූ වැඩි වීමකි. නමුත් පින්වත් මහණෙනි, වැඩි වීම් අතරින් මේ ප්‍රඥාව වර්ධනය වීමමයි අග්‍ර වෙන්නෙ. ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහටයි ඔබ හික්මෙන්න ඕන. ‘ප්‍රඥා වර්ධනයෙන්ම වැඩෙනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ විසින් මෙන්න මේ විදිහටමයි හික්මෙන්න ඕන.”

1. 8. 10.

අප්පමත්තිකා ඒසා භික්ඛවේ, පරිහානි, යදිදං යසෝපරිහානි. ඒතං පතිකිට්ඨං භික්ඛවේ, පරිහානීනං යදිදං පඤ්ඤාපරිහානීති.

“පින්වත් මහණෙනි, යම් කීර්ති ප්‍රශංසාවල පරිහානියක් තිබේද එය වනාහී ඉතා අල්ප වූ පරිහානියකි. නමුත් පින්වත් මහණෙනි, පිරිහීම් අතරින් මහත්ම පරිහානිය වන්නේ මේ ප්‍රඥාවෙන් පිරිහීමමයි.”

1. 8. 11.

අප්පමත්තිකා ඒසා භික්ඛවේ, වුද්ධි, යදිදං යසෝ වුද්ධි. ඒතදග්ගං භික්ඛවේ, වුද්ධීනං යදිදං පඤ්ඤාවුද්ධි. තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං: පඤ්ඤාවුද්ධියා වඩ්ඪිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බන්ති.

“පින්වත් මහණෙනි, යම් කීර්ති ප්‍රශංසාවල වැඩි වීමක් තියෙනවා නම්, ඒ වනාහී අල්පමාත්‍ර වූ වැඩි වීමකි. නමුත් පින්වත් මහණෙනි, වැඩි වීම් අතරින් මේ ප්‍රඥාව වර්ධනය වීමමයි අග්‍ර වෙන්නෙ. ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහටයි ඔබ හික්මෙන්න ඕන. ‘ප්‍රඥා වර්ධනයෙන්ම වැඩෙනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ විසින් මෙන්න මේ විදිහටමයි හික්මෙන්න ඕන.”

වග්ගෝ අට්ඨමෝ.

අටවෙනි වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M