ඛුද්දක නිකාය

ඛුද්දකපාඨ පාළි

2. දසසික්ඛාපදං

2. සිල්පද දහය

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

1. ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.

අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

2. සොරකමින් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.

අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

3. අබ්‍රහ්මචාරී හැසිරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.

මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

4. බොරු කීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.

සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

5. මත්වීමටත්, ප්‍රමාදවීමටත් හේතුවන මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.

විකාලභෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

6. විකාල භෝජනයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.

නච්චගීතවාදිතවිසූකදස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

7. නැටුම්, ගැයුම්, වැයුම් හා විකාර දර්ශන නැරඹීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.

මාලාගන්ධවිලේපනධාරණමණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

8. මල්, සුවඳ විලවුන් දැරීමෙන්, සැරසීමෙන්, අලංකාරවීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.

උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

9. වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.

ජාතරූපරජතපටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

10. රන්, රිදී, කහවනු, මසුරන් ආදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.

දසසික්ඛාපදං.

මේ වනාහී සිල්පද දහයයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M