අංගුත්තර නිකාය

දුක නිපාතෝ

15. (5) සමාපත්තිවග්ගෝ

15. (5) සමාපත්ති වර්ගය

(සාවත්ථිනිදානං)

සැවැත් නුවරදී …………

2.3.15.1

50. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: සමාපත්තිකුසලතා ච සමාපත්තිවුට්ඨානකුසලතා ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

50. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? සමාපත්තිවලට සමවැදීමෙහි දක්ෂතාවයත්, සමාපත්ති වලින් නැගී සිටීමේ දක්ෂතාවයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.2

51. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: අජ්ජවඤ්ච මද්දවඤ්ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

51. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? ඍජු බවත්, මෘදුගති ඇති බවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.3

52. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: ඛන්ති ච සෝරච්චඤ්ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

52. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? ඉවසීමත්, කීකරු බවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.4

53. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: සාඛල්‍යඤ්ච පටිසන්ථාරෝ ච. ඉමේ ඛෝ භික්ඛවේ, ද්වේ ධම්මා.

53. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? මොළොක් කතා බහ ඇති බවත්, දහම් පිළිසඳර ඇති බවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.5

54. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: අවිහිංසා ච සෝචෙය්‍යඤ්ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

54. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? හිංසා රහිත බවත්, පිරිසිදු ක්‍රියා ඇති බවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.6

55. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා ච භෝජනේ අමත්තඤ්ඤුතා ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

55. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? අකුසල් ඇතුළු වීමට ඉඩදී නොවැළකූ ඉඳුරන් ඇති බවත්, ආහාර ගැනීමේ අර්ථය නොදැනීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.7

56. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා ච භෝජනේ මත්තඤ්ඤුතා ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

56. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? අකුසල් ඇතුළු වීමට නොදී ඒවා වැළකූ ඉඳුරන් ඇති බවත්, ආහාර ගැනීමේ අර්ථය දැනීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.8

57. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: පටිසංඛානබලඤ්ච භාවනාබලඤ්ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

57. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? නුවණින් විමසා සිව්පසය පරිහරණය කිරීමෙහි බලයත්, භාවනා බලයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.9

58. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: සතිබලඤ්ච සමාධිබලඤ්ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

58. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? සිහිය බලවත්ව දියුණු කරගැනීමත්, සමාධිය බලවත්ව දියුණු කරගැනීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.10

59. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: සමථෝ ච විපස්සනා ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

59. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? ධ්‍යාන දියුණු කළ හැකි සමථ භාවනාවත්, යථාභූත ඤාණය තුළින් ප්‍රඥාව දියුණු කළ හැකි විදර්ශනා භාවනාවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.11

60. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: සීලවිපත්ති ච දිට්ඨිවිපත්ති ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

60. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? දුස්සීලභාවයට පත් වීම නම් වූ සීලවිපත්තියත්, මිත්‍යා දෘෂ්ටියට පැමිණීම නම් වූ දිට්ඨි විපත්තියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.12

61. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: සීලසම්පදා ච දිට්ඨිසම්පදා ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

61. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? මැනැවින් සීලයෙහි පිහිටා සිටීම නම් වූ සීලසම්පත්තියත්, සම්මා දිට්ඨියට පැමිණීම නම් වූ දිට්ඨි සම්පත්තියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.13

62. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: සීලවිසුද්ධි ච දිට්ඨිවිසුද්ධි ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

62. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? සීලය තුළින් පිරිසිදු වීම නම් වූ සීල විසුද්ධියත්, සම්මා දිට්ඨිය තුළින් පිරිසිදු වීම නම් වූ දිට්ඨි විසුද්ධියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.14

63. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: දිට්ඨිවිසුද්ධි ච යථාදිට්ඨිස්ස ච පධානං. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

63. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? සම්මා දිට්ඨිය තුළින් පිරිසිදු වීම නම් වූ දිට්ඨි විසුද්ධියත්, ඒ සම්මා දිට්ඨියට අනුව ධර්මාවබෝධය දියුණු කරගැනීම පිණිස බලවත්ව වීරිය කිරීම නම් වූ පධන් වෙර වැඩීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.15

64. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: අසන්තුට්ඨිතා ච කුසලේසු ධම්මේසු අප්පටිවානිතා ච පධානස්මිං. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

64. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? උතුම් අරමුණ ඉටුවන තුරා තමා ඇති කරගන්නා කුසල් දහම් පිළිබඳ සෑහීමට පත් නොවීමත්, ඒ සඳහා අකුසල් ප්‍රහාණය පිණිසත්, කුසල් දියුණු කිරීම පිණිසත් ඇති නොපසුබස්නා වීරියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.16.

65. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: මුට්ඨසච්චඤ්ච අසම්පජඤ්ඤඤ්ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා.

65. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? සතර සතිපට්ඨානයෙහි සිහිය නොපිහිටන බවත්, නුවණින් විමසීමෙහි නොහැකියාවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

2.3.15.17

66. ද්වේමේ භික්ඛවේ ධම්මා. කතමේ ද්වේ: සති ච සම්පජඤ්ඤඤ්ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මාති.

66. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? සතර සතිපට්ඨානයෙහි සිහිය පිහිටන බවත්, නුවණින් විමසීමෙහි හැකියාවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.

වග්ගෝ පණ්ණරසමෝ.

පහළොස්වෙනි වර්ගයයි.

තතියෝ පණ්ණාසකෝ සමත්තෝ.

තුන්වෙනි සූත්‍ර පනහ සමාප්තයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-3-15-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M