දීඝ නිකාය

පාථික වග්ගෝ

10. සංගීති සුත්‌තං

10. ධර්මය රැස්කොට පිළියෙල කිරීම ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං:

මා විසින් මෙසේ අසන ලදී.

ඒකං සමයං භගවා මල්ලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි යේන පාවා නාම මල්ලානං නගරං තදවසරි. තත්‍ර සුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනේ.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමඟ මල්ල ජනපදයන්හි චාරිකාවෙහි වඩිනා සේක්, පාවා නම් වූ මල්ලවරුන්ගේ නගරයට වැඩම කළ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර රන්කරුගේ පුත්‍ර වූ චුන්දයන්ගේ අඹවනයෙහි වැඩවසන සේක.

2. තේන ඛෝ පන සමයේන පාවෙය්‍යකානං මල්ලානං උබ්භතකං නවං සන්ථාගාරං අචිරකාරිතං හෝති, අනජ්ඣාවුත්ථං සමණේන වා බ්‍රාහ්මණේන වා කේනචි වා මනුස්සභූතේන. අස්සෝසුං ඛෝ පාවෙය්‍යකා මල්ලා: භගවා කිර මල්ලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි පාවං අනුප්පත්තෝ පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනේ’ති. අථ ඛෝ පාවෙය්‍යකා මල්ලා යේන භගවා තේනුපසංකමිංසු, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ පාවෙය්‍යකා මල්ලා භගවන්තං ඒතදවෝචුං: ඉධ භන්තේ පාවෙය්‍යකානං මල්ලානං උබ්භතකං නාම නවං සන්ධාගාරං අචිරකාරිතං හෝති අනජ්ඣාවුත්ථං සමණේන වා බ්‍රාහ්මණේන වා කේනචි වා මනුස්සභූතේන. තං ච භන්තේ භගවා පඨමං පරිභුඤ්ජතු. භගවතා පඨමං පරිභුත්තං පච්ඡා පාවෙය්‍යකා මල්ලා පරිභුඤ්ජිස්සන්ති. තදස්ස පාවෙය්‍යකානං මල්ලානං දීඝරත්තං හිතාය සුඛායා”ති.

එසමයෙහි පාවා නුවරවැසි මල්ලවරුන්ගේ ‘උබ්භතක’ නම් අළුත් සන්ථාගාරයක් ඉදිකොට නොබෝ කල් වෙයි. එය ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ වෙනත් මිනිසෙකු විසින් හෝ තවම පරිභෝග නොකරන ලද්දේ ය. පාවා නුවරවැසි මල්ලවරු මෙකරුණ ඇසුවාහු ය. එනම්; ‘භාග්‍යවතුන් වහන්සේ වනාහී පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සමඟ මල්ල ජනපදයන්හි චාරිකාවෙහි වඩින අතරෙහි පාවා නුවරට වැඩම කොට පාවා නුවර රන්කරු පුත්‍ර වූ චුන්දයන්ගේ අඹවනයෙහි වැඩවසන සේක් ලු’ යි.

ඉක්බිති පාවා නුවරවැසි මල්ලවරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතනට පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නාහු ය. එකත්පස් ව හුන් පාවා නුවරවැසි මල්ලවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මෙහි පාවා නුවරවැසි මල්ලවරුන්ගේ ‘උබ්භතක’ නම් අළුත් සන්ථාගාරයක් ඉදිකොට නොබෝ කල් වෙයි. එය ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ වෙනත් මිනිසෙකු විසින් හෝ තවම පරිභෝග නොකරන ලද්දේ ය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ එය පළමුවෙන් පරිභෝග කරන සේක්වා! භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුව පරිභෝග කරන ලදු ව පසු ව පාවා නුවරවැසි මල්ලවරු එය පරිභෝග කරන්නාහ. එය ඒ පාවා නුවරවැසි මල්ලවරුන්ට බොහෝ කලක් හිත සුව පිණිස පවතින්නේ ය.”

3. අධිවාසේසි ඛෝ භගවා තුණ්හීභාවේන. අථ ඛෝ පාවෙය්‍යකා මල්ලා භගවතෝ අධිවාසනං විදිත්වා, උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා, පදක්ඛිණං කත්වා යේන සන්ථාගාරං තේනුපසංකමිංසු. උපසංකමිත්වා සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරිත්වා ආසනානි පඤ්ඤාපෙත්වා, උදකමණිකං පතිට්ඨපෙත්වා, තේලප්පදීපං ආරෝපෙත්වා, යේන භගවා තේනුපසංකමිංසු, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු.

භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩසිටීමෙන් ඒ ඇරයුම පිළිගත් සේක. ඉක්බිති පාවා නුවරවැසි මල්ලවරු භාග්‍යවතුන් වහන්සේ ඒ ඇරයුම පිළිගත් බව දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට, සන්ථාගාරය යම් තැනක ද, එතැනට ගියාහු ය. ගොස් සන්ථාගාරයෙහි සියළු ඇතිරිලි අතුරා, අසුන් පණවා, පා සේදීම පිණිස මහත් දිය සැළියක් තබා, තෙල් පහනක් දල්වා ඔසොවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට එළැඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තාහු ය.

ඒකමන්තං ඨිතා ඛෝ තේ පාවෙය්‍යකා මල්ලා භගවන්තං ඒතදවෝචුං, සබ්බසන්ථරිං සන්ථතං භන්තේ සන්ථාගාරං, ආසනානි පඤ්ඤත්තානි, උදකමණිකෝ පතිට්ඨාපිතෝ, තේලප්පදීපෝ ආරෝපිතෝ. යස්ස’දානි භන්තේ භගවා කාලං මඤ්ඤතී”ති.

එකත්පස් ව සිටගත් ඒ පාවා නුවරවැසි මල්ලවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, සන්ථාගාරය සියළු ඇතිරිල්ලෙන් අතුරන ලද්දේ ය. අසුන් පණවන ලද්දේ ය. පා සේදීම පිණිස මහත් දිය සැළියක් තබන ලද්දේ ය. තෙල් පහණක් දල්වා ඔසොවන ලද්දේ ය. ස්වාමීනී, දැන් යමකට කාලය වෙයි නම් භාග්‍යවතුන් වහන්සේ එය දන්නා සේක.”

4. අථ ඛෝ භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසංඝේන යේන සන්ථාගාරං තේනුපසංකමි. උපසංකමිත්වා පාදේ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා මජ්ක්‍ධිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛෝ නිසීදි. භික්ඛුසංඝෝ පි ඛෝ පාදේ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛෝ නිසීදි භගවන්තංයේව පුරක්ඛත්වා. පාවෙය්‍යකා පි ඛෝ මල්ලා පාදේ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා නිසීදිංසු භගවන්තංයේව පුරක්ඛත්වා. අථ ඛෝ භගවා පාවෙය්‍යකේ මල්ලේ බහුදේවා රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උය්‍යෝජේසි: අභික්කන්තා ඛෝ වාසෙට්ඨා රත්ති. යස්ස’දානි තුම්හේ කාලං මඤ්ඤථාති. ‘ඒවං භන්තේ’ති ඛෝ පාවෙය්‍යකා මල්ලා භගවතෝ පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිවුරු හැඳ පොරොවා ගෙන, පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ සන්ථාගාරය යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට, පා සෝදා, තානායම් නිවසට පිවිස, එහි මැද මහ කණුවට පිටුපා, පෙරදිගට මුහුණලා වැඩහුන් සේක. භික්ෂු සංඝයා වහන්සේ ත් පා සෝදා, සන්ථාගාරයට පිවිස, බටහිර පෙදෙසෙහි වූ බිත්තියට පිටුපා භාග්‍යවතුන් වහන්සේ ව ම පෙරටු කොට පෙරදිගට මුහුණලා වැඩහුන්නාහු ය. පාවා නුවරවැසි මල්ලවරුත් පා සෝදා, තානායම් නිවසට පිවිස, පෙරදිග පෙදෙසෙහි වූ බිත්තියට පිටුපා භාග්‍යවතුන් වහන්සේ ව ම පෙරටු කොට බටහිර දෙසට මුහුණ ලා හිඳගත්තාහු ය.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පාවා නුවරවැසි මල්ලවරුන්ට රැය බොහෝ වේලා ගෙවෙන තුරු ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටු කරවා, “වාසෙට්ඨයෙනි, බොහෝ රෑ බෝ වූයේ ය. දැන් යමකට කල් නම් ඔබ එය දැනගනිව්” යි නික්මයෑමට උනන්දු කළ සේක. “එසේ ය, ස්වාමීනී” යි පාවා නුවරවැසි මල්ලවරු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියාහු ය.

5. අථ ඛෝ භගවා අචිරපක්කන්තේසු පාවෙය්‍යකේසු මල්ලේසු තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසංඝං අනුවිලෝකෙත්වා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තේසි, “විගතථීනමිද්ධෝ ඛෝ සාරිපුත්ත භික්ඛුසංඝෝ පටිභාතු තං සාරිපුත්ත භික්ඛූනං ධම්මීකථා පිට්ඨි මේ ආගිලායති, තමහං ආයමිස්සාමී”ති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා සාරිපුත්තෝ භගවතෝ පච්චස්සෝසි.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පාවා නුවරවැසි මල්ලවරු පිටත් ව ගිය නොබෝ වේලාවකින් ඉතා සංසුන් ව, නිශ්ශබ්ද ව සිටින භික්ෂු සංඝයා දෙස බලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඇමතූ සේක.

“සාරිපුත්තයෙනි, භික්ෂු සංඝයා ථීනමිද්ධයෙන් තොර ව සිටියි. සාරිපුත්තයෙනි, භික්ෂූන්ට පවසනු පිණිස ඔබට ධර්ම කථාවක් වැටහේවා! මාගේ පිට ගිලන් ය. එහෙයින් මම මඳක් විවේක ගන්නෙමි.”

“එසේ ය ස්වාමීනී” යි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

අථ ඛෝ භගවා චතුග්ගුණං සංඝාටිං පඤ්ඤපෙත්වා දක්ඛිණේන පස්සේන සීහසෙය්‍යං කප්පේසි, පාදේ පාදං අච්චාධාය සතෝ සම්පජානෝ උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දෙපොට සිවුර සිව් ගුණ කොට පණවා නැගී සිටින හැඟීම මෙනෙහි කොට දකුණු පාදය මත වම් පාදය මඳක් මෑත් කොට තබා, සිහියෙන් හා නුවණින් යුතුව, දකුණු ඇලයෙන් සිංහසෙය්‍යාවෙන් සැතපුණු සේක.

[ භින්නනිගණ්ඨවත්ථු ]

6. තේන ඛෝ පන සමයේන නිගණ්ඨෝ නාතපුත්තෝ පාවායං අධුනා කාලකතෝ හෝති. තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වේධිකජාතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නෝ ත්වමසි, අහමස්මි සම්මාපටිපන්නෝ සංහිතම්මේ අසංහිතන්තේ, පුරේ වචනීයං පච්ඡා අවච, පච්ඡා වචනීයං පුරේ අවච, ආචිණ්ණන්තේ විපරාවත්තං, ආරෝපිතෝ තේ වාදෝ, නිග්ගහිතෝ ත්වමසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බේඨේහි ච සචේ පහෝසී’ති. වධෝ යේව ඛෝ මඤ්ඤේ නිගණ්ඨේසු නාතපුත්තියේසු අනුවත්තති. යේ’පි තේ නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකා ගිහී ඕදාතවසනා, තේ’පි තේසු නිගණ්ඨේසු නාතපුත්තියේසු නිබ්බින්නරූපා විරත්තරූපා පටිවානරූපා යථා තං දුරක්ඛාතේ ධම්මවිනයේ දුප්පවේදිතේ අනිය්‍යානිකේ අනුපසමසංවත්තනිකේ අසම්මාසම්බුද්ධප්පවේදිතේ භින්නථූපේ අප්පටිසරණේ.

එසමයෙහි වනාහී නිගණ්ඨනාතපුත්‍ර තෙමේ (රජගහ නුවරට නුදුරු වූ) පාවා නම් නුවර දී කලුරිය කොට නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුගේ කලුරිය කිරීමෙන් පසු නිගණ්ඨයෝ දෙකොටසකට බෙදී රණ්ඩු ඇති කරගනිමින්, කෝලාහල ඇතිකරගනිමින්, වාද විවාදයන්ට පැමිණෙමින්, එකිනෙකාට වචන නැමැති අවියෙන් විදගනිමින් වාසය කරති. ‘තෝ මේ ධර්ම විනය නොදන්නෙහි ය. මම් මේ ධර්ම විනය දනිමි. කිම? තෝ මේ ධර්ම විනය දන්නෙහි ද? තෝ මිථ්‍යාවට පිළිපන්නෙහි ය. මම් යහපතට පිළිපන්නෙමි. මා කියන කරුණු හේතු යුක්ත ය. තගේ කරුණු හේතු රහිත ය. කලින් කිව යුත්ත පසු ව කීවෙහි ය. පසු ව කිව යුත්ත කලින් කීවෙහි ය. තා විසින් බොහෝ කල් පුරුදු කළ දෑ මේ වාදය නිසා කණපිට පෙරලුණේ ය. මා විසින් තට වාදයක් නංවන ලද්දේ ය. මා විසින් තෝ ගරහන ලද්දෙහි ය. වාදයෙන් බේරෙන්නට උපාය සොයමින් පල. ඉදින් පුළුවන් නම් වාදය ලිහා ගනුව’ යනුවෙනි.

නිගණ්ඨනාතපුත්තගේ ගෝලයන් අතර හිංසා කරගැනීමක් ම මේ නිසා පවතියි. නිගණ්ඨනාතපුත්තගේ යම් ඒ සුදුවත් හඳින ගිහි සව්වෝ වෙත් ද, ඔවුහු ද නිගණ්ඨනාතපුත්තගේ ගෝලයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇති ව, නොබැඳුණු ස්වභාව ඇති ව, පුද සත්කාරයන්හි පසුබට වන ස්වභාව ඇති වූවාහු ය. වැරදි ලෙස කියන ලද, වැරදි ලෙස දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස හේතු නොවන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවන, සම්මා සම්බුදු නොවන්නෙකු විසින් පවසන ලද ධර්ම විනයක, බිඳීගිය ස්ථූපය ඇති ව, පිළිසරණ රහිත වූවන් හට සිදුවන්නේ යම් අයුරකින් ද, එසේ ම වූයේ ය.

7. අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛූ ආමන්තේසි: නිගණ්ඨෝ ආවුසෝ නාතපුත්තෝ පාවායං අධුනා කාලකතෝ තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වේධිකජාතා ….(පෙ)…. භින්නථූපේ අප්පටිසරණේ. ඒවං හේතං ආවුසෝ හෝති දුරක්ඛාතේ ධම්මවිනයේ දුප්පවේදිතේ අනිය්‍යානිකේ අනුපසමසංවත්තනිකේ අසම්මාසම්බුද්ධප්පවේදිතේ. අයං ඛෝ පනාවුසෝ අම්හාකං භගවතා ධම්මෝ ස්වාක්ඛාතෝ සුප්පවේදිතෝ නිය්‍යානිකෝ උපසමසංවත්තනිකෝ සම්මාසම්බුද්ධප්පවේදිතෝ. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං න විවදිතබ්බං, යථයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. කතමෝ චාවුසෝ අම්හාකං භගවතා ධම්මෝ ස්වාක්ඛාතෝ සුප්පවේදිතෝ නිය්‍යානිකෝ උපසමසංවත්තනිකෝ සම්මාසම්බුද්ධප්පවේදිතෝ, යත්ථ සබ්බේහේව සංගායිතබ්බං න විවදිතබ්බං යථයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“ඇවැත්නි, නිගණ්ඨනාතපුත්‍ර තෙමේ (රජගහ නුවරට නුදුරු වූ) පාවා නම් නුවර දී කලුරිය කොට නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුගේ කලුරිය කිරීමෙන් පසු නිගණ්ඨයෝ දෙකොටසකට බෙදී රණ්ඩු ඇති කරගනිමින්, ….(පෙ)…. ඇවැත්නි, වැරදි ලෙස කියන ලද, වැරදි ලෙස දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස හේතු නොවන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවන, සම්මා සම්බුදු නොවන්නෙකු විසින් පවසන ලද ධර්ම විනයක, බිඳීගිය ස්ථූපය ඇති, පිළිසරණ රහිත වූවන් හට මෙය මෙසේ ම සිදුවෙයි.

ඇවැත්නි, මේ ධර්මය වනාහී අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙසන ලද්දේ ය. මැනැවින් දන්වන ලද්දේ ය. සසර දුකින් නිදහස් වීම පිණිස පවතියි. කෙලෙස් සංසිඳීම පිණිස පවතියි. සම්මා සම්බුදුවරයෙකු විසින් පවසන ලද්දකි. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙසන ලද, මැනැවින් දන්වන ලද, සසර දුකින් නිදහස් වීම පිණිස පවතින, කෙලෙස් සංසිඳීම පිණිස පවතින, සම්මා සම්බුදුන් විසින් පවසන ලද යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු, වාද විවාද නොකළ යුතු, එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ කවර ධර්මයක් ද?

[ ඒකකං ]

8. අත්ථි ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඒකෝ ධම්මෝ සම්මදක්ඛාතෝ. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං න විවදිතබ්බං, යථයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. කතමෝ ඒකෝ ධම්මෝ? සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා, සබ්බේ සත්තා සංඛාරට්ඨිතිකා. අයං ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඒකෝ ධම්මෝ සම්මදක්ඛාතෝ. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං න විවදිතබ්බං, යථයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද එක් ධර්මයක් ඇත්තේ ය. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු ය. වාද විවාද නොකළ යුතු ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය. ඒ කවර එක් ධර්මයක්ද?

එනම්; ‘සියළු සත්වයෝ ආහාරයෙන් සිටින්නෝ ය. සියළු සත්වයෝ හේතුප්‍රත්‍ය ධර්මතාවෙන් සිටින්නෝ ය’ යන එක ම ධර්මය යි.

ඇවැත්නි, මෙය වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද එක් ධර්මය යි. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

[ දුකං ]

9. අත්ථි ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ද්වේ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද දෙක බැගින් වූ ධර්මයෝ ඇත්තාහ. යම් පරිදි ඒ සසුන් බඹසර බෙහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු ය. වාද විවාද නොකළ යුතු ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

කතමේ ද්වේ?

ඒ දෙක බැගින් වූ ධර්මයෝ කවරහු ද?

නාමඤ්ච රූපඤ්ච

එනම්; නාමය ත් – රූපය ත් යන ධර්ම දෙක ය.

අවිජ්ජා ච භවතණ්හා ච

අවිද්‍යාව ත් – භව තෘෂ්ණාව ත් යන ධර්ම දෙක ය.

භවදිට්ඨි ච විභවදිට්ඨි ච

භව දෘෂ්ටිය ත් – විභව දෘෂ්ටිය ත් යන ධර්ම දෙක ය.

අහිරිකඤ්ච අනොත්තප්පඤ්ච

පවට ලැජ්ජා නැති බව ත් – පවට භය නැති බව ත් යන ධර්ම දෙක ය.

හිරි ච ඔත්තප්පඤ්ච

පවට ලැජ්ජාව ත් – පවට භය ත් යන ධර්ම දෙක ය.

දෝවචස්සතා ච පාපමිත්තතා ච

අකීකරුකම ත් – පවිටු මිතුරන් ඇති බව ත් යන ධර්ම දෙක ය.

සෝවචස්සතා ච කල්‍යාණමිත්තතා ච

කීකරුකම ත් – කලණ මිතුරන් ඇති බව ත් යන ධර්ම දෙක ය.

ආපත්තිකුසලතා ච ආපත්තිවුට්ඨානකුසලතා ච

ඇවැත් දැනගැනීමේ දක්ෂකම ත් – ඇවැතින් නැගී සිටීමේ දක්ෂකම ත් යන ධර්ම දෙක ය.

සමාපත්තිකුසලතා ච සමාපත්තිවුට්ඨානකුසලතා ච

සමාපත්තියට සමවැදීමේ දක්ෂකම ත් – සමාපත්තියෙන් නැගී සිටීමේ දක්ෂකම ත් යන ධර්ම දෙක ය.

ධාතුකුසලතා ච මනසිකාරකුසලතා ච

ධාතු ස්වභාවය දැනගැනීමේ දක්ෂකමත් – එය මෙනෙහි කිරීමේ දක්ෂකම ත් යන ධර්ම දෙක ය.

ආයතනකුසලතා ච පටිච්චසමුප්පාදකුසලතා ච

ආයතන දැනගැනීමේ දක්ෂකම ත් – පටිච්ච සමුප්පාදය දැනගැනීමේ දක්ෂකම ත් යන ධර්ම දෙක ය.

ඨානකුසලතා ච අට්ඨානකුසලතා ච

සිදුවිය හැකි දේ දැනගැනීමේ දක්ෂකම ත් – සිදුවිය නොහැකි දේ දැනගැනීමේ දක්ෂකමත් යන ධර්ම දෙක ය.

අජ්ජවඤ්ච ලජ්ජවඤ්ච

අවංකබව ත් – ලැජ්ජාව ත් යන ධර්ම දෙක ය.

ඛන්තී ච සෝරච්චඤ්ච

ඉවසීම ත් – කීකරුකම ත් යන ධර්ම දෙක ය.

සාඛල්‍යඤ්ච පටිසන්ථාරෝ ච

මොලොක් වචන ඇතිබව ත් – පිළිසඳර කථාවත් යන ධර්ම දෙක ය.

අවිහිංසා ච සෝචෙය්‍යඤ්ච

අහිංසාව ත් – මෛත්‍රිය ත් යන ධර්ම දෙක ය.

මුට්ඨස්සච්චඤ්ච අසම්පජඤ්ඤඤ්ච

සිහිමුලාව ත් – අඥානකම ත් යන ධර්ම දෙක ය.

සති ච සම්පජඤ්ඤඤ්ච

සිහිය ත් – නුවණින් යුක්ත බව ත් යන ධර්ම දෙක ය.

ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා ච භෝජනේ අමත්තඤ්ඤූතා ච

ඉඳුරන්හි නොවැසූ දොරටු ඇති බව ත් – ආහාරයෙහි අරුත නොදන්නා බව ත් යන ධර්ම දෙක ය.

ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා ච භෝජනේ මත්තඤ්ඤුතා ච

ඉඳුරන් හි වැසූ දොරටු ඇති බව ත් – ආහාරයෙහි අරුත දන්නා බවත් යන ධර්ම දෙක ය.

පටිසංඛානබලඤ්ච භාවනාබලඤ්ච

නුවණින් සලකා බැලීමේ බලය ත් – භාවනාවේ බලය ත් යන ධර්ම දෙක ය.

සතිබලඤ්ච සමාධිබලඤ්ච

සති බලය ත් – සමාධි බලයත් යන ධර්ම දෙක ය.

සමථෝ ච විපස්සනා ච

සමථය ත් – විදර්ශනාව ත් යන ධර්ම දෙක ය.

සමථනිමිත්තඤ්ච පග්ගහනිමිත්තඤ්ච

සමථයට අදාළ අරමුණ ත් – වීර්යයට අදාළ අරමුණ ත් යන ධර්ම දෙක ය.

පග්ගාහෝ ච අවික්ඛේපෝ ච

වීර්යය ත් – සිතෙහි එකඟ බව ත් යන ධර්ම දෙක ය.

සීලවිපත්ති ච දිට්ඨිවිපත්ති ච

සීල විපත්තිය ත් – දෘෂ්ටි විපත්තිය ත් යන ධර්ම දෙක ය.

සීලසම්පදා ච දිට්ඨිසම්පදා ච

සීල සම්පත්තිය ත් – දෘෂ්ටි සම්පත්තිය ත් යන ධර්ම දෙක ය.

සීලවිසුද්ධි ච දිට්ඨිවිසුද්ධි ච

සීල විශුද්ධිය ත් – දෘෂ්ටි විශුද්ධිය ත් යන ධර්ම දෙක ය.

දිට්ඨිවිසුද්ධි ඛෝ පන යථා දිට්ඨිස්ස ච පධානං සංවේගෝ ච සංවේජනීයේසු ඨානේසු සංවිග්ගස්ස ච යෝනිසෝ පධානං

දෘෂ්ටි විශුද්ධිය වනාහී යම් දෘෂ්ටියකින් යුක්ත වූ කෙනෙකුට එයින් සංවේගයට පත් ව ප්‍රධන් වීර්යය ත් කිරීම ත් – සංවේගයට පත්වන කරුණු පිළිබඳ ව සංවේග වූවෙකු විසින් නුවණ යොදා කරනු ලබන ප්‍රධන් වීර්යය ත් යන ධර්ම දෙක ය.

අසන්තුට්ඨිතා ච කුසලේසු ධම්මේසු අප්පටිවානිතා ච පධානස්මිං

කුසල් දහම්හි සෑහීමකට පත් නොවන බව ත් – ප්‍රධන් වීර්යයෙහි නොපසුබස්නා බව ත් යන ධර්ම දෙක ය.

විජ්ජා ච විමුත්ති ච

විද්‍යාව ත් – විමුක්තිය ත් යන ධර්ම දෙක ය.

ඛයේ ඤාණං අනුප්පාදේ ඤාණං

කෙලෙස් ක්ෂය වී ගිය බව දන්නා නුවණ ත් – නැවත ක්ෂය වූ කෙලෙස් නොහටගන්නා බව දන්නා නුවණ ත් යන ධර්ම දෙක ය.

ඉමේ ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ද්වේ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං න විවදිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, මේ වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද දෙක බැගින් වූ ධර්මයෝ ය. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

[ තිකං ]

10. අත්ථි ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද තුන බැගින් වූ ධර්මයෝ ඇත්තාහ. එහිලා යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු ය. වාද විවාද නොකළ යුතු ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

කතමේ තයෝ?

තුන බැගින් වූ ධර්මයෝ කවරහු ද?

තීණි අකුසලමූලානි: ලෝභෝ අකුසලමූලං, දෝසෝ අකුසලමූලං, මෝහෝ අකුසලමූලං.

එනම්; අකුසල මුල් තුනකි. ලෝභය අකුසල්වලට මුල්වෙයි. ද්වේෂය අකුසල්වලට මුල්වෙයි. මෝහය අකුසල්වලට මුල්වෙයි.

තීණි කුසලමූලානි: අලෝභෝ කුසලමූලං, අදෝසෝ කුසලමූලං, අමෝහෝ කුසලමූලං.

කුසල මුල් තුනකි. අලෝභය කුසල්වලට මුල්වෙයි. අද්වේෂය කුසල්වලට මුල්වෙයි. අමෝහය කුසල්වලට මුල්වෙයි.

තීණි දුච්චරිතානි: කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනෝදුච්චරිතං.

දුසිරිත් තුනකි. කයෙන් වැරදි ලෙස හැසිරීම ය. වචනයෙන් වැරදි ලෙස හැසිරීම ය. මනසින් වැරදි ලෙස හැසිරීම ය.

තීණි සුචරිතානි: කායසුචරිතං, වචීසුචරිතං, මනෝසුචරිතං.

සුසිරිත් තුනකි. කයෙන් නිවැරදි ලෙස හැසිරීම ය. වචනයෙන් නිවැරදි ලෙස හැසිරීම ය. මනසින් නිවැරදි ලෙස හැසිරීම ය.

තයෝ අකුසලවිතක්කා: කාමවිතක්කෝ, බ්‍යාපාදවිතක්කෝ, විහිංසාවිතක්කෝ.

අකුසල විතර්ක තුනකි. කාමයන් ගැන නැවත නැවත කල්පනා කිරීම ය. ව්‍යාපාදය ගැන නැවත නැවත කල්පනා කිරීම ය. හිංසා කිරීම ගැන නැවත නැවත කල්පනා කිරීම ය.

තයෝ කුසලවිතක්කා: නෙක්ඛම්මවිතක්කෝ, අබ්‍යාපාදවිතක්කෝ, අවිහිංසාවිතක්කෝ.

කුසල විතර්ක තුනකි. කාමයෙන් වෙන්වීම ගැන නැවත නැවත කල්පනා කිරීම ය. මෛත්‍රිය ගැන නැවත නැවත කල්පනා කිරීම ය. හිංසා නොකිරීම ගැන නැවත නැවත කල්පනා කිරීම ය.

තයෝ අකුසලසංකප්පා: කාමසංකප්පෝ, බ්‍යාපාදසංකප්පෝ, විහිංසාසංකප්පෝ.

අකුසල සංකල්ප තුනකි. කාමයන් ගැන කල්පනා කිරීම ය. ව්‍යාපාදය ගැන කල්පනා කිරීම ය. හිංසා කිරීම ගැන කල්පනා කිරීම ය.

තයෝ කුසලසංකප්පා: නෙක්ඛම්මසංකප්පෝ, අබ්‍යාපාදසංකප්පෝ, අවිහිංසාසංකප්පෝ.

කුසල සංකල්ප තුනකි. කාමයෙන් වෙන්වීම ගැන කල්පනා කිරීම ය. මෛත්‍රිය ගැන කල්පනා කිරීම ය. හිංසා නොකිරීම ගැන කල්පනා කිරීම ය.

තිස්සෝ අකුසලසඤ්ඤා: කාමසඤ්ඤා, බ්‍යාපාදසඤ්ඤා, විහිංසාසඤ්ඤා.

අකුසල සංඥා තුනකි. කාම සංඥා ය. ව්‍යාපාද සංඥා ය. විහිංසා සංඥාය.

තිස්සෝ කුසලසඤ්ඤා: නෙක්ඛම්මසඤ්ඤා, අබ්‍යාපාදසඤ්ඤා, අවිහිංසාසඤ්ඤා.

කුසල සංඥා තුනකි. නෙක්ඛම්ම සංඥා ය. අව්‍යාපාද සංඥා ය. අවිහිංසා සංඥා ය.

තිස්සෝ අකුසලධාතුයෝ: කාමධාතු, බ්‍යාපාදධාතු, විහිංසාධාතු.

අකුසල ධාතු තුනකි. කාම ධාතුව ය. ව්‍යාපාද ධාතුව ය. විහිංසා ධාතුවය.

තිස්සෝ කුසලධාතුයෝ: නෙක්ඛම්මධාතු, අබ්‍යාපාදධාතු, අවිහිංසාධාතු.

කුසල ධාතු තුනකි. නෙක්ඛම්ම ධාතුව ය. අව්‍යාපාද ධාතුව ය. අවිහිංසා ධාතුව ය.

අපරාපි තිස්සෝ ධාතුයෝ: කාමධාතු, රූපධාතු, අරූපධාතු.

තවත් ධාතු තුනකි. කාම ධාතුව ය. රූප ධාතුව ය. අරූප ධාතුව ය.

අපරාපි තිස්සෝ ධාතුයෝ: රූපධාතු, අරූපධාතු, නිරෝධධාතු.

තවත් ධාතු තුනකි. රූප ධාතුව ය. අරූප ධාතුව ය. නිරෝධ ධාතුව ය.

අපරාපි තිස්සෝ ධාතුයෝ: හීනධාතු, මජ්ක්‍ධිමධාතු, පණීතධාතු.

තවත් ධාතු තුනකි. හීන ධාතුව ය. මධ්‍යම ධාතුව ය. ප්‍රණීත ධාතුව ය.

තිස්සෝ තණ්හා: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා.

තණ්හා තුනකි. කාම තණ්හාව ය. භව තණ්හාව ය, විභව තණ්හාව ය.

අපරාපි තිස්සෝ තණ්හා: කාමතණ්හා, රූපතණ්හා, අරූපතණ්හා.

තවත් තණ්හා තුනකි. කාම තණ්හාව ය. රූප තණ්හාව ය, අරූප තණ්හාවය.

අපරාපි තිස්සෝ තණ්හා: රූපතණ්හා, අරූපතණ්හා, නිරෝධතණ්හා.

තවත් තණ්හා තුනකි. රූප තණ්හාව ය. අරූප තණ්හාව ය, නිරෝධ තණ්හාව ය.

තීණි සංයෝජනානි: සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසෝ.

සංයෝජන තුනකි. සක්කාය දිට්ඨිය ය. විචිකිච්ඡාව ය. සීලබ්බත පරාමාසය.

තයෝ ආසවා: කාමාසවෝ, භවාසවෝ, අවිජ්ජාසවෝ.

ආශ්‍රව තුනකි. කාම ආශ්‍රව ය. භව ආශ්‍රව ය. අවිද්‍යා ආශ්‍රව ය.

තයෝ භවා: කාමභවෝ, රූපභවෝ, අරූපභවෝ.

භව තුනකි. කාම භවය ය. රූප භවය ය. අරූප භවය ය.

තිස්සෝ ඒසනා: කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා.

සෙවීම් තුනකි. කාමයන් සෙවීම ය. භවයන් සෙවීම ය. බඹසර සෙවීමය.

තිස්සෝ විධා: සෙය්‍යෝ’හමස්මීති විධා, සදිසෝ’හමස්මීති විධා, හීනෝ’හමස්මීති විධා.

මාන්න තුනකි. ‘අන්‍යයන්ට වඩා මම උසස් වෙමි’ යි මාන්නයකි. ‘අන්‍යයන් හා මම සමාන වෙමි’ යි මාන්නයකි. ‘අන්‍යයන්ට වඩා මම හීන වෙමි’ යි මාන්නයකි.

තයෝ අද්ධා: අතීතෝ අද්ධා, අනාගතෝ අද්ධා, පච්චුප්පන්නෝ අද්ධා.

කාල තුනකි. අතීත කාලය ය. අනාගත කාලය ය. වර්තමාන කාලය ය.

තයෝ අන්තා: සක්කායෝ අන්තෝ, සක්කායසමුදයෝ අන්තෝ, සක්කායනිරෝධෝ අන්තෝ.

අන්ත තුනකි. සක්කාය එක් අන්තයකි. සක්කාය හටගැනීම තව අන්තයකි. සක්කාය නිරෝධය තව අන්තයකි.

තිස්සෝ වේදනා: සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛමසුඛා වේදනා.

විඳීම් තුනකි. සැප විඳීම ය. දුක් විඳීම ය. දුක් සැප රහිත විඳීම ය.

තිස්සෝ දුක්ඛතා: දුක්ඛදුක්ඛතා, සංඛාරදුක්ඛතා, විපරිණාමදුක්ඛතා.

දුක්ඛිතභාව තුනකි. දුක දුක්ඛිතභාවයකි. සංස්කාර දුක්ඛිතභාවයකි. වෙනස්වීම දුක්ඛිතභාවයකි.

තයෝ රාසී: මිච්ඡත්තනියතෝ රාසි, සම්මත්තනියතෝ රාසි, අනියතෝ රාසි.

රැස්වෙන දේවල් තුනකි. මිථ්‍යා දෙයින් ද රැස්වෙයි. යහපත් දෙයින් ද රැස්වෙයි. ඒ දෙකෙන් තොරව ද රැස්වෙයි.

තිස්සෝ කංඛා: අතීතං වා අද්ධානං ආරබ්භ කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, අනාගතං වා අද්ධානං ආරබ්භ කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, ඒතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති.

සැක තුනකි. අතීත කාලය අරභයා හෝ සැක කරයි. විචිකිච්ඡා කරයි. නොබැසගනියි. නොපහදියි. අනාගත කාලය අරභයා හෝ සැක කරයි. විචිකිච්ඡා කරයි. නොබැසගනියි. නොපහදියි. වර්තමාන කාලය අරභයා හෝ සැක කරයි. විචිකිච්ඡා කරයි. නොබැසගනියි. නොපහදියි.

තීණි තථාගතස්ස අරක්ඛෙය්‍යානි: පරිසුද්ධකායසමාචාරෝ ආවුසෝ තථාගතෝ, නත්ථි තථාගතස්ස කායදුච්චරිතං යං තථාගතෝ රක්ඛෙය්‍ය මා මේ ඉදං පරෝ අඤ්ඤසීති; පරිසුද්ධවචීසමාචාරෝ ආවුසෝ තථාගතෝ, නත්ථි තථාගතස්ස වචීදුච්චරිතං යං තථාගතෝ රක්ඛෙය්‍ය මා මේ ඉදං පරෝ අඤ්ඤාසීති; පරිසුද්ධමනෝසමාචාරෝ ආවුසෝ තථාගතෝ, නත්ථි තථාගතස්ස මනෝදුච්චරිතං යං තථාගතෝ රක්ඛෙය්‍ය මා මේ ඉදං පරෝ අඤ්ඤාසීති.

තථාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කරුණු තුනකි. ඇවැත්නි, තථාගතයන් වහන්සේ පිරිසිදු කායික හැසිරීමෙන් යුතු සේක. තථාගතයන් වහන්සේ ‘මාගේ මේ කායික හැසිරීම වෙනත් අයෙක් නොදනීවා’ යි යමක් රකිත් නම්, එබඳු වූ කාය දුෂ්චරිතයක් තථාගතයන් වහන්සේට නැත්තේ ය. ඇවැත්නි, තථාගතයන් වහන්සේ පිරිසිදු වාචසික හැසිරීමෙන් යුතු සේක. තථාගතයන් වහන්සේ ‘මාගේ මේ වාචසික හැසිරීම වෙනත් අයෙක් නොදනීවා’ යි යමක් රකිත් නම්, එබඳු වූ වාක් දුෂ්චරියතයක් තථාගතයන් වහන්සේට නැත්තේ ය. ඇවැත්නි, තථාගතයන් වහන්සේ පිරිසිදු මානසික හැසිරීමෙන් යුතු සේක. තථාගතයන් වහන්සේ ‘මාගේ මේ මානසික හැසිරීම වෙනත් අයෙක් නොදනීවා’ යි යමක් රකිත් නම්, එබඳු වූ මනෝ දුෂ්චරිතයක් තථාගතයන් වහන්සේට නැත්තේ ය.

තයෝ කිඤ්චනා: රාගෝ කිඤ්චනං, දෝසෝ කිඤ්චනං, මෝහෝ කිඤ්චනං.

කෙලෙස් තුනකි. රාගය ක්ලේශයකි. ද්වේෂය ක්ලේශයකි. මෝහය ක්ලේශයකි.

තයෝ අග්ගී: රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි.

ගිනි තුනකි. රාගය ගින්නකි. ද්වේෂය ගින්නකි. මෝහය ගින්නකි.

අපරේපි තයෝ අග්ගී: ආහුනෙය්‍යග්ගි, ගහපතග්ගි, දක්ඛිණෙය්‍යග්ගි.

තවත් ගිනි තුනකි. ආහුනෙය්‍ය නම් මව්පියන් පිදිය යුතු ගින්නකි. අඹුදරුවන් හා දැසිදස්සන් යනු පිදිය යුතු ගින්නකි. දක්ඛිණෙය්‍ය නම් භික්ෂු සංඝයා නම් පිදිය යුතු ගින්නකි.

තිවිධේන රූපසංගහෝ: සනිදස්සනසප්පටිඝං රූපං, අනිදස්සනසප්පටිඝං රූපං, අනිදස්සනඅප්පටිඝං රූපං.

රූපයන් ගණන් ගැනීම තුන් අයුරු ය. නිදර්ශන සහිත ඕලාරික රූපය ය. නිදර්ශන රහිත ඕලාරික රූපය ය. නිදර්ශන රහිත ඕලාරික නොවන රූපයය.

තයෝ සංඛාරා: පුඤ්ඤාභිසංඛාරෝ, අපුඤ්ඤාභිසංඛාරෝ, ආනෙඤ්ජාභිසංඛාරෝ.

සංස්කාර තුනකි. පුණ්‍යාභිසංස්කාර ය. අපුණ්‍යාභිසංස්කාර ය. ආනෙඤ්ජාභිසංස්කාර ය.

තයෝ පුග්ගලා: සෙක්ඛෝ පුග්ගලෝ, අසෙක්ඛෝ පුග්ගලෝ, නේවසෙක්ඛෝනාසෙක්ඛෝ පුග්ගලෝ.

පුද්ගලයෝ තිදෙනෙකි. නිවන් මග පිළිපන් පුද්ගලයා ය. රහත් පුද්ගලයා ය. නිවන් මග නොපිළිපන්, රහත් නොවූ පුද්ගලයා ය.

තයෝ ථේරා: ජාතිථේරෝ, ධම්මථේරෝ, සම්මතිථේරෝ.

ස්ථවිරවරු තිදෙනෙකි. ඉපදී වයසට ගිය හෙවත් ජාති ස්ථවිර ය. ගුණධර්මයන් ගෙන් දියුණු වූ පැවිද්දා හෙවත් ධම්ම ස්ථවිර ය. සම්මුතියෙන් පැවිදි ව වයසට ගිය හෙවත් සම්මුති ස්ථවිර ය.

තීණි පුඤ්ඤකිරියවත්ථූනි: දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු.

පින් කිරීමට හේතුවන කරුණු තුනකි. දානයෙන් උපදවාගන්නා දෙය පින් කිරීමට කරුණකි. සීලයෙන් උපදවාගන්නා දෙය පින් කිරීමට කරුණකි. භාවනාවෙන් උපදවාගන්නා දෙය පින් කිරීමට කරුණකි.

තීණි චෝදනාවත්ථූනි: දිට්ඨේන, සුතේන, පරිසංකාය.

චෝදනා කිරීමට කරුණු තුනකි. දක්නා ලද දෙයක් මුල් කොට ය. ඇසූ දෙයක් මුල් කොට ය. සැක කළ දෙයක් මුල් කොට ය.

තිස්සෝ කාමූපපත්තියෝ: සන්තාවුසෝ සත්තා පච්චුපට්ඨිතකාමා. තේ පච්චුපට්ඨිතේසු කාමේසු වසං වත්තෙන්ති සෙය්‍යථාපි මනුස්සා ඒකච්චේ ච දේවා ඒකච්චේ ච විනිපාතිකා. අයං පඨමා කාමූපපත්ති. සන්තාවුසෝ සත්තා නිම්මිතකාමා. තේ නිම්මිනිත්වා නිම්මිනිත්වා කාමේසු වසං වත්තෙන්ති සෙය්‍යථාපි දේවා නිම්මානරතී. අයං දුතියා කාමූපපත්ති. සන්තාවුසෝ සත්තා පරනිම්මිතකාමා. තේ පරනිම්මිතේසු කාමේසු වසං වත්තෙන්ති, සෙය්‍යථාපි දේවා පරනිම්මිතවසවත්තී. අයං තතියා කාමූපපත්ති.

කාම උපප්‍රාප්ති තුනකි. ඇවැත්නි, තමා වෙත පැමිණි කාමයන් ඇති සත්වයෝ සිටිති. ඔවුහු ඒ තමා වටා ඇති කාමයන් කෙරෙහි තමාගේ වසඟය පවත්වා සිටිති. මිනිස්සු යම් සේ ද, ඇතැම් දෙවියෝ යම් සේ ද, ඇතැම් විනිපාතිකයෝ යම් සේ ද, එසේ ය. මෙය පළමුවෙනි කාම උපප්‍රාප්තිය යි. ඇවැත්නි, තමා උදෙසා පින් බලයෙන් මවාගත් කාමයන් ඇති සත්වයෝ සිටිති. ඔවුහු තමන්ට රිසි සේ කාම සම්පත් මව මවා ඒ කාමයන් කෙරෙහි තමාගේ වසඟය පවත්වා සිටිති. නිම්මාණරතී දෙවියෝ යම් සේ ද එසේ ය. මෙය දෙවෙනි කාම උපප්‍රාප්තිය යි. ඇවැත්නි, අනුන් විසින් තමා උදෙසා පින් බලයෙන් මවන ලද කාමයන් ඇති සත්වයෝ සිටිති. ඔවුහු අනුන් විසින් මවන ලද ඒ කාමයන් කෙරෙහි තමාගේ වසඟය පවත්වා සිටිති. පරනිම්මිත වසවත්තී දෙවියෝ යම් සේ ද එසේ ය. මෙය තුන්වෙනි කාම උපප්‍රාප්තිය යි.

තිස්සෝ සුඛුපපත්තියෝ: සන්තාවුසෝ සත්තා උප්පාදෙත්වා උප්පාදෙත්වා සුඛං විහරන්ති, සෙය්‍යථාපි දේවා බ්‍රහ්මකායිකා. අයං පඨමා සුඛූපපත්ති. සන්තාවුසෝ සත්තා සුඛේන අභිස්සන්නා පරිස්සන්නා පරිපූරා පරිප්ඵුටා. තේ කදාචි කරහචි උදානං උදානෙන්ති අහෝ සුඛං අහෝ සුඛන්ති, සෙය්‍යථාපි දේවා ආභස්සරා. අයං දුතියා සුඛූපපත්ති. සන්තාවුසෝ සත්තා සුඛේන අභිස්සන්නා පරිස්සන්නා පරිපූරා පරිප්ඵුටා, තේ සන්තං යේව තුසිතා සුඛං පටිසංවේදෙන්ති, සෙය්‍යථාපි දේවා සුභකිණ්හා. අයං තතියා සුඛූපපත්ති .

සැප උපප්‍රාප්ති තුනකි. ඇවැත්නි, සැප උපදවා උපදවා වසත් නම්, එබඳු සත්වයෝ සිටිති. බ්‍රහ්මකායික දෙවියෝ යම් සේ ද, එසේ ය. මෙය පළමු වෙනි සැප උපප්‍රාප්තිය යි. ඇවැත්නි, සැපයෙන් තෙමී ගොස්, හැම ලෙසින් තෙමී ගොස් පිරිපුන් ව තම ජීවිතය පුරා පැතිරී ගිය සැප ඇති සත්වයෝ සිටිති. ඔවුහු ඇතැම් කලෙක ‘අහෝ! සැපයකි. අහෝ! සැපයකි’ යි උදන් අනති. ආභස්සර බඹලොව දෙවියෝ යම් සේ ද, එසේ ය. මෙය දෙවෙනි සැප උපප්‍රාප්තිය යි. ඇවැත්නි, සැපයෙන් තෙමී ගොස්, හැම ලෙසින් තෙමී ගොස් පිරිපුන් ව තම ජීවිතය පුරා පැතිරී ගිය සැප ඇති සත්වයෝ සිටිති. ඔවුහු තිබෙන්නා වූ ම සතුටින් සතුටු ව සැප විඳිති. සුභකිණ්හ දෙවියෝ යම් සේ ද, එසේ ය. මෙය තුන්වෙනි සැප උපප්‍රාප්තිය යි.

තිස්සෝ පඤ්ඤා: සෙක්ඛා පඤ්ඤා, අසෙක්ඛා පඤ්ඤා, නේවසෙක්ඛානාසෙක්ඛා පඤ්ඤා.

ප්‍රඥා තුනකි. නිවන් මග ගමන් කරන පුද්ගලයාගේ ප්‍රඥාව ය. නිවන් මග සම්පූර්ණ කළ රහතුන්ගේ ප්‍රඥාව ය. නිවන් මග ගමන් නොකරන, රහත් නොවූ පුද්ගලයාගේ ප්‍රඥාව ය.

අපරාපි තිස්සෝ පඤ්ඤා: චින්තාමයා පඤ්ඤා, සුතමයා පඤ්ඤා, භාවනාමයා පඤ්ඤා.

තවත් ප්‍රඥා තුනකි. සිතීමේ හැකියාවෙන් උපදවා ගන්නා ප්‍රඥාව නම් වූ චින්තාමය ප්‍රඥාව ය. ඇසීම තුළින් උපදවා ගන්නා ප්‍රඥාව නම් වූ සුතමය ප්‍රඥාව ය. භාවනා වශයෙන් උපදවා ගන්නා ප්‍රඥාව නම් වූ භාවනාමය ප්‍රඥාවය.

තීණාවුධානි: සුතාවුධං, පවිවේකාවුධං, පඤ්ඤාවුධං.

ආයුධ තුනකි. ඇසීම තුළින් ලබාගන්නා ලද ශ්‍රැත ආයුධය ය. විවේකයෙන් ලබාගන්නා ලද පවිවේක ආයුධය ය. ප්‍රඥාවෙන් ලබාගන්නා ප්‍රඥා ආයුධය ය.

තීණින්ද්‍රියානි: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියං, අඤ්ඤින්ද්‍රියං, අඤ්ඤාතාවින්ද්‍රියං.

ඉන්ද්‍රියයන් තුනකි. ‘අවබෝධ නොකළ මාර්ගඵලාවබෝධයන් අවබෝධ කරගන්නෙමි’ යි සෝවාන් මාර්ගයට පත් කෙනා තුළ හටගන්නා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය ය. සෝවාන් ඵලයේ සිට අරහත් මාර්ගය දක්වා ඇතිවන අවබෝධය දැනගන්නා අඤ්ඤින්ද්‍රිය ය. අරහත්ඵලයට පත් වූ බව දැනගන්නා අඤ්ඤතාවීන්ද්‍රිය ය.

තීණි චක්ඛූනි: මංසචක්ඛු, දිබ්බචක්ඛු, පඤ්ඤාචක්ඛු.

ඇස් තුනකි. මස් ඇස ය. දිවැස ය. ප්‍රඥා ඇස ය.

තිස්සෝ සික්ඛා: අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා.

හික්මීම් තුනකි. අධිශීලයෙහි හික්මීම ය. අධිචිත්තයෙහි හික්මීම ය. අධිප්‍රඥාවෙහි හික්මීම ය.

තිස්සෝ භාවනා: කායභාවනා, චිත්තභාවනා, පඤ්ඤාභාවනා.

භාවනා තුනකි. කාය භාවනා ය. චිත්ත භාවනා ය. ප්‍රඥා භාවනා ය.

තීණි අනුත්තරියානි: දස්සනානුත්තරියං, පටිපදානුත්තරියං, විමුත්තානුත්තරියං.

අනුත්තරිය තුනකි. දස්සනානුත්තරිය ය. පටිපදා අනුත්තරිය ය. විමුක්ත අනුත්තරිය ය.

තයෝ සමාධි: සවිතක්කසවිචාරෝ සමාධි, අවිතක්කවිචාරමත්තෝ සමාධි, අවිතක්කඅවිචාරෝ සමාධි.

සමාධි තුනකි. විතර්ක සහිත විචාර සහිත සමාධිය ය. විතර්ක රහිත විචාරමාත්‍ර සමාධිය ය. විතර්ක රහිත විචාර රහිත සමාධිය ය.

අපරේපි තයෝ සමාධි: සුඤ්ඤතෝ සමාධි, අනිමිත්තෝ සමාධි, අප්පණිහිතෝ සමාධි.

තවත් සමාධි තුනකි. ශුන්‍යතා සමාධිය ය. අනිමිත්ත සමාධිය ය. අප්පණිහිත සමාධිය ය.

තීණි සෝචෙය්‍යානි: කායසෝචෙය්‍යං, වචීසෝචෙය්‍යං, මනෝසෝචෙය්‍යං.

පිරිසිදුවීම් තුනකි. දුසිරිතෙන් වැළකී කයින් කරන සුසිරිත් ය. දුසිරිතෙන් වැළකී වචනයෙන් කරන සුසිරිත් ය. දුසිරිතෙන් වැළකී මනසින් කරන සුසිරිත්ය.

තීණි මෝනෙය්‍යානි: කායමෝනෙය්‍යං, වචීමෝනෙය්‍යං, මනෝමෝනෙය්‍යං.

මුනි බවට පත්කරන කරුණු තුනකි. කයෙන් සුචරිතය වැඩීම ය. වචනයෙන් සුචරිතය වැඩීම ය. මනසින් සුචරිතය වැඩීම ය.

තීණි කෝසල්ලානි: ආයකෝසල්ලං, අපායකෝසල්ලං, උපායකෝසල්ලං.

කුසලතා තුනකි. දියුණු වීම ගැන දන්නා නුවණ ය. පිරිහීම ගැන දන්නා නුවණ ය. උපාය ගැන දන්නා නුවණ ය.

තයෝ මදා: ආරෝග්‍යමදෝ, යොබ්බනමදෝ, ජීවිතමදෝ.

මත්වීම් තුනකි. නීරෝග බව ගැන උඩඟු වීම මත්වීමකි. තරුණ බව ගැන උඩඟු වීම මත්වීමකි. නොමැරී සිටීම ගැන උඩඟු වීම මත්වීමකි.

තීණි ආධිපතෙය්‍යානි: අත්තාධිපතෙය්‍යං, ලෝකාධිපතෙය්‍යං, ධම්මාධිපතෙය්‍යං.

අධිපති බව පෙරටුකොට ගැනීම් තුනකි. තමාගේ ආත්ම ගෞරවය පෙරටු කොටගෙන පවින් වැළකීම අත්තාධිපතෙය්‍ය වෙයි. ලෝකයාගෙන් ලැබෙන අපවාදයන්ට ලැජ්ජාවෙන් පවින් වැළකීම ලෝකාධිපතෙය්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහි කරමින් පවින් වැළකීම ධම්මාධිපතෙය්‍ය වෙයි.

තීණි කථාවත්ථූනි: අතීතං වා අද්ධානං ආරබ්භ කථං කථෙය්‍ය ඒවං අහෝසි අතීතමද්ධානන්ති, අනාගතං වා අද්ධානං ආරබ්භ කථං කථෙය්‍ය ඒවං භවිස්සති අනාගතමද්ධානන්ති, ඒතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කථං කථෙය්‍ය ඒවං හෝති ඒතරහි පච්චුප්පන්නං අද්ධානන්ති.

කථාවන්ට කරුණු තුනකි. අතීත කාලයෙහි මෙසේ වූයේ ය කියා අතීත කාලය අරභයා හෝ කථාවක් කථා කරයි. අනාගත කාලයෙහි මෙසේ වන්නේ ය කියා අනාගත කාලය අරභයා හෝ කථාවක් කථා කරයි. වර්තමාන කාලයෙහි මෙසේ වෙයි කියා වර්තමාන කාලය අරභයා හෝ කථාවක් කථා කරයි.

තිස්සෝ විජ්ජා: පුබ්බේනිවාසානුස්සතිඤාණං විජ්ජා, සත්තානං චුතූපපාතේඤාණං විජ්ජා, ආසවානං ඛයේඤාණං විජ්ජා.

විද්‍යා තුනකි. පෙර භවයන්හි ජීවිතය ගත කළ අයුරු දන්නා නුවණ වූ පුබ්බේනිවාසානුස්සති ඥානය විද්‍යාවකි. සත්වයන්ගේ චුතිය උපත දන්නා නුවණ වූ චුතූපපාත ඥානය විද්‍යාවකි. ආශ්‍රවයන් ක්ෂය වූ බව දන්නා නුවණ වූ ආසවක්ඛය ඥානය විද්‍යාවකි.

තයෝ විහාරා: දිබ්බෝ විහාරෝ, බ්‍රහ්මා විහාරෝ, අරියෝ විහාරෝ.

විහරණ තුනකි. ධ්‍යාන ලබා සැප විඳීම නම් වූ දිව්‍ය විහරණය ය. සතර බ්‍රහ්ම විහරණ තුළින් සමාධිය උපදවා ගැනීම නම් වූ බ්‍රහ්ම විහාරය ය. මාර්ගඵලයන්ගෙන් සැප විඳීම නම් වූ ආර්ය විහාරය ය.

තීණි පාටිහාරියානි: ඉද්ධිපාටිහාරියං, ආදේසනාපාටිහාරියං, අනුසාසනීපාටිහාරියං.

ප්‍රාතිහාර්යය තුනකි. අහසට පැන නැඟීම් ආදී ඉර්ධි ප්‍රාතිහාර්ය ය. චිත්ත ස්වභාවය ඉස්මතු කොට කථා කිරීම නම් වූ ආදේශනා ප්‍රාතිහාර්ය ය. ධර්මය ම කථා කිරීම නම් වූ අනුශාසනී ප්‍රාතිහාර්ය ය.

ඉමේ ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, මේ වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද තුන බැගින් වූ ධර්මයෝ ය. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

[ චතුක්කං ]

10. අත්ථි ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං න විවදිතබ්බං යථයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. කතමේ චත්තාරෝ?

ඇවැත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද සතර බැගින් වූ ධර්මයෝ ඇත්තාහ. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු ය. වාද විවාද නොකළ යුතු ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය. සතර බැගින් වූ ධර්මයෝ කවරහු ද?

චත්තාරෝ සතිපට්ඨානා: ඉධාවුසෝ භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං, වේදනාසු වේදනානුපස්සී ….(පෙ)…. චිත්තේ චිත්තානුපස්සී ….(පෙ)…. ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං.

එනම්; සතිපට්ඨාන සතරකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නුවණින් යුතු ව, සිහියෙන් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. වේදනාවන්හි වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නුවණින් යුතු ව, සිහියෙන් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

චත්තාරෝ සම්මප්පධානා: ඉධාවුසෝ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාපාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.

සම්‍යක්ප්‍රධාන සතරකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීරිය අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය කරයි. උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීරිය අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය කරයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීරිය අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය කරයි. උපන් කුසල් දහම් පවතිනු පිණිස, නැති නොවීම පිණිස, වැඩිදියුණු වීම පිණිස, බොහෝ දියුණුවීම පිණිස, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීරිය අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය කරයි.

චත්තාරෝ ඉද්ධිපාදා: ඉධාවුසෝ භික්ඛු ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති, චිත්තසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති, විරියසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති, වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති.

ඉර්ධිපාද සතරකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව බලවත් කැමැත්ත මුල්කොට උපදවාගත් සමාධියෙන් යුතු ප්‍රධන් වීර්යයෙන් යුතු සංස්කාරයන්ගෙන් යුතුව ඉර්ධිපාදය වඩයි. බලවත් අධිෂ්ඨානය මුල්කොට උපදවාගත් සමාධියෙන් යුතු ප්‍රධන් වීර්යයෙන් යුතු සංස්කාරයන්ගෙන් යුතුව ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය මුල්කොට උපදවාගත් සමාධියෙන් යුතු ප්‍රධන් වීර්යයෙන් යුතු සංස්කාරයන්ගෙන් යුතුව ඉර්ධිපාදය වඩයි. බලවත් ලෙස නුවණින් විමසීම මුල්කොට උපදවාගත් සමාධියෙන් යුතු ප්‍රධන් වීර්යයෙන් යුතු සංස්කාරයන්ගෙන් යුතුව ඉර්ධිපාදය වඩයි.

චත්තාරි ඣානානි: ඉධාවුසෝ භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති, සතෝ ච සම්පජානෝ සුඛඤ්ච කායේන පටිසංවේදේති, යන්තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී’ති, තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.

ධ්‍යාන සතරකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල් දහමින් වෙන් ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීති සුවය ඇති ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇතිවන අයුරින් සිතේ එකඟ බවින් යුතු ව විතර්ක විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීති සුවය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ප්‍රීතියට ද නොඇලීමෙන්, උපේක්ෂාවෙන් ද වාසය කරයි. සිහියෙන් යුතුව, නුවණින් යුතුව කයෙන් සැපයක් ද විඳියි. ආර්යයෝ යම් සමාධියකට ‘උපේක්ෂාවෙන් සිහියෙන් යුතු ව සුවසේ විසීම යැයි’ පවසත් ද ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. සැපය ද ප්‍රහාණය වීමෙන්, දුක ද ප්‍රහාණය වීමෙන්, කලින් ම සොම්නස් දොම්නස් නැති වීමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂාවෙන් යුතු සිහිය ඇති සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි.

චතස්සෝ සමාධිභාවනා: අත්ථාවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති, අත්ථාවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති, අත්ථාවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති, අත්ථාවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති.

සමාධි භාවනා සතරකි. ඇවැත්නි, සමාධි භාවනාවක් ඇත්තේ ය. එය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට මේ ජීවිතයේ සැප සේ ගත කළ හැක්කේ ය.

ඇවැත්නි, සමාධි භාවනාවක් ඇත්තේ ය. එය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට දිවැස් නුවණ ලැබීම පිණිස පවතින්නේ ය.

ඇවැත්නි, සමාධි භාවනාවක් ඇත්තේ ය. එය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට සිහි නුවණ වැඩීම පිණිස පවතින්නේ ය.

ඇවැත්නි, සමාධි භාවනාවක් ඇත්තේ ය. එය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පවතින්නේ ය.

කතමා චාවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති? ඉධාවුසෝ භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං ….(පෙ)…. පඨමං ඣානං ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං ආවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.

(1). ඇවැත්නි, දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට මේ ජීවිතයේ සැප සේ ගත කළ හැකි සමාධි භාවනාව කුමක් ද?

ඇවැත්නි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. සතර වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරයි.

ඇවැත්නි, දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට මේ ජීවිතයේ සැප සේ ගත කළ හැකි සමාධි භාවනාව යනු මෙය යි.

කතමා චාවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති? ඉධාවුසෝ භික්ඛු ආලෝකසඤ්ඤං මනසි කරෝති, දිවාසඤ්ඤං අධිට්ඨාති යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා. ඉති විවටේන චේතසා අපරියෝනද්ධේන සප්පභාසං චිත්තං භාවේති. අයං ආවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති.

(2). ඇවැත්නි, දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට දිවැස් නුවණ ලැබීම පිණිස පවතින සමාධි භාවනාව කුමක් ද?

ඇවැත්නි, මෙහිලා භික්ෂුව ආලෝක සංඥාව මෙනෙහි කරයි. දහවල් යන සංඥාව අදිටන් කරයි. දහවල් කාලය යම් සේ ද, රෑ කාලය ත් එසේ ය. රෑ කාලය යම් සේ ද, දහවල් කාලය ත් එසේ ය. මෙසේ ප්‍රකට වූ හාත්පස පැතිරී ගිය ආලෝකය සහිත ව සිත වඩයි.

ඇවැත්නි, මේ සමාධි භාවනාව දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට දිවැස් නුවණ ලැබීම පිණිස පවතියි.

කතමා චාවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති? ඉධාවුසෝ භික්ඛුනෝ විදිතා වේදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති, විදිතා සඤ්ඤා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති, විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. අයං ආවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති.

(3). ඇවැත්නි, දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට සිහි නුවණ වැඩීම පිණිස පවතින සමාධි භාවනාව කුමක් ද?

ඇවැත්නි, මෙහිලා භික්ෂුව හට විඳීම් ප්‍රකට ව හටගනියි. ප්‍රකට ව වැටහෙයි. ප්‍රකට ව නැති වී යයි. සංඥාව ප්‍රකට ව හටගනියි. ප්‍රකට ව වැටහෙයි. ප්‍රකට ව නැති වී යයි. විතර්කයන් ප්‍රකට ව හටගනියි. ප්‍රකට ව වැටහෙයි. ප්‍රකට ව නැති වී යයි.

ඇවැත්නි, මේ සමාධි භාවනාව දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට සිහි නුවණ වැඩීම පිණිස පවතියි.

කතමා චාවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති? ඉධාවුසෝ භික්ඛු පඤ්චසු උපාදානක්ඛන්ධේසු උදයබ්බයානුපස්සී විහරති. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ථංගමෝ. ඉති වේදනා ….(පෙ)…. ඉති සඤ්ඤා ….(පෙ)…. ඉති සංඛාරා ….(පෙ)…. ඉති විඤ්ඤාණංල ඉති විඤ්ඤාණස්ස සමුදයෝල ඉති විඤ්ඤාණස්ස අත්ථංගමෝ. අයං ආවුසෝ සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති.

(4). ඇවැත්නි, දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පවතින සමාධි භාවනාව කුමක් ද?

ඇවැත්නි, මෙහිලා භික්ෂුව පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව හටගැනීම ත්, නැතිවීම ත් නුවණින් දකිමින් වාසය කරයි. එනම් රූපය යනු මෙය යි. රූපයෙහි හටගැනීම යනු මෙය යි. රූපය නැති වී යාම යනු මෙය යි. විඳීම යනු මෙය යි. විඳීමෙහි හටගැනීම යනු මෙය යි. විඳීම නැති වී යාම යනු මෙය යි. සංඥාව යනු මෙය යි. සංඥාවෙහි හටගැනීම යනු මෙය යි. සංඥාව නැති වී යාම යනු මෙය යි. සංස්කාර යනු මෙය යි. සංස්කාරයන්හි හටගැනීම යනු මෙය යි. සංස්කාරයන් නැති වී යාම යනු මෙය යි. විඤ්ඤාණය යනු මෙය යි. විඤ්ඤාණයෙහි හටගැනීම යනු මෙය යි. විඤ්ඤාණය නැති වී යාම යනු මෙය යි.

ඇවැත්නි, මේ සමාධි භාවනාව දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පවතියි.

චතස්සෝ අප්පමඤ්ඤා: ඉධාවුසෝ භික්ඛු මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරති ….(පෙ)…. කරුණාසහගතේන චේතසා ….(පෙ)…. මුදිතාසහගතේන චේතසා ….(පෙ)…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරති.

අප්‍රමාණ ලෙස පැවැත්වීම් හෙවත් අප්පමඤ්ඤා සතරකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, එසේ ම තුන්වෙනි දිශාව ද, එසේ ම සතරවෙනි දිශාව ද පතුරුවා වාසය කරයි. මෙසේ උඩ – යට – සරස සෑම තන්හි ම, තමා හට සම කොට සියළු ලොවට විපුල වූ මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, තරහ නැති මෙත් සිත පතුරුවා වාසය කරයි. ….(පෙ)…. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, එසේ ම තුන්වෙනි දිශාව ද, එසේ ම සතරවෙනි දිශාව ද පතුරුවා වාසය කරයි. මෙසේ උඩ – යට – සරස සෑම තන්හි ම, තමා හට සම කොට සියළු ලොවට විපුල වූ මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, තරහ නැති උපේක්ෂා සහගත සිත පතුරුවා වාසය කරයි.

චත්තාරෝ ආරුප්පං: ඉධාවුසෝ භික්ඛු සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තෝ ආකාසෝ’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති’ විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.

අරූප සමවත් සතරකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව සියළු අයුරින් රූප සංඥාවන්ගේ ඉක්ම යෑමෙන්, ගොරෝසු සංඥාවන්ගේ නැතිවීමෙන්, නා නා සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය යැ’ යි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්ම යෑමෙන්, ‘අනන්ත විඤ්ඤාණය යැ’ යි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම යෑමෙන්, ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම යෑමෙන්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා ගෙන වාසය කරයි.

චත්තාරි අපස්සේනානි: ඉධාවුසෝ භික්ඛු සංඛායේකං පටිසේවති, සංඛායේකං අධිවාසේති, සංඛායේකං පරිවජ්ජේති, සංඛායේකං විනෝදේති.

පරිහරණය කිරීම් සතරකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව නුවණින් සළකා සේවනය කළ යුතු දෙය සේවනය කරයි. නුවණින් සළකා ඉවසිය යුතු දෙය ඉවසයි. නුවණින් සළකා ඉවත් කළ යුතු දෙය ඉවත් කරයි. නුවණින් සළකා දුරු කළ යුතු දෙය දුරු කරයි.

චත්තාරෝ අරියවංසා: ඉධාවුසෝ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන චීවරේන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච චීවරහේතු අනේසනං අප්පටිරූපං ආපජ්ජති, අලද්ධා ච චීවරං න පරිතස්සති, ලද්ධා ච චීවරං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣාපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති. තාය ච පන ඉතරීතරචීවරසන්තුට්ඨියා නේවත්තානුක්කංසේති න පරං වම්භේති සෝ හි තත්ථ දක්ඛෝ හෝති අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. අයං වුච්චතාවුසෝ භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝති.

අරියවංශ සතරකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව ලද සිවුරකින් සතුටු වෙයි. ලද සිවුරකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. සිවුරක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. සිවුරක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. සිවුරක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ ලද සිවුරෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව ලද සිවුරෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

පුන ච පරං ආවුසෝ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන පිණ්ඩපාතේන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච පිණ්ඩපාතහේතු අනේසනං අප්පටිරූපං ආපජ්ජති, අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති, ලද්ධා ච පිණ්ඩපාතං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣාපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති, තාය ච පන ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා නේවත්තානුක්කංසේති න පරං වම්භේති. සෝ හි තත්ථ දක්ඛෝ හෝති අනලසෝ සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චතාවුසෝ භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝති.

(2). තව ද ඇවැත්නි, භික්ෂුව පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් සතුටු වෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. ආහාරයක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

පුන ච පරං ආවුසෝ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන, ඉතරීතරසේනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච සේනාසනහේතු අනේසනං අප්පටිරූපං ආපජ්ජති, අලද්ධා ච සේනාසනං න පරිතස්සති ලද්ධා ච සේනාසනං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣාපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති, තාය ච පන ඉතරීතරසේනාසනසන්තුට්ඨියා නේවත්තානුක්කංසේති න පරං වම්භේති. සෝ හි තත්ථ දක්ඛෝ හෝති අනලසෝ සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චතාවුසෝ භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝති.

(3). තව ද ඇවැත්නි, භික්ෂුව ලද නවාතැනකින් සතුටු වෙයි. ලද නවාතැනකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. නවාතැනක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. නවාතැනක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. නවාතැනක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ ලද නවාතැනෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව ලද නවාතැනෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

පුන ච පරං ආවුසෝ භික්ඛු පහානාරාමෝ හෝති පහානරතෝ භාවනාරාමෝ හෝති භාවනාරතෝ, තාය ච පන පහානාරාමතාය පහානරතියා භාවනාරාමතාය භාවනාරතියා නේව අත්තානුක්කංසේති න පරං වම්භේති. සෝ හි තත්ථ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චතාවුසෝ භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝති.

(4). තව ද ඇවැත්නි, භික්ෂුව භාවනාවට ආශා කරන්නේ වෙයි. භාවනාවෙහි ඇලුණේ වෙයි. කෙලෙස් ප්‍රහාණයට ආශා කරන්නේ වෙයි. කෙලෙස් ප්‍රහාණයෙහි ඇලුණේ වෙයි. ඒ භාවනාවට ආශා කිරීම, භාවනාවෙහි ඇලී සිටීම, කෙලෙස් ප්‍රහාණයට ආශා කිරීම, කෙලෙස් ප්‍රහාණයෙහි ඇලී සිටීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව එම කරුණෙහි දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

චත්තාරි පධානානි: සංවරප්පධානං, පහානප්පධානං, භාවනාප්පධානං, අනුරක්ඛනප්පධානං.

ප්‍රධන් වීර්යය සතරකි. සංවරප්පධාන ය, පහානප්පධාන ය, භාවනප්පධාන ය, අනුරක්ඛනප්පධාන ය.

කතමඤ්චාවුසෝ සංවරප්පධානං? ඉධාවුසෝ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති නානුබ්‍යඤ්ජනග්ගාහී යත්වාධිකරණමේනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හෝති නානුබ්‍යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමේනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්‍රියං මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඉදං වුච්චතාවුසෝ සංවරප්පධානං.

(1). ඇවැත්නි, සංවරප්පධානය යනු කුමක් ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක එහි සළකුණු සිතට නොගනියි. එම රූපයෙහි අනුකොටසක වත් සළකුණු සිතට නොගනියි. ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කිරීම හේතුවෙන් ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල් දහම් තමා ව ලුහු බැඳ එයි නම් එබඳු වූ දෙය කරා නොයනු පිණිස ඇස සංවර වීමට පිළිපදියි. ඇස නම් වූ ඉන්ද්‍රිය රකියි. ඇස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහසක් ලබා ….(පෙ)…. මනසින් අරමුණක් සිතා එහි සළකුණු සිතට නොගනියි. එම අරමුණෙහි අනුකොටසක වත් සළකුණු සිතට නොගනියි. මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කිරීම හේතුවෙන් ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල් දහම් තමා ව ලුහු බැඳ එයි නම් එබඳු වූ දෙය කරා නොයනු පිණිස මනස සංවර වීමට පිළිපදියි. මනස නම් වූ ඉන්ද්‍රිය රකියි. මනස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. ඇවැත්නි, මෙය සංවරප්පධාන යැයි කියනු ලැබේ.

කතමඤ්චාවුසෝ පහානප්පධානං? ඉධාවුසෝ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්තීකරෝති අනභාවං ගමේති, උප්පන්නං බ්‍යාපාදවිතක්කං ….(පෙ)…. උප්පන්නං විහිංසාවිතක්කං ….(පෙ)…. උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්තීකරෝති අනභාවං ගමේති. ඉදං වුච්චතාවුසෝ පහානප්පධානං.

(2). ඇවැත්නි, පහානප්පධාන යනු කුමක් ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව උපන් කාම විතර්කය නොඉවසයි, බැහැර කරයි, දුරු කරයි, නැති කරයි, අභාවයට පත් කරයි. උපන් ව්‍යාපාද විතර්කය ….(පෙ)…. උපන් විහිංසා විතර්කය ….(පෙ)…. උපනූපන් පාපී අකුසල් දහම් නොඉවසයි, බැහැර කරයි, දුරු කරයි, නැති කරයි, අභාවයට පත් කරයි. ඇවැත්නි, මෙය පහානප්පධාන යැයි කියනු ලැබේ.

කතමඤ්චාවුසෝ භාවනප්පධානං? ඉධාවුසෝ භික්ඛු සතිසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ධම්මවිචයසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. විරියසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. පීතිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. පස්සද්ධිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. සමාධිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉදං වුච්චතාවුසෝ භාවනප්පධානං.

(3). ඇවැත්නි, භාවනප්පධාන යනු කුමක් ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතුව, නොඇල්මෙන් යුතුව, ඇල්ම නිරුද්ධ කරන සිතින් යුතුව, නිවනට නැඹුරු වූ සිතින් යුතුව සති සම්බොජ්ඣංගය දියුණු කරයි. ….(පෙ)…. ධම්මවිචය සම්බොජ්ඣංගය දියුණු කරයි. ….(පෙ)…. විරිය සම්බොජ්ඣංගය දියුණු කරයි. ….(පෙ)…. පීති සම්බොජ්ඣංගය දියුණු කරයි. ….(පෙ)…. පස්සද්ධි සම්බොජ්ඣංගය දියුණු කරයි. ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය දියුණු කරයි. කාය චිත්ත විවේකයෙන් යුතුව, නොඇල්මෙන් යුතුව, ඇල්ම නිරුද්ධ කරන සිතින් යුතුව, නිවනට නැඹුරු වූ සිතින් යුතුව උපෙක්ඛා සම්බොජ්ඣංගය දියුණු කරයි. ඇවැත්නි, මෙය භාවනප්පධාන යැයි කියනු ලැබේ.

කතමඤ්චාවුසෝ අනුරක්ඛනප්පධානං? ඉධාවුසෝ භික්ඛු උප්පන්නං භද්දකං සමාධිනිමිත්තං අනුරක්ඛති අට්ඨිකසඤ්ඤං පුලවකසඤ්ඤං විනීලකසඤ්ඤං විච්ඡිද්දකසඤ්ඤං උද්ධුමාතකසඤ්ඤං. ඉදං වුච්චතාවුසෝ අනුරක්ඛනප්පධානං.

(4). ඇවැත්නි, අනුරක්ඛනප්පධාන යනු කුමක් ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව තමා තුළ උපන් සොඳුරු සමාධි නිමිත්ත ආරක්ෂා කර ගනියි. එනම් අට්ඨික සංඥාව ය, පුලවක සංඥාව ය, විනීලක සංඥාව ය, විච්ඡිද්දක සංඥාව ය, උද්ධුමාතක සංඥාව ය. ඇවැත්නි, මෙය අනුරක්ඛනප්පධාන යැයි කියනු ලැබේ.

චත්තාරි ඤාණානි: ධම්මේ ඤාණං, අන්වයේ ඤාණං, පරියායේ ඤාණං, සම්මුතියා ඤාණං.

ඥාන සතරකි. චතුරාර්ය සත්‍යය පිළිබඳ වූ ධම්මේ ඥානය යි. ඒ අනුව නුවණින් විමසීමෙන් ලත් නුවණ වන අන්වයේ ඥානය යි. පරසිත් දන්නා නුවණ වන පරියායේ ඥානය යි. ලොව ඇති සාමාන්‍ය ඥානය වන සම්මුති ඥානය යි.

අපරානි පි චත්තාරි ඤාණානි: දුක්ඛේ ඤාණං, දුක්ඛසමුදයේ ඤාණං, දුක්ඛනිරෝධේ ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය ඤාණං.

තවත් ඥාන සතරකි. දුක පිළිබඳ ව අවබෝධය වන දුක්ඛේ ඥානය යි. දුක හටගන්නා කරුණු පිළිබඳ ව ඇති අවබෝධය වන දුක්ඛ සමුදයේ ඥානය යි. දුක නිරුද්ධ වීම පිළිබඳ ව ඇති අවබෝධය වන දුක්ඛ නිරෝධයේ ඥානය යි. දුක් නිරුද්ධ වන්නා වූ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ව ඇති අවබෝධය වන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය යි.

චත්තාරි සෝතාපත්තියංගානි: සප්පුරිසසංසේවෝ, සද්ධම්මස්සවනං, යෝනිසෝමනසිකාරෝ, ධම්මානුධම්මප්පටිපත්ති.

සෝවාන් ඵලය ලැබීමට හේතුවන අංග සතරකි. සත්පුරුෂයන් ආශ්‍රය කිරීම ය. සද්ධර්මය ශ්‍රවණය කිරීම ය. ඒ ශ්‍රවණය කළ ධර්මයට අනුව නුවණින් සිතීම ය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ය.

චත්තාරි සෝතාපන්නස්ස අංගානි: ඉධාවුසෝ අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති.

සෝවාන් වූ තැනැත්තාගේ අංග සතරකි. ඇවැත්නි, මෙහිලා ආර්යශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.

ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී’ති.

ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනැවින් වදාරණ ලද්දේ ය. එය මේ ජීවිතයේදී ම තමා විසින් දැක්ක යුතුය. කල් නොයවා ඵල දෙයි. ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය’ යනුවෙනි.

සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති: සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා. ඒස භගවතෝ සාවකසංඝෝ ආහුණෙය්‍යෝ පාහුණෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.

සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඥායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න වෙයි. පුරුෂ යුගල සතරකින් ද, පුරුෂ පුද්ගල අට කෙනෙකුගෙන් ද යුතු වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින්කෙත වෙයි’ යනුවෙනි.

අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති අඛණ්ඩේහි අච්ඡිද්දේහි අසබලේහි අකම්මාසේහි භුජිස්සේහි විඤ්ඤුප්පසත්ථේහි අපරාමට්ඨේහි සමාධිසංවත්තනිකේහි.

ආර්යකාන්ත සීලයකින් යුක්ත වූයේ වෙයි. නොකැඩුණු, සිදුරු නැති, කැලැල් නැති, පැල්ලම් නැති, තෘෂ්ණා දාස භාවයෙන් මිදුණු, නුවණැත්තන් විසින් පසසන ලද, බාහිර දෘෂ්ටීන්ට ගැති නොවූ, සමාධිය පිණිස පවතින, සීලයෙන් යුක්ත වෙයි.

චත්තාරි සාමඤ්ඤඵලානි: සෝතාපත්තිඵලං, සකදාගාමිඵලං, අනාගාමිඵලං, අරහත්තඵලං.

ශ්‍රමණ ඵල සතරකි. සෝවාන් ඵලය ය. සකදාගාමී ඵලය ය. අනාගාමී ඵලය ය. රහත් ඵලය ය.

චතස්සෝ ධාතුයෝ: පඨවීධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු.

ධාතු සතරකි. පඨවි ධාතු. ආපෝ ධාතු. තේජෝ ධාතු. වායෝ ධාතුවය.

චත්තාරෝ ආහාරා: කබලීකාරෝ ආහාරෝ ඕළාරිකෝ වා සුඛුමෝ වා, ඵස්සෝ දුතියෝ, මනෝසඤ්චේතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං.

ආහාර සතරකි. ගොරෝසු වේවා, සියුම් වේවා කබලිංකාර ආහාරය ය. දෙවැන්න ස්පර්ශය යි. තුන්වැන්න මනෝසංචේතනාව ය. සතරවැන්න විඤ්ඤාණය යි.

චතස්සෝ විඤ්ඤාණට්ඨිතියෝ: රූපූපයං වා ආවුසෝ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨති, රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසේචනං වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජති. වේදනූපයං වා ආවුසෝ ….(පෙ)…. සඤ්ඤූපයං වා ආවුසෝ ….(පෙ)…. සංඛාරූපයං වා ආවුසෝ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨති, සංඛාරාරම්මණං සංඛාරප්පතිට්ඨං නන්දූපසේචනං වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජති.

විඤ්ඤාණය පිහිටන තැන් සතරකි. ඇවැත්නි, විඤ්ඤාණය පිහිටා සිටියොත් සිටින්නේ රූපයෙහි හෝ බැසගෙන ය. රූපය අරමුණුකොට ය. රූපයෙහි පිහිටා ය. ආශාවෙන් තෙත් කරමින් වැඩී ලියලා විපුල බවට පත්වෙයි. ඇවැත්නි, විඤ්ඤාණය පිහිටා සිටියොත් සිටින්නේ වේදනාවෙහි හෝ බැසගෙන ය. ….(පෙ)…. ඇවැත්නි, විඤ්ඤාණය පිහිටා සිටියොත් සිටින්නේ සංඥාවෙහි හෝ බැසගෙන ය. ….(පෙ)…. ඇවැත්නි, විඤ්ඤාණය පිහිටා සිටියොත් සිටින්නේ සංස්කාරවල හෝ බැසගෙන ය. සංස්කාර අරමුණුකොට ය. සංස්කාරවල පිහිටා ය. ආශාවෙන් තෙත් කරමින් වැඩී ලියලා විපුල බවට පත්වෙයි.

චත්තාරි අගතිගමනානි: ඡන්දාගතිං ගච්ඡති, දෝසාගති ගච්ඡති, මෝහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.

අගතියට යෑම් සතරකි. ඡන්දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මෝහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි.

චත්තාරෝ තණ්හුප්පාදා: චීවරහේතු වා ආවුසෝ භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, පිණ්ඩපාතහේතු වා ආවුසෝ භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, සේනාසනහේතු වා ආවුසෝ භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, ඉතිභවාභවහේතු වා ආවුසෝ භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති.

තණ්හාව උපදින තැන් සතරකි. ඇවැත්නි, සිවුරු නිසා හෝ භික්ෂුව තුළ තණ්හාව උපදිනවා නම් උපදියි. ඇවැත්නි, දානය නිසා හෝ භික්ෂුව තුළ තණ්හාව උපදිනවා නම් උපදියි. ඇවැත්නි, සේනාසන නිසා හෝ භික්ෂුව තුළ තණ්හාව උපදිනවා නම් උපදියි. ඇවැත්නි, මෙසේත් මෙය හොඳ ය, මෙය වඩාත් හොඳ ය යනාදී වශයෙන් සැළකීම නිසා හෝ භික්ෂුව තුළ තණ්හාව උපදිනවා නම් උපදියි.

චතස්සෝ පටිපදා: දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.

ප්‍රතිපදා සතරකි. දුක් සහිත ප්‍රතිපදාවෙන් යුතුව ඉතා සෙමෙන් අවබෝධ වීම නම් වූ දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා ය. දුක් සහිත ප්‍රතිපදාවෙන් යුතුව ඉතා වේගයෙන් අවබෝධ වීම නම් වූ දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා ය. සැප සහිත ප්‍රතිපදාවෙන් යුතුව ඉතා සෙමෙන් අවබෝධ වීම නම් වූ සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා ය. සැප සහිත ප්‍රතිපදාවෙන් යුතුව ඉතා වේගයෙන් අවබෝධ වීම නම් වූ සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා ය.

අපරා පි චතස්සෝ පටිපදා: අක්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා.

තවත් ප්‍රතිපදා සතරකි. නොඉවසිය යුතු කරුණු නොඉවසීම ප්‍රතිපදාව කොට ගත් ‘අක්ඛමා පටිපදා’ ය. ඉවසිය යුතු කරුණු ඉවසීම ප්‍රතිපදාව කොට ගත් ‘ඛමා පටිපදා’ ය. ඉන්ද්‍රිය දමනය නම් වූ ‘දමා පටිපදා’ ය. කෙලෙස් සංසිඳවීම නම් වූ ‘සමා පටිපදා’ ය.

චත්තාරි ධම්මපදානි: අනභිජ්ඣා ධම්මපදං, අබ්‍යාපාදෝ ධම්මපදං, සම්මාසති ධම්මපදං, සම්මාසමාධි ධම්මපදං.

ධම්මපද සතරකි. අන් සතු දෙයට ආශා නැතිකම හෙවත් අනභිධ්‍යාව ධම්ම පදයකි. තරහ නැති මෙත් සිත ධම්මපදයකි. සම්මා සතිය ධම්මපදයකි. සම්මා සමාධිය ධම්මපදයකි.

චත්තාරි ධම්මසමාදානානි: අත්ථාවුසෝ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චේව ආයතිඤ්ච දුක්ඛවිපාකං, අත්ථාවුසෝ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං, අත්ථාවුසෝ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං, අත්ථාවුසෝ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චේව ආයතිං ච සුඛවිපාකං.

ධම්මසමාදාන සතරකි. ඇවැත්නි, මෙලොව ජීවිතයේ ත් දුක් ලැබෙන, මරණින් මතු ත් දුක් විපාක දෙන ධර්ම පුරුදු කිරීමක් ඇත්තේ ය. ඇවැත්නි, මෙලොව ජීවිතයේ දුක් ලැබෙන, මරණින් මතු සැප විපාක දෙන ධර්ම පුරුදු කිරීමක් ඇත්තේ ය. ඇවැත්නි, මෙලොව ජීවිතයේ සැප ලැබෙන, මරණින් මතු දුක් විපාක දෙන ධර්ම පුරුදු කිරීමක් ඇත්තේ ය. ඇවැත්නි, මෙලොව ජීවිතයේ ත් සැප ලැබෙන, මරණින් මතු ත් සැප විපාක දෙන ධර්ම පුරුදු කිරීමක් ඇත්තේ ය.

චත්තාරෝ ධම්මක්ඛන්ධා: සීලක්ඛන්ධෝ, සමාධික්ඛන්ධෝ, පඤ්ඤාක්ඛන්ධෝ, විමුත්තික්ඛන්ධෝ.

ධර්මස්කන්ධ සතරකි. සීලය ධර්මස්කන්ධයකි. සමාධිය ධර්මස්කන්ධයකි. ප්‍රඥාව ධර්මස්කන්ධයකි. විමුක්තිය ධර්මස්කන්ධයකි.

චත්තාරි බලානි: විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.

බල සතරකි. වීර්යය බලයකි. සිහිය බලයකි. සමාධිය බලයකි. ප්‍රඥාව බලයකි.

චත්තාරි අධිට්ඨානානි: පඤ්ඤාධිට්ඨානං, සච්චාධිට්ඨානං, චාගාධිට්ඨානං, උපසමාධිට්ඨානං.

අධිෂ්ඨාන සතරකි. ප්‍රඥාව අධිෂ්ඨානයකි. සත්‍යය අධිෂ්ඨානයකි. ත්‍යාගය අධිෂ්ඨානයකි. කෙලෙස් සංසිඳීම අධිෂ්ඨානයකි.

චත්තාරි පඤ්හබ්‍යාකරණානි: ඒකංසබ්‍යාකරණීයෝ පඤ්හෝ, පටිපුච්ඡාබ්‍යාකරණීයෝ පඤ්හෝ, විභජ්ජබ්‍යාකරණීයෝ පඤ්හෝ, ඨපණීයෝ පඤ්හෝ.

ප්‍රශ්න විසඳීම් සතරකි. එක එල්ලේ පිළිතුරු දීම් වශයෙන් විසඳිය යුතු ප්‍රශ්නයකි. නැවත නැවත ප්‍රශ්න කරමින් විසඳිය යුතු ප්‍රශ්නයකි. කරුණු බෙදා වෙන් කරමින් විසඳිය යුතු ප්‍රශ්නයකි. පිළිතුරු නොදී පසෙකින් තැබීමෙන් විසඳිය යුතු ප්‍රශ්නයකි.

චත්තාරි කම්මානි: අත්ථාවුසෝ කම්මං කණ්හං කණ්හවිපාකං, අත්ථාවුසෝ කම්මං සුක්කං සුක්කවිපාකං, අත්ථාවුසෝ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං, අත්ථාවුසෝ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.

කර්ම සතරකි. ඇවැත්නි, කළු විපාක දෙන කළු කර්මයක් ඇත්තේ ය. ඇවැත්නි, සුදු විපාක දෙන සුදු කර්මයක් ඇත්තේ ය. ඇවැත්නි, කළු සුදු විපාක දෙන කළු සුදු කර්මයක් ඇත්තේ ය. ඇවැත්නි, කළු ත් නොවන සුදු ත් නොවන විපාක ඇති, කර්මය ක්ෂය වීම පිණිස පවතින්නා වූ කළු සුදු නොවන කර්මයක් ඇත්තේ ය.

චත්තාරෝ සච්ඡිකරණීයා ධම්මා: පුබ්බේනිවාසෝ සතියා සච්ඡිකරණීයෝ, සත්තානං චුතූපපාතෝ චක්ඛුනා සච්ඡිකරණීයෝ, අට්ඨ විමොක්ඛා කායේන සච්ඡිකරණීයා, ආසවානං ඛයෝ පඤ්ඤාය සච්ඡිකරණීයෝ.

සාක්ෂාත් කළ යුතු ධර්ම සතරකි. තමා පෙර භවයෙහි ගත කළ අයුරු සිහි කිරීම සිහියෙන් අත්දැකිය යුත්තකි. සත්වයන් චුතවෙන අයුරු ත්, උපදින අයුරු ත් දැකීම දිවැසින් අත්දැකිය යුත්තකි. අෂ්ට විමෝක්ෂයන් කයෙන් අත්දැකිය යුත්තකි. ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ප්‍රඥාවෙන් අත්දැකිය යුත්තකි.

චත්තාරෝ ඕඝා: කාමෝඝෝ, භවෝඝෝ, දිට්ඨෝඝෝ, අවිජ්ජෝඝෝ.

ඕඝ සතරකි. කාමය ඕඝයකි. භවය ඕඝයකි. දෘෂ්ටි ඕඝයකි. අවිද්‍යාව ඕඝයකි.

චත්තාරෝ යෝගා: කාමයෝගෝ, භවයෝගෝ, දිට්ඨියෝගෝ, අවිජ්ජායෝගෝ.

යෝග හෙවත් සසරෙහි නැවත නැවත යෙදවීම් සතරකි. කාමය යෝගයකි. භවය යෝගයකි. දෘෂ්ටි යෝගයකි. අවිද්‍යාව යෝගයකි.

චත්තාරෝ විසඤ්ඤෝගා: කාමයෝගවිසඤ්ඤෝගෝ, භවයෝගවිසඤ්ඤෝගෝ, දිට්ඨියෝගවිසඤ්ඤෝගෝ, අවිජ්ජායෝගවිසඤ්ඤෝගෝ.

විසංයෝග හෙවත් වෙන්වීම් සතරකි. කාමයෙන් වෙන්වීම කාමයෝග විසංයෝගය යි. භවයෙන් වෙන්වීම භවයෝග විසංයෝගය යි. දෘෂ්ටීන්ගෙන් වෙන් වීම දෘෂ්ටියෝග විසංයෝගය යි. අවිද්‍යාවෙන් වෙන්වීම අවිද්‍යායෝග විංසයෝගය යි.

චත්තාරෝ ගන්ථා: අභිජ්ඣා කායගන්ථෝ, බ්‍යාපාදෝ කායගන්ථෝ, සීලබ්බතපරාමාසෝ කායගන්ථෝ, ඉදංසච්චාභිනිවේසෝ කායගන්ථෝ.

ගන්ථ හෙවත් බැමි සතරකි. අභිධ්‍යාව කයට බැඳුණු බැම්මකි. ද්වේෂය කයට බැඳුණු බැම්මකි. සීලබ්බත පරාමාස කයට බැඳුණු බැම්මකි. අවබෝධයකින් තොර ව ‘මෙය ම සත්‍ය යැ’යි දැඩි ව බැසගැනීම කයට බැඳුණු බැම්මකි.

චත්තාරි උපාදානානි: කාමූපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං.

උපාදාන සතරකි. කාමයට ග්‍රහණය වීම කාම උපාදානය යි. දෘෂ්ටීන්ට ග්‍රහණය වීම දෘෂ්ටි උපාදානය යි. සීලව්‍රතයන්ට ග්‍රහණය වීම සීලබ්බත උපාදානය යි. ආත්ම සංකල්පයට ග්‍රහණය වීම අත්තවාද උපාදානය යි.

චතස්සෝ යෝනියෝ: අණ්ඩජයෝනි, ජලාබුජයෝනි, සංසේදජයෝනි, ඕපපාතිකයෝනි.

යෝනි සතරකි. බිත්තරයෙන් ඉපදීම අණ්ඩජ යෝනිය යි. මව්කුසෙන් ඉපදීම ජලාබුජ යෝනිය යි. තෙත් පරිසරයෙහි ඉපදීම සංසේදජ යෝනිය යි. ඒ තුනෙන් තොර ව ඉපදීම ඕපපාතික යෝනිය යි.

චතස්සෝ ගබ්භාවක්කන්තියෝ: ඉධාවුසෝ ඒකච්චෝ අසම්පජානෝ මාතුකුච්ඡිං ඔක්කමති, අසම්පජානෝ මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානෝ මාතුකුච්ඡිස්මා නික්ඛමති. අයං පඨමා ගබ්භාවක්කන්ති.

මව්කුස බැසගැනීම් සතරකි. ඇවැත්නි, මෙහිලා ඇතැමෙක් නොදැන මව්කුසෙහි බැසගනියි. නොදැන මව්කුසෙහි සිටියි. නොදැන මව්කුසින් නික්මෙයි. මෙය මව්කුසෙහි බැසගැනීමෙහි පළමුවැන්න යි.

පුන ච පරං ආවුසෝ ඉධේකච්චෝ සම්පජානෝ මාතුකුච්ඡිං ඔක්කමති, අසම්පජානෝ මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානෝ මාතුකුච්ඡිස්මා නික්ඛමති. අයං දුතියා ගබ්භාවක්කන්ති.

තව ද ඇවැත්නි, මෙහිලා ඇතැමෙක් දැන මව්කුසෙහි බැසගනියි. නොදැන මව්කුසෙහි සිටියි. නොදැන මව්කුසින් නික්මෙයි. මෙය මව්කුසෙහි බැසගැනීමෙහි දෙවැන්න යි.

පුන ච පරං ආවුසෝ ඉධේකච්චෝ සම්පජානෝ මාතුකුච්ඡිං ඔක්කමති, සම්පජානෝ මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානෝ මාතුකුච්ඡිස්මා නික්ඛමති. අයං තතියා ගබ්භාවක්කන්ති.

තව ද ඇවැත්නි, මෙහිලා ඇතැමෙක් දැන මව්කුසෙහි බැසගනියි. දැන මව්කුසෙහි සිටියි. නොදැන මව්කුසින් නික්මෙයි. මෙය මව්කුසෙහි බැසගැනීමෙහි තුන්වැන්න යි.

පුන ච පරං ආවුසෝ ඉධේකච්චෝ සම්පජානෝ චේව මාතුකුච්ඡිං ඔක්කමති, සම්පජානෝ මාතුකුච්ඡිස්මිං ඨාති, සම්පජානෝ මාතුකුච්ඡිස්මා නික්ඛමති. අයං චතුත්ථා ගබ්භාවක්කන්ති.

තව ද ඇවැත්නි, මෙහිලා ඇතැමෙක් දැන මව්කුසෙහි බැසගනියි. දැන මව්කුසෙහි සිටියි. දැන මව්කුසින් නික්මෙයි. මෙය මව්කුසෙහි බැසගැනීමෙහි සිව්වැන්නයි.

චත්තාරෝ අත්තභාවපටිලාභා: අත්ථාවුසෝ අත්තභාවපටිලාභෝ යස්මිං අත්තභාවපටිලාභේ අත්තසඤ්චේතනා යේව කමති නෝ පරසඤ්චේතනා. අත්ථාවුසෝ අත්තභාවපටිලාභෝ යස්මිං අත්තභාවපටිලාභේ පරසඤ්චේතනා යේව කමති නෝ අත්තසඤ්චේතනා. අත්ථාවුසෝ අත්තභාවපටිලාභෝ යස්මිං අත්තභාවපටිලාභේ අත්තසඤ්චේතනා චේව කමති පරසඤ්චේතනා ච. අත්ථාවුසෝ අත්තභාවපටිලාභෝ යස්මිං අත්තභාවපටිලාභේ නේව අත්තසඤ්චේතනා කමති නෝ පරසඤ්චේතනා.

ආත්මභාව ප්‍රතිලාභ සතරකි. ඇවැත්නි, යම් ආත්මභාවයක් ලැබීම තුළ තමාගේ කර්මය අනුව ම පවතියි ද, අන්‍යයන්ගේ කර්මය අනුව නොපවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත. ඇවැත්නි, යම් ආත්මභාවයක් ලැබීම තුළ අන්‍යයන්ගේ කර්මය අනුව ම පවතියි ද, තමන්ගේ කර්මය අනුව නොපවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත. ඇවැත්නි, යම් ආත්මභාවයක් ලැබීම තුළ තමාගේ කර්මය අනුව ත් පවතියි ද, එමෙන් ම අන්‍යයන්ගේ කර්මය අනුව ත් පවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත. ඇවැත්නි, යම් ආත්මභාවයක් ලැබීම තුළ තමාගේ කර්මය අනුව ත් නොපවතියි ද, එමෙන් ම අන්‍යයන්ගේ කර්මය අනුව ත් නොපවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත.

චතස්සෝ දක්ඛිණාවිසුද්ධියෝ: අත්ථාවුසෝ දක්ඛිණා දායකතෝ විසුජ්ඣති නෝ පටිග්ගාහකතෝ, අත්ථාවුසෝ දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ඣති නෝ දායකතෝ, අත්ථාවුසෝ දක්ඛිණා නේව දායකතෝ විසුජ්ඣති නෝ පටිග්ගාහකතෝ, අත්ථාවුසෝ දක්ඛිණා දායකතෝ චේව විසුජ්ඣති පටිග්ගාහකතෝ ච.

දන් පිරිසිදු වීම් සතරකි. ඇවැත්නි, දායක පක්ෂයෙන් පිරිසිදු වන, පිළිගන්නා පක්ෂයෙන් පිරිසිදු නොවන දානයක් ඇත්තේ ය. ඇවැත්නි, පිළිගන්නා පක්ෂයෙන් පිරිසිදු වන, දායක පක්ෂයෙන් පිරිසිදු නොවන දානයක් ඇත්තේ ය. ඇවැත්නි, දායක පක්ෂයෙනුත් පිරිසිදු නොවන, පිළිගන්නා පක්ෂයෙනුත් පිරිසිදු නොවන දානයක් ඇත්තේ ය. ඇවැත්නි, දායක පක්ෂයෙනුත් පිරිසිදු වන, පිළිගන්නා පක්ෂයෙනුත් පිරිසිදු වන දානයක් ඇත්තේ ය.

චත්තාරි සංගහවත්ථූනි: දානං, පෙය්‍යවජ්ජං, අත්ථචරියා, සමානත්තතා.

සංග්‍රහවස්තු සතරකි. දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය.

චත්තාරෝ අනරියවෝහාරා: මුසාවාදෝ, පිසුණා වාචා, ඵරුසා වාචා, සම්ඵප්පලාපෝ.

ආර්ය නොවූවන්ගේ කතා බස් කිරීම් සතරකි. බොරු කීම, කේලාම් කීම, නපුරු දරුණු වචනයෙන් බැණ වැදීම, හිස් වචන කීම.

චත්තාරෝ අරියවෝහාරා: මුසාවාදා වේරමණී, පිසුණාය වාචාය වේරමණී, ඵරුසාය වාචාය වේරමණී, සම්ඵප්පලාපා වේරමණී.

ආර්ය උතුමන්ගේ කතා බස් කිරීම් සතරකි. බොරු නොකීම, කේලාම් නොකීම, නපුරු දරුණු වචනයෙන් බැණ නොවැදීම, හිස් වචන නොකීම.

අපරේ පි චත්තාරෝ අනරියවෝහාරා: අදිට්ඨේ දිට්ඨවාදිතා, අස්සුතේ සුතවාදිතා, අමුතේ මුතවාදිතා, අවිඤ්ඤාතේ විඤ්ඤාතවාදිතා.

තවත් ආර්ය නොවූවන්ගේ කතා බස් කිරීම් සතරකි. නුදුටු දේ දැක්ක බව පවසයි. නොඇසූ දේ අසන ලද්දේ යැයි පවසයි. ආඝ්‍රාණය නොකළ දේ ත්, රස නොවිඳී දේ ත්, පහස නොලද දේ ත්, ඒ ඒ දේ ලද බව පවසයි. සිතෙන් නොදැනගත් දේ දැනගත් බව පවසයි.

අපරේ පි චත්තාරෝ අරියවෝහාරා: අදිට්ඨේ අදිට්ඨවාදිතා, අස්සුතේ අස්සුතවාදිතා, අමුතේ අමුතවාදිතා, අවිඤ්ඤාතේ අවිඤ්ඤාතවාදිතා.

තවත් ආර්ය උතුමන්ගේ කතා බස් කිරීම් සතරකි. නුදුටු දේ නොදැක්ක බව පවසයි. නොඇසූ දේ නොඅසන ලද්දේ යැයි පවසයි. ආඝ්‍රාණය නොකළ දේ ත්, රස නොවිඳී දේ ත්, පහස නොලද දේ ත්, ඒ ඒ දේ නොලද බව පවසයි. සිතෙන් නොදැනගත් දේ නොදැනගත් බව පවසයි.

අපරේ පි චත්තාරෝ අනරියවෝහාරා: දිට්ඨේ අදිට්ඨවාදිතා, සුතේ අස්සුතවාදිතා, මුතේ අමුතවාදිතා, විඤ්ඤාතේ අවිඤ්ඤාතවාදිතා.

තවත් ආර්ය නොවූවන්ගේ කතා බස් කිරීම් සතරකි. දුටු දේ නොදැක්ක බව පවසයි. ඇසූ දේ නොඅසන ලද්දේ යැයි පවසයි. ආඝ්‍රාණය කළ දේ ත්, රස විඳී දේ ත්, පහස ලද දේ ත්, ඒ ඒ දේ නොලද බව පවසයි. සිතෙන් දැනගත් දේ දැන නොගත් බව පවසයි.

අපරේ පි චත්තාරෝ අරියවෝහාරා: දිට්ඨේ දිට්ඨවාදිතා, සුතේ සුතවාදිතා, මුතේ මුතවාදිතා, විඤ්ඤාතේ විඤ්ඤාතවාදිතා.

තවත් ආර්ය උතුමන්ගේ කතා බස් කිරීම් සතරකි. දුටු දේ දැක්ක බව පවසයි. ඇසූ දේ අසන ලද්දේ යැයි පවසයි. ආඝ්‍රාණය කළ දේ ත්, රස විඳී දේ ත්, පහස ලද දේ ත්, ඒ ඒ දේ ලද බව පවසයි. සිතෙන් දැනගත් දේ දැනගත් බව පවසයි.

චත්තාරෝ පුග්ගලා: ඉධාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ අත්තන්තපෝ හෝති අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ, ඉධාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ පරන්තපෝ හෝති පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, ඉධාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ අත්තන්තපෝ ච හෝති අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ පරන්තපෝ ච පරපරිතාපනානුයෝගමනුයුත්තෝ, ඉධ පනාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ නේව අත්තන්තපෝ හෝති න අත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනානුයෝගමනුයුත්තෝ. සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛප්පටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරති.

පුද්ගලයෝ සතර දෙනෙකි. ඇවැත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා ව පීඩාවට පත් කරගන්නේ තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදුණේ වෙයි. ඇවැත්නි,මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අනුන් ව පීඩාවට පත් කරන්නේ අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදුණේ වෙයි. ඇවැත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා ව පීඩාවට පත් කරගන්නේ ත්, තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදුණේ ත් වෙයි. අනුන් ව පීඩාවට පත් කරන්නේ ත්, අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි යෙදුණේ ත් වෙයි. ඇවැත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා ව පීඩාවට පත් නොකර ගන්නේ ත්, තමා ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි නොයෙදුණේ ත් වෙයි. අනුන් ව පීඩාවට පත් නොකරන්නේ ත්, අනුන් ව පීඩාවට පත්කරවන ක්‍රමයන්හි නොයෙදුණේ ත් වෙයි. ඔහු තමාවත් පීඩාවට පත් නොකරන්නේ, අනුන්වත් පීඩාවට පත් නොකරන්නේ, මෙලොවදී ම තෘෂ්ණා රහිත වූයේ, නිවුණේ, සිහිල් වූයේ, සැප විඳින්නේ ශ්‍රේෂ්ඨ වූ ජීවිතයකින් යුතුව වාසය කරයි.

අපරේ පි චත්තාරෝ පුග්ගලා: ඉධාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ අත්තහිතාය පටිපන්නෝ හෝති නෝ පරහිතාය, ඉධාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ පරහිතාය පටිපන්නෝ හෝති නෝ අත්තහිතාය, ඉධාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ නේව අත්තහිතාය පටිපන්නෝ හෝති නෝ පරහිතාය, ඉධාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ අත්තහිතාය චේව පටිපන්නෝ හෝති පරහිතාය ච.

තවත් පුද්ගලයෝ සතර දෙනෙකි. ඇවැත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා හට යහපත පිණිස පිළිපන්නේ වෙයි; අනුන් හට යහපත පිණිස නොවෙයි. ඇවැත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අනුන් හට යහපත පිණිස පිළිපන්නේ වෙයි; තමා හට යහපත පිණිස නොවෙයි. ඇවැත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා හට ත්, අනුන් හට ත් යහපත පිණිස පිළිපන්නේ නොවෙයි. ඇවැත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා හට ත්, අනුන් හට ත් යහපත පිණිස පිළිපන්නේ වෙයි.

අපරේ පි චත්තාරෝ පුග්ගලා: තමෝතමපරායනෝ, තමෝජෝතිපරායනෝ, ජෝතිතමපරායනෝ, ජෝතිජෝතිපරායනෝ.

තවත් පුද්ගලයෝ සතර දෙනෙකි. අඳුරෙන් අඳුරට යන තමෝතම පරායන පුද්ගලයා ය. අඳුරෙන් එළියට එන තමෝජෝති පරායන පුද්ගලයා ය. එළියෙන් අඳුරට යන ජෝතිතම පරායන පුද්ගලයා ය. එළියෙන් එළියට යන ජෝතිජෝති පරායන පුද්ගලයා ය.

අපරේ පි චත්තාරෝ පුග්ගලා: සමණමචලෝ, සමණපදුමෝ, සමණපුණ්ඩරීකෝ, සමණේසු සමණසුඛුමාලෝ.

තවත් පුද්ගලයෝ සතර දෙනෙකි. සෝවාන් ඵලයට පත් භික්ෂුව හෙවත් අචල ශ්‍රමණයා ය. සකදාගාමී භික්ෂුව හෙවත් නෙළුමක් බඳු ශ්‍රමණපදුම ය. අනාගාමී භික්ෂුව හෙවත් සුදු නෙළුමක් බඳු ශ්‍රමණ පුණ්ඩරීක ය. රහතන් වහන්සේ හෙවත් ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල ය.

ඉමේ ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, මේ වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද සතර බැගින් වූ ධර්මයෝ ය. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

[ පඤ්චකං ]

11. අත්ථි ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන පඤ්ච ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං න විවදිතබ්බං, යථයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද පස බැගින් වූ ධර්මයෝ ඇත්තාහ. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු ය. වාද විවාද නොකළ යුතු ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

කතමේ පඤ්ච: පඤ්චක්ඛන්ධා- රූපක්ඛන්ධෝ, වේදනාක්ඛන්ධෝ, සඤ්ඤාක්ඛන්ධෝ, සංඛාරක්ඛන්ධෝ, විඤ්ඤාණක්ඛන්ධෝ.

ඒ පසක් බැගින් වූ ධර්මයෝ කවරහු ද?

එනම්; ස්කන්ධ පසකි. රූප ස්කන්ධය ය. වේදනා ස්කන්ධය ය. සංඥා ස්කන්ධය ය. සංස්කාර ස්කන්ධය ය. විඤ්ඤාණ ස්කන්ධය ය.

පඤ්චුපාදානක්ඛන්ධා: රූපූපාදානක්ඛන්ධෝ, වේදනූපාදානක්ඛන්ධෝ, සඤ්ඤූපාදානක්ඛන්ධෝ, සංඛාරූපාදානක්ඛන්ධෝ, විඤ්ඤාණූපාදානක්ඛන්ධෝ.

උපාදානස්කන්ධ පසකි. රූප උපාදානස්කන්ධය ය. වේදනා උපාදානස්කන්ධය ය. සංඥා උපාදානස්කන්ධය ය. සංස්කාර උපාදානස්කන්ධය ය. විඤ්ඤාණ උපාදානස්කන්ධය ය.

පඤ්ච කාමගුණා: චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සෝතවිඤ්ඤෙය්‍යා සද්දා ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා ….(පෙ)…. ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා ….(පෙ)…. කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා.

කාමගුණ පසකි. ඇසින් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇතිවෙන, කෙලෙස් හටගන්නා රූපයෝ ය. කනින් දත යුතු ශබ්දයෝ ය. ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධයෝ ය. ….(පෙ)…. දිවෙන් දත යුතු රසයෝ ය. ….(පෙ)…. කයෙන් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කැමැත්ත ඇතිවෙන, කෙලෙස් හටගන්නා ස්පර්ශයෝ ය.

පඤ්ච ගතියෝ: නිරයෝ, තිරච්ඡානයෝනි, පෙත්තිවිසයෝ, මනුස්සා, දේවා.

ගති පසකි. නිරය ය. තිරිසන් යෝනිය ය. ප්‍රේත විෂය ය. මිනිස් බව ය. දෙව් බව ය.

පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං.

මසුරුකම් පසකි. ආවාසයට මසුරු කිරීම ය. කුලයට මසුරු කිරීම ය. ලාභයට මසුරු කිරීම ය. සිරුරු පැහැයට මසුරු කිරීම ය. ධර්මයට මසුරු කිරීම ය.

පඤ්ච නීවරණානි: කාමච්ඡන්දනීවරණං, බ්‍යාපාදනීවරණං, ථීනමිද්ධනීවරණං, උද්ධච්චකුක්කුච්චනීවරණං, විචිකිච්ඡානීවරණං.

නීවරණ පසකි. කාමච්ඡන්ද නීවරණය ය. ව්‍යාපාද නීවරණය ය. ථීනමිද්ධ නීවරණය ය. උද්ධච්ච කුක්කුච්ච නීවරණය ය. විචිකිච්ඡා නීවරණය ය.

පඤ්චෝරම්භාගියානි සංයෝජනානි: සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසෝ, කාමච්ඡන්දෝ, බ්‍යාපාදෝ.

ඕරම්භාගිය සංයෝජන පසකි. සක්කාය දිට්ඨිය ය. විචිකිච්ඡාව ය. සීලබ්බත පරාමාස ය. කාමච්ඡන්දය ය. ව්‍යාපාදය ය.

පඤ්චුද්ධම්භාගියානි සංයෝජනානි: රූපරාගෝ, අරූපරාගෝ, මානෝ, උද්ධච්චං, අවිජ්ජා.

උද්ධම්භාගිය සංයෝජන පසකි. රූපරාගය ය. අරූපරාගය ය. මානය ය. උද්ධච්චය ය. අවිද්‍යාව ය.

පඤ්ච සික්ඛාපදානි: පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, සුරාමේරයමජ්ජප්පමාදට්ඨානා වේරමණී.

සිල්පද පසකි. සතුන් මැරීමෙන් වැළකීම ය. සොරකමින් වැළකීම ය. වැරදි කාමසේවනයෙන් වැළකීම ය. බොරු කීමෙන් වැළකීම ය. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම ය.

පඤ්ච අභබ්බට්ඨානානි: අභබ්බෝ ආවුසෝ ඛීණාසවෝ භික්ඛු සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතුං, අභබ්බෝ ඛීණාසවෝ භික්ඛු අදින්නං ථෙය්‍යසංඛාතං ආදියිතුං, අභබ්බෝ ඛීණාසවෝ භික්ඛු මේථුනං ධම්මං පටිසේවිතුං, අභබ්බෝ ඛීණාසවෝ භික්ඛු සම්පජානමුසා භාසිතුං, අභබ්බෝ ඛීණාසවෝ භික්ඛු සන්නිධිකාරකං කාමේ පරිභුඤ්ජිතුං සෙය්‍යථාපි පුබ්බේ ආගාරියකභූතෝ.

කිසිසේත් නොවිය හැකි කරුණු පසකි. ඇවැත්නි, ක්ෂීණාශ්‍රව භික්ෂුව දැන දැන ප්‍රාණියෙකු ජීවිතයෙන් තොරකරන්නට නොහැක්කේ ය. ක්ෂීණාශ්‍රව භික්ෂුව නුදුන් දෙයක් සොරසිතින් ගන්නට නොහැක්කේ ය. ක්ෂීණාශ්‍රව භික්ෂුව අඹුසැමියන් ලෙස හැසිරෙන්නට නොහැක්කේ ය. ක්ෂීණාශ්‍රව භික්ෂුව දැන දැන බොරු කියන්නට නොහැක්කේ ය. ක්ෂීණාශ්‍රව භික්ෂුව පැවිදි වෙන්නට කලින් ගිහි ගෙදර සිටි අයුරින් කාමයන් රැස්කොට පරිභෝග කරන්නට නොහැක්කේ ය.

පඤ්ච බ්‍යසනානි: ඤාතිබ්‍යසනං, භෝගබ්‍යසනං, රෝගබ්‍යසනං, සීලබ්‍යසනං, දිට්ඨිබ්‍යසනං. නාවුසෝ සත්තා ඤාතිබ්‍යසනහේතු වා භෝගබ්‍යසනහේතු වා රෝගබ්‍යසනහේතු වා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. සීලබ්‍යසනහේතු වා ආවුසෝ සත්තා දිට්ඨිබ්‍යසනහේතු වා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.

ව්‍යසන පසකි. ඥාති ව්‍යසනය ය. භෝග ව්‍යසනය ය. රෝග ව්‍යසනය ය. සීල ව්‍යසන ය. දිට්ඨි ව්‍යසන ය. ඇවැත්නි, සත්වයෝ ඥාති ව්‍යසනය නිසා හෝ භෝග ව්‍යසනය නිසා හෝ රෝග ව්‍යසනය නිසා හෝ කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි නූපදිති. ඇවැත්නි, සත්වයෝ සීල ව්‍යසනය හේතුවෙන් හෝ දෘෂ්ටි ව්‍යසනය හේතුවෙන් හෝ කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදිති.

පඤ්ච සම්පදා: ඤාතිසම්පදා, භෝගසම්පදා, ආරෝග්‍යසම්පදා, සීලසම්පදා, දිට්ඨිසම්පදා. නාවුසෝ සත්තා ඤාතිසම්පදාහේතු වා භෝගසම්පදාහේතු වා ආරෝග්‍යසම්පදාහේතු වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්ති. සීලසම්පදාහේතු වා ආවුසෝ සත්තා දිට්ඨිසම්පදාහේතු වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්ති.

සම්පත් පසකි. ඥාති සම්පත් ය. භෝග සම්පත් ය. නීරෝග සම්පත් ය. සීල සම්පත් ය. දිට්ඨි සම්පත් ය. ඇවැත්නි, සත්වයෝ ඥාති සම්පත් නිසා හෝ භෝග සම්පත් නිසා හෝ නීරෝග සම්පත් නිසා හෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි නූපදිති. ඇවැත්නි, සත්වයෝ සීල සම්පත් හේතුවෙන් හෝ දෘෂ්ටි සම්පත් හේතුවෙන් හෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති.

පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා: ඉධාවුසෝ දුස්සීලෝ සීලවිපන්නෝ පමාදාධිකරණං මහතිං භෝගජානිං නිගච්ඡති. අයං පඨමෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

දුස්සීලයාගේ සීල විපත්තියෙහි දුර්විපාක පසකි. ඇවැත්නි, මෙහිලා සිල් වැනසුණු දුස්සීලයා ප්‍රමාදය හේතුවෙන් මහත් වූ භෝග සම්පත්වල හානියට පැමිණෙයි. දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ පළමු ආදීනවය යි.

පුන ච පරං ආවුසෝ දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති. අයං දුතියෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ඇවැත්නි, සිල් වැනසුණු දුස්සීලයාගේ ලාමක අපකීර්තියක් පැතිර යයි. දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ දෙවෙනි ආදීනවය යි.

පුන ච පරං ආවුසෝ දුස්සීලෝ සීලවිපන්නෝ යඤ්ඤදේව පරිසං උපසංකමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං අවිසාරදෝ උපසංකමති මංකුභූතෝ. අයං තතියෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ඇවැත්නි, සිල් වැනසුණු දුස්සීලයා ක්ෂත්‍රීය පිරිසක් හෝ වේවා, බ්‍රාහ්මණ පිරිසක් හෝ වේවා, ගෘහපති පිරිසක් හෝ වේවා, ශ්‍රමණ පිරිසක් හෝ වේවා, යම් ම වූ පිරිසක් කරා එළඹෙයි නම් තේජස් නැති ව සැක සහිත ව එළඹෙන්නේ වෙයි. දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ තුන්වෙනි ආදීනවයයි.

පුන ච පරං ආවුසෝ දුස්සීලෝ සීලවිපන්නෝ සම්මූළ්හෝ කාලං කරෝති. අයං චතුත්ථෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ඇවැත්නි, සිල් වැනසුණු දුස්සීලයා සිහිමුළා ව කළුරිය කරයි. දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ සිව්වෙනි ආදීනවය යි.

පුන ච පරං ආවුසෝ දුස්සීලෝ සීලවිපන්නෝ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. අයං පඤ්චමෝ ආදීනවෝ දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ඇවැත්නි, සිල් වැනසුණු දුස්සීලයා කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි. දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ පස්වෙනි ආදීනවය යි.

පඤ්ච ආනිසංසා සීලවතෝ සීලසම්පදාය: ඉධාවුසෝ සීලවා සීලසම්පන්නෝ අප්පමාදාධිකරණං මහන්තං භෝගක්ඛන්ධං අධිගච්ඡති. අයං පඨමෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

සිල්වතාගේ සීල සම්පත්තියෙහි අනුසස් පසකි. ඇවැත්නි, මෙහිලා සිල්වතා සීලසම්පන්න වූයේ අප්‍රමාදය හේතුවෙන් මහත් වූ භෝගස්කන්ධයක් ලබයි. සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ පළමු ආනිශංසය යි.

පුන ච පරං ආවුසෝ සීලවතෝ සීලසම්පන්නස්ස කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති. අයං දුතියෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

තව ද ඇවැත්නි, සිල්වතා සීලසම්පන්න වූයේ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යයි. සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ දෙවෙනි ආනිශංසය යි.

පුන ච පරං ආවුසෝ සීලවා සීලසම්පන්නෝ යඤ්ඤදේව පරිසං උපසංකමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදෝ උපසංකමති අමංකුභූතෝ. අයං තතියෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

තව ද ඇවැත්නි, සිල්වතා සීලසම්පන්න වූයේ ක්ෂත්‍රීය පිරිසක් හෝ වේවා, බ්‍රාහ්මණ පිරිසක් හෝ වේවා, ගෘහපති පිරිසක් හෝ වේවා, ශ්‍රමණ පිරිසක් හෝ වේවා, යම් ම වූ පිරිසක් කරා එළඹෙයි නම් විශාරද ව සැක රහිත ව එළඹෙන්නේ වෙයි. සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ තෙවෙනි ආනිශංසයයි.

පුන ච පරං ආවුසෝ සීලවා සීලසම්පන්නෝ අසම්මූළ්හෝ කාලං කරෝති. අයං චතුත්ථෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

තව ද ඇවැත්නි, සිල්වතා සීලසම්පන්න වූයේ සිහි මුළා නොවී කළුරිය කරයි. සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ සිව්වෙනි ආනිශංසය යි.

පුන ච පරං ආවුසෝ සීලවා සීලසම්පන්නෝ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. අයං පඤ්චමෝ ආනිසංසෝ සීලවතෝ සීලසම්පදාය.

තව ද ඇවැත්නි, සිල්වතා සීලසම්පන්න වූයේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. සිල්වතාගේ සීල සම්පත්තියෙහි මේ පස්වෙනි ආනිශංසය යි.

චෝදකේන ආවුසෝ භික්ඛුනා පරං චෝදේතුකාමේන පඤ්ච ධම්මේ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෝ චෝදේතබ්බෝ: කාලේන වක්ඛාමි නෝ අකාලේන, භූතේන වක්ඛාමි නෝ අභූතේන, සණ්හේන වක්ඛාමි නෝ ඵරුසේන, අත්ථසංහිතේන වක්ඛාමි නෝ අනත්ථසංහිතේන, මෙත්තචිත්තේන වක්ඛාමි නෝ දෝසන්තරේනාති. චෝදකේන ආවුසෝ භික්ඛුනා පරං චෝදේතුකාමේන ඉමේ පඤ්ච ධම්මේ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෝ චෝදේතබ්බෝ.

ඇවැත්නි, අනුන්ට චෝදනා කරනු කැමැති චෝදක භික්ෂුව විසින් පස් කරුණක් තමා තුළ පිහිටුවාගෙන අනුන්ට චෝදනා කළ යුත්තේ ය. සුදුසු කාලයෙහි කියමි; නුසුදුසු කාලයෙහි නොවෙයි. සත්‍ය වූ දෙයින් කියමි; අසත්‍යයෙන් නොවෙයි. මෘදු වචනයෙන් කියමි; ඵරුෂ වචනයෙන් නොවෙයි. අර්ථවත් දෙයින් කියමි; අනර්ථවත් දෙයින් නොවෙයි. මෛත්‍රී සිතින් කියමි; ද්වේෂ සිතින් නොවෙයි. ඇවැත්නි, අනුන්ට චෝදනා කරනු කැමැති චෝදක භික්ෂුව විසින් මේ පස් කරුණ තමා තුළ පිහිටුවාගෙන අනුන්ට චෝදනා කළ යුත්තේ ය.

පඤ්ච පධානියංගානි: ඉධාවුසෝ භික්ඛු සද්ධෝ හෝති, සද්දහති තථාගතස්ස බෝධිං: ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති, අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහණියා සමන්නාගතෝ නාතිසීතාය නාච්චුණ්හාය මජ්ක්‍ධිමාය පධානක්ඛමාය, අසඨෝ හෝති අමායාවී යථාභූතං අත්තානං ආවිකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු, ආරද්ධවිරියෝ විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු, පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා.

ප්‍රධන් වීර්යයෙහි අංග පසකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.

(2). අල්ප ආබාධ ඇත්තේ වෙයි. අල්ප රෝග ඇත්තේ වෙයි. වඩා ත් සීත නොවූ ත්, වඩා ත් ඌෂ්ණ නොවූ ත් මධ්‍යම වූ ප්‍රධන් වීර්යයට ඔරොත්තු දෙන ආකාරයේ සම ව දිරවන ග්‍රහණියකින් සමන්විත වූයේ වෙයි.

(3). වංචා නැත්තේ වෙයි. මායා නැත්තේ වෙයි. ඒ වූ සැටියෙන් ම තමාගේ ස්වභාවය ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ හෙළිදරව් කරන්නේ වෙයි.

(4). අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ත්, කුසල් දහම් උපදවා ගැනීම පිණිස ත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. බලවත් වීරිය ඇත්තේ වෙයි. දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූයේ වෙයි. කුසල් දහම්හි නොපසුබස්නා වීරිය ඇත්තේ වෙයි.

(5). ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.

පඤ්ච සුද්ධාවාසා: අවිහා, අතප්පා, සුදස්සා, සුදස්සී, අකනිට්ඨා.

සුද්ධාවාස පසකි. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන මේ බ්‍රහ්ම ලෝකයන් අනාගාමී සහ රහත් ශුද්ධ පුද්ගලයන්ට වාසස්ථාන වෙයි.

පඤ්ච අනාගාමිනෝ: අන්තරාපරිනිබ්බායී, උපහච්චපරිනිබ්බායී, අසංඛාරපරිනිබ්බායී, සසංඛාරපරිනිබ්බායී, උද්ධංසෝතෝඅකනිට්ඨගාමී.

අනාගාමී පස් දෙනෙකි. අන්තරා පරිනිබ්බායී, උපහච්ච පරිනිබ්බායී, අසංකාර පරිනිබ්බායී, සසංකාර පරිනිබ්බායී සහ උද්ධංසෝතෝ අකනිට්ඨ ගාමීය.

පඤ්ච චේතෝඛීලා: ඉධාවුසෝ භික්ඛු සත්ථරි කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යෝ සෝ ආවුසෝ භික්ඛු සත්ථරි කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය, අයං පඨමෝ චේතෝඛීලෝ.

සිතෙහි ඇනෙන හුල් පසකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව තම ශාස්තෘන් වහන්සේ පිළිබඳ ව සැක කරයි. විචිකිච්ඡා කරයි. ශ්‍රද්ධාවෙහි නොබැස ගනියි. නොපහදියි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් තම ශාස්තෘන් වහන්සේ පිළිබඳව සැක කරයි ද, විචිකිච්ඡා කරයි ද, ශ්‍රද්ධාවෙහි නොබැස ගනියි ද, නොපහදියි ද, එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින්, නිතර කරනු ලබන, දැඩි වීර්යයෙන් යුතුව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙසේ ඔහුගේ සිතෙහි ඇණී ඇති මෙම පළමු වැනි හුල වෙයි.

පුන ච පරං ආවුසෝ භික්ඛු ධම්මේ කංඛති විචිකිච්ඡති ….(පෙ)…. සංඝේ කංඛති විචිකිච්ඡති ….(පෙ)…. සික්ඛාය කංඛති විචිකිච්ඡති ….(පෙ)…. සබ්‍රහ්මචාරීසු කුපිතෝ හෝති අනත්තමනෝ ආහතචිත්තෝ ඛීලජාතෝ. යෝ සෝ ආවුසෝ භික්ඛු සබ්‍රහ්මචාරීසු කුපිතෝ හෝති අනත්තමනෝ ආහතචිත්තෝ ඛීලජාතෝ, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය, අයං පඤ්චමෝ චේතෝඛීලෝ.

(2) – (5). තවද ඇවැත්නි, මෙහිලා භික්ෂුව ධර්මය පිළිබඳ ව සැක කරයි. ….(පෙ)…. සංඝයා පිළිබඳ ව සැක කරයි. ….(පෙ)…. ශික්ෂාව පිළිබඳ ව සැක කරයි. ….(පෙ)…. සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳ ව කෝපයෙන් සිටියි. අමනාපයෙන් සිටියි. ගැටුණු සිතින් හටගත් හුල ඇති ව සිටියි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳ ව කෝපයෙන් සිටියි ද, අමනාපයෙන් සිටියි ද, ගැටුණු සිතින් හටගත් හුල ඇති ව සිටියි ද, එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින්, නිතර කරනු ලබන, දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින්, නිතර කරනු ලබන, දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙය ඔහුගේ සිතෙහි ඇණී ඇති පස්වෙනි හුල වෙයි.

පඤ්ච චේතසෝ විනිබන්ධා: ඉධාවුසෝ භික්ඛු කාමේසු අවිගතරාගෝ හෝති අවිගතච්ඡන්දෝ අවිගතපේමෝ අවිගතපිපාසෝ අවිගතපරිළාහෝ අවිගතතණ්හෝ. යෝ සෝ ආවුසෝ භික්ඛු කාමේසු අවිගතරාගෝ හෝති අවිගතච්ඡන්දෝ අවිගතපේමෝ අවිගතපිපාසෝ අවිගතපරිළාහෝ අවිගතතණ්හෝ, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය, අයං පඨමෝ චේතසෝ විනිබන්ධෝ.

සිතා වෙලා ගත් බැඳීම් පසකි.

(1). ඇවැත්නි, භික්ෂුව පංචකාම ගුණයන් පිළිබඳව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් ආශාවෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් ප්‍රේමයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් පිපාසයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් දාහයෙන් යුක්ත වූයේ වෙයි. දුරු නොකර ගත් තෘෂ්ණාවෙන් යුක්ත වූයේ වෙයි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් පංචකාම ගුණයන් පිළිබඳව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් ආශාවෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් ප්‍රේමයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් පිපාසයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් දාහයෙන් යුක්ත වූයේ නම්, දුරු නොකර ගත් තෘෂ්ණාවෙන් යුක්ත වූයේ නම් එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින්, නිතර කරනු ලබන, දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින්, නිතර කරනු ලබන, දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙය ඔහුගේ සිතෙහි බැඳී ඇති පළමුවෙනි බන්ධනය යි.

පුන ච පරං ආවුසෝ භික්ඛු කායේ අවිගතරාගෝ හෝති ….(පෙ)…. රූපේ අවිගතරාගෝ හෝති ….(පෙ)….

(2) – (3). තව ද ඇවැත්නි, භික්ෂුව කය පිළිබඳව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. ….(පෙ)…. රූපය පිළිබඳව දුරු නොකර ගත් රාගයෙන් යුක්ත වූයේ වෙයි. ….(පෙ)….

පුන ච පරං ආවුසෝ භික්ඛු යාවදත්ථං උදරාවදේහකං භුඤ්ජිත්වා සෙය්‍යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තෝ විහරති ….(පෙ)….

(4). තවද ඇවැත්නි, භික්ෂුව කුස පුරා ඇති තාක් වළඳා නින්දෙන් ලැබෙන සැපයෙහි, ස්පර්ශ සැපයෙහි, අලස සැපයෙහි යෙදෙමින් වාසය කරයි. ….(පෙ)….

පුන ච පරං ආවුසෝ භික්ඛු අඤ්ඤතරං දේවනිකායං පණිධාය බ්‍රහ්මචරියං චරති ‘ඉමිනාහං සීලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචරියේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වා’ති. යෝ සෝ ආවුසෝ භික්ඛු අඤ්ඤතරං දේවනිකායං පණිධාය බ්‍රහ්මචරියං චරති ‘ඉමිනාහං සීලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචරියේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වා’ති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයෝගාය සාතච්චාය පධානාය, අයං පඤ්චමෝ චේතසෝ විනිබන්ධෝ.

(5). තවද ඇවැත්නි, භික්ෂුව එක්තරා දෙව්ලොවක සිත පිහිටුවාගෙන බඹසරෙහි හැසිරෙයි. එනම් ‘මම් මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින්, දෙවියෙක් හෝ වන්නෙමි. අන්‍ය වූ දෙවිකෙනෙක් හෝ වන්නෙමි’යි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් එක්තරා දෙව්ලොවක සිත පිහිටුවාගෙන බඹසර හැසිරෙයි නම්, එනම් ‘මම් මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. අන්‍ය වූ දෙවිකෙනෙක් හෝ වන්නෙමි’ යි. එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින්, නිතර කරනු ලබන, දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින්, නිතර කරනු ලබන, දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙය ඔහුගේ සිතෙහි බැඳී ඇති පස්වෙනි බන්ධනය යි.

පඤ්චින්ද්‍රියානි: චක්ඛුන්ද්‍රියං, සෝතින්ද්‍රියං, ඝානින්ද්‍රියං, ජිව්හින්ද්‍රියං, කායින්ද්‍රියං.

ඉන්ද්‍රිය පසකි. ඇස යනු ඉන්ද්‍රියකි. කන යනු ඉන්ද්‍රියකි. නාසය යනු ඉන්ද්‍රියකි. දිව යනු ඉන්ද්‍රියකි. කය යනු ඉන්ද්‍රියකි.

අපරානි පි පඤ්චින්ද්‍රියානි: සුඛින්ද්‍රියං, දුක්ඛින්ද්‍රියං, සෝමනස්සින්ද්‍රියං, දෝමනස්සින්ද්‍රියං, උපෙක්ඛින්ද්‍රියං.

තවත් ඉන්ද්‍රිය පසකි. සැපය යනු ඉන්ද්‍රියකි. දුක යනු ඉන්ද්‍රියකි. සොම්නස යනු ඉන්ද්‍රියකි. දොම්නස යනු ඉන්ද්‍රියකි. උපේක්ෂාව යනු ඉන්ද්‍රියකි.

අපරානි පි පඤ්චින්ද්‍රියානි: සද්ධින්ද්‍රියං, විරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං.

තවත් ඉන්ද්‍රිය පසකි. ශ්‍රද්ධාව යනු ඉන්ද්‍රියකි. වීර්යය යනු ඉන්ද්‍රියකි. සිහිය යනු ඉන්ද්‍රියකි. සමාධිය යනු ඉන්ද්‍රියකි. ප්‍රඥාව යනු ඉන්ද්‍රියකි.

පඤ්ච නිස්සරණියා ධාතුයෝ: ඉධාවුසෝ භික්ඛුනෝ කාමේ මනසිකරෝතෝ කාමේසු චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. නෙක්ඛම්මං ඛෝ පනස්ස මනසිකරෝතෝ නෙක්ඛම්මේ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං කාමේහි, යේ ච කාමප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තෝ සෝ තේහි, න සෝ තං වේදනං වේදේති, ඉදමක්ඛාතං කාමානං නිස්සරණං.

නිස්සරණීය ධාතු පසකි.

ඇවැත්නි, මෙහිලා භික්ෂුව හට කාමයන් මෙනෙහි කරද්දී කාමයන් තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට කාමයන්ගෙන් නික්මීම වූ අසුභය මෙනෙහි කරද්දී ඒ නෙක්ඛම්මයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් නෙක්ඛම්මයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. කාමයන්ගෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් කාමයන්ගෙන් විසංයුක්ත වූයේ ය. කාමයන් හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ කාම වේදනාව නොවිඳියි. මේ අසුභ සමාධිය කාමයන්ගේ නික්ම යෑම යැයි කියන ලදී.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ බ්‍යාපාදං මනසිකරෝතෝ බ්‍යාපාදේ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අබ්‍යාපාදං ඛෝ පනස්ස මනසිකරෝතෝ අබ්‍යාපාදේ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං බ්‍යාපාදේන. යේ ච බ්‍යාපාදපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා මුත්තෝ සෝ තේහි. න සෝ තං වේදනං වේදේති. ඉදමක්ඛාතං බ්‍යාපාදස්ස නිස්සරණං.

තව ද ඇවැත්නි, භික්ෂුව හට ද්වේෂය මෙනෙහි කරද්දී ද්වේෂය තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට ද්වේෂයෙන් නික්මීම වූ මෛත්‍රිය මෙනෙහි කරද්දී ඒ මෛත්‍රියෙහි සිත බැස ගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් මෛත්‍රියට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. ද්වේෂයෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් ද්වේෂයෙන් විසංයුක්ත වූයේ ය. ද්වේෂය හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ ද්වේෂ වේදනාව නොවිඳියි. මේ මෛත්‍රී සමාධිය ද්වේෂයෙන් නික්ම යෑම යැයි කියන ලදී.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ විහේසං මනසිකරෝතෝ විහේසාය චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අවිහේසං ඛෝ පනස්ස මනසිකරෝතෝ අවිහේසාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං විහේසාය. යේ ච විහේසප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තෝ සෝ තේහි. න සෝ තං වේදනං වේදේති. ඉදමක්ඛාතං විහේසාය නිස්සරණං.

තව ද ඇවැත්නි, භික්ෂුව හට හිංසාව මෙනෙහි කරද්දී හිංසාව තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට හිංසාවෙන් නික්මීම වූ කරුණාව මෙනෙහි කරද්දී ඒ කරුණාවෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් කරුණාවට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. හිංසාවෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් හිංසාවෙන් විසංයුක්ත වූයේ ය. හිංසාව හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ හිංසා වේදනාව නොවිඳියි. මේ කරුණා සමාධිය හිංසාවෙන් නික්ම යෑම යැයි කියන ලදී.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ රූපේ මනසිකරෝතෝ රූපේසු චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අරූපං ඛෝ පනස්ස මනසිකරෝතෝ අරූපේ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං රූපේහි. යේ ච රූපප්පච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තෝ සෝ තේහි න සෝ තං වේදනං වේදේති. ඉදමක්ඛාතං රූපානං නිස්සරණං.

තව ද ඇවැත්නි, භික්ෂුව හට රූපයන් මෙනෙහි කරද්දී රූපයන් තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට රූපයෙන් නික්මීම වූ අරූපය මෙනෙහි කරද්දී ඒ අරූපයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් අරූපයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. රූපයෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් රූපයෙන් විසංයුක්ත වූයේ ය. රූපය හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ රූප වේදනාව නොවිඳියි. මේ අරූප සමාධිය රූපයෙන් නික්ම යෑම යැයි කියන ලදී.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ සක්කායං මනසිකරෝතෝ සක්කායේ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති. සක්කායනිරෝධං ඛෝ පනස්ස මනසිකරෝතෝ සක්කායනිරෝධේ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං සක්කායේන. යේ ච සක්කායපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තෝ සෝ තේහි න සෝ තං වේදනං වේදේති. ඉදමක්ඛාතං සක්කායස්ස නිස්සරණං.

තව ද ඇවැත්නි, භික්ෂුව හට පංච උපාදානස්කන්ධය මෙනෙහි කරද්දී පංච උපාදානස්කන්ධය තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට පංච උපාදානස්කන්ධයෙන් නික්මීම වූ සක්කාය නිරෝධය මෙනෙහි කරද්දී ඒ සක්කාය නිරෝධයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් සක්කාය නිරෝධයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. පංච උපාදානස්කන්ධයෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් පංච උපාදානස්කන්ධයෙන් විසංයුක්ත වූයේ ය. පංච උපාදානස්කන්ධය හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ පංච උපාදානස්කන්ධ වේදනාව නොවිඳියි. මේ සක්කාය නිරෝධය සක්කායෙන් නික්ම යෑම යැයි කියන ලදී.

පඤ්ච විමුත්තායතනානි: ඉධාවුසෝ භික්ඛුනෝ සත්ථා ධම්මං දේසේති අඤ්ඤතරෝ වා ගරුට්ඨානිකෝ සබ්‍රහ්මචාරී. යථා යථා ආවුසෝ භික්ඛුනෝ සත්ථා ධම්මං දේසේති අඤ්ඤතරෝ වා ගරුට්ඨානිකෝ සබ්‍රහ්මචාරී, තථා තථා සෝ තස්මිං ධම්මේ අත්ථප්පටිසංවේදී ච හෝති ධම්මපටිසංවේදී ච. තස්ස අත්ථප්පටිසංවේදිනෝ ධම්මප්පටිසංවේදිනෝ පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති. පස්සද්ධකායෝ සුඛං වේදේති, සුඛිනෝ චිත්තං සමාධියති. ඉදං පඨමං විමුත්තායතනං.

විමුක්තායතන පසකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා කරති. ඇවැත්නි, ඒ භික්ෂුවට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ යම් යම් අයුරින් ධර්මය දේශනා කරත් ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ ද වෙයි. ධර්මය මැනැවින් දන්නේ ද වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. පළමු විමුත්තායතනය මෙය යි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ න හේව ඛෝ සත්ථා ධම්මං දේසේති අඤ්ඤතරෝ වා ගරුට්ඨානිකෝ සබ්‍රහ්මචාරී. අපි ච ඛෝ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන පරේසං දේසේති. යථා යථා ආවුසෝ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන පරේසං දේසේති, තථා තථා සෝ තස්මිං ධම්මේ අත්ථප්පටිසංවේදී ච හෝති ධම්මප්පටිසංවේදී ච. තස්ස අත්ථපටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදේති, සුඛිනෝ චිත්තං සමාධියති. ඉදං දුතියං විමුත්තායතනං.

(2). තව ද ඇවැත්නි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. වැලිදු යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ අයුරින් ඒ ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරයි. ඇවැත්නි, භික්ෂුව යම් අයුරින් අසන ලද්දේ ද, යම් අයුරින් පිරිවහන ලද්දේ ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ ද වෙයි. ධර්මය මැනැවින් දන්නේ ද වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. දෙවන විමුත්තායතනය මෙය යි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ න හේව ඛෝ සත්ථා ධම්මං දේසේති අඤ්ඤතරෝ වා ගරුට්ඨානිකෝ සබ්‍රහ්මචාරී. නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන පරේසං දේසේති, අපි ච ඛෝ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන සජ්ඣායං කරෝති, යථා යථාවුසෝ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන සජ්ඣායං කරෝති, තථා තථා සෝ තස්මිං ධම්මේ අත්ථපටිසංවේදී ච හෝති ධම්මපටිසංවේදී ච. තස්ස අත්ථපටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදේති, සුඛිනෝ චිත්තං සමාධියති. ඉදං තතියං විමුත්තායතනං.

(3). තව ද ඇවැත්නි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා ද නොකරයි. වැලිදු යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි. ඇවැත්නි, භික්ෂුව යම් අයුරකින් අසන ලද, යම් අයුරකින් ඉගෙන ගත් ධර්මය යම් යම් අයුරින් විස්තර වශයෙන් සජ්ඣායනා කරයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ ද වෙයි. ධර්මය මැනැවින් දන්නේ ද වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. තුන්වන විමුත්තායතනය මෙය යි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ න හේව ඛෝ සත්ථා ධම්මං දේසේති අඤ්ඤතරෝ වා ගරුට්ඨානිකෝ සබ්‍රහ්මචාරී. නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන පරේසං දේසේති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන සජ්ඣායං කරෝති, අපි ච ඛෝ යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති. යථා යථා ආවුසෝ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති, තථා තථා සෝ තස්මිං ධම්මේ අත්ථපටිසංවේදී ච හෝති ධම්මපටිසංවේදී ච. තස්ස අත්ථපටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදේති, සුඛිනෝ චිත්තං සමාධියති. ඉදං චතුත්ථං විමුත්තායතනං.

(4). තව ද ඇවැත්නි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා ද නොකරයි. යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා ද නොකරයි. වැලිදු යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ අයුරින් ධර්මය සිතින් නැවත නැවත මෙනෙහි කරයි. නැවත නැවත විචාරයි. නුවණින් විමසයි. ඇවැත්නි, භික්ෂුව යම් අයුරකින් අසන ලද, යම් අයුරකින් ඉගෙන ගත් ධර්මය යම් යම් අයුරින් සිතින් නැවත නැවත මෙනෙහි කරයි ද, නැවත නැවත විචාරයි ද, නුවණින් විමසයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ ද වෙයි. ධර්මය මැනැවින් දන්නේ ද වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. සිව්වෙනි විමුත්තායතනය මෙය යි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ න හේව ඛෝ සත්ථා ධම්මං දේසේති අඤ්ඤතරෝ වා ගරුට්ඨානිකෝ සබ්‍රහ්මචාරී. නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන පරේසං දේසේති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන සජ්ඣායං කරෝති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති, අපි ච ඛ්වස්ස අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකතං, සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය, යථා යථා ආවුසෝ භික්ඛුනෝ අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය, තථා තථා සෝ තස්මිං ධම්මේ අත්ථපටිසංවේදී ච හෝති ධම්මපටිසංවේදී ච. තස්ස අත්ථපටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායෝ පස්සම්භති, පස්සද්ධකායෝ සුඛං වේදේති, සුඛිනෝ චිත්තං සමාධියති. ඉදං පඤ්චමං විමුත්තායතනං.

(5). තව ද ඇවැත්නි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා ද නොකරයි. යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා ද නොකරයි. යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ අයුරින් ධර්මය සිතින් නැවත නැවත මෙනෙහි නොකරයි. නැවත නැවත නොවිචාරයි. නුවණින් නොවිමසයි. වැලිදු ඔහු විසින් එක්තරා සමාධි නිමිත්තක් මැනැවින් ඇති කරගත්තේ වෙයි. හොඳින් මෙනෙහි කරන ලද්දේ වෙයි. හොඳින් දරා ගන්නා ලද්දේ වෙයි. ප්‍රඥාවෙන් මැනැවින් අවබෝධ කරන ලද්දේ වෙයි. ඇවැත්නි, භික්ෂුව යම් යම් අයුරකින් එක්තරා සමාධි නිමිත්තක් මැනැවින් ඇති කරගත්තේ වෙයි ද, හොඳින් මෙනෙහි කරන ලද්දේ වෙයි ද, හොඳින් දරා ගන්නා ලද්දේ වෙයි ද, ප්‍රඥාවෙන් මැනැවින් අවබෝධ කරන ලද්දේ වෙයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ ද වෙයි. ධර්මය මැනැවින් දන්නේ ද වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. පස්වෙනි විමුත්තායතනය මෙය යි.

පඤ්ච විමුත්තිපරිපාචනියා සඤ්ඤා: අනිච්චසඤ්ඤා, අනිච්චේ දුක්ඛසඤ්ඤා, දුක්ඛේ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා.

විමුක්තිය පිණිස නුවණ මේරීමට පවතින සංඥා පසකි. අනිත්‍ය සංඥාව ය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ය, දුක්ඛයෙහි අනාත්ම සංඥාව ය, ප්‍රහාණ සංඥාව ය, විරාග සංඥාව ය.

ඉමේ ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන පඤ්ච ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, මේ වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද පසක් බැගින් වූ ධර්මයෝ ය. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

[ ඡක්කං ]

12. අත්ථි ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඡ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. කතමේ ඡ:

ඇවැත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද සය බැගින් වූ ධර්මයෝ ඇත්තාහ. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ වෙයි ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු ය. වාද විවාද නොකළ යුතු ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය. ඒ සයක් බැගින් වූ ධර්මයෝ කවරහු ද?

ඡ අජ්ඣත්තිකානි ආයතනානි: චක්ඛායතනං, සෝතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං.

එනම්; ආධ්‍යාත්මික ආයතන සයකි. ඇස ආයතනයකි. කන ආයතනයකි. නාසය ආයතනයකි. දිව ආයතනයකි. කය ආයතනයකි. මනස ආයතනයකි.

ඡ බාහිරානි ආයතනානි: රූපායතනං, සද්දායතනං, ගන්ධායතනං, රසායතනං, ඵොට්ඨබ්බායතනං, ධම්මායතනං.

බාහිර ආයතන සයකි. රූප ආයතනයකි. ශබ්ද ආයතනයකි. ගන්ධ ආයතනයකි. රස ආයතනයකි. පහස ආයතනයකි. අරමුණු ආයතනයකි.

ඡ විඤ්ඤාණකායා: චක්ඛුවිඤ්ඤාණං, සෝතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනෝවිඤ්ඤාණං.

විඤ්ඤාණකාය සයකි. ඇසේ විඤ්ඤාණය ය. කනේ විඤ්ඤාණය ය. නාසයේ විඤ්ඤාණය ය. දිවේ විඤ්ඤාණය ය. කයේ විඤ්ඤාණය ය. මනසේ විඤ්ඤාණය ය.

ඡ ඵස්සකායා: චක්ඛුසම්ඵස්සෝ, සෝතසම්ඵස්සෝ, ඝානසම්ඵස්සෝ, ජිව්හාසම්ඵස්සෝ, කායසම්ඵස්සෝ, මනෝසම්ඵස්සෝ.

ස්පර්ශකාය සයකි. ඇසේ ස්පර්ශය ය. කනේ ස්පර්ශය ය. නාසයේ ස්පර්ශය ය. දිවේ ස්පර්ශය ය. කයේ ස්පර්ශය ය. මනසේ ස්පර්ශය ය.

ඡ වේදනාකායා: චක්ඛුසම්ඵස්සජා වේදනා, සෝතසම්ඵස්සජා වේදනා, ඝානසම්ඵස්සජා වේදනා, ජිව්හාසම්ඵස්සජා වේදනා, කායසම්ඵස්සජා වේදනා, මනෝසම්ඵස්සජා වේදනා.

වේදනාකාය සයකි. ඇසේ ස්පර්ශයෙන් උපන් වේදනාව ය. කනේ ස්පර්ශයෙන් උපන් වේදනාව ය. නාසයේ ස්පර්ශයෙන් උපන් වේදනාව ය. දිවේ ස්පර්ශයෙන් උපන් වේදනාව ය. කයේ ස්පර්ශයෙන් උපන් වේදනාව ය. මනසේ ස්පර්ශයෙන් උපන් වේදනාව ය.

ඡ සඤ්ඤාකායා: රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්ධසඤ්ඤා, රසසඤ්ඤා, ඵොට්ඨබ්බසඤ්ඤා, ධම්මසඤ්ඤා.

සංඥාකාය සයකි. රූප සංඥා ය. ශබ්ද සංඥා ය. ගන්ධ සංඥා ය. රස සංඥා ය. පහස සංඥා ය. අරමුණු සංඥා ය.

ඡ සඤ්චේතනාකායා: රූපසඤ්චේතනා, සද්දසඤ්චේතනා, ගන්ධසඤ්චේතනා, රසසඤ්චේතනා, ඵොට්ඨබ්බසඤ්චේතනා, ධම්මසඤ්චේතනා.

සංචේතනාකාය සයකි. රූප පිළිබඳ ව චේතනා පහළ කිරීම ය. ශබ්ද පිළිබඳ ව චේතනා පහළ කිරීම ය. ගන්ධ පිළිබඳ ව චේතනා පහළ කිරීම ය. රස පිළිබඳ ව චේතනා පහළ කිරීම ය. පහස පිළිබඳ ව චේතනා පහළ කිරීම ය. අරමුණු පිළිබඳ ව චේතනා පහළ කිරීම ය.

ඡ තණ්හාකායා: රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා.

තණ්හාකාය සයකි. රූප තණ්හාව ය. ශබ්ද තණ්හාව ය. ගන්ධ තණ්හාව ය. රස තණ්හාව ය. පහස තණ්හාව ය. අරමුණු තණ්හාව ය.

ඡ අගාරවා: ඉධාවුසෝ භික්ඛු සත්ථරි අගාරවෝ විහරති අප්පතිස්සවෝ, ධම්මේ අගාරවෝ විහරති අප්පතිස්සවෝ, සංඝේ අගාරවෝ විහරති අප්පතිස්ස්වෝ, සික්ඛාය අගාරවෝ විහරති අප්පතිස්සවෝ, අප්පමාදේ අගාරවෝ විහරති අප්පතිස්සවෝ, පටිසන්ථාරේ අගාරවෝ විහරති අප්පතිස්සවෝ.

අගෞරව සයකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව, යටහත් පැවැතුම් නැති ව වාසය කරයි. ධර්මය කෙරෙහි ගෞරව නැති ව, යටහත් පැවැතුම් නැති ව වාසය කරයි. සංඝයා කෙරෙහි ගෞරව නැති ව, යටහත් පැවැතුම් නැති ව වාසය කරයි. ශික්ෂාව කෙරෙහි ගෞරව නැති ව, යටහත් පැවැතුම් නැති ව වාසය කරයි. අප්‍රමාදය කෙරෙහි ගෞරව නැති ව, යටහත් පැවැතුම් නැති ව වාසය කරයි. දහම් පිළිසඳර කෙරෙහි ගෞරව නැති ව, යටහත් පැවැතුම් නැති ව වාසය කරයි.

ඡ ගාරවා: ඉධාවුසෝ භික්ඛු සත්ථරි සගාරවෝ විහරති සප්පතිස්සවෝ, ධම්මේ සගාරවෝ විහරති සප්පතිස්සවෝ, සංඝේ සගාරවෝ විහරති සප්පතිස්සවෝ, සික්ඛාය සගාරවෝ විහරති සප්පතිස්සවෝ, අප්පමාදේ සගාරවෝ විහරති සප්පතිස්සවෝ, පටිසන්ථාරේ සගාරවෝ විහරති සප්පතිස්සවෝ.

ගෞරව සයකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව, යටහත් පැවැතුම් ඇති ව වාසය කරයි. ධර්මය කෙරෙහි ගෞරව ඇති ව, යටහත් පැවැතුම් ඇති ව වාසය කරයි. සංඝයා කෙරෙහි ගෞරව ඇති ව, යටහත් පැවැතුම් ඇති ව වාසය කරයි. ශික්ෂාව කෙරෙහි ගෞරව ඇති ව, යටහත් පැවැතුම් ඇති ව වාසය කරයි. අප්‍රමාදය කෙරෙහි ගෞරව ඇති ව, යටහත් පැවැතුම් ඇති ව වාසය කරයි. දහම් පිළිසඳර කෙරෙහි ගෞරව ඇති ව, යටහත් පැවැතුම් ඇති ව වාසය කරයි.

ඡ සෝමනස්සූපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය සෝමනස්සට්ඨානියං ධම්මං උපවිචරති.

සොම්නස් උපවිචාර සයකි. ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ ඒ රූපය ගැන නැවත නැවත සිතයි. කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැන ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණු දැන සොම්නසට කරුණු වූ ඒ අරමුණු ගැන නැවත නැවත සිතයි.

ඡ දෝමනස්සූපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා දෝමනස්සට්ඨානියං රූපං උපවිචරති ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය දෝමනස්සට්ඨානියං ධම්මං උපවිචරති.

දොම්නස් උපවිචාර සයකි. ඇසින් රූපයක් දැක දොම්නසට කරුණු වූ ඒ රූපය ගැන නැවත නැවත සිතයි. කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැන ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණු දැන දොම්නසට කරුණු වූ ඒ අරමුණු ගැන නැවත නැවත සිතයි.

ඡ උපෙක්ඛූපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා උපෙක්ඛාඨානියං රූපං උපවිචරති ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය උපෙක්ඛාඨානියං ධම්මං උපවිචරති.

උපේක්ෂා උපවිචාර සයකි. ඇසින් රූපයක් දැක උපේක්ෂාවට කරුණු වූ ඒ රූපය ගැන නැවත නැවත සිතයි. කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැන ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණු දැන උපේක්ෂාවට කරුණු වූ ඒ අරමුණු ගැන නැවත නැවත සිතයි.

ඡ සාරාණීයා ධම්මා: ඉධාවුසෝ භික්ඛුනෝ මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ, සංගහාය අවිවාදාය අවිහේසාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තති.

සිහි කටයුතු ධර්ම සයකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව හට සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරිපිට ත්, නැති විට ත් මෛත්‍රී සහගත කායික ක්‍රියාවන් හොඳින් පිහිටියේ වෙයි. මෙය ද ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එක් වීම පිණිස පවතින, විවාද නොවීම පිණිස පවතින, සමඟිය පිණිස පවතින, සුව සේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ මෙත්තං වචීකම්මං ….(පෙ)….

(2). තව ද ඇවැත්නි, භික්ෂුව හට සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරිපිට ත්, නැති විට ත් මෛත්‍රී සහගත වචන භාවිතය ….(පෙ)….

මෙත්තං මනෝකම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝ ච, අයම්පි ධම්මෝ සාරාණීයෝ ….(පෙ)…. ඒකීභාවාය සංවත්තති.

(3). මෛත්‍රී සහගත සිතුවිලි හොඳින් පිහිටියේ වෙයි. මෙය ද ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එක් වීම පිණිස පවතින, විවාද නොවීම පිණිස පවතින, සමඟිය පිණිස පවතින, සුව සේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ යේ තේ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසෝ පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපේහි ලාභේහි අප්පටිවිභත්තභෝගී හෝති සීලවන්තේහි සබ්‍රහ්මචාරීහි සාධාරණභෝගී, අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ, සංගහාය අවිවාදාය අවිහේසාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තති.

(4). තව ද ඇවැත්නි, භික්ෂුවක් ධාර්මික ව දැහැමින් ලද යම් ඒ ලාභයන් ඇද්ද, අඩුගණනේ තම පාත්‍රයට ලැබුණු යමක් ඇද්ද, එබඳු වූ ලද දෙයක් සම සේ බෙදා වළඳන සුළු වූයේ වෙයි. සිල්වත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සැමට සාධාරණ ව බෙදා වළඳන සුළු වූයේ වෙයි. මෙය ද ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එක් වීම පිණිස පවතින, විවාද නොවීම පිණිස පවතින, සමඟිය පිණිස පවතින, සුව සේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි.

පුන ච පරං ආවුසෝ භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි තථාරූපේසු සීලේසු සීලසාමඤ්ඤගතෝ විහරති සබ්‍රහ්මචාරීහි ආවී චේව රහෝ ච, අයම්පි ධම්මෝ සාරණීයෝ ….(පෙ)…. ඒකීභාවාය සංවත්තති.

(5). තව ද ඇවැත්නි, භික්ෂුවක් යම් ඒ සිල්පද ඇද්ද, කඩ නොවූ ත්, සිදුරු නොවූ ත්, කැලැල් නොවූ ත්, පැල්ලම් නොවූ ත්, තෘෂ්ණාදාස බවට පත් නොවූ ත්, නුවණැත්තන්ගේ පැසසුමට ලක්වන්නා වූ ත්, දෘෂ්ටි ග්‍රහණයට හසු නොවූ ත්, සමාධිය පිණිස පවතින්නා වූ ත් සිල්පද ඇද්ද, එබඳු වූ සීලයෙන් යුතුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත් සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයි. මෙය ද ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එක් වීම පිණිස පවතින, විවාද නොවීම පිණිස පවතින, සමඟිය පිණිස පවතින, සුව සේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි.

පුන ච පරං ආවුසෝ භික්ඛු යායං දිට්ඨි අරියා නිය්‍යාණිකා නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතෝ විහරති සබ්‍රහ්මචාරීහි ආවී චේව රහෝ ච. අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ, සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තති.

(6). තව ද ඇවැත්නි, භික්ෂුවක් යම් මේ දෘෂ්ටියක් ආර්ය වෙයි ද, නිවන පිණිස පවතියි ද, එයින් යුක්ත වූවහුට මැනැවින් දුක් ගෙවා යයි නම්, එබඳු වූ දෘෂ්ටියකින් යුතුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත් දෘෂ්ටියෙන් සමාන බවට පැමිණ වාසය කරයි. මෙය ද ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එක් වීම පිණිස පවතින, විවාද නොවීම පිණිස පවතින, සමඟිය පිණිස පවතින, සුව සේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි.

ඡ විවාදමූලානි: ඉධාවුසෝ භික්ඛු කෝධනෝ හෝති උපනාහී. යෝ සෝ ආවුසෝ භික්ඛු කෝධනෝ හෝති උපනාහී, සෝ සත්ථරි පි අගාරවෝ විහරති අප්පතිස්සවෝ, ධම්මේ පි අගාරවෝ විහරති අප්පතිස්සවෝ, සංඝේ පි අගාරවෝ විහරති අප්පතිස්සවෝ, සික්ඛාය පි න පරිපූරකාරී හෝති.

විවාදයන්ට මුල් වන කරුණු සයකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව ක්‍රෝධයෙන් යුක්ත වූයේ, බද්ධ වෛර ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් ක්‍රෝධයෙන් යුක්ත ව බද්ධ වෛරී ව සිටියි නම්, හේ ශාස්තෘන් වහන්සේට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. ධර්මයට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. සංඝයාට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. ශික්ෂාව ත් පිරිපුන් නොකරන්නේ වෙයි.

යෝ සෝ ආවුසෝ භික්ඛු සත්ථරි අගාරවෝ විහරති අප්පතිස්සවෝ, ධම්මේ ….(පෙ)…. සංඝේ ….(පෙ)…. සික්ඛාය න පරිපූරකාරී, සෝ සංඝේ විවාදං ජනේති, යෝ හෝති විවාදෝ බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. ඒවරූපඤ්චේ තුම්හේ ආවුසෝ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාථ, තත්‍ර තුම්හේ ආවුසෝ තස්සේව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්‍යාථ. ඒවරූපඤ්චේ තුම්හේ ආවුසෝ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාථ, තත්‍ර තුම්හේ ආවුසෝ තස්සේව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්‍යාථ, ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හෝති. ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවෝ හෝති.

ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේට ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, ධර්මයට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, සංඝයාට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, ශික්ෂාව ත් පිරිපුන් නොකරන්නේ වෙයි ද, යම් විවාදයක් බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට දුක් පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙව් මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස හේතු වෙයි ද, සංඝයා මැද ඒ විවාදය උපදවන්නේ ඔහු ය.

ඇවැත්නි, ඉදින් ඔබ විවාදයට මුල් වූ මෙබඳු වූ දෙයක් තමන් තුළ වේවා, බාහිර පිරිස තුළ වේවා දකින්නහු නම්, ඇවැත්නි, ඔබ ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය කිරීමට වීර්යය කරව්. ඇවැත්නි, ඉදින් ඔබ විවාදයට මුල් වූ මෙබඳු වූ දෙයක් තමන් තුළ වේවා, බාහිර පිරිස තුළ වේවා නොදකින්නහු නම්, ඇවැත්නි, ඔබ ඒ පවිටු විවාද මූලය අනාගතයෙහි ත් හටනොගැනීම පිණිස පිළිපදිව්. මේ අයුරින් ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය වෙයි. මේ අයුරින් ඒ පවිටු විවාද මූලය අනාගතයෙහි නූපදීම වෙයි.

පුන ච පරං ආවුසෝ භික්ඛු මක්ඛී හෝති පලාසී ….(පෙ)…. ඉස්සුකී හෝති මච්ඡරී ….(පෙ)…. සඨෝ හෝති මායාවී ….(පෙ)…. පාපිච්ඡෝ හෝති මිච්ඡාදිට්ඨී ….(පෙ)…. සන්දිට්ඨිපරාමාසී හෝති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. යෝ සෝ ආවුසෝ භික්ඛු සන්දිට්ඨිපරාමාසී හෝති ආධානගාහී දුප්පටිනිස්සග්ගී, සෝ සත්ථරි පි අගාරවෝ විහරති අප්පතිස්සවෝ, ධම්මේ පි අගාරවෝ විහරති අප්පතිස්සවෝ, සංඝේ පි අගාරවෝ විහරති අප්පතිස්සවෝ, සික්ඛාය පි න පරිපූරකාරී හෝති. යෝ සෝ ආවුසෝ භික්ඛු සත්ථරි අගාරවෝ විහරති අප්පතිස්සවෝ, ධම්මේ අගාරවෝ විහරති අප්පතිස්සවෝ, සංඝේ අගාරවෝ විහරති අප්පතිස්සවෝ, සික්ඛාය න පරිපූරකාරී, සෝ සංඝේ විවාදං ජනේති, යෝ හෝති විවාදෝ බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. ඒවරූපං චේ තුම්හේ ආවුසෝ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාථ, තත්‍ර තුම්හේ ආවුසෝ තස්සේව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්‍යාථ. ඒවරූපං චේ තුම්හේ ආවුසෝ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාථ, තත්‍ර තුම්හේ ආවුසෝ තස්සේව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්‍යාථ. ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හෝති, ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවෝ හෝති.

(2). තව ද ඇවැත්නි, භික්ෂුව ගුණමකු වූයේ, එකටඑක කරන්නේ වෙයි. ….(පෙ)….

(3). ඊර්ෂ්‍යා කරන්නේ, මසුරු වූයේ වෙයි. ….(පෙ)….

(4). වංචා ඇත්තේ, මායා ඇත්තේ වෙයි. ….(පෙ)….

(5). පවිටු ආශා ඇත්තේ, මිසදිටු ගත්තේ වෙයි. ….(පෙ)….

(6). තම දෘෂ්ටිය ම දැඩි ව ගත්තේ, තමා දැඩි ව ගත් වැරදි මතය බැහැර නොකළ හැක්කේ වෙයි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් තම දෘෂ්ටිය දැඩි ව ගෙන, තමා ගත් වැරදි මතය බැහැර නොකර සිටියි නම්, හේ ශාස්තෘන් වහන්සේට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. ධර්මයට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. සංඝයාට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. ශික්ෂාව ත් පිරිපුන් නොකරන්නේ වෙයි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේට ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, ධර්මයට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, සංඝයාට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, ශික්ෂාව ත් පිරිපුන් නොකරන්නේ වෙයි ද, යම් විවාදයක් බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට දුක් පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙව් මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස හේතු වෙයි ද, සංඝයා මැද විවාදය උපදවන්නේ ඔහු ය.

ඇවැත්නි, ඉදින් ඔබ විවාදයට මුල් වූ මෙබඳු වූ දෙයක් තමන් තුළ වේවා, බාහිර පිරිස තුළ වේවා දකින්නහු නම්, ඇවැත්නි, ඔබ ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය කිරීමට වීර්යය කරව්. ඇවැත්නි, ඉදින් ඔබ විවාදයට මුල් වූ මෙබඳු වූ දෙයක් තමන් තුළ වේවා, බාහිර පිරිස තුළ වේවා නොදකින්නහු නම්, ඇවැත්නි, ඔබ ඒ පවිටු විවාද මූලය අනාගතයෙහි ත් හටනොගැනීම පිණිස පිළිපදිව්. මේ අයුරින් ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය වෙයි. මේ අයුරින් ඒ පවිටු විවාද මූලය අනාගතයෙහි නූපදීම වෙයි.

ඡ ධාතුයෝ: පඨවීධාතු, ආපෝධාතු ,තේජෝධාතු, වායෝධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු.

ධාතු සයකි. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාස ධාතු, විඤ්ඤාණ ධාතු ය.

ඡ නිස්සරණියා ධාතුයෝ: ඉධාවුසෝ භික්ඛු ඒවං වදෙය්‍ය: මෙත්තා හි ඛෝ මේ ආවුසෝ චේතෝවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. අථ ච පන මේ බ්‍යාපාදෝ චිත්තං පරියාදාය තිට්ඨතී’ති, සෝ මා හේවන්ති’ස්ස වචනීයෝ, මා’යස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං මෙත්තාය චේතෝවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස බ්‍යාපාදෝ චිත්තං පරියාදාය ඨස්සතී’ති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ බ්‍යාපාදස්ස යදිදං මෙත්තා චේතෝවිමුත්තී’ති.

නිස්සරණීය ධාතු සයකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ඇවැත්නි, ‘මවිසින් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් ද්වේෂය මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී ද්වේෂය ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ මෛත්‍රී චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය ද්වේෂයෙන් නිදහස් වීම ම ය.’

ඉධ පනාවුසෝ භික්ඛු ඒවං වදෙය්‍ය: කරුණා හි ඛෝ මේ ආවුසෝ චේතෝවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මේ විහේසා චිත්තං පරියාදාය තිට්ඨතී’ති, සෝ මා හේවන්ති’ස්ස වචනීයෝ මා’යස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං කරුණාය චේතෝවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස විහේසා චිත්තං පරියාදාය ඨස්සතීති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ විහේසාය යදිදං කරුණා චේතෝවිමුත්ති.

(2). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘ඇවැත්නි, මවිසින් කරුණා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් හිංසාව මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් කරුණා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී හිංසාව ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ කරුණා චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය හිංසාවෙන් නිදහස් වීම ම ය.’

ඉධාවුසෝ භික්ඛු ඒවං වදෙය්‍ය: මුදිතා හි ඛෝ මේ ආවුසෝ චේතෝවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මේ අරති චිත්තං පරියාදාය තිට්ඨතී’ති, සෝ මා හේවන්ති’ස්ස වචනීයෝ, මා’යස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං මුදිතාය චේතෝවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස අරති චිත්තං පරියාදාය ඨස්සතීති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ අරතියා, යදිදං මුදිතා චේතෝවිමුත්ති.

(3). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘ඇවැත්නි, මවිසින් මුදිතා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් අරතිය මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් මුදිතා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී අරතිය ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ මුදිතා චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය අරතියෙන් නිදහස් වීම ම ය.’

ඉධ පනාවුසෝ භික්ඛු ඒවං වදෙය්‍ය: උපෙක්ඛා හි ඛෝ මේ ආවුසෝ චේතෝවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මේ රාගෝ චිත්තං පරියාදාය තිට්ඨතී’ති, සෝ මා හේවන්ති’ස්ස වචනීයෝ, මා’යස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං උපෙක්ඛාය චේතෝවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස රාගෝ චිත්තං පරියාදාය ඨස්සතීති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ රාගස්ස, යදිදං උපෙක්ඛා චේතෝවිමුත්ති.

(4). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘ඇවැත්නි, මවිසින් උපේක්ෂා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් රාගය මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් උපේක්ෂා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී රාගය ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ උපේක්ෂා චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය රාගයෙන් නිදහස් වීම ම ය.’

ඉධාවුසෝ භික්ඛු ඒවං වදෙය්‍ය: අනිමිත්තා හි ඛෝ මේ ආවුසෝ චේතෝවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මේ තං නිමිත්තානුසාරි විඤ්ඤාණං හෝතී’ති, සෝ මා හේවන්ති’ස්ස වචනීයෝ, මා’යස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං අනිමිත්තාය චේතෝවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය, පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස නිමිත්තානුසාරි විඤ්ඤාණං භවිස්සතීති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ සබ්බනිමිත්තානං යදිදං අනිමිත්තා චේතෝවිමුත්ති.

(5). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘ඇවැත්නි, මවිසින් අනිමිත්ත චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් මාගේ විඤ්ඤාණය නිමිති ඇසුරු කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් අනිමිත්ත චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී නිමිත්තානුසාරී විඤ්ඤාණය පවතින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ අනිමිත්ත චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය සියළු නිමිති වලින් නිදහස් වීම ම ය.’

ඉධ පනාවුසෝ භික්ඛු ඒවං වදෙය්‍ය: අස්මීති ඛෝ මේ විගතං අයමහමස්මීති න සමනුපස්සාමි. අථ ච පන මේ විචිකිච්ඡාකථංකථාසල්ලං චිත්තං පරියාදාය තිට්ඨතී’ති, සෝ මා හේවන්ති’ස්ස වචනීයෝ, මා’යස්මා ඒවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතෝ අබ්භක්ඛානං, න හි භගවා ඒවං වදෙය්‍ය. අට්ඨානමේතං ආවුසෝ අනවකාසෝ යං අස්මීති විගතේ අයමහමස්මීති අසමනුපස්සතෝ, අථ ච පනස්ස විචිකිච්ඡාකථංකථාසල්ලං චිත්තං පරියාදාය ඨස්සතීති නේතං ඨානං විජ්ජති. නිස්සරණං හේතං ආවුසෝ විචිකිච්ඡාකථංකථාසල්ලස්ස, යදිදං අස්මීති මානස්ස සමුග්ඝාතෝ.

(6). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘මම වෙමි යි යන හැඟීම මා තුළින් බැහැර විය. මේ මම වෙමි යි කියා කිසිවක් නොදකිමි. එසේ නමුත් සැක කටයුතු වූ කෙසේ ද කෙසේ ද යන හුල මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, මම වෙමි යි යන හැඟීම දුරු වූයේ වෙයි ද, මේ මෙම වෙමි යි නොදකින්නේ වෙයි ද, එකල්හි ත් විචිකිච්ඡාවෙන් යුතු කෙසේ ද කෙසේ ද යන සැක හුල ඔහුගේ සිත යටකොට සිටින්නේ යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ ‘මම වෙමි’ යි යන මානය මුළුමනින් ම නැසී යාමක් වෙයි ද, මෙය විචිකිච්ඡාවෙන් යුතු කෙසේ ද කෙසේ ද යන හුලෙන් නිදහස් වීම ම ය.’

ඡ අනුත්තරියානි: දස්සනානුත්තරියං, සවනානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං, අනුස්සතානුත්තරියං.

අනුත්තරිය සයකි. දස්සනානුත්තරිය ය. සවණානුත්තරිය ය. ලාභානුත්තරිය ය. සික්ඛානුත්තරිය ය. පාරිචරියානුත්තරිය ය. අනුස්සතානුත්තරිය ය.

ඡ අනුස්සතිඨානානි: බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති.

සිහි කළ යුතු තැන් සයකි. බුද්ධානුස්සති ය. ධම්මානුස්සති ය. සංඝානුස්සති ය. සීලානුස්සති ය, චාගානුස්සති ය. දේවතානුස්සති ය.

ඡ සතතවිහාරා: ඉධාවුසෝ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ, උපෙක්ඛකෝ ච විහරති සතෝ සම්පජානෝ, සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය නේව සුමනෝ හෝති න දුම්මනෝ, උපෙක්ඛකෝ ච විහරති සතෝ සම්පජානෝ.

නිකෙලෙස් භික්ෂුවට නිතර පවතින විහරණ සයකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව, ඇසින් රූපයක් දැක සතුටු නොවෙයි. නොගැටෙයි. සිහියෙන් නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳක් දැන ….(පෙ)…. දිවෙන් රසයක් දැන ….(පෙ)…. කයෙන් පහසක් ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන සතුටු නොවෙයි. නොගැටෙයි. සිහියෙන් නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි.

ඡළාභිජාතියෝ: ඉධාවුසෝ ඒකච්චෝ කණ්හාභිජාතිකෝ සමානෝ කණ්හං ධම්මං අභිජායති. ඉධාවුසෝ ඒකච්චෝ කණ්හාභිජාතිකෝ සමානෝ සුක්කං ධම්මං අභිජායති. ඉධාවුසෝ ඒකච්චෝ කණ්හාභිජාතිකෝ සමානෝ අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති. ඉධාවුසෝ ඒකච්චෝ සුක්කාභිජාතිකෝ සමානෝ සුක්කං ධම්මං අභිජායති. ඉධාවුසෝ ඒකච්චෝ සුක්කාභිජාතිකෝ සමානෝ කණ්හං ධම්මං අභිජායති. ඉධාවුසෝ ඒකච්චෝ සුක්කාභිජාතිකෝ සමානෝ අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති.

අභිජාති සයකි. ඇවැත්නි, මෙහිලා ඇතැමෙක් කළු උපතක් ලබා කළු ධර්මයක් උපදවයි. ඇවැත්නි, මෙහිලා ඇතැමෙක් කළු උපතක් ලබා සුදු ධර්මයක් උපදවයි. ඇවැත්නි, මෙහිලා ඇතැමෙක් කළු උපතක් ලබා සුදු ත් නොවන කළු ත් නොවන නිර්වාණය උපදවයි. ඇවැත්නි, මෙහිලා ඇතැමෙක් සුදු උපතක් ලබා කළු ධර්මයක් උපදවයි. ඇවැත්නි, මෙහිලා ඇතැමෙක් සුදු උපතක් ලබා සුදු ධර්මයක් උපදවයි. ඇවැත්නි, මෙහිලා ඇතැමෙක් සුදු උපතක් ලබා සුදු ත් නොවන කළු ත් නොවන නිර්වාණය උපදවයි.

ඡ නිබ්බේධභාගියා සඤ්ඤා: අනිච්චසඤ්ඤා, අනිච්චේ දුක්ඛසඤ්ඤා, දුක්ඛේ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරෝධසඤ්ඤා.

තියුණු අවබෝධය ඇති කරවන සංඥා සයකි. අනිත්‍ය සංඥාව ය. අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ය. දුකෙහි අනාත්ම සංඥාව ය. ප්‍රහාණ සංඥාව ය. විරාග සංඥාව ය. නිරෝධ සංඥාව ය.

ඉමේ ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඡ ධම්මා සම්මදක්ඛාතා, තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, මේ වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද සයක් බැගින් වූ ධර්මයෝ ය. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

[ සත්තකං ]

13. අත්ථි ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සත්ත ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද සත බැගින් වූ ධර්මයෝ ඇත්තාහ. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු ය. වාද විවාද නොකළ යුතු ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

කතමේ සත්ත:

ඒ සතක් බැගින් වූ ධර්මයෝ කවරහු ද?

සත්ත අරියධනානි: සද්ධාධනං, සීලධනං, හිරිධනං, ඔත්තප්පධනං, සුතධනං, චාගධනං, පඤ්ඤාධනං.

එනම්; ආර්ය ධන සතකි. ශ්‍රද්ධා ධනය ය. සීල ධනය ය. හිරි ධනය ය. ඔත්තප්ප ධනය ය. සුත ධනය ය. ත්‍යාග ධනය ය. ප්‍රඥා ධනය ය.

සත්ත සම්බොජ්ඣංගා: සතිසම්බොජ්ඣංගෝ, ධම්මවිචයසම්බොජ්ඣංගෝ, විරියසම්බොජ්ඣංගෝ, පීතිසම්බොජ්ඣංගෝ, පස්සද්ධිසම්බොජ්ඣංගෝ, සමාධිසම්බොජ්ඣංගෝ, උපෙක්ඛාසම්බොජ්ඣංගෝ.

සම්බොජ්ඣංග සතකි. සති සම්බොජ්ඣංගය ය. ධම්මවිචය සම්බොජ්ඣංගය ය. විරිය සම්බොජ්ඣංගය ය. පීති සම්බොජ්ඣංගය ය. පස්සද්ධි සම්බොජ්ඣංගය ය. සමාධි සම්බොජ්ඣංගය ය. උපෙක්ඛා සම්බොජ්ඣංගයය.

සත්ත සමාධිපරික්ඛාරා: සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති.

සමාධි පරිෂ්කාර සතකි. සම්මා දිට්ඨිය ය. සම්මා සංකල්පය ය. සම්මා වාචා ය. සම්මා කම්මන්තය ය. සම්මා ආජීව ය. සම්මා වායාම ය. සම්මා සතියය.

සත්ත අසද්ධම්මා: ඉධාවුසෝ භික්ඛු අස්සද්ධෝ හෝති, අහිරිකෝ හෝති, අනොත්තප්පී හෝති, අප්පස්සුතෝ හෝති, කුසීතෝ හෝති, මුට්ඨස්සතී හෝති, දුප්පඤ්ඤෝ හෝති.

අසද්ධර්ම සතකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධා නැත්තේ වෙයි. පවට ලැජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. අල්පශ්‍රැතයෙක් වෙයි. කුසීත වෙයි. මුලා සිහි ඇත්තේ වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.

සත්ත සද්ධම්මා: ඉධාවුසෝ භික්ඛු සද්ධෝ හෝති, හිරිමා හෝති, ඔත්තප්පී හෝති, බහුස්සුතෝ හෝති, ආරද්ධවිරියෝ හෝති, උපට්ඨිතස්සති හෝති, පඤ්ඤවා හෝති.

සද්ධර්ම සතකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධා ඇත්තේ වෙයි. පවට ලැජ්ජා ඇත්තේ වෙයි. පවට භය ඇත්තේ වෙයි. බහුශ්‍රැතයෙක් වෙයි. පටන්ගත් වීරිය ඇත්තෙක් වෙයි. පිහිටුවා ගත් සිහි ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වෙයි.

සත්ත සප්පුරිසධම්මා: ඉධාවුසෝ භික්ඛු ධම්මඤ්ඤූ ච හෝති, අත්ථඤ්ඤූ ච, අත්තඤ්ඤූ ච, මත්තඤ්ඤූ ච, කාලඤ්ඤූ ච, පරිසඤ්ඤූ ච, පුග්ගලඤ්ඤූ ච.

සත්පුරුෂ ධර්ම සතකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව ධර්මය දන්නේ වෙයි. අර්ථ ද දන්නේ වෙයි. තමාගේ දියුණු කළ ගුණ දන්නේ වෙයි. සිව්පසයෙහි අර්ථ දන්නේ වෙයි. ධර්මය ඇසීමට කල් දන්නේ වෙයි. පිරිස දන්නේ වෙයි. ඇසුරු කළ යුතු – නොකළ යුතු පුද්ගලයා දන්නේ වෙයි.

සත්ත නිද්දසවත්ථූනි: ඉධාවුසෝ භික්ඛු සික්ඛාසමාදානේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතිඤ්ච සික්ඛාසමාදානේ අවිගතපේමෝ. ධම්මනිසන්තියා තිබ්බච්ඡන්දෝ හෝති ආයතිඤ්ච ධම්මනිසන්තියා අවිගතපේමෝ. ඉච්ඡාවිනයේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතිඤ්ච ඉච්ඡාවිනයේ අවිගතපේමෝ. පටිසල්ලානේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතිඤ්ච පටිසල්ලානේ අවිගතපේමෝ. විරියාරම්භේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතිඤ්ච විරියාරම්භේ අවිගතපේමෝ. සතිනේපක්කේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතිඤ්ච සතිනේපක්කේ අවිගතපේමෝ. දිට්ඨිපටිවේධේ තිබ්බච්ඡන්දෝ හෝති ආයතිඤ්ච දිට්ඨිපටිවේධේ අවිගතපේමෝ.

නිද්දසවත්ථු සතකි.

ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශික්ෂා සමාදන් වීමෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද ශික්ෂා සමාදන් වීමෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

ධර්මාවබෝධයෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද ධර්මාවබෝධයෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

තෘෂ්ණාව දුරු කිරීමෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද තෘෂ්ණාව දුරු කිරීමෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

භාවනාවෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද භාවනාවෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

අරඹන ලද වීරියෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද අරඹන ලද වීරියෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

සිහිය හා අවස්ථාවෝචිත ප්‍රඥාවෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද සිහිය හා අවස්ථාවෝචිත ප්‍රඥාවෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

මාර්ගඵලාවබෝධයෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද මාර්ගඵලාවබෝධයෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

සත්ත සඤ්ඤා: අනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදීනවසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරෝධසඤ්ඤා.

සංඥා සතකි. අනිත්‍ය සංඥාව ය. අනාත්ම සංඥාව ය. අසුභ සංඥාව ය. ආදීනව සංඥාව ය. ප්‍රහාණ සංඥාව ය. විරාග සංඥාව ය. නිරෝධ සංඥාව ය.

සත්ත බලානි: සද්ධාබලං, විරියබලං, හිරිබලං, ඔත්තප්පබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.

බල සතකි. ශ්‍රද්ධා බලය ය. විරිය බලය ය. හිරි බලය ය. ඔත්තප්ප බලය ය. සති බලය ය. සමාධි බලය ය. ප්‍රඥා බලය ය.

සත්ත විඤ්ඤාණට්ඨිතියෝ: සන්තාවුසෝ සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනෝ, සෙය්‍යථාපි මනුස්සා ඒකච්චේ ච දේවා ඒකච්චේ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති.

විඤ්ඤාණය පිහිටන තැන් සතකි.

(1). ඇවැත්නි, නා නා කයෙන් යුතු, නා නා සංඥාවෙන් යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, මිනිස්සු ය. ඇතැම් දෙවිවරු ය. ඇතැම් විනිපාතිකයෝ ය. මෙය විඤ්ඤාණය පවතින පළමුවෙනි තැන යි.

සන්තාවුසෝ සත්තා නානත්තකායා ඒකත්තසඤ්ඤිනෝ සෙය්‍යථාපි දේවා බ්‍රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා විඤ්ඤාණට්ඨිති.

(2). ඇවැත්නි, නා නා කයෙන් යුතු, එක ම සංඥාවෙන් යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, පඨම ධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවිවරු බඳු ය. මෙය විඤ්ඤාණය පවතින දෙවෙනි තැන යි.

සන්තාවුසෝ සත්තා ඒකත්තකායා නානත්තසඤ්ඤිනෝ, සෙය්‍යථාපි දේවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති.

(3). ඇවැත්නි, එක් අයුරු වූ කයෙන් යුතු, නා නා සංඥාවෙන් යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, ආභස්සර දෙවිවරු බඳු ය. මෙය විඤ්ඤාණය පවතින තෙවෙනි තැන යි.

සන්තාවුසෝ සත්තා ඒකත්තකායා ඒකත්තසඤ්ඤිනෝ, සෙය්‍යථාපි දේවා සුභකිණ්හා. අයං චතුත්ථී විඤ්ඤාණට්ඨිති.

(4). ඇවැත්නි, එක් ස්වභාවයෙන් යුතු කයෙන් ද, එක් ස්වභාවයෙන් යුතු සංඥාවෙන් ද යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, සුභකිණ්හ දෙවියෝ බඳු ය. මෙය විඤ්ඤාණය පවතින සිව්වෙනි තැන යි.

සන්තාවුසෝ සත්තා සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානඤ්චායතනූපගා. අයං පඤ්චමී විඤ්ඤාණට්ඨිති.

(5). ඇවැත්නි, සියළු අයුරින් රූප සංඥාවන් ඉක්ම ගිය, ගොරෝසු සංඥාවන් නැති කර දැමූ නා නා සංඥාවන් නොමෙනෙහි කිරීමෙන් අනන්ත වූ ආකාසය යැයි මෙනෙහි කිරීමෙන් ආකාසානාඤ්චායතනයට පැමිණි සත්වයෝ ඇත්තාහ. මෙය විඤ්ඤාණය පවතින පස්වෙනි තැන යි.

සන්තාවුසෝ සත්තා සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං ඡට්ඨී විඤ්ඤාණට්ඨිති.

(6). ඇවැත්නි, සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්ම ගිය, අනන්ත වූ විඤ්ඤාණය යැයි මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්වයෝ ඇත්තාහ. මෙය විඤ්ඤාණය පවතින හයවෙනි තැන යි.

සන්තාවුසෝ සත්තා සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං සත්තමී විඤ්ඤාණට්ඨිති.

(7). ඇවැත්නි, සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගිය, කිසිවක් නැතැයි මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්වයෝ ඇත්තාහ. මෙය විඤ්ඤාණය පවතින සත්වෙනි තැන යි.

සත්ත පුග්ගලා දක්ඛිණෙය්‍යා: උභතෝභාගවිමුත්තෝ, පඤ්ඤාවිමුත්තෝ, කායසක්ඛි, දිට්ඨිප්පත්තෝ, සද්ධාවිමුත්තෝ, ධම්මානුසාරී, සද්ධානුසාරී.

පින් රැස් කිරීම පිණිස දන් පිදීමට සුදුසු පුද්ගලයෝ සත් දෙනෙකි. උභතෝභාග විමුත්තයා ය. පඤ්ඤා විමුත්තයා ය. කායසක්ඛි ය. දිට්ඨිප්පත්ත ය. සද්ධාවිමුත්තයා ය. ධම්මානුසාරි ය. සද්ධානුසාරි ය.

සත්ත අනුසයා: කාමරාගානුසයෝ, පටිඝානුසයෝ, දිට්ඨානුසයෝ, විචිකිච්ඡානුසයෝ, මානානුසයෝ, භවරාගානුසයෝ, අවිජ්ජානුසයෝ.

සිත ඇතුළෙහි මුල් බැස ඇති කෙලෙස් සතකි. කාමරාග අනුසය ය. පටිඝ අනුසය ය. දිට්ඨි අනුසය ය. විචිකිච්ඡා අනුසය ය. මාන අනුසය ය. භවරාග අනුසය ය. අවිජ්ජා අනුසය ය.

සත්ත සංයෝජනානි: අනුනයසංයෝජනං, පටිඝසංයෝජනං, දිට්ඨිසංයෝජනං, විචිකිච්ඡාසංයෝජනං, මානසංයෝජනං, භවරාගසංයෝජනං, අවිජ්ජාසංයෝජනං.

සංයෝජන සතකි. ඇලීම සංයෝජනයකි. ගැටීම සංයෝජනයකි. දෘෂ්ටිය සංයෝජනයකි. විචිකිච්ඡාව සංයෝජනයකි. මානය සංයෝජනයකි. භවරාගය සංයෝජනයකි. අවිද්‍යාව සංයෝජනයකි.

සත්ත අධිකරණසමථා: උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය සම්මුඛාවිනයෝ දාතබ්බෝ, සතිවිනයෝ දාතබ්බෝ, අමූළ්හවිනයෝ දාතබ්බෝ, පටිඤ්ඤාය කාරේතබ්බං, යේභුය්‍යසිකා, තස්සපාපිය්‍යසිකා, තිණවත්ථාරකෝ.

අර්බුද සංසිඳවීම් සතකි. උපනුපන් අර්බුදයන්ගේ සංසිඳවීම, නිවාදැමීම පිණිස සම්මුඛාවිනය දිය යුත්තේ ය. සතිවිනය දිය යුත්තේ ය. අමූළ්හවිනය දිය යුත්තේ ය. පටිඤ්ඤාතකරණය කළ යුත්තේ ය. යේභුය්‍යසිකාව කළ යුත්තේ ය. තස්සපාපිය්‍යසිකාව කළ යුත්තේ ය. තිණවත්ථාරකය කළ යුත්තේ ය.

ඉමේ ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන සත්ත ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, මේ වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද සතක් බැගින් වූ ධර්මයෝ ය. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

[ අට්ඨකං ]

14. අත්ථි ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන අට්ඨ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද අට බැගින් වූ ධර්මයෝ ඇත්තාහ. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු ය. වාද විවාද නොකළ යුතු ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

කතමේ අට්ඨ?

අටක් බැගින් වූ ධර්මයෝ කවරහු ද?

අට්ඨ මිච්ඡත්තා: මිච්ඡාදිට්ඨි, මිච්ඡාසංකප්පෝ, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්තෝ, මිච්ඡාආජීවෝ, මිච්ඡාවායාමෝ, මිච්ඡාසති, මිච්ඡාසමාධි.

එනම්; වැරදි බවට පත් කරුණු අටකි. මිථ්‍යා දෘෂ්ටිය ය. මිථ්‍යා සංකල්ප ය. මිථ්‍යා වාචා ය. මිථ්‍යා කර්මාන්තය ය. මිථ්‍යා ආජීවය ය. මිථ්‍යා වායාම ය. මිථ්‍යා සතිය ය. මිථ්‍යා සමාධිය ය.

අට්ඨ සම්මත්තා: සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති, සම්මාසමාධි.

නිවැරදි බවට පත් කරුණු අටකි. සම්‍යක් දෘෂ්ටිය ය. සම්‍යක් සංකල්ප ය. සම්‍යක් වාචා ය. සම්‍යක් කර්මාන්තය ය. සම්‍යක් ආජීවය ය. සම්‍යක් වායාම ය. සම්‍යක් සතිය ය. සම්‍යක් සමාධිය ය.

අට්ඨ පුග්ගලා දක්ඛිණෙය්‍යා: සෝතාපන්නෝ, සෝතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෝ, සකදාගාමී, සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෝ, අනාගාමී, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෝ, අරහා, අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නෝ.

පින් රැස් කරගැනීම පිණිස දන් දීමට සුදුසු පුද්ගලයෝ අට දෙනෙකි. සෝවාන් පුද්ගලයා ය. සෝවාන් ඵලය පසක් කිරීමට පිළිපන් පුද්ගලයා ය. සකදාගාමී පුද්ගලයා ය. සකදාගාමී ඵලය පසක් කිරීමට පිළිපන් පුද්ගලයා ය. අනාගාමී පුද්ගලයා ය. අනාගාමී ඵලය පසක් කිරීමට පිළිපන් පුද්ගලයා ය. රහතන් වහන්සේ ය. රහත් ඵලය පසක් කිරීමට පිළිපන් පුද්ගලයා ය.

අට්ඨ කුසීතවත්ථූනි: ඉධාවුසෝ භික්ඛුනා කම්මං කාතබ්බං හෝති. තස්ස ඒවං හෝති: ‘කම්මං ඛෝ මේ කාතබ්බං භවිස්සති, කම්මං ඛෝ පන මේ කරොන්තස්ස කායෝ කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමී’ති. සෝ නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඨමං කුසීතවත්ථු.

කම්මැලිකමට කරුණු අටකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව විසින් කළ යුතු කිසියම් කටයුත්තක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ කටයුත්ත කළ යුතු වන්නේ නොවැ. මේ වැඩය කරන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වනු ඇත. එහෙයින් මම එයට පෙර නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන පළමු කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනා කම්මං කතං හෝති. තස්ස ඒවං හෝති: ‘අහං ඛෝ කම්මං අකාසිං, කම්මං ඛෝ පන මේ කරොන්තස්ස කායෝ කිලන්තෝ, හන්දාහං නිපජ්ජාමී’ති. සෝ නිපජ්ජති, න විරියං ආරභති ….(පෙ)…. ඉදං දුතියං කුසීතවත්ථු.

(2). තව ද ඇවැත්නි, භික්ෂුව විසින් කිසියම් කටයුත්තක් කරන ලද්දේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ කටයුත්ත කළෙමි. මේ වැඩය කරන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වී ගියේ නොවැ. එහෙයින් මම දැන් නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන දෙවෙනි කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනා මග්ගෝ ගන්තබ්බෝ හෝති. තස්ස ඒවං හෝති: ‘මග්ගෝ ඛෝ මේ ගන්තබ්බෝ භවිස්සති. මග්ගං ඛෝ පන මේ ගච්ඡින්තස්ස කායෝ කිලමිස්සති. හන්දාහං නිපජ්ජාමී’ති., සෝ නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං තතියං කුසීතවත්ථු.

(3). තව ද ඇවැත්නි, භික්ෂුව විසින් යා යුතු කිසියම් ගමනක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ ගමන යා යුතු වන්නේ නොවැ. මේ ගමන යන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වනු ඇත. එහෙයින් මම එයට පෙර නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන තුන්වෙනි කරුණයි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනා මග්ගෝ ගතෝ හෝති. තස්ස ඒවං හෝති: ‘අහං ඛෝ මග්ගං අගමාසිං. මග්ගං ඛෝ පන මේ ගච්ඡින්තස්ස කායෝ කිලන්තෝ. හන්දාහං නිපජ්ජාමී’ති. සෝ නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං චතුත්ථං කුසීතවත්ථු.

(4). තව ද ඇවැත්නි, භික්ෂුව විසින් කිසියම් ගමනක් ගියේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ ගමන ගියෙමි. මේ ගමන යන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වී ගියේ නොවැ. එහෙයින් මම දැන් නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන සිව්වෙනි කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තෝ න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භෝජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස ඒවං හෝති: ‘අහං ඛෝ ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තෝ නාලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භෝජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මේ කායෝ කිලන්තෝ අකම්මඤ්ඤෝ. හන්දාහං නිපජ්ජාමී’ති. සෝ නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඤ්චමං කුසීතවත්ථු.

(5). තව ද ඇවැත්නි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ නොවැ. ඒ මාගේ ශරීරය ක්ලාන්ත වී ඇත. මම කිසිවක් කරගත නොහැක්කෙමි. එහෙයින් මම නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන පස්වෙනි කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තෝ ලභති ලූඛස්ස වා පණීතස්ස වා භෝජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස ඒවං හෝති: ‘අහං ඛෝ ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තෝ අලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භෝජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මේ කායෝ ගරුකෝ අකම්මඤ්ඤෝ. මාසාචිතං මඤ්ඤේ. හන්දාහං නිපජ්ජාමී’ති. සෝ නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං ඡට්ඨං කුසීතවත්ථු.

(6). තව ද ඇවැත්නි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ නොවැ. එහෙයින් මාගේ ශරීරයෙහි බර ගතියක් ඇත. මම කිසිවක් කරගත නොහැක්කෙමි. මෑ ඇට වැළඳූ කලක සෙයින් හැඟෙයි. එහෙයින් මම නිදා ගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන සයවෙනි කරුණයි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ උප්පන්නෝ හෝති අප්පමත්තකෝ ආබාධෝ. තස්ස ඒවං හෝති: ‘ උප්පන්නෝ ඛෝ මේ අයං අප්පමත්තකෝ ආබාධෝ. අත්ථි කප්පෝ නිපජ්ජිතුං, හන්දාහං නිපජ්ජාමී’ති. සෝ නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං සත්තමං කුසීතවත්ථු.

(7). තව ද ඇවැත්නි, භික්ෂුවට ස්වල්ප වූ ආබාධයක් උපන්නේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ ස්වල්ප වූ ආබාධයක් උපන්නේ නොවැ. හාන්සි වී සිටින්නට අදහස ඇත. එහෙයින් මම නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන සත්වෙනි කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛු ගිලානා වුට්ඨිතෝ හෝති, අචිරවුට්ඨිතෝ ගේලඤ්ඤා. තස්ස ඒවං හෝති: ‘ අහං ඛෝ ගිලානා වුට්ඨිතෝ අචිරවුට්ඨිතෝ ගේලඤ්ඤා. තස්ස මේ කායෝ දුබ්බලෝ අකම්මඤ්ඤෝ, අත්ති කප්පෝ නිපජ්ජිතුං, හන්දාහං නිපජ්ජාමී’ති. සෝ නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං අට්ඨමං කුසීතවත්ථු.

(8). තව ද ඇවැත්නි, භික්ෂුව ගිලන් බවින් නැගී සිටියේ වෙයි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගිලන් බවින් නැගී සිටියේ වෙමි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙමි. එහෙයින් මගේ කය දුර්වල නොවැ. කිසි කටයුත්තකට නොනැමෙයි. හාන්සි වී සිටින්නට අදහස ඇත. එහෙයින් මම නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන අටවෙනි කරුණ යි.

අට්ඨ ආරම්භවත්ථූනි: ඉධාවුසෝ භික්ඛුනා කම්මං කාතබ්බං හෝති. තස්ස ඒවං හෝති: ‘කම්මං ඛෝ මේ කාතබ්බං භවිස්සති, කම්මං ඛෝ පන මේ කරොන්තේන න සුකරං බුද්ධානං සාසනං මනසි කාතුං, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සෝ විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඨමං ආරම්භවත්ථු.

වීර්යය උපදවා ගැනීමට කරුණු අටකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව විසින් කළ යුතු කිසියම් කටයුත්තක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ කටයුත්ත කළ යුතු වන්නේ නොවැ. මේ වැඩය කරන කල්හී මා හට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන පළමු කරුණ යි.

පුන ච පරං ආවුසෝ, භික්ඛුනා කම්මං කතං හෝති. තස්ස ඒවං හෝති: ‘අහං ඛෝ කම්මං අකාසිං. කම්මං ඛෝ පනාහං කරොන්තෝ නාසක්ඛිං බුද්ධානං සාසනං මනසි කාතුං. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සෝ විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං දුතියං ආරම්භවත්ථු.

(2). තව ද ඇවැත්නි, භික්ෂුව විසින් කිසියම් කටයුත්තක් කරන ලද්දේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ කටයුත්ත කළෙමි. මේ වැඩය කරන කල්හී මට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට බැරි වූයේ නොවැ. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන දෙවෙනි කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනා මග්ගෝ ගන්තබ්බෝ හෝති. තස්ස ඒවං හෝති: ‘මග්ගෝ ඛෝ මේ ගන්තබ්බෝ භවිස්සති. මග්ගං ඛෝ පන මේ ගච්ඡන්තේන න සුකරං බුද්ධානං සාසනං මනසි කාතුං. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සෝ විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං තතියං ආරම්භවත්ථු.

(3). තව ද ඇවැත්නි, භික්ෂුව විසින් යා යුතු කිසියම් ගමනක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ ගමන යා යුතු වන්නේ නොවැ. මේ ගමන යන කල්හී මා හට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන තුන්වෙනි කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනා මග්ගෝ ගතෝ හෝති. තස්ස ඒවං හෝති: ‘අහං ඛෝ මග්ගං අගමාසිං. මග්ගං ඛෝ පනාහං ගච්ඡන්තෝ නාසක්ඛිං බුද්ධානං සාසනං මනසි කාතුං. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සෝ විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං චතුත්ථං ආරම්භවත්ථු.

(4). තව ද ඇවැත්නි, භික්ෂුව කිසියම් ගමනක් ගියේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ ගමන ගියෙමි. මේ ගමන ගිය නිසාවෙන් මා හට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට බැරි වූයේ නොවැ. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන සිව්වෙනි කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තෝ න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භෝජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස ඒවං හෝති: ‘අහං ඛෝ ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තෝ නාලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භෝජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මේ කායෝ ලහුකෝ කම්මඤ්ඤෝ. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සෝ විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඤ්චමං ආරම්භවත්ථු.

(5). තව ද ඇවැත්නි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ නොවැ. ඒ මාගේ ශරීරය සැහැල්ලු වී ඇත. මම යමක් කරගත හැක්කෙමි. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන පස්වෙනි කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තෝ ලභති ලූඛස්ස වා පණීතස්ස වා භෝජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස ඒවං හෝති: ‘අහං ඛෝ ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තෝ අලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භෝජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මේ කායෝ බලවා කම්මඤ්ඤෝ. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සෝ විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං ඡට්ඨං ආරම්භවත්ථු.

(6). තව ද ඇවැත්නි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ නොවැ. එහෙයින් මාගේ ශරීරයෙහි සවිබල ඇත. මම කිසිවක් කරගත හැක්කෙමි. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන සයවෙනි කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛුනෝ උප්පන්නෝ හෝති අප්පමත්තකෝ ආබාධෝ. තස්ස ඒවං හෝති: ‘උප්පන්නෝ ඛෝ මේ අයං අප්පමත්තකෝ. ආබාධෝ ඨානං ඛෝ පනේතං විජ්ජති යං මේ ආබාධෝ පවඩ්ඪෙය්‍ය, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සෝ විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං සත්තමං ආරම්භවත්ථු.

(7). තව ද ඇවැත්නි, භික්ෂුවට ස්වල්ප වූ ආබාධයක් උපන්නේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ ස්වල්ප වූ ආබාධයක් උපන්නේ නොවැ. යම් හෙයකින් මේ ආබාධය වැඩිවෙයි නම්, එබඳු දෙයකට කරුණු ද පෙනෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන සත්වෙනි කරුණ යි.

පුන ච පරං ආවුසෝ භික්ඛු ගිලානා වුට්ඨිතෝ හෝති අචිරවුට්ඨිතෝ ගේලඤ්ඤා. තස්ස ඒවං හෝති: ‘අහං ඛෝ ගිලානා වුට්ඨිතෝ අචිරවුට්ඨිතෝ ගේලඤ්ඤා. ඨානං ඛෝ පනේතං විජ්ජති යං මේ ආබාධෝ පච්චුදාවත්තෙය්‍ය, හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සෝ විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං අට්ඨමං ආරම්භවත්ථු.

(8). තව ද ඇවැත්නි, භික්ෂුව ගිලන් බවින් නැගී සිටියේ වෙයි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගිලන් බවින් නැගී සිටියේ වෙමි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙමි. මේ ආබාධය නැවත ත් හටගන්නට ඇති ඉඩකඩ පෙනෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන අටවෙනි කරුණ යි.

අට්ඨ දානවත්ථූනි: ආසජ්ජ දානං දේති. භයා දානං දේති. ‘අදාසි මේ’ති දානං දේති. ‘දස්සති මේ’ති දානං දේති. ‘සාහු දාන’න්ති දානං දේති. ‘අහං පචාමි, ඉමේ න පචන්ති, නාරහාමි පචන්තෝ අපචන්තානං න දාතු’න්ති දානං දේති. ‘ඉමං මේ දානං දදතෝ කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡතී’ති දානං දේති. චිත්තාලංකාරචිත්තපරික්ඛාරත්ථං දානං දේති.

දන් දීමට කරුණු අටකි. පැමිණි ආගන්තුකයාට වහා දන් දෙයි. භය හේතුවෙන් දන් දෙයි. ‘මොහු මට දුන්නේ යැ’ යි දන්දෙයි. ‘මොහු අනාගතයෙහි මට දෙනු ලබන්නේ යැ’ යි දන් දෙයි. ‘දන් දීම මැනැවැ’යි දන් දෙයි. ‘මම ආහාර පිසමි. මොවුහු ආහාර නොපිසිති. ආහාර පිසින මම ආහාර නොපිසින්නවුන්ට නොදී සිටින්නට නොවටියි’ යි දන් දෙයි. ‘මේ දන් දෙන මාගේ කල්‍යාණ කීර්ති ඝෝෂාව පැතිරෙයි’ යි දන්දෙයි. සමථ විදර්ශනා සිතට අලංකාරය පිණිස, උදව්ව පිණිස දන්දෙයි.

අට්ඨ දානූපපත්තියෝ: ඉධාවුසෝ ඒකච්චෝ දානං දේති. සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලේපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. සෝ යං දේති තං පච්චාසිංසති. සෝ පස්සති ඛත්තියමහාසාලං වා බ්‍රාහ්මණමහාසාලං වා ගහපතිමහාසාලං වා පඤ්චහි කාමගුණේහි සමප්පිතං සමංගීභූතං පරිචාරයමානං. තස්ස ඒවං හෝති ‘අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා ඛත්තියමහාසාලානං වා බ්‍රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති, තස්ස තං චිත්තං හීනේ’ධිමුත්තං උත්තරිං අභාවිතං තත්‍රැපපත්තියා සංවත්තති. තඤ්ච ඛෝ සීලවතෝ වදාමි නෝ දුස්සීලස්ස. ඉජ්ඣතාවුසෝ සීලවතෝ චේතෝපණිධි විසුද්ධත්තා.

දාන උපප්‍රාප්තීන් අටකි.

(1). ඇවැත්නි, මෙහිලා කෙනෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දානයක් දෙයි. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල්, ගඳ විලවුන්, සයනාසන, කුටි, ප්‍රදීපෝපකරණ ආදිය දන් දෙයි. ඔහු යමක් දෙයි නම්, එය නැවත ලැබීමට පතයි. ඔහු පංචකාම ගුණයෙන් යුතුව සතුටින් ඉඳුරන් පිනවන මහාසාර ක්ෂත්‍රියෙක් හෝ මහාසාර බ්‍රාහ්මණයෙක් හෝ මහාසාර ගෘහපතියෙක් හෝ දකියි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම කය බිඳී මරණින් මතු මහාසාර ක්ෂත්‍රියයන්ගේ හෝ මහාසාර බ්‍රාහ්මණයන්ගේ හෝ මහාසාර ගෘහපතියන්ගේ හෝ කුලයක උපදින්නේ නම් මැනැවැ’ යි සිතා ඔහු ඒ කෙරෙහි සිත පිහිටුවයි. ඒ සිත අධිෂ්ඨාන කරයි. ඒ සිත දියුණු කරයි. හීන වූ පංච කාමයෙහි යෙදුණු ඔහුගේ සිත මතුවට මාර්ගඵල අවබෝධය පිණිස දියුණු නොකළ හෙයින් එහි ඉපදීම පිණිස හේතු වෙයි. එය ත් සිල්වතාට යැයි කියමි. දුස්සීලයාට නොවෙයි. ඇවැත්නි, සිල්වත් තැනැත්තාගේ සිතෙහි ඇති අධිෂ්ඨානය පිරිසිදු බැවින් ඉෂ්ට වෙයි.

පුන ච පරං ආවුසෝ ඉධේකච්චෝ දානං දේති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං ….(පෙ)…. සෙය්‍යාවසථපදීපෙය්‍යං. සෝ යං දේති තං පච්චාසිංසති. තස්ස සුතං හෝති ‘චාතුම්මහාරාජිකා දේවා දීඝායුකා වණ්ණවන්තෝ සුඛබහුලා’ති. තස්ස ඒවං හෝති ‘අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දේවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍යන්ති’. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තං චිත්තං හීනේ’ධිමුත්තං උත්තරිං අභාවිතං තත්‍රැපපත්තියා සංවත්තති. තඤ්ච ඛෝ සීලවතෝ වදාමි නෝ දුස්සීලස්ස. ඉජ්ඣතාවුසෝ සීලවතෝ චේතෝපණිධි විසුද්ධත්තා.

(2). තව ද ඇවැත්නි, මෙහිලා කෙනෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දානයක් දෙයි. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල්, ගඳ විලවුන්, සයනාසන, කුටි, ප්‍රදීපෝපකරණ ආදිය දන් දෙයි. ඔහු යමක් දෙයි නම්, එය නැවත ලැබීමට පතයි. ඔහු මෙය අසන ලද්දේ ය. එනම් ‘චාතුම්මහාරාජික දෙවිවරු දීර්ඝායුෂ ඇති ව සොඳුරු පැහැය ඇති ව සැප බහුල ව වසන බව යි.’ එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් අතර උපදින්නේ නම් මැනැවැ’ යි සිතා ඔහු ඒ කෙරෙහි සිත පිහිටුවයි. ඒ සිත අධිෂ්ඨාන කරයි. ඒ සිත දියුණු කරයි. හීන වූ පංච කාමයෙහි යෙදුණු ඔහුගේ සිත මතුවට මාර්ගඵල අවබෝධය පිණිස දියුණු නොකළ හෙයින් එහි ඉපදීම පිණිස හේතු වෙයි. එය ත් සිල්වතාට යැයි කියමි. දුස්සීලයාට නොවෙයි. ඇවැත්නි, සිල්වත් තැනැත්තාගේ සිතෙහි ඇති අධිෂ්ඨානය පිරිසිදු බැවින් ඉෂ්ට වෙයි.

පුන ච පරං ආවුසෝ ඉධේකච්චෝ දානං දේති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං ….(පෙ)…. සෙය්‍යාවසථපදීපෙය්‍යං. සෝ යං දේති තං පච්චාසිංසති. තස්ස සුතං හෝති ‘තාවතිංසා දේවා ….(පෙ)…. යාමා දේවා ….(පෙ)…. තුසිතා දේවා ….(පෙ)…. නිම්මානරතී දේවා ….(පෙ)…. පරනිම්මිතවසවත්තී දේවා දීඝායුකා වණ්ණවන්තෝ සුඛබහුලා’ති. තස්ස ඒවං හෝති ‘අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දේවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍යන්ති’. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තං චිත්තං හීනේ’ධිමුත්තං උත්තරිං අභාවිතං තත්‍රැපපත්තියා සංවත්තති. තඤ්ච ඛෝ සීලවතෝ වදාමි නෝ දුස්සීලස්ස. ඉජ්ඣතාවුසෝ සීලවතෝ චේතෝපණිධි විසුද්ධත්තා.

(3) – (7). තව ද ඇවැත්නි, මෙහිලා කෙනෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දානයක් දෙයි. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල්, ගඳ විලවුන්, සයනාසන, කුටි, ප්‍රදීපෝපකරණ ආදිය දන් දෙයි. ඔහු යමක් දෙයි නම්, එය නැවත ලැබීමට පතයි. ඔහු මෙය අසන ලද්දේ ය. එනම් ‘තව්තිසා දෙවිවරු ….(පෙ)…. යාම දෙවිවරු ….(පෙ)…. තුසිත දෙවිවරු ….(පෙ)…. නිම්මාණරතී දෙවිවරු ….(පෙ)…. පරනිම්මිත වසවත්තී දෙවිවරු දීර්ඝායුෂ ඇති ව සොඳුරු පැහැය ඇති ව සැප බහුල ව වසන බව යි.’ එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම කය බිඳී මරණින් මතු පරනිම්මිත වසවත්තී දෙවියන් අතර උපදින්නේ නම් මැනැවැ’ යි සිතා ඔහු ඒ කෙරෙහි සිත පිහිටුවයි. ඒ සිත අධිෂ්ඨාන කරයි. ඒ සිත දියුණු කරයි. හීන වූ පංච කාමයෙහි යෙදුණු ඔහුගේ සිත මතුවට මාර්ගඵල අවබෝධය පිණිස දියුණු නොකළ හෙයින් එහි ඉපදීම පිණිස හේතු වෙයි. එය ත් සිල්වතාට යැයි කියමි. දුස්සීලයාට නොවෙයි. ඇවැත්නි, සිල්වත් තැනැත්තාගේ සිතෙහි ඇති අධිෂ්ඨානය පිරිසිදු බැවින් ඉෂ්ට වෙයි.

පුන ච පරං ආවුසෝ ඉධේකච්චෝ දානං දේති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලේපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. සෝ යං දේති තං පච්චාසිංසති. තස්ස සුතං හෝති ‘බ්‍රහ්මකායිකා දේවා දීඝායුකා වණ්ණවන්තෝ සුඛබහුලා’ති. තස්ස ඒවං හෝති ‘අහෝ වතාහං කායස්ස භේදා පරම්මරණා බ්‍රහ්මකායිකානං දේවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සෝ තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවේති. තස්ස තං චිත්තං හීනේ’ධිමුත්තං උත්තරිං අභාවිතං තත්‍රැපපත්තියා සංවත්තති. තඤ්ච ඛෝ සීලවතෝ වදාමි නෝ දුස්සීලස්ස, වීතරාගස්ස නෝ සරාගස්ස. ඉජ්ඣතාවුසෝ සීලවතෝ චේතෝපණිධි වීතරාගත්තා.

(8). තව ද ඇවැත්නි, මෙහිලා කෙනෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දානයක් දෙයි. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල්, ගඳ විලවුන්, සයනාසන, කුටි, ප්‍රදීපෝපකරණ ආදිය දන් දෙයි. ඔහු යමක් දෙයි නම්, එය නැවත ලැබීමට පතයි. ඔහු මෙය අසන ලද්දේ ය. එනම් ‘බ්‍රහ්මකායික දෙවිවරු දීර්ඝායුෂ ඇති ව සොඳුරු පැහැය ඇති ව සැප බහුල ව වසන බව යි.’ එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම කය බිඳී මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන් අතර උපදින්නේ නම් මැනැවැ’ යි සිතා ඔහු ඒ කෙරෙහි සිත පිහිටුවයි. ඒ සිත අධිෂ්ඨාන කරයි. ඒ සිත දියුණු කරයි. හීන වූ පංච කාමයෙහි යෙදුණු ඔහුගේ සිත මතුවට මාර්ගඵල අවබෝධය පිණිස දියුණු නොකළ හෙයින් එහි ඉපදීම පිණිස හේතු වෙයි. එය ත් සිල්වතාට යැයි කියමි. දුස්සීලයාට නොවෙයි. වීතරාගී තැනැත්තාට යැයි කියමි. සරාගී තැනැත්තාට නොවෙයි. ඇවැත්නි, සිල්වත් තැනැත්තාගේ සිතෙහි ඇති අධිෂ්ඨානය වීතරාගී බැවින් ඉෂ්ට වෙයි.

අට්ඨ පරිසා: ඛත්තියපරිසා, බ්‍රාහ්මණපරිසා, ගහපතිපරිසා, සමණපරිසා, චාතුම්මහාරාජිකපරිසා, තාවතිංසපරිසා, මාරපරිසා, බ්‍රහ්මපරිසා.

පිරිස් අටකි. ක්ෂත්‍රිය පිරිස ය. බ්‍රාහ්මණ පිරිස ය. ගෘහපති පිරිස ය. ශ්‍රමණ පිරිස ය. චාතුම්මහාරාජික පිරිස ය. තව්තිසා පිරිස ය. මාර පිරිස ය. බ්‍රහ්ම පිරිස ය.

අට්ඨ ලෝකධම්මා: ලාභෝ ච, අලාභෝ ච, යසෝ ච, අයසෝ ච, නින්දා ච, පසංසා ච, සුඛඤ්ච, දුක්ඛඤ්ච.

ලෝක ධර්ම අටකි. ලාභය ය. අලාභය ය. යස පිරිවර ඇති වීම ය. යස පිරිවර නැති වීම ය. නින්දා ලැබීම ය. ප්‍රශංසා ලැබීම ය. සැප ය. දුක ය.

අට්ඨ අභිභායතනානි: අජ්ඣත්තං රූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවංසඤ්ඤී හෝති. ඉදං පඨමං අභිභායතනං.

අභිභූ ආයතන අටකි.

(1). ආධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර ස්වල්ප වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය පළමු අභිභූ ආයතනය යි.

අජ්ඣත්තං රූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවංසඤ්ඤී හෝති. ඉදං දුතියං අභිභායතනං.

(2). ආධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර අප්‍රමාණ වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය දෙවෙනි අභිභූ ආයතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවංසඤ්ඤී හෝති. ඉදං තතියං අභිභායතනං.

(3). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර ස්වල්ප වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය තුන්වෙනි අභිභූ ආයතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවංසඤ්ඤී හෝති. ඉදං චතුත්ථං අභිභායතනං.

(4). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර අප්‍රමාණ වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සිව්වෙනි අභිභූ ආයතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්‍යථාපි නාම උම්මාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං සෙය්‍යථා වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං. ඒවමේවං අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවංසඤ්ඤී හෝති. ඉදං පඤ්චමං අභිභායතනං.

(5). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර නිල් වූ, නිල් පැහැ ඇති, නීල නිදර්ශන ඇති, නිල් ආලෝක ඇති රූප දකියි. නිල්වන්, නිල්වන් දැකුම් ඇති, නිල්වන් ආලෝක ඇති, නිල් දියබෙරලිය මල යම් සේ ද, නිල්වන්, නිල්වන් දැකුම් ඇති, නිල්වන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස නීල කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර නිල් වූ, නිල් පැහැ ඇති, නීල නිදර්ශන ඇති, නිල් ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය පස්වෙනි අභිභූ ආයතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්‍යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. සෙය්‍යථා වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං ඒවමේව අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවංසඤ්ඤී හෝති. ඉදං ඡට්ඨං අභිභායතනං.

(6). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර කහ වූ, කහ පැහැ ඇති, කහ නිදර්ශන ඇති, කහ ආලෝක ඇති රූප දකියි. කහවන්, කහවන් දැකුම් ඇති, කහවන් ආලෝක ඇති, කහ කිණිහිරි මල යම් සේ ද, කහවන්, කහවන් දැකුම් ඇති, කහවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර කහ වූ, කහ පැහැ ඇති, කහ නිදර්ශන ඇති, කහ ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සයවෙනි අභිභූ ආයතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතකවණ්ණානි ලෝහිතකනිදස්සනානි ලෝහිතකනිභාසානි. සෙය්‍යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලෝහිතකං ලෝහිතකවණ්ණං ලෝහිතකනිදස්සනං ලෝහිතකනිභාසං. සෙය්‍යථා වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං ලෝහිතකං ලෝහිතකවණ්ණං ලෝහිතකනිදස්සනං ලෝහිතකනිභාසං ඒවමේව අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතකවණ්ණානි ලෝහිතකනිදස්සනානි ලෝහිතකනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවංසඤ්ඤී හෝති. ඉදං සත්තමං අභිභායතනං.

(7). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රතු වූ, රතු පැහැ ඇති, රතු නිදර්ශන ඇති, රතු ආලෝක ඇති රූප දකියි. රතුවන්, රතුවන් දැකුම් ඇති, රතුවන් ආලෝක ඇති, රතු බඳුවද මල යම් සේ ද, රතුවන්, රතුවන් දැකුම් ඇති, රතුවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස රතුවන් කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රතු වූ, රතු පැහැ ඇති, රතු නිදර්ශන ඇති, රතු ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සත්වෙනි අභිභූ ආයතනය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාතවණ්ණානි ඕදාතනිදස්සනානි ඕදාතනිභාසානි. සෙය්‍යථාපි නාම ඕසධිතාරකා ඕදාතා ඕදාතවණ්ණා ඕදාතනිදස්සනා ඕදාතනිභාසා. සෙය්‍යථා වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතෝභාගවිමට්ඨං ඕදාතං ඕදාතවණ්ණං ඕදාතනිදස්සනං ඕදාතනිභාසං. ඒවමේව අජ්ඣත්තං අරූපසඤ්ඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාතවණ්ණානි ඕදාතනිදස්සනානි ඕදාතනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවංසඤ්ඤී හෝති. ඉදං අට්ඨමං අභිභායතනං.

(8). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර සුදු වූ, සුදු පැහැ ඇති, සුදු නිදර්ශන ඇති, සුදු ආලෝක ඇති රූප දකියි. සුදුවන්, සුදුවන් දැකුම් ඇති, සුදුවන් ආලෝක ඇති, ඕෂධී තාරුකාව යම් සේ ද, සුදුවන්, සුදුවන් දැකුම් ඇති, සුදුවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස සුදුවන් කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර සුදු වූ, සුදු පැහැ ඇති, සුදු නිදර්ශන ඇති, සුදු ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය අටවෙනි අභිභූ ආයතනය යි.

අට්ඨ විමොක්ඛා: රූපී රූපානි පස්සති. අයං පඨමෝ විමොක්ඛෝ.

විමෝක්ෂ අටකි.

(1). රූප ධ්‍යානයෙන් යුක්ත වූයේ බාහිර රූපයන් දකියි. මෙය පළමු විමෝක්ෂය යි.

අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියෝ විමොක්ඛෝ.

(2). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ බාහිර රූප දකියි. මෙය දෙවෙනි විමෝක්ෂය යි.

සුභන්තේව අධිමුත්තෝ හෝති. අයං තතියෝ විමොක්ඛෝ.

(3). සුභ දෙයක් ම යැයි සළකා ධ්‍යානයට ඇළුණේ වෙයි. මෙය තුන්වෙනි විමෝක්ෂය යි.

සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තෝ ආකාසෝ’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථෝ විමොක්ඛෝ.

(4). සියළු ආකාරයෙන් ම රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් නා නා සංඥා මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත වූ ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙය සිව්වෙනි විමෝක්ෂයයි.

සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමෝ විමොක්ඛෝ.

(5). සියළු ආකාරයෙන් ම ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘අනන්ත වූ විඤ්ඤාණය’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙය පස්වෙනි විමෝක්ෂය යි.

සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨෝ විමොක්ඛෝ.

(6). සියළු ආකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවීමෙන් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මෙය සයවෙනි විමෝක්ෂය යි.

සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමෝ විමොක්ඛෝ.

(7). සියළු ආකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසංඥානාසංඥායතනයට පැමිණ වාසය කරයි. මෙය සත්වෙනි විමෝක්ෂයයි.

සබ්බසෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවේදයිත නිරෝධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමෝ විමොක්ඛෝ.

(8). සියළු ආකාරයෙන් ම නේවසංඥානාසංඥායතනය ඉක්මවීමෙන් සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. මෙය අටවෙනි විමෝක්ෂයයි.

ඉමේ ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන අට්ඨ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, මේ වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද අටක් බැගින් වූ ධර්මයෝ ය. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

[ නවකං ]

15. අත්ථි ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන නව ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද නවය බැගින් වූ ධර්මයෝ ඇත්තාහ. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු ය. වාද විවාද නොකළ යුතුය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

කතමේ නව?

ඒ නවයක් බැගින් වූ ධර්මයෝ කවරහු ද?

නව ආඝාතවත්ථූනි: අනත්ථං මේ අචරීති ආඝාතං බන්ධති, අනත්ථං මේ චරතීති ආඝාතං බන්ධති, අනත්ථං මේ චරිස්සතීති ආඝාතං බන්ධති, පියස්ස මේ මනාපස්ස අනත්ථං අචරීති ….(පෙ)…. අනත්ථං චරතීති ….(පෙ)…. අනත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති, අප්පියස්ස මේ අමනාපස්ස අත්ථං අචරීති ….(පෙ)…. අත්ථං චරතීති ….(පෙ)…. අත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති.

එනම්; වෛර බැඳ ගැනීමට කරුණු නවයකි.

පෙර මට අනර්ථය කළේ ය කියා වෛර බැඳ ගනියි. දැනුත් මට අනර්ථය කරයි කියා වෛර බැඳ ගනියි. අනාගතයේ ත් මට අනර්ථය කරන්නේ ය කියා වෛර බැඳ ගනියි.

පෙර මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කළේ ය කියා වෛර බැඳ ගනියි. දැනුත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරයි කියා වෛර බැඳ ගනියි. අනාගතයේ ත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරන්නේ ය කියා වෛර බැඳ ගනියි.

පෙර මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කළේ ය කියා වෛර බැඳ ගනියි. දැනුත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරයි කියා වෛර බැඳ ගනියි. අනාගතයේ ත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරන්නේ ය කියා වෛර බැඳ ගනියි.

නව ආඝාතපටිවිනයා: අනත්ථං මේ අචරීති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනේති, අනත්ථං මේ චරතී’ති තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනේති, අනත්ථං මේ චරිස්සතීති තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනේති, පියස්ස මේ මනාපස්ස අනත්ථං අචරීති ….(පෙ)…. අනත්ථං චරතීති ….(පෙ)…. අනත්ථං චරිස්සතීති තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනේති, අප්පියස්ස මේ අමනාපස්ස අත්ථං අචරීති ….(පෙ)…. අත්ථං චරතීති ….(පෙ)…. අත්ථං චරිස්සතී’ති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනේති.

වෛර දුරු කරගැනීමට කරුණු නවයකි.

පෙර මට අනර්ථය කළේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. දැනුත් මට අනර්ථය කරයි. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. අනාගතයේ ත් මට අනර්ථය කරන්නේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි.

පෙර මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කළේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. දැනුත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරයි. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. අනාගතයේ ත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරන්නේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි.

පෙර මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කළේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. දැනුත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරයි. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. අනාගතයේ ත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරන්නේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි.

නව සත්තාවාසා: සන්තාවුසෝ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනෝ සෙය්‍යථාපි මනුස්සා ඒකච්චේ ච දේවා ඒකච්චේ ච විනිපාතිකා. අයං පඨමෝ සත්තාවාසෝ.

සත්වයන්ගේ වාසස්ථාන නවයකි.

(1). ඇවැත්නි, කයින් ද නා නා ස්වභාව ඇති, සංඥාවෙන් ද නා නා ස්වභාව ඇති සත්වයෝ සිටිති. යම් සේ මිනිස්සු ද, ඇතැම් දෙවියෝ ද, ඇතැම් විනිපාතිකයෝ ද වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ පළමු වාසස්ථානයයි.

සන්තාවුසෝ, සත්තා නානත්තකායා ඒකත්තසඤ්ඤිනෝ සෙය්‍යථාපි දේවා බ්‍රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියෝ සත්තාවාසෝ.

(2). ඇවැත්නි, කයින් නා නා ස්වභාව ඇති, සංඥාවෙන් එක ම ස්වභාවයක් ඇති සත්වයෝ සිටිති. යම් සේ පළමු ධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ දෙවෙනි වාසස්ථානය යි.

සන්තාවුසෝ, සත්තා ඒකත්තකායා නානත්තසඤ්ඤිනෝ සෙය්‍යථාපි දේවා ආභස්සරා. අයං තතියෝ සත්තාවාසෝ.

(3). ඇවැත්නි, කයින් එක ම ස්වභාව ඇති, සංඥාවෙන් නා නා ස්වභාව ඇති සත්වයෝ සිටිති. යම් සේ ආභස්සර දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ තෙවෙනි වාසස්ථානය යි.

සන්තාවුසෝ, සත්තා ඒකත්තකායා ඒකත්තසඤ්ඤිනෝ සෙය්‍යථාපි දේවා සුභකිණ්හා. අයං චතුත්ථෝ සත්තාවාසෝ.

(4). ඇවැත්නි, කයින් ද එක ම ස්වභාව ඇති, සංඥාවෙන් ද එක ම ස්වභාව ඇති සත්වයෝ සිටිති. යම් සේ සුභකිණ්හ දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ සිව්වෙනි වාසස්ථානය යි.

සන්තාවුසෝල සත්තා අසඤ්ඤිනෝ අප්පටිසංවේදිනෝ සෙය්‍යථාපි දේවා අසඤ්ඤසත්තා. අයං පඤ්චමෝ සත්තාවාසෝ.

(5). ඇවැත්නි, සංඥාවෙන් තොර වූ සංවේදී බවින් තොර වූ සත්වයෝ සිටිති. යම් සේ අසඤ්ඤසත්ත දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ පස්වෙනි වාසස්ථානය යි.

සන්තාවුසෝ, සත්තා සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තෝ ආකාසෝ’ති ආකාසානඤ්චායතනූපගා. අයං ඡට්ඨෝ සත්තාවාසෝ.

(6). ඇවැත්නි, සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ සය වෙනි වාසස්ථානය යි.

සන්තාවුසෝ, සත්තා සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං සත්තමෝ සත්තාවාසෝ.

(7). ඇවැත්නි, සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ සත්වෙනි වාසස්ථානය යි.

සන්තාවුසෝ, සත්තා සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චාඤ්ඤායතනූපගා. අයං අට්ඨමෝ සත්තාවාසෝ.

(8). ඇවැත්නි, සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ අටවෙනි වාසස්ථානය යි.

සන්තාවුසෝ, සත්තා සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනූපගා. අයං නවමෝ සත්තාවාසෝ.

(9). ඇවැත්නි, සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ නව වෙනි වාසස්ථානය යි.

නව අක්ඛණා, අසමයා බ්‍රහ්මචරියවාසාය: ඉධාවුසෝ, තථාගතෝ ච ලෝකේ උප්පන්නෝ හෝති අරහං සම්මාසම්බුද්ධෝ, ධම්මෝ ච දේසීයති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුගතප්පවේදිතෝ. අයං ච පුග්ගලෝ නිරයං උපපන්නෝ හෝති. අයං පඨමෝ අක්ඛණෝ අසමයෝ බ්‍රහ්මචරියවාසාය.

නිවන් මග හැසිරෙන්නට නොහැකි වන අවස්ථා වන අක්ෂණ නවයකි.

(1). ඇවැත්නි, මෙහිලා අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවීමට හේතුවන්නා වූ සත්‍යාවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් නිරයෙහි උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු පළමු අවස්ථාව යි.

පුන ච පරං ආවුසෝ, තථාගතෝ ච ලෝකේ උප්පන්නෝ හෝති අරහං සම්මාසම්බුද්ධෝ. ධම්මෝ ච දේසීයති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුගතප්පවේදිතෝ. අයං ච පුග්ගලෝ තිරච්ඡානයෝනිං උපපන්නෝ හෝති. අයං දුතියෝ අක්ඛණෝ අසමයෝ බ්‍රහ්මචරියවාසාය. ….(පෙ)…. පෙත්තිවිසයං උපපන්නෝ හෝති ….(පෙ)…. අසුරකායං උපපන්නෝ හෝති ….(පෙ)…. අඤ්ඤතරං දීඝායුකං දේවනිකායං උපපන්නෝ හෝති ….(පෙ)…. පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති මිලක්ඛේසු අවිඤ්ඤාතාරේසු යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. අයං ඡට්ඨෝ අක්ඛණෝ අසමයෝ බ්‍රහ්මචරියවාසාය.

(2). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් තිරිසන් යෝනියෙහි උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු දෙවෙනි අවස්ථාව යි.

(3). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් ප්‍රේත විෂයෙහි උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු තෙවෙනි අවස්ථාව යි.

(4). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් අසුර ලෝකයෙහි උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු සිව්වෙනි අවස්ථාව යි.

(5). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් එක්තරා දීර්ඝ ආයුෂ ඇති දෙව් ලොවක උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු පස්වෙනි අවස්ථාව යි.

(6). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී යම් තැනක භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ගමනක් නැද්ද, එබඳු වූ අතිශයින් අඥාන වූ ම්ලේච්ඡ වූ ප්‍රත්‍යයන්ත ජනපදයන්හි මේ පුද්ගලයා ත් උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු සයවෙනි අවස්ථාව යි.

පුන ච පරං ආවුසෝ, තථාගතෝ ච ලෝකේ උප්පන්නෝ හෝති අරහං සම්මාසම්බුද්ධෝ. ධම්මෝ ච දේසීයති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුගතප්පවේදිතෝ. අයං ච පුග්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති, සෝ ච හෝති මිච්ඡාදිට්ඨිකෝ විපරීතදස්සනෝ නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති. අයං සත්තමෝ අක්ඛණෝ අසමයෝ බ්‍රහ්මචරියවාසාය.

(7). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවීමට හේතුවන්නා වූ සත්‍යාවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි. නමුත් විපරීත දැකුම් ඇති මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙයි. ‘දුන් දෙයෙහි විපාක නැත. උපස්ථානයෙහි විපාක නැත. සේවයෙහි විපාක නැත. කුසල – අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොව ත් පරලොව ත් තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරයි ද, එබඳු වූ යහපත් මග ගිය, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැත’ යන මිසදිටුව ගත්තේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු සත්වෙනි අවස්ථාව යි.

පුන ච පරං ආවුසෝ, තථාගතෝ ච ලෝකේ උප්පන්නෝ හෝති අරහං සම්මාසම්බුද්ධෝ. ධම්මෝ ච දේසීයති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුගතප්පවේදිතෝ. අයං ච පුග්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. සෝ ච හෝති දුප්පඤ්ඤෝ ජළෝ ඒළමූගෝ නප්පටිබලෝ සුභාසිතදුබ්භාසිතානමත්ථමඤ්ඤාතුං. අයං අට්ඨමෝ අක්ඛණෝ අසමයෝ බ්‍රහ්මචරියවාසාය.

(8). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවීමට හේතුවන්නා වූ සත්‍යාවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි. නමුත් හේ ජඪ වූයේ, කෙළතොළු වූයේ, ප්‍රඥාවෙන් තොර වූයේ වෙයි. මනා ලෙස පැවසූ දෙයෙහි ත්, නොමනා ලෙස පැවසූ දෙයෙහි ත් අරුත් හඳුනාගන්නට අසමර්ථ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු අටවෙනි අවස්ථාව යි.

පුන ච පරං ආවුසෝ, තථාගතෝ ච ලෝකේ න උප්පන්නෝ හෝති අරහං සම්මාසම්බුද්ධෝ. ධම්මෝ ච න දේසීයති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමී සුගතප්පවේදිතෝ, අයං ච පුග්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. සෝ ච හෝති පඤ්ඤවා අජළෝ අනේළමූගෝ පටිබලෝ සුභාසිතදුබ්භාසිතානමත්ථමඤ්ඤාතුං. අයං නවමෝ අක්ඛණෝ අසමයෝ බ්‍රහ්මචරියවාසාය.

(9). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි නූපන්නාහු වෙති. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවීමට හේතුවන්නා වූ සත්‍යාවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු නොලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි. හේ ජඪ නොවූ, කෙළතොළු නොවූ, ප්‍රඥාවන්තයෙක් වෙයි. මනා ලෙස පැවසූ දෙයෙහි ත්, නොමනා ලෙස පැවසූ දෙයෙහි ත් අරුත් හඳුනාගන්නට සමර්ථ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු නවවෙනි අවස්ථාව යි.

නව අනුපුබ්බවිහාරා: ඉධාවුසෝ, භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.

අනුපිළිවෙලින් ඇතිකරගන්නා සමාධියෙන් වාසය කිරීම් නවයකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුවය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි.

විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං උපසම්පජ්ජ විහරති.

(2). විතර්ක විචාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි.

පීතියා ච විරාගා ….(පෙ)…. තතියං ඣානං උපසම්පජ්ජ විහරති.

(3). ප්‍රීතියට ද නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසයි. කයෙන් සැපයක් ද විඳියි. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව ඇති සැප විහරණය යැයි යම් ධ්‍යානයකට කියන ලද්දේ ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි.

සුඛස්ස ච පහානා ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.

(4). සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපෙක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි.

සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති.

(5). සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරයි.

සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති.

(6). සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරයි.

සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.

(7). සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි.

සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.

(8). සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි.

සබ්බසෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවේදයිතනිරෝධං උපසම්පජ්ජ විහරති.

(9). සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය උපදවාගෙන වාසය කරයි.

නව අනුපුබ්බනිරෝධා: පඨමං ඣානං සමාපන්නස්ස කාමසඤ්ඤා නිරුද්ධා හෝති, දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා නිරුද්ධා හොන්ති, තතියං ඣානං සමාපන්නස්ස පීති නිරුද්ධා හෝති, චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා නිරුද්ධා හොන්ති, ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා නිරුද්ධා හෝති, විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හෝති, ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හෝති, නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුද්ධා හෝති, සඤ්ඤාවේදයිතනිරෝධං සමාපන්නස්ස සඤ්ඤා ච වේදනා ච නිරුද්ධා හොන්ති.

අනුපිළිවෙලින් නිරුද්ධ වීම් නවයකි.

ප්‍රථම ධ්‍යානයට සමවැදී සිටින තැනැත්තාගේ කාම සංඥාව නිරුද්ධ වෙයි.

දෙවෙනි ධ්‍යානයට සමවැදී සිටින තැනැත්තාගේ විතර්ක විචාරයෝ නිරුද්ධ වෙති.

තුන්වෙනි ධ්‍යානයට සමවැදී සිටින තැනැත්තාගේ ප්‍රීතිය නිරුද්ධ වෙයි.

සිව්වෙනි ධ්‍යානයට සමවැදී සිටින තැනැත්තාගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වෙති.

ආකාසානඤ්චායතනයට සමවැදී සිටින තැනැත්තාගේ රූප සංඥා නිරුද්ධ වෙයි.

විඤ්ඤණඤ්චායතනයට සමවැදී සිටින තැනැත්තාගේ ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි.

ආකිඤ්චඤ්ඤායතනයට සමවැදී සිටින තැනැත්තාගේ විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි.

නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදී සිටින තැනැත්තාගේ ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි.

සංඥා වේදයිත නිරෝධයට සමවැදී සිටින තැනැත්තාගේ සංඥාව ත් වේදනාවත් නිරුද්ධ වෙයි.

ඉමේ ඛෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන නව ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, මේ වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද නවයක් බැගින් වූ ධර්මයෝ ය. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

[ දසකං ]

16. අත්ථි ඛෝ ආවුසෝ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන දස ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං ….(පෙ)…. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

ඇවැත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද දසය බැගින් වූ ධර්මයෝ ඇත්තාහ. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුතු ය. වාද විවාද නොකළ යුතු ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.

කතමේ දස:

ඒ දසයක් බැගින් වූ ධර්මයෝ කවරහු ද?

දස නාථකරණා ධම්මා: ඉධාවුසෝ, භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛසංවරසංවුතෝ විහරති ආචාරගෝචරසම්පන්නෝ අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. යං ආවුසෝ භික්ඛු සීලවා හෝති, පාතිමොක්ඛසංවරසංවුතෝ විහරති ආචාරගෝචරසම්පන්නෝ අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදේසු, අයම්පි ධම්මෝ නාථකරණෝ.

එනම්; තමාට පිහිට සළසා දෙන ධර්ම දසයකි.

(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව සිල්වත් වෙයි නම් ….(පෙ)…. සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ නම් මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

පුන ච පරං ආවුසෝ, භික්ඛු බහුස්සුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ. යේ තේ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣේකල්‍යාණා පරියෝසානකල්‍යාණා සාත්ථා සබ්‍යඤ්ජනා කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපා’ස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. යම්පාවුසෝ, භික්ඛු බහුස්සුතෝ හෝති ….(පෙ)…. දිට්ඨියා සුප්පටිවිද්ධා, අයම්පි ධම්මෝ නාථකරණෝ.

(2). තව ද ඇවැත්නි, භික්ෂුව ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් දරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. ඇවැත්නි,යම් හෙයකින් භික්ෂුව ධර්මය බොහෝ කොට අසන ලද්දේ වෙයි ද, ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දේ වෙයි ද, මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

පුන ච පරං ආවුසෝ, භික්ඛු කල්‍යාණමිත්තෝ හෝති කල්‍යාණසහායෝ කල්‍යාණසම්පවංකෝ. යම්පාවුසෝ, භික්ඛු කල්‍යාණමිත්තෝ හෝති කල්‍යාණසහායෝ කල්‍යාණසම්පවංකෝ, අයම්පි ධම්මෝ නාථකරණෝ.

(3). තව ද ඇවැත්නි, භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි. කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි ද, කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි ද, කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

පුන ච පරං ආවුසෝ, භික්ඛු සුවචෝ හෝති සෝවචස්සකරණේහි ධම්මේහි සමන්නාගතෝ ඛමෝ පදක්ඛිණග්ගාහී අනුසාසනිං. යම්පාවුසෝ, භික්ඛු සුවචෝ හෝති ….(පෙ)…. පදක්ඛිණග්ගාහී අනුසාසනිං, අයම්පි ධම්මෝ නාථකරණෝ.

(4). තව ද ඇවැත්නි, භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණදහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව කීකරු වූයේ වෙයි ද, කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වූයේ වෙයි ද, ඉවසීමෙන් යුක්ත වෙයි ද, අවවාද ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි ද, මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

පුන ච පරං ආවුසෝ, භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛෝ හෝති අනලසෝ තත්‍රෑපායාය වීමංසාය සමන්නාගතෝ අලං කාතුං අලං සංවිධාතුං. යම්පාවුසෝ, භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං ….(පෙ)…. අලං සංවිධාතුං, අයම්පි ධම්මෝ නාථකරණෝ.

(5). තව ද ඇවැත්නි, භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතු ව ඇද්ද, එහිලා දක්ෂ වෙයි. අලස බවින් තොර වෙයි. එහිලා නුවණින් යුතුව විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි. ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ ද වෙයි. පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ ද වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතු ව ඇද්ද, එහිලා දක්ෂ වෙයි ද, අලස බවින් තොර වෙයි ද, එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි ද, ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ වෙයි ද පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ වෙයි ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

පුන ච පරං ආවුසෝ, භික්ඛු ධම්මකාමෝ හෝති පියසමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උළාරපාමොජ්ජෝ. යම්පාවුසෝ, භික්ඛු ධම්මකාමෝ හෝති ….(පෙ)…. උළාරපාමොජ්ජෝ, අයම්පි ධම්මෝ නාථකරණෝ.

(6). තවද ඇවැත්නි, භික්ෂුව ධර්මයට කැමති වූයේ වෙයි. ප්‍රිය වූ බසින් ධර්මය දෙසන්නේ ද වෙයි. ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව ධර්මයට කැමති වන්නේ ද, ප්‍රිය වූ බසින් දහම් දෙසන්නේ ද, ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

පුන ච පරං ආවුසෝ, භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේහි චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරේහි. යම්පාවුසෝ, භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේහි චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරේහි, අයම්පි ධම්මෝ නාථකරණෝ.

(7). තව ද ඇවැත්නි, භික්ෂුව ලද දෙයින් සතුටු වූයේ වෙයි. ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව ලද දෙයින් සතුටු වූයේ වෙයි ද, ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූයේ වෙයි ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

පුන ච පරං ආවුසෝ, භික්ඛු ආරද්ධවිරියෝ විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු. යම්පාවුසෝ, භික්ඛු ආරද්ධවිරියෝ විහරති ….(පෙ)…. අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු, අයම්පි ධම්මෝ නාථකරණෝ.

(8). තව ද ඇවැත්නි, භික්ෂුව පටන්ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීම ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි. දැඩි වීර්යයකින් යුක්ත වෙයි. කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව පටන් ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි ද, අකුසල් දහම් ප්‍රහාණය කිරීම ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි ද, දැඩි වීර්යයකින් යුක්ත වෙයි ද, කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

පුන ච පරං ආවුසෝ, භික්ඛු සතිමා හෝති පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. යම්පාවුසෝ, භික්ඛු සතිමා හෝති ….(පෙ)…. සරිතා අනුස්සරිතා, අයම්පි ධම්මෝ නාථකරණෝ.

(9). තව ද ඇවැත්නි, භික්ෂුව මනා සිහි ඇත්තේ වෙයි. නුවණින් යුතුව උතුම් අයුරින් සිහිය පවත්වන්නේ වෙයි. බොහෝ කලකට පෙර කරන ලද යමක් ඇද්ද, බොහෝ කලකට පෙර පැවසූ යමක් ඇද්ද එය සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව මනා සිහි ඇත්තේ වෙයි ද, නුවණින් යුතුව උතුම් අයුරින් සිහිය පවත්වන්නේ වෙයි ද, බොහෝ කලකට පෙර කරන ලද යමක් ඇද්ද, බොහෝ කලකට පෙර පැවසූ යමක් ඇද්ද එය සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

පුන ච පරං ආවුසෝ, භික්ඛු පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. යම්පාවුසෝ, භික්ඛු පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා, අයම්පි ධම්මෝ නාථකරණෝ.

(10). තව ද ඇවැත්නි, භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි. මැනැවින් දුක් ගෙවී යාමෙහි සමර්ථ වූ ආර්ය වූ තියුණු අවබෝධයකින් යුක්ත වූයේ, හටගැනීම ත් නැතිවීම ත් මැනැවින් වැටහෙන ප්‍රඥාවකින් යුක්ත වූයේ වෙයි. ඇවැත්නි, යම්හෙයකින් භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි ද, මැනැවින් දුක් ගෙවී යාමෙහි සමර්ථ වූ ආර්ය වූ තියුණු අවබෝධයෙකින් යුක්ත වූයේ ද, හටගැනීම ත් නැතිවීම ත් මැනැවින් වැටහෙන ප්‍රඥාවෙකින් යුක්ත වූයේ වෙයි ද, මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

දස කසිණායතනානි: පඨවීකසිණමේකෝ සඤ්ජානාති උද්ධං අධෝ තිරියං අද්වයං අප්පමාණං. ආපෝකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. තේජෝකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. වායෝකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. නීලකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. පීතකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. ලෝහිතකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. ඕදාතකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. ආකාසකසිණමේකෝ සඤ්ජානාති ….(පෙ)…. විඤ්ඤාණකසිණමේකෝ සඤ්ජානාති උද්ධං අධෝ තිරියං අද්වයං අප්පමාණං.

කසිණ ආයතන දසයකි.

ඇතැමෙක් උඩ – යට – සරස දෙකක් නොවූ අප්‍රමාණ ලෙස පඨවි කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් ආපෝ කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් තේජෝ කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් වායෝ කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් නීල කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් පීත කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් ලෝහිත කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් ඕදාත කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් ආකාස කසිණය හඳුනාගනියි. ඇතැමෙක් උඩ – යට – සරස දෙකක් නොවූ අප්‍රමාණ ලෙස විඤ්ඤාණ කසිණය හඳුනාගනියි.

දස අකුසලකම්මපථා: පාණාතිපාතෝ, අදින්නාදානං, කාමේසුමිච්ඡාචාරෝ, මුසාවාදෝ, පිසුණා වාචා, ඵරුසා වාචා, සම්ඵප්පලාපෝ, අභිජ්ඣා, බ්‍යාපාදෝ, මිච්ඡාදිට්ඨි.

අකුසල කර්මපථ දසයකි. සත්ව ඝාතනය, සොරකම, වැරදි කාමසේවනයෙහි යෙදීම, බොරු කීම, කේළාම් කීම, ඵරුෂ වචනය, හිස් වචනය, අන්සතු දෙය තමා සතු කරගැනීමට ආශා කිරීම, ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය.

දස කුසලකම්මපථා: පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසුමිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, පිසුණාය වාචාය වේරමණී, ඵරුසාය වාචාය වේරමණී, සම්ඵප්පලාපා වේරමණී, අනභිජ්ඣා, අබ්‍යාපාදෝ, සම්මාදිට්ඨි.

කුසල කර්මපථ දසයකි. සත්ව ඝාතනයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, වැරදි කාමසේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, ඵරුෂ වචනයෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම, අන්සතු දෙය තමා සතු කරගැනීමට ආශා නොකිරීම, මෛත්‍රිය, සම්‍යක් දෘෂ්ටිය.

දස අරියවාසා: ඉධාවුසෝ, භික්ඛු පඤ්චංගවිප්පහීනෝ හෝති ඡළංගසමන්නාගතෝ ඒකාරක්ඛෝ චතුරාපස්සේනෝ පනුන්නපච්චේකසච්චෝ සමවයසට්ඨේසනෝ අනාවිලසංකප්පෝ පස්සද්ධකායසංඛාරෝ සුවිමුත්තචිත්තෝ සුවිමුත්තපඤ්ඤෝ.

ආර්යයන්ගේ වාසස්ථාන දසයකි.

ඇවැත්නි, මෙහිලා භික්ෂුව ප්‍රහාණය කරන ලද අංග පසකින් යුක්ත වූයේ වෙයි. අංග සයකින් සමන්විත වූයේ වෙයි. එක් ආරක්ෂකයෙක් සහිත වූයේ වෙයි. හේත්තු වන පුවරු සතරක් ඇත්තේ වෙයි. මැනැවින් බැහැර කරන ලද වෙන් වෙන් වූ සත්‍ය ඇත්තේ වෙයි. දුරු කරන ලද නිසරු සෙවීම් ඇත්තේ වෙයි. නොකැළඹුණු සංකල්ප ඇත්තේ වෙයි. සංසිඳී ගිය කායසංස්කාර ඇත්තේ වෙයි. මැනැවින් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි. මැනැවින් නිදහස් වූ ප්‍රඥාව ඇත්තේ වෙයි.

කථඤ්ච ආවුසෝ, භික්ඛු පඤ්චංගවිප්පහීනෝ හෝති: ඉධාවුසෝ, භික්ඛුනෝ කාමච්ඡන්දෝ පහීනෝ හෝති, බ්‍යාපාදෝ පහීනෝ හෝති, ථීනමිද්ධං පහීනං හෝති, උද්ධච්චකුකුච්චං පහීනං හෝති, විචිකිච්ඡා පහීනා හෝති. ඒවං ඛෝ ආවුසෝ භික්ඛු පඤ්චංගවිප්පහීනෝ හෝති.

(1). ඇවැත්නි, භික්ෂුව ප්‍රහාණය කරන ලද පස් කරුණකින් යුක්ත වන්නේ කෙසේ ද? ඇවැත්නි, භික්ෂුවගේ පංච කාමයන් කෙරෙහි ඇති ආශාව ප්‍රහාණය වූයේ වෙයි. ද්වේෂය ප්‍රහාණය වූයේ වෙයි. නිදිමත හා අලස බව ප්‍රහාණය වූයේ වෙයි. සිතෙහි විසිරීමත්, පසුතැවීමත් ප්‍රහාණය වූයේ වෙයි. සැකයත් ප්‍රහාණය වූයේ වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව ප්‍රහාණය කරන ලද පස් කරුණකින් යුක්ත වූයේ වෙයි.

කථඤ්ච ආවුසෝ, භික්ඛු ඡළංගසමන්නාගතෝ හෝති: ඉධාවුසෝ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ, උපෙක්ඛකෝ විහරති සතෝ සම්පජානෝ. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය නේව සුමනෝ හෝති න දුම්මනෝ, උපෙක්ඛකෝ ච විහරති සතෝ සම්පජානෝ. ඒවං ඛෝ ආවුසෝ භික්ඛු ඡළංගසමන්නාගතෝ හෝති.

(2). ඇවැත්නි, භික්ෂුව අංග සයකින් යුක්ත වන්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක සතුටු නොවන්නේ ද වෙයි. ගැටුණේ ද නොවෙයි. මනා සිහි නුවණින් යුක්ත ව උපේක්ෂාවෙන් වාසය කරයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහසක් විඳ ….(පෙ)…. මනසින් අරමුණක් දැන සතුටු නොවන්නේ ද වෙයි. ගැටුණේ ද නොවෙයි. මනා සිහි නුවණින් යුක්ත ව උපේක්ෂාවෙන් වාසය කරයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව අංග සයකින් යුක්ත වූයේ වෙයි.

කථඤ්ච ආවුසෝ, භික්ඛු ඒකාරක්ඛෝ හෝති: ඉධාවුසෝ, භික්ඛු සතාරක්ඛේන චේතසා සමන්නාගතෝ හෝති. ඒවං ඛෝ ආවුසෝ, භික්ඛු ඒකාරක්ඛෝ හෝති.

(3). ඇවැත්නි, භික්ෂුව එක ආරක්ෂකයෙක් සහිත ව සිටින්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව සිහිය නම් වූ ආරක්ෂකයා සහිත වූ සිතින් යුක්ත වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව එක ආරක්ෂකයෙක් සහිත ව සිටින්නේ වේ.

කථඤ්ච ආවුසෝ, භික්ඛු චතුරාපස්සේනෝ හෝති: ඉධාවුසෝ, භික්ඛු සංඛායේකං පටිසේවති, සංඛායේකං අධිවාසේති, සංඛායේකං විනෝදේති, සංඛායේකං පරිවජ්ජේති. ඒවං ඛෝ ආවුසෝ, භික්ඛු චතුරාපස්සේනෝ හෝති.

(4). ඇවැත්නි, භික්ෂුව අපස්සේන නම් වූ හේත්තු වන පුවරු සතරක් ඇති ව වසන්නේ කෙසේද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව නුවණින් සලකමින් එක් දෙයක් සේවනය කරයි. නුවණින් සලකමින් එක් දෙයක් ඉවසයි. නුවණින් සලකමින් එක දෙයක් වළකයි. නුවණින් සලකමින් එක් දෙයක් දුරු කරයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව අපස්සේන සතරකින් යුක්ත වූයේ වෙයි.

කථඤ්ච ආවුසෝ, භික්ඛු පනුන්නපච්චේකසච්චෝ හෝති: ඉධාවුසෝ, භික්ඛුනෝ යානි තානි පුථුසමණබ්‍රාහ්මණානං පුථුපච්චේකසච්චානි සබ්බානි තානි නුන්නානි හොන්ති පනුන්නානි චත්තානි වන්තානි මුත්තානි පහීනානි පටිප්පස්සද්ධානි. ඒවං ඛෝ ආවුසෝ, භික්ඛු පනුන්නපච්චේකසච්චෝ හෝති.

(5). ඇවැත්නි, භික්ෂුව ‘මෙය ම සත්‍යය’ යැයි වෙන් වෙන් ව පවසන දෑ දුරු කරන්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව විසින් යම් ඒ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණවරු වෙන් වෙන් ව සත්‍යය යැයි පවසන නොයෙක් දේ ඇද්ද, ඒ සියල්ල බැහැර කරන ලද්දේ ය. මැනැවින් බැහැර කරන ලද්දේ ය. අත්හරින ලද්දේ ය. වමාරන ලද්දේ ය. නිදහස් වෙන ලද්දේ ය. ප්‍රහීණ කරන ලද්දේ ය. මැනැවින් සංසිඳවන ලද්දේ ය. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව මැනැවින් දුරු කරන ලද වෙන් වෙන් ව පවසන ලද සත්‍යයන් ඇත්තේ වෙයි.

කථඤ්චාවුසෝ, භික්ඛු සමවයසට්ඨේසනෝ හෝති: ඉධාවුසෝ, භික්ඛුනෝ කාමේසනා පහීනා හෝති, භවේසනා පහීනා හෝති, බ්‍රහ්මචරියේසනා පටිප්පස්සද්ධා හෝති. ඒවං ඛෝ ආවුසෝ, භික්ඛු සමවයසට්ඨේසනෝ හෝති.

(6). ඇවැත්නි, භික්ෂුව ඒසනා හෙවත් නිසරු සෙවීම් දුරු කොට සිටින්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව තුළ පංච කාමයන් සෙවීම ප්‍රහාණය වූයේ වෙයි. භවයන් සෙවීම ප්‍රහාණය වූයේ වෙයි. බුදු සසුනෙන් බැහැර මතවාදයන්හි ප්‍රතිපදාවන් සෙවීම සංසිඳුණේ වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව නිසරු සෙවීම් දුරුකොට සිටින්නේ වෙයි.

කථඤ්චාවුසෝ, භික්ඛු අනාවිලසංකප්පෝ හෝති: ඉධාවුසෝ, භික්ඛුනෝ කාමසංකප්පෝ පහීනෝ හෝති, බ්‍යාපාදසංකප්පෝ පහීනෝ හෝති, විහිංසාසංකප්පෝ පහීනෝ හෝති. ඒවං ඛෝ ආවුසෝ, භික්ඛු අනාවිලසංකප්පෝ හෝති.

(7). ඇවැත්නි, භික්ෂුව නොකැළඹී ගිය සංකල්ප ඇතිව සිටින්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව තුළ පංච කාමයන් පිළිබඳව සංකල්ප ප්‍රහාණය වූයේ වෙයි. ද්වේෂ සහගත සංකල්ප ප්‍රහාණය වූයේ වෙයි. හිංසාකාරී සංකල්ප ප්‍රහාණය වූයේ වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව නොකැළඹී ගිය සංකල්ප ඇත්තේ වෙයි.

කථඤ්චාවුසෝ, භික්ඛු පස්සද්ධකායසංඛාරෝ හෝති: ඉධාවුසෝ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඒවං ඛෝ ආවුසෝ, භික්ඛු පස්සද්ධකායසංඛාරෝ හෝති.

(8). ඇවැත්නි, භික්ෂුව සංසිඳී ගිය කාය සංස්කාර ඇතිව සිටින්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව සැපය ද ප්‍රහාණය වීමෙන්, දුක ද ප්‍රහාණය වීමෙන් කලින් ම සොම්නස් දොම්නස් දෙක අත්හැරීමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ සිහියෙන් යුතු උපේක්ෂාව ඇති සතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව සංසිඳී ගිය ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර ඇත්තේ වෙයි.

කථඤ්චාවුසෝ, භික්ඛු සුවිමුත්තචිත්තෝ හෝති: ඉධාවුසෝ, භික්ඛුනෝ රාගා චිත්තං විමුත්තං හෝති, දෝසා චිත්තං විමුත්තං හෝති, මෝහා චිත්තං විමුත්තං හෝති. ඒවං ඛෝ ආවුසෝ, භික්ඛු සුවිමුත්තචිත්තෝ හෝති.

(9). ඇවැත්නි, භික්ෂුව මැනැවින් නිදහස් වූ සිතක් ඇති ව සිටින්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුවගේ සිත රාගයෙන් නිදහස් වූයේ වෙයි. ද්වේෂයෙන් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි. මෝහයෙන් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව මැනැවින් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි.

කථඤ්චාවුසෝ, භික්ඛු සුවිමුත්තපඤ්ඤෝ හෝති: ඉධාවුසෝ, භික්ඛු රාගෝ මේ පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවං ගතෝ ආයතිං අනුප්පාදධම්මෝති පජානාති, දෝසෝ මේ පහීනෝ ….(පෙ)…. මෝහෝ මේ පහීනෝ උච්ඡින්නමූලෝ තාලාවත්ථුකතෝ අනභාවං ගතෝ ආයතිං අනුප්පාදධම්මෝති පජානාති. ඒවං ඛෝ ආවුසෝ, භික්ඛු සුවිමුත්තපඤ්ඤෝ හෝති.

(10). ඇවැත්නි, භික්ෂුව මැනැවින් නිදහස් වූ ප්‍රඥාවකින් යුක්ත වන්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව ‘මා තුළ රාගය ප්‍රහාණය වී ඇත. මුලින් ම සිඳී ගොස් ඇත. මුදුන් කරටිය සිඳුණු තල් ගසක් මෙන් වී ඇත. අභාවයට පත් වී ඇත. යළි කිසිදා නූපදිනා ස්වභාවයට පත් වී ඇතැ’යි දන්නේ වෙයි. ‘මා තුළ ද්වේෂය ප්‍රහාණය වී ඇත. ….(පෙ)…. මා තුළ මෝහය ප්‍රහාණය වී ඇත. මුලින් ම සිඳී ගොස් ඇත. මුදුන් කරටිය සිඳුණු තල් ගසක් මෙන් වී ඇත. අභාවයට පත් වී ඇත. යළි කිසිදා නූපදිනා ස්වභාවයට පත් වී ඇතැ’යි දන්නේ වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව මැනැවින් නිදහස් වූ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.

දස අසෙක්ඛා ධම්මා: අසෙක්ඛා සම්මාදිට්ඨි, අසෙක්ඛෝ සම්මාසංකප්පෝ, අසෙක්ඛා සම්මාවාචා, අසෙක්ඛෝ සම්මාකම්මන්තෝ, අසෙක්ඛෝ සම්මාආජීවෝ, අසෙක්ඛෝ සම්මාවායාමෝ, අසෙක්ඛා සම්මාසති, අසෙක්ඛෝ සම්මාසමාධි, අසෙක්ඛං සම්මාඤාණං, අසෙක්ඛා සම්මාවිමුත්ති.

නිවන් මග හික්මී අවසන් කරන ලද ධර්ම දසයකි. අසේඛ සම්මා දිට්ඨිය ය. අසේඛ සම්මා සංකල්පය ය. අසේඛ සම්මා වාචා ය. අසේඛ සම්මා කම්මන්තය ය. අසේඛ සම්මා ආජීවය ය. අසේඛ සම්මා වායාම ය. අසේඛ සම්මා සතිය ය. අසේඛ සම්මා සමාධිය ය. අසේඛ සම්මා ඥානය ය. අසේඛ සම්මා විමුක්තිය ය.

ඉමේ ඛෝ ආවුසෝ, තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන දස ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහේව සංගායිතබ්බං න විවදිතබ්බං යථයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානන්ති.

ඇවැත්නි, මේ වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද දසයක් බැගින් වූ ධර්මයෝ ය. යම් පරිදි මේ සසුන් බඹසර බොහෝ කලක් පවතින්නේ ද, එහිලා සියළු දෙනා ම එක් ව සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පවතින්නේ ය.”

17. අථ ඛෝ භගවා වුට්ඨහිත්වා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තේසි: “සාධු සාධු සාරිපුත්ත, සාධු ඛෝ ත්වං සාරිපුත්ත, භික්ඛූනං සංගීතිපරියායං අභාසී”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඇමතූ සේක.

“සාරිපුත්තයෙනි, සාදු! සාදු! සාරිපුත්තයෙනි, ඔබ භික්ෂූන්ට ධර්මය රැස් කොට පිළියෙල කිරීමට නිසි ක්‍රමය පැවසූ අයුරු ඉතා මැනැවි.”

ඉදමවෝච ආයස්මා සාරිපුත්තෝ. සමනුඤ්ඤෝ සත්ථා අහෝසි. අත්තමනා ච තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.

ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ඒ භාෂිතය සතුටින් පිළිත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

සංගීතිසුත්තං නිට්ඨිතං දසමං.

සංගීති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn3_10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M