අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

28. (8) රාගාදිපෙය්‍යාලං

28. (8) රාගාදි පෙය්‍යාලය

4.8.1. චතුසතිපට්ඨාන සූත්‍රය

සතර සතිපට්ඨානය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස සතර ධර්මයක් වැඩිය යුත්තාහු ය. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් වාසය කරයි. වේදනාවන් පිළිබඳ ව ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරයි.

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස මේ සතර ධර්මය වැඩිය යුත්තාහු ය.

4.8.2. චතුසම්මපප්පධාන සූත්‍රය

සතර සම්‍යක් පධාන ගැන වදාළ දෙසුම

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස සතර ධර්මයක් වැඩිය යුත්තාහු ය. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස, කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. පධන් වෙර අරඹයි. උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය පිණිස ….(පෙ)…. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ….(පෙ)…. උපන් කුසල් දහම් පැවැත්ම පිණිස, නොමුලා වීම පිණිස, වැඩිදියුණු වීම පිණිස, විපුල බවට පත් වීම පිණිස, දියුණු කොට සම්පූර්ණ කරගැනීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. පධන් වෙර අරඹයි.

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස මේ සතර ධර්මය වැඩිය යුත්තාහු ය.

4.8.3. චතුරිද්ධිපාද සූත්‍රය

සතර ඉර්ධිපාද ගැන වදාළ දෙසුම

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස සතර ධර්මයක් වැඩිය යුත්තාහු ය. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් කැමැත්ත මුල් කරගත් දැඩි වීර්යයෙන් යුතුව වඩන සමාධියෙන් යුතුව ඉර්ධිපාදය දියුණු කරයි. විරිය සමාධි ….(පෙ)…. චිත්ත සමාධි ….(පෙ)…. දහම් විමසීම මුල් කරගත් දැඩි වීර්යයෙන් යුතුව වඩන සමාධියෙන් යුතුව ඉර්ධිපාදය දියුණු කරයි.

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස මේ සතර ධර්මය වැඩිය යුත්තාහු ය.

4.8.4.-30

මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කරනු පිණිස සතර ධර්මයක් වැඩිය යුත්තාහු ය. ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සතර ධර්මයෝ වැඩිය යුත්තාහු ය.

4.8.31.-60

මහණෙනි, ද්වේෂය පිරිසිඳ අවබෝධ කරනු පිණිස සතර ධර්මයක් වැඩිය යුත්තාහු ය. ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සතර ධර්මයෝ වැඩිය යුත්තාහු ය.

4.8.61.-480

මහණෙනි, මෝහයේ පිරිසිඳ අවබෝධ කරනු පිණිස සතර ධර්මයක් වැඩිය යුත්තාහු ය. ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. ඊර්ෂ්‍යාව ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. මායාව ….(පෙ)…. වංචාව ….(පෙ)…. දැඩි බව ….(පෙ)…. සාරම්භය ….(පෙ)…. මානය ….(පෙ)…. මදය ….(පෙ)…. ප්‍රමාදය ….(පෙ)…. විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දකිනු පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සතර ධර්මයෝ වැඩිය යුත්තාහු ය.

මහණෙනි. මෙහිලා භික්ෂුව කය පිළිබඳව කායානුපස්සනාවෙන් ….(පෙ)…. වේදනාවන් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් ….(පෙ)…. ධර්මය පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. අකුසල් දහම් නූපදවීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. කුසල් දහම් ඉපදවීම පිණිස ….(පෙ)…. පිරිපුන් වීම පිණිස කැමැත්ත උපදවයි ….(පෙ)…. ඡන්ද සමාධියෙන් යුතු බලවත් වීරිය ඇති සංස්කාරයෙන් යුතු ඉර්ධිපාදය ….(පෙ)…. විරිය සමාධි ….(පෙ)…. චිත්ත සමාධි ….(පෙ)…. වීමංසා සමාධියෙන් යුතු බලවත් වීරිය ඇති සංස්කාරයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. මහණෙනි, ප්‍රමාදය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. දුරු කිරීම පිණිස මේ සතර ධර්මයෝ වැඩිය යුත්තාහු ය.

රාගාදී පෙය්‍යාලය නිමා විය.

චතුක්ක නිපාතය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M