දීඝ නිකාය

සීලක්ඛන්ධ වග්ගෝ

1. බ්‍රහ්මජාල සුත්තං

1. දෘෂ්ටි ජාලය ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා අන්‌තරා ච රාජගහං අන්‌තරා ච නාළන්‌දං අද්‌ධානමග්‌ගපටිපන්‌නෝ හෝති මහතා භික්‌ඛුසංඝේන සද්‌ධිං පඤ්‌චමත්‌තේහි භික්‌ඛුසතේහි. සුප්‌පියෝපි ඛෝ පරිබ්‌බාජකෝ අන්‌තරා ච රාජගහං අන්‌තරා ච නාළන්‌දං අද්‌ධානමග්‌ග පටිපන්‌නෝ හෝති සද්‌ධිං අන්‌තේවාසිනා බ්‍රහ්‌මදත්‌තේන මාණවේන.

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් පමණ මහත් වූ භික්ෂු සංඝයා සමඟ රජගහ නුවරටත්, නාලන්දා නුවරටත් අතරේ දිගු ගමන් මාර්ගයකට පැමිණ වදාළා. එහිදී සුප්පිය නම් වූ පිරිවැජියාත්, ඔහුගේ ශිෂ්‍යයකු වන බ්‍රහ්මදත්ත නම් තරුණයාත් සමඟ රජගහ නුවරටත්, නාලන්දා නුවරටත් අතරේ දිගු ගමන් මාර්ගයට පැමිණුනා.

තත්‍ර සුදං සුප්‌පියෝ පරිබ්‌බාජකෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස අවණ්‌ණං භාසති ධම්‌මස්‌ස අවණ්‌ණං භාසති සංඝස්‌ස අවණ්‌ණං භාසති; සුප්‌පියස්‌ස පන පරිබ්‌බාජකස්‌ස අන්‌තේවාසී බ්‍රහ්‌මදත්‌තෝ මාණවෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති ධම්‌මස්‌ස වණ්‌ණං භාසති සංඝස්‌ස වණ්‌ණං භාසති. ඉතිහ තේ උභෝ ආචරියන්‌තේවාසී අඤ්‌ඤමඤ්‌ඤස්‌ස උජුවිපච්‌චනීකවාදා භගවන්‌තං පිට්‌ඨිතෝ පිට්‌ඨිතෝ අනුබද්ධා හොන්‌ති භික්‌ඛුසංඝඤ්‌ච.

එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට වුනා. ශ්‍රී සද්ධර්මයටත් අපහාස කරන්නට වුණා. ආර්ය සංඝ රත්නයටත් අපහාස කරන්නට වුනා. එනමුත් සුප්පිය පිරිවැජියාගේ ශිෂ්‍යයා වන බ්‍රහ්මදත්ත තරුණයා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්නට වුනා. ශ්‍රී සද්ධර්මයේ ගුණ වර්ණනා කරන්නට වුනා. ආර්ය සංඝරත්නයේ ගුණ වර්ණනා කරන්නට වුනා. ඉතින් ඔය විදිහට ගුරු ශිෂ්‍ය දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වූ වාද ඇතිව භාග්‍යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයාත් පිටුපසින් ගමන් කරන්නට වුනා.

2. අථ ඛෝ භගවා අම්‌බලට්‌ඨිකායං රාජාගාරකේ ඒකරත්‌තිවාසං උපගඤ්‌ඡි සද්‌ධිං භික්‌ඛුසංඝේන. සුප්‌පියෝපි ඛෝ පරිබ්‌බාජකෝ අම්‌බලට්‌ඨිකායං රාජාගාරකේ ඒකරත්‌තිවාසං උපගඤ්‌ඡි සද්ධිං අන්‌තේවාසිනා බ්‍රහ්‌මදත්‌තේන මාණවේන. තත්‍ර පි සුදං සුප්‌පියෝ පරිබ්‌බාජකෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස අවණ්‌ණං භාසති ධම්‌මස්‌ස අවණ්‌ණං භාසති සංඝස්‌ස අවණ්‌ණං භාසති. සුප්‌පියස්‌ස පන පරිබ්‌බාජකස්‌ස අන්‌තේවාසී බ්‍රහ්‌මදත්‌තෝ මාණවෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති ධම්‌මස්‌ස වණ්‌ණං භාසති සංඝස්‌ස වණ්‌ණං භාසති. ඉතිහ තේ උභෝ ආචරියන්‌තේවාසී අඤ්‌ඤමඤ්‌ඤස්‌ස උජුවිපච්‌චනීකවාදා විහරන්‌ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරකයෙහි (රජුන් විසින් කරවන ලද ශාලාවෙහි) එක් රැයක් භික්ෂු සංඝයා සමඟ නවාතැන් ගන්නට වැඩම කළා. එකල්හි සුප්පිය පිරිවැජියාත් තම ශිෂ්‍යයා වූ බ්‍රහ්මදත්ත තරුණයා සමඟ ඒ අම්බලට්ඨිකාවේ රාජාගාරකයටම එක් රැයක් නවාතැන් පිණිස පැමිණියා. ඉතින් එතැනදීත් සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට වුනා. ශ්‍රී සද්ධර්මයටත් අපහාස කරන්නට වුනා. ආර්ය සංඝරත්නයටත් අපහාස කරන්නට වුනා. එනමුත් සුප්පිය පිරිවැජියාගේ ශිෂ්‍යයා වන බ්‍රහ්මදත්ත තරුණයා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්නට වුනා. ශ්‍රී සද්ධර්මයේ ගුණ වර්ණනා කරන්නට වුනා. ආර්ය සංඝරත්නයේ ගුණ වර්ණනා කරන්නට වුනා. ඉතින් ඔය විදිහට ගුරු ශිෂ්‍ය දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වූ වාද ඇතිවයි වාසය කළේ.

3. අථ ඛෝ සම්‌බහුලානං භික්‌ඛූනං රත්‌තියා පච්‌චූසසමයං පච්‌චුට්‌ඨිතානං මණ්‌ඩලමාළේ සන්‌නිසින්‌නානං සන්‌නිපතිතානං අයං සංඛියාධම්මෝ උදපාදි. අච්‌ඡරියං ආවුසෝ අබ්‌භූතං ආවුසෝ යාවඤ්‌චිදං තේන භගවතා ජානතා පස්‌සතා අරහතා සම්‌මාසම්‌බුද්‌ධේන සත්‌තානං නානාධිමුත්‌තිකතා සුප්‌පටිවිදිතා. අයං හි සුප්‌පියෝ පරිබ්‌බාජකෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස අවණ්‌ණං භාසති ධම්‌මස්‌ස අවණ්‌ණං භාසති සංඝස්‌ස අවණ්‌ණං භාසති; සුප්‌පියස්‌ස පන පරිබ්‌බාජකස්‌ස අන්‌තේවාසී බ්‍රහ්‌මදත්‌තෝ මාණවෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති ධම්‌මස්‌ස වණ්‌ණං භාසති සංඝස්‌ස වණ්‌ණං භාසති. ඉතිහමේ උභෝ ආචරියන්‌තේවාසී අඤ්‌ඤමඤ්‌ඤස්‌ස උජුවිපච්‌චනීකවාදා භගවන්‌තං පිට්‌ඨිතෝ පිට්‌ඨිතෝ අනුබද්ධා හොන්‌ති භික්‌ඛුසංඝඤ්‌චාති.

ඉතින් රෑ පාන්දරින් අවදි වෙලා රැස්වීම් ශාලාවේ එකතුවෙලා සිටි බොහෝ භික්ෂූන් වහන්සේලා අතර මේ කතාබහ ඇතිවුනා. “ප්‍රිය ආයුෂ්මතුනි, ආශ්චර්යයයි! ප්‍රිය ආයුෂ්මතුනි, පුදුම සහගතයි! දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ එකිනෙකා අතර ඇති මේ වෙනස් අදහස් ඇති බව මොනතරම් පැහැදිලි ලෙසද තේරුම් අරගෙන තියෙන්නේ. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුරජාණන් වහන්සේට අගුණයක්ම කියනවා. ශ්‍රී සද්ධර්මයටත් අගුණයක්ම කියනවා. ආර්ය සංඝයාටත් අගුණයක්ම කියනවා. ඒ වුණාට සුප්පිය පිරිවැජියාගේ ගෝලයා වන බ්‍රහ්මදත්ත තරුණයා නම් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසාවක්මයි කරන්නේ. ශ්‍රී සද්ධර්මයට ප්‍රශංසාවක්මයි කරන්නේ. ආර්ය සංඝරත්නයට ප්‍රශංසාවක්මයි කරන්නේ. ඔය විදිහට ගුරු ගෝල දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වාද ඇතිව භාග්‍යවතුන් වහන්සේගේත්, භික්ෂු සංඝයාගේත් පස්සෙන්ම ආවා නෙව” කියලා.

4. අථ ඛෝ භගවා තේසං භික්‌ඛූනං ඉමං සංඛියාධම්‌මං විදිත්‌වා යේන මණ්‌ඩලමාළෝ තේනුපසංකමි; උපසංකමිත්‌වා පඤ්‌ඤත්‌තේ ආසනේ නිසීදි. නිසජ්‌ජ ඛෝ භගවා භික්‌ඛූ ආමන්‌තේසි කායනුත්‌ථ භික්‌ඛවේ ඒතරහි කථාය සන්‌නිසින්‌නා සන්‌නිපතිතා කා ච පන වෝ අන්‌තරාකථා විප්‌පකතාති?

එතකොට ඒ භික්ෂූන්ගේ මේ කතාබහ දැන වදාළ භාග්‍යවතුන් වහන්සේ රැස්වීම් ශාලාවට වැඩම කොට වදාළා. වැඩම කරලා පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි, දැන් කවර කතාවකින් යුතුවද ඔබ එක්රැස්වෙලා සිටියේ? ඔබ අතරේ කවර කථාවක්ද අඩාල වුනේ?”

ඒවං වුත්‌තේ තේ භික්‌ඛූ භගවන්‌තං ඒතදවෝචුං. ඉධ භන්තේ අම්‌හාකං රත්‌තියා පච්‌චූසසමයං පච්‌චුට්‌ඨිතානං මණ්‌ඩලමාළේ සන්‌නිසින්‌නානං සන්‌නිපතිතානං අයං සංඛියාධම්මෝ උදපාදි. අච්‌ඡරියං ආවුසෝ අබ්භූතං ආවුසෝ යාවඤ්‌චිදං තේන භගවතා ජානතා පස්‌සතා අරහතා සම්‌මාසම්‌බුද්‌ධේන සත්‌තානං නානාධිමුත්‌තිකතා සුප්‌පටිවිදිතා. අයං හි සුප්‌පියෝ පරිබ්‌බාජකෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස අවණ්‌ණං භාසති ධම්‌මස්‌ස අවණ්‌ණං භාසති සංඝස්‌ස අවණ්‌ණං භාසති; සුප්‌පියස්‌ස පන පරිබ්‌බාජකස්‌ස අන්‌තේවාසී බ්‍රහ්‌මදත්‌තෝ මාණවෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති ධම්‌මස්‌ස වණ්‌ණං භාසති සංඝස්‌ස වණ්‌ණං භාසති. ඉතිහමේ උභෝ ආචරියන්‌තේවාසී අඤ්‌ඤමඤ්‌ඤස්‌ස උජුවිපච්‌චනීකවාදා භගවන්‌තං පිට්‌ඨිතෝ පිට්‌ඨිතෝ අනුබද්ධා හොන්‌ති භික්‌ඛුසංඝඤ්‌චාති. අයං ඛෝ නෝ භන්තේ අන්‌තරාකථා විප්‌පකතා අථ භගවා අනුප්‌පත්‌තෝති.

මෙසේ වදාළ විට ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනී, මෙහි රෑ පාන්දරින් අවදිවී රැස්වීම් ශාලාවේ එකතුවෙලා සිටි අප අතර මේ කතාබහ ඇතිවුනා. ‘ප්‍රිය ආයුෂ්මතුනි, ආශ්චර්යයයි! ප්‍රිය ආයුෂ්මතුනි, පුදුම සහගතයි! දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ එකිනෙකා අතර ඇති මේ වෙනස් අදහස් ඇති බව මොනතරම් පැහැදිලි ලෙසද තේරුම් අරගෙන තියෙන්නේ. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුරජාණන් වහන්සේට අගුණයක්ම කියනවා. ශ්‍රී සද්ධර්මයටත් අගුණයක්ම කියනවා. ආර්ය සංඝයාටත් අගුණයක්ම කියනවා. ඒ වුනාට සුප්පිය පිරිවැජියාගේ ගෝලයා වන බ්‍රහ්මදත්ත තරුණයා නම් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසාවක්මයි කරන්නේ. ශ්‍රී සද්ධර්මයට ප්‍රශංසාවක්මයි කරන්නේ. ආර්ය සංඝරත්නයට ප්‍රශංසාවක්මයි කරන්නේ. ඔය විදිහට ගුරු ගෝල දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වාද ඇතිව භාග්‍යවතුන් වහන්සේගේත් භික්ෂු සංඝයාගේත් පස්සෙන්ම ආවා නෙව’ කියලා. ස්වාමීනී, අපගේ මේ කථාවයි අඩාල වුනේ. එතකොටමයි භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට වදාළේ.”

5. මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙය්‍යුං ධම්‌මස්‌ස වා අවණ්‌ණං භාසෙය්‍යුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙය්‍යුං තත්‍ර තුම්‌හේහි න ආඝාතෝ න අප්‌පච්‌චයෝ න චේතසෝ අනභිරද්‌ධි කරණීයා. මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙය්‍යුං ධම්‌මස්‌ස වා අවණ්‌ණං භාසෙය්‍යුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙය්‍යුං තත්‍ර චේ තුම්‌හේ අස්‌සථ කුපිතා වා අනත්‌තමනා වා තුම්‌හං යේවස්‌ස තේන අන්‌තරායෝ. මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙය්‍යුං ධම්‌මස්‌ස වා අවණ්‌ණං භාසෙය්‍යුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙය්‍යුං තත්‍ර තුම්‌හේ අස්‌සථ කුපිතා වා අනත්‌තමනා වා අපි නු පරේසං සුභාසිතං දුබ්‌භාසිතං තුම්හේ ආජානෙය්‍යාථාති?

“පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුනත් අපහාස කරනවා නම්, ධර්මයට වුනත් අපහාස කරනවා නම්, සංඝයාට වුනත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එයින් ඔබටමයි අන්තරායක් වන්නේ. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එතකොට පිටස්තර උදවිය කියන දේවල් යහපත්ව කියනවාද අයහපත්ව කියනවාද යන්න ඔබ තේරුම් ගන්නේ කොහොමද?”

නෝ හේතං භන්තේ.

“ස්වාමීනී, එය නොවේමයි.”

මමං වා භික්‌ඛවේ පරේ අවණ්‌ණං භාසෙය්‍යුං ධම්‌මස්‌ස වා අවණ්‌ණං භාසෙය්‍යුං සංඝස්‌ස වා අවණ්‌ණං භාසෙය්‍යුං තත්‍ර තුම්‌හේහි අභූතං අභූතතෝ නිබ්‌බේඨේතබ්‌බං ඉතිපේතං අභූතං ඉතිපේතං අතච්‌ඡං නත්‌ථි චේතං අම්‌හේසු න ච පනේතං අම්‌හේසු සංවිජ්‌ජතීති.

“පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් නැති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් අසත්‍යයක්මයි. ඔය කියන දෝෂය අප තුළ නැති දෙයක්. ඔය දෝෂය අප අතර දකින්න නෑ’ කියලා අසත්‍යය අසත්‍යය වශයෙන්ම තේරුම් ගෙන ලිහා ඉවත් කිරීමයි.

6. මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙය්‍යුං ධම්‌මස්‌ස වා වණ්‌ණං භාසෙය්‍යුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙය්‍යුං තත්‍ර තුම්‌හේහි න ආනන්‌දෝ න සෝමනස්‌සං න චේතසෝ උබ්බිලාවිතත්‌තං කරණීයං. මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙය්‍යුං ධම්‌මස්‌ස වා වණ්‌ණං භාසෙය්‍යුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙය්‍යුං තත්‍ර චේ තුම්‌හේ අස්‌සථ ආනන්‌දිනෝ සුමනා උබ්බිලාවිනෝ තුම්‌හං යේවස්‌ස තේන අන්‌තරායෝ. මමං වා භික්‌ඛවේ පරේ වණ්‌ණං භාසෙය්‍යුං ධම්‌මස්‌ස වා වණ්‌ණං භාසෙය්‍යුං සංඝස්‌ස වා වණ්‌ණං භාසෙය්‍යුං තත්‍ර තුම්‌හේහි භූතං භූතතෝ පටිජානිතබ්‌බං. ඉතිපේතං භූතං ඉතිපේතං තච්‌ඡං අත්‌ථි චේතං අම්‌හේසු සංවිජ්‌ජති ච පනේතං අම්‌හේසූති.

පින්වත් මහණෙනි, මා ගැන වුනත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරනවා නම්, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, සංඝයා ගැන වුනත් ගුණ වර්ණනා කරනවා නම්, ඒ ගැන ඔබ විසින් අමුතුවෙන් සතුටු විය යුතු නෑ. සොම්නස් විය යුතු නෑ. සිතෙහි උද්දාමයකට පත්විය යුතු නෑ. පින්වත් මහණෙනි, මා ගැන වුනත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුනත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුනත් ගුණ වර්ණනා කරන විට, ඒ ගැන ඔබ විසින් අමුතු සතුටක් ඇති කරගන්න ගියොත් සිත සතුටු කරගෙන උද්දාම වෙන්න ගියොත් ඒකෙන් අන්තරායක් වන්නේ ඔබටමයි. පින්වත් මහණෙනි, මා ගැන වුනත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුනත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුනත් ගුණ වර්ණනා කරනවිට, ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් ඇති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් සත්‍යයක්මයි. ඔය කියන ගුණය අප තුළ තියෙනවා. ඔය ගුණය අප අතර දකින්නට ලැබෙනවා’ කියලා සත්‍යය සත්‍යය වශයෙන්ම තේරුම් ගැනීමයි.

7. අප්‌පමත්‌තකං ඛෝ පනේතං භික්‌ඛවේ ඕරමත්‌තකං සීලමත්‌තකං යේන පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය. කතමඤ්‌ච තං භික්‌ඛවේ අප්‌පමත්‌තකං ඕරමත්‌තකං සීලමත්‌තකං යේන පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය?

පින්වත් මහණෙනි, පෘථග්ජනයා යම් කරුණකින් තථාගතයන් වහන්සේගේ ගුණ කියයි නම් ඒ ගුණය අල්ප මාත්‍ර දෙයක්මයි. ස්වල්ප දෙයක්මයි. සීල ගුණ මාත්‍රයක්මයි. පින්වත් මහණෙනි, යම් කරුණකින් පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියනවා නම් ඒ අල්ප මාත්‍ර වූත්, ස්වල්ප වූත්, සීල ගුණ මාත්‍ර වූත් දෙය කුමක්ද?

8. පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ සමණෝ ගෝතමෝ නිහිතදණ්‌ඩෝ නිහිතසත්‌ථෝ ලජ්‌ජී දයාපන්‌නෝ සබ්‌බපාණභූතහිතානුකම්‌පී විහරතීති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සතුන් මැරීම අත්හැර දාලා සතුන් මැරීමෙන් වැළකී සිටින කෙනෙක්. දඬු මුගුරු අත්හළ කෙනෙක්, අවි ආයුධ බැහැර කළ කෙනෙක්, පවට ලැජ්ජා ඇති කෙනෙක්. සතුන් කෙරෙහි දයාවන්ත කෙනෙක්, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීවයි වාසය කරන්නේ’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

9. අදින්‌නාදානං පහාය අදින්‌නාදානා පටිවිරතෝ සමණෝ ගෝතමෝ දින්‌නාදායී දින්‌නපාටිකංඛී අථේනේන සුචිභූතේන අත්‌තනා විහරතීති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නුදුන් දේ ගැනීම අත්හැරලා නුදුන් දේ ගැනීමෙන් වැළකී සිටින කෙනෙක්. දුන් දේ පමණක් පිළිගන්නා කෙනෙක්. දුන් දේ පමණක් පිළිගනු කැමති කෙනෙක්. සොර රහිත සිතින් යුතු වූ පිරිසිදු සිතින් යුතු වූ ජීවිතයකිනුයි වාසය කරන්නේ’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

10. අබ්‍රහ්‌මචරියං පහාය බ්‍රහ්‌මචාරී සමණෝ ගෝතමෝ ආරාචාරී විරතෝ මේථුනා ගාමධම්‌මාති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අබ්‍රහ්මචාරී බව අත්හැරලා බ්‍රහ්මචාරීව ඉන්න කෙනෙක්. ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී එය දුරින්ම දුරුකළ කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

11. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ සමණෝ ගෝතමෝ සච්‌චවාදී සච්‌චසන්‌ධෝ ථේතෝ පච්‌චයිකෝ අවිසංවාදකෝ ලෝකස්‌සාති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බොරු කීම අත්හැරලා, බොරු කීමෙන් වැළකී සිටින කෙනෙක්. සත්‍යය කතා කරන කෙනෙක්. සත්‍යය ගලපන කෙනෙක්. ස්ථිරව පිහිටලා කතාකරන කෙනෙක්. පිළිගත හැකි දේ කතා කරන කෙනෙක්. ලෝකයාව නොරවටන කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

12. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතෝ සමණෝ ගෝතමෝ ඉතෝ සුත්‌වා න අමුත්‍ර අක්‌ඛාතා ඉමේසං භේදාය අමුත්‍ර වා සුත්‌වා න ඉමේසං අක්‌ඛාතා අමූසං භේදාය. ඉති භින්‌නානං වා සන්‌ධාතා සංහිතානං වා අනුප්‌පදාතා සමග්‌ගාරාමෝ සමග්‌ගරතෝ සමග්‌ගනන්‌දී සමග්‌ගකරණිං වාචං භාසිතාති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කේලාම් කීම අත්හැරලා කේලාම් කීමෙන් වැළකුණු කෙනෙක්. මෙතැනින් අහලා මේ අය බිඳවන්නට අතන කියන්නෙ නෑ. අතනින් අහලා ඒ උදවිය බිඳවන්නට මෙතැන කියන්නේ නෑ. මේ අයුරින් බිඳුණු උදවිය සමගි කරවනවා. සමගි වූවන්ට අනුබල දෙනවා. සමගි වූවන් හා වාසයට කැමතියි. සමගි වූවන් හා එක්ව වසනවා. සමගි වූවන් සමඟ සතුටු වෙනවා. සාමය උදෙසා සාමකාමී වචන කතා කරන කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

13. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ සමණෝ ගෝතමෝ යා සා වාචා නේලා කණ්‌ණසුඛා පේමනීයා හදයංගමා පෝරී බහුජනකන්‌තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතාති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පරුෂ වචනය අත්හැරලා පරුෂ වචනයෙන් වැළකී ඉන්න කෙනෙක්. යම් වචනයක් දොස් රහිත නම්, කනට සැප නම්, ආදරවන්ත නම්, හෘදයාංගම නම්, ශිෂ්ට සම්පන්න නම්, බොහෝ ජනයා කැමති නම්, බොහෝ ජනයාට ප්‍රියමනාප නම් එබඳු වූ වචන පවසන කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

14. සම්‌ඵප්‌පලාපං පහාය සම්‌ඵප්‌පලාපා පටිවිරතෝ සමණෝ ගෝතමෝ කාලවාදී භූතවාදී අත්‌ථවාදී ධම්‌මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලේන සාපදේසං පරියන්‌තවතිං අත්‌ථසංහිතන්‌ති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තේරුමක් නැති කතා බහ අත්හැරලා තේරුමක් නැති කතා කීමෙන් වැළකී සිටින කෙනෙක්. කල් යල් බලා කතා කරන කෙනෙක්, ඇත්ත කතා කරන කෙනෙක්, අර්ථවත් දෙය කතා කරන කෙනෙක්, ධර්මයම කතා කරන කෙනෙක්, විනයම කතා කරන කෙනෙක්, සිත්හි ලා දරාගැනීමට සුදුසු, වෙලාවට ගැලපෙන උපදේශ සහිත වූ මදිපාඩුකම් නොතබා ප්‍රමාණවත් පරිදි දෙලොව යහපත පිණිස වූ දේ පවසන කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

15. බීජගාමභූතගාමසමාරම්‌භා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. ඒකභත්‌තිකෝ සමණෝ ගෝතමෝ රත්‌තූපරතෝ විරතෝ විකාලභෝජනා. නච්‌චගීතවාදිතවිසූකදස්‌සනා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. මාලාගන්‌ධවිලේපනධාරණමණ්‌ඩනවිභූසනට්‌ඨානා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. උච්‌චාසයනමහාසයනා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. ජාතරූපරජතපටිග්‌ගහණා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. ආමකධඤ්‌ඤපටිග්‌ගහණා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. ආමකමංසපටිග්‌ගහණා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. ඉත්‌ථිකුමාරිකපටිග්‌ගහණා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. දාසිදාසපටිග්‌ගහණා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. අජේළකපටිග්‌ගහණා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. කුක්‌කුටසූකරපටිග්‌ගහණා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. හත්‌ථිගවාස්‌සවළවපටිග්‌ගහණා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. ඛෙත්‌තවත්‌ථුපටිග්‌ගහණා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. දූතෙය්‍යපහිණගමනානුයෝගා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. කයවික්‌කයා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. උක්‌කෝටනවඤ්‌චනනිකතිසාචියෝගා පටිවිරතෝ සමණෝ ගෝතමෝ. ඡේදනවධබන්‌ධනවිපරාමෝසආලෝපසහසාකාරා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

චුල්ලසීලං නිට්ඨිතං.

‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පැළවෙන බීජ හා පැළවුන ගස් කොළන් විනාශ කිරීමෙන් වැළකී සිටින කෙනෙක්. එක් වරුවේ බොජුන් වළඳන කෙනෙක්. රාත්‍රී ආහාරයෙන් වැළකී විකාල භෝජනයෙන් වැළකී සිටින කෙනෙක්. නැටුම්, ගැයුම්, වැයුම් හා විසූක දර්ශනයන් නැරඹීමෙන් වැළකී සිටින කෙනෙක්. මල් සුවඳ විලවුන් දැරීමෙන්ද, ඇඟපත සැරසීමෙන්ද, විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීමෙන්ද වැළකී සිටින කෙනෙක්. ප්‍රමාණය ඉක්ම වූ උස් ආසනද, වටිනා සුඛෝපභෝගී ආසනද පරිහරණයෙන් වැළකී සිටින කෙනෙක්. රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී සිටින කෙනෙක්. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළකී සිටින කෙනෙක්. අමු මස් පිළිගැනීමෙන් වැළකී සිටින කෙනෙක්. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වැළකී සිටින කෙනෙක්. දැසි දස්සන් පිළිගැනීමෙන් වැළකී සිටින කෙනෙක්. එළුබැටළුවන් පිළිගැනීමෙන් වැළකී සිටින කෙනෙක්. කුකුළන් ඌරන් පිළිගැනීමෙන් වැළකී සිටින කෙනෙක්. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් වැළකී සිටින කෙනෙක්. කෙත් වතු පිළිගැනීමෙන් වැළකී සිටින කෙනෙක්. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගිහි කටයුතු සඳහා දූත මෙහෙවර කිරීමෙන් වැළකී සිටින කෙනෙක්. වෙළහෙළඳාම් කිරීමෙන් වැළකී සිටින කෙනෙක්. තරාදියෙන් රැවටීම, නොවටිනා දෙයින් රැවටීම, මිනුමෙන් රැවටීම යන මෙයින් වැළකී සිටින කෙනෙක්. අල්ලස් ගෙන හිමිකරුවන්ගේ දේ අහිමි කිරීම, වංචා කිරීම, බාල දේ වටිනා දේ හැටියට පෙන්වීම ආදී නොයෙක් වංචනික දෙයින් වැළකී සිටින කෙනෙක්. අත්පා කැපීම්, මැරීම්, බන්ධන කිරීම්, මං පැහැරගැනීම්, ගම් පැහැර ගැනීම් ආදී සැහැසි දෙයින් වැළකී සිටින කෙනෙක්’ කියලා. පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

කුඩා සීලය නිමාවිය.

16. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං බීජගාමභූතගාමසමාරම්‌භං අනුයුත්‌තා විහරන්‌ති සෙය්‍යථිදං. මූලබීජං ඛන්‌ධබීජං ඵළුබීජං අග්‌ගබීජං බීජබීජමේව පඤ්‌චමං ඉති වා ඉති ඒවරූපා බීජගාමභූතගාමසමාරම්‌භා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ විදිහට පැළවෙන දේ හා ගස් කොළන් ආදිය වනසමින් ඉන්නවා. ඒ කියන්නේ මුලින් පැළවෙන දේවල්, කඳින් පැළවෙන දේවල්, පුරුකින් පැළවෙන දේවල්, දල්ලෙන් පැළවෙන දේවල්, පස්වෙනුව බිජුවටින් පැළවෙන දේවල් යන ආදිය වනසමින් ඉන්නවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගස් කොළන් සිඳලීම් ආදී මෙවැනි දේවල්වලිනුත්, මෙවැනි වෙනත් දේවල්වලිනුත් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

17. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං සන්‌නිධිකාරපරිභෝගං අනුයුත්‌තා විහරන්‌ති සෙය්‍යථිදං. අන්‌නසන්‌නිධිං පානසන්‌නිධිං වත්‌ථසන්‌නිධිං යානසන්‌නිධිං සයනසන්‌නිධිං ගන්‌ධසන්‌නිධිං ආමිසසන්‌නිධිං ඉති වා ඉති ඒවරූපා සන්‌නිධිකාරපරිභෝගා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාර වූ දේ රැස්කරගෙන පරිභෝග කරමින් වාසය කරනවා. ඒ කියන්නේ කෑම වර්ග රැස්කරලා තියාගන්නවා. බීම වර්ග රැස්කරලා තියාගන්නවා. වස්ත්‍ර රැස්කරලා තියාගන්නවා. යානවාහන රැස්කරලා තියාගන්නවා. ඇඳ පුටු මේස රැස්කරලා තියාගන්නවා. සුවඳ වර්ග රැස්කරලා තියාගන්නවා. තවත් ආමිස රැස්කරලා තියාගන්නවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි හෝ මෙවැනි වෙනත් දේවල් හෝ රැස්කරගෙන පරිහරණය කිරීමෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

18. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං විසූකදස්‌සනං අනුයුත්‌තා විහරන්‌ති සෙය්‍යථිදං. නච්‌චං ගීතං වාදිතං පෙක්‌ඛං අක්‌ඛානං පාණිස්‌සරං වේතාළං කුම්‌භථූණං සෝභනකං චණ්‌ඩාලං වංසං ධෝවනං හත්‌ථියුද්‌ධං අස්‌සයුද්‌ධං මහිසයුද්‌ධං උසභයුද්‌ධං අජයුද්‌ධං මෙණ්‌ඩයුද්‌ධං කුක්‌කුටයුද්‌ධං වට්‌ටකයුද්‌ධං දණ්‌ඩයුද්‌ධං මුට්‌ඨියුද්‌ධං නිබ්‌බුද්‌ධං උයය්‍යෝධිකං බලග්‌ගං සේනාබ්‍යූහං අනීකදස්‌සනං ඉති වා ඉති ඒවරූපා විසූකදස්‌සනා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයේ විසූක දර්ශනයන් නැරඹීමෙහි යෙදිලා ඉන්නවා. ඒ කියන්නේ නැටීම්, ගැයුම්, වැයුම්, නාටක, පැරණි කථා රඟදැක්වීම්, අත්තාල ගසා නැටීම්, වේතාල නැටීම්, බෙර වාදන කිරීම්, රඟමඬළෙහි දේවතාවන්ට පූජා පිණිස නැටුම්, උණ ගසින් කරන ක්‍රීඩා, මීනී ඇට මැද තබා වටකොට නැටීම්, ඇත් යුද බැලීම්, අශ්ව යුද බැලීම්, ගොන් පොර බැලීම්, එළු පොර බැලීම්, බැටළු පොර බැලීම්, කුකුළු පොර බැලීම්, වටු පොර බැලීම්, පොලු හරඹ බැලීම්, මිටි හරඹ බැලීම්, මල්ලව පොර බැලීම්, යුද සේනා බලන්නට යෑම, බලසෙන් ගණින තැන් බලන්නට යාම, බලසෙනඟ විසිරුවන තැන් බලන්නට යාම ආදී දේවල්වල යෙදෙමින් ඉන්නවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දේවල්වලිනුත්, මෙවැනි වෙනත් දේවල්වලින් යුතු විසූක දර්ශන නැරඹීම්වලින් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

19. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං ජූතප්‌පමාදට්‌ඨානානුයෝගං අනුයුත්‌තා විහරන්‌ති සෙය්‍යථිදං. අට්‌ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්‌තිකං ඛලිකං ඝටිකං සලාකහත්‌ථං අක්‌ඛං පංගචීරං වංකකං මොක්‌ඛචිකං චිංගුලකං පත්‌තාළ්‌හකං රථකං ධනුකං අක්‌ඛරිකං මනේසිකං යථාවජ්‌ජං ඉති වා ඉති ඒවරූපා ජූතප්‌පමාදට්‌ඨානානුයෝගා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා තමාව ප්‍රමාදයට පත්කරවන මේ ආකාර වූ සූදු කෙළියෙන් කල් යවනවා. ඒ කියන්නේ හතරැස් කොටු අටකින් යුතුව කරන සූදුව, කොටු දහයකින් කරන සූදුව, අහසේ රූ අඳිමින් කරන සූදුව, කොටු පැනීමෙන් කරන සූදුව, සන්තික නම් වූ සූදුව, දාදු කැටයෙන් කරන සූදුව, කල්ලි ගැසුම, බූරුවා ගැසීම, ගුළ කෙළිය, නළා පිඹීම, කරණම් ගැසීම, මුගුරක් ගෙන උඩ යට වැටෙන පරිදි උඩට ගැසීම, කොළවලින් කළ ගොටුවලින් තරඟෙට වැලි මැනීම, කුඩා රිය තරඟ, කුඩා දුනුවලින් විදීමේ තරඟ, අකුරු ලිවීමේ සෙල්ලම, සිතූ දේ කියන සෙල්ලම, විකලාංග අනුකරණයෙන් හිනැස්සීමේ සෙල්ලම ආදී දේ කිරීමයි. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ දෙයිනුත්, මෙවැනි තවත් දේවල් ඇත්නම් එයිනුත් වැළකී ප්‍රමාදයට පත්වන සූදුවෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

20. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං උච්‌චාසයනමහාසයනං අනුයුත්‌තා විහරන්‌ති සෙය්‍යථිදං. ආසන්‌දිං පල්‌ලංකං ගෝනකං චිත්‌තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්‌දලෝමිං ඒකන්‌තලෝමිං කට්‌ටිස්‌සං කෝසෙය්‍යං කුත්‌තකං හත්‌ථත්‌ථරං අස්‌සත්‌ථරං රථත්‌ථරං අජිනප්‌පවේණිං කාදලිමිගපවරපච්‌චත්‌ථරණං සඋත්‌තරච්‌ඡදං උභතෝලෝහිතකූපධානං ඉති වා ඉති ඒවරූපා උච්‌චාසයනමහාසයනා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාර වූ පමණ ඉක්මවා උස් වූ ආසනත්, වටිනා සුඛෝප භෝගී ආසනත් පරිහරණය කරනවා. ඒ කියන්නේ දිග හාන්සි පුටු, කවිච්චි, ලොකු පලස් යෙදූ ආසන, විසිතුරු ගෙත්තම් කළ එළු ලොම් ඇතිරිලි, සුදු එළු ලොමින් කළ ඇතිරිලි, මල් යෙදූ එළු ලොමින් කළ ඇතිරිලි, පුළුන් යෙදූ මෙට්ට, සත්ව රූපවලින් සැරසූ එළු ලොම් ඇතිරිලි, මුළුමණින්ම එළු ලොමින් කළ ඇතිරිලි, රන් නූලෙන් සැරසූ කලාල, පට නූලෙන් කළ කලාල, නාටිකාංගනාවන්ට ඒ මත නැටිය හැකි එළු ලොමින් කළ කලාල, ඇතුන් පිට යොදන ඇතිරිලි, අසුන් පිට යොදන ඇතිරිළි, රථවල යොදන ඇතිරිලි, අඳුන් දිවි සමෙන් කළ ඇතිරිලි, කදලි මුව සමෙන් කළ කලාල, හිස දෙපැත්තට රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියන් බැඳ සැදූ වටිනා යහන් ආදිය පරිහරණය කරයි. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී උස් අසුන්, මහා අසුන් පරිහරණයෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

21. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං මණ්‌ඩනවිභූසනට්‌ඨානානුයෝගං අනුයුත්‌තා විහරන්‌ති සෙය්‍යථිදං. උච්‌ඡාදනං පරිමද්‌දනං නහාපනං සම්‌බාහනං ආදාසං අඤ්‌ජනං මාලාවිලේපනං මුඛචුණ්‌ණකං මුඛලේපනං හත්‌ථබන්‌ධං සිඛාබන්‌ධං දණ්‌ඩකං නාළිකං අසිං ඡත්‌තං චිත්‍රෑපාහනං උණ්‌හීසං මණිං වාලවීජනිං ඕදාතානි වත්‌ථානි දීඝදසානි ඉති වා ඉති ඒවරූපා මණ්‌ඩනවිභූසනට්‌ඨානානුයෝගා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් ඇඟපත සැරසීමෙන් හා විසිතුරු වස්ත්‍රාභරණ පැළඳීමෙන් යුක්තව කල් ගෙවනවා. ඒ කියන්නේ සුවඳ වර්ග ඇඟ තවරා සිරුර සිනිඳු කිරීම, තෙල් වර්ග ගා සම්බාහනය කොට සිරුර හැඩ කිරීම, සුවඳපැන් නෑම, උරහිස් ආදියෙහි මස් වැඩීමට මුගුරෙන් තැලීම, කැඩපතින් මුහුණ බලා සැරසීම, ඇස්වල අඳුන් ගෑම, මල් හා සුවඳ විලවුන් දැරීම, මුව සුවඳ කිරීම, මුව විලවුන් දැරීම, අත්වල ආභරණ දැමීම, හිසෙහි කුඩුම්බි දැරීම. විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත් නල දැරීම, විසිතුරු කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල් පට දැරීම, මැණික් පැළඳීම, චාමර දැරීම, දිග වාටි ඇති සුදු වස්ත්‍ර දැරීම ආදියෙන් යුතුවෙයි. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී ඇඟපත සැරසීම් හා විසිතුරු වස්ත්‍රාභරණ සැරසීමෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

22. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං තිරච්‌ඡානකථං අනුයුත්‌තා විහරන්‌ති සෙය්‍යථිදං. රාජකථං චෝරකථං මහාමත්‌තකථං සේනාකථං භයකථං යුද්‌ධකථං අන්‌නකථං පානකථං වත්‌ථකථං සයනකථං මාලාකථං ගන්‌ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්‌ථිකථං පුරිසකථං කුමාරකථං කුමාරිකථං සූරකථං විසිඛාකථං කුම්‌භට්‌ඨානකථං පුබ්‌බපේතකථං නානත්‌තකථං ලෝකක්‌ඛායිකං සමුද්‌දක්‌ඛායිකං ඉතිභවාභවකථං ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානකථාය පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූ තිරිසන් කථාවල යෙදී වාසය කරනවා. ඒ කියන්නේ, රජවරුන් ගැන කථා, සොරුන් ගැන කථා, මහ ඇමතිවරුන් ගැන කථා, හමුදාවන් ගැන කථා, භය ඇතිවෙන දේවල් ගැන කථා, ආහාර වර්ග ගැන කථා, බොන දේවල් ගැන කථා, ඇඳුම් පැළඳුම් ගැන කථා, ඇඳ පුටු ගැන කථා, මල් වර්ග ගැන කථා, සුවඳ වර්ග ගැන කථා, නෑදෑයන් ගැන කථා, යාන වාහන ගැන කථා, ගම්මාන ගැන කථා, නියම් ගම්මාන ගැන කථා, නගර ගැන කථා, රටවල් ගැන කථා, ස්ත්‍රීන් ගැන කථා, පුරුෂයින් ගැන කථා, කුමාරයින් ගැන කථා, කුමාරියන් ගැන කථා, ශූරයින් ගැන කථා, මංමාවත් ගැන කථා, වළං පොලේ දේවල් ගැන කථා, මියගිය උදවිය ගැන කථා, තව තව දේවල් ගැන කථා, ලෝකය ගැන කථා, සාගරය ගැන කථා, මෙහෙමයි වුනේ මෙහෙමයි නොවුනේ කියන දේ ගැන කතා කරකර ඉන්නවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරිසන් කථාවෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

23. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං විග්‌ගාහිකකථං අනුයුත්‌තා විහරන්‌ති සෙය්‍යථිදං. න ත්‌වං ඉමං ධම්‌මවිනයං ආජානාසි අහං ඉමං ධම්‌මවිනයං ආජානාමි කිං ත්‌වං ඉමං ධම්‌මවිනයං ආජානිස්‌සසි මිච්‌ඡා පටිපන්‌නෝ ත්‌වමසි අහමස්‌මි සම්‌මා පටිපන්‌නෝ සහිතං මේ අසහිතං තේ පුරේවචනීයං පච්‌ඡා අවච පච්‌ඡාවචනීයං පුරේ අවච ආචිණ්‌ණං තේ විපරාවත්‌තං ආරෝපිතෝ තේ වාදෝ නිග්‌ගහිතෝ ත්‌වමසි චර වාදප්‌පමොක්‌ඛාය නිබ්‌බේඨේහි වා සචේ පහෝසීති ඉති වා ඉති ඒවරූපාය විග්‌ගාහිකකථාය පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් එකිනෙකා අතර බැණ දොඩා ගන්නා කථාවෙන් යුතුවයි ඉන්නෙ. ඒ කියන්නේ “නුඹ මේ ධර්ම විනය දන්නෙ නෑ. මම තමයි මේ ධර්ම විනය දන්නේ, ආ… එහෙමද එතකොට නුඹද මේ ධර්ම විනය දන්නේ? නුඹ ඉන්නේ මිථ්‍යා වැඩපිළිවෙලකයි. මම තමයි නියම වැඩපිළිවෙල තුළ ඉන්නේ. මං කරුණු සහිතවයි කියන්නේ. නුඹේ කීම කරුණු රහිතයි. නුඹ කලින් කිවයුතු දේ පස්සේ කිව්වා. පස්සේ කිවයුතු දේ කලින් කිව්වා. නුඹ කලක් තිස්සේ කියපු දේ කණපිට පෙරළුනා. මා විසින් නුඹට වාද නංවලයි තියෙන්නේ. නුඹට නිග්‍රහ කරලයි තියෙන්නේ. වාදයෙන් නිදහස් වීමට මගක් හොයාගෙන පලයන්. පුළුවන් නම් ලිහාගනින්” යනාදිය කියමින් ආරවුල් හදා ගන්නවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ බැණ දොඩාගන්නා කථාවෙන් වැළකී සිටින කෙනෙක් කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

24. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං දූතෙය්‍යපහිණගමනානුයෝගං අනුයුත්‌තා විහරන්‌ති සෙය්‍යථිදං. රඤ්‌ඤං රාජමහාමත්‌තානං ඛත්‌තියානං බ්‍රාහ්‌මණානං ගහපතිකානං කුමාරානං ඉධ ගච්‌ඡ අමුත්‍රාගච්‌ඡ ඉදං හර අමුත්‍ර ඉදං ආහරාති ඉති වා ඉති ඒවරූපා දූතෙය්‍යපහිණගමනානුයෝගා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා ගිහියන්ගේ පණිවිඩපණත් ගෙන යන මෙබඳු වූ දූත මෙහෙවරෙහි යෙදෙනවා. ඒ කියන්නේ, “මෙහෙ යන්න, අසවල් තැනට එන්න, මේක (අපේ මේ පණිවිඩය) අරන් යන්න. අසවල් තැනට මේක අරන් යන්න” යනාදී රජුන්ගේ, රාජමහා ඇමැතිවරුන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, කුමාරවරුන්ගේ පණිවිඩපණත් ගෙනියනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ පණිවිඩපණත් ගෙනයන ගිහියන්ගේ දූත මෙහෙවරෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

25. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ කුහකා ච හොන්‌ති ලපකා ච නේමිත්‌තිකා ච නිප්‌පේසිකා ච ලාභේන ලාභං නිජිගිංසිතාරෝ ඉති වා ඉති ඒවරූපා කුහනලපනා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

මජ්ඣිමසීලං නිට්ඨිතං.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා කුහක (උඩින් වෙන ජීවිතයක් පෙන්වමින් යටින් වෙනත්) ජීවිත ගෙවනවා. ලාභ සත්කාර ලැබෙන විදිහට (පුහු වර්ණනා කිරීම්, තොඳොල් කිරීම්, නැති ගුණ කීම් ආදී) චාටු බස් කියනවා. දායකයින් හට නොදී බැරි තත්වයට පත්වෙන ආකාරයේ නිමිති දක්වමින් කතා කරනවා. තමන්ට ලැබෙන විදිහට අනුන්ට ගරහනවා. ලාභයෙන් ලාභය හොයනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ කුහකකමින් චාටුබස්වලින් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

මධ්‍යම සීලය නිමාවිය.

26. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. අංගං නිමිත්‌තං උප්‌පාතං සුපිනං ලක්‌ඛණං මූසිකච්‌ඡින්‌නං අග්‌ගිහෝමං දබ්‌බිහෝමං ථුසහෝමං කණහෝමං තණ්‌ඩුලහෝමං සප්‌පිහෝමං තේලහෝමං මුඛහෝමං ලෝහිතහෝමං අංගවිජ්‌ජා වත්‌ථුවිජ්‌ජා ඛත්‌තවිජ්‌ජා සිවවිජ්‌ජා භූතවිජ්‌ජා භූරිවිජ්‌ජා අහිවිජ්‌ජා විසවිජ්‌ජා විච්‌ඡිකවිජ්‌ජා මූසිකවිජ්‌ජා සකුණවිජ්‌ජා වායසවිජ්‌ජා පක්‌කජ්‌ඣානං සරපරිත්‌තාණං මිගපක්‌කං ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙවැනි වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ ශාරීරික අංග බලලා ඵලාඵල කියනවා, නිමිති බලලා ඵලාඵල කියනවා, උත්පාත බලලා ඵලාඵල කියනවා, සිහින ඵලාඵල කියනවා, ශාරීරික ලක්ෂණ බලලා ඵලාඵල කියනවා, මීයන් කෑ වස්ත්‍ර බලලා ඵලාඵල කියනවා, ගිනි පූජා පවත්වනවා, හැන්දෙන් පූජා පවත්වනවා, ධාන්‍ය පොතුවලින් පූජා පවත්වනවා, කණ නම් වූ සහලින් කළ පූජා පවත්වනවා, සහලින් පූජා පවත්වනවා, ගිතෙලින් පූජා පවත්වනවා, තල තෙලින් පූජා පවත්වනවා, විශේෂ කොට කරන පූජා පවත්වනවා, සතුන් මරා ලේ පුදා කරන පූජා පවත්වනවා, අංග විද්‍යාව, වාස්තු විද්‍යාව, දේශපාලන විද්‍යාව, වාසනාව උරගා බැලීමේ (ලොතරැයි) විද්‍යාව, භූත විද්‍යාව, පොළොව යට බිම් ගෙයක ඉඳ මැතිරීමෙන් කරන (භූරි) විද්‍යාව, සර්ප විද්‍යාව, විෂ විද්‍යාව, වෘශ්චික විද්‍යාව, මූසික විද්‍යාව, පක්ෂි විද්‍යාව, විශාල පක්ෂි විද්‍යාව, ඉදුණු දේ මුල් කොට අනාවැකි කියන විද්‍යාව, මතුරන ලද ඊතල විද ආරක්ෂා කරන විද්‍යාව, මෘග පක්ෂ යනාදී මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

27. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. මණිලක්‌ඛණං දණ්‌ඩලක්‌ඛණං වත්‌ථලක්‌ඛණං අසිලක්‌ඛණං උසුලක්‌ඛණං ධනුලක්‌ඛණං ආවුධලක්‌ඛණං ඉත්‌ථිලක්‌ඛණං පුරිසලක්‌ඛණං කුමාරලක්‌ඛණං කුමාරීලක්‌ඛණං දාසලක්‌ඛණං දාසීලක්‌ඛණං හත්‌ථිලක්‌ඛණං අස්‌සලක්‌ඛණං මහිසලක්‌ඛණං උසභලක්‌ඛණං ගෝලක්‌ඛණං අජලක්‌ඛණං මෙණ්‌ඩලක්‌ඛණං කුක්‌කුටලක්‌ඛණං වට්‌ටකලක්‌ඛණං ගෝධාලක්‌ඛණං කණ්‌ණිකාලක්‌ඛණං කච්‌ඡපලක්‌ඛණං මිගලක්‌ඛණං ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ මැණික්වල සුභ අසුභ ලකුණු කීම, දඬුවල සුභ අසුභ ලකුණු කීම, වස්ත්‍රවල සුභ අසුභ ලකුණු කීම, කඩු ආදී සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, ඊතල ආදී සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, දුනු ආදී සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, ආයුධ ආදී සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, ස්ත්‍රීන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, පුරුෂයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දරුවන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දැරියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, ඒ ඒ කටයුතු සඳහා තෝරා ගත යුතු ඇතුන්ගේ ලකුණු කීම, අසුන්ගේ ලකුණු කීම, ඔටුවන්ගේ ලකුණු කීම, වෘෂභයන්ගේ ලකුණු කීම, ගවයන්ගේ ලකුණු කීම, එළුවන්ගේ ලකුණු කීම, බැටළුවන්ගේ ලකුණු කීම, කුකුළු පොර ආදියට සුදුසු කුකුළන්ගේ ලකුණු කීම, වටුවන්ගේ ලකුණු කීම, සුහුනන් ඇඟ වැටීමේ සහ හඬනැගීමේ ඵලාඵල කීම, කණෙහි පළඳාගත් උපකරණවලින් ඵලාඵල කීම, කැස්බෑවන්ට මතුරා ඵලාඵල කීම, මුවන්ට මතුරා ඵලාඵල කීම ආදී තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක් කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

28. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. රඤ්‌ඤං නිය්‍යානං භවිස්‌සති රඤ්‌ඤං අතියානං භවිස්‌සති අබ්‌භන්‌තරානං රඤ්‌ඤං උපයානං භවිස්‌සති බාහිරානං රඤ්‌ඤං අපයානං භවිස්‌සති බාහිරානං රඤ්‌ඤං උපයානං භවිස්‌සති අබ්‌භන්‌තරානං රඤ්‌ඤං අපයානං භවිස්‌සති අබ්‌භන්‌තරානං රඤ්‌ඤං ජයෝ භවිස්‌සති බාහිරානං රඤ්‌ඤං පරාජයෝ භවිස්‌සති බාහිරානං රඤ්‌ඤං ජයෝ භවිස්‌සති අබ්‌භන්‌තරානං රඤ්‌ඤං පරාජයෝ භවිස්‌සති ඉති ඉමස්‌ස ජයෝ භවිස්‌සති ඉමස්‌ස පරාජයෝ භවිස්‌සති ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, “අසවල් නැකතට රජතුමාගේ යුද පිණිස නික්මීම වන්නේය. අසවල් නැකතින් ආපසු නුවරට ඇතුළ්වීම සිදු කළ යුත්තේය. අසවල් නැකතින් රට ඇතුළේ සිට පිටත සතුරු රජුන් හමුවීමට රජුගේ ගමන කළ යුත්තේය. අසවල් නැකතින් පිටත සිටින රජවරු රට ඇතුළට පැමිණීම වන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ සිටින රජුගේ ඉවත්වීම සිදුවන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ සිටින රජුට ජය වන්නේය. අසවල් නැකතින් බාහිර රජුනට පරාජය වන්නේය. අසවල් නැකතින් බාහිර රජුන්ට ජය වන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ රජුට පරාජය වන්නේය කියලා ‘මොහුට ජය වෙනවා, මොහුට පරාජය වෙනවා’ ආදී වශයෙන් පවසමින් තිරිසන් විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක් කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

29. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. චන්‌දග්‌ගාහෝ භවිස්‌සති සුරියග්‌ගාහෝ භවිස්‌සති නක්‌ඛත්‌තග්‌ගාහෝ භවිස්‌සති චන්‌දිමසුරියානං පථගමනං භවිස්‌සති චන්‌දිමසුරියානං උප්‌පථගමනං භවිස්‌සති නක්‌ඛත්‌තානං පථගමනං භවිස්‌සති නක්‌ඛත්‌තානං උප්‌පථගමනං භවිස්‌සති උක්‌කාපාතෝ භවිස්‌සති දිසාඩාහෝ භවිස්‌සති භූමිචාලෝ භවිස්‌සති දේවදුන්දුභි භවිස්‌සති චන්‌දිමසුරියනක්‌ඛත්‌තානං උග්‌ගමනං ඕගමනං සංකිලේසං වෝදානං භවිස්‌සති ඒවංවිපාකෝ චන්‌දග්‌ගාහෝ භවිස්‌සති ඒවංවිපාකෝ සුරියග්‌ගාහෝ භවිස්‌සති ඒවං විපාකෝ නක්‌ඛත්‌තග්‌ගාහෝ භවිස්‌සති ඒවං විපාකං චන්‌දිමසුරියානං පථගමනං භවිස්‌සති ඒවං විපාකං චන්‌දිමසුරියානං උප්‌පථගමනං භවිස්‌සති ඒවං විපාකං නක්‌ඛත්‌තානං පථගමනං භවිස්‌සති ඒවං විපාකං නක්‌ඛත්‌තානං උප්‌පථගමනං භවිස්‌සති ඒවං විපාකෝ උක්‌කාපාතෝ භවිස්‌සති ඒවං විපාකෝ දිසාඩාහෝ භවිස්‌සති ඒවං විපාකෝ භූමිචාලෝ භවිස්‌සති ඒවං විපාකෝ දේවදුන්දුභි භවිස්‌සති ඒවං විපාකං චන්‌දිමසුරියනක්‌ඛත්‌තානං උග්‌ගමනං ඕගමනං සංකිලේසං වෝදානං භවිස්‌සති ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, “අසවල් දින චන්ද්‍රග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සූර්යග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින නැකත් ග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නිසිමඟින් යෑම සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නොමඟින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නිසිමඟින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නොමඟින් යෑම සිදුවෙනවා. අසවල් දින උල්කාපාත වැටෙනවා. අසවල් දින අසවල් දිශාවේ උෂ්ණත්වය වැඩිවෙනවා. අසවල් දින භූමිකම්පාවක් සිදුවෙනවා. අසවල් දින වැසි රහිතව අහස ගුගුරනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම මේ මේ වෙලාවට සිදුවෙනවා. චන්ද්‍ර ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. සූර්ය ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. නැකත් ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නිසිගමන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නොමඟින් යෑම මෙවැනි ඵල විපාක ලබා දෙනවා. උල්කාපාත වැටීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. දිශා දාහය මෙවැනි ඵල විපාක ලබාදෙනවා. භූකම්පන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. වැසි නැතිව අහස ගිගිරීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම ලෝකයට මෙවැනි විපාක ලබාදෙනවා” කියලා තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

30. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. සුබ්බුට්‌ඨිකා භවිස්‌සති දුබ්‌බුට්‌ඨිකා භවිස්‌සති සුභික්‌ඛං භවිස්‌සති දුබ්‌භික්‌ඛං භවිස්‌සති ඛේමං භවිස්‌සති භයං භවිස්‌සති රෝගෝ භවිස්‌සති ආරොග්‍යං භවිස්‌සති මුද්‌දා ගණනා සංඛානං කාවෙය්‍යං ලෝකායතං ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, මේ කාලයේදී වැස්ස වහිනවා. මේ කාලයේදී නියඟය ඇතිවෙනවා. මේ කාලයේදී ආහාරපානාදියෙන් සරුවෙනවා. මේ කාලයේදී දුර්භික්ෂය ඇතිවෙනවා. මේ කාලයේදී රට සරුවෙනවා. මේ කාලයේදී බිය සැක නැතිව ඉන්නවා. මේ කාලයේදී භය උපදිනවා. මේ කාලයේදී රෝග ඇතිවෙනවා. මේ කාලයේදී නීරෝග බව ඇතිවෙනවා කියමින් ඵලාඵල පැවසීමත්, මුද්‍රා, ගණිත, සංඛ්‍යාන, කාව්‍ය ශාස්ත්‍ර, ලෝකායත ශාස්ත්‍ර ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

31. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. ආවාහනං විවාහනං සංවදනං විවදනං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්‌භගකරණං විරුද්‌ධගබ්‌භකරණං ජිව්‌හානිත්ථම්භනං හනුසංහනනං හත්‌ථාභිජප්‌පනං හනුජප්‌පනං කණ්‌හජප්‌පනං ආදාසපඤ්‌හං කුමාරිකපඤ්‌හං දේවපඤ්‌හං ආදිච්‌චුපට්‌ඨානං මහතුපට්‌ඨානං අබ්‌භුජ්‌ජලනං සිරිව්‌හානං ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, විවාහයට නැකත් කීම, ආවාහයට නැකත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් කිරීමට නැකත් සෑදීම, එක් වූ අඹු සැමියන් වෙන් කිරීමට නැකත් සෑදීම, දීපු ණය එකතු කිරීමට නැකත් සෑදීම, මුදල් ණයට පොලියට දීමට නැකත් සෑදීම, දියුණු වීමට ගුරුකම් කිරීම, පාළු වී නැති වීමට ගුරුකම් කිරීම, දරුගැබ් රැකෙන්නට ගුරුකම් කිරීම, දිව අගුළු බැඳෙන්නට ගුරුකම් කිරීම, හනු තද කරන්නට ගුරුකම් කිරීම, අත් පෙරලෙන්නට ගුරුකම් කිරීම, හනු සිරවෙන්නට ගුරුකම් කිරීම, කන් අගුළු වැටෙන්නට ගුරුකම් කිරීම, කණ්ණාඩියෙන් භූතයන් කැඳවා ප්‍රශ්න විචාරීම, ගෑණු දරුවන් ලවා පේන කීම, දෙවියන් ලවා පේන කීම, සූර්ය වන්දනාව, මහ බඹු වන්දනාව, මන්ත්‍ර බලයෙන් කටින් ගිනිදැල් පිටකිරීම, මන්ත්‍ර බලෙන් ලක්ෂ්මී පූජා කිරීම යනාදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

32. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති සෙය්‍යථිදං. සන්‌තිකම්‌මං පණිධිකම්‌මං භූරිකම්‌මං වස්‌සකම්‌මං වොස්‌සකම්‌මං වත්‌ථුකම්‌මං වත්‌ථුපරිකම්‌මං වත්ථුපරිකිරණං ආචමනං නහාපනං ජුහනං වමනං විරේචනං උද්‌ධවිරේචනං අධෝවිරේචනං සීසවිරේචනං කණ්‌ණතේලං නෙත්‌තතප්‌පනං නත්‌ථුකම්‌මං අඤ්‌ජනං පච්‌චඤ්‌ජනං සාලාකියං සල්‌ලකත්‌තියං දාරකතිකිච්‌ඡා මූලභේසජ්‌ජානං අනුප්‌පදානං ඕසධීනං පටිමොක්‌ඛෝ ඉති වා ඉති ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ සමණෝ ගෝතමෝති. ඉති වා හි භික්‌ඛවේ පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

‘ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, ශාන්ති කර්ම කිරීම, බාර ඔප්පු කිරීම, පොළොව යට හිඳ මතුරා ගුරුකම් කිරීම, නපුංසකයා පිරිමියෙකු කිරීම, පිරිමියා නපුංසකයෙකු කිරීම, ගෙවල් තැනීමේ දිශාවන් පෙන්වා දීම, අළුතෙන් නිවාස තැනීමේදී පුද පූජා පැවැත්වීම, වතුර මතුරා මූණ සේදවීම, වතුර මතුරා නැහැවීම, ගිනිපිදීම, ලය විරේක කරවීම, බඩ විරේක කරවීම, වමනය කරවීම, වස්ති කරවීම, ශීර්ෂ විරේකය, කණට තෙල් පිඹීම, ඇස් වෙදකම, නස්න කිරීම, ඇස්වලට අඳුන් සෑදීම, ප්‍රතිඅංජන සෑදීම, ශල්‍යකර්ම කිරීම, ළදරු චිකිත්සාව, කාය චිකිත්සාව, වණවලට බෙහෙත් බැඳීම ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී සිටින කෙනෙක්’ කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහටයි පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියන්නේ.

33. ඉදං ඛෝ තං භික්‌ඛවේ අප්‌පමත්‌තකං ඕරමත්‌තකං සීලමත්‌තකං යේන පුථුජ්‌ජනෝ තථාගතස්‌ස වණ්‌ණං වදමානෝ වදෙය්‍ය.

මහාසීලං නිට්ඨිතං.

පින්වත් මහණෙනි, පෘථග්ජනයා යම් කරුණකින් තථාගතයන් වහන්සේගේ ගුණ කියතොත් කියනවා නම් ඒ මෙවැනි අල්ප මාත්‍ර දෙයකි. ස්වල්ප දෙයකි. සීල මාත්‍රයකි.

මහා සීලය නිමාවිය.

34. අත්‌ථි භික්‌ඛවේ අඤ්‌ඤේව ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං. කතමේ ච තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං?

පින්වත් මහණෙනි, වෙනත් දේවල් තියෙනවාමයි. ඒවා ගාම්භීරයි. දැකීමට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප්‍රණීතයි. ඒ වගේම තර්ක ගෝචරයෙන් තොරයි. සියුම්. නුවණැත්තන්ට විෂය වන දෙයක්. තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට වූ ප්‍රඥාවෙන් අවබෝධ කරලා යම් දෙයක් ලෝකයට ප්‍රකාශ කරනවා නම්, අන්න එබඳු දේවල්වලින් තමයි තථාගතයන් වහන්සේගේ යථාර්ථ වශයෙන්ම තිබෙන ගුණ ගැන මනාකොට වර්ණනා කරනවා නම් කළ යුත්තේ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට ප්‍රඥාවෙන් සාක්ෂාත් කරපු යම් දේවල් ඇද්ද, ඒ දේවල්වලින් තථාගතයන් වහන්සේගේ යථාර්ථ වශයෙන් තිබෙන ගුණය වර්ණනා කරනවා නම්, වර්ණනා කළ යුතු දේ වන ගාම්භීර වූත්, දැකීමට දුෂ්කර වූත්, අවබෝධයට දුෂ්කර වූත්, ශාන්ත වූත්, ප්‍රණීත වූත්, තර්ක ගෝචරයෙන් තොර වූත්, සියුම් වූත්, නුවණැත්තන්ට විෂය වූත් ඒ දේවල් මොනවාද?

35. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා පුබ්‌බන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති අට්‌ඨාදසහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ පුබ්‌බන්‌තකප්‌පිකා පුබ්‌බන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති අට්‌ඨාරසහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් අතීත ජීවිතයේ කෙළවර පිළිබඳව කල්පනා කරමින් අතීත ජීවිත කෙළවර ගැන ගොඩනඟාගත් මතවාදවලින් යුක්තයි. ඔවුන් අතීත ජීවිතයේ ආරම්භක කෙළවර අරභයා දහඅට කරුණකින් යුතුව නොයෙක් ආකාරයෙන් මතවාද ප්‍රකාශ කරමින් කරුණු කියනවා. අතීත ජීවිත කෙළවර පිළිබඳව කල්පනා කරමින් අතීත ජීවිත කෙළවර ගැන මතවාද ගොඩනඟා ගත් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙක් ආකාරයෙන් මතවාද ප්‍රකාශ කරමින් කරුණු දහඅටකින් තම මත පවසන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

36. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, ශාස්වතවාදී (සදාකාලික දේවල් ඇත යන මතවාදය පවසන) ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තමා ගැනත්, ලෝකය ගැනත් ශාස්වතයි කියලා කරුණු හතරකින් උගන්වනවා. ඒ ශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත්, ලෝකය ගැනත් ශාස්වතයි (සදාකාලිකයි) කියලා කරුණු හතරකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

37. ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බෙනිවාසං අනුස්‌සරති. සෙය්‍යථිදං. ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්‌සෝපි ජාතියෝ පඤ්‌චපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්‌පි ජාතියෝ තිංසම්‌පි ජාතියෝ චත්‌තාලීසම්‌පි ජාතියෝ පඤ්‌ඤාසම්‌පි ජාතියෝ ජාතිසතම්‌පි ජාතිසහස්‌සම්‌පි ජාතිසතසහස්‌සම්‌පි අනේකානිපි ජාතිසතානි අනේකානිපි ජාතිසහස්‌සානි අනේකානිපි ජාතිසතසහස්‌සානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඉන්නවා. ඔහු කෙලෙස් තවමින් වීරිය කරනවා. අධික වීරිය කරනවා. යළි යළිත් වීරිය කරනවා. අප්‍රමාදීව භාවනා වඩනවා. හොඳට සිත හසුරුවනවා. යම් අයුරකින් සිත සමාහිත වෙලා අනේකවිධ වූ අතීතයේ ගතකළ ජීවිත සිහි කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ එක උපතක්ද, උපත් දෙකක්ද, උපත් තුනක්ද, උපත් හතරක්ද, උපත් පහක්ද, උපත් දහයක්ද, උපත් විස්සක්ද, උපත් තිහක්ද, උපත් හතලිහක්ද, උපත් පනහක්ද, උපත් සියයක්ද, උපත් දාහක්ද, උපත් ලක්ෂයක්ද වශයෙන් නොයෙක් සිය ගණනින් ගෙවන ලද අතීත ජීවිත, නොයෙක් දහස් ගණනින් ගෙවන ලද අතීත ජීවිත, නොයෙක් ලක්ෂ ගණනින් ගෙවන ලද අතීත ජීවිත සිහි කරනවා. “මං අසවල් තැන හිටියා. එතකොට මගේ නම මේකයි, ගෝත්‍ර නාමය මේකයි, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්ඳේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ, ඊට පස්සේ මං එතැනින් චුතවෙලා අසවල් තැනයි උපන්නේ, එහෙදි මට ලැබුනෙ මේ නම, මේක තමයි ගෝත්‍ර නාමය, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්ඳේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ, ඊට පස්සේ මං එතැනින් චුතවෙලා මෙහි උපන්නා” කියලා.

ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති. සෝ ඒවමාහ. සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ. තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමං. තං කිස්‌ස හේතු? අහං හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි සෙය්‍යථිදං. ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්‌සෝපි ජාතියෝ පඤ්‌චපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්‌පි ජාතියෝ තිංසම්‌පි ජාතියෝ චත්‌තාලීසම්‌පි ජාතියෝ පඤ්‌ඤාසම්‌පි ජාතියෝ ජාතිසතම්‌පි ජාතිසහස්‌සම්‌පි ජාතිසතසහස්‌සම්‌පි අනේකානිපි ජාතිසතානි අනේකානිපි ජාතිසහස්‌සානි අනේකානිපි ජාතිසතසහස්‌සානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛ‌පටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං; තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි. ඉමිනාමහං ඒතං ජානාමි යථා සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ. තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමන්‌ති.

මේ විදිහට කරුණු සහිතව, පැහැදිලි කිරීම් සහිතව, නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන සිහි කරනවා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සදාකාලිකයි. වඳබැහැල තියෙන්නේ. ගිරිකුළක් වගේ තියෙන්නේ. නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ. ඒ සත්වයන්මයි, එක එක තැන උපදින්නේ. භවයෙන් භවයට සැරිසරා යන්නේ. චුතවෙන්නේ, උපදින්නේ. සදාකාලික වස්තු වගෙයි පවතින්නේ’ කියලා. ඒකට හේතුව කුමක්ද? මං කෙලෙස් තවන වීර්යයයෙන් යුතුව ගොඩාක් උත්සාහ කරලා, යළි යළිත් උත්සාහ කරලා, අප්‍රමාදීව මැනවින් මෙනෙහි කරලා යම් සමාහිත සිතකින් නොයෙක් අයුරින් පෙර විසූ ජීවිත ගැන සිහි කරනවා නම් මං එබඳු සමාධියක් ඇති කරගත්තා. ඒ කියන්නේ එක උපතක්ද, උපත් දෙකක්ද ….(පෙ)…. නොයෙක් ලක්ෂ ගණනින් ගෙවන ලද අතීත ජීවිත මං සිහි කරනවා. මං අසවල් තැනයි හිටියේ. එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි ….(පෙ)…. මෙහි උපන්නා කියලා. ඔය විදිහට කරුණු සහිතව පැහැදිලි කිරීම් සහිතව නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන මං සිහි කරනවා. මේ තුළින් තමයි ආත්මයත් ලෝකයත් සදාකාලික බව, වඳබැහැලා තියෙන බව, ගිරිකුළක් වගේ තියෙන බව, නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ තියෙන බව, ඒ සත්වයන්ම එක එක තැන උපදින බව, භවයෙන් භවයට සැරිසරා යන බව, චුතවෙන උපදින බව, සදාකාලික වස්තු වගේ පවතින බව කියන මං මේ කාරණය (ශාස්වතයි කියලා) දන්නේ.’

ඉදං භික්‌ඛවේ පඨමං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යමකට පැමිණිලා, යමක් අරභයා ශාස්වතවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා උගන්වනවා නම්, මේක තමයි පළමුවෙනි කාරණය.

38. දුතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති?

ශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා දෙවෙනි කරුණකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති. සෙය්‍යථිදං. ඒකම්පි සංවට්‌ටවිවට්‌ටං ද්වේපි සංවට්‌ටවිවට්‌ටානි තීණිපි සංවට්‌ටවිවට්‌ටානි චත්‌තාරිපි සංවට්‌ටවිවට්‌ටානි පඤ්‌චපි සංවට්‌ටවිවට්‌ටානි දසපි සංවට්‌ටවිවට්‌ටානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං; තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඉන්නවා. ඔහු කෙලෙස් තවමින් වීරිය කරනවා. අධික වීරිය කරනවා. යළි යළිත් වීරිය කරනවා. අප්‍රමාදීව භාවනා වඩනවා. හොඳට සිත හසුරුවනවා. යම් අයුරකින් සිත සමාහිත වෙලා අනේකවිධ වූ අතීතයේ ගතකළ ජීවිත සිහි කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ, එක සංවට්ට (පෘථිවිය විනාශ වෙන්නට ගත වන කාලය) විවට්ට (නැවත හැදෙන්නට ගත වන කාලය වශයෙන්) කල්පයක්ද, සංවට්ට විවට්ට කල්ප දෙකක්ද, සංවට්ට විවට්ට කල්ප තුනක්ද, සංවට්ට විවට්ට කල්ප හතරක්ද, සංවට්ට විවට්ට පහක්ද, සංවට්ට විවට්ට දහයක්ද වශයෙන් අතීතය සිහි කරනවා. ‘මං අසවල් තැන හිටියා. එතකොට මගේ නම මේකයි, ගෝත්‍ර නාමය මේකයි, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්ඳේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ. ඊට පස්සේ මං එතැනින් චුතවෙලා අසවල් තැනයි උපන්නේ, එහෙදී මට ලැබුනෙ මේ නම, මේක තමයි ගෝත්‍ර නාමය, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්ඳේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ, ඊට පස්සේ මං එතැනින් චුතවෙලා මෙහි උපන්නා’ කියලා. මේ විදිහට කරුණු සහිතව පැහැදිලි කිරීම් සහිතව නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන සිහි කරනවා.

සෝ ඒවමාහ. සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ. තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමං. තං කිස්‌ස හේතු? අහං ‌හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි. සෙය්‍යථිදං. ඒකම්පි සංවට්‌ටවිවට්‌ටං ද්වේපි සංවට්‌ටවිවට්‌ටානි තීණිපි සංවට්‌ටවිවට්‌ටානි චත්‌තාරිපි සංවට්‌ටවිවට්‌ටානි පඤ්‌චපි සංවට්‌ටවිවට්‌ටානි දසපි සංවට්‌ටවිවට්‌ටානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං; තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි. ඉමිනාපාහං ඒතං ජානාමි යථා සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමන්ති.

එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සදාකාලිකයි. වඳබැහැල තියෙන්නේ. ගිරිකුළක් වගේ තියෙන්නේ. නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ. ඒ සත්වයන්මයි, එක එක තැන උපදින්නේ. භවයෙන් භවයට සැරිසරා යන්නේ. චුතවෙන්නේ උපදින්නේ. සදාකාලික වස්තු වගේ තමයි පවතින්නේ. ඒකට හේතුව කුමක්ද? මං කෙලෙස් තවන වීර්යයෙන් යුතුව ….(පෙ)…. යම් සමාහිත සිතකින් නොයෙක් අයුරින් පෙර විසූ ජීවිත ගැන සිහි කරනවා නම් මං එබඳු සමාධියක් ඇති කරගත්තා. ඒ කියන්නේ එක සංවට්ට විවට්ට කල්පයක්ද, ….(පෙ)…. සංවට්ට විවට්ට කල්ප දහයක්ද, වශයෙන් අතීතය සිහි කරනවා. ‘මං අසවල් තැන හිටියා. ….(පෙ)…. ඊට පස්සේ මං එතනින් චුතවෙලා මෙහි උපන්නා’ කියලා. මේ විදිහට කරුණු සහිතව පැහැදිලි කිරීම් සහිතව නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන මං සිහි කරනවා. මේ තුළින් තමයි ආත්මයත් ලෝකයත් සදාකාලික බව, වඳබැහැල තියෙන බව, ගිරිකුළක් වගේ තියෙන බව, නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ තියෙන බව, ඒ සත්වයන්ම එක එක තැන උපදින බව, භවයෙන් භවයට සැරිසරා යන බව, චුතවෙන උපදින බව, සදාකාලික වස්තු වගේ පවතින බව කියන මේ කාරණය (ශාස්වතයි කියලා) මං දන්නේ.’

ඉදං භික්‌ඛවේ දුතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං -අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යමකට පැමිණිලා, යමක් අරභයා ශාස්වතවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා උගන්වනවා නම්, මේක තමයි දෙවෙනි කාරණය.

39. තතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති?

ශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා තුන්වෙනි කරුණකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති. සෙය්‍යථිදං. දසපි සංවට්‌ටවිවට්‌ටානි වීසතිම්‌පි සංවට්‌ටවිවට්‌ටානි තිංසම්‌පි සංවට්‌ටවිවට්‌ටානි චත්‌තාලීසම්‌පි සංවට්‌ටවිවට්‌ටානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඉන්නවා. ඔහු කෙලෙස් තවමින් වීරිය කරනවා. අධික වීරිය කරනවා. යළි යළිත් වීරිය කරනවා. අප්‍රමාදීව භාවනා වඩනවා. හොඳට සිත හසුරුවනවා. යම් අයුරකින් සිත සමාහිත වෙලා අනේකවිධ වූ අතීතයේ ගතකළ ජීවිත සිහි කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ, සංවට්ට විවට්ට කල්ප දහයක්ද, සංවට්ට විවට්ට කල්ප විස්සක්ද, සංවට්ට විවට්ට කල්ප තිහක්ද, සංවට්ට විවට්ට කල්ප හතළිහක්ද වශයෙන් අතීතය සිහි කරනවා. ‘මං අසවල් තැන හිටියා. එතකොට මගේ නම මේකයි, ගෝත්‍ර නාමය මේකයි, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්ඳේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ. ඊට පස්සේ මං එතැනින් චුතවෙලා අසවල් තැනයි උපන්නේ, එහෙදී මට ලැබුනේ මේ නම, මේක තමයි ගෝත්‍ර නාමය, රූප සෝභාව මෙහෙමයි, කෑවෙ බිව්වෙ මෙහෙමයි, සැපදුක් වින්දේ මෙහෙමයි, මෙහෙමයි ජීවිතය අවසන් වුනේ. ඊට පස්සේ මං එතැනින් චුතවෙලා මෙහි උපන්නා’ කියලා. මේ විදිහට කරුණු සහිතව පැහැදිලි කිරීම් සහිතව නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන සිහි කරනවා.

සෝ ඒවමාහ. සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ. තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමං. තං කිස්‌ස හේතු? අහං හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි. සෙය්‍යථිදං. දසපි සංවට්‌ටවිවට්‌ටානි වීසතිම්‌පි සංවට්‌ටවිවට්‌ටානි තිංසම්‌පි සංවට්‌ටවිවට්‌ටානි චත්‌තාරීසම්‌පි සංවට්‌ටවිවට්‌ටානි. අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛ‌පටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරාමි. ඉමිනාමහං ඒතං ජානාමි යථා සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමන්‌ති.

එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සදාකාලිකයි. වඳබැහැලා තියෙන්නේ. ගිරිකුළක් වගේ තියෙන්නේ. නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ. ඒ සත්වයන්මයි, එක එක තැන උපදින්නේ. භවයෙන් භවයට සැරිසරා යන්නේ. චුතවෙන්නේ උපදින්නේ. සදාකාලික වස්තු වගේ තමයි පවතින්නේ. ඒකට හේතුව කුමක්ද? මං කෙලෙස් තවන වීර්යයයෙන් යුතුව ….(පෙ)…. යම් සමාහිත සිතකින් නොයෙක් අයුරින් පෙර විසූ ජීවිත ගැන සිහි කරනවා නම් මං එබඳු සමාධියක් ඇති කරගත්තා. ඒ කියන්නේ සංවට්ටවිවට්ට කල්ප දහයක්ද, ….(පෙ)…. සංවට්ටවිවට්ට කල්ප හතළිහක් ද වශයෙන් අතීතය සිහි කරනවා. “මං අසවල් තැන හිටියා ….(පෙ)…. ඊට පස්සේ මං එතැනින් චුතවෙලා මෙහි උපන්නා” කියලා. මේ විදිහට කරුණු සහිතව පැහැදිලි කිරීම් සහිතව නොයෙක් අයුරින් කලින් ගතකළ ජීවිත ගැන මං සිහි කරනවා. මේ තුළින් තමයි ආත්මයත් ලෝකයත් සදාකාලික බව, වඳබැහැල තියෙන බව, ගිරිකුළක් වගේ තියෙන බව, නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ තියෙන බව, ඒ සත්වයන් ම එක එක තැන උපදින බව, භවයෙන් භවයට සැරිසරා යන බව, චුතවෙන උපදින බව, සදාකාලික වස්තු වගේ පවතින බව කියන මේ කාරණය (ශාස්වතයි කියලා) මං දන්නේ.’

ඉදං භික්‌ඛවේ තතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යමකට පැමිණිලා, යමක් අරභයා ශාස්වතවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා උගන්වනවා නම්, මේක තමයි තුන්වෙනි කාරණය.

40. චතුත්‌ථේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති?

ශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා හතරවෙනි කරුණකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා තක්‌කී හෝති වීමංසී සෝ තක්‌කපරියාහතං වීමංසානුචරිතං සයං පටිභානං ඒවමාහ. සස්‌සතෝ අත්‌තා ච ලෝකෝ ච වඤ්‌ඣෝ කූටට්‌ඨෝ ඒසිකට්‌ඨායිට්‌ඨිතෝ. තේ ව සත්‌තා සන්‌ධාවන්‌ති සංසරන්‌ති චවන්‌ති උපපජ්‌ජන්‌ති අත්‌ථිත්‌වේව සස්‌සතිසමන්‌ති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තර්ක කරනවා. එක එක විදිහට විමසනවා. තර්ක කරමින් කරුණු රැස්කොට විමස විමසා තමන්ට වැටහෙන පරිදි කරුණු රැස්කොට මෙහෙම කියනවා. ‘ආත්මයත් ලෝකයත් සදාකාලිකයි. වඳබැහැල තියෙන්නේ. ගිරිකුළක් වගේ තියෙන්නේ. නගර මැද නොසෙල්වෙන පරිදි සිටුවා තිබෙන ඒෂිකා ස්ථම්භයක් වගේ. ඒ සත්වයන්මයි, එක එක තැන උපදින්නේ, භවයෙන් භවයට සැරිසරා යන්නේ, චුතවෙන්නේ උපදින්නේ, සදාකාලික වස්තු වගේ තමයි පවතින්නේ.’

ඉදං භික්‌ඛවේ චතුත්‌ථං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණ සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යමකට පැමිණිලා, යමක් අරභයා ශාස්වතවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ශාස්වතයි කියලා උගන්වනවා නම්, මේක තමයි හතරවෙනි කාරණය.

41. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව චතූහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, මේ කරුණු හතරෙන් තමයි ශාස්වතවාදී (සදාකාලික දේ ගැන මතවාද කියන) වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත්, ලෝකය ගැනත් ශාස්වතයි කියලා උගන්වන්නේ. පින්වත් මහණෙනි, ඒ ශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලා උගන්වන්නේ යම් කරුණකින් නම්, ඒ සියළු දෙනාම මේ කරුණු හතරෙන් හෝ මේවායෙන් එක් කරුණක් හෝ ගෙන තමයි උගන්වන්නේ. මෙයින් බාහිර කරුණක් නැත.

42. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ඉමේ ඛෝ දිට්‌ඨිට්‌ඨානා ඒවංගහිතා ඒවංපරාමට්‌ඨා ඒවංගතිකා භවිස්සන්‌ති ඒවංඅභිසම්‌පරායාති තඤ්‌ච තථාගතෝ පජානාති තතෝ ච උත්‌තරිතරං පජානාති. තං ච පජානනං න පරාමසති. අපරාමසතෝ චස්‌ස පච්‌චත්‌තඤ්‌ඤේව නිබ්‌බුති විදිතා. වේදනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං විදිත්‌වා අනුපාදාවිමුත්‌තෝ භික්‌ඛවේ තථාගතෝ.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ කාරණය අවබෝධයෙන්ම දන්නවා. ඒ කියන්නේ “මේ දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත්, මේ විදිහට බැඳිලා ගියොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මරණින් මතු මේ මේ විදිහට පරලොව යාවි” කියලා තථාගතයන් වහන්සේ මෙයත් දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවාට බැඳෙන්නේ නෑ. ඒ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාම තමා තුළම නිවීගිය බව තමයි අවබෝධ වෙලා තියෙන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ (ඔය දෘෂ්ටි හතරට බැඳීමට හේතු වූ ඒ ඒ තැන්වල සැපදුක් විඳි බවට ඇති) වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ.

43. ඉමේ ඛෝ තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පඨමකභාණවාරං

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට ප්‍රඥාවෙන් සාක්ෂාත් කරපු යම් දේවල් ඇද්ද, ඒ දේවල්වලින් තථාගතයන් වහන්සේගේ යථාර්ථ වශයෙන් තිබෙන ගුණය වර්ණනා කරනවා නම්, වර්ණනා කළ යුතු දේ වන ගාම්භීර වූත්, දැකීමට දුෂ්කර වූත්, අවබෝධයට දුෂ්කර වූත්, ශාන්ත වූත්, ප්‍රණීත වූත්, තර්ක ගෝචරයෙන් තොර වූත්, සියුම් වූත්, නුවණැත්තන්ට විෂය වූත් ඒ දේවල් යනු මේවා තමයි.

පළමුවෙනි බණවරයි

44. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, ඇතැම් දේවල් සදාකාලිකය යන ශාස්වතවාදී මතයත්, ඇතැම් දේවල් සදාකාලික නැත යන අශාස්වතවාදී මතයත් වශයෙන් මත දෙකක් දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් කරුණු හතරකින් උගන්වනවා. ඒ ශාස්වතවාදී හා අශාස්වතවාදී මත දෙක දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් කරුණු හතරකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

45. හෝති ඛෝ සෝ භික්‌ඛවේ සමයෝ යං කදාචි කරහචි දීඝස්‌ස අද්‌ධුනෝ අච්‌චයේන අයං ලෝකෝ සංවට්‌ටති. සංවට්‌ටමානේ ලෝකේ යේභුය්‍යේන සත්‌තා ආභස්‌සරසංවත්‌තනිකා හොන්‌ති. තේ තත්‌ථ හොන්‌ති මනෝමයා පීතිභක්‌ඛා සයංපභා අන්‌තලික්‌ඛචරා සුභට්‌ඨායිනෝ චිරං දීඝමද්‌ධානං තිට්‌ඨන්‌ති.

පින්වත් මහණෙනි, ඉතාමත්ම දීර්ඝ කාලයක් ගෙවී ගියාට පසු යම් කලෙක මේ ලෝකය විනාශ වෙනවා නම් එබඳු කාලයක් එනවා. ලෝකය විනාශ වෙද්දී බොහෝ සෙයින්ම සත්වයන් ආභස්සර ලෝකයේ උපදිනවා. ඔවුන් එහි මනෝමය ශරීර ඇතිව, ප්‍රීතිය අනුභව කරමින්, තමාගේ ශරීරයේ ආලෝකය විහිදුවමින්, අහසේ හැසිරෙමින්, සොඳුරු ලෙස සිටිමින් දීර්ඝ කාලයක් ගතකරනවා.

හෝති ඛෝ සෝ භික්‌ඛවේ සමයෝ යං කදාචි කරහචි දීඝස්‌ස අද්‌ධුනෝ අච්‌චයේන අයං ලෝකෝ විවට්‌ටති. විවට්‌ටමානේ ලෝකේ සුඤ්‌ඤං බ්‍රහ්‌මවිමානං පාතුභවති. අථඤ්‌ඤතරෝ සත්තෝ ආයුක්‌ඛයා වා පුඤ්‌ඤක්‌ඛයා වා ආභස්‌සරකායා චවිත්‌වා සුඤ්‌ඤං බ්‍රහ්‌මවිමානං උපපජ්‌ජති. සෝ තත්‌ථ හෝති මනෝමයෝ පීතිභක්‌ඛෝ සයංපභෝ අන්‌තලික්‌ඛචරෝ සුභට්‌ඨායී චිරං දීඝමද්‌ධානං තිට්‌ඨති. තස්‌ස තත්‌ථ ඒකකස්‌ස දීඝරත්‌තං නිබ්බුසිතත්‌තා අනභිරති පරිතස්‌සනා උප්පජ්‌ජති. අහෝ වත අඤ්‌ඤේපි සත්‌තා ඉත්‌ථත්‌තං ආගච්‌චේය්‍යුන්‌ති. අථ අඤ්‌ඤතරේපි සත්‌තා ආයුක්‌ඛයා වා පුඤ්‌ඤක්‌ඛයා වා ආභස්‌සරකායා චවිත්‌වා බ්‍රහ්‌මවිමානං උපපජ්‌ජන්‌ති තස්‌ස සත්‌තස්‌ස සහව්‍යතං. තේපි තත්‌ථ හොන්‌ති මනෝමයා පීතිභක්‌ඛා සයංපභා අන්‌තලික්‌ඛචරා සුභට්‌ඨායිනෝ චිරං දීඝමද්‌ධානං තිට්‌ඨන්‌ති.

පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක් ගෙවුනාට පසු මේ ලෝකය නැවත සකස් වෙනවා නම් එබඳු කාලයකුත් එනවා. ලෝකය නැවත සකස් වෙද්දි, හිස් බ්‍රහ්ම විමානයක් පහළවෙනවා. එතකොට කවුරුන් හෝ කෙනෙක් ආයුෂ ක්ෂය වීමෙන් හරි, පින ක්ෂය වීමෙන් හරි අර ආභස්සර ලෝකයෙන් චුත වෙලා හිස් බ්‍රහ්ම විමානයේ උපදිනවා. ඔහු එහි ඉන්නෙත් මනෝමය ශරීර ඇතිවයි. ප්‍රීතිය අනුභව කරමින්, ස්වකීය ශරීරාලෝකය විහිදුවමින් අහසේ හැසිරෙමින් සොඳුරු පැවැත්මකින් යුතුවයි. ඒ විදිහට ඉතා දීර්ඝ කාලයක් ඉන්නවා. ඉතින් දීර්ඝ කාලයක් ගතකරන ඔහුට පාළු ගතියක් ඇතිවෙනවා. නොඇල්මක් ඇතිවෙනවා. කැළඹීමක් ඇතිවෙනවා. ‘අහෝ..! ඇත්තෙන්ම තවත් කවුරුහරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා හිතනවා. එතකොට ආයුෂ අවසන් වුන, පින අවසන් වුන අනෙකුත් සත්වයන්ද අර ආභස්සර ලෝකයෙන් චුතවෙලා බ්‍රහ්ම විමානයේ ඒ සත්වයාගේ ස්වභාවයෙන්ම උපදිනවා. ඒ උදවියත් එහි මනෝමය සිරුරු ඇතිවයි ඉන්නේ. ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ශරීරාලෝක විහිදුවමින් අහසේ හැසිරෙමින් සොඳුරු පැවතුම් ඇතිව බොහෝ කාලයක් ගතකරනවා.

තත්‍ර භික්‌ඛවේ යෝ සෝ සත්තෝ පඨමං උපපන්‌නෝ තස්‌ස ඒවං හෝති අහමස්‌මි බ්‍රහ්‌මා මහාබ්‍රහ්‌මා අභිභූ අනභිභූතෝ අඤ්‌ඤදත්‌ථුදසෝ වසවත්‌තී ඉස්‌සරෝ කත්‌තා නිම්‌මාතා සෙට්‌ඨෝ සජිතා වසී පිතා භූතභව්‍යානං. මයා ඉමේ සත්‌තා නිම්‌මිතා. තං කිස්‌ස හේතු? මමඤ්‌හි පුබ්‌බේ ඒතදහෝසි අහෝ වත අඤ්‌ඤේපි සත්‌තා ඉත්‌ථත්‌තං ආගච්‌චෙය්‍යුන්‌ති. ඉති මම ච මනෝපණිධි ඉමේ ච සත්‌තා ඉත්‌ථත්‌තං ආගතාති. යේපි තේ සත්‌තා පච්‌ඡා උපපන්‌නා තේසම්‌පි ඒවං හෝති. අයං ඛෝ භවං බ්‍රහ්‌මා මහාබ්‍රහ්‌මා අභිභූ අනභිභූතෝ අඤ්‌ඤදත්‌ථුදසෝ වසවත්‌තී ඉස්‌සරෝ කත්‌තා නිම්‌මාතා සෙට්‌ඨෝ සජිතා වසී පිතා භූතභව්‍යානං. ඉමිනා මයං භෝතා බ්‍රහ්‌මුනා නිම්‌මිතා. තං කිස්‌ස හේතු? ඉමං හි මයං අද්‌දසාම ඉධ පඨමං උපපන්‌නං මයං පනම්‌හා පච්‌ඡා උපපන්‌නාති.

පින්වත් මහණෙනි, එතකොට යම් සත්වයෙක් මුලින්ම ඉපදුනා නම්, ඔහුට මෙවැනි අදහසක් ඇතිවෙනවා. “මං තමයි බ්‍රහ්මයා, මං මහා බ්‍රහ්මයා, මං සියල්ල මැඬලන කෙනා. මාව කාටවත් මැඬලන්න බෑ. මං හැමදේම දකිනවා. මං හැමදේම වසඟයට අරගෙනයි ඉන්නේ. මං තමයි දෙවියන් වහන්සේ. මං තමයි කර්තෘ, මං තමයි ලෝකය නිර්මාණය කළේ. මං තමයි ශ්‍රේෂ්ඨ, ලෝකය සකස් කළේ මං. ලොව වසඟ කළේ මමයි. උපන් සත්වයන් ගේත් ඉපදෙන්නට ඉන්න සත්වයන්ගේත් පියාණන් මම ය” කියලා. ඒකට හේතුව කුමක්ද? කලින්ම මේ විදිහට මටයි හිතුනේ. ‘අහෝ..! ඇත්තෙන්ම තවත් කවුරුහරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවා නම් කොයිතරම් දෙයක්ද’ කියලා මේක තමයි මගේ මනෝ ප්‍රණිධිය (මගේ ප්‍රාර්ථනාව) වුනේ. එතකොටයි මේ සත්වයන් මේ ජීවිතයට පැමිණුනේ කියලා. ඒ වගේම යම් සත්වයෙක් පසුව උපන්නා නම්, ඔවුන්ට ඇතිවුනේ මේ විදිහේ අදහසක්. “මේ තමයි භවත් බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා. ලොව මැඬලන කෙනා. වෙන කෙනෙකුන්ට නොමැඬිය හැකි කෙනා. සියල්ල දක්නා කෙනා. ලොව වසඟයෙහි පවත්වන කෙනා. දෙවියන් වහන්සේ. මෙයා තමයි කර්තෘ. නිර්මාතෘ. මෙයා තමයි ශ්‍රේෂ්ඨ කෙනා. ලොව සකස් කරන කෙනා. පුරුදු කළ වශී ඇති කෙනා. ඉපදුණු උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ. මේ භවත් බ්‍රහ්මයා විසිනුයි අපව මැව්වේ. ඒකට හේතුව මොකක්ද? මේ ලෝකයෙහි මුලින්ම ඉපදිලා සිටිය මොහුව තමයි අපි දැක්කේ. අපි වනාහී පසුව ඉපදිච්ච අය නෙව” කියලා.

46. තත්‍ර භික්‌ඛවේ යෝ සෝ සත්තෝ පඨමං උපපන්‌නෝ සෝ දීඝායුකතරෝ ච හෝති වණ්‌ණවන්‌තතරෝ ච මහේසක්‌ඛතරෝ ච. යේ පන තේ සත්‌තා පච්‌ඡා උපපන්‌නා තේ අප්‌පායුකතරා ච හොන්‌ති දුබ්‌බණ්‌ණතරා ච අප්‌පේසක්‌ඛතරා ච. ඨානං ඛෝ පනේතං භික්‌ඛවේ විජ්‌ජති යං අඤ්‌ඤතරෝ සත්තෝ තම්‌හා කායා චවිත්‌වා ඉත්‌ථත්‌තං ආගච්‌ඡති.

පින්වත් මහණෙනි, ඉතින් එහි යම් ඒ සත්වයෙක් මුලින්ම ඉපදුනා නම්, ඔහු ඉතාමත් දිගු ආයුෂයකින් යුතු වුනා. ඉතා සුන්දර වුනා. ඉතාමත් මහේශාක්‍ය වුනා. නමුත් යම් ඒ සත්වයන් පසුව උපන්නාද, ඔවුන්ට ආයුෂ තිබුනේ අල්පයයි. එතරම් ලස්සන වුණේ නෑ. අල්පේශාක්‍ය වෙලයි හිටියේ. පින්වත් මහණෙනි, යම් සත්වයෙක් ඒ ලෝකයෙන් චුතවෙලා මේ මිනිස් ලොවට පැමිණෙනවාය යන මෙකරුණ විද්‍යමාන (දකින්නට ලැබෙන) දෙයක්.

ඉත්‌ථත්‌තං ආගතෝ සමානෝ අගාරස්‌මා අනගාරියං පබ්‌බජති. අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝ සමානෝ ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ තං පුබ්‌බේනිවාසං අනුස්‌සරති තතෝ පරං නානුස්‌සරති. සෝ ඒවමාහ.

ඉතින්, මිනිස් ලොවට ආපු ඒ කෙනා ගිහිගෙය අත්හැරලා අනගාරික වූ පැවිදි බව ලබනවා. ගිහිගෙයින් නික්මී අනගාරිකව පැවිදි වූ ඔහු කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මහත් වීර්යයකින් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව, ඉතා හොඳින් මනසිකාර කරලා යම් අයුරකින් සිත සමාධිමත් වුන විට ඒ කලින් ගතකළ ජීවිතය සිහි කළ හැකි වෙයිද, එබඳු වූ චිත්ත සමාධියක් ඇති කරගන්නවා. එයින් එහාට සිහි කරන්නට පුළුවන් වෙන්නේ නෑ. එතකොට ඔහු මෙහෙම කියනවා.

යෝ ඛෝ සෝ භවං බ්‍රහ්‌මා මහාබ්‍රහ්‌මා අභිභූ අනභිභූතෝ අඤ්‌ඤදත්‌ථුදසෝ වසවත්‌තී ඉස්‌සරෝ කත්‌තා නිම්‌මාතා සෙට්‌ඨෝ සජිතා වසී පිතා භූතභව්‍යානං යේන මයං භෝතා බ්‍රහ්‌මුනා නිම්‌මිතා සෝ නිච්චෝ ධුවෝ සස්‌සතෝ අවිපරිණාමධම්මෝ සස්‌සතිසමං තථේව ඨස්‌සති. යේ පන මයං අහුම්‌හා තේන භෝතා බ්‍රහ්‌මුනා නිම්‌මිතා තේ මයං අනිච්‌චා අද්‌ධුවා අප්‌පායුකා චවනධම්‌මා ඉත්‌ථත්‌තං ආගතාති.

“යම් ඒ භවත් බ්‍රහ්මයෙක් ඇද්ද, එයා තමයි මහා බ්‍රහ්මයා. ලොව මැඬලන කෙනා. වෙන කෙනෙකුන්ට නොමැඬිය හැකි කෙනා. සියල්ල දක්නා කෙනා. ලොව වසඟයෙහි පවත්වන කෙනා. දෙවියන් වහනසේ. මෙයා තමයි කර්තෘ. නිර්මාතෘ. මෙයා තමයි ශ්‍රේෂ්ඨ කෙනා. ලොව සකස් කරන කෙනා. පුරුදු කළ වශී ඇති කෙනා. ඉපදුණු උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ. එයා විසින් තමයි අපව මැව්වේ. එයා නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි. සදාකාලිකව පවතින යමක් ඇද්ද ඒ විදිහටම පවතිනවා. ඒ භවත් දෙවියන් වහන්සේ විසින් මවන ලද්දා වූ යම් වූ අපි වෙමුද, ඒ අප අනිත්‍යයි. අස්ථිරයි. අල්පායුෂයෙන් යුක්තයි. චුතවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසයි මෙලොවට ආවේ” කියලා.

ඉදං භික්‌ඛවේ පඨමං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ඒ ශාස්වතවාදී (මැවුම්කරු සදාකාලිකයි) හා අශාස්වතවාදී (මවන ලද උදවිය අනිත්‍යයි) යන මත දෙක දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් උගන්වනවා නම් මේක තමයි ඒ පළමුවෙනි කරුණ.

47. දුතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති?

ඇතැම් දේ සදාකාලිකයි යන මතය කියන ශාස්වතවාදී හා ඇතැම් දේ සදාකාලික නැත යන මතය කියන අශාස්වතවාදී මත දෙක දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් දෙවෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

සන්‌ති භික්‌ඛවේ ඛිඩ්ඩාපදෝසිකා නාම දේවා තේ අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නා විහරන්‌ති. තේසං අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නානං විහරතං සති ‌මුස්‌සති. සතියා සම්‌මෝසා තේ දේවා තම්‌හා කායා චවන්‌ති.

පින්වත් මහණෙනි, (සෙල්ලමින් කල්ගෙවා ආහාර ගන්නට බැරිවීමෙන් චුතවෙන) ‘ඛිඩ්ඩාපදෝසික’ නම් වූ දේව කොට්ඨාශයක් ඉන්නවා. ඔවුන් වෙලාව ඉක්මවා යනතුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසය කරනවා. එතකොට වේලාව ඉක්මවා යන තුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින් ඒ තුළම වාසය කරන ඔවුන්ට ආහාර ගන්නට අමතක වෙනවා. සිහි මුලාවීම නිසා ඒ දෙවිවරු ඒ දෙව්ලොවෙන් චුතවෙනවා.

ඨානං ඛෝ පනේතං භික්‌ඛවේ විජ්‌ජති යං අඤ්‌ඤතරෝ සත්තෝ තම්‌හා කායා චවිත්‌වා ඉත්‌ථත්‌තං ආගච්‌ඡති. ඉත්‌ථත්‌තං ආගතෝ සමානෝ අගාරස්‌මා අනගාරියං පබ්‌බජති. අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝ සමානෝ ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ තං පුබ්‌බේනිවාසං අනුස්‌සරති තතෝ පරං නානුස්‌සරති.

පින්වත් මහණෙනි, යම් සත්වයෙක් ඒ ලෝකයෙන් චුතවෙලා මේ මිනිස් ලොවට පැමිණෙනවාය යන මෙකරුණ විද්‍යමාන (දකින්නට ලැබෙන) දෙයක්. ඉතින්, මිනිස් ලොවට ආපු ඒ කෙනා ගිහිගෙය අත්හැරලා අනගාරික වූ පැවිදිබව ලබනවා. ගිහිගෙයින් නික්මී අනගාරිකව පැවිදි වූ ඔහු කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මහත් වීර්යයකින් යුතුව, යළි යළිත් වීරිය කොට අප්‍රමාදීව, ඉතා හොඳින් මනසිකාර කරලා යම් අයුරකින් සිත සමාධිමත් වුන විට ඒ කලින් ගතකළ ජීවිතය සිහි කළ හැකි වෙයිද, එබඳු වූ චිත්ත සමාධියක් ඇති කරගන්නවා. එයින් එහාට සිහි කරන්නට පුළුවන් වෙන්නේ නෑ.

සෝ ඒවමාහ. යේ ඛෝ තේ භොන්‌තෝ දේවා න ඛිඩ්ඩාපදෝසිකා තේ න අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නා විහරන්‌ති. තේසං න අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නානං විහරතං සති න ‌මුස්‌සති. සතියා අසම්‌මෝසා තේ දේවා තම්‌හා කායා න චවන්‌ති; නිච්‌චා ධුවා සස්‌සතා අවිපරිණාමධම්‌මා සස්‌සතිසමං තථේව ඨස්‌සන්‌ති. යේ පන මයං අහුම්‌හ ඛිඩ්ඩාපදෝසිකා තේ මයං අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නා විහරිම්‌හ. තේසං නෝ අතිවේලං හස්‌සඛිඩ්ඩාරතිධම්‌මසමාපන්‌නානං විහරතං සති ‌මුස්‌ස. සතියා සම්‌මෝසා ඒවං මයං තම්‌හා කායා චුතා අනිච්‌චා අද්‌ධුවා අප්‌පායුකා චවනධම්‌මා ඉත්‌ථත්‌තං ආගතාති.

එතකොට ඔහු මෙහෙම කියනවා. ‘යම් ඒ භවත් දෙවිවරු ඉන්නවා. ඔවුන් ඛිඩ්ඩාපදෝසික දෙවිවරුන් නොවේ. ඔවුන් වෙලාව ඉක්මවා යනතුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසය කරන්නෙ නෑ. එතකොට වේලාව ඉක්මවා යනතුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසය නොකරන නිසා ඔවුන්ගේ ආහාර ගන්නට ඇති සිහිය මුලාවෙන්නෙ නෑ. සිහි මුලා නොවීම නිසා ඒ දෙවිවරු ඒ දෙව්ලොවෙන් චුතවෙන්නෙ නෑ. ඒ අය නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. නොවෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. සදාකාලික දේවල් පවතිනවා වගෙයි ඒ අයත් ඉන්නේ. අනේ ඒ වුනාට අපි නම් යම් ඛිඩ්ඩාපදෝසික දෙවිවරුන් වෙලයි හිටියේ. ඒ අපි වෙලාව ඉක්මවා යනතුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසය කළා. එතකොට වේලාව ඉක්මවා යන තුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසය කළ අපට ආහාර ගැනීමට ඇති සිහිය මුලා වුනා. සිහි මුලාවීම නිසයි අපි ඒ දෙව්ලොවෙන් චුත වුනේ. අපි අනිත්‍යයි. අස්ථිරයි. අල්පායුෂ්කයි. චුතවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසයි අපි මෙහි ඉපදුනේ.’

ඉදං භික්‌ඛවේ දුතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ඇතැම් දෙයක් සදාකාලිකයි කියන ශාස්වතවාදී හා ඇතැම් දෙයක් සදාකාලික නැත කියන අශාස්වතවාදී යන මත දෙක පවසන භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ඇතැම් දෙයක් ශාස්වතයි කියලත්, ඇතැම් දෙයක් අශාස්වතයි කියලත් උගන්වනවා නම් මේක තමයි ඒ දෙවෙනි කරුණ.

48. තතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති?

ඇතැම් දේ සදාකාලිකයි යන මතය කියන ශාස්වතවාදී හා ඇතැම් දේ සදාකාලික නැත යන මතය කියන අශාස්වතවාදී මත දෙක දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් තුන්වෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

සන්‌ති භික්‌ඛවේ මනෝපදෝසිකා නාම දේවා තේ අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායන්‌ති. තේ අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායන්‌තා අඤ්‌ඤමඤ්‌ඤම්‌හි චිත්‌තානි පදූසෙන්‌ති. තේ අඤ්‌ඤමඤ්‌ඤම්හි පදුට්‌ඨචිත්‌තා කිලන්‌තකායා කිලන්‌තචිත්‌තා. තේ දේවා තම්‌හා කායා චවන්‌ති.

පින්වත් මහණෙනි, (සිත දූෂ්‍ය කරගැනීම නිසා චුතවෙන) ‘මනෝපදෝසික’ නම් දේව කොට්ඨාශයක් ඉන්නවා. ඔවුන් වේලාව ඉක්මවා යනතුරු එකිනෙකා දෙස කිපුණු සිතින් බලගෙන ඉන්නවා. ඔවුන් වේලාව ඉක්මවා යනතුරු එකිනෙකා දෙස කිපුණු සිතින් බලාගෙන ඉන්න කොට එකිනෙකාගේ සිත් දූෂ්‍ය වෙලා යනවා. එකිනෙකාගේ සිත් දූෂ්‍ය වීමෙන් කය ක්ලාන්ත වෙනවා. සිත ක්ලාන්ත වෙනවා. එතකොට ඒ දෙවිවරුන් ඒ ලෝකයෙන් චුත වෙනවා.

ඨානං ඛෝ පනේතං භික්‌ඛවේ විජ්‌ජති යං අඤ්‌ඤතරෝ සත්තෝ තම්‌හා කායා චවිත්‌වා ඉත්‌ථත්‌තං ආගච්‌ඡති. ඉත්‌ථත්‌තං ආගතෝ සමානෝ අගාරස්‌මා අනගාරියං පබ්‌බජති. අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝ සමානෝ ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ තං පුබ්‌බේනිවාසං අනුස්‌සරති තතෝ පරං නානුස්‌සරති.

පින්වත් මහණෙනි, යම් සත්වයෙක් ඒ ලෝකයෙන් චුතවෙලා මේ මිනිස් ලොවට පැමිණෙනවා ය යන මෙකරුණ විද්‍යමාන (දකින්නට ලැබෙන) දෙයක්. ඉතින්, මිනිස් ලොවට ආපු ඒ කෙනා ගිහිගෙය අත්හැරලා අනගාරික වූ පැවිදිබව ලබනවා. ගිහිගෙයින් නික්මී අනගාරිකව පැවිදි වූ ඔහු කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මහත් වීර්යයකින් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව, ඉතා හොඳින් මනසිකාර කරලා යම් අයුරකින් සිත සමාධිමත් වුන විට ඒ කලින් ගතකළ ජීවිතය සිහි කළ හැකි වෙයි ද, එබඳු වූ චිත්ත සමාධියක් ඇති කරගන්නවා. නමුත් එයින් එහාට සිහි කරන්නට පුළුවන් වෙන්නේ නෑ.

සෝ ඒවමාහ යේ ඛෝ තේ භොන්‌තෝ දේවා න මනෝපදෝසිකා තේන අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායන්‌ති. තේන අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායන්‌තා අඤ්‌ඤමඤ්‌ඤම්‌හි චිත්‌තානි නප්‌පදූසෙන්‌ති. තේ අඤ්‌ඤමඤ්‌ඤං අප්‌පදුට්‌ඨචිත්‌තා අකිලන්‌තකායා අකිලන්‌තචිත්‌තා. තේ දේවා තම්‌හා කායා න චවන්‌ති නිච්‌චා ධුවා සස්‌සතා අවිපරිණාමධම්‌මා සස්‌සතිසමං තථේව ඨස්‌සන්‌ති. යේ පන මයං අහුම්‌හ මනෝපදෝසිකා තේ මයං අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායිම්‌හ. තේ මයං අතිවේලං අඤ්‌ඤමඤ්‌ඤං උපනිජ්‌ඣායන්‌තා අඤ්‌ඤමඤ්‌ඤම්‌හි චිත්‌තානි පදූසිම්‌හ තේ මයං අඤ්‌ඤමඤ්‌ඤං පදුට්‌ඨචිත්‌තා කිලන්‌තකායා කිලන්‌තචිත්‌තා. ඒවං තම්‌හා කායා චුතා අනිච්‌චා අද්‌ධුවා අප්‌පායුකා චවනධම්‌මා ඉත්‌ථත්‌තං ආගතාති.

එතකොට ඔහු මෙහෙම කියනවා. “යම් ඒ භවත් දෙවිවරු ඉන්නවා. ඔවුන් මනෝපදෝසික දෙවිවරු නෙවෙයි. ඔවුන් එකිනෙකා වේලාව ඉක්මවා යන තුරු කිපුණු සිතින් බලාගෙන ඉන්නෙ නෑ. ඉතින් ඔවුන් එකිනෙකා වේලාව ඉක්මවා යනතුරු කිපුණු සිතින් බලාගෙන ඉන්නෙ නැති නිසා එකිනෙකා සිත් දූෂ්‍ය කරගන්නේ නෑ. ඒ නිසා කය ක්ලාන්ත වෙන්නේ නෑ. සිත ක්ලාන්ත වෙන්නෙත් නෑ. එතකොට ඒ දෙවිවරුන් ඒ ලෝකයෙන් චුත වෙන්නේ නෑ. ඒ දෙවිවරු නම් නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. නොවෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. සදාකාලික දේවල් වගේම පවතිනවා. ඒ වුනාට යම් ඒ අපි මනෝපදෝසික වුනා නෙව. වේලාව ඉක්මවා යනතුරු අපි එකිනෙකා දෙස කිපුණු සිතින් බලා සිටියා. ඒ අපි වේලාව ඉක්මවා යන තුරු එකිනෙකා දෙස කිපුණු සිතින් බලා සිටිය නිසා එකිනෙකාගේ සිත් දූෂ්‍ය වුනා. ඒ අපි එකිනෙකාගේ සිත් දූෂ්‍ය වීමෙන් ක්ලාන්ත හැදුණු කයක් ඇතිවුනා. ක්ලාන්ත හැදුනු සිතක් ඇතිවුනා. මේ විදිහටයි ඒ ලෝකයෙන් චුත වුනේ. ඒ නිසා අපි අනිත්‍යයි. අස්ථිරයි. අල්පායුෂ්කයි. චුතවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසයි අපි මෙලොවට ආවේ” කියලා.

ඉදං භික්‌ඛවේ තතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ඇතැම් දෙයක් සදාකාලිකයි කියන ශාස්වතවාදී හා ඇතැම් දෙයක් සදාකාලික නැත කියන අශාස්වතවාදී යන මත දෙක පවසන භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ඇතැම් දෙයක් ශාස්වතයි කියලත්, ඇතැම් දෙයක් අශාස්වතයි කියලත් උගන්වනවා නම් මේක තමයි ඒ තුන්වෙනි කරුණ.

49. චතුත්‌ථේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති?

ඇතැම් දේ සදාකාලිකයි යන මතය කියන ශාස්වතවාදී හා ඇතැම් දේ සදාකාලික නැත යන මතය කියන අශාස්වතවාදී මත දෙක දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වතයි කියලත්, අශාස්වතයි කියලත් හතරවෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා තක්‌කී හෝති වීමංසී. සෝ තක්‌කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං ඒවමාහ. යං ඛෝ ඉදං වුච්‌චති චක්‌ඛුන්තිපි සෝතන්තිපි ඝානන්තිපි කායෝතිපි අයං අත්‌තා අනිච්චෝ අද්‌ධුවෝ අසස්‌සතෝ විපරිණාමධම්මෝ. යඤ්‌ච ඛෝ ඉදං වුච්‌චති චිත්‌තන්‌ති වා මනෝති වා විඤ්‌ඤාණන්‌ති වා අයං අත්‌තා නිච්චෝ ධුවෝ සස්‌සතෝ අවිපරිණාමධම්මෝ සස්‌සතිසමං තථේව ඨස්‌සතීති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තර්ක කරනවා. එක එක විදිහට විමසනවා. තර්ක කරමින් කරුණු රැස්කොට විමස විමසා තමන්ට වැටහෙන පරිදි කරුණු රැස්කොට මෙහෙම කියනවා. “මේ යමක් ඇස කියලා කියනවාද, කන කියලා කියනවාද, නාසය කියලා කියනවාද, දිව කියලා කියනවාද, කය කියලා කියනවාද මේ ආත්මය නම් අනිත්‍යයි. අස්ථිරයි. සදාකාලික නෑ. වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. නමුත් මේ යමක් සිත කියලා කියනවාද, මනස කියලා කියනවාද, විඤ්ඤාණය කියලා කියනවාද මේ ආත්මය නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. නොවෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. සදාකාලික දෙයක් පවතින පරිද්දෙන්ම පවතිනවා” කියලා.

ඉදං භික්‌ඛවේ චතුත්‌ථං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ඇතැම් දෙයක් සදාකාලිකයි කියන ශාස්වතවාදී හා ඇතැම් දෙයක් සදාකාලික නැත කියන අශාස්වතවාදී යන මත දෙක පවසන භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ඇතැම් දෙයක් ශාස්වතයි කියලත්, ඇතැම් දෙයක් අශාස්වතයි කියලත් උගන්වනවා නම් මේක තමයි ඒ හතරවෙනි කරුණ.

ඉමේ හි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි.

පින්වත් මහණෙනි, මේ කරුණු හතරෙන් තමයි ඇතැම් දේ සදාකාලිකයි යන මතය කියන ශාස්වතවාදී, ඇතැම් දේ සදාකාලික නෑ යන මතය කියන අශාස්වතවාදී ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත්, ලෝකය ගැනත් ඇතැම් දෙය ශාස්වතයි, ඇතැම් දෙය අශාස්වතයි කියලා උගන්වන්නේ.

යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව චතූහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, ඇතැම් දේ ගැන ශාස්වතවාදී වූ ඇතැම් දේ ගැන අශාස්වතවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ඇතැම් දේ ශාස්වතයි කියලත් ඇතැම් දේ අශාස්වතයි කියලත් උගන්වන්නේ යම් කරුණකින් නම්, ඒ සියළු දෙනාම මේ කරුණු හතරෙන් හෝ මේවායෙන් එක් කරුණක් හෝ ගෙන තමයි උගන්වන්නේ. මෙයින් බාහිර කරුණක් නැත.

50. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ඉමේ දිට්‌ඨිට්‌ඨානා ඒවංගහිතා ඒවංපරාමට්‌ඨා ඒවංගතිකා භවිස්සන්‌ති ඒවංඅභිසම්‌පරායාති. තඤ්‌ච තථාගතෝ පජානාති තතෝ ච උත්‌තරිතරං පජානාති තඤ්‌ච පජානනං න පරාමසති අපරාමසතෝ චස්‌ස පච්‌චත්‌තඤ්‌ඤේව නිබ්‌බුති විදිතා. වේදනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං විදිත්‌වා අනුපාදාවිමුත්‌තෝ භික්‌ඛවේ තථාගතෝ.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ කාරණය අවබෝධයෙන්ම දන්නවා. ඒ කියන්නේ “මේ දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත්, මේ විදිහට බැඳිලා ගියොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මරණින් මතු මේ මේ විදිහට පරලොව යාවී” කියලා තථාගතයන් වහන්සේ මෙයත් දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවාට බැඳෙන්නේ නෑ. ඒ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාම තමා තුළම නිවී ගිය බව තමයි අවබෝධ වෙලා තියෙන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ (ඔය දෘෂ්ටි හතරට බැඳීමට හේතු වූ ඒ ඒ තැන්වල සැපදුක් විඳි බවට ඇති) වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ.

51. ඉමේ ඛෝ තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට ප්‍රඥාවෙන් සාක්ෂාත් කරපු යම් දේවල් ඇද්ද, ඒ දේවල්වලින් තථාගතයන් වහන්සේගේ යථාර්ථ වශයෙන් තිබෙන ගුණය වර්ණනා කරනවා නම්, වර්ණනා කළ යුතු දේ වන ගාම්භීර වූත්, දැකීමට දුෂ්කර වූත්, අවබෝධයට දුෂ්කර වූත්, ශාන්ත වූත්, ප්‍රණීත වූත්, තර්ක ගෝචරයෙන් තොර වූත්, සියුම් වූත්, නුවණැත්තන්ට විෂය වූත් ඒ දේවල් යනු මේවා තමයි.

52. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් ලෝකයේ කෙළවරක් ඇත, නැත යන මතය කරුණු හතරකින් උගන්වනවා. ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත, නැත යන මතය කරුණු හතරකින් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරති. සෝ ඒවමාහ. අන්‌තවා අයං ලෝකෝ පරිවටුමෝ. තං කිස්‌ස හේතු? අහං ‌හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ අන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරාමි. ඉමිනාමහං ඒතං ජානාමි. යථා අන්‌තවා අයං ලෝකෝ පරිවටුමෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, අධික වීර්යයෙන් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව භාවනා කොට, මැනවින් මනසිකාර කරලා, යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි කෙළවරක් ඇත යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. එතකොට ඔහු මෙහෙම කියනවා. “මේ ලෝකය කෙළවර සහිතයි. හාත්පසින් වටවෙලයි තියෙන්නේ. එයට හේතුව කුමක්ද? මං ඉතින් ගොඩාක් උත්සාහ කරලා ….(පෙ)…. යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි කෙළවරක් ඇත යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කරගත්තා. මේ කාරණය නිසයි මං මෙය දන්නේ. යම් අයුරකින් කෙළවර සහිත නම් මේ ලෝකය එවැනි හාත්පසින් වට වූ දෙයක් කියලා.

ඉදං භික්‌ඛවේ පඨමං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය උගන්වනවා නම් මේක තමයි ඒ පළමුවෙනි කරුණ.

53. දුතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති?

ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන මතය දෙවෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අනන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරති. සෝ ඒවමාහ. අනන්‌තෝ අයං ලෝකෝ අපරියන්‌තෝ. යේ තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අන්‌තවා අයං ලෝකෝ පරිවටුමෝති තේසං මුසා. අනන්‌තෝ අයං ලෝකෝ අපරියන්‌තෝ. තං කිස්‌ස හේතු? අහං හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ අනන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරාමි. ඉමිනාමහං ඒතං ජානාමි යථා අනන්‌තෝ අයං ලෝකෝ අපරියන්‌තෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, අධික වීර්යයෙන් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව භාවනා කොට, මැනැවින් මනසිකාර කරලා, යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි කෙළවරක් නැත යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. එතකොට ඔහු මෙහෙම කියනවා. “මේ ලෝකය අනන්තයි. හාත්පසින් වටවුන සීමාවක් නෑ. නමුත් යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් මෙහෙම කියලා තියෙනවා. මේ ලෝකය කෙළවර සහිතයිලු, හාත්පසින් වටවෙලා තියෙනවාලු. ඒක ඔවුන්ගේ බොරුවක්. මේ ලෝකය අනන්තයි. හාත්පසින් වටවුන සීමාවක් නෑ. එයට හේතුව කුමක්ද? මං ඉතින් ගොඩාක් උත්සාහ කරලා ….(පෙ)…. යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි කෙළවරක් නැත යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කරගත්තා. මේ කාරණය නිසයි මං මෙය දන්නේ. යම් අයුරකින් මේ ලෝකය අනන්තයි, හාත්පසින් වටවුන සීමාවක් නෑ කියලා.

ඉදං භික්‌ඛවේ දුතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය උගන්වනවා නම් මේක තමයි ඒ දෙවෙනි කරුණ.

54. තතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති?

ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන මතය තෙවෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ උද්‌ධමධෝ අන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරති තිරියං අනන්‌තසඤ්‌ඤී. සෝ ඒවමාහ. අන්‌තවා ච අයං ලෝකෝ අනන්‌තෝ ච. යේ තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අන්‌තවා අයං ලෝකෝ පරිවටුමෝති තේසං මුසා. යේපි තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අනන්‌තෝ අයං ලෝකෝ අපරියන්‌තෝති තේසම්‌පි මුසා. අන්‌තවා ච අයං ලෝකෝ අනන්‌තෝ ච. තං කිස්‌ස හේතු? අහං ‌හි ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසාමි යථාසමාහිතේ චිත්තේ උද්‌ධමධෝ අන්‌තසඤ්‌ඤී ලෝකස්‌මිං විහරාමි තිරියං අනන්‌තසඤ්‌ඤී. ඉමිනාමහං ඒතං ජානාමි. යථා අන්‌තවා ච අයං ලෝකෝ අනන්‌තෝ චාති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, අධික වීර්යයෙන් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව භාවනා කොට, මැනවින් මනසිකාර කරලා, යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි උඩත් යටත් කෙළවරක් තියෙන නමුත් හරස් අතට කෙළවරක් නෑ යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. එතකොට ඔහු මෙහෙම කියනවා. “මේ ලෝකය කෙළවර සහිතයි. ඒ වගේම කෙළවර රහිතයි. නමුත් යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා මේ විදිහටයි කියන්නේ ‘මේ ලෝකය කෙළවර සහිතයි, හාත්පසින් වටවෙලයි තියෙන්නේ’ කියලා. ඒක ඔවුන්ගේ බොරුවක්. යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා මේ විදිහටයි කියන්නේ ‘මේ ලෝකය කෙළවරක් නෑ, හාත්පසින් වටවුණ සීමාවක් නෑ’ කියලා. ඒකත් ඔවුන්ගේ බොරුවක්. එයට හේතුව කුමක්ද? මං ඉතින් ගොඩාක් උත්සාහ කරලා ….(පෙ)…. යම් අයුරකින් සිත සමාහිත වෙලා ලෝකයෙහි උඩත් යටත් කෙළවරක් තියෙන නමුත් හරස් අතට කෙළවරක් නෑ යන හැඟීමෙන් වාසය කරනවා නම් එවැනි චිත්ත සමාධියක් ඇති කරගත්තා. මේ කාරණය නිසයි මං මෙය දන්නේ. යම් අයුරකින් ලෝකය කෙළවර සහිතයි, ඒ වගේම කෙළවරක් නැති දෙයක් කියලා.

ඉදං භික්‌ඛවේ තතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය උගන්වනවා නම් මේක තමයි ඒ තුන්වෙනි කරුණ.

55. චතුත්‌ථේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති?

ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන මතය සතරවෙනි කරුණෙන් උගන්වන්නේ කුමකට පැමිණිලාද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා තක්‌කී හෝති වීමංසී. සෝ තක්‌කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං ඒවමාහ. නේවායං ලෝකෝ අන්‌තවා න පනානන්‌තෝ. යේ තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අන්‌තවා අයං ලෝකෝ පරිවටුමෝති තේසං මුසා. යේපි තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අනන්‌තෝ අයං ලෝකෝ අපරියන්‌තෝති තේසම්‌පි මුසා. යේපි තේ සමණබ්‍රාහ්‌මණා ඒවමාහංසු. අන්‌තවා ච අයං ලෝකෝ අනන්‌තෝ චාති තේසම්‌පි මුසා. නේවායං ලෝකෝ අන්‌තවා න පනානන්‌තෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තර්ක කරනවා. එක එක විදිහට විමසනවා. තර්ක කරමින් කරුණු රැස්කොට විමස විමසා තමන්ට වැටහෙන පරිදි කරුණු රැස්කොට මෙහෙම කියනවා. “මේ ලෝකය කෙළවරක් සහිත වූවක් නොවෙයි. කෙළවරක් රහිත වූවකුත් නොවෙයි. යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා මේ විදිහටයි කියන්නේ ‘මේ ලෝකය කෙළවර සහිතයි, හාත්පසින් වටවෙලයි තියෙන්නේ’ කියලා. ඒක ඔවුන්ගේ බොරුවක්. යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා මේ විදිහටයි කියන්නේ ‘මේ ලෝකය කෙළවරක් නෑ, හාත්පසින් වටවුන සීමාවක් නෑ’ කියලා. ඒකත් ඔවුන්ගේ බොරුවක්. ඒ වගේම යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා ඔවුන් කියන්නේ මේ විදිහටයි. ‘ලෝකය කෙළවර සහිතයි. ඒ වගේම කෙළවර රහිතයි’ කියලා. ඒකත් ඔවුන්ගේ බොරුවක්. මේ ලෝකය කෙළවරකින් යුක්තත් නෑ. කෙළවර රහිතත් නෑ” කියලා.

ඉදං භික්‌ඛවේ චතුත්‌ථං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය උගන්වනවා නම් මේක තමයි ඒ හතරවෙනි කරුණ.

56. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව චතූහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය මේ කරුණු හතරින් තමයි උගන්වන්නේ. පින්වත් මහණෙනි, ඒ ලෝකයෙහි කෙළවරක් තිබෙනවා, වගේම කෙළවරක් නැත යන මතය දරණ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකයේ කෙළවරක් ඇත නැත යන ඒ මතය උගන්වනවා නම්, මේ කරුණු හතරින් තමයි ඒ සියළු දෙනාම උගන්වන්නේ. එක්කෝ මේ කරුණුවලින් එකකිනුයි. මෙයින් බාහිර කරුණක් නම් නෑ.

57. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ඉමේ දිට්‌ඨිට්‌ඨානා ඒවංගහිතා ඒවංපරාමට්‌ඨා ඒවංගතිකා භවිස්සන්‌ති ඒවංඅභිසම්‌පරායාති. තඤ්‌ච තථාගතෝ පජානාති තතෝ ච උත්‌තරිතරං පජානාති තඤ්‌ච පජානනං න පරාමසති අපරාමසතෝ චස්‌ස පච්‌චත්‌තඤ්‌ඤේව නිබ්‌බුති විදිතා. වේදනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං විදිත්‌වා අනුපාදාවිමුත්‌තෝ භික්‌ඛවේ තථාගතෝ.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ කාරණය ගැන අවබෝධ කරගෙනයි ඉන්නේ “මේ දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත්, මේ විදිහට බැඳිල ගියොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මරණින් මතු මේ මේ විදිහට පරලොව යාවි” කියලා තථාගතයන් වහන්සේ මෙයත් දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවාට බැඳෙන්නට යන්නේ නෑ. ඒ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාමයි තමා තුළම නිවීගිය බව දැනගෙන තියෙන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවීයාමත් ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ.

58. ඉමේ ඛෝ තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ තමන් තුළින්ම උපදවා ගන්නා ලද විශිෂ්ට ඤාණයෙන් අත්දැකල ලොවට පෙන්වා දෙන යම් යම් දේවල් ඇත්නම්, ඒ යම් යම් දේවල්වලින් තථාගතයන් වහන්සේගේ සත්‍ය වශයෙන්ම තිබෙන ගුණත් මනාකොට කියනවා නම්, කිව යුතු වූ ඉතා ගැඹුරු වූ දුකසේ දකින්න තියෙන, දුකසේ අවබෝධ කරන්න තියෙන, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයට හසු නොවන, ඉතා සියුම් වූ, ඒ වගේම නුවණැතියන් විසින්ම දත යුත්තේ මේ දේවල් තමයි.

59. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං චතූහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං චතූහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, ඇඟ බේරාගැනීමට පිළිතුරු දී (ආඳෙකු මෙන් ලිස්සා) ප්‍රශ්නයෙන් මගහැර යන අමරාවික්ෂේපවාදී ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට ක්‍රම හතරකින් වචනවලින් මගහැරලා යනවා. ආඳෙකු මෙන් ලිස්සා යනවා. අමරාවික්ෂේපවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ද ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට ක්‍රම හතරකින් වචනවලින් මගහැරලා යන්නේ ආඳෙකු මෙන් ලිස්සා යන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

60. ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාති ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාති. තස්‌ස ඒවං හෝති. අහං ඛෝ ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි. අහඤ්චේව ඛෝ පන ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං කුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං ඉදං අකුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං තත්ථ මේ අස්ස ඡන්දෝ වා රාගෝ වා දෝසෝ වා පටිඝෝ වා. යත්ථ මේ අස්ස ඡන්දෝ වා රාගෝ වා දෝසෝ වා පටිඝෝ වා, තං මමස්‌ස මුසා. යං මමස්‌ස මුසා සෝ මමස්‌ස විඝාතෝ. යෝ මමස්‌ස විඝාතෝ සෝ මමස්‌ස අන්‌තරායෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. ඉදින් මං පවා මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක තමයි කුසලය කියලා මං කිව්වොත්, මේක තමයි අකුසලය කියලා මං කිව්වොත්, එහිදී මගේ ඒ කියමන තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ තරහක් හෝ ඇතිවෙන්නට පුළුවනි. යම් කරුණකට මගේ කියමනට කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ තරහක් හෝ ඇතිවෙන්නට පුළුවන් නම් ඒක මගේ බොරුවක් වෙනවා. මගේ යම් කීමක් බොරු වෙනවා නම් ඒක මට පීඩා සහිතයි. මට යමක් පීඩා සහිත නම් ඒක මට අන්තරාදායකයි.

ඉති සෝ මුසාවාදභයා මුසාවාදපරිජේගුච්‌ඡා නේවිදං කුසලන්‌ති ව්‍යාකරෝති න පනිදං අකුසලන්‌ති ව්‍යාකරෝති තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්ඨෝ සමානෝ වාචාවික්ඛේපං ආපජ්‌ජති අමරාවික්ඛේපං. ඒවම්පි මේ නෝ තථාතිපි මේ නෝ අඤ්‌ඤථාතිපි මේ නෝ; නෝතිපි මේ නෝ; නෝ නෝතිපි මේ නෝති.

ඉතින් ඔය විදිහට ඔහු බොරුකීමට බියෙන්, බොරුකීමට පිළිකුලෙන් මේක කුසල්ය කියලා කියන්නෙත් නෑ. මෙය අකුසල්ය කියලා කියන්නෙත් නෑ. ඒ ඒ කරුණු ගැන ප්‍රශ්න ඇසූ විට “මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළිගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළිගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ” කියලා වචනවලින් මගහැරලා යනවා. ආඳෙකු මෙන් ලිස්සා යනවා.

ඉදං භික්‌ඛවේ පඨමං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ද ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන්නේ ආඳෙකු මෙන් ලිස්සා යන්නේ නම් මේක තමයි ඒ පළමුවෙනි කරුණ.

61. දුතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං?

අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන ආඳෙකු මෙන් ලිස්සා යන දෙවෙනි ක්‍රමයට එන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාති ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාති. තස්‌ස ඒවං හෝති. අහං ඛෝ ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි. අහං ‌චේව ඛෝ පන ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං කුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං ඉදං අකුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං තත්‌ථ මේ අස්‌ස ඡන්‌දෝ වා රාගෝ වා දෝසෝ වා පටිඝෝ වා. යත්‌ථ මේ අස්‌ස ඡන්‌දෝ වා රාගෝ වා දෝසෝ වා පටිඝෝ වා තං මමස්‌ස උපාදානං. යං මමස්‌ස උපාදානං සෝ මමස්‌ස විඝාතෝ. යෝ මමස්‌ස විඝාතෝ සෝ මමස්‌ස අන්‌තරායෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. ඉදින් මං පවා මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක තමයි කුසලය කියලා මං කිව්වොත්, මේක තමයි අකුසලය කියලා මං කිව්වොත්, එහිදී මට ඒ කියමන තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ තරහක් හෝ ඇතිවෙන්නට පුළුවනි. යම් කරුණකට මා තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ තරහක් හෝ ඇතිවෙන්නට පුළුවන් නම් ඒක මගේ උපාදානයක් (අනවශ්‍ය බැඳීමක්) වෙනවා. මගේ යම් කීමක් උපාදානයක් වෙනවා නම් ඒක මට පීඩා සහිතයි. මට යමක් පීඩා සහිත නම් ඒක මට අන්තරාදායකයි.

ඉති සෝ උපාදානභයා උපාදානපරිජේගුච්‌ඡා නේවිදං කුසලන්‌ති ව්‍යාකරෝති න පනිදං අකුසලන්‌ති ව්‍යාකරෝති තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්ඨෝ සමානෝ වාචාවික්ඛේපං ආපජ්‌ජති අමරාවික්ඛේපං. ඒවම්පි මේ නෝ; තථාතිපි මේ නෝ අඤ්‌ඤථාතිපි මේ නෝ; නෝතිපි මේ නෝ; නෝ නෝතිපි මේ නෝති.

ඉතින් ඔය විදිහට ඔහු උපාදානයට බියෙන්, උපාදානයට පිළිකුලෙන් මේක කුසල්ය කියලා කියන්නෙත් නෑ. මෙය අකුසල්ය කියලා කියන්නෙත් නෑ. ඒ ඒ කරුණු ගැන ප්‍රශ්න ඇසූ විට “මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළිගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළිගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ” කියලා වචනවලින් මගහැරලා යනවා. ආඳෙකු මෙන් ලිස්සා යනවා.

ඉදං භික්‌ඛවේ දුතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ද ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන්නේ ආඳෙකු මෙන් ලිස්සා යන්නේ නම් මේක තමයි ඒ දෙවෙනි කරුණ.

62. තතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං?

අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන, ආඳෙකු මෙන් ලිස්සා යන තුන්වෙනි ක්‍රමයට එන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාති ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාති. තස්‌ස ඒවං හෝති. අහං ඛෝ ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානාමි. අහං චේව ඛෝ පන ඉදං කුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං අකුසලන්‌ති යථාභූතං නප්‌පජානන්‌තෝ ඉදං කුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං ඉදං අකුසලන්‌ති වා ව්‍යාකරෙය්‍යං. සන්‌ති හි ඛෝ පන සමණබ්‍රාහ්‌මණා පණ්‌ඩිතා නිපුණා කතපරප්‌පවාදා වාලවේධිරූපා වෝභින්‌දන්‌තා මඤ්‌ඤේ චරන්‌ති පඤ්‌ඤාගතේන දිට්‌ඨිගතානි තේ මං තත්‌ථ සමනුයුඤ්‌ජෙය්‍යුං සමනුගාහෙය්‍යුං සමනුභාසෙය්‍යුං. යේ මං තත්‌ථ සමනුයුඤ්‌ජෙය්‍යුං සමනුගාහෙය්‍යුං සමනුභාසෙය්‍යුං තේසාහං න සම්‌පායෙය්‍යං. යේසාහං න සම්‌පායෙය්‍යං සෝ මමස්‌ස විඝාතෝ. යෝ මමස්‌ස විඝාතෝ සෝ මමස්‌ස අන්‌තරායෝති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම දන්නෙ නෑ. ඉදින් මං පවා මේක කුසලය කියලා ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක අකුසලය කියලත් ඒ වූ ආකාරයෙන්ම නොදන්න කොට, මේක තමයි කුසලය කියලා මං කිව්වොත්, මේක තමයි අකුසලය කියලා මං කිව්වොත්, මෙහෙම වේවි. පණ්ඩිත වූ, සියුම් නුවණ ඇති, අනුන් හා වාද කරලා ජයගත්තු, ඊතලයෙන් අශ්වලෝමයට විදින දක්ෂ දුනුවායන් වැනි වූ, තමන්ගේ දෘෂ්ටිවලින් නුවණ හසුරුවා අනුන් පරදවන්නන්ව හැසිරෙන යමෙක් ඇද්ද එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. මං කුසල් අකුසල් ගැන කියන්නට ගියොත් ඔවුන් ඒ කරුණු අරභයා මගෙන් ප්‍රශ්න කරන්නට පුළුවනි. කරුණු ඉස්මතු කොට වාදයට එන්නට පුළුවනි. දොස් කියන්නට පුළුවනි. යම් කෙනෙක් මා පවසන කුසල් අකුසල් ගැන මගෙන් ප්‍රශ්න කරද්දී, කරුණු ඉස්මතුකොට වාද කරද්දී, දොස් කියද්දී ඔවුන්ගෙන් කරුණු විමසා මට ප්‍රශ්න කරන්නට බැරිවුනොත්, කරුණු ඉස්මතු කොට වාද කරන්නට බැරි වුණොත්, දොස් කියන්නට බැරි වුනොත් ඒක මට පීඩා සහිතයි. මට යමක් පීඩා සහිත නම් ඒක මට අන්තරාදායකයි.

ඉති සෝ අනුයෝගභයා අනුයෝගපරිජේගුච්‌ඡා නේවිදං කුසලන්‌ති ව්‍යාකරෝති න පනිදං අකුසලන්‌ති ව්‍යාකරෝති තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්ඨෝ සමානෝ වාචාවික්ඛේපං ආපජ්‌ජති අමරාවික්ඛේපං. ඒවම්පි මේ නෝ; තථාතිපි මේ නෝ අඤ්‌ඤථාතිපි මේ නෝ; නෝතිපි මේ නෝ; නෝ නෝතිපි මේ නෝති.

ඉතින් ඔය විදිහට ඔහු කරුණු ඉස්මතු කොට වාද කිරීමට බියෙන්, කරුණු ඉස්මතු කොට වාද කිරීමට පිළිකුලෙන් මේක කුසල්ය කියලා කියන්නෙත් නෑ. මෙය අකුසල්ය කියලා කියන්නෙත් නෑ. ඒ ඒ කරුණු ගැන ප්‍රශ්න ඇසූ විට “මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළිගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළිගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ” කියලා වචනවලින් මගහැරලා යනවා. ආඳෙකු මෙන් ලිස්සා යනවා.

ඉදං භික්‌ඛවේ තතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ද ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන්නේ ආඳෙකු මෙන් ලිස්සා යන්නේ නම් මේක තමයි ඒ තුන්වෙනි කරුණ.

63. චතුත්‌ථේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං?

අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූවිට වචනවලින් මගහැරලා යන ආඳෙකු මෙන් ලිස්සා යන සතරවෙනි ක්‍රමයට එන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා මන්‌දෝ හෝති මෝමුහෝ. සෝ මන්‌දත්‌තා මෝමුහත්‌තා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්ඨෝ සමානෝ වාචාවික්ඛේපං ආපජ්‌ජති අමරාවික්ඛේපං. ‘අත්‌ථි පරෝ ලෝකෝ’ති ඉති චේ මං පුච්‌ඡසි, අත්‌ථි පරෝ ලෝකෝ’ති ඉති චේ මේ අස්‌ස, අත්‌ථි පරෝ ලෝකෝ’ති ඉති තේ නං ව්‍යාකරෙය්‍යං. ඒවම්පි මේ නෝ. තථා’ති’පි මේ නෝ. අඤ්‌ඤථා’ති’පි මේ නෝ. නෝ’ති’පි මේ නෝ. නෝ නෝ’ති’පි මේ නෝ.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඉන්නවා. නුවණ මදි. ඉතා මෝඩයි. ඔහු නුවණ මදි නිසා, බොහෝ සේ මෝඩ නිසා ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න විමසූ විට එක එක දේවල් කියා වචනවලින් මග අරිනවා. ආඳෙකු මෙන් ලිස්සා යනවා. “පරලොවක් තියෙනවාද? කියලා මගෙන් විමසුවොත් එතකොට මට හිතෙනවා නම් පරලොවක් ඇත කියලා මං ඔබට එය විසඳන්නේ පරලොවක් තියෙනවා කියලයි. ඒ වුනාට මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළිගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළිගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ.

නත්‌ථි පරෝ ලෝකෝ’ති? ….(පෙ)…. අත්‌ථි ච නත්‌ථි ච පරෝ ලෝකෝ? ….(පෙ)…. නේවත්‌ථි න නත්‌ථි පරෝ ලෝකෝ? ….(පෙ)…. අත්‌ථි සත්‌තා ඕපපාතිකා? ….(පෙ)…. නත්‌ථි සත්‌තා ඕපපාතිකා? ….(පෙ)…. අත්‌ථි ච නත්‌ථි ච සත්‌තා ඕපපාතිකා? ….(පෙ)…. නේවත්‌ථි න නත්‌ථි සත්‌තා ඕපපාතිකා? ….(පෙ)…. අත්‌ථි සුකටදුක්‌කටානං කම්‌මානං ඵලං විපාකෝ? ….(පෙ)…. නත්‌ථි සුකටදුක්‌කටානං කම්‌මානං ඵලං විපාකෝ? ….(පෙ)…. අත්‌ථි ච නත්‌ථි ච සුකටදුක්‌කටානං කම්‌මානං ඵලං විපාකෝ? ….(පෙ)…. නේවත්‌ථි න නත්‌ථි සුකටදුක්‌කටානං කම්‌මානං ඵලං විපාකෝ? ….(පෙ)…. හෝති තථාගතෝ පරම්මරණා? ….(පෙ)…. න හෝති තථාගතෝ පරම්මරණා? ….(පෙ)…. හෝති ච න හෝති ච තථාගතෝ පරම්මරණා? ….(පෙ)…. නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණාති? ඉති චේ මං පුච්‌ඡසි ‘නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණා’ති ඉති චේ මේ අස්‌ස, නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණා’ති ඉති තේ නං ව්‍යාකරෙය්‍යං. ඒවම්පි මේ නෝ. තථා’ති’පි මේ නෝ. අඤ්‌ඤථා’ති’පි මේ නෝ. නෝ’ති’පි මේ නෝ. නෝ නෝ’ති’පි මේ නෝ”ති.

ඒ වගේම පරලොවක් නැද්ද? කියලා මගෙන් ඇහුවොත් ….(පෙ)…. පරලොවක් තියෙනවාද නැද්ද? කියලා ….(පෙ)…. පරලොවක් ඇත්තේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ….(පෙ)…. ඕපපාතික සත්වයන් ඉන්නවාද? කියලා ….(පෙ)…. ඕපපාතික සත්වයන් නැද්ද? කියලා ….(පෙ)…. ඕපපාතික සත්වයන් ඇද්ද නැද්ද? කියලා ….(පෙ)…. හොඳ නරක කර්මවල ඵලවිපාක තියෙනවාද? කියලා ….(පෙ)…. හොඳ නරක කර්මවල ඵල විපාක නැද්ද? කියලා ….(පෙ)…. හොඳ නරක කර්මවල ඵලවිපාක ඇත්තේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? කියලා ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද? කියලා ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා මගෙන් විමසුවොත් එතකොට මට හිතෙනවා නම් තථාගතයන් වහන්සේ මරණින් මතු අත්තේත් නෑ, නැත්තේත් නෑ කියලා මං ඔබට එය විසඳන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නෑ, නැත්තේත් නෑ කියලයි. ඒ වුණාට මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළි ගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළි ගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ.

ඉදං භික්‌ඛවේ චතුත්‌ථං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං.

පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අමරාවික්ෂේපවාදී ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ද ඒ ඒ කරුණු අරභයා ප්‍රශ්න ඇසූ විට වචනවලින් මගහැරලා යන්නේ ආඳෙකු මෙන් ලිස්සා යන්නේ නම් මේක තමයි ඒ හතරවෙනි කරුණ.

64. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං චතූහි වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං සබ්බේ තේ ඉමේහේව චතූහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, අමරාවික්ෂේපවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු පිළිබඳව ප්‍රශ්න විමසද්දී කෙළින් පිළිතුරු නොදී වචනවලින් මගහරින්නේත්, ආඳෙකු මෙන් ලිස්සා යන්නේත් මේ කරුණු හතරින් තමයි. පින්වත් මහණෙනි, අමරාවික්ෂේපවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු පිළිබඳව ප්‍රශ්ණ විමසද්දී කෙළින් පිළිතුරු නොදී වචනවලින් මඟහරින්නේත්, ආඳෙකු මෙන් ලිස්සා යන්නේත් යම් කරුණුවලින් නම්, ඒ මේ කරුණු හතරින් තමයි. එක්කෝ මේ කරුණුවලින් එකකිනුයි. මෙයින් බාහිර කරුණක් නම් නෑ.

65. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ඉමේ දිට්‌ඨිට්‌ඨානා ඒවංගහිතා ඒවංපරාමට්‌ඨා ඒවංගතිකා භවිස්සන්‌ති ඒවංඅභිසම්‌පරායාති. තඤ්‌ච තථාගතෝ පජානාති තතෝ ච උත්‌තරිතරං පජානාති තඤ්‌ච පජානනං න පරාමසති අපරාමසතෝ චස්‌ස පච්‌චත්‌තඤ්‌ඤේව නිබ්‌බුති විදිතා. වේදනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං විදිත්‌වා අනුපාදාවිමුත්‌තෝ භික්‌ඛවේ තථාගතෝ.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ කාරණය ගැන අවබෝධ කරගෙනයි ඉන්නේ. මේ දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත්, මේ විදිහට බැඳිලා ගියොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මරණින් මතු මේ මේ විදිහට පරලොව යාවී” කියලා තථාගතයන් වහන්සේ මෙයත් දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවාට බැඳෙන්නට යන්නේ නෑ. ඒ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාමයි තමා තුළම නිවීගිය බව දැනගෙන තියෙන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ.

ඉමේ ඛෝ තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ තමන් තුළින්ම උපදවා ගන්නා ලද විශිෂ්ට ඤාණයෙන් අත්දැකල ලොවට පෙන්වා දෙන යම් යම් දේවල් ඇත්නම්, ඒ යම් යම් දේවල්වලින් තථාගතයන් වහන්සේගේ සත්‍ය වශයෙන්ම තිබෙන ගුණත් මනාකොට කියනවා නම්, කිව යුතු වූ ඉතා ගැඹුරු වූ, දුකසේ දකින්න තියෙන, දුකසේ අවබෝධ කරන්න තියෙන, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයට හසු නොවන, ඉතා සියුම් වූ, ඒ වගේම නුවණැතියන් විසින්ම දතයුත්තේ මේ දේවල් තමයි.

66. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා අධිච්‌චසමුප්‌පන්‌නිකා අධිච්‌චසමුප්‌පන්‌නං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති ද්‌වීහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අධිච්‌චසමුප්‌පන්‌නිකා අධිච්‌චසමුප්‌පන්‌නං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති ද්‌වීහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, හේතුඵල දහමින් තොරව ඉබේ සිදුවෙනවා යන මතය ඇති අධිච්චසමුප්පන්නවාදී ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් ආත්මය ගැනත්, ලෝකය ගැනත් ඉබේ හටගත් දේවල් හැටියට මතවාද දෙකකින් උගන්වනවා. ඒ අධිච්චසමුප්පන්නවාදී භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මතවාද දෙකක් ඔස්සේ ආත්මය ගැනත් ලෝකය ගැනත් ඉබේ හටගත් දේ හැටියට උගන්වන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

සන්‌ති භික්‌ඛවේ අසඤ්‌ඤසත්‌තා නාම දේවා. සඤ්‌ඤුප්‌පාදා ච පන තේ දේවා තම්‌හා කායා චවන්‌ති. ඨානං ඛෝ පනේතං භික්‌ඛවේ විජ්‌ජති යං අඤ්‌ඤතරෝ සත්තෝ තම්‌හා කායා චවිත්‌වා ඉත්‌ථත්‌තං ආගච්‌ඡති. ඉත්‌ථත්‌තං ආගතෝ සමානෝ අගාරස්‌මා අනගාරියං පබ්‌බජති. අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝ සමානෝ ආතප්‌පමන්‌වාය පධානමන්‌වාය අනුයෝගමන්‌වාය අප්‌පමාදමන්‌වාය සම්‌මාමනසිකාරමන්‌වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ සඤ්‌ඤුප්‌පාදං අනුස්‌සරති තතෝ පරං නානුස්‌සරති. සෝ ඒවමාහ. අධිච්‌චසමුප්‌පන්‌නෝ අත්‌තා ච ලෝකෝ ච. තං කිස්‌ස හේතු? අහං හි පුබ්‌බේ නාහෝසිං සොම්‌හි ඒතරහි අහුත්‌වා සන්‌තත්තාය පරිණතෝති.

පින්වත් මහණෙනි, (තමාගේ සිතත් කයත් පවතින බව නොදැන ඉපදී සිටින) ‘අසඤ්ඤසත්ත’ නමින් දෙවිවරු කොටසක් ඉන්නවා. සඤ්ඤාව ඉපදුන සැණින් ඒ දෙවිවරු ඒ ලෝකයෙන් චුත වෙනවා. පින්වත් මහණෙනි, යම් සත්වයෙක් ඒ ලෝකයෙන් චුතවෙලා මේ මිනිස් ලොවට පැමිණෙනවාය යන මෙකරුණ විද්‍යමාන (දකින්නට ලැබෙන) දෙයක්. ඉතින්, මිනිස් ලොවට ආපු ඒ කෙනා ගිහිගෙය අත්හැරලා අනගාරික වූ පැවිදිබව ලබනවා. ගිහිගෙයින් නික්මී අනගාරිකව පැවිදි වූ ඔහු කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මහත් වීර්යයකින් යුතුව, යළි යළිත් වීරිය කොට, අප්‍රමාදීව, ඉතා හොඳින් මනසිකාර කරලා යම් අයුරකින් සිත සමාධිමත් වුන විට සඤ්ඤාව ඉපදීම ගැන සිහිකරන්න පුළුවන් වෙනවා නම්, එයින් එහාට සිහි කරන්නට පුළුවන් වෙන්නේ නැත්නම්, එබඳු වූ චිත්ත සමාධියක් ඇතිකර ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ආත්මයත් ලෝකයත් ඉබේමයි හට අරගෙන තියෙන්නේ. මක්නිසාද එහෙම වෙන්නේ? මං කලින් ඉඳලා නෑ. ඒ මං මේ ජීවිතය තුළ තමයි ජීවිතය පිණිස පරිණාමයට පත්වුනේ.

ඉදං භික්‌ඛවේ පඨමං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අධිච්‌චසමුප්‌පන්‌නිකා අධිච්‌චසමුප්‌පන්‌නං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, අධිච්චසමුප්පන්නවාදී ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආත්මයත් ලෝකයත් ගැන ඉබේ හටගත් දෙයක් වශයෙන් උගන්වන්නේ යම් කරුණකට පැමිණිලා නම් යමක් අරභයා නම්, මේ ඒ පළමුවෙනි මතවාදයයි.

67. දුතියේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අධිච්‌චසමුප්‌පන්‌නිකා අධිච්‌චසමුප්‌පන්‌නං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති?

ඒ අධිච්චසමුප්පන්නවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙවෙනි කරුණ හැටියට ආත්මයත් ලෝකයත් ඉබේ හටගත් දෙයක් වශයෙන් උගන්වන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා තක්‌කී හෝති වීමංසී. සෝ තක්‌කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං ඒවමාහ. අධිච්‌චසමුප්‌පන්‌නෝ අත්‌තා ච ලෝකෝ චාති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් තර්ක කරනවා. එක එක විදිහට විමසනවා. තර්ක කරමින් කරුණු රැස්කොට විමස විමසා තමන්ට වැටහෙන පරිදි කරුණු රැස්කොට මෙහෙම කියනවා. “ආත්මයත් ලෝකයත් ඉබේ හටගෙනයි තියෙන්නෙ” කියලා.

ඉදං භික්‌ඛවේ දුතියං ඨානං යං ආගම්‌ම යං ආරබ්‌භ ඒකේ සමණබ්‍රාහ්‌මණා අධිච්‌චසමුප්‌පන්‌නිකා අධිච්‌චසමුප්‌පන්‌නං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, අධිච්චසමුප්පන්නවාදී ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආත්මයත් ලෝකයත් ඉබේ හටගත්තක්ය කියලා උගන්වන්නේ යමකට පැමිණිලා නම්, යමක් අරභයා නම්, මේ ඒ දෙවෙනි කාරණයයි.

68. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා අධිච්‌චසමුප්‌පන්‌නිකා අධිච්‌චසමුප්‌පන්‌නං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති ද්‌වීහි වත්‌ථූහි.

පින්වත් මහණෙනි, අධිච්චසමුප්පන්නවාදී ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආත්මයත් ලෝකයත් ඉබේ හටගත්ත බවට උගන්වන්නේ ඔය කරුණු දෙකෙන් තමයි.

යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා අධිච්‌චසමුප්‌පන්‌නිකා අධිච්‌චසමුප්‌පන්‌නං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව ද්‌වීහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, අධිච්චසමුප්පන්නවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ඉබේ හටගත් බවට යම් කරුණුවලින් උගන්වනවා නම්, ඒ සියළුදෙනාම උගන්වන්නේ මේ කරුණු දෙකෙන් තමයි. එහෙම නැත්නම් ඔය දෙකෙන් එක් කරුණකින් තමයි. ඔයිට බාහිර කරුණකින් නොවේ.

69. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ….(පෙ)…. යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානෝ වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, ඔය කාරණය තථාගතයන් වහන්සේ හොඳින් දන්නවා ….(පෙ)…. යම් කරුණකින් තථාගතයන් වහන්සේව සැබෑ ලෙසම වර්ණනා කරනවා නම්, වර්ණනා කරන්නේ.

70. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා පුබ්‌බන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති අට්‌ඨාරසහි වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා පුබ්‌බන්‌තකප්‌පිකා පුබ්‌බන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තම ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති සබ්බේ තේ ඉමේහේව අට්‌ඨාරසහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, අතීතයේ කෙළවර ගැන කල්පනා කරන පූර්ව අන්ත කල්පික වූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතීතයේ කෙළවර ගැන ඇති කරගත් මතවාද අනුව කලින් ජීවිතවල කෙළවර අරභයා නොයෙක් ආකාරවලින් අදහස් මතවාදයන් ප්‍රකාශනයන් ඉදිරිපත් කරන්නේ ඔය කරුණු දහඅටෙන් තමයි. පින්වත් මහණෙනි, ඒ පූර්වාන්ත කල්පික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් කලින් ජීවිතවල කෙළවර ගැන ඇති කරගත් දෘෂ්ටිය අනුව කලින් ජීවිතවල කෙළවර අරභයා නොයෙක් ආකාරයෙන් අදහස් මතවාද ප්‍රකාශනයන් වශයෙන් යමක් ඉදිරිපත් කරයි නම් ඒ සියළු දෙනාම මේ කරුණු දහඅටෙන් තමයි ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් මේවායින් එක දෙයෙකිනුයි. ඔයින් පිටස්තර කරුණකින් නම් නොවේ.

71. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ඉමේ දිට්‌ඨිට්‌ඨානා ඒවංගහිතා ඒවංපරාමට්‌ඨා ඒවංගතිකා භවිස්සන්‌ති ඒවංඅභිසම්‌පරායාති. තඤ්‌ච තථාගතෝ පජානාති තතෝ ච උත්‌තරිතරං පජානාති තඤ්‌ච පජානනං න පරාමසති අපරාමසතෝ චස්‌ස පච්‌චත්‌තඤ්‌ඤේව නිබ්‌බුති විදිතා. වේදනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං විදිත්‌වා අනුපාදාවිමුත්‌තෝ භික්‌ඛවේ තථාගතෝ.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ කාරණය ගැන අවබෝධ කරගෙනයි ඉන්නේ “මේ දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත්, මේ විදිහට බැඳිලා ගියොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මරණින් මතු මේ මේ විදිහට පරලොව යාවි” කියලා තථාගතයන් වහන්සේ මෙයත් දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවාට බැඳෙන්නට යන්නේ නෑ. ඒ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාමයි තමා තුළම නිවීගිය බව දැනගෙන තියෙන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ.

ඉමේ ඛෝ තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ තමන් තුළින්ම උපදවා ගන්නා ලද විශිෂ්ට ඤාණයෙන් අත්දැකල ලොවට පෙන්වා දෙන යම් යම් දේවල් ඇත්නම්, ඒ යම් යම් දේවල්වලින් තථාගතයන් වහන්සේගේ සත්‍ය වශයෙන්ම තිබෙන ගුණත් මනාකොට කියනවා නම්, කිව යුතු වූ ඉතා ගැඹුරු වූ, දුකසේ දකින්න තියෙන, දුකසේ අවබෝධ කරන්න තියෙන, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයට හසු නොවන, ඉතා සියුම් වූ, ඒ වගේම නුවණැතියන් විසින්ම දතයුත්තේ මේ දේවල් තමයි.

72. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා අපරන්‌තකප්‌පිකා අපරන්‌තානුදිට්‌ඨිනෝ අපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති චතුචත්‌තාරීසාය වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ අපරන්‌තකප්‌පිකා අපරන්‌තානුදිට්‌ඨිනෝ අපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති චතුචත්‌තාරීසාය වත්‌ථූහි?

පින්වත් මහණෙනි, අනාගත ජීවිතයේ කෙළවර ගැන නොයෙක් දෘෂ්ටි ඇතිකරගන්නා අපරාන්ත කල්පික වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් අනාගත ජීවිතයේ කෙළවර ගැන නොයෙක් දෘෂ්ටීන් ඇති කරගෙන අනාගත ජීවිතයේ කෙළවර අරභයා අනේකප්‍රකාර වූ අදහස් දෘෂ්ටි මතවාද ආදිය ප්‍රකාශ කරමින් කරුණු හතළිස් හතරකින් ඉදිරිපත් කරනවා. ඒ පූර්වාන්ත කල්පික වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අනාගත ජීවිතයේ කෙළවර අරභයා දෘෂ්ටිවාද ඇතිකර ගනිමින් අනාගත ජීවිතයේ කෙළවර පිළිබඳ කරුණු හතළිස් හතරකින් අදහස් මතවාද දෘෂ්ටි ආදිය ඉදිරිපත් කරන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

73. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා සඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා සඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති සෝළසහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ උද්‌ධමාඝාතනිකා සඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා සඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති සෝළසහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, මරණින් මතු ආත්මයක් තියෙනවා යන මතය දැරූ උද්ධමාඝාතනික සඤ්ඤීවාදක වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් මරණින් මතු ලබන ඒ ආත්මය සඤ්ඤා සහිත යැයි කරුණු දහසයකින් විස්තර කරනවා. මරණින් මත්තෙහි ආත්මය සඤ්ඤා සහිත යැයි දෘෂ්ටිගතික වූ ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු ආත්මය සඤ්ඤා සහිත බවට දහසය කරුණකින් විස්තර කරන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

රූපී අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා සඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති. අරූපී අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා සඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති. රූපී ච අරූපී ච අත්‌තා හෝති ….(පෙ)…. නේව රූපී නාරූපී අත්‌තා හෝති ….(පෙ)…. අන්‌තවා අත්‌තා හෝති ….(පෙ)…. අනන්‌තවා අත්‌තා හෝති ….(පෙ)…. අන්‌තවා ච අනන්‌තවා ච අත්‌තා හෝති ….(පෙ)…. නේවන්‌තවා නානන්‌තවා ච අත්‌තා හෝති ….(පෙ)…. ඒකත්‌තසඤ්‌ඤී අත්‌තා හෝති ….(පෙ)…. නානත්‌තසඤ්‌ඤී අත්‌තා හෝති ….(පෙ)…. පරිත්‌තසඤ්‌ඤී අත්‌තා හෝති ….(පෙ)…. අප්‌පමාණසඤ්‌ඤී අත්‌තා හෝති ….(පෙ)…. ඒකන්‌තසුඛී අත්‌තා හෝති ….(පෙ)…. ඒකන්‌තදුක්‌ඛී අත්‌තා හෝති ….(පෙ)…. සුඛදුක්‌ඛී අත්‌තා හෝති ….(පෙ)…. අදුක්‌ඛමසුඛී අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා සඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති.

කෙනෙක් උගන්වන්නේ “ආත්මය යනු රූපයෙන් හැදුණු දෙයක්. මරණින් මතු නිත්‍ය වෙනවා. සඤ්ඤාවකින් යුතුවෙනවා” කියලයි. තව කෙනෙක් විස්තර කරන්නේ “ආත්මය යනු අරූපී දෙයක්. එය මරණින් මතු නිත්‍ය වෙනවා. සඤ්ඤා සහිත වෙනවා” කියලා. “ආත්මය රූපී වගේම අරූපී දෙයක් ….(පෙ)…. ආත්මය රූපීත් නොවෙයි, අරූපීත් නොවෙයි ….(පෙ)…. ආත්මය කෙළවරක් ඇති දෙයක් ….(පෙ)…. ආත්මය අනන්ත දෙයක් ….(පෙ)…. ආත්මය කෙළවරකුත් තිබෙන, කෙළවරකුත් නැති දෙයක් ….(පෙ)…. ආත්මය කෙළවරකුත් නැති, අනන්තයකුත් නැති දෙයක් ….(පෙ)…. ආත්මය එකම සඤ්ඤාවකින් යුක්ත වූ දෙයක් ….(පෙ)…. ආත්මය නානා සඤ්ඤාවලින් යුක්ත දෙයක් ….(පෙ)…. ආත්මය කුඩා සඤ්ඤාවකින් යුක්ත දෙයක් ….(පෙ)…. ආත්මය අප්‍රමාණ සඤ්ඤාවකින් යුක්ත දෙයක් ….(පෙ)…. ආත්මය ඒකාන්ත සැපයෙන් යුක්ත දෙයක් ….(පෙ)…. ආත්මය ඒකාන්ත දුකින් යුතු දෙයක් ….(පෙ)…. ආත්මය සැප දුක දෙකෙන්ම යුතු දෙයක්. ආත්මය දුක් සැප රහිත වූ දෙයක්. මරණින් මතු නිත්‍ය වූ සඤ්ඤා සහිත වූ දෙයක්” කියලා.

74. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා සඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා සඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති සෝළසහි වත්‌ථූහි.

පින්වත් මහණෙනි, ඒ උද්ධමාඝාතනික සඤ්ඤීවාදී වූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු සඤ්ඤා සහිත ආත්මයක් තියෙනවා යන දෘෂ්ටිය ඉදිරිපත් කරන්නේ ඔය මතවාද දහසය තුළිනුයි.

යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා උද්‌ධමාඝාතනිකා සඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා සඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව සෝළසහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, උද්ධමාඝාතනික සඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු සඤ්ඤා සහිත ආත්මයක් තිබෙන බවට මතවාද ඉදිරිපත් කරන්නේ යම් කරුණකින් නම්, ඒ සියළු දෙනාම ඔය කරුණු දහසයෙන් තමයි කරුණු කියන්නේ. එක්කෝ ඕවායින් එක කරුණකින්. ඔයින් පිටස්තර කරුණු කියන්නේ නෑ.

75. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ඉමේ දිට්‌ඨිට්‌ඨානා ඒවංගහිතා ඒවංපරාමට්‌ඨා ඒවංගතිකා භවිස්සන්‌ති ඒවංඅභිසම්‌පරායාති. තඤ්‌ච තථාගතෝ පජානාති තතෝ ච උත්‌තරිතරං පජානාති තඤ්‌ච පජානනං න පරාමසති අපරාමසතෝ චස්‌ස පච්‌චත්‌තඤ්‌ඤේව නිබ්‌බුති විදිතා. වේදනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං විදිත්‌වා අනුපාදාවිමුත්‌තෝ භික්‌ඛවේ තථාගතෝ.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ කාරණය ගැන අවබෝධ කරගෙනයි ඉන්නේ “මේ දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත්, මේ විදිහට බැඳිලා ගියොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මරණින් මතු මේ මේ විදිහට පරලොව යාවී” කියලා තථාගතයන් වහන්සේ මෙයත් දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවාට බැඳෙන්නට යන්නේ නෑ. ඒ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාමයි තමා තුළම නිවීගිය බව දැනගෙන තියෙන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ.

76. ඉමේ ඛෝ තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

දුතියභාණවාරං

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ තමන් තුළින්ම උපදවා ගන්නා ලද විශිෂ්ට ඤාණයෙන් අත්දැකල ලොවට පෙන්වා දෙන යම් යම් දේවල් ඇත්නම්, ඒ යම් යම් දේවල්වලින් තථාගතයන් වහන්සේගේ සත්‍ය වශයෙන්ම තිබෙන ගුණත් මනාකොට කියනවා නම්, කිව යුතු වූ ඉතා ගැඹුරු වූ, දුකසේ දකින්න තියෙන, දුකසේ අවබෝධ කරන්න තියෙන, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයට හසු නොවන, ඉතා සියුම් වූ, ඒ වගේම නුවණැතියන් විසින්ම දතයුත්තේ මේ දේවල් තමයි.

දෙවෙනි බණවරයි

77. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා අසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා අසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ උද්‌ධමාඝාතනිකා අසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා අසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, මරණින් මතු සඤ්ඤා රහිත වූ ආත්මයක් තියෙනවාය යන දෘෂ්ටියෙන් යුතු වූ උද්ධමාඝාතනික අසඤ්ඤීවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් මතවාද අටක් මුල් කරගෙන මරණින් මතු සඤ්ඤා රහිත වූ ආත්මයකින් යුතුවෙනවා කියලා මතවාද පවසනවා. ඒ උද්ධමාඝතනික අසඤ්ඤීවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මතවාද අටක් තුළින් මරණින් මතු සඤ්ඤා රහිත ආත්මයක් තිබෙන බවට කරුණු කියන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

78. රූපී අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා අසඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති. අරූපී අත්‌තා හෝති ….(පෙ)…. රූපී ච අරූපී ච අත්‌තා හෝති ….(පෙ)…. නේව රූපී නාරූපී අත්‌තා හෝති ….(පෙ)…. අන්‌තවා අත්‌තා හෝති ….(පෙ)…. අනන්‌තවා අත්‌තා හෝති ….(පෙ)…. අන්‌තවා ච අනන්‌තවා ච අත්‌තා හෝති ….(පෙ)…. නේවන්‌තවා නානන්‌තවා අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා අසඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති.

කෙනෙක් මෙහෙම කියනවා. ‘ආත්මය යනු රූපවත් දෙයක්. මරණින් මතු නිත්‍ය වූ සඤ්ඤා රහිත බවට පත්වෙනවා. ආත්මය යනු අරූපී දෙයක් ….(පෙ)…. ආත්මය යනු රූපී වූත් අරූපී වූත් දෙයක් ….(පෙ)…. ආත්මය යනු රූපීත් නොවන අරූපීත් නොවන දෙයක් ….(පෙ)…. ආත්මය යනු කෙළවරක් ඇති දෙයක් ….(පෙ)…. ආත්මය යනු කෙළවරක් නැති දෙයක් ….(පෙ)…. ආත්මය යනු කෙළවරක් සහිත වූත් කෙළවරක් රහිත වූත් දෙයක් ….(පෙ)…. ආත්මය යනු කෙළවරක් ඇත්තේත් නැති, කෙළවරක් නැත්තේත් නැති දෙයක්. මරණින් මතු නිත්‍ය වෙනවා. සඤ්ඤා රහිත වෙනවා’ කියලා.

79. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා අසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා අසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා උද්‌ධමාඝාතනිකා අසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා අසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව අට්‌ඨහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, උද්ධමාඝාතනික අසඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු සඤ්ඤා රහිත වූ ආත්මයකින් යුතුවන බවට මතවාද ඉදිරිපත් කරන්නේ ඔය කරුණු අට මුල් කරගෙනයි. ඒ උද්ධමාඝාතනික අසඤ්ඤීවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් යම් මතවාද මුල්කොට මරණින් මතු සඤ්ඤා රහිත ආත්මයක් ඇති බවට කරුණු කියනවා නම්, ඒ සියළු දෙනාම ඔය කරුණු අට තුළින් තමයි කියන්නට තියෙන්නේ. එක්කෝ ඒ කරුණුවලින් එකකින් තමයි. ඔයින් පිටස්තර කරුණකින් නම් නොවෙයි.

80. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ….(පෙ)…. යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, ඔය කාරණය තථාගතයන් වහන්සේ හොඳින් දන්නවා ….(පෙ)…. තථාගතයන් වහන්සේගේ තිබෙන්නා වූ ඒ ගුණ මනාකොට කියනු කැමති නම් ඒ විදිහටයි කිව යුත්තේ.

81. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ උද්‌ධමාඝාතනිකා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, මරණින් මතු සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති ආත්මයක් තිබේය යන දෘෂ්ටි ඇති උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාදී ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් මරණින් මතු ආත්මය සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවට පත්වන්නේය යන දෘෂ්ටිය කරුණු අටකින් ඉදිරිපත් කරනවා. ඒ උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාදී භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු ආත්මය සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවට පත්වන්නේ යැයි අට වැදෑරුම් දෘෂ්ටි ඇතිව කරුණු ඉදිරිපත් කරන්නේ කුමකට පැමිණීමෙන්ද? කුමක් අරභයාද?

82. රූපී අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති අරූපී අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති රූපී ච අරූපී ච අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති නේවරූපී නාරූපී අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති අන්‌තවා අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති අනන්‌තවා අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති අන්‌තවා ච අනන්‌තවා ච අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති නේවන්‌තවා නානන්‌තවා අත්‌තා හෝති අරෝගෝ පරම්මරණා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීති නං පඤ්‌ඤාපෙන්‌ති.

කෙනෙක් මෙහෙම කියනවා. ‘ආත්මය යනු රූපවත් දෙයක් මරණින් මතු නිත්‍ය වෙනවා. සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවට පත්වෙනවා’ කියලා. තව කෙනෙක් මෙහෙම කියනවා. ‘ආත්මය අරූපී දෙයක් මරණින් මතු ඇත්තේත් නැති නැත්තේත් නැති දෙයක් බවට පත්වෙනවා’ කියලා. තවත් කෙනෙක් මෙහෙම කියනවා. ‘ආත්මය රූපී වූත් අරූපී වූත් දෙයක්. මරණින් මතු සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවට පත්වෙනවා’ කියලා. තවත් කෙනෙක් මෙහෙම කියනවා. ‘ආත්මය රූපීත් නොවෙයි අරූපීත් නොවෙයි මරණින් මතු නිත්‍ය වෙනවා. සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවට පත්වෙනවා’ කියලා. කෙනෙක් මෙහෙම කියනවා. ‘ආත්මය යනු කෙළවරක් ඇති දෙයක් මරණින් මතු නිත්‍යය වෙනවා. සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවට පත්වෙනවා’ කියලා. තව කෙනෙක් මෙහෙම කියනවා. ‘ආත්මය කෙළවරක් නැති දෙයක් මරණින් මතු සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති දෙයක් බවට පත්වෙනවා’ කියලා. තවත් කෙනෙක් මෙහෙම කියනවා. ‘ආත්මය කෙළවරක් ඇත්තා වූත් කෙළවරක් නැත්තා වූත් දෙයක්. මරණින් මතු සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවට පත්වෙනවා’ කියලා. තවත් කෙනෙක් මෙහෙම කියනවා. ‘ආත්මය කෙළවරක් ඇත්තේත් නොවෙයි කෙළවරක් නැත්තේත් නොවෙයි මරණින් මතු නිත්‍ය වෙනවා. සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවට පත්වෙනවා’ කියලා.

83. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා උද්‌ධමාඝාතනිකා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව අට්‌ඨහි වත්‌ථූහි. ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, ඒ උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති ආත්මයක් ඇති බවට කරුණු කියන්නේ මේ දෘෂ්ටි අට තුළිනුයි. ඒ උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මරණින් මතු සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති ආත්මයක් බවට පත්වෙනවාය යන්න උගන්වන්නේ යම් කරුණකින් නම් ඔවුන් සියල්ලන්ටම ඔය කරුණු අටෙන් තමයි උගන්වන්න තියෙන්නේ. එක්කෝ ඔය කරුණු අටෙන් එකකින්. ඔයින් පිටස්තර දෙයක් නම් නෑ.

84. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ….(පෙ)…. යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, ඔය කාරණය තථාගතයන් වහන්සේ හොඳින් දන්නවා ….(පෙ)…. තථාගතයන් වහන්සේගේ තිබෙන්නා වූ ඒ ගුණ මනාකොට කියනු කැමති නම් ඒ විදිහටයි කිවයුත්තේ.

85. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා උච්‌චේදවාදා සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති සත්‌තහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ උච්‌චේදවාදා සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති සත්‌තහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, මරණින් මතු සත්වයාගේ පැවැත්මක් නැත යන දෘෂ්ටිය දරණ උච්ඡේදවාදී ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. සිටින්නා වූ සත්වයාගේ සම්පූර්ණ නොපැවැත්මත්, විනාශයත්, නැතිවීමත් මතවාද හතක් ඔස්සේ ඔවුන් උගන්වනවා. ඒ උච්ඡේදවාදී භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිටින්නා වූ සත්වයාගේ සම්පූර්ණ නොපැවැත්මත්, විනාශයත්, නැතිවීමත් මතවාද හතක් ඔස්සේ උගන්වන්නේ කුමකට බැසගෙනද? කුමක් අරභයාද?

86. ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ඒවංවාදී හෝති ඒවංදිට්‌ඨි යතෝ ඛෝ භෝ අයං අත්‌තා රූපී චාතුම්මහාභූතිකෝ මාතාපෙත්‌තිකසම්‌භවෝ කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණා එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඉන්නවා. ඔහු මෙවැනි මතයක් පවසන, මෙවැනි මතයක් දරණ කෙනෙක්. “භවත, මේ ආත්මය සතරමහා ධාතූන්ගෙන් හටගත් රූපමය එකක්. මව්පියන් නිසා හැදුණු දෙයක්. යම් කලෙක කය බිඳී යාමෙන් මරණින් මතු නොවෙයිද, විනාශ වෙයිද, භවත, එපමණකින්ම මේ ආත්මය මුළුමණින්ම විනාශ වෙලා යනවා” කියලා. මේ විදිහට සිටින්නා වූ ම සත්වයන්ගේ මුළුමණින්ම නැතිවීමත්, විනාශවීමත්, නොපැවැත්මත් ඇතැම් උදවිය උගන්වනවා.

87. තමඤ්‌ඤෝ ඒවමාහ. අත්‌ථි ඛෝ භෝ ඒසෝ අත්‌තා යං ත්‌වං වදේසි නේසෝ නත්‌ථීති වදාමි; නෝ ච ඛෝ භෝ අයං අත්‌තා එත්‌තාවතා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝති. අත්‌ථි ඛෝ භෝ අඤ්‌ඤෝ අත්‌තා දිබ්‌බෝ රූපී කාමාවචරෝ කබළිංකාරාහාරභක්‌ඛෝ. තං ත්‌වං න ජානාසි න පස්‌සසි. තමහං ජානාමි පස්‌සාමි. සෝ ඛෝ භෝ අත්‌තා යතෝ කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණා එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති.

එතකොට ඔහුට වෙන කෙනෙක් මෙහෙම කියනවා. “භවත, ඔබ ඔය කියන ආත්මය තියෙනවා තමයි, ඒක නෑ කියන්නේ නෑ. එනමුත් භවත, ඔය ආත්මය එපමණකින් මුළුමණින්ම නැසී යන්නේ නෑ. භවත, වෙනත් දිව්‍ය වූ ආත්මයක් තියෙනවා, ඒකත් රූපවත්. කාමාවචර දෙව්ලොවටයි අයිති වන්නේ. ගොරෝසු ආහාර අනුභවයෙන් යුක්තයි. ඒ ආත්මය ගැන ඔබ දන්නේ නෑ. දකින්නෙත් නෑ. නමුත් ඒ ගැන මං දන්නවා වගේම දකිනවා. භවත, ඒ දිව්‍ය ආත්මය නම් කය බිඳී මරණින් මතු නැසී යනවා, විනාශ වෙනවා, පවතින්නේ නෑ. භවත, එපමණකින්මයි මේ ආත්මය මුළුමණින්ම විනාශ වෙන්නේ” කියලා මේ විදිහට සිටින්නා වූ ම සත්වයන්ගේ මුළුමණින්ම නැතිවීමත් විනාශවීමත්, නොපැවැත්මත්, ඇතැම් උදවිය උගන්වනවා.

88. තමඤ්‌ඤෝ ඒවමාහ. අත්‌ථි ඛෝ භෝ ඒසෝ අත්‌තා යං ත්‌වං වදේසි නේසෝ නත්‌ථීති වදාමි; නෝ ච ඛෝ භෝ අයං අත්‌තා එත්‌තාවතා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝති. අත්‌ථි ඛෝ භෝ අඤ්‌ඤෝ අත්‌තා දිබ්‌බෝ රූපී මනෝමයෝ සබ්‌බංගපච්‌චංගී අහීනින්‌ද්‍රියෝ. තං ත්‌වං න ජානාසි න පස්‌සසි. තමහං ජානාමි පස්‌සාමි. සෝ ඛෝ භෝ අත්‌තා යතෝ කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණා එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති.

එතකොට ඔහුට වෙන කෙනෙක් මෙහෙම කියනවා. “භවත, ඔබ ඔය කියන ආත්මය තියෙනවා තමයි, ඒක නෑ කියන්නේ නෑ. එනමුත් භවත ඔය ආත්මය එපමණකින් මුළුමණින්ම නැසී යන්නේ නෑ. භවත, වෙනත් දිව්‍ය වූ ආත්මයක් තියෙනවා, ඒකත් සතර මහා ධාතූන්ගෙන් යුක්ත තමයි. නමුත් මනෝමයයි. ඒ වගේම සියළු අඟපසඟ තියෙනවා. ඉඳුරන් හොඳින් තියෙනවා. ඔබ ඒ ආත්මය දන්නේ නෑ. දකින්නෙත් නෑ. නමුත් මං ඒ ගැන දන්නවා. දකිනවා. භවත, ඒ මනෝමය (මනසින් හටගත්) ආත්මය නම් කය බිඳී මරණින් මතු නැසී යනවා, විනාශ වෙනවා, පවතින්නේ නෑ. භවත, එපමණකින්මයි මේ ආත්මය මුළුමණින්ම විනාශ වෙන්නේ” කියලා මේ විදිහට සිටින්නා වූ ම සත්වයන්ගේ මුළුමණින්ම නැතිවීමත්, විනාශවීමත්, නොපැවැත්මත් ඇතැම් උදවිය උගන්වනවා.

89. තමඤ්‌ඤෝ ඒවමාහ. අත්‌ථි ඛෝ භෝ ඒසෝ අත්‌තා යං ත්‌වං වදේසි නේසෝ නත්‌ථීති වදාමි; නෝ ච ඛෝ භෝ අයං අත්‌තා එත්‌තාවතා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝති. අත්‌ථි ඛෝ භෝ අඤ්‌ඤෝ අත්‌තා සබ්‌බසෝ රූපසඤ්‌ඤානං සමතික්‌කමා පටිඝසඤ්‌ඤානං අත්‌ථංගමා නානත්‌තසඤ්‌ඤානං අමනසිකාරා අනන්‌තෝ ආකාසෝති ආකාසානඤ්‌චායතනූපගෝ. තං ත්‌වං න ජානාසි න පස්‌සසි. තමහං ජානාමි පස්‌සාමි. සෝ ඛෝ භෝ අත්‌තා යතෝ කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණා එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති.

එතකොට තව කෙනෙක් ඔහුට මෙහෙම කියනවා, “භවත, යම් ආත්මයක් ගැන ඔබ කියනවා නම්, ඒක තියෙනවා තමයි. ඒක නැතෙයි කියන්නේ නෑ. නමුත් භවත, ඔය ආත්මය එපමණකින්ම මුළුමණින්ම නැසිලා යන්නේ නෑ. භවත, වෙනත් ආත්මයකුත් තියෙනවා. සියළු රූප සඤ්ඤාවන් ඉක්මවා ගිහින් ගොරෝසු සඤ්ඤාවන් නැතිවීමෙන් නා නා සඤ්ඤාවන් මෙනෙහි නොකර ‘අනන්ත ආකාසය’ කියලා මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනයට පැමිණෙනවා. ඔබ මේ ගැන දන්නෙත් නෑ. දකින්නෙත් නෑ. නමුත් මං මේ ගැන දන්නවා, දකිනවා. භවත, ඒ ආත්මය නම් කය බිඳී මරණින් මතු නැසී යනවා, විනාශ වෙනවා, පවතින්නේ නෑ. භවත, එපමණකින්මයි මේ ආත්මය මුළුමණින්ම විනාශ වෙන්නේ” කියලා මේ විදිහට සිටින්නා වූ ම සත්වයන්ගේ මුළුමණින්ම නැතිවීමත්, විනාශවීමත්, නොපැවැත්මත් ඇතැම් උදවිය උගන්වනවා.

90. තමඤ්‌ඤෝ ඒවමාහ. අත්‌ථි ඛෝ භෝ ඒසෝ අත්‌තා යං ත්‌වං වදේසි නේසෝ නත්‌ථීති වදාමි; නෝ ච ඛෝ භෝ අයං අත්‌තා එත්‌තාවතා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝති. අත්‌ථි ඛෝ භෝ අඤ්‌ඤෝ අත්‌තා සබ්‌බසෝ ආකාසානඤ්‌චායතනං සමතික්‌කම්‌ම අනන්‌තං විඤ්‌ඤාණන්‌ති විඤ්‌ඤාණඤ්‌චායතනූපගෝ. තං ත්‌වං න ජානාසි න පස්‌සසි. තමහං ජානාමි පස්‌සාමි. සෝ ඛෝ භෝ අත්‌තා යතෝ කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණා එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හොතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති.

එතකොට තව කෙනෙක් ඔහුට මෙහෙම කියනවා, “භවත, යම් ආත්මයක් ගැන ඔබ කියනවා නම්, ඒක තියෙනවා තමයි. ඒක නැතෙයි කියන්නේ නෑ. නමුත් භවත, ඔය ආත්මය එපමණකින්ම මුළුමණින්ම නැසිලා යන්නේ නෑ. භවත, වෙනත් ආත්මයකුත් තියෙනවා. සියළු ආකාසානඤ්චායතනය ඉක්මවා යෑමෙන් ‘අනන්ත වූ විඤ්ඤාණය’ කියලා අරූප ධ්‍යාන වැඩීමෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණෙනවා. ඔබ මේ ගැන දන්නෙත් නෑ. දකින්නෙත් නෑ. නමුත් මං මේ ගැන දන්නවා, දකිනවා. ඒ ආත්මය නම් කය බිඳී මරණින් මතු නැසීයනවා, විනාශ වෙනවා, පවතින්නේ නෑ. භවත, එපමණකින්මයි මේ ආත්මය මුළුමණින්ම විනාශ වෙන්නේ” කියලා මේ විදිහට සිටින්නා වූ ම සත්වයන්ගේ මුළුමණින්ම නැතිවීමත්, විනාශවීමත්, නොපැවැත්මත් ඇතැම් උදවිය උගන්වනවා.

91. තමඤ්‌ඤෝ ඒවමාහ. අත්‌ථි ඛෝ භෝ ඒසෝ අත්‌තා යං ත්‌වං වදේසි න සෝ නත්‌ථීති වදාමි; නෝ ච ඛෝ භෝ අයං අත්‌තා එත්‌තාවතා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝති. අත්‌ථි ඛෝ භෝ අඤ්‌ඤෝ අත්‌තා සබ්‌බසෝ විඤ්‌ඤාණඤ්‌චායතනං සමතික්‌කම්‌ම නත්‌ථි කිඤ්‌චීති ආකිඤ්‌චඤ්‌ඤායතනූපගෝ. තං ත්‌වං න ජානාසි න පස්‌සසි. තමහං ජානාමි පස්‌සාමි. සෝ ඛෝ භෝ අත්‌තා යතෝ කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණා එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති.

එතකොට තව කෙනෙක් ඔහුට මෙහෙම කියනවා, “භවත, යම් ආත්මයක් ගැන ඔබ කියනවා නම්, ඒක තියෙනවා තමයි. ඒක නැතෙයි කියන්නේ නෑ. නමුත් භවත, ඔය ආත්මය එපමණකින්ම මුළුමණින්ම නැසිලා යන්නේ නෑ. භවත, වෙනත් ආත්මයකුත් තියෙනවා. සියළු විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑමෙන් ‘කිසිවක් නැත’ කියලා අරූප ධ්‍යාන වැඩීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණෙනවා. ඔබ මේ ගැන දන්නෙත් නෑ, දකින්නෙත් නෑ. නමුත් මං මේ ගැන දන්නවා, දකිනවා. භවත, ඒ ආත්මය නම් කය බිඳී මරණින් මතු නැසී යනවා, විනාශ වෙනවා, පවතින්නේ නෑ. භවත, එපමණකින්මයි මේ ආත්මය මුළුමණින්ම විනාශ වෙන්නේ” කියලා මේ විදිහට සිටින්නා වූ ම සත්වයන්ගේ මුළුමණින්ම නැතිවීමත්, විනාශවීමත්, නොපැවැත්මත් ඇතැම් උදවිය උගන්වනවා.

92. තමඤ්‌ඤෝ ඒවමාහ. අත්‌ථි ඛෝ භෝ ඒසෝ අත්‌තා යං ත්‌වං වදේසි නේසෝ නත්‌ථීති වදාමි; නෝ ච ඛෝ භෝ අයං අත්‌තා එත්‌තාවතා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝති. අත්‌ථි ඛෝ භෝ අඤ්‌ඤෝ අත්‌තා සබ්‌බසෝ ආකිඤ්‌චඤ්‌ඤායතනං සමතික්‌කම්‌ම සන්‌තමේතං පණීතමේතන්‌ති නේවසඤ්‌ඤානාසඤ්‌ඤායතනූපගෝ. තං ත්‌වං න ජානාසි න පස්‌සසි. තමහං ජානාමි පස්‌සාමි. සෝ ඛෝ භෝ අත්‌තා යතෝ කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණා එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා සම්‌මා සමුච්‌ඡින්‌නෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති.

එතකොට තවකෙනෙක් ඔහුට මෙහෙම කියනවා, “භවත, යම් ආත්මයක් ගැන ඔබ කියනවා නම්, ඒක තියෙනවා තමයි. ඒක නැතෙයි කියන්නේ නෑ. නමුත් භවත, ඔය ආත්මය එපමණකින්ම මුළුමණින්ම නැසිලා යන්නේ නෑ. භවත, වෙනත් ආත්මයකුත් තියෙනවා. සියළු ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා යෑමෙන් ‘මෙයයි ශාන්ත, මෙයයි ප්‍රණීත’ කියලා අරූප ධ්‍යාන වැඩීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණෙනවා. ඔබ මේ ගැන දන්නෙත් නෑ, දකින්නෙත් නෑ. නමුත් මං මේ ගැන දන්නවා, දකිනවා. භවත, ඒ ආත්මය නම් කය බිඳී මරණින් මතු නැසී යනවා, විනාශවෙනවා, පවතින්නේ නෑ. භවත, එපමණකින්මයි මේ ආත්මය මුළුමණින්ම විනාශ වෙන්නේ” කියලා මේ විදිහට සිටින්නා වූ ම සත්වයන්ගේ මුළුමණින්ම නැතිවීමත්, විනාශවීමත්, නොපැවැත්මත් ඇතැම් උදවිය උගන්වනවා.

93. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා උච්‌චේදවාදා සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති සත්‌තහි වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා උච්‌චේදවාදා සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව සත්‌තහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, ඒ උච්ඡේදවාදී ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඔය මතවාද හතෙන් තමයි සිටින්නා වූ ම සත්වයාගේ නැසී යාමත්, විනාශ වීමත්, නොපැවැත්මත් උගන්වන්නේ. පින්වත් මහණෙනි, ඒ උච්ඡේදවාදී ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටින්නා වූ ම සත්වයාගේ නැසී යාමත්, විනාශ වීමත්, නොපැවැත්මත් උගන්වන්නේ යම් මතවාදවලින් නම් ඔවුන් සියළුදෙනාම මේ මතවාදවලින් තමයි කියාදෙන්නේ. එහෙම නැත්නම් මේවායින් එකකිනුයි. මෙයින් බාහිර දෙයක් නම් නෑ.

94. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ….(පෙ)…. යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, ඔය කාරණය තථාගතයන් වහන්සේ හොඳින් දන්නවා ….(පෙ)…. තථාගතයන් වහන්සේගේ තිබෙන්නා වූ ඒ ගුණ මනාකොට කියනු කැමති නම් ඒ විදිහටයි කිවයුත්තේ.

95. සන්‌ති භික්‌ඛවේ ඒකේ සමණබ්‍රාහ්‌මණා දිට්‌ඨධම්‌මනිබ්‌බානවාදා සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති පඤ්‌චහි වත්‌ථූහි. තේ ච භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා කිමාගම්‌ම කිමාරබ්‌භ දිට්‌ඨධම්‌මනිබ්‌බානවාදා සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති පඤ්‌චහි වත්‌ථූහි?

පින්වත් මහණෙනි, මේ ජීවිතයේදීම නිවන අත්දකිනවා යැයි මතවාද කියන දිට්ඨධම්ම නිබ්බානවාදී ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටින්නා වූ ම සත්වයන්ගේ උතුම් දිට්ඨධම්ම නිබ්බානය මතවාද පහක් ඔස්සේ උගන්වනවා. ඒ දිට්ඨධම්ම නිබ්බානවාදී වූ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටින්නා වූ ම සත්වයා හට මෙලොවදීම දැක්ක හැකි උතුම් නිවන යැයි කියමින් මතවාද පහක් ඔස්සේ උගන්වන්නේ කුමකට බැසගෙනද? කුමක් අරභයාද?

96. ඉධ භික්‌ඛවේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා ඒවංවාදී හෝති ඒවංදිට්‌ඨි. යතෝ ඛෝ භෝ අයං අත්‌තා පඤ්‌චහි කාමගුණේහි සමප්‌පිතෝ සමංගීභූතෝ පරිචාරේති එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පත්‌තෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති.

පින්වත් මහණෙනි, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ඔවුන් මෙවැනි මතයක් පවසන්නේ. “භවත, යම් කලෙක මේ ආත්මය රූප, ශබ්දාදී පංච කාම ගුණයෙන් පිනවමින් එහිම ඇලිලා, එහිම සතුටු කරනවාද, භවත, එපමණකින්මයි මේ ආත්මය මෙලොව දැක්ක යුතු උතුම් නිවනට පත්වෙන්නේ” කියලා. ඇතැම් කෙනෙක් ඔය විදිහට සිටින්නා වූ සත්වයා හට මෙලොවදී දැක්ක යුතු උතුම් නිවන කියලා උගන්වනවා.

97. තමඤ්‌ඤෝ ඒවමාහ. අත්‌ථි ඛෝ භෝ ඒසෝ අත්‌තා යං ත්‌වං වදේසි නේසෝ නත්‌ථීති වදාමි; නෝ ච ඛෝ භෝ අයං අත්‌තා එත්‌තාවතා පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පත්‌තෝ හෝති. තං කිස්‌ස හේතු? කාමා හි භෝ අනිච්‌චා දුක්‌ඛා විපරිණාමධම්‌මා තේසං විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා. යතෝ ඛෝ භෝ අයං අත්‌තා විවිච්‌චේව කාමේහි විවිච්‌ච අකුසලේහි ධම්‌මේහි සවිතක්‌කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්‌පජ්‌ජ විහරති එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පත්‌තෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති.

එතකොට තවකෙනෙක් ඔහුට මෙහෙම කියනවා. “භවත, ඔබ ඔය කියන ආත්මය තියෙනවා තමයි. ඒක මං නැතෙයි කියන්නේ නෑ. නමුත් භවත, මේ ආත්මය එපමණකින්ම මේ ජීවිතය තුළදී උතුම් නිවනට පත්වෙන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? භවත, කාමයන් කියන්නේ අනිත්‍ය දෙයක්. දුක් දෙයක්. වෙනස්වන දහමට අයත් දෙයක්. ඔය කාමයන්ගේ විපරිණාමයෙන්, වෙනස් වීමෙන් තමයි සෝක, වැළපීම්, දුක්දොම්නස්, උපායාස හටගන්නේ. භවත, යම් කලෙක මේ ආත්මය කාමයන්ගෙන් වෙන්වෙලා අකුසල් දහමින් වෙන්වෙලා විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා නම් භවත, අන්න එපමණකින් තමයි මේ ආත්මය මේ ජීවිතයේදීම උතුම් නිවනට පත්වන්නේ. කියලා. ඇතැම් කෙනෙක් ඔය විදිහට සිටින්නා වූ සත්වයා හට මෙලොවදී දැක්ක යුතු උතුම් නිවන වශයෙන් උගන්වනවා.

98. තමඤ්‌ඤෝ ඒවමාහ. අත්‌ථි ඛෝ භෝ ඒසෝ අත්‌තා යං ත්‌වං වදේසි නේසෝ නත්‌ථීති වදාමි; නෝ ච ඛෝ භෝ අයං අත්‌තා එත්‌තාවතා පරමදිට්‌ඨධම්‌ම නිබ්‌බානං පත්‌තෝ හෝති. තං කිස්‌ස හේතු? යදේව තත්‌ථ විතක්‌කිතං විචාරිතං ඒතේනේතං ඕලාරිකං අක්‌ඛායති. යතෝ ඛෝ භෝ අයං අත්‌තා විතක්‌කවිචාරානං වූපසමා අජ්‌ඣත්‌තං සම්‌පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්‌කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්‌පජ්‌ජ විහරති එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පත්‌තෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති.

එතකොට තව කෙනෙක් ඔහුට මෙහෙම කියනවා. “භවත, ඔබ ඔය කියන ආත්මය තියෙනවා තමයි. ඒක මං නැතෙයි කියන්නේ නෑ. නමුත් භවත, මේ ආත්මය එපමණකින්ම මේ ජීවිතය තුළදී උතුම් නිවනට පත්වෙන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? භවත, ඔය විතර්ක විචාර කියන දේ ගැන අපට වැටහෙන්නේ ගොරෝසු දේවල් හැටියටයි. එනිසා භවත, යම් කලෙක මේ ආත්මය විතර්ක විචාර සංසිඳුවාගෙන, සිත තුළ ඇති කරගන්නා වූ පැහැදීමෙන් යුතුව, සිතේ එකඟබව ඇතිව සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා නම් භවත, අන්න එපමණකින් තමයි මේ ආත්මය මේ ජීවිතයේදීම උතුම් නිවනට පත්වන්නේ” කියලා. ඇතැම් කෙනෙක් ඔය විදිහට සිටින්නා වූ සත්වයා හට මෙලොවදී දැක්ක යුතු උතුම් නිවන වශයෙන් උගන්වනවා.

99. තමඤ්‌ඤෝ ඒවමාහ. අත්‌ථි ඛෝ භෝ ඒසෝ අත්‌තා යං ත්‌වං වදේසි නේසෝ නත්‌ථීති වදාමි; නෝ ච ඛෝ භෝ අයං අත්‌තා එත්‌තාවතා පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පත්‌තෝ හෝති. තං කිස්‌ස හේතු? යදේව තත්‌ථ පීතිගතං චේතසෝ උබ්බිල්ලාවිතත්‌තං ඒතේනේතං ඕලාරිකං අක්‌ඛායති. යතෝ ඛෝ භෝ අයං අත්‌තා පීතියා ච විරාගා උපෙක්‌ඛකෝ ච විහරති සතෝ ච සම්‌පජානෝ සුඛඤ්‌ච කායේන පටිසංවේදේති යං තං අරියා ආචික්‌ඛන්‌ති උපෙක්‌ඛකෝ සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්‌පජ්‌ජ විහරති එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පත්‌තෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති.

එතකොට තවකෙනෙක් ඔහුට මෙහෙම කියනවා. “භවත, ඔබ ඔය කියන ආත්මය තියෙනවා තමයි. ඒක මං නැතෙයි කියන්නේ නෑ. නමුත් භවත, මේ ආත්මය එපමණකින්ම මේ ජීවිතය තුළදී උතුම් නිවනට පත්වෙන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? භවත, ඔය සිතේ ඇති වෙන්නා වූ ප්‍රීති සහගත බවක් ඇද්ද, ඒකෙන් සිත ඉල්පී යනවා. ඒ ගැන අපට වැටහෙන්නේ ගොරෝසු දේ හැටියටයි. එනිසා භවත, යම් කලෙක මේ ආත්මය ප්‍රීතියටද නොඇල්මෙන් උපේක්ෂා සහගතව වාසය කරනවා නම්, සිහි නුවණින් යුතුව කයෙනුත් සැපයක් විඳිනවා නම්, ආර්යයන් වහන්සේලා උපේක්ෂා සහගතව සිහි ඇතිව සුවසේ ඉන්නවා කියා යම් සමාධියකට කියයිද, අන්න ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා නම් භවත, අන්න එපමණකින් තමයි මේ ආත්මය මේ ජීවිතයේදීම උතුම් නිවනට පත්වන්නේ” කියලා. ඇතැම් කෙනෙක් ඔය විදිහට සිටින්නා වූ සත්වයා හට මෙලොවදී දැක්ක යුතු උතුම් නිවන වශයෙන් උගන්වනවා.

100. තමඤ්‌ඤෝ ඒවමාහ. අත්‌ථි ඛෝ භෝ ඒසෝ අත්‌තා යං ත්‌වං වදේසි නේසෝ නත්‌ථීති වදාමි; නෝ ච ඛෝ භෝ අයං අත්‌තා එත්‌තාවතා පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පත්‌තෝ හෝති. තං කිස්‌ස හේතු? යදේව තත්‌ථ සුඛමිති චේතසෝ ආභෝගෝ ඒතේනේතං ඕලාරිකං අක්‌ඛායති. යතෝ ඛෝ භෝ අයං අත්‌තා සුඛස්‌ස ච පහානා දුක්‌ඛස්‌ස ච පහානා පුබ්බේව සෝමනස්‌සදෝමනස්‌සානං අත්‌ථංගමා අදුක්‌ඛමසුඛං උපෙක්‌ඛාසතිපාරිසුද්‌ධිං චතුත්‌ථං ඣානං උපසම්‌පජ්‌ජ විහරති එත්‌තාවතා ඛෝ භෝ අයං අත්‌තා පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පත්‌තෝ හෝතීති. ඉත්‌ථේකේ සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති.

එතකොට තව කෙනෙක් ඔහුට මෙහෙම කියනවා. “භවත, ඔබ ඔය කියන ආත්මය තියෙනවා තමයි. ඒක මං නැතෙයි කියන්නේ නෑ. නමුත් භවත, මේ ආත්මය එපමණකින්ම මේ ජීවිතය තුළදී උතුම් නිවනට පත්වෙන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? භවත, ඔය සිතේ ඇතිවෙන්නා වූ සැපයක් ඇද්ද, ඒ කෙරෙහි සිත නැමී යනවා. ඒ ගැන අපට වැටහෙන්නේ ගොරෝසු දේ හැටියටයි. එනිසා භවත, යම් කලෙක මේ ආත්මය සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් නැතිවීමෙන් දුක් සැප රහිත වූ උපේක්ෂා සහගතව පාරිශුද්ධ සතියෙන් යුතුව හතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා නම් භවත, අන්න එපමණකින් තමයි මේ ආත්මය මේ ජීවිතයේදීම උතුම් නිවනට පත්වන්නේ” කියලා. ඇතැම් කෙනෙක් ඔය විදිහට සිටින්නා වූ සත්වයා හට මෙලොවදී දැක්ක යුතු උතුම් නිවන වශයෙන් උගන්වනවා.

101. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා දිට්‌ඨධම්‌මනිබ්‌බානවාදා සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති පඤ්‌චහි වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා දිට්‌ඨධම්‌මනිබ්‌බානවාදා සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති සබ්බේ තේ ඉමේහේව පඤ්‌චහි වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, දිට්ඨධම්මනිබ්බානවාදී වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටින්නා වූ ම සත්වයාගේ මෙලොව දැක්ක යුතු උතුම් නිවන යැයි උගන්වන්නේ මේ මතවාද පහ තුළින් තමයි. පින්වත් මහණෙනි, ඒ දිට්ඨධම්මනිබ්බානවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිටින්නා වූ ම සත්වයාගේ මෙලොව දැක්ක යුතු නිවන යැයි කියා යම් කරුණුවලින් උගන්වනවා නම් ඒ සෑම කෙනෙක්ම උගන්වන්නේ ඔය කරුණු පහ තුළින් තමයි, එක්කො මේවායින් එකකිනුයි. මෙයින් බැහැර මොකවත් නෑ.

102. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ….(පෙ)…. යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, ඔය කාරණය තථාගතයන් වහන්සේ හොඳින් දන්නවා ….(පෙ)…. තථාගතයන් වහන්සේගේ තිබෙන්නා වූ ඒ ගුණ මනාකොට කියනු කැමති නම් ඒ විදිහටයි කිවයුත්තේ.

103. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා අපරන්‌තකප්‌පිකා අපරන්‌තානුදිට්‌ඨිනෝ අපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති චතුචත්‌තාරීසාය වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා අපරන්‌තකප්‌පිකා අපරන්‌තානුදිට්‌ඨිනෝ අපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති සබ්බේ තේ ඉමේහේව චතුචත්‌තාරීසාය වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, ඒ අනාගතය අරභයා කල්පිත ගොඩනගන අනාගතය අරභයා නොයෙකුත් දෘෂ්ටි ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන් අනාගතය අරභයා නොයෙක් ආකාරයේ ආකල්ප දෘෂ්ටි මතවාද ඉදිරිපත් කරන්නේ ඔය හතළිස් හතර ආකාරයෙන් තමයි. පින්වත් මහණෙනි, අනාගත කෙළවර ගැන කල්පිත ගොඩනගන අනාගත අන්තයේ දෘෂ්ටිගත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අනාගතය ගැන නොයෙක් ආකාරයේ කල්පිත මතවාද ඉදිරිපත් කරන්නේ යම් දේවල්වලින් නම් ඒ සියල්ලෝම මේ මතවාද හතළිස් හතර තුළින් තමයි උගන්වන්නේ. එක්කෝ මේවායින් එක්තරා මතයකිනුයි. මේවායින් බැහැරව මතයක් නෑ.

104. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ….(පෙ)…. යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, ඔය කාරණය තථාගතයන් වහන්සේ හොඳින් දන්නවා ….(පෙ)…. තථාගතයන් වහන්සේගේ තිබෙන්නා වූ ඒ ගුණ මනාකොට කියනු කැමති නම් ඒ විදිහටයි කිවයුත්තේ.

105. ඉමේහි ඛෝ තේ භික්‌ඛවේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා ච අපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තාපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති ද්‌වාසට්‌ඨියා වත්‌ථූහි. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා පුබ්‌බන්‌තකප්‌පිකා ච අපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තාපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති සබ්බේ තේ ඉමේහේව ද්‌වාසට්‌ඨියා වත්‌ථූහි ඒතේසං වා අඤ්‌ඤතරේන නත්‌ථි ඉතෝ බහිද්‌ධා.

පින්වත් මහණෙනි, අතීත ජීවිතයේ කෙළවර ගැන කල්පිත ගොඩනඟන අනාගත ජීවිතයේ කෙළවර ගැන කල්පිත ගොඩනඟන, අතීතයේත් අනාගතයේත් කල්පිත ගොඩනගන, අතීත අනාගත කෙළවර ගැන දෘෂ්ටි ඇති කරගත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතීතයේ හා අනාගතයේ කෙළවර අරභයා අනේකවිධ වූ අදහස් මතවාද ආකල්ප දෘෂ්ටි ඉදිරිපත් කරන්නේ ඔය මතවාද හැටදෙකෙන් තමයි. පින්වත් මහණෙනි, අතීත ජීවිතයේ කෙළවර ගැන කල්පිත ගොඩනගන, අනාගත ජීවිතයේ කෙළවර ගැන කල්පිත ගොඩනඟන, අතීතයේත් අනාගතයේත් කල්පිත ගොඩනගන අතීත අනාගත කෙළවර ගැන දෘෂ්ටි ඇති කරගත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතීතයේ හා අනාගතයේ කෙළවර අරභයා අනේකවිධ වූ අදහස් මතවාද ආකල්ප දෘෂ්ටි ඉදිරිපත් කරන්නේ යම් මතවලින් නම් ඒ සියල්ලෝම ඔය මත හැටදෙකෙන් තමයි කරුණු කියන්නේ. එක්කො මේවායින් එක මතයකිනුයි. මෙයින් පිටස්තර වූ කරුණක් නම් නෑ.

106. තයිදං භික්‌ඛවේ තථාගතෝ පජානාති. ඉමේ දිට්‌ඨිට්‌ඨානා ඒවංගහිතා ඒවංපරාමට්‌ඨා ඒවංගතිකා භවිස්සන්‌ති ඒවංඅභිසම්‌පරායාති. තඤ්‌ච තථාගතෝ පජානාති තතෝ ච උත්‌තරිතරං පජානාති තඤ්‌ච පජානනං න පරාමසති අපරාමසතෝ චස්‌ස පච්‌චත්‌තඤ්‌ඤේව නිබ්‌බුති විදිතා. වේදනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං විදිත්‌වා අනුපාදාවිමුත්‌තෝ භික්‌ඛවේ තථාගතෝ.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ කාරණය ගැන අවබෝධ කරගෙනයි ඉන්නේ “මේ දෘෂ්ටීන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත්, මේ විදිහට බැඳිලා ගියොත් මේ මේ ආකාරයේ උපත් ලබාගෙන මරණින් මතු මේ මේ විදිහට පරලොව යාවී” කියලා තථාගතයන් වහන්සේ මෙයත් දන්නවා. මෙයට වඩා උත්තරීතර දේවලුත් දන්නවා. ඒවා දැනගත්තා කියලා අමුතුවෙන් ඒවාට බැඳෙන්නට යන්නේ නෑ. ඒ දෘෂ්ටිවලට හසු නොවෙන නිසාමයි තමා තුළම නිවීගිය බව දැනගෙන ඉන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ වේදනාවන්ගේ හටගැනීමත්, නැතිවීයාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරගෙන උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලයි ඉන්නේ.

107. ඉමේ ඛෝ තේ භික්‌ඛවේ ධම්‌මා ගම්‌භීරා දුද්‌දසා දුරනුබෝධා සන්‌තා පණීතා අතක්‌කාවචරා නිපුණා පණ්‌ඩිතවේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවේදේති යේහි තථාගතස්‌ස යථාභුච්‌චං වණ්‌ණං සම්‌මා වදමානා වදෙය්‍යුං.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ තමන් තුළින්ම උපදවා ගන්නා ලද විශිෂ්ට ඤාණයෙන් අත්දැකලා ලොවට පෙන්වා දෙන යම් යම් දේවල් ඇත්නම්, ඒ යම් යම් දේවල්වලින් තථාගතයන් වහන්සේගේ සත්‍ය වශයෙන්ම තිබෙන ගුණත් මනාකොට කියනවා නම්, කිව යුතු වූ ඉතා ගැඹුරු වූ, දුකසේ දකින්න තියෙන, දුකසේ අවබෝධ කරන්න තියෙන, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයට හසු නොවන, ඉතා සියුම් වූ, ඒ වගේම නුවණැතියන් විසින්ම දතයුත්තේ මේ දේවල් තමයි.

108. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිත‌සිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ ශාස්වතවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු හතරක් ඔස්සේ සදාකාලිකයි කියලා උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති, තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි, තැති ගැනීමක්මයි.

109. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිත‌සිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ ඇතැම් මතවාදයන් ශාස්වතවාදී වූ අනෙක් මතවාදයන් අශාස්වතවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු හතරක් ඔස්සේ එක් කොටසක් සදාකාලිකයි කියලත් අනෙක් කොටස සදාකාලික නෑ කියලත් උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

110. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිතසිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අන්ත අනන්තවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු හතරක් ඔස්සේ කෙළවරක් ඇත නැත කියලා උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

111. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං චතූහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිත‌සිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අමරාවික්ෂේපවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු පිළිබඳ ප්‍රශ්න විමසද්දී වචනයෙන් මගහැර යනවා නම්, ආඳෙකු මෙන් ලිස්සා යනවා නම් ඔවුන් එය කරන්නෙත් කරුණු හතරකිනුයි. එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

112. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අධිච්‌චසමුප්‌පන්‌නිකා අධිච්‌චසමුප්‌පන්‌නං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති ද්‌වීහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිතසිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අධිච්චසමුප්පන්නවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු දෙකක් ඔස්සේ ඉබේ හටගත්තා කියලා උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

113. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා පුබ්‌බන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති අට්‌ඨාරසහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිතසිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ පූර්ව අන්ත කල්පික වූ පූර්ව අන්ත දෘෂ්ටි ගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතීත කෙළවර ගැන නොයෙක් මතවාද අදහස් දෘෂ්ටි ඔස්සේ මතවාද දහ අටකින් උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

114. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා සඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා සඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති සෝළසහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිතසිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උද්ධමාඝාතනික සඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මය ගැන කරුණු දහසයක් ඔස්සේ මරණින් මතු සඤ්ඤා සහිත වන්නේය කියලා උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

115. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා අසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා අසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිතසිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උද්ධමාඝාතනික අසඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මය ගැන කරුණු අටක් ඔස්සේ මරණින් මතු සඤ්ඤා රහිත වන්නේය කියලා උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති, තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි, තැති ගැනීමක්මයි.

116. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා නේවසඤ්‌ඤිංනාසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිතසිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උද්ධමාඝාතනික නේවසඤ්ඤානාසඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මය ගැන කරුණු අටක් ඔස්සේ මරණින් මතු සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවට පත්වන්නේය කියලා උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

117. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උච්‌චේදවාදා සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති සත්‌තහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිතසිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උච්ඡේදවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිටින්නා වූ ම සත්වයාගේ උච්ඡේදය විනාශය නොපැවැත්ම ගැන කරුණු හතක් ඔස්සේ උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

118. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා දිට්‌ඨධම්‌මනිබ්‌බානවාදා සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති පඤ්‌චහි වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිතසිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ දිට්ඨධම්මනිබ්බානවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිටින්නා වූ ම සත්වයාගේ පරමදිට්ඨධම්මනිබ්බානය ගැන කරුණු පහක් ඔස්සේ උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

119. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අපරන්‌තකප්‌පිකා අපරන්‌තානුදිට්‌ඨිනෝ අපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති චතුචත්‌තාරීසාය වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිතසිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අපරාන්තකල්පික වූ අපරාන්තදෘෂ්ටිගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් අපරාන්තය ගැන කරුණු හතළිස් හතරක් ඔස්සේ අනේකවිධ ආකල්ප මතවාද අදහස් දෘෂ්ටි උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

120. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා ච අපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තාපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති ද්‌වාසට්‌ඨියා වත්‌ථූහි තදපි තේසං භවතං සමණබ්‍රාහ්‌මණානං අජානතං අපස්‌සතං වේදයිතං තණ්‌හාගතානං පරිතසිතවිප්‌ඵන්‌දිතමේව.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අපරාන්තකල්පික වූ පූර්වාන්තකල්පික වූ අපරාන්තදෘෂ්ටිගතික වූ පූර්වාන්තදෘෂ්ටිගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් පූර්වාන්තය හා අපරාන්තය ගැන කරුණු හැටදෙකක් ඔස්සේ අනේකවිධ ආකල්ප, මතවාද, අදහස්, දෘෂ්ටි උගන්වනවාද එය පවා ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ නොදැනීමක්මයි. නොදැකීමක්මයි. විඳීමකටයි අයිති. තෘෂ්ණාවට පැමිණියා වූ ඔවුන්ගේ කැළඹීමක්මයි. තැති ගැනීමක්මයි.

121. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ ශාස්වතවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු හතරක් ඔස්සේ සදාකාලිකයි කියල උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

122. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ ඇතැම් මතවාදයක් ශාස්වතවාදී වූ ඇතැම් මතවාදයක් අශාස්වතවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු හතරක් ඔස්සේ කොටසක් සදාකාලිකයි, කොටසක් සදාකාලික නෑ කියල උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

123. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ ලෝකය අන්තවත්ය අනන්තවත්ය යන මතවාදයෙන් යුතුව ලෝකය අන්තවත් මෙන්ම අනන්තවත් යැයි පවසන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු හතරක් ඔස්සේ උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

124. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං චතූහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අමරාවික්ෂේපවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු පිළිබඳ ප්‍රශ්න විමසද්දී වචනයෙන් මගහැර යනවා නම්, ආඳෙකු මෙන් ලිස්සා යනවා නම් ඔවුන් එය කරන්නේත් කරුණු හතරකිනුයි. එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

125. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අධිච්‌චසමුප්‌පන්‌නිකා අධිච්‌චසමුප්‌පන්‌නං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති ද්‌වීහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අධිච්චසමුප්පන්නවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු දෙකක් ඔස්සේ ඉබේ හටගත්තා කියල උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

126. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා පුබ්‌බන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති අට්‌ඨාරසහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ පූර්ව අන්ත කල්පික වූ පූර්ව අන්ත දෘෂ්ටි ගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතීත කෙළවර ගැන නොයෙක් මතවාද අදහස් දෘෂ්ටි ඔස්සේ මතවාද දහ අටකින් උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

127. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා සඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා සඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති සෝළසහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උද්ධමාඝාතනික සඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මය ගැන කරුණු දහසයක් ඔස්සේ මරණින් මතු සඤ්ඤා සහිත වන්නේය කියලා උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

128. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා අසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා අසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උද්ධමාඝාතනික අසඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මය ගැන කරුණු අටක් ඔස්සේ මරණින් මතු සඤ්ඤා රහිත වන්නේය කියලා උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

129. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා නේවසඤ්‌ඤිංනාසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උද්ධමාඝාතනික නේවසඤ්ඤානාසඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මය ගැන කරුණු අටක් ඔස්සේ මරණින් මතු සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේත් නැත් බවට පත් වන්නේය කියලා උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

130. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උච්‌චේදවාදා සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති සත්‌තහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උච්ඡේදවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිටින්නා වූ ම සත්වයාගේ උච්ඡේදය, විනාශය, නොපැවැත්ම ගැන කරුණු හතක් ඔස්සේ උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

131. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා දිට්‌ඨධම්‌මනිබ්‌බානවාදා සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති පඤ්‌චහි වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ දිට්ඨධම්මනිබ්බානවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිටින්නා වූ ම සත්වයාගේ පරමදිට්ඨධම්මනිබ්බානය ගැන කරුණු පහක් ඔස්සේ උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

132. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අපරන්‌තකප්‌පිකා අපරන්‌තානුදිට්‌ඨිනෝ අපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති චතුචත්‌තාරීසාය වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අපරාන්තකල්පික වූ අපරාන්තදෘෂ්ටිගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් අපරාන්තය ගැන කරුණු හතළිස් හතරක් ඔස්සේ අනේකවිධ ආකල්ප මතවාද අදහස් දෘෂ්ටි උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

133. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා ච අපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තාපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති ද්‌වාසට්‌ඨියා වත්‌ථූහි තදපි ඵස්‌සපච්‌චයා.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අපරාන්තකල්පික වූ පූර්වාන්තකල්පික වූ අපරාන්තදෘෂ්ටිගතික වූ පූර්වාන්තදෘෂ්ටිගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් අපරාන්තය ගැන කරුණු හැටදෙකක් ඔස්සේ අනේකවිධ ආකල්ප මතවාද අදහස් දෘෂ්ටි උගන්වනවාද එය පවා හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනුයි.

134. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ ශාස්වතවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු හතරක් ඔස්සේ සදාකාලිකයි කියලා උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

135. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌ච අසස්‌සතිකා ඒකච්‌චං සස්‌සතං ඒකච්‌චං අසස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ ඇතැම් මතවාදයන් ශාස්වතවාදී වූ අනෙක් මතවාදයන් අශාස්වතවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු හතරක් ඔස්සේ එක් කොටසක් සදාකාලිකයි කියලත් අනෙක් කොටස සදාකාලික නෑ කියලත් උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

136. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා අන්‌තානන්‌තං ලෝකස්‌ස පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ ලෝකය අන්තවත්ය අනන්තවත්ය යන මතය කියන ශ්‍රමණ බ්‍රාහ්මණයින් ලෝකය අන්තවත්ය, අනනත්වත්ය කියලා කරුණු හතරකින් උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

137. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා තත්‌ථ තත්‌ථ පඤ්‌හං පුට්‌ඨා සමානා වාචාවික්ඛේපං ආපජ්‌ජන්‌ති අමරාවික්ඛේපං චතූහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අමරාවික්ෂේපවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ ඒ කරුණු පිළිබඳ ප්‍රශ්න විමසද්දී වචනයෙන් මගහැර යනවා නම්, ආඳෙකු මෙන් ලිස්සා යනවා නම් ඔවුන් එය කරන්නෙත් කරුණු හතරකිනුයි. ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

138. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අධිච්‌චසමුප්‌පන්‌නිකා අධිච්‌චසමුප්‌පන්‌නං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති ද්‌වීහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අධිච්චසමුප්පන්නවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මයත් ලෝකයත් ගැන කරුණු දෙකක් ඔස්සේ ඉබේ හටගත්තා කියලා උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

139. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා පුබ්‌බන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති අට්‌ඨාරසහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ පූර්ව අන්ත කල්පික වූ පූර්ව අන්ත දෘෂ්ටිගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතීත කෙළවර ගැන නොයෙක් මතවාද අදහස් දෘෂ්ටි ඔස්සේ මතවාද දහ අටකින් උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

140. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා සඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා සඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති සෝළසහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උද්ධමාඝාතනික සඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මය ගැන කරුණු දහසයක් ඔස්සේ මරණින් මතු සඤ්ඤා සහිත වන්නේය කියලා උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

141. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා අසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා අසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උද්ධමාඝාතනික අසඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මය ගැන කරුණු අටක් ඔස්සේ මරණින් මතු සඤ්ඤා රහිත වන්නේය කියලා උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

142. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීවාදා උද්‌ධමාඝාතනා නේවසඤ්‌ඤිංනාසඤ්‌ඤිං අත්‌තානං පඤ්‌ඤාපෙන්‌ති අට්‌ඨහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උද්ධමාඝාතනික නේවසඤ්ඤානාසඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ආත්මය ගැන කරුණු අටක් ඔස්සේ මරණින් මතු සඤ්ඤාව ඇත්තේත් නැති නැත්තේතේ නැති බවට පත් වන්නේය කියලා උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

143. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා උච්‌චේදවාදා සතෝ සත්‌තස්‌ස උච්‌චේදං විනාසං විභවං පඤ්‌ඤාපෙන්‌ති සත්‌තහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ උච්ඡේදවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිටින්නා වූ ම සත්වයාගේ උච්ඡේදය විනාශය නොපැවැත්ම ගැන කරුණු හතක් ඔස්සේ උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

144. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා දිට්‌ඨධම්‌මනිබ්‌බානවාදා සතෝ සත්‌තස්‌ස පරමදිට්‌ඨධම්‌මනිබ්‌බානං පඤ්‌ඤාපෙන්‌ති පඤ්‌චහි වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ දිට්ඨධම්මනිබ්බානවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිටින්නා වූ ම සත්වයාගේ පරමදිට්ඨධම්මනිබ්බානය ගැන කරුණු පහක් ඔස්සේ උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

145. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා අපරන්‌තකප්‌පිකා අපරන්‌තානුදිට්‌ඨිනෝ අපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති චතුචත්‌තාරීසාය වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අපරාන්තකල්පික වූ අපරාන්තදෘෂ්ටිගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් අපරාන්තය ගැන කරුණු හතළිස් හතරක් ඔස්සේ අනේකවිධ ආකල්ප මතවාද අදහස් දෘෂ්ටි උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

146. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා ච අපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තාපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති ද්‌වාසට්‌ඨියා වත්‌ථූහි තේ වත අඤ්‌ඤත්‍ර ඵස්‌සා පටිසංවේදිස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, ඒ දෘෂ්ටි අතර යම් ඒ අපරාන්තකල්පික වූ පූර්වාන්තකල්පික වූ අපරාන්තදෘෂ්ටිගතික වූ පූර්වාන්තදෘෂ්ටිගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් අපරාන්තය ගැන කරුණු හැටදෙකක් ඔස්සේ අනේකවිධ ආකල්ප මතවාද අදහස් දෘෂ්ටි උගන්වනවාද ඔවුන් වනාහී ඒ දෘෂ්ටි ආශ්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන කරුණ සිදුවිය නොහැකි දෙයක්මයි.

147. තත්‍ර භික්‌ඛවේ යේ තේ සමණබ්‍රාහ්‌මණා සස්‌සතවාදා සස්‌සතං අත්‌තානඤ්‌ච ලෝකඤ්‌ච පඤ්‌ඤාපෙන්‌ති චතූහි වත්‌ථූහි යේපි තේ සමණබ්‍රාහ්‌මණා ඒකච්‌චසස්‌සතිකා ඒකච්‌චඅසස්‌සතිකා යේපි තේ සමණබ්‍රාහ්‌මණා අන්‌තානන්‌තිකා යේපි තේ සමණබ්‍රාහ්‌මණා අමරාවික්‌ඛේපිකා යේපි තේ සමණබ්‍රාහ්‌මණා අධිච්‌චසමුප්‌පන්‌නිකා යේපි තේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා යේපි තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා සඤ්‌ඤීවාදා යේපි තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා අසඤ්‌ඤීවාදා යේපි තේ සමණබ්‍රාහ්‌මණා උද්‌ධමාඝාතනිකා නේවසඤ්‌ඤීනාසඤ්‌ඤීවාදා යේපි තේ සමණබ්‍රාහ්‌මණා උච්‌චේදවාදා යේපි තේ සමණබ්‍රාහ්‌මණා දිට්‌ඨධම්‌මනිබ්‌බානවාදා යේපි තේ සමණබ්‍රාහ්‌මණා අපරන්‌තකප්‌පිකා යේපි තේ සමණබ්‍රාහ්‌මණා පුබ්‌බන්‌තකප්‌පිකා ච අපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තකප්‌පිකා ච පුබ්‌බන්‌තාපරන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තාපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති ද්‌වාසට්‌ඨියා වත්‌ථූහි, සබ්බේ තේ ඡහි ඵස්‌සායතනේහි ඵුස්‌ස ඵුස්‌ස පටිසංවේදෙන්‌ති තේසං වේදනාපච්‌චයා තණ්‌හා තණ්‌හාපච්‌චයා උපාදානං උපාදානපච්‌චයා භවෝ භවපච්‌චයා ජාති ජාතිපච්‌චයා ජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා සම්‌භවන්‌ති. යතෝ ඛෝ භික්‌ඛවේ භික්‌ඛු ඡන්‌නං ඵස්‌සායතනානං සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානාති අයං ඉමේහි සබ්‌බේහේව උත්‌තරිතරං පජානාති.

පින්වත් මහණෙනි, ඔය දෘෂ්ටිවලට අයත්වන යම් ඒ ශාස්වතවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආත්මයත් ලෝකයත් මතවාද හතරක් ඔස්සේ සදාකාලිකයි කියලා උගන්වනවාද, යම් ඒ ඇතැම් මතවාදයක් ශාස්වතවාදී වූ ඇතැම් මතවාදයක් අශාස්වතවාදී වූත් මත පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, ඒ වගේම ලෝකය අන්තවත්ය, අනන්තවත්ය යන මතය පවසන යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, ඒ වගේම ප්‍රශ්න විමසද්දී වචනයෙන් මගහැර ආඳෙකු මෙන් ලිස්සා යන අමරාවික්ෂේපවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, ඒ වගේම ලෝකය ඉබේ හටගත් බව පවසන යම් ඒ අධිච්චසමුප්පන්නවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, අතීත ජීවිතයේ කෙළවර ගැන මතවාද පවසන පූර්ව අන්ත දෘෂ්ටිගතික වූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, මරණින් මතු සඤ්ඤා සහිත වන්නේ යැයි මතවාද පවසන යම් ඒ උද්ධමාඝාතනික සඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, මරණින් මතු සඤ්ඤා රහිත වන්නේ යැයි මතවාද පවසන යම් ඒ උද්ධමාඝාතනික අසඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, මරණින් මතු සඤ්ඤා ඇත්තේත් නැති සඤ්ඤා නැත්තේත් නැති බවට පත්වන්නේ යැයි මතවාද පවසන යම් ඒ උද්ධමාඝාතනික නේවසඤ්ඤානාසඤ්ඤීවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, මරණින් මතු මුළුමණින්ම වැනසෙන්නේ යැයි මත පවසන යම් ඒ උච්ඡේදවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, මෙලොවදීම දකින නිවනක් වශයෙන් මතවාද පවසන යම් ඒ දිට්ඨධම්මනිබ්බානවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, අනාගතයෙහි කෙළවර අරභයා මතවාද පවසන යම් ඒ අපරාන්තකල්පික වූ ශ්‍රමණබ්‍රාහ්මණයින් ඉන්නවාද, යම් ඒ පූර්ව අන්ත කල්පික වූ අපරාන්තකල්පික වූ ද පූර්වඅන්ත අපරඅන්ත කල්පික වූ ද, පූර්වාන්ත අපරාන්තදෘෂ්ටිගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් පූර්වඅන්තය හා අපරාන්තය ගැන කරුණු හැටදෙකක් ඔස්සේ අනේකවිධ ආකල්ප මතවාද අදහස් දෘෂ්ටි උගන්වනවාද, ඒ සියල්ලෝම ඇස් කන් ආදී ස්පර්ශ ආයතන හය තුළින් බාහිර ආයතනයන් ස්පර්ශ කර කර ඒ දෘෂ්ටි ආශ්වාදයන් විඳිනවා. ඔවුන්ට විඳීම හේතු කොටගෙන තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කොට ගෙන බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කොටගෙන විපාක පිණිස කර්ම සකස් (භවය) වෙනවා. විපාක පිණිස කර්ම සකස්වීම හේතු කොට ගෙන උපදිනවා. ඉපදීම හේතු කොටගෙන ජරාමරණ සෝක වැළපීම් සුසුම් හෙළීම් දුක් දොම්නස් හට ගන්නවා. පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව මේ ස්පර්ශ ආයතනයන් හයේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඇතිසැටියෙන්ම අවබෝධ කරගනීද මේ භික්ෂුව ඔය කලින් කියාපු සියලු දෘෂ්ටිවලට වඩා උත්තරීතර දේ (චතුරාර්ය සත්‍යය) දැනගන්නවා.

148. යේ හි කේචි භික්‌ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා පුබ්‌බන්‌තකප්‌පිකා වා අපරන්‌තකප්‌පිකා වා පුබ්‌බන්‌තාපරන්‌තකප්‌පිකා වා පුබ්‌බන්‌තාපරන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තාපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති සබ්බේ තේ ඉමේහේව ද්‌වාසට්‌ඨියා වත්‌ථූහි අන්‌තෝජාලීකතා එත්‌ථ සිතාව උම්‌මුජ්‌ජමානා උම්‌මුජ්‌ජන්‌ති නිමුජ්ජමානා නිමුජ්ජන්ති. එත්‌ථ පරියාපන්‌නා අන්‌තෝජාලීකතාව උම්‌මුජ්‌ජමානා උම්‌මුජ්‌ජන්‌ති. නිමුජ්ජමානා නිමුජ්ජන්ති.

පින්වත් මහණෙනි, යම් කිසි අපරාන්තකල්පික වූ පූර්වාන්තකල්පික වූත් පූර්වාන්ත අපරාන්තදෘෂ්ටිගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් පූර්වාන්තය හා අපරාන්තය ගැන කරුණු හැටදෙකක් ඔස්සේ අනේකවිධ ආකල්ප මතවාද අදහස් දෘෂ්ටි උගන්වනවාද, ඒ සියල්ලෝම මේ දෘෂ්ටිවාද හැටදෙක නමැති දැළ ඇතුළටම ගිහිල්ලයි ඉන්නේ. ඒ දැලටම බැඳිලයි ඉන්නේ. මේ දෘෂ්ටිවාද නමැති දැල ඇතුළෙමයි උඩට එනවා නම් උඩට මතුවෙන්නේ. ගිලෙනවා නම් ගිලෙන්නේ. මේ දෘෂ්ටිවාද නමැති රාමුව තුළමයි ඉන්නේ. ඒ දැල ඇතුළෙම පැටලිලා උඩට එනවා නම් උඩට එන්නේ. ගිලෙනවා නම් ගිලෙන්නේ.

සෙය්‍යථාපි භික්‌ඛවේ දක්‌ඛෝ කේවට්‌ටෝ වා කේවට්‌ටන්‌තේවාසී වා සුඛුමච්‌ඡිකේන ජාලේන පරිත්‌තං උදකදහං ඔත්‌ථරෙය්‍ය. තස්‌ස ඒවමස්‌ස. යේ ඛෝ කේචි ඉමස්‌මිං උදකදහේ ඕලාරිකා පාණා සබ්බේ තේ අන්‌තෝජාලීකතා. එත්‌ථ සිතාව උම්‌මුජ්‌ජමානා උම්‌මුජ්‌ජන්‌ති නිමුජ්ජමානා නිමුජ්ජන්ති. එත්‌ථ පරියාපන්‌නා අන්‌තෝජාලීකතාව උම්‌මුජ්‌ජමානා උම්‌මුජ්‌ජන්‌ති නිමුජ්ජමානා නිමුජ්ජන්‌ති; ඒවමේව ඛෝ භික්‌ඛවේ යේ හි කේචි සමණා වා බ්‍රාහ්‌මණා වා පුබ්‌බන්‌තකප්‌පිකා වා අපරන්‌තකප්‌පිකා වා පුබ්‌බන්‌තාපරන්‌තකප්‌පිකා වා පුබ්‌බන්‌තාපරන්‌තානුදිට්‌ඨිනෝ පුබ්‌බන්‌තාපරන්‌තං ආරබ්‌භ අනේකවිහිතානි අධිවුත්‌තිපදානි අභිවදන්‌ති සබ්බේ තේ ඉමේහේව ද්‌වාසට්‌ඨියා වත්‌ථූහි අන්‌තෝජාලීකතා එත්‌ථ සිතාව උම්‌මුජ්‌ජමානා උම්‌මුජ්‌ජන්‌ති නිමුජ්ජමානා නිමුජ්ජන්ති එත්‌ථ පරියාපන්‌නා අන්‌තෝජාලීකතාව උම්‌මුජ්‌ජමානා උම්‌මුජ්‌ජන්‌ති නිමුජ්ජමානා නිමුජ්ජන්‌ති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දක්ෂ මසුන් මරන්නෙක් ඉන්නවා. එක්කෝ ඔහුගේ ගෝලයෙක් ඉන්නවා. ඔහු සියුම් සිදුරු ඇති දැලක් වතුර ටිකක් තිබෙන දිය වලක අතුරනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. මේ දිය වලේ යම්තාක් ගොරෝසු සතුන් ඉන්නවා නම්, ඒ සියළු සතුන්ම මේ දැල ඇතුළට අහුවෙනවා. එතකොට මේ දැල තුළමයි තමයි ඔවුන් බැඳිලා ඉන්නේ. දැල තුළමයි උඩට එතොත් උඩට එන්නේ, ගිලුනොත් ගිලෙන්නේ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි යම්කිසි අපරාන්තකල්පික වූ පූර්වාන්තකල්පික වූ පූර්වාන්ත අපරාන්තදෘෂ්ටිගතික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් පූර්වාන්තය හා අපරාන්තය ගැන කරුණු හැටදෙකක් ඔස්සේ අනේකවිධ ආකල්ප මතවාද අදහස් දෘෂ්ටි උගන්වනවාද, ඒ සියල්ලෝම මේ දෘෂ්ටිවාද හැටදෙක නමැති දැල ඇතුළටම ගිහිල්ලයි ඉන්නේ. ඒ දැලටම බැඳිලයි ඉන්නේ මේ දෘෂ්ටිවාද නමැති දැල ඇතුළේමයි උඩට එනවා නම් උඩට මතුවෙන්නේ. ගිලෙනවා නම් ගිලෙන්නේ. මේ දෘෂ්ටිවාද නමැති රාමුව තුළ තමයි ඒ දැල ඇතුළෙම පැටලිලා උඩට එනවා නම් උඩට එන්නේ. ගිලෙනවා නම් ගිලෙන්නේ.

149. උච්‌ඡින්‌නභවනෙත්‌තිකෝ භික්‌ඛවේ තථාගතස්‌ස කායෝ තිට්‌ඨති. යාවස්‌ස කායෝ ඨස්‌සති තාව නං දක්‌ඛින්‌ති දේවමනුස්‌සා. කායස්‌ස භේදා උද්‌ධං ජීවිතපරියාදානා න නං දක්‌ඛින්‌ති දේවමනුස්‌සාති.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ බුදු සිරුර තිබෙන්නේ මුළුමණින්ම සිඳුණු භව රැහැන් ඇතිවයි. යම්තාක් කාලයක් තථාගත සිරුර තිබෙයිද ඒතාක් කල් විතරයි දෙවි මිනිසුන් එය දකින්නේ. ඒ තථාගත සිරුර බිඳී යාමෙන්, ජීවිතය නිමාවීමෙන් පසු දෙවි මිනිසුන්ට ඒ තථාගත සිරුර දකින්නට ලැබෙන්නේ නෑ.

සෙය්‍යථාපි භික්‌ඛවේ අම්‌බපිණ්‌ඩියා වණ්‌ටච්‌ඡින්‌නාය යානි කානිචි අම්‌බානි වණ්‌ටපටිබන්‌ධානි සබ්‌බානි තානි තදන්‌වයානි භවන්‌ති; ඒවමේව ඛෝ භික්‌ඛවේ උච්‌ඡින්‌නභවනෙත්‌තිකෝ තථාගතස්‌ස කායෝ තිට්‌ඨති යාවස්‌ස කායෝ ඨස්‌සති තාව නං දක්‌ඛින්‌ති දේවමනුස්‌සා කායස්‌ස භේදා උද්‌ධං ජීවිතපරියාදානා න නං දක්‌ඛින්‌ති දේවමනුස්‌සාති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. අඹ පොකුරක් තියෙනවා. එය මුල් නටුවෙන් ගිලිහුන විට ඒ නටුව හා බැඳුණු යම්තාක් අඹ ඇද්ද, ඒ සෑම අඹයක්ම කැඩුණු නටුවත් සමඟම බිම වැටෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහටම තථාගතයන් වහන්සේගේ බුදු සිරුර තිබෙන්නේ මුළුමණින්ම සිඳුණු භව රැහැන් ඇතිවයි. යම්තාක් කාලයක් තථාගත සිරුර තිබෙයිද, ඒතාක් කල් විතරයි දෙවි මිනිසුන් එය දකින්නේ. ඒ තථාගත සිරුර බිඳී යාමෙන්, ජීවිතය නිමාවීමෙන් පසු දෙවි මිනිසුන්ට ඒ තථාගත සිරුර දකින්නට ලැබෙන්නේ නෑ.”

150. ඒවං වුත්‌තේ ආයස්‌මා ආනන්‌දෝ භගවන්‌තං ඒතදවෝච. අච්‌ඡරියං භන්තේ අබ්භූතං භන්තේ ඛෝ නාමායං භන්තේ ධම්‌මපරියායෝති?

මෙසේ වදාළ විට ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනී, ආශ්චර්යයයි! ස්වාමීනී, පුදුම සහගතයි! ස්වාමීනී, මේ ධර්ම ක්‍රමයට කියන නම මොකක්ද?”

තස්‌මාතිහ ත්‌වං ආනන්‌ද ඉමං ධම්‌මපරියායං අත්‌ථජාලන්‌තිපි නං ධාරේහි ධම්‌මජාලන්‌තිපි නං ධාරේහි බ්‍රහ්‌මජාලන්‌තිපි නං ධාරේහි දිට්‌ඨිජාලන්‌තිපි නං ධාරේහි අනුත්‌තරෝ සංගාමවිජයෝතිපි නං ධාරේහීති.

“එහෙම නම් පින්වත් ආනන්ද, මේ ධර්ම ක්‍රමය ‘අර්ථජාලය’ කියලා මතක තබාගන්න. ‘ධර්මජාලය’ කියලත් මතක තබාගන්න. ‘බ්‍රහ්මජාලය’ කියලත් මතක තබාගන්න. දෘෂ්ටිජාලය කියලත් මතක තබාගන්න. ‘අනුත්තර සංග්‍රාම විජය (දෘෂ්ටි යුද්ධයෙන් ලැබූ උත්තරීතර ජයග්‍රහණය)’ කියලත් මතක තබා ගන්න.

ඉදමවෝච භගවා. අත්‌තමනා තේ භික්‌ඛූ භගවතෝ භාසිතං අභිනන්‌දුන්‌ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තා.

ඉමස්‌මිඤ්‌ච පන වෙය්‍යාකරණස්‌මිං භඤ්‌ඤමානේ දසසහස්‌සී ලෝකධාතු අකම්‌පිත්‌ථාති.

මෙම ව්‍යාකරණය (නවාංග ශාස්තෘ සාසනයෙහිලා ඇතුළත් වන වෙය්‍යාකරණය) වදාරණ කල්හි දස දහසක් ලෝක ධාතු කම්පාවට පත්වුනා.

සාදු ! සාදු !! සාදු !!!

බ්‍රහ්‌මජාලසුත්‌තං පඨමං නිට්‌ඨිතං.

පළමුවෙනි බ්‍රහ්මජාල සූත්‍රය නිමාවිය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn1_1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M