දීඝ නිකාය

පාථික වග්ගෝ

1. පාථික සුත්‌තං

1. පාථික පරිබ්‍රාජකයා පිළිබඳ ව වදාළ දෙසුම

1. ඒවං මේ සුතං ඒකං සමයං භගවා මල්ලේසු විහරති, අනුපියා නාම මල්ලානං නිගමෝ.

මා විසින් මෙසේ අසන ලදී.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි අනුපියා නම් මල්ලවරුන්ගේ නියම්ගමෙහි වැඩවසන සේක.

අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය අනුපියං පිණ්ඩාය පාවිසි. අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: “අතිප්පගෝ ඛෝ තාව අනුපියායං පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යේන භග්ගවගොත්තස්ස පරිබ්බාජකස්ස ආරාමෝ, යේන භග්ගවගොත්තෝ පරිබ්බාජකෝ තේනුපසංකමෙය්‍යන්ති.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන, අනුපියා නියම්ගමට පිඬු පිණිස වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය. ‘අනුපියා නියම් ගමෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම කල්වේලා වැඩි ය. එහෙයින් මම භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකයාගේ ආරාමය යම් තැනක ද, භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකයා යම් තැනක ද, එතැනට යන්නෙම් නම් මැනැවි’ යි.

2. අථ ඛෝ භගවා යේන භග්ගවගොත්තස්ස පරිබ්බාජකස්ස ආරාමෝ යේන භග්ගවගොත්තෝ පරිබ්බාජකෝ තේනුපසංකමි. අථ ඛෝ භග්ගවගොත්තෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: “ඒතු ඛෝ භන්තේ භගවා. ස්වාගතං භන්තේ භගවතෝ, චිරස්සං ඛෝ භන්තේ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තේ භගවා, ඉදමාසනං පඤ්ඤත්තන්ති.” නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. භග්ගවගොත්තෝ’පි ඛෝ පරිබ්බාජකෝ අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකයාගේ ආරාමය යම් තැනක ද, භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකයා යම් තැනක ද, එතැනට වැඩි සේක. එකල්හී භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ මෙහි වැඩමවීම ඉතා යහපති. ස්වාමීනී, යම් මේ මෙහි වැඩමවීමක් ඇද්ද, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකට පසු මෙය කළ සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනා සේක්වා! මේ අසුනක් පණවන ලද්දේ ය.”

භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකයා ත් එක්තරා මිටි අසුනක් ගෙන එකත්පස් ව හිඳගත්තේ ය.

3. ඒකමන්තං නිසින්නෝ ඛෝ භග්ගවගොත්තෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච:

එකත්පස් ව හුන් භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“පුරිමානි භන්තේ දිවසානි පුරිමතරානි සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේනාහං තේනුපසංකමි, උපසංකමිත්වා මං ඒතදවෝච: ‘පච්චක්ඛාතෝ’දානි මයා භග්ගව භගවා, නදානාහං භග්ගව භගවන්තං උද්දිස්ස විහරාමී’ති. කච්චේතං භන්තේ තථේව, යථා සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ අවචා?”ති.

“ස්වාමීනී, කලින් බොහෝ දවසකට පෙර මම යම් තැනක සිටියෙම් ද, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා එතැනට පැමිණයේ ය. පැමිණ මට මෙය පැවසුවේ ය. ‘භාර්ගවය, දැන් මා විසින් භාග්‍යවතුන් වහන්සේ ව ප්‍රතික්ෂේප කරන ලදහ. භාර්ගවය, දැන් මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය නොකරමි.’ කිම? ස්වාමීනී, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා යම් සේ පැවසුවේ ද, එසේ ම වූයේ ද?”

4. “තථේව ඛෝ ඒතං භග්ගව යථා සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ අවච. පුරිමානි භග්ගව දිවසානි පුරිමතරානි සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ මං ඒතදවෝච: ‘පච්චක්ඛාමි’දානාහං භන්තේ භගවන්තං, නාහං භන්තේ භගවන්තං උද්දිස්ස විහරිස්සාමී’ති. ඒවං වුත්තේ අහං භග්ගව සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං ඒතදවෝචං:

“භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා යම් සේ පැවසුවේ ද, එය එසේ ම වූයේ ය. භාර්ගවයෙනි, කලින් බොහෝ දවසකට පෙර මම යම් තැනක හුන්නෙම් ද, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා එතැනට පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. භාර්ගවයෙනි, එකත්පස් ව හිඳගත් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා මට මෙය පැවසුවේ ය. ‘ස්වාමිනී, දැන් මම භාග්‍යවතුන් වහන්සේ ව ප්‍රතික්ෂේප කරමි. ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය නොකරන්නෙමි’ යි.

මෙසේ කී කල්හී භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මම මෙසේ පැවසුවෙමි.

“අපි නු ත්‍යාහං සුනක්ඛත්ත ඒවං අවචං: ඒහි ත්වං සුනක්ඛත්ත, මමං උද්දිස්ස විහරාහී’ති?”

‘සුනක්ඛත්තයෙනි, මම් වූ කලී ඔබට මෙසේ පැවසුවෙම් ද? ‘එන්න, ඔබ සුනක්ඛත්ත, මා උදෙසා වාසය කරව’ යි.’

“නෝ හේතං භන්තේ.”

‘ස්වාමීනී, මෙය නැත්තේ ය.’

“ත්වං වා පන මං ඒවං අවච: අහං භන්තේ භගවන්තං උද්දිස්ස විහරිස්සාමී’ති?”.

‘එසේ නම්, ඔබ හෝ මට මෙසේ පැවසුවෙහි ද? ‘ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය කරන්නෙමි’ යි?’

“නෝ හේතං භන්තේ.”

‘ස්වාමීනී, මෙය නැත්තේ ය.’

“ඉති කිර සුනක්ඛත්ත නේවාහන්තං වදාමි:

ඒහි ත්වං සුනක්ඛත්ත මමං උද්දිස්ස විහරාහීති. නපි කිර මං ත්වං වදේසි: අහං භන්තේ භගවන්තං උද්දිස්ස විහරිස්සාමී’ති. ඒවං සන්තේ මෝඝපුරිස කෝ සන්තෝ කං පච්චාචික්ඛසි? පස්ස මෝඝපුරිස යාවඤ්ච තේ ඉදං අපරද්ධන්ති.”

‘සුනක්ඛතයෙනි, ‘එන්න, ඔබ සුනක්ඛත්තයෙනි, මා උදෙසා වාසය කරව’ යි මම මෙසේ ත් ඔබට නොකියමි. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ උදෙසා මම වාසය කරන්නෙමි’ යි ඔබ ත් මෙසේ මට නොකියහි. හිස් පුරුෂය, මෙසේ ඇති කල්හී කවරෙක් ව සිට කවරෙකු ව ප්‍රතික්ෂේප කරන්නෙහි ද? බලව, හිස් පුරුෂය, ඔබ විසින් මොනතරම් වරදක් කරන ලද්දේ ද?’

5. “න හි පන මේ භන්තේ භගවා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරෝතී”ති.

‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් නොපෙන්වන සේක.’

“අපි නු ත්‍යාහං සුනක්ඛත්ත ඒවං අවචං: ඒහි ත්වං සුනක්ඛත්ත, මමං උද්දිස්ස විහරාහි, අහන්තේ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සාමී’ති?”

‘සුනක්ඛත්තයෙනි, මම් වූ කලී ඔබට මෙසේ පැවසුවෙම් ද? ‘එන්න, ඔබ සුනක්ඛත්ත, මා උදෙසා වාසය කරව. මම ඔබට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් පෙන්වන්නෙමි’ යි?’

“නෝ හේතං භන්තේ.”

‘ස්වාමීනී, මෙය නැත්තේ ය.’

“ත්වං ච පන මං ඒවං අවච:

‘එසේ නම්, ඔබ හෝ මට මෙසේ පැවසුවෙහි ද?

අහං භන්තේ භගවන්තං උද්දිස්ස විහරිස්සාමි, භගවා මේ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සතී’ති?”

‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් පෙන්වන සේක් නම්, මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය කරන්නෙමි’ යි?’

“නෝ හේතං භන්තේ.”

‘ස්වාමීනී, මෙය නැත්තේ ය.’

“ඉති කිර සුනක්ඛත්ත නේවාහන්තං වදාමි: ඒහි ත්වං සුනක්ඛත්ත, මමං උද්දිස්ස විහරාහි, අහන්තේ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සාමී’ති. නපි කිර මං ත්වං වදේසි: අහං භන්තේ භගවන්තං උද්දිස්ස විහරිස්සාමි, භගවා මේ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සතී’ති. ඒවං සන්තේ මෝඝපුරිස කෝ සන්තෝ කං පච්චාචික්ඛසි? තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත? කතේ වා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියේ අකතේ වා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියේ, යස්සත්ථාය මයා ධම්මෝ දේසිතෝ සෝ නිය්‍යාති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයායා?”ති.

‘සුනක්ඛතයෙනි, ‘එන්න, ඔබ සුනක්ඛත්තයෙනි, මා උදෙසා වාසය කරව. මම ඔබට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් පෙන්වන්නෙමි’ යි මම මෙසේ ත් ඔබට නොකියමි. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් පෙන්වන සේක් නම්, මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය කරන්නෙමි’ යි ඔබ ත් මෙසේ මට නොකියහි. හිස් පුරුෂය, මෙසේ ඇති කල්හී කවරෙක් ව සිට කවරෙකු ව ප්‍රතික්ෂේප කරන්නෙහි ද?

‘සුනක්ඛත්තයෙනි, එය කිමෙකැයි සිතන්නෙහි ද? මනුෂ්‍ය ධර්මයකට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ වේවා, මනුෂ්‍ය ධර්මයකට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් නොකරන ලද්දේ වේවා, මා විසින් යම් යහපතක් උදෙසා ධර්මය දෙසන ලද්දේ ද, ඒ ධර්මය පිළිපදින තැනැත්තා හට එය මැනැවින් දුක් අවසන් කිරීම පිණිස පවතියි ද?’

“කතේ වා භන්තේ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියේ අකතේ වා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියේ, යස්සත්ථාය භගවතා ධම්මෝ දේසිතෝ සෝ නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා”ති. “ඉති කිර සුනක්ඛත්ත කතේ වා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියේ අකතේ වා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියේ, යස්සත්ථාය මයා ධම්මෝ දේසිතෝ සෝ නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති, තත්‍ර සුනක්ඛත්ත කිං උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කතං කරිස්සති? පස්ස මෝඝපුරිස යාවඤ්ච තේ ඉදං අපරද්ධන්ති.”

‘ස්වාමීනි, මනුෂ්‍ය ධර්මයකට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ වේවා, මනුෂ්‍ය ධර්මයකට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් නොකරන ලද්දේ වේවා, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යහපතක් උදෙසා ධර්මය දෙසන ලද්දේ ද, ඒ ධර්මය පිළිපදින තැනැත්තා හට එය මැනැවින් දුක් අවසන් කිරීම පිණිස පවතියි.’

‘සුනක්ඛත්තයෙනි, මෙසේ මනුෂ්‍ය ධර්මයකට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ වේවා, මනුෂ්‍ය ධර්මයකට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් නොකරන ලද්දේ වේවා, මා විසින් යම් යහපතක් උදෙසා ධර්මය දෙසන ලද්දේ ද, ඒ ධර්මය පිළිපදින තැනැත්තා හට එය මැනැවින් දුක් අවසන් කිරීම පිණිස පවතියි නම්, එහිලා සුනක්ඛත්තයෙනි, මනුෂ්‍ය ධර්මයකට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ නමුත් කවර ප්‍රයෝජනයක් වන්නේ ද? බලව, හිස් පුරුෂය, ඔබ විසින් මොනතරම් වරදක් කරන ලද්දේ ද?’

6. “න හි පන මේ භන්තේ භගවා අග්ගඤ්ඤං පඤ්ඤපේතී”ති.

‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට ලෝක පරිණාමය පිළිබඳ ව නොපවසන සේක.’

“අපි නු ත්‍යාහං සුනක්ඛත්ත ඒවං අවචං. ඒහි ත්වං සුනක්ඛත්ත මමං උද්දිස්ස විහරාහි, අහන්තේ අග්ගඤ්ඤං පඤ්ඤපෙස්සාමී’ති?”

‘සුනක්ඛත්තයෙනි, මම් වූ කලී ඔබට මෙසේ පැවසුවෙම් ද? ‘එන්න, ඔබ සුනක්ඛත්ත, මා උදෙසා වාසය කරව. මම ඔබට ලෝක පරිණාමය පිළිබඳ ව පවසන්නෙමි’ යි?’

“නෝ හේතං භන්තේ.”

‘ස්වාමීනී, මෙය නැත්තේ ය.’

“ත්වං වා පන මං ඒවං අවච: අහං භන්තේ භගවන්තං උද්දිස්ස විහරිස්සාමි, භගවා මේ අග්ගඤ්ඤං පඤ්ඤපෙස්සතී’ති?”

‘එසේ නම්, ඔබ හෝ මට මෙසේ පැවසුවෙහි ද? ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට ලෝක පරිණාමය පිළිබඳ ව පවසන සේක් නම්, මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය කරන්නෙමි’ යි?’

“නෝ හේතං භන්තේ.”

‘ස්වාමීනී, මෙය නැත්තේ ය.’

“ඉති කිර සුනක්ඛත්ත නේවාහන්තං වදාමි:

“ඒහි ත්වං සුනක්ඛත්ත මමං උද්දිස්ස විහරාහි, අහන්තේ අග්ගඤ්ඤං පඤ්ඤපෙස්සාමී’ති. නපි කිර මං ත්වං වදේසි: අහං භන්තේ භගවන්තං උද්දිස්ස විහරිස්සාමි, භගවා මේ අග්ගඤ්ඤං පඤ්ඤපෙස්සතී’ති. ඒවං සන්තේ මෝඝපුරිස කෝ සන්තෝ කං පච්චාචික්ඛසි? තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත? පඤ්ඤත්තේ වා අග්ගඤ්ඤේ අපඤ්ඤත්තේ වා අග්ගඤ්ඤේ යස්සත්ථාය මයා ධම්මෝ දේසිතෝ, සෝ නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා?”ති.

‘සුනක්ඛතයෙනි, ‘එන්න, ඔබ සුනක්ඛත්තයෙනි, මා උදෙසා වාසය කරව. මම ඔබට ලෝක පරිණාමය පිළිබඳ ව පවසන්නෙමි’ යි මම මෙසේ ත් ඔබට නොකියමි. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට ලෝක පරිණාමය පිළිබඳ ව පවසන සේක් නම්, මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය කරන්නෙමි’ යි ඔබ ත් මෙසේ මට නොකියහි. හිස් පුරුෂය, මෙසේ ඇති කල්හී කවරෙක් ව සිට කවරෙකු ව ප්‍රතික්ෂේප කරන්නෙහි ද?

‘සුනක්ඛත්තයෙනි, එය කිමෙකැයි සිතන්නෙහි ද? ලෝක පරිණාමය පිළිබඳ ව පණවන ලද්දේ වේවා, ලෝක පරිණාමය පිළිබඳ ව නොපණවන ලද්දේ වේවා, මා විසින් යම් යහපතක් උදෙසා ධර්මය දෙසන ලද්දේ ද, ඒ ධර්මය පිළිපදින තැනැත්තා හට එය මැනැවින් දුක් අවසන් කිරීම පිණිස පවතියිද?’

‘පඤ්ඤත්තේ වා භන්තේ අග්ගඤ්ඤේ අපඤ්ඤත්තේ වා අග්ගඤ්ඤේ, යස්සත්ථාය භගවතා ධම්මෝ දේසිතෝ සෝ නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති.

‘ස්වාමීනි, ලෝක පරිණාමය පිළිබඳ ව පණවන ලද්දේ වේවා, ලෝක පරිණාමය පිළිබඳ ව නොපණවන ලද්දේ වේවා, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යහපතක් උදෙසා ධර්මය දෙසන ලද්දේ ද, ඒ ධර්මය පිළිපදින තැනැත්තා හට එය මැනැවින් දුක් අවසන් කිරීම පිණිස පවතියි.’

‘ඉති කිර සුනක්ඛත්ත පඤ්ඤත්තේ වා අග්ගඤ්ඤේ අපඤ්ඤත්තේ වා අග්ගඤ්ඤේ, යස්සත්ථාය මයා ධම්මෝ දේසිතෝ, සෝ නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. තත්‍ර සුනක්ඛත්ත කිං අග්ගඤ්ඤං පඤ්ඤත්තං කරිස්සති?. පස්ස මෝඝපුරිස යාවඤ්ච තේ ඉදං අපරද්ධං. අනේකපරියායේන ඛෝ තේ සුනක්ඛත්ත මම වණ්ණෝ භාසිතෝ වජ්ජිගාමේ: ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති. ඉති ඛෝ තේ සුනක්ඛත්ත අනේකපරියායේන මම වණ්ණෝ භාසිතෝ වජ්ජිගාමේ.

‘සුනක්ඛත්තයෙනි, මෙසේ ලෝක පරිණාමය පිළිබඳ ව පණවන ලද්දේ වේවා, ලෝක පරිණාමය පිළිබඳ ව නොපණවන ලද්දේ වේවා, මා විසින් යම් යහපතක් උදෙසා ධර්මය දෙසන ලද්දේ ද, ඒ ධර්මය පිළිපදින තැනැත්තා හට එය මැනැවින් දුක් අවසන් කිරීම පිණිස පවතියි නම්, එහිලා සුනක්ඛත්තයෙනි, ලෝක පරිණාමය පිළිබඳ ව පවසන ලද්දේ නමුත් කවර ප්‍රයෝජනයක් වන්නේ ද? බලව, හිස් පුරුෂය, ඔබ විසින් මොනතරම් වරදක් කරන ලද්දේ ද?

සුනක්ඛත්තයෙනි, වජ්ජි ගමෙහි සිටියදී ඔබ විසින් මා පිළිබඳ ව නොයෙක් අයුරින් ගුණ කියන ලද්දේ ය. ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මෙසේ සුනක්ඛත්තයෙනි, ඔබ විසින් වජ්ජි ගමෙහි දී මා පිළිබඳ ව නොයෙක් අයුරින් ගුණ කියන ලද්දේ ය.

අනේකපරියායේන ඛෝ තේ සුනක්ඛත්ත ධම්මස්ස වණ්ණෝ භාසිතෝ වජ්ජිගාමේ: ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනෙය්‍යිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී’ති. ඉති ඛෝ තේ සුනක්ඛත්ත අනේකපරියායේන ධම්මස්ස වණ්ණෝ භාසිතෝ වජ්ජිගාමේ. අනේකපරියායේන ඛෝ තේ සුනක්ඛත්ත සංඝස්ස වණ්ණෝ භාසිතෝ වජ්ජිගාමේ: සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, ඒස භගවතෝ සාවකසංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති. ඉති ඛෝ තේ සුනක්ඛත්ත අනේකපරියායේන සංඝස්ස වණ්ණෝ භාසිතෝ වජ්ජිගාමේ. ආරෝචයාමි ඛෝ තේ සුනක්ඛත්ත පටිවේදයාමි ඛෝ තේ සුනක්ඛත්ත, භවිස්සන්ති ඛෝ තේ සුනක්ඛත්ත වත්තාරෝ: නෝ විසහි සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ සමණේ ගෝතමේ බ්‍රහ්මචරියං චරිතුං. සෝ අවිසහන්තෝ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තෝ’ති. ඉති ඛෝ තේ සුනක්ඛත්ත භවිස්සන්ති වත්තාරෝ’ති. ඒවං ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ මයා වුච්චමානෝ අපක්කමේව ඉමස්මා ධම්මවිනයා යථා තං ආපායිකෝ නේරයිකෝ.

සුනක්ඛත්තයෙනි, ඔබ විසින් වජ්ජි ගමෙහි දී ධර්මය පිළිබඳ ව නොයෙක් අයුරින් ගුණ කියන ලද්දේ ය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට ධර්මය දෙසන ලද්දේ ය. එය සන්දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ගුණයෙන් යුක්තය’ යනුවෙනි. මෙසේ සුනක්ඛත්තයෙනි, ඔබ විසින් වජ්ජි ගමෙහි දී ධර්මය පිළිබඳ ව නොයෙක් අයුරින් ගුණ කියන ලද්දේ ය.

සුනක්ඛත්තයෙනි, ඔබ විසින් වජ්ජි ගමෙහි දී සංඝයා පිළිබඳ ව නොයෙක් අයුරින් ගුණ කියන ලද්දේ ය. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න ය. යම් මේ පුරුෂ යුගල සතරක් ද, පුරුෂ පුද්ගල අට නමක් ද වෙති. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුනෙය්‍ය ය. පාහුනෙය්‍ය ය. දක්ඛිණෙය්‍ය ය. අංජලිකරණීය ය. ලොවට උතුම් පින් කෙත ය’ යනුවෙනි. මෙසේ සුනක්ඛත්තයෙනි, ඔබ විසින් වජ්ජි ගමෙහි දී සංඝයා පිළිබඳ ව නොයෙක් අයුරින් ගුණ කියන ලද්දේ ය.

සුනක්ඛත්තයෙනි, ඔබට දැනුම් දෙමි. සුනක්ඛත්තයෙනි, ඔබට ප්‍රකාශ කරමි. සුනක්ඛත්තයෙනි, ඔබට දොස් කියන්නෝ වන්නාහු ය. ‘ලිච්ඡවි පුත්‍ර සුනක්ඛත්තයා ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි බඹසර හැසිරෙන්නට නොහැකි වූවෙකි. ඔහු බඹසර හැසිරෙන්නට නොහැකි ව, ශික්ෂාව ප්‍රතික්ෂේප කොට නැවත කැරකී ගිහි බවට වැටුණේ ය’ යි සුනක්ඛත්තයෙනි, ඔබට මෙසේ කියන්නෝ වන්නාහු ය.’

භාර්ගවයෙනි, මා විසින් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මෙසේ පවසද්දී අපායට නියම වූවෙකු, නිරයට නියම වූවෙකු යම් සේ ද, එසෙයින් ම මේ ධර්ම විනයෙන් බැහැරට ගියේ ම ය.

[ කෝරක්ඛත්තියවත්ථු ]

7. ඒකමිදාහං භග්ගව සමයං ඛුලූසු විහරාමි, උත්තරකා නාම ඛුලූනං නිගමෝ. අථ ඛ්වාහං භග්ගව පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සුනක්ඛත්තේන ලිච්ඡවිපුත්තේන පච්ඡාසමණේන උත්තරකං පිණ්ඩාය පාවිසිං. තේන ඛෝ පන සමයේන අචේලෝ කෝරක්ඛත්තියෝ කුක්කුරවතිකෝ චාතුකුණ්ඩිකෝ ඡමා නිකිණ්ණං භක්ඛසං මුඛේනේව ඛාදති මුඛේනේව භුඤ්ජති. අද්දසා ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ අචේලං කෝරක්ඛත්තියං කුක්කුරවතිකං චාතුකුණ්ඩිකං ඡමා නිකිණ්ණං භක්ඛසං මුඛේනේව ඛාදන්තං මුඛේනේව භුඤ්ජන්තං. දිස්වානස්ස ඒතදහෝසි: සාධුරූපෝ වත භෝ අරහං සමණෝ චාතුකුණ්ඩිකෝ ඡමා නිකිණ්ණං භක්ඛසං මුඛේනේව ඛාදති මුඛේනේව භුඤ්ජතී’ති.

භාර්ගවයෙනි, එක් කලෙක මම ඛුලු ජනපදයෙහි ඛුලුන්ට අයත් උත්තරකා නම් නියම් ගමෙහි වාසය කළෙමි. එකල්හී භාර්ගවයෙනි, මම පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා පසු ශ්‍රමණයා කොට ගෙන උත්තරකා නම් නියම් ගමට පිඬු පිණිස පිවිසියෙමි. එසමයෙහි කෝරක්ඛත්තිය නම් නිරුවත් තවුසෙක් බලු ව්‍රතය සමාදන් ව, දෙදණින් හා දෙඅතින් යන සිව් තැනින් ඇවිදිමින් ඔහු වෙනුවෙන් බිම දමන ලද ආහාර මුඛයෙන් ම ගෙන කයි. මුඛයෙන් ම අනුභව කරයි.

භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා දෙදණින් හා දෙඅතින් යන සිව් තැනින් ඇවිදිමින්, ඔහු වෙනුවෙන් බිම දමන ලද ආහාර මුඛයෙන් ම කන්නා වූ, මුඛයෙන් ම අනුභව කරන්නා වූ, බලු ව්‍රතය සමාදන් ව සිටින කෝරක්ඛත්තිය නිරුවත් තවුසා දැක්කේ ය. දැක මෙසේ සිතුණේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් අරහත් වූ මේ ශ්‍රමණ තෙමේ සොඳුරු ගති ඇත්තෙකි. දෙදණ, දෙඅත් යන සිව් තැන බිම ගසා ඇවිදිමින් තමා වෙත දැමූ ආහාර මුඛයෙන් ම කනවා නොවැ. මුඛයෙන් ම අනුභව කරනවා නොවැ’ යි.

8. අථ ඛ්වාහං භග්ගව සුනක්ඛත්තස්ස ලිච්ඡවිපුත්තස්ස චේතසා චේතෝ පරිවිතක්කමඤ්ඤාය සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං ඒතදවෝචං: ‘ත්වම්පි නාම මෝඝපුරිස සමණෝ සක්‍යපුත්තියෝ පටිජානිස්සසී?’ති.

එකල්හී භාර්ගවයෙනි, මම මාගේ සිතෙන් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාගේ චිත්ත පරිවිතර්කය පිරිසිඳ දැන සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මෙය පැවසුවෙමි.

‘හිස් පුරුෂය, ඔබ ත් නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෙක්මි’ යි ප්‍රතිඥා දෙන්නෙහි ද?’

‘කිං පන මං භන්තේ භගවා ඒවමාහ: ත්වම්පි නාම මෝඝපුරිස සමණෝ සක්‍යපුත්තියෝ පටිජානිස්සසී’ති?

‘කිම? ස්වාමීනී, කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ පවසන සේක් ද? ‘හිස් පුරුෂය, ඔබ ත් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෙක්මි’ යි ප්‍රතිඥා දෙන්නෙහි ද’ යනුවෙන්?’

“නනු තේ සුනක්ඛත්ත ඉමං අචේලං කෝරක්ඛත්තියං කුක්කුරවතිකං චාතුකුණ්ඩිකං ඡමා නික්කිණ්ණං භක්ඛසං මුඛේනේව ඛාදන්තං මුඛේනේව භුඤ්ජන්තං. දිස්වාන ඒතදහෝසි: සාධුරූපෝ වත භෝ අරහා සමණෝ චාතුකුණ්ඩිකෝ ඡමා නිකිණ්ණං භක්ඛසං මුඛේනේව ඛාදති මුඛේනේව භුඤ්ජතී’ති?”

‘සුනක්ඛත්තයෙනි, දෙදණින් හා දෙඅතින් යන සිව් තැනින් ඇවිදිමින්, ඔහු වෙනුවෙන් බිම දමන ලද ආහාර මුඛයෙන් ම කන්නා වූ, මුඛයෙන් ම අනුභව කරන්නා වූ, බලු ව්‍රතය සමාදන් ව සිටින මේ කෝරක්ඛත්තිය නිරුවත් තවුසා දැක ඔබ මෙසේ සිතුවේ නොවේ ද? ‘භවත්නි, ඒකාන්තයෙන් අරහත් වූ මේ ශ්‍රමණ තෙමේ සොඳුරු ගති ඇත්තෙකි. දෙදණ, දෙඅත් යන සිව් තැන බිම ගසා ඇවිදිමින් තමා වෙත දැමූ ආහාර මුඛයෙන් ම කනවා නොවැ. මුඛයෙන් ම අනුභව කරනවා නොවැ’ යි.’

“ඒවං භන්තේ. කිං පන භන්තේ භගවා අරහත්තස්ස මච්ඡරායතී?”ති.

‘එසේ ය, ස්වාමීනී. ඉතින් ස්වාමිනී, කිම? භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන්ගේ රහත් බවට මසුරු වන සේක් ද?’

“න ඛෝ’හං මෝඝපුරිස අරහත්තස්ස මච්ඡරායාමි. අපි ච තුය්හේවේතං පාපකං දිට්ඨිගතං උප්පන්නං, තං පජහ, මා තේ අහෝසි දීඝරත්තං අහිතාය දුක්ඛාය. යං ඛෝ පනේතං සුනක්ඛත්ත මඤ්ඤසි අචේලං කෝරක්ඛත්තියං: සාධුරූපෝ අරහං සමණෝති, සෝ සත්තමං දිවසං අලසකේන කාලං කරිස්සති, කාලකතෝ ච කාලකඤ්ජකා නාම අසුරා, සබ්බනිහීනෝ අසුරකායෝ තත්‍ර උපපජ්ජිස්සති. කාලකතඤ්ච නං බීරණත්ථම්බකේ සුසානේ ඡඩ්ඩෙස්සන්ති. ආකංඛමානෝ ච ත්වං සුනක්ඛත්ත අචේලං කෝරක්ඛත්තියං උපසංකමිත්වා පුච්ඡෙය්‍යාසි: ජානාසි ආවුසෝ අචේල කෝරඛත්තිය අත්තනෝ ගතින්ති? ඨානං ඛෝ පනේතං සුනක්ඛත්ත විජ්ජති, යන්තේ අචේලෝ කෝරක්ඛත්තියෝ බ්‍යාකරිස්සති: ජානාමි ආවුසෝ සුනක්ඛත්ත අත්තනෝ ගතිං කාලකඤ්ජිකා නාම අසුරා, සබ්බනිහීනෝ අසුරකායෝ තත්‍රම්හි උපපන්නෝ”ති.

‘හිස් පුරුෂය, මම රහත් බවට මසුරු නොකරමි. එනමුත් ඔබ තුළ මේ පවිටු දෘෂ්ටියකට අයත් දෙයක් උපන්නේ ය. එය අත්හැර දමව. ඔබට එය බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස නොපවතීවා!

සුනක්ඛත්තයෙනි, සොඳුරු ගතිගුණ ඇති රහත් ශ්‍රමණයෙකි යි ඔබ යම් මේ නිරුවත් කෝරක්ඛත්තිය ගැන සිතුවෙහි ද, ඔහු මෙයින් සත්වන දවසෙහි අලසක නම් වූ අජීර්ණ රෝගයකින් කලුරිය කරන්නේ ය. කලුරිය කොට කාලකඤ්ජක නම් හැම අතින් ම නිහීන වූ අසුර ලොවක් ඇද්ද, එහි උපදින්නේ ය. මිනිස්සු, මළා වූ ඔහු බීරණත්ථම්භක නම් සොහොනට ඇද දමන්නාහ. ඉදින් සුනක්ඛත්තයෙනි, ඔබ කැමති නම් නිරුවත් කෝරක්ඛත්තියගේ මළමිනිය වෙත ගොස් ‘ඇවැත, නිරුවත් කෝරක්ඛත්තිය, තමන් උපන් තැන දන්නෙහි දැ’ යි විමසව. ‘ඇවැත, සුනක්ඛත්ත, මම තමන් උපන් තැන දනිමි. කාලකඤ්ජක නම් හැම අතින් ම නිහීන අසුර ලොවක් ඇද්ද, මම එහි උපන්මි’ යි නිරුවත් කෝරක්ඛත්තිය ඔබට පිළිතුරු දෙන්නේ ය යන යමක් ඇද්ද, සුනක්ඛත්තයෙනි, එම කරුණ දකින්නට ලැබෙන දෙයකි.’

9. අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේන අචේලෝ කෝරක්ඛත්තියෝ තේනුපසංකමි. උපසංකමිත්වා අචේලං කෝරක්ඛත්තියං ඒතදවෝච: බ්‍යාකතෝ ඛෝ’සි ආවුසෝ කෝරක්ඛත්තිය සමණේන ගෝතමේන: අචේලෝ කෝරක්ඛත්තියෝ සත්තමං දිවසං අලසකේන කාලං කරිස්සති, කාලකතෝ ච කාලකඤ්ජිකා නාම අසුරා, සබ්බනිහීනෝ අසුරකායෝ තත්‍ර උපපජ්ජිස්සති. කාලකතඤ්ච නං බීරණත්ථම්බකේ සුසානේ ඡඩ්ඩෙස්සන්තී”ති. යේන ත්වං ආවුසෝ කෝරක්ඛත්තිය මත්තමත්තඤ්ච භත්තං භුඤ්ජෙය්‍යාසි, මත්තමත්තඤ්ච පානීයං පිවෙය්‍යාසි, යථා සමණස්ස ගෝතමස්ස මිච්ඡා අස්ස වචනන්ති”. අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ ඒකද්වීහිකාය සත්තරත්තින්දිවානි ගණේසි යථා තං තථාගතස්ස අසද්දහමානෝ.

ඉක්බිති භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා නිරුවත් කෝරක්ඛත්තිය යම් තැනක සිටියේ ද, එතැනට ගියේ ය. ගොස් නිරුවත් කෝරක්ඛත්තියට මෙය පැවසුවේ ය.

‘ඇවැත් කෝරක්ඛත්තිය, ශ්‍රමණ ගෞතමයන් විසින් ඔබගේ ඉරණම පිළිබඳ ව පවසන ලද්දේ ය. නිරුවත් කෝරක්ඛත්තිය මින් සත්වන දවසෙහි අලසක නම් වූ අජීර්ණ රෝගයකින් කලුරිය කරන්නේ ය. කලුරිය කොට කාලකඤ්ජක නම් හැම අතින් ම නිහීන වූ අසුර ලොවක් ඇද්ද, එහි උපදින්නේ ය. මිනිස්සු, මළා වූ ඔහු බීරණත්ථම්භක නම් සොහොනට ඇද දමන්නාහ’ කියා ය. ඇවැත් කෝරක්ඛත්තිය, ශ්‍රමණ ගෞතමයන්ගේ වචනය යම් අයුරකින් බොරුවක් වෙයි ද, ඒ සඳහා ඔබ බතුත් ටික ටික අනුභව කරව. පැනුත් ටික ටික බොව.’

එකල්හී භාර්ගවයෙනි, තථාගතයන්ගේ වචනය යම් සේ විශ්වාස නොකරමින් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා දවස් එක දෙක වශයෙන් දිවා රාත්‍රී සතක් ගණන් කළේ ය.

අථ ඛෝ භග්ගව අචේලෝ කෝරක්ඛත්තියෝ සත්තමං දිවසං අලසකේන කාලමකාසි. කාලකතෝ ච කාලකඤ්ජිකා නාම අසුරා, සබ්බනිහීනෝ අසුරකායෝ තත්‍ර උපපජ්ජි. කාලකතඤ්ච නං බීරණත්ථම්බකේ සුසානේ ඡඩ්ඩේසුං. අස්සෝසි ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ අචේලෝ කිර කෝරක්ඛත්තියෝ අලසකේන කාලකතෝ බීරණත්ථම්බකේ සුසානේ ඡඩ්ඩිතෝ’ති.

එකල්හී භාර්ගවයෙනි, නිරුවත් කෝරක්ඛත්තිය තෙමේ සත්වෙනි දවසෙහි අලසක නම් වූ අජීර්ණ රෝගයකින් මරණයට පත් වූයේ ය. මැරී ගොස් කාලකඤ්ජක නම් හැම අතින් ම නිහීන වූ අසුර ලොවක් ඇද්ද, එහි උපන්නේ ය. මිනිස්සු, මළා වූ ඔහු බීරණත්ථම්භක නම් සොහොනට ඇද දැමූහ.

භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා නිරුවත් කෝරක්ඛත්තිය අලසක නම් වූ අජීර්ණ රෝගයෙන් මියගිය බව ත්, එසේ මියගිය ඔහුගේ සිරුර බීරණත්ථම්භක සොහොනට ඇද දැමූ බව ත් ඇසුවේ ය.

අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේන බීරණත්ථම්බකං සුසානං යේන අචේලෝ කෝරක්ඛත්තියෝ තේනුපසංකමි. උපසංකමිත්වා අචේලං කෝරක්ඛත්තියං තික්ඛත්තුං පාණිනා ආකෝටේසි: “ජානාසි ආවුසෝ කෝරක්ඛත්තිය අත්තනෝ ගතින්ති?”. අථ ඛෝ භග්ගව අචේලෝ කෝරක්ඛත්තියෝ පාණිනා පිට්ඨිං පරිපුඤ්ඡන්තෝ වුට්ඨාසි ‘ජානාමි ආවුසෝ සුනක්ඛත්ත අත්තනෝ ගතිං කාලකඤ්ජිකා නාම අසුරා සබ්බනිහීනෝ අසුරකායෝ, තත්‍රම්හි උපපන්නෝ’ති වත්වා තත්ථේව උත්තානෝ පරිපති.

ඉක්බිති භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා බීරණත්ථම්භක සොහොනෙහි නිරුවත් කෝරක්ඛත්තියගේ මළසිරුර යම් තැනක ද, එතැනට ගියේ ය. ගොස් නිරුවත් කෝරක්ඛත්තියගේ මළසිරුරට තුන් වරක් අතින් තට්ටු කළේ ය. ‘ඇවැත් කෝරක්ඛත්තිය, තමන් උපන් තැන දන්නෙහි ද?’ එවිට භාර්ගවයෙනි, නිරුවත් කෝරක්ඛත්තියගේ මළසිරුර අතින් පිට පිසදමමින් නැගිට්ටේ ය. ‘ඇවැත් සුනක්ඛත්ත, මම තමන් උපන් තැන දනිමි. කාලකඤ්ජක නම් හැම අතින් ම නිහීන වූ, අසුර නිකායක් ඇත්තේ ය. මම එහි උපන්මි’ යි පවසා එහි ම උඩුකුරු ව ඇද වැටුණේ ය.

10. අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ අහං භග්ගව සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං ඒතදවෝචං: තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත? යථේව තේ අහං අචේලං කෝරක්ඛත්තියං ආරබ්භ බ්‍යාකාසිං, තථේව තං විපක්කං අඤ්ඤථා වා? ති.

එකල්හී භාර්ගවයෙනි, මම යම් තැනක හුන්නෙම් ද, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා එතැනට පැමිණයේ ය. පැමිණ මට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මම මෙය පැවසුවෙමි.

‘සුනක්ඛත්තයෙනි, ඒ කිමෙකැයි සිතන්නෙහි ද? මම ඔබට නිරුවත් කෝරක්ඛත්තිය පිළිබඳ ව යම් අයුරකින් ප්‍රකාශ කළෙම් ද, එය එසේ ම විපාක දුන්නේ ද? අන් අයුරකින් වූයේ ද?’

“යථේව මේ භන්තේ භගවා අචේලං කෝරක්ඛත්තියං ආරබ්භ බ්‍යාකාසි, තථේව තං විපක්කං නෝ අඤ්ඤථා”ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට නිරුවත් කෝරක්ඛත්තිය පිළිබඳ ව යම් අයුරකින් වදාළ සේක් ද, එය එසේ ම විපාක දුන්නේ ය. අන් අයුරකින් නොවුණේ ය.”

“තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත යදි ඒවං සන්තේ කතං වා හෝති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං අකතං වා?”ති. “අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ කතං හෝති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං නෝ අකතන්ති.” ඒවම්පි ඛෝ මං ත්වං මෝඝපුරිස උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරොන්තං ඒවං වදේසි: න හි පන මේ භන්තේ භගවා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරෝතී’ති. පස්ස මෝඝපුරිස යාවඤ්ච තේ ඉදං අපරද්ධන්ති. ඒවම්පි ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ මයා වුච්චමානෝ අපක්කමේව ඉමස්මා ධම්මවිනයා, යථා තං ආපායිකෝ නේරයිකෝ.

“සුනක්ඛත්තයෙනි, ඒ කිමෙකැයි සිතන්නෙහි ද? මෙසේ ඇති කල්හී මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ ද? නොකරන ලද්දේ ද?”

“ඒකාන්තයෙන් ම ස්වාමීනී, මෙසේ ඇති කල්හී මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ ම ය. නොකරන ලද්දේ නොවෙයි.”

“මෙසේ ත් හිස් පුරුෂය, මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන්නා වූ මා හට ඔබ මෙසේ කියන්නෙහි ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් නොකරන සේකැ’ යි. බලව, හිස් පුරුෂය, ඔබ මොනතරම් වරදක් කරන ලද්දේ ද?”

භාර්ගවයෙනි, මා විසින් මෙසේ ත් කියනු ලබද්දී සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා අපායට නියම වූවකු සෙයින්, නිරයට නියම වූවකු සෙයින් මේ සසුනෙන් බැහැර ව ම ගියේ ය.

[ කළාරමට්ඨුකවත්ථු ]

11. ඒකමිදාහං භග්ගව සමයං වේසාලියං විහරාමි මහාවනේ කූටාගාරසාලායං. තේන ඛෝ පන සමයේන අචේලෝ කළාරමට්ඨුකෝ වේසාලියං පටිවසති ලාභග්ගප්පත්තෝ චේව යසග්ගප්පත්තෝ ච වජ්ජිගාමේ තස්ස සත්ත වතපදානි සමත්තානි සමාදින්නානි හොන්ති:

භාර්ගවයෙනි, මම එක් සමයක විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කළෙමි. එසමයෙහි කළාරමට්ඨුක නම් නිරුවත් තවුසෙක් විශාලා මහනුවර වජ්ජි ග්‍රාමයෙහි ලාභයෙනුත් අගතැන් පැමිණ, යස පිරිවරිනුත් අගතැන් පැමිණ වාසය කරයි. ඔහු විසින් ව්‍රත පද සතක් සමාදන් ව සිටින්නේ වෙයි.

යාවජීවං අචේලකෝ අස්සං න වත්ථං පරිදහෙය්‍යං.

‘දිවි තිබෙන තුරු නිරුවත් ව සිටින්නෙමි. වස්ත්‍ර නොහඳින්නෙමි.

යාවජීවං බ්‍රහ්මචාරී අස්සං න මේථුනං ධම්මං පටිසේවෙය්‍යං.

දිවි තිබෙන තුරු බ්‍රහ්මචාරී ව සිටින්නෙමි. අඹුසැමියන් ලෙස නොහැසිරෙන්නමි.

යාවජීවං සුරාමංසේනේව යාපෙය්‍යං න ඕදනකුම්මාසං භුඤ්ජෙය්‍යං.

දිවි තිබෙන තුරු සුරාවලින් හා මස් වලින් පමණක් යැපෙන්නෙමි. බත් ව්‍යංජන ආදිය අනුභව නොකරන්නෙමි.

පුරත්ථිමේන වේසාලිං උදේනං නාම චේතියං තං නාතික්කමෙය්‍යං.

විශාලා මහනුවරට නැගෙනහිරින් උදේන නම් චෛත්‍යයක් තිබෙයි ද, එම සීමාව ඉක්ම නොයන්නෙමි.

දක්ඛිණේන වේසාලිං ගෝතමකං නාම චේතියං තං නාතික්කමෙය්‍යං,

විශාලා මහනුවරට දකුණින් ගෝතමක නම් චෛත්‍යයක් තිබෙයි ද, එම සීමාව ඉක්ම නොයන්නෙමි.

පච්ඡිමේන වේසාලිං සත්තම්බං නාම චේතියං තං නාතික්කමෙය්‍යං,

විශාලා මහනුවරට බටහිරින් සත්තම්බ නම් චෛත්‍යයක් තිබෙයි ද, එම සීමාව ඉක්ම නොයන්නෙමි.

උත්තරේන වේසාලිං බහුපුත්තං නාම චේතියං, තං නාතික්කමෙය්‍යන්ති.”

විශාලා මහනුවරට උතුරින් බහුපුත්තක නම් චෛත්‍යයක් තිබෙයි ද, එම සීමාව ඉක්ම නොයන්නෙමි.’

සෝ ඉමේසං සත්තන්නං වතපදානං සමාදානහේතු ලාභග්ගප්පත්තෝ චේව යසග්ගප්පත්තෝ ච වජ්ජිගාමේ. අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේන අචේලෝ කළාරමට්ඨුකෝ තේනුපසංකමි, උපසංකමිත්වා අචේලං කළාරමට්ඨුකං පඤ්හං පුච්ඡි. තස්ස අචේලෝ කළාරමට්ඨුකෝ පඤ්හං පුට්ඨෝ න සම්පායාසි. අසම්පායන්තෝ කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. අථ ඛෝ භග්ගව සුනක්ඛත්තස්ස ලිච්ඡවිපුත්තස්ස ඒතදහෝසි “සාධුරූපං වත භෝ අරහන්තං සමණං ආසාදිම්හසේ, මා වත නෝ අහෝසි දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති.

ඔහු මේ සප්ත ව්‍රත පදයන් සමාදන් වීම හේතුවෙන් වජ්ජි ගමෙහි ලාභයෙන් අගපත් ව, යස පිරිවරින් අගපත් ව සිටියේ ය.

එකල්හී භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා නිරුවත් කළාරමට්ඨුක යම් තැනක සිටියේ ද, එතැනට ගොස් නිරුවත් කළාරමට්ඨුකගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය. නිරුවත් කළාරමට්ඨුක ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට අසමර්ථ වූයේ ය. එසේ අසමර්ථ වෙමින් කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ කළේ ය. එකල්හී භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා හට මේ අදහස ඇතිවූයේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් සොඳුරු ගති ඇති රහත් ශ්‍රමණයෙකුට හිරිහැර කළෙමු. ඒකාන්තයෙන් එය අපට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස නොවේවා!’ යි.

12. අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ අහං භග්ගව සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං ඒතදවෝචං: ත්වම්පි නාම මෝඝපුරිස සමණෝ සක්‍යපුත්තියෝ පටිජානිස්සසී?ති.

ඉක්බිති භාර්ගවයෙනි, මම් යම් තැනක හුන්නෙම් ද, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා එතැනට පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මම මෙය පැවසුවෙමි.

“හිස් පුරුෂය, ඔබ ත් ‘ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයක්මි’ යි ප්‍රතිඥා දෙන්නෙහිද?”

“කිං පන මං භන්තේ භගවා ඒවමාහ: ත්වම්පි නාම මෝඝපුරිස සමණෝ සක්‍යපුත්තියෝ පටිජානිස්සසී?”ති.

“කිම? ස්වාමීනී, කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ මා හට මෙසේ පවසන සේක් ද? ‘හිස් පුරුෂය, ඔබ ත් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෙක්මි’ යි ප්‍රතිඥා දෙන්නෙහි ද’ යනුවෙන්?”

“නනු ත්වං සුනක්ඛත්ත අචේලං කළාරමට්ඨුකං උපසංකමිත්වා පඤ්හං පුච්ඡි? තස්ස තේ අචේලෝ කළාරමට්ඨුකෝ පඤ්හං පුට්ඨෝ න සම්පායාසි. අසම්පායන්තෝ කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. තස්ස තේ ඒතදහෝසි සාධුරූපං වත භෝ අරහන්තං සමණං ආසාදිම්හසේ, මා වත නෝ අහෝසි දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති.

“සුනක්ඛත්තයෙනි, ඔබ නිරුවත් කළාරමට්ඨුක වෙත ගොස් ප්‍රශ්නයක් නොඇසුවේ ද? නිරුවත් කාළාරමට්ඨුක ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට අසමර්ථ වූයේ ය. එසේ අසමර්ථ වෙමින් කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ කළේ ය. එකල්හී ඔබට මේ අදහස ඇතිනොවූයේ ද? ‘භවත්නි, ඒකාන්තයෙන් සොඳුරු ගති ඇති රහත් ශ්‍රමණයෙකුට හිරිහැර කළෙමු. ඒකාන්තයෙන් එය අපට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස නොවේවා!’යි.”

“ඒවං භන්තේ. කිං පන භන්තේ භගවා අරහත්තස්ස මච්ඡරායතී?”ති.

“එසේ ය, ස්වාමීනී. ඉතින් ස්වාමිනී, කිම? භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන්ගේ රහත් බවට මසුරු වන සේක් ද?”

“න ඛෝ අහං මෝඝපුරිස අරහත්තස්ස මච්ඡරායාමි. අපි ච තුය්හේවේතං පාපකං දිට්ඨිගතං උප්පන්නං, තං පජහ, මා තේ අහෝසි දීඝරත්තං අහිතාය දුක්ඛාය. යං ඛෝ පනේතං සුනක්ඛත්ත මඤ්ඤසි අචේලං කළාරමට්ඨුකං ‘සාධුරූපෝ අරහං සමණෝ’ති, සෝ න චිරස්සේව පරිහිතෝ සානුචරියෝ විචරන්තෝ ඕදනකුම්මාසං භුඤ්ජිමානෝ සබ්බානේව වේසාලියානි චේතියානි සමතික්කමිත්වා යසා නික්කිණ්ණෝ කාලං කරිස්සතී”ති.

“හිස් පුරුෂය, මම රහත් බවට මසුරු නොකරමි. එනමුත් ඔබ තුළ මේ පවිටු දෘෂ්ටියකට අයත් දෙයක් උපන්නේ ය. එය අත්හැර දමව. ඔබට එය බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස නොපවතීවා!

සුනක්ඛත්තයෙනි, නිරුවත් කළාරමට්ඨුක නම් යමෙකු පිළිබඳ ව සොඳුරු ගතිගුණ ඇති රහත් ශ්‍රමණයෙකි යි ඔබ සිතුවෙහි ද, ඔහු තව නොබෝ කලකින් පිරිහී යන්නේ, වස්ත්‍ර හැඳ, බිරිඳක ද ඇති ව, බත් ව්‍යංජන අනුභව කරමින්, විශාලාවෙහි සියළුම චෛත්‍යයන් ඉක්ම ගොස්, යස පිරිවර නැති ව මරණයට පත් වන්නේ ය.”

13. අථ ඛෝ භග්ගව අචේලෝ කළාරමට්ඨුකෝ න චිරස්සේව පරිහිතෝ සානුචරියෝ විචරන්තෝ ඕදනකුම්මාසං භුඤ්ජිමානෝ සබ්බානේව වේසාලියානි චේතියානි සමතික්කමිත්වා යසා නික්කිණ්ණෝ කාලමකාසි. අස්සෝසි ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ: අචේලෝ කිර කළාරමට්ඨුකෝ පරිහිතෝ සානුචරියෝ විචරන්තෝ ඕදනකුම්මාසං භුඤ්ජමානෝ සබ්බානේව වේසාලියානි චේතියානි සමතික්කමිත්වා යසා නික්කිණ්ණෝ කාලං කතෝ’ති. අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ අහං භග්ගව සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං ඒතදවෝචං:

ඉක්බිති භාර්ගවයෙනි, නිරුවත් කළාරමට්ඨුක තෙමේ නොබෝ කලකින් ම පිරිහී ගියේ වස්ත්‍ර හැඳ, බිරිඳක ද ඇති ව, බත් ව්‍යංජන අනුභව කරමින්, විශාලාවෙහි සියළුම චෛත්‍යයන් ඉක්ම ගොස්, යස පිරිවර නැති ව මරණයට පත්වූයේ ය. භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා ‘නිරුවත් කළාරමට්ඨුක පිරිහී ගියේ, වස්ත්‍ර හැඳ, බිරිඳක ද ඇති ව, බත් ව්‍යංජන අනුභව කරමින්, විශාලාවෙහි සියළුම චෛත්‍යයන් ඉක්ම ගොස්, යස පිරිවර නැති ව මරණයට පත්වූයේ ලු’ යි ඇසුවේ ය.

එකල්හී භාර්ගවයෙනි, මම යම් තැනක හුන්නෙම් ද, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා එතැනට පැමිණයේ ය. පැමිණ මට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. භාර්ගවයෙනි, එකත්පස් ව හුන් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මම මෙය පැවසුවෙමි.

තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත යථේව තේ අහං අචේලං කළාරමට්ඨුකං ආරබ්භ බ්‍යාකාසිං, තථේව තං විපක්කං අඤ්ඤථා වා?ති.

‘සුනක්ඛත්තයෙනි, ඒ කිමෙකැයි සිතන්නෙහි ද? මම ඔබට නිරුවත් කළාරමට්ඨුක පිළිබඳ ව යම් අයුරකින් ප්‍රකාශ කළෙම් ද, එය එසේ ම විපාක දුන්නේ ද? අන් අයුරකින් වූයේ ද?’

“යථේව මේ භන්තේ භගවා අචේලං කළාරමට්ඨුකං ආරබ්භ බ්‍යාකාසි, තථේව තං විපක්කං නෝ අඤ්ඤථා”ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට නිරුවත් කළාරමට්ඨුක පිළිබඳ ව යම් අයුරකින් වදාළ සේක් ද, එය එසේ ම විපාක දුන්නේ ය. අන් අයුරකින් නොවුණේ ය.”

“තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත යදි ඒවං සන්තේ කතං වා හෝති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං, අකතං වා?”ති.

“සුනක්ඛත්තයෙනි, ඒ කිමෙකැයි සිතන්නෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හී මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ ද? නොකරන ලද්දේ ද?”

“අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ කතං හෝති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං, නෝ අකතන්ති.”

“ඒකාන්තයෙන් ම ස්වාමීනී, මෙසේ ඇති කල්හී මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ ම ය. නොකරන ලද්දේ නොවෙයි.”

“ඒවම්පි ඛෝ මං ත්වං මෝඝපුරිස උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරොන්තං ඒවං වදේසි න හි පන මේ භන්තේ භගවා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරෝතී’ති. පස්ස මෝඝපුරිස යාවඤ්ච තේ ඉදං අපරද්ධන්ති.”

“මෙසේ ත් හිස් පුරුෂය, මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන්නා වූ මා හට ඔබ මෙසේ කියන්නෙහි ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් නොකරන සේකැ’ යි. බලව, හිස් පුරුෂය, ඔබ මොනතරම් වරදක් කරන ලද්දේද?”

ඒවම්පි ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ මයා වුච්චමානෝ අපක්කමේව ඉමස්මා ධම්මවිනයා, යථා තං ආපායිකෝ නේරයිකෝ.

භාර්ගවයෙනි, මා විසින් මෙසේ ත් කියනු ලබද්දී සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා අපායට නියම වූවකු සෙයින්, නිරයට නියම වූවකු සෙයින් මේ සසුනෙන් බැහැර ව ම ගියේ ය.

[ පාථිකපුත්තවත්ථු ]

14. ඒකමිදාහං භග්ගව සමයං තත්ථේව වේසාලියං විහරාමි මහාවනේ කූටාගාරසාලායං. තේන ඛෝ පන සමයේන අචේලෝ පාථිකපුත්තෝ වේසාලියං පටිවසති ලාභග්ගප්පත්තෝ චේව යසග්ගප්පත්තෝ ච වජ්ජිගාමේ. සෝ ච වේසාලියං පරිසතිං ඒවං වාචං භාසති: සමණෝ ගෝතමෝ ඤාණවාදෝ අහම්පි ඤාණවාදෝ. ඤාණවාදෝ ඛෝ පන ඤාණවාදේන අරහති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සේතුං. සමණෝ චේ ගෝතමෝ උපඩ්ඪපථං ආගච්ඡෙය්‍ය, අහම්පි උපඩ්ඪපථං ගච්ඡෙය්‍යං. තේ තත්ථ උභෝපි උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරෙය්‍යාම. ඒකං චේ සමණෝ ගෝතමෝ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති, ද්වාහං කරිස්සාමි. ද්වේ චේ සමණෝ ගෝතමෝ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියානි කරිස්සති, චත්තාරාහං කරිස්සාමි. චත්තාරි චේ සමණෝ ගෝතමෝ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියානි කරිස්සති, අට්ඨාහං කරිස්සාමි. ඉති යාවතකං යාවතකං සමණෝ ගෝතමෝ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති, තන්දිගුණං තන්දිගුණාහං කරිස්සාමී”ති.

භාර්ගවයෙනි, එක් කලෙක මම ඒ විශාලා මහනුවර ම මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරමි. එසමයෙහි පාථිකපුත්‍ර නම් නිරුවත් තවුසෙක් විශාලාවෙහි වජ්ජිගමෙහි ලාභයෙන් අගපත් ව, යස පිරිවරින් අගපත් ව වසයි. ඔහු ද විශාලාවෙහි පිරිස මැද මෙබඳු වචනයක් කියයි.

‘ශ්‍රමණ ගෞතම තෙමේ නුවණ ගැන කථා කරන්නෙකි. මම ත් නුවණ ගැන කථා කරන්නෙකි. නුවණ ගැන කථා කරන්නෙක් නුවණ ගැන කථා කරන්නෙකු සමඟ මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් දක්වන්නට සුදුසු ය. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ ඒ සඳහා මාවතෙහි අඩක් ඉදිරියට එන්නේ නම්, මම ත් ඒ සඳහා මාවතෙහි අඩක් ඉදිරියට යන්නෙමි. එහිදී ඒ අපි දෙදෙනා ම මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යය කරන්නෙමු. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ එක් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන්නේ නම්, මම දෙකක් කරන්නෙමි. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යය දෙකක් කරන්නේ නම්, මම සතරක් කරන්නෙමි. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යය සතරක් කරන්නේ නම්, මම අටක් කරන්නෙමි. මෙසේ ශ්‍රමණ ගෞතම තෙමේ යම් පමණ ගණනකින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් කරන්නේ නම්, මම එය දෙගුණයක් දෙගුණයක් කොට කරන්නෙමි’ යි.

15. “අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේනාහං තේනුපසංකමි, උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ මං ඒතදවෝච: අචේලෝ භන්තේ පාථිකපුත්තෝ වේසාලියං පටිවසති ලාභග්ගප්පත්තෝ චේව යසග්ගප්පත්තෝ ච වජ්ජිගාමේ. සෝ වේසාලියං පරිසතිං ඒවං වාචං භාසති: ‘සමණෝ ගෝතමෝ ඤාණවාදෝ, අහම්පි ඤාණවාදෝ. ඤාණවාදෝ ඛෝ පන ඤාණවාදේන අරහති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සේතුං. සමණෝ ගෝතමෝ චේ උපඩ්ඪපථං ආගච්ඡෙය්‍ය, අහම්පි උපඩ්ඪපථං ගච්ඡෙය්‍යං. තේ තත්ථ උභෝපි උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරෙය්‍යාම. ඒකං චේ සමණෝ ගෝතමෝ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති, ද්වාහං කරිස්සාමි ….(පෙ)…. තන්දිගුණං තන්දිගුණාහං කරිස්සාමී’ති.

එකල්හී භාර්ගවයෙනි, මම යම් තැනක හුන්නෙම් ද, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා එතැනට පැමිණයේ ය. පැමිණ මට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. භාර්ගවයෙනි, එකත්පස් ව හුන් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා මට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, පාථිකපුත්‍ර නම් නිරුවත් තවුසෙක් විශාලාවෙහි වජ්ජිගමෙහි ලාභයෙන් අගපත් ව, යස පිරිවරින් අගපත් ව වසයි. ඔහු විශාලාවෙහි පිරිස් මැද මෙබඳු වචනයක් කියයි.

‘ශ්‍රමණ ගෞතම තෙමේ නුවණ ගැන කථා කරන්නෙකි. මම ත් නුවණ ගැන කථා කරන්නෙකි. නුවණ ගැන කථා කරන්නෙක් නුවණ ගැන කථා කරන්නෙකු සමඟ මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් දක්වන්නට සුදුසු ය. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ ඒ සඳහා මාවතෙහි අඩක් ඉදිරියට එන්නේ නම්, මම ත් ඒ සඳහා මාවතෙහි අඩක් ඉදිරියට යන්නෙමි. එහිදී ඒ අපි දෙදෙනා ම මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යය කරන්නෙමු. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ එක් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන්නේ නම්, මම දෙකක් කරන්නෙමි. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යය දෙකක් කරන්නේ නම්, මම සතරක් කරන්නෙමි. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යය සතරක් කරන්නේ නම්, මම අටක් කරන්නෙමි. මෙසේ ශ්‍රමණ ගෞතම තෙමේ යම් පමණ ගණනකින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් කරන්නේ නම්, මම එය දෙගුණයක් දෙගුණයක් කොට කරන්නෙමි’ යි.”

16. ඒවං වුත්තෝ අහං භග්ගව සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං ඒතදවෝචං: අභබ්බෝ ඛෝ සුනක්ඛත්ත අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස ‘අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්‍යා’ති.

මෙසේ කී කල්හී භාර්ගවයෙනි, මම සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මෙය පැවසුවෙමි.

“සුනක්ඛත්තයෙනි, නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය.”

“රක්ඛතේතං භන්තේ භගවා වාචං, රක්ඛතේතං සුගතෝ වාචන්ති.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඔය වචනය රැකගන්නා සේක්වා! සුගතයන් වහන්සේ ඔය වචනය රැකගන්නා සේක්වා!”

“කිම්පන මං ත්වං සුනක්ඛත්ත ඒවං වදේසි: රක්ඛතේතං භන්තේ භගවා වාචං, රක්ඛතේතං සුගතෝ වාචන්ති?”

“කිම? සුනක්ඛත්තයෙනි, ඔබ මට මෙසේ කියන්නෙහි? ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඔය වචනය රැකගන්නා සේක්වා! සුගතයන් වහන්සේ ඔය වචනය රැකගන්නා සේක්වා!’ යි?”

“භගවතා චස්ස භන්තේ ඒසා වාචා ඒකංසේන ඕධාරිතා ‘අභබ්බෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස ‘අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්‍යා’ති. අචේලෝ ච භන්තේ පාථිකපුත්තෝ විරූපරූපේන භගවතෝ සම්මුඛීභාවං ආගච්ඡෙය්‍ය, තදස්ස භගවතෝ මුසා”ති.

“ස්වාමීනී, එනම්, ‘නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ඒකාන්ත කොට අවධාරණයෙන් වදාරණ ලද මේ වචනයක් ඇත්තේ ය. ස්වාමීනී, නිරුවත් පාථිකපුත්‍රයා අන්‍ය වූ විරූපී වේශයකින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට එන්නේ නම්, භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනය බොරු වන්නේ ය.”

“අපි නු සුනක්ඛත්ත තථාගතෝ තං වාචං භාසෙය්‍ය යා සා වාචා ද්වයගාමිනී?”ති.

“සුනක්ඛත්තයෙනි, තථාගත තෙමේ යම් වචනයක් දෙපැත්තකට යන්නේ නම් එබඳු වචනයක් කියන්නේ ද?”

“කිං පන භන්තේ භගවතා අචේලෝ පාථිකපුත්තෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ: අභබ්බෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං, සචේ පි’ස්ස ඒවමස්ස අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්‍යා’ති. උදාහු දේවතා භගවතෝ ඒතමත්ථං ආරෝචේසුං අභබ්බෝ භන්තේ ච අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා භගවතෝ සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස: අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්‍යා’ති?”

“කිම? ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සිය සිතින් ඔහුගේ සිත පිරිසිඳ නිරුවත් පාථිකපුත්‍රයා ව දන්නා ලද්දේ ද? එනම්, ‘නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය’ යන කරුණ යි.

එසේත් නැත්නම්, දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ දැනුම් දුන්නාහු ද? ‘ස්වාමීනී, නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය’ යන කරුණ යි.”

17. “චේතසා චේතෝ පරිච්ච විදිතෝ චේව මේ සුනක්ඛත්ත අචේලෝ පාථිකපුත්තෝ අභබ්බෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස: අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්‍යා’ති. දේවතා පි මේ ඒතමත්ථං ආරෝචේසුං: අභබ්බෝ භන්තේ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා භගවතෝ සම්මුඛීභාවං ආගන්තුං, සචේ පි’ස්ස ඒවමස්ස: අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්‍යා’ති.

“සුනක්ඛත්තයෙනි, මා විසිනුත් තම සිතින් ඔහුගේ සිත පිරිසිඳ නිරුවත් පාථිකපුත්‍රයා ව දන්නා ලද්දේ ය. එනම්, ‘නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය’ යන කරුණ යි.

එසේ ම දේවතාවෝ ත් මා හට මෙකරුණ දැනුම් දුන්නාහු ය. ‘ස්වාමීනී, නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය’ යන කරුණ යි.”

අජිතෝ පි නාම ලිච්ඡවීනං සේනාපති අධුනා කාලකතෝ තාවතිංසකායං උපපන්නෝ. සෝ පි මං උපසංකමිත්වා ඒවමාරෝචේසි: ‘අලජ්ජී භන්තේ අචේලෝ පාථිකපුත්තෝ මුසාවාදී භන්තේ අචේලෝ පාථිකපුත්තෝ මම්පි භන්තේ අචේලෝ පාථිකපුත්තෝ බ්‍යාකාසි වජ්ජිගාමේ ‘අජිතෝ ලිච්ඡවීනං සේනාපති මහානිරයං උපපන්නෝ’ති. න ඛෝ පනාහං භන්තේ මහානිරයං උපපන්නෝ තාවතිංසකායම්හි උපපන්නෝ. අලජ්ජී භන්තේ අචේලෝ පාථිකපුත්තෝ, මුසාවාදී භන්තේ අචේලෝ පාථිකපුත්තෝ, අභබ්බෝ ච භන්තේ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා භගවතෝ සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස: අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ත,ි මුද්ධා පි තස්ස විපතෙය්‍යා”ති.

අජිත නම් ලිච්ඡවීන්ගේ සෙන්පතියෙක් ද නොබෝ කලකට පෙර කළුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නේ ය. ඔහු ත් මා වෙත පැමිණ මෙය දැනුම් දුන්නේ ය. ‘ස්වාමීනී, නිරුවත් පාථිකපුත්‍රයා ලැජ්ජා නැත්තෙකි. ස්වාමීනී, නිරුවත් පාථිකපුත්‍රයා බොරු කියන්නෙකි. ස්වාමීනී, නිරුවත් පාථික පුත්‍රයා මා පිළිබඳ වත් වජ්ජි ගමෙහි දී විස්තරයක් කළේ ය. ‘අජිත නම් ලිච්ඡවී සෙන්පතියා මහා නිරයේ උපන්නේ යැ’ යි. ස්වාමිනී, මම වනාහී මහා නිරයේ නූපන්නෙමි. තව්තිසා දෙව්ලොව උපන්නෙමි. ස්වාමීනී, නිරුවත් පාථිකපුත්‍රයා ලැජ්ජා නැත්තෙකි. ස්වාමීනී, නිරුවත් පාථිකපුත්‍රයා බොරු කියන්නෙකි. ස්වාමීනී, නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය’ යනුවෙනි.

ඉති ඛෝ සුනක්ඛත්ත චේතසා චේතෝ පරිච්ච විදිතෝ චේව මේ අචේලෝ පාථිකපුත්තෝ අභබ්බෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස ‘අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්‍යා’ති. දේවතා’පි මේ ඒතමත්ථං ආරෝචේසුං අභබ්බෝ භන්තේ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා භගවතෝ සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්‍යා’ති. සෝ ඛෝ පනාහං සුනක්ඛත්ත වේසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තෝ යේන අචේලස්ස පාථිකපුත්තස්ස ආරාමෝ තේනුපසංකමිස්සාමි දිවාවිහාරාය. යස්සදානි ත්වං සුනක්ඛත්ත ඉච්ඡසි, තස්ස ආරෝචේහී”ති.

මෙසේ සුනක්ඛත්තයෙනි, නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය’ යි මා විසින් ද තම සිතින් ඔහුගේ සිත පිරිසිඳ නිරුවත් පාථික පුත්‍රයා දක්නා ලද්දේ ය.

දෙවියොත් මෙකරුණ මට දැනුම් දුන්නාහු ය. ස්වාමීනී, නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය’ යනුවෙනි.

සුනක්ඛත්තයෙනි, ඒ මම විශාලාවෙහි පිඬු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි නිරුවත් පාථිකපුත්‍රයාගේ ආරාමය යම් තැනක ද, එතැනට දිවා විහරණය පිණිස එළැඹෙන්නෙමි. සුනක්ඛත්තයෙනි, දැන් ඔබ යමෙකුට මෙය සැළකරනු කැමැත්තෙහි නම්, ඔහුට දැනුම් දෙව.”

[ ඉද්ධිපාටිහාරියකථා ]

18. අථ ඛ්වාහං භග්ගව පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වේසාලිං පිණ්ඩාය පාවිසිං. වේසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන අචේලස්ස පාථිකපුත්තස්ස ආරාමෝ තේනුපසංකමිං දිවාවිහාරාය. අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ තරමානරූපෝ වේසාලිං පවිසිත්වා යේන අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී තේනුපසංකමි. උපසංකමිත්වා අභිඤ්ඤාතේ අභිඤ්ඤාතේ ලිච්ඡවී ඒතදවෝච: ඒසාවුසෝ භගවා වේසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන අචේලස්ස පාථිකපුත්තස්ස ආරාමෝ තේනුපසංකමි දිවාවිහාරාය. අභික්කමථායස්මන්තෝ අභික්කමථායස්මන්තෝ. සාධුරූපානං සමණානං උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං භවිස්සතී’ති.

එකල්හී භාර්ගවයෙනි, මම පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන, විසල්පුරයෙහි පිඬු පිණිස පිවිසියෙමි. විසල් පුරයෙහි පිඬු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි නිරුවත් පාථික පුත්‍රයාගේ ආරාමය යම් තැනක ද, දිවා විහරණය පිණිස එහි එළැඹුනෙමි.

එකල්හී භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා කලබලයෙන් විසල් පුරයට පිවිස ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු යම් තැනක සිටියාහු ද, එතැනට ගියේ ය. ගොස් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීන්ට මෙය පැවසුවේ ය. ‘ඇවැත්නි, මේ භාග්‍යවතුන් වහන්සේ විසල් පුරයෙහි පිඬු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි නිරුවත් පාථික පුත්‍රයාගේ ආරාමය යම් තැනක ද, දිවා විහරණය පිණිස එහි එළැඹුණු සේක. ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව්. ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව්. සොඳුරු ගතිගුණ ඇති ශ්‍රමණවරුන්ගේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් වන්නේ ය’ යි.”

අථ ඛෝ භග්ගව අභිඤ්ඤාතානං අභිඤ්ඤාතානං ලිච්ඡවීනං ඒතදහෝසි: සාධුරූපානං කිර භෝ සමණානං උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං භවිස්සති. හන්ද වත භෝ ගච්ඡාමා’ති.

ඉක්බිති භාර්ගවයෙනි, ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘භවත්නි, සොඳුරු ගතිගුණ ඇති ශ්‍රමණවරුන්ගේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් වන්නේ ලු. එහෙනම් භවත්නි, ඒකාන්තයෙන් අපි යම්හ.’

අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවීපුත්තෝ යේන ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්‍රාහ්මණමහාසාලා ගහපතිනේචයිකා නානාතිත්ථියා සමණබ්‍රාහ්මණා තේනුපසංකමි, උපසංකමිත්වා අභිඤ්ඤාතේ අභිඤ්ඤාතේ නානාතිත්ථියේ සමණබ්‍රාහ්මණේ ඒතදවෝච: ඒසාවුසෝ භගවා වේසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන අචේලස්ස පාථිකපුත්තස්ස ආරාමෝ තේනුපසංකමි දිවාවිහාරාය. අභික්කමථායස්මන්තෝ අභික්කමථායස්මන්තෝ. සාධුරූපානං සමණානං උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං භවිස්සතී’ති. අථ ඛෝ භග්ගව අභිඤ්ඤාතානං අභිඤ්ඤාතානං නානාතිත්ථියානං සමණබ්‍රාහ්මණානං ඒතදහෝසි: සාධුරූපානං කිර භෝ සමණානං උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං භවිස්සති. හන්ද වත භෝ ගච්ඡාමා”ති.

එකල්හී භාර්ගවයෙනි, සුනක්ඛත්ත ලිච්ඡවීපුත්‍රයා ප්‍රසිද්ධ ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණයෝ ද, ගෘහපතියෝ ද, නා නා තීර්ථකයෝ ද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද, යම් තැනක සිටියාහු ද, එතැනට ගියේ ය. ගොස් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ නා නා තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මෙය පැවසුවේ ය. ‘ඇවැත්නි, මේ භාග්‍යවතුන් වහන්සේ විසල් පුරයෙහි පිඬු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි නිරුවත් පාථික පුත්‍රයාගේ ආරාමය යම් තැනක ද, දිවා විහරණය පිණිස එහි එළැඹුණු සේක.

“ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව්. ආයුෂ්මත්වරුනි, ඉදිරියට එව්. සොඳුරු ගතිගුණ ඇති ශ්‍රමණවරුන්ගේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් වන්නේ ය’ යි.”

ඉක්බිති භාර්ගවයෙනි, ප්‍රසිද්ධ ප්‍රසිද්ධ නා නා තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘භවත්නි, සොඳුරු ගතිගුණ ඇති ශ්‍රමණවරුන්ගේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් වන්නේ ලු. එහෙනම් භවත්නි, ඒකාන්තයෙන් අපි යම්හ.’

19. අථ ඛෝ භග්ගව අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ච බ්‍රාහ්මණමහාසාලා ගහපතිනේචයිකා නානාතිත්ථියා සමණබ්‍රාහ්මණා යේන අචේලස්ස පාථිකපුත්තස්ස ආරාමෝ තේනුපසංකමිංසු. සා ඒසා භග්ගව පරිසා හෝති අනේකසතා අනේකසහස්සා. අස්සෝසි ඛෝ භග්ගව අචේලෝ පාථිකපුත්තෝ ‘අභික්කන්තා කිර අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී, අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ච බ්‍රාහ්මණමහාසාලා ගහපතිනේචයිකා නානාතිත්ථියා සමණබ්‍රාහ්මණා, සමණෝ පි ගෝතමෝ මය්හං ආරාමේ දිවාවිහාරං නිසින්නෝ’ති. සුත්වානස්ස භයං ඡම්භිතත්තං ලෝමහංසෝ උදපාදි.

එකල්හී භාර්ගවයෙනි, ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු ද, ප්‍රසිද්ධ ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණයෝ ද, ගෘහපතියෝ ද, නා නා තීර්ථකයෝ ද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද, නිරුවත් පාථිකපුත්‍රයාගේ ආරාමය යම් තැනක ද, එතැනට පැමිණයාහු ය. භාර්ගවයෙනි, ඒ පිරිස නොයෙක් සිය ගණනින්, නොයෙක් දහස් ගණනින් වූහ.

ඉක්බිති භාර්ගවයෙනි, නිරුවත් පාථික පුත්‍රයා ‘ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු ද ඇවිත් සිටිත්ලු. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණයෝ ද, ගෘහපතියෝ ද, නා නා තීර්ථකයෝ ද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද ඇවිත් සිටිත්ලු. ශ්‍රමණ ගෞතමයෝ ත් මාගේ ආරාමයෙහි දිවා විහරණය පිණිස පැමිණ වාඩිවී සිටිත්ලු’ යි ඇසුවේ ය. ඇසීමෙන් ඔහු තුළ භයක්, තැතිගැනීමක්, ලොමු දහගැනීමක් උපන්නේ ය.

20. අථ ඛෝ භග්ගව අචේලෝ පාථිකපුත්තෝ භීතෝ සංවිග්ගෝ ලෝමහට්ඨජාතෝ යේන තින්දුකඛාණුපරිබ්බාජකාරාමෝ තේනුපසංකමි. අස්සෝසි ඛෝ භග්ගව සා පරිසා ‘අචේලෝ කිර පාථිකපුත්තෝ භීතෝ සංවිග්ගෝ ලෝමහට්ඨජාතෝ යේන තින්දුකඛාණුපරිබ්බාජකාරාමෝ තේනුපසංකන්තෝ’ති. අථ ඛෝ භග්ගව සා පරිසා අඤ්ඤතරං පුරිසං ආමන්තේසි: ඒහි ත්වං භෝ පුරිස, යේන තින්දුකඛාණුපරිබ්බාජකාරාමෝ යේන අචේලෝ පාථිකපුත්තෝ තේනුපසංකම, උපසංකමිත්වා අචේලං පාථිකපුත්තං ඒවං වදේහි: අභික්කමාවුසෝ පාථිකපුත්ත. අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී, අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ච බ්‍රාහ්මණමහාසාලා ගහපතිනේචයිකා නානාතිත්ථියා සමණබ්‍රාහ්මණා, සමණෝ පි ගෝතමෝ ආයස්මතෝ ආරාමේ දිවාවිහාරං නිසින්නෝ. භාසිතා ඛෝ පන තේ ඒසා ආවුසෝ පාථිකපුත්ත වේසාලියං පරිසතිං වාචා: සමණෝ පි ගෝතමෝ ඤාණවාදෝ අහම්පි ඤාණවාදෝ. ඤාණවාදෝ ඛෝ පන ඤාණවාදේන අරහති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සේතුං. සමණෝ චේ ගෝතමෝ උපඩ්ඪපථං ආගච්ඡෙය්‍ය, අහම්පි උපඩ්ඪපථං ගච්ඡෙය්‍යං. තේ තත්ථ උභෝ පි උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරෙය්‍යාම. ඒකං චේ සමණෝ ගෝතමෝ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති, ද්වාහං කරිස්සාමි, ද්වේ චේ සමණෝ ගෝතමෝ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියානි කරිස්සති, චත්තාරාහං කරිස්සාමි. චත්තාරි චේ සමණෝ ගෝතමෝ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියානි කරිස්සති, අට්ඨාහං කරිස්සාමි. ඉති යාවතකං සමණෝ ගෝතමෝ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති, තන්දිගුණං තන්දිගුණාහං කරිස්සාමී”ති. අභික්කමස්සේව ඛෝ ආවුසෝ පාථිකපුත්ත උපඩ්ඪපථං. සබ්බපඨමං යේව ආගන්ත්වා සමණෝ ගෝතමෝ ආයස්මතෝ ආරාමේ දිවාවිහාරං නිසින්නෝ’ති.

එකල්හී භාර්ගවයෙනි, බියට පත්, සංවේගයට පත්, ලොමුදහගැනීමට පත් නිරුවත් පාථික පුත්‍රයා තින්දුකඛාණු පරිබ්‍රාජක ආරාමය යම් තැනක ද, එහි ගියේ ය. එකල්හී භාර්ගවයෙනි, ඒ පිරිස ‘බියට පත්, සංවේගයට පත්, ලොමුදහගැනීමට පත් නිරුවත් පාථික පුත්‍රයා තින්දුකඛාණු පරිබ්‍රාජක ආරාමය යම් තැනක ද, එහි ගියේලු’ යි ඇසුවේ ය.

ඉක්බිති භාර්ගවයෙනි, ඒ පිරිස එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය.

“එම්බා පුරුෂය, ඔබ එව. තින්දුකඛාණු පරිබ්‍රාජකයාගේ ආරාමය යම් තැනක ද, නිරුවත් පාථික පුත්‍රයා යම් තැනක ද, එතැනට යව. ගොස් නිරුවත් පාථික පුත්‍රයාට මෙසේ පවසව. ‘ඇවැත් පාථිකපුත්‍රය, පෙරට එව. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු ද ඇවිත් සිටිති. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණයෝ ද, ගෘහපතියෝ ද, නා නා තීර්ථකයෝ ද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද ඇවිත් සිටිති. ශ්‍රමණ ගෞතමයෝ ත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවා විහරණය පිණිස පැමිණ වාඩිවී සිටිති.

ඇවැත් පාථික පුත්‍රයෙනි, ඔබ විසින් විශාලාවෙහි පිරිස් මැද මේ වචනය කියන ලද්දේ ය. ‘ශ්‍රමණ ගෞතම තෙමේ නුවණ ගැන කථා කරන්නෙකි. මම ත් නුවණ ගැන කථා කරන්නෙකි. නුවණ ගැන කථා කරන්නෙක් නුවණ ගැන කථා කරන්නෙකු සමඟ මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් දක්වන්නට සුදුසු ය. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ ඒ සඳහා මාවතෙහි අඩක් ඉදිරියට එන්නේ නම්, මම ත් ඒ සඳහා මාවතෙහි අඩක් ඉදිරියට යන්නෙමි. එහිදී අපි දෙදෙනා ම මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යය කරන්නෙමු. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ එක් ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන්නේ නම්, මම දෙකක් කරන්නෙමි. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යය දෙකක් කරන්නේ නම්, මම සතරක් කරන්නෙමි. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යය සතරක් කරන්නේ නම්, මම අටක් කරන්නෙමි. මෙසේ ශ්‍රමණ ගෞතම තෙමේ යම් පමණ ගණනකින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් කරන්නේ නම්, මම එය දෙගුණයක් දෙගුණයක් කොට කරන්නෙමි’ යි.

ඇවැත් පාථික පුත්‍රය, මාවතෙන් අඩක් පෙරට එව. හැමට පළමු ව ශ්‍රමණ ගෞතමයෝ පැමිණ ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවා විහරණය පිණිස වැඩහිඳිති’ යි.”

“ඒවං භෝ”ති ඛෝ භග්ගව සෝ පුරිසෝ තස්සා පරිසාය පටිස්සුත්වා යේන තින්දුකඛාණුපරිබ්බාජකාරාමෝ යේන අචේලෝ පාථිකපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා අචේලං පාථිකපුත්තං ඒතදවෝච: අභික්කමාවුසෝ පාථිකපුත්ත. අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ච බ්‍රාහ්මණමහාසාලා ගහපතිනේචයිකා නානාතිත්ථියා සමණබ්‍රාහ්මණා සමණෝ පි ගෝතමෝ ආයස්මතෝ ආරාමේ දිවාවිහාරං නිසින්නෝ. භාසිතා ඛෝ පන තේ ඒසා ආවුසෝ පාථිකපුත්ත වේසාලියං පරිසතිං වාචා: සමණෝ පි ගෝතමෝ ඤාණවාදෝ අහම්පි ඤාණවාදෝ. ඤාණවාදෝ ඛෝ පන ඤාණවාදේන අරහති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සේතුං ….(පෙ)…. ඉති යාවතකං සමණෝ ගෝතමෝ උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරිස්සති තන්දිගුණං තන්දිගුණාහං කරිස්සාමී”ති. අභික්කමස්සේව ඛෝ ආවුසෝ පාථිකපුත්ත උපඩ්ඪපථං. සබ්බපඨමං යේව ආගන්ත්වා සමණෝ ගෝතමෝ ආයස්මතෝ ආරාමේ දිවාවිහාරං නිසින්නෝ”ති.

“එසේ ය, භවත්නි” යි භාර්ගවයෙනි, ඒ පුරුෂයා ඒ පිරිසට පිළිවදන් දී තින්දුකඛාණු පරිබ්‍රාජකාරාමය යම් තැනක ද, නිරුවත් පාථිකපුත්‍රයා යම් තැනක ද, එතැනට ගියේ ය. ගොස් නිරුවත් පාථිකපුත්‍රයාට මෙය පැවසුවේ ය.

‘ඇවැත් පාථිකපුත්‍රය, පෙරට එව. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු ද ඇවිත් සිටිති. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ මහාසාර බ්‍රාහ්මණයෝ ද, ගෘහපතියෝ ද, නා නා තීර්ථකයෝ ද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද ඇවිත් සිටිති. ශ්‍රමණ ගෞතමයෝ ත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවා විහරණය පිණිස පැමිණ වාඩිවී සිටිති.

ඇවැත් පාථික පුත්‍රයෙනි, ඔබ විසින් විශාලාවෙහි පිරිස් මැද මේ වචනය කියන ලද්දේ ය. ‘ශ්‍රමණ ගෞතම තෙමේ නුවණ ගැන කථා කරන්නෙකි. මම ත් නුවණ ගැන කථා කරන්නෙකි. නුවණ ගැන කථා කරන්නෙක් නුවණ ගැන කථා කරන්නෙකු සමඟ මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් දක්වන්නට සුදුසු ය. ….(පෙ)…. මෙසේ ශ්‍රමණ ගෞතම තෙමේ යම් පමණ ගණනකින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් කරන්නේ නම්, මම එය දෙගුණයක් දෙගුණයක් කොට කරන්නෙමි’ යි.

ඇවැත් පාථික පුත්‍රය, මාවතෙන් අඩක් පෙරට එව. හැමට පළමු ව ශ්‍රමණ ගෞතමයෝ පැමිණ ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවා විහරණය පිණිස වැඩහිඳිති’ යි.”

21. ඒවං වුත්තේ භග්ගව අචේලෝ පාථිකපුත්තෝ ‘ආයාමි ආවුසෝ ආයාමි ආවුසෝ’ති වත්වා තත්ථේව සංසප්පති. න සක්කෝති ආසනා පි වුට්ඨාතුං. අථ ඛෝ භග්ගව සෝ පුරිසෝ අචේලං පාථිකපුත්තං ඒතදවෝච: කිං සු නාම තේ ආවුසෝ පාථිකපුත්ත පාවළා සු නාම තේ පීඨකස්මිං අල්ලීනා පීඨකං සු නාම තේ පාවළාසු අල්ලීනං? ‘ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝ’ති වත්වා තත්ථේව සංසප්පති, න සක්කෝසි ආසනා පි වුට්ඨාතුන්ති. ඒවම්පි ඛෝ භග්ගව වුච්චමානෝ අචේලෝ පාථිකපුත්තෝ ‘ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝ’ති වත්වා තත්ථේව සංසප්පති, න සක්කෝති ආසනා පි වුට්ඨාතුං. යදා ඛෝ සෝ භග්ගව පුරිසෝ අඤ්ඤාසි ‘පරාභූතරූපෝ අයං අචේලෝ පාථිකපුත්තෝ, ‘ආයාමි ආවුසෝ ආයාමි ආවුසෝ’ති වත්වා තත්ථේව සංසප්පති. න සක්කෝති ආසනා පි වුට්ඨාතුන්ති, අථ තං පරිසං ආගන්ත්වා ඒවමාරෝචේසි: පරාභූතරූපෝ භෝ අචේලෝ පාථිකපුත්තෝ, ‘ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝ’ති වත්වා තත්ථේව සංසප්පති, න සක්කෝති ආසනා පි වුට්ඨාතුන්ති.

භාර්ගවයෙනි, එසේ කී කල්හී නිරුවත් පාථිකපුත්‍රයා “එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි” යි කියා එහි ම ගැලෙයි. ආසනයෙන් නැගිටින්නට ද නොහැකි වෙයි.

ඉක්බිති භාර්ගවයෙනි, ඒ පුරුෂයා නිරුවත් පාථික පුත්‍රයාට මෙය කීවේ ය. “හැයි? ඇවැත් පාථිකපුත්‍රය, ඔබගේ සට්ටම් දෙක පුටුවේ ඇලුණාවත් ද? එහෙමත් නැත්නම් පුටුව ඔබගේ සට්ටම් දෙකෙහි ඇලුණාවත් ද? ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙනවා නොවැ. ආසනයෙන් නැගිටින්නට නොහැකි වෙනවා නොවැ.” භාර්ගවයෙනි, මෙසේ කියන විට ද නිරුවත් පාථිකපුත්‍රයා “එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි” යි කියා එහි ම ගැලෙයි. ආසනයෙන් නැගිටින්නට ද නොහැකි වෙයි.

ඉතින් භාර්ගවයෙනි, යම් කලෙක ඒ පුරුෂයා ‘පැරදී ගිය ස්වභාවය ඇති මේ නිරුවත් පාථිකපුත්‍රයා ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙයි ද, හුනස්නෙන් නැගිටින්නට ද නොහැකි වෙයි’ යි දැනගත්තේ ද, එකල්හී ඒ පිරිස වෙත පැමිණ මෙසේ දැනුම් දුන්නේ ය.

“භවත්නි, පැරදී ගිය ස්වභාවය ඇති මේ නිරුවත් පාථිකපුත්‍රයා ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙයි. හුනස්නෙන් නැගිටින්නට ද නොහැකි වෙයි” කියා ය.

ඒවං වුත්තේ අහං භග්ගව තං පරිසං ඒතදවෝචං: අභබ්බෝ ඛෝ ආවුසෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස ‘අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති’ මුද්ධා පි තස්ස විපතෙය්‍ය”ති.

මෙසේ කී කල්හී භාර්ගවයෙනි, මම ඒ පිරිසට මෙය පැවසුවෙමි.

“ඇවැත්නි, නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය.”

පඨමභාණවාරෝ නිට්ඨිතෝ.

22. අථ ඛෝ භග්ගව අඤ්ඤතරෝ ලිච්ඡවිමහාමත්තෝ උට්ඨායාසනා තං පරිසං ඒතදවෝච: තේන හි භෝ මුහුත්තං තාව ආගමේථ යාවාහං ගච්ඡාමි. අප්පේවනාම අහම්පි සක්කුණෙය්‍යං අචේලං පාථිකපුත්තං ඉමං පරිසං ආනේතුන්ති. අථ ඛෝ සෝ භග්ගව ලිච්ඡවිමහාමත්තෝ යේන තින්දුකඛාණුපරිබ්බාජකාරාමෝ යේන අචේලෝ පාථිකපුත්තෝ තේනුපසංකමි, උපසංකමිත්වා අචේලං පාථිකපුත්තං ඒතදවෝච. අභික්කමාවුසෝ පාථිකපුත්ත, අභික්කන්තං තේ සෙය්‍යෝ, අභික්කන්තා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී ….(පෙ)…. සමණෝ පි ගෝතමෝ ආයස්මතෝ ආරාමේ දිවාවිහාරං නිසින්නෝ. භාසිතා ඛෝ පන තේ ඒසා ආවුසෝ පාථිකපුත්ත වේසාලියං පරිසතිං වාචා: “සමණෝ පි ගෝතමෝ ඤාණවාදෝ ….(පෙ)…. තන්දිගුණං තන්දිගුණාහං කරිස්සාමී”ති. අභික්කමස්සේව ඛෝ ආවුසෝ පාථිකපුත්ත උපඩ්ඪපථං. සබ්බපඨමඤ්ඤේව ආගන්ත්වා සමණෝ ගෝතමෝ ආයස්මතෝ ආරාමේ දිවාවිහාරං නිසින්නෝ. භාසිතා ඛෝ පනේසා ආවුසෝ පාථිකපුත්ත, සමණේන ගෝතමේන පරිසතිං වාචා: “අභබ්බෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස “අහං තං වාචං අප්පහාය ….(පෙ)…. සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්‍යා’ති. අභික්කමාවුසෝ පාථිකපුත්ත, අභික්කමනේනේව තේ ජයං කරිස්සාම, සමණස්ස ගෝතමස්ස පරාජයන්ති.”

ඉතින් භාර්ගවයෙනි, එක්තරා ලිච්ඡවී මහඇමතියෙක් හුනස්නෙන් නැගිට ඒ පිරිස අමතා මෙය පැවසුවේ ය.

“එසේ වී නම් භවත්නි, මොහොතක් ඉවසව්. ඒ මම යමි. මමවත් ගිහින් නිරුවත් පාථික පුත්‍රයා මේ පිරිස අතරට රැගෙන එන්නට හැකිවන්නෙම් නම් ඉතා යහපති” යි.

ඉතින් භාර්ගවයෙනි, ඒ ලිච්ඡවි මහාමාත්‍යයා තින්දුකඛාණු පරිබ්‍රාජකාරාමය යම් තැනක ද, නිරුවත් පාථිකපුත්‍රයා යම් තැනක ද, එතැනට ගියේ ය. ගොස් නිරුවත් පාථිකපුත්‍රයාට මෙය පැවසුවේ ය.

‘ඇවැත් පාථිකපුත්‍රය, පෙරට එව. ඔබගේ පෙරට පැමිණීම උතුම් ය. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු ද ඇවිත් සිටිති. ….(පෙ)…. ශ්‍රමණ ගෞතමයෝ ත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවා විහරණය පිණිස පැමිණ වාඩිවී සිටිති.

ඇවැත් පාථික පුත්‍රයෙනි, ඔබ විසින් විශාලාවෙහි පිරිස් මැද මේ වචනය කියන ලද්දේ ය. ‘ශ්‍රමණ ගෞතම තෙමේ නුවණ ගැන කථා කරන්නෙකි. මම ත් නුවණ ගැන කථා කරන්නෙකි. නුවණ ගැන කථා කරන්නෙක් නුවණ ගැන කථා කරන්නෙකු සමඟ මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් දක්වන්නට සුදුසු ය. ….(පෙ)…. මෙසේ ශ්‍රමණ ගෞතම තෙමේ යම් පමණ ගණනකින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් කරන්නේ නම්, මම එය දෙගුණයක් දෙගුණයක් කොට කරන්නෙමි’ යි.

ඇවැත් පාථික පුත්‍රය, මාවතෙන් අඩක් පෙරට එව. හැමට පළමු ව ශ්‍රමණ ගෞතමයෝ පැමිණ ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවා විහරණය පිණිස වැඩහිඳිති. ඇවැත් පාථිකපුත්‍රයෙනි, ශ්‍රමණ ගෞතමයන් විසින් පිරිස් මැද මෙබඳු වචනයක් කියන ලද්දේ ය. ‘නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය’ යි.

‘පෙරට එව, නිරුවත් පාථික පුත්‍රය, පෙරට පැමිණීමෙන් ම ඔබට ජය ලබා දෙන්නෙමු. ශ්‍රමණ ගෞතමයන්ට පරාජය දෙන්නෙමු’ යි”

ඒවං වුත්‌තේ භග්‌ගව අචේලෝ පාථිකපුත්තෝ ‘ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝ’ති වත්‌වා තත්ථේව සංසප්‌පති, න සක්කෝති ආසනාපි වුට්‌ඨාතුං. අථ ඛෝ සෝ භග්‌ගව, ලිච්‌ඡවී මහාමත්තෝ අචේලං පාථිකපුත්‌තං ඒතදවෝච : කිං සු නාම තේ ආවුසෝ පාථිකපුත්‌ත, පාවළාසු නාම තේ පීඨකස්‌මිං අල්‌ලීනා, පීඨකං සු නාම තේ පාවළාසු අල්‌ලීනං? ‘ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝ’ති වත්‌වා තත්ථේව සංසප්‌පසි, න සක්කෝසි ආසනාපි වුට්‌ඨාතුන්‌ති.

මෙසේ කී කල්හී භාර්ගවයෙනි, නිරුවත් පාථිකපුත්‍රයා “එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි” යි කියා එහි ම ගැලෙයි. හුනස්නෙන් නැගිටින්නට ද නොහැකි වෙයි.

ඉක්බිති භාර්ගවයෙනි, ලිච්ඡවි මහාමාත්‍යයා නිරුවත් පාථික පුත්‍රයාට මෙය කීවේ ය. “හැයි? ඇවැත් පාථිකපුත්‍රය, ඔබගේ සට්ටම් දෙක පුටුවේ ඇලුණාවත් ද? එහෙමත් නැත්නම් පුටුව ඔබගේ සට්ටම් දෙකෙහි ඇලුණාවත් ද? ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙනවා නොවැ. ආසනයෙන් නැගිටින්නට ද නොහැකි වෙනවා නොවැ.”

ඒවම්‌පි ඛෝ භග්‌ගව වුච්චමානෝ අචේලෝ පාථිකපුත්තෝ ‘ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝ’ති වත්‌වා තත්ථේව සංසප්‌පති, න සක්කෝති ආසනාපි වුට්‌ඨාතුං. යදා ඛෝ සෝ භග්‌ගව ලිච්‌ඡවි මහාමත්තෝ අඤ්‌ඤාසි, පරාභූතරූපෝ අයං අචේලෝ පාථිකපුත්තෝ, ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝති වත්‌වා තත්ථේව සංසප්‌පති, න සක්කෝති ආසනාපි වුට්‌ඨාතුන්‌ති. අථ තං පරිසං ආගන්‌ත්‌වා ඒවමාරෝචේසි : පරාභූතරූපෝ භෝ අචේලෝ පාථිකපුත්තෝ, ‘ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝ’ති වත්‌වා තත්ථේව සංසප්‌පති, න සක්කෝති ආසනාපි වුට්‌ඨාතුන්‌ති.

මෙසේ කියද්දී ත් භාර්ගවයෙනි, නිරුවත් පාථිකපුත්‍රයා ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙයි. හුනස්නෙන් නැගිටින්නට ද නොහැකි වෙයි. යම් කලෙක භාර්ගවයෙනි, ඒ ලිච්ඡවී මහාමාත්‍යයා ‘මේ නිරුවත් පාථිකපුත්‍රයා පැරදී ගිය ස්වභාවය ඇත්තේ, ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙයි. හුනස්නෙන් නැගිටින්නට ද නොහැකි වෙයි’ යි දැනගත්තේ ද, එකල්හී ඒ පිරිස වෙත පැමිණ අමතා මෙසේ දැනුම් දුන්නේ ය.

“භවත්නි, පැරදී ගිය ස්වභාවය ඇති මේ නිරුවත් පාථිකපුත්‍රයා ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙයි. හුනස්නෙන් නැගිටින්නට ද නොහැකි වෙයි” කියා ය.

23. ඒවං වුත්‌තේ අහං භග්‌ගව, තං පරිසං ඒතදවෝචං – අභබ්‌බෝ ඛෝ ආවුසෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්‌පහාය …(පෙ)… මම සම්‌මුඛීභාවං ආගන්‌තුං. සචේ පි’ස්‌ස ඒවමස්‌ස : අහං තං වාචං අප්‌පහාය …(පෙ)… සමණස්‌ස ගෝතමස්ස සම්‌මුඛීභාවං ගච්‌ඡෙය්‍යන්‌ති, මුද්‌ධාපි තස්‌ස විපතෙය්‍ය. සචේ පායස්‌මන්‌තානං ලිච්‌ඡවීනං ඒවමස්ස : ‘මයං අචේලං පාථිකපුත්‌තං වරත්‌තාහි බන්‌ධිත්‌වා ගෝයුගේහි ආවිඤ්‌ජෙය්‍යාමාති, තා වරත්‌තා ඡිජ්‌ජේරං පාථිකපුත්තෝ වා. අභබ්‌බෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්‌පහාය …(පෙ)… සචේ පි’ස්‌ස ඒවමස්ස ‘අහං තං වාචං අප්‌පහාය …(පෙ)… සමණස්‌ස ගෝතමස්ස සම්‌මුඛීභාවං ගච්‌ඡෙය්‍යන්‌ති’ මුද්‌ධාපි තස්‌ස විපතෙය්‍යාති.

මෙසේ කී කල්හී භාර්ගවයෙනි, මම ඒ පිරිසට මෙය පැවසුවෙමි.

“ඇවැත්නි, නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය.

ඉදින් ආයුෂ්මත් ලිච්ඡවිවරුන්ට මෙසේ සිතෙයි නම්, ‘අපි නිරුවත් පාථිකපුත්‍රයා වරපටින් බැඳ, ගොනුන් යෙදූ වියගසින් ඇදගෙන එන්නෙමු’ යි, ඒ වරපට හෝ පාථිකපුත්‍රයා සිඳී කැඩී යනු ඇත්තේ ය.

නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය.”

අථ ඛෝ භග්‌ගව ජාලියෝ දාරුපත්‌තිකන්‌තේවාසී උට්‌ඨායාසනා තං පරිසං ඒතදවෝච : තේන හි භෝ, මුහුත්‌තං තාව ආගමේථ, යාවාහං ගච්‌ඡාමි, අප්‌පේවනාම අහම්‌පි සක්‌කුණෙය්‍යං අචේලං පාථිකපුත්‌තං ඉමං පරිසං ආනේතුන්‌ති. අථ ඛෝ භග්‌ගව ජාලියෝ දාරුපත්‌තිකන්‌තේවාසී යේන තින්‌දුකඛාණුපරිබ්‌බාජකාරාමෝ, යේන අචේලෝ පාථිකපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා අචේලං පාථිකපුත්‌තං ඒතදවෝච : අභික්‌කමාවුසෝ පාථිකපුත්‌ත, අභික්‌කන්‌තං තේ සෙය්‍යෝ, අභික්‌කන්‌තා අභිඤ්‌ඤාතා අභිඤ්‌ඤාතා ලිච්‌ඡවී …(පෙ)… සමණෝපි ගෝතමෝ ආයස්‌මතෝ ආරාමේ දිවාවිහාරං නිසින්‌නෝ. භාසිතා ඛෝ පන තේ ආවුසෝ පාථිකපුත්‌ත, වේසාලියං පරිසතිං වාචා “සමණෝපි ගෝතමෝ ඤාණවාදෝ …(පෙ)… තං‌දිගුණං තංදිගුණාහං කරිස්‌සාමීති. අභික්‌කමස්‌සේව ඛෝ ආවුසෝ පාථිකපුත්‌ත උපඞ්‌ඪපථං. සබ්‌බපඨමංයේව ආගන්‌ත්‌වා සමණෝ ගෝතමෝ ආයස්‌මතෝ ආරාමේ දිවාවිහාරං නිසින්‌නෝ. භාසිතා ඛෝ පන තේ ඒසාවුසෝ පාථිකපුත්‌ත සමණේන ගෝතමේන පරිසතිං වාචා : “අභබ්‌බෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්‌පහාය …(පෙ)… සචේපිස්‌ස ඒවමස්ස “අහං තං වාචං අප්‌පහාය …(පෙ)… සමණස්‌ස ගෝතමස්ස සම්‌මුඛීභාවං ගච්‌ඡෙය්‍යන්‌ති” මුද්‌ධාපි තස්‌ස විපතෙය්‍ය. සචේ පායස්‌මන්‌තානං ලිච්‌ඡවීනං ඒවමස්ස : මයං අචේලං පාථිකපුත්‌තං වරත්‌තාහි බන්‌ධිත්‌වා ගෝයුගේහි ආවිඤ්‌ජෙය්‍යාමාති. තා වරත්‌තා ඡිජ්‌ජේරං පාථිකපුත්තෝ වා. අභබ්‌බෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්‌පහාය තං චිත්‌තං අප්‌පහාය තං දිට්‌ඨිං අප්‌පටිනිස්‌සජ්‌ජිත්‌වා මම සම්‌මුඛීභාවං ආගන්‌තුං. සචේ පි’ස්‌ස ඒවමස්ස “අහං තං වාචං අප්‌පහාය තං චිත්‌තං අප්‌පහාය තං දිට්‌ඨිං අප්‌පටිනිස්‌සජ්‌ජිත්‌වා සමණස්‌ස ගෝතමස්ස සම්‌මුඛීභාවං ආගච්‌ඡෙය්‍යන්‌ති” මුද්‌ධාපි තස්‌ස විපතෙය්‍යාති. අභික්‌කමාවුසෝ පාථිකපුත්‌ත, අභික්‌කමනේනේව තේ ජයං කරිස්‌සාම, සමණස්‌ස ගෝතමස්ස පරාජයන්‌ති.

එකල්හී භාර්ගවයෙනි, දාරුපත්තික පරිබ්‍රාජකගේ අතවැසි ජාලිය තෙමේ හුනස්නෙන් නැගිට ඒ පිරිසට මෙය පැවසුවේ ය.

“එසේ වී නම් භවත්නි, මොහොතක් ඉවසව්. ඒ මම යමි. මමවත් ගිහින් නිරුවත් පාථික පුත්‍රයා මේ පිරිස අතරට රැගෙන එන්නට හැකිවන්නෙම් නම් ඉතා යහපති” යි.

ඉතින් භාර්ගවයෙනි, දාරුපත්තිකගේ අතවැසි ජාලියයා තින්දුකඛාණු පරිබ්‍රාජකාරාමය යම් තැනක ද, නිරුවත් පාථිකපුත්‍රයා යම් තැනක ද, එතැනට ගියේ ය. ගොස් නිරුවත් පාථිකපුත්‍රයාට මෙය පැවසුවේ ය.

‘ඇවැත් පාථිකපුත්‍රය, පෙරට එව. ඔබගේ පෙරට පැමිණීම උතුම් ය. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු ද ඇවිත් සිටිති. ….(පෙ)…. ශ්‍රමණ ගෞතමයෝ ත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවා විහරණය පිණිස පැමිණ වාඩිවී සිටිති.

ඇවැත් පාථික පුත්‍රයෙනි, ඔබ විසින් විශාලාවෙහි පිරිස් මැද මේ වචනය කියන ලද්දේ ය. ‘ශ්‍රමණ ගෞතම තෙමේ නුවණ ගැන කථා කරන්නෙකි. මම ත් නුවණ ගැන කථා කරන්නෙකි. නුවණ ගැන කථා කරන්නෙක් නුවණ ගැන කථා කරන්නෙකු සමඟ මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් දක්වන්නට සුදුසු ය. ….(පෙ)…. මෙසේ ශ්‍රමණ ගෞතම තෙමේ යම් පමණ ගණනකින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් කරන්නේ නම්, මම එය දෙගුණයක් දෙගුණයක් කොට කරන්නෙමි’ යි.

ඇවැත් පාථික පුත්‍රය, මාවතෙන් අඩක් පෙරට එව. හැමට පළමු ව ශ්‍රමණ ගෞතමයෝ පැමිණ ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවා විහරණය පිණිස වැඩහිඳිති. ඇවැත් පාථිකපුත්‍රයෙනි, ශ්‍රමණ ගෞතමයන් විසින් පිරිස් මැද මෙබඳු වචනයක් කියන ලද්දේ ය. ‘නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය.

ඉදින් ආයුෂ්මත් ලිච්ඡවිවරුන්ට මෙසේ සිතෙයි නම්, ‘අපි නිරුවත් පාථිකපුත්‍රයා වරපටින් බැඳ, ගොනුන් යෙදූ වියගසින් ඇදගෙන එන්නෙමු’ යි, ඒ වරපට හෝ පාථිකපුත්‍රයා සිඳී කැඩී යනු ඇත්තේ ය.

නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය.

‘පෙරට එව, නිරුවත් පාථික පුත්‍රය, පෙරට පැමිණීමෙන් ම ඔබට ජය ලබා දෙන්නෙමු. ශ්‍රමණ ගෞතමයන්ට පරාජය දෙන්නෙමු’ යි”

ඒවං වුත්‌තේ භග්‌ගව, අචේලෝ පාථිකපුත්තෝ ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝති වත්‌වා තත්ථේව සංසප්‌පති, න සක්කෝති ආසනාපි වුට්‌ඨාතුං. අථ ඛෝ භග්‌ගව, ජාලියෝ දාරුපත්‌තිකන්‌තේවාසී අචේලං පාථිකපුත්‌තං ඒතදවෝච – “කිං සු නාම තේ ආවුසෝ පාථිකපුත්‌ත, පාවළා සු නාම තේ පීඨකස්‌මිං අල්‌ලීනා, පීඨකං සු නාම තේ පාවළාසු අල්‌ලීනං? ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝති වත්‌වා තත්ථේව සංසප්‌පසි, න සක්කෝසි ආසනාපි වුට්‌ඨාතුන්‌ති?”

මෙසේ කී කල්හී භාර්ගවයෙනි, නිරුවත් පාථිකපුත්‍රයා “එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි” යි කියා එහි ම ගැලෙයි. හුනස්නෙන් නැගිටින්නට ද නොහැකි වෙයි.

ඉක්බිති භාර්ගවයෙනි, දාරුපත්තිකගේ අතවැසි ජාලියයා නිරුවත් පාථික පුත්‍රයාට මෙය කීවේ ය. “හැයි? ඇවැත් පාථිකපුත්‍රය, ඔබගේ සට්ටම් දෙක පුටුවේ ඇලුණාවත් ද? එහෙමත් නැත්නම් පුටුව ඔබගේ සට්ටම් දෙකෙහි ඇලුණාවත් ද? ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙනවා නොවැ. ආසනයෙන් නැගිටින්නට ද නොහැකි වෙනවා නොවැ.”

ඒවම්‌පි ඛෝ භග්‌ගව, වුච්චමානෝ අචේලෝ පාථිකපුත්තෝ ‘ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝ’ති වත්‌වා තත්ථේව සංසප්‌පති, න සක්කෝති ආසනාපි වුට්‌ඨාතුන්‌ති. යදා ඛෝ භග්‌ගව ජාලියෝ දාරුපත්‌තිකන්‌තේවාසී අඤ්‌ඤාසි, පරාභූතරූපෝ අයං අචේලෝ පාථිකපුත්තෝ ‘ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝ’ති වත්‌වා තත්ථේව සංසප්‌පති, න සක්කෝති ආසනාපි වුට්‌ඨාතුන්‌ති, අථ නං ඒතදවෝච:

මෙසේ කියද්දී ත් භාර්ගවයෙනි, නිරුවත් පාථිකපුත්‍රයා ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙයි. හුනස්නෙන් නැගිටින්නට ද නොහැකි වෙයි. යම් කලෙක භාර්ගවයෙනි, දාරුපත්තිකගේ අතවැසි ජාලියයා ‘මේ නිරුවත් පාථිකපුත්‍රයා පැරදී ගිය ස්වභාවය ඇත්තේ, ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙයි. හුනස්නෙන් නැගිටින්නට ද නොහැකි වෙයි’ යි දැනගත්තේ ද, එකල්හී ඔහු අමතා මෙය කීවේ ය.

24. “භූතපුබ්බං ආවුසෝ පාථිකපුත්ත සීහස්ස මිගරඤ්ඤෝ ඒතදහෝසි: යන්නූනාහං අඤ්ඤතරං වනසණ්ඩං නිස්සාය ආසයං කප්පෙය්‍යං, තත්‍රාසයං කප්පෙත්වා සායණ්හසමයං ආසයා නික්ඛමෙය්‍යං, ආසයා නික්ඛමිත්වා විජම්භෙය්‍යං, විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලෝකෙය්‍යං, සමන්තා චතුද්දිසා අනුවිලෝකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදෙය්‍යං, තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගෝචරාය පක්කමෙය්‍යං, සෝ වරං වරං විගසංඝේ වධිත්වා මුදුමංසානි මුදුමංසානි භක්ඛයිත්වා තමේව ආසයං අජ්ඣුපෙය්‍යන්ති. අථ ඛෝ සෝ සීහෝ මිගරාජා අඤ්ඤතරං වනසණ්ඩං නිස්සාය ආසයං කප්පේසි. තත්‍රාසයං කප්පෙත්වා සායණ්හසමයං ආසයා නික්ඛමි. ආසයා නික්ඛමිත්වා විජම්භි, විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලෝකේසි. සමන්තා චතුද්දිසා අනුවිලෝකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදි. තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගෝචරාය පක්කමි. සෝ වරං වරං මිගසංඝේ වධිත්වා මුදුමංසානි මුදුමංසානි භක්ඛයිත්වා තමේව ආසයං අජ්ඣුපේසි.

“ඇවැත් පාථිකපුත්‍රය, මෙය පෙර සිදු වූ දෙයකි. සිව්පාවුන්ගේ රජු වූ සිංහයාට මේ අදහස ඇතිවූයේ ය. ‘යම් හෙයකින් මම එක්තරා වන ලැහැබක් ඇසුරු කොට ලගින්නෙම් නම් මැනැවි. එහි ලැග සවස් වරුවෙහි සිටි තැනින් පිටතට නික්මෙන්නෙම් නම්, පිටතට නික්ම ඇඟ සොලොවා, මවිල් ගසා දමන්නෙම් නම්, ඇඟ සොලොවා මවිල් ගසා දමා සිව් දිශා හාත්පස බලන්නෙම් නම්, සිව් දිශා හාත්පස බලා තුන් වරක් සිංහනාද කරන්නෙම් නම්, තුන් වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙන්නෙම් නම් මැනැවි. මුවන් අතුරින් හොඳ හොඳ වූ මුවෙකු මරා මෘදු මෘදු මස් භක්ෂණය කොට ඒ ලැග සිටි තැනට ම ආපසු හැරී යන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති ඒ සිව්පාවුන්ගේ රජු වූ සිංහයා එක්තරා වන ලැහැබක් ඇසුරු කොට ලැග්ගේ ය. එහි ලැග සවස් වරුවෙහි සිටි තැනින් පිටතට නික්මුණේ ය. පිටතට නික්ම ඇඟ සොලොවා, මවිල් ගසා දැම්මේ ය. ඇඟ සොලොවා මවිල් ගසා දමා සිව් දිශා හාත්පස බැලුවේ ය. සිව් දිශා හාත්පස බලා තුන් වරක් සිංහනාද කළේ ය. තුන් වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මුණේ ය. ඔහු මුවන් අතුරින් හොඳ හොඳ වූ මුවෙකු මරා මෘදු මෘදු මස් භක්ෂණය කොට ඒ ලැග සිටි තැනට ම ආපසු හැරී ගියේ ය.

තස්සේව ඛෝ ආවුසෝ පාථිකපුත්ත සීහස්ස මිගරඤ්ඤෝ විඝාසේ සංවද්ධෝ ජරසිගාලෝ දිත්තෝ චේව බලවා ච. අථ ඛෝ ආවුසෝ තස්ස ජරසිගාලස්ස ඒතදහෝසි “කෝ චාහං කෝ සීහෝ මිගරාජා? යන්නූනාහම්පි අඤ්ඤතරං වනසණ්ඩං නිස්සාය ආසයං කප්පෙය්‍යං, තත්‍රාසයං කප්පෙත්වා සායන්හසමයං ආසයා නික්ඛමෙය්‍යං, ආසයා නික්ඛමිත්වා විජම්භෙය්‍යං, විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලෝකෙය්‍යං, සමන්තා චතුද්දිසා අනුවිලෝකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදෙය්‍යං, තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගෝචරාය පක්කමෙය්‍යං, සෝ වරං වරං මිගසංඝේ වධිත්වා මුදුමංසානි මුදුමංසානි භක්ඛයිත්වා තමේවාසයං අජ්ඣුපෙය්‍යන්ති” අථ ඛෝ සෝ ආවුසෝ ජරසිගාලෝ අඤ්ඤතරං වනසණ්ඩං නිස්සාය ආසයං කප්පේසි. තත්‍රාසයං කප්පෙත්වා සායන්හසමයං ආසයා නික්ඛමි.

ඉතින් ඇවැත් පාථිකපුත්‍රය, සිව්පාවුන්ගේ රජු වූ ඒ සිංහයා භක්ෂණය කොට ඉතිරි වූ දෙය අනුභව කොට තර වූ නාකි සිවලෙක් උඩඟු වූයේ ත්, සවිමත් වූයේ ත් වෙයි. ඉතින් ඇවැත, ඒ නාකි සිවලාට මේ අදහස ඇතිවූයේ ය. ‘මං කවුද? සිව්පාවුන්ගේ රජු වූ සිංහයා කවුද? යම් හෙයකින් මම ත් එක්තරා වන ලැහැබක් ඇසුරු කොට ලගින්නෙම් නම් මැනැවි. එහි ලැග සවස් වරුවෙහි සිටි තැනින් පිටතට නික්මෙන්නෙම් නම්, පිටතට නික්ම ඇඟ සොලොවා, මවිල් ගසා දමන්නෙම් නම්, ඇඟ සොලොවා මවිල් ගසා දමා සිව් දිශා හාත්පස බලන්නෙම් නම්, සිව් දිශා හාත්පස බලා තුන් වරක් සිංහනාද කරන්නෙම් නම්, තුන් වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙන්නෙම් නම් මැනැවි. මුවන් අතුරින් හොඳ හොඳ වූ මුවෙකු මරා මෘදු මෘදු මස් භක්ෂණය කොට ඒ ලැග සිටි තැනට ම ආපසු හැරී යන්නෙම් නම් මැනැවි’ යි. ඉතින් ඇවැත, ඒ නාකි සිවලා එක්තරා වන ලැහැබක් ඇසුරු කොට ලැග්ගේ ය. එහි ලැග හවස් වරුවෙහි එතැනින් නික්මුණේ ය.

ආසයා නික්ඛමිත්වා විජම්භි. විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලෝකේසි. සමන්තා චතුද්දිසා අනුවිලෝකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදිස්සාමීති සෙගාලකං යේව අනදි, භේරණ්ඩකං යේව අනදි. කෝ ච ඡවෝ සෙගාලකෝ කෝ පන සීහනාදෝ.

එතැනින් නික්ම ඇඟ සොලොවා මවිල් සෙලෙව්වේ ය. මවිල් සෙලවෙන ලෙස ඇඟ සොලොවා හාත්පස සිව් දිශා මනාකොට බැලුවේ ය. හාත්පස සිව් දිශා මනාකොට බලා තුන්වරක් සිංහනාදයක් නාදකරන්නෙමි යි හිවල් නාදයක් ම කළේ ය. නරි නාදයක් ම කළේ ය. නීච නරි හඬ කුමක් ද? සිංහනාදය යනු කුමක් ද?

“ඒවමේව ඛෝ ත්වං ආවුසෝ පාථිකපුත්ත සුගතාපදානේසු ජීවමානෝ සුගතාතිරිත්තානි භුඤ්ජමානෝ තථාගතේ අරහන්තේ සම්මාසම්බුද්ධේ ආසාදේතබ්බං මඤ්ඤසි. කෝ ච ඡවෝ පාථිකපුත්තෝ කා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ආසාදනා”ති.

එසෙයින් ම ඇවැත් පාථිකපුත්‍රය, ඔබ සුගතයන් වහන්සේලාගේ දිවි පැවැත්ම උදෙසා ඇති සිව්පසයෙන් තමනුත් යැපෙමින්, සුගතයන් වහන්සේලාට පුදා ඉතිරි වූ දේ අනුභව කරමින්, තථාගත අරහත් සම්මා සම්බුදුවරයන්ට හිරිහැර කළ යුතු යැයි සිතුවෙහි ද? නීච පාථිකපුත්‍රයා කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුවරුන්ට හිරිහැර කිරීම යනු කුමක් ද?”

25. යතෝ ඛෝ භග්ගව ජාලියෝ දාරුපත්තිකන්තේවාසී ඉමිනා ඕපම්මේන නේව අසක්ඛි අචේලං පාථිකපුත්තං තම්හා ආසනා චාවේතුං, අථ නං ඒතදවෝච:

භාර්ගවයෙනි, යම් කලක දාරුපත්තිකගේ අතවැසි ජාලියයා මේ උපමාවෙනුත් නිරුවත් පාථිකපුත්‍රයා ව ඒ අසුනෙන් නැගිට්ටවන්නට නොහැකි වූයේ ද, එකල්හී ජාලියයා ඔහුට මෙය කීවේ ය.

සීහෝ’ති අත්තානං සමෙක්ඛියාන
අමඤ්ඤි කොත්ථු මිගරාජා, හමස්මි,
තථේව සෝ සෙගාලකං අනදි
කෝ ච ඡවෝ සෙගාලෝ කෝ පන සීහනාදෝ’ති.

“හිවලෙක් තමන් දෙස බලා තමා ත් සිංහයෙකි යි සිතාගෙන, ‘මම සිංහනාදයක් කරමි’ යි නරියෙකු සෙයින් ම නරි හඬ නැගුවේ ය. නීච නරි හඬ කුමක් ද? සිංහනාදය යනු කුමක් ද?

ඒවමේව ඛෝ ත්වං ආවුසෝ පාථිකපුත්ත සුගතාපදානේසු ජීවමානෝ සුගතාතිරිත්තානි භුඤ්ජමානෝ තථාගතේ අරහන්තේ සම්මාසම්බුද්ධේ ආසාදේතබ්බං මඤ්ඤසි. කෝ ච ඡවෝ පාථිකපුත්තෝ කා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ආසාදනා’ති,

එසෙයින් ම ඇවැත් පාථිකපුත්‍රය, ඔබ සුගතයන් වහන්සේලාට උරුම වූ සිව්පසයෙන් යැපෙමින්, සුගතයන් වහන්සේලා ඉතිරි කළ දෑ අනුභව කරමින් තථාගත අරහත් සම්මා සම්බුදුවරුන්ට හිරිහැර කළ යුතු යැයි සිතුවෙහි ය. ලාමක පාථිකපුත්‍රයා කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුවරුන්ට හිරිහැර කිරීම යනු කුමක් ද?”

26. යතෝ ඛෝ භග්ගව ජාලියෝ දාරුපත්තිකන්තේවාසී ඉමිනාපි ඕපම්මේන නේව අසක්ඛි අචේලං පාථිකපුත්තං තම්හා ආසනා චාවේතුං, අථ නං ඒතදවෝච:

යම් කලෙක භාර්ගවයෙනි, දාරුපත්තිකගේ අතවැසි ජාලියයා මේ උපමාවෙනුත් නිරුවත් පාථිකපුත්‍රයා ව ඒ අසුනෙන් නැගිට්ටවන්නට නොහැකි වූයේ ද, ඉක්බිති ඔහුට මෙය පැවසී ය.

අමඤ්ඤී අනුචංකමනං
අත්තානං විඝාසේ සමෙක්ඛිය
යාවත්තානං න පස්සති
කොත්ථු තාව බ්‍යග්ඝෝති මඤ්ඤති
තථේව සෝ සෙගාලකං අනදි
කෝ ච ඡවෝ සෙගාලෝ කෝ පන සීහනාදෝ’ති.

“හිවලෙක් වනයෙහි ඇවිදින්නේ දිය වලක තමන්ගේ පිළිබිඹු ව දැක, තමා තර වී සිටින්නේ සිංහයා කා ඉතුරු දේ කෑමෙන් බව නොදැක්කේ ය. ඒ තාක් තමා සිංහයා හා සම වූ ව්‍යාඝ්‍රයෙකු යැයි නරි තෙමේ සිතුවේ ය. නරියෙකු සෙයින් ම හේ නරි හඬ නැගී ය. නීච හිවල් හඬ කුමක් ද? සිංහයෙකුගේ නාදය කුමක් ද?

ඒවමේව ඛෝ ත්වං ආවුසෝ පාථිකපුත්ත සුගතාපදානේසු ජීවමානෝ සුගතාතිරිත්තානි භුඤ්ජමානෝ තථාගතේ අරහන්තේ සම්මාසම්බුද්ධේ ආසාදේතබ්බං මඤ්ඤසි. කෝ ච ඡවෝ පාථිකපුත්තෝ කා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ආසාදනා’ති.

එසෙයින් ම ඇවැත් පාථිකපුත්‍රය, ඔබ සුගතයන් වහන්සේලාට උරුම වූ සිව්පසයෙන් යැපෙමින්, සුගතයන් වහන්සේලා ඉතිරි කළ දෑ අනුභව කරමින් තථාගත අරහත් සම්මා සම්බුදුවරුන්ට හිරිහැර කළ යුතු යැයි සිතුවෙහි ය. ලාමක පාථිකපුත්‍රයා කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුවරුන්ට හිරිහැර කිරීම යනු කුමක් ද?”

27. යතෝ ඛෝ භග්ගව ජාලියෝ දාරුපත්තිකන්තේවාසී ඉමිනාපි ඕපම්මේන නේව අසක්ඛි අචේලං පාථිකපුත්තං තම්හා ආසනා චාවේතුං, අථ නං ඒතදවෝච:

යම් කලෙක භාර්ගවයෙනි, දාරුපත්තිකගේ අතවැසි ජාලියයා මේ උපමාවෙනුත් නිරුවත් පාථිකපුත්‍රයා ව ඒ අසුනෙන් නැගිට්ටවන්නට නොහැකි වූයේ ද, ඉක්බිති ඔහුට මෙය පැවසී ය.

භුත්වාන භේකේ ඛලමූසිකායෝ
කටසීසු ඛිත්තානි ච කෝණපානි,
මහාවනේ සුඤ්ඤවනේ විවඩ්ඪෝ
අමඤ්ඤී කොත්ථු මිගරාජාහමස්මි.
තථේව සෝ සෙගාලකං අනදි
කෝ ච ඡවෝ සෙගාලෝ කෝ පන සීහනාදෝ’ති.

“සිංහ, ව්‍යාඝ්‍රාදීන්ගෙන් හිස් වූ මහා වනයෙහි මැඬියන් ද, බිල්වල සිටින මීයන් ද, සොහොනෙහි දැමූ මළකුණු ද කා තරව ගිය නරි තෙමේ ‘මම සිව්පාවුන්ගේ රජ වූ සිංහයා වෙමි’ යි සිතුවේ ය. නරියෙකු සෙයින් ම හේ නරි හඬ නැගී ය. නීච හිවල් හඬ කුමක් ද? සිංහයෙකුගේ නාදය කුමක් ද?

ඒවමේව ඛෝ ත්වං ආවුසෝ පාථිකපුත්ත සුගතාපදානේසු ජීවමානෝ සුගතාතිරිත්තානි භුඤ්ජමානෝ තථාගතේ අරහන්තේ සම්මාසම්බුද්ධේ ආසාදේතබ්බං මඤ්ඤසි. කෝ ච ඡවෝ පාථිකපුත්තෝ, කා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ආසාදනා’ති.

එසෙයින් ම ඇවැත් පාථිකපුත්‍රය, ඔබ සුගතයන් වහන්සේලාට උරුම වූ සිව්පසයෙන් යැපෙමින්, සුගතයන් වහන්සේලා ඉතිරි කළ දෑ අනුභව කරමින් තථාගත අරහත් සම්මා සම්බුදුවරුන්ට හිරිහැර කළ යුතු යැයි සිතුවෙහි ය. ලාමක පාථිකපුත්‍රයා කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුවරුන්ට හිරිහැර කිරීම යනු කුමක් ද?”

යතෝ ඛෝ භග්ගව ජාලියෝ දාරුපත්තිකන්තේවාසී ඉමිනාපි ඕපම්මේන නේව අසක්ඛි අචේලං පාථිකපුත්තං තම්හා ආසනා චාවේතුං, අථ තං පරිසං ආගන්ත්වා ඒවමාරෝචේසි: “පරාභූතරූපෝ භෝ අචේලෝ පාථිකපුත්තෝ, ‘ආයාමි ආවුසෝ, ආයාමි ආවුසෝ’ති වත්වා තත්ථේව සංසප්පති, න සක්කෝති ආසනා පි වුට්ඨාතුන්ති. ඒවං වුත්තේ අහං භග්ගව තං පරිසං ඒතදවෝචං:

යම් කලෙක භාර්ගවයෙනි, දාරුපත්තිකගේ අතවැසි ජාලියයා මේ උපමාවෙනුත් නිරුවත් පාථිකපුත්‍රයා ව ඒ අසුනෙන් නැගිට්ටවන්නට නොහැකි වූයේ ද, එකල්හී ඔහු ඒ පිරිස වෙත අවුත් මෙසේ දැනුම් දුන්නේ ය.

“භවත්නි, පැරදී ගිය ස්වභාවය ඇති මේ නිරුවත් පාථිකපුත්‍රයා ‘එමි, ඇවැත්නි. එමි, ඇවැත්නි’ යි කියා එහි ම ගැලෙයි. හුනස්නෙන් නැගිටින්නට ද නොහැකි වෙයි” කියා ය.

මෙසේ කී කල්හී භාර්ගවයෙනි, මම ඒ පිරිසට මෙය පැවසුවෙමි.

“අභබ්බෝ ඛෝ ආවුසෝ අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස: අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති, මුද්ධා පි තස්ස විපතෙය්‍ය. සචේ’පායස්මන්තානං ලිච්ඡවීනං ඒවමස්ස “මයං අචේලං පාථිකපුත්තං වරත්තාහි බන්ධිත්වා ගෝයුගේහි ආවිඤ්ජෙය්‍යාමාති, තා වරත්තා ඡිජ්ජේරං පාථිකපුත්තෝ වා. අභබ්බෝ පන අචේලෝ පාථිකපුත්තෝ තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා මම සම්මුඛීභාවං ආගන්තුං. සචේ පි’ස්ස ඒවමස්ස ‘අහං තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා සමණස්ස ගෝතමස්ස සම්මුඛීභාවං ගච්ඡෙය්‍යන්ති මුද්ධා පි තස්ස විපතෙය්‍යා”ති.

“ඇවැත්නි, නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය.

ඉදින් ආයුෂ්මත් ලිච්ඡවිවරුන්ට මෙසේ සිතෙයි නම්, ‘අපි නිරුවත් පාථිකපුත්‍රයා වරපටින් බැඳ, ගොනුන් යෙදූ වියගසින් ඇදගෙන එන්නෙමු’ යි, ඒ වරපට හෝ පාථිකපුත්‍රයා සිඳී කැඩී යනු ඇත්තේ ය.

නිරුවත් පාථික පුත්‍රයා ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, මා ඉදිරියට එන්නට නොහැක්කේ ය. ඉදින් ඔහුට මෙසේ සිතෙයි නම්, ‘මම ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය බැහැර නොකොට, ශ්‍රමණ ගෞතමයන්ගේ ඉදිරියට යන්නෙමි’ යි ඔහුගේ හිස ද ගිලිහී වැටෙනු ඇත්තේ ය.”

28. අථ ඛ්වාහං භග්ගව තං පරිසං ධම්මියා කථාය සන්දස්සේසිං සමාදපේසිං සමුත්තේජේසිං සම්පහංසේසිං. තං පරිසං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා මහාබන්ධනා මොක්ඛං කරිත්වා, චතුරාසීතිපාණසහස්සානි මහාවිදුග්ගා උද්ධරිත්වා, තේජෝධාතුං සමාපජ්ජිත්වා සත්තතාලං වේහාසං අබ්භුග්ගන්ත්වා අඤ්ඤං සත්තතාලම්පි අච්චිං අභිනිම්මිනිත්වා පජ්ජලිත්වා ධූමායිත්වා මහාවනේ කූටාගාරසාලාය පච්චුට්ඨාසිං. අථ ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේනාහං තේනුපසංකමි, උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ අහං භග්ගව සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං ඒතදවෝචං: තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත, යථේව තේ අහං අචේලං පාථිකපුත්තං ආරබ්භ බ්‍යාකාසිං, තථේව තං විපක්කං අඤ්ඤථා වා?ති. “යථේව මේ භන්තේ භගවා අචේලං පාථිකපුත්තං ආරබ්භ බ්‍යාකාසි, තථේව තං විපක්කං නෝ අඤ්ඤථා”ති.

ඉක්බිති භාර්ගවයෙනි, මම ඒ පිරිසට ධර්ම කථාවෙන් කරුණු දැක්වූයෙමි. සමාදන් කරවූයෙමි. උනන්දු කළෙමි. සතුටු කළෙමි. ඒ පිරිසට ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටු කරවා, මහා සසර බන්ධනයෙන් නිදහස් කොට අසූ හාර දහසක් ප්‍රාණීන් කෙලෙස් මහා සැඩ පහරින් එගොඩ කරවා තේජෝ ධාතුවට සමවැදී තල් ගස් සතක් පමණ උසට අහසට පැන නැඟී අන්‍ය වූ තල් ගස් සතක් පමණ උසට විහිදෙන ලෙසින් ගිනි දැල් මවා, දිලිහී, දුම් විහිදුවා මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි පිහිටියෙමි.

ඉක්බිති භාර්ගවයෙනි, මම යම් තැනක හුන්නෙම් ද, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා එතැනට පැමිණයේ ය. පැමිණ මට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. භාර්ගවයෙනි, එකත්පස් ව හුන් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට මම මෙය පැවසුවෙමි.

“සුනක්ඛත්තයෙනි, ඒ කිමෙකැයි සිතන්නෙහි ද? නිරුවත් පාථිකපුත්‍රයා පිළිබඳ ව මම ඔබට යමක් පැවසුවෙම් ද, එය එසේ ම වූයේ ද? අන් සැටියකින් වූයේ ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ නිරුවත් පාථිකපුත්‍රයා ගැන යම් පරිදි මට වදාළ සේක් ද, එය එසේ ම වූයේ ය. අන් සැටියකින් නොවූයේ ය.”

“තං කිම්මඤ්ඤසි සුනක්ඛත්ත, යදි ඒවං සන්තේ කතං වා හෝති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං අකතං වා?”ති.

“සුනක්ඛත්තයෙනි, ඒ කිමෙකැයි සිතන්නෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හී මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ ද? නොකරන ලද්දේ ද?”

“අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ කතං හෝති උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං නෝ අකතන්ති.”

“ඒකාන්තයෙන්ම ස්වාමීනී, මෙසේ ඇති කල්හී මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන ලද්දේ ය. නොකරන ලද්දේ නොවෙයි.”

“ඒවම්පි ඛෝ මං ත්වං මෝඝපුරිස උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරොන්තං ඒවං වදේසි: න හි පන මේ භන්තේ භගවා උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං කරෝතී’ති. පස්ස මෝඝපුරිස තඤ්ච තේ ඉදං අපරද්ධන්ති.”

ඒවම්පි ඛෝ භග්ගව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ මයා වුච්චමානෝ අපක්කමේව ඉමස්මා ධම්මවිනයා යථා තං ආපායිකෝ නේරයිකෝ.

“මෙසේ ත් හිස් පුරුෂය, මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කරන්නා වූ මා හට ඔබ මෙසේ කියන්නෙහි ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් නොකරන සේකැ’ යි. බලව, හිස් පුරුෂය, ඔබ මොනතරම් වරදක් කරන ලද්දේද?”

භාර්ගවයෙනි, මා විසින් මෙසේ ත් කියනු ලබද්දී සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා අපායට නියම වූවකු සෙයින්, නිරයට නියම වූවකු සෙයින් මේ සසුනෙන් බැහැර ව ම ගියේ ය.

[ අග්ගඤ්ඤපඤ්ඤත්තිකථා ]

29. අග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි, තඤ්ච පජානාමි තතෝ ච උත්තරිතරං පජානාමි, තඤ්ච පජානනං න පරාමසාමි, අපරාමසතෝ ච මේ පච්චත්තඤ්ඤේව නිබ්බුති විදිතා, යදභිජානං තථාගතෝ නෝ අනයං ආපජ්ජති.

භාර්ගවයෙනි, මම ලෝකය සකස් වීම පිළිබඳ මතවාද ත් දනිමි. එය ත් දනිමි. එයට වඩා උත්තරීතර වූ දෙය ත් දනිමි. එය දැන, සිතින් ග්‍රහණය නොකරමි. සිතින් ග්‍රහණය නොකරන්නේ මා විසින් තමා තුළ ම කෙලෙසුන්ගේ නිවීම දන්නා ලද්දේ ය. එම නිවීම දන්නා තථාගත තෙමේ ලොව පිළිබඳ තමා දත් දෙයින් කරදරයකට පත් නොවෙයි.

සන්ති භග්ගව ඒකේ සමණබ්‍රාහ්මණා ඉස්සරකුත්තං බ්‍රහ්මකුත්තං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපෙන්ති. ත්‍යාහං උපසංකමිත්වා ඒවං වදාමි: සච්චං කිර තුම්හේ ආයස්මන්තෝ ඉස්සරකුත්තං බ්‍රහ්මකුත්තං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපේථා?”ති. තේ ච මේ ඒවං පුට්ඨා ‘ආමෝ’ති පටිජානන්ති. ත්‍යාහං ඒවං වදාමි: කථංවිහිතකං පන තුම්හේ ආයස්මන්තෝ ඉස්සරකුත්තං බ්‍රහ්මකුත්තං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපේථා”ති. තේ මයා පුට්ඨා න සම්පායන්ති. අසම්පායන්තා මමඤ්ඤේව පටිපුච්ඡන්ති. තේසාහං පුට්ඨෝ බ්‍යාකරෝමි:

භාර්ගවයෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිති. ඔවුහු ‘මැවුම්කරුවෙකු විසින් කරන ලදී. බ්‍රහ්මයෙකු විසින් මවන ලදී’ යි ලෝකාරම්භය පිළිබඳ වූ මතය ආචාර්යය වාදයක් ලෙස පණවති. එවිට මම ඔවුන් වෙත ගොස් මෙසේ අසමි. “සැබෑ ද ආයුෂ්මත්නි, ඔබලා මැවුම්කරුවෙකු විසින් මවන ලදී. බ්‍රහ්මයෙකු විසින් මවන ලදී’ යනුවෙන් ලෝකාරම්භය පිළිබඳ ව මතයක් ආචාර්යවාදයක් ලෙස පණවව් ද?”

මා විසින් මෙසේ අසන ලද ඔවුහු “එසේ ය” යි පිළිතුරු දෙති. එවිට මම ඔවුන්ට මෙසේ කියමි.

“ආයුෂ්මත්නි, මැවුම්කරුවෙකු විසින් මවන ලදී. බ්‍රහ්මයෙකු විසින් මවන ලදී යනුවෙන් ඔබලා ලෝකය සකස් වීම පිළිබඳ මතය ආචාර්යවාදයක් ලෙසින් කවර අයුරින් ඇති දෙයක් ලෙස පණවව් ද?”

“මා විසින් අසන ලද ඔවුහු පිළිතුරු සපයන්නට නොහැකි වෙති. පිළිතුරු සැපයිය නොහැකි ව පෙරළා මගෙන් ම අසති. ඔවුන් විසින් අසන ලද මම පිළිතුරු දෙමි.

30. හෝති ඛෝ සෝ ආවුසෝ සමයෝ යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනෝ අච්චයේන අයං ලෝකෝ සංවට්ටති. සංවට්ටමානේ ලෝකේ යේභුය්‍යේන සත්තා ආභස්සරසංවත්තනිකා හොන්ති. තේ තත්ථ හොන්ති මනෝමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛචරා සුභට්ඨායිනෝ, චිරං දීඝමද්ධානං තිට්ඨන්ති. හෝති ඛෝ සෝ ආවුසෝ සමයෝ යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනෝ අච්චයේන අයං ලෝකෝ විවට්ටති, විවට්ටමානේ ලෝකේ සුඤ්ඤං බ්‍රහ්මවිමානං පාතුභවති. අථ ඛෝ අඤ්ඤතරෝ සත්තෝ ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්වා සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජති. සෝ තත්ථ හෝති මනෝමයෝ පීතිභක්ඛෝ සයංපභෝ අන්තලික්ඛචරෝ සුභට්ඨායී, චිරං දීඝමද්ධානං තිට්ඨති. තස්ස තත්ථ ඒකකස්ස දීඝරත්තං නිවුසිතත්තා අනභිරති පරිතස්සනා උප්පජ්ජති: “අහෝ වත අඤ්ඤේ පි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්‍යුන්ති”. අථ අඤ්ඤතරේ පි සත්තා ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්වා සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජන්ති තස්ස සත්තස්ස සහබ්‍යතං. තේ පි තත්ථ හොන්ති මනෝමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛචරා සුභට්ඨායිනෝ චිරං දීඝමද්ධානං තිට්ඨන්ති. තත්‍රාවුසෝ යෝ සෝ සත්තෝ පඨමං උපපන්නෝ, තස්ස ඒවං හෝති: අහමස්මි බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතෝ අඤ්ඤදත්ථුදසෝ වසවත්තී ඉස්සරෝ කත්තා නිම්මාතා සට්ඨා සජිතා වසී පිතා භූතභව්‍යානං. මයා ඉමේ සත්තා නිම්මිතා. තං කිස්ස හේතු? මමඤ්හි පුබ්බේ ඒතදහෝසි: “අහෝ වත අඤ්ඤේ පි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්‍යුන්ති. ඉති මම ච මනෝපණිධි, ඉමේ ච සත්තා ඉත්ථත්තං ආගතා”ති.

ඇවැත්නි, අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන්, කිසියම් කලෙක මේ ලෝකය නැසෙයි ද, එබඳු කාලයක් එන්නේ ය. ලෝකය නැසෙන කල්හී බොහෝ සෙයින් ම සත්වයෝ ආභස්සර බඹලොවෙහි උපදිති. ඔවුහු එහි සිතින් සකස් වූ ජීවිත ඇති ව, ප්‍රීතිය අනුභව කරමින්, තමන්ගේ සිරුරු එළියෙන් අහසෙහි හැසිරෙමින්, සොඳුරු ලෙස සිටිමින්, ඉතා දීර්ඝ කාලයක් සිටිති.

ඇවැත්නි, ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක මේ ලෝකය නැවත හැදෙයි ද, එබඳු කාලයක් එන්නේ ය. මේ ලෝකය නැවත හැදෙන කල්හී හිස් බ්‍රහ්ම විමානයක් පහළ වෙයි. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ අවසන් වීමෙන් හෝ පින අවසන් වීමෙන් හෝ ආභස්සර ලොවින් චුත වී හිස් බඹ විමනෙහි උපදියි. ඔහු එහි සිතින් සකස් වූ ජීවිත ඇති ව, ප්‍රීතිය අනුභව කරමින්, තමන්ගේ සිරුරු එළියෙන් අහසෙහි හැසිරෙමින්, සොඳුරු ලෙස සිටිමින්, ඉතා දීර්ඝ කාලයක් සිටියි. එහි බොහෝ කාලයක් තනි ව වාසය කළ බැවින් ඔහු තුළ නොඇල්මක්, ආශාවකින් පෙළෙන බවක් උපදියි. ‘අහෝ! ඒකාන්තයෙන් අන්‍ය වූ සත්වයෝ ත් මේ ආත්මභාවයට පැමිණෙත් නම් මැනැවැ’ යි.

එකල්හී අන්‍ය වූ සත්වයෝ ත් ආයුෂ අවසන් වීමෙන් හෝ පින අවසන් වීමෙන් හෝ ආභස්සර ලොවින් චුත ව හිස් බඹ විමනෙහි උපදිති. කලින් උපන් සත්වයාගේ මිත්‍ර බවට පැමිණෙති. ඔවුනු ත් එහි සිතින් සකස් වූ ජීවිත ඇති ව, ප්‍රීතිය අනුභව කරමින්, තමන්ගේ සිරුරු එළියෙන් අහසෙහි හැසිරෙමින්, සොඳුරු ලෙස සිටිමින්, ඉතා දීර්ඝ කාලයක් සිටිති. එහිදී ඇවැත්නි, යම් ඒ සත්වයෙක් පළමු ව උපන්නේ ද, ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මයා වෙමි. මහා බ්‍රහ්මයා වෙමි. ලොව මැඩපවත්වමි. අන්‍යයෙකු විසින් නොමඩනා ලද්දෙමි. සියල්ල දකිමි. සියල්ල වසඟයෙහි පවත්වමි. මැවුම්කරු වෙමි. ලොව නිර්මාණය කරන්නා වෙමි. නිර්මාපකයා වෙමි. ලොව බලය පතුරුවන්නා වෙමි. ලොව සකසන්නා වෙමි. අන්‍යයන් වසඟයෙහි පවත්වන්නා වෙමි. උපන්නා වූ ත්, ඉපදෙන්නා වූ ත් සත්වයන්ගේ පියාණන් වෙමි. මා විසින් මේ සත්වයෝ මවන ලද්දාහු ය. ඒ මක් නිසා ද යත්; මට ම කලින් මේ අදහස ඇතිවූයේ ය. ‘අහෝ! ඒකාන්තයෙන් අන්‍ය වූ සත්වයෝ ත් මේ ආත්මභාවයට පැමිණෙන්නාහු නම් මැනැවැ’ යි. මෙසේ මගේ පැතුම වූයේ ය. මේ සත්වයෝ ත් මේ අත්බවට ආවාහු ය.’

යේපි තේ සත්තා පච්ඡා උපපන්නා, තේසම්පි ඒවං හෝති: අයං ඛෝ භවං බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතෝ අඤ්ඤදත්ථුදසෝ වසවත්තී ඉස්සරෝ කත්තා නිම්මාතා සට්ඨා සජිතා වසී පිතා භූතභව්‍යානං. ඉමිනා මයං භෝතා බ්‍රහ්මුනා නිම්මිතා. තං කිස්ස හේතු? ඉමඤ්හි මයං අද්දසාම ඉධ පඨමං උප්පන්නං, මයං පනාම්හා පච්ඡා උප්පන්නා’ති. තත්‍රාවුසෝ යෝ සෝ සත්තෝ පඨමං උප්පන්නෝ සෝ දීඝායුකතරෝ ච හෝති වණ්ණවන්තතරෝ ච මහේසක්ඛතරෝ ච. යේ පන තේ සත්තා පච්ඡා උප්පන්නා, තේ අප්පායුකතරා ච හොන්ති දුබ්බණ්ණතරා ච අප්පේසක්ඛතරා ච. ඨානං ඛෝ පනේතං ආවුසෝ විජ්ජති යං අඤ්ඤතරෝ සත්තෝ තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතෝ සමානෝ අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතෝ සමානෝ ආතප්පමන්වාය පධානමන්වාය අනුයෝගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති, යථා සමාහිතේ චිත්තේ තං පුබ්බේනිවාසං අනුස්සරති, තතෝ පරං නානුස්සරතී’ති. සෝ ඒවමාහ: යෝ ඛෝ සෝ භවං බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතෝ අඤ්ඤදත්ථුදසෝ වසවත්තී ඉස්සරෝ කත්තා නිම්මාතා සට්ඨා සජිතා වසී පිතා භූතභව්‍යානං, යේන මයං භෝතා බ්‍රහ්මුනා නිම්මිතා, සෝ නිච්චෝ ධුවෝ සස්සතෝ අවිපරිණාමධම්මෝ සස්සතිසමං තථේව ඨස්සති. යේ පන මයං අහුම්හා තේන භෝතා බ්‍රහ්මුනා නිම්මිතා, තේ මයං අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා’ති. ඒවංවිහිතකං නෝ තුම්හේ ආයස්මන්තෝ ඉස්සරකුත්තං බ්‍රහ්මකුත්තං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපේථා”ති. තේ ඒවමාහංසු: “ඒවං ඛෝ නෝ ආවුසෝ ගෝතම සුතං යථේවායස්මා ගෝතමෝ ආහා”ති. අග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි ….(පෙ)…. යදභිජානං තථාගතෝ නෝ අනයං ආපජ්ජති.

යම් ඒ සත්වයෝ පසුව උපන්නාහු ද, ඔවුන්ට ත් මෙසේ සිතෙයි. ‘මේ වනාහී භවත් බ්‍රහ්මයා ය. මහා බ්‍රහ්මයා ය. ලොව මැඩපවත්වන්නා ය. අන්‍යයෙකු විසින් නොමඩනා ලද්දේ ය. සියල්ල දකියි. සියල්ල වසඟයෙහි පවත්වයි. මැවුම්කරු වෙයි. ලොව නිර්මාණය කරන්නා ය. නිර්මාපකයා ය. ලොව බලය පතුරුවන්නා ය. ලොව සකසන්නා ය. අන්‍යයන් වසඟයෙහි පවත්වන්නා ය. උපන්නා වූ ත්, ඉපදෙන්නා වූ ත් සත්වයන්ගේ පියාණන් ය. මේ භවත් බ්‍රහ්මයා විසින් අපි මවන ලද්දෙමු. ඒ මක් නිසා ද යත්; මෙහි පළමු ව උපන් මොහු අපි දකිමු. අපි වනාහී පසුව උපන්නෙමු.’

එහිදී ඇවැත්නි, යම් ඒ සත්වයෙක් පළමු ව උපන්නේ ද, ඔහු වඩා ත් දීර්ඝායුෂ ඇත්තේ ද, වඩා ත් මනා පැහැ ඇත්තේ ද, වඩා ත් මහේශාක්‍ය වූයේ ද වෙයි. යම් ඒ සත්වයෝ පසු ව උපන්නාහු ද, ඔවුහු වඩා ත් අල්ප ආයුෂ ඇති ව, වඩා ත් කිලිටි පැහැ ඇති ව වඩාත් අල්පේශාක්‍ය ද වූවාහු ය.

ඇවැත්නි, එක්තරා සත්වයෙක් ඒ බඹ විමනින් චුත ව මේ මිනිසත් බවට එයි යන කරුණ දකින්නට ලැබෙයි. මේ මිනිසත් බවට පැමිණියේ ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූයේ උත්සාහය වඩා, බලවත් වීරිය වඩා, නැවත නැවත වීරිය වඩා, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීම නිසා යම් සේ එකඟ වූ සිතින් ඒ පෙර ගත කළ ජීවිතය සිහි කරයි ද, ඉන් ඔබ්බට ජීවිතය සිහි නොකරයි ද, එබඳු වූ චිත්ත සමාධියක් ලබයි.

ඔහු මෙසේ කියයි. ‘යම් ඒ භවත් බ්‍රහ්මයෙක් වෙයි ද, මහා බ්‍රහ්මයා වෙයි ද, ලොව මැඩපවත්වයි ද, අන්‍යයෙකු විසින් නොමඩනා ලද්දේ ද, සියල්ල දකියි ද, සියල්ල වසඟයෙහි පවත්වයි ද, මැවුම්කරු වෙයි ද, ලොව නිර්මාණය කරන්නා වෙයි ද, නිර්මාපකයා වෙයි ද, ලොව බලය පතුරුවන්නා වෙයි ද, ලොව සකසන්නා වෙයි ද, අන්‍යයන් වසඟයෙහි පවත්වන්නා වෙයි ද, උපන්නා වූ ත්, ඉපදෙන්නා වූ ත් සත්වයන්ගේ පියාණන් වෙයි ද, ඒ මහා බ්‍රහ්මයා විසින් අපි මවන ලද්දෙමු. ඒ මහා බ්‍රහ්මයා නිත්‍යය ය. ස්ථිර ය. සදාසිටියි. සදා පවතින වස්තු සෙයින් නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත ව එසේ ම සිටියි. ඒ භවත් බ්‍රහ්මයා විසින් ඒ අපි මවන ලද්දෙමු ද, ඒ අපි අනිත්‍ය වූ ත්, අස්ථිර වූ ත්, අල්ප ආයුෂ ඇතිව ත්, චුත වන ස්වභාවය ඇති ව ත් මේ මිනිසත් බවට ආවෙමු’ යි.

ආයුෂ්මත්නි, ඔබලා මෙසේ සකස් කරගන්නා ලද මැවුම්කරුවෙකු විසින් මවන ලද දෙයක්, බ්‍රහ්මයෙකු විසින් මවන ලද දෙයක්, ලෝකය සකස් වීම පිළිබඳ මතවාදය ආචාර්යවාදයක් ලෙස පණවව් ද?”

එවිට ඔවුහු මෙසේ කීවාහු ය.

“ඇවැත් ගෞතමයෙනි, ආයුෂ්මත් ගෞතම තෙමේ යම් පරිදි පැවසුවේ ද, එය එපරිද්දෙන් ම අප විසින් අසන ලද්දේ ය.”

භාර්ගවයෙනි, මම ලෝකය සකස් වීම පිළිබඳ මතවාද ත් දනිමි. එය ත් දනිමි. එයට වඩා උත්තරීතර වූ දෙය ත් දනිමි. එය දැන, සිතින් ග්‍රහණය නොකරමි. සිතින් ග්‍රහණය නොකරන්නේ මා විසින් තමා තුළ ම කෙලෙසුන්ගේ නිවීම දන්නා ලද්දේ ය. එම නිවීම දන්නා තථාගත තෙමේ ලොව පිළිබඳ තමා දත් දෙයින් කරදරයකට පත් නොවෙයි.

31. සන්ති භග්ගව ඒකේ සමණබ්‍රාහ්මණා ඛිඩ්ඩාපදෝසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපෙන්ති. ත්‍යාහං උපසංකමිත්වා ඒවං වදාමි: සච්චං කිර තුම්හේ ආයස්මන්තෝ ඛිඩ්ඩාපදෝසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපේථා?ති” තේ ච මේ ඒවං පුට්ඨා ‘ආමෝ’ති පටිජානන්ති. ත්‍යාහං ඒවං වදාමි: කථංවිහිතකං නෝ පන තුම්හේ ආයස්මන්තෝ ඛිඩ්ඩාපදෝසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපේථා?ති. තේ මයා පුට්ඨා න සම්පායන්ති. අසම්පායන්තා මමඤ්ඤේව පටිපුච්ඡන්ති. තේසාහං පුට්ඨෝ බ්‍යාකරෝමි: සන්තාවුසෝ ඛිඩ්ඩාපදෝසිකා නාම දේවා. තේ අතිවේලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරන්ති තේසං අතිවේලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති සම්මුස්සති. සතියා සම්මෝසා තේ දේවා තම්හා කායා චවන්ති. ඨානං ඛෝ පනේතං ආවුසෝ විජ්ජති, යං අඤ්ඤතරෝ සත්තෝ තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතෝ සමානෝ අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතෝ සමානෝ ආතප්පමන්වාය පධානමන්වාය අනුයෝගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ තං පුබ්බේනිවාසං අනුස්සරති තතෝ පරං නානුස්සරතී’ති. සෝ ඒවමාහ: යේ ඛෝ තේ භොන්තෝ දේවා න ඛිඩ්ඩාපදෝසිකා තේ න අතිවේලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරන්ති. තේසං න අතිවේලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති න සම්මුස්සති. සතියා අසම්මෝසා තේ දේවා තම්හා කායා න චවන්ති, නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථේව ඨස්සන්ති. යේ පන මයං අහුම්හා ඛිඩ්ඩාපදෝසිකා තේ මයං අතිවේලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරිම්හා. තේසං නෝ අතිවේලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති සම්මුස්සසි. සතියා සම්මෝසා ඒවං මයං තම්හා කායා චුතා අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා”ති.

භාර්ගවයෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිති. ඛිඩ්ඩාපදෝසික දෙවියන් මුල් කොට ලෝකය සකස් වීම පිළිබඳ මතවාදය ආචාර්යවාදයක් ලෙස පණවත්. මම ඔවුන් වෙත ගොස් මෙසේ කියමි.

“සැබෑ ද ආයුෂ්මත්නි, ඔබලා ඛිඩ්ඩාපදෝසික දෙවියන් මුල් කොට ලෝකය සකස් වීම පිළිබඳ මතවාදය ආචාර්යවාදයක් ලෙස පණවව් ද?” මා විසින් මෙසේ අසන ලද ඔවුහු “එසේ ය” යි පිළිතුරු දෙති. එවිට මම ඔවුන්ට මෙසේ කියමි. “ආයුෂ්මත්නි, ඔබලා ඛිඩ්ඩාපදෝසික දෙවියන් මුල්කොට ලෝකය සකස් වීම පිළිබඳ මතවාදය ආචාර්යවාදයක් ලෙසින් කවර අයුරින් ඇති දෙයක් ලෙස පණවව් ද?”

මා විසින් අසන ලද ඔවුහු පිළිතුරු සපයන්නට නොහැකි වෙති. පිළිතුරු සැපයිය නොහැකි ව පෙරළා මගෙන් ම අසති. ඔවුන් විසින් අසන ලද මම පිළිතුරු දෙමි.

“ඇවැත්නි, ඛිඩ්ඩාපදෝසික නමින් දෙවිවරු සිටිති. ඔවුහු අධික වේලාවක් නොයෙක් ක්‍රීඩා ආදියෙහි ඇලී ගැලී වසති. අධික වේලාවක් නොයෙක් ක්‍රීඩා ආදියෙහි ඇලී ගැලී වසන ඔවුන්ගේ සිහි මුලා වෙයි. සිහි මුලා වීමෙන් ඔවුහු ඒ දෙව්ලොවින් චුත වෙති.

ඇවැත්නි, එක්තරා සත්වයෙක් ඒ දෙව්ලොවින් චුත ව මේ මිනිසත් බවට එයි යන කරුණ දකින්නට ලැබෙයි. මේ මිනිසත් බවට පැමිණියේ ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූයේ උත්සාහය වඩා, බලවත් වීරිය වඩා, නැවත නැවත වීරිය වඩා, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීම නිසා යම් සේ එකඟ වූ සිතින් ඒ පෙර ගත කළ ජීවිතය සිහි කරයි ද, ඉන් ඔබ්බට ජීවිතය සිහි නොකරයි ද, එබඳු වූ චිත්ත සමාධියක් ලබයි.

ඔහු මෙසේ කියයි. ‘යම් ඒ භවත් දෙවිවරු ඛිඩ්ඩාපදෝසික නොවෙත් ද, අධික වේලාවක් නොයෙක් ක්‍රීඩාවන්හි ඇලී ගැලී නොවසත්. ඔවුහු අධික වේලාවක් නොයෙක් ක්‍රීඩාවන්හි ඇලී ගැලී නොවසන ඔවුන්ගේ සිහිය මුලා නොවෙයි. සිහිය නැති නොවීමෙන් ඒ දෙවිවරු ඒ දෙව්ලොවින් චුත නොවෙති. නිත්‍ය ව, ස්ථිර ව, සදාකාලික ව, සදාකාලික වස්තූන් එසේ ම සිටින සෙයින් නොවෙනස් වන ස්වභාවයෙන් සිටිති. යම් අපි වනාහී ඛිඩ්ඩාපදෝසික දෙවිවරුන් ව සිටියෙමු ද, ඒ අපි අධික වේලාවක් ක්‍රීඩාවන්හි ඇලී ගැලී වාසය කළෙමු. අධික වේලාවක් නොයෙක් ක්‍රීඩාවන්හි ඇලී ගැලී වාසය කරන අපගේ සිහිය නැතිවූයේ ය. සිහි නැති වීමෙන් මෙසේ අපි ඒ දෙව්ලොවින් චුත ව, අනිත්‍ය ව, අස්ථිර ව, අල්ප ආයු ඇති ව, චුත වන ස්වභාවය ඇති ව, මේ මිනිස් බවට ආවෙමු’ යි.

ඒවංවිහිතකං නෝ තුම්හේ ආයස්මන්තෝ ඛිඩ්ඩාපදෝසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤාපේථා?ති. තේ ඒවමාහංසු: ඒවං ඛෝ නෝ ආවුසෝ ගෝතම සුතං යථේවායස්මා ගෝතමෝ ආහා’ති. අග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි ….(පෙ)…. යදභිජානං තථාගතෝ නෝ අනයං ආපජ්ජති.

ආයුෂ්මත්නි, ඔබලා මෙසේ සකස් කරගන්නා ලද ඛිඩ්ඩාපදෝසික දෙවියන් මුල් කොට ගත් ලෝකය සකස් වීම පිළිබඳ මතවාදය ආචාර්යවාදයක් ලෙස පණවව් ද?”

එවිට ඔවුහු මෙසේ කීවාහු ය.

“ඇවැත් ගෞතමයෙනි, ආයුෂ්මත් ගෞතම තෙමේ යම් පරිදි පැවසුවේ ද, එය එපරිද්දෙන් ම අප විසින් අසන ලද්දේ ය.”

භාර්ගවයෙනි, මම ලෝකය සකස් වීම පිළිබඳ මතවාද ත් දනිමි. එය ත් දනිමි. එයට වඩා උත්තරීතර වූ දෙය ත් දනිමි. එය දැන, සිතින් ග්‍රහණය නොකරමි. සිතින් ග්‍රහණය නොකරන්නේ මා විසින් තමා තුළ ම කෙලෙසුන්ගේ නිවීම දන්නා ලද්දේ ය. එම නිවීම දන්නා තථාගත තෙමේ ලොව පිළිබඳ තමා දත් දෙයින් කරදරයකට පත් නොවෙයි.

32. සන්ති භග්ගව ඒකේ සමණබ්‍රාහ්මණා මනෝපදෝසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙන්ති. ත්‍යාහං උපසංකමිත්වා ඒවං වදාමි: සච්චං කිර තුම්හේ ආයස්මන්තෝ මනෝපදෝසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපේථා?ති. තේ ච මේ ඒවං පුට්ඨා ‘ආමෝ’ති පටිජානන්ති. ත්‍යාහං ඒවං වදාමි: කථංවිහිතකං නෝ පන තුම්හේ ආයස්මන්තෝ මනෝපදෝසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපේථා?ති. තේ මයා පුට්ඨා න සම්පායන්ති. අසම්පායන්තා මමඤ්ඤේව පටිපුච්ඡන්ති. තේසාහං පුට්ඨෝ බ්‍යාකරෝමි: සන්තාවුසෝ මනෝපදෝසිකා නාම දේවා. තේ අතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තේ අතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදූසෙන්ති. තේ අඤ්ඤමඤ්ඤං පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්තචිත්තා. තේ දේවා තම්හා කායා චවන්ති. ඨානං ඛෝ පනේතං ආවුසෝ විජ්ජති යං අඤ්ඤතරෝ සත්තෝ තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති, ඉත්ථත්තං ආගතෝ සමානෝ අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතෝ සමානෝ ආතප්පමන්වාය ….(පෙ)…. තථාරූපං චේතෝසමාධිං ඵුසති, යථා සමාහිතේ චිත්තේ තං පුබ්බේනිවාසං අනුස්සරති, තතෝ පරං නානුස්සරතී’ති. සෝ ඒවමාහ: “යේ ඛෝ තේ භොන්තෝ දේවා න මනෝපදෝසිකා තේ නාතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තේ නාතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි නප්පදූසෙන්ති. අඤ්ඤමඤ්ඤම්හි අප්පදුට්ඨචිත්තා අකිලන්තකායා අකිලන්තචිත්තා තේ දේවා තම්හා කායා න චවන්ති නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථේව ඨස්සන්ති. යේ පන මයං අහුම්හා මනෝපදෝසිකා තේ මයං අතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායිම්හා.

භාර්ගවයෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිති. මනෝපදෝසික දෙවියන් මුල් කොට ලෝකය සකස් වීම පිළිබඳ මතවාදය ආචාර්යවාදයක් ලෙස පණවත්. මම ඔවුන් වෙත ගොස් මෙසේ කියමි.

“සැබෑ ද ආයුෂ්මත්නි, ඔබලා මනෝපදෝසික දෙවියන් මුල් කොට ලෝකය සකස් වීම පිළිබඳ මතවාදය ආචාර්යවාදයක් ලෙස පණවව් ද?” මා විසින් මෙසේ අසන ලද ඔවුහු “එසේ ය” යි පිළිතුරු දෙති. එවිට මම ඔවුන්ට මෙසේ කියමි. “ආයුෂ්මත්නි, ඔබලා මනෝපදෝසික දෙවියන් මුල්කොට ලෝකය සකස් වීම පිළිබඳ මතය ආචාර්යවාදයක් ලෙසින් කවර අයුරින් ඇති දෙයක් ලෙස පණවව් ද?”

මා විසින් අසන ලද ඔවුහු පිළිතුරු සපයන්නට නොහැකි වෙති. පිළිතුරු සැපයිය නොහැකි ව පෙරළා මගෙන් ම අසති. ඔවුන් විසින් අසන ලද මම පිළිතුරු දෙමි.

“ඇවැත්නි, මනෝපදෝසික නමින් දෙවිවරු සිටිති. ඔවුහු අධික වේලාවක් ඔවුනොවුන් දෙස නැවත නැවත බලා සිටිති. ඔවුහු ඔවුනොවුන් දෙස අධික වේලාවක් නැවත නැවත බලා සිටීමෙන් එකිනෙකා කෙරෙහි ද්වේෂයෙන් සිත් දූෂ්‍ය කරගනිති. එකිනෙකා කෙරෙහි දුෂ්ට සිත් ඇති ව, ක්ලාන්ත වූ කය ඇති ව, ක්ලාන්ත වූ සිත් ඇතිව ඔවුහු ඒ දෙව්ලොවින් චුත වෙති.

ඇවැත්නි, එක්තරා සත්වයෙක් ඒ දෙව්ලොවින් චුත ව මේ මිනිසත් බවට එයි යන කරුණ දකින්නට ලැබෙයි. මේ මිනිසත් බවට පැමිණියේ ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූයේ උත්සාහය වඩා, බලවත් වීරිය වඩා, නැවත නැවත වීරිය වඩා, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීම නිසා යම් සේ එකඟ වූ සිතින් ඒ පෙර ගත කළ ජීවිතය සිහි කරයි ද, ඉන් ඔබ්බට ජීවිතය සිහි නොකරයි ද, එබඳු වූ චිත්ත සමාධියක් ලබයි.

ඔහු මෙසේ කියයි. ‘යම් ඒ භවත් දෙවිවරු මනෝපදෝසික නොවෙත් ද, ඔවුහු අධික වේලාවක් ඔවුනොවුන් දෙස නැවත නැවත බලා නොසිටිත්. ඔවුහු ඔවුනොවුන් දෙස අධික වේලාවක් නැවත නැවත බලා නොසිටීමෙන් එකිනෙකා කෙරෙහි ද්වේෂයෙන් සිත් දූෂ්‍ය කරනොගනිති. එකිනෙකා කෙරෙහි දුෂ්ට සිත් නැත්තාහු, ක්ලාන්ත වූ කය නැත්තාහු, ක්ලාන්ත වූ සිත් නැත්තාහු ඒ දෙවිවරු ඒ දෙව්ලොවින් චුත නොවෙති. නිත්‍ය ව, ස්ථිර ව, සදාකාලික ව, සදාකාලික වස්තූන් එසේ ම සිටින සෙයින් නොවෙනස් වන ස්වභාවයෙන් සිටිති. යම් අපි වනාහී මනෝපදෝසික දෙවිවරුන් ව සිටියෙමු ද, ඒ අපි අධික වේලාවක් ඔවුනොවුන් දෙස නැවත නැවත බලා සිටියෙමු.

තේ මයං අතිවේලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදූසයිම්හා. තේ මයං අඤ්ඤමඤ්ඤම්හි පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්තචිත්තා. ඒවං මයං තම්හා කායා චුතා අනිච්චා අද්ධුවා අසස්සතා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා”ති. ඒවංවිහිතකං නෝ තුම්හේ ආයස්මන්තෝ මනෝපදෝසිකං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපේථා?”ති. තේ ඒවමාහංසු: “ඒවං ඛෝ නෝ ආවුසෝ ගෝතම සුතං යථේවායස්මා ගෝතමෝ ආහා”ති.

ඒ අපි ඔවුනොවුන් දෙස අධික වේලාවක් නැවත නැවත බලා සිටීමෙන් එකිනෙකා කෙරෙහි ද්වේෂයෙන් සිත් දූෂිත කරගත්තෙමු. ඒ අපි එකිනෙකා කෙරෙහි දුෂ්ට සිත් ඇති වීමෙන්, ක්ලාන්ත වූ කය ඇති වීමෙන්, ක්ලාන්ත වූ සිත් ඇති වීමෙන් මෙසේ අපි ඒ දෙව්ලොවින් චුත ව, අනිත්‍ය ව, අස්ථිර ව, අශාස්වත ව, අල්ප ආයු ඇති ව, චුත වන ස්වභාවය ඇති ව, මේ මිනිස් බවට ආවෙමු’ යි.

ආයුෂ්මත්නි, ඔබලා මෙසේ සකස් කරගන්නා ලද මනෝපදෝසික දෙවියන් මුල් කොට ලෝකය සකස් වීම පිළිබඳ මතවාදය ආචාර්යවාදයක් ලෙස පණවව් ද?”

එවිට ඔවුහු මෙසේ කීවාහු ය.

“ඇවැත් ගෞතමයෙනි, ආයුෂ්මත් ගෞතම තෙමේ යම් පරිදි පැවසුවේ ද, එය එපරිද්දෙන් ම අප විසින් අසන ලද්දේ ය.”

අග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි තඤ්ච පජානාමි ….(පෙ)…. යදභිජානං තථාගතෝ නෝ අනයං ආපජ්ජති.

භාර්ගවයෙනි, මම ලෝකය සකස් වීම පිළිබඳ මතවාද ත් දනිමි. එය ත් දනිමි. එයට වඩා උත්තරීතර වූ දෙය ත් දනිමි. එය දැන, සිතින් ග්‍රහණය නොකරමි. සිතින් ග්‍රහණය නොකරන්නේ මා විසින් තමා තුළ ම කෙලෙසුන්ගේ නිවීම දන්නා ලද්දේ ය. එම නිවීම දන්නා තථාගත තෙමේ ලොව පිළිබඳ තමා දත් දෙයින් කරදරයකට පත් නොවෙයි.

33. සන්ති භග්ගව ඒකේ සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපෙන්ති. ත්‍යාහං උපසංකමිත්වා ඒවං වදාමි: සච්චං කිර තුම්හේ ආයස්මන්තෝ අධිච්චසමුප්පන්නං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපේථා?ති. තේ ච මේ ඒවං පුට්ඨා ‘ආමෝ’ති පටිජානන්ති. ත්‍යාහං ඒවං වදාමි: කථංවිහිතකං නෝ පන තුම්හේ ආයස්මන්තෝ අධිච්චසමුප්පන්නං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපේථා?ති. තේ මයා පුට්ඨා න සම්පායන්ති අසම්පායන්තා මමඤ්ඤේව පටිපුච්ඡන්ති. තේසාහං පුට්ඨෝ බ්‍යාකරෝමි: “සන්තාවුසෝ අසඤ්ඤසත්තා නාම දේවා. සඤ්ඤුප්පාදා ච පන තේ දේවා තම්හා කායා චවන්ති. ඨානං ඛෝ පනේතං ආවුසෝ විජ්ජති, යං අඤ්ඤතරෝ සත්තෝ තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති, ඉත්ථත්තං ආගතෝ සමානෝ අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතෝ සමානෝ ආතප්පමන්වාය පධානමන්වාය ….(පෙ)…. තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ තං සඤ්ඤුප්පාදං අනුස්සරති, තතෝ පරං නානුස්සරතී’ති. සෝ ඒවමාහ: අධිච්චසමුප්පන්නෝ අත්තා ච ලෝකෝ ච. තං කිස්ස හේතු? අහං පුබ්බේ නාහෝසිං, සෝ’ම්හි ඒතරහි අහුත්වා සන්තතාය පරිණතෝ”ති. ඒවංවිහිතකං නෝ පන තුම්හේ ආයස්මන්තෝ අධිච්චසමුප්පන්නං ආචරියකං අග්ගඤ්ඤං පඤ්ඤපේථා”ති. තේ ඒවමාහංසු: “ඒවං ඛෝ නෝ ආවුසෝ ගෝතම සුතං යථේවායස්මා ගෝතමෝ ආහා”ති. අග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි, තඤ්ච පජානාමි, තතෝ ච උත්තරිතරං පජානාමි, තඤ්ච පජානනං න පරාමසාමි, අපරාමසතෝ ච මේ පච්චත්තඤ්ඤේව නිබ්බුති විදිතා, යදභිජානං තථාගතෝ නෝ අනයං ආපජ්ජති.

භාර්ගවයෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිති. ලොව ඉබේ හටගත් දෙයක් යන මතවාදය ආචාර්යවාදයක් ලෙස පණවත්. මම ඔවුන් වෙත ගොස් මෙසේ කියමි.

“සැබෑ ද ආයුෂ්මත්නි, ඔබලා ලොව ඉබේ හටගත් දෙයක් යන මතවාදය ආචාර්යවාදයක් ලෙස පණවව් ද?”

මා විසින් මෙසේ අසන ලද ඔවුහු “එසේ ය” යි පිළිතුරු දෙති. එවිට මම ඔවුන්ට මෙසේ කියමි. “ආයුෂ්මත්නි, ඔබලා ලොව ඉබේ හටගත් දෙයක් යන මතය ආචාර්යවාදයක් ලෙසින් කවර අයුරින් ඇති දෙයක් ලෙස පණවව් ද?”

මා විසින් අසන ලද ඔවුහු පිළිතුරු සපයන්නට නොහැකි වෙති. පිළිතුරු සැපයිය නොහැකි ව පෙරළා මගෙන් ම අසති. ඔවුන් විසින් අසන ලද මම පිළිතුරු දෙමි.

“ඇවැත්නි, සංඥාවක් නොගෙන සිටින හෙවත් අසඤ්ඤසත්ත නමින් දෙවිවරු සිටිති. ඒ දෙවිවරු සංඥාව ඉපදීමෙන් ම ඒ දෙව්ලොවින් චුත වෙති.

ඇවැත්නි, එක්තරා සත්වයෙක් ඒ දෙව්ලොවින් චුත ව මේ මිනිසත් බවට එයි යන කරුණ දකින්නට ලැබෙයි. මේ මිනිසත් බවට පැමිණියේ ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූයේ උත්සාහය වඩා, බලවත් වීරිය වඩා, නැවත නැවත වීරිය වඩා, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීම නිසා යම් සේ එකඟ වූ සිතින් ඒ පෙර ගත කළ ජීවිතය සිහි කරයි ද, ඉන් ඔබ්බට ජීවිතය සිහි නොකරයි ද, එබඳු වූ චිත්ත සමාධියක් ලබයි.

යම්බඳු සමාහිත සිතකින් ඒ සංඥාවෙහි ඉපදීම සිහි කරයි. එයින් එහාට සිහි නොකරයි. එවිට ඔහු මෙසේ කියයි. ‘ආත්මයත් ලෝකය ඉබේ හටගත්තකි. ඒ මක් නිසා ද යත්; මම පෙර නොසිටියෙමි. පෙර නොසිටි ඒ මම දැන් පැවැත්මට පරිණාමය වී සිටිමි.”

ආයුෂ්මත්නි, ඔබලා මෙසේ සකස් කරගන්නා ලද ලෝකය ඉබේ හටගත් දෙයක් යන මතවාදය ආචාර්යවාදයක් ලෙස පණවව් ද?”

එවිට ඔවුහු මෙසේ කීවාහු ය.

“ඇවැත් ගෞතමයෙනි, ආයුෂ්මත් ගෞතම තෙමේ යම් පරිදි පැවසුවේ ද, එය එපරිද්දෙන් ම අප විසින් අසන ලද්දේ ය.”

භාර්ගවයෙනි, මම ලෝකය සකස් වීම පිළිබඳ මතවාද ත් දනිමි. එය ත් දනිමි. එයට වඩා උත්තරීතර වූ දෙය ත් දනිමි. එය දැන, සිතින් ග්‍රහණය නොකරමි. සිතින් ග්‍රහණය නොකරන්නේ මා විසින් තමා තුළ ම කෙලෙසුන්ගේ නිවීම දන්නා ලද්දේ ය. එම නිවීම දන්නා තථාගත තෙමේ ලොව පිළිබඳ තමා දත් දෙයින් කරදරයකට පත් නොවෙයි.

34. ඒවංවාදිං ඛෝ මං භග්ගව ඒවමක්ඛායිං ඒකේ සමණබ්‍රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතේන අබ්භාචික්ඛන්ති: “විපරීතෝ සමණෝ ගෝතමෝ භික්ඛවෝ ච. සමණෝ ගෝතමෝ ඒවමාහ: යස්මිං සමයේ සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරති සබ්බං තස්මිං සමයේ අසුභන්ත්වේව පජානාතී’ති. න ඛෝ පනාහං භග්ගව ඒවං වදාමි: යස්මිං සමයේ සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරති. සබ්බං තස්මිං සමයේ අසුභන්තේව පජානාතී’ති. ඒවං ච ඛ්වාහං භග්ගව වදාමි: යස්මිං සමයේ සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරති, සුභන්ත්වේව තස්මිං සමයේ පජානාතී’ති.

භාර්ගවයෙනි, මෙසේ කියන, මෙසේ කරුණු පවසන මා හට ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු සත්‍ය නොවූ, තුච්ඡ වූ, බොරුවෙන්, අභූතයෙන් දොස් නගති. ‘ශ්‍රමණ ගෞතමයෝ ත්, ඔහුගේ ශ්‍රාවක භික්ෂූහු ත් පෙරළී ගිය සිතැත්තෝ ය. ශ්‍රමණ ගෞතමයෝ මෙසේ කියත් නොවැ. ‘යම් අවස්ථාවක සුභ විමෝක්ෂයක් උපදවා වාසය කරයි ද, එසමයෙහි සියල්ල අසුභ වශයෙන් දැනගනියි’ කියා ය. භාර්ගවයෙනි, මම මෙසේ ‘යම් අවස්ථාවක සුභ විමෝක්ෂයක් උපදවා වාසය කරයි ද, එසමයෙහි සියල්ල අසුභ වශයෙන් දැනගනියි’ කියා නොකියමි. භාර්ගවයෙනි, යම් අවස්ථාවක සුභ විමෝක්ෂයක් උපදවා වාසය කරයි ද, එසමයෙහි ‘සුභ ම යැයි දැනගනියි’ කියා මෙසේ ය මා පවසන්නේ.”

“තේ ච භන්තේ විපරීතා යේ භගවන්තං විපරීතතෝ දහන්ති භික්ඛවෝ ච. ඒවං පසන්නෝ අහං භන්තේ භගවති, පහෝති ච මේ භගවා තථා ධම්මං දේසේතුං යථා අහං සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරෙය්‍යන්ති.”

“ස්වාමීනී, යමෙක් භාග්‍යවතුන් වහන්සේ ත්, භික්ෂූහු ත් පෙරළී ගිය සිත් ඇත්තවුන් සේ පිළිගනිත් ද, පෙරළී ගිය සිත් ඇත්තෝ ඔවුහූ ම ය. ස්වාමීනී, යම් සේ මම සුභ විමෝක්ෂය උපදවා ගෙන වාසය කරන්නෙම් නම්, ඒ අයුරින් මා හට ධර්මය දේශනා කරන්නට භාග්‍යවතුන් වහන්සේ සමර්ථ වන සේකැ යි මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදී සිටිමි.”

“දුක්කරං ඛෝ ඒවං භග්ගව තයා අඤ්ඤදිට්ඨිකේන අඤ්ඤඛන්තිකේන අඤ්ඤරුචිකේන අඤ්ඤත්‍රායෝගේන අඤ්ඤත්‍රාචරියකේන සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරිතුං. ඉංඝ ත්වං භග්ගව යෝ ච තේ අයං මයි පසාදෝ තමේව ත්වං සාධුකමනුරක්ඛා”ති.

“භාර්ගවයෙනි, මෙබඳු අන්‍ය මතවාදයකින් යුත්, අන්‍ය ලබ්ධික වූ, අන් මතයක් රුචි කරන, අන් වැඩපිළිවෙලක යෙදී සිටින, අන්‍ය තීර්ථක ආචාර්යවරයෙක් වූ ඔබ විසින් සුභ විමෝක්ෂය උපදවා වාසය කරන්නට දුෂ්කර ය. එහෙයින් භාර්ගවයෙනි, ඔබ තුළ මා කෙරෙහි යම් මේ පැහැදීමක් ඇද්ද, එය පමණක් ඔබ හොඳින් රැකගන්න.”

“සචේ තං භන්තේ මයා දුක්කරං අඤ්ඤදිට්ඨිකේන අඤ්ඤඛන්තිකේන අඤ්ඤරුචිකේන අඤ්ඤත්‍රායෝගේන අඤ්ඤත්‍රාචරියකේන සුභං විමොක්ඛං උපසම්පජ්ජ විහරිතුං, යෝ ච මේ අයං භන්තේ භගවති පසාදෝ, තමේවාහං සාධුකමනුරක්ඛිස්සාමී”ති.

“ඉදින් ස්වාමීනී, අන්‍ය මතවාදයකින් යුත්, අන්‍ය ලබ්ධික වූ, අන් මතයක් රුචි කරන, අන් වැඩපිළිවෙලක යෙදී සිටින, අන්‍ය තීර්ථක ආචාර්යවරයෙක් වූ මා විසින් ඒ සුභ විමෝක්ෂය උපදවා වාසය කරන්නට දුෂ්කර නම්, ස්වාමීනී, මා තුළ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම් මේ පැහැදීමක් ඇද්ද, එය පමණක් මම හොඳින් රැකගන්නෙමි.”

ඉදමවෝච භගවා. අත්තමනෝ භග්ගවගොත්තෝ පරිබ්බාජකෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

පාථිකසුත්තං නිට්ඨිතං පඨමං.

පාථික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn3_1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M