392. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, මේ ගුරුළු යෝනි හතරක් තියෙනවා. ඒ හතර මොනවාද? බිත්තරයෙන් උපන් ගුරුළන් ඉන්නවා. මව්කුසින් උපන් ගුරුළන් ඉන්නවා. තෙත් පරිසරයෙන් උපන් ගුරුළන් ඉන්නවා. ඕපපාතිකව උපන් ගුරුළන් ඉන්නවා. පින්වත් මහණෙනි, මේක තමයි ගුරුළු යෝනි හතර.
සාදු! සාදු!! සාදු!!!
සුද්ධික සූත්‍රය නිමා විය.
393. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, මේ ගුරුළු යෝනි හතරක් තියෙනවා. ඒ හතර මොනවාද? බිත්තරයෙන් උපන් ගුරුළන් ඉන්නවා. මව්කුසින් උපන් ගුරුළන් ඉන්නවා. තෙත් පරිසරයෙන් උපන් ගුරුළන් ඉන්නවා. ඕපපාතිකව උපන් ගුරුළන් ඉන්නවා.
පින්වත් මහණෙනි, එහිලා අණ්ඩජ ගුරුළන් අණ්ඩජ නාගයන්ව අරගෙන යනවා. නමුත් ජලාබුජ නාගයන්ව, සංසේදජ නාගයන්ව, ඕපපාතික නාගයන්ව අරගෙන යන්නේ නෑ.
පින්වත් මහණෙනි, එහිලා ජලාබුජ ගුරුළන් අණ්ඩජ නාගයන්වත්, ජලාබුජ නාගයන්වත් අරගෙන යනවා. නමුත් සංසේදජ නාගයන්ව, ඕපපාතික නාගයන්ව අරගෙන යන්නේ නෑ.
පින්වත් මහණෙනි, එහිලා සංසේදජ ගුරුළන් අණ්ඩජ නාගයන්වත්, ජලාබුජ නාගයන්වත්, සංසේදජ නාගයන්වත් අරගෙන යනවා. නමුත් ඕපපාතික නාගයන්ව අරගෙන යන්නේ නෑ.
පින්වත් මහණෙනි, එහිලා ඕපපාතික ගුරුළන් අණ්ඩජ නාගයන්වත්, ජලාබුජ නාගයන්වත්, සංසේදජ නාගයන්වත්, ඕපපාතික නාගයන්වත් අරගෙන යනවා. පින්වත් මහණෙනි, මේ තමයි ගුරුළු යෝනි හතර.
සාදු! සාදු!! සාදු!!!
හරන්ති සූත්‍රය නිමා විය.
394. සැවැත් නුවර දී …………………
එකල්හී එක්තරා භික්ෂුවක්, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු අණ්ඩජ ගුරුළන් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය කයින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. වචනයෙන් කටයුතු කරන්නේ දෙවිදිහකින්. මනසින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. ඔහුට අසන්ට ලැබෙනවා අණ්ඩජ ගුරුළන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ අණ්ඩජ ගුරුළන් හා එකතු වීමකට උපදිනවා නම්’ කියලා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු අණ්ඩජ ගුරුළන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු අණ්ඩජ ගුරුළන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
ද්වයකාරී සූත්‍රය නිමා විය.
395.-397 සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ජලාබුජ ගුරුළන් හා එක්වීමකට උපදිනවා නම් …. (පෙ) …. සංසේදජ ගුරුළන් …. (පෙ) …. ඕපපාතික ගුරුළන් හා එක්වීමකට උපදිනවා නම් එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය කයින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. වචනයෙන් කටයුතු කරන්නේ දෙවිදිහකින්. මනසින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. ඔහුට අසන්නට ලැබෙනවා ඕපපාතික ගුරුළන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ ඕපපාතික ගුරුළන් හා එකතුවීමකට උපදිනවා නම්’ කියලා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු ඕපපාතික ගුරුළන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ඕපපාතික ගුරුළන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය, තතිය, චතුත්ථ ද්වයකාරී සූත්‍ර නිමා විය
398. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු අණ්ඩජ ගුරුළන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය කයින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. වචනයෙන් කටයුතු කරන්නේ දෙවිදිහකින්. මනසින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. ඔහුට අසන්නට ලැබෙනවා අණ්ඩජ ගුරුළන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ අණ්ඩජ ගුරුළන් හා එකතු වීමකට උපදිනවා නම්, කියලා. ඉතින් ඔහු ආහාර දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.”
සාදු! සාදු!! සාදු!!!
අන්නදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
399. පානය කරන ජාති දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
පානදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
400. වස්ත්‍ර දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
වත්ථදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
401. පාවහන් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
යානදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
402. මල් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
මාලාදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
403. සුවඳ දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ගන්ධදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
404. විලවුන් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
විලේපනදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
405. සේනාසන දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
සෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
406. ආවාස දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ආවසථදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
407. …. (පෙ) …. පහන් දල්වන උපකරණ දන් දෙනවා. එතකොට ඔහු කය බිඳී මරණින් මතු අණ්ඩජ ගුරුළන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු අණ්ඩජ ගුරුළන් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.
සාදු! සාදු!! සාදු!!!
පදීපෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
408-427. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ජලාබුජ ගුරුළන් හා එක් වීමකට උපදිනවා නම් …. (පෙ) …. සංසේදජ ගුරුළන් හා …. (පෙ) …. එක් වීමකට උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
428. ….(පෙ)…. ඕපපාතික ගුරුළන් හා එක්වීමකට උපදිනවා කියලා? පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය කයින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. වචනයෙන් කටයුතු කරන්නේ දෙවිදිහකින්. මනසින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. ඔහුට අසන්නට ලැබෙනවා ඕපපාතික ගුරුළන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ ඕපපාතික ගුරුළන් හා එකතු වීමකට උපදිනවා නම්, කියලා. ඉතින් ඔහු ආහාර දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
අන්නදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
429. පානය කරන ජාති දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
පානදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
430. වස්ත්‍ර දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
වත්ථදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
431. පාවහන් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
යානදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
432. මල් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
මාලාදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
433. සුවඳ දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ගන්ධදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
434. විලවුන් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
විලේපනදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
435. සේනාසන දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
සෙය්‍යදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
436. ආවාස දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ආවසථදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
437. පහන් දල්වන උපකරණ දන් දෙනවා. එතකොට ඔහු කය බිඳී මරණින් මතු ඕපපාතික ගුරුළන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ඕපපාතික ගුරුළන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.
සාදු! සාදු!! සාදු!!!
පදීපෙය්‍යදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
පළමු වෙනි සුපණ්ණ වර්ගය අවසන් විය.
(මෙසේ කැටි කොට තිබෙන සූත්‍ර හතළිහකි.)
තත්‍රැද්‌දානං –
එහි පිළිවෙල උද්දානයයි :
සුද්ධික සූත්‍රය, හරන්ති සූත්‍රය, ද්වකාරී සූත්‍ර හතර, දානූපකාර සූත්‍ර දහය බැගින් හතරකි. මෙසේ සූත්‍ර හතළිස් හයකි.
සුපණ්ණ සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M