සැවැත් නුවර දී ය …..
මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව විනයධරයෙක් වෙයි. ඒ කවර සත් කරුණකින් ද යත්;
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. සුළු ආපත්තිය දන්නේ ය. බරපතල ආපත්තිය දන්නේ ය. සිල්වත් ව ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව යහපත් ඇවතුම් පැවතුම් ඇති ව, අණුමාත්‍ර වරදෙහි ත් බිය දකිමින් වාසය කරයි. සික පදයන්හි සමාදන් ව හික්මෙයි. ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ, නිදුකින්, බහුල වශයෙන් ලබන්නේ ය. ආශ්‍රවයන් ක්‍ෂයයෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත් ප්‍රඥා විමුක්තිය ත් මෙලොවෙහිදී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ ය.
මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විනයධරයෙක් වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පඨම විනයධර සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව විනයධරයෙක් වෙයි. ඒ කවර සත් කරුණකින් ද යත්;
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. සුළු ආපත්තිය දන්නේ ය. බරපතල ආපත්තිය දන්නේ ය. භික්ඛු – භික්ඛුණී ප්‍රාතිමෝක්ෂයෝ විස්තර වශයෙන්, විභාග වශයෙන්, යහපත් ලෙස පවත්වමින් සූත්‍ර වශයෙන් ද, ඛන්ධක පරිවාර වශයෙන් මනා විනිශ්චයෙන් යුතුව හොඳින් ප්‍රගුණ කරන ලද්දාහු ය. ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ, නිදුකින්, බහුල වශයෙන් ලබන්නේ ය. ආශ්‍රවයන් ක්‍ෂයයෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත් ප්‍රඥා විමුක්තිය ත් මෙලොවෙහිදී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ ය.
මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විනයධරයෙක් වෙයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය විනයධර සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව විනයධරයෙක් වෙයි. ඒ කවර සත් කරුණකින් ද යත්;
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. සුළු ආපත්තිය දන්නේ ය. බරපතල ආපත්තිය දන්නේ ය. විනයෙහි ආපත්ති විනිශ්චයෙහිලා ස්ථිර ව සැක රහිත ව සිටියේ වෙයි. ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ, නිදුකින්, බහුල වශයෙන් ලබන්නේ ය. ආශ්‍රවයන් ක්‍ෂයයෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත් ප්‍රඥා විමුක්තිය ත් මෙලොවෙහිදී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ ය.
මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විනයධරයෙක් වෙයි.
සාදු! සාදු!! සාදු!!!
තතිය විනයධර සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව විනයධරයෙක් වෙයි. ඒ කවර සත් කරුණකින් ද යත්;
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. සුළු ආපත්තිය දන්නේ ය. බරපතල ආපත්තිය දන්නේ ය. නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත ව, සවිස්තර ව නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් ….(පෙ)…. කර්මානුරූප ව උපදින සත්වයන් දකියි. ආශ්‍රවයන් ක්‍ෂයයෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත් ප්‍රඥා විමුක්තිය ත් මෙලොවෙහිදී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ ය.
මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විනයධරයෙක් වෙයි.
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ විනයධර සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව විනයධර වූයේ සංඝයා ශෝභමාන කරන්නේ වෙයි. ඒ කවර සත් කරුණකින් ද යත්;
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. සුළු ආපත්තිය දන්නේ ය. බරපතල ආපත්තිය දන්නේ ය. සිල්වත් වූයේ ….(පෙ)…. සික පදයන්හි සමාදන් ව හික්මෙයි. ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ, නිදුකින්, සුව සේ ලබන්නේ ය. ආශ්‍රවයන් ක්‍ෂයයෙන් ….(පෙ)…. සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ ය.
මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විනයධර වූයේ සංඝයා ශෝභමාන කරන්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පඨම විනයධරසෝභන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව විනයධර වූයේ සංඝයා ශෝභමාන කරන්නේ වෙයි. ඒ කවර සත් කරුණකින් ද යත්;
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. සුළු ආපත්තිය දන්නේ ය. බරපතල ආපත්තිය දන්නේ ය. භික්ඛු – භික්ඛුණී ප්‍රාතිමෝක්ෂයෝ විස්තර වශයෙන්, විභාග වශයෙන්, යහපත් ලෙස පවත්වමින් සූත්‍ර වශයෙන් ද, ඛන්ධක පරිවාර වශයෙන් මනා විනිශ්චයෙන් යුතුව හොඳින් ප්‍රගුණ කරන ලද්දාහු ය. ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ, නිදුකින්, සුව සේ ලබන්නේ ය. ආශ්‍රවයන් ක්‍ෂයයෙන් ….(පෙ)…. සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ ය.
මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විනයධර වූයේ සංඝයා ශෝභමාන කරන්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය විනයධරසෝභන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව විනයධර වූයේ සංඝයා ශෝභමාන කරන්නේ වෙයි. ඒ කවර සත් කරුණකින් ද යත්;
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. සුළු ආපත්තිය දන්නේ ය. බරපතල ආපත්තිය දන්නේ ය. විනයෙහි ආපත්ති විනිශ්චයෙහිලා ස්ථිර ව සැක රහිත ව සිටියේ වෙයි. ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ, නිදුකින්, සුව සේ ලබන්නේ ය. ආශ්‍රවයන් ක්‍ෂයයෙන් ….(පෙ)…. සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ ය.
මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විනයධර වූයේ සංඝයා ශෝභමාන කරන්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
තතිය විනයධරසෝභන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව විනයධර වූයේ සංඝයා ශෝභමාන කරන්නේ වෙයි. ඒ කවර සත් කරුණකින් ද යත්;
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. සුළු ආපත්තිය දන්නේ ය. බරපතල ආපත්තිය දන්නේ ය. නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත ව, සවිස්තර ව නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් ….(පෙ)…. කර්මානුරූප ව උපදින සත්වයන් දකියි. ආශ්‍රවයන් ක්‍ෂයයෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත් ප්‍රඥා විමුක්තිය ත් මෙලොවෙහිදී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ ය.
මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව විනයධර වූයේ සංඝයා ශෝභමාන කරන්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ විනයධරසෝභන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
එකල්හී ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ
“ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා තනි ව හුදෙකලා වී අප්රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වාසය කරන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මා හට එබඳු වූ ධර්මයක් දේශනා කරන සේක් නම් යහපති.”
“උපාලි, ඔබ යම් ධර්මයක් දන්නේ නම් ‘මේ ධර්මයෝ ඒකාන්තයෙන් ම අවබෝධයෙන් කළකිරීම පිණිස ත්, විරාගය පිණිස ත්, නිරෝධය පිණිස ත්, සංසිඳීම පිණිස ත්, විශිෂ්ට ඥානය පිණිස ත්, මාර්ගඵලාවබෝධය පිණිස ත්, නිවන පිණිස ත් නොපවතින්නාහු යැයි’ එකල්හී උපාලි, ඒකාන්තයෙන් දරාගත යුත්තේ මෙය ධර්මය නොවේ ය, මෙය විනය නොවේ ය, මෙය ශාස්තෘ ශාසනය නොවේ ය කියා ය.
උපාලි, ඔබ යම් ධර්මයක් දන්නේ නම් ‘මේ ධර්මයෝ ඒකාන්තයෙන් ම අවබෝධයෙන් කළකිරීම පිණිස ත්, විරාගය පිණිස ත්, නිරෝධය පිණිස ත්, සංසිඳීම පිණිස ත්, විශිෂ්ට ඥානය පිණිස ත්, මාර්ගඵලාවබෝධය පිණිස ත්, නිවන පිණිස ත් පවතින්නාහු යැයි’ එකල්හී උපාලි, ඒකාන්තයෙන් දරාගත්තේ යුත්තේ මෙය ධර්මය ය, මෙය විනය ය, මෙය ශාස්තෘ ශාසනය ය කියා ය.”
සාදු! සාදු!! සාදු!!!
සත්ථුසාසන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, උපනුපන් ආරවුල් සංසිඳවීම පිණිස, වඩා ත් සංසිඳවීම පිණිස මේ අධිකරණ සමථ සතක් ඇත්තේ ය. ඒ කවර සතක් ද යත්;
මුණගැසී සාකච්ඡා කොට විසඳීම නම් වූ සම්මුඛාවිනය දිය යුත්තේ ය. සිහිය උපදවා විසඳීම නම් වූ සතිවිනය දිය යුත්තේ ය. මුළා වූ කරුණු සාකච්ඡා කොට විසඳීම නම් වූ අමූළ්හවිනය දිය යුත්තේ ය. ප්‍රතිඥාවෙන් විසඳීම නම් වූ පටිඤ්ඤාතකරණය දිය යුත්තේ ය. අර්බුද අවස්ථාවන්හීදී ධර්මවාදී මතය ස්ථාපිත කිරීම නම් වූ යේභුය්‍යසිකාව දිය යුත්තේ ය. සංඝයා වෙතින් බැහැර කිරීමෙන් හෝ සංඝයා වෙතට ගැනීමෙන් හෝ විසඳීම නම් වූ තස්සපාපිය්‍යසිකාව දිය යුත්තේ ය. කොහෙත් ම විසඳාගත නොහැකි වූ දෙය අසුචියක් තණරොඩු ආදිය දමා වැසීම සෙයින් තිණවත්ථාරකය දිය යුත්තේ ය.
මහණෙනි, උපනුපන් ආරවුල් සංසිඳවීම පිණිස, වඩා ත් සංසිඳවීම පිණිස මේ අධිකරණ සමථ සතක් ඇත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අධිකරණසමථ සූත්‍රය නිමා විය.
තෙවෙනි විනය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
විනයධර සූත්‍ර සතර, විනයධරසෝභන සූත්‍ර සතර, සත්ථුසාසන සූත්‍රය සහ අධිකරණ සමථ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M