අංගුත්තර නිකාය

තික නිපාතෝ

17. (7) කම්මපථපෙය්‍යාලං

17. (7) කම්මපථ පෙය්‍යාලය

3.7.1.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ. කතමේහි තීහි?

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම්සේද, ඒ අයුරින්ම නිරයේ උපදිනවා. කවර කරුණු තුනකින්ද?

අත්තනා ච පාණාතිපාතී හෝති, පරඤ්ච පාණාතිපාතේ සමාදපේති, පාණාතිපාතේ ච සමනුඤ්ඤෝ හෝති.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ.

තමාත් ප්‍රාණඝාත කරනවා. අන් අයවත් ප්‍රාණඝාතයේ සමාදන් කරනවා. ප්‍රාණඝාතය අනුමතත් කරවනවා. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම්සේද, ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.2.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං සග්ගේ. කතමේහි තීහි?

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම්සේද, ඒ අයුරින්ම සුගතියේ උපදිනවා. කවර කරුණු තුනකින්ද?

අත්තනා ච පාණාතිපාතා පටිවිරතෝ හෝති, පරඤ්ච පාණාතිපාතා වේරමණියා සමාදපේති, පාණාතිපාතා වේරමණියා ච සමනුඤ්ඤෝ හෝති ….(පෙ)…. ඒවං සග්ගේ.

තමාත් ප්‍රාණඝාතයෙන් වැළකුන කෙනෙක් වෙනවා. අන් අයවත් ප්‍රාණඝාතයෙන් වැළකීමෙහි සමාදන් කරවනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.3.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච අදින්නාදායී හෝති, පරඤ්ච අදින්නාදානේ සමාදපේති, අදින්නාදානේ ච සමනුඤ්ඤෝ හෝති ….(පෙ)…. එවං නිරයේ.

තමාත් සොරකම් කරවනවා. අන් අයවත් සොරකමෙහි සමාදන් කරනවා. සොරකම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.4.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච අදින්නාදානා පටිවිරතෝ හෝති, පරඤ්ච අදින්නාදානා වේරමණියා සමාදපේති, අදින්නාදානා වේරමණියා ච සමනුඤ්ඤෝ හෝති ….(පෙ)….

තමාත් සොරකමෙන් වැළකුන කෙනෙක් වෙනවා. අන් අයවත් සොරකමෙන් වැළකීමෙහි සමාදන් කරවනවා. සොරකමෙන් වැළකීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.5.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච කාමේසුමිච්ඡාචාරී හෝති, පරඤ්ච කාමේසු මිච්ඡාචාරේ සමාදපේති, කාමේසු මිච්ඡාචරේ සමනුඤ්ඤෝ හෝති ….(පෙ)…. එවං නිරයේ.

තමාත් වැරදි කාමසේවනයෙහි යෙදෙනවා. අන් අයවත් වැරදි කාම සේවනයෙහි සමාදන් කරවනවා. වැරදි කාම සේවනය අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.6.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, පරඤ්ච කාමේසු මිච්ඡාචාරා වේරමණියා සමාදපේති, කාමේසු මිච්ඡාචාරා වේරමණියා ච සමනුඤ්ඤෝ හෝති ….(පෙ)…. ඒවං සග්ගේ.

තමාත් වැරදි කාම සේවනයෙන් වැළකුන කෙනෙක් වෙනවා. අන් අයවත් වැරදි කාම සේවනයෙන් වැළකීමෙහි සමාදන් කරවනවා. වැරදි කාම සේවනයෙන් වැළකීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.7.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච මුසාවාදී හෝති, පරඤ්ච මුසාවාදේ සමාදපේති, මුසාවාදේ ච සමනුඤ්ඤෝ හෝති. ….(පෙ)…. ඒවං නිරයේ.

තමාත් බොරු කීමෙහි යෙදෙනවා. අන් අයවත් බොරු කීමෙහි සමාදන් කරවනවා. බොරුකීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.8.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච මුසාවාදා පටිවිරතෝ හෝති, පරඤ්ච මුසාවාදා වේරමණියා සමාදපේති, මුසාවාදා වේරමණියා ච සමනුඤ්ඤෝ හෝති. ….(පෙ)…. ඒවං සග්ගේ.

තමාත් බොරු කීමෙන් වැළකුන කෙනෙක් වෙනවා. අන් අයවත් බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවනවා. බොරු කීමෙන් වැළකීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.9.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච පිසුණවාචෝ හෝති, පරඤ්ච පිසුනාය වාචාය සමාදපේති, පිසුනාය වාචාය ච සමනුඤ්ඤෝ හෝති. ….(පෙ)…. ඒවං නිරයේ.

තමාත් කේළාම් කියනවා. අන් අයවත් කේළාම් කීමෙහි සමාදන් කරවනවා. කේළාම් කීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.10.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච පිසුනාය වාචාය පටිවිරතෝ හෝති, පරඤ්ච පිසුනාය වාචාය වේරමණියා සමාදපේති, පිසුනාය වාචාය වේරමණියා ච සමනුඤ්ඤෝ හෝති. ….(පෙ)…. ඒවං සග්ගේ.

තමාත් කේළාම් කීමෙන් වැළකුන කෙනෙක් වෙනවා. අන් අයවත් වැරදි කේළාම් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවනවා. කේළාම් කීමෙන් වැළකීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.11.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච ඵරුසාවාචෝ හෝති, පරඤ්ච ඵරුසාය වාචාය සමාදපේති, ඵරුසාය වාචාය ච සමනුඤ්ඤෝ හෝති. ….(පෙ)…. ඒවං නිරයේ.

තමාත් පරුෂ වචන කියනවා. අන් අයවත් පරුෂ වචන කීමෙහි සමාදන් කරනවා. පරුෂ වචන කීම අනුමතත් කරවනවා. ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.12.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති. පරඤ්ච ඵරුසාය වාචාය වේරමණියා සමාදපේති, ඵරුසාය වාචාය වේරමණියා ච සමනුඤ්ඤෝ හෝති. ….(පෙ)…. ඒවං සග්ගේ.

තමාත් පරුෂ වචන කීමෙන් වැළකුන කෙනෙක් වෙනවා. අන් අයවත් පරුෂ වචන කීමෙන් වැළකීමෙහි සමාදන් කරවනවා. පරුෂ වචන කීමෙන් වැළකීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.13.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච සම්ඵප්පලාපී හෝති, පරඤ්ච සම්ඵප්පලාපේ සමාදපේති, සම්ඵප්පලාපේ ච සමනුඤ්ඤෝ හෝති ….(පෙ)…. ඒවං නිරයේ.

තමාත් හිස් වචන කියනවා. අන් අයවත් හිස් වචන කීමෙහි සමාදන් කරනවා. හිස් වචන කීම අනුමතත් කරවනවා. ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.14.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති, පරඤ්ච සම්ඵප්පලාපා වේරමණියා සමාදපේති, සම්ඵප්පලාපා වේරමණියා ච සමනුඤ්ඤෝ හෝති. ….(පෙ)…. ඒවං සග්ගේ.

තමාත් හිස් වචන කීමෙන් වැළකුන කෙනෙක් වෙනවා. අන් අයවත් හිස් වචන කීමෙන් වැළකීමෙහි සමාදන් කරවනවා. හිස් වචන කීමෙන් වැළකීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.15.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච අභිජ්ඣාලු හෝති, පරඤ්ච අභිජ්ඣාය සමාදපේති, අභිජ්ඣාය ච සමනුඤ්ඤෝ හෝති ….(පෙ)…. ඒවං නිරයේ.

තමාත් වැරදි අන්සතු දෙයට ආශා කරනවා. අන් අයවත් අන්සතු දෙයට ආශා කිරීමෙහි සමාදන් කරවනවා. අන්සතු දෙයට ආශා කිරීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.16.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච අනභිජ්ඣාලු හෝති, පරඤ්ච අනභිජ්ඣාය සමාදපේති, අනභිජ්ඣාය ච සමනුඤ්ඤෝ හෝති ….(පෙ)…. ඒවං සග්ගේ.

තමාත් තමාත් අන්සතු දෙයට ආශා කිරීමෙන් වැළකුන කෙනෙක් වෙනවා. අන් අයවත් අන්සතු දෙයට ආශා කිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවනවා. අන්සතු දෙයට ආශා කිරීමෙන් වැළකීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.17.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච ව්‍යාපන්නචිත්තෝ හෝති, පරඤ්ච ව්‍යාපාදේ සමාදපේති, ව්‍යාපාදේ ච සමනුඤ්ඤෝ හෝති ….(පෙ)…. ඒවං නිරයේ.

තමාත් ව්‍යාපාදයට පත් සිත් ඇති කෙනෙක් වෙනවා. අන් අයවත් වැරදි ව්‍යාපාදයෙහි සමාදන් කරවනවා. ව්‍යාපාදය අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.18.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච අව්‍යාපන්නචිත්තෝ හෝති, පරඤ්ච අව්‍යාපාදේ සමාදපේති, අව්‍යාපාදේ ච සමනුඤ්ඤෝ හෝති ….(පෙ)…. ඒවං සග්ගේ.

තමාත් ව්‍යාපාදයෙන් වැළකුන කෙනෙක් වෙනවා. අන් අයවත් ව්‍යාපාදයෙන් වැළකීමෙහි සමාදන් කරවනවා. ව්‍යාපාදයෙන් වැළකීම අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.19.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච මිච්ඡාදිට්ඨිකෝ හෝති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපේති, මිච්ඡාදිට්ඨියා ච සමනුඤ්ඤෝ හෝති ….(පෙ)…. ඒවං නිරයේ.

තමාත් වැරදි මිත්‍යා දෘෂ්ටික කෙනෙක් වෙනවා. අන් අයවත් මිත්‍යා දෘෂ්ටියෙහි සමාදන් කරවනවා. මිත්‍යා දෘෂ්ටිය අනුමතත් කරනවා. ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

3.7.20.

[තීහි භික්ඛවේ, ධම්මේහි ….(පෙ)….]

(පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)….)

අත්තනා ච සම්මාදිට්ඨිකෝ හෝති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපේති, සම්මාදිට්ඨියා ච සමනුඤ්ඤෝ හෝති.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං සග්ගේති.

තමාත් සම්‍යක් දෘෂ්ටික කෙනෙක් වෙනවා. අන් අයවත් සම්‍යක් දෘෂ්ටියෙහි සමාදන් කරවනවා. සම්මා දිට්ඨිය අනුමතත් කරනවා. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරකින්ද, ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

කම්මපථපෙය්‍යාලං නිට්ඨිතං.

කම්මපථ පෙය්‍යාලය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M