සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ සම්‍යක් ප්‍රධන් වීර්යයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. උපන් පාපී අකුසල් දහම් ප්රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. නූපන් කුසල් දහම් ඉපිදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. උපන් කුසල් දහම් දිගට ම පැවැත්වීම පිණිස ත්, එහි නොමුලා බව පිණිස ත්, බොහෝ සෙයින් දියුණු වීම පිණිස ත්, විපුල බව පිණිස ත්, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත් කිරීම පිණිස ත් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.
මහණෙනි, මේ වනාහී සම්‍යක් ප්‍රධන් වීර්යයෝ සතර යි.
මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, සතර සම්‍යක් ප්‍රධන් වීර්යය දියුණු කරන්නා වූ, සතර සම්‍යක් ප්‍රධන් වීර්යය බහුල ව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුණේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.
මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, කුමන අයුරින් සතර සම්‍යක් ප්‍රධන් වීර්යය දියුණු කරන විට ද? කුමන අයුරින් සතර සම්‍යක් ප්‍රධන් වීර්යය බහුල ව ප්‍රගුණ කරන විට ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. උපන් පාපී අකුසල් දහම් ප්රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. නූපන් කුසල් දහම් ඉපිදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. උපන් කුසල් දහම් දිගට ම පැවැත්වීම පිණිස ත්, එහි නොමුලා බව පිණිස ත්, බොහෝ සෙයින් දියුණු වීම පිණිස ත්, විපුල බව පිණිස ත්, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත් කිරීම පිණිස ත් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.
මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, මේ අයුරින් සතර සම්‍යක් ප්‍රධන් වීර්යය දියුණු කරන විට ය. මේ අයුරින් සතර සම්‍යක් ප්‍රධන් වීර්යය බහුල ව ප්‍රගුණ කරන විට ය.
මහණෙනි, මේ සම්‍යක් ප්‍රධානයෝ සතරකි. ….(පෙ)….නිවනට බර වූයේ වෙයි.
(පෙර පරිදි විස්තර කළ යුත්තේ ය.)
පළමු වෙනි ගංගා පෙය්යාල වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
පාචීනනින්න සූත්‍ර සයකි. සමුද්දනින්න සූත්‍ර සූත්‍ර සයකි. මෙසේ සතර බැගින් සූත්‍ර දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ. මුළු සූත්‍ර ගණන හතළිස් අටකි.
මහණෙනි, යම්තාක් පා රහිත වූ ද, දෙපා ඇත්තා වූ ද, සිවු පා ඇත්තා වූ ද, බොහෝ පා ඇත්තා වූ ද සත්වයෝ සිටිත් ද, ….(පෙ)… බහුල ව ප්‍රගුණ කරයි.
(පෙර පරිදි විස්තර කළ යුත්තේ ය.)
දෙවෙනි අප්පමාද වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ වශයෙන් සූත්‍ර සතර බැගින් වූ දසයකි. මුළු සූත්‍ර ගණන සතළිහකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
මහණෙනි, යම් සේ කායික සවියෙන් යුතු ව කළ යුතු යම්කිසි කර්මාන්තාදිය කරත් නම්, ඒ සියල්ල පොළොව නිසා, පොළොවෙහි පිහිටා මෙසේ මේ කාය බලයෙන් යුතු ව කළ යුතු කර්මාන්ත කරනු ලැබේ.
එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් සීලය නිසා, සීලයෙහි පිහිටා සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වඩයි. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය බහුල කරයි.
මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා ආර්ය සතර ස්යමක් ප්‍රධාන වීර්යය දියුණු කරන්නේ කෙසේ ද? සතර ස්යමක් ප්‍රධාන වීර්යය බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. උපන් පාපී අකුසල් දහම් ප්රහාණය කිරීම පිණිස ….(පෙ)…. නූපන් කුසල් දහම් ඉපිදවීම පිණිස ….(පෙ)…. උපන් කුසල් දහම් දිගට ම පැවැත්වීම පිණිස ත්, එහි නොමුලා බව පිණිස ත්, බොහෝ සෙයින් දියුණු වීම පිණිස ත්, විපුල බව පිණිස ත්, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත් කිරීම පිණිස ත් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.
මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා මෙසේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය දියුණු කරයි. මෙසේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය බහුල ව ප්‍රගුණ කරයි.
(මේ ආකාරයට හතළිස් අට සූත්‍රයන් විස්තර කළ යුත්තේය.)
තුන්වෙනි බලකරණීය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස වශයෙන් සූත්‍ර සතර බැගින් කොටස් සතකි. මේඝ සූත්‍ර සතර බැගින් කොටස් දෙකකි. නාවා, ආගන්තුක, නදී වශයෙන් සූත්‍ර සතර බැගින් කොටස් තුනකි. මුළු සූත්‍ර ගණන හතළිස් අටකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ සෙවීම් තුනකි. ඒ කවර තුනක් ද යත්; කාමයන් සෙවීම ය. භවයන් සෙවීම ය. වැරදි මාර්ගයෙන් විමුක්තිය සෙවීම ය. මහණෙනි, මේ වනාහී සෙවීම් තුන යි. මහණෙනි, මේ සෙවීම් තුන විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වැඩිය යුත්තේ ය. කවර සතර සම්‍යක් ප්‍රධාන වීර්යයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. ….(පෙ)…. උපන් කුසල් දහම් දිගට ම පැවැත්වීම පිණිස ත්, එහි නොමුලා බව පිණිස ත්, බොහෝ සෙයින් දියුණු වීම පිණිස ත්, විපුල බව පිණිස ත්, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත් කිරීම පිණිස ත් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. මහණෙනි, මේ සෙවීම් තුන විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වැඩිය යුත්තේ ය. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.
(මේ ආකාරයට අභිඤ්ඤා – පරිඤ්ඤා – පරික්ඛය – පහාන වශයෙන් සොළොස බැගින් කොට සූත්‍ර එකසිය හැටක් විස්තර කළ යුත්තේ ය.)
සිව් වෙනි ඒසනා වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා වශයෙන් දහසය බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන එකසිය හැටකි.
මහණෙනි, මේ සැඩපහර සතරකි. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.
(විස්තර කළ යුත්තේ ය.)
මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. ඒ කවර පසක් ද යත්; රූපරාගය ය, අරූපරාගය ය, මාන්නය ය, උද්ධච්චය ය, අවිද්‍යාව ය. මහණෙනි, මේ වනාහී පංච උද්ධම්භාගිය සංයෝජනයෝ ය.
මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්රහාණය පිණිස සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වැඩිය යුත්තේ ය. කවර සතරක් ද යත්,
මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. උපන් පාපී අකුසල් දහම් ප්රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. නූපන් කුසල් දහම් ඉපිදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. උපන් කුසල් දහම් දිගට ම පැවැත්වීම පිණිස ත්, එහි නොමුලා බව පිණිස ත්, බොහෝ සෙයින් දියුණු වීම පිණිස ත්, විපුල බව පිණිස ත්, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත් කිරීම පිණිස ත් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.
මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්රහාණය පිණිස මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වැඩිය යුත්තේ ය.
(පෙර පරිදි ම එකසිය හැටක් වූ සූත්‍ර විස්තර කළ යුත්තේ ය.)
පස්වෙනි ඕඝ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය වශයෙන් සූත්‍ර දහසය බැගින් වූ කොටස් දසයකි. මුළු සූත්‍ර ගණන එකසිය හැටකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
සම්මප්පධාන සංයුත්තය අවසන් විය.
එහි වර්ග නාමාවලිය :
ගංගාපෙය්‍යාල වර්ගය, අප්පමාද වර්ගය, බලකරණීය වර්ගය, ඒසනා වර්ගය සහ ඕඝ වර්ගය වශයෙන් මෙම සම්මප්පධාන සංයුත්තයෙහි වර්ග පසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M