සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.17.1.-119. – 4.17.120. පුන ඕඝ වග්ගෝ

4.17.1.-119. – 4.17.120. පුන ඕඝ වර්ගය

4.17.1.-119. සැඩපහර ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, මේ සැඩපහර සතරකි. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.

4.17.120. උද්ධම්භාගිය සංයෝජන ගැන වදාළ දෙසුම්

මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. ඒ කවර පසක් ද යත්; රූපරාගය ය, අරූපරාගය ය, මාන්නය ය, උද්ධච්චය ය, අවිද්‍යාව ය. මහණෙනි, මේ වනාහී පංච උද්ධම්භාගිය සංයෝජනයෝ ය. මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස පංච ඉන්ද්‍රියයන් වැඩිය යුත්තේ ය. කවර පසක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව නිවනට නැමී, නිවනට නැඹුරු වී, නිවට බර වී ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩයි. ….(පෙ)…. නිවනට නැමී, නිවනට නැඹුරු වී, නිවට බර වී ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි. මහණෙනි, මේ පංච

උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස මේ පංච ඉන්ද්‍රියයන් වැඩිය යුත්තේ ය.

(මෙහි ද කලින් කී ආකාරයෙන් ද, විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම ආදී වශයෙන් ද, මේ එකසිය විසි සූත්‍රයන් විස්තර කළ යුත්තේ ය.)

දහහත් වෙනි පුන ඕඝ වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය වශයෙන් සූත්‍ර දොළොස බැගින් වන කොටස් දසයකි. මුළු සූත්‍ර ගණන එකසිය විස්සකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

ඉන්ද්‍රිය සංයුත්තය අවසන් විය.

එහි වර්ග නාමාවලිය :

සුද්ධක වර්ගය, මුදුතර වර්ගය, ඡළින්ද්‍රිය වර්ගය, සුඛින්ද්‍රිය වර්ගය, ජරා වර්ගය, සූකරඛත වර්ගය, සම්බෝධි වර්ගය, ගංගාපෙය්‍යාල වර්ගය, අප්පමාද වර්ගය, බලකරණීය වර්ගය, ඒසනා වර්ගය සහ ඕඝ වර්ගය ද, නැවත පුන ගංගා පෙය්‍යාල වර්ගය ආදී වර්ග පසත් සමඟ වශයෙන් මෙම ඉන්ද්‍රිය සංයුත්තයෙහි වර්ග දහ හතකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-17-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M