අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

20. අමතවග්ගෝ

20. අමත වර්ගය

අමතං තේ භික්ඛවේ, න පරිභුඤ්ජන්ති, යේ කායගතාසතිං න පරිභුඤ්ජන්ති.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පරිභෝග කරන්නේ නැත්නම්, ඔවුන් අමෘතය පරිභෝග කරන්නේ නෑ.”

අමතං තේ භික්ඛවේ, පරිභුඤ්ජන්ති, යේ කායගතාසතිං පරිභුඤ්ජන්ති.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පරිභෝග කරනවා නම්, ඔවුන් අමෘතය පරිභෝග කරනවා.”

අමතං තේසං භික්ඛවේ, අපරිභුත්තං, යේසං කායගතාසති අපරිභුත්තා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය නොවැළඳුවා නම්, ඔවුන් අමෘතය වැළඳුවා වෙන්නේ නෑ.”

අමතං තේසං භික්ඛවේ, පරිභුත්තං, යේසං කායගතාසති පරිභුත්තා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය වැළඳුවා නම්, ඔවුන් අමෘතය වැළඳුවා වෙනවා.”

අමතං තේසං භික්ඛවේ, පරිහීනං, යේසං කායගතාසති පරිහීනා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතියෙන් පිරිහුනොත්, ඔවුන් අමෘතයෙන් පිරිහුනා වෙනවා.”

අමතං තේසං භික්ඛවේ, අපරිහීනං, යේසං කායගතාසති අපරිහීනා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතියෙන් පිරිහුනේ නැත්නම්, ඔවුන් අමෘතයෙන් පිරිහුනේ නෑ.”

අමතං තේසං භික්ඛවේ, විරද්ධං, යේසං කායගතාසති විරද්ධා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය අතහැරියොත්, ඔවුන් අමෘතය අත්හැරියා වෙනවා.”

අමතං තේසං භික්ඛවේ, ආරද්ධං යේසං කායගතාසති ආරද්ධා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පටන් ගත්තොත්, ඔවුන් අමෘතය පටන් ගත්තා වෙනවා.”

අමතං තේ භික්ඛවේ, පමාදිංසු, යේ කායගතාසතිං පමාදිංසු.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය ප්‍රමාද කළොත්, ඔවුන් අමෘතය ප්‍රමාද කළා වෙනවා.”

අමතං තේ භික්ඛවේ, න පමාදිංසු, යේ කායගතාසතිං න පමාදිංසු.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය ප්‍රමාද කළේ නැත්නම්, ඔවුන් අමෘතය ප්‍රමාද කළා වෙන්නේ නෑ.”

අමතං තේසං භික්ඛවේ, පමුට්ඨං, යේසං කායගතාසති පමුට්ඨා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතියෙහි සිත හරියට පිහිටුවන්නේ නැතුව මුලා වුනොත්, ඔවුන් අමෘතයේ මුලා වුනා වෙනවා.”

අමතං තේසං භික්ඛවේ, අපම්මුට්ඨං, යේසං කායගතාසති අපම්මුට්ඨා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය තුළ මුලා නොවී සිහිය පිහිටුවා ගත්තොත්, ඔවුන් අමෘතයෙහි මුලා නොවී සිටියා වෙනවා.”

අමතං තේසං භික්ඛවේ, අනාසේවිතං, යේසං කායගතාසති අනාසේවිතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය සේවනය කළේ නැත්නම්, ඔවුන් අමෘතය සේවනය කළා වෙන්නේ නෑ.”

අමතං තේසං භික්ඛවේ, ආසේවිතං, යේසං කායගතාසති ආසේවිතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය සේවනය කළොත්, ඔවුන් අමෘතය සේවනය කළා වෙනවා.”

අමතං තේසං භික්ඛවේ, අභාවිතං, යේසං කායගතාසති අභාවිතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය වැඩුවෙ නැත්නම්, ඔවුන් අමෘතය වැඩුවා වෙන්නෙ නෑ.”

අමතං තේසං භික්ඛවේ, භාවිතං, යේසං කායගතාසති භාවිතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය වැඩුවොත්, ඔවුන් අමෘතය වැඩුවා වෙනවා.”

අමතං තේසං භික්ඛවේ, අබහුලීකතං, යේසං කායගතාසති අබහුලීකතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය බහුලව පුරුදු කළේ නැත්නම්, ඔවුන් අමෘතය බහුලවම පුරුදු කළා වෙන්නෙ නෑ.

අමතං තේසං භික්ඛවේ, බහුලීකතං, යේසං කායගතාසති බහුලීකතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය බහුලව පුරුදු කළොත්, ඔවුන් අමෘතයම බහුලව පුරුදු කළා වෙනවා.

අමතං තේසං භික්ඛවේ, අනභිඤ්ඤාතං, යේසං කායගතාසති අනභිඤ්ඤාතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය අවබෝධ කළේ නැත්නම්, ඔවුන් අමෘතය අවබෝධ කළා වෙන්නේ නෑ.

අමතං තේසං භික්ඛවේ, අභිඤ්ඤාතං, යේසං කායගතාසති අභිඤ්ඤාතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය අවබෝධ කළොත්, ඔවුන් අමෘතය අවබෝධ කළා වෙනවා.

අමතං තේසං භික්ඛවේ, අපරිඤ්ඤාතං, යේසං කායගතාසති අපරිඤ්ඤාතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පිරිසිඳ අවබෝධ කළේ නැත්නම්, ඔවුන් අමෘතය පිරිසිඳ අවබෝධ කළා වෙන්නෙ නෑ.

අමතං තේසං භික්ඛවේ, පරිඤ්ඤාතං, යේසං කායගතාසති පරිඤ්ඤාතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පිරිසිඳ අවබෝධ කළොත්, ඔවුන් අමෘතය පිරිසිඳ අවබෝධ කළා වෙනවා.

අමතං තේසං භික්ඛවේ, අසච්ඡිකතං, යේසං කායගතාසති අසච්ඡිකතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය සාක්ෂාත් කළේ නැත්නම්, ඔවුන් අමෘතය සාක්ෂාත් කළා වෙන්නේ නෑ.

අමතං තේසං භික්ඛවේ, සච්ඡිකතං, යේසං කායගතාසති සච්ඡිකතා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය සාක්ෂාත් කළොත්, ඔවුන් අමෘතය සාක්ෂාත් කළා වෙනවා.

[අමත] වග්ගෝ අට්ඨමෝ.

අටවෙනි අමත වර්ගයයි.

ඒකකනිපාතස්ස සුත්තසහස්සං සමත්තං.

ඒකක නිපාතයේ සූත්‍ර දහස නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-20/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M