අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9. (4) ඉද්ධිපාදවග්ගෝ

9. (4) ඉද්ධිපාද වර්ගය

9.2.4.1. සික්ඛාදුබ්බල්‍ය ඉද්ධිපාද සූත්‍රය

ශික්ෂාව දුර්වල බව ප්‍රහාණයට ඉර්ධිපාදයන් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ ශික්ෂා දුබලකම් පහකි. ඒ කවර පසක් ද යත්;

සතුන් මැරීම ය, ….(පෙ)…. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය ය.

මහණෙනි, මේ වනාහී පසක් වූ ශික්ෂා දුබලකම් ය. මහණෙනි, මේ පසක් වූ ශික්ෂා දුබලකම් නැසීම පිණිස සතර ඉර්ධිපාදයන් වැඩිය යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව ඡන්දසමාධිපධාන සංස්කාරයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. විරියසමාධි ….(පෙ)…. චිත්තසමාධි ….(පෙ)…. වීමංසා සමාධිපධාන සංස්කාරයෙන් යුතු ඉර්ධිපාදය වඩයි.

මහණෙනි, මේ පසක් වූ ශික්ෂා දුබලකම් නැසීම පිණිස මේ සතර ඉර්ධිපාදයන් වැඩිය යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සික්ඛාදුබ්බල්‍ය සම්මප්පධාන සූත්‍රය නිමා විය.

9.2.4.2.-9.

සැවැත් නුවර දී ය …..

(දෙවෙනි සූත්‍රයෙහි පටන් නවවෙනි සූත්‍රය තෙක් සතිපට්ඨාන වර්ගයෙහි සඳහන් වෙන ආකාරයට ඉර්ධිපාද වශයෙන් ද විස්තර කරගත යුත්තේ ය.)

9.2.4.10. විනිබන්ධ ඉද්ධිපාද සූත්‍රය

සිත වෙලාගත් කෙලෙස් බන්ධන ප්‍රහාණයට ඉර්ධිපාදයන් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සිත වෙලා ගත් කෙලෙස් බන්ධන පහකි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන් කෙරෙහි රාගය දුරු නොකළේ වෙයි. ….(පෙ)…. මහණෙනි, මේ වනාහී පසක් වූ සිත වෙළා ගත් කෙලෙස් බන්ධනයන් ය. මහණෙනි, මේ පසක් වූ සිත වෙලාගත් කෙලෙස් බන්ධනයන් ප්‍රහාණය කිරීම පිණිස මේ සතර ඉර්ධිපාදයෝ වැඩිය යුත්තාහු ය. ඒ කවර සතරක් ද යත්,

මහණෙනි, මෙහිලා භික්ෂුව ඡන්දසමාධිපධාන සංස්කාරයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. විරියසමාධි ….(පෙ)…. චිත්තසමාධි ….(පෙ)…. වීමංසා සමාධිපධාන සංස්කාරයෙන් යුතු ඉර්ධිපාදය වඩයි.

මහණෙනි, මේ පසක් වූ සිත වෙළා ගත් කෙලෙස් බන්ධනයන් ප්‍රහාණය කිරීම පිණිස මේ සතර ඉර්ධිපාදයෝ වැඩිය යුත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

විනිබන්ධ ඉද්ධිපාද සූත්‍රය නිමා විය.

සිව්වෙනි ඉර්ධිපාද වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

සතර සතිපට්ඨාන – සතර සම්‍යක්පධාන වීර්යය – සතර ඉර්ධිපාද යන මේවා පළමු පදය සමඟ යෙදිය යුත්තේ ය.

දෙවෙනි පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M