දීඝ නිකාය

සීලක්ඛන්ධ වග්ගෝ

12. ලෝහිච්ච සුත්තං

12. ලෝහිච්ච බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි යේන සාලවතිකා තදවසරි. තේන ඛෝ පන සමයේන ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ සාලවතිකං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨෝදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසේනදිනා කෝසලේන දින්නං රාජදායං බ්‍රහ්මදෙය්‍යං.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු පිරිසක් සමඟ කොසොල් රටෙහි චාරිකාවේ වඩිද්දී සාලවතී ගමටද වැඩම කළා. ඒ දිනවල ලෝහිච්ච බ්‍රාහ්මණයා වාසය කළේ සාලවතික ගමේමයි. ඒ බ්‍රාහ්මණ ගම ඔහුට පසේනදී කොසොල් රජු ගෙන් ලැබුණු තෑග්ගක්. ඒක ශ්‍රේෂ්ඨ තෑග්ගක්. එහි බොහෝ ජනයා ඉන්නවා. තණ සහිත, දර සහිත, ජලය සහිත වූ, බොහෝ ධාන්‍ය තියෙනවා. රාජ පරිභෝග ගමක්.

2. තේන ඛෝ පන සමයේන ලෝහිච්චස්ස බ්‍රාහ්මණස්ස ඒවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හෝති: ඉධ සමණෝ වා බ්‍රාහ්මණෝ වා කුසලං ධම්මං අධිගච්ඡෙය්‍ය, කුසලං ධම්මං අධිගන්ත්වා න පරස්ස ආරෝචෙය්‍ය. කිං හි පරෝ පරස්ස කරිස්සති? සෙය්‍යථාපි නාම පුරාණං බන්ධනං ඡින්දිත්වා අඤ්ඤං නවං බන්ධනං කරෙය්‍ය? ඒවං සම්පදමිදං පාපකං ලෝභධම්මං වදාමි. කිං හි පරෝ පරස්ස කරිස්සතී’ති.

ඒ කාලයේදී ලෝහිච්ච බ්‍රාහ්මණයා හට මෙවැනි වූ පවිටු මිථ්‍යා දෘෂ්ටියක් ඇතිවෙලා තිබෙනවා. ඒ කියන්නේ මෙහි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, යම් කුසල ධර්මයක් උපදවා ගෙන සිටිනවා නම්, ඒ කුසල ධර්මය උපදවාගෙන ඒ ගැන අන් අයට නොකිව යුතුයි කියලා. තව කෙනෙක් තවත් කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද? ඒක හරියට පැරණි බන්ධනයක් සිඳදමා වෙනත් අළුත් බන්ධනයක් කරනවා වගේ. තමන් උපදවාගත් කුසල ධර්ම ගැන අනුන්ට කියන එකත් ඒ වගේම පවිටු ලෝභ දෙයක්. තව කෙනෙක් තව කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද? කියලා.

3. අස්සෝසි ඛෝ ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ: සමණෝ ඛලු‍ භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි සාලවතිකං අනුප්පත්තෝ. තං ඛෝ පන භවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං, සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං. බ්‍රහ්මචරියං පකාසේති. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතීති.

ඉතින් ලෝහිච්ච බ්‍රාහ්මණයා හට මේ කාරණය අසන්නට ලැබුනා. “භවත්නි, අන්න ශාක්‍ය පුත්‍ර වූ, ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු පිරිසක් සමඟ කොසොල් ජනපදයෙහි චාරිකාවේ වඩිද්දී සාලවතික ගමටත් වැඩම කරලා ඉන්නවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි වූ කළ්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර ගොසින් තියෙනවා. “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහත් වන සේක! සම්මාසම්බුද්ධ වන සේක! විජ්ජාචරණසම්පන්න වන සේක! සුගත වන සේක! ලෝකවිදූ වන සේක! අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක! සත්ථා දේවමනුස්සානං වන සේක! බුද්ධ වන සේක! භගවා වන සේක! උන්වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙවිමිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියා දෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. ආරම්භය කළ්‍යාණ වූත්, මැද කළ්‍යාණ වූත්, අවසානය කළ්‍යාණ වූත්, අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූත්, මුළුමණින්ම පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා. එබඳු වූ රහතුන් දැකගන්නට ලැබීම කොතරම් යහපත් දෙයක්ද” කියලා.

4. අථ ඛෝ ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ භේසිකං නහාපිතං ආමන්තේසි: ඒහි ත්වං සම්ම භේසිකේ, යේන සමණෝ ගෝතමෝ තේනුපසංකම. උපසංකමිත්වා මම වචනේන සමණං ගෝතමං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: ලෝහිච්චෝ භෝ ගෝතම බ්‍රාහ්මණෝ භවන්තං ගෝතමං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතීති. ඒවඤ්ච වදේහි: අධිවාසේතු කිර භවං ගෝතමෝ ලෝහිච්චස්ස බ්‍රාහ්මණස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනාති.

ඉතින් ලෝහිච්ච බ්‍රාහ්මණයා භේසිකා නම් වූ තමාව නහවන කෙනා ඇමතුවා. “යහළු භේසිකා, මෙහෙ එන්න. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත යන්න. ගිහින් මගේ වචනයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ සැප සනීප, නීරෝග බව, සැහැල්ලු බව, කායබලය, පහසු විහරණය ගැන අසන්න. ‘භවත් ගෞතමයන් වහන්ස, ලෝහිච්ච බ්‍රාහ්මණයා භවත් ගෞතමයන් වහන්සේ ගෙන් සැප සනීප, නීරෝග බව, සැහැල්ලු බව, කායබලය, පහසු විහරණය ගැන අසනවා. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා. භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ හෙට දවසේ ලෝහිච්ච බ්‍රාහ්මණයාගේ දානය පිළිගන්නා සේක්වා’ කියලා.”

5. ඒවං භන්තේ’ති ඛෝ භේසිකා නහාපිතෝ ලෝහිච්චස්ස බ්‍රාහ්මණස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ භේසිකා නහාපිතෝ භගවන්තං ඒතදවෝච: ලෝහිච්චෝ භන්තේ බ්‍රාහ්මණෝ භගවන්තං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. ඒවඤ්ච වදේති: අධිවාසේතු කිර භන්තේ භගවා ‘ලෝහිච්චස්ස බ්‍රාහ්මණස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.

“එසේය හිමියනි” කියලා දිය නහවන භේසිකා ලෝහිච්ච බ්‍රාහ්මණයාට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුණ දිය නහවන භේසිකා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, ලෝහිච්ච බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගෙන් සැප සනීප, නීරෝග බව, සැහැල්ලු බව, කායබලය, පහසු විහරණය ගැන අසනවා. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ හෙට දවසේ ලෝහිච්ච බ්‍රාහ්මණයාගේ දානය පිළිගන්නා සේක්වා” කියලා. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එම ඇරැයුම පිළිගෙන වදාළා.

6. අථ ඛෝ භේසිකා නහාපිතෝ භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ තේනුපසංකමි. උපසංකමිත්වා ලෝහිච්චං බ්‍රාහ්මණං ඒතදවෝච: අවෝචුම්හා ඛෝ මයං භන්තේ තව වචනේන තං භගවන්තං. ලෝහිච්චෝ භන්තේ බ්‍රාහ්මණෝ භගවන්තං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. ඒවඤ්ච වදේති: අධිවාසේතු කිර භන්තේ භගවා ‘ලෝහිච්චස්ස බ්‍රාහ්මණස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා’ති. අධිවුත්ථඤ්ච පන තේන භගවතාති.

එතකොට දියනහවන භේසිකා භාග්‍යවතුන් වහන්සේ එම ඇරයුම පිළිගෙන වදාළ බව දැන අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පැදකුණු කොට ලෝහිච්ච බ්‍රාහ්මණයා සිටි තැනට ගියා. ගිහින් ලෝහිච්ච බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වා. “හිමියනි, ඔබේ වචනයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට අපි සැළ කළා. ‘ස්වාමීනි, ලෝහිච්ච බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගෙන් සැප සනීප, නීරෝග බව, සැහැල්ලු බව, කායබලය, පහසු විහරණය ගැන අසනවා. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ හෙට දවසේ ලෝහිච්ච බ්‍රාහ්මණයාගේ දානය පිළිගන්නා සේක්වා’ කියලා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ ඇරයුම පිළිගත් සේක.”

7. අථ ඛෝ ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ තස්සා රත්තියා අච්චයේන සකේ නිවේසනේ පණීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා භේසිකං නහාපිතං ආමන්තේසි: ඒහි ත්වං සම්ම භේසිකේ යේන සමණෝ ගෝතමෝ තේනුපසංකම. උපසංකමිත්වා සමණස්ස ගෝතමස්ස කාලං ආරෝචේහි: කාලෝ භෝ ගෝතම නිට්ඨිතං භත්තන්ති. ඒවං භන්තේ’ති ඛෝ භේසිකා නහාපිතෝ ලෝහිච්චස්ස බ්‍රාහ්මණස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ භේසිකා නහාපිතෝ භගවතෝ කාලං ආරෝචේසි: කාලෝ භන්තේ. නිට්ඨිතං භත්තන්ති. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසංඝේන යේන සාලවතිකා තේනුපසංකමි.

ඉතින් ලෝහිච්ච බ්‍රාහ්මණයා ඒ රෑ ඇවෑමෙන් තම නිවසෙහි ප්‍රණීත වූ වළඳන අනුභව කරන දන් පිළියෙල කොට දියනහවන භේසිකා ඇමතුවා.

“යහළු භේසිකා, ඔබ එන්න. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට යන්න. ගිහින් ‘භවත් ගෞතමයන් වහන්ස, දානය පිළියෙළ කරලා තියෙන්නේ. දැන් එයට සුදුසු කාලයයි’ කියලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට කල් දන්වන්න.” “එසේය හිමියනි” කියලා දියනහවන භේසිකා ලෝහිච්ච බ්‍රාහ්මණයාට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිට ගත්තා. එකත්පස්ව සිටි දියනහවන භේසිකා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, දානය පිළියෙළ කරලා තියෙන්නේ. දැන් එයට සුදුසු කාලයයි” කියලා කල් දැනම් දුන්නා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳපොරවා පාසිවුරු ගෙන භික්ෂු සංඝයා සමඟ සාලවතිකාවට වැඩම කළා.

8. තේන ඛෝ පන සමයේන භේසිකා නහාපිතෝ භගවන්තං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබද්ධෝ හෝති. අථ ඛෝ භේසිකා නහාපිතෝ භගවන්තං ඒතදවෝච: “ලෝහිච්චස්ස භන්තේ බ්‍රාහ්මණස්ස ඒවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: ‘ඉධ සමණෝ වා බ්‍රාහ්මණෝ වා කුසලං ධම්මං අධිගච්ඡෙය්‍ය, කුසලං ධම්මං අධිගන්ත්වා න පරස්ස ආරෝචෙය්‍ය. කිං හි පරෝ පරස්ස කරිස්සති. සෙය්‍යථාපි නාම පුරාණං බන්ධනං ඡින්දිත්වා අඤ්ඤං නවං බන්ධනං කරෙය්‍ය, ඒවං සම්පදමිදං පාපකං ලෝභධම්මං වදාමි. කිං හි පරෝ පරස්ස කරිස්සතී’ති. සාධු භන්තේ භගවා ලෝහිච්චං බ්‍රාහ්මණං ඒතස්මා පාපකා දිට්ඨිගතා විවේචේතූ”ති. “අප්පේව නාම සියා භේසිකේ අප්පේව නාම සියා භේසිකේ”ති.

ඉතින් (භාග්‍යවතුන් වහන්සේ දානයට වඩින වේලේ) දියනහවන භේසිකා භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් ගමන් කළා. එතකොට දියනහවන භේසිකා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, ලෝහිච්ච බ්‍රාහ්මණයා හට මෙවැනි වූ පවිටු මිථ්‍යා දෘෂ්ටියක් ඇතිවෙලා තිබෙනවා. ඒ කියන්නේ මෙහි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, යම් කුසල ධර්මයක් උපදවාගෙන සිටිනවා නම්, ඒ කුසල ධර්මය උපදවාගෙන ඒ ගැන අන් අයට නොකිව යුතුයි කියලා. තව කෙනෙක් තවත් කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද? ඒක හරියට පැරණි බන්ධනයක් සිඳදමා වෙනත් අළුත් බන්ධනයක් කරනවා වගේ. තමන් උපදවා ගත් කුසල ධර්ම ගැන අනුන්ට කියන එකත් ඒ වගේම පවිටු ලෝභ දෙයක්. තව කෙනෙක් තව කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද?” කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝහිච්ච බ්‍රාහ්මණයාව මේ පවිටු දෘෂ්ටියෙන් මුදවන සේක් නම් ඉතා යහපති.” “පින්වත් භේසිකයෙනි, ඒක එහෙම වේවි. පින්වත් භේසිකයෙනි, ඒක එහෙම වේවි.”

9. අථ ඛෝ භගවා යේන ලෝහිච්චස්ස බ්‍රාහ්මණස්ස නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. අථ ඛෝ ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ බුද්ධප්පමුඛං භික්ඛුසංඝං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි. අථ ඛෝ ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ භගවන්තං භුත්තාවිං ඕනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ලෝහිච්චං බ්‍රාහ්මණං භගවා ඒතදවෝච: “සච්චං කිර තේ ලෝහිච්ච ඒවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: ඉධ සමණෝ වා බ්‍රාහ්මණෝ වා කුසලං ධම්මං අධිගච්ඡෙය්‍ය, කුසලං ධම්මං අධිගන්ත්වා න පරස්ස ආරෝචෙය්‍ය, කිං හි පරෝ පරස්ස කරිස්සති? සෙය්‍යථාපි නාම පුරාණං බන්ධනං ඡින්දිත්වා අඤ්ඤං නවං බන්ධනං කරෙය්‍ය, ඒවං සම්පදමිදං පාපකං ලෝභධම්මං වදාමි. කිං හි පරෝ පරස්ස කරිස්සතී?”ති.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ලෝහිච්ච බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කළා. වැඩමකොට පණවන ලද ආසනයෙහි වැඩසිටියා. එතකොට ලෝහිච්ච බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේ ප්‍රණීත වූ වැළඳිය යුතු, අනුභව කළ යුතු දෙයින් සියතින්ම හොඳින් වැළඳෙව්වා. හොඳින් පිළිගැන්වූවා. පසුව ලෝහිච්ච බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසන් වූ පසු එක්තරා කුඩා ආසනයක් ගෙන එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ලෝහිච්ච බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. “පින්වත් ලෝහිච්ච, ඔබ තුළ මෙවැනි වූ පවිටු මිථ්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තිබෙනවා කියන්නේ ඇත්තකද? ඒ කියන්නේ මෙහි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, යම් කුසල ධර්මයක් උපදවාගෙන සිටිනවා නම්, ඒ කුසල ධර්මය උපදවාගෙන ඒ ගැන අන් අයට නොකිව යුතුයි කියලා. තව කෙනෙක් තවත් කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද? ඒක හරියට පැරණි බන්ධනයක් සිඳදමා වෙනත් අළුත් බන්ධනයක් කරනවා වගේ. තමන් උපදවා ගත් කුසල ධර්ම ගැන අනුන්ට කියන එකත් ඒ වගේම පවිටු ලෝභ දෙයක්. තව කෙනෙක් තව කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද?” කියලා.

“ඒවං භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, එසේය.”

10. “තං කිං මඤ්ඤසි ලෝහිච්ච? නනු ත්වං සාලවතිකං අජ්ඣාවසසී?”ති.

“පින්වත් ලෝහිච්ච, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඔබ සාලවතිකා ගම් ප්‍රධානියාව සිටින කෙනෙක් නේද?”

“ඒවං භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, එසේය.”

“යෝ නු ඛෝ ලෝහිච්ච ඒවං වදෙය්‍ය: ‘ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ සාලවතිකං අජ්ඣාවසති. යා සාලවතිකාය සමුදයසඤ්ජාති ලෝහිච්චෝ’ව තං බ්‍රාහ්මණෝ ඒකකෝ පරිභුඤ්ජෙය්‍ය, න අඤ්ඤේසං දදෙය්‍යා’ති ඒවංවාදී සෝ යේ තං උපජීවන්ති තේසං අන්තරායකරෝ වා හෝති නෝ වා?”ති.

“ඉතින් පින්වත් ලෝහිච්ච, යම් කෙනෙක් මෙහෙම කිව්වොත්, “ලෝහිච්ච බ්‍රාහ්මණයා සාලවතිකාවෙහි ප්‍රධානියා වශයෙන් ඉන්නවා. ඉතින් සාලවතිකා ගමේ යම් ධනධාන්‍යයක් ඇතිවෙනවා නම් ඒවා ලෝහිච්ච බ්‍රාහ්මණයා තනියම අනුභව කළ යුතුයි. අනික් අයට දිය යුතු නෑ” කියලා. ඒ විදිහට කියන ඒ තැනැත්තා යමෙක් ඔබ ඇසුරෙන් ජීවත් වෙනවා නම්, ඔවුන්ට අන්තරාය කරන කෙනෙක්ද? නොකරන කෙනෙක්ද?”

“අන්තරායකරෝ භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, ඔහු අන් අය ලබන දෙයට අන්තරාය කරන කෙනෙක්මයි.”

“අන්තරායකරෝ සමානෝ ලෝහිච්ච හිතානුකම්පී වා තේසං හෝති අහිතානුකම්පී වා?”ති.

“පින්වත් ලෝහිච්ච, යමෙකුගේ ලාභයට අනතුරු කරන කෙනා ඒ උදවිය ගැන හිතානුකම්පීව ඉන්නවාද? අනුකම්පා රහිතව ඉන්නවාද?”

“අහිතානුකම්පී භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, ඔහු අනුකම්පා රහිත කෙනෙක්මයි.”

“අහිතානුකම්පිස්ස මෙත්තං වා තේසු චිත්තං පච්චුපට්ඨිතං හෝති සපත්තකං වා?”ති.

“අනුකම්පා රහිත කෙනෙකුට ඔවුන් කෙරෙහි ඇතිවන්නේ මෙත් සිතද? සතුරු සිතද?”

“සපත්තකං භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, සතුරු සිතයි.”

“සපත්තකේ චිත්තේ පච්චුපට්ඨිතේ මිච්ඡාදිට්ඨි වා හෝති සම්මාදිට්ඨි වා?”ති.

“යමෙකු තුළ සතුරු සිත පිහිටා තියෙන විට ඔහු මිථ්‍යා දෘෂ්ටික කෙනෙක් වෙනවාද? සම්මා දිට්ඨියෙන් යුතු වෙනවාද?”

“මිච්ඡාදිට්ඨි භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, ඔහු මිථ්‍යා දෘෂ්ටික කෙනෙක්.”

“මිච්ඡාදිට්ඨිස්ස ඛෝ අහං ලෝහිච්ච ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි: නිරයං වා තිරච්ඡානයෝනිං වා.”

“පින්වත් ලෝහිච්ච, මිථ්‍යා දෘෂ්ටික කෙනෙකුට මේ උපත් අතරින් එක උපතක් ලැබෙන බවයි මා කියන්නේ. එක්කෝ නිරයේ යනවා. නැත්නම් තිරිසන් අපායේ උපදිනවා.”

11. “තං කිං මඤ්ඤසි ලෝහිච්ච, නනු රාජා පසේනදි කෝසලෝ කාසිකෝසලං අජ්ඣාවසතී?”ති.

“පින්වත් ලෝහිච්ච, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? පසේනදී කොසොල් රජ්ජුරුවෝ කාසිකෝසල රාජධානිවලට අධිපතිව නේද ඉන්නේ?”

“ඒවං භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, එසේය.”

“යෝ නු ඛෝ ලෝහිච්ච ඒවං වදෙය්‍ය: ‘රාජා පසේනදි කෝසලෝ කාසිකෝසලං අජ්ඣාවසති. යා කාසිකෝසලේ සමුදයසඤ්ජාති, රාජා’ව තං පසේනදි කෝසලෝ ඒකකෝ පරිභුඤ්ජෙය්‍ය, න අඤ්ඤේසං දදෙය්‍යා’ති. ඒවංවාදී සෝ යේ රාජානං පසේනදිං කෝසලං උපජීවන්ති තුම්හේ චේව අඤ්ඤේ ච, තේසං අන්තරායකරෝ වා හෝති, නෝ වා?”ති.

“ඉතින් පින්වත් ලෝහිච්ච, යම් කෙනෙක් මෙහෙම කිව්වොත්, “පසේනදී කොසොල් රජතුමා කාසිකෝසල දෙරටට ප්‍රධානියා වශයෙන් ඉන්නවා. ඉතින් කාසිකෝසල ජනපදවල යම් ධනධාන්‍යයක් ඇතිවෙනවා නම් ඒවා පසේනදි කොසොල් රජතුමා තනියම අනුභව කළ යුතුයි. අනික් අයට දිය යුතු නෑ” කියලා. ඒ විදිහට කියන ඒ තැනැත්තා යමෙක් පසේනදී කෝසල රජු ඇසුරෙන් ජීවත් වෙන්නා වූ ඔබටත් අන් අයටත් කියන මේ අයට අන්තරාය කරන කෙනෙක්ද? නොකරන කෙනෙක්ද?”

“අන්තරායකරෝ භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, ඔහු අන් අය ලබන දෙයට අන්තරාය කරන කෙනෙක්මයි.”

“අන්තරායකරෝ සමානෝ හිතානුකම්පී වා තේසං හෝති අහිතානුකම්පී වා?”ති.

“පින්වත් ලෝහිච්ච, යමෙකුගේ ලාභයට අනතුරු කරන කෙනා ඒ උදවිය ගැන හිතානුකම්පීව ඉන්නවාද? අනුකම්පා රහිතව ඉන්නවාද?”

“අහිතානුකම්පී භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, ඔහු අනුකම්පා රහිත කෙනෙක්මයි.”

“අහිතානුකම්පිස්ස ලෝහිච්ච මෙත්තං වා තේසු චිත්තං පච්චුපට්ඨිතං හෝති සපත්තකං වා?”ති.

“අනුකම්පා රහිත කෙනෙකුට ඔවුන් කෙරෙහි ඇතිවන්නේ මෙත් සිතද? සතුරු සිතද?”

“සපත්තකං භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, සතුරු සිතයි.”

“සපත්තකේ චිත්තේ පච්චුපට්ඨිතේ මිච්ඡාදිට්ඨි වා හෝති සම්මාදිට්ඨි වා?”ති.

“යමෙකු තුළ සතුරු සිත පිහිටා තියෙන විට ඔහු මිථ්‍යා දෘෂ්ටික කෙනෙක් වෙනවාද? සම්මා දිට්ඨියෙන් යුතු වෙනවාද?”

“මිච්ඡාදිට්ඨි භෝ ගෝතම.”

“භවත් ගෞතමයන් වහන්ස, ඔහු මිථ්‍යා දෘෂ්ටික කෙනෙක්.”

“මිච්ඡාදිට්ඨිස්ස ඛෝ අහං ලෝහිච්ච ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච්ඡානයෝනිං වා.”

“පින්වත් ලෝහිච්ච, මිථ්‍යා දෘෂ්ටික කෙනෙකුට මේ උපත් අතරින් එක උපතක් ලැබෙන බවයි මා කියන්නේ. එක්කෝ නිරයේ යනවා. නැත්නම් තිරිසන් අපායේ උපදිනවා.

12. ඉති කිර ලෝහිච්ච යෝ ඒවං වදෙය්‍ය: ‘ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ සාලවතිකං අජ්ඣාවසති. යා සාලවතිකාය සමුදයසඤ්ජාති, ලෝහිච්චෝ’ව තං බ්‍රාහ්මණෝ ඒකකෝ පරිභුඤ්ජෙය්‍ය, න අඤ්ඤේසං දදෙය්‍යා’ති. ඒවංවාදී සෝ යේ තං උපජීවන්ති, තේසං අන්තරායකරෝ හෝති. අන්තරායකරෝ සමානෝ අහිතානුකම්පී හෝති. අහිතානුකම්පිස්ස සපත්තකං චිත්තං පච්චුපට්ඨිතං හෝති. සපත්තකේ චිත්තේ පච්චුපට්ඨිතේ මිච්ඡාදිට්ඨි හෝති. ඒවමේව ඛෝ ලෝහිච්ච යෝ ඒවං වදෙය්‍ය: “ඉධ සමණෝ වා බ්‍රාහ්මණෝ වා කුසලං ධම්මං අධිගච්ඡෙය්‍ය, කුසලං ධම්මං අධිගන්ත්වා න පරස්ස ආරෝචෙය්‍ය, කිං හි පරෝ පරස්ස කරිස්සති? සෙය්‍යථාපි නාම පුරාණං බන්ධනං ඡින්දිත්වා අඤ්ඤං නවං බන්ධනං කරෙය්‍ය, ඒවං සම්පදමිදං පාපකං ලෝභධම්මං වදාමි. කිං හි පරෝ පරස්ස කරිස්සතී”ති. ඒවංවාදී සෝ යේ තේ කුලපුත්තා තථාගතප්පවේදිතං ධම්මවිනයං ආගම්ම ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡන්ති: සෝතාපත්තිඵලම්පි සච්ඡිකරොන්ති, සකදාගාමිඵලම්පි සච්ඡිකරොන්ති, අනාගාමිඵලම්පි සච්ඡිකරොන්ති, අරහත්තම්පි සච්ඡිකරොන්ති, යේ චිමේ දිබ්බා ගබ්භා පරිපාචෙන්ති දිබ්බානං භවානං අභිනිබ්බත්තියා, තේසං අන්තරායකරෝ හෝති. අන්තරායකරෝ සමානෝ අහිතානුකම්පී හෝති. අහිතානුකම්පිස්ස සපත්තකං චිත්තං පච්චුපට්ඨිතං හෝති. සපත්තකේ චිත්තේ පච්චුපට්ඨිතේ මිච්ඡාදිට්ඨි හෝති. මිච්ඡාදිට්ඨිස්ස ඛෝ අහං ලෝහිච්ච ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච්ඡානයෝනිං වා.

ඉතින් පින්වත් ලෝහිච්ච, යම් කෙනෙක් මෙහෙම කියනවා නම්, “ලෝහිච්ච බ්‍රාහ්මණයා සාලවතික ගමෙහි අධිපතිව ඉන්නවා. සාලවතික ගමෙහි යම් ධනධාන්‍යාදියක් උපදිනවා නම්, ඒවා ලෝහිච්ච බ්‍රාහ්මණයා විතරක් පරිභෝග කළ යුතුයි. අන් අයට නොදිය යුතුයි” කියලා. එතකොට ඔය විදිහට කියන කෙනා ඔබ නිසා ජීවත්වන උදවියට අන්තරායක් කරනවා.

ඒ වගේම ඒ ලාභයට අනතුරු කරන කෙනා අනුකම්පාව නැති කෙනෙක්මයි. අනුකම්පා රහිත කෙනා තුළ ඔවුන් කෙරෙහි පිහිටලා තියෙන්නේ සතුරු සිතයි. සතුරු සිත පිහිටා තියෙන විට තියෙන්නේ මිථ්‍යා දෘෂ්ටියයි. පින්වත් ලෝහිච්ච, අන්න ඒ වගේමයි. යම් කෙනෙක් මෙහෙම කියනවා නම්, “මෙහි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, යම් කුසල ධර්මයක් උපදවාගෙන සිටිනවා නම්, ඒ කුසල ධර්මය උපදවාගෙන ඒ ගැන අන් අයට නොකිව යුතුයි කියලා. තව කෙනෙක් තවත් කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද? ඒක හරියට පැරණි බන්ධනයක් සිඳදමා වෙනත් අළුත් බන්ධනයක් කරනවා වගේ. තමන් උපදවා ගත් කුසල ධර්ම ගැන අනුන්ට කියන එකත් ඒ වගේම පවිටු ලෝභ දෙයක්. තව කෙනෙක් තව කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද?” කියලා.

ඔය ආකාරයට කියන කෙනා යම් ඒ කුලපුත්‍රයන් තථාගතයන් වහන්සේ අවබෝධයෙන්ම දෙසන ලද ධර්ම විනයට පැමිණිලා මෙබඳු උදාර වූ විශේෂතා සාක්ෂාත් කරගන්නවා නම්, ඒ කියන්නේ සෝවාන් ඵලය සාක්ෂාත් කරනවා නම්, සකදාගාමී ඵලය සාක්ෂාත් කරනවා නම්, අනාගාමී ඵලය සාක්ෂාත් කරනවා නම්, අරහත් ඵලය සාක්ෂාත් කරනවා නම්, ඒ වගේම යමෙක් දෙව්ලොව උපත පිණිස දිව්‍ය ගර්භයන් මුහුකුරුවනවා නම්, ඔවුන්ටත් අන්තරායක් කරනවා. එතකොට ඒ ලාභයට අනතුරු කරන කෙනා අනුකම්පාව නැති කෙනෙක්මයි. අනුකම්පා රහිත කෙනා තුළ ඔවුන් කෙරෙහි පිහිටලා තියෙන්නේ සතුරු සිතයි. සතුරු සිත පිහිටා තියෙන විට තියෙන්නේ මිථ්‍යා දෘෂ්ටියයි. පින්වත් ලෝහිච්ච, මං මිථ්‍යා දෘෂ්ටිකයා හට කියන්නේ මේ උපත් දෙකෙන් එක්තරා උපතක් තමයි. එක්කෝ නිරයේ උපදිනවා. නැත්නම් තිරිසන් යෝනියේ උපදිනවා.

13. ඉති කිර ලෝහිච්ච යෝ ඒවං වදෙය්‍ය: ‘රාජා පසේනදි කෝසලෝ කාසිකෝසලං අජ්ඣාවසති, යා කාසිකෝසලේ සමුදයසඤ්ජාති, රාජා’ව තං පසේනදි කෝසලෝ ඒකකෝ පරිභුඤ්ජෙය්‍ය, න අඤ්ඤේසං දදෙය්‍යා’ති ඒවංවාදී සෝ යේ රාජානං පසේනදිං කෝසලං උපජීවන්ති තුම්හේ චේව අඤ්ඤේ ච, තේසං අන්තරායකරෝ හෝති. අන්තරායකරෝ සමානෝ අහිතානුකම්පී හෝති. අහිතානුකම්පිස්ස සපත්තකං චිත්තං පච්චුපට්ඨිතං හෝති. සපත්තකේ චිත්තේ පච්චුපට්ඨිතේ මිච්ඡාදිට්ඨි හෝති. ඒවමේව ඛෝ ලෝහිච්ච යෝ ඒවං වදෙය්‍ය: ‘ඉධ සමණෝ වා බ්‍රාහ්මණෝ වා කුසලං ධම්මං අධිගච්ඡෙය්‍ය, කුසලං ධම්මං අධිගන්ත්වා න පරස්ස ආරෝචෙය්‍ය, කිං හි පරෝ පරස්ස කරිස්සති? සෙය්‍යථාපි නාම පුරාණං බන්ධනං ඡින්දිත්වා අඤ්ඤං නවං බන්ධනං කරෙය්‍ය, ඒවං සම්පදමිදං පාපකං ලෝභධම්මං වදාමි. කිං හි පරෝ පරස්ස කරිස්සතී’ති? ඒවංවාදී සෝ යේ තේ කුලපුත්තා තථාගතප්පවේදිතං ධම්මවිනයං ආගම්ම ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡන්ති: සෝතාපත්තිඵලම්පි සච්ඡිකරොන්ති, සකදාගාමිඵලම්පි සච්ඡිකරොන්ති, අනාගාමිඵලම්පි සච්ඡිකරොන්ති, අරහත්තම්පි සච්ඡිකරොන්ති, යේ චිමේ දිබ්බා ගබ්භා පරිපාචෙන්ති දිබ්බානං භවානං අභිනිබ්බත්තියා, තේසං අන්තරායකරෝ හෝති. අන්තරායකරෝ සමානෝ අහිතානුකම්පී හෝති. අහිතානුකම්පිස්ස සපත්තකං චිත්තං පච්චුපට්ඨිතං හෝති. සපත්තකේ චිත්තේ පච්චුපට්ඨිතේ මිච්ඡාදිට්ඨි හෝති. මිච්ඡාදිට්ඨිස්ස ඛෝ අහං ලෝහිච්ච ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච්ඡානයෝනිං වා.

ඉතින් පින්වත් ලෝහිච්ච, යම් කෙනෙක් මෙහෙම කියනවා නම්, “පසේනදී කොසොල් රජතුමා කාසිකෝසල දේශයන්ට අධිපතිව ඉන්නවා. කාසිකෝසල දේශයෙහි යම් ධනධාන්‍යාදියක් උපදිනවා නම්, ඒවා පසේනදී කොසොල් රජතුමා විතරක් පරිභෝග කළ යුතුයි. අන් අයට නොදිය යුතුයි” කියලා, එතකොට ඔය විදිහට කියන කෙනා පසේනදී කොසොල් රජතුමා නිසා ජීවත්වන උදවියට අන්තරායක් කරනවා. ඒ වගේම ඒ ලාභයට අනතුරු කරන කෙනා අනුකම්පාව නැති කෙනෙක්මයි. අනුකම්පා රහිත කෙනා තුළ ඔවුන් කෙරෙහි පිහිටලා තියෙන්නේ සතුරු සිතයි. සතුරු සිත පිහිටා තියෙන විට තියෙන්නේ මිථ්‍යා දෘෂ්ටියයි. පින්වත් ලෝහිච්ච, අන්න ඒ වගේමයි. යම් කෙනෙක් මෙහෙම කියනවා නම්, “මෙහි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, යම් කුසල ධර්මයක් උපදවා ගෙන සිටිනවා නම්, ඒ කුසල ධර්මය උපදවාගෙන ඒ ගැන අන් අයට නොකිව යුතුයි කියලා. තව කෙනෙක් තවත් කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද? ඒක හරියට පැරණි බන්ධනයක් සිඳදමා වෙනත් අළුත් බන්ධනයක් කරනවා වගේ. තමන් උපදවා ගත් කුසල ධර්ම ගැන අනුන්ට කියන එකත් ඒ වගේම පවිටු ලෝභ දෙයක්. තව කෙනෙක් තව කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද?” කියලා.

ඔය ආකාරයට කියන කෙනා යම් ඒ කුලපුත්‍රයන් තථාගතයන් වහන්සේ අවබෝධයෙන්ම දෙසන ලද ධර්ම විනයට පැමිණිලා මෙබඳු උදාර වූ විශේෂතා සාක්ෂාත් කරගන්නවා නම්, ඒ කියන්නේ සෝවාන් ඵලය සාක්ෂාත් කරනවා නම්, සකදාගාමී ඵලය සාක්ෂාත් කරනවා නම්, අනාගාමී ඵලය සාක්ෂාත් කරනවා නම්, අරහත් ඵලය සාක්ෂාත් කරනවා නම්, ඒ වගේම යමෙක් දෙව්ලොව උපත පිණිස දිව්‍ය ගර්භයන් මුහුකුරුවනවා නම්, ඔවුන්ටත් අන්තරායක් කරනවා. එතකොට ඒ ලාභයට අනතුරු කරන කෙනා අනුකම්පාව නැති කෙනෙක්මයි. අනුකම්පා රහිත කෙනා තුළ ඔවුන් කෙරෙහි පිහිටලා තියෙන්නේ සතුරු සිතයි. සතුරු සිත පිහිටා තියෙන විට තියෙන්නේ මිථ්‍යා දෘෂ්ටියයි. පින්වත් ලෝහිච්ච, මං මිථ්‍යා දෘෂ්ටිකයා හට කියන්නේ මේ උපත් දෙකෙන් එක්තරා උපතක් තමයි. එක්කෝ නිරයේ උපදිනවා. නැත්නම් තිරිසන් යෝනියේ උපදිනවා.

14. තයෝ ඛෝ’මේ ලෝහිච්ච සත්ථාරෝ යේ ලෝකේ චෝදනාරහා, යෝ ච පනේවරූපේ සත්ථාරෝ චෝදේති, සා චෝදනා භූතා තච්ඡා ධම්මිකා අනවජ්ජා. කතමේ තයෝ? ඉධ ලෝහිච්ච ඒකච්චෝ සත්ථා යස්සත්ථාය අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති, ස්වාස්ස සාමඤ්ඤත්ථෝ අනනුප්පත්තෝ හෝති, සෝ තං සාමඤ්ඤත්ථං අනනුපාපුණිත්වා සාවකානං ධම්මං දේසේති: ‘ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායා’ති. තස්ස සාවකා න සුස්සූසන්ති, න සෝතං ඕදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, වොක්කම්ම ච සත්ථුසාසනා වත්තන්ති. සෝ ඒවමස්ස චෝදේතබ්බෝ: “ආයස්මා ඛෝ යස්සත්ථාය අගාරස්මා අනගාරියං පබ්බජිතෝ, සෝ තේ සාමඤ්ඤත්ථෝ අනනුප්පත්තෝ. තං ත්වං සාමඤ්ඤත්ථං අනනුපාපුණිත්වා සාවකානං ධම්මං දේසේසි ‘ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායා’ති. තස්ස තේ සාවකා න සුස්සූසන්ති. න සෝතං ඕදහන්ති. න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති වොක්කම්ම ච සත්ථුසාසනා වත්තන්තී”ති. සෙය්‍යථාපි නාම ඕසක්කන්තියා වා උස්සක්කෙය්‍ය, පරම්මුඛිං වා ආලිංගෙය්‍ය, ඒවං සම්පදමිදං පාපකං ලෝභධම්මං වදාමි. කිං හි පරෝ පරස්ස කරිස්සතී?” අයං ඛෝ ලෝහිච්ච පඨමෝ සත්ථා යෝ ලෝකේ චෝදනාරහෝ, යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා භූතා තච්ඡා ධම්මිකා අනවජ්ජා.

පින්වත් ලෝහිච්ච, මේ ලෝකයෙහි යම් ශාස්තෘවරයෙක් චෝදනා ලැබිය යුතු නම්, ඒ වගේම යම් කෙනෙක් ශාස්තෘවරුන්ට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඔවුන් තුළ තිබෙන දෙයක් නම්, ඇත්තක් නම්, ධාර්මික නම්, නිවැරදි නම්, එබඳු චෝදනා ලබන ශාස්තෘවරු තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා කවුද? පින්වත් ලෝහිච්ච, ඇතැම් ශාස්තෘවරයෙක් යම් අර්ථයක් පිණිස ගිහි ජීවිතය අත්හැර පැවිදි වෙලා ඉන්නවා. ඔහුට ඒ පැවිදි බවෙහි ඵලය උපදවා ගන්නට බැරි වෙනවා. ඒ ශාස්තෘවරයා ඒ ශ්‍රමණඵල නොලබා “මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා” කියලා ශ්‍රාවකයින් හට දහම් දෙසනවා. එතකොට ඔහුගේ ශ්‍රාවකයන් එයට සවන් දෙන්නේ නැත්නම්, කන් යොමු කරන්නේ නැත්නම්, අවබෝධය පිණිස හිත පිහිටුවන්නේ නැත්නම්, ඔවුන් වාසය කරන්නේ ශාස්තෘ සාසනයෙන් බැහැර වෙලයි. ඒ ශාස්තෘවරයා මෙවැනි චෝදනාවකට ලක් විය යුතුයි. “ආයුෂ්මතුන් යම්කිසි අරුතක් පිණිසයි ගිහි ජීවිතය අත්හැර අනගාරිකව පැවිදි වුනේ. ඒ ඔබ මහණකමේ කිසිවක් උපදවාගෙනත් නෑ. ශ්‍රමණ ඵලයක් නූපදවාගෙනම “මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා” කියලා ශ්‍රාවකයින්ට ධර්මයත් කියනවා. ඒ ශ්‍රාවකයිනුත් ඔබේ ධර්මයට සවන් දෙන්නෙත් නෑ, කන් යොමු කරන්නෙත් නෑ, අවබෝධය පිණිස හිත පිහිටුවන්නෙත් නෑ, ඔවුන් වාසය කරන්නෙත් ශාස්තෘ සාසනයෙන් බැහැර වෙලයි” කියලා. ඒක මේ වගේ දෙයක් තමාව පිළිකෙව් කොට ඉවත්ව යන්නියක පසුපස යනවා වගෙයි. තමාට නොකැමැත්තෙන් පිටුපා සිටින්නියක වැළඳ ගන්නවා වගෙයි. ඔන්න ඔය විදිහේ කරුණක් නම් පවිටු වූ ලෝභ ධර්මයක් කියලයි මං කියන්නේ. එබඳු ශාස්තෘවරයා වූ කෙනෙක් තවත් කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද? පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුසු ප්‍රථමයා ය. යමෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරයි නම්, ඒ චෝදනාව ඔහු තුළ තියෙනවා. ඒක ඇත්තක්. ධාර්මිකයි. නිවැරදියි.

15. පුන ච පරං ලෝහිච්ච ඉධේකච්චෝ සත්ථා යස්සත්ථාය අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති, ස්වාස්ස සාමඤ්ඤත්ථෝ අනනුප්පත්තෝ හෝති. සෝ තං සාමඤ්ඤත්ථං අනනුපාපුණිත්වා සාවකානං ධම්මං දේසේති: ‘ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායා’ති. තස්ස තේ සාවකා සුස්සූසන්ති, සෝතං ඕදහන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, න ච වොක්කම්ම සත්ථුසාසනා වත්තන්ති. සෝ ඒවමස්ස චෝදේතබ්බෝ: “ආයස්මා ඛෝ යස්සත්ථාය අගාරස්මා අනගාරියං පබ්බජිතෝ, සෝ තේ සාමඤ්ඤත්ථෝ අනනුප්පත්තෝ. තං ත්වං සාමඤ්ඤත්ථං අනනුපාපුණිත්වා සාවකානං ධම්මං දේසේසි ‘ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායා’ති. තස්ස තේ සාවකා සුස්සූසන්ති, සෝතං ඕදහන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, න ච වොක්කම්ම සත්ථුසාසනා වත්තන්ති. සෙය්‍යථාපි නාම සකං ඛෙත්තං ඕහාය පරඛෙත්තං නිඩ්ඩායිතබ්බං මඤ්ඤෙය්‍ය, ඒවං සම්පදමිදං පාපකං ලෝභධම්මං වදාමි. කිං හි පරෝ පරස්ස කරිස්සතී”ති. අයං ඛෝ ලෝහිච්ච දුතියෝ සත්ථා යෝ ලෝකේ චෝදනාරහෝ, යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා භූතා තච්ඡා ධම්මිකා අනවජ්ජා.

පින්වත් ලෝහිච්ච, තවදුරටත් කියනවා නම්, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් යම් අර්ථයක් පිණිස ගිහි ජීවිතය අත්හැර පැවිදි වෙලා ඉන්නවා. ඔහුට ඒ පැවිදි බවෙහි ඵලයක් උපදවා ගන්නට බැරි වෙනවා. ඒ ශාස්තෘවරයා ඒ ශ්‍රමණඵල නොලබා “මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා” කියලා ශ්‍රාවකයින් හට දහම් දෙසනවා. එතකොට ඔහුගේ ශ්‍රාවකයන් එයට සවන් දෙනවා. කණ් යොමු කරනවා. අවබෝධය පිණිස හිත පිහිටුවනවා. ඔවුන් වාසය කරන්නේ ශාස්තෘ සාසනයෙන් බැහැර වෙලා නොවෙයි.

ඒ ශාස්තෘවරයා මෙවැනි චෝදනාවකට ලක් විය යුතුයි. “ආයුෂ්මතුන් යම්කිසි අරුතක් පිණිසයි ගිහි ජීවිතය අත්හැර අනගාරිකව පැවිදි වුනේ. ඔබ මහණකමේ කිසිවක් උපදවාගෙනත් නෑ. ශ්‍රමණ ඵලයක් නූපදවා ගෙනම “මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා” කියලා ශ්‍රාවකයින්ට ධර්මයත් කියනවා. ඒ ශ්‍රාවකයිනුත් ඔබේ ධර්මයට සවන් දෙනවා. කන් යොමු කරනවා. අවබෝධය පිණිස හිත පිහිටුවනවා. ඔවුන් වාසය කරන්නෙත් ශාස්තෘ සාසනයෙන් බැහැර වෙලා නොවෙයි” කියලා. ඒක මේ වගේ දෙයක් තමන්ගේ කුඹුර අත්හැරලා අනුන්ගේ කුඹුරේ වල් නෙලිය යුතු කොට සිතනවා වගේ. ඔන්න ඔය විදිහේ කරුණක් නම් පවිටු වූ ලෝභ ධර්මයක් කියලයි මං කියන්නේ. එබඳු ශාස්තෘවරයා වූ කෙනෙක් තවත් කෙනෙකුට කවර නම් දෙයක් කරන්නටද? පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුසු දෙවෙනියායි. යමෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරයි නම්, ඒ චෝදනාව ඔහු තුළ තියෙනවා. ඒක ඇත්තක්. ධාර්මිකයි. නිවැරදියි.

16. පුන ච පරං ලෝහිච්ච ඉධේකච්චෝ සත්ථා යස්සත්ථාය අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති, ස්වාස්ස සාමඤ්ඤත්ථෝ අනුප්පත්තෝ හෝති. සෝ තං සාමඤ්ඤත්ථං අනුපාපුණිත්වා සාවකානං ධම්මං දේසේති: ‘ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායා’ති. තස්ස සාවකා න සුස්සූසන්ති, න සෝතං ඕදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, වොක්කම්ම ච සත්ථුසාසනා වත්තන්ති. සෝ ඒවමස්ස චෝදේතබ්බෝ: “ආයස්මා ඛෝ යස්සත්ථාය අගාරස්මා අනගාරියං පබ්බජිතෝ, සෝ තේ සාමඤ්ඤත්ථෝ අනුප්පත්තෝ. තං ත්වං සාමඤ්ඤත්ථං අනුපාපුණිත්වා සාවකානං ධම්මං දේසේසි ‘ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායා’ති. තස්ස තේ සාවකා න සුස්සූසන්ති, න සෝතං ඕදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, වොක්කම්ම ච සත්ථුසාසනා වත්තන්ති. සෙය්‍යථාපි නාම පුරාණං බන්ධනං ඡින්දිත්වා අඤ්ඤං නවං බන්ධනං කරෙය්‍ය, ඒවං සම්පදමිදං පාපකං ලෝභධම්මං වදාමි. කිං හි පරෝ පරස්ස කරිස්සතී”ති. අයං ඛෝ ලෝහිච්ච තතියෝ සත්ථා යෝ ලෝකේ චෝදනාරහෝ, යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා භූතා තච්ඡා ධම්මිකා අනවජ්ජා.

පින්වත් ලෝහිච්ච, තවදුරටත් කියනවා නම්, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් යම් අර්ථයක් පිණිස ගිහි ජීවිතය අත්හැර පැවිදි වෙලා ඉන්නවා. ඔහු ඒ පැවිදි බවෙහි ඵලය උපදවා ගන්නවා. ඒ ශාස්තෘවරයා ඒ ශ්‍රමණඵලය ලබාගෙනම “මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා” කියලා ශ්‍රාවකයින් හට දහම් දෙසනවා. එතකොට ඔහුගේ ශ්‍රාවකයන් එයට සවන් දෙන්නේ නෑ. කණ් යොමු කරන්නේ නෑ. අවබෝධය පිණිස හිත පිහිටුවන්නේ නෑ. ඔවුන් වාසය කරන්නේ ශාස්තෘ සාසනයෙන් බැහැර වෙලයි.

ඒ ශාස්තෘවරයා මෙවැනි චෝදනාවකට ලක් විය යුතුයි. “ආයුෂ්මතුන් යම්කිසි අරුතක් පිණිසයි ගිහි ජීවිතය අත්හැර අනගාරිකව පැවිදි වුනේ. ඒ ඔබ මහණකමේ ඵලය උපදවාගෙන තියෙනවා. ශ්‍රමණ ඵලය උපදවාගෙනම “මෙය ඔබට හිත පිණිස පවතිනවා. මෙය ඔබට සුව පිණිස පවතිනවා” කියලා ශ්‍රාවකයින්ට ධර්මයත් කියනවා. නමුත් ශ්‍රාවකයින් ඔබේ ධර්මයට සවන් දෙන්නේ නෑ. කන් යොමු කරන්නේ නෑ. අවබෝධය පිණිස හිත පිහිටුවන්නේ නෑ. ඔවුන් වාසය කරන්නෙත් ශාස්තෘ සාසනයෙන් බැහැර වෙලයි” කියලා. ඒක මේ වගේ දෙයක් පුරාණ බන්ධනය සිඳ දමා, අන්‍ය වූ අළුත් බන්ධනයක් කරනවා වගේ. ඔන්න ඔය විදිහේ කරුණක් නම් පවිටු වූ ලෝභ ධර්මයක් කියලයි මං කියන්නේ. එබඳු ශාස්තෘවරයා වූ කෙනෙක් තවත් කෙනෙකුට කවර නම් දෙයක් කරන්නටද? පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුසු තුන්වෙනියායි. යමෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරයි නම්, ඒ චෝදනාව ඔහු තුළ තියෙනවා. ඒක ඇත්තක්. ධාර්මිකයි. නිවැරදියි.

“ඉමේ ඛෝ ලෝහිච්ච තයෝ සත්ථාරෝ යේ ලෝකේ චෝදනාරහා, යෝ ච පනේවරූපේ සත්ථාරෝ චෝදේති, සා චෝදනා භූතා තච්ඡා ධම්මිකා අනවජ්ජා”ති.

පින්වත් ලෝහිච්ච, මේ ලෝකයෙහි යම් ශාස්තෘවරයෙක් චෝදනා ලැබිය යුතු නම්, ඒ වගේම යම් කෙනෙක් ශාස්තෘවරුන්ට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඔවුන් තුළ තිබෙන දෙයක් නම්, ඇත්තක් නම්, ධාර්මික නම්, නිවැරදි නම්, එබඳු චෝදනා ලබන්නේ මේ ශාස්තෘවරුන් තුන් දෙනා තමයි.”

17. ඒවං වුත්තේ ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච: “අත්ථි පන භෝ ගෝතම කෝචි සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ?”ති.

මෙසේ වදාළ විට ලෝහිච්ච බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “භවත් ගෞතමයන් වහන්ස, ලෝකයෙහි යම් ශාස්තෘවරයෙක් චෝදනා නොලැබිය යුතු නම්, එබඳු ශාස්තෘවරයෙක් ඉන්නවාද?”

“අත්ථි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ”ති.

“පින්වත් ලෝහිච්ච, ලෝකයෙහි යම් ශාස්තෘවරයෙක් චෝදනා නොලැබිය යුතු නම්, එබඳු ශාස්තෘවරයෙක් ඉන්නවා.”

“කතමෝ පන සෝ භෝ ගෝතම සත්ථා යෝ ලෝකේ නචෝදනාරහෝ?”ති.

“භවත් ගෞතමයන් වහන්ස, ලෝකයෙහි යම් ශාස්තෘවරයෙක් චෝදනා නොලැබිය යුතු නම්, එබඳු ශාස්තෘවරයා කවුද?”

18. ඉධ ලෝහිච්ච තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝපුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං, සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තෝ වා අඤ්ඤතරස්මිං වා කුලේ පච්චාජාතෝ. සෝ තං ධම්මං සුත්වා තථාගතේ සද්ධං පටිලභති. සෝ තේන සද්ධාපටිලාභේන සමන්නාගතෝ ඉති පටිසංචික්ඛති: “සම්බාධෝ ඝරාවාසෝ රජෝපථෝ අබ්භෝකාසෝ පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා ඒකන්තපරිපුණ්ණං ඒකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං. යන්නූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය”න්ති.

“පින්වත් ලෝහිච්ච, මෙහි අරහත් වූ, සම්මාසම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්ම සාරථි වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවා වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපත ලබනවා. උන්වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියාදෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. ආරම්භය කළ්‍යාණ වූත්, මැද කළ්‍යාණ වූත්, අවසානය කළ්‍යාණ වූත්, අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූත්, මුළුමණින්ම පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා. එතකොට ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා කවර හෝ කුලයක උපන් කෙනෙක් වේවා ඒ ධර්මය අසනවා. ඔහු ඒ ධර්මය අසලා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඉතින් ඔහු ඒ ශ්‍රද්ධාලාභයෙන් යුක්ත වෙලා මේ විදිහට නුවණින් කල්පනා කරනවා. ‘ගිහි ගෙදර වාසය කිරීම හරිම කරදරයක්. කෙලෙස් වැඩෙන මාවතක්. නමුත් පැවිදි ජීවිතය ආකාසය වගේ. ගිහි ගෙදර වාසය කරමින් මුළුමණින්ම පිරිපුන්, මුළුමණින්ම පිරිසිදු, සුදෝසුදු බඹසර වසනවා යන කරණ ලෙහෙසි එකක් නොවේ. ඒ නිසා මං කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට ඇතුලත් වෙන එක තමයි හොඳ’ කියලා.

19. සෝ අපරේන සමයේන අප්පං වා භෝගක්ඛන්ධං පහාය මහන්තං වා භෝගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සෝ ඒවං පබ්බජිතෝ සමානෝ පාතිමොක්ඛසංවරසංවුතෝ විහරති ආචාරගෝචරසම්පන්නෝ, අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදේසු, කායකම්මවචීකම්මේන සමන්නාගතෝ කුසලේන, පරිසුද්ධාජීවෝ සීලසම්පන්නෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ භෝජනේ මත්තඤ්ඤූ සතිසම්පජඤ්ඤේන සමන්නාගතෝ සන්තුට්ඨෝ.

ඔහු පස්සේ කාලෙක ස්වල්ප වූ භෝග සම්පත් අත්හරිනවා. මහත් වූ භෝග සම්පත් අත්හරිනවා. ස්වල්ප වූ නෑදෑයන් අත්හරිනවා. මහත් වූ නෑදෑයන් අත්හරිනවා. කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙනවා. ඔහු ඔය විදිහට පැවිද්දෙක් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් (පැවිද්දෙක් විසින් රැකගත යුතු නිවනට උපකාරී වන උතුම් සිල්පදවලින්) සංවරව ඉන්නවා. යහපත් ඇවැතුම් පැවැතුම්වලින් යුතු වෙනවා. අණුමාත්‍ර වූ වරදෙහි පවා භය දකිනවා. ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. කුසල්සහගත කායකර්මයෙන් හා වචීකර්මයෙන් යුතු වෙනවා. පිරිසිදු ආජීවයෙන් යුතු වෙනවා. සිල්වත් වෙනවා. අකුසලයෙන් වැළකූ දොරටු ඇතුව ඉන්නවා. නුවණින් සළකා ආහාර ගන්නවා. සිහිනුවණින් යුතුව ඉන්නවා. ලද දෙයින් සතුටුව ඉන්නවා.

20. කථඤ්ච ලෝහිච්ච භික්ඛු සීලසම්පන්නෝ හෝති? ඉධ ලෝහිච්ච භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූතහිතානුකම්පී විහරති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති දින්නාදායී දින්නපාටිකංඛී අථේනේන සුචිභූතේන අත්තනා විහරති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං. අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හෝති ආරාචාරී විරතෝ මේථුනා ගාමධම්මා. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සච්චවාදී සච්චසන්ධෝ ථේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතෝ හෝති: ඉතෝ සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමේසං භේදාය, අමුත්‍ර වා සුත්වා න ඉමේසං අක්ඛාතා අමූසං භේදාය; ඉති භින්නානං වා සන්ධාතා, සංහිතානං වා අනුප්පදාතා, සමග්ගරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති. යා සා වාචා නේළා කණ්ණසුඛා පේමනීයා හදයංගමා පෝරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී. නිධානවතිනං වාචං භාසිතා හෝති කාලේන සාපදේසං පරියන්තවතිං අත්ථසංහිතං. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව සීලයෙන් යුක්ත වන්නේ කොහොමද? පින්වත් ලෝහිච්ච, මෙහි භික්ෂුව සතුන් මැරීම අත්හැර දාලා සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. දඬු මුගුරු අත්හැර දාලා, අවි ආයුධ බැහැර කරලා, පවට ලැජ්ජා ඇතිව ඉන්නවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. නුදුන් දේ ගැනීම අත්හැරලා නුදුන් දේ ගැනීමෙන් වැළකී ඉන්නවා. දුන් දේ පමණක් පිළිගන්නවා. දුන් දේ පමණක් පිළිගනු කැමති වෙනවා. සොර රහිත සිතින් යුතු වූ පිරිසිදු සිතින් යුතු වූ ජීවිතයකින් වාසය කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. අබ්‍රහ්මචාරී බව අත්හැරලා බ්‍රහ්මචාරීව ඉන්නවා. ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී එය දුරින්ම දුරුකර දමනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. බොරු කීම අත්හැරලා, බොරු කීමෙන් වැළකී ඉන්නවා. සත්‍යය කතා කරනවා. ඇත්තෙන් ඇත්ත ගලපනවා. ස්ථිරව පිහිටලා කතාකරනවා. පිළිගත හැකි දේ කතා කරනවා. ලෝකයාව රවටන්නේ නෑ. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. කේලාම් කීම අත්හැරලා කේලාම් කීමෙන් වැළකී ඉන්නවා. මෙතැනින් අහලා මේ අය බිඳවන්නට අතන කියන්නේ නෑ. අතනින් අහලා ඒ උදවිය බිඳවන්නට මෙතැන කියන්නේ නෑ. මේ අයුරින් බිඳුණු උදවිය සමගි කරවනවා. සමගි වූවන්ට අනුබල දෙනවා. සමගි වූවන් හා වාසයට කැමතියි. සමගි වූවන් හා එක්ව වසනවා. සමගි වූවන් සමඟ සතුටු වෙනවා. සාමය උදෙසා සාමකාමී වචන කතා කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. පරුෂ වචනය අත්හැරලා පරුෂ වචනයෙන් වැළකී ඉන්නවා. යම් වචනයක් දොස් රහිත නම්, කනට සැප නම්, ආදරවන්ත නම්, හෘදයාංගම නම්, ශිෂ්ට සම්පන්න නම්, බොහෝ ජනයා කැමති නම්, බොහෝ ජනයාට ප්‍රියමනාප නම් එබඳු වූ වචන පවසනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. තේරුමක් නැති කතා බහ අත්හැරලා තේරුමක් නැති කතා කීමෙන් වැළකී සිටිනවා. කල් යල් බලා කතා කරනවා. ඇත්ත කතා කරනවා. අර්ථවත් දෙය කතා කරනවා. ධර්මයම කතා කරනවා. විනයම කතා කරනවා. සිත්හි ලා දරා ගැනීමට සුදුසු, වෙලාවට ගැලපෙන උපදේශ සහිත වූ, මදිපාඩුකම් නොතබා, ප්‍රමාණවත් පරිදි, දෙලොව යහපත පිණිස වූ දේ පවසනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

21. සෝ බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතෝ හෝති. ඒකභත්තිකෝ හෝති රත්තූපරතෝ පටිවිරතෝ විකාලභෝජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතෝ හෝති. මාලාගන්ධවිලේපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතෝ හෝති. උච්චාසයනමහාසයනා පටිවිරතෝ හෝති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතෝ හෝති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතෝ හෝති. ආමකමංසපටිග්ගහණා පටිවිරතෝ හෝති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතෝ හෝති. දාසිදාසපටිග්ගහණා පටිවිරතෝ හෝති. අජේළකපටිග්ගහණා පටිවිරතෝ හෝති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතෝ හෝති. හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතෝ හෝති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතෝ හෝති. දූතෙය්‍යපහිණගමනානුයෝගා පටිවිරතෝ හෝති. කයවික්කයා පටිවිරතෝ හෝති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතෝ හෝති. උක්කෝටනවඤ්චනනිකතිසාචියෝගා පටිවිරතෝ හෝති. ඡේදනවධබන්ධනවිපරාමෝසආලෝපසහසාකාරා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

පැළවෙන බීජ හා පැළවුන ගස් කොළන් විනාශ කිරීමෙන් වැළකී ඉන්නවා. එක් වරුවේ බොජුන් වළඳනවා. රාත්‍රී ආහාරයෙන් වැළකී විකාල භෝජනයෙන් වැළකී ඉන්නවා. නැටුම්, ගැයුම්, වැයුම් හා විසූක දර්ශනයන් නැරඹීමෙන් වැළකී ඉන්නවා. මල් සුවඳ විලවුන් දැරීමෙන්ද ඇඟපත සැරසීමෙන්ද විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීමෙන්ද වැළකී ඉන්නවා. ප්‍රමාණය ඉක්ම වූ උස් ආසනද, වටිනා සුඛෝපභෝගී ආසනද පරිහරණයෙන් වැළකී ඉන්නවා. රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. අමු මස් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. දැසි දස්සන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. එළුබැටළුවන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. කුකුළන්, ඌරන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. කෙත් වතු පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ගිහි කටයුතු සඳහා දූත මෙහෙවර කිරීමෙන් වැළකී ඉන්නවා. වෙළ හෙළඳාම් කිරීමෙන් වැළකී ඉන්නවා. තරාදියෙන් රැවටීම, නොවටිනා දෙයින් රැවටීම, මිනුමෙන් රැවටීම යන මෙයින් වැළකී ඉන්නවා. අල්ලස් ගෙන හිමිකරුවන්ගේ දේ අහිමි කිරීම, වංචා කිරීම, බාල දේ වටිනා දේ හැටියට පෙන්වීම ආදී නොයෙක් වංචනික දෙයින් වැළකී ඉන්නවා. අත්පා කැපීම්, මැරීම්, බන්ධන කිරීම්, මං පැහැරගැනීම්, ගම් පැහැර ගැනීම් ආදී සැහැසි දෙයින් වැළකී සිටිනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

22. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපං බීජගාමභූතගාමසමාරම්භං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථීදං: මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජමේව පඤ්චමං. ඉති වා ඉති ඒවරූපා බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ විදිහේ පැළවෙන දේ හා ගස් කොළන් ආදිය වනසමින් ඉන්නවා. ඒ කියන්නේ මුලින් පැළවෙන දේවල්, කඳින් පැළවෙන දේවල්, පුරුකින් පැළවෙන දේවල්, දල්ලෙන් පැළවෙන දේවල්, පස්වෙනුවට බිජුවටින් පැළවෙන දේවල් යන ආදිය වනසමින් ඉන්නවා. ගස් කොළන් සිඳලීම් ආදී මෙවැනි දේවල්වලිනුත්, මෙවැනි වෙනත් දේවල්වලිනුත් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

23. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපං සන්නිධිකාරපරිභෝගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථීදං: අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං. ඉති වා ඉති ඒවරූපා සන්නිධිකාරපරිභෝගා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාර වූ දේ රැස්කරගෙන පරිභෝග කරමින් වාසය කරනවා. ඒ කියන්නේ කෑම වර්ග රැස්කරලා තියාගන්නවා. බීම වර්ග රැස්කරලා තියාගන්නවා. වස්ත්‍ර රැස්කරලා තියාගන්නවා. යාන වාහන රැස්කරලා තියාගන්නවා. ඇඳ පුටු මේස රැස්කරලා තියාගන්නවා. සුවඳ වර්ග රැස්කරලා තියාගන්නවා. තවත් ආමිස රැස්කරලා තියාගන්නවා. මෙවැනි හෝ මෙවැනි වෙනත් දේවල් හෝ රැස්කරගෙන පරිහරණය කිරීමෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

24. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථීදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වේතාළං කුම්භථූණං සෝභනකං චණ්ඩාලං වංසං ධෝපනකං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්‍යෝධිකං බලග්ගං සේනාබ්‍යූහං අනීකදස්සනං. ඉති වා ඉති ඒවරූපා විසූකදස්සනා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයේ විසූක දර්ශනයන් නැරඹීමෙහි යෙදිලා ඉන්නවා. ඒ කියන්නේ නැටුම්, ගැයුම්, වැයුම්, නාටක, පැරණි කතා රඟදැක්වීම්, අත්තාල ගසා නැටීම්, වේතාල නැටීම්, බෙර වාදන කිරීම්, රඟමඬළෙහි දේවතාවන්ට පූජා පිණිස නැටීම්, උණ ගසින් කරන ක්‍රීඩා, මිනී ඇට මැද තබා වටකොට නැටීම්, ඇත් යුද බැලීම්, අශ්ව යුද බැලීම්, ගොන් පොර බැලීම්, එළු පොර බැලීම්, බැටළු පොර බැලීම්, කුකුළු පොර බැලීම්, වටු පොර බැලීම්, පොලු හරඹ බැලීම්, මිටි හරඹ බැලීම්, මල්ලව පොර බැලීම්, යුද සේනා බලන්නට යෑම, බලසෙන් ගණින තැන් බලන්නට යාම, බලසෙනඟ විසිරුවන තැන් බලන්නට යාම ආදී දේවල්වල යෙදෙමින් ඉන්නවා. මෙවැනි දේවල්වලිනුත්, මෙවැනි වෙනත් දේවල්වලින් යුතු විසූක දර්ශන නැරඹීම්වලින් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

25. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපං ජූතප්පමාදට්ඨානානුයෝගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථීදං: අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකහත්ථං අක්ඛං පංගචීරං වංකකං මොක්ඛචිකං චිංගුලකං පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනේසිකං යථාවජ්ජං. ඉති වා ඉති ඒවරූපා ජූතප්පමාදට්ඨානානුයෝගා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා තමාව ප්‍රමාදයට පත් කරවන මේ ආකාර වූ සූදු කෙළියෙන් කල් යවනවා. ඒ කියන්නේ හතරැස් කොටු අටකින් යුතුව කරන සූදුව, කොටු දහයකින් කරන සූදුව, අහසේ රූ අඳිමින් කරන සූදුව, කොටු පැනීමෙන් කරන සූදුව, සන්තික නම් වූ සූදුව, දාදු කැටයෙන් කරන සූදුව, කල්ලි ගැසුම, බූරුවා ගැසීම, ගුළ කෙළිය, නළා පිඹීම, කරණම් ගැසීම, මුගුරක් ගෙන උඩ යට වැටෙන පරිදි උඩට ගැසීම, කොළවලින් කළ ගොටුවලින් තරඟෙට වැලි මැනීම, කුඩා රිය තරඟ, කුඩා දුනුවලින් විදීමේ තරඟ, අකුරු ලිවීමේ සෙල්ලම, සිතූ දේ කියන සෙල්ලම, විකලාංග අනුකරණයෙන් හිනැස්සීමේ සෙල්ලම ආදී දේ කිරීමයි. මේ දෙයිනුත්, මෙවැනි තවත් දේවල් ඇත්නම් එයිනුත් වැළකී ප්‍රමාදයට පත්වන සූදුවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

26. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථීදං: ආසන්දිං පල්ලංකං ගෝනකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලෝමිං ඒකන්තලෝමිං කට්ඨිස්සං කෝසෙය්‍යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවේණිං කාදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතෝලෝහිතකූපධානං. ඉති වා ඉති ඒවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාර වූ පමණ ඉක්මවා උස් වූ ආසනත්, වටිනා සුඛෝපභෝගී ආසනත් පරිහරණය කරනවා. ඒ කියන්නේ දිග හාන්සි පුටු, කවිච්චි, ලොකු පලස් යෙදූ ආසන, විසිතුරු ගෙත්තම් කළ එළු ලොම් ඇතිරිලි, සුදු එළු ලොමින් කළ ඇතිරිලි, මල් යෙදූ එළු ලොමින් කළ ඇතිරිලි, පුළුන් යෙදූ මෙට්ට, සත්ව රූපවලින් සැරසූ එළු ලොම් ඇතිරිලි, මුළුමණින්ම එළු ලොමින් කළ ඇතිරිලි, රන් නූලෙන් සැරසූ කලාල, පට නූලෙන් කළ කලාල, නාටිකාංගනාවන් ඒ මත නැටිය හැකි එළු ලොමින් කළ කලාල, ඇතුන් පිට යොදන ඇතිරිලි, අසුන් පිට යොදන ඇතිරිලි, රථවල යොදන ඇතිරිලි, අඳුන් දිවි සමෙන් කළ ඇතිරිලි, කදලි මුව සමින් කළ කලාල, හිස දෙපැත්තට රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියන් බැඳ සැදූ වටිනා යහන් ආදිය පරිහරණය කරයි. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී උස් අසුන් මහා අසුන් පරිහරණයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

27. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයෝගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථීදං: උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාවිලේපනං මුඛචුණ්ණකං මුඛලේපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩකං නාළිකං ඛග්ගං ඡත්තං චිත්‍රෑපාහනං උණ්හීසං මණිං වාලවීජනිං ඕදාතානි වත්ථානි දීඝදසානි. ඉති වා ඉති ඒවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයෝගා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් ඇඟපත සැරසීමෙන් හා විසිතුරු වස්ත්‍රාභරණ පැළඳීමෙන් යුක්තව කල් ගෙවනවා. ඒ කියන්නේ සුවඳ වර්ග ඇඟ තවරා සිරුර සිනිඳු කිරීම, තෙල් වර්ග ගා සම්බාහනය කොට සිරුර හැඩ කිරීම, සුවඳපැන් නෑම, උරහිස් ආදියෙහි මස් වැඩීමට මුගුරෙන් තැලීම, කැඩපතින් මුහුණ බලා සැරසීම, ඇස්වල අඳුන් ගෑම, මල් හා සුවඳ විලවුන් දැරීම, මුව සුවඳ කිරීම, මුව විලවුන් දැරීම, අත්වල ආභරණ දැමීම, හිසෙහි කුටුම්බි දැරීම. විසිතුරු සැරයැටි දැරීම, විසිතුරු බෙහෙත් නල දැරීම, විසිතුරු කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල් පට දැරීම, මැණික් පැළඳීම, චාමර දැරීම, දිග වාටි ඇති සුදු වස්ත්‍ර දැරීම ආදියෙන් යුතුවෙයි. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී ඇඟපත සැරසීම් හා විසිතුරු වස්ත්‍රාභරණ සැරසීමෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

28. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථීදං: රාජකථං චෝරකථං මහාමත්තකථං සේනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං (කුමාරකථං කුමාරිකථං) සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපේතකථං නානත්තකථං ලෝකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං. ඉති වා ඉති ඒවරූපාය තිරච්ඡානකථාය පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූ තිරිසන් කතාවල යෙදී වාසය කරනවා. ඒ කියන්නේ, රජවරුන් ගැන කථා, සොරුන් ගැන කථා, මහ ඇමතිවරුන් ගැන කථා, හමුදාවන් ගැන කථා, භය ඇතිවෙන දේවල් ගැන කථා, ආහාර වර්ග ගැන කථා, බොන දේවල් ගැන කථා, ඇඳුම් පැළඳුම් ගැන කථා, ඇඳ පුටු ගැන කථා, මල් වර්ග ගැන කථා, සුවඳ වර්ග ගැන කථා, නෑදෑයන් ගැන කථා, යාන වාහන ගැන කථා, ගම්මාන ගැන කථා, නියම් ගම්මාන ගැන කථා, නගර ගැන කථා, රටවල් ගැන කථා, ස්ත්‍රීන් ගැන කථා, පුරුෂයින් ගැන කථා, කුමාරයින් ගැන කථා, කුමාරියන් ගැන කථා, ශූරයින් ගැන කථා, මංමාවත් ගැන කථා, වළං පොලේ දේවල් ගැන කථා, මියගිය උදවිය ගැන කථා, තව තව දේවල් ගැන කථා, ලෝකය ගැන කථා, සාගරය ගැන කථා, මෙහෙමයි වුනේ මෙහෙමයි නොවුනේ කියන දේ ගැන කතා කරකර ඉන්නවා, මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරිසන් කතාවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

29. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථීදං: න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නෝ ත්වමසි. අහමස්මි සම්මා පටිපන්නෝ. සහිතං මේ, අසහිතං තේ. පුරේ වචනීයං පච්ඡා අවච. පච්ඡා වචනීයං පුරේ අවච. ආචිණ්ණං තේ විපරාවත්තං ආරෝපිතෝ තේ වාදෝ. නිග්ගහීතෝ ත්වමසි. චර වාදප්පමොක්ඛාය. නිබ්බේඨේහි වා සචේ පහෝසීති. ඉති වා ඉති ඒවරූපාය විග්ගාහිකකථාය පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් එකිනෙකා අතර බැණ දොඩා ගන්නා කතාවෙන් යුතුවයි ඉන්නේ. ඒ කියන්නේ “නුඹ මේ ධර්ම විනය දන්නේ නෑ. මම තමයි මේ ධර්ම විනය දන්නේ, ආ… එහෙමද එතකොට නුඹද මේ ධර්ම විනය දන්නේ? නුඹ ඉන්නේ මිථ්‍යා වැඩපිළිවෙලකයි. මම තමයි නියම වැඩ පිළිවෙල තුළ ඉන්නේ. මං කරුණු සහිතවයි කියන්නේ. නුඹේ කීම කරුණු රහිතයි. නුඹ කලින් කිවයුතු දේ පස්සේ කිව්වා. පස්සේ කිවයුතු දේ කලින් කිව්වා. නුඹ කලක් තිස්සේ කියපු දේ කණපිට පෙරළුනා. මා විසින් නුඹට වාද නංවලයි තියෙන්නේ. නුඹට නිග්‍රහ කරලයි තියෙන්නේ. වාදයෙන් නිදහස් වීමට මගක් හොයාගෙන පලයන්. පුළුවන් නම් ලිහාගනින්” යනාදිය කියමින් ආරවුල් හදාගන්නවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ බැණ දොඩාගන්නා කතාවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

30. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපං දූතෙය්‍යපහිණගමනානුයෝගමනුයුත්තා විහරන්ති, සෙය්‍යථීදං: රඤ්ඤං රාජමහාමත්තානං ඛත්තියානං බ්‍රාහ්මණානං ගහපතිකානං කුමාරානං “ඉධ ගච්ඡ අමුත්‍රාගච්ඡ. ඉදං හර. අමුත්‍ර ඉදං ආහරා”ති. ඉති වා ඉති ඒවරූපා දූතෙය්‍යපහිණගමනානුයෝගා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යන මෙබඳු වූ දූත මෙහෙවරෙහි යෙදෙනවා. ඒ කියන්නේ, “මෙහෙ යන්න, අසවල් තැනට එන්න, මේක (අපේ මේ පණිවිඩය) අරන් යන්න. අසවල් තැනට මේක අරන් යන්න” යනාදී රජුන්ගේ, රාජමහා ඇමැතිවරුන්ගේ, ක්ෂත්‍රීයයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, කුමාරවරුන්ගේ, පණිවිඩ පණත් ගෙනියනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ පණිවිඩ පණත් ගෙනයන ගිහියන්ගේ දූත මෙහෙවරෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

31. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ කුහකා ච හොන්ති ලපකා ච නේමිත්තිකා ච නිප්පේසිකා ච ලාභේන ච ලාභං නිජිගිංසිතාරෝ. ඉති වා ඉති ඒවරූපා කුහනලපනා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා කුහක (උඩින් වෙන ජීවිතයක් පෙන්වමින් යටින් වෙනත් ජීවිතයක් ගෙවමින් නැති ගුණ පෙන්වා) ජීවිත ගෙවනවා. ලාභ සත්කාර ලැබෙන විදිහට (පුහු වර්ණනා කිරීම්, තොඳොල් කිරීම්, නැති ගුණ කීම් ආදී) චාටු බස් කියනවා. දායකයින් හට නොදී බැරි තත්වයට පත්වෙන ආකාරයේ නිමිති දක්වමින් කතා කරනවා. තමන්ට ලැබෙන විදිහට අනුන්ට ගරහනවා. ලාභයෙන් ලාභය හොයනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ කුහක කමින් චාටුබස්වලින් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

32. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවේන ජීවිකං කප්පෙන්ති, සෙය්‍යථීදං: අංගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහෝමං දබ්බිහෝමං ථුසහෝමං කණහෝමං තණ්ඩුලහෝමං සප්පිහෝමං තේලහෝමං මුඛහෝමං ලෝහිතහෝමං අංගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අහිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්කජ්ඣානං සරපරිත්තාණං මිගපක්කං. ඉති වා ඉති ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙවැනි වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත්වෙනවා. ඒ කියන්නේ ශාරීරික අංග බලා ඵලාඵල කියනවා, නිමිති බලා ඵලාඵල කියනවා, උත්පාත බලා ඵලාඵල කියනවා, සිහින ඵලාඵල කියනවා, ශාරීරික ලක්ෂණ බලා ඵලාඵල කියනවා, මීයන් කෑ වස්ත්‍ර බලා ඵලාඵල කියනවා, ගිනි පූජා පවත්වනවා, හැන්දෙන් පූජා පවත්වනවා, ධාන්‍ය පොතුවලින් පූජා පවත්වනවා. කණ නම් සහලින් කළ පූජා පවත්වනවා, සහලින් පූජා පවත්වනවා, ගිතෙලින් පූජා පවත්වනවා, තල තෙලින් පූජා පවත්වනවා, විශේෂ කොට කරන පූජා පවත්වනවා, සතුන් මරා ලේ පුදා කරන පූජා පවත්වනවා, අංග විද්‍යාව, වාස්තු විද්‍යාව, දේශපාලන විද්‍යාව, වාසනාව උරගා බැලීමේ (ලොතරැයි) විද්‍යාව, භූත විද්‍යාව, පොළොව යට බිම් ගෙයක ඉඳ මැතිරීමෙන් කරන (භූරි) විද්‍යාව, සර්ප විද්‍යාව, විෂ විද්‍යාව, වෘශ්චික විද්‍යාව, මූෂික විද්‍යාව, පක්ෂි විද්‍යාව, විශාල පක්ෂි විද්‍යාව, ඉදුණු දේ මුල් කොට අනාවැකි කියන විද්‍යාව, මතුරන ලද ඊතල විද ආරක්ෂා කරන විද්‍යාව, මෘග පක්ෂ යනාදී මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

33. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවේන ජීවිකං කප්පෙන්ති, සෙය්‍යථීදං: මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිසලක්ඛණං උසභලක්ඛණං ගෝලක්ඛණං අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං කුක්කුටලක්ඛණං වට්ටකලක්ඛණං ගෝධාලක්ඛණං කණ්ණිකාලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං. ඉති වා ඉති ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ මැණික්වල සුභ අසුභ ලකුණු කීම, දඬුවල සුභ අසුභ ලකුණු කීම, වස්ත්‍රවල සුභ අසුභ ලකුණු කීම, කඩු ආදී සලකුණුවලින් සුභාසුභ කීම, ඊතල ආදී සලකුණුවලින් සුභාසුභ කීම, දුනු ආදී සලකුණුවලින් සුභාසුභ කීම, ආයුධ ආදී සලකුණුවලින් සුභාසුභ කීම, ස්ත්‍රීන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, පුරුෂයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දරුවන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දැරියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, ඒ ඒ කටයුතු සඳහා තෝරා ගත යුතු ඇතුන්ගේ ලකුණු කීම, අසුන්ගේ ලකුණු කීම, ඔටුවන්ගේ ලකුණු කීම, වෘෂභයන්ගේ ලකුණු කීම, ගවයන්ගේ ලකුණු කීම, එළුවන්ගේ ලකුණු කීම, බැටළුවන්ගේ ලකුණු කීම, කුකුළු පොර ආදියට සුදුසු කුකුළන්ගේ ලකුණු කීම, වටුවන්ගේ ලකුණු කීම, සුහුනන් ඇඟ වැටීමේ සහ හඬනැගීමේ ඵලාඵල කීම, කනෙහි පළඳාගත් උපකරණවලින් ඵලාඵල කීම, කැස්බෑවන්ට මතුරා ඵලාඵල කීම, මුවන්ට මතුරා ඵලාඵල කීම ආදී තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

34. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවේන ජීවිකං කප්පෙන්ති, සෙය්‍යථීදං: “රඤ්ඤං නිය්‍යානං භවිස්සති. රඤ්ඤං අනීය්‍යානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති. බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති. බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං ජයෝ භවිස්සති. බාහිරානං රඤ්ඤං පරාජයෝ භවිස්සති. බාහිරානං රඤ්ඤං ජයෝ භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං පරාජයෝ භවිස්සති. ඉති ඉමස්ස ජයෝ භවිස්සති. ඉමස්ස පරාජයෝ භවිස්සති.” ඉති වා ඉති ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, “අසවල් නැකතට රජතුමාගේ යුද පිණිස නික්මීම වන්නේය. අසවල් නැකතින් ආපසු නුවරට ඇතුළ්වීම සිදු කළ යුත්තේය. අසවල් නැකතින් රට ඇතුළේ සිට පිටත සතුරු රජුන් හමුවීමට රජුගේ ගමන කළ යුත්තේය. අසවල් නැකතින් පිටත සිටින රජවරු රට ඇතුළට පැමිණීම වන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ සිටින රජුගේ ඉවත්වීම සිදුවන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ සිටින රජුට ජය වන්නේය. අසවල් නැකතින් බාහිර රජුනට පරාජය වන්නේය. අසවල් නැකතින් බාහිර රජුන්ට ජය වන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ රජුට පරාජය වන්නේය කියලා මොහුට ජය වෙනවා. මොහුට පරාජය වෙනවා” ආදී වශයෙන් පවසමින් තිරිසන් විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

35. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවේන ජීවිකං කප්පෙන්ති, සෙය්‍යථීදං: “චන්දග්ගාහෝ භවිස්සති. සුරියග්ගාහෝ භවිස්සති. නක්ඛත්තග්ගාහෝ භවිස්සති. චන්දිමසුරියානං පථගමනං භවිස්සති. චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති. නක්ඛත්තානං පථගමනං භවිස්සති. නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති. උක්කාපාතෝ භවිස්සති. දිසාඩාහෝ භවිස්සති. භූමිචාලෝ භවිස්සති. දේවදුන්දුභි භවිස්සති. චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඕගමනං සංකිලේසං වෝදානං භවිස්සති. ඒවංවිපාකෝ චන්දග්ගාහෝ භවිස්සති. ඒවංවිපාකෝ සුරියග්ගාහෝ භවිස්සති. ඒවංවිපාකෝ නක්ඛත්තග්ගාහෝ භවිස්සති. ඒවංවිපාකං චන්දිමසුරියානං පථගමනං භවිස්සති. ඒවංවිපාකං චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති. ඒවංවිපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති. ඒවංවිපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති. ඒවංවිපාකෝ උක්කාපාතෝ භවිස්සති. ඒවංවිපාකෝ දිසාඩාහෝ භවිස්සති. ඒවංවිපාකෝ භූමිචාලෝ භවිස්සති. ඒවංවිපාකෝ දේවදුන්දුභි භවිස්සති. ඒවංවිපාකං චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඕගමනං සංකිලේසං වෝදානං භවිස්සති”. ඉති වා ඉති ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, “අසවල් දින චන්ද්‍රග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සූර්යග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින නැකත් ග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නිසිමගින් යෑම සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නොමගින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නිසි මඟින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නොමගින් යෑම සිදුවෙනවා. අසවල් දින උල්කාපාත වැටෙනවා. අසවල් දින අසවල් දිශාවේ උෂ්ණත්වය වැඩිවෙනවා. අසවල් දින භූමිකම්පාවක් සිදුවෙනවා. අසවල් දින වැසි රහිතව අහස ගුගුරනවා. හිරු සඳු හා නැකත්වල උදාව බැසීම කෙලෙසීම පිරිසිදු වීම මේ මේ වෙලාවට සිදුවෙනවා. චන්ද්‍ර ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. සූර්ය ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. නැකත් ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නිසි ගමන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නොමග යෑම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. උල්කාපාත වැටීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. දිශා දාහය මෙවැනි ඵල විපාක ලබාදෙනවා. භූකම්පන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. වැසි නැතිව අහස ගිගිරීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම ලෝකයට මෙවැනි විපාක ලබාදෙනවා” කියලා තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

36. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවේන ජීවිකං කප්පෙන්ති, සෙය්‍යථීදං: “සුබ්බුට්ඨිකා භවිස්සති. දුබ්බුට්ඨිකා භවිස්සති. සුභික්ඛං භවිස්සති. දුබ්භික්ඛං භවිස්සති. ඛේමං භවිස්සති. භයං භවිස්සති. රෝගෝ භවිස්සති. ආරොග්‍යං භවිස්සති. මුද්දා ගණනා සංඛානං කාවෙය්‍යං ලෝකායතං”. ඉති වා ඉති ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවේන පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, “මේ කාලයේදී වැස්ස වහිනවා. මේ කාලයේදී නියඟය ඇතිවෙනවා. මේ කාලයේදී ආහාරපානාදියෙන් සරුවෙනවා. මේ කාලයේදී දුර්භික්ෂය ඇතිවෙනවා. මේ කාලයේදී රට සරුවෙනවා. මේ කාලයේදී බිය සැක නැතිව ඉන්නවා. මේ කාලයේදී භය උපදිනවා. මේ කාලයේදී රෝග ඇතිවෙනවා. මේ කාලයේදී නීරෝග බව ඇතිවෙනවා කියමින් ඵලා ඵල පැවසීමත් මුද්‍රා, ගණිත, සංඛ්‍යාන, කාව්‍ය ශාස්ත්‍ර, ලෝකායත ශාස්ත්‍ර ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිත්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

37. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවේන ජීවිකං කප්පෙන්ති, සෙය්‍යථීදං: ආවාහනං විවාහනං සංවදනං විවදනං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිත්ථම්භනං හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිපඤ්හං දේවපඤ්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හායනං. ඉති වා ඉති ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, විවාහයට නැකත් කීම, ආවාහයට නැකත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් කිරීමට නැකත් සැදීම, එක් වූ අඹු සැමියන් වෙන් කිරීමට නැකත් සැදීම, දීපු ණය එකතු කිරීමට නැකත් සැදීම, මුදල් ණයට පොලියට දීමට නැකත් සැදීම, දියුණු වීමට ගුරුකම් කිරීම, පාළුවී නැති වීමට ගුරුකම් කිරීම, දරුගැබ් රැකෙන්නට ගුරුකම් කිරීම, දිව අගුළු බැඳෙන්නට ගුරුකම් කිරීම, හනු තද කරන්නට ගුරුකම් කිරීම, අත් පෙරලෙන්නට ගුරුකම් කිරීම, හනු සිරවෙන්නට ගුරුකම් කිරීම, කන් අගුළු වැටෙන්නට ගුරුකම් කිරීම, කණ්ණාඩියෙන් භූතයන් කැඳවා ප්‍රශ්න විචාරීම, ගෑණු දරුවන් ලවා පේන කීම, දෙවියන් ලවා පේන කීම, සූර්ය වන්දනාව, මහ බඹු වන්දනාව, මන්ත්‍ර බලයෙන් කටින් ගිනිදැල් පිටකිරීම, මන්ත්‍ර බලෙන් ලක්ෂ්මී පූජා කිරීම යනාදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිත්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

38. යථා වා පනේකේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා තේ ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවේන ජීවිකං කප්පෙන්ති, සෙය්‍යථීදං: සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකම්මං වත්ථුපරිකිරණං ආචමනං නහාපනං ජුහනං වමනං විරේචනං උද්ධවිරේචනං අධෝවිරේචනං සීසවිරේචනං කණ්ණතේලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා මූලභේසජ්ජානං අනුප්පදානං ඕසධීනං පටිමොක්ඛෝ. ඉති වා ඉති ඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, ශාන්ති කර්ම, බාර ඔප්පු කිරීම, පොළොව යට හිඳ මතුරා ගුරුකම් කිරීම, නපුංසකයා පිරිමියෙකු කිරීම, පිරිමියා නපුංසකයෙකු කිරීම, ගෙවල් තැනීමේ දිශාවන් පෙන්වා දීම, අලුතෙන් නිවාස තැනීමේදී පුද පූජා පැවැත්වීම. වතුර මතුරා මූණ සේදවීම. වතුර මතුරා නැහැවීම, ගිනිපිදීම, ලය විරේක කරවීම, බඩ විරේක කරවීම, වමනය කරවීම, වස්ති කරවීම, ශීර්ෂ විරේකය, කණට තෙල් පිඹීම, ඇස් වෙදකම, නස්න කිරීම, ඇස්වලට අඳුන් සෑදීම, ප්‍රතිඅංජන සෑදීම, ශල්‍යකර්ම කිරීම, ළදරු චිකිත්සාව, කාය චිකිත්සාව, වනවලට බෙහෙත් බැඳීම ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

39. ස ඛෝ සෝ ලෝහිච්ච භික්ඛු ඒවං සීලසම්පන්නෝ න කුතෝචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතෝ. සෙය්‍යථාපි මාණව ඛත්තියෝ මුද්ධාවසිත්තෝ නිහතපච්චාමිත්තෝ න කුතෝචි භයං සමනුපස්සති යදිදං පච්චත්ථිකතෝ. ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඒවං සීලසම්පන්නෝ න කුතෝචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතෝ. සෝ ඉමිනා අරියේන සීලක්ඛන්ධේන සමන්නාගතෝ අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවේදේති. ඒවං ඛෝ ලෝහිච්ච භික්ඛු සීලසම්පන්නෝ හෝති.

පින්වත් ලෝහිච්ච, ඒ භික්ෂුව වනාහී මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීලසංවරය හේතු කොට ගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ. පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. ඔටුනු පළන් රජ කෙනෙක් ඉන්නවා. ඔහු සතුරන් පරදවලා බැහැර කරලයි ඉන්නේ. ඉතින් ඔහු සතුරන් හේතුවෙන් මොනම අයුරකින්වත් භයක් දකින්නේ නෑ. පින්වත් ලෝහිච්ච, භික්ෂුවත් ඔය විදිහමයි. මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීලසංවරය හේතු කොට ගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ. ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්විතව ආධ්‍යාත්මිකව නිවැරදි සැපයක් විඳිනවා. පින්වත් ලෝහිච්ච, ඔන්න ඔය විදිහටයි භික්ෂුව සීලසම්පන්න වන්නේ.

40. කථඤ්ච ලෝහිච්ච භික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති? ඉධ ලෝහිච්ච භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමේතං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්‍රියං. චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝාණේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හෝති නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමේතං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්‍රියං. මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති. සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රියසංවරේන සමන්නාගතෝ අජ්ඣත්තං අබ්‍යාසේකසුඛං පටිසංවේදේති. ඒවං ඛෝ ලෝහිච්ච භික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව අකුසලයන් වැළකූ ද්වාර ඇති ඉඳුරන් ඇතිව ඉන්නේ කොහොමද? පින්වත් ලෝහිච්ච, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් ඇස නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදිනවා. ඇස රැකගන්නවා. ඇස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙනවා. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් රස විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් මනස නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදිනවා. මනස රැකගන්නවා. මනස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙනවා. ඔහු මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ආධ්‍යාත්මිකව පීඩා රහිතව සැපයක් විඳිනවා. පින්වත් ලෝහිච්ච, භික්ෂුව අකුසලයෙන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුළ ඉන්නේ ඔය විදිහටයි.

41. කථඤ්ච ලෝහිච්ච භික්ඛු සතිසම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති? ඉධ ලෝහිච්ච භික්ඛු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සමිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්තචීවරධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාරපස්සාවකම්මේ සම්පජානකාරී හෝති. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හීභාවේ සම්පජානකාරී හෝති. ඒවං ඛෝ ලෝහිච්ච භික්ඛු සතිසම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව සිහිනුවණින් යුතුව සිටින්නේ කොහොමද? පින්වත් ලෝහිච්ච, මෙහිලා භික්ෂුව ඉදිරියට යද්දීත්, ආපසු එද්දීත් එය කරන්නේ සිහි නුවණින්මයි. ඉදිරිය බලද්දී, වටපිට බලද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. අතපය හකුළද්දී, දිගහරිද්දී එය කරන්නෙත් සිහිනුවණින්මයි. දෙපට සිවුර, පාත්‍රය, අනෙක් සිවුරු ආදිය දරද්දී එය කරන්නෙත් සිහිනුවණින්මයි. වළඳද්දී, පානය කරද්දී, අනුභව කරද්දී, රස විඳිද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. වැසිකිළි කැසිකිළි යාමේදී එය කරන්නෙත් සිහි නුවණින්මයි. ගමන් කරද්දී, සිටගෙන සිටිද්දී, වාඩි වී සිටිද්දී, සැතපෙද්දී, නිදිවරද්දී, කතාබස් කරද්දී, නිහඬව සිටිද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. පින්වත් ලෝහිච්ච, භික්ෂුව සිහිනුවණින් යුතු වන්නේ ඔය ආකාරයටයි.

42. කථඤ්ච ලෝහිච්ච භික්ඛු සන්තුට්ඨෝ හෝති? ඉධ ලෝහිච්ච භික්ඛු සන්තුට්ඨෝ හෝති කායපරිහාරියේන චීවරේන කුච්ඡිපරිහාරියේන පිණ්ඩපාතේන. සෝ යේන යේනේව පක්කමති සමාදායේව පක්කමති. සෙය්‍යථාපි ලෝහිච්ච පක්ඛී සකුනෝ යේන යේනේව ඩේති සපත්තභාරෝ’ව ඩේති, ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු සන්තුට්ඨෝ හෝති කායපරිහාරියේන චීවරේන කුච්ඡිපරිහාරියේන පිණ්ඩපාතේන. සෝ යේන යේනේව පක්කමති සමාදායේව පක්කමති. ඒවං ඛෝ ලෝහිච්ච භික්ඛු සන්තුට්ඨෝ හෝති.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ කොහොමද? පින්වත් ලෝහිච්ච, මෙහිලා භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන්, කුසගිනි නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් ම තැනකට පිටත් වෙනවා නම්, පාසිවුරු පමණක් අරගෙන යනවා. ඒක මේ වගේ දෙයක්. කුරුල්ලෙක් යම් ම තැනකට පියඹා යනවා නම්, පියාපත් බර පමණක් සහිතව පියඹනවා වගෙයි. පින්වත් ලෝහිච්ච, ඔය අයුරින්ම භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන්, කුසගිනි නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් ම තැනකට පිටත් වෙනවා නම්, පාසිවුරු පමණක් අරගෙන යනවා. පින්වත් ලෝහිච්ච, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ ඔය විදිහටයි.

43. සෝ ඉමිනා ච අරියේන සීලක්ඛන්ධේන සමන්නාගතෝ ඉමිනා ච අරියේන ඉන්ද්‍රියසංවරේන සමන්නාගතෝ ඉමිනා ච අරියේන සතිසම්පජඤ්ඤේන සමන්නාගතෝ ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භෝකාසං පලාලපුඤ්ජං. සෝ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.

ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ සිහිනුවණින් යුක්ත වෙලා, මේ ආර්ය වූ ලද දෙයින් සතුටුවීමෙන් යුක්ත වෙලා හුදෙකලා සෙනසුනක වාසය කරනවා. ඒ කියන්නේ අරණ්‍යය, රුක්සෙවණ, පර්වතය, දිය ඇල්ල, ගිරිගුහාව, සොහොන, වනගැබ, ගස් කොළන් රහිත හිස් පිටිය, පිදුරු ගෙය ආදියයි. ඔහු පිණ්ඩපාතය වළඳා, දානයෙන් පසු (එවැනි තැනක) පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාඩිවෙනවා.

44. සෝ අභිජ්ඣං ලෝකේ පහාය විගතාභිජ්ඣේන චේතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසෝධේති. බ්‍යාපාදපදෝසං පහාය අබ්‍යාපන්නචිත්තෝ විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්‍යාපාදපදෝසා චිත්තං පරිසෝධේති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධෝ විහරති ආලෝකසඤ්ඤී සතෝ සම්පජානෝ ථීනමිද්ධා චිත්තං පරිසෝධේති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතෝ විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තෝ. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසෝධේති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡෝ විහරති අකථංකථී කුසලේසු ධම්මේසු. විචිකිච්ඡාය චිත්තං පරිසෝධේති.

ඔහු ජීවිතය නම් වූ ලෝකය ගැන ඇති විෂම ලෝභය දුරු කොට ඇලීම් රහිත වූ සිතින් වාසය කරනවා. විෂම ලෝභය කෙරෙන් සිත පිරිසිදු කරනවා. තරහ, වෛර ආදිය අත්හැර තරහ නැති සිතින් සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. තරහ, වෛර ආදිය කෙරෙන් සිත පිරිසිදු කරනවා. නිදිමත, අලසකම අත්හැර නිදිමත, අලසකමින් බැහැරව ආලෝක සඤ්ඤාවෙන් යුතුව, සිහිනුවණ ඇතිව වාසය කරනවා. නිදිමත අලසකම කෙරෙන් සිත පිරිසිදු කරනවා. සිතේ විසිරීමත්, පසුතැවීමත් බැහැර කොට නොකැළඹී ගිය සංසිඳුණු සිතින් වාසය කරනවා. සිතේ විසිරීම හා පසුතැවීම කෙරෙන් සිත පිරිසිදු කරනවා. සැකය දුරු කොට කුසල් දහම් ගැන ‘කෙසේද? කෙසේද?’ යනාදී සැකයෙන් එතෙරව වාසය කරනවා. සැකය කෙරෙන් සිත පිරිසිදු කරනවා.

45. සෙය්‍යථාපි ලෝහිච්ච පුරිසෝ ඉණං ආදාය කම්මන්තේ පයෝජෙය්‍ය, තස්ස තේ කම්මන්තා සමිජ්ඣෙය්‍යුං, සෝ යානි ච පෝරාණානි ඉණමූලානි තානි ච බ්‍යන්තීකරෙය්‍ය, සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරභරණාය, තස්ස ඒවමස්ස: “අහං ඛෝ පුබ්බේ ඉණං ආදාය කම්මන්තේ පයෝජේසිං. තස්ස මේ තේ කම්මන්තා සමිජ්ක්‍ධිංසු. සෝ’හං යානි ච පෝරාණානි ඉණමූලානි තානි ච බ්‍යන්තී අකාසිං. අත්ථි ච මේ උත්තරිං අවසිට්ඨං දාරභරණායා”ති. සෝ තතෝ නිදානං ලභේථ පාමොජ්ජං, අධිගච්ඡෙය්‍ය සෝමනස්සං-

පින්වත් ලෝහිච්ච, එය මෙවැනි දෙයක්. පුරුෂයෙක් ණයක් අරගෙන කර්මාන්තයක යොදවනවා. ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. එතකොට ඔහු යම් පරණ මුල් ණයක් ඇද්ද, එය සම්පූර්ණයෙන්ම ගෙවලා දානවා. එයින් පසු ඔහුට අඹුදරුවන් පෝෂණය පිණිස ලාභයක් ඉතිරිත් වෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං කලින් ණයක් අරගෙනයි ව්‍යාපාරයක යෙදෙව්වේ. ඒ මගේ ව්‍යාපාරය සාර්ථක වුනා. ඒ මං යම් පරණ මුල් ණයක් ඇද්ද එය සම්පූර්ණයෙන්ම ගෙව්වා. අඹුදරුවන් පෝෂණයටත් මට ආදායම ඉතිරි වුනා” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

46. සෙය්‍යථාපි ලෝහිච්ච පුරිසෝ ආබාධිකෝ අස්ස දුක්ඛිතෝ බාළ්හගිලානෝ, භත්තං චස්ස නච්ඡාදෙය්‍ය, න චස්ස කායේ බලමත්තා, සෝ අපරේන සමයේන තම්හා ආබාධා මුච්ඡෙය්‍ය, භත්තං චස්ස ඡාදෙය්‍ය, සියා චස්ස කායේ බලමත්තා, තස්ස ඒවමස්ස: “අහං ඛෝ පුබ්බේ ආබාධිකෝ අහෝසිං දුක්ඛිතෝ බාළ්හගිලානෝ. භත්තං ච මේ නච්ඡාදේසි. න චස්ස මේ ආසි කායේ බලමත්තා. සො’ම්හි ඒතරහි තම්හා ආබාධා මුත්තෝ. භත්තඤ්ච මේ ඡාදේති. අත්ථි ච මේ කායේ බලමත්තා”ති. සෝ තතෝ නිදානං ලභේථ පාමොජ්ජං, අධිගච්ඡෙය්‍ය සෝමනස්සං-

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් රෝගී වෙලා, දුකට පත්වෙලා, දැඩිසේ ගිලන්ව ඉන්නවා. ඔහුට බත් කෑමටවත් පිරියක් නෑ. ඔහුගේ ඇඟේ පතේ ප්‍රාණවත් ගතියක් නෑ. නමුත් පස්සේ කාලෙක ඔහු ඒ රෝගයෙන් මිදුණා. ඔහුට දැන් බත් කෑමත් ප්‍රියයි. ඔහුගේ ඇඟපතත් ප්‍රාණවත්. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං ඉස්සර රෝගී වෙලා, දුකට පත්වෙලා, දැඩිසේ ගිලන්ව හිටියේ. මට බත් කෑමටවත් පිරියක් තිබුනේ නෑ. මගේ ඇඟේ පතේ ප්‍රාණවත් ගතියක් තිබුනේ නෑ. නමුත් දැන් මං ඒ රෝගයෙන් මිදුනා. මට දැන් බත් කෑමත් ප්‍රියයි. මගේ ඇඟපතත් ප්‍රාණවත්” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

47. සෙය්‍යථාපි ලෝහිච්ච පුරිසෝ බන්ධනාගාරේ බද්ධෝ අස්ස, සෝ අපරේන සමයේන තම්හා බන්ධනාගාරා මුච්ඡෙය්‍ය සොත්ථිනා අබ්බයේන, න චස්ස කිඤ්චි භෝගානං වයෝ, තස්ස ඒවමස්ස: “අහං ඛෝ පුබ්බේ බන්ධනාගාරේ බද්ධෝ අහෝසිං. සො’ම්හි ඒතරහි තම්හා බන්ධනාගාරා මුත්තෝ සොත්ථිනා අබ්බයේන. නත්ථි ච මේ කිඤ්චි භෝගානං වයෝ”ති. සෝ තතෝ නිදානං ලභේථ පාමොජ්ජං, අධිගච්ඡෙය්‍ය සෝමනස්සං-

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් හිරගෙදරක බන්ධනයකට හසුවෙනවා. නමුත් ඔහු පස්සේ කාලෙක තමන්ගේ ධනය වියදම් නොකොට සුවසේම ඒ බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. ඔහුගේ සම්පත්වලින් කිසි වියදමක් යන්නේ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං ඉස්සර හිරගෙදරක බන්ධනයකට අහු වුනා. නමුත් ඒ මං දැන් ධන වියදමකින් තොරව සුවසේම ඒ බන්ධනාගාරයෙන් නිදහස් වුනා. මගේ භෝග සම්පත්වලින් කිසිදෙයක් වියදම් වුනේ නෑ” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

48. සෙය්‍යථාපි ලෝහිච්ච පුරිසෝ දාසෝ අස්ස අනත්තාධීනෝ පරාධීනෝ න යේනකාමංගමෝ, සෝ අපරේන සමයේන තම්හා දාසබ්‍යා මුච්චෙය්‍ය අත්තාධීනෝ අපරාධීනෝ භුජිස්සෝ යේනකාමංගමෝ, තස්ස ඒවමස්ස: “අහං ඛෝ පුබ්බේ දාසෝ අහෝසිං අනත්තාධීනෝ පරාධීනෝ න යේනකාමංගමෝ. සො’ම්හි ඒතරහි තම්හා දාසබ්‍යා මුත්තෝ අත්තාධීනෝ අපරාධීනෝ භුජිස්සෝ යේනකාමංගමෝ”ති. සෝ තතෝ නිදානං ලභේථ පාමොජ්ජං, අධිගච්ඡෙය්‍ය සෝමනස්සං-

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමැති පරිදි යා ගත නොහැකි, දාසයෙක් වෙලා හිටියා. ඔහු පස්සේ කාලෙක ඒ දාසබවෙන් නිදහස් වුනා. තමාට සිතූ පරිදි ගත කරන, අනුන්ට යටත් නොවන, තමන් කැමැති පරිදි යා හැකි ජීවිතයක් ලැබුනා. එතකොට ඔහුට මෙහෙම හිතුනා. “මං ඉස්සර තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමැති පරිදි යා ගත නොහැකි දාසයෙක් වෙලා හිටියා. ඒ මං දැන් ඒ දාසබවෙන් නිදහස් වෙලයි ඉන්නේ. මට සිතූ පරිදි ගත කරන, අනුන්ට යටත් නොවන, මං කැමැති පරිදි යා හැකි ජීවිතයක් ලැබිලා තියෙනවා” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

49. සෙය්‍යථාපි ලෝහිච්ච පුරිසෝ සධනෝ සභෝගෝ කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්‍ය දුබ්භික්ඛං සප්පටිභයං, සෝ අපරේන සමයේන තං කන්තාරං නිත්ථරෙය්‍ය, සොත්ථිනා ගාමන්තං අනුපාපුණෙය්‍ය ඛේමං අප්පටිභයං, තස්ස ඒවමස්ස: “අහං ඛෝ පුබ්බේ සධනෝ සභෝගෝ කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං දුබ්භික්ඛං සප්පටිභයං. සො’ම්හි ඒතරහි තං කන්තාරං තිණ්ණෝ සොත්ථිනා ගාමන්තං අනුප්පත්තෝ ඛේමං අප්පටිභය”න්ති. සෝ තතෝ නිදානං ලභේථ පාමොජ්ජං, අධිගච්ඡෙය්‍ය සෝමනස්සං-

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසෙනවා. නමුත් ඔහු පසු කාලෙක ඒ කාන්තාරයෙන් එතෙර වෙනවා. සුවසේම ගමන අවසන් කොට බිය, උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා “මං කලින් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසුනා. නමුත් දැන් මා ඒ කාන්තාරයෙන් එතෙර වුනා. සුවසේම ගමන අවසන් කොට බිය, උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණුනා” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

50. ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු යථා ඉණං යථා රෝගං යථා බන්ධනාගාරං යථා දාසබ්‍යං යථා කන්තාරද්ධානමග්ගං, ඒවං ඉමේ පඤ්ච නීවරණේ අප්පහීනේ අත්තනි සමනුපස්සති. සෙය්‍යථාපි ලෝහිච්ච ආනණ්‍යං, යථා ආරොග්‍යං, යථා බන්ධනාමොක්ඛං, යථා භුජිස්සං, යථා ඛේමන්තභූමිං, ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඉමේ පඤ්ච නීවරණේ පහීනේ අත්තනි සමනුපස්සති.

පින්වත් ලෝහිච්ච, අන්න ඒ විදිහමයි. භික්ෂුවත් (කලින්) ණයක් ගත්තා වගේ, ලෙඩ වුනා වගේ, හිරේවිලංගුවේ වැටුනා වගේ, වහල්බවට පත්වුනා වගේ, නිරුදක කතරකට පැමිණුනා වගේ මේ පංච නීවරණයන් ප්‍රහාණය නොවී තමා තුළ පවතින හැටි දකිනවා. නමුත් පින්වත් ලෝහිච්ච, ඒ ණය ගෙවා දමා ණය රහිත වුනා වගේ, රෝගයෙන් නිදහස් වෙලා නීරෝග වුනා වගේ, වියදම් නැතුව හිරෙන් නිදහස් වුනා වගේ, දාසබවෙන් නිදහස් වුනා වගේ, නිරුදක කතර ගෙවා ආරක්ෂා සහිත ක්ෂේම භූමියකට පැමිණුනා වගේ තමයි. පින්වත් ලෝහිච්ච, අන්න ඒ විදිහමයි භික්ෂුව තමා තුළ මේ පංච නීවරණයන් දුරුවී ඇති ආකාරයත් දකින්නේ.

51. තස්සිමේ පඤ්ච නීවරණේ පහීනේ අත්තනි සමනුපස්සතෝ පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායෝ පස්සම්භති. පස්සද්ධකායෝ සුඛං වේදේති. සුඛිනෝ චිත්තං සමාධියති.

ඔහුට මේ පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දි මහත් සතුටක් ඇතිවෙනවා. ඒ ප්‍රමුදිත වීම ඇති කෙනාට ප්‍රීතිය ඇතිවෙනවා. ප්‍රීති මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳුණු කයින් යුතුව සැපක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා.

52. සෝ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස විවේකජේන පීතිසුඛේන අප්ඵුටං හෝති.

ඔහු කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

53. සෙය්‍යථාපි ලෝහිච්ච දක්ඛෝ නහාපඛෝ වා නහාපකන්තේවාසී වා කංසථාලේ නහානීයචුණ්ණානි ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං සන්නෙය්‍ය, සායං නහානීයපිණ්ඩි ස්නේහානුගතා ස්නේහපරේතා සන්තරබාහිරා ඵුටා ස්නේහේන න ච පග්ඝරණී, ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස විවේකජේන පීතිසුඛේන අප්ඵුටං හෝති.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. (රජවරුන් ආදී පිරිස් නහවන) දක්ෂ නහවන්නෙක් හෝ නහවන කෙනෙකුගේ ගෝලයෙක් ඉන්නවා. ඔහු ලෝහ බඳුනක නානසුණු විසුරුවනවා. ඊට පස්සේ දිය ඉස ඉස පිඬු කරනවා. එතකොට ඒ නානසුණු පිඬට අර වතුර කාවදිනවා. හොඳින් තෙත් වෙනවා. ඒ නහන පිඬ ඇතුළත පිටත සෑම තැනම හොඳින් දිය පැතිරිලා තියෙනවා. පිටතට වැගිරෙන්නෙත් නෑ. පින්වත් ලෝහිච්ච, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

54. යම්පි ලෝහිච්ච භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, සෝ ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස විවේකජේන පීතිසුඛේන අප්ඵුටං හෝති. ඉදම්පි’ස්ස හෝති සමාධිස්මිං.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති යම් පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා නම්, ඔහු මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. මෙය අයිති වන්නේත් ඔහුගේ සමාධියටමයි.

55. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

56. පුන ච පරං ලෝහිච්ච භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං සමාධිජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස සමාධිජේන පීතිසුඛේන අප්ඵුටං හෝති.

පින්වත් ලෝහිච්ච, තවදුරටත් කියනවා නම් භික්ෂුව විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

57. සෙය්‍යථාපි ලෝහිච්ච උදකරහදෝ ගම්භීරෝ උබ්භිදෝදකෝ, තස්ස නේවස්ස පුරත්ථිමාය දිසාය උදකස්ස ආයමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්ස ආයමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්ස ආයමුඛං, න උත්තරාය දිසාය උදකස්ස ආයමුඛං, දේවෝ ච න කාලේනකාලං සම්මාධාරං අනුප්පවෙච්ඡෙය්‍ය, අථ ඛෝ තම්හා ච උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමේව උදකරහදං සීතේන වාරිනා අභිසන්දෙය්‍ය පරිසන්දෙය්‍ය පරිපූරෙය්‍ය පරිප්ඵරෙය්‍ය, නාස්ස කිඤ්චි සබ්බාවතෝ උදකරහදස්ස සීතේන වාරිනා අප්ඵුටං අස්ස. ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඉමමේව කායං සමාධිජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස සමාධිජේන පීතිසුඛේන අප්ඵුටං හෝති.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. යට දිය උල්පත්වලින් වතුර ගලන ගැඹුරු විලක් තියෙනවා. හැබැයි ඒ විලට නැගෙනහිර පැත්තෙන් වතුර එන මගක් නෑ. දකුණු පැත්තෙන් වතුර එන මගක් නෑ. බටහිර පැත්තෙන් වතුර එන මගක් නෑ. උතුරු පැත්තෙන් වතුර එන මගක් නෑ. වැස්සත් කලින් කලට පිළිවෙලකට වහින්නේ නෑ. එතකොට ඒ විලෙන්ම සීතල දියදහරා උල්පත්වලින් උඩට මතු වෙවී ඒ විලම සීතල ජලයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. වතුරෙන් පුරවනවා. හොඳින් පුරවනවා. ඒ මුළු විලේම සිහිල් ජලයෙන් පහස නොලැබූ කිසි තැනක් නෑ. පින්වත් ලෝහිච්ච, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

58. යම්පි ලෝහිච්ච භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, සෝ ඉමමේව කායං සමාධිජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස සමාධිජේන පීතිසුඛේන අප්ඵුටං හෝති. ඉදම්පි’ස්ස හෝති සමාධිස්මිං.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති යම් දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා නම්, ඔහු මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. මෙය අයිති වන්නේත් ඔහුගේ සමාධියටමයි.

59. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

60. පුන ච පරං ලෝහිච්ච භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ සම්පජානෝ සුඛඤ්ච කායේන පටිසංවේදේති. යන්තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස නිප්පීතිකේන සුඛේන අප්ඵුටං හෝති.

පින්වත් ලෝහිච්ච, තවදුරටත් කියනවා නම් භික්ෂුව ප්‍රීතියටද නොඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයෙන් සැපයක්ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවාද, ඒ තුන්වෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

61. සෙය්‍යථාපි ලෝහිච්ච උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකානුග්ගතානි අන්තෝනිමුග්ගපෝසීනි, තානි යාව චග්ගා යාව ච මූලා සීතේන වාරිනා අභිස්සන්නානි පරිස්සන්නානි පරිපූරානි පරිප්ඵුටානි, නාස්ස කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතේන වාරිනා අප්ඵුටං අස්ස, ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස නිප්පීතිකේන සුඛේන අප්ඵුටං හෝති.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. මහනෙල් විලක හෝ රතු නෙළුම් විලක හෝ සුදු නෙළුම් විලක හෝ ඇතැම් මහනෙල් වේවා, රතු නෙළුම් වේවා, සුදු නෙළුම් වේවා ඒ නෙළුම් ජලයේමයි හටගන්නේ. ජලයේමයි වැඩෙන්නේ. නමුත් ජලයෙන් උඩට ඇවිත් නෑ. ජලය තුළම ගිලී වැඩෙනවා. එතකොට ඒ නෙළුම් අග දක්වාත්, මුල දක්වාත් සීතල දියෙන් හොඳට තෙත් වෙලා තියෙන්නේ. මුළුමණින්ම තෙත් වෙලා තියෙන්නේ. පිරිලා තියෙන්නේ. හැමතැනම පැතිරිලා තියෙන්නේ. ඒ සෑම මහනෙල්වල, රතු නෙළුම්වල, සුදු නෙළුම්වල සීතල දිය නොපැතුරුණු කිසි තැනක් නෑ. පින්වත් ලෝහිච්ච, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

62. යම්පි ලෝහිච්ච භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ සම්පජානෝ සුඛඤ්ච කායේන පටිසංවේදේති, යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස නිප්පීතිකේන සුඛේන අප්ඵුටං හෝති. ඉදම්පි’ස්ස හෝති සමාධිස්මිං.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව ප්‍රීතියටද නොඇලීමෙන්, උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයෙන් සැපයක්ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවාද, යම් ඒ තුන්වෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා නම්, ඔහු මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. මෙය අයිති වන්නේත් ඔහුගේ සමාධියටමයි.

63. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

64. පුන ච පරං ලෝහිච්ච භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන ඵරිත්වා නිසින්නෝ හෝති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්ඵුටං හෝති.

පින්වත් ලෝහිච්ච, තවදුරටත් කියනවා නම්, භික්ෂුව සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඔහු මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

65. සෙය්‍යථාපි ලෝහිච්ච පුරිසෝ ඕදාතේන වත්ථේන සසීසං පාරුපිත්වා නිසින්නෝ අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස ඕදාතේන වත්ථේන අප්ඵුටං අස්ස, ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන ඵරිත්වා නිසින්නෝ හෝති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්ඵුටං හෝති.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුළු සිරුරම පොරොවාගෙන වාඩි වී සිටින කෙනෙක් ඉන්නවා. එතකොට ඔහුගේ මුළු කයෙහිම සුදු වස්ත්‍රයෙන් නොවැසුණු කිසි තැනක් නෑ. පින්වත් ලෝහිච්ච, අන්න ඒ වගේමයි භික්ෂුව මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාෂ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාෂ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

66. යම්පි ලෝහිච්ච භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, සෝ ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන ඵරිත්වා නිසින්නෝ හෝති, නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්ඵුටං හෝති. ඉදම්පි’ස්ස හෝති සමාධිස්මිං.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති යම් සතරවෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා නම්, ඔහු මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාෂ්වර සිතින් පතුරුවාගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාෂ්වර සිතින් ස්පර්ශ නොකළ කිසි තැනක් නැහැ. මෙය අයිති වන්නේත් ඔහුගේ සමාධියටමයි.

67. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

68. පුන ච පරං ලෝහිච්ච සෝ භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ ඒවං පජානාති: අයං ඛෝ මේ කායෝ රූපී චාතුම්මහාභූතිකෝ මාතාපෙත්තිකසම්භවෝ ඕදනකුම්මාසූපචයෝ අනිච්චුච්ඡාදනපරිමද්දනභේදනවිද්ධංසනධම්මෝ ඉදං ච පන මේ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති.

පින්වත් ලෝහිච්ච, තවදුරටත් කියනවා නම් භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. “මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, බත් වෑංජන ආදියෙන් වැඩුණ, අනිත්‍ය වූ, ඇතිල්ලීම් පිරිමැදීම්වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි.”

69. සෙය්‍යථාපි ලෝහිච්ච මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ අච්ඡෝ විප්පසන්නෝ අනාවිලෝ සබ්බාකාරසම්පන්නෝ, තත්‍රස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩුසුත්තං වා. තමේනං චක්ඛුමා පුරිසෝ හත්ථේ කරිත්වා පච්චවෙක්ඛෙය්‍ය: “අයං ඛෝ මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ අච්ඡෝ විප්පසන්නෝ අනාවිලෝ සබ්බාකාරසම්පන්නෝ. තත්‍රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩුසුත්තං වා”ති, ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ ඒවං පජානාති: අයං ඛෝ මේ කායෝ රූපී චාතුම්මහාභූතිඛෝ මාතාපෙත්තිකසම්භවෝ ඕදනකුම්මාසූපචයෝ අනිච්චුච්ඡාදනපරිමද්දනභේදනවිද්ධංසනධම්මෝ. ඉදං ච පන මේ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. වෛරෝඩි මාණික්‍යයක් තියෙනවා. හරි ලස්සනට පහළ වුණ දෙයක්. අටපට්ටම්. හොඳින් ඔපමට්ටම්. ඉතාමත් හොඳයි. ඉතාම ප්‍රසන්නයි. පිවිතුරුයි. මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔය මැණික තුළ නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මැණික අතට ගෙන හොඳින් විමසා බලනවා. “මේ වෛරෝඩි මැණික හරි ලස්සනට පහළ වුන දෙයක්. අටපට්ටම්. හොඳින් ඔපමට්ටම්. ඉතාමත් හොඳයි. ඉතාම ප්‍රසන්නයි. පිවිතුරුයි. මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. මේ මැණික තුළ නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා” කියලා. පින්වත් ලෝහිච්ච, අන්න ඒ විදිහමයි. භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. “මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, බත් වෑංජන ආදියෙන් වැඩුණ, අනිත්‍ය වූ, ඇතිල්ලීම්, පිරිමැදීම්වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුනු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි” කියලා.

70. යම්පි ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ ….(පෙ)…. ඒවං පජානාති ….(පෙ)…. ඉදං ච පන මේ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති, ඉදම්පි’ස්ස හෝති පඤ්ඤාය.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. මේ විදිහට දැනගන්නවා ….(පෙ)…. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නෙත් මෙහිමයි” කියලා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.

71. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

72. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ මනෝමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනෝමයං සබ්බංගපච්චංගිං අහීනින්ද්‍රියං.

ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. ඉතින් ඔහු මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා.

73. සෙය්‍යථාපි ලෝහිච්ච පුරිසෝ මුඤ්ජම්හා ඉසිකං පවාහෙය්‍ය, තස්ස ඒවමස්ස: ‘අයං මුඤ්ජෝ, අයං ඉසිකා. අඤ්ඤෝ මුඤ්ජෝ, අඤ්ඤා ඉසිකා. මුඤ්ජම්හා ත්වේව ඉසිකා පබාළ්හා’ති. සෙය්‍යථාපි වා පන ලෝහිච්ච පුරිසෝ අසිං කෝසියා පවාහෙය්‍ය, තස්ස ඒවමස්ස: ‘අයං අසි අයං කෝසි. අඤ්ඤෝ අසි, අඤ්ඤා කෝසි. කෝසියා ත්වේව අසි පබාළ්හෝ’ති. සෙය්‍යථාපි වා පන ලෝහිච්ච පුරිසෝ අහිං කරණ්ඩා උද්ධරෙය්‍ය, තස්ස ඒවමස්ස: ‘අයං අහි, අයං කරණ්ඩෝ. අඤ්ඤෝ අහි, අඤ්ඤෝ කරණ්ඩෝ. කරණ්ඩාත්වේව අහි උබ්භතෝ’ති. ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ මනෝමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනෝමයං සබ්බංගපච්චංගිං අහීනින්ද්‍රියං.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් මුඤ්ජ තණ ගසෙන් තණ ගොබය ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ මුඤ්ජ තණ ගසයි, මේ තණ ගොබයයි. එතකොට මුඤ්ජ තණ ගස වෙන එකක්. තණ ගොබය වෙන එකක්. නමුත් මුඤ්ජ තණ ගසෙන්මයි තණ ගොබය ඇදලා ගත්තේ” කියලා. පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් කොපුවෙන් කඩුවක් ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ කඩුව. මේ කොපුව. එතකොට කඩුව අනෙකක්, කොපුව අනෙකක්. නමුත් කොපුවෙන් තමයි කඩුව ඇදලා ගත්තේ” කියලා. පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් නයි පෙට්ටියෙන් නයෙකුව ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ තමයි නයා. මේක නයි පෙට්ටිය. එතකොට නයා අනෙකෙක්. නයි පෙට්ටිය අනෙකක්. නමුත් නයි පෙට්ටියෙන් තමයි නයාව ඇදලා ගත්තේ” කියලා. පින්වත් ලෝහිච්ච, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. ඉතින් ඔහු මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා.

74. යම්පි ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ ….(පෙ)…. අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනෝමයං සබ්බංගපච්චංගිං අහීනින්ද්‍රියං, ඉදම්පි’ස්ස හෝති පඤ්ඤාය.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.

75. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම් කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම් කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

76. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභෝති: ඒකෝ’පි හුත්වා බහුධා හෝති. බහුධා’පි හුත්වා ඒකෝ හෝති. ආවිභාවං තිරෝභාවං තිරෝකුඩ්ඪං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සෙය්‍යථාපි ආකාසේ. පඨවියා’පි උම්මුජ්ජනිමුජ්ජං කරෝති සෙය්‍යථාපි උදකේ. උදකේ’පි අභිජ්ජමානේ ගච්ඡති සෙය්‍යථාපි පඨවියං. ආකාසේ’පි පල්ලංකේන කමති සෙය්‍යථාපි පක්ඛී සකුණෝ. ඉමේ’පි චන්දිමසූරියේ ඒවංමහිද්ධිකේ ඒවංමහානුභාවේ පාණිනා පරාමසති පරිමජ්ජති. යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේති.

ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි. එයට සිත නතු කරයි. තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. පෙනෙන්න සළස්වනවා. නොපෙනී යනවා. බිත්තිය විනිවිද, ප්‍රාකාරය විනිවිද, පර්වතය විනිවිද කිසිවක් හා නොගැටී, අහසේ යන්නාක් මෙන් යනවා. ජලයේ වගේ පොළොවෙහි කිඳාබැසීමත්, උඩට මතුවීමත් කරනවා. පොළොව මතුපිට වගේ ජලය මත නොගිලී ඇවිද යනවා. අහසෙහි පියාසරන කුරුල්ලන් පරිද්දෙන් පළඟක් බැඳගෙන අහසේ යනවා. මේ සා මහත් ඉර්ධි ඇති, මහානුභාව ඇති හිරු සඳු පවා අතින් අල්ලනවා. පිරිමඳිනවා. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා.

77. සෙය්‍යථාපි ලෝහිච්ච දක්ඛෝ කුම්භකාරෝ වා කුම්භකාරන්තේවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යං යදේව භාජනවිකතිං ආකංඛෙය්‍ය තං තදේව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය, සෙය්‍යථා වා පන ලෝහිච්ච දක්ඛෝ දන්තකාරෝ වා දන්තකාරන්තේවාසී වා සුපරිකම්මකතස්මිං දන්තස්මිං යං යදේව දන්තවිකතිං ආකංඛෙය්‍ය තං තදේව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය, සෙය්‍යථා වා පන ලෝහිච්ච දක්ඛෝ සුවණ්ණකාරෝ වා සුවණ්ණකාරන්තේවාසී වා සුපරිකම්මකතස්මිං සුවණ්ණස්මිං යං යදේව සුවණ්ණවිකතිං ආකංඛෙය්‍ය තං තදේව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය, ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභෝති: ඒකෝ’පි හුත්වා බහුධා හෝති ….(පෙ)…. යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේති. යම්පි ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේති, ඉදම්පි’ස්ස හෝති පඤ්ඤාය.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ මැට්ටෙන් යම් ම ආකාරයේ භාජනයක් හදන්න කැමැති නම්, ඒ ඒ ආකාරයේ බඳුන් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා. පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. දක්ෂ ඇත්දත් කැටයම්කරුවෙක් හෝ ඇත්දත් කැටයම්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ ඇත්දතක යම් ම ආකාරයේ ඇත්දළ කැටයමක් කරන්න කැමති නම්, ඒ ඒ ආකාරයේ ඇත්දළ කැටයම් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා. පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. දක්ෂ රන් කැටයම්කරුවෙක් හෝ රන් කැටයම්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ රනක යම් ම ආකාරයේ රන් කැටයමක් කරන්න කැමති නම්, ඒ ඒ ආකාරයේ රන් කැටයම් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා. පින්වත් ලෝහිච්ච, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි. එයට සිත නතු කරයි. තනි කෙනෙක් ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. ….(පෙ)…. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට …. (පෙ) …. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.

78. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

79. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ දිබ්බාය සෝතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභෝ සද්දේ සුණාති දිබ්බේ ච මානුසේ ච යේ දූරේ සන්තිකේ ච. සෙය්‍යථාපි ලෝහිච්ච පුරිසෝ අද්ධානමග්ගප්පටිපන්නෝ, සෝ සුණෙය්‍ය භේරිසද්දම්පි මුදිංගසද්දම්පි සංඛපණවදෙණ්ඩිමසද්දම්පි, තස්ස ඒවමස්ස: භේරිසද්දෝ ඉති’පි මුදිංගසද්දෝ ඉති’පි සංඛපණවදෙණ්ඩිමසද්දෝ ඉති’පි. ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ දිබ්බාය සෝතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභෝ සද්දේ සුණාති දිබ්බේ ච මානුසේ ච යේ දූරේ සන්තිකේ ච.

ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා. එයට සිත නතු කරනවා. එතකොට ඔහු මිනිසුන්ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා. පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. දිගු ගමනකට පිළිපන් පුරුෂයෙක් ඉන්නවා. ඔහු බෙර හඬත්, මිහිඟු බෙර හඬත්, සක්, පනා බෙර, ගැට බෙර හඬත් අසනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේක බෙර හඬක්, මේ තමයි මිහිඟු බෙර හඬ, මේක සක් හඬ, මේක පනා බෙර හඬ, මේක ගැට බෙර හඬ” කියලා. පින්වත් ලෝහිච්ච, අන්න ඒ විදිහමයි. භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා. එයට සිත නතු කරනවා. එතකොට ඔහු මිනිසුන්ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා.

80. යම්පි ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ ….(පෙ)…. උභෝ සද්දේ සුණාති දිබ්බේ ච මානුසේ ච යේ දූරේ සන්තිකේ ච, ඉදම්පි’ස්ස හෝති පඤ්ඤාය.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. එතකොට ඔහු මිනිසුන්ගේ සවන්දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.

81. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

82. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ චේතෝපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.

ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. එතකොට ඔහු වෙනත් සත්වයන්ගේ, වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නවා. රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් දැනගන්නවා. රාග රහිත සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ රහිත සිත වීතදෝසී සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ රහිත සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. හැකුළුණු සිත හැකිළුණු සිතක් වශයෙන් දැනගන්නවා. විසිරුණු සිත විසිරුණු සිතක් වශයෙන් දැනගන්නවා. සමාධිමත් සිත සමාධිමත් සිතක් වශයෙන් දැනගන්නවා. සමාධි රහිත සිත සමාධි රහිත සිතක් වශයෙන් දැනගන්නවා. නොදියුණු සිත නොදියුණු සිතක් වශයෙන් දැනගන්නවා. දියුණු සිත දියුණු සිතක් වශයෙන් දැනගන්නවා. එකඟ වෙන සිත එකඟ වෙන සිතක් වශයෙන් දැනගන්නවා. එකඟ නොවෙන සිත එකඟ නොවෙන සිතක් වශයෙන් දැනගන්නවා. කෙලෙසුන්ගෙන් මිදුණු සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.

83. සෙය්‍යථාපි ලෝහිච්ච ඉත්ථී වා පුරිසෝ වා දහරෝ වා යුවා මණ්ඩනකජාතිකෝ ආදාසේ වා පරිසුද්ධේ පරියෝදාතේ අච්ඡේ වා උදකපත්තේ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානෝ සකණිකං වා සකණිකන්ති ජානෙය්‍ය, අකණිකං වා අකණිකන්ති ජානෙය්‍ය, ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ චේතෝපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති. සංඛිත්තං වා චිත්තං ….(පෙ)…. වික්ඛිත්තං වා චිත්තං ….(පෙ)…. මහග්ගතං වා චිත්තං ….(පෙ)…. අමහග්ගතං වා චිත්තං ….(පෙ)…. සඋත්තරං වා චිත්තං ….(පෙ)…. අනුත්තරං වා චිත්තං ….(පෙ)…. සමාහිතං වා චිත්තං ….(පෙ)…. අසමාහිතං වා චිත්තං ….(පෙ)…. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. ලස්සනට සැරසෙන්නට කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දරුවෙක් හෝ තරුණයෙක් හෝ ඉන්නවා. ඔහු පිරිසිදු දීප්තිමත් කණ්ණාඩියක් ඉදිරියේ හෝ පැහැදිලි දිය ඇති බඳුනකින් හෝ තමන්ගේ මුව මඬල හොඳින් විමසා බලනවා. එතකොට දොස් ඇති තැන දොස් ඇති තැන වශයෙන් දැනගන්නවා. දොස් නැති තැන දොස් නැති තැන වශයෙන් දැනගන්නවා. පින්වත් ලෝහිච්ච, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. එතකොට ඔහු වෙනත් සත්වයන්ගේ වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නවා. රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් දැනගන්නවා. රාග රහිත සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ රහිත සිත වීතදෝසී සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ රහිත සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. හැකුළුණු සිත ….(පෙ)…. විසිරුණු සිත ….(පෙ)…. සමාධිමත් සිත ….(පෙ)…. සමාධි රහිත සිත ….(පෙ)…. නොදියුණු සිත ….(පෙ)…. දියුණු සිත ….(පෙ)…. එකඟ වෙන සිත ….(පෙ)…. එකඟ නොවෙන සිත ….(පෙ)…. කෙලෙසුන්ගෙන් මිදුණු සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.

84. යම්පි ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ ….(පෙ)…. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති, ඉදම්පි’ස්ස හෝති පඤ්ඤාය.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.

85. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

86. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ පුබ්බේනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථීදං: ඒකම්පි ජාතිං ද්වේ’පි ජාතියෝ තිස්සෝ’පි ජාතියෝ චතස්සෝ’පි ජාතියෝ පඤ්ච’පි ජාතියෝ දස’පි ජාතියෝ වීසම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාරීසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනේකේ’පි සංවට්ටකප්පේ අනේකේ’පි විවට්ටකප්පේ අනේකේ’පි සංවට්ටවිවට්ටකප්පේ ‘අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛප්පටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛප්පටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝ’ති. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති.

ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. ඉතින් ඔහු නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහිකරනවා. ඒ කියන්නේ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්; අනේකවිධ වූ සංවට්ට කල්පයන්ද, අනේකවිධ වූ විවට්ට කල්පයන්ද, අනේකවිධ වූ සංවට්ට විවට්ට කල්පයන්ද සිහිකරනවා. “මං ඉස්සර සිටියේ අසවල් තැන, එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප වින්ඳේ මේ විදිහටයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. ඒ මං එතැනින් චුත වුනා. අසවල් තැන උපන්නා. එතකොට මගේ නම වුනේ මේකයි. ගෝත්‍රනාමය මේකයි. හැඩරුව වුනේ මෙහෙමයි. කෑවේ බිව්වේ මෙහෙමයි. සැප දුක් වින්ඳේ මෙහෙමයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. මං එතැනින් චුත වුනා. මේ ලෝකෙ උපන්නා” ආදී වශයෙන් ආකාර සහිතව සවිස්තරව අනේක ප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහි කරනවා.

87. සෙය්‍යථාපි ලෝහිච්ච පුරිසෝ සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්‍ය, තම්හා’පි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්‍ය, සෝ තම්හා ගාමා සකඤ්ඤේව ගාමං පච්චාගච්ඡෙය්‍ය, තස්ස ඒවමස්ස: ‘අහං ඛෝ සකම්හා ගාමා අමුං ගාමං අගච්ඡිං. තත්‍ර ඒවං අට්ඨාසිං ඒවං නිසීදිං ඒවං අභාසිං ඒවං තුණ්හී අහෝසිං. තම්හාපි ගාමා අමුං ගාමං අගච්ඡිං. තත්‍රාපි ඒවං අට්ඨාසිං ඒවං නිසීදිං ඒවං අභාසිං ඒවං තුණ්හී අහෝසිං. සෝ’ම්හි තම්හා ගාමා සකඤ්ඤේව ගාමං පච්චාගතෝ’ති. ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ පුබ්බේනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථීදං: ඒකම්පි ජාතිං ද්වේ’පි ජාතියෝ තිස්සෝ’පි ජාතියෝ චතස්සෝ’පි ජාතියෝ පඤ්ච’පි ජාතියෝ දස’පි ජාතියෝ වීසම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාරීසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනේකේ’පි සංවට්ටකප්පේ අනේකේ’පි විවට්ටකප්පේ අනේකේ’පි සංවට්ටවිවට්ටකප්පේ ‘අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛප්පටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛප්පටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝ’ති. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. යම්පි ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ ….(පෙ)…. අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති, ඉදම්පි’ස්ස හෝති පඤ්ඤාය.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමන්ගේ ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ඒ ගමෙන් යළි තමන්ගේ ගමට එනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං මගේ ගමෙන් අසවල් ගමට ගියා. මං එහෙදී මෙහෙමයි හිටියේ. මෙහෙමයි වාඩි වුණේ. මෙහෙමයි කතාබහ කළේ. මෙහෙමයි නිශ්ශබ්දව සිටියේ. ඉතින් මං ඒ ගමෙනුත් අසවල් ගමට ගියා. එහෙ හිටියේ මේ විදිහටයි. වාඩිවුනේ මේ විදිහටයි. කතාබස් කළේ මේ විදිහටයි. නිහඬව සිටියේ මේ විදිහටයි. ඒ මං ඒ ගමෙන් මගේ ගමටම නැවත ආවා” කියලා. පින්වත් ලෝහිච්ච, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. ඉතින් ඔහු නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහිකරනවා. ඒ කියන්නේ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්; අනේකවිධ වූ සංවට්ට කල්පයන්ද, අනේකවිධ වූ විවට්ට කල්පයන්ද, අනේකවිධ වූ සංවට්ට විවට්ට කල්පයන්ද සිහිකරනවා. “මං ඉස්සර සිටියේ අසවල් තැන, එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප වින්ඳේ මේ විදිහටයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. ඒ මං එතැනින් චුත වුනා. අසවල් තැන උපන්නා. එතකොට මගේ නම වුනේ මේකයි. ගෝත්‍රනාමය මේකයි. හැඩරුව වුනේ මෙහෙමයි. කෑවේ බිව්වේ මෙහෙමයි. සැප දුක් වින්ඳේ මෙහෙමයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. මං එතැනින් චුත වුනා. මේ ලෝකෙ උපන්නා” ආදී වශයෙන් ආකාර සහිතව සවිස්තරව අනේක ප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහිකරනවා.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. අනේක ප්‍රකාර වූ කලින් ජීවිත ගැන සිහි කරනවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.

88. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණ ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

89. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති: ‘ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචීසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා’ති. ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති.

ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, සත්වයන්ගේ චුතියත්, උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා. එයට සිත නතු කරනවා. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. “අහෝ! මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, මනසින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිසදිටු වෙලා, මිසදිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම මේ භවත් සත්වයන් කයින් සුචරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් සුචරිතයෙහි යෙදීම නිසා, මනසින් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්දිටු වෙලා, සම්දිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයෙහි ඉපදිලා ඉන්නවා” කියලා. මේ විදිහට මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා.

90. සෙය්‍යථාපි ලෝහිච්ච මජ්ඣේ සිංඝාටකේ පාසාදෝ. තත්ථ චක්ඛුමා පුරිසෝ ඨිතෝ පස්සෙය්‍ය මනුස්සේ ගේහං පවිසන්තේ’පි නික්ඛමන්තේ’පි රථියා වීතිසඤ්චරන්තේ’පි මජ්ඣේ සිංඝාටකේ නිසින්නේ’පි. තස්ස ඒවමස්ස: ඒතේ මනුස්සා ගේහං පවිසන්ති. ඒතේ නික්ඛමන්ති. ඒතේ රථියා වීතිසඤ්චරන්ති. ඒතේ මජ්ඣේ සිංඝාටකේ නිසින්නා’ති. ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති: ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචීසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා’ති. ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති. යම්පි ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ ….(පෙ)…. සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති, ඉදම්පි’ස්ස හෝති පඤ්ඤාය.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. හතරමං හන්දියක තට්ටු නිවසක් තියෙනවා. එහි ඇස් ඇති පුරුෂයෙක් සිටගෙන බලාගෙන ඉන්නවා. ඔහු (පහළ) ගෙට ඇතුළු වන්නා වූත්, නික්මෙන්නා වූත්, වීදියේ එහාට මෙහාට ඇවිදින්නා වූත්, හතරමං හන්දිය මැද වාඩි වී සිටින්නා වූත් මිනිසුන් දකිනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා “මේ මිනිසුන් ගෙට ඇතුළු වෙනවා. මේ උදවිය ගෙයින් නික්මෙනවා. මේ උදවිය වීදියේ එහාට මෙහාට ඇවිදිනවා. මේ උදවිය හතරමං හන්දිය මැද වාඩිවෙලා ඉන්නවා” කියලා. පින්වත් ලෝහිච්ච, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, සත්වයන්ගේ චුතියත්, උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා. එයට සිත නතු කරනවා. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. “අහෝ! මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, මනසින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිසදිටු වෙලා, මිසදිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම මේ භවත් සත්වයන් කයින් සුචරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් සුචරිතයෙහි යෙදීම නිසා, මනසින් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්දිටු වෙලා, සම්දිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ සුගති නම් වූ, ස්වර්ග ලෝකයෙහි ඉපදිලා ඉන්නවා” කියලා. මේ විදිහට මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත අයහපත වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.

91. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

92. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයෝ’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරෝධෝ’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉමේ ආසවා’ති යථාභූතං පජානාති. අයං ආසවසමුදයෝ’ති යථාභූතං පජානාති. අයං ආසවනිරෝධෝ’ති යථාභූතං පජානාති. අයං ආසවනිරෝධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.

ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මේවා ආශ්‍රවයන් කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ හටගැනීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුන බවට ඤාණය ඇතිවෙනවා. “ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නැවත සසර ගමනක් නැතැ”යි අවබෝධයෙන්ම දැනගන්නවා.

93. සෙය්‍යථාපි ලෝහිච්ච පබ්බතසංඛේපේ උදකරහදෝ අච්ඡෝ විප්පසන්නෝ අනාවිලෝ. තත්ථ චක්ඛුමා පුරිසෝ තීරේ ඨිතෝ පස්සෙය්‍ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තස්ස ඒවමස්ස: අයං ඛෝ උදකරහදෝ අච්ඡෝ විප්පසන්නෝ අනාවිලෝ. තත්‍රිමේ සිප්පිසම්බුකා’පි සක්ඛරකඨලා’පි මච්ඡගුම්බා’පි චරන්ති’පි තිට්ඨන්ති’පීති.

පින්වත් ලෝහිච්ච, ඒක මේ වගේ දෙයක්. පර්වත මුදුනක ජලාශයක් තියෙනවා. එහි ජලය ඉතා හොඳයි. හරිම ප්‍රසන්නයි. කැළඹිලා නෑ. එතැන ඇස් ඇති පුරුෂයෙක් ඒ ඉවුරේ සිටගෙන ජලාශය දෙස බලා සිටිනවා. එතකොට ඔහුට සිප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබලිත්, මාළු රංචු ආදියත් හැසිරෙන අයුරු, සිටින අයුරු දකින්නට ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේක ඉතා හොඳ ජලය ඇති හරිම ප්‍රසන්න වූ නොකැළඹුණු දිය ඇති විලක්. මෙහි මේ සිප්පිබෙල්ලන්, සක්බෙල්ලන්, කැටකැබලිති, මාළු රංචුත් හැසිරෙනවා නෙව. ඉන්නවා නෙව” කියලා.

94. ඒවමේව ඛෝ ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයෝ’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරෝධෝ’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉමේ ආසවා’ති යථාභූතං පජානාති. අයං ආසවසමුදයෝ’ති යථාභූතං පජානාති. අයං ආසවනිරෝධෝ’ති යථාභූතං පජානාති. අයං ආසවනිරෝධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.

පින්වත් ලෝහිච්ච, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මේවා ආශ්‍රවයන් කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ හටගැනීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.

95. තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවා’පි චිත්තං විමුච්චති. භවාසවා’පි චිත්තං විමුච්චති. අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.

ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී කාම ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුන බවට ඤාණය ඇතිවෙනවා. “ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නැවත සසරගමනක් නැතැ”යි අවබෝධයෙන්ම දැනගන්නවා.

යම්පි ලෝහිච්ච භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ ….(පෙ)…. කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදම්පි’ස්ස හෝති පඤ්ඤාය.

පින්වත් ලෝහිච්ච, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට …(පෙ)…. කළ යුතු දෙය කළා. නැවත සසර ගමනක් නැතැ”යි අවබෝධයෙන්ම දැනගන්නවා. මෙය අයිතිවන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.

96. යස්මිං ඛෝ ලෝහිච්ච සත්ථරි සාවකෝ ඒවරූපං උළාරං විසේසං අධිගච්ඡති, අයම්පි ඛෝ ලෝහිච්ච සත්ථා යෝ ලෝකේ න චෝදනාරහෝ. යෝ ච පනේවරූපං සත්ථාරං චෝදේති, සා චෝදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජාති.

පින්වත් ලෝහිච්ච, යම්කිසි ශාස්තෘවරයෙක් වෙත පැමිණි ශ්‍රාවකයා මෙබඳු වූ උදාර විශේෂත්වයන් සාක්ෂාත් කරනවා නම්, පින්වත් ලෝහිච්ච, මේ ශාස්තෘවරයා ලෝකයෙහි චෝදනා ලැබීමට සුදුස්සෙක් නොවේ. යම්කිසි කෙනෙක් මෙබඳු ශාස්තෘවරයෙකුට චෝදනා කරනවා නම්, ඒ චෝදනාව ඒ ශාස්තෘවරයා තුළ නෑ. එය අසත්‍යයක්. අධාර්මිකයි. වැරදියි.

97. ඒවං වුත්තේ ලෝහිච්චෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච: සෙය්‍යථාපි භෝ ගෝතම පුරිසෝ පුරිසං නරකප්පපාතං පපතන්තං කේසේසු ගහෙත්වා උද්ධරිත්වා ථලේ පතිට්ඨාපෙය්‍ය, ඒවමේවාහං භෝතා ගෝතමේන නරකප්පපාතං පපතන්තෝ උද්ධරිත්වා ථලේ පතිට්ඨාපිතෝ. අභික්කන්තං භෝ ගෝතම අභික්කන්තං භෝ ගෝතම. සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තීති, ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

මෙසේ වදාළ විට ලෝහිච්ච බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “භවත් ගෞතමයන් වහන්ස, නරා වලක වැටෙන පුරුෂයෙකු කෙස්වලින් අල්ලාගෙන ඔසවා ගොඩ තබනවා වගේ, භවත් ගෞතමයන් වහන්සේ ඒ විදිහටම නරා වලේ වැටෙමින් සිටි මාව ඔසවා ගොඩට ගෙන වදාළා. භවත් ගෞතමයාණන් වහන්ස, ඉතා සුන්දරයි. භවත් ගෞතමයාණන් වහන්ස, ඉතා සුන්දරයි. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනි, මේ මමත් භවත් ගෞතමයාණන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. භවත් ගෞතමයාණන් වහන්ස, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සළකන සේක්වා!

සාදු! සාදු!! සාදු!!!

ලෝහිච්චසුත්තං නිට්ඨිතං ද්වාදසමං.

දොළොස් වෙනි ලෝහිච්ච සූත්‍රය නිමාවිය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn1_12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M