204. පුතේ වඩ්ඪ, මේ ලෝකය තුළ ඔයාට කෙලෙස් වනයක් නම් හටගන්ට එපා! පුතේ, ආයෙ ආයෙමත් උපදින මේ දුකට නම් හිමිකාරයෙක් වෙන්න එපා!
205. වඩ්ඪ, කෙලෙස් නැති කරපු, සැකසංකා නැති කරපු මුනිවරු සැප සේ වාසය කරනවා. ඒ නිකෙලෙස් මුනිවරු දමනය වෙලා සිසිල් වෙලා ඉන්නෙ.
206. වඩ්ඪ, ඔයත් ඒ ඉසිවරුන් පුරුදු කරපු මාර්ගයේ යන්න. ධර්මාවබෝධය කරගන්න. දුක් අවසන් කිරීම පිණිස පුහුණු වෙන්න.
207. අම්මේ, මට ඔයා ධර්මය කියා දෙන්නෙ විශාරද කෙනෙක් විදියට. මගේ අම්මේ, ඇත්තෙන් ම ඔයා තුළ කෙලෙස් වනයක් දැකගන්ට නෑ.
208. වඞ්ඪ, ලාමක, උසස්, මධ්‍යම කිසි ම සංස්කාරයක් ගැන අණුවක ප්‍රමාණයෙන් වත්, අනුමාත්‍රයක ප්‍රමාණයෙන් වත් තණ්හාවක් මං තුළ නෑ.
209. මං අප්‍රමාදී ව ධ්‍යාන වැඩුවා. මගේ සිතේ තිබුණ ඔක්කොම ආශ්‍රවයන් ගෙවිල ගියා. ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
210. ඇත්තෙන් ම මගේ අම්මා ඒ කිව්වේ, ශ්‍රේෂ්ඨ වචනයක් ම යි. මහත් අනුකම්පාවෙන් උතුම් අර්ථ ඇති මට අවවාද කළා.
211. අම්මා කියා දුන්න උතුම් වචන අසා දැනගත්තා. ඒ අනුශාසනාවේ පිහිටියා. නිවන් අවබෝධ කර ගැනීම පිණිස සංවේග උපදවා ගත්තා.
212. දිවා රෑ දෙකේ ම මං ගොඩක් මහන්සි වුණා. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුණා. ධර්ම සංවේගය උපදවා ගත්තා.
මේ වනාහී වඩ්ඪමාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
නවවෙනි නිපාතය නිමා විය.
(ගාථා නවය බැගින් වදාළ කොටස නිමා විය)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M