අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

4. අදන්තවග්ගෝ

4. දමනය නොවූ සිත ගැන වදාළ දෙසුම් ඇතුළත් කොටස

1. 4. 1.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං අදන්තං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ, අදන්තං මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් දමනය නොකළ විට මහා අනර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, දමනය නොවුන සිත මහා අනර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

1. 4. 2.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං දන්තං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ, දන්තං මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් දමනය කළ විට මහා අර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, දමනය වුන සිත මහා අර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

1. 4. 3.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං අගුත්තං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ, අගුත්තං මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් වරදින් වළක්වා නොගත් විට මහා අනර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් වරදින් වළක්වා නොගත් සිත මහා අනර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

1. 4. 4.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං ගුත්තං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ, ගුත්තං මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් වරදින් වළක්වා ගත් විට මහා අර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් වරදින් වළක්වා ගත් සිත මහා අර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

1. 4. 5.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං අරක්ඛිතං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ, අරක්ඛිතං මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් ආරක්ෂා නොකර ගත් විට මහා අයහපතක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් හොඳින් ආරක්ෂා නොකළ සිත මහා අයහපතක් පිණිසමයි හේතු වෙන්නෙ.”

1. 4. 6.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං රක්ඛිතං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ, රක්ඛිතං මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් ආරක්ෂා කර ගත් විට මහා යහපතක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් හොඳින් ආරක්ෂා කළ සිත මහා යහපතක් පිණිසමයි හේතු වෙන්නෙ.”

1. 4. 7.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං අසංවුතං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ, අසංවුතං මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් සංවර නොකර ගත් විට මහා අයහපතක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් හොඳින් සංවර නොවූ සිත මහා අයහපතක් පිණිසමයි හේතු වෙන්නෙ.”

1. 4. 8.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං සංවුතං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ, සංවුතං මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසල් වැඩීම තුළින් සංවර කර ගත් විට මහා යහපතක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් වැඩීම තුළින් හොඳින් සංවර වූ සිත මහා යහපතක් පිණිසමයි හේතු වෙන්නෙ.”

1. 4. 9.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං අදන්තං අගුත්තං අරක්ඛිතං අසංවුතං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං, භික්ඛවේ, අදන්තං අගුත්තං අරක්ඛිතං අසංවුතං මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දමනය නොකළ විට, වරදින් නොවැළැක්වූ විට, නොරැකගත් විට, සංවර නොකළ විට, මහා අනර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දමනය නොකළ, වරදින් නොවැළැක්වූ, නොරැකගත්, සංවර නොකළ සිත මහා අනර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

1. 4. 10

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ, දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දමනය කළ විට, වරදින් වැළැක්වූ විට, රැකගත් විට, සංවර කළ විට, මහා අර්ථයක් පිණිස හේතු වන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වශයෙන් දමනය කළ, වරදින් වැළැක්වූ, රැකගත්, සංවර කළ සිත මහා අර්ථයක් පිණිසමයි හේතු වෙන්නෙ.”

වග්ගෝ චතුත්ථෝ.

හතරවෙනි වර්ගය යි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M