සැවැත් නුවර දී ය …….
1. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස පඤ්ච ධර්මයක් වැඩිය යුත්තාහු ය. ඒ කවර පසක් ද යත්;
අසුභ සංඥාව, මරණ සංඥාව, ආදීනව සංඥාව, ආහාරයෙහි පටික්කූල සංඥාව, සබ්බලෝකේ අනභිරත සංඥාව ය.
මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස මේ පඤ්ච ධර්මය වැඩිය යුත්තාහු ය.
2. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස පඤ්ච ධර්මයක් වැඩිය යුත්තාහු ය. ඒ කවර පසක් ද යත්;
අනිච්ච සංඥාව, අනත්ත සංඥාව, මරණ සංඥාව, ආහාරයෙහි පටික්කූල සංඥාව, සබ්බලෝකේ අනභිරත සංඥාව ය.
මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස මේ පඤ්ච ධර්මය වැඩිය යුත්තාහු ය.
3. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස පඤ්ච ධර්මයක් වැඩිය යුත්තාහු ය. ඒ කවර පසක් ද යත්;
අනිච්ච සංඥාව, අනිච්චේ දුක්ඛ සංඥාව, දුක්ඛේ අනත්ත සංඥාව, පහාන සංඥාව, විරාග සංඥාව ය.
මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස මේ පඤ්ච ධර්මය වැඩිය යුත්තාහු ය.
4. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස පඤ්ච ධර්මයක් වැඩිය යුත්තාහු ය. ඒ කවර පසක් ද යත්;
ශ්රද්ධා ඉන්ද්රිය, විරිය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය, ප්රඥා ඉන්ද්රිය.
මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස මේ පඤ්ච ධර්මය වැඩිය යුත්තාහු ය.
5. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස පඤ්ච ධර්මයක් වැඩිය යුත්තාහු ය. ඒ කවර පසක් ද යත්;
ශ්රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්රඥා බලය.
මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස මේ පඤ්ච ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
රාගාදී පෙය්යාල සූත්ර නිමා විය.
සැවැත් නුවර දී ය …….
6.- 850. මහණෙනි, රාගය පිරිසිඳ දකිනු පිණිස ….(පෙ)…. ගෙවා දැමීම පිණිස ….(පෙ)…. ප්රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. විරාගය පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරැලීම පිණිස පඤ්ච ධර්මයක් වැඩිය යුත්තාහු ය. ඒ කවර පසක් ද යත්;
අසුභ සංඥා ….(පෙ)…. මේ පඤ්ච ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
ද්වේෂයෙහි ….(පෙ)…. මෝහයෙහි ….(පෙ)…. ක්රෝධයෙහි ….(පෙ)…. බද්ධ වෛරයෙහි ….(පෙ)…. ගුණමකු බවෙහි ….(පෙ)…. එකට එක කිරීමෙහි ….(පෙ)….ඊර්ෂ්යාවෙහි ….(පෙ)…. මසුරුකමෙහි ….(පෙ)…. ශඨ බවෙහි ….(පෙ)…. මායාවෙහි ….(පෙ)…. දැඩි බවෙහි ….(පෙ)…. සාරම්භයෙහි ….(පෙ)…. මානයෙහි ….(පෙ)…. අතිමානයෙහි ….(පෙ)…. මදයෙහි ….(පෙ)…. (විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස ….(පෙ)…. )
මහණෙනි, ප්රමාදයෙහි විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දකිනු පිණිස ….(පෙ)…. ගෙවීම පිණිස ….(පෙ)…. ප්රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. නැති කිරීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරැලීම පිණිස පඤ්ච ධර්මයක් වැඩිය යුත්තාහු ය. ඒ කවර පසක් ද යත්;
ශ්රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්රඥා බලය.
මහණෙනි, විශිෂ්ට ඥානයෙන් ප්රමාදය දුරැලීම පිණිස මේ පඤ්ච ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
රාගාදි පෙය්යාලය නිමා විය.
එහි පිළිවෙළ උද්දානයයි :
අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන, ඛය, වය, විරාග, නිරෝධ, චාග, පටිනිස්සග්ග යන මේ දශාර්ථ පදයෝ ය.
පඤ්චක නිපාතයෙහි වර්ගයන්ගේ උද්දානයයි :
සේඛ බල වර්ගය, බල වර්ගය, පඤ්චංගික වර්ගය, සුමනා වර්ගය, මුණ්ඩරාජ වර්ගය, නීවරණ වර්ගය, සඤ්ඤා වර්ගය, යෝධාජීව වර්ගය ද,
ථේර වර්ගය, කකුධ වර්ගය, ඵාසුවිහාර වර්ගය, අන්ධකවින්ද වර්ගය, ගිලාන වර්ගය, රාජ වර්ගය, තිකණ්ඩකී වර්ගය, සද්ධම්ම වර්ගය, ආඝාත වර්ගය, උපාසක වර්ගය ද,
ආරඤ්ඤක වර්ගය, සෝණ බ්රාහ්මණ වර්ගය, කිම්බිල වර්ගය, අක්කෝසක වර්ගය, දීඝචාරික වර්ගය, ආවාසික වර්ගය, දුච්චරිත වර්ගය, උපසම්පදා වර්ගය වශයෙනි.
පඤ්චක නිපාතය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-28/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M