දීඝ නිකාය

සීලක්ඛන්ධ වග්ගෝ

7. ජාලිය සුත්තං

7. ජාලිය පිරිවැජියාට වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කෝසම්බියං විහරති ඝෝසිතාරාමේ. තේන ඛෝ පන සමයේන ද්වේ පබ්බජිතා මණ්ඩිස්සෝ ච පරිබ්බාජකෝ ජාලියෝ ච දාරුපත්තිකන්තේවාසී යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ තේ ද්වේ පබ්බජිතා භගවන්තං ඒතදවෝචුං: “කිං නු ඛෝ ආවුසෝ ගෝතම තං ජීවං තං සරීරං? උදාහු අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං?”ති.

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වාසය කළේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එතකොට මණ්ඩිස්ස කියන පිරිවැජියාත්, දාරුපත්තිකගේ ගෝලයෙක් වන ජාලියත් යන පැවිද්දන් දෙදෙනා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ නිමවා එකත්පස්ව සිට ගත්තා. එකත්පස්ව සිටගත් ඒ පැවිද්දන් දෙදෙනා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් ගෞතමයෙනි, ඒ ජීවයමද ඒ ශරීරය වන්නේ? එහෙම නැත්නම් ජීවය වෙන එකක්ද? ශරීරය වෙන එකක්ද?” කියලා.

2. තේන හාවුසෝ සුණාථ. සාධුකං මනසි කරෝථ. භාසිස්සාමී’ති. ‘ඒවමාවුසෝ’ති ඛෝ තේ ද්වේ පබ්බජිතා භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

“එසේ නම් ආයුෂ්මතුනි, සවන් යොමා අසන්න. හොඳින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේය ආයුෂ්මතුනි” කියා ඒ පැවිද්දන් දෙදෙනා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ පැවසුවා.

3. ඉධාවුසෝ තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධෝ ….(පෙ)…. (යථා සාමඤ්ඤඵලේ ඒවං විත්ථාරේතබ්බං). ඒවං ඛෝ ආවුසෝ භික්ඛු සීලසම්පන්නෝ හෝති.

“ආයුෂ්මතුනි, මෙහිලා තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සේක (සාමඤ්ඤඵල සූත්‍රයේ විස්තර වන ආකාරයටම විස්තර කළ යුතුය) ….(පෙ)…. ආයුෂ්මතුනි, භික්ෂුව සීලසම්පන්න වන්නේ ඔය ආකාරයටයි.

4. කථං ‌ච ආවුසෝ භික්‌ඛු ඉන්‌ද්‍රියේසු ගුත්‌තද්‌වාරෝ හෝති? ඉධාවුසෝ භික්‌ඛු චක්‌ඛුනා රූපං දිස්‌වා න නිමිත්‌තග්‌ගාහී හෝති ….(පෙ)…. ඒවං ඛෝ ආවුසෝ භික්‌ඛු ඉන්‌ද්‍රියේසු ගුත්‌තද්‌වාරෝ හෝති.

ආයුෂ්මතුනි, භික්ෂුව අකුසලයෙන් වැළකූ ද්වාර ඇති ඉඳුරන් ඇතිව ඉන්නේ කොහොමද? ආයුෂ්මතුනි, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක නිමිති ගන්නේ නෑ ….(පෙ)…. ආයුෂ්මතුනි, භික්ෂුව අකුසලයෙන් වැළැක් වූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුළ ඉන්නේ ඔය විදිහටයි.

5. කථං ‌ච ආවුසෝ භික්‌ඛු සතිසම්‌පජඤ්‌ඤේන සමන්‌නාගතෝ හෝති? ඉධාවුසෝ භික්‌ඛු අභික්කන්‌තේ පටික්‌කන්‌තේ සම්‌පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ ….(පෙ)…. ඒවං ඛෝ ආවුසෝ භික්‌ඛු සතිසම්‌පජඤ්‌ඤේන සමන්‌නාගතෝ හෝති.

ආයුෂ්මතුනි, භික්ෂුව සිහිනුවණින් යුතුව සිටින්නේ කොහොමද? ආයුෂ්මතුනි, මෙහිලා භික්ෂුව ඉදිරියට යද්දීත්, ආපසු එද්දීත්, එය කරන්නේ සිහි නුවණින්මයි ….(පෙ)…. ආයුෂ්මතුනි, භික්ෂුව සිහිනුවණින් යුතු වන්නේ ඔය ආකාරයටයි.

6. කථං ‌ච ආවුසෝ භික්‌ඛු සන්‌තුට්‌ඨෝ හෝති? ඉධාවුසෝ භික්‌ඛු සන්‌තුට්‌ඨෝ හෝති කායපරිහාරිකේන චීවරේන ….(පෙ)…. ඒවං ඛෝ ආවුසෝ භික්‌ඛු සන්තුට්‌ඨෝ හෝති.

ආයුෂ්මතුනි, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ කොහොමද? ආයුෂ්මතුනි, මෙහිලා භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන් ….(පෙ)…. ආයුෂ්මතුනි, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ ඔය විදිහටයි.

7. සෝ ඉමිනා ච අරියේන සීලක්‌ඛන්‌ධේන සමන්‌නාගතෝ ….(පෙ)…. පරිමුඛං සතිං උපට්‌ඨපෙත්‌වා, ….(පෙ)…. සෝ අභිජ්‌ඣං ලෝකේ පහාය ….(පෙ)…. විචිකිච්‌ඡාය චිත්‌තං පරිසෝධේති.

ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්ත වෙලා ….(පෙ)…. භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන වාඩිවෙනවා ….(පෙ)…. ඔහු ජීවිතය නම් වූ ලෝකය ගැන ඇති විසම ලෝභය දුරු කොට ….(පෙ)…. සැකය කෙරෙන් සිත පිරිසිදු කරනවා.

සෙය්‍යථාපි ආවුසෝ පුරිසෝ ඉණං ආදාය කම්‌මන්‌තේ පයෝජෙය්‍ය ….(පෙ)…. සෙය්‍යථාපි ආවුසෝ පුරිසෝ ආබාධිකෝ අස්‌ස ….(පෙ)…. සෙය්‍යථාපි ආවුසෝ පුරිසෝ බන්‌ධනාගාරේ බද්‌ධෝ අස්‌ස ….(පෙ)…. සෙය්‍යථාපි ආවුසෝ පුරිසෝ දාසෝ අස්‌ස අනත්‌තාධීනෝ ….(පෙ)…. සෙය්‍යථාපි ආවුසෝ පුරිසෝ සධනෝ සභෝගෝ කන්‌තාරද්‌ධානමග්‌ගං පටිපජ්‌ජෙය්‍ය ….(පෙ)…. ඉමේ පඤ්‌ච නීවරණේ අප්‌පහීනේ අත්‌තනි සමනුපස්‌සෙය්‍ය ….(පෙ)…. සෝ අපරේන සමයේන තං කන්‌තාරං නිත්‌ථරෙය්‍ය ….(පෙ)…. ඒවමේව ඛෝ භික්‌ඛු ඉමේ පං‌චනීවරණේ පහීනේ අත්‌තනි සමනුපස්‌සති ….(පෙ)….

ආයුෂ්මතුනි, එය මෙවැනි දෙයක්. පුරුෂයෙක් ණයක් අරගෙන කර්මාන්තයක යොදවනවා ….(පෙ)…. ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් රෝගී වෙලා ….(පෙ)…. ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් හිරගෙදරක බන්ධනයකට හසුවෙනවා ….(පෙ)…. ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමැති පරිදි යා ගත නොහැකි, දාසයෙක් වෙලා හිටියා ….(පෙ)…. ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසෙනවා ….(පෙ)…. මේ පංච නීවරණයන් ප්‍රහාණය නොවී තමා තුළ පවතින හැටි දකිනවා ….(පෙ)…. ඔහු පසුකලෙක නිරුදක කතර ගෙවා ආරක්ෂා සහිත ක්ෂේම භූමියකට පැමිණුනා ….(පෙ)…. ආයුෂ්මතුනි, අන්න ඒ විදිහමයි භික්ෂුව තමා තුළ මේ පංච නීවරණයන් දුරුවී ඇති ආකාරයත් දකින්නේ. ….(පෙ)….

තස්‌සිමේ පං‌චනීවරණේ පහීනේ අත්‌තනි සමනුපස්‌සතෝ ….(පෙ)…. චිත්‌තං සමාධියති.

ඔහුට මේ පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දි ….(පෙ)…. සිත සමාධිමත් වෙනවා.

සෝ විවිච්‌චේව කාමේහි ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ….(පෙ)…. නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස විවේකජේන පීතිසුඛේන අප්ඵුටං හෝති.

ඔහු කාමයන්ගෙන් වෙන්ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා ….(පෙ)…. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

යෝ නු ඛෝ ආවුසෝ ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

8. පුන ච පරං ආවුසෝ භික්‌ඛු විතක්‌කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං උපසම්‌පජ්‌ජ විහරති. ….(පෙ)…. නාස්‌ස කිඤ්‌චි සබ්බාවතෝ කායස්‌ස සමාධිජේන පීතිසුඛේන අප්‌ඵුටං හෝති.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම් භික්ෂුව විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා ….(පෙ)…. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

පුන ච පරං ආවුසෝ භික්‌ඛු පීතියා ච විරාගා ….(පෙ)…. තතියං ඣානං උපසම්‌පජ්‌ජ විහරති. ….(පෙ)…. නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස නිප්‌පීතිකේන සුඛේන අප්‌ඵුටං හෝති.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම් භික්ෂුව ප්‍රීතියටද නොඇලීමෙන් ….(පෙ)…. තුන්වන ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා ….(පෙ)…. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

9. පුන ච පරං ආවුසෝ භික්‌ඛු සුඛස්‌ස ච පහානා දුක්‌ඛස්‌ස ච පහානා ….(පෙ)…. චතුත්‌ථං ඣානං උපසම්‌පජ්‌ජ විහරති. නාස්‌ස කිඤ්‌චි සබ්බාවතෝ කායස්‌ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්‌ඵුටං හෝති.

ආයුෂ්මතුනි, නැවතත් කියනවා නම් භික්ෂුව සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා ….(පෙ)…. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

10. පුන ච පරං ආවුසෝ භික්‌ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. ඤාණදස්‌සනාය චිත්‌තං අභිනීහරති අභිනින්නාමේති. සෝ ඒවං පජානාති: ‘අයං ඛෝ මේ කායෝ රූපී චාතුම්මහාභූතිකෝ ….(පෙ)…. භේදනවිද්‌ධංසනධම්මෝ. ඉදං ච පන මේ විඤ්‌ඤාණං එත්‌ථ සිතං එත්‌ථ පටිබද්‌ධන්‌ති. සෙය්‍යථාපි ආවුසෝ මණි වේළුරියෝ ….(පෙ)…. තත්‍රස්‌ස සුත්‌තං ‘අයං ඛෝ මණි වේළුරියෝ ….(පෙ)…. තත්‍රිදං සුත්‌තං ආවුතං නීලං වා ….(පෙ)…. පණ්‌ඩුසුත්‌තං වා’ති. ඒවමේව ඛෝ ආවුසෝ භික්‌ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. ඤාණදස්‌සනාය චිත්‌තං අභිනීහරති අභිනින්නාමේති. සෝ ඒවං පජානාති: ‘අයං ඛෝ මේ කායෝ රූපී ….(පෙ)…. ඉදං ච පන මේ විඤ්‌ඤාණං එත්‌ථ සිතං එත්‌ථ පටිබද්‌ධන්‌ති. ….(පෙ)…. (යථා පුබ්බේ ඒවං විත්ථාරේ තබ්බං.)

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම් භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. ඤාණදර්ශණය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. “සතර මහා භූතයන්ගෙන් හටගත් රූපවත් වූ මාගේ මේ කය වනාහී ….(පෙ)…. බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි. ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. වෛරෝඩි මාණික්‍යයක් තියෙනවා ….(පෙ)…. මේ මැණික තුළ නිල් නූලක් වේවා ….(පෙ)…. පඬුපැහැ නූලක් වේවා, අමුණලා තියෙනවා” කියලා. ආයුෂ්මතුනි, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි ….(පෙ)…. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. “මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත් ….(පෙ)…. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි” කියලා. (පෙර පරිදිම විස්තර කළ යුතුයි)

11. පුන ච පරං ආවුසෝ ….(පෙ)…. ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. මනෝමයං කායං අභිනිම්‌මිනනාය චිත්‌තං අභිනීහරති අභිනින්නාමේති ….(පෙ)….

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම් ….(පෙ)…. ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි ….(පෙ)….

12. පුන ච පරං ආවුසෝ භික්ඛු ….(පෙ)…. ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. ඉද්‌ධිවිධාය චිත්‌තං අභිනීහරති ….(පෙ)…. යාව බ්‍රහ්‌මලෝකාපි කායේන වසං වත්තේති. ….(පෙ)….

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම්, භික්ෂුව ….(පෙ)…. ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි ….(පෙ)…. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා.

13. පුන ච පරං ආවුසෝ භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. දිබ්‌බාය සෝතධාතුයා ….(පෙ)…. චේතෝපරියඤාණාය ….(පෙ)…. පුබ්‌බේනිවාසානුස්‌සතිඤාණාය ….(පෙ)…. (යථා මහාලි සුත්තේ ඒවං විත්ථාරේ තබ්බං).

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම්, ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා ….(පෙ)…. අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ ….(පෙ)…. කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ ….(පෙ)…. (මහාලි සූත්‍රයේ පරිදි විස්තර කළ යුතුයි)

14. පුන ච පරං ආවුසෝ භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. සත්‌තානං චුතූපපාතඤාණාය චිත්‌තං අභිනීහරති ….(පෙ)…. යථාකම්‌මූපගේ සත්‌තේ පජානාති.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම්, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. සත්වයන්ගේ චුතියත්, උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා ….(පෙ)…. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා.

යෝ ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?”ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

15. පුන ච පරං ආවුසෝ භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. ආසවානං ඛයඤාණාය චිත්‌තං අභිනීහරති අභිනින්‌නාමේති. සෝ ඉදං දුක්‌ඛන්‌ති යථාභූතං පජානාති. ….(පෙ)…. ඛීණා ජාති වුසිතං බ්‍රහ්‌මචරියං කතං කරණීයං නාපරං ඉත්‌ථත්‌තායාති පජානාති.

ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට ….(පෙ)…. ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සතය්‍යයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා ….(පෙ)…. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, න කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙන්නේ නෑ.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා’ති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.”

16. ඉදමවෝච භගවා. අත්තමනා තේ ද්වේ පබ්බජිතා භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සතුටට පත් ඒ පැවිද්දන් දෙදෙනා භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ජාලියසුත්තං නිට්ඨිතං.

හත්වෙනි ජාලිය සූත්‍රය නිමාවිය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn1_7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M