662. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාපත්ති වශයෙන් දියුණු කරගන්නට දක්ෂ නෑ.
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්ති වශයෙන් දියුණු කරගන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ.
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. සමාධිය තුළ සමාපත්ති වශයෙන් දියුණු කරගන්නටත් දක්ෂ නෑ.
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා සමාධිය තුළ සමාපත්ති වශයෙන් දියුණු කරගන්නටත් දක්ෂයි නම් පින්වත් මහණෙනි, මෙහිලා යම් යම් ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ සමාපත්ති වශයෙන් දියුණු කරන්නටත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර. කිරට වඩා දී තමයි අග්‍ර. දීවලට වඩා වෙඬරු තමයි අග්‍ර. වෙඬරුවලට වඩා ගිතෙල් තමයි අග්‍ර. ගිතෙලට වඩා ගීමන්ද තමයි අග්‍රයි කියලා කියන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ සමාපත්ති වශයෙන් දියුණු කරගන්නටත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත්, වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සමාපත්තිකුසල සූත්‍රය නිමා විය.
663. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය දිගට ම පවත්වා ගන්නට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය දිගට ම පවත්වා ගන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. සමාධිය තුළ සමාධිය දිගට ම පවත්වා ගන්නටත් දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. සමාධිය තුළ සමාධිය දිගට ම පවත්වා ගන්නටත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ සමාධිය දිගට ම පවත්වා ගන්නටත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර. කිරට වඩා දී තමයි අග්‍ර. දීවලට වඩා වෙඬරු තමයි අග්‍ර. වෙඬරුවලට වඩා ගිතෙල් තමයි අග්‍ර. ගිතෙලට වඩා ගීමන්ද තමයි අග්‍රයි කියලා කියන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ඨිතිකුසල සූත්‍රය නිමා විය.
664. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධියෙන් නැගී සිටීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධියෙන් නැගී සිටීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. සමාධිය තුළ සමාධියෙන් නැගී සිටීමට දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. සමාධිය තුළ සමාධියෙන් නැගී සිටීමටත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ සමාධියෙන් නැගී සිටීමටත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
වුට්ඨානකුසල සූත්‍රය නිමා විය.
665. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමටත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
කල්ලිතකුසල සූත්‍රය නිමා විය.
666. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමෙහි දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ආරම්මණකුසල සූත්‍රය නිමා විය.
667. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට සමාධිය යොමු කරගැනීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනා අරමුණට සමාධිය යොමු කරගැනීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. සමාධිය තුළ භාවනා අරමුණට සමාධිය යොමු කරගැනීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. සමාධිය තුළ භාවනා අරමුණට සමාධිය යොමු කරගැනීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ භාවනා අරමුණට සමාධිය යොමු කරගැනීමෙහිත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ගෝචරකුසල සූත්‍රය නිමා විය.
668. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට සමාධිය මැනැවින් යොමු කරගැනීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනා අරමුණට සමාධිය මැනැවින් යොමු කරගැනීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වන්ට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. සමාධිය තුළ භාවනා අරමුණට සමාධිය මැනැවින් යොමු කරගැනීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. සමාධිය තුළ භාවනා අරමුණට සමාධිය මැනැවින් යොමු කරගැනීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ භාවනා අරමුණට සමාධිය මැනැවින් යොමු කරගැනීමෙහිත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
අභිනීහාරකුසල සූත්‍රය නිමා විය.
669. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ඉතා ක්‍රමවත් ලෙස භාවනා වැඩීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ ඉතා ක්‍රමවත් ලෙස භාවනා වැඩීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. සමාධිය තුළ ඉතා ක්‍රමවත් ලෙස භාවනා වැඩීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. සමාධිය තුළ ඉතා ක්‍රමවත් ලෙස භාවනා වැඩීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ ඉතා ක්‍රමවත් ලෙස භාවනා වැඩීමෙහිත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සක්කච්චකාරී සූත්‍රය නිමා විය.
670. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ නිතර නිතර භාවනා වැඩීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ නිතර නිතර භාවනා වැඩීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. සමාධිය තුළ නිතර නිතර භාවනා වැඩීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. සමාධිය තුළ නිතර නිතර භාවනා වැඩීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ නිතර නිතර භාවනා වැඩීමෙහිත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සාතච්චකාරී සූත්‍රය නිමා විය.
671. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධියට උදව් ලැබෙන දෙය කිරීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධියට උදව් ලැබෙන දෙය කිරීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ නෑ. සමාධිය තුළ සමාධියට උදව් ලැබෙන දෙය කිරීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. සමාධිය තුළ සමාධියට උදව් ලැබෙන දෙය කිරීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ සමාධියට උදව් ලැබෙන දෙය කිරීමෙහිත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සප්පායකාරී සූත්‍රය නිමා විය.
672. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමවැදීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාපත්තිය පවත්වා ගැනීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තිය පවත්වා ගැනීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ නෑ. සමාධිය තුළ සමාපත්තිය පවත්වා ගැනීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. සමාධිය තුළ සමාපත්තිය පවත්වා ගැනීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ සමාපත්තිය පවත්වා ගැනීමෙහිත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සමාපත්තිඨිති කුසල සූත්‍රය නිමා විය.
673. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමවතින් නැගී සිටීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමවතින් නැගී සිටීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ නෑ. සමාධිය තුළ සමවතින් නැගී සිටීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. සමාධිය තුළ සමවතින් නැගී සිටීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ සමවතින් නැගී සිටීමෙහිත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සමාපත්තිවුට්ඨාන කුසල සූත්‍රය නිමා විය.
674. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමවත හැසිරවීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමවත හැසිරවීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ නෑ. සමාධිය තුළ සමවත හැසිරවීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. සමාධිය තුළ සමවත හැසිරවීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ සමවත හැසිරවීමෙහිත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සමාපත්තිකල්ලිත කුසල සූත්‍රය නිමා විය.
675. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමවත තුළ භාවනා අරමුණ පැවැත්වීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමවත තුළ භාවනා අරමුණ පැවැත්වීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ නෑ. සමාධිය තුළ සමවත තුළ භාවනා අරමුණ පැවැත්වීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. සමාධිය තුළ සමවත තුළ භාවනා අරමුණ පැවැත්වීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ සමවත තුළ භාවනා අරමුණ පැවැත්වීමෙහිත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සමාපත්තිආරම්මණ කුසල සූත්‍රය නිමා විය.
676. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට සමවත යොමු කරගැනීමෙහි දක්ෂ නෑ …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
(සතර ආකාරයෙන් ම විස්තර කළ යුතුය.)
සාදු! සාදු!! සාදු!!!
සමාපත්තිගෝචර කුසල සූත්‍රය නිමා විය.
677. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට සමවත මැනැවින් යොමු කරගැනීමෙහි දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
සමාපත්තිඅභිනීහාර කුසල සූත්‍රය නිමා විය.
678. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමවතෙහි ඉතා ක්‍රමවත් ලෙස භාවනා වැඩීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
සමාපත්තිසක්කච්චකාරී සූත්‍රය නිමා විය.
679. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමවතෙහි නිතර නිතර භාවනා වැඩීමෙහි දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
සමාපත්තිසාතච්චකාරී සූත්‍රය නිමා විය.
680. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමවතට උදව් ලැබෙන දේ කිරීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමවතට උදව් ලැබෙන දේ කිරීමෙහි දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ නෑ. සමාධිය තුළ සමවතට උදව් ලැබෙන දේ කිරීමෙහි දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා. සමාධිය තුළ සමවතට උදව් ලැබෙන දේ කිරීමෙහිත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ සමවතට උදව් ලැබෙන දේ කිරීමෙහිත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සමාපත්තිසප්පායකාරී සූත්‍රය නිමා විය.
681. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළින් නැගී සිටීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළින් නැගී සිටීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ නෑ. සමාධිය තුළින් නැගී සිටීමට දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා. සමාධිය තුළින් නැගී සිටීමටත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළින් නැගී සිටීමටත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ඨිතිවුට්ඨාන සූත්‍රය නිමා විය.
682. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට දැකීමට දක්ෂ නෑ …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ඨිතිකල්ලිත සූත්‍රය නිමා විය.
683. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ සමාධිය පවත්වන්නට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ඨිතිආරම්මණ සූත්‍රය නිමා විය.
684. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට යොමුවීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ඨිතිගෝචර සූත්‍රය නිමා විය.
685. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට මැනැවින් යොමුවීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ඨිතිඅභිනීහාර සූත්‍රය නිමා විය.
686. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ඉතා ක්‍රමාණුකූලව භාවනා කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ඨිතිසක්කච්චකාරී සූත්‍රය නිමා විය.
687. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ නිතර නිතර භාවනා කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ඨිතිසාතච්චකාරී සූත්‍රය නිමා විය.
688. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ නෑ. සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමට දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා. සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමටත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ සමාධිය පවත්වා ගැනීමට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමටත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ඨිතිසප්පායකාරී සූත්‍රය නිමා විය.
689. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධියෙන් නැගීසිටීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ වෙනවා. නමුත් සමාධියෙන් නැගී සිටීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධියෙන් නැගීසිටීමට දක්ෂ නෑ. සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධියෙන් නැගීසිටීමට දක්ෂ වෙනවා. සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමටත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධියෙන් නැගී සිටීමට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමටත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
වුට්ඨානකල්ලිත සූත්‍රය නිමා විය.
690. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධියෙන් නැගී සිටීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ නෑ. …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
වුට්ඨානආරම්මණ සූත්‍රය නිමා විය.
691. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධියෙන් නැගී සිටීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණ යොමු කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
වුට්ඨානගෝචර සූත්‍රය නිමා විය.
692. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධියෙන් නැගී සිටීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණ මැනැවින් යොමු කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
වුට්ඨානඅභිනීහාර සූත්‍රය නිමා විය.
693. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධියෙන් නැගී සිටීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ඉතා ක්‍රමානුකූලව භාවනා වැඩීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
වුට්ඨානසක්කච්චකාරී සූත්‍රය නිමා විය.
694. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධියෙන් නැගී සිටීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ නිතර නිතර භාවනා වැඩීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
වුට්ඨානසාතච්චකාරී සූත්‍රය නිමා විය.
695. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධියෙන් නැගීසිටීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධියෙන් නැගීසිටීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධියෙන් නැගීසිටීමට දක්ෂ නෑ. සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමට දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධියෙන් නැගීසිටීමට දක්ෂ වෙනවා. සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමටත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධියෙන් නැගී සිටීමට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමටත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
වුට්ඨානසප්පායකාරී සූත්‍රය නිමා විය.
696. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ නෑ. සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ වෙනවා. සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමටත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ වෙනවා නම්, සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමටත් දක්ෂ නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
කල්ලිතආරම්මණ සූත්‍රය නිමා විය.
697. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්; පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට යොමු කිරීමෙහි දක්ෂ නෑ …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
කල්ලිතගෝචර සූත්‍රය නිමා විය.
698. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට මැනැවින් යොමු කිරීමෙහි දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
කල්ලිතඅභිනීහාර සූත්‍රය නිමා විය.
699. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ඉතා ක්‍රමානුකූලව භාවනා කිරීමෙහි දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
කල්ලිතසක්කච්චකාරී සූත්‍රය නිමා විය.
700. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ නිතර නිතර භාවනා කිරීමෙහි දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
කල්ලිතසාතච්චකාරී සූත්‍රය නිමා විය.
701. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ ධ්‍යානාංග වෙන් කොට බැලීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමෙහි දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
කල්ලිතසප්පායකාරී සූත්‍රය නිමා විය.
702. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට යොමුකිරීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනා අරමුණට යොමුකිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ නෑ. සමාධිය තුළ භාවනා අරමුණට යොමුකිරීමට දක්ෂත් නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ වෙනවා. සමාධිය තුළ භාවනා අරමුණට යොමු කිරීමටත් දක්ෂයි.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ආරම්මණගෝචර සූත්‍රය නිමා විය.
703.සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්; …. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට මැනැවින් යොමු කිරීමට දක්ෂ නෑ …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ආරම්මණඅභිනීහාර සූත්‍රය නිමා විය.
704. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ඉතා ක්‍රමානුකූලව භාවනා කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ආරම්මණසක්කච්චකාරී සූත්‍රය නිමා විය.
705. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ නැවත නැවත භාවනා කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ආරම්මණසාතච්චකාරී සූත්‍රය නිමා විය.
706. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණ පැවැත්වීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ආරම්මණසප්පායකාරී සූත්‍රය නිමා විය.
707. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණට යොමු කිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට මැනැවින් යොමු කිරීමට දක්ෂ නෑ …. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණට මැනැවින් යොමු කිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනා අරමුණට යොමු කිරීමට දක්ෂ නෑ …. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණට යොමු කිරීමට දක්ෂ නෑ. සමාධිය තුළ භාවනා අරමුණට මැනැවින් යොමු කිරීමටත් දක්ෂ නෑ …. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණට යොමු කිරීමට දක්ෂ වෙනවා. සමාධිය තුළ භාවනා අරමුණට මැනැවින් යොමු කිරීමටත් දක්ෂයි …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ගෝචර අභිනීහාර සූත්‍රය නිමා විය.
708. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණට යොමු කිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ඉතා ක්‍රමානුකූලව භාවනා කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ගෝචර සක්කච්චකාරී සූත්‍රය නිමා විය.
709. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණට යොමු කිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ නැවත නැවත භාවනා කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ගෝචර සාතච්චකාරී සූත්‍රය නිමා විය.
710. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණට යොමු කිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
ගෝචර සප්පායකාරී සූත්‍රය නිමා විය.
711. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ භාවනා අරමුණට මැනැවින් යොමු කිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ ඉතා ක්‍රමානුකූලව භාවනා කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
අභිනීහාරසක්කච්චකාරී සූත්‍රය නිමා විය.
712. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්; පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනා අරමුණට මැනැවින් යොමු කිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ නැවත නැවත භාවනා කිරීමට දක්ෂ නෑ …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
අභිනීහාරසාතච්චකාරී සූත්‍රය නිමා විය.
713. සැවැත් නුවර දී ………………….
…. (පෙ) …. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනා අරමුණට මැනැවින් යොමු කිරීමට දක්ෂ වෙනවා. නමුත් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කිරීමට දක්ෂ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
අභිනීහාරසප්පායකාරී සූත්‍රය නිමා විය.
714. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ ඉතා ක්‍රමානුකූලව භාවනා කරනවා. නමුත් සමාධිය තුළ නිතර නිතර භාවනා කරන්නේ නෑ …. (පෙ) …. සමාධිය තුළ නිතර නිතර භාවනා කරනවා. නමුත් සමාධිය තුළ ඉතා ක්‍රමානුකූලව භාවනා කරන්නේ නෑ …. (පෙ) …. සමාධිය තුළ ඉතා ක්‍රමානුකූලව භාවනා කරන්නේ නෑ. සමාධිය තුළ නිතර නිතර භාවනා කරන්නෙත් නෑ …. (පෙ) …. සමාධිය තුළ ඉතා ක්‍රමානුකූලව භාවනා කරනවා. සමාධිය තුළ නිතර නිතර භාවනා කරනවා. පින්වත් මහණෙනි, මෙහිලා …. (පෙ) …. වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සක්කච්චසාතච්චකාරී සූත්‍රය නිමා විය.
715. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. සමාධිය තුළ ඉතා ක්‍රමානුකූලව භාවනා කරනවා. නමුත් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කරන්නේ නෑ …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
සක්කච්චසප්පායකාරී සූත්‍රය නිමා විය.
716. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කවර හතර දෙනෙක්ද යත්;
පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ නිතර නිතර භාවනා කරනවා. නමුත් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කරන්නේ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කරනවා. නමුත් සමාධිය තුළ නිතර නිතර භාවනා කරන්නේ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ නිතර නිතර භාවනා කරන්නේ නෑ. සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කරන්නේ නෑ. පින්වත් මහණෙනි, මෙහි ධ්‍යාන වඩන ඇතැම් කෙනෙක් සමාධිය තුළ නිතර නිතර භාවනා කරනවා. සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කරනවා.
පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ නිතර නිතර භාවනා කරනවා නම්, සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කරනවා නම්, මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත් වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. ගව දෙනට වඩා කිරි තමයි අග්‍ර. කිරට වඩා දී තමයි අග්‍ර. දීවලට වඩා වෙඬරු තමයි අග්‍ර. වෙඬරුවලට වඩා ගිතෙල් තමයි අග්‍ර. ගිතෙලට වඩා ගීමන්ද තමයි අග්‍රයි කියලා කියන්නේ. ඒ වගේම පින්වත් මහණෙනි, යම් මේ ධ්‍යාන වඩන පුද්ගලයෙක් සමාධිය තුළ නිතර නිතර භාවනා කරනවා නම්, සමාධිය තුළ භාවනාවට උදව් ලැබෙන දේ කරනවා නම් මොහු මේ ධ්‍යාන වඩන පුද්ගලයන් හතර දෙනාගෙන් අග්‍ර වූත්, ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රධාන වූත්, උත්තම වූත්, වඩාත් උතුම් වූත් කෙනා වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටට පත් ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
සාතච්චසප්පායකාරී සූත්‍රය නිමා විය.
(ඔය ආකාරයෙන් ඒ පෙය්‍යාලයන්ට අනුව සූත්‍ර පනස් පහක් විස්තර කළ යුතුය.)
පළමු වෙනි ඣාන වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සමාධි සූත්‍ර දහයකි, සමාපත්ති සූත්‍ර නවයකි, ඨිති සූත්‍ර අටකි, වුට්ඨාන සූත්‍ර හතකි, කල්ලිත සූත්‍ර හයකි, ආරම්මණ සූත්‍ර පසකි, ගෝචර සූත්‍ර හතරකි, අභිනීහාර සූත්‍ර තුනකි, සක්කච්ච සූත්‍ර දෙකකි, සාතච්ච සූත්‍ර එකක් වශයෙන් සූත්‍ර පනස් පහකි.
ඣාන සංයුත්තය නිමා විය.
එහි පිළිවෙල උද්දානයයි :
නකුලපිතු වර්ගය, අනිච්ච වර්ගය, භාර වර්ගය, න තුම්හාක වර්ගය, අත්තදීප වර්ගය යන පහෙන් පළමු වෙනි පණ්ණාසකය කියනු ලැබේ.
උපය වර්ගය, අරහන්ත වර්ගය, ඛජ්ජනීය වර්ගය, ථේර වර්ගය, පුප්ඵ වර්ගය යන මෙයින් මධ්‍යම පණ්ණාසකය කියනු ලැබේ. මෙය වදාරණ ලද්දේ සම්බුදුරජාණන් වහන්සේ විසිනි.
අත්ත වර්ගය, ධම්මකථික වර්ගය, අවිජ්ජා වර්ගය, කුක්කුල වර්ගය, දිට්ඨි වර්ගය යන මෙයින් තුන්වෙනි පණ්ණාසකය කියනු ලැබේ. මෙයට නිපාතය යැයි ද කියනු ලැබේ.
පළමු වෙනි මාර වර්ගය, දෙවෙනි මාර වර්ගය, ආයාචන වර්ගය, උපනිසින්න වර්ගය, සෝතාපත්ති වර්ගය, ගමන වර්ග තුනයි. ඔක්කන්ති, උප්පාද, කිලේස, සාරිපුත්ත, නාග, සුපණ්ණ, ගන්ධබ්බ, වළාහක, වච්ඡගොත්ත, ඣාන වශයෙන් වර්ග දහ අටකින් සමන්විත ය.
සාදු! සාදු!! සාදු!!!
සංයුත්ත නිකායේ තුන්වෙනි කොටස වූ
ඛන්ධක වර්ගය සමාප්තයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M