“මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර මේ දස ධර්මයන් අන් කිසි තැනක පිරිසිදු ව නොබබල යි. ඒ කවර දසයක් ද යත්;
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචනය භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.
මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර මේ දස ධර්මයන් අන් කිසි තැනක පිරිසිදු ව නොබබල යි.”
සාදු! සාදු!! සාදු!!!
පඨම සූත්‍රය නිමා විය.
“මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර නූපන්නා වූ මේ දස ධර්මයෝ අන් කිසි තැනක නූපදිති. ඒ කවර දසයක් ද යත්;
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.
මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර නූපන්නා වූ මේ දස ධර්මයෝ අන් කිසි තැනක නූපදිති.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය සූත්‍රය නිමා විය.
“මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර මහත්ඵල මහානිසංස ලැබ දෙන මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ. ඒ කවර දසයක් ද යත්;
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.
මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර මහත්ඵල මහානිසංස ලැබ දෙන මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ.”
සාදු! සාදු!! සාදු!!!
තතිය සූත්‍රය නිමා විය.
“මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර රාගය නැති වන තෙක් හික්මවන, ද්වේෂය නැති වන තෙක් හික්මවන, මෝහය නැති වන තෙක් හික්මවන මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ. ඒ කවර දසයක් ද යත්;
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.
මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර රාගය නැති වන තෙක් හික්මවන, ද්වේෂය නැති වන තෙක් හික්මවන, මෝහය නැති වන තෙක් හික්මවන මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ.”
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ සූත්‍රය නිමා විය.
“මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර ඒකාන්තයෙන් ම අවබෝධයෙන් එපාවීම පිණිස ත්, නොඇල්ම පිණිස ත්, තෘෂ්ණා නිරෝධය පිණිස ත්, සංසිඳීම පිණිසත්, විශිෂ්ට ඥානය පිණිස ත්, සත්‍යාවබෝධය පිණිස ත්, නිවන පිණිස ත් පවතින මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ. ඒ කවර දසයක් ද යත්;
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.
මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර ඒකාන්තයෙන් ම අවබෝධයෙන් එපාවීම පිණිස ත්, නොඇල්ම පිණිස ත්, තෘෂ්ණා නිරෝධය පිණිස ත්, සංසිඳීම පිණිසත්, විශිෂ්ට ඥානය පිණිස ත්, සත්‍යාවබෝධය පිණිස ත්, නිවන පිණිස ත් පවතින මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ.”
සාදු! සාදු!! සාදු!!!
පඤ්චම සූත්‍රය නිමා විය.
“මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර දියුණු කර ගැනීමට, බහුලව ප්‍රගුණ කර ගැනීමට නූපන්නා වූ මේ දස ධර්මයෝ අන් කිසි තැනක නූපදිති. ඒ කවර දසයක් ද යත්;
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.
මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර දියුණු කර ගැනීමට, බහුලව ප්‍රගුණ කර ගැනීමට නූපන්නා වූ මේ දස ධර්මයෝ අන් කිසි තැනක නූපදිති.”
සාදු! සාදු!! සාදු!!!
ඡට්ඨම සූත්‍රය නිමා විය.
“මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර දියුණු කර ගත් විට, බහුලව ප්‍රගුණ කර ගත් විට මහත්ඵල මහානිසංස ලැබදෙන මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ. ඒ කවර දසයක් ද යත්;
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.
මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර දියුණු කර ගත් විට, බහුලව ප්‍රගුණ කර ගත් විට මහත්ඵල මහානිසංස ලැබදෙන මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ.”
සාදු! සාදු!! සාදු!!!
සත්තම සූත්‍රය නිමා විය.
“මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර දියුණු කර ගත් විට, බහුලව ප්‍රගුණ කර ගත් විට, රාගය නැති වන තෙක් හික්මවන, ද්වේෂය නැති වන තෙක් හික්මවන, මෝහය නැති වන තෙක් හික්මවන මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ. ඒ කවර දසයක් ද යත්;
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.
මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර දියුණු කර ගත් විට, බහුලව ප්‍රගුණ කර ගත් විට, රාගය නැති වන තෙක් හික්මවන, ද්වේෂය නැති වන තෙක් හික්මවන, මෝහය නැති වන තෙක් හික්මවන මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ.”
සාදු! සාදු!! සාදු!!!
අට්ඨම සූත්‍රය නිමා විය.
“මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර දියුණු කර ගත් විට, බහුලව ප්‍රගුණ කර ගත් විට, ඒකාන්තයෙන් ම අවබෝධයෙන් එපාවීම පිණිස ත්, නොඇල්ම පිණිස ත්, තෘෂ්ණා නිරෝධය පිණිස ත්, සංසිඳීම පිණිසත්, විශිෂ්ට ඥානය පිණිස ත්, සත්‍යාවබෝධය පිණිස ත්, නිවන පිණිස ත්, පවතින මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ. ඒ කවර දසයක් ද යත්;
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.
මහණෙනි, සුගත විනය නම් වූ බුදුසසුනෙහි හැර දියුණු කර ගත් විට, බහුලව ප්‍රගුණ කර ගත් විට, ඒකාන්තයෙන් ම අවබෝධයෙන් එපාවීම පිණිස ත්, නොඇල්ම පිණිස ත්, තෘෂ්ණා නිරෝධය පිණිස ත්, සංසිඳීම පිණිසත්, විශිෂ්ට ඥානය පිණිස ත්, සත්‍යාවබෝධය පිණිස ත්, නිවන පිණිස ත් පවතින මේ දස ධර්මයන් අන් කිසි තැනක ඇති නොවේ.”
සාදු! සාදු!! සාදු!!!
නවම සූත්‍රය නිමා විය.
“මහණෙනි, මේ දස වැදෑරුම් වැරදි දේ ය. ඒ කවර දසයක් ද යත්;
වැරදි දෘෂ්ටිය ය, වැරදි සංකල්පය ය, වැරදි වචන භාවිතය ය, වැරදි කායික ක්‍රියා ය, වැරදි ජීවිකාව ය, වැරදි උත්සාහය ය, වැරදි සිහිය ය, වැරදි චිත්තේකාග්‍රතාවය ය, වැරදි ඥානය ය, වැරදි විමුක්තිය ය.
මහණෙනි, මේ වනාහී දස වැදෑරුම් වැරදි දේ ය”
සාදු! සාදු!! සාදු!!!
දසම සූත්‍රය නිමා විය.
“මහණෙනි, මේ දස වැදෑරුම් නිවැරදි දේ ය. ඒ කවර දසයක් ද යත්;
නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.
මහණෙනි, මේ වනාහී දස වැදෑරුම් නිවැරදි දේ ය”
සාදු! සාදු!! සාදු!!!
ඒකාදසම සූත්‍රය නිමා විය.
තෙවෙනි පරිසුද්ධ වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M