දීඝ නිකාය

සීලක්ඛන්ධ වග්ගෝ

9. පොට්ඨපාද සුත්තං

9. පොට්ඨපාද පිරිවැජියාට වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන ඛෝ පන සමයේන පොට්ඨපාදෝ පරිබ්බාජකෝ සමයප්පවාදකේ තින්දුකාචීරේ ඒකසාලකේ මල්ලිකාය ආරාමේ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං තිංසමත්තේහි පරිබ්බාජකසතේහි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දිනවලම පොට්ඨපාද පිරිවැජියා තම තමන්ගේ ආගම් පැවසිය හැකි සමයප්ප්‍රවාදක නම් වූ ද, තින්දුකාවීර (තිඹිරි රුක්වලින් වට වූ) නම් වූ ද, ඒකසාලක නම් වූ ද, මල්ලිකා බිසව විසින් කරන ලද්දා වූ ද ආරාමයේ තුන් දහසක් පමණ මහත් පිරිවැජි පිරිසක් සමඟ වාසය කළා.

2. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අථ ඛෝ භගවතෝ ඒතදහෝසි: “අතිප්පගෝ ඛෝ තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යේන සමයප්පවාදකෝ තින්දුකාචීරෝ ඒකසාලකෝ මල්ලිකාය ආරාමෝ, යේන පොට්ඨපාදෝ පරිබ්බාජකෝ, තේනුපසංකමෙය්‍ය”න්ති. අථ ඛෝ භගවා යේන සමයප්පවාදකෝ තින්දුකාචීරෝ ඒකසාලකෝ මල්ලිකාය ආරාමෝ තේනුපසංකමි.

එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳපොරවා, පාසිවුරු ගෙන සැවැත් නුවර පිඬු පිණිස වැඩම කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවුණා. “සැවැත් නුවර පිඬු සිඟා වැඩීමට තවම වේලාසන වැඩියි. එනිසා මං සමයප්ප්‍රවාදක නම් වූ ද, තින්දුකාවීර (තිඹිරි රුක්වලින් වට වූ) නම් වූ ද, ඒකසාලක නම් වූ ද, මල්ලිකා බිසව විසින් කරන ලද්දා වූද ආරාමය යම් තැනකද, පොට්ඨපාද පිරිවැජියා යම් තැනක ද එතැනට යනවා නම් හොඳයි” කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ සමයප්ප්‍රවාදක වූත්, තින්දුකාවීර වූත්, ඒකසාලක නම් වූද, මල්ලිකා බිසව විසින් කරන ලද්දා වූද ආරාමය වෙත වැඩම කළා.

3. තේන ඛෝ පන සමයේන පොට්ඨපාදෝ පරිබ්බාජකෝ මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නෝ හෝති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනේකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා සෙය්‍යථිදං: රාජකථං චෝරකථං මහාමත්තකථං සේනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං ගන්ධකථං මාලාකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපේතකථං නානත්තකථං ලෝකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං, ඉති වා’ති.

ඒ වෙලාවෙහි පොට්ඨපාද පිරිවැජියා මහත් වූ පිරිවැජි පිරිසක් සමඟ උස් හඬින් මහාහඬින් අනේකප්‍රකාර වූ තිරිසන් කථාවන් කථා කරමින් කෑගසමින් වාඩිවෙලා හිටියා. ඒ කවර තිරිසන් කථාද යත්: රජවරුන් ගැන කථා, සොරුන් ගැන කථා, මහ ඇමතිවරුන් ගැන කථා, හමුදාවන් ගැන කථා, භය ඇතිවෙන දේවල් ගැන කථා, ආහාර වර්ග ගැන කථා, බොන දේවල් ගැන කථා, ඇඳුම් පැළඳුම් ගැන කථා, ඇඳ පුටු ගැන කථා, මල් වර්ග ගැන කථා, සුවඳ වර්ග ගැන කථා, නෑදෑයන් ගැන කථා, යාන වාහන ගැන කථා, ගම්මාන ගැන කථා, නියම් ගම්මාන ගැන කථා, නගර ගැන කථා, රටවල් ගැන කථා, ස්ත්‍රීන් ගැන කථා, පුරුෂයින් ගැන කථා, ශූරයින් ගැන කථා, මංමාවත් ගැන කථා, වළං පොලේ දේවල් ගැන කථා, මියගිය උදවිය ගැන කථා, තව තව දේවල් ගැන කථා, ලෝකය ගැන කථා, සාගරය ගැන කථා, මෙහෙමයි වුනේ මෙහෙමයි නොවුණේ කියන දේ ගැන කථා කරකර ඉන්නවා.

4. අද්දසා ඛෝ පොට්ඨපාදෝ පරිබ්බාජකෝ භගවන්තං දූරතෝ’ව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපේසි: “අප්පසද්දා භොන්තෝ හොන්තු. මා භොන්තෝ සද්දමකත්ථ. අයං සමණෝ ගෝතමෝ ආගච්ඡති. අප්පසද්දකාමෝ ඛෝ සෝ පනායස්මා, අප්පසද්දස්ස වණ්ණවාදී. අප්පේවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසංකමිතබ්බං මඤ්ඤෙය්‍යා”ති. ඒවං වුත්තේ තේ පරිබ්බාජකා තුණ්හී අහේසුං. අථ ඛෝ භගවා යේන පොට්ඨපාදෝ පරිබ්බාජකෝ තේනුපසංකමි. අථ ඛෝ පොට්ඨපාදෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: “ඒතු ඛෝ භන්තේ භගවා. ස්වාගතං භන්තේ භගවතෝ. චිරස්සං ඛෝ භන්තේ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තේ භගවා. ඉදමාසනං පඤ්ඤත්ත”න්ති. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. පොට්ඨපාදෝ’පි ඛෝ පරිබ්බාජකෝ අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ පොට්ඨපාදං පරිබ්බාජකං භගවා ඒතදවෝච: “කාය නු’ත්ථ පොට්ඨපාද ඒතරහි කථාය සන්නිසින්නා? කා ච පන වෝ අන්තරාකථා විප්පකතා?”ති.

එතකොට දුරින්ම වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේව පොට්ඨපාද පිරිවැජියාට දැකගන්නට ලැබුනා. දැකලා තමන්ගේ පිරිස සංසුන් කෙරෙව්වා.

“හා… හා… භවත්නි, නිශ්ශබ්ද වෙත්වා! භවත්නි, ශබ්ද කරන්නට එපා! මේ ශ්‍රමණ ගෞතමයන් පැමිණෙනවා. ඒ ආයුෂ්මතුන් නිශ්ශබ්දතාවයට හරි කැමැතියි. නිශ්ශබ්දතාවයෙහි ගුණ වර්ණනා කරනවා. නිශ්ශබ්දව සිටින පිරිසක් බව දැන ඒ වෙත පැමිණිය යුතුයි කියලා හිතලයි ඔය වඩින්නේ.”

එසේ පැවැසූ විට ඒ පිරිවැජියන් නිශ්ශබ්ද වුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පොට්ඨපාද පිරිවැජියා වෙත වැඩම කළා. පොට්ඨපාද පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පවසා සිටියා.“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වඩින සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේව සාදරයෙන් පිළිගන්නවා. සෑහෙන කාලෙකට පස්සෙයි භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩම කරන්ට අවස්ථාව ලබාගෙන තියෙන්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වැඩ හිඳින සේක්වා! මේ ආසන පණවලා තියෙන්නේ.” ඉතින් භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. පොට්ඨපාද පිරිවැජියාද එක්තරා කුඩා අසුනක් ගෙන එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන පොට්ඨපාද පිරිවැජියාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “පින්වත් පොට්ඨපාද, දැන් ඔබ මෙහි කර කර හිටියේ මොන වගේ කථාවක්ද? මාගේ පැමිණීමෙන් ඔබේ ඒ කවර කථාවක්ද අඩාල වුනේ?” කියලා.

5. ඒවං වුත්තේ පොට්ඨපාදෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: තිට්ඨතේසා භන්තේ කථා, යාය මයං ඒතරහි කථාය සන්නිසින්නා. නේසා භන්තේ කථා භගවතෝ දුල්ලභා භවිස්සති පච්ඡාපි සවනාය. පුරිමානි භන්තේ දිවසානි පුරිමතරානි නානාතිත්ථියානං සමණබ්‍රාහ්මණානං කුතූහලසාලාය සන්නිසින්නානං සන්නිපතිතානං අභිසඤ්ඤානිරෝධේ කථා උදපාදි “කථං නු ඛෝ භෝ අභිසඤ්ඤානිරෝධෝ හෝතී?”ති.

මෙසේ වදාළ විට පොට්ඨපාද පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, අපි යම් කතාබහක යෙදිල හිටියා නම්, ඒ කථාව පසෙක තිබේවා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට එවැනි කතාබස් අසන්නට ලැබීම දුර්ලභ දෙයක් නොවේ. නමුත් ස්වාමීනී, දින කිහිපයකට කලින් නා නා ආගම්වලට අයත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් කුතුහල ශාලාවේ එක්වෙලා රැස්වෙලා කතා කර කර සිටිද්දී අභිසඤ්ඤා නිරෝධය ගැන කථාවක් ඇතිවුනා. භවත්නි, අභිසඤ්ඤා නිරෝධය ඇති වෙන්නේ කොහොමද? කියලා.

(1) තත්‍රේකච්චේ ඒවමාහංසු: “අහේතූ අප්පච්චයා පුරිසස්ස සඤ්ඤා උප්පජ්ජන්ති’පි නිරුජ්ඣන්ති’පි. යස්මිං සමයේ උප්පජ්ජන්ති, සඤ්ඤී තස්මිං සමයේ හෝති. යස්මිං සමයේ නිරුජ්ඣන්ති, අසඤ්ඤී තස්මිං සමයේ හෝතී”ති ඉත්ථේකේ අභිසඤ්ඤානිරෝධං පඤ්ඤාපෙන්ති.

එතකොට සමහරු මෙහෙම කිව්වා. “පුරුෂයා හට සඤ්ඤා උපදින්නේත් නිරුද්ධවන්නේත් හේතු රහිතවයි. ප්‍රත්‍ය රහිතවයි. යම් වෙලාවක සඤ්ඤාවන් උපදිනවා නම් ඒ වෙලාවේ තමයි සඤ්ඤාව ඇතිවන්නේ. යම් වෙලාවක සඤ්ඤාවන් නිරුද්ධ වෙනවා නම් ඒ වෙලාවේ ඔහු සඤ්ඤා රහිත වෙනවා” කියලා. ඔය විදිහටයි සමහර අය අභිසඤ්ඤා නිරෝධය විස්තර කළේ.

(2) තමඤ්ඤෝ ඒවමාහ: “න ඛෝ පන මේ’තං භෝ ඒවං භවිස්සති. සඤ්ඤා හි භෝ පුරිසස්ස අත්තා. සා ච ඛෝ උපේති’පි අපේති’පි. යස්මිං සමයේ උපේති, සඤ්ඤී තස්මිං සමයේ හෝති. යස්මිං සමයේ අපේති, අසඤ්ඤී තස්මිං සමයේ හෝතී”ති ඉත්ථේකේ අභිසඤ්ඤානිරෝධං පඤ්ඤාපෙන්ති.

එතකොට තව සමහරු මෙහෙම කිව්වා. “භවත්නි, ඕක වෙන්නේ ඔහොම නොවෙයි. භවත්නි, සඤ්ඤාව කියන්නේ පුරුෂයාගේ ආත්මයයි. ඒ සඤ්ඤාව පුරුෂයා වෙතට එනවා වගේම ඉවත් වෙලත් යනවා. යම් වෙලාවක ඒ සඤ්ඤාව එනවා නම්, ඒ වෙලාවට ඔහු සඤ්ඤා සහිතව ඉන්නවා. යම් වෙලාවක ඒ සඤ්ඤාව ඉවත් වෙනවා නම් ඒ වෙලාවේදී ඔහු සඤ්ඤා රහිත වෙනවා” කියලා. ඔය විදිහටයි සමහර අය අභිසඤ්ඤා නිරෝධය විස්තර කළේ.

(3) තමඤ්ඤෝ ඒවමාහ: “න ඛෝ පන මේ’තං භෝ ඒවං භවිස්සති. සන්ති හි භෝ සමණබ්‍රාහ්මණා මහිද්ධිකා මහානුභාවා. තේ ඉමස්ස පුරිසස්ස සඤ්ඤං උපකඩ්ඪන්ති’පි අපකඩ්ඪන්ති’පි. යස්මිං සමයේ උපකඩ්ඪන්ති, සඤ්ඤී තස්මිං සමයේ හෝති. යස්මිං සමයේ අපකඩ්ඪන්ති, අසඤ්ඤී තස්මිං සමයේ හෝතී”ති ඉත්ථේකේ අභිසඤ්ඤානිරෝධං පඤ්ඤාපෙන්ති.

එතකොට තව සමහරු මෙහෙම කිව්වා. “භවත්නි, ඕක වෙන්නේ ඔහොම නොවෙයි. භවත්නි, මහා ඉර්ධිමත් මහානුභාව සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. මේ පුරුෂයා හට සඤ්ඤාව පමුණුවන්නේත්, ඔහුගෙන් බැහැර කරන්නේත් ඔවුන් විසිනුයි. යම් වෙලාවක ඔවුන් පුරුෂයා හට සඤ්ඤාව පමුණුවනවාද, ඒ වෙලාවේදී ඔහු සඤ්ඤා සහිතයි. යම් වෙලාවක සඤ්ඤාව ඉවතට අදිනවාද ඒ වෙලාවේදී ඔහු සඤ්ඤා රහිතයි” කියලා. ඔය විදිහටයි සමහර අය අභිසඤ්ඤා නිරෝධය විස්තර කළේ.

(4) තමඤ්ඤෝ ඒවමාහ: “න ඛෝ පන මේ’තං භෝ ඒවං භවිස්සති. සන්ති හි භෝ දේවතා මහිද්ධිකා මහානුභාවා. තා ඉමස්ස පුරිසස්ස සඤ්ඤං උපකඩ්ඪන්ති’පි අපකඩ්ඪන්ති’පි. යස්මිං සමයේ උපකඩ්ඪන්ති, සඤ්ඤී තස්මිං සමයේ හෝති. යස්මිං සමයේ අපකඩ්ඪන්ති, අසඤ්ඤී තස්මිං සමයේ හෝතී”ති ඉත්ථේකේ අභිසඤ්ඤානිරෝධං පඤ්ඤාපෙන්ති.

එතකොට තව සමහරු මෙහෙම කිව්වා. “භවත්නි, ඕක වෙන්නේ ඔහොම නොවෙයි. භවත්නි, මහා ඉර්ධිමත් මහානුභාව සම්පන්න දෙවිවරු ඉන්නවා. මේ පුරුෂයා හට සඤ්ඤාව පමුණුවන්නේත්, ඔහුගෙන් බැහැර කරන්නේත් ඔවුන් විසිනුයි. යම් වෙලාවක ඔවුන් පුරුෂයා හට සඤ්ඤාව පමුණුවනවාද, ඒ වෙලාවේදී ඔහු සඤ්ඤා සහිතයි. යම් වෙලාවක සඤ්ඤාව ඉවතට අදිනවාද ඒ වෙලාවේදී ඔහු සඤ්ඤා රහිතයි” කියලා. ඔය විදිහටයි සමහර අය අභිසඤ්ඤා නිරෝධය විස්තර කළේ.

6. තස්ස මය්හං භන්තේ භගවන්තංයේව ආරබ්භ සති උදපාදි: ‘අහෝ නූන භගවා, අහෝ නූන සුගතෝ, යෝ ඉමේසං ධම්මානං සුකුසලෝ’ති. භගවා භන්තේ කුසලෝ භගවා පකතඤ්ඤූ අභිසඤ්ඤානිරෝධස්ස. කථං නු ඛෝ භන්තේ අභිසඤ්ඤානිරෝධෝ හෝතී?”ති.

එතකොට ස්වාමීනී, ඒ මට භාග්‍යවතුන් වහන්සේවමයි මතක් වුනේ. ‘යම් කෙනෙක් මේ ධර්මයන් ගැන අතිශයින්ම දක්ෂ වුනාද, අනේ මේ වෙලාවේ ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියා නම්, අනේ මේ වෙලාවේ ඒ සුගතයන් වහන්සේ වැඩසිටියා නම්’ කියලා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේම මේ පිළිබඳව දක්ෂ වන සේක. භාග්‍යවතුන් වහන්සේම අභිසඤ්ඤා නිරෝධය පිළිබඳව නිපුණ වන සේක. ස්වාමීනී, ඇත්තෙන්ම අභිසඤ්ඤා නිරෝධය වන්නේ කොහොමද?”

7. “තත්‍ර පොට්ඨපාද යේ තේ සමණබ්‍රාහ්මණා ඒවමාහංසු: අහේතූ අප්පච්චයා පුරිසස්ස සඤ්ඤා උප්පජ්ජන්ති’පි නිරුජ්ඣන්තිපී’ති. ආදිතෝ’ව තේසං අපරද්ධං. තං කිස්ස හේතු? සහේතූ හි පොට්ඨපාද සප්පච්චයා පුරිසස්ස සඤ්ඤා උප්පජ්ජන්ති’පි නිරුජ්ඣන්ති’පි. සික්ඛා ඒකා සඤ්ඤා උප්පජ්ජති, සික්ඛා ඒකා සඤ්ඤා නිරුජ්ඣති”.

“පින්වත් පොට්ඨපාද, එහිලා යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මෙහෙම කිව්වා නම්, ‘පුරුෂයා හට සඤ්ඤා උපදින්නේත්, නිරුද්ධ වන්නේත් හේතු රහිතවයි. ප්‍රත්‍ය රහිතවයි’ කියලා. ඔවුන්ට පටන්ගත් තැනම වැරදුනා. ඒකට හේතුව මොකක්ද? පින්වත් පොට්ඨපාද, පුරුෂයා හට සඤ්ඤා උපදින්නේත්, නිරුද්ධ වන්නේත් හේතු සහිතවයි. ප්‍රත්‍ය සහිතවයි. ශික්ෂාවෙන් ඇතැම් සඤ්ඤා උපදිනවා. ශික්ෂාවෙන්ම ඇතැම් සඤ්ඤා නිරුද්ධ වෙනවා.”

“කා ච සික්ඛා”ති භගවා අවෝච:

ඒ ශික්ෂාව මොකක්ද?” කියලා භාග්‍යවතුන් වහන්සේ පවසා වදාළා.

ඉධ පොට්ඨපාද තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝපුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං, සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං. බ්‍රහ්මචරියන් පකාසේති.

“පින්වත් පොට්ඨපාද, මෙහි අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ, විජ්ජාචරණසම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්මසාරථි වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවා වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපත ලබනවා. උන්වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියා දෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. ආරම්භය කළ්‍යාණ වූත්, මැද කළ්‍යාණ වූත්, අවසානය කළ්‍යාණ වූත්, අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූත්, මුළුමණින්ම පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා.

8. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තෝ වා අඤ්ඤතරස්මිං වා කුලේ පච්චාජාතෝ. සෝ තං ධම්මං සුත්වා තථාගතේ සද්ධං පටිලභති. සෝ තේන සද්ධාපටිලාභේන සමන්නාගතෝ ඉති පටිසඤ්චික්ඛති: “සම්බාධෝ ඝරාවාසෝ රජෝපථෝ, අබ්භෝකාසෝ පබ්බජ්ජා. න ඉදං සුකරං අගාරං අජ්ඣාවසතා ඒකන්තපරිපුණ්ණං ඒකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං. යන්නූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍යන්ති”.

එතකොට ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා කවර හෝ කුලයක උපන් කෙනෙක් වේවා ඒ ධර්මය අසනවා. ඔහු ඒ ධර්මය අසලා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඉතින් ඔහු ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්ත වෙලා මේ විදිහට නුවණින් කල්පනා කරනවා. ‘ගිහි ගෙදර වාසය කිරීම හරිම කරදරයක්. කෙලෙස් වැඩෙන මාවතක්. නමුත් පැවිදි ජීවිතය ආකාසය වගේ. ගිහි ගෙදර වාසය කරමින් මුළුමණින්ම පිරිපුන්, මුළුමණින්ම පිරිසිදු, සුදෝසුදු බඹසර වසනවා යන කරන ලෙහෙසි එකක් නොවේ. ඒ නිසා මං කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහි ගෙයින් නික්ම පැවිද්දට ඇතුළත් වෙන එක තමයි හොඳ’ කියලා.

9. සෝ අපරේන සමයේන අප්පං වා භෝගක්ඛන්ධං පහාය මහන්තං වා භෝගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සෝ ඒවං පබ්බජිතෝ සමානෝ පාතිමොක්ඛසංවරසංවුතෝ විහරති ආචාරගෝචරසම්පන්නෝ අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී. සමාදාය සික්ඛති සික්ඛාපදේසු, කායකම්මවචීකම්මේන සමන්නාගතෝ කුසලේන, පරිසුද්ධාජීවෝ සීලසම්පන්නෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ භෝජනේ මත්තඤ්ඤූ සතිසම්පජඤ්ඤේන සමන්නාගතෝ සන්තුට්ඨෝ.

ඔහු පස්සේ කාලෙක ස්වල්ප වූ භෝග සම්පත් අත්හරිනවා. මහත් වූ භෝග සම්පත් අත්හරිනවා. ස්වල්ප වූ නෑදෑයන් අත්හරිනවා. මහත් වූ නෑදෑයන් අත්හරිනවා. කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙනවා. ඔහු ඔය විදිහට පැවිද්දෙක් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් (පැවිද්දෙක් විසින් රැකගත යුතු නිවනට උපකාරී වන උතුම් සිල්පදවලින්) සංවරව ඉන්නවා. යහපත් ඇවැතුම් පැවැතුම්වලින් යුතු වෙනවා. අණුමාත්‍ර වූ වරදෙහි පවා භය දකිනවා. ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. කුසල් සහගත කායකර්මයෙන් හා වචීකර්මයෙන් යුතු වෙනවා. පිරිසිදු ආජීවයෙන් යුතු වෙනවා. සිල්වත් වෙනවා. අකුසලයෙන් වැළකූ දොරටු ඇතුව ඉන්නවා. නුවණින් සළකා ආහාර ගන්නවා. සිහිනුවණින් යුතුව ඉන්නවා. ලද දෙයින් සතුටුව ඉන්නවා.

10. කථඤ්ච පොට්ඨපාද භික්ඛු සීලසම්පන්නෝ හෝති? ඉධ පොට්ඨපාද භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති නිහිතදණ්‌ඩෝ නිහිතසත්‌ථෝ ….(පෙ)…. අදින්‌නාදානං පහාය අදින්‌නාදානා පටිවිරතෝ හෝති ….(පෙ)…. අබ්‍රහ්‌මචරියං පහාය බ්‍රහ්‌මචාරී හෝති ….(පෙ)…. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති ….(පෙ)…. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතෝ හෝති….(පෙ)…. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති ….(පෙ)…. සම්‌ඵප්‌පලාපං පහාය සම්‌ඵප්‌පලාපා පටිවිරතෝ හෝති ….(පෙ)…. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

පින්වත් පොට්ඨපාද, භික්ෂුව සීලයෙන් යුක්ත වන්නේ කොහොමද? පින්වත් පොට්ඨපාද, මෙහි භික්ෂුව සතුන් මැරීම අත්හැර දාලා සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. දඬු මුගුරු අත්හැර දාලා, අවි ආයුධ බැහැර කරලා ….(පෙ)…. නුදුන් දේ ගැනීම අත්හැරලා නුදුන් දේ ගැනීමෙන් වැළකී ඉන්නවා ….(පෙ)…. අබ්‍රහ්මචාරීබව අත්හැරලා බ්‍රහ්මචාරීව ඉන්නවා ….(පෙ)…. බොරු කීම අත්හැරලා, බොරු කීමෙන් වැළකී ඉන්නවා ….(පෙ)…. කේලාම් කීම අත්හැරලා කේලාම් කීමෙන් වැළකී ඉන්නවා ….(පෙ)…. පරුෂ වචනය අත්හැරලා පරුෂ වචනයෙන් වැළකී ඉන්නවා ….(පෙ)…. තේරුමක් නැති කතාබහ අත්හැරලා තේරුමක් නැති කතා කීමෙන් වැළකී සිටිනවා ….(පෙ)…. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

11. බීජගාමභූතගාමසමාරම්‌භා පටිවිරතෝ හෝති ….(පෙ)…. ඡේදනවධබන්ධනවිපරාමෝසආලෝපසහසාකාරා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

පැළවෙන බීජ හා පැළ වුන ගස් කොළන් විනාශ කිරීමෙන් වැළකී ඉන්නවා ….(පෙ)…. අත්පා කැපීම්, මැරීම්, බන්ධන කිරීම්, මං පැහැරගැනීම්, ගම් පැහැර ගැනීම් ආදී සැහැසි දෙයින් වැළකී සිටිනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

12. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං විසූකදස්‌සනං අනුයුත්‌තා විහරන්‌ති, සෙය්‍යථීදං: නච්‌චං ගීතං ….(පෙ)…. අනීකදස්‌සනං. ඉති වා ඉතිඒවරූපා විසූකදස්‌සනා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයේ විසූක දර්ශනයන් නැරඹීමෙහි යෙදිලා ඉන්නවා. ඒ කියන්නේ; නැටුම්, ගැයුම් ….(පෙ)…. හමුදාව නැරඹීම ආදී දේවල්වල යෙදෙමින් ඉන්නවා. මෙවැනි දේවල්වලිනුත්, මෙවැනි වෙනත් දේවල්වලින් යුතු විසූක දර්ශන නැරඹීම්වලින් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

13. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා සද්‌ධාදෙය්‍යානි භෝජනානි භුඤ්‌ජිත්‌වා තේ ඒවරූපං ජූතප්‌පමාදට්‌ඨානානුයෝගං අනුයුත්‌තා විහරන්‌ති, සෙය්‍යථීදං: අට්‌ඨපදං දසපදං ….(පෙ)…. යථාවජ්‌ජං. ඉති වා ඉතිඒවරූපා ජූතප්‌පමාදට්‌ඨානානුයෝගා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා තමාව ප්‍රමාදයට පත් කරවන මේ ආකාර වූ සූදු කෙළියෙන් කල් යවනවා. ඒ කියන්නේ; හතරැස් කොටු අටකින් යුතුව කරන සූදුව, කොටු දහයකින් කරන සූදුව ….(පෙ)…. විකලාංග අනුකරණයෙන් හිනැස්සීමේ සෙල්ලම ආදී දේ කිරීමයි. මේ දෙයිනුත්, මෙවැනි තවත් දේවල් ඇත්නම් එයිනුත් වැළකී ප්‍රමාදයට පත්වන සූදුවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

14. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපං උච්‌චාසයනමහාසයනං අනුයුත්‌තා විහරන්ති, සෙය්‍යථීදං: ආසන්‌දිං පල්‌ලංකං ….(පෙ)…. උභතෝලෝහිතකූපධානං. ඉති වා ඉතිඒවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. මේ ආකාර වූ පමණ ඉක්මවා උස් වූ ආසනත්, වටිනා සුඛෝපභෝගී ආසනත් පරිහරණය කරනවා. ඒ කියන්නේ; දිග හාන්සි පුටු, කවිච්චි ….(පෙ)…. හිස දෙපැත්තට රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියන් බැඳ සැදූ වටිනා යහන් ආදිය පරිහරණය කරයි. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී උස් අසුන් මහා අසුන් පරිහරණයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

15. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. මණ්‌ඩනවිභූසනට්‌ඨානානුයෝගං අනුයුත්‌තා විහරන්ති, සෙය්‍යථීදං: උච්‌ඡාදනං පරිමද්‌දනං ….(පෙ)…. ඕදාතානි වත්‌ථානි දීඝදසානි. ඉති වා ඉතිඒවරූපා මණ්‌ඩනවිභූසනට්‌ඨානානුයෝගා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් ඇඟපත සැරසීමෙන් හා විසිතුරු වස්ත්‍රාභරණ පැළඳීමෙන් යුක්තව කල් ගෙවනවා. ඒ කියන්නේ; සුවඳ වර්ග ඇඟ තවරා සිරුර සිනිඳු කිරීම, තෙල් වර්ග ගා සම්බාහනය කොට සිරුර හැඩ කිරීම ….(පෙ)…. දිග වාටි ඇති සුදු වස්ත්‍ර දැරීම ආදියෙන් යුතුවෙයි. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී ඇඟපත සැරසීම් හා විසිතුරු වස්ත්‍රාභරණ සැරසීමෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

16. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපං තිරච්‌ඡානකථං අනුයුත්‌තා විහරන්ති, සෙය්‍යථීදං: රාජකථං චෝරකථං ….(පෙ)…. ඉතිභවාභවකථං. ඉති වා ඉතිඒවරූපාය තිරච්‌ඡානකථාය පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. මෙබඳු වූ තිරිසන් කථාවල යෙදී වාසය කරනවා. ඒ කියන්නේ; රජවරුන් ගැන කථා, සොරුන් ගැන කථා ….(පෙ)…. මෙහෙමයි වුනේ මෙහෙමයි නොවුනේ කියන දේ ගැන කථා කරකර ඉන්නවා, මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරිසන් කථාවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

17. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපං විග්‌ගාහිකකථං අනුයුත්‌තා විහරන්ති, සෙය්‍යථීදං: ‘න ත්‌වං ඉමං ධම්‌මවිනයං ආජානාසි, ….(පෙ)…. නිබ්බේඨේහි වා සචේ පහෝසී’ති. ඉති වා ඉතිඒවරූපාය විග්‌ගාහිකකථාය පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. මේ ආකාරයෙන් එකිනෙකා අතර බැණ දොඩා ගන්නා කථාවෙන් යුතුවයි ඉන්නේ. ඒ කියන්නේ; ‘නුඹ මේ ධර්ම විනය දන්නේ නෑ ….(පෙ)…. වාදයෙන් නිදහස් වීමට මගක් හොයාගෙන පලයන්. පුළුවන් නම් ලිහාගනින්’ යනාදිය කියමින් ආරවුල් හදාගන්නවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ බැණ දොඩාගන්නා කතාවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

18. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපං දූතෙය්‍යපහිණගමනානුයෝගමනුයුත්‌තා විහරන්ති, සෙය්‍යථීදං: රඤ්‌ඤං රාජමහාමත්‌තානං ….(පෙ)…. අමුත්‍ර ඉදං ආහරා’ති. ඉති වා ඉතිඒවරූපා දූතෙය්‍යපහිණගමනානුයෝගා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යන මෙබඳු වූ දූත මෙහෙවරෙහි යෙදෙනවා. ඒ කියන්නේ; ‘මෙහෙ යන්න, අසවල් තැනට එන්න, මේක (අපේ මේ පණිවිඩය) අරන් යන්න. අසවල් තැනට මේක අරන් යන්න’ යනාදී රජුන්ගේ, රාජමහා ඇමතිවරුන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, කුමාරවරුන්ගේ, පණිවිඩ පණත් ගෙනියනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ පණිවිඩ පණත් ගෙනයන ගිහියන්ගේ දූත මෙහෙවරෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

19. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. කුහකා ච හොන්‌ති ….(පෙ)…. ලාභේන ලාභං නිජිගිංසිතාරෝ ච. ඉති වා ඉතිඒවරූපා කුහනලපනා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. කුහක (උඩින් වෙන ජීවිතයක් පෙන්වමින් යටින් වෙනත් ජීවිතයක් ගෙවමින් නැති ගුණ පෙන්වා) ජීවිත ගෙවනවා ….(පෙ)…. ලාභයෙන් ලාභය හොයනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ කුහකකමින්, චාටුබස්වලින් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

20. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති, සෙය්‍යථීදං: අංගං නිමිත්‌තං ….(පෙ)…. මිගපක්‌කං. ඉති වා ඉතිඒවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. මෙවැනි වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ; ශාරීරික අංග බලා ඵලාඵල කියනවා, නිමිති බලා ඵලාඵල කියනවා ….(පෙ)…. මෘග පක්ෂ යනාදී මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

21. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති, සෙය්‍යථීදං: මණිලක්‌ඛණං වත්ථලක්ඛණං ….(පෙ)…. මිගලක්‌ඛණං. ඉති වා ඉතිඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ; මැණික්වල සුභ අසුභ ලකුණු කීම, වස්ත්‍රවල සුභ අසුභ ලකුණු කීම ….(පෙ)…. මුවන්ට මතුරා ඵලාඵල කීම ආදී තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

22. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති, සෙය්‍යථීදං: රඤ්‌ඤං නිය්‍යානං භවිස්‌සති ….(පෙ)…. ඉමස්‌ස පරාජයෝ භවිස්‌සති. ඉති වා ඉතිඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ; ‘අසවල් නැකතට රජතුමාගේ යුධ පිණිස නික්මීම වන්නේය ….(පෙ)…. මොහුට පරාජය වෙනවා’ ආදී වශයෙන් පවසමින් තිරිසන් විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

23. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති, සෙය්‍යථීදං: චන්‌දග්‌ගාහෝ භවිස්‌සති ….(පෙ)…. ඒවංවිපාකං චන්‌දිමසුරියනක්‌ඛත්‌තානං උග්ගමනං ඕගමනං සංකිලේසං වෝදානං භවිස්‌සති, ඉති වා ඉතිඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ; ‘අසවල් දින චන්ද්‍ර ග්‍රහණයක් සිදුවෙනවා ….(පෙ)…. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම ලෝකයට මෙවැනි විපාක ලබාදෙනවා’ කියලා තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

24. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති, සෙය්‍යථීදං: සුබ්බුට්‌ඨිකං භවිස්‌සති ….(පෙ)…. ලෝකායතං. ඉති වා ඉතිඒවරූපාය තිරච්ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ; ‘මේ කාලයේදී වැස්ස වහිනවා ….(පෙ)…. ලෝකායත ශාස්ත්‍ර, ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

25. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති, සෙය්‍යථීදං: ආවාහනං ….(පෙ)…. සිරිව්‌හානං. ඉති වා ඉතිඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ; ආවාහයට නැකත් කීම ….(පෙ)…. මන්ත්‍ර බලෙන් ලක්ෂ්මී පූජා කිරීම යනාදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

26. යථා වා පනේකේ භොන්‌තෝ සමණබ්‍රාහ්‌මණා ….(පෙ)…. ඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවේන ජීවිකං කප්‌පෙන්‌ති, සෙය්‍යථීදං: සන්‌තිකම්‌මං පණිධිකම්‌මං ….(පෙ)…. ඕසධීනං පටිමොක්‌ඛෝ. ඉති වා ඉතිඒවරූපාය තිරච්‌ඡානවිජ්‌ජාය මිච්‌ඡාජීවා පටිවිරතෝ හෝති. ඉදම්පි’ස්ස හෝති සීලස්මිං.

ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ….(පෙ)…. මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ; ශාන්ති කර්ම, බාර ඔප්පු කිරීම ….(පෙ)…. වණවලට බෙහෙත් බැඳීම, ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.

27. ස ඛෝ සෝ පොට්ඨපාද භික්‌ඛු ඒවං සීලසම්‌පන්‌නෝ න කුතෝචි භයං පස්‌සති යදිදං සීලසංවරතෝ ….(පෙ)…. සෝ ඉමිනා අරියේන සීලක්‌ඛන්‌ධේන සමන්‌නාගතෝ අජ්‌ඣත්‌තං අනවජ්‌ජසුඛං පටිසංවේදේති. ඒවං ඛෝ පොට්ඨපාද භික්‌ඛු සීලසම්‌පන්‌නෝ හෝති.

පින්වත් පොට්ඨපාද, ඒ භික්ෂුව වනාහී මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීල සංවරය හේතු කොට ගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ ….(පෙ)…. ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්විතව ආධ්‍යාත්මිකව නිවැරදි සැපයක් විඳිනවා. පින්වත් පොට්ඨපාද, ඔන්න ඔය විදිහටයි භික්ෂුව සීලසම්පන්න වන්නේ.

28. කථඤ්‌ච පොට්ඨපාද භික්‌ඛු ඉන්‌ද්‍රියේසු ගුත්‌තද්‌වාරෝ හෝති? ඉධ පොට්ඨපාද භික්‌ඛු චක්‌ඛුනා රූපං දිස්‌වා න නිමිත්‌තග්‌ගාහී හෝති නානුබ්‍යඤ්‌ජනග්‌ගාහී ….(පෙ)…. මනින්‌ද්‍රියේ සංවරං ආපජ්‌ජති. සෝ ඉමිනා අරියේන ඉන්‌ද්‍රියසංවරේන සමන්‌නාගතෝ අජ්‌ඣත්‌තං අබ්‍යාසේකසුඛං පටිසංවේදේති. ඒවං ඛෝ පොට්ඨපාද භික්‌ඛු ඉන්‌ද්‍රියේසු ගුත්‌තද්‌වාරෝ හෝති.

පින්වත් පොට්ඨපාද, භික්ෂුව අකුසලයෙන් වැළකූ ද්වාර ඇති ඉඳුරන් ඇතිව ඉන්නේ කොහොමද? පින්වත් පොට්ඨපාද, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ ….(පෙ)…. මනස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙනවා. ඔහු මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ආධ්‍යාත්මිකව පීඩා රහිතව සැපයක් විඳිනවා. පින්වත් පොට්ඨපාද, භික්ෂුව අකුසලයෙන් වැළැක් වූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුළ ඉන්නේ ඔය විදිහටයි.

29. කථඤ්‌ච පොට්ඨපාද භික්‌ඛු සතිසම්‌පජඤ්‌ඤේන සමන්‌නාගතෝ හෝති? ඉධ පොට්ඨපාද භික්‌ඛු අභික්කන්‌තේ පටික්‌කන්‌තේ සම්‌පජානකාරී හෝති ….(පෙ)…. තුණ්‌හීභාවේ සම්‌පජානකාරී හෝති. ඒවං ඛෝ පොට්ඨපාද භික්‌ඛු සතිසම්‌පජඤ්‌ඤේන සමන්‌නාගතෝ හෝති.

පින්වත් පොට්ඨපාද, භික්ෂුව සිහිනුවණින් යුතුව සිටින්නේ කොහොමද? පින්වත් පොට්ඨපාද, මෙහිලා භික්ෂුව ඉදිරියට යද්දීත්, ආපසු එද්දීත්, එය කරන්නේ සිහි නුවණින්මයි ….(පෙ)…. නිහඬව සිටිද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. පින්වත් පොට්ඨපාද, භික්ෂුව සිහිනුවණින් යුතු වන්නේ ඔය ආකාරයටයි.

30. කථඤ්‌ච පොට්ඨපාද භික්‌ඛු සන්‌තුට්‌ඨෝ හෝති? ඉධ පොට්ඨපාද භික්‌ඛු සන්‌තුට්‌ඨෝ හෝති කායපරිහාරියේන චීවරේන ….(පෙ)…. සෙය්‍යථාපි පොට්ඨපාද පක්‌ඛී සකුනෝ යේන යේනේව ඩේති සපත්‌තභාරෝ’ව ඩේති. ඒවමේව ඛෝ පොට්ඨපාද භික්‌ඛු ….(පෙ)…. යේන යේනේව පක්‌කමති සමාදායේව පක්‌කමති. ඒවං ඛෝ පොට්ඨපාද භික්‌ඛු සන්තුට්‌ඨෝ හෝති.

පින්වත් පොට්ඨපාද, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ කොහොමද? පින්වත් පොට්ඨපාද, මෙහිලා භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන් ….(පෙ)…. පින්වත් පොට්ඨපාද, ඒක මේ වගේ දෙයක්. කුරුල්ලෙක් යම් ම තැනකට පියඹා යනවා නම්, පියාපත් බර පමණක් සහිතව පියඹනවා වගෙයි. පින්වත් පොට්ඨපාද, ඔය අයුරින්ම භික්ෂුව ….(පෙ)…. ඔහු යම් ම තැනකට පිටත් වෙනවා නම්, පාසිවුරු පමණක් අරගෙන යනවා. පින්වත් පොට්ඨපාද, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ ඔය විදිහටයි.

31. සෝ ඉමිනා ච අරියේන සීලක්‌ඛන්‌ධේන සමන්‌නාගතෝ ඉමිනා ච අරියේන ඉන්‌ද්‍රියසංවරේන සමන්නාගතෝ ඉමිනා ච අරියේන සතිසම්‌පජඤ්‌ඤේන සමන්‌නාගතෝ ඉමාය ච අරියාය සන්‌තුට්‌ඨියා සමන්‌නාගතෝ විවිත්‌තං සේනාසනං භජති අරඤ්‌ඤං ….(පෙ)…. පලාලපුඤ්‌ජං. සෝ පච්‌ඡාභත්‌තං පිණ්ඩපාතප්‌පටික්‌කන්‌තෝ නිසීදති පල්‌ලංකං ආභුජිත්‌වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.

ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ සිහිනුවණින් යුක්ත වෙලා, මේ ආර්ය වූ ලද දෙයින් සතුටු වීමෙන් යුක්ත වෙලා හුදෙකලා සෙනසුනක වාසය කරනවා. ඒ කියන්නේ අරණ්‍යය, රුක්සෙවණ, පර්වතය, දිය ඇල්ල, ගිරිගුහාව, සොහොන, වනගැබ, ගස් කොළන් රහිත හිස් පිටිය, පිදුරු ගෙය ආදියයි. ඔහු පිණ්ඩපාතය වළඳා, දානයෙන් පසු (එවැනි තැනක) පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාඩිවෙනවා.

32. සෝ අභිජ්‌ඣං ලෝකේ පහාය ….(පෙ)…. බ්‍යාපාදපදෝසං පහාය ….(පෙ)…. ථිනමිද්‌ධං පහාය ….(පෙ)…. උද්‌ධච්‌චකුක්‌කුච්‌චං පහාය ….(පෙ)…. විචිකිච්‌ඡං පහාය තිණ්‌ණවිචිකිච්‌චෝ විහරති අකථංකථී කුසලේසු ධම්‌මේසු. විචිකිච්‌ඡාය චිත්‌තං පරිසෝධේති.

ඔහු ජීවිතය නම් වූ ලෝකය ගැන ඇති විසම ලෝභය දුරුකොට ….(පෙ)…. තරහ, වෛර ආදිය අත්හැර ….(පෙ)…. නිදිමත, අලසකම අත්හැර නිදිමත, අලසකමින් බැහැරව ….(පෙ)…. සිතේ විසිරීමත්, පසුතැවීමත් බැහැර කොට ….(පෙ)…. සැකය දුරුකොට කුසල් දහම් ගැන ‘කෙසේද?, කෙසේද?’ යනාදී සැකයෙන් එතෙරව වාසය කරනවා. සැකය කෙරෙන් සිත පිරිසිදු කරනවා.

සෙය්‍යථාපි පොට්ඨපාද පුරිසෝ ඉණං ආදාය කම්‌මන්‌තේ පයෝජෙය්‍ය, තස්‌ස තේ කම්‌මන්‌තා සමිජ්ඣය්‍යෙුං ….(පෙ)…. සෝ තතෝ නිදානං ලභේථ පාමොජ්‌ජං, අධිගච්‌ඡෙය්‍ය සෝමනස්‌සං.

පින්වත් පොට්ඨපාද, එය මෙවැනි දෙයක්. පුරුෂයෙක් ණයක් අරගෙන කර්මාන්තයක යොදවනවා. ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා ….(පෙ)…. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

සෙය්‍යථාපි පොට්ඨපාද පුරිසෝ ආබාධිකෝ අස්‌ස ….(පෙ)…. සෝ අපරේන සමයේන තම්‌හා ආබාධා මුච්ඡෙය්‍ය ….(පෙ)…. සෝ තතෝ නිදානං ලභේථ පාමොජ්‌ජං, අධිගච්‌ඡෙය්‍ය සෝමනස්‌සං.

පින්වත් පොට්ඨපාද, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් රෝගී වෙලා ….(පෙ)…. නමුත් පස්සේ කාලෙක ඔහු ඒ රෝගයෙන් මිදුනා ….(පෙ)…. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

සෙය්‍යථාපි පොට්ඨපාද පුරිසෝ බන්‌ධනාගාරේ බද්‌ධෝ අස්‌ස, සෝ අපරේන සමයේන තම්‌හා බන්ධනාගාරා මුච්‌ඡෙය්‍ය සොත්‌ථිනා අබ්‌භයේන, ….(පෙ)…. සෝ තතෝ නිදානං ලභේථ පාමොජ්‌ජං, අධිගච්‌ඡෙය්‍ය සෝමනස්‌සං.

පින්වත් පොට්ඨපාද, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් හිරගෙදරක බන්ධනයකට හසුවෙනවා. නමුත් ඔහු පස්සේ කාලෙක තමන්ගේ ධනය වියදම් නොකොට සුවසේම ඒ බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. ඔහුගේ සම්පත්වලින් කිසි වියදමක් යන්නේ නෑ ….(පෙ)…. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

සෙය්‍යථාපි පොට්ඨපාද දාසෝ අස්‌ස ….(පෙ)…. සෝ අපරේන සමයේන තම්‌හා දාසබ්‍යා මුච්‌චෙය්‍ය ….(පෙ)…. සෝ තතෝ නිදානං ලභේථ පාමොජ්‌ජං, අධිගච්‌ඡෙය්‍ය සෝමනස්‌සං.

පින්වත් පොට්ඨපාද, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් දාසයෙක් වෙලා හිටියා ….(පෙ)…. ඔහු පස්සේ කාලෙක ඒ දාසබවෙන් නිදහස් වුනා ….(පෙ)…. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

සෙය්‍යථාපි පොට්ඨපාද පුරිසෝ සධනෝ සභෝගෝ කන්‌තාරද්‌ධානමග්‌ගං පටිපජ්‌ජෙය්‍ය දුබ්‌භික්‌ඛං සප්පටිභයං, සෝ අපරේන සමයේන තං කන්‌තාරං නිත්‌ථරෙය්‍ය ….(පෙ)…. සෝ තතෝ නිදානං ලභේථ පාමොජ්‌ජං, අධිගච්‌ඡෙය්‍ය සෝමනස්‌සං.

පින්වත් පොට්ඨපාද, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසෙනවා. නමුත් ඔහු පසු කාලෙක ඒ කාන්තාරයෙන් එතෙර වෙනවා ….(පෙ)…. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

ඒවමේව ඛෝ පොට්ඨපාද භික්‌ඛු යථා ඉණං යථා රෝගං යථා බන්‌ධනාගාරං යථා දාසබ්‍යං යථා කන්තාරද්‌ධානමග්‌ගං, ඒවං ඉමේ පඤ්‌ච නීවරණේ අප්‌පහීනේ අත්‌තනි සමනුපස්‌සති. සෙය්‍යථාපි පොට්ඨපාද ආනණ්‍යං යථා ආරොග්‍යං යථා බන්‌ධනාමොක්‌ඛං යථා භුජිස්‌සං යථා ඛේමන්‌තභූමිං, ඒවමේව ඛෝ පොට්ඨපාද භික්‌ඛු ඉමේ පඤ්‌ච නීවරණේ පහීනේ අත්‌තනි සමනුපස්‌සති.

පින්වත් පොට්ඨපාද, අන්න ඒ විදිහමයි. භික්ෂුවත් (කලින්) ණයක් ගත්තා වගේ, ලෙඩ වුනා වගේ, හිරේ විලංගුවේ වැටුනා වගේ, වහල් බවට පත්වුනා වගේ, නිරුදක කතරකට පැමිණුනා වගේ මේ පංච නීවරණයන් ප්‍රහාණය නොවී තමා තුළ පවතින හැටි දකිනවා. නමුත් පින්වත් පොට්ඨපාද, ඒ ණය ගෙවා දමා ණය රහිත වුනා වගේ, රෝගයෙන් නිදහස් වෙලා නීරෝග වුනා වගේ, වියදම් නැතුව හිරෙන් නිදහස් වුනා වගේ, දාස බවෙන් නිදහස් වුනා වගේ, නිරුදක කතර ගෙවා ආරක්ෂා සහිත ක්ෂේම භූමියකට පැමිණුනා වගේ තමයි. පින්වත් පොට්ඨපාද, අන්න ඒ විදිහමයි භික්ෂුව තමා තුළ මේ පංච නීවරණයන් දුරුවී ඇති ආකාරයත් දකින්නේ.

33. තස්‌සිමේ පඤ්‌ච නීවරණේ පහීනේ අත්‌තනි සමනුපස්‌සතෝ පාමොජ්‌ජං ජායති. පමුදිතස්‌ස පීති ජායති. පීතිමනස්‌ස කායෝ පස්‌සම්‌භති. පස්‌සද්‌ධකායෝ සුඛං වේදේති. සුඛිනෝ චිත්‌තං සමාධියති. සෝ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි, සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා කාමසඤ්ඤා සා නිරුජ්ඣති. විවේකජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයේ හෝති. විවේකජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤී යේව තස්මිං සමයේ හෝති. ඒවම්පි සික්ඛා ඒකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා ඒකා සඤ්ඤා නිරුජ්ඣති. ‘අයං සික්ඛා’ති භගවා අවෝච.

ඔහුට මේ පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දි මහත් සතුටක් ඇතිවෙනවා. ඒ ප්‍රමුදිත වීම ඇති කෙනාට ප්‍රීතිය ඇතිවෙනවා. ප්‍රීති මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳුණු කයින් යුතුව සැපක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. ඔහු කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහුට කලින් යම් කාම සඤ්ඤාවක් තිබුනා නම්, ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙලාවට ඔහුට තිබෙන්නේ විවේකයෙන් හටගත් ඉතා සියුම් වූ ප්‍රීතිමත් ස්වභාවයෙන් යුතු සඤ්ඤාවයි. ඔය ආකාරයෙනුත් ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් උපදිනවා. ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් නිරුද්ධ වෙනවා. මේ තමයි ශික්ෂාව” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

34. “පුන ච පරං පොට්ඨපාද භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා විවේකජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤා සා නිරුජ්ඣති. සමාධිජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයේ හෝති. සමාධිජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤී යේව තස්මිං සමයේ හෝති. ඒවම්පි සික්ඛා ඒකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා ඒකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවෝච.

“පින්වත් පොට්ඨපාද, තවදුරටත් කියනවා නම්, භික්ෂුව විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහුට කලින් යම් විවේකයෙන් හටගත් ඉතා සියුම් වූ ප්‍රීතිමත් ස්වභාවයෙන් යුතු සඤ්ඤාවක් තිබුනා නම්, ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙලාවට ඔහුට තිබෙන්නේ සමාධියෙන් හටගත් ඉතා සියුම් වූ සැප සහගත ස්වභාවයෙන් යුතු සඤ්ඤාවයි. ඔය ආකාරයෙනුත් ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් උපදිනවා. ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් නිරුද්ධ වෙනවා. මේ තමයි ශික්ෂාව” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

35. “පුන ච පරං පොට්ඨපාද භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ ච සම්පජානෝ. සුඛඤ්ච කායේන පටිසංවේදේති. යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා සමාධිජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤා සා නිරුජ්ඣති. උපෙක්ඛාසුඛසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයේ හෝති. උපෙක්ඛාසුඛසුඛුමසච්චසඤ්ඤී යේව තස්මිං සමයේ හෝති. ඒවම්පි සික්ඛා ඒකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා ඒකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවෝච.

“පින්වත් පොට්ඨපාද, තවදුරටත් කියනවා නම්, භික්ෂුව ප්‍රීතියටද නොඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයෙන් සැපයක්ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවාද, ඒ තුන්වන ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. ඔහුට කලින් යම් සමාධියෙන් හටගත් ඉතා සියුම් වූ සැප සහගත ස්වභාවයෙන් යුතු සඤ්ඤාවක් තිබුනා නම්, ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙලාවට ඔහුට තිබෙන්නේ උපේක්ෂාවෙන් හටගත් ඉතා සියුම් වූ සැප සහගත ස්වභාවයෙන් යුතු සඤ්ඤාවයි. ඔය ආකාරයෙනුත් ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් උපදිනවා. ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් නිරුද්ධ වෙනවා. මේ තමයි ශික්ෂාව” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

36. “පුන ච පරං පොට්ඨපාද භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා, පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා උපෙක්ඛාසුඛසුඛුමසච්චසඤ්ඤා සා නිරුජ්ඣති. අදුක්ඛමසුඛසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයේ හෝති. අදුක්ඛමසුඛසුඛුමසච්චසඤ්ඤී යේව තස්මිං සමයේ හෝති. ඒවම්පි සික්ඛා ඒකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා ඒකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවෝච.

“පින්වත් පොට්ඨපාද, නැවතත් කියනවා නම්, භික්ෂුව සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහුට කලින් යම් උපේක්ෂාවෙන් හටගත් ඉතා සියුම් වූ සැප සහගත ස්වභාවයෙන් යුතු සඤ්ඤාවක් තිබුනා නම්, ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙලාවට ඔහුට තිබෙන්නේ දුක් සැප රහිතව හටගත් ඉතා සියුම් වූ සැප සහගත ස්වභාවයෙන් යුතු සඤ්ඤාවයි. ඔය ආකාරයෙනුත් ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් උපදිනවා. ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් නිරුද්ධ වෙනවා. මේ තමයි ශික්ෂාව” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

37. “පුන ච පරං පොට්ඨපාද භික්ඛු සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තෝ ආකාසෝ’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා රූපසඤ්ඤා සා නිරුජ්ඣති. ආකාසානඤ්චායතනසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයේ හෝති. ආකාසානඤ්චායතනසුඛුමසච්චසඤ්ඤී යේව තස්මිං සමයේ හෝති. ඒවම්පි සික්ඛා ඒකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා ඒකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවෝච.

“පින්වත් පොට්ඨපාද, නැවතත් කියනවා නම්, භික්ෂුව සියලු රූප සඤ්ඤාවන් ඉක්මවා ගිහින් ගොරෝසු සඤ්ඤාවන් නැතිවීමෙන් නා නා සඤ්ඤාවන් මෙනෙහි නොකර ‘අනන්ත ආකාසය’ කියලා මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරනවා. ඔහුට කලින් යම් රූප සඤ්ඤාවක් තිබුනා නම්, ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙලාවට ඔහුට තිබෙන්නේ ආකාසානඤ්චායතන වූ ඉතා සියුම් වූ ස්වභාවයෙන් සඤ්ඤාවයි. ඔය ආකාරයෙනුත් ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් උපදිනවා. ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් නිරුද්ධ වෙනවා. මේ තමයි ශික්ෂාව” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

38. “පුන ච පරං පොට්ඨපාද භික්ඛු සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම, ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා ආකාසානඤ්චායතනසුඛුමසච්චසඤ්ඤා සා නිරුජ්ඣති. විඤ්ඤාණඤ්චායතනසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයේ හෝති. විඤ්ඤාණඤ්චායතනසුඛුමසච්චසඤ්ඤී යේව තස්මිං සමයේ හෝති. ඒවම්පි සික්ඛා ඒකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා ඒකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවෝච.

“පින්වත් පොට්ඨපාද, නැවතත් කියනවා නම්, භික්ෂුව සියලු ආකාසානඤ්චායතනය ඉක්මවා යෑමෙන් ‘අනන්ත වූ විඤ්ඤාණය’ කියලා අරූප ධ්‍යාන වැඩීමෙන් විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරනවා. ඔහුට කලින් යම් ආකාසානඤ්චායතන වූ ඉතා සියුම් වූ ස්වභාවයෙන් යුතු සඤ්ඤාවක් තිබුනා නම්, ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙලාවට ඔහුට තිබෙන්නේ විඤ්ඤාණඤ්චායතන වූ ඉතා සියුම් වූ ස්වභාවයෙන් යුතු සඤ්ඤාවයි. ඔය ආකාරයෙනුත් ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් උපදිනවා. ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් නිරුද්ධ වෙනවා. මේ තමයි ශික්ෂාව” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

39. “පුන ච පරං පොට්ඨපාද භික්ඛු සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා විඤ්ඤාණඤ්චායතනසුඛුමසච්චසඤ්ඤා සා නිරුජ්ඣති. ආකිඤ්චඤ්ඤායතනසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයේ හෝති. ආකිඤ්චඤ්ඤායතනසුඛුමසච්චසඤ්ඤී යේව තස්මිං සමයේ හෝති. ඒවම්පි සික්ඛා ඒකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා ඒකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවෝච.

“පින්වත් පොට්ඨපාද, නැවතත් කියනවා නම් භික්ෂුව සියලු විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑමෙන් ‘කිසිවක් නැත’ කියලා අරූප ධ්‍යාන වැඩීමෙන් ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරනවා. ඔහුට කලින් යම් විඤ්ඤාණඤ්චායතන වූ ඉතා සියුම් වූ ස්වභාවයෙන් යුතු සඤ්ඤාවක් තිබුනා නම්, ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙලාවට ඔහුට තිබෙන්නේ ආකිඤ්චඤ්ඤායතන වූ ඉතා සියුම් වූ ස්වභාවයෙන් යුතු සඤ්ඤාවයි. ඔය ආකාරයෙනුත් ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් උපදිනවා. ශික්ෂාවෙන් එක් සඤ්ඤාවක් නිරුද්ධ වෙනවා. මේ තමයි ශික්ෂාව” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

40. “යතෝ ඛෝ පොට්ඨපාද භික්ඛු ඉධ සකසඤ්ඤී හෝති, සෝ තතෝ අමුත්‍ර තතෝ අමුත්‍ර අනුපුබ්බේන සඤ්ඤග්ගං ඵුසති. තස්ස සඤ්ඤග්ගේ ඨිතස්ස ඒවං හෝති: ‘චේතයමානස්ස මේ පාපියෝ අචේතයමානස්ස මේ සෙය්‍යෝ. අහඤ්චේව ඛෝ පන චේතෙය්‍යං අභිසංඛරෙය්‍යං, ඉමා ච මේ සඤ්ඤා නිරුජ්ඣය්‍යෙුං, අඤ්ඤා ච ඕළාරිකා සඤ්ඤා උප්පජ්ජෙය්‍යුං. යන්නූනාහං ‘න චේව චේතෙය්‍යං න චාභිසංඛරෙය්‍ය’න්ති. සෝ න චේව චේතේති න චාභිසංඛරෝති. තස්ස අචේතයතෝ අනභිසංඛරෝතෝ තා චේව සඤ්ඤා නිරුජ්ඣන්ති. අඤ්ඤා ච ඕළාරිකා සඤ්ඤා න උප්පජ්ජන්ති. සෝ නිරෝධං ඵුසති. ඒවං ඛෝ පොට්ඨපාද අනුපුබ්බාභිසඤ්ඤානිරෝධසම්පජානසමාපත්ති හෝති.

“පින්වත් පොට්ඨපාද, යම් විටෙක භික්ෂුව මෙහි තමන්ගේ සඤ්ඤාව සහිතව ඉන්නවා. එතකොට ඔහු ඒ ඒ සඤ්ඤාවෙන් ඔබ්බට අනුපිළිවෙලින් සඤ්ඤා කෙළවර ස්පර්ශ කරනවා. ඉතින් ඒ සඤ්ඤා කෙළවරෙහි පිහිටි ඔහුට මෙහෙම හිතෙනවා. ‘චේතනාවන් පහළ කරන එක මට ළාමක දෙයක්. චේතනා පහළ නොකරන දෙය තමයි මට උතුම් වන්නේ එහෙම නම් මම චේතනා පහළ කරනවා නම්, අභිසංස්කරණ කරනවා නම් මාගේ මේ සඤ්ඤාවලුත් නිරුද්ධ වෙලා යාවි. අන්‍ය වූ ගොරෝසු සඤ්ඤාවන් උපදීවි. එනිසා මං චේතනා පහළ නොකර අභිසංස්කරණය නොකොට ඉන්න ඕන’ කියලා. ඉතින් ඔහු සිතන්නෙත් නෑ. අභිසංස්කරණ කරන්නෙත් නෑ. නොසිතා ඉන්න කොට, අභිසංස්කරණය නොකරන කොට ඔහුගේ ඒ සඤ්ඤාවන් නිරුද්ධ වෙලා යනවා. අන්‍ය වූ ගොරෝසු සඤ්ඤාවන් උපදින්නේ නැතුව යනවා. එතකොට ඔහු නිරෝධය ස්පර්ශ කරනවා. පින්වත් පොට්ඨපාද, ඔන්න ඔය විදිහටයි අනුපිළිවෙලින් අභිසඤ්ඤා නිරෝධය දැනගෙන එයට සමවදින්නේ.

41. තං කිං මඤ්ඤසි පොට්ඨපාද? අපි නු තේ ඉතෝ පුබ්බේ ඒවරූපා අනුපුබ්බාභිසඤ්ඤානිරෝධසම්පජානසමාපත්ති සුතපුබ්බා?”ති.

පින්වත් පොට්ඨපාද, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඔබ මේ විදිහේ විස්තර සහිතව අනුපිළිවෙලින් අභිසඤ්ඤා නිරෝධය දැනගෙන එයට සමවැදීම ගැන මෙයට කලින් අහලා තියෙනවාද?”

“නෝ හේතං භන්තේ. ඒවං ඛෝ අහං භන්තේ භගවතෝ භාසිතං ආජානාමි: යතෝ ඛෝ පොට්ඨපාද භික්ඛු ඉධ සකසඤ්ඤී හෝති, සෝ තතෝ අමුත්‍ර තතෝ අමුත්‍ර අනුපුබ්බේන සඤ්ඤග්ගං ඵුසති. තස්ස සඤ්ඤග්ගේ ඨිතස්ස ඒවං හෝති: ‘චේතයමානස්ස මේ පාපියෝ, අචේතයමානස්ස මේ සෙය්‍යෝ. අහඤ්චේව ඛෝ පන චේතෙය්‍යං අභිසංඛරෙය්‍යං, ඉමා ච මේ සඤ්ඤා නිරුජ්ඣය්‍යෙුං, අඤ්ඤා ච ඕළාරිකා සඤ්ඤා උප්පජ්ජෙය්‍යුං. යන්නූනාහං න චේව චේතෙය්‍යං න ච අභිසංඛරෙය්‍ය’න්ති. සෝ න චේව චේතේති. න ච අභිසංඛරෝති. තස්ස අචේතයතෝ. අනභිසංඛරෝතෝ තා චේව සඤ්ඤා නිරුජ්ඣන්ති. අඤ්ඤා ච ඕළාරිකා සඤ්ඤා න උප්පජ්ජන්ති. සෝ නිරෝධං ඵුසති. ඒවං ඛෝ පොට්ඨපාද අනුපුබ්බාභිසඤ්ඤානිරෝධසම්පජානසමාපත්ති හෝතී”ති.

“අනේ ස්වාමීනී, අහලා නෑ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් තමයි මං මේක දැනගත්තේ. ඒ කියන්නේ: ‘පින්වත් පොට්ඨපාද, යම් විටෙක භික්ෂුව මෙහි තමන්ගේ සඤ්ඤාව සහිතව ඉන්නවා. එතකොට ඔහු ඒ ඒ සඤ්ඤාවෙන් ඔබ්බට අනුපිළිවෙලින් සඤ්ඤා කෙළවර ස්පර්ශ කරනවා. ඉතින් ඒ සඤ්ඤා කෙළවරෙහි පිහිටි ඔහුට මෙහෙම හිතෙනවා. ‘චේතනාවන් පහළ කරන එක මට ළාමක දෙයක්. චේතනා පහළ නොකරන දෙය තමයි මට උතුම් වන්නේ. එහෙම නම් මම චේතනා පහළ කරනවා නම්, අභිසංස්කරණ කරනවා නම් මාගේ මේ සඤ්ඤාවලුත් නිරුද්ධ වෙලා යාවි. අන්‍ය වූ ගොරෝසු සඤ්ඤාවන් උපදීවි. එනිසා මං චේතනා පහළ නොකර අභිසංස්කරණය නොකොට ඉන්න ඕන’ කියලා. ඉතින් ඔහු සිතන්නෙත් නෑ. අභිසංස්කරණ කරන්නෙත් නෑ. නොසිතා ඉන්න කොට අභිසංස්කරණය නොකරන කොට ඔහුගේ ඒ සඤ්ඤාවන් නිරුද්ධ වෙලා යනවා. අන්‍ය වූ ගොරෝසු සඤ්ඤාවන් උපදින්නේ නැතුව යනවා. එතකොට ඔහු නිරෝධය ස්පර්ශ කරනවා. පින්වත් පොට්ඨපාද, ඔන්න ඔය විදිහටයි අනුපිළිවෙලින් අභිසඤ්ඤා නිරෝධය දැනගෙන එයට සමවදින්නේ’ කියලා.”

“ඒවං පොට්ඨපාදා”ති.

“පින්වත් පොට්ඨපාද, එහෙම තමයි.”

“ඒකඤ්ඤේව නු ඛෝ භන්තේ භගවා සඤ්ඤග්ගං පඤ්ඤපේති උදාහු පුථූ’පි සඤ්ඤග්ගේ පඤ්ඤපේතී?”ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ එකම සඤ්ඤා කෙළවරක් පණවන සේක්ද, එහෙමත් නැත්නම් විවිධ වූ සඤ්ඤා කෙළවරවල් පණවන සේක්ද?”

“ඒකම්පි ඛෝ අහං පොට්ඨපාද සඤ්ඤග්ගං පඤ්ඤපේමි. පුථූ’පි සඤ්ඤග්ගේ පඤ්ඤපේමී”ති.

“පින්වත් පොට්ඨපාද, මං එකම සඤ්ඤා කෙළවරත් පණවනවා. විවිධ වූ සඤ්ඤා කෙළවරවලුත් පණවනවා.”

“යථා කථං පන භන්තේ භගවා ඒකම්පි සඤ්ඤග්ගං පඤ්ඤපේති? පුථූ’පි සඤ්ඤග්ගේ පඤ්ඤපේතී?”ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ එකම සඤ්ඤා කෙළවරකුත් පණවන සේක් නම්, විවිධ වූ සඤ්ඤා කෙළවරවල්ද පණවන සේක් නම් එසේ පණවන්නේ කොහොමද?”

“යථා යථා ඛෝ පොට්ඨපාද නිරෝධං ඵුසති, තථා තථා’හං සඤ්ඤග්ගං පඤ්ඤපේමි. ඒවං ඛෝ අහං පොට්ඨපාද ඒකම්පි සඤ්ඤග්ගං පඤ්ඤපේමි, පුථූ’පි සඤ්ඤග්ගේ පඤ්ඤපේමී”ති.

“පින්වත් පොට්ඨපාද, යම් යම් ආකාරයකින් නිරෝධය ස්පර්ශ කරනවා නම්, මං සඤ්ඤාවේ කෙළවර පණවන්නේ ඒ ඒ ආකාරයෙනුයි.

පින්වත් පොට්ඨපාද, මං එකම සඤ්ඤා කෙළවරක් පණවන්නේත්, විවිධ වූ සඤ්ඤා කෙළවරවල් පණවන්නේ ඔය විදිහටයි.”

“සඤ්ඤා නු ඛෝ භන්තේ පඨමං උප්පජ්ජති, පච්ඡා ඤාණං? උදාහු ඤාණං පඨමං උප්පජ්ජති, පච්ඡා සඤ්ඤා? උදාහු සඤ්ඤා ච ඤාණඤ්ච අපුබ්බං අචරිමං උප්පජ්ජන්තී?”ති.

“ස්වාමීනී, ඉස්සෙල්ලාම උපදින්නේ සඤ්ඤාවද? ඊට පස්සෙද ඤාණය උපදින්නේ? එහෙම නැත්නම්, මුලින්ම ඤාණය උපදිනවාද? පස්සේ සඤ්ඤාව උපදිනවාද? එහෙමත් නැත්නම්, සඤ්ඤාවත් ඤාණයත් යන දෙකම පෙර පසු නොවී එක්වරම උපදිනවාද?”

“සඤ්ඤා ඛෝ පොට්ඨපාද පඨමං උප්පජ්ජති පච්ඡා ඤාණං. සඤ්ඤුප්පාදා ච පන ඤාණුප්පාදෝ හෝති. සෝ ඒවං පජානාති: ඉදප්පච්චයා කිර මේ ඤාණං උදපාදීති. ඉමිනා ඛෝ ඒතං පොට්ඨපාද පරියායේන වේදිතබ්බං, යථා සඤ්ඤා පඨමං උප්පජ්ජති පච්ඡා ඤාණං, සඤ්ඤුප්පාදා ච පන ඤාණුප්පාදෝ හෝතී”ති.

“පින්වත් පොට්ඨපාද, සඤ්ඤාව තමයි මුලින්ම උපදින්නේ. පස්සේ උපදින්නේ ඤාණයයි. සඤ්ඤාව ඉපදීමෙනුයි ඤාණය උපදින්නේ. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. ‘මේ මේ කරුණු ප්‍රත්‍ය කරගෙනයි මට ඤාණය ඉපදුණේ’ කියලා. පින්වත් පොට්ඨපාද, ඔය කාරණය මෙන්න මේ ක්‍රමයෙනුත් තේරුම් ගත යුතුයි. ‘යම් අයුරකින් සඤ්ඤාව පළමුව උපදිනවාද, පසුවට ඤාණය උපදිනවාද, සඤ්ඤාව ඉපදීමෙනුයි ඤාණය උපදින්නේ’ කියලා.”

“සඤ්ඤා නු ඛෝ භන්තේ පුරිසස්ස අත්තා? උදාහු අඤ්ඤා සඤ්ඤා, අඤ්ඤෝ අත්තා?”ති.

“ස්වාමීනී, සඤ්ඤාව කියන්නේ පුරුෂයාගේ ආත්මයද? එහෙම නැත්නම්, සඤ්ඤාව වෙන එකක්ද? ආත්මය වෙන එකක්ද?”

“කිං පන ත්වං පොට්ඨපාද අත්තානං පච්චේසී?”ති.

“පින්වත් පොට්ඨපාද, ඔබ ආත්මය කියලා අදහස් කළේ කුමක්ද?”

“ඕළාරිකං ඛෝ අහං භන්තේ අත්තානං පච්චේමි රූපිං චාතුම්මහාභූතිකං කබළීකාරාහාරභක්ඛන්ති”.

“ස්වාමීනී, මං ආත්මය හැටියට සළකන්නේ සතර මහා භූතයන්ගෙන් හට ගත් රූපවත් වූද, ගොරෝසු ආහාර අනුභව කරන්නා වූද, ඕළාරික ශරීරයයි.”

“ඕළාරිකෝ ච හි තේ පොට්ඨපාද අත්තා අභවිස්ස රූපී චාතුම්මහාභූතිකෝ කබළීකාරාහාරභක්ඛෝ, ඒවං සන්තං ඛෝ තේ පොට්ඨපාද අඤ්ඤා’ව සඤ්ඤා භවිස්සති, අඤ්ඤෝ අත්තා. තදමිනාපේතං පොට්ඨපාද පරියායේන වේදිතබ්බං, යථා අඤ්ඤා’ව සඤ්ඤා භවිස්සති, අඤ්ඤෝ අත්තා.

“පින්වත් පොට්ඨපාද, ඉතින් එහෙම නම් ඔබගේ ආත්මය සතර මහා භූතයන්ගෙන් හටගත් රූපවත් වූද, ගොරෝසු ආහාර අනුභව කරන්නා වූද, ඕළාරික ශරීරය නම් ඒ විදිහට සළකද්දී ඔබගේ සඤ්ඤාව වෙන දෙයක්මය. ආත්මයත් වෙන දෙයක්මය. එහෙම නම් පින්වත් පොට්ඨපාද, එය මේ විදිහට තේරුම් ගත යුතුය. ‘යම් අයුරකින් සඤ්ඤාව වෙනත් දෙයක් නම් ආත්මය තවත් දෙයක්’ කියලා.

42. තිට්ඨතේවසායං පොට්ඨපාද ඕළාරිකෝ අත්තා රූපී චාතුම්මහාභූතිකෝ කබළීකාරාහාරභක්ඛෝ. අථ ඉමස්ස පුරිසස්ස අඤ්ඤා’ව සඤ්ඤා උප්පජ්ජන්ති අඤ්ඤා’ව සඤ්ඤා නිරුජ්ඣන්ති. ඉමිනා ඛෝ ඒතං පොට්ඨපාද පරියායේන වේදිතබ්බං, යථා අඤ්ඤා’ව සඤ්ඤා භවිස්සති, අඤ්ඤෝ අත්තා”ති.

පින්වත් පොට්ඨපාද සතර මහා භූතයන්ගෙන් හටගත් රූපවත් වූද, ගොරෝසු ආහාර අනුභව කරන්නා වූද, ඕළාරික ශරීරය නම් වූ ආත්මය පසෙක තිබේවා! එසේ නමුත් පුරුෂයාට අන්‍ය වූ ම සඤ්ඤාවන් උපදිනවා. අන්‍ය වූ ම සඤ්ඤාව නිරුද්ධ වෙනවා. පින්වත් පොට්ඨපාද, එය මේ විදිහට තේරුම් ගත යුතුය. ‘යම් අයුරකින් සඤ්ඤාව වෙනත් දෙයක් නම් ආත්මය තවත් දෙයක්’ කියලා.”

“මනෝමයං ඛෝ අහං භන්තේ අත්තානං පච්චේමි සබ්බංගපච්චංගිං අහීනින්ද්‍රියන්ති”.

“එතකොට ස්වාමීනී, ආත්මය හැටියට මට සළකන්න වෙන්නේ නොපිරිහුණු ඉඳුරන් සහිත සියලු අඟපසඟ ඇති මනෝමය ශරීරයයි.”

“මනෝමයෝ ච හි තේ පොට්ඨපාද අත්තා අභවිස්ස සබ්බංගපච්චංගී අහීනින්ද්‍රියෝ, ඒවං සන්තම්පි ඛෝ තේ පොට්ඨපාද අඤ්ඤා’ව සඤ්ඤා භවිස්සති අඤ්ඤෝ අත්තා. තදමිනාපේතං පොට්ඨපාද පරියායේන වේදිතබ්බං, යථා අඤ්ඤා’ව සඤ්ඤා භවිස්සති, අඤ්ඤෝ අත්තා”.

“පින්වත් පොට්ඨපාද, ඉතින් එහෙම නම් ඔබගේ ආත්මය නොපිරිහුණු ඉඳුරන් සහිත සියලු අඟපසඟ ඇති මනෝමය ශරීරය නම් ඒ විදිහට සළකද්දී ඔබගේ සඤ්ඤාව වෙන දෙයක්මය. ආත්මයත් වෙන දෙයක්මය. එහෙම නම් පින්වත් පොට්ඨපාද, එය මේ විදිහට තේරුම් ගත යුතුය. ‘යම් අයුරකින් සඤ්ඤාව වෙනත් දෙයක් නම් ආත්මය තවත් දෙයක්’ කියලා.

“තිට්ඨතේවායං පොට්ඨපාද මනෝමයෝ අත්තා සබ්බංගපච්චංගී අහීනින්ද්‍රියෝ. අථ ඉමස්ස පුරිසස්ස අඤ්ඤා’ව සඤ්ඤා උප්පජ්ජන්ති, අඤ්ඤා’ව සඤ්ඤා නිරුජ්ඣන්ති. ඉමිනාපි ඛෝ ඒතං පොට්ඨපාද පරියායේන වේදිතබ්බං, යථා අඤ්ඤා’ව සඤ්ඤා භවිස්සති, අඤ්ඤෝ අත්තා’ති”.

පින්වත් පොට්ඨපාද, නොපිරිහුණු ඉඳුරන් සහිත සියලු අඟපසඟ ඇති මනෝමය ශරීරය නම් වූ ආත්මය පසෙක තිබේවා! එසේ නමුත් පුරුෂයාට අන්‍ය වූ ම සඤ්ඤාවන් උපදිනවා. අන්‍ය වූ ම සඤ්ඤාව නිරුද්ධ වෙනවා. පින්වත් පොට්ඨපාද, එය මේ විදිහට තේරුම්ගත යුතුය. ‘යම් අයුරකින් සඤ්ඤාව වෙනත් දෙයක් නම් ආත්මය තවත් දෙයක්’ කියලා.”

“අරූපිං ඛෝ අහං භන්තේ අත්තානං පච්චේමි සඤ්ඤාමයන්ති”.

“එතකොට ස්වාමීනී, ආත්මය හැටියට මට සළකන්න වෙන්නේ අරූපී වූ සඤ්ඤාමය ශරීරයයි.”

“අරූපී ච තේ පොට්ඨපාද අත්තා අභවිස්ස සඤ්ඤාමයෝ, ඒවං සන්තම්පි ඛෝ තේ පොට්ඨපාද අඤ්ඤා’ව සඤ්ඤා භවිස්සති, අඤ්ඤෝ අත්තා. තදමිනාපේතං පොට්ඨපාද පරියායේන වේදිතබ්බං යථා අඤ්ඤා’ව සඤ්ඤා භවිස්සති, අඤ්ඤෝ අත්තා. තිට්ඨතේවායං පොට්ඨපාද අරූපී අත්තා සඤ්ඤාමයෝ. අථ ඉමස්ස පුරිසස්ස අඤ්ඤා’ව සඤ්ඤා උප්පජ්ජන්ති, අඤ්ඤා’ව සඤ්ඤා නිරුජ්ඣන්ති. ඉමිනාපි ඛෝ ඒතං පොට්ඨපාද පරියායේන වේදිතබ්බං යථා අඤ්ඤා’ව සඤ්ඤා භවිස්සති, අඤ්ඤෝ අත්තා’ති”.

“පින්වත් පොට්ඨපාද, ඉතින් එහෙම නම් ඔබගේ ආත්මය අරූපී වූ සඤ්ඤාමය ශරීරය නම් ඒ විදිහට සළකද්දී ඔබගේ සඤ්ඤාව වෙන දෙයක්මය. ආත්මයත් වෙන දෙයක්ම ය. එහෙම නම් පින්වත් පොට්ඨපාද, එය මේ විදිහට තේරුම්ගත යුතුය. ‘යම් අයුරකින් සඤ්ඤාව වෙනත් දෙයක් නම් ආත්මය තවත් දෙයක්’ කියලා.

පින්වත් පොට්ඨපාද අරූපී වූ සඤ්ඤාමය ශරීරය නම් වූ ආත්මය පසෙක තිබේවා! එසේ නමුත් පුරුෂයාට අන්‍ය වූ ම සඤ්ඤාවන් උපදිනවා. අන්‍ය වූ ම සඤ්ඤාව නිරුද්ධ වෙනවා. පින්වත් පොට්ඨපාද, එය මේ විදිහට තේරුම්ගත යුතුය. ‘යම් අයුරකින් සඤ්ඤාව වෙනත් දෙයක් නම් ආත්මය තවත් දෙයක්’ කියලා.”

“සක්කා පනේතං භන්තේ මයා ඤාතුං ‘සඤ්ඤා පුරිසස්ස අත්තා’ති වා, ‘අඤ්ඤා සඤ්ඤා, අඤ්ඤෝ අත්තා’ති?”.

“එහෙම නම් ස්වාමීනී, සඤ්ඤාව කියන්නේ පුරුෂයාගේ ආත්මයද? නැත්නම් සඤ්ඤාව වෙනත් දෙයක්ද? ආත්මය වෙනත් දෙයක්ද? යන කරුණ මට අවබෝධ කරන්නට පුළුවන් වේවිද?”

“දුජ්ජානං ඛෝ ඒතං පොට්ඨපාද තයා අඤ්ඤදිට්ඨිකේන අඤ්ඤඛන්තිකේන අඤ්ඤරුචිකේන අඤ්ඤත්‍රායෝගේන අඤ්ඤත්‍රාචරියකේන ‘සඤ්ඤා පුරිසස්ස අත්තා’ති වා, ‘අඤ්ඤා සඤ්ඤා, අඤ්ඤෝ අත්තා’ති වා”ති.

“පින්වත් පොට්ඨපාද, ‘සඤ්ඤාව කියන්නේ පුරුෂයාගේ ආත්මයද? නැත්නම් සඤ්ඤාව වෙනත් දෙයක්ද? ආත්මය වෙනත් දෙයක්ද?’ යන කරුණ අන්‍ය දෘෂ්ටික වූ, අන්‍ය ලබ්ධික වූ, අන්‍ය මතයක් රුචි කරන, අන්‍ය ප්‍රතිපත්තියක සිටින, අන්‍ය වූ ආචාර්යවරයෙකු වන ඔබට අවබෝධ කිරීම දුෂ්කර දෙයක්.”

“සචේ තං භන්තේ මයා දුජ්ජානං අඤ්ඤදිට්ඨිකේන අඤ්ඤඛන්තිකේන අඤ්ඤරුචිකේන අඤ්ඤත්‍රායෝගේන අඤ්ඤත්‍රාචරියකේන ‘සඤ්ඤා පුරිසස්ස අත්තා’ති වා, ‘අඤ්ඤා සඤ්ඤා, අඤ්ඤෝ අත්තා’ති වා. කිං පන භන්තේ සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති?”.

“ස්වාමීනී, අන්‍ය දෘෂ්ටික වූ, අන්‍ය ලබ්ධික වූ, අන්‍ය මතයක් රුචි කරන, අන්‍ය ප්‍රතිපත්තියක සිටින, අන්‍ය වූ ආචාර්යවරයෙකු වන මට ‘සඤ්ඤාව කියන්නේ පුරුෂයාගේ ආත්මයද? නැත්නම් සඤ්ඤාව වෙනත් දෙයක්ද? ආත්මය වෙනත් දෙයක්ද?’ යන කරුණ අවබෝධ කිරීම දුෂ්කර දෙයක් නම් ස්වාමීනී, එහෙම නම් මේ ලෝකය සදාකාලිකයි යන මේ කාරණා නේද සත්‍යය? අනෙක් මතවාද හිස් නේද?”

“අබ්‍යාකතං ඛෝ ඒතං පොට්ඨපාද මයා: සස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති”.

“පින්වත් පොට්ඨපාද, ලෝකය සදාකාලිකයි යන මෙය තමයි ඇත්ත, අනෙක් මතවාද හිස් කියන කරුණ මා විසින් ප්‍රකාශ නොකළ දෙයක්.”

“කිං පන භන්තේ අසස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති?”.

“එහෙම නම් ස්වාමීනී, ලෝකය සදාකාලික නැත යන මේ කාරණා නේද සත්‍යය? අනෙක් මතවාද හිස් නේද?”

“ඒතම්පි ඛෝ පොට්ඨපාද මයා අබ්‍යාකතං අසස්සතෝ ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති”.

“පින්වත් පොට්ඨපාද, ලෝකය සදාකාලික නැත යන මෙය තමයි ඇත්ත, අනෙක් මතවාද හිස් කියන කරුණත් මා විසින් ප්‍රකාශ නොකළ දෙයක්.”

“කිං පන භන්තේ අන්තවා ලෝකෝ. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති?”.

“එහෙම නම් ස්වාමීනී, ලෝකය අන්තවත්ය යන මේ කාරණා නේද සත්‍යය? අනෙක් මතවාද හිස් නේද?”

“ඒතම්පි ඛෝ පොට්ඨපාද මයා අබ්‍යාකතං අන්තවා ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති”.

“පින්වත් පොට්ඨපාද, ලෝකය අන්තවත්ය යන මෙය තමයි ඇත්ත, අනෙක් මතවාද හිස් කියන කරුණත් මා විසින් ප්‍රකාශ නොකළ දෙයක්.”

“කිං පන භන්තේ අනන්තවා ලෝකෝ. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති?”.

“එහෙම නම් ස්වාමීනී, ලෝකය අනන්තවත්ය යන මේ කාරණා නේද සත්‍යය? අනෙක් මතවාද හිස් නේද?”

“ඒතම්පි ඛෝ පොට්ඨපාද මයා අබ්‍යාකතං අනන්තවා ලෝකෝ ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති”.

“පින්වත් පොට්ඨපාද, ලෝකය අනන්තවත්ය යන මෙය තමයි ඇත්ත, අනෙක් මතවාද හිස් කියන කරුණත් මා විසින් ප්‍රකාශ නොකළ දෙයක්.”

“කිං පන භන්තේ තං ජීවං තං සරීරං. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති?”.

“එහෙම නම් ස්වාමීනී, ‘ජීවයත් එයමයි, ශරීරයත් එයමයි’ යන මේ කාරණා නේද සත්‍යය? අනෙක් මතවාද හිස් නේද?”

“ඒතම්පි ඛෝ පොට්ඨපාද මයා අබ්‍යාකතං තං ජීවං තං සරීරං. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති”.

“පින්වත් පොට්ඨපාද, ‘ජීවයත් එයමයි, ශරීරයත් එයමයි’ යන මෙය තමයි ඇත්ත, අනෙක් මතවාද හිස් කියන කරුණත් මා විසින් ප්‍රකාශ නොකළ දෙයක්.”

“කිං පන භන්තේ අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති?”.

“එහෙම නම් ස්වාමීනී, ‘ජීවය අනෙකකි. ශරීරයත් තවත් දෙයකි’ යන මේ කාරණා නේද සත්‍යය? අනෙක් මතවාද හිස් නේද?”

“ඒතම්පි ඛෝ පොට්ඨපාද මයා අබ්‍යාකතං අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති”.

“පින්වත් පොට්ඨපාද, ‘ජීවය අනෙකකි. ශරීරයත් තවත් දෙයකි’ යන මෙය තමයි ඇත්ත, අනෙක් මතවාද හිස් කියන කරුණත් මා විසින් ප්‍රකාශ නොකළ දෙයක්.”

“කිං පන භන්තේ හෝති තථාගතෝ පරම්මරණා. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති?”.

“එහෙම නම් ස්වාමීනී, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිති’ යන මේ කාරණා නේද සත්‍යය? අනෙක් මතවාද හිස් නේද?”

“ඒතම්පි ඛෝ පොට්ඨපාද මයා අබ්‍යාකතං හෝති තථාගතෝ පරම්මරණා. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති”.

“පින්වත් පොට්ඨපාද, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිති’ යන මෙය තමයි ඇත්ත, අනෙක් මතවාද හිස් කියන කරුණත් මා විසින් ප්‍රකාශ නොකළ දෙයක්.”

“කිං පන භන්තේ න හෝති තථාගතෝ පරම්මරණා. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති?”.

“එහෙම නම් ස්වාමීනී, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු නොසිටිති’ යන මේ කාරණා නේද සත්‍යය? අනෙක් මතවාද හිස් නේද?”

“ඒතම්පි ඛෝ පොට්ඨපාද මයා අබ්‍යාකතං න හෝති තථාගතෝ පරම්මරණා. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති”.

“පින්වත් පොට්ඨපාද, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු නොසිටිති’ යන මෙය තමයි ඇත්ත, අනෙක් මතවාද හිස් කියන කරුණත් මා විසින් ප්‍රකාශ නොකළ දෙයක්.”

“කිං පන භන්තේ හෝති ච න හෝති ච තථාගතෝ පරම්මරණා. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති?”.

“එහෙම නම් ස්වාමීනී, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවා මෙන්ම, නොසිටිනවා’ යම් යන මේ කාරණා නේද සත්‍යය? අනෙක් මතවාද හිස් නේද?”

“ඒතම්පි ඛෝ පොට්ඨපාද මයා අබ්‍යාකතං හෝති ච න හෝති ච තථාගතෝ පරම්මරණා. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති”.

“පින්වත් පොට්ඨපාද, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවා මෙන්ම, නොසිටිනවාය’ යන මෙය තමයි ඇත්ත, අනෙක් මතවාද හිස් කියන කරුණත් මා විසින් ප්‍රකාශ නොකළ දෙයක්.”

“කිං පන භන්තේ නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණා. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති?”.

“එහෙම නම් ස්වාමීනී, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත’ යන මේ කාරණා නේද සත්‍යය? අනෙක් මතවාද හිස් නේද?”

“ඒතම්පි ඛෝ පොට්ඨපාද මයා අබ්‍යාකතං නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණා. ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති”.

“පින්වත් පොට්ඨපාද, ‘තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත’ යන මෙය තමයි ඇත්ත, අනෙක් මතවාද හිස් කියන කරුණත් මා විසින් ප්‍රකාශ නොකළ දෙයක්.”

කස්මා පනේතං භන්තේ භගවතා අබ්‍යාකතන්ති?

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ නොවිසඳන ලද්දේ කවර හේතුවක් නිසාද?”

න හේතං පොට්ඨපාද අත්ථසංහිතං න ධම්මසංහිතං නාදිබ්‍රහ්මචරියකං න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති. තස්මා තං මයා අබ්‍යාකතන්ති.

“පින්වත් පොට්ඨපාද, ඔය දෙය අර්ථවත් දෙයක් නොවෙයි. ධර්මානුකූල දෙයකුත් නොවෙයි. නිවන් මගට මුල්වන දෙයකුත් නොවෙයි. අවබෝධයෙන් කළකිරෙන දෙයකුත් නොවෙයි. විරාගය පිණිස පවතින දෙයකුත් නොවෙයි. තණ්හාව නිරුද්ධවීම පිණිස පවතින දෙයකුත් නොවෙයි. සංසිඳීම පිණිස පවතින දෙයකුත් නොවෙයි. විශේෂ නුවණ පිණිස පවතින දෙයකුත් නොවෙයි. සත්‍යාවබෝධය පිණිස පවතින දෙයකුත් නොවෙයි. නිවන පිණිස පවතින දෙයකුත් නොවෙයි. ඒ නිසයි ඔය දෙයට මා පිළිතුරු නොදෙන්නේ.

“කිං පන භන්තේ භගවතා බ්‍යාකත”න්ති?

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළේ කවර කරුණක් ද?”

“ඉදං දුක්ඛ’න්ති ඛෝ පොට්ඨපාද මයා බ්‍යාකතං. ‘අයං දුක්ඛසමුදයෝ’ති ඛෝ පොට්ඨපාද මයා බ්‍යාකතං. ‘අයං දුක්ඛනිරෝධෝ’ති ඛෝ පොට්ඨපාද මයා බ්‍යාකතං. ‘අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ති ඛෝ පොට්ඨපාද මයා බ්‍යාකතන්ති”.

“පින්වත් පොට්ඨපාද, ‘මෙය තමයි දුක’ කියලා මා පැහැදිලි කරලා තියෙනවා. පින්වත් පොට්ඨපාද, ‘මෙය තමයි දුකේ හටගැනීම’ කියලා මා පැහැදිලි කරලා තියෙනවා. පින්වත් පොට්ඨපාද, ‘මෙය තමයි දුක නිරුද්ධ වීම’ කියලා මා පැහැදිලි කරලා තියෙනවා. පින්වත් පොට්ඨපාද, ‘මෙය තමයි දුක නිරුද්ධ වීම’ පිණිස පවතින ප්‍රතිපදාව කියලා මා පැහැදිලි කරලා තියෙනවා.”

“කස්මා පනේතං භන්තේ භගවතා බ්‍යාකතන්ති?”.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය කාරණය පැහැදිලි කොට වදාළේ කවර කරුණක් නිසාද?”

“ඒතං හි පොට්ඨපාද අත්ථසංහිතං ඒතං ධම්මසංහිතං ඒතං ආදිබ්‍රහ්මචරියකං. ඒතං නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. තස්මා ඒතං මයා බ්‍යාකතන්ති”.

“පින්වත් පොට්ඨපාද, ඔය කරුණ අර්ථවත් දෙයක්. ධර්මානුකූල දෙයක්. නිවන් මගට මුල්වන දෙයක්. අවබෝධයෙන් කළකිරෙන දෙයක්. විරාගය පිණිස පවතින දෙයක්. තණ්හාව නිරුද්ධවීම පිණිස පවතින දෙයක්. සංසිඳීම පිණිස පවතින දෙයක්. විශේෂ නුවණ පිණිස පවතින දෙයක්. සත්‍යාවබෝධය පිණිස පවතින දෙයක්. නිවන පිණිස පවතින දෙයක්. ඒ නිසයි ඔය දෙය මා පැහැදිලි කරන්නේ.”

“ඒවමේතං භගවා, ඒවමේතං සුගත, යස්සදානි භන්තේ භගවා කාලං මඤ්ඤතී”ති.

“භාග්‍යවතුන් වහන්ස, එය එසේමයි. සුගතයන් වහන්ස, එය එසේමයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යම් පිණ්ඩපාත ගමනට කල් එළඹි වග හඟිනා සේක් නම් දැන් එයට කාලයයි.”

අථ ඛෝ භගවා උට්ඨායාසනා පක්කාමි.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ අසුනෙන් නැගිට සැවැත් නුවර දෙසට නික්ම වදාළා.

43. අථ ඛෝ තේ පරිබ්බාජකා අචිරපක්කන්තස්ස භගවතෝ පොට්ඨපාදං පරිබ්බාජකං සමන්තතෝ වාචා සත්තිතෝදකේන සඤ්ජම්භරිං අකංසු: “ඒවමේව පනායං භවං පොට්ඨපාදෝ යඤ්ඤදේව සමණෝ ගෝතමෝ භාසති තං තදේවස්ස අබ්භනුමෝදති. ‘ඒවමේතං භගවා, ඒවමේතං සුගතා’ති. න ඛෝ පන මයං කිඤ්චි සමණස්ස ගෝතමස්ස ඒකංසිකං, ධම්මං දේසිතං ආජානාම: ‘සස්සතෝ ලෝකෝ’ති වා ‘අසස්සතෝ ලෝකෝ’ති වා, ‘අන්තවා ලෝකෝ’ති වා, ‘අනන්තවා ලෝකෝ’ති වා, ‘තං ජීවං තං සරීර’න්ති වා, ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා, ‘හෝති තථාගතෝ පරං මරණා’ති වා, ‘න හෝති තථාගතෝ පරං මරණා’ති වා, ‘හෝති ච න ච හෝති තථාගතෝ පරං මරණා’ති වා, ‘නේව හෝති න න හෝති තථාගතෝ පරං මරණා’ති වා”ති.

භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් ඒ පිරිවැජියන් පොට්ඨපාද පිරිවැජියාව වට කරගෙන නපුරු වචන නැමැති ආයුධවලින් පහර දුන්නා. “ශ්‍රමණ ගෞතමයා, කියන්නේ මොකක්ද? ඒ කියන කියන එක ‘භාග්‍යවතුන් වහන්ස, එය එසේමයි. සුගතයන් වහන්ස, එය එසේමයි’ කියලා මෙයා අනුමෝදන් වුනා. ඒ වුනාට අපි නම් “ලෝකය ශාස්වතයි කියන කරුණ හෝ, ලෝකය අශාස්වතයි කියන කරුණ හෝ ලෝකය අන්තවත්ය කියන කරුණ හෝ ලෝකය අනන්තවත්ය කියන කරුණ හෝ ජීවයත් ඒකමයි ශරීරයත් ඒකමයි කියන කරුණ හෝ ජීවය තව එකක් ශරීරය වෙනත් එකක් කියන කරුණ හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවා කියන කරුණ හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු නැත කියන කරුණ හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවා මෙන්ම නැත කියන කරුණ හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියන කරුණ හෝ අරභයා ඔය ශ්‍රමණ ගෞතමයා එක දෙයක් ඉලක්ක කොට දෙසූ ධර්මයක් ගැන දන්නේ නෑ.”

44. ඒවං වුත්තේ පොට්ඨපාදෝ පරිබ්බාජකෝ තේ පරිබ්බාජකේ ඒතදවෝච: “අහම්පි ඛෝ භෝ න කිඤ්චි සමණස්ස ගෝතමස්ස ඒකංසිකං ධම්මං දේසිතං ආජානාමි: ‘සස්සතෝ ලෝකෝ’ති වා, ‘අසස්සතෝ ලෝකෝ’ති වා ….(පෙ)…. ‘නේව හෝති න න හෝති තථාගතෝ පරං මරණා’ති වා. අපි ච සමණෝ ගෝතමෝ භූතං තච්ඡං තථං පටිපදං පඤ්ඤපේති ධම්මට්ඨිතං ධම්මනියාමකං. භූතං ඛෝ පන තච්ඡං තථං පටිපදං පඤ්ඤාපෙන්තස්ස ධම්මට්ඨිතං ධම්මනියාමකං. කථං හි නාම මාදිසෝ විඤ්ඤූ සමණස්ස ගෝතමස්ස සුභාසිතං සුභාසිතතෝ නාබ්භනුමෝදෙය්‍යා”?ති.

මෙසේ කී විට පොට්ඨපාද පිරිවැජියා ඒ පිරිවැජියන්ට මෙහෙම කිව්වා. “භවත්නි, මම වුනත් ‘ලෝකය ශාස්වතයි කියන කරුණ හෝ, ලෝකය අශාස්වතයි කියන කරුණ හෝ ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියන කරුණ හෝ. අරභයා ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එක දෙයක් ඉලක්ක කොට දෙසූ ධර්මයක් ගැන දන්නේ නෑ තමයි. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තිබෙන්නා වූ ම ඇත්ත පෙනි පෙනී එබඳු වූ ම ප්‍රතිපදාවක් ධර්මය පිහිටුවන පරිදි, ධර්මය උපදවන පරිදි හරි ලස්සනට පහදලා දෙද්දී මං වගේ නුවණැති මනුෂ්‍යයෙක් ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ සුභාෂිතය සුභාෂිතයක් වශයෙන්ම අනුමෝදන් නොවී ඉන්නේ කොහොමද?”

45. අථ ඛෝ ද්වීහතීහස්ස අච්චයේන චිත්තෝ ච හත්ථිසාරිපුත්තෝ පොට්ඨපාදෝ ච පරිබ්බාජකෝ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා චිත්තෝ හත්ථිසාරිපුත්තෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. පොට්ඨපාදෝ පන පරිබ්බාජකෝ භගවතා සද්ධිං සම්මෝදි සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ පොට්ඨපාදෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: තදා මං භන්තේ තේ පරිබ්බාජකා අචිරපක්කන්තස්ස භගවතෝ සමන්තතෝ වාචාසත්තිතෝදකේන සඤ්ජම්භරිං අකංසු: ඒවමේව පනායං භවං පොට්ඨපාදෝ යඤ්ඤදේව සමණෝ ගෝතමෝ භාසති, තං තදේවස්ස අබ්භනුමෝදති ‘ඒවමේතං භගවා, ඒවමේතං සුගතා’ති. න ඛෝ පන මයං කිඤ්චි සමණස්ස ගෝතමස්ස ඒකංසිකං ධම්මං දේසිතං ආජානාම: ‘සස්සතෝ ලෝකෝ’ති වා, ‘අසස්සතෝ ලෝකෝ’ති වා, ‘අන්තවා ලෝකෝ’ති වා, ‘අනන්තවා ලෝකෝ’ති වා, ‘තං ජීවං තං සරීර’න්ති වා, ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා, ‘හෝති තථාගතෝ පරං මරණා’ති වා, ‘න හෝති තථාගතෝ පරං මරණා’ති වා, ‘හෝති ච න ච හෝති තථාගතෝ පරං මරණා’ති වා, ‘නේව හෝති න න හෝති තථාගතෝ පරං මරණා’ති වා ති.

ඊට දෙතුන් දිනකට පස්සේ හත්ථිසාරිපුත්ත චිත්ත නැමැති කෙනාත්, පොට්ඨපාද පිරිවැජියාත් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා හත්ථිසාරිපුත්ත චිත්ත භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. පොට්ඨපාද පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩිවුන පොට්ඨපාද පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “එදා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් ඒ පිරිවැජියන් මාව වට කරගෙන නපුරු වචන නැමැති අවි ආයුධවලින් මට අනින්න පටන් ගත්තා නෙව. ‘ශ්‍රමණ ගෞතමයා, කියන්නේ මොකක්ද? ඒ කියන කියන එක භාග්‍යවතුන් වහන්ස, එය එසේමයි. සුගතයන් වහන්ස, එය එසේමයි’ කියලා මෙයා අනුමෝදන් වුනා. ඒ වුනාට අපි නම් ලෝකය ශාස්වතයි කියන කරුණ හෝ ලෝකය අශාස්වතයි කියන කරුණ හෝ ලෝකය අන්තවත්ය කියන කරුණ හෝ ලෝකය අනන්තවත්ය කියන කරුණ හෝ ජීවයත් ඒකමයි ශරීරයත් ඒකමයි කියන කරුණ හෝ ජීවය තව එකක් ශරීරය වෙනත් එකක් කියන කරුණ හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවා කියන කරුණ හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු නැත කියන කරුණ හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවා මෙන්ම නැත කියන කරුණ හෝ තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියන කරුණ හෝ අරභයා ඔය ශ්‍රමණ ගෞතමයා එක දෙයක් ඉලක්ක කොට දෙසූ ධර්මයක් ගැන දන්නේ නෑ’ කියලා.

46. ඒවං වුත්තෝ’හං භන්තේ තේ පරිබ්බාජකේ ඒතදවෝචං: “අහම්පි ඛෝ භෝ න කිඤ්චි සමණස්ස ගෝතමස්ස ඒකංසිකං ධම්මං දේසිතං ආජානාමි ‘සස්සතෝ ලෝකෝ’ති වා, ‘අසස්සතෝ ලෝකෝ’ති වා ….(පෙ)…. ‘නේව හෝති න න හෝති තථාගතෝ පරං මරණා’ති වා. අපි ච සමණෝ ගෝතමෝ භූතං තච්ඡං තථං පටිපදං පඤ්ඤපේති ධම්මට්ඨිතං ධම්මනියාමකං භූතං ඛෝ පන තච්ඡං තථං පටිපදං පඤ්ඤාපෙන්තස්ස ධම්මට්ඨිතං ධම්මනියාමකං. කථං හි නාම මාදිසෝ විඤ්ඤූ සමණස්ස ගෝතමස්ස සුභාසිතං සුභාසිතතෝ නාබ්භනුමෝදෙය්‍යා?”ති.

ස්වාමීනී, එහෙම කිව්වහම ඒ පිරිවැජියන්ට මං මෙහෙම කිව්වා. ‘භවත්නි, මම වුනත් ලෝකය ශාස්වතයි කියන කරුණ හෝ ලෝකය අශාස්වතයි කියන කරුණ හෝ ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියන කරුණ හෝ අරභයා ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එක දෙයක් ඉලක්ක කොට දෙසූ ධර්මයක් ගැන දන්නේ නෑ තමයි. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තිබෙන්නා වූ ම ඇත්ත පෙනි පෙනී එබඳු වූ ම ප්‍රතිපදාවක් ධර්මය පිහිටුවන පරිදි, ධර්මය උපදවන පරිදි හරි ලස්සනට පහදලා දෙද්දී මං වගේ නුවණැති මනුෂ්‍යයෙක් ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ සුභාෂිතය සුභාෂිතයක් වශයෙන්ම අනුමෝදන් නොවී ඉන්නේ කොහොමද?’ කියලා.”

සබ්බේව ඛෝ ඒතේ පොට්ඨපාද පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා. ත්වං යේව නේසං ඒකෝ චක්ඛුමා. ඒකංසිකා’පි හි ඛෝ පොට්ඨපාද මයා ධම්මා දේසිතා පඤ්ඤත්තා. අනේකංසිකා’පි හි ඛෝ පොට්ඨපාද මයා ධම්මා දේසිතා පඤ්ඤත්තා.

“පින්වත් පොට්ඨපාද, ඔය ඔක්කෝම පිරිවැජියන් අන්ධයි. ඔවුන්ට නුවණැස නෑ. ඔවුන් අතරේ ඇස් ඇති එකම කෙනා ඔබ විතරයි. පින්වත් පොට්ඨපාද, මා එකම දෙයක් අරමුණු කරගෙනත් ධර්මය දේශනා කරලා තියෙනවා. පණවලා තියෙනවා. පින්වත් පොට්ඨපාද, මා අනේක අරමුණු මතත් ධර්මය දේශනා කරලා තියෙනවා. පණවලා තියෙනවා.

47. කතමේ ච තේ පොට්ඨපාද මයා අනේකංසිකා ධම්මා දේසිතා පඤ්ඤත්තා? ‘සස්සතෝ ලෝකෝ’ති වා ඛෝ පොට්ඨපාද මයා අනේකංසිකෝ ධම්මෝ දේසිතෝ පඤ්ඤත්තෝ. ‘අසස්සතෝ ලෝකෝ’ති වා ඛෝ පොට්ඨපාද මයා අනේකංසිකෝ ධම්මෝ දේසිතෝ පඤ්ඤත්තෝ. ‘අන්තවා ලෝකෝ’ති වා ඛෝ පොට්ඨපාද ….(පෙ)…. ‘අනන්තවා ලෝකෝ’ති වා ඛෝ පොට්ඨපාද ….(පෙ)…. ‘තං ජීවං තං සරීර’න්ති වා ඛෝ පොට්ඨපාද ….(පෙ)…. ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා ඛෝ පොට්ඨපාද ….(පෙ)…. ‘හෝති තථාගතෝ පරං මරණා’ති වා ඛෝ පොට්ඨපාද ….(පෙ)…. ‘න හෝති තථාගතෝ පරං මරණා’ති වා ඛෝ පොට්ඨපාද ….(පෙ)…. ‘හෝති ච න ච හෝති තථාගතෝ පරං මරණා’ති වා ඛෝ පොට්ඨපාද ….(පෙ)…. ‘නේව හෝති න න හෝති තථාගතෝ පරං මරණා’ති වා ඛෝ පොට්ඨපාද මයා අනේකංසිකෝ ධම්මෝ දේසිතෝ පඤ්ඤත්තෝ.

පින්වත් පොට්ඨපාද, අනේක අරමුණු ඇතිව මා දේශනා කොට තියෙන්නේ කවර ධර්මයක්ද? පින්වත් පොට්ඨපාද, ලෝකය ශාස්වතය යන කරුණ ගැන වේවා මා අනේක අරමුණු ඇතිව දහම් දෙසා තියෙනවා. පණවලා තියෙනවා. පින්වත් පොට්ඨපාද, ලෝකය අශාස්වතය යන කරුණ ගැන වේවා මා අනේක අරමුණු ඇතිව දහම් දෙසා තියෙනවා. පණවලා තියෙනවා. පින්වත් පොට්ඨපාද, ලෝකය අන්තවත්ය ….(පෙ)…. පින්වත් පොට්ඨපාද, ලෝකය අනන්තවත්ය ….(පෙ)…. පින්වත් පොට්ඨපාද, එයමයි ජීවය එයමයි ශරීරය ….(පෙ)…. පින්වත් පොට්ඨපාද, ජීවය අනෙකකි ශරීරය තව දෙයකි ….(පෙ)…. පින්වත් පොට්ඨපාද, තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවා ….(පෙ)…. පින්වත් පොට්ඨපාද, තථාගතයන් වහන්සේ මරණින් මතු නැත ….(පෙ)…. පින්වත් පොට්ඨපාද, තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවා මෙන්ම නැත ….(පෙ)…. පින්වත් පොට්ඨපාද, තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත යන කරුණ ගැන වේවා මා අනේක අරමුණු ඇතිව දහම් දෙසා තියෙනවා. පණවලා තියෙනවා.

කස්මා ච තේ පොට්ඨපාද මයා අනේකංසිකා ධම්මා දේසිතා පඤ්ඤත්තා? න හේතේ පොට්ඨපාද අත්ථසංහිතා න ධම්මසංහිතා න ආදිබ්‍රහ්මචරියකා න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තන්ති. තස්මා තේ මයා අනේකංසිකා ධම්මා දේසිතා පඤ්ඤත්තා.

පින්වත් පොට්ඨපාද, මා විවිධ කරුණු ඔස්සේ දහම් දෙසා තිබෙන්නේ, පණවා තිබෙන්නේත් මක් නිසාද? පින්වත් පොට්ඨපාද, ඔය කියන ලද දෘෂ්ටීන්වල කිසි අර්ථයක් නෑ. ධර්මානුකූලභවක් නෑ. නිවනට මුල් වන්නේ නෑ. අවබෝධයෙන් කළකිරෙන්නේ නෑ. විරාගය පිණිස පවතින්නේ නෑ. නිරෝධය පිණිස පවතින්නේ නෑ. සංසිඳීම පිණිස පවතින්නේ නෑ. විශේෂ ඤාණය පිණිස පවතින්නේ නෑ. ආර්ය සත්‍යාවබෝධය පිණිස පවතින්නේ නෑ. නිවන පිණිස පවතින්නේ නෑ. ඒ නිසරුකම පහදා දීම පිණිසයි මා විවිධ කරුණු ඔස්සේ දහම් දෙසා තියෙන්නේ. පණවලා තියෙන්නේ.

48. කතමේ ච තේ පොට්ඨපාද මයා ඒකංසිකා ධම්මා දේසිතා පඤ්ඤත්තා? ‘ඉදං දුක්ඛ’න්ති ඛෝ පොට්ඨපාද මයා ඒකංසිකෝ ධම්මෝ දේසිතෝ පඤ්ඤත්තෝ. ‘අයං දුක්ඛසමුදයෝ’ති ඛෝ පොට්ඨපාද මයා ඒකංසිකෝ ධම්මෝ දේසිතෝ පඤ්ඤත්තෝ. ‘අයං දුක්ඛනිරෝධෝ’ති ඛෝ පොට්ඨපාද මයා ඒකංසිකෝ ධම්මෝ දේසිතෝ පඤ්ඤත්තෝ. ‘අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ති ඛෝ පොට්ඨපාද මයා ඒකංසිකෝ ධම්මෝ දේසිතෝ පඤ්ඤත්තෝ.

පින්වත් පොට්ඨපාද, මා විසින් එකම අරමුණක් මත දේශනා කොට තියෙන, පණවා තියෙන ධර්මය කුමක්ද? පින්වත් පොට්ඨපාද, මා විසින් එකම අරමුණක් මත දේශනා කොට තියෙන්නේ, පණවා තියෙන්නේ ‘මෙය දුකකි’ යන ධර්මයයි. පින්වත් පොට්ඨපාද, මා විසින් එකම අරමුණක් මත දේශනා කොට තියෙන්නේ, පණවා තියෙන්නේ ‘මෙය දුකේ හටගැනීමයි’ යන ධර්මයයි. පින්වත් පොට්ඨපාද, මා විසින් එකම අරමුණක් මත දේශනා කොට තියෙන්නේ, පණවා තියෙන්නේ ‘මෙය දුක නිරුද්ධ වීමයි’ යන ධර්මයයි. පින්වත් පොට්ඨපාද, මා විසින් එකම අරමුණක් මත දේශනා කොට තියෙන්නේ, පණවා තියෙන්නේ ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාවයි’ යන ධර්මයයි.”

කස්මා ච තේ පොට්ඨපාද මයා ඒකංසිකා ධම්මා දේසිතා පඤ්ඤත්තා? ඒතේ පොට්ඨපාද අත්ථසංහිතා, ඒතේ ධම්මසංහිතා, ඒතේ ආදිබ්‍රහ්මචරියකා, ඒතේ නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. තස්මා තේ මයා ඒකංසිකා ධම්මා දේසිතා පඤ්ඤත්තා.

පින්වත් පොට්ඨපාද, මා එකම කරුණක් ඔස්සේ දහම් දෙසා තිබෙන්නේ, පණවා තිබෙන්නේත් මක් නිසාද? පින්වත් පොට්ඨපාද, ඔය කියන ලද චතුරාර්ය සත්‍ය ධර්මය අර්ථ සහිතයි. ධර්මානුකූලයි. නිවනට මුල් වෙනවා. අවබෝධයෙන් කළකිරෙනවා. විරාගය පිණිස පවතිනවා. නිරෝධය පිණිස පවතිනවා. සංසිඳීම පිණිස පවතිනවා. විශේෂ ඤාණය පිණිස පවතිනවා. ආර්ය සත්‍යාවබෝධය පිණිස පවතිනවා. නිවන පිණිස පවතිනවා. ඒ වටිනාකම පහදා දීම පිණිසයි මා එකම කරුණක් ඔස්සේ දහම් දෙසා තියෙන්නේ. පණවලා තියෙන්නේ.

49. සන්ති ඛෝ පොට්ඨපාද ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ‘ඒකන්තසුඛී අත්තා හෝති. අරෝගෝ පරම්මරණා’ති. ත්‍යාහං උපසංකමිත්වා ඒවං වදාමි: ‘සච්චං කිර තුම්හේ ආයස්මන්තෝ ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘ඒකන්තසුඛී අත්තා හෝති, අරෝගෝ පරම්මරණා’ති? තේ චේ මේ ඒවං පුට්ඨා ‘ආමා’ති පටිජානන්ති, ත්‍යාහං ඒවං වදාමි: ‘අපි පන තුම්හේ ආයස්මන්තෝ ඒකන්තසුඛං ලෝකං ජානං පස්සං විහරථා’ති? ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති. ත්‍යාහං ඒවං වදාමි: ‘අපි පන තුම්හේ ආයස්මන්තෝ ඒකං වා රත්තිං ඒකං වා දිවසං උපඩ්ඪං වා රත්තිං උපඩ්ඪං වා දිවසං ඒකන්තසුඛිං අත්තානං සම්පජානාථා?’ති. ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති, ත්‍යාහං ඒවං වදාමි: ‘අපි පන තුම්හේ ආයස්මන්තෝ ජානාථ: ‘අයං මග්ගෝ අයං පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායා?’ති. ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති. ත්‍යාහං ඒවං වදාමි: ‘අපි පන තුම්හේ ආයස්මන්තෝ යා තා දේවතා ඒකන්තසුඛං ලෝකං උපපන්නා, තාසං භාසමානානං සද්දං සුණාථ: ‘සුපටිපන්නාත්ථ මාරිසා, උජුපටිපන්නාත්ථ මාරිසා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියාය. මයම්පි හි මාරිසා ඒවම්පටිපන්නා ඒකන්තසුඛං ලෝකං උපපන්නා’ති? ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති.

පින්වත් පොට්ඨපාද, මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ “මරණින් මතු ආරෝග්‍ය වූ ඒකාන්ත සැපවත් වූ ආත්මයක් තියෙනවා” කියලා. මං ඔවුන් ළඟට ගිහින් මෙහෙම අහනවා. “හැබෑද ආයුෂ්මතුනි, ‘මරණින් මතු ආරෝග්‍ය වූ ඒකාන්ත සැපවත් වූ ආත්මයක් තියෙනවා’ කියන මෙබඳු දෘෂ්ටි ඇති, මෙබඳු වාද ඇති දෙයක් ඔබ කියනවා කියන්නේ?” එතකොට මෙසේ අසන මා හට ඔවුන් “එසේය” කියලා පිළිතුරු දෙනවා. එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඔබ ඒකාන්ත සැප ඇති ලෝකය මේකයි කියලා දැනගෙන, දැකගෙනද වාසය කරන්නේ?” එසේ ඇසූ විට ඔවුන් “නැත” කියලා පිළිතුරු දෙනවා. එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඔබ එක රාත්‍රියක් හෝ එක දහවලක් හෝ අඩ රැයක් හෝ අඩ දහවලක් හෝ ඒකාන්ත සැපවත්ව තියෙන ආත්මයක් ගැන දන්නවාද?” එසේ ඇසූ විටත් ඔවුන් පිළිතුරු දෙන්නේ “නැත” කියලයි. එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඔබ දන්නවාද ඒකාන්ත සැප ඇති ලෝකය සාක්ෂාත් කිරීම පිණිස පවතින්නේ මේ මාර්ගයයි. මේ ප්‍රතිපදාවයි කියලා?” එසේ ඇසූවිට ඔවුන් පිළිතුරු දෙන්නෙත් “නැත” කියලාමයි. එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඒකාන්ත සැප ඇති ලොවක උපන්න යම් දේවතාවරු සිටිත් නම්, ඔවුන් කතාබස් කරන හඬවත් ඔබට අසන්නට ලැබුනාද? ‘නිදුකාණෙනි, මනා පිළිවෙතෙහි යෙදෙව්. ඒකාන්ත සැප ඇති ලොව සාක්ෂාත් කිරීම පිණිස ඍජු පිළිවෙතෙහි යෙදෙව්. අපිත් නිදුකාණෙනි, එබඳු පිළිවෙතෙක යෙදිලයි ඒකාන්ත සැප ඇති ලොවකට ආවේ’ කියලා.” එසේ ඇසූවිටත් ඔවුන්ගේ පිළිතුරු එවන්නක් ඇසුවේ නැති බවයි.

“තං කිං මඤ්ඤසි පොට්ඨපාද, නනු ඒවං සන්තේ තේසං සමණබ්‍රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?”ති.

පින්වත් පොට්ඨපාද, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? “එතකොට කරුණු යෙදෙන්නේ ඔය විදිහට නම්, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ කතාවන් කිසි පිළිසරණක් නැති දෙයක් බවට පත් නොවේද?”

“අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ තේසං සමණබ්‍රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.

“ස්වාමීනී, එතකොට කරුණු යෙදෙන්නේ ඔය විදිහට නිසා, ඒකාන්තයෙන්ම ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ කතාවන් කිසි පිළිසරණක් නැති දෙයක් බවට පත් වෙනවා.”

50. “සෙය්‍යථාපි පොට්ඨපාද පුරිසෝ ඒවං වදෙය්‍ය: ‘අහං යා ඉමස්මිං ජනපදේ ජනපදකල්‍යාණී, තං ඉච්ඡාමි, තං කාමේමී’ති. තමේනං ඒවං වදෙය්‍යුං: ‘අම්භෝ පුරිස යං ත්වං ජනපදකල්‍යාණිං ඉච්ඡසි කාමේසි, ජානාසි තං ජනපදකල්‍යාණිං ඛත්තියී වා බ්‍රාහ්මණී වා වෙස්සී වා සුද්දී වා’?ති. ඉති පුට්ඨෝ ‘නෝ’ති වදෙය්‍ය, තමේනං ඒවං වදෙය්‍යුං: ‘අම්භෝ පුරිස යං ත්වං ජනපදකල්‍යාණිං ඉච්ඡසි කාමේසි, ජානාසි තං ජනපදකල්‍යාණිං ඒවන්නාමා ඒවං ගොත්තා’ති වා, දීඝා වා රස්සා වා මජ්ක්‍ධිමා වා, කාළී වා සාමා වා මංගුරච්ඡවී වා’ති, ‘අමුකස්මිං ගාමේ වා නිගමේ වා නගරේ වා’ති? ඉති පුට්ඨෝ ‘නෝ’ති වදෙය්‍ය තමේනං ඒවං වදෙය්‍යුං: ‘අම්භෝ පුරිස යං ත්වං න ජානාසි න පස්සසි තං ත්වං ඉච්ඡසි කාමේසී’ති? ඉති පුට්ඨෝ ‘ආමා’ති වදෙය්‍ය.

පින්වත් පොට්ඨපාද, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් මෙහෙම කියනවා. “මේ ජනපදයෙහි යම් රූපරාජිනියක් ඉන්නවා නම් මං ඇයව පතනවා. මං ඇයට කැමැතියි” කියලා. එතකොට ඔහුගේ යහළුවන් මෙහෙම අහනවා.

“එම්බා පුරුෂය, ඔබ යම් රූපරාජිනියක් පතනවා නම්, කැමැති නම් ඒ රූපරාජිනී ක්ෂත්‍රිය කුමරියක්ද? බ්‍රාහ්මණියක්ද? වෛශ්‍ය කුමරියක්ද? ශුද්‍ර තැනැත්තියක්ද? කියලා ඔබ දන්නවාද?” මෙසේ අසද්දී ඔහු පිළිතුරු දෙන්නේ “දන්නේ නැත” කියලයි. එතකොට ඔහුගෙන් මෙහෙම අහනවා. “එම්බා පුරුෂය, ඔබ යම් රූපරාජිනියක් පතනවා නම්, කැමැති නම් ඒ රූපරාජිනියගේ නම මේකයි, ගෝත්‍රනාමය මේකයි කියලා දන්නවාද? ඒ වගේම ඇය උසයි. මිටියි. මධ්‍යම ප්‍රමාණයි කියලා දන්නවාද? ඒ වගේම ඇය කළුයි, තලෙළුයි, සොඳුරු පැහැයෙන් යුක්තයි කියලා දන්නවාද? ඒ වගේම ඇය ඉන්නේ අසවල් ගමේ, නියම්ගමේ, නගරයේ කියලා දන්නවාද? ඒ හැම දෙයටම ඔහු පිළිතුරු දෙන්නේ “දන්නේ නැත” කියලයි. එතකොට ඔහුගෙන් මෙහෙම අහනවා, “එම්බා පුරුෂය, යම් ස්ත්‍රියක් ගැන ඔබ දන්නෙත් නැත්නම්, දැක්කෙත් නැත්නම්, ඒ ස්ත්‍රියවද ඔබ පතන්නේ? කැමැති වන්නේ?” එතකොට ඔහු පිළිතුරු දෙන්නේ “එසේය” කියලයි.

“තං කිං මඤ්ඤසි පොට්ඨපාද, නනු ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?”ති.

පින්වත් පොට්ඨපාද, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? එතකොට කරුණු යෙදෙන්නේ ඔය විදිහට නම්, ඒ පුරුෂයාගේ කතාව කිසි පිළිසරණක් නැති දෙයක් බවට පත් නොවේද?”

“අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.

“ස්වාමීනී, එතකොට කරුණු යෙදෙන්නේ ඔය විදිහට නිසා, ඒකාන්තයෙන්ම ඒ පුරුෂයාගේ කතාව කිසි පිළිසරණක් නැති දෙයක් බවට පත් වෙනවා.”

51. “ඒවමේව ඛෝ පොට්ඨපාද යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘ඒකන්තසුඛී අත්තා හෝති අරෝගෝ පරම්මරණා’ති, ත්‍යාහං උපසංකමිත්වා ඒවං වදාමි: සච්චං කිර තුම්හේ ආයස්මන්තෝ ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘ඒකන්තසුඛී අත්තා හෝති අරෝගෝ පරම්මරණා’ති?”. තේ චේ මේ ඒවං පුට්ඨා ‘ආමා’ති පටිජානන්ති, ත්‍යාහං ඒවං වදාමි: ‘අපි පන තුම්හේ ආයස්මන්තෝ ඒකන්තසුඛං ලෝකං ජානං පස්සං විහරථා’ති? ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති.

“පින්වත් පොට්ඨපාද, මේකත් ඒ විදිහමයි. මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ ‘මරණින් මතු ආරෝග්‍ය වූ ඒකාන්ත සැපවත් වූ ආත්මයක් තියෙනවා’ කියලා. මං ඔවුන් ළඟට ගිහින් මෙහෙම අහනවා. “හැබෑද ආයුෂ්මතුනි, ‘මරණින් මතු ආරෝග්‍ය වූ ඒකාන්ත සැපවත් වූ ආත්මයක් තියෙනවා’ කියන මෙබඳු දෘෂ්ටි ඇති, මෙබඳු වාද ඇති දෙයක් ඔබ කියනවා කියන්නේ?” එතකොට මෙසේ අසන මා හට ඔවුන් “එසේය” කියලා පිළිතුරු දෙනවා. එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඔබ ඒකාන්ත සැප ඇති ලෝකය මේකයි කියලා දැනගෙන, දැකගෙනද වාසය කරන්නේ?” එසේ ඇසූ විට ඔවුන් “නැත” කියලා පිළිතුරු දෙනවා.

ත්‍යාහං ඒවං වදාමි: ‘අපි පන තුම්හේ ආයස්මන්තෝ ඒකං වා රත්තිං ඒකං වා දිවසං උපඩ්ඪං වා රත්තිං උපඩ්ඪං වා දිවසං ඒකන්තසුඛිං අත්තානං සම්පජානාථා’ති? ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති.

එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඔබ එක රාත්‍රියක් හෝ එක දහවලක් හෝ අඩ රැයක් හෝ අඩ දහවලක් හෝ ඒකාන්ත සැපවත්ව තියෙන ආත්මයක් ගැන දන්නවාද?” එසේ ඇසූ විටත් ඔවුන් පිළිතුරු දෙන්නේ “නැත” කියලයි.

ත්‍යාහං ඒවං වදාමි: අපි පන තුම්හේ ආයස්මන්තෝ ජානාථ ‘අයං මග්ගෝ අයං පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායා’ති? ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති.

එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඔබ දන්නවාද ඒකාන්ත සැප ඇති ලෝකය සාක්ෂාත් කිරීම පිණිස පවතින්නේ මේ මාර්ගයයි. මේ ප්‍රතිපදාවයි කියලා?” එසේ ඇසූවිට ඔවුන් පිළිතුරු දෙන්නෙත් “නැත” කියලාමයි.

ත්‍යාහං ඒවං වදාමි: අපි පන තුම්හේ ආයස්මන්තෝ යා තා දේවතා ඒකන්තසුඛං ලෝකං උපපන්නා, තාසං භාසමානානං සද්දං සුණාථ: ‘සුපටිපන්නාත්ථ මාරිසා, උජුපටිපන්නාත්ථ මාරිසා, ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියාය. මයම්පි හි මාරිසා, ඒවංපටිපන්නා ඒකන්තසුඛං ලෝකං උපපන්නා’ති? ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති.

එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඒකාන්ත සැප ඇති ලොවක උපන්න යම් දේවතාවරු සිටිත් නම්, ඔවුන් කතාබස් කරන හඬවත් ඔබට අසන්නට ලැබුණාද? ‘නිදුකාණෙනි, මනා පිළිවෙතෙහි යෙදෙව්. ඒකාන්ත සැප ඇති ලොව සාක්ෂාත් කිරීම පිණිස ඍජු පිළිවෙතෙහි යෙදෙව්. අපිත් නිදුකාණෙනි, එබඳු පිළිවෙතෙක යෙදිලයි ඒකාන්ත සැප ඇති ලොවකට ආවේ’ කියලා?” එසේ ඇසූවිටත් ඔවුන්ගේ පිළිතුරු එවන්නක් ඇසුවේ නැති බවයි.

“තං කිං මඤ්ඤසි පොට්ඨපාද, නනු ඒවං සන්තේ තේසං සමණබ්‍රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?”ති.

පින්වත් පොට්ඨපාද, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? එතකොට කරුණු යෙදෙන්නේ ඔය විදිහට නම්, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ කතාවන් කිසි පිළිසරණක් නැති දෙයක් බවට පත් නොවේද?”

“අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ තේසං සමණබ්‍රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.

“ස්වාමීනී, එතකොට කරුණු යෙදෙන්නේ ඔය විදිහට නිසා, ඒකාන්තයෙන්ම ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ කතාවන් කිසි පිළිසරණක් නැති දෙයක් බවට පත්වෙනවා.”

52. සෙය්‍යථාපි පොට්ඨපාද පුරිසෝ චාතුම්මහාපථේ නිස්සේණිං කරෙය්‍ය පාසාදස්ස ආරෝහණාය, තමේනං ඒවං වදෙය්‍යුං: අම්භෝ පුරිස යස්ස ත්වං පාසාදස්ස ආරෝහණාය නිස්සේණිං කරෝසි, ජානාසි තං පාසාදං පුරත්ථිමාය වා දිසාය දක්ඛිණාය වා දිසාය පච්ඡිමාය වා දිසාය උත්තරාය වා දිසාය, උච්චෝ වා නීචෝ වා මජ්ක්‍ධිමෝ වා?ති. ඉති පුට්ඨෝ ‘නෝ’ති වදෙය්‍ය. තමේනං ඒවං වදෙය්‍යුං: ‘අම්භෝ පුරිස යං ත්වං න ජානාසි න පස්සසි, තස්ස ත්වං පාසාදස්ස ආරෝහණාය නිස්සේණිං කරෝසී?’ති. ඉති පුට්ඨෝ ‘ආමා’ති වදෙය්‍ය.

“පින්වත් පොට්ඨපාද, මේ වගේ දේකුත් තියෙනවා. පුරුෂයෙක් හතරමං හන්දියක ප්‍රාසාදයකට නැගීම පිණිස කියලා ඉණිමගක් බඳිනවා. එතකොට අනෙක් අය ඔහුගෙන් මෙහෙම අහනවා. ‘එම්බා පුරුෂය, ඔබ යම් ප්‍රාසාදයකට නැගීම පිණිස ඉණිමගක් බඳිමින් ඉන්නවා. ඒ ප්‍රාසාදය තියෙන්නේ පෙරදිග දිශාවේද? දකුණු දිශාවේද? බටහිර දිශාවේද? උතුරු දිශාවේද? කියලා දන්නවාද? ඒ ප්‍රාසාදය උස එකක්ද? මිටි එකක්ද? මධ්‍යම එකක්ද? කියලා දන්නවාද?’ මෙසේ අසද්දිත් ඔහු පිළිතුරු දෙන්නේ ‘දන්නේ නැත’ කියලයි. එතකොට අනෙක් අය මෙහෙම අහනවා ‘එම්බා පුරුෂය, යම් ප්‍රාසාදයක් ගැන ඔබ දන්නෙත් නැත්නම්, දකින්නෙත් නැත්නම්, ඒ ප්‍රාසාදයට නැගීම පිණිසද ඔබ ඔය ඉණිමග බඳින්නේ?’ කියලා. එතකොට ඔහු පිළිතුරු දෙන්නේ ‘එසේය’ කියලයි.

“තං කිං මඤ්ඤසි පොට්ඨපාද, නනු ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?”ති.

පින්වත් පොට්ඨපාද, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? එතකොට කරුණු යෙදෙන්නේ ඔය විදිහට නම්, ඒ පුරුෂයාගේ කථාව කිසි පිළිසරණක් නැති දෙයක් බවට පත් නොවේද?”

“අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.

“ස්වාමීනී, එතකොට කරුණු යෙදෙන්නේ ඔය විදිහට නිසා, ඒකාන්තයෙන්ම ඒ පුරුෂයාගේ කථාව කිසි පිළිසරණක් නැති දෙයක් බවට පත් වෙනවා.”

53. “ඒවමේව ඛෝ පොට්ඨපාද යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘ඒකන්තසුඛී අත්තා හෝති අරෝගෝ පරම්මරණා’ති. ත්‍යාහං උපසංකමිත්වා ඒවං වදාමි: සච්චං කිර තුම්හේ ආයස්මන්තෝ ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘ඒකන්තසුඛී අත්තා හෝති අරෝගෝ පරම්මරණා’ති? තේ චේ මේ ඒවං පුට්ඨා ‘ආමා’ති පටිජානන්ති, ත්‍යාහං ඒවං වදාමි: ‘අපි පන තුම්හේ ආයස්මන්තෝ ඒකන්තසුඛං ලෝකං ජානං පස්සං විහරථා’ති? ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති, ත්‍යාහං ඒවං වදාමි: ‘අපි පන තුම්හේ ආයස්මන්තෝ ඒකං වා රත්තිං ඒකං වා දිවසං උපඩ්ඪං වා රත්තිං උපඩ්ඪං වා දිවසං ඒකන්තසුඛිං අත්තානං සම්පජානාථා?’ති. ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති. ත්‍යාහං ඒවං වදාමි: අපි පන තුම්හේ ආයස්මන්තෝ ජානාථ ‘අයං මග්ගෝ අයං පටිපදා ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියායාති?’ ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති. ත්‍යාහං ඒවං වදාමි: අපි පන තුම්හේ ආයස්මන්තෝ යා තා දේවතා ඒකන්තසුඛං ලෝකං උපපන්නා, තාසං දේවතානං භාසමානානං සද්දං සුණාථ ‘සුපටිපන්නාත්ථ මාරිසා, උජුපටිපන්නාත්ථ මාරිසා, ඒකන්තසුඛස්ස ලෝකස්ස සච්ඡිකිරියාය. මයම්පි හි මාරිසා ඒවං පටිපන්නා ඒකන්තසුඛං ලෝකං උපපන්නා’ති? ඉති පුට්ඨා ‘නෝ’ති වදන්ති.

පින්වත් පොට්ඨපාද, මේකත් ඒ විදිහමයි. මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ ‘මරණින් මතු ආරෝග්‍ය වූ ඒකාන්ත සැපවත් වූ ආත්මයක් තියෙනවා’ කියලා. මං ඔවුන් ළඟට ගිහින් මෙහෙම අහනවා. “හැබෑද ආයුෂ්මතුනි, ‘මරණින් මතු ආරෝග්‍ය වූ ඒකාන්ත සැපවත් වූ ආත්මයක් තියෙනවා’ කියන මෙබඳු දෘෂ්ටි ඇති, මෙබඳු වාද ඇති දෙයක් ඔබ කියනවා කියන්නේ?” එතකොට මෙසේ අසන මා හට ඔවුන් “එසේය” කියලා පිළිතුරු දෙනවා. එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඔබ ඒකාන්ත සැප ඇති ලෝකය මේකයි කියලා දැනගෙන, දැකගෙනද වාසය කරන්නේ?” එසේ ඇසූ විට ඔවුන් “නැත” කියලා පිළිතුරු දෙනවා. එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඔබ එක රාත්‍රියක් හෝ එක දහවලක් හෝ අඩ රැයක් හෝ අඩ දහවලක් හෝ ඒකාන්ත සැපවත්ව තියෙන ආත්මයක් ගැන දන්නවාද?” එසේ ඇසූ විටත් ඔවුන් පිළිතුරු දෙන්නේ “නැත” කියලයි. එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඔබ දන්නවාද ඒකාන්ත සැප ඇති ලෝකය සාක්ෂාත් කිරීම පිණිස පවතින්නේ මේ මාර්ගයයි. මේ ප්‍රතිපදාවයි කියලා.” එසේ ඇසූවිට ඔවුන් පිළිතුරු දෙන්නෙත් “නැත” කියලමයි. එතකොට මං මෙහෙම කියනවා. “එහෙම නම් ආයුෂ්මතුනි, ඒකාන්ත සැප ඇති ලොවක උපන්න යම් දේවතාවරු සිටිත් නම්, ඔවුන් කථාබස් කරන හඬවත් ඔබට අසන්නට ලැබුනාද? ‘නිදුකාණෙනි, මනා පිළිවෙතෙහි යෙදෙව්. ඒකාන්ත සැප ඇති ලොව සාක්ෂාත් කිරීම පිණිස ඍජු පිළිවෙතෙහි යෙදෙව්. අපිත් නිදුකාණෙනි, එබඳු පිළිවෙතෙක යෙදිලයි ඒකාන්ත සැප ඇති ලොවකට ආවේ’ කියලා. එසේ ඇසූවිටත් ඔවුන්ගේ පිළිතුරු එවන්නක් ඇසුවේ නැති බවයි.

“තං කිං මඤ්ඤසි පොට්ඨපාද, නනු ඒවං සන්තේ තේසං සමණබ්‍රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?”ති.

පින්වත් පොට්ඨපාද, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? එතකොට කරුණු යෙදෙන්නේ ඔය විදිහට නම්, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ කථාවන් කිසි පිළිසරණක් නැති දෙයක් බවට පත් නොවේද?”

“අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ තේසං සමණබ්‍රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.

“ස්වාමීනී, එතකොට කරුණු යෙදෙන්නේ ඔය විදිහට නිසා, ඒකාන්තයෙන්ම ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ කථාවන් කිසි පිළිසරණක් නැති දෙයක් බවට පත්වෙනවා.”

“තයෝ ඛෝ’මේ පොට්ඨපාද අත්තපටිලාභා: ඕළාරිකෝ අත්තපටිලාභෝ, මනෝමයෝ අත්තපටිලාභෝ, අරූපෝ අත්තපටිලාභෝ”ති.

“පින්වත් පොට්ඨපාද, මේ ආත්ම ප්‍රතිලාභ හෙවත් ශරීර තුනක් තියෙනවා. ඕළාරික ශරීරය, මනෝමය ශරීරය, අරූපී ශරීරය කියලා.

කතමෝ ච පොට්ඨපාද ඕළාරිකෝ අත්තපටිලාභෝ? රූපී චාතුම්මහාභූතිකෝ කබළීකාරාහාරභක්ඛෝ, අයං ඕළාරිකෝ අත්තපටිලාභෝ.

පින්වත් පොට්ඨපාද, මොකක්ද මේ ඕළාරික ශරීරය? සතර මහා භූතයින්ගෙන් හටගත් ගොරෝසු ආහාර අනුභවයෙන් යැපෙන, රූපවත් වූ ශරීරයයි. මේක තමයි ඕළාරික ආත්ම ප්‍රතිලාභය.

කතමෝ මනෝමයෝ අත්තපටිලාභෝ? රූපී මනෝමයෝ සබ්බංගපච්චංගී අහීනින්ද්‍රියෝ, අයං මනෝමයෝ අත්තපටිලාභෝ.

පින්වත් පොට්ඨපාද, මොකක්ද මේ මනෝමය ශරීරය? නොපිරිහුණු ඉඳුරන් ඇති සියලු අඟපසඟ ඇති රූපවත් වූ මනෝමය වූ ශරීරයයි. මේක තමයි මනෝමය ආත්ම ප්‍රතිලාභය.

කතමෝ අරූපෝ අත්තපටිලාභෝ? අරූපී සඤ්ඤාමයෝ, අයං අරූපෝ අත්තපටිලාභෝ.

පින්වත් පොට්ඨපාද, මොකක්ද මේ අරූපී ශරීරය? අරූපී සඤ්ඤාමය ශරීරයයි. මේක තමයි අරූපී ආත්ම ප්‍රතිලාභය.

54. ඕළාරිකස්සපි ඛෝ අහං පොට්ඨපාද අත්තපටිලාභස්ස පහානාය ධම්මං දේසේමි යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සන්තීති.

පින්වත් පොට්ඨපාද, මං ඕළාරික ශරීරයක් ලැබීම පිණිස පවතින දෙය ප්‍රහාණය කිරීම පිණිස දහම් දෙසනවා. ඒ කියාදෙන ආකාරයට අනුගමනය කළොත් සිත කෙලෙසෙන දේවල් ප්‍රහීණ වෙලා යනවා. සිත පිරිසිදු වෙන දේවල් වඩා වර්ධනය වෙනවා. ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා.

55. සියා ඛෝ පන තේ පොට්ඨපාද ඒවමස්ස: ‘සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාම. දුක්ඛෝ ච ඛෝ විහාරෝ’ති.

පින්වත් පොට්ඨපාද, ඔබට මෙවැනි අදහසක් සිතෙන්න පුළුවනි. ‘සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ මාත් වාසය කරනවා නම් ඒ විහරණය දුක් සහිතයි’ කියලා.

න ඛෝ පනේතං පොට්ඨපාද ඒවං දට්ඨබ්බං. සංකිලේසිකා චේව ධම්මා පහීයිස්සන්ති. වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති. පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සන්ති. පාමුජ්ජඤ්චේව භවිස්සති පීති ච පස්සද්ධි ච සති ච සම්පජඤ්ඤඤ්ච සුඛෝ ච විහාරෝ.

පින්වත් පොට්ඨපාද, ඔබ එය සිතිය යුත්තේ ඔය විදිහට නොවේ. ‘සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ප්‍රමුදිතබවමයි ඇති වන්නේ. ප්‍රීතියත්, සැහැල්ලු බවත්, සිහියත්, මනා නුවණත් තමයි ඇති වන්නේ. ඒ විහරණය සැප සහිතයි.’

56. මනෝමයස්සපි ඛෝ අහං පොට්ඨපාද අත්තපටිලාභස්ස පහානාය ධම්මං දේසේමි යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති.

පින්වත් පොට්ඨපාද, මං මනෝමය ශරීරයක් ලැබීම පිණිස පවතින දෙය ප්‍රහාණය කිරීම පිණිස දහම් දෙසනවා. ඒ කියාදෙන ආකාරයට අනුගමනය කළොත් සිත කෙලෙසෙන දේවල් ප්‍රහීණ වෙලා යනවා. සිත පිරිසිදු වෙන දේවල් වඩා වර්ධනය වෙනවා. ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා.

සියා ඛෝ පන තේ පොට්ඨපාද ඒවමස්ස: ‘සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාම. දුක්ඛෝ ච ඛෝ විහාරෝ’ති.

පින්වත් පොට්ඨපාද, ඔබට මෙවැනි අදහසක් සිතෙන්න පුළුවනි. ‘සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ මාත් වාසය කරනවා නම් ඒ විහරණය දුක් සහිතයි’ කියලා.

න ඛෝ පනේතං පොට්ඨපාද ඒවං දට්ඨබ්බං. සංකිලේසිකා චේව ධම්මා පහීයිස්සන්ති. වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති. පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථ. පාමුජ්ජඤ්චේව භවිස්සති පීති ච පස්සද්ධි ච සති ච සම්පජඤ්ඤඤ්ච සුඛෝ ච විහාරෝ.

පින්වත් පොට්ඨපාද, ඔබ එය සිතිය යුත්තේ ඔය විදිහට නොවේ. ‘සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුලබවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ප්‍රමුදිතබවමයි ඇතිවන්නේ. ප්‍රීතියත්, සැහැල්ලු බවත්, සිහියත්, මනා නුවණත් තමයි ඇතිවන්නේ. ඒ විහරණය සැප සහිතයි.’

57. අරූපස්සපි ඛෝ අහං පොට්ඨපාද අත්තපටිලාභස්ස පහානාය ධම්මං දේසේමි යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථාති.

පින්වත් පොට්ඨපාද, මං අරූපී ශරීරයක් ලැබීම පිණිස පවතින දෙය ප්‍රහාණය කිරීම පිණිස දහම් දෙසනවා. ඒ කියාදෙන ආකාරයට අනුගමනය කළොත් සිත කෙලෙසෙන දේවල් ප්‍රහීණ වෙලා යනවා. සිත පිරිසිදු වෙන දේවල් වඩා වර්ධනය වෙනවා. ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා.

සියා ඛෝ පන තේ පොට්ඨපාද ඒවමස්ස: ‘සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාම. දුක්ඛෝ ච ඛෝ විහාරෝ’ති.

පින්වත් පොට්ඨපාද, ඔබට මෙවැනි අදහසක් සිතෙන්න පුළුවනි. ‘සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ මාත් වාසය කරනවා නම් ඒ විහරණය දුක් සහිතයි’ කියලා.

න ඛෝ පනේතං පොට්ඨපාද ඒවං දට්ඨබ්බං. සංකිලේසිකා චේව ධම්මා පහීයිස්සන්ති. වෝදානියා ච ධම්මා අභිවඩ්ඪිස්සන්ති. පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථ. පාමුජ්ජඤ්චේව භවිස්සති පීති ච පස්සද්ධි ච සති ච සම්පජඤ්ඤඤ්ච සුඛෝ ච විහාරෝ.

පින්වත් පොට්ඨපාද, ඔබ එය සිතිය යුත්තේ ඔය විදිහට නොවේ. ‘සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුලබවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ප්‍රමුදිතබවමයි ඇතිවන්නේ. ප්‍රීතියත්, සැහැල්ලු බවත්, සිහියත්, මනා නුවණත් තමයි ඇතිවන්නේ. ඒ විහරණය සැප සහිතයි.’

58. පරේ චේ පොට්ඨපාද අම්හේ ඒවං පුච්ඡෙය්‍යුං: ‘කතමෝ පන සෝ ආවුසෝ ඕළාරිකෝ අත්තපටිලාභෝ යස්ස තුම්හේ පහානාය ධම්මං දේසේථ යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති. තේසං මයං ඒවං පුට්ඨා ඒවං බ්‍යාකරෙය්‍යාම: “අයං වා සෝ ආවුසෝ ඕළාරිකෝ අත්තපටිලාභෝ යස්ස මයං පහානාය ධම්මං දේසේම යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.

පින්වත් පොට්ඨපාද, අනෙක් අය අපෙන් මෙසේ අසන්නට පුළුවනි. “යමක් ප්‍රහාණය කිරීම පිණිස ඔබ දහම් දෙසනවා නම්, ඒ ආකාරයෙන් අනුගමනය කරන විට සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ආයුෂ්මතුනි, ඒ ඔබ කියන ඕළාරික ආත්ම ප්‍රතිලාභය කුමක්ද?” කියලා. එසේ අපෙන් අසන විට අපි මෙහෙම පිළිතුරු දෙනවා. “යමක් ප්‍රහාණය කිරීම පිණිස අපි දහම් දෙසනවා නම්, ඒ ආකාරයෙන් අනුගමනය කරන විට සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ආයුෂ්මතුනි, ඒ ඕළාරික ආත්මභාවය නම් මෙයයි” කියලා.

59. පරේ චේ පොට්ඨපාද අම්හේ ඒවං පුච්ඡෙය්‍යුං: ‘කතමෝ පන සෝ ආවුසෝ මනෝමයෝ අත්තපටිලාභෝ, යස්ස තුම්හේ පහානාය ධම්මං දේසේථ යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති. තේසං මයං ඒවං පුට්ඨා ඒවං බ්‍යාකරෙය්‍යාම: “අයං වා සෝ ආවුසෝ මනෝමයෝ අත්තපටිලාභෝ යස්ස මයං පහානාය ධම්මං දේසේම යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.

පින්වත් පොට්ඨපාද, අනෙක් අය අපෙන් මෙසේ අසන්නට පුළුවනි. “යමක් ප්‍රහාණය කිරීම පිණිස ඔබ දහම් දෙසනවා නම්, ඒ ආකාරයෙන් අනුගමනය කරන විට සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ආයුෂ්මතුනි, ඒ ඔබ කියන මනෝමය ආත්ම ප්‍රතිලාභය කුමක්ද?” කියලා. එසේ අපෙන් අසන විට අපි මෙහෙම පිළිතුරු දෙනවා. “යමක් ප්‍රහාණය කිරීම පිණිස අපි දහම් දෙසනවා නම්, ඒ ආකාරයෙන් අනුගමනය කරන විට සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ආයුෂ්මතුනි, ඒ මනෝමය ආත්ම ප්‍රතිලාභය නම් මෙයයි” කියලා.

60. පරේ චේ පොට්ඨපාද අම්හේ ඒවං පුච්ඡෙය්‍යුං: ‘කතමෝ පන සෝ ආවුසෝ අරූපෝ අත්තපටිලාභෝ යස්ස තුම්හේ පහානාය ධම්මං දේසේථ යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති. තේසං මයං ඒවං පුට්ඨා ඒවං බ්‍යාකරෙය්‍යාම: ‘අයං වා සෝ ආවුසෝ අරූපෝ අත්තපටිලාභෝ, යස්ස මයං පහානාය ධම්මං දේසේම යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති.

පින්වත් පොට්ඨපාද, අනෙක් අය අපෙන් මෙසේ අසන්නට පුළුවනි. “යමක් ප්‍රහාණය කිරීම පිණිස ඔබ දහම් දෙසනවා නම්, ඒ ආකාරයෙන් අනුගමනය කරන විට සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත් වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ආයුෂ්මතුනි, ඒ ඔබ කියන අරූපී ආත්ම ප්‍රතිලාභය කුමක්ද?” කියලා. එසේ අපෙන් අසන විට අපි මෙහෙම පිළිතුරු දෙනවා. “යමක් ප්‍රහාණය කිරීම පිණිස අපි දහම් දෙසනවා නම්, ඒ ආකාරයෙන් අනුගමනය කරන විට සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ආයුෂ්මතුනි, ඒ අරූපී ආත්ම ප්‍රතිලාභය නම් මෙයයි” කියලා.

තං කිං මඤ්ඤසි පොට්ඨපාද, නනු ඒවං සන්තේ සප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?ති.

පින්වත් පොට්ඨපාද, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මේ විදිහට කරුණු යෙදෙන විට අපගේ වචනය පිළිසරණ සහිත වන්නේ නැද්ද?”

“අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ සප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.

“ස්වාමීනී, මේ විදිහට කරුණු යෙදෙන විට ඒකාන්තයෙන්ම ඔබවහන්සේගේ වචනය පිළිසරණ සහිතමයි.”

61. සෙය්‍යථාපි පොට්ඨපාද පුරිසෝ නිස්සේණිං කරෙය්‍ය පාසාදස්ස ආරෝහණාය තස්සේව පාසාදස්ස හෙට්ඨා. තමේනං ඒවං වදෙය්‍යුං: ‘අම්භෝ පුරිස යස්ස ත්වං පාසාදස්ස ආරෝහණාය නිස්සේණිං කරෝසි, ජානාසි තං පාසාදං පුරත්ථිමාය වා දිසාය දක්ඛිණාය වා දිසාය පච්ඡිමාය වා දිසාය උත්තරාය වා දිසාය, උච්චෝ වා නීචෝ වා මජ්ක්‍ධිමෝ වා’ති? සෝ චේ ඒවං වදෙය්‍ය: ‘අයං සෝ ආවුසෝ පාසාදෝ, යස්සාහං ආරෝහණාය නිස්සේණිං කරෝමි තස්සේව පාසාදස්ස හෙට්ඨා’ති.

“පින්වත් පොට්ඨපාද, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ප්‍රාසාදයක යට තට්ටුවේ ඉඳලා ඒ ප්‍රාසාදයේම උඩට නැගීම පිණිස ඉණිමගක් බඳිනවා නම්, ඔහුට අනික් අය මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, ඔබ යම් ප්‍රාසාදයකට නැගීම පිණිස ඉණිමගක් බඳිමින් ඉන්නවා. එතකොට ඒ ප්‍රාසාදය තියෙන්නේ පෙරදිග දිශාවේද? දකුණු දිශාවේද? බටහිර දිශාවේද? උතුරු දිශාවේද? ඒ වගේම ඒ ප්‍රාසාදය උසයිද? පොඩියිද? මධ්‍යමද?’ කියලා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘ආයුෂ්මතුනි, යම් ප්‍රාසාදයකට නැගීම පිණිස මං ඒ ප්‍රාසාදයේම යට ඉඳලා ඉණිමගක් කරනවා නම්, මේ තියෙන්නේ ඒ ප්‍රාසාදය තමයි.’

තං කිං මඤ්ඤසි පොට්ඨපාද, නනු ඒවං සන්තේ තස්ස පුරිසස්ස සප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?ති.

පින්වත් පොට්ඨපාද, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මේ විදිහට කරුණු යෙදෙන විට ඒ පුරුෂයාගේ වචනය පිළිසරණ සහිත වන්නේ නැද්ද?”

“අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ තස්ස පුරිසස්ස සප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.

“ස්වාමීනී, මේ විදිහට කරුණු යෙදෙන විට ඒකාන්තයෙන්ම ඒ පුරුෂයාගේ වචනය පිළිසරණ සහිතමයි.”

62. ඒවමේව ඛෝ පොට්ඨපාද පරේ චේ අම්හේ ඒවං පුච්ඡෙය්‍යුං: ‘කතමෝ පන සෝ ආවුසෝ ඕළාරිකෝ අත්තපටිලාභෝ? ….(පෙ)…. කතමෝ පන සෝ ආවුසෝ මනෝමයෝ අත්තපටිලාභෝ? ….(පෙ)…. කතමෝ පන සෝ ආවුසෝ අරූපෝ අත්තපටිලාභෝ, යස්ස තුම්හේ පහානාය ධම්මං දේසේථ ‘යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති, තේසං මයං ඒවං පුට්ඨා ඒවං බ්‍යාකරෙය්‍යාම:

“පින්වත් පොට්ඨපාද ඔන්න ඔය විදිහමයි. අනෙක් අය අපෙන් මෙසේ අසන්නට පුළුවනි. ‘යමක් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. ආයුෂ්මතුනි, ඒ ඔබ කියන ඕළාරික ආත්ම ප්‍රතිලාභය කුමක්ද?” කියලා ….(පෙ)…. මනෝමය ආත්ම ප්‍රතිලාභය කුමක්ද?” කියලා ….(පෙ)…. යමක් ප්‍රහාණය කිරීම පිණිස ඔබ දහම් දෙසනවා නම්, ඒ ආකාරයෙන් අනුගමනය කරන විට සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ආයුෂ්මතුනි, ඒ ඔබ කියන අරූපී ආත්ම ප්‍රතිලාභය කුමක්ද?’ කියලා. ඔය අයුරින් ඇසූවිට අපි ඔවුන්ට මේ විදිහටයි පිළිතුරු දෙන්නේ.

63. ‘අයං වා සෝ ආවුසෝ ඕළාරිකෝ අත්තපටිලාභෝ ….(පෙ)…. මනෝමයෝ අත්තපටිලාභෝ ….(පෙ)…. අරූපෝ අත්තපටිලාභෝ යස්ස මයං පහානාය ධම්මං දේසේම යථාපටිපන්නානං වෝ සංකිලේසිකා ධම්මා පහීයිස්සන්ති, වෝදානියා ධම්මා අභිවඩ්ඪිස්සන්ති, පඤ්ඤාපාරිපූරිං වේපුල්ලත්තඤ්ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති.

‘ආයුෂ්මතුනි, ඒ ඕළාරික ආත්ම ප්‍රතිලාභය නම් මෙයයි’ කියලා ….(පෙ)…. ඒ මනෝමය ආත්ම ප්‍රතිලාභය නම් මෙයයි’ කියලා. ….(පෙ)…. යමක් ප්‍රහාණය කිරීම පිණිස අපි දහම් දෙසනවා නම්, ඒ ආකාරයෙන් අනුගමනය කරන විට සිත කෙලෙසෙන දේවල් ප්‍රහාණය වෙලා යනවා නම්, සිත පිරිසිදු කරන දේවල් වඩා වර්ධනය වෙනවා නම්, ප්‍රඥාව පරිපූර්ණ වී විපුල බවට පත්වෙනවා. මේ ජීවිතයේදීම ඒ නිකෙලෙස් බව තමන්ගේම සුවිශේෂී නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා නම් ආයුෂ්මතුනි, ඒ අරූපී ආත්ම ප්‍රතිලාභය නම් මෙයයි’ කියලා.

තං කිං මඤ්ඤසි පොට්ඨපාද, නනු ඒවං සන්තේ සප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?ති.

පින්වත් පොට්ඨපාද, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මේ විදිහට කරුණු යෙදෙන විට අපගේ වචනය පිළිසරණ සහිත වන්නේ නැද්ද?”

“අද්ධා ඛෝ භන්තේ ඒවං සන්තේ සප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.

“ස්වාමීනී, මේ විදිහට කරුණු යෙදෙන විට ඒකාන්තයෙන්ම ඔබ වහන්සේගේ වචනය පිළිසරණ සහිතමයි.”

64. ඒවං වුත්තේ චිත්තෝ හත්ථිසාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච: යස්මිං භන්තේ සමයේ ඕළාරිකෝ අත්තපටිලාභෝ හෝති, මෝඝස්ස තස්මිං සමයේ මනෝමයෝ අත්තපටිලාභෝ හෝති, මෝඝෝ අරූපෝ අත්තපටිලාභෝ හෝති. ඕළාරිකෝ වාස්ස අත්තපටිලාභෝ තස්මිං සමයේ සච්චෝ හෝති.

මෙසේ වදාළ විට හත්ථිසාරිපුත්ත චිත්තයන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, යම් වෙලාවක ඕළාරික ශරීරය නම් තියෙන්නේ, ඒ වෙලාවට මනෝමය ශරීරය හිස් නේද? (අප්‍රකටයි) අරූපී ශරීරයත් හිස් නේද? ඒ වෙලාවේදී ඔහුගේ ඕළාරික ශරීරය විතරක්ම නේද සත්‍ය ලෙස ප්‍රකට වන්නේ?

යස්මිං භන්තේ සමයේ මනෝමයෝ අත්තපටිලාභෝ හෝති, මෝඝස්ස තස්මිං සමයේ ඕළාරිකෝ අත්තපටිලාභෝ හෝති, මෝඝෝ අරූපෝ අත්තපටිලාභෝ හෝති. මනෝමයෝ ච අත්තපටිලාභෝ තස්මිං සමයේ සච්චෝ හෝති.

ස්වාමීනී, යම් වෙලාවක මනෝමය ශරීරය නම් තියෙන්නේ, ඒ වෙලාවට ඕළාරික ශරීරය හිස් නේද? (අප්‍රකටයි) අරූපී ශරීරයත් හිස් නේද? ඒ වෙලාවේදී ඔහුගේ මනෝමය ශරීරය විතරක්ම නේද සත්‍ය ලෙස ප්‍රකට වන්නේ?

යස්මිං භන්තේ සමයේ අරූපෝ අත්තපටිලාභෝ හෝති, මෝඝස්ස තස්මිං සමයේ ඕළාරිකෝ අත්තපටිලාභෝ හෝති, මෝඝෝ මනෝමයෝ අත්තපටිලාභෝ අරූපෝ’වාස්ස අත්තපටිලාභෝ තස්මිං සමයේ සච්චෝ හෝතී”ති.

ස්වාමීනී, යම් වෙලාවක අරූපී ශරීරය නම් තියෙන්නේ, ඒ වෙලාවට ඕළාරික ශරීරය හිස් නේද? (අප්‍රකටයි) මනෝමය ශරීරයත් හිස් නේද? ඒ වෙලාවේදී ඔහුගේ අරූපී ශරීරය විතරක්ම නේද සත්‍ය ලෙස ප්‍රකට වන්නේ?”

“යස්මිං චිත්ත සමයේ ඕළාරිකෝ අත්තපටිලාභෝ හෝති, නේව තස්මිං සමයේ මනෝමයෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති, න ‘අරූපෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. ඕළාරිකෝ අත්තපටිලාභො’ත්වේව තස්මිං සමයේ සංඛං ගච්ඡති.

“පින්වත් චිත්ත, යම් වෙලාවක ඕළාරික ශරීරය නම් තියෙන්නේ, ඒ වෙලාවට මනෝමය ශරීරය තියෙනවා යන කරුණ ව්‍යවහාරයට එන්නේ නෑ. අරූපී ශරීරය තියෙනවා යන කරුණත් ව්‍යවහාරයට එන්නේ නෑ. ඒ වෙලාවේදී ඔහුගේ ඕළාරික ශරීරය විතරයි ව්‍යවහාරයට එන්නේ.

යස්මිං චිත්ත සමයේ මනෝමයෝ අත්තපටිලාභෝ හෝති, නේව තස්මිං සමයේ ‘ඕළාරිකෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති, න ‘අරූපෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. මනෝමයෝ අත්තපටිලාභො’ත්වේව තස්මිං සමයේ සංඛං ගච්ඡති.

පින්වත් චිත්ත, යම් වෙලාවක මනෝමය ශරීරය නම් තියෙන්නේ, ඒ වෙලාවට ඕළාරික ශරීරය තියෙනවා යන කරුණ ව්‍යවහාරයට එන්නේ නෑ. අරූපී ශරීරය තියෙනවා යන කරුණත් ව්‍යවහාරයට එන්නේ නෑ. ඒ වෙලාවේදී ඔහුගේ මනෝමය ශරීරය විතරයි ව්‍යවහාරයට එන්නේ.

යස්මිං චිත්ත සමයේ අරූපෝ අත්තපටිලාභෝ හෝති, නේව තස්මිං සමයේ ‘ඕළාරිකෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. න ‘මනෝමයෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. ‘අරූපෝ අත්තපටිලාභො’ත්වේව තස්මිං සමයේ සංඛං ගච්ඡති.

“පින්වත් චිත්ත, යම් වෙලාවක අරූපී ශරීරය නම් තියෙන්නේ ඒ වෙලාවට ඕළාරික ශරීරය තියෙනවා යන කරුණ ව්‍යවහාරයට එන්නේ නෑ. මනෝමය ශරීරය තියෙනවා යන කරුණත් ව්‍යවහාරයට එන්නේ නෑ. ඒ වෙලාවේදී ඔහුගේ අරූපී ශරීරය විතරයි ව්‍යවහාරයට එන්නේ.”

65. සචේ තං චිත්ත ඒවං පුච්ඡෙය්‍යුං: “අහෝසි ත්වං අතීතමද්ධානං, න ත්වං නාහෝසි? භවිස්සසි ත්වං අනාගතමද්ධානං, න ත්වං න භවිස්සසි? අත්ථි ත්වං ඒතරහි, න ත්වං නත්ථීති ඒවං පුට්ඨෝ ත්වං චිත්ත කින්ති බ්‍යාකරෙය්‍යාසී?”ති.

ඉදින් චිත්ත, කවුරුහරි මේ විදිහට ඇහුවොත් ‘ඔබ අතීතයෙහි සිටියාද? ඔබ නොසිටියේ නැද්ද? ඔබ අනාගත කාලයෙහි ඉන්නවාද? ඔබ නොඉන්නේ නැද්ද? ඔබ වර්තමානයෙහි ඉන්නවාද? ඔබ නොඉන්නේ නැද්ද?’ කියලා. පින්වත් චිත්‍ර, ඒ විදිහට ඇසුවොත් ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?”

“සචේ මං භන්තේ ඒවං පුච්ඡෙය්‍යුං: ‘අහෝසි ත්වං අතීතමද්ධානං න ත්වං න භවිස්සසි? අතිථි ත්වං ඒතරහි, න ත්වං නත්ථී?’ති පුට්ඨෝ’හං භන්තේ ඒවං බ්‍යාකරෙය්‍යං: අහෝසාහං අතීතමද්ධානං, නාහං න අහෝසිං. භවිස්සාමහං අනාගතමද්ධානං, නාහං න භවිස්සාමි. අත්ථාහං ඒතරහි, නාහං නත්ථීති. ඒවං පුට්ඨෝ’හං භන්තේ ඒවං බ්‍යාකරෙය්‍යන්ති”.

“ඉදින් ස්වාමීනී, කවුරුහරි මේ විදිහට ඇහුවොත් ‘ඔබ අතීතයෙහි සිටියාද? ඔබ නොසිටියේ නැද්ද? ඔබ අනාගත කාලයෙහි ඉන්නවාද? ඔබ නොඉන්නේ නැද්ද? ඔබ වර්තමානයෙහි ඉන්නවාද? ඔබ නොඉන්නේ නැද්ද?’ කියලා. ස්වාමීනී, ඒ විදිහට ඇසුවොත් මා මෙහෙමයි පිළිතුරු දෙන්නේ. ‘අතීතයෙහි මං හිටියා තමයි. නොසිටියා නොවේ. අනාගතයේත් මං ඉන්නවා තමයි. නොඉන්නවා නොවේ. වර්තමානයේ මං ඉන්නවා. ඉන්නේ නැතුවා නොවේ’ කියලා, ස්වාමීනී, ඔය විදිහටයි මං උත්තර දෙන්නේ.”

66. “සචේ පන තං චිත්ත ඒවං පුච්ඡෙය්‍යුං: යෝ තේ අහෝසි අතීතෝ අත්තපටිලාභෝ ස්වේව තේ අත්තපටිලාභෝ සච්චෝ, මෝඝෝ අනාගතෝ, මෝඝෝ පච්චුප්පන්නෝ? යෝ තේ භවිස්සති අනාගතෝ අත්තපටිලාභෝ, ස්වේව තේ අත්තපටිලාභෝ සච්චෝ, මෝඝෝ අතීතෝ, මෝඝෝ පච්චුප්පන්නෝ අත්තපටිලාභෝ. යෝ තේ ඒතරහි පච්චුප්පන්නෝ අත්තපටිලාභෝ, ස්වේව තේ අත්තපටිලාභෝ සච්චෝ, මෝඝෝ අතීතෝ, මෝඝෝ අනාගතෝ?ති ඒවං පුට්ඨෝ ත්වං චිත්ත කින්ති බ්‍යාකරෙය්‍යාසී?”ති.

“එතකොට පින්වත් චිත්ත, ඔබෙන් මේ විදිහට ඇහුවොත්, ‘ඔබට අතීත වූ යම් ශරීරයක් තිබුනාද, ඒ ආත්ම ප්‍රතිලාභයමද සත්‍ය වන්නේ? අනාගත ශරීරය හිස්ද? වර්තමාන ශරීරයත් හිස්ද? ඔබට අනාගත වූ යම් ශරීරයක් ඇතිවෙනවාද, ඒ ආත්ම ප්‍රතිලාභයමද සත්‍ය වන්නේ? අතීත ශරීරය හිස්ද? වර්තමාන ශරීරයත් හිස්ද? ඔබට වර්තමාන ශරීරයක් තියෙනවාද, ඒ ආත්ම ප්‍රතිලාභයමද සත්‍ය වන්නේ? අතීත ශරීරය හිස්ද? අනාගත ශරීරයත් හිස්ද?’ කියලා. ඔය විදිහට ඇහුවොත් පින්වත් චිත්ත, ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?”

67. සචේ පන මං භන්තේ ඒවං පුච්ඡෙය්‍යුං: යෝ තේ අහෝසි අතීතෝ අත්තපටිලාභෝ, ස්වේව තේ අත්තපටිලාභෝ සච්චෝ, මෝඝෝ අනාගතෝ, මෝඝෝ පච්චුප්පන්නෝ? යෝ තේ භවිස්සති අනාගතෝ අත්තපටිලාභෝ, ස්වේව තේ අත්තපටිලාභෝ සච්චෝ, මෝඝෝ අතීතෝ, මෝඝෝ පච්චුප්පන්නෝ? යෝ තේ ඒතරහි පච්චුප්පන්නෝ අත්තපටිලාභෝ, ස්වේව තේ අත්තපටිලාභෝ සච්චෝ, මෝඝෝ අතීතෝ, මෝඝෝ අනාගතෝ?ති. ඒවං පුට්ඨෝ අහං භන්තේ ඒවං බ්‍යාකරෙය්‍යං: යෝ මේ අහෝසි අතීතෝ අත්තපටිලාභෝ, ස්වේව මේ අත්තපටිලාභෝ තස්මිං සමයේ සච්චෝ අහෝසි, මෝඝෝ අනාගතෝ, මෝඝෝ පච්චුප්පන්නෝ. යෝ මේ භවිස්සති අනාගතෝ අත්තපටිලාභෝ, ස්වේව මේ අත්තපටිලාභෝ තස්මිං සමයේ සච්චෝ භවිස්සති, මෝඝෝ අතීතෝ, මෝඝෝ පච්චුප්පන්නෝ. යෝ මේ ඒතරහි පච්චුප්පන්නෝ අත්තපටිලාභෝ, ස්වේව මේ අත්තපටිලාභෝ සච්චෝ, මෝඝෝ අතීතෝ, මෝඝෝ අනාගතෝ?ති. ඒවං පුට්ඨෝ අහං භන්තේ ඒවං බ්‍යාකරෙය්‍යන්ති.

“ඉදින් ස්වාමීනී, මගෙන් මේ විදිහට ඇසුවොත්, ‘ඔබට අතීත වූ යම් ශරීරයක් තිබුනාද, ඒ ආත්ම ප්‍රතිලාභයමද සත්‍ය වන්නේ? අනාගත ශරීරය හිස්ද? වර්තමාන ශරීරයත් හිස්ද? ඔබට අනාගත වූ යම් ශරීරයක් ඇතිවෙනවාද, ඒ ආත්ම ප්‍රතිලාභයමද සත්‍ය වන්නේ? අතීත ශරීරය හිස්ද? වර්තමාන ශරීරයත් හිස්ද? ඔබට වර්තමාන ශරීරයක් තියෙනවාද, ඒ ආත්ම ප්‍රතිලාභයමද සත්‍ය වන්නේ? අතීත ශරීරය හිස්ද? අනාගත ශරීරයත් හිස්ද?’ කියලා. ස්වාමීනී, එතකොට මං මෙහෙම පිළිතුරු දෙනවා. ‘මට අතීත වූ යම් ශරීරයක් තිබුනා නම්, ඒ ශරීරයමයි ඒ කාලයේදී මට සත්‍ය වශයෙන් ප්‍රකට වන්නේ. එතකොට අනාගත සිරුර හිස්. වර්තමාන සිරුරත් හිස්. ඒ වගේම මට අනාගත වූ යම් ශරීරයක් තියෙනවා නම්, ඒ ශරීරයමයි ඒ කාලයේදී මට සත්‍ය වශයෙන් ප්‍රකට වන්නේ. එතකොට අතීත සිරුර හිස්. වර්තමාන සිරුරත් හිස්. ඒ වගේම මට වර්තමාන වූ යම් ශරීරයක් තියෙනවා නම්, ඒ ශරීරයමයි ඒ කාලයේදී මට සත්‍ය වශයෙන් ප්‍රකට වන්නේ. එතකොට අතීත සිරුර හිස්. අනාගත සිරුරත් හිස්’ කියලා. ස්වාමීනී, එහෙම ඇසූ විට ඔය විදිහටයි මං පිළිතුරු දෙන්නේ.”

68. “ඒවමේව ඛෝ චිත්ත යස්මිං සමයේ ඕළාරිකෝ අත්තපටිලාභෝ හෝති, නේව තස්මිං සමයේ මනෝමයෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. න අරූපෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. ඕළාරිකෝ අත්තපටිලාභෝ’ත්වේව තස්මිං සමයේ සංඛං ගච්ඡති. යස්මිං චිත්ත සමයේ මනෝමයෝ අත්තපටිලාභෝ හෝති, නේව තස්මින් සමයේ ඕළාරිකෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. න අරූපෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. මනෝමයෝ අත්තපටිලාභෝ’ත්වේව තස්මිං සමයේ සංඛං ගච්ඡති. යස්මිං චිත්ත සමයේ අරූපෝ අත්තපටිලාභෝ හෝති, නේව තස්මිං සමයේ ඕළාරිකෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති, න මනෝමයෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. අරූපෝ අත්තපටිලාභෝ’ත්වේව තස්මිං සමයේ සංඛං ගච්ඡති.

“පින්වත් චිත්ත, අන්න ඒ විදිහම තමයි. යම් වෙලාවක ඕළාරික ශරීරය නම් තියෙන්නේ, ඒ වෙලාවට මනෝමය ශරීරය තියෙනවා යන කරුණ ව්‍යවහාරයට එන්නේ නෑ. අරූපී ශරීරය තියෙනවා යන කරුණත් ව්‍යවහාරයට එන්නේ නෑ. ඒ වෙලාවේදී ඔහුගේ ඕළාරික ශරීරය විතරයි ව්‍යවහාරයට එන්නේ. පින්වත් චිත්ත, යම් වෙලාවක මනෝමය ශරීරය නම් තියෙන්නේ, ඒ වෙලාවට ඕළාරික ශරීරය තියෙනවා යන කරුණ ව්‍යවහාරයට එන්නේ නෑ. අරූපී ශරීරය තියෙනවා යන කරුණත් ව්‍යවහාරයට එන්නේ නෑ. ඒ වෙලාවේදී ඔහුගේ මනෝමය ශරීරය විතරයි ව්‍යවහාරයට එන්නේ. පින්වත් චිත්ත, යම් වෙලාවක අරූපී ශරීරය නම් තියෙන්නේ, ඒ වෙලාවට ඕළාරික ශරීරය තියෙනවා යන කරුණ ව්‍යවහාරයට එන්නේ නෑ. මනෝමය ශරීරය තියෙනවා යන කරුණත් ව්‍යවහාරයට එන්නේ නෑ. ඒ වෙලාවේදී ඔහුගේ අරූපී ශරීරය විතරයි ව්‍යවහාරයට එන්නේ.

69. සෙය්‍යථාපි චිත්ත ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩෝ, යස්මිං සමයේ ඛීරං හෝති, නේව තස්මිං සමයේ දධීති සංඛං ගච්ඡති. න නවනීතන්ති සංඛං ගච්ඡති. න සප්පීති සංඛං ගච්ඡති. න සප්පිමණ්ඩෝති සංඛං ගච්ඡති. ඛීරං ත්වේව තස්මිං සමයේ සංඛං ගච්ඡති. යස්මිං සමයේ දධි හෝති ….(පෙ)…. නවනීතං හෝති ….(පෙ)…. සප්පි හෝති ….(පෙ)…. යස්මිං සමයේ සප්පිමණ්ඩෝ හෝති, නේව තස්මිං සමයේ ඛීරන්ති සංඛං ගච්ඡති. න දධීති සංඛං ගච්ඡති. න නවනීතන්ති සංඛං ගච්ඡති. න සප්පීති සංඛං ගච්ඡති. සප්පිමණ්ඩෝ’ත්වේව තස්මිං සමයේ සංඛං ගච්ඡති. ඒවමේව ඛෝ චිත්ත යස්මිං සමයේ ඕළාරිකෝ අත්තපටිලාභෝ හෝති ….(පෙ)…. යස්මිං චිත්ත සමයේ මනෝමයෝ අත්තපටිලාභෝ හෝති ….(පෙ)…. යස්මිං චිත්ත සමයේ අරූපෝ අත්තපටිලාභෝ හෝති, නේව තස්මිං සමයේ ඕළාරිකෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. න මනෝමයෝ අත්තපටිලාභෝ’ති සංඛං ගච්ඡති. ‘අරූපෝ අත්තපටිලාභෝ’ත්වේව තස්මිං සමයේ සංඛං ගච්ඡති.

පින්වත් චිත්ත, ඒක මේ වගේ දෙයක්. ගව දෙනගෙන් කිරි ගන්නවා. කිරෙන් දී කිරි ගන්නවා. දී කිරෙන් වෙඬරු ගන්නවා. වෙඬරුවලින් ගිතෙල් ගන්නවා. ගිතෙලෙන් ගීමඬ ගන්නවා. එතකොට යම් වෙලාවක තියෙන්නේ කිරි නම්, ඒ වෙලාවට දී කිරි කියලා ව්‍යවහාර වන්නේ නෑ. වෙඬරු කියලා ව්‍යවහාර වන්නේ නෑ. ගිතෙල් කියලා ව්‍යවහාර වන්නේ නෑ. ගීමඬ කියලා ව්‍යවහාර වන්නේ නෑ. එතකොට ඒ වෙලාවෙදි ව්‍යවහාර වන්නේ කිරි කියලාමයි. යම් වෙලාවක තියෙන්නේ දී කිරි නම් ….(පෙ)…. වෙඬරු නම් ….(පෙ)…. ගිතෙල් නම් ….(පෙ)…. යම් වෙලාවක තියෙන්නේ ගීමඬ නම්, ඒ වෙලාවට කිරි කියලා ව්‍යවහාර වන්නේ නෑ. දී කිරි කියලා ව්‍යවහාර වන්නේ නෑ. වෙඬරු කියලා ව්‍යවහාර වන්නේ නෑ. ගිතෙල් කියලා ව්‍යවහාර වන්නේ නෑ. එතකොට ඒ වෙලාවේදී ව්‍යවහාර වන්නේ ගීමඬ කියලාමයි.

පින්වත් චිත්ත, අන්න ඒ විදිහම තමයි. යම් වෙලාවක ඕළාරික ශරීරය නම් තියෙන්නේ ….(පෙ)…. පින්වත් චිත්ත, යම් වෙලාවක මනෝමය ශරීරය නම් තියෙන්නේ ….(පෙ)…. පින්වත් චිත්ත, යම් වෙලාවක අරූපී ශරීරය නම් තියෙන්නේ ඒ වෙලාවට ඕළාරික ශරීරය තියෙනවා යන කරුණ ව්‍යවහාරයට එන්නේ නෑ. මනෝමය ශරීරය තියෙනවා යන කරුණත් ව්‍යවහාරයට එන්නේ නෑ. ඒ වෙලාවේදී ඔහුගේ අරූපී ශරීරය විතරයි ව්‍යවහාරයට එන්නේ.

ඉමා ඛෝ චිත්ත ලෝකසමඤ්ඤා ලෝකනිරුත්තියෝ ලෝකවෝහාරා ලෝකපඤ්ඤත්තියෝ යාහි තථාගතෝ වෝහරති අපරාමසන්ති.

පින්වත් චිත්ත, මේවා ලෝක සම්මත නාමයන්. ලෝකයෙහි කතාබස් කරන ක්‍රමයන්. ලෝක ව්‍යවහාරයන්. ලෝකයේ සන්නිවේදන කරන ක්‍රමයන්. තථාගතයන් වහන්සේ ඒ කිසිවෙකට නොපැටලී ව්‍යවහාර කරනවා.”

70. ඒවං වුත්තේ පොට්ඨපාදෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච: අභික්කන්තං භන්තේ. අභික්කන්තං භන්තේ. සෙය්‍යථාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති, ඒවමේව භන්තේ භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භන්තේ භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

මෙහෙම දේශනා කළ විට පොට්ඨපාද පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පවසා සිටියා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඉතා සුන්දරයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඉතා සුන්දරයි. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝ රත්නයත් සරණ යනවා. ස්වාමීනී, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සළකන සේක්වා!”

71. චිත්තෝ පන හත්ථිසාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච: අභික්කන්තං භන්තේ. අභික්කන්තං භන්තේ. සෙය්‍යථාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති, ඒවමේව භන්තේ භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. ලභෙය්‍යාහං භන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පදන්ති.

හත්ථිසාරිපුත්ත චිත්තයන්ද භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පවසා සිටියා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඉතා සුන්දරයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඉතා සුන්දරයි. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝ රත්නයත් සරණ යනවා. ස්වාමීනී, මාත් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබනවා නම්, උපසම්පදාවත් ලබනවා නම් ඉතා යහපති.”

72. අලත්ථ ඛෝ චිත්තෝ හත්ථිසාරිපුත්තෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නෝ ඛෝ පනායස්මා චිත්තෝ හත්ථිසාරිපුත්තෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ න චිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ච ඛෝ පනායස්මා චිත්තෝ හත්ථිසාරිපුත්තෝ අරහතං අහෝසීති.

ඉතින් හත්ථිසාරිපුත්ත චිත්තයන් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබාගත්තා. උපසම්පදාවත් ලබාගත්තා. උපසම්පදාව ලබාගත් නොබෝ කලකින්ම ආයුෂ්මත් හත්ථිසාරිපුත්ත චිත්තයන් හුදෙකලා වුනා. පිරිසෙන් වෙන් වුනා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුනා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන කොට යම් කුලපුත්‍රයෙක් යම්කිසි බලාපොරොත්තුවකින් ගිහි ජීවිතය අත්හැරලා බුදු සසුනේ පැවිදි වුනාද, අන්න ඒ උත්තරීතර බඹසර පූර්ණත්වය වන අමා නිවන මේ ජීවිතයෙහිදීම විශේෂ ඤාණයකින් යුතුව අවබෝධ කරගෙන පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙමත් නම් වෙන උපතක් නැතැ’යි අවබෝධ වුනා. ආයුෂ්මත් හත්ථිසාරිපුත්ත චිත්ත තෙරුන් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුනා.

සාදු! සාදු!! සාදු!!!

පොට්ඨපාදසුත්තං නිට්ඨිතං නවමං.

නවවෙනි පොට්ඨපාද සූත්‍රය නිමාවිය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn1_9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M