අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

27. (7) කම්මපථවග්ගෝ

27. (7) කම්මපථ වර්ගය

4.7.1. පාණාතිපාත සූත්‍රය

සතුන් මැරීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් සතුන් මරන්නේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙහි යොදවන්නේ වෙයි. සතුන් මැරීම අනුමත කරන්නේ වෙයි. සතුන් මැරීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. සතුන් මැරීමෙන් වැළකීම අනුමත කරන්නේ වෙයි. සතුන් මැරීමෙන් වැළකීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පාණාතිපාත සූත්‍රය නිමා විය.

4.7.2. අදින්නාදාන සූත්‍රය

සොරකම් කිරීම ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් සොරකම් කරන්නේ වෙයි. අන්‍යයන් ද සොරකම් කිරීමෙහි යොදවන්නේ වෙයි. සොරකම් කිරීම අනුමත කරන්නේ වෙයි. සොරකම් කිරීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද සොරකම් කිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකීම අනුමත කරන්නේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අදින්නාදාන සූත්‍රය නිමා විය.

4.7.3. කාමමිච්ඡාචාර සූත්‍රය

කාම මිථ්‍යාචාරය ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. අන්‍යයන් ද කාමයෙහි වරදවා හැසිරීමෙහි යොදවන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීම අනුමත කරන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම අනුමත කරන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

කාමමිච්ඡාචාර සූත්‍රය නිමා විය.

4.7.4. මුසාවාද සූත්‍රය

බොරු කීම ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් බොරු කියන්නේ වෙයි. අන්‍යයන් ද බොරු කීමෙහි යොදවන්නේ වෙයි. බොරු කීම අනුමත කරන්නේ වෙයි. බොරු කීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් බොරු කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. බොරු කීමෙන් වැළකීම අනුමත කරන්නේ වෙයි. බොරු කීමෙන් වැළකීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

මුසාවාද සූත්‍රය නිමා විය.

4.7.5. පිසුණාවාචා සූත්‍රය

කේලාම් කීම ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් කේලාම් කියන්නේ වෙයි. අන්‍යයන් ද කේලාම් කීමෙහි යොදවන්නේ වෙයි. කේලාම් කීම අනුමත කරන්නේ වෙයි. කේලාම් කීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද කේලාම් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. කේලාම් කීමෙන් වැළකීම අනුමත කරන්නේ වෙයි. කේලාම් කීමෙන් වැළකීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පිසුණාවාචා සූත්‍රය නිමා විය.

4.7.6. ඵරුසාවාචා සූත්‍රය

දරුණු වචන කීම ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් දරුණු වචන කියන්නේ වෙයි. අන්‍යයන් ද දරුණු වචන කීමෙහි යොදවන්නේ වෙයි. දරුණු වචන කීම අනුමත කරන්නේ වෙයි. දරුණු වචන කීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද දරුණු වචන කීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. දරුණු වචන කීමෙන් වැළකීම අනුමත කරන්නේ වෙයි. දරුණු වචන කීමෙන් වැළකීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ඵරුසාවාචා සූත්‍රය නිමා විය.

4.7.7. සම්ඵප්පලාප සූත්‍රය

නිසරු බස් කීම ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් නිසරු බස් කියන්නේ වෙයි. අන්‍යයන් ද නිසරු බස් කීමෙහි යොදවන්නේ වෙයි. නිසරු බස් කීම අනුමත කරන්නේ වෙයි. නිසරු බස් කීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් නිසරු බස් කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද නිසරු බස් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. නිසරු බස් කීමෙන් වැළකීම අනුමත කරන්නේ වෙයි. නිසරු බස් කීමෙන් වැළකීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සම්ඵපප්පලාප සූත්‍රය නිමා විය.

4.7.8. අභිජ්ඣාලූ සූත්‍රය

විෂම ලෝභය ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් අන් සතු දෙයට ලෝභ වෙයි. අන්‍යයන් ද අන් සතු දෙයට ලෝභ වීමෙහි යොදවන්නේ වෙයි. අන් සතු දෙයට ලෝභ කිරීම අනුමත කරන්නේ වෙයි. අන් සතු දෙයට ලෝභ වීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් අන් සතු දෙයට ලෝභ කිරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද අන් සතු දෙයට ලෝභ කිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. අන් සතු දෙයට ලෝභ කිරීමෙන් වැළකීම අනුමත කරන්නේ වෙයි. අන් සතු දෙයට ලෝභ කිරීමෙන් වැළකීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අභිජ්ඣාලූ සූත්‍රය නිමා විය.

4.7.9. බ්‍යාපන්න චිත්ත සූත්‍රය

කෝප සිත ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් ද්වේෂ සිත් ඇත්තේ වෙයි. අන්‍යයන් ද ද්වේෂයෙහි යොදවන්නේ වෙයි. ද්වේෂ කිරීම අනුමත කරන්නේ වෙයි. ද්වේෂයෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් ද්වේෂයෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද ද්වේෂ කිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. ද්වේෂ කිරීමෙන් වැළකීම අනුමත කරන්නේ වෙයි. ද්වේෂ කිරීමෙන් වැළකීමෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

බ්‍යාපන්නචිත්ත සූත්‍රය නිමා විය.

4.7.10. මිච්ඡාදිට්ඨි සූත්‍රය

වැරදි දෘෂ්ටිය ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් වැරදි දෘෂ්ටි ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි දෘෂ්ටියෙහි යොදවන්නේ වෙයි. වැරදි දෘෂ්ටිය අනුමත කරන්නේ වෙයි. වැරදි දෘෂ්ටියෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

තමා ත් නිවැරදි දෘෂ්ටි ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි දෘෂ්ටියෙහි යොදවන්නේ වෙයි. නිවැරදි දෘෂ්ටිය අනුමත කරන්නේ වෙයි. නිවැරදි දෘෂ්ටියෙහි ගුණ කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් ….(පෙ)…. සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

මිච්ඡාදිට්ඨි සූත්‍රය නිමා විය.

හත්වෙනි කම්මපථ වර්ගය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M