අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

14. ඒතදග්ගපාළි

14. ඒතදග්ගපාළි

1.14.1 – 10

(සාවත්ථි නිදානං)

සැවැත් නුවර දී……

ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං රත්තඤ්ඤූනං යදිදං අඤ්ඤාකොණ්ඩඤ්ඤෝ, ….(පෙ)…. මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තෝ, ….(පෙ)…. ඉද්ධිමන්තානං යදිදං මහාමොග්ගල්ලානෝ, ….(පෙ)…. ධුතවාදානං යදිදං මහාකස්සපෝ, ….(පෙ)…. දිබ්බචක්ඛුකානං යදිදං අනුරුද්ධෝ, ….(පෙ)…. උච්චාකුලිකානං යදිදං භද්දියෝ කාළිගෝධාය පුත්තෝ, ….(පෙ)…. මඤ්ජුස්සරානං යදිදං ලකුණ්ටකභද්දියෝ, ….(පෙ)…. සීහනාදිකානං යදිදං පිණ්ඩෝලභාරද්වාජෝ, ….(පෙ)…. ධම්මකථිකානං යදිදං පුණ්ණෝ මන්තාණිපුත්තෝ, ….(පෙ)…. සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං විභජන්තානං යදිදං මහාකච්චානෝති.

“පින්වත් මහණෙනි, මේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් භික්ෂුවක් සිටියිද, මාගේ ශ්‍රාවක වූ පැවිදි වී බොහෝ කල් ගත කළ (චිරරාත්‍රඥ) භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ භික්ෂුවයි. ….(පෙ)…. මේ සාරිපුත්තයන් වනාහී මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් මහා මොග්ගල්ලානයන් වනාහී ඉර්ධිමත් භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් මහා කස්සපයන් වනාහී ධුතාංගධාරීව සිට එහි ගුණ පසසන භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් අනුරුද්ධයන් වනාහී දිවැස් (දිබ්බ චක්ඛු) ලාභී භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත්වෙනවා. ….(පෙ)…. මේ කාළිගෝධාවගේ පුත්‍ර වූ පින්වත් භද්දියයන් වනාහී උසස් කුලයක උපන් භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් ලකුණ්ටක භද්දියයන් වනාහී මිහිරි කට හඬ ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් පිණ්ඩෝල භාරද්වාජයන් වනාහී සද්ධර්මයෙන් සිංහනාද පවත්වන භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් මන්තානිපුත්‍ර පුණ්ණයන් වනාහී ධර්මකථික භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් මහා කච්චානයන් වනාහී තථාගතයන් වහන්සේ විසින් කෙටියෙන් වදාළ දේ විස්තරාත්මකව බෙදා විස්තර කරන භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

වග්ගෝ පඨමෝ.

පළමුවෙනි වර්ගයයි.

1.14.2. 1-11

ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං මනෝමයං කායං අභිනිම්මිණන්තානං යදිදං චූළපන්ථකෝ ල ….(පෙ)…. චේතෝවිවට්ටකුසලානං යදිදං චූල්ලපන්ථකෝ, ….(පෙ)…. සඤ්ඤාවිවට්ටකුසලානං යදිදං මහාපන්ථකෝ, ….(පෙ)…. අරණවිහාරීනං යදිදං සුභූති, ….(පෙ)…. දක්ඛිණෙය්‍යානං යදිදං සුභූති, ….(පෙ)…. ආරඤ්ඤකානං යදිදං රේවතෝ ඛදිරවනියෝ, ….(පෙ)…. ඣායීනං යදිදං කංඛාරේවතෝ, ….(පෙ)…. ආරද්ධවීරියානං යදිදං සෝණෝ කෝළිවීසෝ, ….(පෙ)…. කල්‍යාණවාක්කරණානං යදිදං සෝණෝ කුටිකණ්ණෝ, ….(පෙ)…. ලාභීනං යදිදං සීවලී, ….(පෙ)…. සද්ධාධිමුත්තානං යදිදං වක්කලීති.

“පින්වත් මහණෙනි, මේ පින්වත් චුල්ලපන්ථකයන් වනාහී මනෝමය කය මැවීමෙහි දක්ෂ වූ මාගේ ශ්‍රාවක භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් චුල්ලපන්ථකයන් වනාහී රූපාවචර ධ්‍යානයෙහි දක්ෂ වූ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් මහාපන්ථකයන් වනාහී අරූපාවචර ධ්‍යානයෙහි දක්ෂ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් සුභූති වනාහී කෙලෙස් රහිත විහරණයෙන් යුතු භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් සුභූති වනාහී දක්ෂිණාවන්ට සුදුසු භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් ඛදිරවනයේ රේවත වනාහී අරණ්‍යවාසී භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් කංඛාරේවත වනාහී ධ්‍යාන කරන භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත්වෙනවා. ….(පෙ)…. මේ පින්වත් සෝණ කෝළිවීසයන් වනාහී පටන් ගත් වීරිය ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් සෝණ කුටිකණ්ණයන් වනාහී ඉතා කල්‍යාණ වූ බස් පවසන භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් සීවලී වනාහී ලැබීම් ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් වක්කලී වනාහී බලවත් ශ්‍රද්ධාව ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

වග්ගෝ දුතියෝ.

දෙවෙනි වර්ගයයි.

1.14.3. 1-10

ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං සික්ඛාකාමානං යදිදං රාහුලෝ, ….(පෙ)…. සද්ධාපබ්බජිතානං යදිදං රට්ඨපාලෝ, ….(පෙ)…. පඨමං සලාකං ගණ්හන්තානං යදිදං කුණ්ඩධානෝ, ….(පෙ)…. පටිභානවන්තානං යදිදං වංගීසෝ, ….(පෙ)…. සමන්තපාසාදිකානං යදිදං උපසේනෝ වංගන්තපුත්තෝ, ….(පෙ)…. සේනාසනපඤ්ඤාපකානං යදිදං දබ්බෝ මල්ලපුත්තෝ, ….(පෙ)…. දේවතානං පියමනාපානං යදිදං පිලින්දිවච්ඡෝ, ….(පෙ)…. ඛිප්පාභිඤ්ඤානං යදිදං බාහියෝ දාරුචීරියෝ, ….(පෙ)…. චිත්තකථිකානං යදිදං කුමාරකස්සපෝ, ….(පෙ)…. පටිසම්භිදාපත්තානං යදිදං මහාකොට්ඨිතෝති.

“පින්වත් මහණෙනි, මේ පින්වත් රාහුලයන් වනාහී මාගේ ශ්‍රාවක වූ හික්මීමට කැමැති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් රට්ඨපාලයන් වනාහී ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් කුණ්ඩධානයන් වනාහී පළමු වෙනි දන් සලාකය ලබන භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් වංගීසයන් වනාහී නිර්මාණශීලී කුසලතා (ප්‍රතිභා ශක්තිය) ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් වංගන්ත පුත්‍ර උපසේනයන් වනාහී හැම අයුරින්ම පැහැදීම ඇති වෙන භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් මල්ල රාජ පුත්‍ර වූ දබ්බයන් වනාහී (ආගන්තුක භික්ෂූන්ට) සේනාසන සකස් කිරීමේ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත්වෙනවා. ….(පෙ)…. මේ පින්වත් පිළින්දිවච්ඡයන් වනාහී දෙවියන්ට ප්‍රිය මනාප භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් බාහිය දාරුචීරියයන් වනාහී ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කළ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් කුමාර කස්සපයන් වනාහී විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් මහා කොට්ඨිතයන් වනාහී පටිසම්භිදාවන්ට පත් වූ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

වග්ගෝ තතියෝ.

තුන් වෙනි වර්ගයයි.

1.14.4. 1-16

ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දෝ, ….(පෙ)…. සතිමන්තානං යදිදං ආනන්දෝ, ….(පෙ)…. ගතිමන්තානං යදිදං ආනන්දෝ, ….(පෙ)…. ධිතිමන්තානං යදිදං ආනන්දෝ, ….(පෙ)…. උපට්ඨාකානං යදිදං ආනන්දෝ, ….(පෙ)…. මහාපරිසානං යදිදං උරුවේලකස්සපෝ, ….(පෙ)…. කුලප්පසාදකානං යදිදං කාළුදායී, ….(පෙ)…. අප්පාබාධානං යදිදං බක්කුලෝ, ….(පෙ)…. පුබ්බේනිවාසං අනුස්සරන්තානං යදිදං සෝභිතෝ, ….(පෙ)…. විනයධරානං යදිදං උපාලි, භික්ඛුනෝවාදකානං යදිදං නන්දකෝ, ….(පෙ)…. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරානං යදිදං නන්දෝ, ….(පෙ)…. භික්ඛුඕවාදකානං යදිදං මහාකප්පිනෝ, ….(පෙ)…. තේජෝධාතුකුසලානං යදිදං සාගතෝ, ….(පෙ)…. පටිභානෙය්‍යකානං යදිදං රාධෝ, ….(පෙ)…. ලූඛචීවරධරානං යදිදං මෝඝරාජාති.

“පින්වත් මහණෙනි, මේ පින්වත් ආනන්දයන් වනාහී මාගේ ශ්‍රාවක වූ බොහෝ ඇසූ පිරූ දේ ඇති බහුශ්‍රැත භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. පින්වත් ආනන්දයන් වනාහී මනාව පිහිටි සිහි නුවණ ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. පින්වත් ආනන්දයන් වනාහී වහා වැටහෙන නුවණ ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. පින්වත් ආනන්දයන් වනාහී බලවත් ස්මරණ ශක්තිය ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. පින්වත් ආනන්දයන් වනාහී තථාගතයන් වහන්සේට උපස්ථාන කළ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් උරුවේල කස්සපයන් වනාහී මහා පිරිස් ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් කාළුදායීයන් වනාහී දායක පවුල් පහදවන්නා වූ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් බක්කුලයන් වනාහී අල්ප වූ ආබාධ ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් සෝභිතයන් වනාහී පෙර විසූ ජීවිත ගැන සිහි කිරීමේ කුසලතා ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් උපාලි වනාහී විනයධර භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් නන්දකයන් වනාහී භික්ෂුණීන්ට අවවාද කිරීමේ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් නන්දයන් වනාහී මැනැවින් රැකගත් ඉන්ද්‍රියන් ඇති භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් මහා කප්පිනයන් වනාහී භික්ෂූන්ට අවවාද කිරීමේ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් සාගතයන් වනාහී තේජෝ ධාතු සමාපත්තියට සමවැදීමේ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් රාධයන් වනාහී අවබෝධයට හේතු වන ධර්ම කථා පවසන්නා වූ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් මෝඝරාජයන් වනාහී රළු සිවුරු දරණ භික්ෂූන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

වග්ගෝ චතුත්ථෝ.

හතර වෙනි වර්ගයයි.

1.14.5. 1-13

ඒතදග්ගං භික්ඛවේ, මම සාවිකානං භික්ඛුනීනං රත්තඤ්ඤූනං යදිදං මහාපජාපතිගෝතමී, ….(පෙ)…. මහාපඤ්ඤානං යදිදං ඛේමා, ….(පෙ)…. ඉද්ධිමන්තීනං යදිදං උප්පලවණ්ණා, ….(පෙ)…. විනයධරානං යදිදං පටාචාරා, ….(පෙ)…. ධම්මකථිකානං යදිදං ධම්මදින්නා, ….(පෙ)…. ඣායීනං යදිදං නන්දා, ….(පෙ)…. ආරද්ධවීරියානං යදිදං සෝණා, ….(පෙ)…. දිබ්බචක්ඛුකානං යදිදං සකුලා, ….(පෙ)…. ඛිප්පාභිඤ්ඤානං යදිදං භද්දා කුණ්ඩලකේසා, ….(පෙ)…. පුබ්බේනිවාසං අනුස්සරන්තීනං යදිදං භද්දා කාපිලානී, ….(පෙ)…. මහාභිඤ්ඤප්පත්තානං යදිදං භද්දකච්චානා, ….(පෙ)…. ලූඛචීවරධරානං යදිදං කිසාගෝතමී, ….(පෙ)…. සද්ධාධිමුත්තානං යදිදං සිංගාලමාතාති.

“පින්වත් මහණෙනි, මේ මහා ප්‍රජාපතී ගෞතමිය නම් වූ භික්ෂුණියක් සිටියිද, මාගේ ශ්‍රාවිකාවන් වූ පැවිදි වී බොහෝ කල් ගත කළ (චිරරාත්‍රඥ) භික්ෂූණීන් අතුරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ භික්ෂුණියයි. ….(පෙ)…. මේ පින්වත් ඛේමාවන් වනාහී මහා ප්‍රඥා ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් උප්පලවණ්ණා වනාහී ඉර්ධිමත් භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් පටාචාරාවන් වනාහී විනයධර භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් ධම්මදින්නා වනාහී ධර්මකථික භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් නන්දා වනාහී ධ්‍යාන කරන භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් සෝණා වනාහී පටන් ගත් වීරිය ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් සකුලා වනාහී දිවැස් ලාභී භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් භද්‍රා කුණ්ඩලකේසා වනාහී ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කළ භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් භද්‍රාකාපිලානි වනාහී පෙර ජීවිත ගැන සිහි කිරීමේ කුසලතා ඇති භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් භද්දකච්චානා වනාහී මහා අභිඤ්ඤාවන්ට (මහා අවබෝධයකට) පත් භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් කිසාගෝතමිය වනාහී රළු සිවුරු දරන භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා. ….(පෙ)…. මේ පින්වත් සිඟාලමාතා වනාහී බලවත් ශ්‍රද්ධාව මුල්කොට නිවනට පැමිණි භික්ෂුණීන් අතුරින් අග්‍ර භාවයට පත් වෙනවා.”

වග්ගෝ පඤ්චමෝ.

පස්වෙනි වර්ගයයි.

1.14.6. 1-10

ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං උපාසකානං පඨමං සරණං ගච්ඡන්තානං යදිදං තපුස්සභල්ලිකා වාණිජා, ….(පෙ)…. දායකානං යදිදං සුදත්තෝ ගහපති අනාථපිණ්ඩිකෝ, ….(පෙ)…. ධම්මකථිකානං යදිදං චිත්තෝ ගහපති මච්ඡිකාසණ්ඩිකෝ, ….(පෙ)…. චතූහි සංගහවත්ථූහි පරිසං සංගණ්හන්තානං යදිදං හත්ථකෝ ආළවකෝ, ….(පෙ)…. පණීතදායකානං යදිදං මහානාමෝ සක්කෝ, ….(පෙ)…. මනාපදායකානං යදිදං උග්ගෝ ගහපති වේසාලිකෝ, ….(පෙ)…. සංඝුපට්ඨාකානං යදිදං හත්ථිගාමකෝ උග්ගතෝ ගහපති, ….(පෙ)…. අවෙච්චප්පසන්නානං යදිදං සූරෝ අම්බට්ඨෝ, ….(පෙ)…. පුග්ගලප්පසන්නානං යදිදං ජීවකෝ කෝමාරභච්චෝ, ….(පෙ)…. විස්සාසකානං යදිදං නකුලපිතා ගහපතීති.

“පින්වත් මහණෙනි, මේ තපුස්ස භල්ලික නම් වූ වෙළඳ ව්‍යාපාරික පින්වතුන් දෙදෙනෙක් සිටිද්ද, මාගේ ගිහි ශ්‍රාවක වූ පළමුවෙන්ම (බුදුන්, දහම්) සරණ ගිය උපාසකයන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසකවරුන්ය. ….(පෙ)…. අනාථපිණ්ඩික නම් වූ මේ සුදත්ත ගෘහපතිතුමා නම් උපාසකයෙක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවක වූ දායක උපාසකයන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසකතුමායි. ….(පෙ)…. මච්ඡිකාසණ්ඩ නගරවාසී මේ චිත්ත ගෘහපති නම් වූ උපාසකයෙක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවක වූ ධර්මකථික උපාසකයන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසකතුමායි. ….(පෙ)…. මේ හත්ථක ආළවක නම් වූ උපාසකයෙක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවක වූ සතර සංග්‍රහ වස්තුවලින් පිරිසට සංග්‍රහ කරන උපාසකයන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසකතුමායි. ….(පෙ)…. මේ ශාක්‍ය වංශික මහානාම නම් උපාසකයෙක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවක වූ ප්‍රණීත දේ දන් දෙන උපාසකයන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසකතුමායි. ….(පෙ)…. විශාලා නුවරවාසී මේ උග්ග ගෘහපති නම් උපාසකයෙක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවක වූ මනාප වූ කැමැති දේ දන් දෙන උපාසකයන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසකතුමායි. ….(පෙ)…. මේ උග්ග ගෘහපති නම් උපාසකයෙක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවක වූ සංඝයාට උපස්ථාන කරන උපාසකයන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසකතුමායි. ….(පෙ)…. මේ සූර අම්බට්ඨ නම් උපාසකයෙක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවක වූ අචල පැහැදීමෙන් යුක්ත උපාසකයන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසකතුමායි. ….(පෙ)…. මේ ජීවක කෝමාරභච්ච නම් උපාසකයෙක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවක වූ පුද්ගලික පැහැදීමෙන් යුක්ත උපාසකයන් අතරින් අග්‍රභාවයට පත්වන්නේ මේ උපාසක තුමායි. මේ නකුලපිතු ගෘහපති නම් උපාසකයෙක් සිටියි ද, මාගේ ගිහි ශ්‍රාවක වූ විශ්වාසනීය වචන ඇති උපාසකයන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසකතුමායි.”

වග්ගෝ ඡට්ඨෝ.

හයවෙනි වර්ගයයි.

1.14.7. 1-10

ඒතදග්ගං භික්ඛවේ, මම සාවිකානං උපාසිකානං පඨමං සරණං ගච්ඡන්තීනං යදිදං සුජාතා සේනානීධීතා, ….(පෙ)…. දායිකානං යදිදං විසාඛා මිගාරමාතා, ….(පෙ)…. බහුස්සුතානං යදිදං ඛුජ්ජුත්තරා, ….(පෙ)…. මෙත්තාවිහාරීනං යදිදං සාමාවතී, ….(පෙ)…. ඣායීනං යදිදං උත්තරානන්දමාතා, ….(පෙ)…. පණීතදායිකානං යදිදං සුප්පවාසා කෝලියධීතා, ….(පෙ)…. ගිලානුපට්ඨාකීනං යදිදං සුප්පියා උපාසිකා ….(පෙ)…. අවෙච්චප්පසන්නානං යදිදං කාතියානී, ….(පෙ)…. විස්සාසිකානං යදිදං නකුලමාතා ගහපතානී, ….(පෙ)…. අනුස්සවප්පසන්නානං යදිදං කාළී උපාසිකා කුරරඝරිකාති.

“පින්වත් මහණෙනි, සේනානි සිටු දියණිය වන මේ සුජාතා නම් උපාසිකාවක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවිකාවන් වූ පළමුවෙන්ම බුදුන් සරණ ගිය උපාසිකාවන් අතුරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසිකාවයි. ….(පෙ)…. මිගාර මාතාව නම් විරුදාවලිය ලත් මේ විශාඛා නම් උපාසිකාවක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවිකාවන් වූ දායිකා උපාසිකාවන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසිකාවයි. ….(පෙ)…. මේ ඛුජ්ජුත්තරා නම් උපාසිකාවක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවිකාවන් වූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත උපාසිකාවන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසිකාවයි. ….(පෙ)…. මේ සාමාවතී නම් උපාසිකාවක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවිකාවන් වූ මෛත්‍රී ධ්‍යාන සිතින් වාසය කරන උපාසිකාවන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසිකාවයි. ….(පෙ)…. මේ උත්තරා නන්දමාතා නම් උපාසිකාවක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවිකාවන් වූ ධ්‍යාන වඩන උපාසිකාවන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසිකාවයි. ….(පෙ)…. කෝලිය දියණිය වන මේ සුප්පාවාසා නම් උපාසිකාවක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවිකාවන් වූ ප්‍රණීත දන් පැන් පුදන්නා වූ උපාසිකාවන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසිකාවයි. ….(පෙ)…. මේ සුප්පියා නම් උපාසිකාවක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවිකාවන් වූ ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්නා වූ උපාසිකාවන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසිකාවයි. ….(පෙ)…. මේ කාතියානී නම් උපාසිකාවක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවිකාවන් වූ අචල පැහැදීමෙන් යුතු උපාසිකාවන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසිකාවයි. ….(පෙ)…. මේ නකුලමාතා ගෘහපතිනිය නම් උපාසිකාවක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවිකාවන් වූ විශ්වාසනීය වචන ඇති උපාසිකාවන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසිකාවයි. ….(පෙ)…. කුරරඝරවාසී මේ කාළි නම් උපාසිකාවක් සිටියිද, මාගේ ගිහි ශ්‍රාවිකාවන් වූ ඇසීමෙන් පැහැදීමට පත් උපාසිකාවන් අතරින් අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසිකාවයි.”

වග්ගෝ සත්තමෝ.

හත්වෙනි වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M