අංගුත්තර නිකාය

දුක නිපාතෝ

8. (3) සනිමිත්තවග්ගෝ

8. (3) සනිමිත්ත වර්ගය

2.2.8.1.

(සාවත්ථි නිදානං:)

සැවැත් නුවරදී …………

27. සනිමිත්තා භික්ඛවේ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නෝ අනිමිත්තා. තස්සේව නිමිත්තස්ස පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.

පින්වත් මහණෙනි, අරමුණු සහිතවමයි පාපී අකුසල් උපදින්නේ. අරමුණු රහිතව නොවෙයි. ඒ අරමුණුම ප්‍රහීණ කිරීමෙන් තමයි මේ විදිහට ඒ පාපී අකුසල් නැති වෙන්නෙ.

2.2.8.2.

28. සනිදානා භික්ඛවේ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නෝ අනිදානා. තස්සේව නිදානස්ස පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.

28. පින්වත් මහණෙනි, මූලික පදනමක් සහිතවමයි පාපී අකුසල් උපදින්නේ. මූලික පදනමක් රහිතව නොවෙයි. ඒ මූලික පදනමම ප්‍රහීණ කිරීමෙන් තමයි මේ විදිහට ඒ පාපී අකුසල් නැති වෙන්නෙ.

2.2.8.3.

29. සහේතුකා භික්ඛවේ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නෝ අහේතුකා. තස්සේව හේතුස්ස පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.

29. පින්වත් මහණෙනි, හේතු සහිතවමයි පාපී අකුසල් උපදින්නේ. හේතු රහිතව නොවෙයි. ඒ හේතුම ප්‍රහීණ කිරීමෙන් තමයි මේ විදිහට ඒ පාපී අකුසල් නැති වෙන්නෙ.

2.2.8.4.

30. සප්පච්චයා භික්ඛවේ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා නෝ අප්පච්චයා. තස්සේව පච්චයස්ස පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.

30. පින්වත් මහණෙනි, ප්‍රත්‍යය සහිතවමයි පාපී අකුසල් උපදින්නේ. ප්‍රත්‍යය රහිතව නොවෙයි. ඒ ප්‍රත්‍යයම ප්‍රහීණ කිරීමෙන් තමයි මේ විදිහට ඒ පාපී අකුසල් නැති වෙන්නෙ.

2.2.8.5.

31. සරූපා භික්ඛවේ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නෝ අරූපා. තස්සේව රූපස්ස පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.

31. පින්වත් මහණෙනි, රූප උපාදානස්කන්ධය සහිතවමයි පාපී අකුසල් උපදින්නේ. රූප උපාදානස්කන්ධය රහිතව නොවෙයි. ඒ රූප උපාදානස්කන්ධයම ප්‍රහීණ කිරීමෙන් තමයි මේ විදිහට ඒ පාපී අකුසල් නැති වෙන්නෙ.

2.2.8.6.

32. සවේදනා භික්ඛවේ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නෝ අවේදනා. තස්සායේව වේදනාය පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.

32. පින්වත් මහණෙනි, වේදනා උපාදානස්කන්ධය සහිතවමයි පාපී අකුසල් උපදින්නේ. වේදනා උපාදානස්කන්ධය රහිතව නොවෙයි. ඒ වේදනා උපාදානස්කන්ධයම ප්‍රහීණ කිරීමෙන් තමයි මේ විදිහට ඒ පාපී අකුසල් නැති වෙන්නෙ.

2.2.8.7.

33. සසඤ්ඤා භික්ඛවේ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නෝ අසඤ්ඤා. තස්සායේව සඤ්ඤාය පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.

33. පින්වත් මහණෙනි, සඤ්ඤා උපාදානස්කන්ධය සහිතවමයි පාපී අකුසල් උපදින්නේ. සඤ්ඤා උපාදානස්කන්ධය රහිතව නොවෙයි. ඒ සඤ්ඤා උපාදානස්කන්ධයම ප්‍රහීණ කිරීමෙන් තමයි මේ විදිහට ඒ පාපී අකුසල් නැති වෙන්නෙ.

2.2.8.8.

34. සසංඛාරා භික්ඛවේ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නෝ අසංඛාරා. තේසං යේව සංඛාරානං පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.

34. පින්වත් මහණෙනි, සංස්කාර උපාදානස්කන්ධය සහිතවමයි පාපී අකුසල් උපදින්නේ. සංස්කාර උපාදානස්කන්ධය රහිතව නොවෙයි. ඒ සංස්කාර උපාදානස්කන්ධයම ප්‍රහීණ කිරීමෙන් තමයි මේ විදිහට ඒ පාපී අකුසල් නැති වෙන්නෙ.

2.2.8.9.

35. සවිඤ්ඤාණා භික්ඛවේ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නෝ අවිඤ්ඤාණා. තස්සේව විඤ්ඤාණස්ස පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.

35. පින්වත් මහණෙනි, විඤ්ඤාණ උපාදානස්කන්ධය සහිතවමයි පාපී අකුසල් උපදින්නේ. විඤ්ඤාණ උපාදානස්කන්ධය රහිතව නොවෙයි. ඒ විඤ්ඤාණ උපාදානස්කන්ධයම ප්‍රහීණ කිරීමෙන් තමයි මේ විදිහට ඒ පාපී අකුසල් නැති වෙන්නෙ.

2.2.8.10.

36. සංඛතාරම්මණා භික්ඛවේ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නෝ අසංඛතාරම්මණා. තස්සේව සංඛතස්ස පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මා න හොන්තීති.

36. පින්වත් මහණෙනි, හේතු ප්‍රත්‍යයෙන් හටගත් අරමුණුවලින් තමයි පාපී අකුසල් උපදින්නේ. හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් අරමුණුවලින් නම් නොවෙයි. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ ම ප්‍රහීණ කිරීමෙන් තමයි මේ විදිහට ඒ පාපී අකුසල් නැති වෙන්නෙ.

වග්ගෝ අට්ඨමෝ.

අටවෙනි වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-2-8-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M