සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙනා ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලිකරණීය වෙති. ලෝකයාගේ උතුම් පින්කෙත වෙති. ඒ කවර සත් දෙනෙක් ද යත්;
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඇස පිළිබඳ ව අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරයි. අනිත්‍ය සංඥාවෙන් යුතුව, අනිත්‍යයට සංවේදී වෙමින්, හැමකල්හී, නිරතුරු ව, වෙනත් අරමුණුවලට මිශ්‍ර නොවුණු සිතින්, එහි ම ස්ථිරව පිහිටුවමින්, ප්‍රඥාවෙහි බැසගනිමින් වෙසෙයි. ඔහු ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, පාහුනෙය්‍ය වූ, දක්ඛිණෙය්‍ය වූ, අංජලිකරණීය වූ, ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ පළමු වෙනි පුද්ගලයා ය.
තව ද මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් ඇස පිළිබඳ ව අනිත්‍ය අනුව බලමින්, අනිත්‍ය සංඥාවෙන් යුතුව, අනිත්‍යයට සංවේදී වෙමින්, හැම කල්හි නිරතුරුව, වෙනත් සිතක් හා මුසු නොවී, විදර්ශනාවට බැස ගනිමින්, ප්‍රඥාවෙන් අවබෝධ කරමින් වාසය කරයි. පෙර පසු නොවී ඔහුගේ ආශ්‍රවයන් නැති වීම ත්, ජීවිතය නැති වීම ත් එකවර සිදුවෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ දෙවෙනි පුද්ගලයා ය.
තව ද මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් ඇස පිළිබඳ ව අනිත්‍ය අනුව බලමින්, අනිත්‍ය සංඥාවෙන් යුතුව, අනිත්‍යයට සංවේදී වෙමින්, හැම කල්හි නිරතුරුව, වෙනත් සිතක් හා මුසු නොවී, විදර්ශනාවට බැස ගනිමින්, ප්‍රඥාවෙන් අවබෝධ කරමින් වාසය කරයි. හේ ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කොට සුද්ධාවාස බඹලොව උපදින අතරේ පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ තෙවෙනි පුද්ගලයා ය.
….(පෙ)…. සුද්ධාවාස බඹලොව ඉපිද අඩක් ආයු ගෙවා පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ සිව්වෙනි පුද්ගලයා ය …..(පෙ)…. සුද්ධාවාස බඹලොව ඉපිද උත්සාහ රහිත ව පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ පස්වෙනි පුද්ගලයා ය. ….(පෙ)…. සුද්ධාවාස බඹලොව ඉපිද උත්සාහ සහිත ව පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ සයවෙනි පුද්ගලයා ය. ….(පෙ)…. සුද්ධාවාස බඹලොව ඉපිද අකණිටා බඹලොව තෙක් යන සුළු ව පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ සත්වෙනි පුද්ගලයා ය.
මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙනා ආහුනෙය්‍ය වෙති. පාහුනෙය්‍ය වෙති. දක්ඛිණෙය්‍ය වෙති. අංජලිකරණීය වෙති. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙති.
සාදු! සාදු!! සාදු!!!
චක්ඛු අනිච්චානුපස්සී සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙනා ආහුනෙය්‍ය, ….(පෙ)…. ලෝකයාගේ උතුම් පින්කෙත වෙති. ඒ කවර සත් දෙනෙක් ද යත්;
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඇස පිළිබඳ ව දුක් වශයෙන් දකිමින් වාසය කරයි. ….(පෙ)….
3. ….(පෙ)…. ඇස පිළිබඳ ව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරයි. ….(පෙ)….
4. ….(පෙ)…. ඇස පිළිබඳ ව ක්ෂය වීම දකිමින් වාසය කරයි. ….(පෙ)….
5. ….(පෙ)…. ඇස පිළිබඳ ව වැනසී යාම දකිමින් වාසය කරයි. ….(පෙ)….
6. ….(පෙ)…. ඇස පිළිබඳ ව විරාගය දකිමින් වාසය කරයි. ….(පෙ)….
7. ….(පෙ)…. ඇස පිළිබඳ ව නිරෝධය දකිමින් වාසය කරයි. ….(පෙ)….
8. ….(පෙ)…. ඇස පිළිබඳ ව ඇල්ම දුරැලීම දකිමින් වාසය කරයි. ….(පෙ)….
සැවැත් නුවර දී ය …..
9-96 කනෙහි ….(පෙ)…. නාසයෙහි ….(පෙ)…. දිවෙහි ….(පෙ)…. කයෙහි ….(පෙ)…. මනසෙහි ….(පෙ)…. රූප පිළිබඳ ව ….(පෙ)…. ශබ්ද පිළිබඳ ව ….(පෙ)…. ගන්ධ පිළිබඳ ව ….(පෙ)…. රස පිළිබඳ ව ….(පෙ)…. ස්පර්ශ පිළිබඳ ව ….(පෙ)…. අරමුණු පිළිබඳ ව ….(පෙ)….
97-144 ඇසේ විඤ්ඤාණයෙහි ….(පෙ)…. කනේ විඤ්ඤාණයෙහි ….(පෙ)…. නාසයේ විඤ්ඤාණයෙහි ….(පෙ)…. දිවේ විඤ්ඤාණයෙහි ….(පෙ)…. කයේ විඤ්ඤාණයෙහි ….(පෙ)…. මනසේ විඤ්ඤාණයෙහි ….(පෙ)….
145-192 ඇසේ ස්පර්ශයෙහි ….(පෙ)…. කනේ ස්පර්ශයෙහි ….(පෙ)…. නාසයේ ස්පර්ශයෙහි ….(පෙ)…. දිවේ ස්පර්ශයෙහි ….(පෙ)…. කයේ ස්පර්ශයෙහි ….(පෙ)…. මනසේ ස්පර්ශයෙහි ….(පෙ)….
193-240 ඇසේ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි ….(පෙ)…. කනේ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි ….(පෙ)…. නාසයේ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි ….(පෙ)…. කයේ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් හටගත් වේදනාවෙහි ….(පෙ)….
241-288 රූප සංඥාවෙහි ….(පෙ)…. ශබ්ද සංඥාවෙහි ….(පෙ)…. ගන්ධ සංඥාවෙහි ….(පෙ)…. රස සංඥාවෙහි ….(පෙ)…. ස්පර්ශ සංඥාවෙහි ….(පෙ)…. අරමුණු සංඥාවෙහි ….(පෙ)….
289-336 රූප සංචේතනාවෙහි ….(පෙ)…. ශබ්ද සංචේතනාවෙහි ….(පෙ)…. ගන්ධ සංචේතනාවෙහි ….(පෙ)…. රස සංචේතනාවෙහි ….(පෙ)…. ස්පර්ශ සංචේතනාවෙහි ….(පෙ)…. අරමුණු සංචේතනාවෙහි ….(පෙ)….
337-384 රූප තණ්හාවෙහි ….(පෙ)…. ශබ්ද තණ්හාවෙහි ….(පෙ)…. ගන්ධ තණ්හාවෙහි ….(පෙ)…. රස තණ්හාවෙහි ….(පෙ)…. ස්පර්ශ තණ්හාවෙහි ….(පෙ)…. අරමුණු තණ්හාවෙහි ….(පෙ)….
385-432 රූප විතර්කයෙහි ….(පෙ)…. ශබ්ද විතර්කයෙහි ….(පෙ)…. ගන්ධ විතර්කයෙහි ….(පෙ)…. රස විතර්කයෙහි ….(පෙ)…. ස්පර්ශ විතර්කයෙහි ….(පෙ)…. අරමුණු විතර්කයෙහි ….(පෙ)….
433-480 රූප විචාරයෙහි ….(පෙ)…. ශබ්ද විචාරයෙහි ….(පෙ)…. ගන්ධ විචාරයෙහි ….(පෙ)…. රස විචාරයෙහි ….(පෙ)…. ස්පර්ශ විචාරයෙහි ….(පෙ)…. අරමුණු විචාරයෙහි ….(පෙ)….
481-520 රූප ස්කන්ධයෙහි ….(පෙ)…. වේදනා ස්කන්ධයෙහි ….(පෙ)…. සංඥා ස්කන්ධයෙහි ….(පෙ)…. සංස්කාර ස්කන්ධයෙහි ….(පෙ)…. විඤ්ඤාණ ස්කන්ධයෙහි අනිත්‍ය අනුව බලමින් වාසය කරයි ….(පෙ)…. දුක අනුව බලමින් වාසය කරයි ….(පෙ)…. අනාත්ම අනුව බලමින් වාසය කරයි ….(පෙ)…. ක්ෂයවීම අනුව බලමින් වාසය කරයි ….(පෙ)…. වැනසීම අනුව බලමින් වාසය කරයි ….(පෙ)…. විරාගය අනුව බලමින් වාසය කරයි ….(පෙ)…. නිරෝධය අනුව බලමින් වාසය කරයි ….(පෙ)…. තණ්හාව දුරැලීම අනුව බලමින් වාසය කරයි ….(පෙ)….
පස්වෙනි ආහුනෙය්‍ය වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M