2.2.9.1.
සැවැත් නුවරදී …………
පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක් ද යත්? චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.2.9.2.
38. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක් ද යත්? සමථ විදර්ශනා ආදිය දියුණු කරගැනීමට ගන්නා වීර්යයත්, සිතේ නොවිසිරීම නම් වූ ඒකාග්‍රතාවයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.2.9.3.
39. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක්ද යත්? වේදනා සඤ්ඤා චේතනා ඵස්ස මනසිකාර යන නාමත්, සතර මහා භූතත් එයින් නිපන් රූපත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.2.9.4.
40. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක් ද යත්? සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් ලබන චතුරාර්ය සත්‍යාවබෝධය නම් වූ විද්‍යාවත්, තණ්හාවෙන් නිදහස් වීම නම් වූ විමුක්තියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.2.9.5.
41. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක් ද යත්? භව පැවැත්ම පිළිබඳව ඇති කරගන්නා දෘෂ්ටිත්, විභවයේ පැවැත්ම පිළිබඳ ඇති කරගන්නා දෘෂ්ටිත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.2.9.6.
42. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක් ද යත්? පවට ලැජ්ජා නැති බවත්, පවට භය නැති බවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.2.9.7.
43. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක් ද යත්? පවට ලැජ්ජා ඇති බවත්, පවට භය ඇති බවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.2.9.8.
44. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක් ද යත්? යහපත් ධර්මාවවාද නො පිළිගන්නා බව වූ දුර්වච බවත්, පාපමිත්‍ර ඇසුරත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.2.9.9.
45. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක් ද යත්? යහපත් ධර්මාවවාද පිළිගන්නා බව වූ සුවච බවත්, කල්‍යාණ මිත්‍ර ඇසුරත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.2.9.10.
46. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක් ද යත්? ධාතු ස්වභාවයන් තේරුම් ගැනීමේ කුසලතාවත්, ඒවා අනිත්‍ය ආදී වශයෙන් නුවණින් මෙනෙහි කිරීමේ කුසලතාවයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
2.2.9.11.
47. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ කවර ධර්ම දෙකක් ද යත්? පාරාජිකා, සංඝාදිසේස, අනියත, නිසඟි, පචිති, පාටිදේසනීය, සේඛියා යන හත් වැදෑරුම් ආපත්ති තේරුම් ගැනීමේ කුසලතාවත්, එම ආපත්තිවලින් නැගී සිටීමේ කුසලතාවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ධර්ම දෙක.
නවවෙනි වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-2-9-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M