ඛුද්දක නිකාය

ථේරී ගාථා

16. මහා නිපාතෝ

16. මහා නිපාතය

1. සුමේධා ථේරීගාථා

1. සුමේධා තෙරණියගේ ගාථා

447. මන්තාවතියා නගරේ
රඤ්ඤෝ කොඤ්චස්ස අග්ගමහේසියා,
ධීතා ආසි සුමේධා
පසාදිතා සාසනකරේහි.

447. මන්තාවතී නගරේ, කොඤ්ච රජ්ජුරුවන් ගේ අගමෙහෙසියට දුවක් හිටියා. එයා ගෙ නම සුමේධා. එයා බුද්ධ ශාසනය ගැන ගොඩක් පැහැදිලා හිටියේ.

448. සීලවතී චිත්තකථා
බහුස්සුතා බුද්ධසාසනේ විනීතා,
මාතාපිතරෝ උපගම්ම
භණති උභයෝ නිසාමේථ.

448. ඇත්තෙන් ම එයා සිල්වත්. ලස්සනට කතා කරන්න දන්නවා. ඒ වගේ ම බහුශ්‍රැත යි. බුදු සසුනේ හික්මිලා ඉන්නෙ. ඉතින් එයා දෙමාපියන් ළඟට ගිහින් මෙහෙම කීවා. “ඔයාල දෙන්න ම මං කියන දේ අහන්න.”

449. නිබ්බානාභිරතාහං
අසස්සතං භවගතං යදිපි දිබ්බං,
කිමංග පන තුච්ඡා කාමා
අප්පස්සාදා බහුවිඝාතා.

449. “මං කැමති නිවනට විතර යි. දෙව් ලොව ඉපදුණත් ඒ භවය ස්ථීර නෑ. මිනිස් ලෝකෙ කාම සම්පත් ගැන කතා කරන්න දෙයක් නෑ. ඒවා තුච්ඡ යි. පුංචි ආශ්වාදයක් තියෙන්නෙ. ආදීනව ම යි වැඩි.”

450. කාමා කටුකා ආසී
විසූපමා යේසු මුච්ඡිතා බාලා,
තේ දීඝරත්තං නිරයේ
සමප්පිතා හඤ්ඤන්තේ දුක්ඛිතා.

450. මෝඩ ජනතාව කාමයෙන් මුසපත් වෙලා හිටියත්, කාමයන් හරි ම කටුක යි. භයානක සර්ප විෂ වගෙ යි. මෝඩ ජනතාව කාමයන් පස්සෙ ගිහින් අන්තිමේ දී නිරයේ වැටිල අනන්ත දුක් විඳිනවා.

451. සෝචන්ති පාපකම්මා
විනිපාතේ පාපබුද්ධිනෝ,
සදා කායේන වාචාය
මනසා ච අසංවුතා.

451. පාප බුද්ධි ඇති කරගෙන පව් කරල, සිත, කය වචන යන තුන් දොරින් ම පව් කරල නිරයේ ඉපදිලා ශෝක කරනවා.

452. බාලා තේ දුප්පඤ්ඤා
අචේතනා දුක්ඛසමුදයෝ රුද්ධා,
දේසෙන්තේ අජානන්තා
න බුජ්ඣතේ අරියසච්චානි.

452. ප්‍රඥාවක් නැති, සිතීමේ හැකියාවක් නැති ඒ මෝඩ ජනතාව දුක්ඛ සමුදයේ බැසගෙන සංසාරෙට අහුවෙලා ඉන්නවා. ආර්ය සත්‍ය ධර්මයක් දේශනා කරල තිබෙද්දී ත් ඒව තේරුම් ගන්නෙ නෑ. අවබෝධ කරගන්නෙ නෑ.

453. සච්චානි අම්ම බුද්ධවර
දේසිතානි තේ බහුතරා අජානන්තා,
යේ අභිනන්දන්ති භවගතං
පිහෙන්ති දේවේසු උපපත්තිං.

453. අම්මේ, ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳුන් දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය නොදන්න ජනතාව ම යි වැඩියෙන් ඉන්නෙ. ඔවුන් ගොඩාක් කැමති දෙව් ලොවක ආයෙමත් උපදින්ට යි.

454. දේවේසුපි උපපත්ති
අසස්සතා භවගතේ අනිච්චම්හි,
න ච සන්තසන්ති බාලා
පුනප්පුනං ජායිතබ්බස්ස.

454. භවයට අයිති හැම දෙයක් ම අනිත්‍ය යි. ඉතින් දිව්‍ය ලෝකවල උපත ත් අනිත්‍යය යි. නමුත් අඥාන ජනතාව ආයෙ ආයෙමත් උපදින්ට කිසි ම බයක් නෑ.

455. චත්තාරෝ විනිපාතා
ද්වේ ච ගතියෝ කථඤ්චි ලබ්භන්ති,
න ච විනිපාතගතානං
පබ්බජ්ජා අත්ථි නිරයේසු.

455. සතර අපායකින් යුක්ත මේ ලෝකෙ දෙව්-මිනිස් ලෝකවල ඉපදීම ත් දුක සේ ම යි ලැබිය යුත්තේ. අපායේ, නිරයේ ඉපදුණු කෙනෙකුට එහෙදි මේ වගේ උතුම් පැවිද්දක් නෑ.

456. අනුජානාථ මං උභයෝ
පබ්බජිතුං දසබලස්ස පාවචනේ,
අප්පොස්සුක්කා ඝටිස්සං
ජාතිමරණප්පහානාය.

456. ඉතින්, ඔයාල දෙන්න ම මට අවසර දෙන්ට, දසබල ඇති බුදු සමිඳුන්ගේ සසුනේ මහණ වෙන්ට. මේ ඉපදෙන මැරෙන සංසාරෙ නැති කරන්ට මං ගොඩාක් මහන්සි ගන්නම්.

457. කිං භවගතේන අභිනන්දිතේන
කායකලිනා අසාරේන,
භවතණ්හාය නිරෝධා
අනුජානාථ පබ්බජිස්සාමි.

457. මේ ශරීරය කියන්නෙ අසාර දෙයක්. මේ භවය පිළිගැනීමෙන් සිද්ධ වෙන යහපත මොකක් ද? භව තෘෂ්ණාව නිරුද්ධ කිරීමට ම යි මං මහණ වෙන්නෙ. ඉතින් ඒකට මට අවසර දෙන්ට.

458. බුද්ධානං උප්පාදෝ
විවජ්ජිතෝ අක්ඛණෝ ඛණෝ ලද්ධෝ,
සීලානි බ්‍රහ්මචරියං
යාවජීවං න දූසෙය්‍යං.

458. දැන් මේ තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක්. ධර්මය අවබෝධ කරගන්ට බැරි අවස්ථාවන්ගෙන් මං මිදිල ඉන්නෙ. උතුම් අවස්ථාවක් උදාවෙලා තියෙන්නෙ. සිල්වත් බව ත්, බ්‍රහ්මචාරී ජීවිතය ත් දිවි තිබෙන තුරා ම ආරක්ෂා කරගන්නම්.

459. ඒවං භණති සුමේධා
මාතාපිතරෝ න තාව ආහාරං,
ආහරියාමි ගහට්ඨා
මරණවසං ගතාව හෙස්සාමි.

459. සුමේධා මව්පියන්ට මේ කාරණෙත් කියා හිටියා. ඉතින්, මට මහණ වෙන්ට අවසර දෙන්නෙ නැත්නම්, මං කෑම කන්නෙත් නෑ. මං මැරිල යනවා.

460. මාතා දුක්ඛිතා රෝදති
පිතා ච අස්සා සබ්බසෝ සමභිහතෝ,
ඝටෙන්ති සඤ්ඤාපේතුං
පාසාදතලේ ඡමාපතිතං.

460. සුමේධා ගේ අම්මා දුකින් හඬන්න ගත්තා. තාත්ත ත් කඳුළු පිරුණු මුහුණින් යුක්ත ව සුමේධාට ගිහි ජීවිතේ ගැන කැමැත්ත ඇති කරන්ට ගොඩාක් මහන්සි වුණා.

461. උට්ඨේහි පුත්තක කිං සෝචිතේන
දින්නාසි වාරණවතිම්හි,
රාජා අණීකදත්තෝ
අභිරූපෝ තස්ස ත්වං දින්නා.

461. දුවේ, ඉතින් නැගිටින්නකො. ඔය විදියට දුක් වෙලා ඇති ඵලේ මොකක් ද? අනික මං ඔයා ව “වාරණවතියේ රජතුමාට දීලා තියෙන්නෙ. ඒ අනීකදත්ත රජු ත් හරි ලස්සන යි. ඔයා ව දුන්නෙ ඒ රජතුමාට යි.”

462. අග්ගමහේසී භවිස්සසි
අණීකදත්තස්ස රාජිනෝ භරියා,
සීලානි බ්‍රහ්මචරියං
පබ්බජ්ජා දුක්කරා පුත්තක.

462. අනීකදත්ත රජ්ජුරුවන් ගේ බිරිඳ වුණාට පස්සෙ අග්‍රමහේසිකාව වෙන්නෙ ඔයා. දුවේ, ඔය කියන සිල් රැකීම, බ්‍රහ්මචාරී බව, මහණකම ගොඩාක් දුෂ්කර යි.

463. රජ්ජේ ආණා ධනමිස්සරියං
භෝගා සුඛා දහරිකාසි,
භුඤ්ජාහි කාමභෝගේ
වාරෙය්‍යං හෝතු තේ පුත්ත.

463. ඔයාට පුළුවන් අනීක රජ්ජුරුවන් ගේ රාජ්‍ය තුළ ඔයා ගේ අණසක පතුරුවන්ට. පතිකුලයට යි ධනයට යි අධිපති වෙන්ට. එතකොට ඔක්කොම සැප ඔයාට. දුවේ, ඔයා තව ම තරුණ යි, කාම සම්පත් අනුභව කරන්න. දරුව, ඔයා ගේ විවාහය සිදුවේවා!

464. අථ නේ භණති සුමේධා
මා ඊදිසිකාන භවගතං අසාරං,
පබ්බජ්ජා වා හේහිති
මරණං වා මේ න චේව වාරෙය්‍යං.

464. සුමේධා ඒ ගොල්ලන්ට මෙහෙම කිව්වා. අසාර වූ භවයට අයිති කිසි ම දෙයක් මට එපා! එක්කෝ මං මහණ වෙනවා. නැත්නම් මැරෙනවා. විවාහය නම් සිද්ධ වෙන්නෙ නෑ.

465. කිමිව පූතිකායමසුචිං
සවනගන්ධං භයානකං කුණපං,
අභිසංවිසෙය්‍යං භස්තං
අසකිං පග්ඝරණං අසුචිපුණ්ණං.

465. මේ කුණු ශරීරය අපවිත්‍ර යි. ගඳ ගහනවා. බිය ජනක යි. කුණු ගොඩක්. නිතර ම අසුචි වැක්කෙරෙනවා. අසුචි පුරවපු භාජනයක් වගෙයි. ඉතින් මං කොහොම ද මේ වගේ කුණු කයක් එක්ක එකතු වෙන්නෙ?

466. කිමිව තාහං ජානන්තී
විකුලකං මංසසෝණිතුපලිත්තං,
කිමිකුලාලයං සකුණභත්තං
කළේබරං කිස්ස දීයතීති.

466. මස් ලේ තැවරුන මේ ශරීරය මට අතිශයින් ම පිළිකුල්. මං මේ ශරීරය අවබෝධ කරගෙන ඉන්නෙ. පණුවන්ට වාස භූමියක්. ගිජු ලිහිණියන්ට ආහාරයක්. ඉතින් මේ ශරීරය කාට නම් පාවා දෙන්ට ද?

467. නිබ්බුය්හති සුසානං
අචිරං කායෝ අපේතවිඤ්ඤාණෝ,
ඡුද්ධෝ කලිංගරං විය
ජිගුච්ඡමානේහි ඤාතීහි.

467. ටික කාලෙකින් විඤ්ඤාණය පහ වෙලා ගියාට පස්සෙ, නෑදෑයො මේ කය පිළිකුල් කරනවා. දර කෑල්ලක් වීසි කරනව වගේ සොහොනට ගිහින් දානවා.

468. ඡුද්ධූන තං සුසානේ
පරභත්තං නහායන්ති ජිගුච්ඡන්තා,
නියකා මාතාපිතරෝ
කිං පන සාධාරණා ජනතා.

468. ඊට පස්සෙ බලු සිවල්ලුන් ට මේ ශරීරය ගොදුරු වෙලා යනවා. සොහොනට ගිහින් ශරීරය දාල ඇවිත් දෙමාපියන් කරන්නෙ ඒක පිළිකුල් කරල වතුර නාන එක. හැම දෙනාට ම පොදු මේ තත්වය ගැන කතා කරන්ට දෙයක් නෑ.

469. අජ්ඣෝසිතා අසාරේ
කළේබරේ අට්ඨිනහාරුසංඝාතේ,
ඛේළස්සුච්චාරපස්සව
පරිපුණ්ණේ පූතිකායම්හි.

469. ඇට නහරින් බැඳිල තියෙන්නෙ. කෙළ, කඳුළු, මළ, මූත්‍රා පිරිලා තියෙන්නෙ. ඒ වුණාට මෝඩ ජනතාව මේ ශරීරයට හරි ආසයි.

470. යෝ නං විනිබ්භුජිත්වා
අබ්භන්තරමස්ස බාහිරං කයිරා,
ගන්ධස්ස අසහමානා
සකාපි මාතා ජිගුච්ඡෙය්‍ය.

470. මේ ශරීරය වෙන් කරල ඇතුළෙ තියෙන දේවල් ඉවසන්ට බැරිව පිළිකුල් කරනවා.

471. ඛන්ධධාතුආයතනං
සංඛතං ජාතිමූලකං දුක්ඛං,
යෝනිසෝ අනුවිචිනන්තී
වාරෙය්‍යං කිස්ස ඉච්ඡෙය්‍යං.

471. ස්කන්ධ, ධාතු, ආයතන, යන මේවා හේතූන් නිසා හට ගත් බව ත්, ඉපදීමෙන් ඇති වුණ දුකක් බව ත් මම අවබෝධ කරගෙන ඉන්නෙ. ඒ විදිහට නුවණින් විමසන මං කොහොම ද විවාහයකට කැමති වෙන්නෙ?

472. දිවසේ දිවසේ තිසත්ති
සතානි නව නවා පතෙය්‍යුං කායම්හි,
වස්සසතම්පි ච ඝාතෝ
සෙය්‍යෝ දුක්ඛස්ස චේවං ඛයෝ.

472. දවස ගානෙ යකඩ පොලු පහරවල් තුන්සීයක් කාලා, අවුරුදු සියයක් තිස්සෙ ඒ විදියට පොලු පහරවල් කාලා ඉවර වුණා ම මේ සංසාර දුක ගෙවිල යනවා නම්, මට ඒක ත් උතුම්.

473. අජ්ඣුපගච්ඡේ ඝාතං
යෝ විඤ්ඤායේවං සත්ථුනෝ වචනං,
දීඝෝ තේසං සංසාරෝ
පුනප්පුනං හඤ්ඤමානානං.

473. ශාස්තෘන් වහන්සේ ඔන්න ඔය විදිහට යි පෙන්නල දීලා තියෙන්නෙ. ඒ උතුම් වචන දැන දැනත්, මේ ජරා මරණ වධය පළිගත්තොත්, ආයෙ ආයෙමත් ඉපදෙන්ට සිදු වෙනකොට සංසාරෙ දික් වෙන්නෙ ඒ ගොල්ලන්ට ම යි.

474. දේවේසු මනුස්සේසු ච
තිරච්ඡානයෝනියා අසුරකායේ,
පේතේසු ච නිරයේසු ච
අපරිමිතා දිස්සරේ ඝාතා.

474. දිව්‍ය ලෝකෙ, මිනිස් ලෝකෙ, තිරිසන් යෝනිය, අසුර නිකාය, ප්‍රේත ලෝකය, නිරය කියන මේ කොහේත් නිමක් නැති පීඩා තියෙන්නෙ.

475. ඝාතා නිරයේසු බහූ
විනිපාතගතස්ස පීළියමානස්ස,
දේවේසුපි අත්තාණං
නිබ්බානසුඛා පරං නත්ථි.

475. නිරය, තිරිසන් ලෝකෙ වගේ අපායක වැටුණොත් ගොඩාක් දුක් විඳින්ට සිද්ධ වෙනවා. දෙවියන් අතර උපන්නත් ආරක්ෂාවක් නෑ. ඒ නිසා මේ ලෝකෙ නිවනට වඩා උතුම් වෙන සැපක් නම් නෑ.

476. පත්තා තේ නිබ්බානං
යේ යුත්තා දසබලස්ස පාවචනේ,
අප්පොස්සුක්කා ඝටෙන්ති
ජාතිමරණප්පහානාය.

476. දසබල බුදු සමිඳුන් ගේ වචනය අනුව ගමන් කළොත්, ඉපදෙන මැරෙන සංසාරෙ නැති කරන්ට උත්සාහ කළොත් ඔවුන් නිවනට පත්වෙනවා.

477. අජ්ජේව තාතභිනික්ඛමිස්සං
භෝගේහි කිං අසංරේහි,
නිබ්බින්නා මේ කාමා
වන්තසමා තාලාවත්ථුකතා.

477. තාත්තෙ, මං අද ම ගිහි ගෙදර අත්හරිනවා. මට මේ නිසරු සම්පත්වලින් පලක් නෑ. මං මේ කාමයන් අත්හැරියෙ වමනෙ දානව වගේ. තල් ගහක මුදුන් කරටියෙන් කඩල දැම්ම වගේ.

478. සා චේව භණති පිතරං
අණීකදත්තෝ ච යස්ස සා දින්නා,
උපයාසි වාරණවතේ
වාරෙය්‍යං උපට්ඨිතේ කාලේ.

478. එයා පිය රජතුමාට එහෙම කිව්වා. ඒ වන විට, අනීකදත්ත, රජතුමා මේ විවාහය පිණිස වාරණවතී නගරයේ ඉඳල පිටත් වෙලා යන්ට සූදානම් වුණා.

479. අථ අසිත නිචිතමුදුකේ
කේසේ ඛග්ගේන ඡින්දිය සුමේධා,
පාසාදං ච පිධෙත්වා
පඨමජ්ඣානං සමාපජ්ජි.

479. එතකොට සුමේධා ඇගේ තද නිල්පාට මුදු කෙස් කළඹ කඩුවෙන් කපල දැම්මා. ප්‍රාසාදයේ දොර වහ ගෙන භාවනා කළා. ප්‍රථම ධ්‍යානය උපදවා ගත්තා.

480. සා ච තහිං සමාපන්නා
අණීකදත්තෝ ච ආගතෝ නගරං,
පාසාදේව සුමේධා
අනිච්චසඤ්ඤා සුභාවේති.

480. ඇය සමවතට සම වැදුණා. අනීකදත්ත රජතුමා මන්තාවතී නගරෙට ආවා. දැන් සුමේධා තම ප්‍රාසාදයේ ඉඳගෙන ම හොඳට අනිත්‍ය සඤ්ඤාව වඩනවා.

481. සා ච මනසිකරෝති
අණීකදත්තෝ ච ආරුහි තුරිතං,
මණිකනකභූසිතංගෝ
කතඤ්ජලී යාචති සුමේධං.

481. ඈ අනිත්‍ය මෙනෙහි කරද්දී, අනීකදත්ත රජතුමා රන් ආභරණවලින් සැරසිලා ප්‍රාසාදයට නැංගා. රජතුමා සුමේධාවට ඇඳිලි බැඳගෙන මෙහෙම යාඥා කළා.

482. රජ්ජේ ආණාධනමිස්සරියං
භෝගා සුඛා දහරිකාසි,
භුඤ්ජාහි කාමභෝගේ
කාමසුඛා සුදුල්ලභා ලෝකේ.

482. රාජ්‍යයේ අණසක ත්, ධන සම්පත් ඔක්කොම ත්, යස ඉසුරු ත් ඔක්කොම අයිති ඔයාට. ඔයා තව ම තරුණ යි. කාම සම්පත් අනුභව කරන්න. මේ ලෝකේ කාම සම්පත් කියන්නෙ දුර්ලභ දෙයක්.

483. නිස්සට්ඨං තේ රජ්ජං
භෝගේ භුඤ්ජස්සු දේහි දානානි,
මා දුම්මනා අහෝසි
මාතාපිතරෝ තේ දුක්ඛිතා.

483. ඔයාට රජකම පවා පරිත්‍යාග කරල තියෙන්නෙ. කාම සම්පත් අනුභව කරන්න. දන් පැන් දෙන්න. පින් කරන්න. දුක් වෙන්ට එපා. ඔයා ගෙ අම්ම තාත්ත ත් හරි දුකෙන් ඉන්නෙ.

484. තං තං භණති සුමේධා
කාමේහි අනත්ථිකා විගතමෝහා,
මා කාමේ අභිනන්දි
කාමෙස්වාදීනවං පස්ස.

484. සුමේධා ඔහුට මෙහෙම පිළිතුරු දුන්න. “ඔයත් ඔය කාමයන්ට ආශා කරන්ට එපා! කාමයන් ගේ ආදීනව දකින්න.

485. චාතුද්දීපෝ රාජා
මන්ධාතා ආසි කාමභෝගීනමග්ගෝ
අතිත්තෝ කාලං කතෝ
න චස්ස පරිපූරිතා ඉච්ඡා.

485. මහාමන්ධාතු කියන සක්විති රජ්ජුරුවෝ සතර මහා දිවයිනට ම අධිපති වෙලා හිටියේ. කාමයන්ට අග්‍ර වෙලා හිටියේ. නමුත් එයා මරණයට පත්වුණේ කාමයන්ගෙන් තෘප්තිමත් නොවී ම යි. එයා ගේ ආශාව වත් පිරුණේ නෑ.

486. සත්ත රතනානි වස්සෙය්‍ය
වුට්ඨිමා දසදිසා සමන්තේන
න චත්ථි තිත්ති කාමානං
අතිත්තාව මරන්ති නරා.

486. සත් රුවන් වැස්සක් ඇද හැලුනත්, කාමයන් ගැන තෘප්තිමත් නැති මිනිස්සු මැරිල යන්නෙත් අතෘප්තිමත්වමයි.

487. අසිසූනූපමා කාමා කාමා සප්පසිරූපමා,
උක්කූපමා අනුදහන්ති අට්ඨිකංකල සන්නිභා.

487. කාමයන් කියන්නෙ කඩුව යි, මස් වැදැල්ල යි වගේ දෙයක්. භයානක සර්පයෙකු ගේ හිස පැත්ත වගේ දෙයක්. ගිනි කන්දක් වගේ දෙයක්. ඇට සැකිල්ලක් වගේ දෙයක්.

488. අනිච්චා අද්ධුවා කාමා බහුදුක්ඛා මහාවිසා,
අයෝගුලෝව සන්තත්තෝ අඝමූලා දුමප්ඵලා.

488. කාමයන් අනිත්‍ය යි, අස්ථීර යි. බොහෝ දුක් තියෙනවා. ගොඩාක් දුක් තියෙනවා. දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ ගුලියක් වගෙයි. හැම දුකට මුල. ගහක ගෙඩි වගේ.

489. රුක්ඛඵලූපමා කාමා මංසපේසූපමා දුඛා,
සුපිනෝපමා වඤ්චනියා කාමා යාචිතකූපමා.

489. ගස්වල ගෙඩි වගේ. මස් වැදලි වගේ. මේ කාමයන් දුකක් ම යි හදන්නෙ. සිහිනෙකින් රැවටුණා වගේ. ණයට ඉල්ල ගත්ත දෙයක් වගේ.

490. සත්තිසූලූපමා කාමා රෝගෝ ගණ්ඩෝ අඝං නිඝං,
අංගාරකාසුසදිසා අඝමූලං භයං වධෝ.

490. මේ කාමයන් විෂ පොවාපු ආයුධ වගේ. වේදනා ඇති කරවනවා. තුවාලයක් වගේ දුක ම යි හදන්නෙ. මරණය කරා රැගෙන යනවා. ගිනි අඟුරු වළක් වගේ බියජනක යි. වධකයෙක් වගේ.

491. ඒවං බහුදුඛා කාමා අක්ඛාතා අන්තරායිකා,
ගච්ඡථ න මේ භගවතේ විස්සාසෝ අත්ථි අත්තනෝ.

491. මේ කාමයන් ගොඩාක් දුක යි කියල තියෙන්නෙ. අනතුරුදායක යි. ඒ නිසා ඔයා ආපසු යන්න. තමාට අයිති කිසි ම දෙයක් භවයේ තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ.

492. කිං මම පරෝ කරිස්සති අත්තනෝ සීසම්හි ඩය්හමානම්හි,
අනුබන්ධේ ජරාමරණේ තස්ස ඝාතාය ඝටිතබ්බං.

492. තමන් ගෙ හිස ගිනි ගත්ත වෙලාවට වෙන දෙයක් ගැන සිතන්ට වෙලාවක් නෑ. ජරා මරණ දෙක ලුහු බැඳ ගෙන එනකොට ඒකෙන් නිදහස් වෙන්ට යි වීරිය කළ යුත්තේ.”

493. ද්වාරං අවාපුරිත්වාහං මාතාපිතරෝ අණීකදත්තඤ්ච,
දිස්වාන ඡමං නිසින්නේ රෝදන්තේ ඉදමවෝචං.

493. මං දොර හැරියා. මං දැක්කෙ දෙමාපියන්ව ත් අනීකදත්ත රජු ව ත් බිම වාඩි වෙලා අඬනවා. මං එයාලට මෙහෙම කිව්වා.

494. දීඝෝ බාලානං සංසාරෝ පුනප්පුනඤ්ච රෝදතං,
අනමතග්ගේ පිතු මරණේ භාතු වධේ අත්තනෝ ච වධේ.

494. මේ සංසාරෙට කෙළවරක් නෑ. තාත්ත ගෙ මරණයේ දී සහෝදරයා ගේ වධයේ දී තමන් වධ විඳිද්දී නැවත නැවත හඬ හඬා සිටින අඥාන සත්වයන්ට මේ සංසාරෙ දිග යි.

495. අස්සු ථඤ්ඤං රුධිරං
සංසාරං අනමතග්ගතෝ සරතං,
සත්තානං සංසරතං
සරාහි අට්ඨීනඤ්ච සන්නිචයං.

495. මේ සංසාරෙ කෙළවරක් නැතිව යන ගමනේ දී හැඬූ කඳුළු, බීපු කිරි, ගලා ගිය ලේ කොයිතරම් ද කියල සිහි කරන්න. සත්වයන් ගේ එකතු වෙන ඇටසැකිලි කන්දරාව සිහි කරන්න.

496. සර චතුරෝදධී උපනීතේ
අස්සු ථඤ්ඤ රුධිරම්හි,
සර ඒකකප්පමට්ඨීනං
සඤ්චයං විපුලේන සමං.

496. මේ කඳුළු සතර මහා සාගරයට උපමා කරන්න කියල යි බුදු සමිඳුන් වදාළේ. බීපු කිරි ත් ඒ විදිහට ම හිතන්න කියල තියෙන්නෙ. ඇට ගොඩ ගැන සිහි කරන්ට කියල තියෙන්නෙ වේපුල්ල පර්වතේට සමාන කරලා.

497. අනමතග්ගේ සංසරතෝ මහිං ජම්බුදීපමුපනීතං,
කෝලට්ඨිමත්තගුළිකා මාතාමාතුස්වේව නප්පහොන්ති.

497. දඹදිවින් යුක්ත මේ පොළොව වෙරළු ගෙඩි ගානට ගුලි කරන්න කීවා. ඊට පස්සෙ ඒ එක එක ගුලිය වෙන් කරන්න කීවා, ‘මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ ඒ අම්මගෙ අම්මා’ කියමින්, ඒ ඒ ගුලි ඉවර වෙලා යනවා. අම්මලා ඉවර වෙන්නෙ නෑ. ඒ උපමාව සිහි කරන්න.

498. සර තිණකට්ඨසාඛාපලාසං උපනීතං අනමතග්ගතෝ,
චතුරංගුලිකා ඝටිකා පිතුපිතුස්වේව නප්පහොන්ති.

498. ලෝකෙ ඔක්කොම ගස් වැල් අරගෙන අඟල් හතරෙ කෑලි වලට කඩල ගොඩක් ගහන්ට කිව්වා. ඊට පස්සෙ ඒ එක එක දර කැබැල්ල සංසාරේ තාත්තල වෙනුවෙන් වෙන් කරන්න කිව්වා. ඒත් සංසාරෙ තාත්තල ඉවර වෙන්නෙ නෑ ඒ උපමාව ත් සිහි කරන්න.

499. සර කාණකච්ඡපං පුබ්බසමුද්දේ අපරතෝ ච යුගච්ඡිද්දං,
සර තස්ස ච පටිමුක්කං මනුස්සලාභම්හි ඕපම්මං.

499. අවුරුදු සීයකට වරක් කන කැස්බෑව මුහුදින් උඩට එනවා. මුහුදේ වැටුණු වියගහක් පාවෙවී තියෙද්දි ඒ වියගහේ සිදුරෙන් කන කැස්බෑව ගෙ හිස ඇතුළු වෙලා අහස පේනවා වගේ, මනුස්ස ජීවිතේ ලැබීම ඊට ත් වඩා දුෂ්කර යි.

500. සර රූපං ඵේණපිණ්ඩෝපමස්ස කායකලිනෝ අසාරස්ස,
ඛන්ධේ පස්ස අනිච්චේ සරාහි නිරයේ බහුවිඝාතේ.

500. මේ අසාර වූ රූපය පෙණ පිඬක් හැටියට සිහි කරන්න. අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය දෙස බලන්න. නිරයේ ඇති අනන්ත දුක් සිහි කරන්න.

501. සර කටසීවඩ්ඪෙන්තේ පුනප්පුනං තාසු තාසු ජාතිසු,
සර කුම්භීලභයානි ච සරාහි චත්තාරි සච්චානි.

501. නොයෙක් ජාතිවල ඉපිද ඉපිද සොහොන් බිම වැඩි කරපු හැටි සිහි කරන්න. කෑමට ඇති ගිජුකම ගැන කියන කිඹුල් බිය සිහි කරන්න. චතුරාර්ය සත්‍ය සිහි කරන්න.

502. අමතම්හි විජ්ජමානේ කිං තව පඤ්චකටුකේන පීතේන,
සබ්බා හි කාමරතියෝ කටුකතරා පඤ්චකටුකේන.

502. බුදුරජාණන් වහන්සේ නමක ගේ ධර්මයක් තියෙන කාලෙ මේ පංච කාමයන් සොයන්නෙ අසවල් දේකට ද? මේ හැම කාම ආශාවක් ම අතිශයින් ම කටුක යි.

503. අමතම්හි විජ්ජමානේ කිං තව කාමේහි යේ සපරිළාහා,
සබ්බා හි කාමරතියෝ ජලිතා කුථිතා කම්පිතා සන්තපිතා.

503. අමා දහම් තියෙන කාලෙ කාම දාහයකින් යුක්ත නම් ඒ කාමයන් අසවල් දෙයකට ද? මේ කාම ඇල්ම ගින්නක් ම යි. අරුත් සුන් දෙයක් ම යි. කම්පාවක් ම යි. තැවීමක් ම යි.

504. අසපත්තම්හි සමානේ කිං තව කාමේහි යේ බහුසපත්තා,
රාජග්ගිචෝරඋදකප්පියේහි සාධාරණා කාමා බහූසපත්තා.

504. පැවිදි ජීවිතයට සතුරො නෑ. නමුත් කාමයට ගොඩාක් සතුරො ඉන්නවා. ඔයාලට මේ කාමයෙන් ඇති ප්‍රයෝජනය මොකක් ද? රජ, ගිනි, සොර, දිය යන මේ ඔක්කොට ම කාමයන් ගොදුරු වෙනවා. අප්‍රියයන්ට දායාද වෙනවා. සතුරෝ හැදෙනවා.

505. මොක්ඛම්හි විජ්ජමානේ කිං තව කාමේහි යේසු වධබන්ධෝ,
කාමේසු හි අසතා කාමා වධබන්ධනදුක්ඛානි අනුභොන්ති.

505. අමා නිවන තියෙන කාලෙ, මේ කාමයන්ට බැඳිල, වධ බන්ධන පීඩා විඳින්නෙ මොකට ද? ඔයාලට මේ කාමයෙන් ඇති ප්‍රයෝජනය මොකක් ද? මේ කාමයන් ලාමක නිසා ම යි මේ තරම් දුක් කරදර ඇති වෙන්නෙ.

506. ආදීපිතා තිණුක්කා ගණ්හන්තං දහන්ති නේව මුඤ්චන්තං,
උක්කෝපමා හි කාමා දහන්ති යේ තේ න මුඤ්චන්ති.

506. දැල්වෙන හුළු අත්ත අතට ගත්ත විට යි පිච්චෙන්නෙ. අත් හැරියා ම පිච්චෙන්නෙ නෑ. කාමයන් ද අන්න ඒ වගේ තමයි. හුළු අත්තක් වගේ. එය අත්හරින තාක් ම සත්වයා ව දවනවා.

507. මා අප්පකස්ස හේතු කාමසුඛස්ස විපුලං ජහී සුඛං,
මා පුථුලෝමෝව බලිසං ගිලිත්වා පච්ඡා විහඤ්ඤසි.

507. මේ අල්ප වූ කාම සැපයක් නිසා මහත් වූ ලෝකෝත්තර සැපය අහිමි කරගන්ට එපා!

508. කාමං කාමේසු දමස්සු තාව සුනඛෝව සංඛලාබද්ධෝ,
කාහින්ති ඛු තං කාමා ඡාතා සුනඛංව චණ්ඩාලා.

508. ඒ නිසා ඇස්, කන් ආදී ඉඳුරන් දමනය කරගන්න. බලු දම්වැලෙන් බැඳපු බලු කුක්කෙක් වගේ මේ සත්වයන් ව කාමයෙන් බැඳල තියෙන්නෙ. බඩගින්නෙ ඉන්න රොඩී මිනිස්සු බල්ලෙක් ව අල්ල ගෙන මරල දානඳා වගේ මේ කාමයො ත් ඔයාලට ඒ ටික ම යි කරන්නෙ.

509. අපරිමිතං ච දුක්ඛං බහූනි ච චිත්තදෝමනස්සානි,
අනුභෝහිසි කාමේසු යුත්තෝ පටිනිස්සජ අද්ධුවේ කාමේ.

509. ඔයාල අප්‍රමාණ වූ කායික මානසික දුක් දොම්නස් විඳින්නෙ කාමයන් නිසා ම යි. ඒ නිසා මේ අනිත්‍ය කාමය අත් හරින්න.

510. අජරම්හි විජ්ජමානේ කිං තව කාමේහි යේසු
ජරාමරණව්‍යාධිගහිතා සබ්බා සබ්බත්ථ ජාතියෝ.

510. මේ කාමයන් තිබුණොත් ඒ හැම භවයෙ ම ඒ හැම උපතෙ ම තියෙන්නෙ ජරා මරණ විතර යි. නමුත් ජරා රහිත වූ නිවන තියෙන වෙලාවෙ ඔයාලට මේ කාමයන් ගෙන් ඇති ප්‍රයෝජනේ මොකක් ද?

511. ඉදමජරමිදමමරං ඉදමජරාමරපදමසෝකං,
අසපත්තමසම්බාධං අඛලිතමභයං නිරුපතාපං.

511. මේ නිවන ජරා රහිත යි. මරණ රහිත යි. අජරාමර වීමට මුල නිවන ම යි. මේ නිවන ශෝක රහිත යි. වැළපීම් රහිත යි. කෙලෙස් සම්බාධ රහිත යි. දුසිරිත් කිලුටු රහිත යි. බිය රහිත යි. තැවුල් රහිත යි.

512. අධිගතමිදං බහූහි අමතමජ්ජාපි ච ලභනීයමිදං,
යෝ යෝනිසෝ පයුඤ්ජති න ච සක්කා අඝටමානේන.

512. බොහෝ දෙනෙක් ඒ අමා මහා නිවන අවබෝධ කළා. ඉඳින් දැන් පවා බුදු සමිඳුන් වදාළ ක්‍රමයට නුවණින් විමසනවා නම් එයාට නිවන් අවබෝධ කරගන්ට පුළුවන්. උත්සාහ නොකළොත් ලැබෙන්නෙ නෑ.

513. ඒවං භණති සුමේධා සංඛාරගතේ රතිමලභමානා,
අනුනෙන්ත්‍යණීකදත්තං කේසේ ච ඡමං ඛිපි සුමේධා.

513. සංසාරෙට ඇල්මක් නැති සුමේධා මෙහෙම කිව්වා. ඒ වගේ ම අනීකදත්ත රජුට දැනගන්ට සුමේධා තමන් කඩුවෙන් කපාපු කෙස් වැටිය බිම දැම්මා.

514. උට්ඨාය අණීකදත්තෝ පඤ්ජලිකෝ යාචි තස්සා පිතරං සෝ,
විස්සජ්ජේථ සුමේධං පබ්බජිතුං විමොක්ඛසච්චදස්සා.

514. එතකොට අනීකදත්ත රජතුමා නැගිට්ටා. සුමේධා ගේ පියරජතුමා දිහාවට දෑත් බැඳගෙන යාඥා කරල කිව්වා “සුමේධාට මහණ වෙන්ට ඉඩ හරින්න. එතුමිය වෙනස් නොවන විමුක්තිය වූ ආර්ය සත්‍ය දකීවා!”

515. විස්සජ්ජිතා මාතාපිතූහි පබ්බජි සෝකභයභීතා,
ඡ අභිඤ්ඤා සච්ඡිකතා අග්ගඵලං සික්ඛමානාය.

515. ඔව්! පියත් ඇයව අත්හැරියා. ශෝක බයෙන් බියපත් වූ සුමේධා මහණ වුණා. සික්ඛමානාවක් වුණා. අභිඤ්ඤා හය ම සාක්ෂාත් කළා. අග්‍ර ඵලය වන අරහත්වය ලබාගත්තා.

516. අච්ඡරියං අබ්භුතං තං නිබ්බානං ආසි රාජකඤ්ඤාය,
පුබ්බේනිවාසචරිතං යථා බ්‍යාකරි පච්ඡිමේ කාලේ.

516. රාජ කුමාරිකාවක් වූ සුමේධා හට ඒ අමා නිවන අසිරිමත් දෙයක් වුණා. අද්භූත දෙයක් වුණා. අවසාන කාලෙ එතුමිය තමන් ගේ පුබ්බේනිවාස ඥානයෙන් අතීත තොරතුරු හෙළි කළා.

517. භගවති කෝණාගමනේ සංඝාරාමම්හි නවනිවේසම්හි,
සඛියෝ තිස්සෝ ජනියෝ විහාරදානං අදාසිම්හාසේ.

517. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලෙ සංඝාරාමයක් පිහිටෙව්වා. ඒ කාලෙ ධනංජානි ත්, ඛේමාත්, මාත් එකතු වෙලා විහාර පූජාවක් කළා.

518. දසක්ඛත්තුං සතක්ඛත්තුං දසසතක්ඛත්තුං සතානි ච සතක්ඛත්තුං,
දේවේසු උපපජ්ජිම්හ කෝ පන වාදෝ මනුස්සේසු.

518. ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් සිය දහස්වර, දස දහස් වර දෙවියන් අතර ඉපදුණා. මිනිස් ජීවිතවල උපන්වාර ගණන ගැන කවර කථා ද?

519. දේවේසු මහිද්ධිකා අහුම්හ මානුසකම්හි කෝ පන වාදෝ,
සත්තරතනස්ස මහේසී ඉත්ථිරතනං අහං ආසිං.

519. දෙවියන් අතර ඉපදුණු කාලෙත් අපි ගොඩක් බල සම්පන්න යි. මිනිසුන් අතර ඉපදුණු කාලෙ ගැන කවර කථා ද? රත්න හතක් තියෙන සක්විති රජතුමාගෙ අගමෙහෙසිය වෙලා මාත් ස්ත්‍රී රත්නයක් බවට පත්වුණා.

520. සෝ හේතු සෝ පභවෝ තං මූලං සාව සාසනේ ඛන්ති,
තං පඨමං සමෝධානං තං ධම්මරතාය නිබ්බානං.

520. ඒකට හේතුව කෝණාගමන බුදු සමිඳුන් ගේ කාලෙ කරපු පින්වල විපාක තමයි. මේ ජීවිතේ දී නිවනට බැසගත්තා. ධර්මයේ ඇලුනු සුමේධා මේ බුදු සසුනේ නිවන් දැක්කා.

521. ඒවං කරොන්ති යේ සද්දහන්ති වචනං අනෝමපඤ්ඤස්ස,
නිබ්බින්දන්ති භවගතේ නිබ්බින්දිත්වා විරජ්ජන්තීති.

521. අලාමක ප්‍රඥා තියෙන බුදු සමිඳුන් ගේ උතුම් වචන අදහාගත්තා නම්, ඒ විදිහට ම අනුගමනය කරනවා නම් ඔවුන් භවයට අයිති සියලු දේ ගැන ම කලකිරෙනවා. නිවන කරා ම යනවා.

ඉත්ථං සුදං සුමේධා ථේරී ගාථායෝ අභාසිත්ථාති.

මේ වනාහී සුමේධා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

මහානිපාතෝ නිට්ඨිතෝ.

මහා නිපාතය නිමා විය.

(ගාථා සමූහයකින් යුතු කොටස නිමා විය)

පඤ්චසතානි ගාථානි ඒකවීසති සබ්බා තා
ථේරියේකුත්තරසතා සබ්බා තා ආසවක්ඛයාති.

ථේරීගාථා සමත්තා.

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථාවන් නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_16/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M