අංගුත්තර නිකාය

නවක නිපාතෝ

8. (3) සම්මප්පධානවග්ගෝ

8. (3) සම්මප්පධාන වර්ගය

9.2.3.1. සික්ඛාදුබ්බල්‍ය සම්මප්පධාන සූත්‍රය

ශික්ෂාව දුර්වල බව ප්‍රහාණයට සම්‍යක්ප්‍රධානයන් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ ශික්ෂා දුබලකම් පහකි. ඒ කවර පසක් ද යත්;

සතුන් මැරීම ය, ….(පෙ)…. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය ය.

මහණෙනි, මේ වනාහී පසක් වූ ශික්ෂා දුබලකම් ය. මහණෙනි, මේ පසක් වූ ශික්ෂා දුබලකම් නැසීම පිණිස සතර සම්‍යක් ප්‍රධානයන් වැඩිය යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. නූපන් කුසල් දහම් ඉපිදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. උපන් කුසල් දහම් දිගට ම පැවැත්වීම පිණිස ත්, එහි නොමුලා බව පිණිස ත්, බොහෝ සෙයින් දියුණු වීම පිණිස ත්, විපුල බව පිණිස ත්, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත් කිරීම පිණිස ත් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.

මහණෙනි, මේ පසක් වූ ශික්ෂා දුබලකම් නැසීම පිණිස මේ සතර සම්‍යක්ප්‍රධානයන් වැඩිය යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සික්ඛාදුබ්බල්‍ය සම්මප්පධාන සූත්‍රය නිමා විය.

9.2.3.2.-9.

සැවැත් නුවර දී ය …..

(දෙවෙනි සූත්‍රයෙහි පටන් නවවෙනි සූත්‍රය තෙක් සතිපට්ඨාන වර්ගයෙහි සඳහන් වෙන ආකාරයට සම්‍යක්ප්‍රධානයන් වශයෙන් ද විස්තර කරගත යුත්තේ ය.)

9.2.3.10. විනිබන්ධ සම්මප්පධාන සූත්‍රය

සිත වෙලාගත් කෙලෙස් බන්ධන ප්‍රහාණයට සම්‍යක්ප්‍රධානයන් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සිත වෙලා ගත් කෙලෙස් බන්ධන පහකි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන් කෙරෙහි රාගය දුරු නොකළේ වෙයි. ….(පෙ)…. මහණෙනි, මේ වනාහී පසක් වූ සිත වෙළා ගත් කෙලෙස් බන්ධනයන් ය. මහණෙනි, මේ පසක් වූ සිත වෙළා ගත් කෙලෙස් බන්ධනයන් ප්‍රහාණය කිරීම පිණිස සතර සම්‍යක්ප්‍රධානයෝ වැඩිය යුත්තාහු ය.

මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. නූපන් කුසල් දහම් ඉපිදවීම පිණිස ….(පෙ)…. උපන් කුසල් දහම් දිගට ම පැවැත්වීම පිණිස ත්, එහි නොමුලා බව පිණිස ත්, බොහෝ සෙයින් දියුණු වීම පිණිස ත්, විපුල බව පිණිස ත්, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත් කිරීම පිණිස ත් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි. මහණෙනි, මේ පසක් වූ සිත වෙළා ගත් කෙලෙස් බන්ධනයන් ප්‍රහාණය කිරීම පිණිස මේ සතර සම්‍යක්ප්‍රධානයෝ වැඩිය යුත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

චේතෝවිනිබන්ධ සම්මප්පධාන සූත්‍රය නිමා විය.

තුන්වෙනි සම්මප්පධාන වර්ගය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M