සැවැත් නුවර දී ය …….
1. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස සත් ධර්මයක් වැඩිය යුත්තේය. ඒ කවර සතක් ද යත්; සති සම්බොජ්ඣංගය ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස මේ සත් ධර්මය වැඩිය යුත්තේය.
2. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස සත් ධර්මයක් වැඩිය යුත්තේය. ඒ කවර සතක් ද යත්; අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, ප්‍රහාණ සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව ය. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස මේ සත් ධර්මය වැඩිය යුත්තේය.
3. මහණෙනි, රාගයවිශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස සත් ධර්මයක් වැඩිය යුත්තේය. ඒ කවර සතක් ද යත්; අසුභ සංඥාව, මරණ සංඥාව, ආහාරයේ පටික්කූල සංඥාව, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව, අනිත්‍ය සංඥාව, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව ය. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස මේ සත් ධර්මය වැඩිය යුත්තේය.
4.-30. මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස සත් ධර්මයක් වැඩිය යුත්තාහු ය. ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සත් ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
31.-60. මහණෙනි, ද්වේෂය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස සත් ධර්මයක් වැඩිය යුත්තාහු ය. ….(පෙ)…. ද්වේෂය පිරිසිඳ අවබෝධ කරනු පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සත් ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
61. – 90. මහණෙනි, මෝහය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස සත් ධර්මයක් වැඩිය යුත්තාහු ය. ….(පෙ)…. මෝහය පිරිසිඳ අවබෝධ කරනු පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සත් ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
91.- 120. මහණෙනි, ක්‍රෝධය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස ….(පෙ)….
121.- 150. මහණෙනි, බද්ධ වෛරය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස ….(පෙ)….
151. – 180. මහණෙනි, ගුණමකු බව විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස….(පෙ)….
181. – 210. මහණෙනි, තරඟයට වැඩකිරීම විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස ….(පෙ)….
211. – 240. මහණෙනි, ඊර්ෂ්‍යාව විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස….(පෙ)….
241. – 270. මහණෙනි, මසුරුකම විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස….(පෙ)….
271. – 300. මහණෙනි, මායාව විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස….(පෙ)….
301. – 330. මහණෙනි, වංචනික බව විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස….(පෙ)….
331. – 360. මහණෙනි, දැඩි බව විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස….(පෙ)….
361. – 390. මහණෙනි, එකට එක කිරීම විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස….(පෙ)….
391. – 420. මහණෙනි, මාන්නය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස….(පෙ)….
421. – 450. මහණෙනි, අතිමාන්නය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස….(පෙ)….
451. – 480. මහණෙනි, මදය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස….(පෙ)….
481. – 510. මහණෙනි, ප්‍රමාදය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස සත් ධර්මයක් වැඩිය යුත්තාහු ය. ….(පෙ)…. පිරිසිඳ අවබෝධ කරනු පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සත් ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
සාදු! සාදු!! සාදු!!!
රාගාදී පෙය්‍යාලය නිමා විය.
සත්තක නිපාතය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M