අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.3.2.10. ආසවක්ඛය සුත්තං

10.3.2.10. ආශ්‍රවයන් ක්ෂය වීම ගැන වදාළ දෙසුම

“මහණෙනි, මේ දස ධර්මයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස හේතු වෙයි. ඒ කවර දසයක් ද යත්;

නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.

මහණෙනි, මේ දස ධර්මයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස හේතු වෙයි.”

සාදු! සාදු!! සාදු!!!

ආසවක්ඛය සූත්‍රය නිමා විය.

දෙවෙනි පච්චෝරෝහණී වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අධර්ම සූත්‍ර තුන, අජිත සූත්‍රය, සංගාරව සූත්‍රය, ඕරිම සූත්‍රය, පච්චෝරෝහණී සූත්‍ර දෙක, පුබ්බංගම සූත්‍රය, ආසව සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M