☰
“මහණෙනි, උදාවන සූර්යයා හට මෙය මුලින් ම ඇති අංගය යි. මෙය මුල්ම නිමිත්ත යි. එනම් අරුණ උදාවීම යි. එසෙයින් ම මහණෙනි, කුසල් දහම්වලට මෙය මුල් ම අංගය යි. මෙය මුල් ම නිමිත්තයි. එනම් නිවැරදි දෘෂ්ටිය යි. මහණෙනි, නිවැරදි දෘෂ්ටිය ඇත්තහුට නිවැරදි සංකල්පනා ඇතිවෙයි. නිවැරදි සංකල්පනා ඇත්තහුට නිවැරදි වචන භාවිතය ඇතිවෙයි. නිවැරදි වචන භාවිතය ඇත්තහුට නිවැරදි කායික ක්‍රියා ඇතිවෙයි. නිවැරදි කායික ක්‍රියා ඇත්තහුට නිවැරදි ජීවිකාව ඇතිවෙයි. නිවැරදි ජීවිකාව ඇත්තහුට නිවැරදි උත්සාහය ඇතිවෙයි. නිවැරදි උත්සාහය ඇත්තහුට නිවැරදි සිහිය ඇතිවෙයි. නිවැරදි සිහිය ඇත්තහුට නිවැරදි චිත්තේකාග්‍රතාවය ඇතිවෙයි. නිවැරදි චිත්තේකාග්‍රතාවය ඇත්තහුට නිවැරදි ඥානය ඇතිවෙයි. නිවැරදි ඥානය ඇත්තහුට නිවැරදි විමුක්තිය ඇතිවෙයි.”
සාදු! සාදු!! සාදු!!!
පුබ්බංගම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M