“මහණෙනි, ආර්ය වූ පව් සේදීම ගැන දෙසන්නෙමි. එය අසව්. ….(පෙ)…. මහණෙනි, ආර්ය වූ පව් සේදීම යනු කුමක්ද?
මහණෙනි, මෙහිලා ආර්ය ශ්රාවකයා මෙසේ නුවණින් විමසයි. වැරදි දෘෂ්ටිය නිසා මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා වැරදි දෘෂ්ටිය අත්හරී. එවිට වැරදි දෘෂ්ටිය නම් වූ පව සෝදා හළේ වෙයි.
වැරදි සංකල්පය නිසා මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි ….(පෙ)…. වැරදි වචන භාවිතය නිසා මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි ….(පෙ)…. වැරදි කායික ක්රියා නිසා මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි ….(පෙ)…. වැරදි ජීවිකාව නිසා මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි ….(පෙ)…. වැරදි උත්සාහය නිසා මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි ….(පෙ)…. වැරදි සිහිය නිසා මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි ….(පෙ)…. වැරදි චිත්තේකාග්රතාව නිසා මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි ….(පෙ)…. වැරදි ඥානය නිසා මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි ….(පෙ)…. වැරදි විමුක්තිය නිසා මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා වැරදි විමුක්තිය අත්හරී. එවිට වැරදි විමුක්තිය නම් වූ පව සෝදා හළේ වෙයි.
මහණෙනි, මෙය ආර්ය වූ පව් සේදීම යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය පච්චෝරෝහණී සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M