53. පින්වත් මහණෙනි, යම් සත්ව කෙනෙක් පෙරවරුවේ කයෙන් යහපතෙහි හැසිරෙනවා නම්, වචනයෙන් යහපතෙහි හැසිරෙනවා නම්, මනසින් යහපතෙහි හැසිරෙනවා නම්, පින්වත් මහණෙනි, ඒ සත්වයන් හට එය සුභ උදෑසනකි.
පින්වත් මහණෙනි, යම් සත්ව කෙනෙක් මධ්‍යාහ්නයෙහි කයෙන් යහපතෙහි හැසිරෙනවා නම්, වචනයෙන් යහපතෙහි හැසිරෙනවා නම්, මනසින් යහපතෙහි හැසිරෙනවා නම්, පින්වත් මහණෙනි, ඒ සත්වයන් හට එය සුභ දහවලකි.
පින්වත් මහණෙනි, යම් සත්ව කෙනෙක් සවස් වරුවේ කයෙන් යහපතෙහි හැසිරෙනවා නම්, වචනයෙන් යහපතෙහි හැසිරෙනවා නම්, මනසින් යහපතෙහි හැසිරෙනවා නම්, පින්වත් මහණෙනි, ඒ සත්වයන් හට එය සුභ සන්ධ්‍යාවකි.
උතුම් බ්‍රහ්මචාරීන් වහන්සේලා උදෙසා මැනැවින් පුදන ලද දානයක් ඇද්ද, ඒ දන්දෙන වෙලාව තමයි සුභ නැකැත. සුභ මංගල්‍යය. සුභ උදෑසන. සුභ නැගීසිටීම. සුභ මොහොත. සුභ මුහුර්තිය.
මැනැවින් කරන ලද කාය කර්මය ඉතා සුභ දෙයකි. මැනැවින් කරන ලද වචී කර්මය ඉතා සුභ දෙයකි. මැනැවින් කරන ලද මනෝ කර්මය ඉතා සුභ දෙයකි. යහපත් අභිප්‍රාය ඉතා සුභ දෙයකි. මනා වූ දේවල් කොට එහි ඒ මනා වූ දේවල්ම ලබනවා.
යහපත උදාකරගෙන, සැපවත්ව බුදු සසුනෙහි අභිවෘද්ධිය සළසාගත් ඔබලා සියලු ඤාතීන් සමඟ නීරෝග වෙත්වා! සුවපත් වෙත්වා!
සාදු! සාදු!! සාදු!!!
පස්වෙනි මංගල වර්ගයයි.
තෙවෙනි ඛුද්දක පණ්ණාසකය සමාප්තයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M