සැවැත් නුවර දී ය…..
එකල්හී බොහෝ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කථාව නිමවා එකත්පස්ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ ද?”
“ආයුෂ්මත්නි, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ ය.
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ කෙසේද?”
“ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව මෙබඳු වූ හැඳිනීමෙකින් යුක්ත වූයේ වෙයි. ‘මෙම සමාධිය ශාන්ත වූ දෙයකි. මෙම සමාධිය ඉතා ප්රණීත දෙයකි. එනම්, සකස් වූ සියළු දෙයෙහි සංසිඳී ගිය බවෙක් ඇද්ද, යළි උපතකට හේතු වන සියල්ල දුරැලූ බවෙක් ඇද්ද, තෘෂ්ණාවෙහි නැසී ගිය බවෙක් ඇද්ද, නොඇල්මට පත් වූ බවෙක් ඇද්ද, භවය නිරුද්ධ වූ බවෙක් ඇද්ද, නිර්වාණයක් ඇද්ද, එයයි.’
ආයුෂ්මත්නි, මෙබඳු වූ සමාධි ප්රතිලාභයෙකි භික්ෂුවකට ලැබෙන්නේ. එනම්, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්රතිලාභයක් භික්ෂුවකට ලැබෙන්නේ මේ අයුරිනි.”
සාදු! සාදු!! සාදු!!!
තතිය සමාධි සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M