510. කිසිම විදිහයකින් බිය තැතිගැනීමක් නැතිව ශාස්තෘන් වහන්සේ වැඩසිටින ආකාරය මං දැකගත්තෙ යම් දවසකද, එදා ඒ මහා පුරුෂයාණන් දැකපු වෙලාවෙ ඉඳලා මට මං ගැනම සංවේගයක් ඇතිවුණා.
511. තමන්ගේ නිවසට පැමිණෙන ශ්‍රියා කාන්තාවට අතින් පයින් ගහල එලවා දමනවා වගේ දෙයක් තමයි ශාස්තෘන් වහන්සේගේ අවවාද නොපිළිගන්නා කෙනා කරන්නෙ.
512. ඒ නිසා මගේ අඹුදරුවනුත් මං අත්හැරියා. දේපල වස්තුවත් අත්හැරියා, කෙස් රැවුල් බැහැර කළා. බුද්ධ ශාසනයේ පැවිදි වුණා.
513. උතුම් ශික්ෂාපද රැකගෙන, ඉන්ද්‍රිය සංවරයත් ඇති කරගත්තා. බුදු සමිඳාණන්ව වන්දනා කර කර මං ඉන්නෙ අපරාජිතවයි.
514. ඒ දවස්වල මගේ හිතේ දැඩි ලෙස පිහිටුවා ගෙන හිටියෙ එකම එක පැතුමයි. මේ තණ්හාව නමැති උල ජීවිතය තුළින් උදුරා දමන තාක් මොහොතක් වත් ඉඳගන්නෙ නෑ.
515. මං ඒ වගේ වීරියකින් වාසය කළේ. ඒ මගේ වීරිය දෙස බලන්න. මං ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කළා.
516. පුබ්බේනිවාසඥානය ද ඇති කරගත්තා. දිවැස් නුවණත් පිරිසිදු කරගත්තා. අරහත්වයත් ලබාගත්තා. දැන් මම පුද පූජා ලැබීමට සුදුසු කෙනෙක්. කෙලෙසුන්ගෙන් නිදහස් වුණ කෙනෙක්.
517. රෑ ගෙවිල ගිහින් හිරු උදාවෙන කොට තෘෂ්ණාව වියලවා දමලා පළඟක් බැඳගෙන වාඩිවුණා.
මෙය වනාහී ආයුෂ්මත් මහාපන්ථක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ගාථා අට බැගින් වදාළ කොටස නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_8-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M