502. භික්ෂුවක් වශයෙන් ක්‍රෝධ කරන්නෙ නැත්නම්, වෛර බඳින්නෙ නැත්නම්, මායා නැත්නම්, කේලම් කියන්නෙ නැත්නම්, එයා ඇත්තෙන්ම පරලොව ශෝක කරන්නෙ නෑ.
503. ක්‍රෝධ නැති, වෛර නැති, මායා නැති, කේලාම් නැති හැමතිස්සෙම තමන්ගෙ ඉඳුරන් පාලනය කරගෙන නම් ඒ භික්ෂුව ඉන්නෙ, ඇත්තෙන්ම එයාට පරලොව ශෝක කරන්න දෙයක් නෑ.
504. ක්‍රෝධ නැති, වෛර නැති, මායා නැති, කේලාම් නැති ඉතා යහපත් සිල් ඇතිව නම් ඒ භික්ෂුව ඉන්නෙ, ඇත්තෙන්ම එයාට පරලොව ශෝක කරන්න දෙයක් නෑ.
505. ක්‍රෝධ නැති, වෛර නැති, කේලාම් නැති ඒ භික්ෂුව කළ්‍යාණ මිත්‍රයන් සමඟ නම් ඉන්නෙ, ඇත්තෙන්ම එයාට පරලොව ශෝක කරන්න දෙයක් නෑ.
506. ක්‍රෝධ නැති, වෛර නැති, මායා නැති, කේලාම් නැති ඒ භික්ෂුව යහපත් ප්‍රඥාවකින් නම් ඉන්නෙ ඇත්තෙන්ම එයාට පරලොව ශෝක කරන්න දෙයක් නෑ.
507. එයා තුළ තියෙනවා නම් තථාගත බුදු සමිඳාණන් ගැන කාටවත් සොලවාලිය නොහැකි පැහැදීමක්, එයා තුළ තියෙනවා නම් ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කළ යහපත් ආර්යකාන්ත ශීලයක්.
508. එයා තුළ තියෙනවා නම් ආර්ය සංඝයා කෙරෙහි බලවත් පැහැදීමක්, එයා තුළ තියෙනවා නම් ඍජුව පවතින අවබෝධ ඤාණයක්, එයා දිළින්දෙක් නම් නොවේ. එයාට තියෙන්නෙ හිස් ජීවිතයක් නොවේ.
509. එම නිසා බුද්ධිමත් කෙනා ශ්‍රද්ධාවයි ශීලයයි, අචල ප්‍රසාදයයි ඇති කරගෙන පැහැදිලි ධර්මාවබෝධයකින් ඇති කර ගෙනයි ධර්මයේ හැසිරිය යුත්තේ.
මෙය වනාහී ආයුෂ්මත් සිරිමිත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_8-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M