321. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, රූපයක යම් උපතක් තියෙනවාද, යම් පැවැත්මක් තියෙනවාද, යම් විශේෂ උපතක් තියෙනවාද, යම් පහළ වීමක් තියෙනවාද මේක තමයි දුකෙහි උපත. රෝගයන්ගේ පැවැත්ම. ජරා මරණයෙහි පහළ වීම. විඳීමක යම් …. (පෙ) …. සඤ්ඤාවක යම් …. (පෙ) …. සංස්කාරවල යම් …. (පෙ) …. විඤ්ඤාණයක යම් උපතක් තියෙනවාද, යම් පැවැත්මක් තියෙනවාද, යම් විශේෂ උපතක් තියෙනවාද, යම් පහළ වීමක් තියෙනවාද මේක තමයි දුකෙහි උපත. රෝගයන්ගේ පැවැත්ම. ජරා මරණයෙහි පහළ වීම.
පින්වත් මහණෙනි, රූපයක යම් නිරුද්ධ වීමක් තියෙනවාද, යම් සංසිඳීමක් තියෙනවාද, යම් නැතිවීමක් තියෙනවා මේක තමයි දුකෙහි නිරෝධය. රෝගයන්ගේ සංසිඳීම. ජරා මරණයෙහි නැති වී යෑම. විඳීමක යම් …. (පෙ) …. සඤ්ඤාවක යම් …. (පෙ) …. සංස්කාරවල යම් …. (පෙ) …. විඤ්ඤාණයක යම් නිරුද්ධ වීමක් තියෙනවාද, යම් සංසිඳීමක් තියෙනවාද, යම් නැතිවීමක් තියෙනවාද මේක තමයි දුකෙහි නිරෝධය. රෝගයන්ගේ සංසිඳීම. ජරා මරණයෙහි නැති වී යෑම.
සාදු! සාදු!! සාදු!!!
ඛන්ධ සූත්‍රය නිමා විය.
පළමු වෙනි උප්පාද වර්ගය අවසන් විය.
තත්‍රැද්‌දානං –
එහි පිළිවෙල උද්දානයයි :
චක්ඛු සූත්‍රය, රූප සූත්‍රය, විඤ්ඤාණ සූත්‍රය, ඵස්ස සූත්‍රය, වේදනා සූත්‍රය, සඤ්ඤා සූත්‍රය, චේතනා සූත්‍රය, තණ්හා සූත්‍රය, ධාතු සූත්‍රය, ඛන්ධ සූත්‍රය යන දෙසුම් දහයෙන් මෙම වර්ගය සමන්විතයි.
උප්පාද සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_5-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M