☰
60. (මාරයා) ඔය අරහත්වය කියන්නෙ අවබෝධයට ඉතා දුෂ්කර දෙයක්. බුදුවරුන්, සෘෂිවරුන් වගේ උදවියයි ඒක අවබෝධ කරන්නෙ. මේ ඇඟිලි දෙකේ නුවණ තියෙන ගැහැණියකට පුළුවන්ද එවැනි දෙයක් අවබෝධ කරගන්ට?
61. (ඒයි, මාරය) සිත සමාධිමත් නම් අපේ ගෑණුකම ගැන මොකක් කරන්ටද? මේ ධර්මයත් හොඳට විදර්ශනා කරල නුවණ දියුණු කරගත්තහම ඔය ගෑණුකම මොකක් කරන්ටද?
62. හැමදෙයක් ගැනම ආශාව නැති කරල දැම්මා. අවිද්‍යා අඳුරු කෙලෙස් කඳ පළා දැම්මා. මාරය, ඔන්න ඔය විදිහටයි ඔබ මේ ගැන දැනගන්ට ඕන. මාරය, ඔය කරුණෙන් නැසී ගියේ ඔබයි.
මේ වනාහී සේලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.
තුන්වෙනි නිපාතය නිමා විය.
(ගාථා තුන බැගින් වදාළ කොටස නිමා විය)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M