ඛුද්දක නිකාය

ථේරී ගාථා

3.7. සේලා ථේරීගාථා

3.7. සේලා තෙරණියගේ ගාථා

57. නත්ථි නිස්සරණං ලෝකේ කිං විවේකේන කාහසි
භුඤ්ජාහි කාමරතියෝ මාහු පච්ඡානුතාපිනී.

57. (මාරයා) මේ ලෝකෙ නිවන කියල දෙයක් නෑ. ඒ නිසා ඔයා මොකද මේ හුදෙකලාවේ විවේකෙන් ඉන්නෙ? ගිහින් කාම සම්පත් අනුභව කරන්න. පස්සෙ ඒ ගැන ඔයා දුක්වෙන්න නම් එපා!

58. සත්තිසූලූපමා කාමා ඛන්ධාසං අධිකුට්ටනා
යං ත්වං කාමරතිං බ්‍රෑසි අරතී දානි සා මම.

58. (ඒයි, මාරය) මේ කාමයන් කියන්නෙ විස පොවාපු ආයුධ වගේ දෙයක්. පංච උපාදානස්කන්ධ කියන්නෙ මස් වැදලි වගේ දෙයක්. ඔබ ඒ කැමැතියි කියල කියපු දේ මට නම් අරතියක්මයි.

59. සබ්බත්ථ විහතා නන්දී තමොක්ඛන්ධෝ පදාලිතෝ
ඒවං ජානාහි පාපිම නිහතෝ ත්වමසි අන්තකාති.

59. ඒ හැමදෙයක් ගැනම තිබුණ ආශාව නැති කරල දැම්මා. අවිද්‍යා අන්ධකාර කෙලෙස් කඳ පලා දැම්මා. මාරය, එහෙනම් මං ගැන දැනගන්න. මාරය, ඔය කාරණයෙන් නැසී ගියේ ඔබයි.

ඉත්ථං සුදං සේලා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී සේලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M