☰
54. සුක්කා භික්ෂුණිය දේශනා කරන්නේ බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මයයි. ඉතින් ඒ ධර්මය අහන්ට මේ මිනිස්සු එන්නෙ නැත්නම්, මේ රජගහනුවර මිනිස්සු ඉන්නෙ මත්පැන් බීලා වෙරිවෙලා නිදාගෙන ඉන්න උදවිය වගේ.
55. බුද්ධිමත් උදවිය නම් මේ ධර්මය අත්හරින්නෙ නෑ. මේ ධර්මය ස්වභාවයෙන්ම රසවත්. ගුණධර්ම නමැති රසවත් ඕජාවෙන් යුක්තයි. මේ සද්ධර්මය අහන්ට ඕන කාන්තාරයක වැසි ජලය පානය කරන කෙනෙක් වගෙයි.
56. සුක්කා භික්ෂුණිය ඉන්නෙ, කුසල් දහම්වලින් යුක්තවයි. වීතරාගීවයි. සමාහිත සිතිනුයි. සේනා සහිත මාරයාව ඈ පරාජය කළා. දැන් මේ දරාගෙන ඉන්නෙ අන්තිම සිරුරයි.
මේ වනාහී සුක්කා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M