☰
51. උබ්බිරී, දැන් ඔයා හඬ හඬා ඉන්නවා මේ වනයට ඇවිදින් ‘මගේ දුවේ, ජීවා’ කිය කියා. ඔයා දන්නවද අසූහාර දාහක් ජනතාව මේ සොහොනේ පුච්චල තියෙනවා. ඒ ඔක්කොටම තිබුණේ ‘ජීවා’ කියන නම තමයි. ඉතින් ඔයා හඬන්නේ ඒ ගොල්ලන්ගෙන් කවුරු ගැනද?
52. එතකොටම මගේ හදවතේ වේදනා ගෙනත් දීපු කාටවත් නොපෙනෙන දරු දුක නම් වූ යම් ශෝක හුලක් තිබුණද ඒ ශෝක හුළ ඉවත් කරගත්තා.
53. අද මං ඉන්නෙ ඒ ශෝක හුල උදුරල දාලා, තෘෂ්ණාව නැතිකරල දාලා නිවිල ගිහින්. බුදු සමිඳුන් වත්, සද්ධර්මයත් ආර්ය සඟරුවනත් මං සරණ කරගත්තා.
මේ වනාහී උබ්බිරී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M